Thursday, April 22, 2010

ඕම් මනි පද්මේ හූම්


මොකක්ද මේ " ඕම් මනි පද්මේ හූම්" කියන්නේ කියලා මේක අහපු ගමන්ම ඔයාලගේ හිතට එන්න පුළුවන්. මේක මහායාන බෞද්ධයන් භාවිතා කරන මන්ත්‍රයක් විදිහට සරලව හඳුන්වන්න පුළුවන්.

ශ්‍රී ලාංකික ථේර්වාදී බෞද්ධයන් විදිහට අපි ආරක්ෂාවට, සෞභාග්‍යයට විවිධ බෞද්ධ සූත්‍රයන් භාවිතා කරනවා වගේම මහායාන බෞද්ධයන් ආරක්ෂාව, සෞභාග්‍යය වැනි කාරණාවලට මේ මන්ත්‍රය භාවිතා කරනවා. මේ මන්ත්‍රය මඟින් මහායන බෞද්ධයන් අතර මෙන්ම ථේරවාදී බෞද්ධයන් අතරත් ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ට වන්දනා කිරීමක් සිදු වෙනවා.

මේ මන්ත්‍රය මැතිරීම මඟින් මහ පොළවේ ගතකරන දිවියෙන් මිදිලා අවලෝකිතේශ්වර බෝසතුන් වැඩ සිටින පද්මාසන වේදිකාවට ලං වෙන්න පුළුවන් කියලා තමා ඔවුන් විශ්වාස කරන්නේ. වැඩි වශයෙන් ටිබෙට් රටේ බෞද්ධයන් අතර තමා මේ මන්ත්‍රය ප්‍රසිද්ධයි. ඔවුන් පුරුද්දක් වශයෙන් දිනපතාම මේ මන්ත්‍රය ගායනා කරනවා.

ඉතින් මේ මන්ත්‍රය මිනිස් ලොවට ලැබුණායි කියන්නේත් ටිබෙට් රට හරහා. 4 සියවසේදී ටිබෙටයේ රජ කරපු රජතුමෙක්ට දිව්‍ය ලෝකයෙන් ලැබුණු වටිනා වස්තු 4 න් එකක් වුණේ මේ මන්ත්‍රයයි.

ටිබෙට් බෞද්ධයන් දක්වන්නේ බුදුන් වහන්සේට පවා මෙම මන්ත්‍රයෙන් ලැබෙන සෙත් ශාන්තියේ ප්‍රමාණය ගණන් කළ නොහැකි බවයි. එමනිසා මෙම මන්ත්‍රයෙන් අසීමිත යහපත් ප්‍රතිඵලයක් ලැබෙන බව ඔවුන්ගේ විශ්වාසයයි.

මෙන්න ඒ මන්ත්‍රය



මේ මන්ත්‍රය ඉම් උයි කියන බෞද්ධ සංගීත නිෂ්පාදකවරිය වර්තමාන සංගීතය සමඟ සමඟ සංයෝජනය කරලා සකස් කිරීමක් කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ ගීතය



ඉතින් මේ මන්ත්‍රය ගැන මේ විදිහට කරුණු කාරණා රැසක් කිව්වේ මේ මන්ත්‍රය අහන්න ලැබුණට පස්සේ මනස මාර විදිහට සැහැල්ලු වෙන නිසයි.

වර්තමානයේදී ලංකාවට ෆෙන්ග් ෂුයි හඳුන්වා දීපු ආසිරි වනිගරත්න මහත්මයා මෙම ටිබෙට් බෞද්ධ මන්ත්‍රය ලංකාව පුරා බෙදා හරිමින් ඉන්නේ. ඒකෙදිත් දක්වනවා මෙම මන්ත්‍රය ඇසීමෙන් ධනාත්මක ශක්තිය ඇතිකරන බවත්, රෝගාබාධ නැතිකරන බවත්, වාසනාව, සතුට හා දීර්ඝායුෂ ලබාදෙනවා කියලා.

ඉතින් මේ මන්ත්‍රය අහලා බලලා මේක ඇසීමෙන් ඔබේ හිතට දැනෙන හැඟීම ගැන කියන්නකෝ

15 comments:

  1. මල්ලී. මම මේක බාගත කරලා බලන්නම්. මාත් ආසයි මේ වගේ දේඅල් වලටත්. හොඳ වැඩක්....

    ReplyDelete
  2. පළවෙනි එකේ භාගයක් විතරයි ඇහුවෙ නම්.....
    මට ඔය කෑලි කෑලි අහන්න ගියාම යකා පේනව.....:) :)
    අහපු ටික නම් ගොඩක් හොඳයි... මියුසික් එහෙම හොඳට හිතට දැනෙන්න තියෙනව.......

    ReplyDelete
  3. මේ මන්ත්‍රය ආරම්භයේදී යොදාගෙන තියෙන්නෙ ටිබෙට් භාවනා යෝගීන් විසින්. ඒ සිත එකඟ කිරීමේ මන්ත්‍රයක් ලෙස.ඒත් අද වෙද්දි එය ජනප්‍රිය අංගයක් බවට පත්වෙමින් තියෙනව. මෙය හින්දුන්ගෙ ඕම් යන වචනයෙන්ම ඇති වුවක්. ඕම් යනු විශ්වයේ මූලික ශක්තියේ ස්වභාවය සමග සම්බන්ධවන ශබ්ද ස්වරූපයයි. ඕම් තුල විශ්වයේ සියල්ල ඇතුළත් වන බවට පැවසේ.
    එසේම ටිබෙට් දර්ශනයේ මිනිසා තුල අධ්‍යාත්මික අවදිවීම සහස්‍ර පද්මයකට සම කෙරේ. ඒ අනුව මෙම මන්ත්‍රය සකස් කර ඇත්තේ අධ්‍යාත්මික අවදි කිරීම් වෙනුවෙනි.

    ReplyDelete
  4. මේ මන්ත්‍රයේ අදහස - මනුශ්‍යත්වය උතුම් වගෙ දෙයක් කියල තමයි මට මතක.
    මොකද තමා තුල තියෙන ශක්තිය තමන්ටමනෙ අවදි කරගන්න පුළුවන්. අනිත් දේ මහායානික අදහස් වලට අනුව සෑම මිනිසෙක්ම බෝධිසත්වයෙක් බව කියවෙනවා.
    අධ්‍යාත්මික වෙලෙන්දන් මේක දැන් හොදට මාකට් කරයි වගෙ.
    (කෙසේ වෙතත් ඉදිරියටත් සංවාද සිදුවිය යුතු මාතෘකාවක්.මේ වගෙ දේවල් ගැන දන්න අය ඉන්නව නම් අදහස් ඉදිරිපත් කරන එක වටිනවා.)
    මේකත් බලන්න http://si.wikipedia.org/wiki/මහායාන_බුදු_දහම

    ReplyDelete
  5. ඕම් මනි පද්මේ හුම්..! මන්ත්‍රය, 'ජයවේවා පියුම් මැණික' විදිහට ගත්තාම ආදි ආගමක ස්ත්‍රී ලිංග වන්දනාවක ශේෂයක් බවටත් සැළකෙනවා. කෙසේ වුනත් මම ඉතා ආසාවෙන් අහන 'හිමාලය'-http://www.imdb.com/title/tt0210727/- චිත්‍රපටිය පුරාම මේ ගාථාව විවිධ විදියට යොදාගත් විශිෂ්ඨ සංගීත ඛණ්ඩ 10ක් තියෙනවා. ලංකාවේ ෆෙං ශුයි ව්‍යාපාරයට මම නම් මෙලෝ ආසාවක් නෑ. චිනයෙන් ගෙනා කුවන් යින් (අවලෝකිතෙශ්වර ) පිළිමයක් මගෙ ගෙයි ඉස්සරහ දොර ළඟ තියෙනවා. මහා කරුණා දෙවඟන ගේ රූපයක් කියන සංකල්පයට මම හරි ආසයි.
    මේ ගැන ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ ලියපු පොත් පිංචක් මට අහම්බෙන් හම්බ වුනා - ඇය සාමා නම් මෙහෙණිය නමින් හිටි භවයක් ගැන. මම පුනරුත්පත්තිය විස්වාස නොකළත් ඒ පොත හරිම ලස්සනයි.

    ReplyDelete
  6. හෙළයා ට
    ස්තුතියි අයියා ප්‍රතිචාරයට. ඔයාගේ හිතේ මේ දවස්වල තියෙන කණස්සල්ල, දුක ආදී කාරණා පහ කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ.

    මටත් මෑතකදී සිදුවුණු සිද්ධියක් නිසා මානසිකව තිබ්බ upset එක අඩු කරගන්න මේක මටත් හුඟක් උපකාර වුණා.

    හා පැටික්කි (MS) ට
    පළමුවැනි එකටත් වඩා හොඳ දෙවැනි එක. ඒකේ music මාරම සිරා විදිහකට කරලා තියෙනවා.

    "යකා පේනවා" වැනි ප්‍රශ්නවලින් මිදෙන්නත් මේක භාවිතා කරන්න පුළුවන් :) :) ඔය නංගිටත් පාඩම් කරද්දී ඇතිවන stress අඩුකරගන්න මේක භාවිතා කරන්න පුලුවන් වෙයි කියලා තමා මට නම් හිතෙන්නේ.

    Outsider ට
    ස්තුතියි මේ ගැන තවත් කරුණු එක් කිරීමට. ඕම් යන පදය ගැන ඔයා කියලා තියෙන කරුණු මාර වැදගත්.

    මට මතක විදිහට පසුගිය කාලේදී හදපු කොයි මිල් ගයා කියන හින්දි film එකෙත් පිටසක්වලත් එක්ක සබදතා ඇතිකරගන්න මේ ඕම් කියන ශබ්දය පිටවෙන යන්ත්‍රයක් නේද පාවිච්චි කරන්නේ ?

    ගීතික දිල්රුක් ට
    ස්තුතියි මේ ගැන ඔබ දන්න තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තට.

    "අධ්‍යාත්මික වෙලෙන්දන් මේක දැන් හොදට මාකට් කරයි වගෙ. " කියන කතාවට මාත් 100% එකඟයි. ශ්‍රී ලංකාව තුල මෙහි අයිතිය හිමිකරගෙන තිබෙන ආයතනය මෙම මන්ත්‍රය තියෙන CD එකක් විකුණන්නේ රුපියල් 500 ක් වැනි මුදලකට.

    සාමාන්‍යයෙන් CD එකක් රුපියල් 20 ක් වගේ නේ වෙන්නේ[ඊටත් වඩා අඩුවෙන් ගන්නත් පුළුවන්] ඉතින් CD එක write කරන වැඩේටත් අපි රුපියල් 30 ක් දැම්මොත් [එච්චර ගානක් යන්නෙත් නැහැ. ගාණ හදන්න පහසුවට] මේකේ ප්‍රවාහන කටයුතුවල කියලා තව 50 ක් දාමුකෝ. එතකොට ලාභය රුපියල් 400. කොහොමද වැඩේ ?

    හෂිත ට
    ඔබේ දැනුම අපිත් එක්ක බෙදා ගත්තාට තුති. ඔයා කියලා තියෙන මහා කරුණා දෙවඟන ගැන වගේම ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ ඒ ගැන දක්වපු අදහස් ගැන තව විස්තර ටිකක් කියන්න පුළුවන් නම් හොඳයි කියලයි මට හිතෙන්නේ.

    ලංකාවේ ෆෙං ශුයි ව්‍යාපාරය ගැන නම් කතාකරලා වැඩක් නැහැ. මේ මන්ත්‍රය තියෙන CD එක විකුණන හැටි ගැන මම කලින් කිව්ව එක බලන්නකෝ.

    දවසක් මම තදින්ම feng shui විශ්වාස කරන මගේ යාළුවෙක් එක්ක feng shui shop එකකට ගියා. ඒකේ තියෙනවා අයින්ස්ටයින්ගේ photo එකක්. ඒක බුද්ධි වර්ධනයට, පාඩම් කරන අයගේ කාමරෙන් එල්ලන ද කොහෙදෝ තමා තියෙන්නේ. මට මතක විදිහට ඒකේ ගාණ රුපියල් 150 ට වැඩියි. ඒකේ size එක A4 කොලේකට වඩා පොඩ්ඩක් ලොකු ඇති.

    ඔන්න වැඩ

    ReplyDelete
  7. හැමෝටම
    කොහොමින් කොහොම වුණත් මේ මන්ත්‍රය අහන එකෙන් හිතට මාර සැහැල්ලුවක්, සතුටක් එන බව නම් කියන්න ඕනේ.

    ReplyDelete
  8. Listen to this, at times when I listen to it I get goose-bumps. Its called 'Heart Sutra'. Better to listen when u are not in a hurry. Listen to the words also properly.
    http://www.youtube.com/watch?v=tsxAl3yfveY&playnext_from=TL&videos=r--STjW1rgg

    ReplyDelete
  9. @SACHIRA

    නියමයි අයියේ. ඔයාත් මාර ඒවා තමා හොයාගන්නේ :)

    ReplyDelete
  10. කුආන්කු පිළිමය අවලෝකිතේශ්වර බෝධිසත්වයින් පෙන්නුම් නොකරන බව කියන්න ඕනෙ. අවලෝකිතේශ්වර බොධිසත්ව පූතිමා ලංකාවේ වගේම වෙනත් රටවලත් එකහා සමාන පෙනුමෙන් නිර්මාණය වෙලා තියෙනවා. එහෙම කරන්නනෙ ඒ බොධිසත්වවරැන්ව දැකලා නෙවෙයි, ඒ අයගේ ගුණ ස්වභාවය අනුව සංකේතාත්මක රෑප විදිහටයි.

    මම මහායාන ධර්මයත් බොහෝම ලැදියාවෙන් අදහන කෙනෙක්. ඹය ‍‍‍‍ෙූංෂූයි වල කුආන්කු කියන්නේ චීන පුරාවෘත්තවල සදහන් වෙනවා අමරණිය පුද්ගලයො 8 දෙනෙක් ගැන බොහෝ ‍ෙූංෂූයි භාණ්ඩවලට මේ අය සම්බන්ධයි (යෙලෝ ජම්බාලා චිතූය- කකුල්තුනේ මැඩියා සදෙන් ගෙන ආවේද) මෙවැනි අමරණිය පුද්ලයින් 8 දෙනා පිළිබද පුරා කතා චීනයේ පවතිනවා.


    මේ ලිපිය ගැන පූශ්න තියෙන කෙනෙකුට මගෙන් අහන්න උත්තර දෙන්න උපරිම උත්සාහ කරන්නම් ඒ ව‍ගේම මිත්‍යාමතවලට මම කැමති නැහැ. ඒ නිසයි යම්යම් නිවරදි කිරිම් කරන්නෙ

    ReplyDelete
  11. @Maleesha

    බොහොම ස්තුතියි අදහස් දක්වන්න එකතු වුණාට.

    මටත් විකියෙන් හම්බුණු ලිපියක් තියෙනවා. පොඩ්ඩක් ඒක ගැනත් අදහස්ක් කියන්න. ඒකෙන් කියන්නේ කුවායින් කියන්නේ අවලෝකිතේශ්වරගේ කාන්තා නිරූපණය කියලා නේද ?

    http://en.wikipedia.org/wiki/Guan_Yin

    ReplyDelete
  12. එක සමාන නම් තියෙන කොට මේ වගේ පැටලැවීම් වෙනවා. උදා - අයස්මතීය නම්න් හදුන්වන්නේ අක්ෂයමති බෝධි සත්වයින්වයි. පද්ම පානි හා වජ්ර පානී නම්න් බෝධිසත්වයින් සිටිනවා. මේ නම් බොහෝ දුරට එක සමානයි. මහායානයේ පළමු සූතය ලෙස හදුන්වන නෙළුම් මලේ සුතය "සද්ධර්මපුණ්ඩරීක සුතය" පිළිබදව සොයා බලන්න වැඩි විස්තර දැන ගන්න පුළුවන්. මේවා අද පොත්පතවල තිබුනත් පුරාණයේ පුස්කොල පොත් හා මැටි පුවරැ අුරෙන් ඉතා අමාරැවෙන් තමයි මේ ධර්මය රැකිලා තියෙන්නෙ



    අවලෝකිතේශ්වර බෝධිසත්වයින්.....

    බෝධි සත්වයින් හා මහා සත්වයින් හැටියට හදුන්වන්නේ යම් දවසක බුද්ධත්වය බලාපොරොත්තුවෙන් පාරමිතා පුරනා අයයි. ලංකාවේ මේ බෝධිසත්ව සංකල්පය මුල් බැසගෙන නොතිබෙන්න පධානතම හේතුව තමයි ඉන්දීය හා හින්දු සංකල්ප. නමුත් මහායානික සංස්කෘතිය තුළ බෝධි සත්ව වන්දනාව පැහැදිලිවම තිබෙන දෙයික්. ඇතැම්වට දේව සංකල්පනා අත හැර බෝධි සත්ව වන්දනාව බොහෝ දුරට අනුමත කළ හැකි වන්නේ ඔවුන් යම් දිනක බුද්ධත්වයට පත්වෙන නිසා වෙනි. ඇතැම් විට අපි සමන් දෙවියන් වශයෙන් හදුන්වන දෙවියන් සමන්ත භදු බෝධි සත්වයන් හැටියට මහායානිකව හදුන්වන බව කරැණු සමීක්ෂණයේදී පැහැදිලිවේ. දළ සයකින් යුත් සුදු හස්ති රාජයෙකු පිට නැගි ධර්මය රකින්නන් ආරක්ෂා කිරිමට මන්ත භදු බෝධි ත්වයින් බැදී සිටියි.

    බෝධි සත්වයින් සිය ගණනක් පිළිබද මහායානයේ විස්තරවේ. ඒ අනුව මෛත්තිරී බෝධි සත්වයින් (ඊළගට බුදුවන) අක්ෂයමති බෝධ් සත්වයින්, වෛරෝචන සත්වයින්, පද්ම පානී සත්වයින්, වජ්ර පානී සත්වයින් යනුවෙන් දහස් ගණනක් ඇත.

    අවලෝකිතේශවර බෝධි සත්වයින්ද යම් කාලයක ලොවුතුරා බුද්ධත්වය වෙනුවෙන් පාරමිත පුරනා අයෙකි. ඔහු විශ්වයේ පහල වුන සිය ගණනක් බුදුවරැන්ට දානමානාදියෙන් සංගූහ කර බොහෝ පාර්ථනා කර ඇත. සත්වයා කෙරෙහි අපරිමිත වු මහා කරැනාවක් ඇති නිසා ඔහු කළ පාර්ථනා අතර යම් සත්වයෙක් කරදරයට පත්ව සිටින විට ඔහුගේ නාමය ිහිපත් කරයි නම් ඔහුට ඉතා ඉක්මණින් පිහිට ලැබේවායි අධීෂ්ඨාන කර ඇත එම නිසා, ඔබ යම් පීඩාවක් විදිමින් සිටීනම්- යම් විපතකට පත්ව සිටී නම්- කරකියාගත නොහැකි අවස්ථාවකදී එකම මනසකින් යුතුව අවලෝකිතේශ්වර බොධිසත්වයින්ගේ නම හඩ නගා කියා උපකාර පතන්න. ඔබේ දුක් කරදර නැතිව යෑමට එය පිටුවහලක් වනු ඇත. අවලෝකිතේශ්වර නම් බෝධිසත්වයින්ට ඒ නම ලැබී ඇත්තේ ද එම නිසා වෙනි. මෙය බුදුරජාණන් වහන්සේ සද්ධර්මපුණ්ඩරීක සුතු දේශනාව සිදුකිරීමට පථම අක්ෂයමතී බෝසතුන් විසින් විමසන ලද කාරණාවකට දුන් පිළිතුරයි.

    ReplyDelete
  13. @MAKELAND PICTURES®™

    "ලංකාවේ මේ බෝධිසත්ව සංකල්පය මුල් බැසගෙන නොතිබෙන්න පධානතම හේතුව තමයි ඉන්දීය හා හින්දු සංකල්ප"

    ලංකාවේ බෝධිසත්ව සංකල්පය මුල් බැස ගෙන නැහැ කියන එක විවාද සම්පන්න කතාවක්.

    වැල්ලවාය බුදුරුවගල ප්‍රදේශයේ තියෙන බෝධිසත්ව පිළිරූ, දඹේගොඩ, කුෂ්ටරාජගල වගේ ප්‍රදේශවල තියෙන අවලෝකිතේශ්වර ප්‍රතිමා ලංකාවේ බෝධිසත්ව වන්දනාව තිබුණා කියන්නට සාධක.

    ඒ වගේම නාථ දේව සංකල්පය ඇතිවුණේ අවලෝකිතේශ්වර බෝසතුන්ගෙන් වගේම සුමන සමන් දේව සංකල්පය ඇතිවුණේ සමන්ත භද්‍ර බෝසතුන්ගෙන් කියලාත් මතයක් පවතිනවා........

    ඒ වගේම ධාතුසේන රජ සමයේදී බෝධිසත්ව පිළිරූ අභිෂේක කිරීමේ චාරිත්‍රයක් කරපු බව කියවෙනවා. ජේතවන හා අභයගිරි නිකායන්වල මහායානික අදහස් දැරූවන් සිටීම ප්‍රඥා පාරමිතා සූත්‍රය, සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය වැනි ධර්ම ග්‍රන්ථ ඔවුන් පරිශීලනය කරන්න ඇතියි කියලා හිතන්නත් පුලුවන්.

    ඒක නිසා ඈත අතීතයේ සිටම බෝසත් වන්දනාව ලංකාවේ පැවතුණා. එහි නෂ්ටාවශේෂ විදිහට මෑත යුගයේ පැවතුණ මතු බුදුවන මෛත්‍රී බෝසතුන් වන්දනාව විතරයි. දැන් ඒකත් වෙනස් වෙලා. කැලණි පන්සලේ අවලෝකිතේශ්වර පිළිමෙකුත් ස්ථාපනය කරලා තියෙනවා.......

    ReplyDelete
  14. "බෝධි සත්වයින් සිය ගණනක් පිළිබද මහායානයේ විස්තරවේ. ඒ අනුව මෛත්තිරී බෝධි සත්වයින් (ඊළගට බුදුවන) අක්ෂයමති බෝධ් සත්වයින්, වෛරෝචන සත්වයින්, පද්ම පානී සත්වයින්, වජ්ර පානී සත්වයින් යනුවෙන් දහස් ගණනක් ඇත."

    මහායානයේ බෝධිසත්වය ලක්ෂ ගණනින් හිටියත් බෝධිසත්වයින් 8 දෙනෙක් මූලිකයි. ධ්‍යානි එහෙමත් නැත්නම් මහාස්ථම ප්‍රාප්ත එහෙමත් නැත්නම් ත්‍රෛලෝක්‍යවිජයි බෝධිසත්වයින් විදිහට එයාලව හඳුන්වනවා. එයාලා තමා

    අවලෝකිතේශ්වර
    ආකාශ ගර්භ
    වජ්‍ර ගර්භ
    ක්ෂිති ගර්භ
    සර්ව නිවාරණ විෂ්කම්භ
    මෛත්‍රය
    සමන්තභද්‍ර
    මංජු ශ්‍රී

    දේවත්වයෙන් වන්දනා මාන කරන මෙයාලට සංකේතයක්, වාහනයක් කියන දේවල් තියෙනවා.

    ඒ වගේම මේ අටදෙනාගෙන් අවලෝකිතේශ්වර වගේම මංජු ශ්‍රී සාමාන්‍යයෙන් ප්‍රධානයි.

    ලංකාවට ආපු මේ සංකල්ප ලංකාවට උචිත විදිහට හැඩගැහුණා. මම කලින් කිව්වා වගේ අවලෝකිතේශ්වර නාථ විදිහටත්, සමන්තභද්‍ර සුමන සමන් විදිහටත්.........

    ස්තුතියි ඔබේ අදහස්වලට හරවත් සංවාදයකට ඒවා මඟ පෑදුවා :)

    ReplyDelete
  15. ඉහත සම්පුර්ණ කොටස වෙන් වෙන්ව පිළිතුරැ විගහයක් කරන්නම්

    ලංකාවේ බොධි සත්ව වන්දනාව වැසී යන්නේ හින්දු ආගමික බලපැමි නිසයි. පොලොන්නරැ යුගයේ සිදුවන ආකමණික බලපැම් ආගමික විකාශනයකට හේතු මුල් කරන නමුත් මහා විහාරය හා අභයගිරිය හේතුවෙන් නැවතත් මහායානය ඉදිරියට එනවා. නමුත් පොදුවේ ලංකාවට ඉන්දීය බලපැම් (බීසෝ වරැන් පැමිණිම/ විවිධ ශිල්පීන් පැමිණිම/ දේහපාලන සබදතා) හේතුවෙන් දේව සංකල්පය ඉදිරියට එනවා. නුවර යුගයේ බලපැම් නිසා අවසානයේ කොලඹ යුගයේ අද දවස වන විට මහායානය ලංකාවේ බෙද්ධයින්ම එපා කියන දේව සංකල්ප වැලදගෙන ඒ පසු පස යන තත්ත්වයක් උදො වෙලා තියෙන්නෙ.

    දේව සංකල්පයට වඩා බෝධි සත්ව සංකල්පය හොදයි. දෙවියන්ගෙන් අපි ඉල්ලීම් කරන එකම තමයි වෙන්නෙ. දෙවියන්ගේ ගුණ යහපත් කම්වලින් බිදක් හෝ අපේ ජිවිත වලට එකතු වෙන්නෙ නැහැ. නමුත් බෝධි සත්වයින්ගේ යම් උසස් ගුණාංගයක් අපේ ජිවිතවලට ගන්න පුළුවන් කම තියෙනවා.


    මහාවිහාරය හා අභයගිරිය යුගවල පැවති බොධිසත්ව රැප වැල්ලවාය බුදුරුවගල ප්‍රදේශයේ තියෙන බෝධිසත්ව පිළිරූ, දඹේගොඩ, කුෂ්ටරාජගල වගේ ප්‍රදේශවල තියෙන අවලෝකිතේශ්වර ප්‍රතිමා ලංකාවේ බෝධිසත්ව වන්දනාව තිබුණා කියන්නට සාධක වන නමුත් ඒවා දිගු කලක් සහ මහා ලොකුවට අපේ වංශ කතාව තුළ මහායානික ලක්ෂණ දකින්නවත් නැහැ.


    මම අවලෝකිතේහ්වර බෝධි සත්වයින් පිළිබද විශ්වාසයෙන් හා ගෙරවයෙන් කටයුතු කරනවා. අනාථ නාථ කියලත් හදුන්වන්න ඇත්තේ අවලෝකිතේශ්වරයින්ව විය හැකියි. නමුත් අපගේ විශ්වාසය තිබෙන්නේ මතු බුදුවන අනාථ නාථ දෙවියන් යනු මෛත්රි බෝධි සත්වයින් විය හැකි බවයි.

    තවත් කරැණක් නම් අවලෝකිතේශ්වර බෝධි සත්වයින් සත්වයා කෙරෙහි අපරමිත කරැණාවක් ඇති නිසා සියලු සත්වයෝ නිවන් දකිනා තෙක් උන්වහන්සේ බුදුධත්වය කරා නොයන බව සදහන් වෙනවා. බෝධි සත්වයින් වර්ග 3ක් ලෙස කාන්ඩ කළ හැකියි.

    1. රජෙකු හා සමාන බෝධි සත්ව: තමන් හැකි තරම් ඉක්මණින් බුද්ධත්වයට පත් වී අනෙකුත් අයට බුද්ධත්වය ලබා ගැනීමට උපරිම අයුරින් පිහිටවීම.

    2. ඔරුකාරයෙකු හා සමාන බෝධි සත්ව: තමන්ද අනෙක් අයද එකට එක්ව බුද්ධත්වය ලබා ගැනීම.

    3. ගවපල්ලෙකු හා සමාන බෝධි සත්ව: අනික් අය බුද්ධත්වය ලබා ගන්නා තෙක් බලා සිටීම අවලෝකිතේශ්වර සහ ශාන්ති දේව යන බෝධි සත්වයින් මෙම ගණයට අයත් වෙති.

    ඇතැම් තැන්වල සදහන් වන අයුරින් ධ්‍යාන්‍ය ලාභී බුදුවරැන් පස් දෙනා අතරින් අමිතාභ බුදුන්ගේ දරැවෙකු ලෙස අවලෝකිතේශ්වර බෝධිසත්වයින් උපතලබා ඇති බවද සදහන්.


    පහලින් දක්වන්නේ මා විකිපීියාවට ලබාදුන් තොරතුරැ ස්වල්පයකි.

    --හසිත ඒකෙන් කොපි පේස්ට් කරලා තියෙනවා දැක්ක :)

    අවලෝකිතේශ්වර බෝධිසත්වයින්.....

    බෝධි සත්වයින් හා මහා සත්වයින් හැටියට හදුන්වන්නේ යම් දවසක බුද්ධත්වය බලාපොරොත්තුවෙන් පාරමිතා පුරනා අයයි. ලංකාවේ මේ බෝධිසත්ව සංකල්පය මුල් බැසගෙන නොතිබෙන්න පධානතම හේතුව තමයි ඉන්දීය හා හින්දු සංකල්ප. නමුත් මහායානික සංස්කෘතිය තුළ බෝධි සත්ව වන්දනාව පැහැදිලිවම තිබෙන දෙයික්. ඇතැම්වට දේව සංකල්පනා අත හැර බෝධි සත්ව වන්දනාව බොහෝ දුරට අනුමත කළ හැකි වන්නේ ඔවුන් යම් දිනක බුද්ධත්වයට පත්වෙන නිසා වෙනි. ඇතැම් විට අපි සමන් දෙවියන් වශයෙන් හදුන්වන දෙවියන් සමන්ත භදු බෝධි සත්වයන් හැටියට මහායානිකව හදුන්වන බව කරැණු සමීක්ෂණයේදී පැහැදිලිවේ. දළ සයකින් යුත් සුදු හස්ති රාජයෙකු පිට නැගි ධර්මය රකින්නන් ආරක්ෂා කිරිමට මන්ත භදු බෝධි ත්වයින් බැදී සිටියි.

    බෝධි සත්වයින් සිය ගණනක් පිළිබද මහායානයේ විස්තරවේ. ඒ අනුව මෛත්තිරී බෝධි සත්වයින් (ඊළගට බුදුවන) අක්ෂයමති බෝධ් සත්වයින්, වෛරෝචන සත්වයින්, පද්ම පානී සත්වයින්, වජ්ර පානී සත්වයින් යනුවෙන් දහස් ගණනක් ඇත.

    අවලෝකිතේශවර බෝධි සත්වයින්ද යම් කාලයක ලොවුතුරා බුද්ධත්වය වෙනුවෙන් පාරමිත පුරනා අයෙකි. ඔහු විශ්වයේ පහල වුන සිය ගණනක් බුදුවරැන්ට දානමානාදියෙන් සංගූහ කර බොහෝ පාර්ථනා කර ඇත. සත්වයා කෙරෙහි අපරිමිත වු මහා කරැනාවක් ඇති නිසා ඔහු කළ පාර්ථනා අතර යම් සත්වයෙක් කරදරයට පත්ව සිටින විට ඔහුගේ නාමය ිහිපත් කරයි නම් ඔහුට ඉතා ඉක්මණින් පිහිට ලැබේවායි අධීෂ්ඨාන කර ඇත එම නිසා, ඔබ යම් පීඩාවක් විදිමින් සිටීනම්- යම් විපතකට පත්ව සිටී නම්- කරකියාගත නොහැකි අවස්ථාවකදී එකම මනසකින් යුතුව අවලෝකිතේශ්වර බොධිසත්වයින්ගේ නම හඩ නගා කියා උපකාර පතන්න. ඔබේ දුක් කරදර නැතිව යෑමට එය පිටුවහලක් වනු ඇත. අවලෝකිතේශ්වර නම් බෝධිසත්වයින්ට ඒ නම ලැබී ඇත්තේ ද එම නිසා වෙනි. මෙය බුදුරජාණන් වහන්සේ සද්ධර්මපුණ්ඩරීක සුතු දේශනාව සිදුකිරීමට පථම අක්ෂයමතී බෝසතුන් විසින් විමසන ලද කාරණාවකට දුන් පිළිතුරයි.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................