Monday, April 5, 2010

නමුණුකුල ද ? කඩුගන්නාව ද ?


අද මම කියන්න යන්නේ මගේ බාලදක්ෂ ජීවිතයේ අහන්න ලැබුණ කතාවක්. මේකත් මම කලින් දවසක කිව්වා නන්දිමිත්‍ර ද ? ගෝඨයිම්බර ද ? ජාතියේ කතාවක්. මේකත් අපේ බාලදක්ෂ කඳවුරකදී සිදුවුණු එකක්. කඳවුර නම් මට මතක විදිහට කොළඹ දිසාවේ වාර්ෂික Camporee ය.

ඕන් කතාව. දී එක ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයෙක්ට බාලදක්ෂ නායකතුමා පැවරුවා නමුණුකුල සර්ව හම්බවෙලා කිසියම් පණිවුඩයක් අහගෙන එන්න කියලා.

මේ නමුණුකුල සර් කියන්නේ කොළඹ දිසාවේ සහය දිසා කොමසාරිස්වරයෙක්. ඒ වගේම ගුවන් බාලදක්ෂ කටයුතුත් භාරව ඉන්න සර්. කොළඹ දිසාවේ බාලදක්ෂ කටයුතු කරපු අය නම් සර්ව දන්නවත් ඇති. ඉතින් අපි හිටිය camp site එකේ ඉදන් සර් හිටිය camporee office ගාවටත් ටිකක් දුරයි.

අපේ man හිමින් හිමින් ඇවිත් එතන හිටිය එක්කෙනෙක්ගෙන් ඇහුවා "කඩුගන්නාව සර් කියන්නේ කාටද" කියලා.

පස්සේ ඒ පුද්ගලයා කිව්වා "කඩුගන්නාව කියලා නම් සර් කෙනෙක් නැහැ පුතා ඒත් නමුණුකුල කියලා නම් සර් කෙනෙක් ඉන්නවා කියලා.

එතකොට තමයි අපේ man ගේ මීටරේට ආවේ තමන් රොබින් හුඩ්ටත් වඩා හොඳට විද්දයි කියලා. ඒ ගමන්ම අර පුද්ගලයා කිව්වා "මම තමයි නමුණුකුල. මම හිතන්නේ පුතා ආවේ මාව හම්බෙන්න වෙන්න ඕනේ" කියලා. අපේ man ට හීන් දාඩිය දැම්මා මේක අහලා.

පස්සේ ඉතින් අපේ man සර්ගෙන් සමාව ඉල්ලලා අදාල පණිවුඩෙත් අහගෙන ආවා. සර් කරුණාවන්ත මනුස්සයා නිසා අපේ man ට බැනුම් අහන්න නම් වුණේ නැහැ.

වෙලා තියෙන්නේ අපේ man මුල්ම වතාවට තමා සර්ගේ නම අහලා තියෙන්නේ. එයා සර්ගේ නම මීටරේට දාගත්තේ කඳුකරයේ තියෙන කන්දක නමක් විදිහට. හදිස්සියට මතක් වුණේ වෙන එකක්.

අන්තිමට වුණේ නමුණුකුල සර් වෙනුවට කඩුගන්නාව සර්ව හොයන්න ගිය අපේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයාට කඩුගන්නාව කියලා card එකක් වැටීමයි.

ඉතින් ඔය පැටලිලි වෙලාවකට fun වෙලාවකට මාර danger.

ඔය උඩින්ම තියෙන්නේ නමුණුකුල කන්දේ photo එකක්. යටින්ම තියෙන්නේ කඩුගන්නාවේ photo එකක්

3 comments:

  1. ඔයාටත් වෙන වැඩ.....හිහ්... හිහ්... :) :) :)

    ReplyDelete
  2. මාර ඇබැද්දියක්නෙ..හෙහෙ..
    මටත් උන සීන් එකක් මතක් උනා එක පාරක් පන්සලකින් ස්වාමීන් වහන්සෙ නමක් වඩම්මාගෙන එන්න ගිහින්.

    මම දැනන් හිටියෙ උන්නාන්සෙගෙ ගිහි නම විතරයි. ඉතින් පන්සලෙන් උන්නාන්සෙ ගැන විමසද්දි ඉබේටම මට කියවුනේ මෙහෙම.

    "ලොකු හාමුදුරුවනේ මැන්ඩිස් හාමුදුරුවො ඉන්නවද?"

    ලොකු හාමුදුරුවොත් විහිලු තහලුවට බර උන්නාන්සෙ නිසා හිනහවෙලා නිකන් හිටිය.

    ReplyDelete
  3. හා පැටික්කි (MS) ට

    මේක මට වුණු එකක් නෙමෙයි. මට වඩා අවුරුද්දක් බාල මල්ලී කෙනෙක්ට වුණු එකක්.

    Raven ට
    ඒකත් නියම කතාව. ලොකු හාමුදුරුවොත් හොඳ නිසා වැඩේ ගොඩින් බේරගෙන නේද ?

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................