මගේ පාසල් කාලය ගත්තොත් අධ්‍යාපන කටයුතු හැරුණාම මම ඉතාමත්ම උවමනාවෙන් කරපු
කටයුත්ත තමා බාලදක්ෂ කටයුතු කරපු එක. සමහර විට පාසලේ අධ්‍යාපන කටයුතුවලත්
වඩා හොඳින් මම බාලදක්ෂ කටයුතුවල යෙදුණා. අවසානයේදී 2007 අවුරුද්දේදී
ජනාධිපති බාලදක්ෂයෙක් වෙන්නත් ඒ වගේම ඊට පස්සෙත් බාලදක්ෂ නායක පුහුණු
පාඨමාලාව අදියර II දක්වා හදාරලා සහය බාලදක්ෂ නායකයෙක් විදිහට කටයුතු
කරන්නත් ඒ යටතේ මට හැකියාව ලැබුණා.
ඉතින් 2002 ඉදන් 2009 දක්වා වුණු මගේ අවුරුදු 7 ක බාලදක්ෂ ජීවිතේ ගත්තොත් ඒක ඇතුළේ හොඳ හොඳ කතා ගොඩක් තියෙනවා.මේ කතාවලින් මට මුලින්ම කියන්න හිතුණේ අතීතයත් එක්කත් සම්බන්ධ වෙන කතාවක්.
මම හා හාපුරා කියලා මගේ පාසල වුණු කොළඹ රාජකීය විද්‍යාලයේ තිබුණු 42 වන කොළඹ බාලදක්ෂ සමූහයේ රන් කණ්ඩායමේ බාලදක්ෂ කටයුතුවලට එක්වුණේ 2002 අවුරුද්දේ ජනවාරි 16 වෙනිදා. ඉතින් බාලදක්ෂ කටයුතු කරගෙන යද්දී තමා අපිට දැනගන්න ලැබුණේ ජාතික බාලදක්ෂ මූලස්ථානය මඟින් සංවිධානය කරන 6 ජාතික ජම්බෝරිය අගෝස්තු මාසේදී බලපිටියේදී පැවැත්වෙනවා කියන එක.
ජම්බෝරියක් කියලා සිද්ධවෙන්නේ මුළු ලංකාවේම ඉන්නා බාලදක්ෂයෝ එක් ස්ථානයකට රැස් රැස්වෙලා කඳවුරු කරන එක. ජම්බෝරියක් සාමාන්‍යයෙන් අවුරුදු 4 හෝ 5 කට වරක් තමා පැවැත්වෙන්නේ. ඉතින් ඒ වගේ කඳවුරකට යන්න ලැබෙන එක ලොකු චාන්ස් එකක්. අළුත් මිතුරු මිතුරියෝ හඳුනගන්න වගේම අළුත් අත්දැකීම් ගන්න ජම්බෝරියක් කියන්නේ නියම තෝතැන්නක්.
ජම්බෝරියකට ඕනෑම බාලදක්ෂයෙක්ට සහභාගිවෙන්න පුළුවන් කියලා ජාතික මූලස්ථානයෙන් කියලා තිබුණත් අපේ බාලදක්ෂ කණ්ඩායමෙන් මේකට කොන්දේසියක් දාලා තිබ්බා. ඒක තමා ජම්බෝරියට යන හැම බාලදක්ෂයෙක්ම අඩුම ගානේ බාලදක්ෂ ප්‍රදානයවත් සමත් වෙලා තියෙන්න ඕනේ කියලා. ඒකට හේතුව වුණේ විශාල බාලදක්ෂ කණ්ඩායමක් ජම්බෝරියට අරන් යන්න ගියාම ඇතිවෙන ප්‍රායෝගික ප්‍රශ්න නිසා සහභාගි වෙන ගණන සීමා කරන්න.
බාලදක්ෂ ප්‍රදානය කියලා එකක් කතාවට ආපු නිසා කෙටියෙන් බාලදක්ෂයන්ගේ පදක්කම් ගැනත් කියන්නම්. බාලදක්ෂ සාමාජික පදක්කම ගත්තාට පස්සේ සමත් කරන්න තියෙන කාර්යක්ෂමතා පදක්කම තමා බාලදක්ෂ ප්‍රදානය. ඔයාල වුණත් පාරේ තොටේ යද්දී බාලදක්ෂයෝ දැක්කහම හිතෙනවා ඇති මේ කොල්ලා කමිසේ අල්ලගෙන ඉන්න මෙච්චර පදක්කම් මොනවද කියලා. ඉතින් ඒ හැම පදක්කමක්ම ඒ බාලදක්ෂයාගේ මොකක් හරි දක්ෂතාවයකට හම්බුණු ඒවා.
ඉතින් බාලදක්ෂ කණ්ඩායමෙන් අරහෙම කොන්දේසියක් දාලා තිබුණු නිසා මාත් හුඟක් මහන්සිවෙලා බාලදක්ෂ ප්‍රදානය සමත් කරගත්තා. ඒ වුණාට මගේ බාලදක්ෂ ප්‍රදානය පදක්කම ලියාපදිංචි කරන්න බැරි වුණා. ඒ පදක්කමට නියමිත සේවා කාලය සම්පූර්ණ කරලා නොතිබුණ නිසා.
ඒත් මට මේ ජම්බෝරියට යන්න ප්‍රධානම හේතුව වුණේ අර මම මුලින් කියපු අළුත් මිතුරු මිතුරියෝ හඳුනගන්නල අළුත් අත්දැකීම් ගන්න එක කියන හේතු එකක්වත් නෙමෙයි. හැබැයි ඒවත් නොතිබ්බාම නෙමෙයි.
මගේ ප්‍රධානම හේතුව වුණේ මෙන්න මේකයි. මගේ තාත්තා හලාවත ශාන්ත මරියා විද්‍යාලයේ මානවක බාලදක්ෂයෙක් විදිහට 1983 අනුරාධපුරේ වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානයේ පවත්වපු 3 ජාතික ජම්බෝරියට සහභාගිවෙලා තිබුණා. තාත්තා ඒ කාලේ දාපු belt එක තමා මමත් බාලදක්ෂ කටයුතුවලට එකතු වුණාට පස්සේ දාන්න කියලා තාත්තා මට දුන්නේ.
ඉතින් මට හිතුණා තාත්තා 1983 දී 3 ජාතික ජම්බෝරියට දාගෙන ගිය belt එක මම 2002 දී 6 ජාතික ජම්බෝරියට දාගෙන ගියොත් ඒ belt එක එක අතකින් වටිනා කියන එකක් වෙනවා. අනිත් අතට තාත්තා 3 ජාතික ජම්බෝරියට ගියා පුතා 6 ජාතික ජම්බෝරියට ගියා කියලා ඒකත් ආඩම්බරෙන් කියන්න පුළුවන්නේ කියලා.
ඉතින් කොහොම හරි මාත් 2002 අගෝස්තු 18 ඉදන් 24 දක්වා බලපිටියේ ගුරු අභ්‍යාස විද්‍යාල භූමියේ තිබුණු 6 ජාතික ජම්බෝරියට පරම්පරාවෙන් එන වටිනා කියන belt එකත් (පරම්පරාවෙන් කිව්වට මම කලින්ම කිව්වානේ අපේ තාත්තා විතරයි belt එක දැම්මේ කියලා) දාගෙන සහභාගි වුණා.
ජම්බෝරියේදීත් මේ කතාව මම හුඟක් අයට කිව්වේ ලොකු ආඩම්බරයකින්. තේරෙනවානේ ඉතින් ඔයාලටත් අවුරුදු 13 ළමයෙක්ගේ වැඩ.
ඉතින් ඒ විදිහට මම තාත්තගෙන් මට හම්බුණු belt එකේ වටිනාකම වැඩි කළා.
ඒ වටිනාකම මට තවත් වැඩි කරන්න පුලුවන් වුණේ 2006 අවුරුද්දේදී. ඒ 2006 අවුරුද්දේදී 7 ජාතික ජම්බෝරිය නුවර එළිය තුරඟ තරඟ පිටියේදී පැවැත්වුණු නිසා. 6 ජාතික ජම්බෝරියට කණිෂ්ඨ බාලදක්ෂයෙක් විදිහට ගිය මම 7 ජාතික ජම්බෝරියට ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයෙක් විදියට පරම්පරාවෙන් පැවත එන belt එකත් දාගෙන තමා ගියේ.
ඊටත් පස්සේ ජනාධිපති බාලදක්ෂයෙක් විදිහට ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂයා වුණු අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් සහතික පත් ලබාගන්නත් මම දාගෙන ගියේ මේ belt එකම තමා. ඉතින් දැන් ඒ belt එකේ දැන් තියෙන වටිනාකම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.
මේ belt එකේ වටිනාකම තවත් වැඩි කරන්න මට අවස්ථාවක් ලැබුණා 2010 අවුරුද්දේදී. ඒ 2010 අවුරුද්දේදී හම්බන්තොට 8 වැනි බාලදක්ෂ ජම්බෝරිය පැවැත්වුණු නිසා. සක්‍රීයව බාලදක්ෂ කටයුතුවලට එකතු වෙලා නොහිටියත් බාලදක්ෂ කණ්ඩායමෙන් ආරාධනා ලැබුණු ජම්බෝරියට යන්න එන්න කියලා. ඒත් විශ්වවිද්‍යාලයේ කටයුතුත් එක්ක ඒ ජම්බෝරියට යන්න මට බැරිවුණා.

කොහොම නමුත් මම දැන් සක්‍රීයව බාලදක්ෂයෙක් විදිහට කටයුතු නොකළත් තවමත්
විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායමෙන් කරන කඳවුරු ආදියට සම්බන්ධ වෙනවා. ඒ බාලදක්ෂ
කටයුතු කියන්නේ මගේ ජීවිතේ කොටසක් වෙලා තියෙන නිසා.
මම තාමත් ඒ belt එක හුඟක් පරිස්සමෙන් තියාගෙන ඉන්නේ මගේ target එකක් එක්ක ඒකේ සම්බන්ධයක් තියෙන නිසා. මගේ හිතේ තියෙන target එකක් තමා මට පුතෙක් හිටියොත් මගේ පුතාවත් බාලදක්ෂයෙක් බවට පත් කරලා අර පරම්පරාවෙන් එන මහානර්ඝ belt එක එයාටත් පාවිච්චි කරන්න දෙන්න ඒකේ ඉතිහාස කතාවත් කියලා දීලා. මම හිතනවා එයාගේ සීයාත් තාත්තත් කරපු දේ එයාත් ඉස්සරහට කරාවි කියලා.
ඕන් ඕක තමා මගේ බාලදක්ෂ ජීවිතය ගැන කියද්දී මට මතක් වෙන වැදගත්ම කාරණය.

ඉතින් මේක ටිකක් අමුතු කතාවක් කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඉතින් මේක ගැන ඔයාලගේ අදහසුත් මම දැනගන්න කැමතියි.
ප.ලි.: ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයෙන් නිකුත් කරන Scouting Magazine 2012 අගෝස්තු කලාපයේ මේ කතාව පළවුණා. ඒ සඳහා සංස්කරණය කරන ලද කතාව තමා මේ තියෙන්නේ...
ඉක්මනටම පුතෙක් හදාගන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා හොදේ ........... ?
ReplyDeleteඒක තමා සහෝ මාත් හිතුවේ.........
ReplyDeleteaiye belt ake bakal aka gold wage patai sira belt aka awage raththaran pata belt akak hoyaganda nedda
ReplyDeleteමේ belt එක polish එහෙම කරලා තාමත් හොඳට පරිස්සම් කරන එකක් නේ මල්ලී. අනික Cam එකේ flasher එකත් ඒකට වැදිලා තියෙන නිසා වෙන්න ඕන shine එක හුඟක් පේන්නේ.
ReplyDeleteමේ ජාතියේ belt නම් දැන් හොයාගන්න තියෙන එකම විදිහ මම හිතන විදිහට කලින් scouting කරපු කෙනෙක්ගෙන් හොයාගන්න එක තමා. මේ belt එකත් මේ වෙද්දී අවුරුදු 30 කට ආසන්න ගාණක් පරණයි නේ.
first like to tell ur writing style is much interesting...
ReplyDelete@ Scout magazine Sri lanka
Deletethanx :)
Malli Gold Troop [Gold 1 Eagles petrol] eke hitapu ekekk widiyata matath uba gana sathutui
ReplyDelete@ Sashimal Gunawardhana
Deleteස්තුතියි අයියණ්ඩි :)
නියම කතාවක්නෙ හසිත.. මම නම් බාලදක්ෂ ගියෙ එක දවසයි.. ඒත් මලයා පෝතකයෙක් වුනාම ඒකා පස්ස පාරෙ යන්න වුනා.. මිනිහගේ එච්චර උනන්දුවක් තිබුනේ නෑ.. වැඩේ අතඇරියා.. ගෙදරිනුත් ඉතින් උනන්දු කෙරෙව්වෙ නෑ.. පස්සෙපාරෙ යන්න බෑ කියලා මම කුණුකුණු ගානවනෙ.. අපේ මලයත් බලපිටියෙ ජම්බෝරියට ගියා.. ඒකා මට කිව්වෙ නෑනෙ මේ වගේ බෙල්ට් එකක් දාගත්තු කෙනෙක් ආවා කියලා.. :)
ReplyDeleteඔන්න ප්‍රාර්ථනාව ඉටුවෙන්න කියලා පතනවා.. හැබැයි පුත්තු ගොඩක් ලැබිලා උන් බෙල්ට් එකට මරා ගන්න ගත්තොත් අපි නම් නෑ..
@ හරී
Deleteබලපිටිය ජම්බෝරිය තිබුණේ බලපිටිය ගුරු විදුහලේ. ඒකේ තව කෙනෙක්ව හොයනවා කියන එක පට්ට අමාරු වැඩක්. ඒක නිසා මලයා මාව දකින්නේ නැතුව ඇති :)
පුත්තු ගොඩක් ලැබුණොත් කරන ගැන හිතලා බලන්න ඕනේ :D
Api nam malath green troop eke thamai.
ReplyDelete