Sunday, July 15, 2012

සුද්දත් එක්ක උඩරටට විරුද්ධව ඔත්තු බලපු ජේ.ආර්.ගේ මී මුත්තා - ඉතිහාසයේ අප්‍රකට කතා 11

 තම සහයකයින් සමඟ සිටින තම්බි මුදලි

පහුගිය දවස්වල ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සම්බන්ධව කියපු කතා කීපයකම තම්බි මුදලි කියන නම එහෙමත් නැත්නම් දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන කියන නම සඳහන් වුණා ඔයාලට මතක ඇති. ඒ වගේමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව ඉංග්‍රීසීන්ට පාවා දුන් අයට සාපයක්වැදුනාද කියන කතාවෙන් මම ඇහුවා රජතුමාට කරුණාව දක්වපු තම්බි මුදලිගේ පරම්පරාවට මොකද වුණේ කියලත්. 

ඉතින් අද ඉතිහාසයේ අප්‍රකට කතාවලින් කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ තම්බි මුදලි එහෙමත් නැත්නම් දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන මුදලිවරයා ගැන.

 දකුණු ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළ තීරය [වර්ණ ගන්වා ඇති කොටස]

ලන්දේසීන් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කරන කාලේ දකුණු ඉන්දියාවේ මලබාරයට ආසන්නයේ තිබුණු කොරමැන්ඩල් ප්‍රදේශයේ හිටිය හෙට්ටි නමින් හඳුන්වපු වෙළෙදාම් කිරීම තමන්ගේ ජීවන වෘත්තිය කරගත්තු පිරිසක්. තමන්ගේ ව්‍යාපාරික කටයුතු නිසා කොළඹට ඇවිත් පදිංචි වෙලා හිටිය හෙට්ටිවරුත් හිටියා.

 කොළඹ හෙට්ටි ජනයා

පරම්පරා කීපයකට පස්සේ මේ හෙට්ටි පවුලක කෙනෙක් ඒ කාලයේ වැදගත් පවුලක් විදිහට පිළිගැනුණු හංවැල්ල වෙල්ගම ප්‍රදේශයේ හිටිය ජයවර්ධන පවුලෙන් දියණියක් සරණ පාවාගෙන තමන්ගේ මුල් නම අත් හැරලා ජයවර්ධන කියන සිංහල නම අරගෙන සිංහල ක්‍රමයට හැඩගැහුණා. 

එයාගේ පුතා තමයි දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන එහෙමත් නැත්නම් තම්බි මුදලි කියලා හඳුන්වන්නේ. 1768 දී හංවැල්ල වෙල්ගම ගමේදී තමා ඔහු උපත ලබන්නේ.

 ඕලන්ද සමයේ කොළඹ කොටුව සහ වරාය

මුලින්ම කොළඹ තිබුණු ලන්දේසි කොටුවේ සේවකයෙක් විදිහට කටයුතු කරපු අදිරියන් ජයවර්ධනව කොළඹ කොටුවේ අණ දෙන්නා වුණු ඩිරිබර්ග්ගේ අණින් ඕලන්ද ලැස්කරින් රෙජිමේන්තුවේ ආරච්චි නිලයකට පත් කෙරෙනවා. ඒ සේවයට වැටුප් විදිහට නාරාහේන්පිට ගමෙන් ඉඩම් ඔහුට ලැබෙනවා.  

අදිරියන් ජයවර්ධන ට "තම්බි මුදලි" කියන නාමය හිමිවෙන්නේත් මේ කාලය තුළ. ඕලන්ද වෙළෙඳ සමාගම යටතේ කන්ද උඩරට දේශ සීමාවල වගේම පසුකාලීන ඉංග්‍රීසින් ගැනත් ඔත්තු බැලීම වගේම සුළු සුළු සටන් කරපු කට්ටියව ඕලන්ද නිලධාරීන් හඳුන්වලා තියෙන්නේ "Tombis" කියන නමින්. අදිරියන් ජයවර්ධනත් මේ Tombis කියන නමින් හඳුන්වපු පිරිසක් භාරව සිටිය නිසා "Tombi Mudaliyar" එහෙමත් නැත්නම් තම්බි මුදලි කියන නමින් හඳුන්වනවා.




 ලන්දේසි ආණ්ඩුකාර Johan Van Angelbeek

1790 දශකය වෙද්දී ලංකාවට ලන්දේසි පාලනයට ඉංග්‍රීසීන්ගෙන් තර්ජන එල්ල වෙන්න පටන් ගත්තා. ඒ යටතේ මේජර් ජෙනරාල් ස්ටුවර්ට්ගේ නායකත්වයෙන් ලංකාවට ගොඩ බැස්ස ඉංග්‍රීසී බල ඇණිය කොළඹ බලා එද්දී ලන්දේසි ආණ්ඩුකාර Johan Van Angelbeek ගේ අණින් ඒ භට පිරිසගේ ඔත්තු බලන්න තම්බි මුදලිව යොදා ගන්නවා. 

ඉංග්‍රීසී හමුදා කැළණි ගඟේ උතුරේ තිබුණු මහබොල කියන ගමට එනකම්ම තමන්ට පැවරුණු රාජකාරිය සාර්ථකව ඉටු කරන්න තම්බි මුදලිට පුලුවන් වුණත් පස්සේ මෙයා ඔත්තුකාරයෙක් විදිහට ඉංග්‍රීසී සොල්දාදුවන් හඳුනා ගැනීමත් එක්ක සිරභාරයට පත් වෙනවා. 

ඒ අවස්ථාවේ තම්බි මුදලි ඉංග්‍රීසීන්ට පොරොන්දු වෙනවා 

"මාගේ ජීවිතය බේරුවොත් ලන්දේසීන් ඉංග්‍රීසීන්ට යටත් වූ කලෙක මම ඉංග්‍රීසීන්ට පක්ෂව ජීවිත පරිත්‍යාගයෙන් සේවය කරනවා" 

අන්තිමට යුධ බලයෙන් වගේම ගිවිසුමක් මාර්ගයෙන් 1796 පෙබරවාරි 16 වැනිදා ඉදන් ලන්දේසීන්ට අයිති වෙලා තිබුණු ලංකාවේ මුහුදු බඩ පළාත්වල පාලන බලය ඉංග්‍රීසීන් තමන් සතු කරගන්නවා. ඒකත් එක්කම තම්බි මුදලිවත් සිරභාරයෙන් නිදහස් කරනවා. 

ඉංග්‍රීසී පාලනය ලංකාවේ ආරම්භ වීමත් එක්ක උඩරට රදළයන්ගේ පෙළඹවීමෙන් මුහුදු බඩ ප්‍රදේශවල හිටිය ස්වදේශික මුලාදෑනීන් කැරලි ගහන්න සූදානම් වුණත් මේ කුමන්ත්‍රණය ගැන දැනගන්න තම්බි මුදලි ඒ බව තමන්ගේ නව ස්වාමිවරු වුණු ඉංග්‍රීසීන්ට කියලා තමන්ගේ පක්ෂපාතීත්වය තහවුරු කරනවා වගේම හේවාගම්, සල්පිටි, රයිගම් කෝරළවල ඇතිවෙන කැරලි කෝලාහල මර්දනය කරන්නත් තමන්ගේ සහයෝගය ලබාදෙනවා.

මේ ගැන සතුටු වුණු හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් ස්ටුවර්ට් තම්බි මුදලිව බ්‍රිතාන්‍ය හමුදාවේ ආරච්චි කෙනෙක් විදිහටත් මාර්ගෝපදේශකයෙක් විදිහටත් පත් කරලා මාසිකව දීමනාවක් ලැබෙන්නත් සලස්වනවා.

 මේජර් ජෙනරාල් මැක්ඩොවල්ගේ උඩරට දූත ගමන

මේ යටතේ ඔහු කළ පළමු මාර්ගෝපදේශන කාර්යය වෙන්නේ 1800 මාර්තු මාසයේ මේජර් ජෙනරාල් හේ මැක්ඩොවල්ගේ උඩරට දූත ගමනට මාර්ගෝපදේශකයෙක් විදිහට සම්බන්ධ වුණු එක. මේ සේවය අගය කරමින් මොහුව අත්පත්තු මුහන්දිරම්වරයෙක් ලෙස උසස් කරන්න ඉංග්‍රීසීන් කටයුතු කරනවා

1803 සිදුකෙරුණු ඉංග්‍රීසීන්ගේ පළමු උඩරට ආක්‍රමණයට මග පෙන්වීම කරන්නේ තම්බි මුදලි. මේජර් ජෙනරාල් මැක්ඩොවල්ගේ නායකත්වයෙන් මහනුවර ඉංග්‍රීසීන් අත්පත් කරගත්තත් මේ අවස්ථාව වෙද්දී රජතුමා ඇතුලු ප්‍රභූවරු රට මැද්දට පලා ගිහින් හිටියේ.

මේ අවස්ථාවේ පළමු අදිකාරම් වුණු පිළිමතලාවේ දෙවෙනි අදිකාරම් මීගස්තැන්නේ හරහා ඉංග්‍රීසීන්ට සාමදාන යෝජනාවක් එවනවා. මේ සාමදාන යෝජනාව කුමන්ත්‍රණයක් බව තම්බි මුදලි කීවත් මැක්ඩොවල් ඒක පිළිගන්නේ නැහැ. මේ නිසා මේජර් ඩේවි යටතේ හමුදා ඛණ්ඩයක් මහනුවර නවත්වලා මැක්ඩොවල් ඇතුලු පිරිස කොළඹ බලා ආපසු එනවා. 

 
පිළිමතලාවේ අදිකාරම්

අන්තිමට සිද්ධ වෙන්නේ පිළිමතලාවේ මහාදිකාරම්ගේ අණින් මහනුවර නවතා තැබූ ඉංග්‍රීසී සොල්දාදුවන් සමූල ඝාතනය වුණු එක. මේජර් ඩේවි පණ බේරාගන්නේ ඒ අවස්ථාවේ රජු මේ ගැන දැනගෙන මැදිහත් වුණු නිසා. 

ඒ වගේමයි දඹදෙණියේදී පිළිමතලාවේ මහාදිකාරම් උපායෙන් ඉංග්‍රීසී ආණ්ඩුකාරවරයාව තමන්ගේ සිරකරුවෙක් කරගන්න ගිය සැලැස්ම ව්‍යර්ථ කරන්න වගේම සොල්දාදුවන් 31,000 ක සේනාවක් එක්ක උඩරට රජතුමා කොළඹ අල්ලන්න එන පුවත ආණ්ඩුකාරවරයාට ලබාදෙන්නේත් තම්බි මුදලිමයි.

මේ සිද්ධියත් එක්ක මුහුදු බඩ ප්‍රදේශවල ඉංග්‍රීසීන්ට විරුද්ධව ඇතිවුණු කැරලි මැඩපවත්වන්න වගේම හංවැල්ල බල කොටුව අල්ලා ගන්නත් තම්බි මුදලිගෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා.

ඔහුගේ සේවය අගය කරලා ප්‍රදානය කරපු ප්‍රදානයන් ගැන 1805 අප්‍රේල් 23 නිකුත් කරලා තිබෙන ලිපියකින් මෙහෙම කියවෙනවා.

"....මාර්ගෝපදේශකයන්ගේ මුදලි තැන්පත් දොන් අද්‍රියන් නොයෙක් අවස්ථාවන්හිදී කළ ප්‍රශංසනීය උනන්දු සහගත සේවය පිළිබඳ ගරු උතුමාණන් වහන්සේගේ අනුකූලතාව දැක්වීමක් වශයෙන් ඔබ දිස්ත්‍රික්කයේ පිහිටි කලින් මාදම්පේ මුදලි තැනට හිමිව පැවති ඉඩකඩම් ඔහුට ප්‍රදානය කිරීම එතුමාණන්ගේ කැමැත්තයි....."

සර් තෝමස් මේට්ලන්ඩ්

පස්සේ 1808 දී සර් තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා තම්බි මුදලිව හලාවත ප්‍රදේශය භාර මුදලිවරයා විදිහටත් පත් කරනවා.

1814 උඩරට ආක්‍රමණය දියත් වෙනකම්ම තම්බි මුදලි රජයේ ප්‍රධාන භාෂා පරිවර්තකයා විදිහට කටයුතු කරපු ජෝන් ඩොයිලිගේ මෙහෙයවීමෙන් කන්ද උඩරට ප්‍රදේශවල චරපුරුෂ සේවයේ යෙදිලා සාර්ථක ඉංග්‍රීසී ආක්‍රමණයකට අවශ්‍ය වෙන තොරතුරු එක්රැස් කිරීමේ නියැලුණා.

1814 දියත් කෙරුණු උඩරට ආක්‍රමණයට තම්බි මුදලි සම්බන්ධ වුණා වගේම මඟ පෙන්වීමෙන් ලොකු දායකත්වයක් ලබා දුන්නා. මේ නිසාමයි 1815 ජනවාරි 15 වෙනිදා ජයවර්ධන මුදලිව මාර්ගෝපදේශකයන්ගේ නායක මුදලි තනතුරට පත් කරන්න ඉංග්‍රීසීන් කටයුතු කරන්නේ. සාර්ථක ආක්‍රමණයකින් පස්සේ 1815 පෙබරවාරි 14 වෙනිදා සෙංකඩගල අගනුවර ඉංග්‍රීසීන් යටතට පත් වෙනවා.

 ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගත් මොහොත

අවසානයේදී රජතුමා සොයාගෙන මැද මහනුවරට පිටත් වුණු කණ්ඩායමේ ඔහුත් හිටියා. පස්සේ රජතුමා අල්ලා ගත් වෙලාවේ රාජ්‍ය සළකුණ විදිහට සැලකුණු රන් කඩුව එතැනින් සොයාගෙන ඒක ඩොයිලිට භාර දෙන්නේත් තම්බි මුදලි. (සෙංකඩගල මහ වාසළේ රන් කඩුවේ නාමයෙන් කියලා තමා රජ කාලේ රාජ අණ පනත් ප්‍රකාශ කළා කියන්නේ. ඒ නිසා රන් කඩුව හිමිවීම ඉංග්‍රීසීන්ගේ ලත් ජයග්‍රහණයක්)

රජතුමා ඇතුලූ කණ්ඩායම කොළඹට අරන් ගිය කණ්ඩායමට තම්බි මුදලි වරින් වර සම්බන්ධ වෙනවා. එහෙම වෙන්නේ ඒ වෙද්දී ඩොයිලිගේ අණින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සඟවපු වස්තුව සෙවීමේ කාර්යයට තම්බි මුදලි සම්බන්ධ වෙලා හිටිය නිසා.

රජතුමාගේ වගේම බිසෝවරුන්ගේත් වස්ත්‍රාභරණ ඔවුන් අල්ලා ගත්තු වෙලාවේ ඉරලා දමපු නිසා ඔවුන්ට සුදුසු වස්ත්‍රාභරණ සැපයීම ඩොයිලිට ප්‍රශ්නයක් වෙලා තිබුණේ. මේ අවස්ථාවේදී තම්බි මුදලි තමන් සොයා ගන්න රාජකීය වස්තුවෙන් බිසෝවරුන්ට සුදුසු වස්ත්‍ර කීපයක් සැපයීම කරනවා. පසුව තෙල්දෙණියේදී රජුට අයත් වුණු පෙට්ටගමක් තම්බි මුදලි ඩොයිලිට ගෙනවිත් දෙනවා. එහි තිබුණු වස්ත්‍රත් රාජකීය පිරිසට අදින්න දෙනවා.

ඒ හැරෙන්න උඩරට ඉංග්‍රීසී පාලනයට විරුද්ධ වෙන්න පුලූවන් රදළයන් 18 ක් පිළිබඳව තොරතුරු ඉංග්‍රීසීන්ට ලබාදෙන්න මොහු කටයුතු කරනවා. ආණ්ඩුකාරයා මේ පිළිබඳව එතරම් සැළකිල්ලක් දක්වන්නේ නැහැ. ඒත් අන්තිමට ඔවුන් කැරලි ගසන්න එකතු වුණු නිසා ආණ්ඩුකාරවරයා තම්බි මුදලිගේ සේවය අගය කරලා මරණය දක්වාම මසකට රුපියල් 250 ක දීමනාවක් ලබාදෙන්නත් නියම කරනවා.

මේ විදිහට තමන්ගේ පක්ෂපාතී සේවය නිසා හොඳ නම දිනාගෙන හිටපු තම්බි මුදලිගේ නමට කිසියම් අපකීර්තියක් එක් වෙන්නේ 1816 සිදුවුණු ඉහගම කුමන්ත්‍රණයට ඔහුත් සම්බන්ධයි කියලා චෝදනා එල්ලවීම නිසා

ඉහගම කුමන්ත්‍රණය කියලා සිද්ධ වුණේ මල්වතු විහාරයේ ඉගෙනුම ලබපු ඉහගම උන්නාන්සේ කියන හාමුදුරුවෝ තවත් හාමුදුරුවරු කණ්ඩායමක් සහ උඩරට රදළයන් කීප දෙනෙක් එකතු කරගෙන උඩරටින් ඉංග්‍රීසීන් පන්නලා සියම් රටින් රාජ කුමාරයෙක් ගෙනල්ලා සිංහාසනයට පත් කරන්න සැලසුම් කරපු එක. ඒත් මේ ගැන එක්නැලිගොඩ නිලමේ දැනගත්තු නිසා මේ පිරිස 1816 ජූලි 31 ඉංග්‍රීසීන් අත් අඩංගුවට ගන්නවා. 

මේ කුමන්ත්‍රණයට පිළමතලාවේ මහාදිකාරම්ගේ උපදෙස් පරිදි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව මරන්න සූදානම් වුණු ආසන කියන ජා මුහන්දිරම්වරයාත් එකතු වූ බවයි කියවෙන්නේ. මේ ආසන කියන්නේ කලින් කතාවකත් කිව්ව වගේජෝන් ඩොයිලිගේ ඔත්තුකාරයෙක්. උඩරටින් පලා ඇවිල්ලා මීගමුවේ ඔහු ජීවත් වුණා. ඔහු නිසාම මේ ඉහගම කුමන්ත්‍රණයට තම්බි මුදලිත් එකතු වුණු බවයි කියවෙන්නේ.

මේ සම්බන්ධව සිදුවුණු නඩු විභාගයේදී ආසන ජා මුහන්දිරම් තම්බි මුදලි කුමන්ත්‍රණයට එකතු වූ ආකාරය කියන්නේ මෙහෙමයි

රජුත් වස්තුවත් අල්ලා ගත් තැනැත්තා මමයි. එහෙත් ඒ සේවය සඳහා මා ලත් කිසිවක් නැත. ඉංග්‍රීසී රජය කලක් මට බෙහෙවින් ගරු කළ නමුත් දැන් එසේ නොකරයි. එම නිසා මට මෙයින් කිසි පාඩුවක් නොවේ. ඔබ සූදානම් වූ විට මම ඔබේ පක්ෂය ගන්නෙමි.

කොහොම නමුත් අන්තිමට හෙළිවෙන්නේ පොද්දල්ගොඩ ප්‍රදේශයේ සඟවවලා තිබුණු රාජකීය වස්තුව තම්බි මුදලි සොයාගත්තු අවස්ථාවේ ඉන් සමහරක් ඔහු පුද්ගලික පරිහරණයට ගත්තා කියලා. විශේෂයෙන් වටිනා බුමුතුරුණු කීපයක්ම තම්බි මුදලිගේ මාදම්පේ ගෙදර තිබිලා හමුවෙනවා. ඒ කොහොම වුණත් ජයවර්ධන මුදලිට සමාවක් ලැබුණු බවයි පෙනෙන්නේ. 

 මාදම්පේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානය

ජයවර්ධන මුදලි ක්‍රිස්තියානි භක්තිකයෙක් වූ නිසා ක්‍රිස්තියානි දහමටත් උපකාර කරලා තියෙනවා. විශේෂයෙන්ම තමන්ට අයිති වෙලා තිබුණු මාදම්පේ ප්‍රදේශයේ ඉඩමක් මාදම්පේ කතෝලික මීසමට ප්‍රදානය කරලා තියෙනවා. ඒ ස්ථානයේ ඉදි කරපු පල්ලිය 1883 පෙබරවාරි 4 වෙනිදා ශාන්ත සෙබස්තියන් මුනිවරයාට කැප කරලා විවෘත කරලා තියෙනවා.  

කොළඹ වුල්ෆැන්ඩෝල් ඕලන්ද රෙපරමාදු දේවස්ථානය

ලන්දේසි කාලයේ ඉදන්ම ජයවර්ධන මුදලි ජීවත් වුණු නිසා ඔහු රෙපරමාදු ආගම වැළැඳගෙන හිටිය බව තමා පේන්නේ. ඒක තහවුරු වෙන්නේ ඔහු මියගියාට පස්සේ දේහය වළලන්න කොළඹ වුල්ෆැන්ඩෝල්වල තිබුණු ඕලන්ද රෙපරමාදු පල්ලියේ සුසාන භූමිය යොදාගත්තු නිසා.

අවසන් කාලය සාමකාමීව ගත කරපු ජයවර්ධන මුදලි 1824 ඉදන් රෝගී තත්වයෙන් තමා පසුවෙන්නේ. ඒ වෙද්දී ඔහුට මාසිකව රික්ස් ඩොලර් 200 ක දීමනාවක් ඉංග්‍රීසී ආණ්ඩුවෙන් ලැබෙමින් තිබුණේ. 

අන්තිමට ඔහු මියයන්නේ 1830 පෙබරවාරි 18 වෙනිදා. එදාට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලාගෙන හරියටම වර්ෂ 15 කුත් සම්පූර්ණ වුණා. මියයද්දී ජයවර්ධන මුදලිට  වයස අවුරුදු 62 ක් පමණ වුණා. ජයවර්ධන මුදලිගේ දේහය එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස්ගේ අණින් හමුදා ගෞරව මධ්‍යයේ කොළඹ වුල්ෆැන්ඩෝල් ඕලන්ද රෙපරමාදු දේවස්ථාන භූමියේ වළදමනවා. ඔහුගේ බිරිඳ වුණු දෝන දිනේසියාට ඉංග්‍රීසි රජයෙන් පවුම් 18 සිලිම් 15 ක දීමනාවකුත් හිමිවෙනවා.

1830 මැයි 15 පළ කරපු රජයේ ගැසට් පත්‍රයෙනුත් ජයවර්ධන මුදලිගේ සේවය අගය කරන්න බ්‍රිතාන්‍ය රජය අවසාන වශයෙන් කටයුතු කළා
 ජයවර්ධන පවුලේ ලාංඡනය

ඊට පසුවත් ඒ පරම්පරාවේ අය රජයේ ඉහළ නිළතල දැරුවා වගේම නීතීඥ, හමුදා සේවය වගේ රටේ පිළිගත් වෘත්තීන්වල නියැලිලා තිබෙනවා. ජයවර්ධන මුදලිගේ පරපුරේ උච්චතම ස්ථානය සටහන් කරන්නේ ජුනියස් රිචඩ් ජයවර්ධන හෙවත් ජේ.ආර්.ජයවර්ධන. 


 ඒ ශ්‍රී ලංකාවේ 10 වෙනි අගමැතිවරයා විදිහටත් පසුව ශ්‍රී ලංකාවේ දෙවෙනි ජනාධිපතිවරයා වගේම පළමුවෙනි විධායක ජනාධිපතිවරයා විදිහටත් පත්වීමෙන්. 

කතාව ලියන්න විස්තර හොයාගත්තේ ආචාර්ය තෙන්නකෝන් විමලානන්දයන් ලියපු උඩරට මහ කැරැල්ල - කාණ්ඩය 3 ග්‍රන්ථයෙනුත්, විශ්‍රාමික විදුහල්පති කේ.එන්.ඩී. චන්ද්‍රසේන මහතා දිවයින පුවත්පතට ලියපු "ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තම්බි මුදලිට තෑගි කළායයි කියන රන් ඔරලෝසුවේ ඇත්ත කතාව" ලිපියෙනුත්, කේ.එම්. ද සිල්වා සහ විලියම් හෝවාර්ඩ් ලියපු J.R. Jayewardene of Sri Lanka: 1906-1956 කෘතියෙන් සහ අන්තර්ජාලයෙන්. 

ප.ලි.: ඊළඟට ඉතිහාසයේ අප්‍රකට කතා තුළින් කියන්න බලාපොරොත්තු වෙන්නේ නායක්කර් පෙළපත උඩරට රාජධානියේ සිහසුන හිමිකරගත්තු හැටි. ඒ ගැනත් ප්‍රශ්න තියෙනවා නම් මේ ගමන්ම අහන්න පුලුවන්. ඒවාටත් සවිස්තර පිළිතුරු ඊළඟ සටහනෙන් සපයන්න ඒක පහසුවක් වේවි

මේ දක්වා ලියපු ඉතිහාසයේ අප්‍රකට කතා මෙන්න

II රාජසිංහ රජුට රූපෙන් සමාන වූ අලුවිහාරේ නිලමේ 

ඕවද වස් කවි මෙන්න මේවනේ නියම වස් කවි

I විමලධර්මසූරිය රජුට කුණුහරුප කී ලන්දේසි අද්මිරාල්

හොඳ හොඳ වස් කවි කී කුංකුණාවේ හාමුදුරුවන්ගේ තවත් කතා කීපයක්

කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා 

රජ කාලේ තිබුණු Inter Disawe Competition for ඉර හඳ කොඩිය

I විමලධර්මසූරිය රජුගේ අනියම් පෘතුගීසී පුත්‍රයා ඇතුළු තවත් අප්‍රකට කතා කීපයක්

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව පාවා දුන් අයට වැදුණු ශාපය ???

රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව

ලංකාවේ අන්තිම රජ්ජුරුවන්ට අන්තිමට මොකද වුණේ ?

ඉංග්‍රීසීන්ට උඩරට දිනා දුන් යටි කූට්ටු මහ මොළකාරයා

132 comments:

  1. මේ ලිපි පෙල ඉතිහාසයෙ නොදත් දේ ගොඩක් කියල දුන්නා....

    ReplyDelete
    Replies
    1. @ ඉන්ද්‍රජිත්

      ස්තුතියි මලයා හැමදාමත් දෙන හයියට. මේ ලිපි පෙළ තවත් කීපයක් මග තියෙනවා. ඒවාත් කියවන්න එන්න.

      Delete
  2. Jayawardhanam>Jayawardhana una kiyala liyanna amathaka unada nethinam amathaka kalada?

    ReplyDelete
    Replies
    1. @ NIlantha

      මම පුලුවන් තරම් උත්සහ කරන්නේ අපක්ෂපාතීව කරුණු දක්වන්න. ජයවර්ධන කියන නම ජයවර්ධනම් කියන එකෙන් ආවා කියන එක මට අමතක වුණෙත් නැහැ මම අමතක කළෙත් නැහැ. මොකද මම එහෙම දන්නේ නැහැ :) ඔයාට ආරාධනා කරනවා ඒ කතාවත් එකතු කරන්න කියලා

      Delete
  3. තවත් ගොඩක් වටින ලිපියක්! ලංකාවේ ඉතිහාසයට සම්බන්ද ගොඩක් නොදත් දේ දැනගත්තා!

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      …ස්තුතියි. නොදන්නා දෙයක් දැනගත්තා නම් ඒක තමා මගේ සතුට :)

      Delete
  4. තවත් නොදන්නා කතාවක් කියා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ..

    ඔහුට තම්බි මුදලි යන නම ලැබුනේ කොහොමද?

    බලාගෙන යනකොට පරම්පරාව පටන් අරන් තියෙන්නෙ ඉන්දියන් හෙට්ටි මිනිහෙකුගෙන්..

    ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. @ හරී

      …මුලින සමාව භජනය කරනවා "තම්බි මුදලි" කියන නම හැදුණු හැටි කියන්න බැරි වුණාට. ඒ ගැනත් දැන් පෝස්ට් එකට එකතු කරලා තියෙන්නේ....

      ".......ඕලන්ද වෙළෙඳ සමාගම යටතේ කන්ද උඩරට දේශ සීමාවල වගේම පසුකාලීන ඉංග්‍රීසින් ගැනත් ඔත්තු බැලීම වගේම සුළු සුළු සටන් කරපු කට්ටියව ඕලන්ද නිලධාරීන් හඳුන්වලා තියෙන්නේ "Tombis" කියන නමින්. අදිරියන් ජයවර්ධනත් මේ Tombis කියන නමින් හඳුන්වපු පිරිසක් භාරව සිටිය නිසා "Tombi Mudaliyar" එහෙමත් නැත්නම් තම්බි මුදලි කියන නමින් හඳුන්වනවා...."

      Delete
  5. හ්ම්ම් පව් අසරණයා . මිනිස්සු අපරාදෙනේ බැන්නේ. ජානගත ගති ගුණ වලට ඒ මනුස්සය මක් කරන්නද

    ReplyDelete
    Replies
    1. +++++

      මම කියන්න හැදුවේ.

      Delete
    2. @ Bindi

      ජානවල වැරැද්ද කියන එක නම් ප්‍රශ්නාර්ථයක් අක්කේ. තම්බි මුදලි කළේ එයාගේ රාජකාරිය. ඒක සාමාන්‍ය මිනිස් සොබාවය...

      Delete
  6. අනර්ඝයි ... මසුරන් වටින ලිපියක් ...

    ReplyDelete
    Replies
    1. @ ශෂී

      …ස්තුතියි ඔබේ මසුරන් වටින ප්‍රතිචාරයට :)

      Delete
  7. ලොක්කා,,දැන්නෙ දන්නේ මේක උඹේ සයිට් එක කියලා,ම්,.,. ගොඩ වෙන්න පරක්කු උනාට සොරි ඈ,., එල එල,.ලාම්බානෙට ව්අටිනවා බන් ,.,අපෙ මල්ලියට ගොඩක්ම හොදයි,., ඉතිහාසෙට

    ReplyDelete
    Replies
    1. @ සුදු මහත්තයා

      සුදු මහත්තයාවත් සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට. මල්ලියට හොඳයි කිව්වා මිනිහා සාපෙද උපෙද ??

      Delete
  8. ඔබේ ලිපියේ අඩංගු තොරතුරුවල මූලාශ්‍ර සඳහන් කිරීම ගැන බෙහෙවින් ස්තුති යි. ඕනෑම ලේඛනයක විශ්වාසනීය භාවය රැඳෙන්නේ එවිට යි.

    මීට වසර 23 කට පමණ ඉහත, ලංකාවේ ඉතිහාසඥයකු වන ආචාර්ය කේ. ඇම්. ද සිල්වා මහතා සහ අමෙරිකානු ලේඛකයකු වූ William Howard Wriggins (1908-2008) විසින් වෙලුම් දෙකකින් යුක්ත ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානය ප්‍රකාශයට පත් කෙරුණා. මෙය මා සතුව ඇතත් කියැවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහෙත් ඔබේ ලිපිය කියැවීමෙන් පසු අද මා එම පොත කියැවීමට පටන් ගත්තා. ඒ පොත සිංහලයට ද පරිවර්තනය කෙරුණා.

    මෙවැනි සාරගර්භ ලිපි තව තවත් ලිවීමට ඔබට ධෛර්යය ලැබේවා යි පතමි.

    ReplyDelete
    Replies
    1. @ විජේසූරිය

      මූලාශ්‍ර සම්බන්ධ ඔබේ අදහසට අතිශයින්ම එකඟයි. ඔබ කිව්ව ජේ.ආර් ජයවර්ධන චරිතාපදානයේ පරිච්ඡේද කීපයක් ගූගල් බුක්ස් හරහා කියෙව්වා. ඒ පොතත් හොයාගන්න උත්සහ කරනවා. බොහොමත්ම ස්තුතියි ඔබේ කරුණු එක් කිරීමට වගේම සුභාශිංසනයට :)

      Delete
  9. අදමයි මේ කරුණු ගැන දැනගත්තේ.
    නියමයි!

    ReplyDelete
    Replies
    1. @ Pramudi

      නොදත් දෙයක් කියාදීමට හැකිවීම සම්බන්ධව බලවත් සතුට :)

      Delete
  10. මේ කරන සේවයට කොහොම ස්තුති කරන්නද? ඔය තම්බිචෙට්ටි කියන අයගෙන් පැවතුන හින්දා වෙන්න ඇති තම්බි මුහන්දිරම් කියන්නේ මම හිතන්නේ. කොහොම උනත් ඔහොම මනුස්සයෙක් කවදාවත් රටේ යහපත හිතන්නේ නෑ. මොකද සිංහල ලේ නෑ නේ.

    ReplyDelete
    Replies
    1. හදවතේ රට ගෑන කෑක්කුමක් තියනවනම්, ඈගේ සින්හල ලේ ම දුවන්න ඔනේ නෑ

      Delete
    2. @ ක්සැන්ඩර් | Xander

      තම්බි මුදලි නම හැදුණු විදිහ මුලින් කියන්න බැරිවුණු එක ගැන සමාව භජනය කරමි. මෙන්න ඒ කතාව

      ".......ඕලන්ද වෙළෙඳ සමාගම යටතේ කන්ද උඩරට දේශ සීමාවල වගේම පසුකාලීන ඉංග්‍රීසින් ගැනත් ඔත්තු බැලීම වගේම සුළු සුළු සටන් කරපු කට්ටියව ඕලන්ද නිලධාරීන් හඳුන්වලා තියෙන්නේ "Tombis" කියන නමින්. අදිරියන් ජයවර්ධනත් මේ Tombis කියන නමින් හඳුන්වපු පිරිසක් භාරව සිටිය නිසා "Tombi Mudaliyar" එහෙමත් නැත්නම් තම්බි මුදලි කියන නමින් හඳුන්වනවා...."

      රට ගැන කැක්කුමක් නැත්තේ සිංහල ලේ නැති නිසා කියන කතාවට යමක් එකතු කරන්නම් අයියා. දේශපාලන විද්‍යාවේ ජාතිකත්වය කියලා සංකල්පයක් උගන්වනවා. ඒකෙදී කියන්නේ අපි කුමන ජාතිකයෙක් වුණත් උදාහරණයක් විදිහට ශ්‍රී ලාංකික, ඇමරිකානු, ජපන්, බ්‍රිතාන්‍ය වුනත් අපිට පුලුවන් ජාතිකත්වය කියන සංකල්පය යටතේ අපි කැමති ජාතිකයෙක් විදිහට පෙනී ඉන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ සමහර මිනිස්සු ඉන්නවා ඇඳුම පැලඳුම කතා බහ කන බොන විදිහ වගේම ආකල්ප ඉංග්‍රීසි ජාතිකයන් වගේ. එතකොට එයාගේ ජාතිකත්වය වෙන්නේ ඉංග්‍රීසි කියන එක.

      ඒ වගේමයි සිංහලයන් නොවුණත් ශ්‍රී ලාංකිකයන් නොවුණත් ලංකාවට උදාර මෙහෙවරක් කරපු ටිබෙට් ජාතික එස්. මහින්ද හාමුදුරුවෝ, ඕල්කට්තුමා වගේ අයත් ඉන්නවා නොවැ

      Delete
    3. @ Anonymous 1

      ඔබේ කතාවට දහස් වාරයක් එකඟයි. ටිබෙට් ජාතික එස්. මහින්ද හාමුදුරුවෝ ඒකට හොඳම නිදර්ශනය

      Delete
  11. ජේ. ආර්. ජයවර්ධන ගැන මේ වගේ කතාවක් අහලා තිබුනත් මෙච්චර දුරට කරණු දැනගෙන හිටියේ නෑ. ගොඩාක් දේවල් දැනගත්තා. හසිතට ගොඩක් ස්තූතියි මේ වගේ නොදන්නා දේවල් බෙදා ගන්නවට.

    රුක්මනී දේවී කියන්නෙත් මෙවැනි පවුලක (හෙට්ටි ) කෙනෙක් බව අහලා තියනවා. ඇත්තද දන්නේ නෑ. ඒ වගේම ඒ මිනිසුන් ලස්සන කොටසක් බවත් අහලා තියනවා. ඒක නම් ඉතින් ඇත්ත වෙන්ට ඇති.:)

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      රුක්මණී දේවි ගැන නම් එහෙම එකක් දන්නේ නැහැ. සමහරවිට එහෙම වෙන්නත් ඇති. මොකද රුක්මණී දේවිගේ ඇත්ත නම් වෙන "ඩේසි රාසමිච් ඩැනියල්ස්" කියන එකේ රාසමිච් කියන කෑල්ලෙන් දෙමළ හුරුවක් එන නිසා. රුක්මණී දේවි ලස්සන වෙන්න තව හේතුවක් වෙන්න ඇත්තේ එයා මිශ්‍ර කෙනෙක් නිසා වෙන්න ඕනේ. එයාගේ අම්මා වුණු හෙලන් රෝස් මම හිතන විදිහට බර්ගර් කෙනෙක්.

      හෙට්ටි මිනිස්සු ගැන කිව්වොත් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේත් හෙට්ටි කෙනෙක්. මේ වගේම ලංකාවේ ඉන්න විවිධ වාර්ගික කොටස් ගැන තියෙන හොඳ පොතක් තියෙනවා "අප නොදන්නා ලාංකිකයෝ" කියලා. ඒක ලියලා තියෙන්නේ ලක්බිමේ පත්තරේ මාධ්‍යවේදියෙක් වෙන නුවන් ගන්කන්ද

      Delete
    2. මමත් ඒක කියවලා තියනවා

      Delete
    3. @ අටර්‍මපහුර

      ලාංකිකයන් වෙන අපි අපේ රටේම ඉන්න සහෝදර ජනතාව ගැණ දැනගෙන ඉන්න එක වටිනවා

      Delete
  12. ගොඩක් වැදගත් ලිපි ටිකක් දිගටම ලියන්න අද තම මේ පැත්තේ ගොඩ වැදුනේ ආයේ එන්නම් කෝ

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තය

      කෝරලේ මහත්තයාගේ සපැමිණීමත් මට ගෞරවයක් :)

      Delete
  13. අද ඉතිහාස කතාවත් මරු.

    ReplyDelete
  14. විවෘත ආර්ථිකය ඒ කාලේ ඉදන් තුබුන ප්ලැන් එකක් වගේ.. ජේ .ආර් ගෙ

    ReplyDelete
    Replies
    1. @ ....ජනියා....

      …ඒක නම් තේරුණේ නැහැ පුතා :(

      Delete
  15. හසිතගේ ලිපි පෙල ගොඩක් වැදගත් වෙන්නෙ කාලීන සමාජීය ආර්ථික සංවාද ගැන සලකලා බලද්දි..
    සමහර පාලකයන්ගේ හා ඔවුන්ගේ ගෝල බාලයින්ගේ හැසිරීම් ගැන ආපහු හිතද්දි මේ වගේ කරුණු ගොඩක් වැදගත් වෙනවා..

    ගොඩක් ස්තුතියි..දිගටම ලියන්න සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. @ රූ....

      ඒක ඇත්ත අක්කේ. ඉතිහාස සිද්ධි නැවත නැවත වෙනවා. ඒක හුඟක් අයට තේරුම් ගන්න බැරි එක තමා ගැටලුව. මම කාලෙකට කලින් ලියපු "w3Lanka, Lanka e news, මහානාම හාමුදුරුවෝ සහ අසරණ වූ සරණ, ගොඩගිය ඵුස්සදේව" කතාවෙත් තියෙන්නේ එහෙම එකක් තමා :D

      http://aagiyakatha.blogspot.com/2011/12/w3lanka-lanka-e-news.html

      Delete
  16. වටිනා ලිපියක්.... ජේ.ආර් ගේ පරපුරම බලනකොට ජාති ද්‍රෝහියෝ, ..... මේ වගෙම තව සුප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ විස්තර ලියන්න.... ඔබට ජය...

    ReplyDelete
    Replies
    1. @ Kushi

      ජේ.ආර්. පරපුර ජාති ද්‍රෝහීද කියන එක ගැටළුවක්.

      මුහුදු බඩ පළාත් වසර ගාණක ඉදන්ම විදේශිකයන්ගේ යටතේ තිබුණු නිසා ඒ ප්‍රදේශවල දෙවෙනි තුන්වෙනි පරම්පරාවල දරුවන්ට ජාතිය ගැන හැඟීමක් තිබුණේ නැහැ කියලා හිතන්න පුලුවන්. ඒක ඒ පරම්පරාවල වැරැද්දක් විතරමද ????

      …අනික ඒ තත්වය හොඳටම පැහැදිලියි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගත්තු වෙලාවේ බණ්ඩාරනායක මුදලි කියන කතාවෙන්

      "......අවසාන පැය දක්වා ඔබේ මිනිසුන් මේ රජුට පියෙකුට මෙන්, දෙවි කෙනෙකුට මෙන් ගරු බුහුමන් දැක්වූවා. අපේ වර්ගයා නම් බොහෝ කලකට පෙර විදේශ ආධිපත්‍යයට යටත් වූ නිසා අපි රජුට එවන් ගෞරවයක් පෙන්වූයේ නැහැ"

      Delete
  17. වටිනාකම කියලා නිම කරන්න බෑ හසිතයියේ..
    මේක දැනගත්තෙත් මං අදමයි..
    ස්තූතියි ලිපියට..

    ReplyDelete
    Replies
    1. @ තරියා අබේ

      ඔන්න සෙල්ලම් නෙමේ. වටිනා කියන දේවල් තමා ඔයාලට දීලා තියෙන්නේ :D

      Delete
  18. හසිත මේකරනේ අමිලවූ සමාජ සත්කාරයක්

    ReplyDelete
    Replies
    1. @ Mee Godayaa, ක්සැන්ඩර් | Xander

      ඔබ දෙදෙනාටම ස්තුතියි. ඒ අමිල සමාජ සත්කාරය ඉදිරියට කරන්න ප්‍රතිචාරවලින් ශක්තිය දෙන්නේ ඔයාලා හැමෝම තමා

      Delete
  19. නියම ලිපිය..
    බලනකොට ජේ.ආර්ට තිබිල තියෙන්නේ පරම්පරාවෙ වැ‍රැද්දක්..!!!!

    ReplyDelete
    Replies
    1. @ චතුරංග කසුන්

      …ජේ.ආර්ට තිබුනේ පරම්පරාවේ වැරැද්දක්ද කියන එක මම Kushi ට දීපු පිළිතුරේ තියෙනවා. ඒක පොඩ්ඩක් කියවන්න

      Delete
  20. ඔය හෙට්ටි මිනිස්සු තීක්ශණ බුද්ධියක් තියන මිනිස්සු ඔන්න දැන් ජේ.ආර් පරපුරට අයත් දේපල තාමත් මාදම්පේ ප්‍රදේශයේ තියනවා විශාල පොල් වතු එහෙම.
    දැන් කස්ටිය ජේ.ආර්ට බනින්න අරගෙන ඒ පාර, ඒ කෙනාගෙන් රටට යම් සේවයක් උනේ නෑ කියන්නත් බෑ නේ,හසිත ඔන්න ඔහේ අනික් පවුල් ගැනත් ලියන්න මේ පරම්පරාව විතරක් නෙමේ

    ReplyDelete
    Replies
    1. @ ItalyDilan

      හෙට්ටි මිනිස්සුන්ගේ මීටරේ ගැන උදාහරණයක් තමා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ. මේ වගේ තවත් ලංකාවේ ඉන්න විවිධ ජන වර්ග ගැන හොඳ පොතක් තියෙනවා "අප නොදන්නා ලාංකිකයෝ" කියලා. ලියලා තියෙන්නේ ලක්බිම පත්තරේ මාධ්‍යවේදියෙක් වෙන නුවන් ගන්කන්ද....

      ජේ.ආර් ගේ පරම්පරාවට බනින්න නෙමේ මේ කතාව ලිව්වේ. ඒත් දැන් වෙන්නේ ඒක තමා. තම්බි මුදලි කළේ මනුස්සයාගේ රාජකාරිය. ජේ.ආර් රටට මොකුත් කලේ නැහැම කියන්නත් බැහැ තමා. අනික් පරම්පරා ගැනත් ලියන්න අදහසක් තියෙනවා. බලමුකෝ කරුණු සොයමින් පවතින්නේ

      Delete
  21. Replies
    1. @ Tiraj Adikari

      පැමිණි ඔබටත් තුති :)

      Delete
  22. ඓතිහාසික කතාව වගේම මේ ඓතිහාසික පෝස්‍ට් එකත් නියමයි. මමත් ජේ ආර් ජයවර්ධනගේ සාමාන්‍ය තොරතුරු නම් දැනගෙන හිටියා. ඔහු ඇතුළු පවුලේ අය උසස් නිලතල දැරූවග

    ඒත් ඔහුගේ පරම්පරාවේ වගතුග දැනගත්තේ මේ ලිපිය නිසා.මේක වැදගත් ලිපි මාලාවක්.

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      ස්තුතියි ඔබේ ප්‍රතිචාරයටත්. මේ හා සමානව ඉතිහාසයක් බණ්ඩාරනායක පරපුරටත් තියෙනවා

      Delete
  23. මොකද හසිත අයියේ වෙලා තිබුනෙ??දැක්කෙම නැහැ පෝස්ටුවක් මේ ටිකේ..කොහොම උනත් හරි අගෙයි! ජය!

    ReplyDelete
    Replies
    1. @ හිරුහිමාවී

      ලොකු වැඩක යෙදිලා හිටියා නොවැ "කම්මැලිකම" කියලා. දැන් නම් ඒක ටිකක් අඩුයි :) ස්තුතියි මටක් කළාට

      Delete
  24. වෙනදා වගේම දන්නෙ නැති දෙයක්ම තමා :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. @ අඩවි රජ

      තැන්කු තැන්කු රජෝ :)

      Delete
  25. බොහොම වැදගත් ලිපියක් , හැබැයි ඒක අල්ලගෙන ජේ.ආර්ට බැනල මෝඩ ආතල් එකක් ගන්න උන්ට කියන්න තියෙන්නේ ජේ.ආර් නොහිටියා නම් තොපි ගොඩ දෙනෙක් බ්ලොග් ලියනවා තියා තාම අන්තර්ජාලේ දැකලවත් නැ , වැඩිහරියක් උන් සිරිමාගේ කාලේ පුරුදු කරපු විදිහට තාම බතලයි මය්යොක්කයි හිටවනවා !

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. @ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

      බුවාගේ කතාවට එකඟයි. හැම මනුස්සයාගේම හොඳ වගේම නරකත් තියෙනවා. ජේ.ආර් පරම්පරාව අල්ලාගෙන බනින අය බුවා කියන ටිකත් මතක් කරගත්තොත් වටිනවා

      Delete
  26. ජේ ආර් ජනාධිපතිතුමාගේ පරම්පරාව ගැන නොදත් කරුණු රාශියක් දැන ගත්තා. ඇත්තටම වටින ලිපියක්. එතුමාගේ පරපුර විතරක් නොවේ මම අහලා තියන විදියට රට පාලනය කරපු අතිත් දේශපාලන පරම්පරා ගණනාවකම ඉතිහාසයේ මේ වගේ අප්‍රකට දේවල් තියනවා..

    ReplyDelete
    Replies
    1. @ තොටියා

      ඔව් ඔබ හරි. බණ්ඩාරනායක පවුලටත් මේ හා සමගාමීව ඉතිහාසයක් තියෙනවා. ඒ වගේමයි සේනානායක පවුලත් පැරණි පවුලක්. ජයවර්ධන, සේනානායක පවුල් එක්ක කොතලාවල, විජේවර්ධන පවුල් ඥාති සබඳතාවලින් බැඳිලා තියෙන්නේ...

      Delete
  27. බලන් යනකොට ජේ.ආර්. ඉන්දියාවට නෑකම් කියන්නෙක්නෙ.
    තවත් ඔයවගේ තොරතුරු ලියන්න හසිත...අපිආසාවෙන් කියවන්නෙ.

    ReplyDelete
    Replies
    1. @ වීපොකුර

      ඔව් ලංකාවේ හුඟක් අයගේ මූලයන් ඉන්දියාවත් එක්ක සම්බන්ධයි. තවත් මේ වගේ ලිපි කීපයක්ම ලියවේවි.

      Delete
  28. මේ පෝස්ට් එකේ ගොඩක් දේවල් ඇත්ත. හැබැයි ගොඩක් අය මේ පෝස්ට් එකේ කමෙන්ට් කරලා තියෙන්නේ මුත්තා වගේම ජේ.ආරුත් රට සුද්දාට පාවා දුන්නා කියලා. හැබැයි ජයවර්දන වගේම එතන දොන් විලියම් ඒඩ්‍රියන් ඩයස් බණ්ඩාරනායකත් හිටියා. දොන් විලියම් ඒඩ්‍රියන් ඩයස් බණ්ඩාරනායක කියන්නේ එස්.ඩබ්ලිවු.ආර්.ඩී බණ්ඩාරනායකගේ මී මුත්තා බව.

    මෙතන තම්බි මුදලාලි යැයි හදුන්වා දී ඇතත් මට මතක විදියට නිවැරදි නම තොම්බි මුදලාලීය. තොම්බි යනු ඉන්ග්‍රීසි ආණ්ඩුව දුන් ගරු නාමයකි. පසු කාලීනව තම්බි යනුවෙන් එය ව්‍යවහාර වී ඇත. ඔය තම්බි මුදලාලී කියන වචනය අල්ලාගෙන ජේ.ආර්ට හම්බයා යැයි අපහාස කල අයුරු ඉතිහාසයේ ලියවී ඇත. වැඩි දුර තොරතුරු සොයාගෙන පවසන්නම්.

    ReplyDelete
    Replies
    1. @ erangasandaruwan

      ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලන්න ගිය බණ්ඩාරනායක මුදලි ගැන මම මේ ලිපියෙන් කතා කරලා තියෙනවා.

      …http://aagiyakatha.blogspot.com/2012/07/09.html

      තම්බි මුදලි කියන නම හැදුණු ආකාරය ගැන ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ දක්වන්නේ මේ විදිහට

      ".......ඕලන්ද වෙළෙඳ සමාගම යටතේ කන්ද උඩරට දේශ සීමාවල වගේම පසුකාලීන ඉංග්‍රීසින් ගැනත් ඔත්තු බැලීම වගේම සුළු සුළු සටන් කරපු කට්ටියව ඕලන්ද නිලධාරීන් හඳුන්වලා තියෙන්නේ "Tombis" කියන නමින්. අදිරියන් ජයවර්ධනත් මේ Tombis කියන නමින් හඳුන්වපු පිරිසක් භාරව සිටිය නිසා "Tombi Mudaliyar" එහෙමත් නැත්නම් තම්බි මුදලි කියන නමින් හඳුන්වනවා...."

      ජේ.ආර්ට හම්බයා කියලා අපහාස එල්ල වීම හුඟක් සිද්ධවෙන්නේ මට මතක විදිහට අගනුවර විදිහට ශ්‍රී ජයවර්ධනපුරය නම් කිරීමත් එක්ක. ඔබේ කරුණුත් ඉදිරියේදී මේකට එක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ස්තුතියි එකතු වුණාට

      Delete
    2. නැ යාළු මුස්ලිම් සම්භවයක් කොතනක හරි තියනවා

      Delete
    3. @ අටර්‍මපහුර

      ඔබේ කතාව මම කියවමින් ඉන්නේ............

      Delete
  29. ස්තුති කරන්න වචන නැහැ. එ පරපුර ගැන ඇත්තටම කේන්තියක් ඇති වෙන්නේ. ඔවුන් මේ රටේම පිරිසක් වුනානම් රජු බලයෙන් පහ කරන්න උත්සහ කලත් රටේ දේපල පිට කරන්න දෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අපේ රටට ආදරේ කරපු පාලකයෝ එදා කාලේ ඉදලම ඉදලා නෑ වගේ අසරනයෝ ඒකනේ අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ

      Delete
    2. @ අසරණයා

      රජතුමාගේ සඟවපු වස්තුව හොයපු එක තම්බි මුදලිට පැවරුණු රාජකාරිය. එයා ඒක හොඳින් ඉටු කළා. ඒක එංගලන්තයට යවලා වෙන්දේසි කරලා මුදල් උපයා ගත්තේ ඉංග්‍රීසී ආණ්ඩුව. ඒකට තම්බි මුදලි වැරදිකාරයෙක්ද ???

      Delete
    3. @ ItalyDilan

      එහෙමමත් නෙමේ. රටට ආදරය කරපු නායකයෝ ඉදලා තියෙන්නේ ස්වල්පයයි. වින කරන අය ගොඩා....යි. ඒක නිසා හොඳ කරපු අයගේ හොඳත් අබිබවලා වින කරන අයගේ විනේ පැතිරෙනවා :(

      Delete
    4. @ හසිත

      මචං මට ඒ දේ දැන් තේරුනා කලින් දාපු පිළිතුරු කමෙන්ට් වලින්. ඔහු ඔහුගේ රාජකාරිය හරියට සිදු කරලා තියෙනවා.

      Delete
    5. @ අසරණයා

      හැබැයි රාජකාරිය තමන් හරිහැටි කරලත් තමන්ට සුද්දා හරියට සැලකුවේ නැහැ කියලා අසන්තෝසෙකුත් තම්බි මුදලිගේ හිතේ තිබිලා තියෙනවා

      Delete
  30. අදත් වැදගත් තොරතුරු ටිකක් හසිත මලයා..

    ReplyDelete
  31. ඉස්තරම්! යන්තන් සීයනම් මිනි වලට හෙන ගහන්නෙ නැති වෙන්න අකුනු සන්නායක තියෙනෙ පල්ලියක මිනිය වල දාගෙන්.. මුනුබුරා ගැනනම්.. අනේ මන්දා..

    ReplyDelete
    Replies
    1. @ Anonymous 2

      මුණුබුරා කරපු හොඳක් ඇත්තේම නැද්ද කියන එක හිතලා බලන්න ඕනේ දෙයක්

      Delete
    2. ඒක ඇත්ත හසිත

      Delete
  32. සුපුරුදු පරිදි විශිෂ්ටයි. හැම පරම්පරාවක් ගැනම ලියන එකනම් ?? :D ..

    මාත් මේ අහන්න හැදුවේ, හෙට්ටි ප්‍රභවයක් ඇති කෙනෙකුට තම්බි පට්ටමක් ලැබුනේ කොහොමද කියලා.. එරංග සඳරුවන්ගේ කමෙන්ටුවෙන් ඒක පැහැදිලි වුනා.

    ReplyDelete
    Replies
    1. @ රාමා

      හැම පරම්පරාවක් ගැනම ලියන එක නම් ගැටළුවක් තමා. කොහොම නමුත් බණ්ඩාරනායක පරපුර ගැනත් ලියන්න අදහසක් තියෙනවා. ඒත් කරුණු ලැබෙන විදිහට තමා.

      තම්බි මුදලි කියන නම හැදුණු හැටි ගැන ජේ.ආර් ජයවර්ධන චරිතාපදානයේ තියෙන්නේ නම් මෙහෙමයි

      ".......ඕලන්ද වෙළෙඳ සමාගම යටතේ කන්ද උඩරට දේශ සීමාවල වගේම පසුකාලීන ඉංග්‍රීසින් ගැනත් ඔත්තු බැලීම වගේම සුළු සුළු සටන් කරපු කට්ටියව ඕලන්ද නිලධාරීන් හඳුන්වලා තියෙන්නේ "Tombis" කියන නමින්. අදිරියන් ජයවර්ධනත් මේ Tombis කියන නමින් හඳුන්වපු පිරිසක් භාරව සිටිය නිසා "Tombi Mudaliyar" එහෙමත් නැත්නම් තම්බි මුදලි කියන නමින් හඳුන්වනවා...."

      Delete
  33. Thanks for another informative post, Hasitha.

    We all love to hate JR for the open economy, his ruthlessness to political foes, short-sightedness regarding the ethnic problem and weakness when signing the Indo Lanka accord.

    But the man was an erudite scholar. He also won considerable goodwill for the country and Japan's eternal friendship with his speech at the San Francico conference after WW 2, by refusing to accept reparations on behalf of Sri Lanka.

    "We do not intend to do so for we believe in the words of the Great Teacher [Buddha] whose message has ennobled the lives of countless millions in Asia, that 'hatred ceases not by hatred but by love."

    He also said "We extend to Japan the hand of friendship and trust that with the closing of this chapter in the history of man, the last page of which we write today, and with the beginning of the new one, the first page of which we dictate tomorrow, her people and ours may march together to enjoy the full dignity of human life in peace and prosperity".

    I've heard that there were tears of gratitude from the Japanese delegates. His eloquence was met with applaue, praise and media acclaim. The New York Times said afterwards that "The ablest Asian spokesman at the Conference was Ceylon's Finance Minister J. R. Jayewardene".

    Looks like his problem was the hunger for power, probably inherited.

    ReplyDelete
    Replies
    1. Oops!That comment was rather long.

      But also must say that his son Ravi was instrumental in starting the STF, and I've heard that his grandson is a committed conservationist of the Sri Lankan leopard.

      Delete
    2. Thanks Shammi. This is a beautiful comment.

      Hatred does not cease by hatred, but only by love; this is the eternal rule.

      You will not be punished for your anger, your will be punished by your anger.

      Delete
    3. Agreed with other factors , but I simple can not understand why most of sri lankans hates JR for open economy while enjoying all the benefits of it . China & India who are considered as the economic super powers of the 21st century got the boom by economic reforms in 70s and 90 s respectively . Comparison economic figures of Sri Lanka & India from 77 to 1993 will show the difference

      P.S- india follows closed economic policy for decades until historic reforms of 90s

      Delete
    4. Podi, Just repeating what JR said that the Buddha said :)

      Anonymous, I think the reason is that we use JR as a convenient scapegoat for all the subsequent ills that plague our society.
      We'd rather blame JR for bringing us to temptation, than acknowledge that we allowed the deterioration of our values due to greed.

      Delete
    5. @ shammi

      ජේ.ආර් ජයවර්ධන සම්බන්ධව ඔබේ අදහසට මාත් එකඟයි. ජේ.ආර් ජපානය වෙනුවෙන් කළ මෙහෙය ස්මරණය වෙන්න තමා ජපනයේ කමකුරා බුදු පිළිමය පිහිටි විහාරයේ ජේ.ආර් ජයවර්ධන මහතාගේ උඩුකය රුව සහිත සමරු ඵලකයක් පවා ඔවුන් ඉදි කරලා තියෙන්නේ.

      මේ තියෙන්නේ ඒ ස්ථානයට ගිය අපේ කැම්පස් එකේ මහාචාර්ය පැට්‍රික් රත්නායක කරන විස්තරයක්...

      http://www.youtube.com/watch?v=are3D0TEaig

      ඒ වගේම ආර්ථිකය සම්බන්ධ කරුණු පැහැදිලි කිරීමටත් ස්තුතියි

      Delete
    6. @ Anonymous 3

      ඔබේ ගැටලුවලට පිළිතුරු ෂම්මිගේ පිළිතුරෙන් ලැබෙන්න ඇති කියලා හිතනවා

      Delete
  34. තම්බි මුදලි කියන්නෙ මුස්ලිම් ආභාශයක් තියෙනවද

    ReplyDelete
    Replies
    1. @ පිණිබිඳු...

      තම්බි මුදලි කියන නම හැදුණු හැටි මුලින් කියන්න බැරි වුනාට සමාව භජනය කරන්න. මෙන්න ඒකට හේතුව

      …".......ඕලන්ද වෙළෙඳ සමාගම යටතේ කන්ද උඩරට දේශ සීමාවල වගේම පසුකාලීන ඉංග්‍රීසින් ගැනත් ඔත්තු බැලීම වගේම සුළු සුළු සටන් කරපු කට්ටියව ඕලන්ද නිලධාරීන් හඳුන්වලා තියෙන්නේ "Tombis" කියන නමින්. අදිරියන් ජයවර්ධනත් මේ Tombis කියන නමින් හඳුන්වපු පිරිසක් භාරව සිටිය නිසා "Tombi Mudaliyar" එහෙමත් නැත්නම් තම්බි මුදලි කියන නමින් හඳුන්වනවා....

      Delete
  35. බොහොම ස්තුතියි හසිත සහෝට මේ ඉතිහාස ගවේශණයට...!

    ReplyDelete
    Replies
    1. @ Chathuranga Perera

      ස්තුතියි ඔබටත් ලබාදෙන සවියට :)

      Delete
  36. ෂා.එළ ඈ...තව දන්නෙ නැති දේවලල් ඉගන ගත්තා..

    ReplyDelete
    Replies
    1. @ තරුවා

      තවත් නොදන්නා දේවල් කියාදෙන්නයි බලාපොරොත්තුව

      Delete
  37. තම්බි මුදලිගේ කොන්ද නම් හරිම නම්‍යශීලියි වගේ නේද? හොඳ විස්තර ටිකක්. ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      ඒක ඉතින් සාමාන්‍ය මිනිස් සොබාවය නොවැ :)

      Delete
  38. ඔය විජේවර්ධන පවුලට කුරුණෑගල පැත්තේ ලොකු සම්බන්ධයකුත් තියනවාලු,මොකද එහෙ ඉඩම් ගොඩක් ඔය විජේවර්ධන වලව්වේ ඒවා,උපාලි විජේවර්ධන,D R විජේවර්ධන කියන අයත් ඔය පවුලේම අය නිසා එයාල ගැනත් අපි නොදන්නා දේවල් ටිකක් ලිවනම් හොදයි,මේ දවස් වල අන්තර් ජලයේ උපාලි ව්ජෙවර්ධන කියන ලංකාවෙන් බිහි උන ලෝකයේ ධනවත්ම මිනිසුන් අතර සිටි මිනිසා පිළිබද එක එක කතා පතිරෙනවනේ.

    ReplyDelete
    Replies
    1. @ රනා

      විජේවර්ධන පරපරාවත් ලංකාවේ බොහොම පැරණි පරම්පරාවක්. මහනුවර රාජධානි සමයේ ඉදන්ම ඒ පරම්පරාවත් පැවැත එනවාලු.

      විජේවර්ධනලා ජයවර්ධනලා එක්ක එකතු වෙන්නේ තුඩුගලගේ මුහන්දිරම් දොන් පිලිප් විජේවර්ධනගේ දුව වුණු ඇග්නස් හෙලන් දොන් පිලිප් විජේවර්ධනව ඊ.ඩබ්. ජයවර්ධන විවාහ කරගත්තු එකෙන්. ඒ දෙපළගේ පුතා තමා ජේ.ආර්. ජයවර්ධන.

      තුඩුගලගේ මුහන්දිරම් දොන් පිලිප් විජේවර්ධනගේ පුතෙක් වුණු දොන් වෝල්ටර් විජේවර්ධනගේ පුතා තමා උපාලි විජේවර්ධන.

      තුඩුගලගේ මුහන්දිරම් දොන් පිලිප් විජේවර්ධනගේ තවත් පුතෙක් තමා ඩී.ආර්. විජේවර්ධන. එයාගේ දුව වුණු නාලනී විජේවර්ධන විවාහ කරගන්නේ එස්මන්ඩ් වික්‍රමසිංහ. ඒ දෙපළගේ පුතා තමා රනිල් වික්‍රමසිංහ

      බලමුකෝ විජේවර්ධනලා ගැනත් යමක් ලියන්න. ස්තුතියි යෝජනාවට :)

      Delete
  39. ජේ.ආර් විතරක් නෙවී පාර්ලිමේන්තුවේ බහුතරයක් ඔය වගේ වැඩ කරපු අය තමා.. මම වික්ටර් අයිවන්ගේ කදුලු සලන පාරාදීසය පොතෙත් ඔය කේස් එක දැක්කා..

    ReplyDelete
    Replies
    1. @ Ruwan

      වික්ටර් අයිවන්ගේ ඒ පොත හැරුනාම "අර්බුදයක අන්දරය" පොත ඒ වගේම බණ්ඩාරනායකවරුන්ගේ පරපුර ගැන තියෙන පොත [මට නම මතක නැහැ] මේ වගේ කතා පුවත් රැසක් කතා කරනවා

      Delete
  40. නොදත් බොහෝ දේ දැනගතිමි. ගොඩක් ස්තුතියි අයියා

    ReplyDelete
    Replies
    1. @ කසුන්

      නොදත් දෙයක් කියාදීමට් හැකිවීම සම්බන්ධව සතුටු වෙමි :)

      Delete
  41. නොදැනම හිටි කතාවක් හසිත...බොහොම ස්තූතියි..

    මම හිතන්නෙ ඔය එකම කෙනාද කොහෙද නැවත නැවතත් ඉපදෙන්නෙ.. :-) තව දෙතුන් පාරක් ආවොත් ලංකාව කම්මුතුයි.. කියන්නෙ ඉවරෙටම ඉවරයි..

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      එකම කෙනාද කියන එක නම් කියන්න දන්නේ නැහැ. හැබැයි ඒ පුද්ගලයා ඒ කාලයට ගැලපෙන වගේම තමන්ට ගැලපෙන දේ කරන බව නම් පේනවා

      Delete
  42. This is an excellent site ! i really like history and specially the Kandian Era. i have read a lot of books about this time. Really happy to find this site !!!

    ReplyDelete
    Replies
    1. @ Chamara

      ඔබ විශේෂයෙන්ම මහනුවර රාජධානිය ආශ්‍රිත ඉතිහාසයට ඇලුම් කිරීම ගැන සතුටුයි. ඉතිහාසයේ අප්‍රකට කතා ලිපි මාලාවේ මේ දක්වා ලියවුණු ලිපි 11 පුරාවටම කතා කරලා තියෙන්න මහනුවර සම්බන්ධ ඉතිහාස තොරතුරු. ඉදිරීයේදීත් ඒ ගැන ලිපි ලියවේවි. රැඳී සිටින්න

      Delete
    2. පුලුවන්නම් හොයාගෙන කියවන්න 'කන්ද උඩරට සටන්' කියල Translation එකක් තියෙනවා. ලියල තියෙන්නේ සුද්දෙක්. කියවන්න වටිනා පොතක්. උඩරට යටත් කරගන්න කලින් සහ 1818 කැරැල්ල දක්වා පැහැදිලි විස්තර තියෙනවා.

      Delete
    3. @ චාමර

      ස්තුතියි ඔත්තුවක් දුන්නාට. මම 1818 කැරැල්ල ගැන හුඟක් තොරතුරු හොයාගත්තෙ ආචාර්ය තෙන්නකෝන් විමලානන්දයන් ලියපු "උඩරට මහ කැරැල්ල" පොතෙන්. මේ පොත ගැනත් හොයා බලන්නම්. මේ පොතේ පරිවර්තකයා හරි ප්‍රකාශකයා හරි ගැන මොකුත් දන්නවාද ??

      Delete
    4. මෙන්න ලින්ක් එක

      http://books.lk/product.php?productid=40324

      Additional Information
      Author Geoffrey Powell
      Publisher Sooriya Publishers
      Published Date 2009
      ISBN-13 9789556561203

      Delete
    5. @ චාමර

      ස්තුතියි විස්තරේට. මේ පාර බුක් ෆෙයාර් එකෙන් ගන්න ඉන්න පොත් ලිස්ට එකට මේකත් දාගත්තා :)

      Delete
  43. විශිෂ්ඨයි, අති විශිෂ්ටයි, ඉතිහාසය තරම් රසවත් කතාන්තරයක් ඇත්තෙත් නැහැ ඇතිවෙන්නෙත් නැහැ. (ඒ නිසා තමයි මේ දවස්වල ඉතිහාස කතා චිත්‍රපටි වලට නැංවීම වේගවත් වෙලා තියෙන්නේ) ඔබ කරන්නේ අති විශාල පාඨක පිරිසකට මහාර්ඝ සම්පතක් ලබාදීමයි. දිගටම ලියන්න. ඔබේ මාධ්‍යරූප යෙදීමත් විශිෂ්ඨයි. ජයවේවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. @ විචාරක Wicharaka

      ස්තුතියි ඔබේ ප්‍රතිචාරයටත්. ඉතිහාස කතා චිත්‍රපටියට නැගීම වේගවත්ව සිදුවුනත් ඒවා ඉතිහාසයට සාධාරණයක් කරනවාද කියන එක නම් ලොකු ගැටලුවක්.

      Delete
  44. නොදන්න දේවල් ගොඩාක් දැන ගත්තා සහෝදරයා... ඔබේ වෑයමට ජය!

    ReplyDelete
    Replies
    1. @ සිරාගේ කාමරේ

      මගේ වෑයටම නිතැතින්ම දිරියක් වෙන්නේ ඔබ සැම දෙනාගේම ප්‍රතිචාර. ස්තුතියි ඒකට :)

      Delete
  45. හසිත මට අපැහැදිලි තැනක් තියනවා

    චුට්ටක් මේ ගැන අවධානය යොමු කරන්න

    මගේ අම්මගේ තාත්තාට දැන් අවුරැදු 90 ගානක් වෙනවා

    දැනට දැඩිලෙස ගිලන්ව ඉන්නේ

    ඒ නිසා මේ මතකය අළුත් කරගන්න විදිහක් නැ

    ආතා වැඩ කරලා රජයේ වැඩ දෙපාර්තමෙන්තූවේ

    කම්කරැවෙක් විදිහට එකතූවෙලා කිමිදුම් කරැවෙක් විදිහට පැන්ෂන් ගිහිල්ලා

    ආතාගේ ගූරැන්නාන්සේ තමයි සීකූදුමරික්කාර්

    k'g ගුණරත්ත වන ආතාට සිකුදුමරික්කාර් කතාකරලා තියෙන්නේ යකාමල්ලි කියලා

    සිකුදුමරික්කාර්ගේ පවුල ජිවත්වෙලා තියෙන්නේ මඩකලපුවේ

    මත් පැන් නොබොන දිනකට පස් වතාවක් ආගම සිහිකරන මුස්ලිම් බැතිමතෙකු උනත් ආතා ඒ නිවසට ගිය දිනවලදි තමන්ගේ පුතාව ඇරලා අරක්කූ ගෙනත්දෙනවාලු ආතාට

    දරැවන් හතරක් හරි පහක් හරි ඉදලා තියනවා

    ආතා සහ සිකුදුමරික්කාර් අනර ලොකු යාළුකමක් තිබිලා තියනවා

    බර යකඩ ඇදුමක් ඇදගෙන(හො නොමැතිව) කිමිදෙන විට දෙන්නාගේ ජිවිත අවදානම හැම විටම දෙන්නා බෙදා ගත්තාලු.

    දෙමළ ඉන්ජිනේරැවන් සමග නිතරම රංඩු කරන සිකුදුමරික්කාර් සිංහල උච්චාරණය කරලා තියෙන්නේ නුහුරට

    දවසක් කොළඹ යන්ඩ කියලා දවස් දෙකක නිවාඩු ගත්ත සිකුදුමරික්කාර් කරන්ඩ තියන වැඩ ගැන ආතාව දැනුවත් කරලා ඉවර වෙලා , මෙහෙම කියුවාලු

    !! යපි යද කොළඹ ගිල්ලා යෙන කොට යේක යකා මල්ලිගේ පඩිය යෙකයි පනාකින් වෙඩී කොරලා යේක යුසස් විම තමා අදා ගෙන යෙනවා !!

    !! අයියා බම්බු ගහයි !!

    !! උම්බ එම වේලේම යෙක බම්බුගානවා තමා කියනවා ,ඒ මෝඩයා ‍යකා මල්ලි දෙන් යපිලගේ අයියාගේ පුතා යේක ඇමති තමා උනා,මම දෙන් යෙන්නේ ඒ තමා යේක උම්බට ඉන්ජිනියර් කරදර තමා කොරනවා කීලා කීන්ඩ තමා යෙන්නේ !!

    අපේ ආතාට ලැබිය යුතූ උසස් වීමට කටුව ගහලලු තිබ්බේ ඒ දවස්වල දෙමළ ඉංජිනේරැවා.

    ඒ දවස් වල තමයි ජේ ආර් ජයවර්ධන පළමුවරට ඇමති වරයෙක් විදිහට පත්වෙලා තියෙන්නේ , මට මතක විදිහට මුදල් ඇමතිද කොහෙද

    දවස් තූනකට පස්සේ සිකූදුමරික්කාර් උසස් වීමක් සමග රැපියල් එකයි පනහකින් පඩිවැඩි කිරිමට නිර්දේෂ කරපු ලිපියක පිටපතක් ගෙනත් දුන්නලු ආතාගේ අතට . අදාල ඉන්ජිනේරැවාට දෙන්න කියලා.

    මාස දෙකකට පස්සේ සැහෙන කාලයක් නොලැබුන අදාල පඩිය සමග උසස් වීම ලැබුනලු

    අපේ ආතාට නයි ඇරිමට කිසිදු හේතූවක් නොමැත
    ගමේ හැමෝගෙම ආදරය ලබන, ලැබූ වැඩීහිටියෙකි

    එහෙම හිතන කොට මේක අවුල් සහගතයි නේද

    ReplyDelete
    Replies
    1. @ අටර්‍මපහුර

      මේ කතාවට මම දන්නා විදිහට පිළිතුරු සපයන්නම් අයියේ. මම උත්තරේ දෙන්න මෙතනින් පටන් ගන්නම්.

      "දෙන් යපිලගේ අයියාගේ පුතා යේක ඇමති තමා උනා"

      මේකත් එක්ක බලද්දී සීකුදුමරික්කාර් කියන්නේ ජේ.ආර් ජයවර්ධනගේ පියාගේ බාල සොහොයුරෙක්. තව විදිහකට කිව්වොත් බාප්පා කෙනෙක්.

      ජේ.ආර් ගේ තාත්තා තමා ඊ.ඩබ්. ජයවර්ධන. එයාගේ තාත්තා තමා ජේම්ස් ඇල්ෆ්‍රඩ් විජේසිංහ ජයවර්ධන. දොන් ඒබ්‍රහම් විජේසිංහ ජයවර්ධනගේ පලවෙනි බිරිඳගේ දරුවෙක් තමා මේ ඇල්ෆ්‍රඩ් විජේසිංහ ජයවර්ධන.

      ඔහුගේ දරුවන් තමා ජේ.ආර්ගේ තාත්තා වුණු ඊ.ඩබ්. ජයවර්ධන, හෙක්ටර් ඇල්ෆ්‍රඩ් විජේසිංහ ජයවර්ධන, කර්නල් ටී.ජී. ජයවර්ධන, ජෝන් අද්‍රියන් විජේසිංහ ජයවර්ධන, සෙක්ටස් විජේසිංහ ජයවර්ධන, ඇග්නස් බියට්‍රිස් ජයවර්ධන, කොරනේලියා ජයවර්ධන, ජේන් මැටිල්ඩා ජයවර්ධන කියන අය.

      ඉතින් ඔයාලගේ ආතා කියන කතාව වුණු විදිහට තමා ප්‍රශ්නේ ???

      Delete
  46. අද ජීවතූන් අතර නොසිටින ආච්චි අම්මාද මාසමග ආතාගේ පඩි වැඩි උන ආකාරය ගැන කියා ඇත.

    ඇත්ත සගවා දැමීම

    ලියන අයට අතපසුවීම

    අවශ්‍ය ආකාරයට මුදල්දී ලියවිම

    ලියන්නං විසින් හිතා මතා අත හැර දැමීම නිසා

    මුස්ලිම් කතන්දරය හැලුනා වෙන්ඩ බැරිද

    ReplyDelete
    Replies
    1. @ අටර්‍මපහුර

      මීට කලින් මුස්ලිම් සම්භවයක් තිබුණා වෙන්නත් පුලුවන්. ඒ කොහොම වුණත් සීකුදුමරික්කාර්ගේ අයියා ඊ.ඩබ්. ජයවර්ධන වුණු එකයී ගැටලුව

      Delete
    2. කලින් තිබුනු මුස්ලිම් සම්බවයක් නිසා ඇති උනු පුරැකක් වෙන්න පුළුවන්

      දුර නෑදැ කෙනෙකූට අයියා කියන සිරිතක් තියනවා නේ

      ආතාගේ පණ යන්ඩ හරි ආයෙත් අහන්ඩ හිතෙනවා

      Delete
    3. @ අටර්‍මපහුර

      දුර නෑකම එද්දි සමහර විට ජේ.ආර්ට මුස්ලිම් සම්භවය එන එක ගැටලුවක්.

      උදාහරණයක් විදිහට කිව්වොත් ජේ.ආර්ගේ තාත්තගෙත් තාත්තාගේ [ජේ.ආර්ගේ සීයාගේ] සහෝදරයෙක්ගේ දරුවෙක්ගේ දරුවෙක් ඒ විදිහට මුස්ලිම් අයෙක් වෙනවා නම් ජේ.ආර්ට මුස්ලිම් සම්භවයක් එන්න විදිහට නැහැ. ඒක කියන්න පුලුවන් ජේ.ආර්ට මුස්ලිම නෑදෑයෝ ඉන්නවා කියලා විතරයි.

      කෝකටත් මේ කතාවෙන් පේන්නේ තව මේ කතාව හොයලා බලන්න ඕනේ කියන එක. වික්ටර් අයිවන් මහත්තයාත් මේ ගැන පොතක් ලියලා තියෙනවා වගේ මතකයි කෝකටත් හොයාගෙන බලන්න ඕනේ.

      ඔයාත් අයියේ ආතාගෙන් පොඩ්ඩක් අහලා බලන්න

      Delete
  47. වැදගත් ලිපියක් පලකිරීම පිලිබදව ඉස්තුතිවන්ත වෙමි ...!!!

    මාගේ පවුද්ගලික අදහසනම් ජේ.ආර්.ජයවර්දන යනු ලංකාවේ සිටි විශිෂ්ට නායකයෙකු බවයි ,ඉන්දියාව අහසින් යාපනයට ආහාර හෙලීමේ සිදුවීමේදී ඔහු ක්‍රියාකළ ආකාරයෙන්ම එය පැහැදිලිවේ ....

    ReplyDelete
    Replies
    1. @ රොබින්

      ජේ.ආර් කියන්නේ විශිෂ්ඨ කෙසේ වෙතත් අතිශූර නායකයෙක් බවයි මගේ හැඟීම

      Delete
    2. ඒ ගැන නං විවාදයක් නැ අති දක්ෂ නායකයෙක්

      Delete
  48. ලස්සන කතාවක් වගේ ඉතිහාසය මේවගේ දිග හැරෙනකොට කියවන්න හරි ආසයි... කාලෙකින් ආව නිසා ලිපි කීපයක්ම තියනවා මග ඇරිච්ච ...
    ගොඩක් ස්තුත්යි අපි නොදන්නා දේවල් ලස්සනට කියල දෙනවට :)

    ReplyDelete
    Replies
    1. @ සඳ තරු නිහඩයි

      කාලෙකට පස්සේ හරි ආවා නොවැ. හෙමින් සැරේ කියවලා බලලා අදහසක් කාරියේ කියලා යන්නකෝ :)

      Delete
  49. Oya muslim sambwaya maka damaannn EW ge seeya kenek loku mahansiytak gatta kiyal mma kiyawala thiyenawa. api ada kiywana kathawa hadala thiyenne EW ge tatta ho seeya.

    ReplyDelete
    Replies
    1. @ රන්සකු

      ජේ.ආර්ගේ තාත්තා ඊ.ඩබ්. ජයවර්ධනගේ තාත්තා ජේම්ස් ඇල්ෆ්‍රඩ් විජේසිංහ ජයවර්ධන. එයාගේ තාත්තා දොන් ඒබ්‍රහම් විජේසිංහ ජයවර්ධන. ඔයා කිව්ව කතාවත් වෙන්න බැරිකමක් නැහැ. විදේශිකයන් මුහුදු බඩ ප්‍රදේශ වගේම පස්සේ කාලේ ලංකාවම පාලනය කරද්දී රේන්ද කර්මාන්තය සහ අනෙක් ව්‍යාපාරවලින් ධනවත් වුණු අය තමන්ගේ පරම්පරා හොඳට හැදුව කතාවක් කියවෙනවා. ඒ කොහොම වුණත් මේ මුස්ලිම් සම්භවය එන තැන හරියට හොයාගන්න ඕනේ...

      Delete
  50. මේ දවස්වල නෑයෝ පිරිලා ගෙදර හසිත. පෝස්ට් එක හිමින් නොකියවා කමෙන්ට් එකක් දාන්ට බෑ. පස්සේ හොඳ කමෙන්ට් එකක් දාන කල්, නම ලකුණු කරලා යන්නම්.

    ලකුණු එහෙම අඩු කරන්ට ඔට්ටු නෑ.:D

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      බිය නොවන්න. ලකුණු කිසිවක් අඩු නොකරන බව වගකීමෙන් යුක්තව ප්‍රකාශ කරමි :D

      Delete
  51. සැහෙන්න පරණ පොස්ට් එකක් වුනත් වටිනා කම වැඩි නිසා බුකියට දැම්මා අව්ලක් නෑ නේ ?

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................