Wednesday, April 7, 2010

අවුරුදු 10 ක Driving Experience


මේ දවස්වල අළුත් අවුරුද්දත් කිට්ටු නිසා ගෙදර දොරේ වැඩ වැඩියි. ඒ අතරවාරයේ පොඩි break එකක් හම්බුණු වෙලාවක තමා මේ කතාව ලියන්න හිතුණේ. මේ කතාවෙන් මම කියන්න අදහස් කරන්නේ කොච්චර දැන උගත්කම් තිබුණට හදිස්සියට හෙනම මෝඩ ideas එන්න පුළුවන් කියන එකයි. ඉතින් සිද්ධිය වුණේ මේ ඊයේ පෙරේදා දවසක.

අපේ යාළුවෙක් ඉන්නවා. Man ට තාම job එකක් නැහැ. job එකක් නැහැ කිව්වාට නෑම නෙමෙයි තියෙනවා No Job Company යේ. පුළුවන් හැම තිස්සෙම හැම තැනටම CV එහෙම දීලත් තාම මොකුත් job එකක් set වුණේ නැහැ. ඒක නිසා තාමත් No Job Company එකේ job එක කරන් ඉන්න පුළුවන්.

ඉතින් අපේ පැත්තේ high way එකක් හදනවා ඒකේ job එකක් අපේ man ට set වුණා. High way එක හදන තැන ඉන්න සුද්දෙක්ගේ වාහනේ driving වැඩේට. ඒත් පොඩි අවුලක් ඒකෙත් තියෙනවා. එතැන job එකට අවුරුදු 10 ක experience ඕනෙලු.

ඉතින් අපේ මිත්‍රයා ඕක ගැන අපේ ගුරුතුමියකටත් කිව්වා.

ඒක අහලා ගුරුතුමිය කිව්වා " ඉතින් අවුරුදු 10 ක experience තියෙනවා කියලා හදා ගත්ත නම් ඉවරනේ" කියලා.

එතකොට අපේ man කිව්වා. " එතකොට මිස් ඒ මිනිස්සු පුදුම වෙයිනේ මම අවුරුදු 11 ඉදන් වාහන එලෙව්ව ද " කියලා.

ඉතින් අපේ මිත්‍රයාට වයස අවුරුදු 21 යි කියලා ඒ ගුරුතුමි හොඳටම දන්නවා. ඒත් හදිස්සියට ඒකක් මතක් වුණේ නැහැ. ඔයාලටත් මේ වගේ වැඩ අම්බානකුත් තව පොඩ්ඩක් වෙලා ඇතිනේ.

නේද ?

6 comments:

  1. හප්පා . . මිස්ට අමතක උනාට කොල්ලට මතක තිබුනු එක ලොකු දෙයක් උගේ වයස . . හික් හික් .

    නියම කතාව මලේ පොඩි කතාව අතුලේ ගන්න දේවල් ගොඩක් තියෙනවා .. . ස්තූතියි

    ReplyDelete
  2. ඔයාගේ කතාව ඇත්ත අයියා. ස්තුතියි ප්‍රතිචාරයට...............

    ReplyDelete
  3. මෙන්න මේ ටිකත් බලන්නකෝ. නියමම සිද්ධි ටික :)

    --------------------------

    A VERY GOOD EXAMPLE OF THE KIND OF REPRESENTATION WE HAVE IN CONGRESS, TRUE STORY:


    A noted psychiatrist was a guest speaker at an academic function where Nancy Pelosi happened to appear. Ms Pelosi took the opportunity to schmooze the good doctor a bit and asked him a question with which he was most at ease.

    'Would you mind telling me, Doctor,' she asked, 'how you detect a mental deficiency in somebody who appears completely normal?'

    'Nothing is easier,' he replied. 'You ask a simple question which anyone should answer with no trouble. If the person hesitates, that puts you on the track.'

    'What sort of question?' asked Pelosi.

    Well, you might ask, 'Captain Cook made three trips around the world and died during one of them. Which one?''

    Pelosi thought a moment, and then said with a nervous laugh, 'You wouldn't happen to have another example would you? I must confess I don't know much about history..'

    ===============
    One day I was walking down the beach with some friends when someone shouted....
    'Look at that dead bird!'

    Someone looked up at the sky and said...'where?'

    ==============================

    My colleague and I were eating our lunch in our cafeteria, when we overheard an admin girl talking about the
    sunburn she got on her weekend drive to the beach.

    She drove down in a convertible, but said she 'didn't think she'd get sunburned because the car was moving'.

    ========================

    My sister has a lifesaving tool in her car which is designed to cut through a seat belt if she gets trapped.

    She keeps it in the car trunk.

    ---------------------


    I couldn't find my luggage at the airport baggage area and went to the lost luggage office and reported the loss.

    The woman there smiled and told me not to worry because she was a trained professional and said I was in good hands.

    'Now,' she asked me, 'Has your plane arrived yet?'....
    (I work with professionals like this.)

    -------------------

    While working at a pizza parlor I observed a man ordering a small pizza to go. He appeared to be alone and
    the cook asked him if he would like it cut into 4 pieces or 6. He thought about it for some time then said 'Just cut it into 4 pieces;
    I don't think I'm hungry enough to eat 6 pieces.

    ReplyDelete
  4. roylyfernando ට

    නියම කතා ටික. සහෝ කොහෙන්ද මේවා ටික හොයා ගත්තේ ?
    මේ කතාවලින් මට නම් සිරාම එක Captain Cook ගැන අහපු කතාව...............

    ReplyDelete
  5. හික් හික් ගුරුවරියොත් දැන් නොමග යවන සීන් එකකද ඉන්නේ...

    ReplyDelete
  6. පිස්සාට

    ගුරුවරියෝ නොමඟ යවන්නේ නැහැ සහෝ. ගුරුවරියගේ මීටරේට එක පාරටම කතාව තේරුණේ නැති එකක් නේ මේකේ කියන්නේ :) :) :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................