Thursday, April 22, 2010

සර් ජෝන් කොතලාවල සහ තේමිස් මන්ත්‍රීතුමා


අද මම කියන්න හිතුවේ අළුත් අවුරුද්දට නෑදෑ ගෙවල්වලට ගිය වෙලාවේ අහපු කතා ටිකක්.

නෑදෑ ගෙවල්වලට ගියාම ඉතින් මොකක් හරි ගැන කතා කර කර ඉන්න ඕනෙනේ. ඉතින් අපේ තාත්තා, මාමලා, බාප්පලා කට්ටිය හුඟක් කතා කලේ දේශපාලනේ ගැන. මේකේදී ඉස්සර හිටපු දේශපාලනඥයන් ගැන සිරා කතා ටිකක් කතා වුණා.

මෙන්න එක කතාවක්. S.W.R.D. බණ්ඩාරනායක මැතිතුමා අගමැතිතුමා වෙලා ඉන්න කාලේ පාර්ලිමේන්තුවේ හිටියා මංත්‍රී කෙනෙක් තේමිස් කියලා. එයා කලින් තැපැල් කන්තෝරුවක ලියුම් බෙදන වැඩේ කරපු කෙනෙක්.

ඉස්සර පාර්ලිමේන්තු ගියේ ප්‍රභූ වලව් පැලැන්තියේ, ධනවත් පොරවල් නේ. ඉතින් එක ආසනේක හිටපු සාමාන්‍ය මිනිස්සු ටිකක් ඒ ආසනේට ඡන්දේ ඉල්ලපු සල්ලිකාර, ප්‍රභූ පුද්ගලයත් එක්ක ගේමට තමා මේ තේමිස්ව දාලා තිබ්බේ. අන්තිමට වැඩි ඡන්දෙන් මේ තේමිස් පාර්ලිමේන්තුවට පත්වුණා.

මේ තේමිස් මන්ත්‍රිතුමා දවසක් පාර්ලිමේන්තුවේ කොරිඩෝවක ඇවිදිද්දී දැක්කා ඉස්සරහ සර් ජෝන් කොතලාවල මැතිතුමා ඉන්නවා.

සර් ජෝන් කොතලාවල මැතිතුමා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. හමුදාවේ හිටපු, බ්‍රිතාන්‍ය මහ රැජිණගෙන් නයිට් පදවියක් ගත්ත ඒ වනවිට අගමැති පදවියත් දරලා UNP ආණ්ඩුවේ පරාජයත් එක්ක විපක්ෂ මන්ත්‍රී කෙනෙක් විදිහට කටයුතු කරමින් හිටියේ.

ඉතින් මේ තේමිස් මන්ත්‍රිතුමා හිතුවා තමනුත් මන්ත්‍රී සර් ජෝන් නුත් දැන් මන්ත්‍රී නේ කියලා හිතලා.

"හායි මිස්ටර් ජෝන්" කියලා සර් ජෝන්ගේ පිටට තට්ටුවක් දැම්මා.

මේක අහපු ගමන් අසූහාරදාහට කේන්ති ගිය සර් ජෝන් කොතලාවල" ඈ යකෝ උඹ මට තට්ටු දාන්න කියලා" තේමිස් මන්ත්‍රීතුමාගේ පිටට හොඳ පාරක් කෙලලා ඇරියා.

පස්සේ තේමිස් මන්ත්‍රීතුමා අඬ අඬ තමන්ගේ පක්ෂේ නායකතුමා වගේම ඒ වෙද්දී අගමැති වෙලා හිටිය S.W.R.D. බණ්ඩාරනායක මැතිතුමා ගාවට ගිහින් වෙච්ච වැඩේ කිව්වා. මේක අහපු අගමැතිතුමා කිව්වා.


"අයිසේ තමුසෙට පිස්සුද සර් ජෝන්ට මිස්ටර් ජොන් කියලා පිටට තට්ටු දාන්න කොටින්ම මාත් තාමත් සර් ජෝන්ට සර් ජෝන් කියලයි කතා කරන්නේ" කියලා

උඩින්ම තියෙන photo එකේ ඉන්නේ හිටපු අගමැති සර් ජෝන් කොතලාවල මැතිතුමා. පල්ලෙහා තියෙන photo එකේ ඉන්නේ හිටපු අගමැති S.W.R.D. බණ්ඩාරනායක මැතිතුමා

10 comments:

  1. මමනම් අහල තියෙන විදිහට මේ තේමිස් මන්ත්‍රිතුමාට මේ වැඩේ වෙල තියෙන්නෙ පාර්ලිමේන්තුවේ ඉදිරිපස පඩිපෙල නගිනකොට, කොතලාවල මහත්තයා ට හලෝ ජෝන් කියලා අතට අත දෙන්න ගිහිල්ල, කොතලාවල මහත්තයා කෙලින්ම පයින් ගහලා තියෙනවා. ඔය කොතලාවල මන්ත්‍රිතුමා පයින් ගැසීම් වලට හොදට ප්‍රසිද්ධයිනේ!

    හැබැයි ඉතින් වැඩේ නම් අන්තිම වැරදියි.

    ReplyDelete
  2. මමත් අහල තියෙන්නෙ KAS කියපු විදියට.
    ඒත් තමන් ගැන එතරම් ලොකුවට හිතන් හිටපු ජෝ‍න්ගෙ වැ‍ඩේනම් කැතම කැතයි තමයි.

    ReplyDelete
  3. සර් ජෝන් මොන විදිහෙ කෙනෙක්ද කියල ඒකෙන්ම පේනවා......සුදුපාට රෙදි...කලුපාට කෝට්..යට ඉන්න මිනිස්සු හිතන තරම් ලස්සන නෑ යාලුවා....ඔය යක්කු හොඳ උනානම් අපේ ගෑනු අරාබිකාරයින්ගෙ වලO හෝදන්න යවන්න වෙන්නෙ නෑ නෙ....

    ReplyDelete
  4. ඇයි දන්නෙ නැද්ද හැත්තෑ ගණන් වල මුල බිග් මැච් බලන්න ගිහින්...ශිෂ්‍ය නායකයෙක් මොකක් හරි ප්‍රශ්නයක් අහල ඒකට තඩ වෙලා මිනිහට බස්තමෙන් ගහල. දැන් හුඟ කාලෙකට කලින් ඡන්දෙ දවසක මේ කතාව කිව්වෙ, පෙරුම් පුරල පුරල අන්තිමේ අද පාර්ලිමෙන්තු ගිය සූරියප්පෙරුම මැතිතුමා. වෙලාවට 2009 බිග් මැච් එක නෙවෙයි...නැත්තම් ඒ වාසනාව අපේ මේ සහෝදරයට උදා වෙන්න තිබ්බ...හිහිහි

    ReplyDelete
  5. නව මන්ත්‍රී තුමාගෙ නම එම්.එස්. තේමිස්. (1956) මැද කොලඹ තුන්වැනි මන්ත්‍රී තුමා. කොතලාවල මහත්මයා තේමිස් මහත්මයගෙ කම්මුලට ගැහුව කියලයි මම අහල තියෙන්නෙ. අධිරාජ්‍යවාදය බිඳවැටීගෙන එනකොට, බමුණුකුලයේ අභාවය සමග වැඩිකල් නොගොස් අධිරාජ්‍යවාදී නම්බුනාම බණ්ඩාරනායක මහත්මය තහනම් කරා. සමහරු (උක්වත්තේ පයසුන්දර වැනි අය )අදිරාජ්‍යවාදී නම්බුනාම ආපහු දුන්න. කොතලාවල මහත්මය නම් දුන්නෙ නැහැ.

    ReplyDelete
  6. කොතලාවල මහත්තයගේ ජීවි‍තේ හා බැඳුණ රසබර කතා බොහොමයක් මමත් අහල තියනව.මේ කතාවේ පයින් ගහපු එකක් ගැන තමයි මමත් අහල තිබ්බෙ.
    මොනව උනත් එතැන උන වැඩේ නම් කැතයි තමයි.

    ReplyDelete
  7. KAS ට
    ස්තුතියි ඒ ගැන දැනුවත් කලාට. මම මේ කතාව ඇහුව විදිහ තමයි මේක. එක එක්කෙනා කතාව කියද්දී "ගමරාල කාක්කෝ 7 ක් වමනේ කලා වගේ" වැඩක් වෙලා වගේ මේ කතාවටත්........

    Outsider ට
    සර් ජෝන්ගේ හැටි එහෙමනේ. :) :) :)

    indi ට
    ඔබේ කතාව ඇත්ත. රටට ආදරය කරන නායකයෝ නැති එක තමයි ගැටළුව. ලී ක්වාන් යූ වගේ රටට ආදරය කරපු නායකයෙක් සිංගප්පූරුව අද පවතින තත්වයට දියුණු කරපු එක කදිම උදාහරණයක්. කොහොම වෙතත් අනාගතය දිහා අපි සුභවාදීව බලමු.

    තූර්ය ට
    සිරා කතාව ඒකත්. කොහොම වෙතත් මං කොල්ලගේ වෙලාව හොඳයි. දැන් කාලේ ඒ වගේ old boys ලා නැති එකමයි හොඳ. නැත්නම් දැන් කාලේ ඉන්න prefects ලා පවු.

    සරත් ගුණතුංග ට
    ස්තුතියි තේමිස් මන්ත්‍රීතුමා ගැන නොදන්නා කරුණු රැසක් බෙදා ගැනීම ගැන. 1956 පස්සේ ලංකාවේ ඇතිවූ පෙරලිය ගැන නම් කතා කරන්න හුඟක් කාරණා තියෙනවා.

    ReplyDelete
  8. Ravenට තවත් කතා ඉස්සරහට දාන්න තමා හිතන් ඉන්නේ.

    Post එක කියෝපු හැමෝටම

    ඒ වගේම ඒ කතා පිලිබඳ ඔයාලා හැමෝම දන්න ඒවත් මාත් එක්ක බෙදා ගනියි කියලා බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
  9. බමුණු කුලය හරි වෙනත් යම් ක්‍රමයකින් හරි ජෝන් කොතලාවල ලේබල් කරන්න කලින් උන්නැහේගෙ කල්කිරියාව ගැන හොයලා බැලුවා නම් තමා හොඳ. ලියුං කාරයො කවි කොල කාරයො පාර්ලිමේන්තුවට ගෙනල්ලා එයාලාගේ පස්වෙනි පරම්පරාව තමා මේ හොඳට හොරා කන්නෙ. දැං මැදමූලන ඉඩමක වෙන්න ඇති ආරක්ෂක විශ්ව විද්‍යාලය තියෙන්නෙ.

    බණ්ඩාරණායක වෙඩි කෑවම (නැව් හොරෙක් ගෙන් - බමුණු කුලය බින්ද වසල කුලය ) සර් ජෝන් කිව්වලු අනේ බණ්ඩෝ මම බැඳලා දාපු බල්ලො ටික උඹ ලිහලා දැම්මේ ඇයි කියලා.

    ReplyDelete
  10. කිරිමාමා ට
    ඔබේ කතාවෙත් ගන්න පුලුවන් දෙයක් තිබෙනවා. සමස්තයක් විදිහට ගත්තහම සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ ජීවිතේ නරක වගේම හොඳත් තිබුණනේ.

    ස්තුතියි ඔබේ අදහස එක්කිරීමට

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................