Saturday, April 3, 2010

සොසේජස් සහ ලී කුඩු


ඊයේ මහ සිකුරාදා දවස. කිතුණු බැතිමතුන්ගේ ආගම හා සම්බන්ධ දිනයක් නේ. ඉතින් මේ කතාවත් පොඩ්ඩක් ඒ පැත්තට බරයි. විශේෂයෙන් කියන්න ඕනේ මේක ආගමකට කරන අපහාසයක් නෙමෙයි කියලා. මේ කතාව ලිව්වේ ඊයේ වුණත් වෙලාවක් තිබ්බේ නැහැ බ්ලොග් එකට දාන්න ඉතින් අද තමා දාන්න පුළුවන් වුණේ.

මේ කතාව මම කියෙව්වේ සරත්චන්ද්‍ර පත්තඩුවනගේ පත්තඩුවන අහපු කියපු කතා කියන පොතෙන්. පොත කියෝපු අයත් ඇති. ඒත් බොහෝ දෙනාගේ හිතසුව පිණිස මම කතාව කියන්නම්.

ඕන් කතාව. ක්‍රිස්තියානි ගෙවල්වල සාමාන්‍යයෙන් සිකුරාදා දවස්වලට මස් ජාති ආහාරයට සකස් කරනවා අඩුයිලු. ජේසුස් වහන්සේ කුරුසේ ඇණ ගැසීම සිදුවුණෙත් සිකුරාදා දවසක නිසා වෙන්න ඇති එහෙම සිරිතක් ඇත්තේ.

ඉතින් එක පල්ලියක හිටපු පියතුමෙක් පල්ලිය ගාව තිබ්බ ගේකට ගියා පණිවිඩයක් දෙන්න. ඒ වෙලාවේ ඒ ගෙදරින් මස් බදින සුවඳක් පියතුමාට ආවා.

පස්සේ පියතුමා ගෙදර පිරිමියාට කතා කරලා කිව්වා.
" මොකද ජෝශප් අද සිකුරාදා දවසේ මස් බදින්නේ ? දන්නවනේ ඒක හොඳ දෙයක් නෙමෙයි" කියලා.

එතකොට ජෝශප් බොහොම යටහත් පහත්ව පියතුමාට කිව්වා.
"මස් නෙමෙයි ස්වාමි ඒ සොසේජස්" කියලා.

ඒක අහලා පියතුමා කිව්වා "සොසේජස් කියන්නෙත් මස් නේ. ඕවයින් වැලකෙන්න උත්සහ කරන්න ඕනේ. මම මේ කියන්නේ ආවේ පල්ලියේ තිබුණු දර ඉවර වෙලා තියෙන්නේ. හෙට උදේට පල්ලියට දර කරත්තයක් ගේන්න පුළුවන්ද කියලා බලන්න" කියලා.
ඉතින් ජෝශප් හා කියලා වැඩේ භාරගත්තා.

පස්සේ ජෝශප් පල්ලියට දර හොයන්න එහෙට මෙහෙට දිව්වත් ඒ දවස් ටිකේම තදින්ම වැස්ස තිබුණු නිසා දර නම් හොයා ගන්න ජෝශප්ට බැරිවුනා. පස්සේ man මොකද කලේ ලී කුඩු කරත්තයක් පුරෝලා පල්ලිය අරන් ගියා.

මේක දැකපු ගමන් පියතුමාට ටිකක් කේන්ති ගිහින් සද්දෙට ඇහුවා " ඈ ජෝශප් මම ගේන්න කිව්වේ දරද ලී කුඩුද? " කියලා.

මේක අහගෙන හිටපු ජෝශප් ඔළුව කස කස බොහොම බයාදු විදිහට හිමින් උත්තර දුන්නා මේ විදිහට " ස්වාමි සොසේජස් කියන්නේ මස් නම් ලී කුඩු කියන්නෙත් දර තමා" කියලා

9 comments:

  1. <=> කියල ගණිතයේ දාන්නෙත් ඔය අර්ථයෙන්ම තමයි

    ReplyDelete
  2. ස්තුතියි සහෝ ප්‍රතිචාරයට

    ReplyDelete
  3. මම ඔය column එක කියෙව්ව ඉස්සර, ස්තූතියි ආපහු පරණ කතා මතක් කරනවට

    ReplyDelete
  4. comment එකට තැන්කු වේවා තරිඳු අයියා.....

    ReplyDelete
  5. මඩ ගැහීමක්නම පේන්නේ නෑ.

    අළුත් කතාවක්. එල එල :)

    ReplyDelete
  6. ම් ම් .. නතාව කෙටි වුනත්. හිතන්න දෙයක් ඉතිරි කරපු කතාවක්.

    ReplyDelete
  7. ඉශාන් තිළිණ, wath

    දෙන්නගේම ප්‍රතිචාරවලට ස්තුතියි.

    ReplyDelete
  8. sameerausa

    ප්‍රතිචාරයට තුති :) :) :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................