Tuesday, April 13, 2010

මම අළුත් අවුරුද්දට යාළුවන්ට සුභ පතන හැටි


සිංහල හා හින්දු අළුත් අවුරුද්දට කලින් ඒකට සම්බන්ධ වෙන කතාවක් කියන්න හිතුණා. ලොකු කතාවක් නොවුණත් හැමෝටම දැනගන්න කිව්වොත් හොඳයි කියලා හිතුණ නිසයි කතාව කියන්නේ.

මුහුණු පොත හෙවත් facebook එකේ මගේ ඔක්කොම යාළුවෝ 1221 ක් ඉන්නවා. ඉතින් මට ඊයේ හිතුණා මේ හැමෝටම අළුත් අවුරුද්දට සුභ පතන්න. ඒ යටතේ හැමෝටම එක පාර wish කරලා message එකක් යවන්න හැදුවත් 20 දෙනෙක්ට වඩා වැඩි ගණනකට එකපාර message කරන්න බැහැ කියලා notice එකක් ආවා. ඊට පස්සේ මම අනුගමනය කරපු ක්‍රියාමාර්ගය ගැන දැන් මතක් වෙද්දිත් මට හිතෙනවා කළේ ගොන් වැඩක්ද මන්දා කියලා :) :) :)

මම කළේ මගේ හැම යාළුවෙක්ගේම profile එකට ගිහින් wall එකේ මගේ අළුත් අවුරුදු සුභ පැතුම ලියපු එක. මේ වැඩේ ටික වෙලාවක් කරගෙන යද්දී මට මාර විදිහට එපා වුණත් නවත්තන්න හිතුවේ නැත්තේ යාළුවෝ කට්ටියකට විතරක් wish කරලා අනිත් කට්ටියට wish නොකර ඉන්න එක හරි නැහැ කියලා හිතුණ නිසා.

ඒ වගේම එපා වුණු හැම වෙලාවකම මම හිතුවේ friend request sent කරලා හරි friend request accept කරලා හරි යාළුවෝ ගාණ වැඩි කරගත්ත නම් අළුත් අවුරුද්දටවත් එයාලට wish කරන එකවත් මම කරන්නේ නැත්නම් ඒ friendship එකෙන් තියෙන වැඩේ මොකක්ද කියලා.

ඒ වගේම මට ඒ හැම තිස්සේම හිතුණේ "කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ" කියන සිංහල කියමන.

අන්තිමට වැඩේ ඉවර වෙද්දී පාන්දර එකට ආසන්නයි. මගේ මුස්ලිම් හා විදේශීය මිතුරන් ඇර ඔක්කොම යාළුවෝ 1100 [ආසන්න වශයෙන්] කගේ wall වල මගේ අවුරුදු සුභ පැතුම ලිව්වා. අන්තිමට ඇස්වලින් නිදිමත බේරෙනවා. ඒත් සතුටුයි. මගේ යාළුවන්ට ඒ විදිහට හරි අළුත් අවුරුද්දට සුභ පතන්න හැකිවුණු එක ගැන.


අනිත් කාරණේ තමා මම ඉස්සර කලේ අළුත් අවුරුද්දට යාළුවන්ට wish කරලා messages phone එකෙන් යවන එක. පස්සේ මම උපහාර sim එකක් [මගේ නෙමෙයි, මගේ අම්මාට හම්බුණු එක] පාවිච්චි කරන්න ගත්තු නිසා මොබිටෙල් හා ස්ථාවර දුරකතන තියෙන අයට call කරලා wish කරන්නත් අනිත් අයට messages යවන්නත් පුරුදු වුණා. ඔය වැඩේ අවුරුදු 2 ක් විතර කරලා ලොකු ලොකු ගණන්වල phone බිල් ඇවිත් මට්ටු වෙලා ඉන්න නිසයි මෙහෙම කරන්න හිතුවේ.

කොහොමින් කොහොම හරි ඔයාල කවුරු හරි මගේ facebook යාළුවෙක් නම් මේ වනවිට මගේ අවුරුදු සුභ පැතුම ඔයාලට ලැබෙන්න ඇති. ඒ නැත්නම් ඔයාල කවුරු හරි මොබිටෙල් හරි ස්ථාවර දුරකතනයක් තියෙන මගේ යාළුවෙක් නම් ඔයාලට අද call එකක් ලැබෙයි මගෙන් අළුත් අවුරුද්දට wish කරලා. අනිත් දුරකතන සේවාවන් භාවිතා කරන මගේ යාළුවන්ට internet එකෙන් එවන sms එකක් ලැබෙයි මගෙන් අළුත් අවුරුද්දට wish කරලා. මේ කිසිම කාණ්ඩයකට අයත් නොවන අයත් ඇතිනේ. එයාලට ඉතින් blog එකෙන් සුභ පතන්න තමා හිතුවේ

උදාවන්නා වූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා, 120 ට 220 ක් ආවඩා ආයු බොහෝ වේවා !!!!!

18 comments:

  1. පුදුමයි FB එකෙන් උඹව Block කලේ නැතුවා. ඕනවට වඩා Wall Post දැම්මම සාමාන්‍යයෙන් නම් Account එක Disable කරනවා

    ReplyDelete
  2. අයියෝ යාලුවෝ ඇඩ කරගන්නකෙ‍ාටම එයාලගේ ඉ-මේල් ඇඩ් වෙනම තැනක ලියාගන්න. අනික F.b එකේ මම විශෙෂිත යාලුවන්ට විතරයි සුභ පතන්නේ අනිත් ඇවුන් හිටියත් නැ වගේනේ


    පොන්න සිතුවලි එකේ තියෙනවා දැකලා අවේ

    ReplyDelete
  3. ම ට
    ස්තුතියි ඒක ගැන දැනුවත් කලාට. අළුත් අවුරුද්දට FB එකෙන් මට තෑග්ගක් විදිහට account එක disable කරයිද ? එහෙම කලොත් තමා ඉතින් වැඩේ

    නිදහසේ බ්ලොග් ලිවිම ට
    ඔයාගේ කතාවෙත් ඇත්තක් තියෙනවා............. මොනවා වුනත් හැම කෙනාම යාළුවෝ කියලා සලකලා තමයි මම එහෙම කලේ.

    මේ අන්තිමට තියෙන් වාක්‍යයේ මුල්ම වචනේ අත්වැරදීමක් ද ?
    "පොන්න සිතුවලි එකේ තියෙනවා දැකලා අවේ"

    ReplyDelete
  4. සුබ අලුත් අවුරුද්දක් මචන්... හැබයි කරපු වැඩේ නම් පොඩ්ඩක් විතර පිස්සු වැඩක් හික් හික්...

    ඔන්න මමත් මූනු පොතෙන් එව්ව ආරදනයක්...

    ReplyDelete
  5. පිස්සා පලාමල්ල ට
    අමූලික ඇත්ත.

    දැන් ඒක මතක් වෙද්දිත් හිතෙනවා කාලෙකට පස්සේ කරපු හෙණම පිස්සු වැඩේ මේක තමා කියලා.

    ඕන් මම friend request එක accept කරලා මගේ අළුත් අවුරුදු සුභ පැතුම wall එකෙත් ලිව්වා :) :) :)

    ReplyDelete
  6. හි හි... ඒකත් නියම සිද්ධිය. මටත් පණිවිඩය හම්බුනා..
    මමත් ඊයේ රෑ මගේ සුභපැතුම් පණිවිඩය මන් අතින්ම නිර්මාණය කරන්න හිතුවා. ඒ නිසා ඕන් හා හා පුරා කියලා මගේ පළවෙනි ආර්ට් වර්ක් එක් කොරල්ඩ්‍රෝ වලින් කළා..ඒක ඉ‍වර වෙද්දි පාන්දර 3යි. හි හි..හැබැයි මාර සතුටුයි. ඒ පින්තූරය 3න් පාරක් අප්ලෝඩ් කරල යන්තම් 150ක් විතර යාථවො ටැග් කරා.. අන්තිමට යද්දි ටැග් කිරිල්ලත් එපා වෙලා පැටලිලා එක විකාරයයි... කොහොම හරි සුභ පැතුවනේ....
    ඔබට සුභ නව වසරට ආසිරි....

    ReplyDelete
  7. Prabhath Darshana ට
    ඒක තමා මාත් බැළුවේ. උඹ මාව 2 පාරක් tag කරලා තිබ්බා එකම වගේ පින්තූර දෙකකට.

    කෙසේ වෙතත් නව වසර සුභ නව වසරක් වේවා.... 120 ට 220 ක් ආවඩා ආයු බොහෝ වේවා !!!

    ReplyDelete
  8. සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  9. සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  10. sameerausa ට සහ Anonymous [නම ලිව්වා නම් කිසි කරදරයක් නැහැනේ] යන දෙන්නටම

    සුභ අළුත් අවුරුද්දක් වේවා
    120 ට 220 ක් ආවඩා ආයු බොහෝ වේවා !!!

    ReplyDelete
  11. එසේම වේවා.ඕන්න ආවඩා ආයුබෝ වේවා.!!!අලුත් අවුරුද්දේ සියලු බලාපොරොත්තු සඵල වේවා!!!

    ReplyDelete
  12. leks' world සහෝ ස්තුතියි ප්‍රතිචාරයට.
    120 ට 220 ක් ආවඩා ආයු බොහෝ වේවා !!!

    ReplyDelete
  13. සියලු පෑතුම් ඉටුවන්නා වූ සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබට

    ReplyDelete
  14. NUWAN"s lane ට
    ඔබටත් එසේම වේවා..............

    ReplyDelete
  15. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!!! ඔන්න ඉතින් අවුරුදු 30ට විතර පස්සේ මුලු රටම එක ධජයක් යටතේ ඉදගෙන අලුත්
    අවුරුද්දක් සැමරනවා. මේ අවුරුද්දේ නම් කාගෙත් හිතේ ගින්දරක් නැතිව ලිපේ ගින්දර මොලවන්න ඇති... ඉතින් ඔය අලුත් අවුරුද්දේ නිදහසේ පලමු කිරිබත් කැල්ල කනකොට අමතක නොකර මතක තියාගන්න .. අද ඔය නිදහස ලබාදෙන්න උරදිපු ප්රදාන නියමු...වෙක් මේ වෙලාවේ කන්නේ හිරබත් කියලා. කොයි තරන්නම් අභාග්යක්ද? මේ රට වෙනුවෙන් සටන් වැදුනු එඩිතර විරුවන්ට එදත් උනේ මේ දේමයි.. අදත් වෙන්නේ මේ දේමයි... එසේනම් හෙට ගැන කුමන කතාද?

    ReplyDelete
  16. @ s_maduranga

    එසේම වේවා. රටේ බොහෝ දෙනෙක්ගේ පැතුම ඒ නියමුවා ඉක්මණින් නිදහස් වේවා කියන එකයි. කෙසේ වෙතත් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ සත්‍ය කවදා හෝ ජයගන්නව කියන එක තමයි.

    ReplyDelete
  17. ඔබටත් එසේම වේවා ඉෂාන්

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................