
අද දවල් අපේ නංගිව class එකෙන් ගන්න තාත්තයි අම්මයි එක්ක මාත් ගියා. ගෙදර අයත් එක්ක හරි කලාතුරකින් තමා මම ගමනක් යන්නේ. මොකද හැමතිස්සේම වගේ මම මොකක් හරි වැඩකට ගෙදරින් පිට යැවෙන නිසා ගෙදර අයත් එක්ක ගමන් යැවෙනවා අඩුයි. මම අද ඔය ගමන ගියෙත් මගේ computer එක කැඩිලා හදන්න දාලා තිබ්බේ ඒක අරන් එන්න ඕනේ නිසා.
ඉතින් නංගිව class එකෙන් ගත්තට පස්සේ අම්මා නංගිගේ පොත් ටික බලන්න ගත්තා. පොත් බලලා අම්මා කියන්න ගත්තා අත් අකුරු හොඳ මදි. ඉස්පිලි පාපිලි එහෙම පැහැදිලිව දාන්න ඕනේ ආදී විදිහට [අපේ අම්මා ගුරුවරියක්. ඒකයි ඔච්චර කියන්නේ].
ඉතින් මාත් නංගිගේ පොත් දිහා බලලා කිව්වා.
"ඔව් ඔව්, ළමයාගේ අත් අකුරු නම් හොඳ මදි. මගේ නම් ඒ කාලේ අත් අකුරු ඔයිට වඩා හොඳයි" කියලා.
ඒ කාලේ කියලා කිව්වේ මම ඉස්කෝලේ 9 වසරේ ඉන්න කාලේ [අපේ නංගී දැන් ඉන්නේ ඉස්කෝලේ 9 වසරේ].
අපේ ගෙදර හොඳටම අත් අකුරු තියෙන්නේ අපේ අම්මාගේ. තාමත් මම මොකක් හරි form එකක්, application එකක් එහෙම පුරවන්න ඕන වුණොත් කියන්නේ අම්මාට. ඊට පස්සේ අපේ ගෙදර හොඳම අත් අකුරු තියෙන්නේ මගේ. ඊටත් පස්සේ පිලිවෙලින් නංගි, අයියා සහ තාත්තා.
තාත්තා අන්තිමට ආවේ අපේ තාත්තගේ අත් අකුරු එහෙම නියමෙටම නියම නිසායි. තාත්තගේ අත් අකුරු අපිට කියවන්න එහෙම හරි අමාරුයි. මට නම් දැන් ප්‍රශ්නයක් නැහැ මොකද මම පුරාවිද්‍යාඥයෙක් වෙන්න ඉන්න නිසා :).
ඉතින් කතාවට එමුකෝ. අම්මගෙයි මගෙයි කතා අහලා තාත්තා කිව්වා නියම කතාවක්. අපේ නෑදෑ කෙනෙක් හිටියා ඉස්සර සෞදි අරාබියේ. අපි එයාට කියන්නේ බිංදු මාමා කියලා. ඉතින් තාත්තා එයාට විස්තර එහෙම කියලා ලියුමක් යවලා තියෙනවා. ඔය කියන්නේ 1994,1995 වගේ කාලේ. Telephone භාවිතයක් එහෙම එච්චර තිබ්බේ නැහැනේ.
ඉතින් තාත්තා යවපු ලියුමට බිංදු මාමා එව්ව පිළිතුරු ලිපියේ අන්තිමට වගේ මෙහෙම තිබ්බාලු.
"හිතවත් ගාමිණී මල්ලී, මම ඔයාගේ ලියුම කියෙව්වේ දවසක්ම නිවාඩු දාලා බෝඩිමට වෙලා. කෝකටත් කොල්ලෝ දෙන්නා දැන් ඉස්කෝලේ යන එකේ ඔයත් පොඩ්ඩක් ඒ පංතියකවත් ගිහින් අත් අකුරු හදා ගත්තොත් හොඳයි නේද?"
බිංදු මාමා විහිළුවට වගේ කිවවත් ඉතින් කතාව නම් අමූලික ඇත්ත :) :) :) කොහොම වෙතත් අපේ තාත්තගේ ඉංග්‍රීසී අකුරු එච්චරම අවුලක් නැහැ සිංහල අකුරු තමා අවුල. මේ වෙනකොට නම් තාත්තා හුඟක් වෙලාවට ලියුමක් කාරියේ ලිව්වොත් ලියන්නේ ඉංග්‍රීසියෙන්. සිංහලෙන් මොකක් හරි ලියා ගන්න ඕන වුණොත් කියන්නේ අම්මාට. ඒ වගේම වැදගත් කියන ලියුමක් එහෙම නම් මට කියලා කරගන්නවා.