Friday, April 9, 2010

මලින්ද සර්


මම A/L Logic වලට ගිය class එක තියෙන්නේ කැලණියේ දිප්පිටිගොඩ පාරේ.

ඒ පංතිය අපිට ජාතක කතාවලින් හමුවන තක්සලා නුවර දිසාපාමොක් ඇඳුරුතුමාගේ තැන වගේ එකක්. මමත් A/L කරන කාලේ අන්තිම මාස 3 එහේ නතර වෙලා හිටියේ. අපිට කන්න බොන්න ඉඳුම් හිටුම් දීලා තමා ඒ ගුරුතුමිය අපිට logic ඉගැන්නුවේ.

Logic විතරක්ම නෙමෙයි අපි කරන අනිත් subjects ගැනත් හොයලා බලලා ඒවත් ගොඩ දාගන්න මේ ගුරුතුමිය උදව් කළා. මේ ගුරුතුමියගේ මහත්තයත් ගුරුවරයෙක්. ඉතින් මිස් වගේම ඒ ගුරුතුමත් අපිට හුඟක් උදව් කලා.

Logic උගන්වන ගුරුතුමියගේ නමත් දිසාපාමොක් නෙමෙයි දිසානායක. දිසාපාමොක්ගේ හා දිසානායක ගුරුතුමියගේ එකම වෙනස තමා දිසාපාමොක් තමන්ගේ පංතියේ හිටපු දක්ෂම සිසුවට තමන්ගේ දුව සරණ පාවා දීමත් දිසානායක ගුරුතුමියට ඒක කරන්න දූලා නොසිටීමත් තමා.

ඉතින් මේ පංතියේ ළමයි තුළ පවතින්නෙත් එකිනෙකා ගැන තමන්ගේම සහෝදර සහෝදරියෝ කියන හැඟීම. ඉතින් අද මම කියන්න යන කතාව කියන්නම්කෝ.

මේ class එකට ආපු 2009 A/L කරපු කෙනෙක් ඉන්නවා මලින්ද කියලා. ඉතින් එයාට මේ වනවිට තාවකාලික ගුරු පත්වීමක් හම්බෙලා තියෙන්නේ කැලණිය පැත්තේ තියෙන ප්‍රසිද්ධ පාසලක A/L class එකට logic උගන්නන්න.

මලින්ද ඒ අතරවාරේ අපේ class එකෙත් වැඩ කටයුතුවලට එහෙම උදව් කරනවා. ළමයි ලියපු papers බලන එක වගේ වැඩ මලින්ද කරනවා. ඉතින් මලින්ද සර්ට ඒ පංතියේ ඉන්න සුපුන් කියන ළමයා ලියපු සිංදුව තමා මේ තියෙන්නේ.

මුලින්ම ඉංග්‍රීසි ගීතයක් විදිහට නිමල් මෙන්ඩිස් මහතා ගායනා කරපු මේ ගීතය පස්සේ නිමල් මෙන්ඩිස් මහතා මෙන්ම නීලා වික්‍රමසිංහ මහත්මියත් සිංහල ගීතයක් විදිහට ගායනා කළා. ඒ වගේම මේ වනවිට භාතිය හා සංතුශ් නූතන සංගීතය සමඟ නව්‍යකරණය කරලා ගායනා කරන මාස්ටර් සර් ගීතයට තමා මේ ගීතයත් හදලා තියෙන්නේ.

සුපුන් මේ ගීතය හදලා අපේ class එකේ facebook group එකේ wall එකට දාලා තිබ්බා. පස්සේ මම man ගෙන් අවසර අරගෙන [ බුද්ධිමය දේපළ නේ. ඒකයි අවසර ගත්තේ. කෝකටත් අනුන්ගේ දෙයක් භාවිතා කරදිදී අවසර ගන්න එක සදාචාර සම්පන්නයි නේ] ඒක ටිකක් සංස්කරණය කරලා දැනට පවතින ආකාරයට සකස් කළා.

ගීතයේ තියෙන පෙලක් වචන එහෙම තේරෙන්නේ නැතිවෙන්න පුළුවන්. ඒවා subject එකත් එක්ක තියෙන වචන. ඒක ගැන හිතන් නැතිව ගීතය රස විඳින්න කියලා තමයි මම යෝජනා කරන්නේ. අකුරු කියවීමට අමාරු නම් රූපය උඩ click කලා නම් හරි.



මේ තියෙන්නේ මාස්ටර් සර් ගීතය ඒකත් එක්ක මුමුනද්දී වඩාත් හොඳට ගීතට රස විඳින්න පුළුවන් වෙයි.

11 comments:

  1. පට්ට සිංදුව ... නියමයි මෙක මලින්ද සර් ට පෙන්නුවද..

    ReplyDelete
  2. පට්ට නිර්මාණයක් නේ.. මැක්සා... සර් ට පෙන්නුවනම් 85 බැරිනම් 5ක් 10ක් වත් දෙයි කියල හිතෙනවා ! :D

    ReplyDelete
  3. හ හා...නියම සින්දුව :P :P

    ReplyDelete
  4. මැක්සා බන්..නියමයි මේක.

    ReplyDelete
  5. අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.

    රවා ට

    අපේ Logic class එකේ ගුරුතුමියගේ birthday party එක තියනවා අප්‍රේල් 18. එදාට මලින්ද සර්ට ඇහෙන්න මේක sing කරන්න තමා කට්ටිය set වෙලා ඉන්නේ.

    sameerausa ට

    එහෙම නම් හිතන්න අමාරුයි. ඔය මලින්ද සර් හරි නීතිකාරයා. පොතේ හැටියට තමා වැඩ

    ReplyDelete
  6. නීලා වික්‍රමසිංහ මහත්මිය මේ ගීතය ගායනා කරන්න කලින් මේ ගීතය නිමල් මෙන්ඩිස් කියන මහත්මයා මුලින් ඉංග්‍රීසියෙන් හා පසුව සිංහල ගීතයක් විදිහටත් ගායනා කරලා තියෙනවා.

    මේ තියෙන්නේ ඉංග්‍රීසි ගීතයට හා සිංහල ගීතයට යන්න පාර

    http://www.youtube.com/watch?v=QbAznJ88ofY&feature=related

    http://www.youtube.com/watch?v=zNtiij4k-_o

    ReplyDelete
  7. සහෝ නීලා වික්‍රමසිංහ මහත්මිය වැඩසටහනකදි කිව්ව ඒ ෆිල්ම් එකට ඔය ගීතය ඇය ආරම්භයේදීත් ගායකයා( ඔබ කියන පරිදි නිමල් මහතා) ෆිල්ම් එකේ මැදකදිත් ගායනා කරා කියලා. ඉතින් ඔය ගීතය ඇයට අයිති කියලා... මං නම් දන්නෑ මං කිව්වේ ඇය කිව්දේ.....

    මාත් ඔය වැඩේට දස්සි මගේ විනෝදාංශෙ වගේ තමා. මං හදපු සිංදු තිබුනත් ඒවයේ වචන හරියටම මතක නෑ මට....

    මරු සිංදුව... :) :P

    ReplyDelete
  8. ඒකත් එහෙමද හා පැටික්කි.

    ඔයා හරි වෙන්නත් පුළුවන්. මොකද මමත් අහපු එකක් තමා මේ දාල තියෙන්නේ. කොහොම වෙතත් නිමල් මෙන්ඩිස් මහත්මයා තමා මේ කළු දිය දහර film එකේ music කරලා තියෙන්නේ

    ඔයා හදපු සිංදුත් දැම්ම නම් තමා හොඳ

    ReplyDelete
  9. කොහොම උනත් මම නිමල් මෙන්ඩිස් මහත්මයාගේ සින්දුවට තමා කැමති.මම මේ කියන්නේ හදලා තියෙන සින්දුව ගැන නෙවේ.ඒක නම් මැxආ.මම කියන්නේ භාතිය ,සන්තුෂ් කියන එක ගැනයි.දාඩිය දමාගෙන කිව්වට නිමල් මෙන්ඩිස් මහත්තයාගේ තියෙන ලයාන්විත බව නෑ වගේ දැනෙන්නේ.මම කිව්වේ මට දැනෙන හැටියට.

    ReplyDelete
  10. ස්තුතියි leks' world ඔයාගේ අදහසට.

    මාත් මේ සිංදුව ගැන වැඩි යමක් දැනන් හිටියේ නැහැ. අද තමයි මාත් ඉස්සෙල්ලා පාරට නිමල් මෙන්ඩිස් මහත්මයා කියන ඉංග්‍රීසි හා සිංහල ගීත 2 ම ඇහුවේ. ඒ නිසා ඔයාගේ අදහසට මාත් එකඟයි.

    ඇත්තටම නීලා වික්‍රමසිංහ මහත්මිය හා භාතිය සංතුශ් මේ ගීතය කියනවාට වඩා ගතියක් නිමල් මෙන්ඩිස් මහත්මයා කියන සිංදුවේ තියෙනවා.

    මට මේ දැන් මතක් වුනේ ගිය මාසේ සිරස Super star programme එකට මේ නිමල් මෙන්ඩිස් මහත්මයා ආවනේ. :) :) :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................