Friday, April 2, 2010

බස්වල යන ජැක්සන්ලා


හැමෝටම සුභ උදෑසනක්. මේ කියන්න යන කතාව මට මතක් වුණේ ඊයේ දාපු post එකකට nadeesthoughts කරලා තිබ්බා comment එකක් නිසායි. පහුගිය මාසෙක දවසක මම උදේ campus යද්දී තමා මේ සිද්දිය වුණේ.

එදා මම ටිකක් පරක්කුත් වෙලා හිටියේ. ඉතින් අපේ හන්දියට වෙලා ඉද්දී ගාට ගාට ආපු private බස් එකකට මම ගොඩවුනා. බස් එකේ වැඩිය සෙනඟක් හිටියෙත් නැහැ. මම දුවගෙන ගිහින් ඉස්සරහ දොරෙන් බස් එකට නැග්ගා. මම කොහොමත් බස්වලට නගින්නේ ඉස්සරහ දොරෙන්. නැත්නම් පස්සේ දොරෙන් නැග්ගොත් බස් එකට නැග්ග වෙලාවේ ඉදලා කොන්දොස්තර කෑ ගහනවා ඉස්සරහට යන්න, ඉස්සරහට යන්න කියලා. එතකොට ඉස්සරහට යද්දී අනිත් අයව පෙරලගෙන, කකුල් පෑගිලා ජරමර ගොඩයි. කොහොමත් බස් එකේ ඉස්සරහ හරියෙ සෙනඟ එහෙමත් අඩු නිසා කරදරයක් නැතිව යන්න පුලුවන්.

නැවතත් කතාවට. ඔය විදිහට බස් එක ගාට ගාට කිරිබත්ගොඩ හරියට එද්දී එක පාරටම බස් එකේ පිටිපස්සට වෙන්න seat එකක වාඩි වෙලා හිටිය කෙල්ලෙක් මහ හයියෙන් බස් එකටම ඇහෙන්න කෑ ගහලා එතන හිටිය කොල්ලට කිව්වා
"මම මෙච්චර වෙලා බලන් හිටියා මගේ ඇඟටම හේත්තු වෙන්නේ මොකද ?" කියලා.
කොල්ලා ඒ වෙලාවේ කිව්වා "මගේ අත පොඩ්ඩක් වදින්න ඇති තමුසේ මොකද ඕකට ඔච්චර කෑ ගහන්නේ. බස්වල යද්දී ඔහොම අත පය අනිත් අයගේ ගෑවෙනවා තමා. තමුසෙට ඒක අල්ලන් නැත්නම් තමුසේ කාර් එකක් අරන් යනවා " කියලා.

මේ වෙලාවේ තමා කෙල්ලට ඌරු ජුවල් ගියේ.
කෙල්ල කිව්වා "තමුසෙ දන්නවනේ මගේ ඇඟේ ගෑවුණේ අත ද නැත්නම් වෙන එකක්ද " කියලා.
පස්සේ කෙල්ල කකුලේ දාන් හිටපු සෙරෙප්පුව අරන් කොල්ලට ගැහුවා. කොල්ලත් අනිත් පැත්තට කෙල්ලට ගැහුවා.

මේ වෙලාවේ තමා වටපිටාවේ හිටපු පිරිමි ටික වැඩේට සම්බන්ධ වුණේ.
"තමුසේ පිරිමියෙක්ද ඕයි, ඔහොම ගෑණුන්ට අත උස්සනවද " කියලා වටේ හිටිය පිරිමි ටික කොල්ලට ගහන්න පටන් ගත්තා. කොල්ලා කියනවා එතකොට " මුලින් ගැහුවේ මෙයානේ. ඒකනේ මම ගැහුවේ" කියලා.
එතකොට පිරිමි ටික කොල්ලට තව බනින්නයි ගහන්නයි පටන් ගත්තා. අන්තිමට කොල්ලා ගුටි කකා කෙල්ලට කියනවා "බුදු අක්කේ ඔයා දන්නවානේ, මම එහෙම දෙයක් කලේ නැහැනේ" කියලා.

අන්තිමට කොන්දොස්තර ඇවිත් කොල්ලව බස් එකේ ඉස්සරහට අරන් ඇවිත් හෙණම දේශනයක් දුන්නා " මල්ලී දන්නවද ඔහොම දේකට අවුරුදු කීයක් හිරේ යවන්න පුලුවන්ද ? ආදී වශයෙන්. කොල්ලට අන්තිමට කිරිබත්ගොඩින් බස් එකෙන් බැස්සා. මේක තමා කතාව.

මේ විදිහට කටයුතු කරන අයට සාමාන්‍ය ව්‍යවහාරෙදී කියන්නේ "ජැක්සන්" කියලා. ඒ වගේම මේ වැඩේට කියන්නේ "ජැක් ගහනවා" කියලා.

ඉතින් මේ කතාවෙන් ගන්න ඕන ආදර්ශය අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හුඟක් බස්වල ඔහොම ජැක්සන්ලා ඉන්නවා. හැබැයි ඕක කරනවා අහුවුණොත් ලැබෙන දඩුවම නම් හරි දරුණුයි කියලා මතක තියාගන්න ඕනේ. මම හිටපු බස් එකේ සෙනඟ අඩු නිසා කොන්දොස්තර ඇවිත් ජැක්සන්ව බේර ගත්තා. ඒත් සෙනඟ වැඩි බස් එකක ඔහොම දෙයක් කරලා අහුවුණොත් ඒ ජැක්සන්ට මදී නොකියන්න කන්න පුළුවන්. මොකද සෙනඟ වැඩි නිසා කොන්දොස්තරට එන්න විදිහකුත් නැහැ රණ්ඩුව බේරන්න.

මට මතක් වුණු කවි 2 ක් මේකට අදාල කරන්න පුලුවන්........

"කරන කලට පවු මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වේ ගිනි සේ " සහ
"ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ - සැපයක් යැයි කකුළුව දිය කෙලියේ "

[මේ කවිවල පද මට මතක විදිහට දැම්මේ ඒව වැරදි නම් කරුණාකර ඒක කියන්න]

ඒ වගේම මේ ජැක්සන් කියන වචනෙන් මියගිය ගායක මයිකල් ජැක්සන් අපහාසයක් නොකල බව ද කරුණාවෙන් සළකන්න.

21 comments:

  1. ඔය කියන කොල්ලා කිරිබත්ගොඩින් නේද බැස්සා කියලා කිව්වේ. හපොයි දෙයියනේ අපේ එකෙකුත් ඉන්නවා කිරිබත්ගොඩ පැත්තේ. අනේ දෙයියනේ විජයා.....

    ReplyDelete
  2. මට හිතුන විදිහට නම් කොල්ලා තවදුර යන්න හිටිය කෙනෙක් වෙන්න ඕනේ. බස් එකේ සිද්ධ වුණු වැඩෙන් පස්සේ තමා කලින් බහින්න ඇත්තේ............

    ReplyDelete
  3. @nihsntha
    විජයාද දන්නේ නෑ ඒ.. :o

    ReplyDelete
  4. පොඩ්ඩක් හැඩහුරුකම් කියමු බලන්න එතකොට මම කියන්නම් ඒ විජය ද කියලා

    ReplyDelete
  5. කොල්ලොන්ට වඩා ජැක් ගහන්නේ නාකි පප්පලා

    ReplyDelete
  6. ඒක ඇත්ත. ඒත චමින්දලා ඔය field එකේ හිටියට හුඟක් වෙලාවට මාට්ටු වෙනවා අඩුයි. ජැක්සන් කොල්ලෝ තමා පටස් ගාද්දී මාට්ටු වෙන්නේ.

    ReplyDelete
  7. එතකොට කෙල්ල කීවෙ බොරුවක් නං?

    ReplyDelete
  8. නෑ බං ඒ කෙල්ල බොරුවට කෑ ‍ගැහුවෙ මම මොනවත් කලේ නෑ.දැන් කාලෙ කෙල්ලොත් මහ හැදියාවක් නැති ජාතියක් වෙලා

    ReplyDelete
  9. මම හිතන විදිහට ඉවසන් ඉදලා බැරිම තැන තමයි කෙල්ල කෑ ගහලා කිව්වේ. අනික කොල්ල අත ගෑවුණා කියලා කියද්දී කෙල්ල කිව්වනේ අත නෙමෙයි ගෑවුණේ මොකක්ද කියලා දන්නවා ඇතිනේ කියලා.

    හුඟක් කෙල්ලෝ මේ වගේ වෙලාවට තේරෙන්නේ නෑ වගේ ඉන්නවා ලැජ්ජාවට. කීයෙන් කීදෙනාද ඔහොම කෑ ගහන්නේ ??

    ReplyDelete
  10. විජය කියන විදිහට මොලේ මාන්දමින් ඉන්න කෙල්ලෝ අත්වැරදීමකින් ඇඟේ ගෑ වුනත් ජැක් එකකට තමා එන්නේ කියලා කෑ ගහන්න පුලුවන්. ඒක නිසා ඇඟේ පතේ සෞඛ්‍යයට ගුණ පුලුවන් තරම් ඈතින් ඉන්න එක.

    ReplyDelete
  11. ඒකනේ මම සයිඩ් බෑග් එකක් දාගෙන බස් එකට නගින්නේ... බෑග් එක ඉස්සරහට දාගත්තම කාටවත් ගෑවුනා කියන්න බෑනේ.... :D :D

    මේක දැක්කම මතක් උනේ, මාතලේ පැත්තේ මුස්ලිම් නාකි මනුස්සයෙක් සරමෙ හිලක් හදාගෙන බස් එකට නැගල වැඩේට... මිනිහා මාට්ටු...

    ප.ලි.
    සමහර කෙල්ලෝ මේ ජැක් වැඩේට කැමතිය....

    ReplyDelete
  12. ආහ් කොල්ලා බ්ලොග් ලියනව වගේ! එලටම ලියල තියෙනව.... දිගටම ලියන්න අපි කියවනව!! මචං 50 දාන්න පුලුවන් බස් එකට 100ක් පටවගෙන යනකොට ඈත්වෙලා යන්නෙ කොහොමද කියල පැහැදිලි කරපන්කො :-P

    ReplyDelete
  13. කොන්දා හොඳ පොරක් වාගේ.
    හපෝ,50 දාන බස් එකේ 150 ක් විතර යනකොට ඉතින් ඇඟේ නොවැදි යන්න පුළුවන්ද? ඒවගේ බස්වල යනකොට මම නම් මුල්ලක හරි, ෆුට්බෝඩ් එකේ හරි තමයි ගියෙ. හැබැයි ඇත්තටම ඇඟට හේත්තුවෙන්නෙ කවුද, සෙනග වැඩිකමට කරන්න දෙයක් නැතිව ඇඟේ වදින්නෙ කවුද කියල කියන්න ගොඩක් කාන්තාවො දන්නවා.

    ReplyDelete
  14. ඉතින් ඕකට ඔතරම් කලබල වෙන්න ඕනෙයැ... හොඳින් තදවෙලා තියෙන යට ඇඳුම් ඇන්දාම ඉවරනෙ....

    ReplyDelete
  15. කොල්ලා ජැක්සන් කෙනෙක් නමේ හොද වැඩේ හැබැයි මොකද වෙන්නේ උ අහිංසකයෙක් නම්

    ReplyDelete
  16. Aruna Weerasinghe ට
    ඒක නම් නියම ක්‍රමයක් තමා සහෝ. අනික තමා අර මුස්ලිම් බුවාගේ කතාව සම්පූර්ණයෙන් කිව්වා නම් තමා එල.

    තුර්යට
    ඔය තියෙන්නේ. ඔහොම comments තියනවනම් ඉතින් posts ලියන්න පුළුවන් නේ ගමකට. 50 ක යන බස් එකේ 100 ක් දාන් යනකොට කරන්න ඕන අර ස්ථානෝචිත මොකක්ද එක පාවිච්චි කරන එක තමා. nadeesthoughts කියලා තියෙන්නේ හොඳ ක්‍රමයක් apply කරලා බලපන්

    nadeesthoughtsට
    ඒක තමා සහෝ මටත් ඒක හිතුනා. කොන්දා ඇවිත් වැඩේ මාර ඉක්මනට settle කරලා කොල්ලව බේරුවානේ.
    ඔය තියෙන්නේ ශරීර සෞඛ්‍ය හොඳින් තියන් බස් එකේ යන ක්‍රම.

    Kumarayaට
    ඔව් සහෝ එහෙමත් කැමති නම් කරන්න පුළුවන් තමා.......

    Vට
    ඒක ඉතින් වෙලාව තමා. මේ සිද්ධියේදී නම් කෙල්ලම මහ හයියෙන් කිව්වානේ එයාගේ ඇඟේ ගෑවුණේ කොල්ලගේ අත නෙමෙයි වෙන එකක් කියලා. :) :) :)

    ReplyDelete
  17. ඕකෙ අනිත් පැත්තත් තියෙනවා. සමහර කෙල්ලො හිතන් ඉන්නෙ පත්තිනි අම්මල වගේ. යන්තම් ගෑවුනත් රවල බලයි. ඔය සිද්ඩියෙත් සමහර විට කොල්ල හිතල කරපු දෙයක් නොවෙන්න පුලුවන්.

    ReplyDelete
  18. ඔව් සහෝ එහෙම වෙන්නත් පුළුවන්. කෝකටත් කොල්ලෝ වෙන අපි පරිස්සම් වෙන එක ඇඟේ පතේ සෞඛ්‍යට හොඳයි නේ........

    ReplyDelete
  19. ඔය අතරට බලෙන්ම ඇවිල්ල ඇඟේ හේත්තු වෙන ඇන්ටිල විතරක් නෙවෙයි අක්කල නංගිලත් ඉන්නවා. ඒකත් නොකිව්වොත් අඩුවක්.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................