Thursday, April 1, 2010

යම් පියාඹලා යම් පියාඹලා යම් පියාඹලා


මේක ලංකාවේ බස් ගැන කතාවක්. මට මේක ලියන්න idea එක ආවේ බඩියාගේ blog එකේ තිබ්බ Private බස් ගැන post එක දැක්කට පස්සේ. දන්නවනේ ඉතින් ලංකාවේ බස් රථවල ගමන් ගැන. විශේෂයෙන්ම Private බස් ගැන කතා කරලා වැඩක් නැහැනේ. ඉතින් මේකත් Private බස් එකක සිදුවුණු සිද්ධියක්.

දවසක් private බස් එකක් bus holt එකේ කොට කොට හිටියා. කොටනවා කියන එක දන්නවානේ. කොටනවා කියන්නේ බස් එක හිමින් යන එකටනේ. bus holt එකේ කොටනවා කියන්නේ bus holt එකේ නවත්තන් ඉන්න එක.

මේ අතරවාරයේ බස් එකේ කොන්දොස්තර පිටි පස්සේ footboard එකට වෙලා පිටි පස්ස බල බල ඉන්නවා අනිත් බස් එක එනකම්. ඒ බස් එක ආපු ගමන් නේ මේ බස් එක පිටත් වෙන්නේ.

ඔන්න ඉතින් පිටි පස්සෙන් අනිත් බස් එක ඈත එනවා පෙනුණු ගමන් කොන්දොස්තරට පොඩි ආතල් එකක් ගිහින් කිව්වා. "යම් පියාඹලා යම් පියාඹලා යම් පියාඹලා යම් පියාඹලා" කියලා.

එතකොට ඒක අහන් හිටපු රියදුරු මහත්තයාත් ඒ කික් එකෙන්ම කිව්වා " හරේ හරේ හරේ හරේ හරේ හරේ හරේ හරේ" කියලා.

මේ ආතල් වැඩේ බලන් හිටපු බස් එකේ හිටපු නාකි uncle කෙනෙක් කෙනෙක් අපිත් මේකට sup කරන්න ඕනේ කියලා කිව්වා " ආහ්හ ආහ් ආහ් හා......"

මේ තුන්දෙනාම කියපු ඒවයේ තාලය තමා ශාරුක් ඛාන් සහ කරීනා කපූර් රඟපාපු අසෝක චිත්‍රපටියේ එන Aa Tayar Hoja ගීතයේ තාලය. ඒ ගීතයේ link එකකුත් දාලා ඇති ඒකත් බලන්නකෝ



උඩින් තියෙන පිංතූරෙන් පෙන්නන්නේ ඒ බස් එක පියාඹලා ගිය හැටි

බඩියගේ post එක බලන්න ඕනේ නම් http://sithuwilisiththam-buddy.blogspot.com/2010/04/private.html

9 comments:

  1. මම දන්න විදියට මේ කතාවෙ නාකි අංකල් කෙනෙක් නෙවෙයි හිටියෙ.. ජැක්සන් කෙනෙක්. මිනිහා බස් එක වංගු ගන්නකොට ආතල් එකටයි ඔය සද්දෙ දැම්මෙ!

    ReplyDelete
  2. ඒකත් සිරා කතාව නදී.

    ජැක්සන් කෙනෙක් කියද්දී තව කතාවක් මතක් වුණා ගිය මාසේ මම හිටපු බස් එකක ජැක්සන් කෙනෙක්ට වෙච්ච අතවරයක් ගැන. ඊලඟ postඑකෙන් ඒක ගැන කියන්නම්. බලාපොරොත්තුවෙන් ඉන්න.

    ReplyDelete
  3. ඒකත් එල කතාව මචො...මටත් තියෙනව තව ඔයවගේ ලස්සන ලස්සන "බස් කතා" ටිකක් ගැන කතා බස් කරන්න..ඉඩක් හම්බුන ගමන් ලියන්නන්කො..

    ReplyDelete
  4. ස්තුති වේවා අදහසට.

    ලියන්න සහෝ. අපි ඒවා බලාපොරොත්තුවෙන් ඉන්නේ.......

    ReplyDelete
  5. කලින් අහල තිබ්බ මේ බස් කතාව.
    තව කතා ලියමු සහෝ.

    ReplyDelete
  6. මම දන්න කතා අනික් අය දන්නවද කියලා මම දන්නේ නැහැනේ Raven . ඒක නිසා තමා මෙහෙම ඒවා වෙන්නේ.

    ඉතින් කතාවක් දැම්මාට පස්සේ තමා දැනගන්න පුලුවන් වෙන්නේ අනිත් අයත් මේ කතාව දන්නවා කියලා. කොහොම වෙතත් ඒක මග හරවා ගන්න හැකිතාක් උත්සහ ගන්නම්. ස්තුතියි Raven ඔබේ ප්‍රතිචාරයට

    ReplyDelete
  7. නියමයි.. තව ලියන්න..

    ReplyDelete
  8. නදී අයියා ඕන් මම ජැක්සන්ගේ කතාව දැම්මා කියවලා බලන්න.

    http://aagiyakatha.blogspot.com/2010/04/blog-post_02.html

    ReplyDelete
  9. ස්තුතියි Outsider සහෝ. අළුත post එකක් දාලා තියෙන්නේ බලන්න

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................