Tuesday, April 20, 2010

රජතුමාගේ ලොකුම සැනසීම


සැනසීම කියන්නේ මොකක් කියලද ඔයාලා හිතන්නේ ?

එහෙම අහන්න හිතුණේ මේ දවස් ටිකේම අන්න ඒකයි කියලා මම හිතන එක මට තිබ්බ නැති නිසයි. මේ දවස් ටිකේම අළුත් අවුරුද්දට නැදෑ හිතමිතුරන්ගේ ගෙවල්වල ගියා. ඒ වගේම ඊයේ උදේ නුවර ගිහින් අද උදේ තමයි ගෙදර ආවේ. ඒ වගේම යාළුවෝ කීප දෙනෙක්ගේම birth day parties තිබ්බ නිසා ඒවටත් යන්න වුණා.

මේ විදිහට වැඩ ගොඩක් තිබ්බ නිසා සැනසිල්ලේ fb පැත්තේ යන්න, මගේ e-mails check කරන්න, blog එකට අළුත් post එකක් දාන්න වගේ මොකුත් වැඩක් කරන්න වුණේ නැහැ.

මේක නිසා සැනසීම ගැන කතාවක් මට මතක් වුණා. ඉතින් ඒක තමා අද කියන්න හිතුණේ. කතාව ටිකක් හොඳ මදියි කියලත් හිතෙනවා. කොහොම වෙතත් ඔයාලා කියෝලම බලල කියන්නකෝ කතාව කොහොමද කියලා

එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක [මට හරි ගැටළුවක් තමා මේ එකෝමත් එක රට කොහෙද තියෙන්නේ කියලා :) :) :)] රජ කෙනෙක් හිටියා. දවසක් දා උදේ රජතුමා රාජ සභාවට සැපත්වෙලා රාජ්‍ය පාලනයට අදාල වෙන documents එහෙම check කර කර ඉද්දී රජතුමාගේ හිතට ලොකු ගැටළුවක් ආවා.

පස්සේ රජ්ජුරුවෝ ඒකට උත්තරේ හිතාගන්න බැරුව රාජ සභාවට ඒ ගැටළුව ඉදිරිපත් කලා.

රජතුමා ඇහුවා " ඇමතිවරුනි, ලෝකේ ලොකුම සැනසීම මොකක්ද ? " කියලා.

ඒ වෙලාවේ රජ්ජුරුවෝ ඉස්සරහ පොර වෙන්න දඟලන ඇමතිවරු [දැන් කාලේ වගේම තමා] එක එක උත්තර රජතුමාට දුන්නා.

එක ඇමතියෙක් කිව්වා "රජතුමනි, වස්තුව හුඟක් තිබුණාම තමා ලෝකේ ලොකුම සැනසීම තියෙන්නේ" කියලා. තව පොරක් කිව්වා "රාජ්‍යය තව විශාල කරලා මුළු ලෝකේම අල්ල ගත්තහම තමා ලෝකේ ලොකුම සැනසීම තියෙන්නේ" කියලා. තව ඇමතියෙක් කිව්වා "ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව එක්ක රති කෙළියේ [කට්ටිය දන්නවානේ මොකක්ද රති කෙළිය කියන්නේ කියලා :) :) :)] යෙදුණාම තමා ලෝකේ ලොකුම සැනසීම තියෙන්නේ" කියලා.

මේ ආදී වශයෙන් රජතුමාට answers ගොඩක් ආවා ලෝකේ ලොකුම සැනසීම කියන්නේ මොකක්ද කියලා.

මේ විදිහට හැමෝම එක එක ඒවා කියද්දී එක ඇමතියෙක් කියාපි "රජතුමනි, ශරීර කෘත්‍ය කරන්න ලොකු අවශ්‍යතාවක් තිබිලා ඒක කලාට පස්සේ තමා ලෝකේ ලොකුම සැනසීම එන්නේ" කියලා.

මේක අහපු රජතුමාට අසූ හාරදාහට තද වුණා. තමන් ගැන කිසිම ගරු සරුවක් නැතිව මෙහෙම කතාවක් කිව්වා එක ගැන රජ්ජුරුවෝ උදහස් වෙලා මේ ඇමතියාගේ හිස ගසා දාන්න නියම කලා. [කොහොමද රජවරුන්ට මල පැන්නහම]

පස්සේ රජතුමා ඇහුවා අවසන් ඉල්ලීම මොකක්ද කියලා. ඇමතියා කිව්වා තමන්ට රජතුමාගේ සිරියහන් ගබඩාව ඇතුළු මාළිගාවේ අභ්‍යන්තරේ බලන්න ඕනේ කියලා. රජ්ජුරුවොත් මේ අවසන් ඉල්ලීමට ඉඩ දුන්නා.

මේ ඇමතියා ඉතින් රජ්ජුරුවන්ගේ සිරියහන් ගබඩාවත් visit කරලා රාජ භෝජන හදන පැත්තත් visit කලා. මෙතෙන්දී මේ ඇමතියා හොර රහසේ ගෙන්න ගෙන තිබ්බ ජාපාල ටිකක් රජ්ජුරුවන්ගේ කෑම එකට mix කරලා රජ්ජුරුවන්ගේ toilet එකට ගිහින් දොර lock කරන් හිටියා.

ටික වෙලාවකින් රජ්ජුරුවොත් රාජ භෝජනේ ගන්න ආවා. කෑම කාලා ටික වෙලාවක් ගියාට පස්සේ මෙන්න රජතුමාගේ බඩ upset.

කෑම check කරන්න ඉන්න නිලමේටත් කොහොම හරි ජාපාල mix කරලා තිබ්බ එක මාට්ටු වුණේ නැහැ. රජතුමා toilet එක ගාවට දුවගෙන ගියා. කවුද පොරක් ඇතුලේ.

රජතුමා ඇහුවා"කවුද කවුද " කියලා. ඇමතියත් උත්තර දුන්නා තමන් තමා ඇතුලේ ඉන්නේ කියලා.

රජතුමාට දැන් ටිකක් අමාරුයි.

රජතුමා කිව්වා " ඇමතිය වහා එලියට එව" කියලා. ඇමතියත් ඉතින් ඇතුලට වෙලා "පොඩ්ඩක් ඉවසන්න රජතුමනි" කියලා දොර lock කරන් හිටියා.

අන්තිමට රජතුමාට හොඳටම අමාරු වෙලා දොර පෙරලන්න වගේ යද්දී ඇමතියා එලියට ආවා.

පස්සේ රජතුමා කාරණාව ඉටුකරන් එලියට ආවට පස්සේ ඇමතියා ඇහුවා රජතුමාගෙන්

"රජතුමනි ලෝකේ ලොකුම සැනසීම මොකක්ද කියන එකට මම දීපු උත්තරේ හරි නේද ? " කියලා.

රජතුමාත් ඉතින් පිළිගත්තා ඇමතියා හරි කියලා. පස්සේ ඒ ඇමතියාට රාජ සම්මාන දීලා දඬුවමෙන් නිදහස් කලා කියලා තමා එකෝමත් එක රටේ මිනිස්සු කියන්නේ.

ඉතින් ඇමතිතුමා ප්‍රායෝගිකවම ඔප්පු කරලා පෙන්නුවා තමන් දීපු උත්තරේ හරි කියලා.

11 comments:

  1. ඕක අන්දරේගෙ කතාවක් විදියට තමා මං අහල තියෙන්නෙ

    ReplyDelete
  2. මමත් අන්දරේගේ කතාවක් විදියට ඕක අහලා තියනවා :)

    ReplyDelete
  3. මම නම් හිතන්නේ නෑ ඕක අන්දරේගේ කියලා.මම නම් අහලා නෑ.කතාව නම් මැxආ.රජ්ජුරුවෝ දැන ගන්න ඇති මූලික අවශ්‍යතා ඉටු කර ගත්තම තමයි හොදම සැනසීම තියෙන්නේ කියලා.

    ReplyDelete
  4. දුකට හේතුව පුක කියනවනේ. (මේක කුණුහරුපයක් හෝ අසභ්‍ය වචනයක් කියලා හිතෙනවනම් මේ ප්‍රතිචාරය අයින් කරලා දාන්න.)

    ReplyDelete
  5. හික් හික් නියමයි.
    කලින් අහල තියෙනව ‍ඒත් අවස්ථා සම්බන්ධයන් මතක නෑ.

    ReplyDelete
  6. ඇත්තටම රති කෙළිය කියන්නේ මොකක්ද?

    ReplyDelete
  7. තූර්ය හා ඉශාන් තිළිණ ට
    මම කතාව ඇහුවේ මේ විදිහට. අන්දරේගෙත් මෙහෙම කතාවක් තියෙනවා කියලා දැනුවත් කලාට තැන්කු වේවා :) :) :)

    leks' world ට
    ඒක තමා boss. ස්තුතියි ප්‍රතිචාරයට

    nadeesthoughts ට
    ඒකත් සිරා කතාව :) පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ අයියා ඒක ගැන

    Outsider ට
    කලින් අහපු කතාවක් නැවතත් මතක් කරලා දෙන්න ලැබීම ගැන සතුටුයි. :)

    US ට
    සහෝ මේක ගැන දන්නේම නැත්නම් කියාදෙන්නම්. රති කෙළිය කියන්නේ ගැහැණියක් හා පිරිමියෙක් අතර සිදුවන ලිංගික ක්‍රියාවලියට. දැන් කවුරුහරි ඇහුවොත් කියාදෙන්න දන්නවානේ. :) :) :)

    ReplyDelete
  8. ඇත්ත නේන්නම් බන්.. ඒක තමා ලොකුම සැනසීම හික් හික්

    ReplyDelete
  9. විෂ්ණු ෂර්මන්ගේ පංච තන්ත්‍රයෙත් මේ වගේ කතන්දර තියෙනවා..ඒත් මේ කථාව නම් ඒකේ නැහැ...මල්ලි පංචතන්ත්‍රය බලලා නැද්ද..නැත්නම් අරන් බලන්නකෝ..

    ReplyDelete
  10. @සුජානි.......

    ඉස්කෝලේ යන කාලේ 9 වසරේ ඉද්දී වගේ පංචතන්ත්‍රය කියෙව්වා වගේ මතකයි. දැන් නම් හුඟාක් කතා මතක නැහැ අක්කේ. කිව්වත් වගේ ආයි පාරක් කියවලා බලන්න ඕනේ..........

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................