Thursday, April 8, 2010

කවුද කැලේ ලොක්කා


අදනේ ලංකාවේ ලොක්කෝ තෝරන දවස. ඉතින් හැමෝම බලන්නේ මොන මගෝඩියක් හරි කරලා ලොක්කෙක් වෙන්න. පහුගිය දවස් ටිකේ පත්තරවලින් එහෙම ඔයාලා දකින්න ඇතිනේ ලංකාවේ ලොක්කෙක් වුණාම හම්බෙන එව්වා මෙව්වා ටික.

ඉතින් අද කියන්න මතක් වෙච්ච කතාවත් ලොක්කෙක් ගැනම තමා. දන්න අයට කතාව මතක් කර ගන්නත්, නොදන්න අයට දැන ගන්නත් ඕන් කතාව.

මිනිස්සු අතරෙ හරි තරඟයක්, උනන්දුවක් නේ තියෙන්නේ ලොක්කෙක් වෙන්න වගේම තමන් ලොක්කෙක් කියලා අනිත් අයට පෙන්නන්න. සත්තු අතරේ වුණත් එහෙමලු.

ඉතින් දවසක් දා කැලෑවක හිටිය සිංහයෙක්ට දැනගන්න උවමනා වුණා ඒ කැලෑවේ ලොක්කා කවුද කියලා.

මේකට සිංහයා ගල් ගුහාවෙන් පිටත් වෙලා වැව පැත්තට යන්න ගියා. මොකද ඒ time එකට හුඟක් සත්තු ඉන්නේ ඒ area එකේ නිසා.

සිංහයාට මුලින්ම set වුණේ හාවෙක්ව. සිංහය පට ගාද්දී හාවගේ ඇඟ උඩට පැනලා ඌව පෙරල ගෙන ඇහුවා.

"කියාපිය කවුද මේ කැලේ ලොක්කා කවුද කියලා"

හාවත් නිකන් ඉල්ලන් කන්න ඕනේ නෑ නේ කියලා කිව්වා.

"සිංහරාජයාණනි, ඔබතුමා තමා මේ කැලේ ඉන්න එකම ලොක්කා" කියලා. මේක අහපු සිංහයාට මාර fun.

පස්සේ සිංහයා හාවව අතෑරලා ඒ චූන් එකෙන්ම තව ඉස්සරහට ගියා. ඔහොම යද්දී සිංහයාට set වුණා ගෝනෙක්ව. ඉස්සෙල්ලා විදිහටම සිංහයා උගෙත් ඇඟට පැනලා පෙරල ගෙන සුපුරුදු ප්‍රශ්නේ ඇහුවා.

"කියාපිය කවුද මේ කැලේ ලොක්කා කවුද කියලා"
.
ගෝනත් ඇඟ බේරගන්න ඕනෙයි කියලා හිතලා කිව්වා.

"සිංහරාජයාණනි, ඔබතුමා තමා මේ කැලේ ඉන්න එකම ලොක්කා" කියලා. මේ උත්තරෙත් අහලා සිංහයාට මාරම fun .

ඒ fun එකෙන් සිංහයා ඉස්සරහට යද්දී වුණා හොඳ size ඇතෙක්. සිංහයාට අනිත් සත්තු වගේ ඇතාව පෙරලගන්නත් බෑනේ. ඒත් පරණ විදිහට අර ප්‍රශ්නේ ඇතාගෙනුත් ඇහුවා.

ඒක අහපු ගමන් ඇතා කිසිම හාවක් හූවක් නැතිව හොඬෙන් සිංහයාව උස්සලා අරන් සිංහයාව ඈතට................ වීසිකලා.

පස්සේ සිංහයා ඈතට වෙලා කිව්වා. [ සිංහයා එහෙම ඈතට වෙලා හිටියේ බයට එහෙම නෙමෙයි ]

"මොනවද මේ අනම් මනම් වැඩවල තේරුම. උත්තරේ දන්නේ නැත්තම් දන්නෑ කිව්වා නම් ඉවරනේ. මෙතන කෝලම් කරන්න ආවේ " කියලා.

මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශේ මම කියන්නේ නැහැ ඔයාලම හිතාගන්න.

7 comments:

  1. සිරා කතාව.අපි අතරෙත් ඔහොම සිංහයො ඉන්නවා

    ReplyDelete
  2. හෙළයා ට සහ biologist ට ස්තුතියි ප්‍රතිචාරයන්ට.
    ඔයා කියන කතාව නම් අමූලික ඇත්ත biologist :) :) :)

    ReplyDelete
  3. උස්තැන් දැක හැකිලෙන්නේ - මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ - මගේ පුතා ලොකුවන්නේ...

    ReplyDelete
  4. sameerausa ට

    ඔය තියෙන්නේ ටිබෙට් ජාතික එස්. මහින්ද හාමුදුරුවොත් කියපුවා. නියමෙටම ගැලපෙනවා. ස්තුතියි සහෝ............

    ReplyDelete
  5. හී..හී..මටනම් හොදටම හිනා...හොද වැඩේ නපුරාට...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................