Sunday, September 2, 2012

දෙවිවරු වුණු අයියලා, මල්ලිලා, පුතාලා සහ මුණුබුරන් - ඉතිහාසයේ අප්‍රකට කතා 16

 දෙවියෙක් වුණු ඔසිරිස් නම් ෆාරාවෝ

තමන් මැරුණාට පස්සේ දෙවියෙක් විදිහට වන්දනා මාන කරනවාට කවුරුද අකමැති වෙන්නේ. ඒක නිසා පැරණි මිසරයේ සමහර ෆාරාවෝවරු වගේම බලවත් සෙන්පතියෝ අලංකාර විදිහට තමන්ගේ සොහොන් ගැබවල් නිර්මාණය කළා වගේම තමන්ගේ ප්‍රතිමාවන් දෙවිවරුන්ගේ ප්‍රතිමා අතරේ තබලා තමන් විසින් තමාව දේවත්වයට පත් කරගන්න උත්සහයක් දරපු බව පෙනෙනවා. 

ඒත් ශ්‍රී ලංකාවේ තත්වය මීට වඩා වෙනස්. ලංකාවේ මිනිස්සු හුරු පුරුදු වුණේ ජනතාවට හිතැති, රටට උදාර මෙහෙයක් කරපු රජවරුන් වගේම ඒ ඒ ප්‍රදේශවල මහජන සේවයේ යෙදුණු පුද්ගයන්ව මරණයෙන් පස්සේ ජනතාව විසින්ම දේවත්වයට පත් කරලා වන්දනා මාන කරන එක. 

ඒක කාගේවත් අණ කිරීමක්වත් බල කිරීමක්වත් නැතුව සිදුවුණු දෙයක්. ඒ උදාර පුද්ගලයා මියගියත් තමන්ගේ උදව්වට සිටිනවා කියන මිනිස්සුන්ගේ විශ්වාසය නිසාමයි ඒ විදිහට දේවත්වයෙන් සැලකුවේ.

මේ විදිහට දේවත්වයට පත් කරපු රජවරු ගැන හොයලා බැලුවොත් වංස කතා සාහිත්‍ය අනුව දුටුගැමුණු, සිරි සඟබෝ, මහසෙන්, IV අග්බෝ වගේ රජවරුන් දක්වන්න පුලුවන්. 

 මින්නේරි දෙවියන්ගේ යෝධ නිර්මාණය වූ මින්නේරි වැව

හැබැයි මේ රජවරුන්ගෙන් සෘජුවම දෙවි කෙනෙක් විදිහට වන්දනාවට පාත්‍ර වුණේ මහසෙන් රජතුමා විතරයි. අද දක්වාම පොළොන්නරු ප්‍රදේශයේ මින්නේරි දෙවියන් නමින් වන්දනාවට මහසෙන් රජතුමා පාත්‍ර වෙන්නේ ඒ ප්‍රදේශයේ එතුමා ඉදි කරවපු වාරි කර්මාන්ත නිසා වන සේවාව නිසාමයි.

ඒ හැරෙන්න මේ දක්වපු ලේඛනයේ අනෙක් රජවරුන් වන්දනීය පුද්ගලයන් විදිහට සළකපු බව පේන්නේ ඒ රජවරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා ස්ථූප නිර්මාණය කරපු නිසා වගේම භෂ්මාවශේෂ ඖෂධ වශයෙන් පවා මිනිසුන් භාවිත කරපු බවට සාධක හමුවෙන නිසා. 

දක්ඛිණ ථූපයෙන් සොයාගත් දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ

දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා දක්ඛිණ ථූපය නිර්මාණය කරපු කතාවයි කියවන්න මෙතනින් යන්න

මේ හැරෙන්න සාහිත්‍ය මූලාශ්‍රවලින් හමුවෙන රාවණා රජතුමා, එතුමාගේ සහෝදරයා වුණු විභීෂණ, සමනොළ කන්දට අධිපති සුමන සමන්, කතරගම ප්‍රදේශයට අධිපතියා වූ මහාසේන වැනි පාලකයන්වත් පසුකාලීනව දේවත්වයේලා ඒ ඒ ප්‍රදේශවල වගේම ලංකාව පුරාමත් දැකගන්න පුලුවන්.

රංවල දෙවියෝ

මේ හැරෙන්න මහජනතාවට සේවයක් කරපු අය විදිහට කලා වැව ආසන්නයේ හිටිය කාල "කඩවර දෙවියෝ" නමිනුත්, කැලණි ගඟ අසබඩ සිටිය රංවල මුත්තා "රංවල දෙවියෝ" නමිනුත් වන්දනාවට පාත්‍ර වෙනවා.

මේ විදිහට සංක්ෂිප්තව කරුණු කතා කළේ අද කතාවට ප්‍රවේශයක් ගන්න. අද කතාවෙන් කියන්නේ එකම පවුලේ සහෝදරවරු වගේම එයාලගේ පුතාලා වගේම මුණුබුරාලා පිරිසක් දේවත්වයට පත්වුණු හැටි.

ශිව, පාර්වතී, ගනේෂ, ස්කන්ධ දේව පවුල

මම විශ්වාස කරන විදිහට සැබවින්ම ජීවත්වුණු එකම පවුලක පිරිසක් මේ විදිහට දේවත්වයට පත්වෙලා තියෙන එකම අවස්ථාව මේක වෙන්න ඕනේ. [හින්දු දේව පුරාණයේත් පවුලක් විදිහට දෙවිවරුන්ගේ ඥාති සබඳතා ගැන කතා කළත් ඔවුන් ආරම්භයේදී ඉදලාම දෙවිවරුන් විදිහටනේ හිටියේ]

කෝට්ටේ යුගයේ ලංකාව පාලනය කරපු VIII වීර පරාක්‍රමබාහු කියන රජතුමා ගැන ඔයාලා අහලා ඇතිනේ. අවසන් වරට ලංකාව එක්සත් කරපු රජතුමා වුණු VI පරාක්‍රමබාහු රජතුමාගේ පුතෙක් තමා මේ රජතුමා.

ඒ වගේමයි මේ රජතුමා යාපනය කෝට්ටේ පාලනයට යටත් කළ සපුමල් කුමාරයාගේ සහෝදරයෙක්. කෝට්ටේ පාලනයට කන්ද උඩරට යටත් කරලා අම්බුලුගල ප්‍රදේශයේ තමන්ගේ පාලනය ගෙනගිය නිසා මේ කුමාරයාව මුලින් හැඳින්වුණේ අම්බුලුගල කුමාරයා කියලා.

කොහොම නමුත් තවත් මතයක් තමා සපුමල් කුමාරයා සහ අම්බුලුගල කුමාරයාගේ පරාක්‍රමබාහු රජතුමාගේ දරුවන් නෙමෙයි හදාගත්තු දරුවන් කියලා. කොහොමින් කොහොම හරි VI පරාක්‍රමබාහු රජතුමාගේ ඇවෑමෙන් රජතුමා වුණේ එතුමාගේ දියණිය වුණු උලකුඩය දේවියගේ පුත්‍රයා වුණු ජයබාහු. ඒකට විරුද්ධ වුණු සපුමල් කුමාරයා ජයබාහුව මරලා VI බුවනෙකබාහු නමින් රජවුණා.

එයාගේ ඇවෑමෙන් රජවුනේ පුත්‍රයා වුණු VII පණ්ඩිත පරාක්‍රමබාහු. ඒකට විරුද්ධ වුණු සපුමල් කුමාරයා එහෙමත් නැත්නම් බුවනෙකබාහුගේ සහෝදරයා වුණු අම්බුලුගල කුමාරයා VII පණ්ඩිත පරාක්‍රමබාහුව මරලා VIII වීර පරාක්‍රමබාහු නමින් රජවෙනවා.

මේ VIII වීර පරාක්‍රමබාහු එහෙමත් නැත්නම් අම්බුලුගල කුමාරයට බිසෝවරුන් දෙදෙනෙක් ඉන්නවා. මේ බිසෝවරුන් දෙන්නා සහෝදරියන්. අග බිසවට දාව ධර්ම පරාක්‍රමබාහු, ශ්‍රී රාජසිංහ, විජයබාහු කියලා දරුවෝ තුන් දෙනෙකුත් අනෙක් බිසවට දාව සකලකලා වල්ලභ සහ තනිය වල්ලභ කියලා දරුවෝ දෙන්නෙකුත් හිටියා. ඒ හැරෙන්න රජතුමාට දියණියකුත් සිටි බව කියවෙනවා.

රජතුමා තමන්ගේ දරුවන්ට පාලනය කරන්න කෝට්ටේ රාජධානියේ විවිධ ප්‍රදේශ භාරදීපු බව කියවෙනවා. ඒ අනුව ධර්ම පරාක්‍රමබාහු පියරජතුමා වෙනුවෙන් අගනුවරත් විජයබාහු රයිගමත් ශ්‍රී රාජසිංහ මැණික්කඩවරත් සකලකලා වල්ලභ උඩුගම්පොළත් තනිය වල්ලභ මාදම්පේ ප්‍රදේශයේත් පාලනය ගෙනියනවා.

කෝට්ටේ අගනුවර

පිය රජතුමාගේ ඇවෑමෙන් ධර්ම පරාක්‍රමබාහු කුමාරයා IX ධර්ම පරාක්‍රමබාහු නමින් රජවෙනවා. හැබැයි ඒක එහෙම නොවුණා කියලාත් ප්‍රබල විරෝධයක් තියෙනවා. කොහොම නමුත් මේ සහෝදර රජවරු පස් කට්ටුව බොහොම සමඟියෙන් පාලනය අරගෙන ගිය බව කියවෙනවා.

විශේෂයෙන් ලංකාවට පෘතුගීසීන් පැමිණියාට පස්සේ ඔවුන් සමඟ සබඳතා පවත්වද්දී වගේම ගිවිසුම්වලට එළඹෙද්දී සහෝදර රජුන් පස් කට්ටුව එකා මෙන් කටයුතු කරපු බව දැක්වෙනවා. 

විශේෂම කරුණක් දැක්වුවහොත් ධර්ම පරාක්‍රමබාහු ඇවෑමෙන් ඒ වෙද්දී හිටිය වැඩිමහල්ම කුමාරයා වුණු සකලකලා වල්ලභගෙන් සිහසුන් භාරගන්න කියලා ඉල්ලීමක් කරපු අවස්ථාවේ ඒක ප්‍රතික්ෂේප කරලා සිහසුන විජයබාහු කුමාරයට භාර කරන්නත් සකලකලා වල්ලභ ක්‍රියා කරනවා. තමන් අග බිසවගේ පුත්‍රයා නොවුණු නිසා ඉදිරියේදී රාජ්‍යයේ වියවුල් සහගත තත්වයක් ඇතිවෙයි කියලා එතුමා දූර්දර්ශීව ක්‍රියා කරපු බව පේනවා. 

අපේ අද කතාවට සම්බන්ධ වෙන්නේ මේ සකලකලා වල්ලභ කුමාරයාත්, තනිය වල්ලභ කුමාරයාත් ඔවුන්ගේ දරුවනුත් තමා.

ධර්ම පරාක්‍රමබාහු සමයේ හලාවත ප්‍රදේශයට ගොඩ බැහැපු කයාල් පටුනෙන් ආපු අදිරාස රායන් කියන මුදලි සහ මුස්ලිමරුන් පිරිස රජතුමාගේ මුතුපරවල මුතු ලබාගන්නත් අලි ඇතුන් අල්ලන්නත් පටන් ගත්තා. ඒක වළක්වන්න රජතුමාගේ අණින් උඩුගම්පොළ හිටිය සකලකලා වල්ලභ තමගේ සහෝදර මාදම්පේ පාලකය වුණු තනිය වල්ලභත් එක්ක පිටත් වුණා.

අශ්වයෙක් පිට නැගුණු සකලකලා වල්ලභ සහ ඇතෙක් පිට නැගුණු තනිය වල්ලභ සේනාව මෙහෙයවලා අදිරාස රායන් ඇතුළු මුස්ලිම්වරුන්ව මරා දමනවා. ඒ ජයග්‍රහණය රාජාවලිය දක්වන්නේ "ඇත්තු ගන්ඩ ආ යොනුන්ඩ බල්ලකු විචරත් බැඳ ගන්ඩ නොදී නැවුත් පොඩි කොට මේ ආකාරයෙන් යුධ ජයගෙන..." ආදී වශයෙන්. 

මේ කාලයේදීම උඩරට හිටිය සාමන්ත පාලකයා වාර්ෂික දැකුම් ගෙවන්නේ නැතුව ඔටුන්නක් තනාගෙන ස්වාධීන පාලකයෙන් වෙන්න යන ආරංචිය ලැබුණු නිසා මැණික්කඩවර හිටිය ශ්‍රී රාජසිංහ කුමාරයා ඒ තත්වය සමනය කරවලා නැවත වරක් උඩරට ප්‍රදේශය කෝට්ටේ රාජධානියේ යටතට පත් කරවනවා. 

ඒත් ටික කාලකින්ම නැවත වරක් උඩරට කැරලි සහගත තත්වයක් ඇතිවෙන නිසා ඒක මර්දනය කරන්න පිටත් වෙන්නේ උඩුගම්පොළ සකලකලා වල්ලභ. කැරලිකරුවන් මර්දනය කරපු සකලකලා වල්ලභ කුමාරයා නැවතත් කෝට්ටේ බලය ඒ ප්‍රදේශවල පතුරවනවා.

මේ විදිහට දේශපාලනික ස්ථාවරත්වයක් ඇතිකරන්න වගේම ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකරන්නත් සකලකලා වල්ලභගෙන් ලොකු සේවයක් වූ බව පෙනෙනවා.

 මුතුරාජවෙල වර්තමානයේදි

අත්තනගලු ඔයේ අතු ගංගාවක් වෙන කුඩා ඔය මිනුවන්ගොඩ වැගොව්ව ප්‍රදේශයේදි විශාල වේල්ලක් බැඳීමෙන් හරස් කරලා කෘෂිකර්මයට ජලය ලබාදෙන්න සකලකලා වල්ලභයන් කටයුතු කළා වගේම මුතුරාජවෙල සංවර්ධනය කරලා ඒ රාජකීය වෙල් යායෙන් විශාල අස්වැන්නක් ලබාගන්නත් කටයුතු කරපු බව කියවෙනවා.  

ඒ හැරෙන්න උඩුගම්පොළ රාජධානියට අයත් වෙලා තිබුණු රත්මලවිට, කිරිඳිවිට, මාකේවිට, අඹන්විට, තඹවිට, අක්කරවිට, උදම්මිට, කොස්ඕවිට, දික්ඕවිට, ඕපාත කියන ප්‍රදේශවලත් වාරි කර්මාන්ත මඟින් ජලය ලබාගෙන වී ගොවිතැන සාර්ථකව කරවන්න සකලකලා වල්ලභයක් කටයුතු කරලා තියෙනවා. 


සකලකලා වල්ලභයන් ස්නානය කළ පොකුණ තිබූ තැන වර්තමානයේදී

මේ ආකාරයෙන් රටවැසියා වෙනුවෙන් ඉමහත් සේවයක් කරපු සකලකලා වල්ලභයන්ව මරන්න කුමන්ත්‍රණයක් එතුමාගේම පුතුන් සත් දෙනා විසින් දියත් කරනවා. ඒ අනුව සකලකලා වල්ලභයන් ස්නානය සඳහා භාවිතා කරන පොකුණේ උල් සිටුවලා තියෙනවා පොකුණට බැස්සාම ඇනිලා මියයන විදිහට. 

ඒත් පොකුණේ වතුරේ කළු බඹරෙක් ඉන්න ආකාරය දැකලා හොයලා බලද්දී මේ කුමන්ත්‍රණය හෙළිකරගන්න පුලුවන් වෙනවා. පුත්තු 7 දෙනා මරාදමන්න පියා තීරණය කලත් මවගේ උදව්වෙන් කුමාරවරු 7 දෙනා මාළිගාවෙන් පැනලා ගිහින් අලගල ප්‍රදේශයේ තිබෙන මහකන්ද ප්‍රදේශයේ සැඟවිලා ජීවත් වෙනවා. 

මේ කුමාරවරුන් 7 දෙනාගෙන් එක් කෙනෙක් තමන්ට පුද සත්කාර කරන ජනතාවට පිහිට වෙනවා කියලා හිතාගෙන පර්වතයකින් පැනලා සියදිවි නසා ගන්නවා. පස්සේ ඒ කුමාරයා "කළු කුමාර දේවතා බණ්ඩාර " නමින් ප්‍රසිද්ධ වෙනවා. 

තවමත් ඒ ප්‍රදේශවල වී අස්වනු කපාගෙන ඒවා ගෙවල්වලට ගන්න කලින් කළු කුමාර දේවතා බණ්ඩාර යාදින්න කියලා කළු කුමාර දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගන්න කටයුතු කරනවා. 

මේ තියෙන්නේ ඒ කියනවාය කියන කළු කුමාර දේවතා බණ්ඩාර යාදින්න

"අවසර පස්වාන් දහසකට තිරහත් කාලයක් කප්පන් තිරයක් අහස පොළව පවතිනාතේකට ඉරහඳ පවතිනාතේකට කළු කුමාර දේවතා බණ්ඩාර දේවයන් වහන්ස, ඔබ වහන්සේ සකලකලා වල්ලකබාහු රජ්ජුරුවන්ගේ කුමාරයා බව සැබෑ සත්ත නම් පියරජ්ජුරුවන්ට හදිකං කරවා පතහේ උල් හිටෝලා සළු අපුල්ලන ඇමැත්තෙක් එක්ක හිමේ හත් ගව්ව බලා වදාරාළා කුණුදිය පර්වතේ පල්ලේ පැන මියයත් වී වදාරළා මෙරට මහත් දෙවියන්ට තෙද කේර්තියක් පාගෙන ඊරිය ගමට වැඩම කර වදාරාලා ඊරියගම යක්ෂයාට කොටා ඊරියගම මළුවේ තිබුණු තල්ගස් දෙක එකට ලණු අඹරවාපු තෙද කේර්තියක් පාගෙන අඩුක්කු මුරුතැන් මංගල්ලවල් ඔප්පු අරගෙන කළුකුමාර දෙවියන් වහන්සේගේත් වන්නාවූ යක්ෂ උපද්‍රවල් දුරු කරවලා ආයෙත් එන අවුරුද්දේ අඟුරු දුම්මල අතක් අල්ලන තුරා කිසියම් යක්ෂ දෝෂයක් දේවදෝෂයක් පේන්ඩ ඉඩක් තියන්නේ නැතිව සකල ශරීර පංචස්කන්ධවල් දේවාරක්ෂාව බන්දවා දෙන්ඩ කළු කුමාර දෙවියන් වහන්සේගෙන් අවසර කප්පාන් තිරයකටම ආයුබෝ වේවා......"

කුමාරවාරුන් 7 දෙනාගෙන් බාලම කුමාරයා මේ සිද්ධි වෙද්දී බොහොම ලාබාල වයසේ තමා ඉදලා තියෙන්නේ ඒක නිසා ඒ කුමාරයාව හඳුන්වලා තියෙන්නේ "කිරි බොන ඈපාණෝ" කියලා. තරුණ වයසට ආපු මේ කුමාරයා මහකන්ද අසළ වුණු ගමකින් තරුණියක් සරණ පාවා ගන්න ගියත් ඒ තරුණියගේ දෙමාපියෝ මේ තරුණයා කාගේ කවුද කියලාවත් තොරතුරු දන්නේ නැති නිසා ඒ විවාහයට කැමති වෙන්නේ නැහැ. 

ඒ නිසා තමන් තරුණියට අරගෙන ආපු මාලය ඒ ගෙදර දොරේ එල්ලලා කුමාරයා ආපහු යන්න යනවා. ඒ සිද්ධියත් එක්ක දුන්නුමාලේ නමින් ඒ ගම හැඳින්වෙනවා. පස්සේ කාලේ ඒ ගමේ නම "දුනුමාලේ" බවට පත්වෙනවා.

මේ සිදුවීමෙන් පස්සේ ඉදන් ගමේ හරක් නැතිවෙන්න පටන් ගන්නවා. රාත්‍රියට අත්භූත හඬකින් ගමේ මිනිස්සුන්ට කියනවා නැතිවුණු හරක් හොයාගන්න නම් කිසියම් ස්ථානයක වුණු විශාල ගහක් මුල බත් මුට්ටියක් ගෙනත් තියන්න කියලා. බත් මුට්ටිය ගෙනත් තිබ්බාම පහුවදාම නැතිවුණු හරකා ලැබෙනවා. 

මේ වැඩේ කළා කියන්නේ අර "කිරි බොන ඈපාණෝ" කියන කුමාරයාමලු. පස්සේ තමන්ගේ හිත ගත්තු තරුණියව ලබාගන්න හිතපු කුමාරයා දුනුමාලේ ගමෙන් ළමයෙක් පැහැර ගෙන ඇවිල්ලා එදා රෑ ගමේ මිනිස්සුන්ට අවතාරයක් වගේ ඇවිත් කිව්වලු නැතිවුණු ළමයා ඕනේ නම් තරුණියගේ නම කියලා එයා අතේ බත් මුට්ටියක් කැලෑවට එවන්න කියලා. 

අන්තිමට නැතිවුණු ළමයාත් ලැබෙනවාලු. කොහොමින් කොහොම හරි මේ කුමාරයාගේ සෙල්ලම නිසා මිනිස්සු මේ බොරුව ඇත්තක් කියලාම හිතලා "දුනුමාලේ දේවතා බණ්ඩාර" නමින් හඳුන්වලා ඒ දෙවියන්වත් වන්දනා කරන්න පටන් අරගෙන තියෙනවා. කොහොම නමුත් මේ දුනුමාලේ දේව වන්දනාව ආරම්භ වුණු වෙනත් ආකාරයක් ගැනත් කතාවකුත් තියෙනවා. 

පුත් කුමාරවරුන් මේ විදිහට දේවත්වයට පත් වෙද්දී එයාලගේ තාත්තා වුණු සකලකලා වල්ලභ දේවත්වයට පත්වුණු හැටිත් කියන්නම්. 

කලින් කිව්ව විදිහට සකලකලා වල්ලභයක් කරපු විශාලම වාරි නිර්මාණය වුණු අත්තනගලු ඔයේ අතු ගංගාවක් වුණු කුඩා ඔය හරස් කරලා බැන්ද වේල්ල හඳුන්වලා තියෙන්නේ "අස්වානේ වේල්ල" කියලා. 

ඉතින් මේ වේල්ල කාලයක් ගත වෙද්දී කීප වරක්ම අබලන් වෙලා තියෙනවා. සකලකලා වල්ලභයක් ලොකු වෙහෙසක් අරගෙන තියෙනවා මේ වේල්ල පිළිසකර කරන්න. අවසන් වතාවේ ඒක අසාර්ථක වීමත් එක්කම වේල්ල කඩාගෙන යනවා දැකපු සකලකලා වල්ලභ කම්පාවට පත්වෙලා ඒ වතුර පාරට පැනලා සිය දිවි නසා ගන්නවා. ඒක දැකපු එතුමාගේ බිසෝවරුත් ඒ වතුර පාරටම පැනලා මියයනවා.

අස්වානේ දෙවියන්

ඉතින් සකලකලා වල්ලභයන්ගේ මරණෙන් පස්සේ මිනිස්සු "අස්වානේ දෙවියන්" නමින් වන්දනා කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේමයි තවත් ජනප්‍රවාදයක් තමා සකලකලා වල්ලභයක් සමඟම මියගිය බිසෝවරු සත්දෙනාව තමා දුනුමාලේ බිසෝ බණ්ඩාර සත් දේවතා කට්ටුව නමින් වන්දනා කරන්නේ කියලා.

කොහොම නමුත් තවමත් ඒ ප්‍රදේශයේ පූජනීය ස්ථානවල කරන ආගමික කටයුතු අවසානයේදි ඒ ප්‍රදේශයට අධිපතිව වැඩ වාසය කරන "අස්වානේ" දෙවියන්ට පිං පැමිණවීමට ඒ ප්‍රදේශයේ ජනතාවගේ සිරිතක්.

මේ අතරේ සකලකලා වල්ලභයන්ගේ සහෝදරයා වුණු තනිය වල්ලභත් කලින් දක්වපු විදිහට රාජ්‍යයේ දේශපාලනික ස්ථාවරත්වයට ලොකු වැඩ කොටසක් කළා වගේම ආර්ථික ස්ථාවරත්වයටත් වැඩ කටයුතු කරලා තියෙනවා.

 මහවැව

තමන්ගේ පාලන ප්‍රදේශය වුණු මාදම්පේ ප්‍රදේශයේ වාරි කර්මාන්ත කීපයක්ම කරවලා කෘෂි කර්මයට අවශ්‍ය ජලය ලබාදෙන්න තනිය වල්ලභයනුත් කටයුතු කරලා තියෙනවා. ඉන් ප්‍රධාන වාරි කර්මාන්තයක් වෙන්නේ "මහවැව" යි.

තනිවැල්ලේ දෙවියන්

ඉතින් තනිය වල්ලභයනුත් මරණයෙන් පස්සේ ජනතාව "තනිවැල්ලේ දෙවියන්" නමින් වන්දනා කරන්න පටන් ගත්තා. සුදු අශ්වයෙක් පිටේ නැඟිලා සුදු වස්ත්‍රාභරණයෙන් සැරසිලා වේගයෙන් තවමත් තනියවැල්ලේ දෙවියන් තමන්ගේ බල ප්‍රදේශයේ ගමන් තම වැසියන්ගේ ආරක්ෂාව සලසන බවයි ජනතාවගේ පිළිගැනීම වෙන්නේ.


තනිවැල්ලේ දෙවියන්ගේ අශ්වයා

මාදම්පේ ප්‍රදේශයට යන කොට සුදු අශ්වයෙක්ගේ රුවක් ඉදි කරලා තිබෙන දේවාලය තමා මේ තනිවැල්ලේ දෙවියන්ගේ දේවාලය වෙන්නේ. කෝට්ටේ යුගයේ පටන් තිබුණු මේ දේවාලයේ වර්තමානයේ දක්නට ලැබෙන ගොඩනැගිලි ගලින් ඉදි කරන්නේ 1894 දී.



ඒ කෙසේ නමුත් දේවාලයේ පෞරාණිකත්වය පෙන්වන වසර 250 ක් පමණ පැරණි බෝධි වෘක්ෂයකුත් දේවාල භූමියේ දක්නට ලැබෙනවා.

තනිය වල්ලභයන්ගේ මරණයට හේතුව සොයා බැලුවොත් ඒක සිද්ධ වෙන්නේත් එතුමාගේම මුණුබුරා අතින්. තනිය වල්ලභයන්ට හිටියේ දියණියක්. ඇය විවාහ වුණේ සොළී කුමාරයෙක් සමඟ. ඔවුන්ගේ දරුවන් වුණේ වීදිය බණ්ඩාර සහ තම්මිට සූරිය බණ්ඩාර කියන කුමාරවරුන්.

අවසානයේදී 1583 දී පමණ තනිය වල්ලභයන් මියයන්නේත් කලින් කිව්වා වගේ තමන්ගේම මුණුබුරා වුණු වීදිය බණ්ඩාර අතින්.

වීදිය බණ්ඩාර කියන්නේ බොහොම ආන්දෝලනාත්මක චරිතයක්. කෝට්ටේ බුවනෙකබාහු රජතුමාගේ දියණිය වුණු සමුද්‍රදේවි විවාහ කරගත්තු වීදිය බණ්ඩාර කෝට්ටේ රජ වාසලේ ප්‍රබල තනතුරු පවා දැරුවා. කෝට්ටේ රාජධානියේ අවසන් රජතුමා වුණු ධර්මපාල රජතුමා මේ දෙපළගේ දරුවෙක්.

සමුද්‍රදේවිගේ වියෝවෙන් පස්සේ වීදිය බණ්ඩාර සීතාවක මායාදුන්නේ රජතුමාගේ දියණියක් වුණු කුඩා ටිකිරි බිසෝ අදහසින්ව විවාහ කරගන්නවා.

කෝට්ටේ රාජධානිය සමඟත් සීතාවක රාජධානිය සමඟත් අවසානයේදී ගැටුම් ඇතිකරගත්තු වීදිය බණ්ඩාර දැඩි පෘතුගීසි විරෝධියෙකුත් වුණා. තමන්ගේ සටන්වලට සහය ලබාගන්න යාපනයට පිටත් වුණු වීදිය බණ්ඩාර යාපනයේ රජතුමා සමඟ යුධ ආධාර ලබාගන්න ගිවිසුමකට එළඹුණා.

පස්සේ වීදිය බණ්ඩාරගේ පැමිණීම නිමිත්තෙන් නල්ලූර් කෝවිලේ පැවැත්වුණු උත්සවයකදී අත් වැරැද්දකින් යාපන සෙබළෙක්ගේ ගිනි අවියක් පත්තු වුණා. කුමන්ත්‍රණයක් දෝ කියලා සැක හිතුව වීදිය බණ්ඩාර කඩුව අතට අරගෙන සටන් කරන්න පටන් ගත්තා. කොහොම නමුත් අවසානයේදී වීදිය බණ්ඩාරවත් ඔහුගේ අනික් පුත්‍රයා වුණු විජයපාලත් මරා දමන්න යාපන සෙබලුන්ට හැකිවුණා.

නල්ලූර් කෝවිල

වීදිය බණ්ඩාරව ඒ විදිහට මරා දැමුවත් ඔහුගේ වීරත්වයට ගරු කිරීමක් විදිහට යාපන රජතුමා නල්ලූර් කෝවිලේ වීදිය බණ්ඩාර වෙනුවෙන් දෙවොලක් ඉදි කරවනවා. එහි "වෛතිය පංඩාර් දෙවියන්" ලෙස පුද පූජාවට පත්වෙන්නේ වීදිය බණ්ඩාරවයි.

වීදිය බණ්ඩාරගේ දෙවෙනි විවාහය වුණු කුඩා ටිකිරි බිසෝ අදහසින්ගේ සොහොයුරෙක් වුණු ඒ වගේම සීතාවක මායාදුන්නේ රජතුමාගේ ශූර වීර පුත්‍රයා වුණු සීතාවක රාජසිංහ රජතුමා ගැනත් අපි හැමෝම හොඳින් අසා තිබෙනවා.

Arts Degeree එකක් කළ මුල්ම සහ අවසන් රජතුමා සටහනෙන් කිව්වා වගේම 1592 මාර්තු මාසයේදී සීතාවක රාජසිංහ රජතුමා මියයාමත් එක්ක සීතාවක රාජ්‍යය පුරා ඇතිවෙන්නේ වියවුල් සහගත තත්වයක්. කෙසේ නමුත් ඒ රජතුමාවත් "ගනේගොඩ දෙවියන්" නමින් දේවත්වයට පත් කරන්න ජනතාව කටයුතු කරපු බව පෙනෙනවා.

 සීතාවක රාජසිංහ රජතුමාගේ සොහොන

හාපිටිගම කෝරළයේ ගනේගොඩ දේවාලය සීතාවක රාජසිංහ රජතුමා ඉදිකළ දේවාලයක් වන අතර පසුව එතුමා දේවත්වයට පත් කළ පසුව වැඩ වාසය කරන්නේ එම දේවාලයේ යැයි ජනතාව විශ්වාස කර ඇති බව පේනවා.

මේ දෙවිවරුන්ගේ නෑකම් පැටලෙනවා නම් මේ ඡායාරූපය උඩ click කරලා බලන්න


මේ සහෝදර දරු මුණුබුරන්ගෙන් පසුව දේවත්වයට පත්වුණු පාලකයන් ගැන නම් සඳහනක් නැහැ. ඒත් කලින් කතාවකත් කිව්වා වගේ 1818 කැරැල්ලේ නායකයා වුණු කැප්පෙටිපොළ මහ දිසාවේතුමාව හිස ගසා මරා දැමීමෙන් පස්සේ උඩ දුම්බර බිම්බියේ මොනරවිල අලුත් දෙවියෝ නමින් දේවත්වයට පත් කරපු බව පේනවා.

ඊට පස්සේත් හුඟක් පාලකයෝ දෙවිවරු වෙන්න උත්සහ කළා. තවමත් ඒකේ නම් අඩුවක් පේන්න නැහැ :D

සටහන ලියන්න පාදක කරගත්තේ දිවයින පුවත්පතේ පළවුණු පෘතුගීසීන්ගෙන් රට බේරාගත් සකලකලා වල්ලභයන්ගේ උඩුගම්පොළ රාජධානිය, ලංකාදීප පුවත්පතේ පළවුණු උඩුගම්පොළ රජුගේ හද දිනූ සම්බාගම, Daily News හි පළවුණු Sacred Festival at Thaniwella Devala කියන ලිපි වගේම රාජාවලිය, අලකේශ්වර සහ පෝල් ඊ. පීරිස්ගේ ලංකාව පෘතුගීසි යුගය - 1 කාණ්ඩය කියන පොත් කීපයයි.

ප.ලි.: මේ ලිපිය ලියවෙන්නේ කවදාදැයි උනන්දුවෙන් සොයා බැලුව හරී අයියාටත් ස්තුතියි :)

178 comments:

  1. නෑකම් ටික නම් හොදටම ටැපලෙනවා... රෑපෙ තියෙන නිසා අල්ල ගත්තා... අනේ අපේ ඉස්කෝලෙ ඉතිහාස පොත්වලත් මේ වගේ කරුණු ටික පිළිවෙලට ලස්සනට තිබුනා නම් අදටත් ඔය ටික මතකයි නොවැ..... කොහෙද අපේ ලොක්කන්ට ඒගොල්ලන්ගේ ඔලුවල තියෙන විදියට පොත් ටික හදන්න ඕනේ වෙලානේ.... ගොඩක් ළමයින්ට ඉතිහාසය අප්පිරිය විශයයක් උනේ ඒකනේ...

    ReplyDelete
    Replies
    1. @ හිරු

      ආහ් මේ තියෙන්නේ කමෙන්ට් එක මුලින්ම. මම හිතන්නේ ස්පෑම් වෙලා තිබුණා වෙන්න ඕනේ. රූප සටහනේ වැදගත්කම වැඩි වැඩියෙන් මතුවෙලා තියෙන බව පේනවා :)

      Delete
  2. අපිත් කැමතියි අපි මැරුනට පස්සේ දෙවියෙක් විදිහට අපිව වදිනවනම්.ඒත් එහෙම වෙන්නේ ඔබ කිවුවා වගේ උදාර අයට විතරයි.නමුත් මේ දෙවිවරු විදිහට ලංකා සමාජය තුල පත් වෙලා ඉන්න සමහරු ගැන නම් මට කණගාටුවක් තමයි තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. @ ධමිමික ස‍‍දරුවන්

      මැරුණාට පස්සේ දෙවියන් විදිහට අපිව වන්දනා කරනවාටත් වඩා රටට සමාජයට මිනිසුන්ට සේවයක් කරපු කෙනෙක් විදිහට සළකනවා නම් ඒ මදෑ. හැබැයි ඉතින් ඒකට සුදුසු වෙන්නත් කටයුතු කරලා තියෙන්නේ ඕනේ....

      Delete
  3. මාර කරුණු ගොඩක්... හසිත කියනවා වගේ දැන් දෙවියෝ වෙන්න යන අයයි අතර ඉස්සර දේවියෝ වෙච්චි අයයි අතර සෑහෙන සමානකම් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. @ prasanna86k

      කොහෙද අයියේ සමානකමක්. ඒ මිනිස්සු තමන්ට පුලුවන් විදිහට තමන්ගේ මිනිස්සුන්ට සේවයක් කළා. ඒත් දැන් කාලේ ඉන්න අය එහෙම දෙයක් කරනවාද ? මිනිස්සුන්ගේ තියෙන දේවලුත් කඩා වඩා ගන්නනේ ට්‍රයි කරන්නේ...

      Delete
  4. අද ප්‍රශ්න තියෙනවා සෑහෙන්න..

    මම අහලා තියෙන විදිහට නම් හසිත පාරාවෝලා දේවත්වයට පත්වුනේ මරණයෙන් පසුව නෙමෙයි. ජනතාව ඔවුන්ව වන්දනා කරලා තියෙන්නෙ ජීවමානව සිටින දෙවියන් විදිහට. ඒකනෙ ඊජිප්තුවට යන ජුලියස් සීසර්ට දේවත්වයට පත්වීමේ ආසාවක් ඇතිවෙන්නෙ. ඉතින් ඔහු රෝමයෙත් තමුන්ගෙ පිළිම හදවලා වන්දනා කෙරෙව්වා කියලා තමයි මම අහලා තියෙන්නෙ.

    රජවරුන්ගෙ භෂ්මාවශේෂ ඖෂධ වශයෙන් භාවිතා කිරීම හරිම පුදුමයි. ඒ මිනී අළුනෙ. එතකොට මේ අළු කොහෙවත් තැන්පත් කළේ නැද්ද? අනික මේ අළුවල අයිතිය තිබුනෙ කාටද?

    මෙසේ දේවත්වයට පත්කිරීම් සිදුවෙන්නෙ බෞද්ධ දේව සංකල්පයට අනුවද හින්දු දේව සංකල්පයට අනුවද?

    එතකොට තිස් තුන් කෝටියක් දෙවිවරු අතරට අද කියන අයත් එකතු වෙනවද? නැත්නම් මේ වෙනත් අයද? තිස්තුන් කෝටියට අයත් දෙවිවරු කවුද කියන එක නම් මට පටලැවිල්ලක්. තිස්තුන් කෝටියම දැනගන්න ඕනෑ කියලා නෙමෙයි මම කියන්නෙ. යම් දෙවියෙක් තිස්තුන් කෝටියට අයිතිද නැද්ද කියන්නේ කොහොමද?

    මතු බුදුවන මෛත්‍රී බුදුන් සුමන සමන් දෙවියන් කියන්නේ ඇත්තද?

    දේව පවුලක් ගැන කියලා ශිව, පාර්වතී, ගනේෂ, ස්කන්ධ දේව පවුල පින්තූරෙ දාපු ගමන් මට හිතුනෙ ඒ ගැන කියන්න යනවා කියලා..

    හසිත මේ ලිපියෙ කියන ආකාරයට යම් පාලකයෙක්ව දේවත්වයට පත් කිරීමේ සුදුසුකම් මොනවාද? දේවත්වයට පත්කළේ කවුරුන් හෝ විශේෂ කෙනෙක් විසින් ද නැත්නම් එක් අයෙක් පටන්ගත් වන්දනාවකට අනිත් අය හවුල් උනාද?

    මෙසේ දේවත්වයට පත්කිරීම් නතර වුනේ ඇයි?

    මම කාලෙකට කලින් කියෙව්වා 1860 ගණන්වලදී විතර කවුද තොටියෙක්ව දේවත්වයට පත්කළා කියලා. ඒකලු අවසාන දේවත්වයට පත්කිරීම. අගමැති බණ්ඩාරනායක මහතා මියගිය වෙලේත් එවැනි දේවත්වයට පත්කිරීමේ උත්සාහයක් තිබුනා කියලා තිබ්බෙත් ඒ පත්තරේමයි.

    "මම විශ්වාස කරන විදිහට සැබවින්ම ජීවත්වුණු එකම පවුලක පිරිසක් මේ විදිහට දේවත්වයට පත්වෙලා තියෙන එකම අවස්ථාව මේක වෙන්න ඕනේ." ඇයි ග්‍රීක දේවකතාවල කට්ටියත් නෑයො නේද? ළඟදීම තව පවුලකුත් ඔහොම වෙයි.. :) (මතකද සතර වරම් දෙවිවරු කතාව. සුද්ධෝදන රාජපක්ෂ කතාවෙන් පස්සෙ තිබුනේ

    මුතුරාජවෙල වර්තමානයේදි නම් හොඳටම විනාස වෙලා. අපේ අම්මලා තාත්තලාත් මුතුරාජවෙල ගොවිතැන් කරලා තියෙනවා.

    අර කළු බඹරාගෙ කතාවට සමාන කතාවක්ම තියෙනවා නේද බත් කූරෙක් සම්බන්ධවත්.. අපේ ගෙවල් පැත්තෙ ජනප්‍රවාද වල තවත් ඔවැනිම කතාවක් තියෙනවා.. අහලා තියෙනවද සේරමන් රජ්ජුරුවො ගැන?

    කළු කුමාර දේවතා බණ්ඩාර කියන්නෙ ලමිස්සියො බය කරන කෙනා නෙමෙයිනෙ..

    අස්වානේ වේල්ල කිව්වම නිකන් අස්වාන් වේල්ල වගේ.. :)

    "තවමත් ඒ ප්‍රදේශයේ පූජනීය ස්ථානවල" මේ ඒ ඒ කියන්නෙ කොහෙද?

    "මාදම්පේ ප්‍රදේශයට යන කොට සුදු අශ්වයෙක්ගේ රුවක් " ඉතාම ජනප්‍රිය දේවාලයක් තමයි. ඔතනින් යන සෑම වාහනයක්ම පාහේ නවත්වල පඬුරු දාලයි යන්නේ..

    වීදිය බණ්ඩාර උන්දෑ නැති තැනක් නෑනෙ.. මම හිතුවා මෙතැන කියන්නෙ වෙන බණ්ඩාරයෙක් ගැන කියලා. මම දන්න කතාවෙදි නම් වීදිය බණ්ඩාර යාපනේ රජදරුවොත් එක්ක එකතුවෙලා පෘතුගීසීන්ට එරෙහිව කැරැල්ලක් ගහනවා.. යුද්ධෙට යන්න පිටත්වෙලා පවත්වන පූජාවේදී වෙන කෙනෙකුගෙ පොල් ගෙඩියක් උඩ තිබ්බ ගිනිගන්න කපුරු වීදිය බණ්ඩාරගේ ඇඟට වැටුනාලු.. මේකට කිපුන බණ්ඩාරගෙ අත කඩුවට යනවා.. යාපන සෙබළු හිතන්නෙ වීදිය බණ්ඩාර තමුන්ගෙ රජුන් මරන්න යනවා කියලා.. කොහොම හරි දෙපාර්ශවයේම වැරදි වැටහීම් නිසා ඇතිවුනු සටනින් වීදිය බණ්ඩාර මිය යනවා..

    මාවත් මතක් කොරලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. තව එකක් හසිත..

      මේ විදිහට මිනිසුන් දේවත්වයට පත්කිරීම කතෝලිකයන්ගේ ශුද්ධවන්ත සංකල්පයට ටිකක් සමානයි වගේ..

      Delete
    2. ග්‍රීක් පැන්තියන් එක විතරක් නෙවෙයි, රෝමන්, ඊජිප්තු, නෝර්ඩික්, ඇසිරියන්, බැබිලෝනියන් ඔය ආදී පුරාණ ‍දේව සභා ඔක්කෝම වගේ සහෝදර (සහෝදරියන්ගේ) සමාගම් තමා.. :D

      Delete
    3. @ හරී

      මම දන්න විදිහට පාරාවෝ රජවරුන් ජීවත් වෙලා ඉද්දී දෙවිවරුන් විදිහට සැලකුවේ නැහැ. ඒත් එයාලා දෙවිවරුන්ගේ දරුවෝ එහෙමත් නැත්නම් දෙවියන්ගේ නියෝජිතයෝ විදිහටයි පෙනී සිටියේ. ඔය අබුසිම්බල්වල විශාල දේවස්ථානය ඉදිකරපු II රැම්සේස්ව හඳුන්වලා තියෙන්නේ "සූර්ය දිව්‍යරාජයාණන්ගේ පුත්‍රයා" විදිහට.

      එයාලා මරණෙන් පස්සේ දේවත්වයෙන් මිනිස්සු සළකාවි කියන අදහසින් තමා දෙවියන්ගේ පිළිමත් එක්ක එයාලගේ පිළිම තිබ්බේ. ඔය අබුසිම්බල් දේවස්ථානයේත් අභ්‍යන්තර කුටියේ තියෙන පිළිම 4 න් එකක් රැම්සේස්ගේමයි.

      රෝමයේ නම් අධිරාජයා ජීවත්වෙලා ඉද්දීම දේවත්වයෙන් සැලකීම වුණා තමා. කතෝලික රෝම ගැටුම මුලින්ම පටන් ගන්නෙත් ඒ නිසානේ. ජුලියස් සීසර්ට ඒ අදහස ආවේ මිසරයෙන්ද කියලා නම් දන්නේ නැහැ. මොකද ඊට කලින් අධිරාජයෝ රෝමයේ හිටියේ නැහැනේ..

      රජතුමාගේ තිබුණු අසීමිත ගුණවත්බවත් එක්ක භෂ්මාවශේෂ වුණත් ඖෂධයක් වෙයි කියලා මිනිස්සු විශ්වාස කරපු බව පේනවා. මිනිස්සු අළු අරන් ගිය නිසා තැන්පත් කිරීමක් කරන්න වෙලා නැහැ වගේ තමා පේන්නේ. අළුවල අයිතියක් කියලා දෙයක් නැහැනේ ඉතින්. ඕනේ කෙනෙක්ට අරන් යන්න පුලුවන්කමක් තිබිලා තියෙනවා...

      මේ විදිහට දේවත්වයට පත් වෙන්නේ හින්දු සංකල්පයෙන් කියලාම කියන්න අමාරුයි. මොකද හින්දු ආගමේ දෙවිවරු ඉන්නවානේ. අලුතින් එකතු වෙන්නේ නැහැනේ. බෞද්ධ සංකල්පය කියලාම සෘජුවම කියන්නත් අමාරුයි.

      ඒත් බෞද්ධ ඉගෙන්වීම් අනුව යහපත් දේවල් [පින්] කරපු අය දිව්‍ය ලෝකයේ දෙවිවරු වෙන නිසා මේ විදිහට මිනිස්සුන්ට වැඩදායී දේවල් කරපු අය දෙවිවරු විදිහට සැලකුවා වෙන්න ඕනේ. ඒත් පුද පූජා විධි නම් හුඟක් හින්දු ආභාෂයෙන් ආවා වෙන්න ඕනේ.

      දෙවිවරු තිස්තුන් කෝටියක් ඉන්නවා කියන එක ගැමි පිළිගැනීමක්. ඒ වගේමයි එතැන දෙවිවරුන් විශාල ගාණක් ඉන්නවා කියන්න වගේම ආසන්න වශයෙන් කියන්න පුලුවන් ගාණක් තමා කියලා තියෙන්නේ. ඒක නිසා තිස් තුන් කෝටියේ කතාව එච්චර හිතන්න එපා.

      මෛත්‍රී බෝසතුන් කියන්නේ සුමන සමන් දෙවියෝද කියන එක කලින් දවසක කතන්දරත් ඇහුවා. මේ තියෙන්නේ එයාට දීපු පිළිතුර

      "සුමන සමන් සහ මෛත්‍රී බෝසතුන් කියන්නේ පැහැදිලිවම දෙන්නෙක්. සුමන සමන් දේව සංකල්පය ඇතිවුණු හැටි ගැන මත කීපයක් දැකගන්න පුලුවන්. ඒවා මෙහෙමයි.

      කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රික නායකයෙක් වුණු සුමන සමන් පසුව දේවත්වයට පත්වුණා කියන එක.

      සුමන සමන් යනු යම බව දක්වන මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ මතය.

      රාමායණයේ එන රාමගේ සොයුරු ලක්ෂ්මණ කුමරු සුමන සමන් ලෙස වන්දනාවට පාත්‍ර වුනා කියන අදහස.

      මහායන පිළිගැනීම්වල දක්වන ධ්‍යානි බෝසත්වරු [මහාස්ථාම ප්‍රාප්ත ඒත් නැත්නම් ත්‍රෛලෝක්‍යවිජයී] අටදෙනාගෙන් එක් අයෙක් වෙන සමන්ත භද්‍ර බෝධිසත්වයින් සුමන සමන් දෙවියන් වූ බව.

      නාථ සහ මෛත්‍රී මුල් කාලයේ දෙන්නෙක් විදිහට සැලකුවත් පසුකාලීනව එක් අයෙකු බවට පත්වෙලා තියෙනවා. මේ තියෙන්නේ චමීට මම ඒ ගැන කරපු පැහැදිලි කිරීම.

      "...මෛත්‍රී බෝසතුන් නාථ දෙවියන් ලෙස ඉන්නවා කියන එකත් මතභේදාත්මක කතාවක්.

      ඒ ගැන පර්යේෂණයක් කරපු ජෝන් ක්ලිෆර්ඩ් හෝල්ට්ගේ මකුට මුනිධාරී අවලෝකිතේශ්වර නාථ ලංකා පුරාණය කියන ග්‍රන්ථයේ කියවෙන විදිහට මහායානිකයන්ගේ ප්‍රධානම බෝධිසත්වරයෙක් වෙන අවලෝකිතේශ්වර බෝසතුන් තමා නාථ නමින් ලංකාවේ ප්‍රකට වෙන්නේ. නාථ කියන්නේත් ඒ නිසා මතු බුදුවන බෝසත්වරයෙක් කියලයි පිළිගන්නේ.

      නාථ සහ මෛත්‍රී කියන්නේ දෙදෙනෙක් බව පැහැදිලිවම පේන්නේ දඹුළු විහාරයේ නාථ දේව ප්‍රතිමාවක් වෙනමත් මෛත්‍රී බෝසත් ප්‍රතිමාවක් වෙනමත් තියෙන නිසා.

      හෝල්ට් මහතා දක්වන්නේ 19 වන සියවසේදී පමණ මෛත්‍රී බෝසතුන් සහ නාථ දෙවියන් එක් අයෙක් විදිහට සළකන්න පටන් ගන්න ඇති කියලා. මොකද දෙන්නාම මතු බුදුවන අය නිසා...."

      Delete
    4. @ හරී

      ශිව, පාර්වතී දේව පවුල හුඟක් ජනප්‍රියයි නොවැ :)

      දේවත්වයට පත් කරන්න සුදුසුකම් කියලා තිබුණේ මිනිසුන්ගේ හිත සුව පිණිස කැපවීමෙන් වැඩ කිරීම තමා. එහෙම කරපු කෙනෙක් මිය ගියාට පස්සේ දේවත්වයට පත් කරන්නේ විශේෂ කෙනෙක් නෙමේ. මිනිස්සු සමූහයම තමා.

      සමහර විට ඒ පුද්ගලයා දෙවියෙක් වගේ ඉන්නවා හීනෙන් දැකීම, එහෙමත් නැත්නම් එයාව සිහිපත් කරලා වැඩක් කරලා සාර්ථක වුණාම මිනිස්සු නිරායාසයෙන්ම හිතන්න පෙළඹෙනවා එයා දෙවියෙක් විදිහට තමන්ම ආරක්ෂා කරනවා කියලා.

      උදාහරණයක් විදිහට රංවල දෙවියෝ කියන කෙනා ජීවත් වෙලා ඉද්දී කැලණි ගඟේ ඔරු පදින අයට ගල්වල හැපෙන්නේ නැතුව ඔරු පදින්න ගල් කුළුවල පහන් පත්තු කරලා තිබ්බලු. එයා මැරුණාට පස්සේත් ඒ විදිහට පහන් පත්තු වෙනවා මිනිස්සු දැකලා තිබුණලු.

      දේවත්වයට පත් කිරීම් නතර වුණේ ඒ විදිහට හොඳ වැඩ කරන මිනිස්සු නැති නිසා වෙන්න ඇති. ඊටත් වඩා මම හිතන්නේ මිනිස්සු ටික ටික තාක්ෂණයත් එක්ක එකතු වෙන්න පටන් ගැනීමත් එක්ක ඇතිවුණු චින්තන රටාවේ දියුණුව වෙන්න ඕනේ..

      1860 ගණන්වල දෙවියෙක් කරපු තොටියා රංවල මුත්තා වෙන්න ඇති. එයා හිටියේ කොයි කාලේද කියලා මම දන්නේ නැහැ. සමහර විට එයා වෙන්න පුලුවන්. අගමැති බණ්ඩාරනායක මහත්තයාවත් දෙවියෙක් කරන්න ගියා තමා "හොරගොල්ලේ දේවතා බණ්ඩාර" කියලා. ඒ ගැන පොත්පත් පවා ලියැවිලා තියෙනවා. ඒත් ආණ්ඩු පෙරලෙද්දී ඒ වැඩේ නම් සාර්ථක වුණු පාටක් පේන්න නැහැ :)

      බුරා අයියත් කියලා තියෙනවා වගේ ග්‍රීක, මිසර, නෝර්ඩික් දෙවිවරුන් හුඟක් අය එක පවුලක් තමා. ඒත් එයාලා ඇත්තටම ජීවත් වුනාද කියලා සාධක නැහැනේ. ඒත් අද කතාවේ ඉන්න අය ඇත්තටම ජීවත් වුණු අය නොවැ. ළඟදීම තව පවුලකුත් එහෙම වෙයි කියලා කිව්වාට දේව වන්දනාවේ මෙහෙම දේකුත් තියෙනවා "මිනිසුන්ට දෙවියන් අමතක වූ කල දෙවියන්ට කළ හැකි දෙයක් නැත" කියලා :D

      මුතුරාජවෙල විනාශ වෙන්න පටන් ගන්නේ නම් ගමනාගමනයට ඇළවල් කපන්න ලන්දේසීන්[?] කටයුතු කිරීමත් එක්ක වෙන්න ඕනේ.

      බත්කූරාගේ කතාව තියෙන්නේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ කතාවේනේ. රජතුමා විනෝදයට බර නිසා රාජ්‍ය පාලනය ආකාර්යක්ෂම නිසා ඒත් රජතුමා නාන තැන උල් හයි කළා නොවැ ඇනිලා මැරෙන්න...

      කවුද මේ සේරමන් රජතුමා ?? මතක් වෙන්නේ නැහැනේ :(

      ගෑණු ළමිස්සියෝ බය කරන්නේ නිකම්ම කළු කුමාරයා නේ.

      අස්වාන් වේල්ල වගේම යෝධ නිර්මාණයක් නිසා මේ වේල්ලටත් අස්වානේ වේල්ල කියලා කියපු බවට කතාවක් තියෙනවා...

      තවමත් ඒ ප්‍රදේශය කියන්නේ ගම්පහ උඩුගම්පොළ වගේ ප්‍රදේශවල

      තනියවැල්ලේ දේවාලය වගේ තැනක් තියෙනවා නුවර පාරේ යද්දී යක්කල හරියේ. හැමෝම පඬුරු දාලා යන්නේ. මමත් එතැනට ගිහින් නැහැ ඒත් පඬුරු දාලා තියෙනවා :D

      වීදිය බණ්ඩාරගේ අවසානය ගැන version ගොඩක් තියෙනවා වගේ. මේ කතාව මම කියෙව්වේ පෝල් ඊ.පීරිස් මහත්තයාගේ පොතෙන්.

      අනිවා උදව් පදව් කරපු අයව අපි මතක් කරනවා :)

      ශුද්ධවන්තයෝත් ජීවත් වෙලා ඉන්න කාලේ හොඳ වැඩ කරපු අයනේ නේද ?

      Delete
    5. @ Buratheno

      සහෝදර දරු මුණුබුරන්ගේ සමාගම් :D

      Delete
    6. උත්තර දුන්නු හසිතටත් බුරා අයියටත් ස්තුතියි

      @ හසිත,

      "ජුලියස් සීසර්ට ඒ අදහස ආවේ මිසරයෙන්ද කියලා නම් දන්නේ නැහැ." මට මතකයි 7දි ඉතිහාස පාඩමට කිව්වා. මිසර ආක්‍රමණයෙන් පස්සෙලු සීසර්ට දේව ලෙඩේ බෝවුනේ..

      "දෙවිවරු තිස්තුන් කෝටියක් ඉන්නවා කියන එක ගැමි පිළිගැනීමක්." මම අහන්නේ ඔය තිස්තුන් කෝටියට අයිතිවෙන්නේ හින්දු දෙවිවරු විතරද කියන එක.. මේ කියන ලංකාවේ දෙවියන්ව හින්දූන් වන්දනා කරන්නේ නෑනෙ නේද?

      "මිනිස්සුන්ට වැඩදායී දේවල් කරපු අය දෙවිවරු විදිහට සැලකුවා වෙන්න ඕනේ" මේ ප්‍රකාශය නම් පෝස්ට් එකේ තියෙන කරුණු අනුව ගැළපෙන්නේ නෑ වගේ :)

      "රංවල දෙවියෝ කියන කෙනා ජීවත් වෙලා ඉද්දී කැලණි ගඟේ ඔරු පදින අයට ගල්වල හැපෙන්නේ නැතුව ඔරු පදින්න ගල් කුළුවල පහන් පත්තු කරලා තිබ්බලු." මම අද හසිතගෙ අනිත් බ්ලොගේ කියවද්දි මේ විස්තරේ කියෙව්වා.. මට හිතුනෙ ගං ඉවුරෙ පහන් පත්තු කරා කියලා.. දැන්නෙ තේරුනේ..

      "මුතුරාජවෙල විනාශ වෙන්න පටන් ගන්නේ" අපේ සීයලාගේ පරම්පරාව මුතුරාජවෙල වවපු ගොවියො ඒ වගේම අපේ අම්මලා තාත්තලාත් එව්වට උදව් වෙලා තියෙනවා.. ඒ කියන්නෙ පනහේ දශකය අග වෙනකන්ම මුතුරාජවෙල වපුරලා තියෙනවානෙ.. ලන්දේසීන්ගෙ ඇලවල් නිසා බලපෑමක් වෙන්නැති කියලා මට හිතෙන්නේ නෑ.. මුතුරාජවෙල පුරන්වීමට හේතුවුනේ කරදිය පැමිණීම.. අනික මුතුරාජවෙල කියන්නෙ අනික් ප්‍රදේශවලට වඩා මඩ සහිත කුඹුරු.. ඒ කුඹුරුවලට පාරම්පරික වී වර්ග ඔරොත්තු දුන්නත් නවීන වී වර්ග ගැලපිලා නෑ.. එම නිසා වෙනත් ගොවිබිම් හා තරඟ කළ නොහැකිවීමෙනුත් පුරන් වෙන්න ඇති..

      "සේරමන් රජතුමා" ආර්යච්ක්‍රවර්ති පාලන සමයේදී මේ ප්‍රදේශයත් ආර්යචක්‍රවර්ති පාලනයට නතුවෙලා තිබිලා තියෙන්නෙ.. ආර්යචක්‍රවර්තිගෙ අණ්සක ක්‍රියාත්මක කරපු ප්‍රාදේශීය රජෙක් තමයි සේරමන්.. ඉතින් ඔය රජාව මරන්න උල් හිටවපු පොකුණක් අදටත් තියෙනවා.. අපේ අම්මලා නටඹුන් දැකලා තියෙනවා.. මම දැකලා නෑ.. :) ඒකට කියන්නෙ කඩු පොකුණ.. හසිත කියපු විදිහටම වැඩේ අහුවෙලා දෙදෙනෙක්ව හිසගසා මරලා තිබෙනවා..
      ඒ රජුගේ බිරිඳගේ ලෙඩකට ශාන්තිකර්මයක් කරන්න හදපු දේවාලෙ අදටත් තියනවා.. ඒ වගේම එදා හිටෝපු කප අද මහා ගහක්.. බයෝබැබ් ගහක් තියෙන්නෙ ඒ තරම් විශාල ඇති..

      "ශුද්ධවන්තයෝත් ජීවත් වෙලා ඉන්න කාලේ හොඳ වැඩ කරපු අයනේ නේද ?" ඔව්..

      Delete
    7. තව ප්‍රශ්නයක් මතුවුණා.. මොකද ඔය හැමදෙයියන්ටම නිල රථයක්(සතෙක්) තියෙන්නෙ..

      Delete
    8. @ හරී

      සීසර්ටත් හරි හරි පිස්සු තිබිලා වගේනේ :)

      මම දන්න විදිහට තිස්තුන් කෝටියේ කතාව තියෙන්නේ ලංකාවේ දේව විශ්වාසය ඇතුළේ. ලංකාවේ දේව විශ්වාසය කිව්වාම ඉන්දියාවෙන් ආපු දෙවිවරු වගේම ලංකාවේම හැදුණු දෙවිවරුත් ඉන්නවා. දෙවිවරු කිව්වාම ජාත්‍යන්තර මට්ටමේ, ජාතික මට්ටමේ වගේම ප්‍රාදේශීය මට්ටමේ දෙවිවරුත් ඉන්නවා.

      ""මිනිස්සුන්ට වැඩදායී දේවල් කරපු අය දෙවිවරු විදිහට සැලකුවා වෙන්න ඕනේ" මේ ප්‍රකාශය නම් පෝස්ට් එකේ තියෙන කරුණු අනුව ගැළපෙන්නේ නෑ වගේ :)"

      සකලකලා වල්ලභයි, තනිය වල්ලභයි කියන දෙන්නා කෘෂිකාර්මික දියුණුවට වැඩ කටයුතු කළා වගේම රටේ ස්වාධීනත්වයට කටයුතු කළා. වීදිය බණ්ඩාර සහ සීතාවක රාජසිංහත් කළේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් කටයුතු කරපු එක.

      දුනුමාලේ බණ්ඩාර දෙවියෝ ගැන ප්‍රශ්නයක් තිබුණත් කළු කුමාර බණ්ඩාර මැරෙන්න කලින් කියෙනවානේ තමන්ට පුද සත්කාර කරන අයට පිහිටවෙනවා කියලා

      එතකොට මුතුරාජවෙලට වුනේ ඕකයි නේද :(

      ඔය සේරමන් රජතුමා කොහෙද ඉදලා තියෙන්නේ ???

      රජයේ වැඩ කරන අයට ආණ්ඩුවෙන් වාහන ගන්න පර්මිට් දෙන්නේ ඒවගේ තමා :D
      දෙවියන්ටත් ගමන් බිමන් යන්නත් වාහනයක් තියෙන්න එපැයි. සුර අසුර යුද්ධයේදී පැරදුණු අසුරයන්ව දෙවිවරුන් විසින් තමන්ගේ වාහනවලට යොදා ගත්තා කියලා කියනවා

      Delete
    9. @ hasitha,

      "ඔය සේරමන් රජතුමා කොහෙද ඉදලා තියෙන්නේ ?" අපේ ගම් පළාතෙ :)

      Delete
    10. @ හරී

      අපේ ගම් පළාත කිව්වේ ජා ඇළ පැත්තෙද ?

      Delete
    11. ඔව් ඔව්... ඔය දේවාලෙ අදටත් තියෙනවා.. ඒ ගැන ලියලා තියෙන පොත් පිංචවල් දෙකකුත් තියෙනවා..

      Delete
    12. @ හරී

      දේවාලේ කොහෙද තියෙන්නේ ? කවුද ඒකේ ඉන්න දෙවියෝ ? ඒ ගැන විස්තර ටිකක් කියන්න අයියා

      Delete
    13. කොළඹ මීගමු පාරෙ.. හරියටම කිව්වොත් දඬුගම.. අර සී ප්ලේන් එයාපෝට් එක තියෙන්නෙ..

      ඒක දේවාල සංකීර්ණයක්.. එක දෙවියෙක් නෙමෙයි ඉන්නෙ.. අර ජනප්‍රිය දෙවියො කට්ටියම තමයි ඉන්නෙ.. ප්‍රාදේශීය දෙවි කෙනෙක් නෑ..

      Delete
    14. @ හරී

      ඇවිල්ලා බලන්න වටින තැනක් වගේ. වෙලාවක යන්න ඕනේ... ස්තුතියි අයියා තොරතුරුවලට :)

      Delete
    15. @ හසිත,

      දේවාලෙ ඇතුළෙ දැන් නම් පෞරාණික දේකට තියෙන්නෙ අති විසාල ගහ විතරයි.. දේවාල දවසින් දවස නවීකරණය කරලා පෞරාණික බව නැතිවෙලා.. කඩු පොකුණ තාමත් තියෙනවාද මන්දා? කොහොමත් ඒ ගැන නම් පුරාවිද්‍යා ගවේෂ්ණයක් වෙලා නෑ.. පෞද්ගලික ඉඩමක ඇත්තෙ.. සමහරවිට ඒකෙ ගල් ගලවලත් ඇති..

      දේවාලෙ මංගල්ලෙ පහුගිය කාලෙ පහුවුනා.. මම ඒ ගැන ලිපියක් ලියන්න හිටියෙ.. ආච්චි මැරුණු නිසා කිලි කියලා යන්න හම්බුනේ නෑනෙ..

      Delete
    16. @ හරී

      එතකොට අර රජතුමාගේ කතාවයි ඔක්කොම ජනප්‍රවාද විතරමද ? දේවාලෙට මොකුත් ඉඩ කඩම් දුන්නා කියන්න සෙල්ලිපියක් සන්නසක් මොකුත්ම නැද්ද ?

      කෝකටත් දේවාලේ ගැන ඔබතුමා ලිපිය ලියන්න. ඒකෙන් මේ ගැන මොකක් හරි අදහසක් ගන්න පුලුවන් වේවිනේ

      Delete
    17. සෙල්ලිපියක් නම් මම දන්න තරමින් නෑ.. නමුත් ජනප්‍රවාදය නම් තියෙනවා.. ජනප්‍රවාදයේ සඳහන් ස්ථානත් තිබෙනවා..

      "ඔබතුමා" ඒ කවුද?

      අනාගතේදි ලියන්නම්.. ලිපිය ලියනකොට පොත් දෙකත් බාගන්න දාන්නම්කො..

      Delete
    18. @ හරී

      ඔබතුමා කිව්වේ මගේ මේ කමෙන්ට් එකට උඩින් කමෙන්ට් කරලා තියෙන කෙනාට :D

      ඒ ලිපියත් කියවන අයගේ ලිස්ට් එකට ඕන් මාවත් දාගන්න :)

      Delete
    19. හසිත,

      "රත්මලවිට, කිරිඳිවිට, මාකේවිට, අඹන්විට, තඹවිට, අක්කරවිට, උදම්මිට, කොස්ඕවිට, දික්ඕවිට, ඕපාත " මේ ටික තියෙන්නෙත් ජා-ඇල අවටනෙ..

      ඔය පොකුණ තියෙන්නෙ කොහෙද කියන්න බැරිද? මට නිකන් සැකයක් ආවා මේ සේරමන් හා සකලකලා වල්ලභ කියන්නෙ එක්කෙනෙක්ද කියලා?

      Delete
    20. @ හරී

      ඒක තියෙන්නේ මාළිගාගොඩැල්ලේ තියෙන උත්තරාරාම පුරාණ විහාරය හරියේ තියෙන පතහ කියන පැත්තේලු. ඒක දැන් වෙල් යායක් කියලා තමා කියන්නේ

      Delete
    21. පොත බැලුවා.. මල්වතු මහා නාහිමියන් සතුව දේවාලෙ සන්නස් පත්‍රය තියෙනවාලු.. මහාවංශයෙ ගජබා රජ සමයට අදාළව මෙතැන ගැන විස්තරයක් තියෙනවා කියන්නෙ.. ඔන්න හසිත පුලුවන්නම් බලන්ඩ..

      "ඒක තියෙන්නේ මාළිගාගොඩැල්ලේ තියෙන උත්තරාරාම පුරාණ විහාරය හරියේ තියෙන පතහ කියන පැත්තේලු. ඒක දැන් වෙල් යායක් කියලා තමා කියන්නේ "එහෙනම් දෙදෙනා දෙදෙනෙක්..

      වැඩි විස්තර මම ලිපියක් ලියපුදාට කියන්නම්.. ඕං මං ගියා..

      Delete
    22. @ හරී

      මහාවංසයේ ගජබා සමය ගැන බැලුවා එතැන තියෙන විදිහට නම් රජතුමා කරපු විහාර කීපයක් ගැන කියවෙනවා. ඒකෙන් විහාර දෙකක් ගැන නම් අහලා නැහැ.

      ඒ තැන් දෙකෙන් එකක්ද දන්නේ නැහැ මේ කියන තැන. ඒ තැන් තමා හිඟුරුවැල් ලැහැබ් හි රාජ මාතු විහාරය. අනෙක තමා රාමක විහාරය

      Delete
    23. ඒක විහාරයක් නෙමෙයි දේවාලයක්.. ඒක මහාවංසෙ තියෙන්නෙ ගජබා රජ්ජුරුවෝ කළා කියලා නෙමෙයිලු.. ගජබා රජ සමයේ අල්ලන් ආපු සොළීන් මුතුරාජවෙල අස්වද්දද්දී ඔවුන්ගේ වන්දනා ස්ථානය විදිහට මේ දේවාලය පාවිච්චි කළාලු.. ඒක නිසා ගජබා රජ්ජුරුවො මෙතැන දියුණුවට කටයුතු කළාලු.. පත්තිනි දේවියගෙ පා සළඹත් ඒ කාලෙ වැඩැම්මෙව්වා කියන්නෙ..

      Delete
    24. @ හරී

      ඒකත් එහෙමද ? එහෙම නම් තව ටිකක් හොයලා බලන්න වෙනවා.....

      Delete
    25. @ හරී,

      සුමනසමන් දෙවියන් දැන් සකෘදාගාමි තත්වයට පත්වෙලා ඉන්නෙ... උන්වහන්සේ බුදු වෙන ප්‍රාර්ථනයක නැහැ.

      Delete
  5. සිරා අයිති සකලකලා වල්ලභ රජතුමාගෙ රාජධානියට.. නොදැන සිටි කරුණු බොහොමයක් දැන ගත්තා....

    අර සීක් ජාතිකයො ගැන ලියැවුනු ලිපි පෙළ අවසන්ද ? තලප්පාවට හේතුව තාම කිව්වෙ නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. @ සිරාගෙ කාමරේ

      සීක් ජාතිකයන්ගේ ලිපි පෙළ අවසන් නැහැ. මේ පොඩි විරාමයක් වගේම ඒකාකාරීබවෙන් පොඩ්ඩක් ඈත්වීමක්. ඒ ලිපි පෙළේ තව ලිපි 2 ක් තියෙනවා.

      Delete
  6. මේවා කියවනකොට අමුතුම හැගීමක් එනවා බං හසිත.

    අදත් ඉතින් කියන්න වෙන්නේ...
    මම නං මේ මෙලෝ සංසාරයක් දැනගෙන හිටියේ නෑ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. @ අඩවි රජ

      අමුතු හැඟීමක් එන්නේ නැද්ද ඉතින්. අපිට වටින්නේ අපේ දේවල් වගේ. අපිට වටින්නේ අපේ දෙවිවරුනේ :)

      Delete
  7. ලංකාවේ දේව සංකල්පය තුල කාලයක් රටට සේවයක් කල උදාර පුරුෂයන් ගේ සැඟවුනු සේයාවන් දකින්න පුළුවන් කියල මට හිතුනා මේක කියෙව්වම. නමුත් අර සිය දිවි නසා ගත්ත අය නම් එහෙම තත්වයකට පත්වෙන්න ඇත්තේ මිනිස්සු තුල තියන බිය නිසාත් වෙන්න පුලුවන්.
    …අතීතයේ රජවරුන්ට ජීවත්ව සිටියදීත් "දේවයන් වහන්ස" කියලනේ ආමන්ත්‍රණය කරල තියන්නේ.

    …කයාල් පටුන තියන්නේ කොහෙද ?

    … වීදිය බණ්ඩාර ගැන කියවලා තිබුනා මම සුනේත්‍රා කියන නවකතාවේ. ඒකෙත් කොටසක් පමණයි මට හොයාගන්න පුලුවන් උනේ. එතුමා දේවත්වයෙන් සලකන බව දන්නේ නෑ මේ වෙනකල්.

    … දැනුවත් කලාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. @ Chandana

      සකලකලා වල්ලභ රජතුමා සිය දිවි නසා ගත්තාට දේවත්වයට පත්වුනේ මිනිස්සු තුළ තිබුණු බිය කියලා කියන්න බැහැනේ. එයා ජීවත් වෙලා ඉද්දී මිනිසුන්ගේ සුභසාධනයට ලොකු මෙහෙයක් කළා වගේම අන්තිමට මිනිස්සුන්ට ලොකු සේවයක් සැලසුණු වේල්ල විනාශ වෙනවා දකින්න බැරි නිසා සියදිවි නසා ගැනීමෙනුත් පේන්නේ එයා ඒ වැඩේ ලොකු කැපවීමකින් කලා කියන එකනේ.

      රජතුමාට දේවයන් වහන්ස, ඒ වගේමයි පස්වාන් දහසකට බුදුවන්ඩ කියලා කිව්වා වගේම රාජසිංහ රජතුමාට "රාසිං දෙවියෝ" කියලාත් කියලා තියෙනවා. ඒත් ඒවා රජතුමාට කරපු ගෞරවනීය ආමන්ත්‍රණයන්

      කයාල් පටුන තියෙන්නේ දකුණු ඉන්දියානු ප්‍රදේශයේ වෙන්න ඕනේ..

      වීදිය බණ්ඩාර ගැනත් ලිපියක් ලියන්න හිතේ තියෙනවා. තව විස්තර එතැනදී දැනගන්න පුලුවන් වෙයි :)

      Delete
    2. අනිවා. වීදිය බණ්ඩාර ගැන ලියන්න.කියවන්න බලාගෙන ඉන්නවා :)

      Delete
    3. @ තපස්

      ලිපිය ලියන්නත් කලින්ම ඒක කියවන්න පාඨකයන් ඉන්න බව දැනගන්න්න ලැබුණු එක ගැන සතුටුයි :)

      Delete
  8. මේක නම් මේ ලිපියට එච්චර අදාල නෑ. ඒත් මට ඇති වුනු ගැටළුවක්.
    …දෙවියන් පහල වන්නේ ඕපපාතිකව නේ. එතකොට දෙවියා සහ දේවතාවිය කියලා ලිංග භේදයක් ඇති වන්නේ කොහොමද ? ඒක සාහිත්‍යමය වශයෙන් පමණක් කතා වලට ඇතුලත් වුනු දෙයක් ද ? පුළුවන් නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න කො.

    ReplyDelete
    Replies
    1. දේවතාවියන් පහල වෙන්නෙත් ඕපපාතිකව තමයි, කිසියම් දෙවි කෙනෙක්ට අයිති වාස භවනක පහල උනොත් එම දේවතාවිය අර දෙවියාගේ භාර්යාවක් වෙනවා. ඒක සිද්දවෙන්නෙ තමුන් පෙර කරනලද කුසලාකුසල කර්මයන් අනුව.
      [මම දන්න විදියට]

      Delete
    2. @ Chandana

      දෙවිවරුන් පහළ වෙන්නේ ඕපපාතිකව බව නම් හැබෑව. ඒත් ස්ත්‍රී පුරුෂ බව තීරණය වෙන කාරය නම් මමත් හරියටම නම් දන්නේ නැහැ. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මිනිස් ලෝකයේ ස්ත්‍රී වෙලා ඉදලා දිව්‍ය ලෝකයේ පුරුෂ වෙලා ඉපදිලා තියෙන්නේ මම දන්න විදිහට නම් මහාමායා දේවිය විතරයි මාතෘ දිව්‍ය රාජයා නමින්.

      අනික් කාන්තාවෝ හැමෝම දේවතාවියෝමයි වෙලා තියෙන්නේ. සතුන් මැරිලා දිව්‍ය ලෝකයේ ඉපදෙන්නෙත් දෙවිවරු විදිහට. කන්ථක අශ්වයා එහෙමත් දිව්‍ය පුත්‍රයෙක් විදිහටලු උපන්නේ.

      බ්‍රහ්ම ලෝකවල නම් ස්ත්‍රී පුරුෂ කියලා භේදයක් නැහැ

      Delete
    3. පැහැදිලි කිරීම් වලට තුති. සක්කර දෙය්යෝ ගැනත් දැන ගත්තා :D

      Delete
    4. @ Chandana

      දිව්‍ය ලෝකයට යන්න කලින් ඉදලාම සක්කර දෙවියෝ ගැන දැන කියාගෙන ඉන්න එක හොඳා :D

      Delete
  9. මේවා ඉතින් දැනගන්න පුළුවන් හසිතගෙන් තමයි. මේ හැබෑවටම මටත් බැරිවෙයිද කොලුවෝ දෙවියෙක් වෙන්න කෝරලේ දෙවියෝ කියල ලොල් :D

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තයා

      හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී :D

      Delete
  10. සකලකලා වල්ලභ රජතුමාගෙ අවසානය ගැන ඔයිට වඩා වෙනස් විදියකටයි මම අහලා තියෙන්නෙ.. ජනප්‍රවාදයේ කියැවෙන විදියට එතුමා යුද්ධයට ගිහින් ආපහු එනකොට දිනුම්-පැරදුම් තමන්ගේ බිසෝවරුන්ට ඈතදිම දැනුම් දෙන්න කොඩියක් ඔසවනවා.. බිසෝවරු බැලුම්ගලට නැගලා බලා‍ගෙන ඉන්නවා මේ කොඩිය පේනකම්.. වරක් යුද්ධය දිනලා ආපහු එද්දි වැරැදීමකින්(?) වැරැදි කොඩිය ඔසවන නිසා රජතුමා යුද්ධයෙන් පැරදුනු බව හිතන බිසෝවරු බැලුම්ගලෙන් පහලට පැනලා දිවිනසාගන්නවා.. මේ බව දැනගත්ත රජතුමාත් දිවිනසාගන්නවා.. එතකොට මේක ජනප්‍රවාදයක් විතරමද.??

    ReplyDelete
    Replies
    1. මම නම් අහල තියන කතාවේ හැටියට සකල කළා වල්ලභ රජ්ජුරුවෝ (?) යුද්ධේ පැරදුන බව දන්වන්න රතු කොඩි ඔසවන්නේ විහිළුවක් කිරීමට.(ද?)

      Delete
    2. @ Buratheno

      "දුනුමාලේ දේවතා බණ්ඩාර" නමින් හඳුන්වලා ඒ දෙවියන්වත් වන්දනා කරන්න පටන් අරගෙන තියෙනවා. කොහොම නමුත් මේ දුනුමාලේ දේව වන්දනාව ආරම්භ වුණු වෙනත් ආකාරයක් ගැනත් කතාවකුත් තියෙනවා"

      මේ ගැන තියෙන අනික් කතාව ඔබ කිව්ව කතාවට සමානයි. මේ බිසෝවරු හත්දෙනා ගලෙන් පැනලා මිය ගිය නිසා පස්සේ කාලේ දුනුමාලේ බිසෝ බණ්ඩාර සත් කට්ටුව කියලා හඳුන්වපු බවත් කියවෙනවා.

      ඒත් මේ කතාව හුඟක් තැන්වල කියවෙන නිසා අස්වානේ වේල්ල කැඩුණු නිසා සකලකලා වල්ලභ එතැනට පැනලා සියදිවි නසාගත්තු කතාවටයි මම වැඩි බරක් තිබ්බේ.

      මේ කතාව ජනප්‍රවාදයක් හරි ඇත්තටම වුණු කතාව වෙන්නත් පුලුවන්. කලින් කිව්වා වගේ හුඟක් තැන්වල කොටින්ම ඩ්‍රැකියුලාගේ කතාවේත් මේකම තියෙන නිසා විශ්වාසනීයත්වයේ ගැටළුවක් මට නම් තියෙනවා.

      Delete
    3. @ Alexander Cage

      බුරා අයියටත් කිව්වා වගේ මේ කතාව හරිම හිට් එකක්නේ. සමහර තැන්වල රතු කොඩි සුදු කොඩි, තවත් සමහර තැන්වල කලු කොඩි සුදු කොඩි :)

      Delete
  11. මොනවා වුනත් මමත් මේ දේව කතා එක්ක සමානකමක් දකිනවා හැම සංස්කෘතියකම. රටවල් අතර දුර හැතැප්ම ගානක් වෙද්දී එකම සංකල්පය හැම තැනකම තිබුනේ ඇයි කියන එකනම් මතවාදයකට තුඩු දෙන කරුණක්.

    ReplyDelete
    Replies
    1. ඒක බොහෝවිට ජන‍කොටස්වල සංක්‍රමණය හා වෙළහෙළදාම් මගින් වුන ව්‍යාප්තියක් වෙන්න පුළුවන් නේද.?? අපි නොදන්නවා වුනාට කාලයේ වැලි තලාවෙන් වැහිලා ගිය සමීප සම්බන්ධතා කොච්චරනං පුරාණ ජාතීන් අතර තියෙන්න ඇද්ද.?? පුරාණ ඉන්දියාවෙ අසුරයන් ගැන කතා කියද්දි පුරාණ නෝර්ඩික්වරු ඕසර් කියලා දේව කොට්ටාසයක් ගැන කතා කියන්නත්, කතා සරිත් සාගරයේ එන සමහර කතාවස්තු හා සමාන කතා අරාබි නි‍ශොල්ලාසයේ, පර්සියානු ජනකතාවල, මොන්ගෝලියානු ජනකතාවල, ස්වීඩිෂ්-නෝර්ඩික්-හන්ගේරියානු ජනකතාවල සහ ග්‍රිම් සුරංගනා කතාවල දකින්නට ලැබෙන්නත් මේකම ‍හේතුවක් වෙන්න ඇති..

      Delete
    2. @ Alexander Cage

      ලෝකය තනියායක් නොවැ අයියා. ස්ටෙප්ස් තැන්නෙන් ආර්යයන් තමන්ගේ ගමන ආරම්භ කිරීම වගේ දේවලුත් මේකටම ගලපා ගන්න පුලුවන්

      Delete
    3. @ Buratheno

      මේ තියෙන්නේ උදාහරණ. අපි මේකට පංචතන්ත්‍රය, ඊසොප්ගේ කතා, සෙන් කතා, ජාතක කතා කීයන ටිකත් එකතු කරමු :)

      Delete
  12. මම කල්පනා කලේ අපි පොඩි කාලෙ රජවරුන්ට කොච්චර බැන්නද ඉතිහාසෙ පාඩම් කරන්න වුනාම. ඒකට අපේ හසිත.
    හසිත පොඩි කාලෙ එහෙම හිතුවෙ නැත්ද?
    ආසාවෙන් රාජ නාමාවලිය හෙම පාඩම් කලාද රජ කරපු අවුරුදුත් එක්ක?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. @ Dude

      ආසාව නොවැ. රාජ නාමාවලිය එහෙම පාඩම් කළේ නැහැ. ආසාව නිසාම මතකා හිටියා. අවුරුදු නම් එහෙමම මතක නැහ. ඒත් සාමාන්‍යයෙන් වැදගත් අවුරුදු එහෙමම් මතකයි.

      විශේෂම දේ තමා අමතක දේවල් තියෙන්නේ මොන පොතේ මොන හරියෙද කියන එක මතක තියෙන එක. එතකොට ගැටළුවක් නැහැනේ :D

      Delete
  13. පිදිය යුත්තන් පිදීම....වටිනා ලිපියක්....

    ReplyDelete
    Replies
    1. @ ඉන්ද්‍රජිත්

      ලාංකිකයන්ගේ ජානවලින් එන දෙයක් ඒක :)

      Delete
  14. දැඩිමුණ්ඩ කියන්නෙත් රජෙක් නෙ. ලංකාවෙ දෙවිවරුන්ගෙ ඉතිහාසය ගැන විස්තර හුඟක් "සිංහල දේව පුරාණය" කියන පොතේ තියෙනව.

    ReplyDelete
    Replies
    1. @ ඉන්දික උපශාන්ත

      දැඩිමුණ්ඩ කියන්නේ රජෙක් වුණත් කොයි කාලේ හිටියද කියන එක දන්නේ නැහැනේ අයියා. අපේ පැත්තේ දේවාලෙක් මේ ළඟදී ඒ ගැන කැසට් එකක දාලා තියෙද්දි මට ඇහුණේ දැඩිමුණ්ඩ දෙවියෝ බුද්ධ කාලයේ ඉදන්ම හිටියා කියන එක. මාර පරාජය වෙලාවෙත් දැඩිමුණ්ඩ දෙවියෝ බෝසතාණෝ ගාව හිටියලු.පූර්ණක යක්ෂයටා සහ එරන්දතී කුමරියට දාව දැඩිමුණ්ඩ උපන්නා කියලත් කියවුණා.

      සිංහල දේව පුරාණය පොත හොයා ගන්න ට්‍රයි කළත් හම්බුනේ නැහැනේ :(

      Delete
    2. හසිතගෙ කතාව මාත් අහලා තියෙනවා, බුදු හාමුදුරුවො ඉදිරියට දසබිම්බරක් මාර සේනාවත් එක්ක මාර දිව්‍යපුත්‍රයා එනකොට එතන හිටපු සියලුම දෙවි බඹුන් පලා ගියාලු, බුදුන්ගේ ආරක්ෂාවට ඉඳලා තියෙන්නෙ දඩිමුන්ඩ දෙවියො විතරයි කියල තමයි කියන්නෙ.

      @හසිත,
      මාරයා පරාද කරනකොට බෝසතානන් බුදු වෙලා හිටියෙ....

      Delete
    3. @ uwiniran

      ආහ් ඔව් ඔව් මාර පරාජය කරද්දී බෝසතාණෝ බුද්ධත්වයට පත්වෙලා හිටියේ. ස්තුතියි සදොස් තැන නිදොස් කළාට :)

      දැඩිමුණ්ඩ දේව පුරාණයේ අරහෙම කතාවක් කිව්වත් බෞද්ධ සාහිත්‍යයේ නම් තියෙන්නේ කිසිඅම දෙවි කෙනෙක් හිටියේ නැහැ ඔක්කොම පැනලා ගිහින් හිටියේ කියලා :D

      Delete
    4. මාවනැල්ල අසල අලුත්නුවර දැඩිමුණ්‌ඩ දේවාලයේ දැඩිමුණ්‌ඩ නමින් දේවත්වයට පත්ව ඇත්තේ ප්‍රාදේශීය නායකයෙකි. දඹදෙණි රාජ්‍ය කාලයේදී හෙම්මාතගම නගරයට නුදුරුව පිහිටි කෙහෙල්පන්නල ගමේ හැඩි දැඩි දුනුවායෙක්‌ විය. දිනක්‌ රාත්‍රි ඔහු පිධුරංගල කඳු මුදුණේ සිට බලද්දී ඈත වනයේ ගසක්‌ මුදුනේ පහනක්‌ දැල්වෙනු දැක ඊට විද ඇත. ඔහු පසු දින ඊතලය වැදුණ තැන සොයා ගොස්‌ මහ වන මැද විශාල සපු ගසක්‌ මුදුනේ එය ඇමිණී තිබෙනු දැක ඒ අසල පැළක්‌ තනා පදිංචි විය. කැළය කපා බෝග වවා සරු අස්‌වැන්නක්‌ ලැබෙනු දුටු තවත් තරුණයෝ ඔහුට එක්‌ව එහිම පදිංචිව දුනු ශිල්පය හදාළහ.

      දුන්නක වරපටය ගැටගසන තැන "මුණ්‌ඩ" නමින් හැඳින්වේ. පසුව නායක දුනුවායා "දැඩිමුණ්‌ඩ" ලෙස ගෞරවයෙන් අමතන ලදී.

      එකල දඹදෙණි රජුට විරුද්ධව කැරලි ගැසූ පිරිසක්‌ "දැඩිමුණ්‌ඩ" විසින් වේවැලකින් තලා මර්දනය කළේය. රජ ඔවුන් මැරීමට අණ කළද දැඩිමුණ්‌ඩගේ ඉල්ලීම පරිදි හැමදෙනාටම අභය ලැබුණි. දැඩිමුණ්‌ඩ එම කැරලිකාර පිරිස ගෙන ගොස්‌ දෙවනගල සිට රගලහල දක්‌වාත්, රාස්‌සේකන්දේ සිට බතලේගල දක්‌වාත් කැලෑ කපා අස්‌වද්දා ජල මාර්ග තනා කුඹුරු කළේය. ඒ අනුව දැඩිමුණ්‌ඩ මහත් ගෞරවයට පත් විය. දඹදෙණි රජ ඔහුට රාජ සම්මාන පිදීය. හැම විටම වේවැලත් අතේ දරා සිටි ඔහු මරණින් පසු දේවත්වයට පත්ව තමන්ගේ පිහිට පතන අයට උදව් උපකාර කරන්ට විය.


      http://www.divaina.com/2009/07/08/feature02.html

      Delete
    5. @ ඉන්දික උපශාන්ත

      ස්තුතියි අයියණ්ඩි. දැඩිමුණ්ඩ දෙවියෝ ගැන ලොකු විස්තරයක් මේ නිසා දැනගන්න පුලුවන් වුණා :)

      Delete
  15. හම්මෝ.. එක දිගටම කියවලා ඉවර කරා..

    ස්තූතියි...!!

    ReplyDelete
  16. පේන හැටියට නම් දෙවිවරු විදියට මිනිස්සු සළකන්න පටන් ඇරන් තියෙන්නේ බුද්ධාගමට එතරම් සේවයක් නොකරපු රජවරු.
    සමහර විට ඔවුන්ට තිබූ බිය නිසාද කියන්නත් බෑ.
    සමහර විට ඒ වගේ කාල වල බුද්ධාගමේ තිබූ පරිහානිය නිසාම මිනිස්සු ඒ වගේ ඇදහිලි වලට යොමු වෙන්න ඇති නේද​?
    (දුටු ගැමුණු රජතුමා දෙව් ලොව ගිය බව ග්‍රන්ථ වල දැක්වුවත් සාමාන්‍යය ජනයා අතර ජනප්‍රිය වන්දනාවක් වුනේ නෑනේ)

    ReplyDelete
    Replies
    1. දුටුගැමුනු රජතුමාගේ කාලේ මිනිස්සුන්ට වන්දනා කරන්න දෙවිවරු අවශ්ය උනේ නැහැ, හේතුව ඒ කාලෙ පිරිසිදු බුදු දහම ලක්දිව ස්ථාපිත වෙලා තිබුනේ.
      සිතුල්පව්වෙ 12000ක් රහතන් වහන්සේලත්, තිස්සමහරාමයේ 12000ක් රහතන් වහන්සේලත් හිටි බව කියනවා ඔය කාලයේ. අහස කශාය වර්ණයෙන් බැබළුනාලු.
      ඉතින් දෙවිවරු කුමටද??

      Delete
    2. බොහෝ රජවරු දෙවිවරු බවට පත් උනේ.. බුදුදහමට සේවය කරපු නිසා නෙවෙයි, එවකට මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වුනු කෘෂිකර්මාන්තයට අත්‍යාවශ්‍ය වුනු වාරි කර්මාන්තයේ දියුනුව උදෙසා ක්‍රියා කල නිසයි,

      Delete
    3. @ Dushyantha Akash

      බුදු දහමට සේවය කරන එක ලෝකෝත්තර අංශයටනේ අයිති. ඒ නිසා වාරි මාර්ගය කරවීම, කෘෂි කර්මය දියුණු කරවීම වගේ ලෞකික අංශයට යම් පාලකයෙක් කරන දේ තමා මිනිස්සුන්ට වැඩි වශයෙන් දැනෙන්නේ.

      ඒ වගේමයි මේ ඔක්කෝටම දේශපාලනික ස්ථාවරත්වයක් ඇති කරන්න ඕනේ. සරලවම කිව්වොත් පන්සලකට ගිහින් මලක් පූජා කරන්න භාවනාවක් කරන්න සාමය තියෙන්න ඕනේ වගේම කාලා බීලා ඉන්න එපැයි. ඒ නිසා ඒ අංශවල දියුණුවට කටයුතු කරපු පාලකයන්ට මිනිස්සු ගරු කරන එක බිය නිසා නෙමේ හෘදයාංගම කරපු දෙයක්.

      දේව ඇදහිලි එන්නේ මිනිස්සුන්ගේ හිතේ තියෙන අඩුව පුරවන්න. බුදු හාමුදුරුවන්ගෙන් යමක් ඉල්ලන්න මිනිස්සුන්ට බැහැනේ. එතකොට තමන්ගේ ඉල්ලීම්, පලිගැසීම් කරන්න මිනිස්සුන්ට කවුරු හරි ඕනේ වෙනවා. ඒකත් එක්ක තමා ප්‍රාදේශීයව වගේම ප්‍රසිද්ධ දේව වන්දනාවට මිනිස්සු යොමුවෙන්නේ. ඒකට බුදු දහම පරිහානිකර තත්වයේම තියෙන්න ඕනේ නැහැ

      දුටුගැමුණු රජතුමාව දේවත්වයෙන් සැලකුවේ නැතත් මහාවංසයේදී මතු බුදුවන මෛත්‍රී බෝසතුන්ගේ දකුණත් ශ්‍රාවක බවට පත් කිරීමත් ඒ වගේම ස්ථූපයක් සාදා වන්දනාවට ලක් කිරීමෙන් දේවත්වයකට වඩා ඉහළ තැනක එතුමාව තබපු බව හිතන්න පුලුවන්.

      Delete
    4. @ uwiniran

      ස්තුතියි ඔබේ එකතු කිරීම්වලට.

      මිනිස්සුන්ට වන්දනා කරන්න දේවතාවුන් අවශ්‍ය වෙන එක පිරිසිදු බුදු දහම තිබුණා කියලා නැතිවෙන්නේ නැහැ කියලයි මම හිතන්නේ. මොකද බුදු දහමෙන් ලෝකෝත්තර සුවය ගැන කතා කෙරෙන්නේ. තමන්ගේ ලෞකික අවශ්‍යතා ඉටු කරගන්න මිනිස්සු දෙවියෙක් වන්දනා කරන්න යොමු වෙන්න පුලුවන්.

      සිගමන් ෆ්‍රොයිඩ් ආගම ගැන කියන්නේ මෙහෙම. "මිනිස්සු තමන්ගේ පෞර්ෂයේ තියෙන යම් අඩුපාඩු සපුරා ගන්න ආධාරකයක් වශයෙන් ආගම සහ අභිචාර භාවිතා කරනවා. පූර්ණ පෞර්ෂ මට්ටම අත්පත් කරගත්තාම තව දුරටත් මිනිස්සුනට අභිචාර හරි ආගම් හරි අවශ්‍ය වෙන්නේ නැහැ...

      Delete
    5. @ uwiniran
      මටත් කියන්න ඕනෑ උනේ ඔබේ පළවෙනි කොමෙන්ටුවේ තිබුන දේ මයි.

      @Hasitha
      වාරි කර්මාන්ත ගැන ගත්තොත් ඉතින් මහසෙන් රජු ඇරෙන්න අනික් රජවරු මහා වාරි කර්මාන්ත කළ රජවරු නෙවෙයි නේ.
      වසභ​,මහා පරාක්‍රමබාහු,ධාතුසේන වගේ මහා වැව් කළ රජවරුත් දේවත්වයෙන් වැඳුම් පිදුම් ලැබුවෙ නෑ නේ.
      දේශපාලන ස්ථාවරත්වය ගැන කතා කළොත් ලංකාව එක් සේසත් කළ එකම රජ කෙනෙක්වත් ඔය ලැයිස්තුවේ නෑනේ.
      ඔයිට ආසන්න කාල වල හිටි ලංකාව අන්තිමට එක් සේසත් කළ සය වැනි පැරකුම් රජුවත්,උඩරට රාජධානිය ගොඩ නැගූ විමලධර්මසූරිය රජු වත් අඩුම ගණනේ නෑනේ.
      ඉතින් මට නම් පේන විදියට එකම පොදු සාධකය අරක තමා...

      Delete
    6. @ Dushyantha Akash

      මහසෙන් රජතුමා කියන්නේ විශාල වාරි කර්මාන්ත ඉදි කිරීමේ පුරෝගාමියා. මීට කලින් එවන් අත්දැකීමක් මිනිස්සුන්ට නොතිබුණු නිසා මහසෙන් රජතුමා කරපු දෙය ඔවුන්ට ලොකු දෙයක්. ඒක නිසා ඔවුන් එතුමාට ගරු කරන්න පෙළඹුණා.

      ඊට පස්සේ හිටිය පාලකයොත් [වසභ හැර] මහ වැව් තනද්දී ඒක මිනිස්සුන්ට අරුමයක් නෙමෙයිනේ. එතකොට මහසෙන්ට ලැබෙන සැලකිල්ල එයාලට ලැබෙන්නේ නැහැනේ.

      දේශපාලනික ස්ථාවරත්වය කියන්නේ ලංකාව එක්සේසත් කිරීමම නෙමේ. තමන්ගේ පාලන ප්‍රදේශය මැනවින්ම බාධකවලින් තොරව පාලනය කරන එක. මේ කතාවට අදාළ පාලකයන් දෙන්නාම ඒක කරලා තිබෙනවා.

      6 වෙනි පැරකුම්බා හෝ විමලධර්මසූරිය දේවත්වයට පත් නොවුණු එක ගැන යමක් කිව්වොත් ජනතාවගේ හදවතට ඒ පාලකයා සමීප වෙන ආකාරය අනුවයි එයා දෙවියෙක් විදිහට සැලකෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒක මහජනතාව අතේ තියෙන එකක්.

      I විමලධර්මසූරිය රජතුමා ගැන යමක් කිව්වොත් රජතුමාව ආදාහනය කරලා ඉවර වුණාට පස්සේ හදවත නිරුපද්‍රිතව තිබුණු නිසා මිනිස්සු විශ්මයට පත්වුණු බව කියවෙනවා....

      ඒක නිසා බිය කියන එක නම් පොදු සාධකය නොවන බවයි මගේ හැඟීම

      Delete
    7. @හසිත,
      මම දන්න විදියට මහ වැව් ඉදිකිරීමේ පුරෝගාමී රජතුමා තමයි වසභ රජු. ඊටත් පස්සෙ තමයි මහසෙන් රජතුමා මින්නේරි වැව හදන්නෙ,

      @ Dushyantha Akash

      කලාවැව හදපු ධාතුසේන රජු දේවත්වයට පතුනේ නැතත්, එය සෑදීමට උපදෙස් දුන් කඩවර දෙවි කෙනෙක් බවට පත් උනා,

      Delete
    8. @ uwiniran

      වසභ තමා මධ්‍යම ප්‍රමානයේ වැව් ඉදිකිරීමේ පුරෝගාමියා. මහ වැව් ඉදි කිරීම පටන් ගන්නේ මහසෙන් කාලේ ඉදන්.

      කඩවර දෙවියන් ගැන කතා කීපයක්ම තියෙනවා. අපේ 4 හෝ 5 සිංහල පොතේ තියෙන විදිහට වැව් කණ්ඩියේ තිබුණු සිදුරෙන් ජලය යන එක වලක්වන්න අත තියාගෙන ඉදලා මියගිය කාල කියන තරුණයා කඩවර දෙවියෝ වුණා කියලාත් කියනවා.

      අනික් කතාව තමා ඔබ් කිව්ව රජතුමාට කලා වැව හදන තැන වගේම ඒක නිර්මාණය සියලුම උදව් උපකාර දුන්නු පුද්ගලයා තවත් කීප දෙනෙක්ගේ කුමන්ත්‍රනයක් නිසා වැව් බැම්ම බිඳෙන්න යද්දී එතැනට පැනලා මැරිලා කඩවර දෙවියන් නමින් උපත ලැබුවා කියන කතාව.

      Delete
    9. මම දන්න විදියට කුමන්ත්‍රණය දියත් කරල තියෙන්නෙ හාමුදුරුවරු පිරිසක්, කඩවර ඔවුන් සියල්ලන්ගෙම බෙලි කපල කලා වැවට දාලා එයත් පැන්නලු.

      Delete
    10. @ uwiniran

      කතාව මම අහලා තියෙන විදිහ කියන්නම්කෝ. නෑයොත් එක්ක හුටපටයක් ඇති කරගත්තු මනුස්සයෙක් කැලෑ වැදිලා සත්තු එක්කම ඉද්දී කාලයක් ගියාට පස්සේ රාජ පුරුෂයෝ දැකලා අල්ලගන්නවා. පස්සේ ධාතුසේන රජතුමා මිනිහගෙන් කැලෑවේ විස්තර අහද්දී එයා කියනවා වැවක් හදන්න හොඳ තැනක් දැක්කා කියලා. පස්සේ රජතුමා එතැන වැව කරවලා ඒකේ භාරකාරීතවය පවරන්නේත් ඒ මනුස්සයාටමයි.

      මනුස්සයා ආයි හොඳට ඉන්නවා දකින නෑයෝ වගේම විරුද්ධකාරයෝ මිනිහා පණ වගේ රකින් වැවට හානියක් කරන්න සැලසුම් කරනවා. වැව හිඳුණු කාලෙක වැස්ස වස්සවන්න වැසි පිරිත කියන පිංකමක් ඒ මනුස්සයා සංවිධානය කළා. ඒ වෙලාවේ කුමන්ත්‍රණකාරයෝ තමන්ගේ වැඩේ කරන්න වයසක හාමුදුරු නමක්ව යොදා ගන්නවා....

      වැවේ වතුර මට්ටම බලා ගන්න උපකරණයක් තියෙනවා දිය කැට පහන කියලා [මට මතක විදිහට] ඒකෙන් තමා වැවේ වතුර මට්ටම බලලා සොරොව්ව අරිනවාද නැද්ද කියලා එක තීරණය කරන්නේ.

      දියකැට පහණේ නියමිත මට්ටමට වතුර ආපුවාම වැසි පිරිත නවත්තන්න ඕනේ. එතකොටයි වැස්ස නවතින්නේ. අර වයසක හාමුදුරුවෝ කරන්නේ අතේ තිබුණු හැරමිටියෙන් දිය කැට පහණ හිල් කරන එක.

      අන්තිමට සිද්ධ වෙන්නේ හාමුදුරුවෝ පිරිත් කියලා වැවේ වතුරු හොඳටම පිරිලා වාන් දාන්න පටන් ගත්තු එක. ඒක වළක්වන්න විදිහක් තිබ්බෙත් නැහැ දියකැට පහණ හිල් කරලා නිසා. අන්තිමට අර මනුස්සයා වැව් බැම්ම කැඩිලා යනවා බලන් ඉන්න බැරි දුකට එතැනට පැනලා මිය යනවා. පස්සේ එයා තමා කඩවර දෙවියෝ නමින් උපදින්නේ

      Delete
  17. මාදම්පේ මහවැව තනි වැල්ලේ දේවාලේ නම් හොදට දන්නවා,ඔතන තියන වෙල යාය ගැන පුදුමයි මොකද මූදට ඉතාමත් කිට්ටුවෙන් තියන ඔය වෙල් යාය තනිය වල්ලභ කුමාරයා කරවලා තියෙන්නේ පුදුම සහගත වාරි කර්මාන්තයකින් කියනවා.කරදිය මිරිදිය මිශ්‍ර වන නිසා,,මම හිතන්නේ මුතුරාජ වෙලත් එහෙමයි,,සහෝදරයෝ ඒ වගේ දේවල් කරලා තියෙන්නේ සෑහෙන සැලසුම් කරලා වෙන්න ඇති.අදත් ලස්සන ලිපියක් හසිත,ඔය මහවැව නානාප්‍රකාර නිධන් කතත් තියනවා වැවෙන් එක එක ඒවා මතු වෙනවලු කාලෙන් කාලෙට

    ReplyDelete
    Replies
    1. @ ItalyDilan

      වටිනා තොරතුරක් අයියා එකතු කළේ. ස්තුතියි.

      මේ ආකාරයෙන් මහන්සි වෙලා කරපු වාරි කර්මාන්තයක් විනාශ වෙද්දී ලොකු දුකක් ඇතිවෙලා සියදිවි නසාගන්න එක පුදුමයක් නෙමේ තමා.

      නිධන් වස්තු මතුවෙන්න පුලුවන් තමා රාජකීය වස්තුව තියෙන්න ඇතිනේ. හැබැයි දැන් කට්ටිය මහවැවත් හිස් කරලා හාරන්න ganiidha දන්නේ නැහැ :D

      Delete
  18. අදත් ඉතිහාසයේ ගොඩක් විස්තර දැන ගත්තා.. අර නෑකම් තියෙන පින්තුරේ දාපු එකනම් හොදයි. නැත්නම් ඇත්තටම ටිකක් පැටලෙනවා..

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      ඒකනේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස නෑකම් තියෙන රූපේ දාපු එකේ ප්‍රයෝජනයක් තියෙනවා වගේ :)

      Delete
  19. අම්මෝ හසිත සහෝ ඇවිදින මහාවංශයක් වගේනෙ..! කොහෙන්ද අප්පා මෙච්ච්ර විස්තර ගොන්නක් හැමදාම හොයාගන්නේ? අපේ රටේ ඉතිහාසය පිටින් විෂය නිර්දේශවලින් පවා අතුගෑවිලා යන කාලෙක මේකනම් ගොඩාක් ගොඩාක් වටින සේවයක්... අර අශ්ව රූපෙ නම් මට ගොඩාක් හුරුයි.. වෙන කොහේදි හරි දැකලා තියෙනවා වගේ...

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනෙම ඔයාට හිතුන දේමයි..මෙච්චර විස්තර කෝම හොයා ගන්නවද මන්ද...ඔක්කොම එක හුස්මට කියව ගෙන ගියා මම..ඉතිහාස කතා වලට මම කෝමත් ආශයි..ආත්තම්මගෙන් අහගත්තට පස්සෙ ඔන්න දැන් අහන්නෙ හසිතගෙන්.....:)

      Delete
    2. @ තොටියා

      ස්තුතියි අයියා අගය කළාට. මම ඇවිදින මහාවංසයක් නම් නෙමේ තාම. මම තවමත් ආධුනිකයෙක් :) විස්තර හොයාගන්නේ පොත් පත්තර කියවීමෙන් තමා...

      අශ්ව රූපේ වෙන දිහාවක දැකලා පුරුදුයි කිව්වාම මටත් එහෙම හිතුණා. සූනියම් දෙවියන්ගේ වාහනයත් සුදු අශ්වයෙක්නේ. ඒක නිසා ඒ දේවාලවලත් සමහර වෙලාවට සුදු අශ්ව රූපයක් හදලා තියෙනවා...

      Delete
    3. @ වින්චැට් කිරිල්ලි

      විස්තර හොයාගන්න රහස තොටියා අයියටත් කිව්වා. ඔයාටත් කියන්නම් ඉතින් :D පොත් පත්තරවලින් තමා ඔක්කෝම හොයාගන්නේ....

      ආත්තම්මගෙන් ඉතිහාස කතා අහගත්තා වගේම හසිත සීයාගෙනුත් අහගන්න පුලුවන් වෙයි :D

      Delete
  20. ලොකු ලිපියක්.... හ්ම්ම් දෙන නම් ලංකාවේ දෙවිවරු වැහි වැහැලනේ....
    අපේ පිලි ගැනීම අනුව තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නවා...
    ලංකාවේ ජනගහනය මිලියන විස්සක් ඉන්නවා..
    එතකොට එක මිනිහෙක්ට දෙවිවරු 17 ගානේ ඉන්නවනේ..
    අඩේ මරුනේ අයියේ...

    ReplyDelete
    Replies
    1. @ සුදා මල්ලි

      එක මනුස්සයෙක්ට දෙවිවරු 17 ක් ඉදලත් වෙන දේවල් පේන්නේ නැද්ද මලයා :)

      මම හරී අයියාට කිව්වත් වගේ මේ තිස් තුන් කෝටියේ කතාව ගොඩක් දෙවිවරු ඉන්නවා කියලා පෙන්නන්න කරපු වැඩක් වෙන්න ඕනේ

      Delete
  21. හසිත මල්ලී, මරු දේව කතාවක් තමයි..
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක "මින්නේරි දෙය්යෝ" ගැන. මින්නේරි වැව ළඟ තියෙන දේවාලේ තියෙන මින්නේරි දෙය්යොන්ගේ කියන පිළිමය ඇත්තටම බෝධිසත්ත්ව රූපයක්ලු නේද? මම අහගෙන ආචාර්ය බෝපෙආරච්චි එහෙම කියනවා. එතකොට මහසෙන් දෙය්යෝ සංකල්පය කොයි කාලේ ඇති උන එකක්ද? ඉස්සර මිනිස්සු බෝධිසත්ත්ව රූප නොදැන උන්නා වෙන්න බෑ නේද? මහසෙන් දෙය්යෝ කියලා බෝධිසත්ත්ව රූපයකට වැන්දා වෙන්න බෑ නේ...

    ReplyDelete
    Replies
    1. පටලවගන්න එපා.. මින්නේරි දෙවියන් හා මහසෙන් දෙවියන් යනු එක්කෙනෙක් නෙවෙයි, දෙන්නෙක්.. ඔයා ඔය අහන්නෙ මින්නේරි ‍දෙවියන් (මහසෙන් රජු) ගැන වෙන්නැති..

      Delete
    2. @ Chamara Sumanapala

      මින්නේරි වැව ගාව තියෙන මින්නේරි දේවාලයේ දේව පිළිමය බෝසත් ප්‍රතිමාවක් කියන කතාව නම් මම අහලා නැහැ අයියා. ඒත් අනුරාධපුර යුගයේ ඉදන්ම මහායාන සංකල්ප ලංකාවේ තිබුණු නිසා බෝධිසත්ව පිළිමවලට වන්දනා කරන සිරිත තිබිලා තියෙනවා. බෝසත් පිළිම හදන එක වැඩි වශයෙන් වෙලා තියෙන්නේ වෙරළාසන්න ප්‍රදේශවල. ඒත් අනිත් ප්‍රදේශවලත් නොවුණාම නෙමේ.

      බෝධිසත්ව රූපයකට මින්නේරි දෙවියන් කියලා වන්දනා කළා කියන කතාව ගත්තොත් එහෙමත් වෙන්න බැරිකමක් නැහැ. මොකද අවලෝකිතේශ්වර බෝධිසත්ව සංකල්පයෙන් නාථ දෙවියන් උපන් බවත් සමන්ත භද්‍ර බෝධිසත්ව සංකල්පයෙන් සුමන සමන් දෙවියන් උපන් බවටත් සාධක තියෙනවා.

      ඒ වගේමයි උපුල්වන් දෙවියන් විෂ්ණු දෙවියන් බවට පත්වෙලාත් තියෙන නිසා කලින් කිව්වා වගේ දෙයක් වෙන්න බැරිකමකුත් නැහැ

      Delete
    3. @ Buratheno

      "මින්නේරි දෙවියන් හා මහසෙන් දෙවියන් යනු එක්කෙනෙක් නෙවෙයි, දෙන්නෙක්.."

      මේ කියන්නේ මහසෙන් රජතුමා මින්නේරි දෙවියන් විදිහට වන්දනා කරන බවත් කතරගම ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයෙක් වුණු මහාසේන රජතුමා මහාසේන දෙවියන් විදිහට වන්දනා කරන එක නේද ? අර කිරි වෙහෙරේම චෛත්‍ය මළුවේ දේවාලයක් තියෙන්නේ

      Delete
    4. @ හසිත, කතරගම සහ මහසෙන් යනු එකම දෙවියෙක් කියල තමයි කියවෙන්නෙ.

      Delete
    5. @ ඉන්දික උපශාන්ත

      ඔව් ඔව් එහෙම කතාවකුත් මම අහලා තියෙනවා අයියේ. මේ දවස්වල රිවිසරසි වගේ නමක් තියෙන ජ්‍යෙතිෂ පත්තරේක කතරගම දේව පුරාණය කතාව ගියා. ඒකේ මේ කතාවත් තිබ්බා. ඒ හැරෙන්න භාරතයේ ස්කන්ධ දෙවියා ලංකාවේ කතරගම වුණා, මහා ඇලෙක්සැන්ඩර්ව ස්කන්ධ නමින් හැඳින්වුවා වගේ කතා ගොඩක් තිබුණා. කොග්ගල නිළමේ කියන පොතේ තියෙන්නේ නම් කන්ද කුමාර කියලා යක්ෂ ගෝත්‍රිකයෙක් මේ විදිහට වන්දනාවට පාත්‍ර වෙනවා කියලා.

      Delete
    6. මහසෙන් හෙවත් මහාසේන තමා මුලින්ම කතරගම දෙවියන් නමින් පිදුම් ලබන්නේ.. නමුත් මහේශාක්‍ය දෙවියන් විසින් අල්පේශාක්‍ය දෙවියන් ගිලගැනී‍මේ නියමයට යටත්ව ඒ තැන ලැ‍බෙනවා ස්කන්ධට.. හරියට උපුල්වන් විෂ්ණු වුනා වගේම..

      Delete
    7. මතකනේ සැළලිහිනි සංදේශය..

      "රනේ යටග සැවුළිඳු දද ගලපාය
      පෙනේ දකුණ මහසෙන් දෙවු රද පාය"

      Delete
    8. @ Buratheno

      අල්පේශාක්‍ය දෙවියන්ව මහේශාක්‍ය දෙවිවරු ගිලිනවා වගේම අනික් අතට විදේශීය දෙවිවරු අපිට ඕනේ විදිහට හදා ගන්නවා. හරියට අවලෝකිතේශ්වර ලංකාවේදී නාථ වුණා වගේ :)

      උපුල්වන් විෂ්ණු වුණා කිව්වාම මතක් වුණේ. දැන් ඒ නම් දෙකම එකතු කරලානේ තියෙන්නේ නේද ? [ටූ ඉන් වන්] දෙවිනුවර දේවාලයේ නම උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලය නේද ?

      සැළලිහිණිය ලියවුණු කාලෙත් දේවාලේ මහසෙන් දේවාලය විදිහට වගේ සළකලා තියෙන්නේ. සැවුලා කොඩියත් කොහොමින් කොහොම හරි මයුරා කොඩිය වෙලා නේ :)

      Delete
  22. ලංකාවේත් ඔය දෙවිවරුන්ගෙ වැඩ කිඩ දාල සිරා ෆිල්ම්ස් ටිකක හැදුව නම් හරි.. ඕව මතක හිටින්නේ එතකොට.. අපි සීයුස් ගැන දන්න දේවල් අපේ දෙවිවරු ගැන දන්නෙ නෑනේ...

    ReplyDelete
    Replies
    1. @ Pathum Herath

      ඒකත් ඇත්ත ග්‍රීක දෙවිවරු ගැන එමට චිත්‍රපටි තියෙනවා. ඒක නිසා සියුස්, ඇතීනා, පොසයිඩන් කට්ටියවම අපි දන්නවා. රාමායණය, මහාභාරතය වගේ කතා නිසාම හින්දු දෙවිවරුන්වත් අපි දන්නවා. තෝර්, ලෝකි වගේ නෝර්ඩික් දෙවිවරු ගැනත් අපි දන්නවා තෝර් වගේ චිත්‍රපටි නිසා.

      ඉතිහාස කතා දැන් ෆිල්ම් විදිහට එන නිසා ඉස්සරහට එහෙම දෙයක් වෙයි කියලා හිතමුකෝ අයියා.

      Delete
    2. @ සුදීක

      ඒ ෆිල්ම්ස් බලන්නත් කට්ටිය ඉන්නවා වගේ :)

      Delete
  23. දැන් කාලේ දේවත්වයට පත් වීම් දෙන්නේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි පනාපුත්‍රලා, සුර්යපෙරුමාල්ලා එහෙමනේ...

    ReplyDelete
    Replies
    1. @ රාමා

      මේ පත්වීම් කොච්චර කාලෙකට වලංගුද කියන එකයි ප්‍රශ්නේ අයියා. මිනිස්සුන්ට මේ දෙවිවරු අමතක වුණු කාලෙක ඒ දෙවිවරු ඉවරෙටම ඉවරයි :D

      Delete
  24. වටිනා කතන්දර ටිකක් . ආයෙම කියවල එන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. @ Bindi

      අනිවාර්යයෙන්ම අක්කේ. ආයි නිස්කලංකේ කියවලා එන්න

      Delete
  25. අර අශ්ව රූපෙ තියන තැනින් දෙතුන් වතාවක් ගිහින් තිබුනත් අදනෙ විස්තරේ හරියටම දැනගත්තෙ..
    ස්තුතියි හසිත..

    ReplyDelete
    Replies
    1. @ රූ...

      එහෙම නම් මේ වැඩේ වටිනාකමක් තියෙන පාටයි :)

      Delete
  26. කොච්චර බැලුවත් බල ලෝභයත් එක්ක එක්වුනු කොච්චර දූෂිතද ඉතිහාසය.අනික තමයි දෙවිවරුන්ගේ පහළ වීමත්.බලන්ඩකෝ ජාතිය පාවලා දුන්නු විභීෂණත් දෙයියෙක් උනානෙ.රාහුල හාමුදුරුවො මේ යකාව කොච්චර වර්ණනා කරලා තියෙනවද?

    මචං පුළුවන්නං හින්දු දේව කතා ගැන ලියපං.මම හරි ආසයි ඒ ගැන කියවන්ඩ.ඒත් හරි හමං පොතක් නෑනෙ හොයා ගන්ඩ

    ReplyDelete
    Replies
    1. @ දිනුක

      මිනිස්සුන්ට ඉදිරිපත් කරන විදිහත් එක්කනේ දෙවියන්ගේ වටිනාකම වැඩි වෙන්නේ. රාමායණයේ කියන්නේ විභීෂණ කියන්නේ සාධාරණය, යුක්තිගරුක බව වෙනුවෙන් කටයුතු කරපු කෙනෙක් කියලනේ. එතකොට ඉතින් මිනිස්සු ගරු නොකර වන්දනා නොකර ඉදීවිද ?

      අලුත් දෙවියෙක් වුණත් introduce කරද්දී ඒක ලස්සනට කරන්න ඕනේ. දෙවෙනි රාජසිංහගේ කාලේ මනුස්සයෙක් අලුත් දෙවියෙක්ව introduce කරපු කතාව අහලා තියෙනවාද ? :D

      හින්දු දේව කතා කියවන්න නම් මාත් ආසයි. ඉඩකඩ ලැබෙන විදිහට ඒවාත් ලියන්න ට්‍රයි එකක් දෙන්නම් :)

      Delete
  27. අඩේ මාදම්පේ අස්සයාව මෙච්චර දැකලා තිබ්බත් ඒ අස්සයා ගැන දැන ගත්තේ අදමයි.
    අපි ඔය අස්සයාට පඬුරුත් දාලා ගිහින් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හැක්..හැක්.. තලවිල පල්ලි යද්දි වෙන්ටැ..

      Delete
    2. කොච්චිකඩේ තෝප්පුවේ අන්තෝනි මුනිතුමා බැහැ දැකලා,,ඊලගට මාරු කාසි වැටෙන්නේ ඔය අස්පයට තමා පස්සේ හලාවත පහු කරලා කෝට්ටම්පිටිය අන්තෝනි මුනිතුමාට ආයේ ආයේ පාලවිය හන්දියේ සාන්ත ආනා මෑනියන්ට තලවිල ගමනෙදි සල්ලි දාන තැන් මට මතක විදිහට

      Delete
    3. @ ItalyDilan,

      අපේ මාමා කෙනෙක් එක්ක තලවිල යන හැටි මතක්වෙලා හිනාත් ගියා ඩිලාන්.. මුලින්ම ගේ ඉස්සරහා සුරුවමට සල්ලි දානවා.. ඊළඟ හන්දියෙ එකට දානවා.. ඊටපස්සෙ ගමේ දේවාලෙට ගිහින් ගහනවා පොල්.. ඕං ඊළඟ පඬුර සීදුව හරියෙ සන්තන්තෝනි සුරුවමකට.. ඊළඟට ලියනගේමුල්ලෙ පල්ලි.. ඊළඟට කෙලින්ම තෝප්පුවෙ හන්දිය.. ඊටපස්සෙ තනිවැල්ලෙ පොල් පාර.. ඊළඟට බුල්ලපිටියෙ සුරුවම.. ඊළඟට කෝට්ටපිටියෙ සුරුවම.. ඊටපස්සෙ තලවිල.. වැඩේ කියන්නෙ ඔය ඔක්කොම කරන උන්දෑ කතෝලිකත් නෙමෙයි..

      Delete
    4. @ මධුරංග

      අස්සයාට නෙමේ පඬුරු දාන්නේ අයියා. අස්සයාගේ අයිතිකාරයාට :D

      Delete
    5. @ ItalyDilan

      ක්‍රිස්තියානි අයත් තනිවැල්ලේ දේවාලය ගාවින් යද්දී පඬුරු දානවද ?

      Delete
    6. @ හරී

      කතෝලික නොවුණත් මාමා තලවිල පල්ලි යන්නේ ඒ පල්ලියේ මොකක් හරි විශේෂයක්වත් තියෙනවාද ?

      Delete
    7. @ හසිත,

      තලවිල යන්නේ කතෝලිකයො විතරක් නෙවෙයි.. මේ කියන මාමා ක්‍රිස්තියානි.. ගොඩක් අනුහස් තියෙන පල්ලියක් කියලා තමා විශ්වාස කරන්නෙ.. පල්ලියෙ කතාව වෙන දවසක කියන්නම්...

      Delete
    8. @ හරී

      ඒ කතාව කියනකම් අපි බලාගෙන ඉන්නේ...

      Delete
  28. ශා මරු කතා ටික.. :) මුල ඉඳලාම කියවන්න වෙනවා..
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. @ Red Riding Hood

      මුල ඉදන්ම කියවන්න. මටත් පුදුමයක් මේ කතා මාලාවේ කතා 16 ක්ම ලියවුණු එක ගැන :)

      Delete
  29. පට්ට කරුනු ට්ක මචන්...මම නම් ඔය සීතාවක රජතුමාගෙ සොහොන ගාවට ගිහින් තියනව ඉස්සර..අපේ පන්තියේ එකෙක් හිටිය උන්ගෙ ගෙවල් පහල ඔය තැන තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. @ කස්ස

      නියමයිනේ අයියා. යාලුවගේ වත්ත එහෙම පොඩ්ඩක් හෑරුවොත් මොනවා හරි වටින කියන දෙයක් හොයාගන්න පුලුවන් වේවි සමහර විට :D

      Delete
  30. අම්මෝ ඉන්න දෙවිවරු ගොඩ. ආයම පාරක් කියවලා බලන්ට ඔනි. අහලා තියන දෙවිවරු තමයි 'මින්නේරි දෙය්යෝ' 'කලු කුමාර' වගේ අය. කෑගල්ල පැත්තේ යනකොට හැරිලා යන පාරක තවත් දෙවිකෙනෙක් වෙනුවෙන් හදපු දේවාලයක් තියනවද නේද?


    ඒක නෙමේ මොකද මේ දේවතාවියෝ ගැන ලියලා නැත්තේ. කවුරුත් ඒ කාලේ ඉඳලා මිය ගිය බිසෝවරුන්ට එහෙම වැන්දේ නැද්ද? :D

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      කෑගල්ල පැත්තේ ඉන්න දෙවියා ගැන නම් දන්නේ නැහැ. කෑගල්ල පැත්තේ කෙනෙක් හරි ඒ ගැන දන්න කියන කෙනෙක්ගෙන් හරි අහලා බලන්න වෙනවා ඒක නම්.

      අනුලා වගේ මියගිය බිසෝවරුන්ට වඳින්න පුලුවන්ද මම අහන්නේ :D

      දේවතාවියන් ගැනත් අහපු නිසා ඒ ගැනත් කියන්නම්කෝ. ඇම්බැක්කේ දේවාලයේ වැඩ වාසය කරන්නේ කතරගම දෙවියෝනේ. ඒ දෙවියන්ට ඒ කාලේ ගම්පොළ රාජධානිය කරපු 3 වෙනි වික්‍රමබාහු රජතුමාගේ බිසොව ගැන හිතක් පහළ වුණාලු.

      පස්සේ දේවිය අසනීප වෙලා මැරිලා කතරගම දෙවියන්ගේ බිසවක් විදිහට උපන්නාලු. බෙලි ගෙඩියකින් ඕපපාතිකව ඉපදුණු නිසා ඒ දේවියව හඳුන්වලා තියෙන්නේ "හෙණ කඳ බිසෝ බණ්ඩාර" කියලා. ඇම්බැක්කේ දේවාලය අධිගෘහිත දේවතාවිය වෙන්නේත් මේ හෙණ කඳ බිසෝ බණ්ඩාර තමා

      Delete
    2. @ සුදීක

      එතනත් සත් පත්තිනි කියලා පත්තිනි දේවිය ඉපදුණු ආකාර 7 ක් ගැනත් කියනවා

      Delete
    3. අනුලා බිසව දේවතාවක් විදියට අදහනවලු අනුරාධපුරේ මිශ්‍ර පාසලක ගෑණු ළමයි සහ කොළඹ කාන්තා පාසලක ළමයි.

      Delete
    4. @ ඉන්දික උපශාන්ත

      මම හිතන්නේ ඒ අනිත් අනුලා බිසව වෙන්න ඇති :) සංඝමිත්තා තෙරණිය යටතේ ලංකාවේ මුලින්ම මහණ වුණු කෙනා

      Delete
  31. ඒ කාලේ මිනිස්සු ගෞරව දැක්වීමටත් බියටත් තමාට වඩා බලවත් අය දෙවියන් හැටියට අදහන්න පුරුදු වෙන්න ඇති. මේ විදිහට ප්‍රාදේශියව දේවත්වයට පත් වුණු අය ගැන කියල නිම කරන්න බැරි තරම් නේද.
    ජනප්‍රවාද විදිහට එහෙන් මෙහෙන් අහල තිබුණ ගොඩක් දේවල් පැහැදිලිව දැනගත්තා. හොඳ ලිපියක්!

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      තමන්ට සේවය කරපු අයගේ සේවය ඉදිරියටත් ලැබෙනවා කියලා හිතලා වැන්දා වගේම බලසම්පන්න අයත් මළාට පස්සේත් කරදර වෙන්න පුලුවන් නිසා එයාලවත් වන්දනා කළා වෙන්න පුලුවන්. හැබැයි එයාලව හුඟක් වෙලාවට යක්ෂයන් විදිහට වෙන්න ඕනේ වන්දනා කරන්න ඇත්තේ

      Delete
  32. මන් මේ හිතන්නේ ඉස්සරහට තව ගොඩක් දෙවිවරු එයි කියලයි.. අපේ අයියලා දේවත්වයෙන් සමහරුට පුදන හැටි දැක්කාම..

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      එහෙම පුදන්නේ ඉතින් ඒ සමහරුන්ට බලය තියෙන නිසානේ අයියා. ඒ බලය නැතිවුණු දාට එයාලව මිනිස්සුන්ට මතක තියේවිද දන්නේත් නැහැ :)

      Delete
  33. අපේ රටේ මිනිස්සු ඉතිහාසය ගැන සැක කරනවා. ඒ යම ගිහින් ඇමරිකන් පුරවසි භාවය ගන්න ගියාම එහෙ ඉතිහාසය පාඩම් කරනවා. ඒ ඉතිහාසය නොදන්නා කෙනෙකුට ඇමරිකන් පුරවැසි කම ගන්න ලැබෙන්නේ නෑ කියල දයාවංශ ජයකොඩි මහතා කියල තිබුණා. අපි ඉතිහාසයට ආදරය කරන්න ඕන. එතැනදී ඒක හරි වැරදි මොකක් වුනත් අපේ ඉතිහාසය. අමතක වෙලා යන දේවල් මෙසේ මතක් කර දීම ගැන ඔයාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. @ සුදීක

      නියම කතාව අයියේ. සුද්දාට පර සුද්දා කියලා බැන්නට එයාලගෙනුත් ගන්න පුලුවන් හොඳ දේවල් තියෙනවානේ. සුද්දා වුණත් තමන්ගේ කෙටිකාලීන ඉතිහාසයට මේ විදිහට සලකද්දී අපි අපේ දිගුකාලීන ඉතිහාසෙට සළකන විදිහ නම් අන්තිමයි තමා

      Delete
  34. මම හිතන්නෙ දිගටම කියෙව්වට කමෙන්ට් එකක් දාන්නෙ අද,
    මෙවැනි සාරවත් ලිපි දානවට ඔබට ස්තූතියි.

    ඒ වගේම පුලුවන්නම් බුදු රජාණන් වහන්සේගේ ආදාහන මංගල්ල‍යෙන් පසු ධාතුන් වහන්සේලා බෙදා දීම පිළිබඳවත්, දැනට ඒවා තිබෙන ස්ථාන පිළිබදවත්, ඉතිහාසගත තොරතුරු සහ ජනවහරේ එන තොරතුරු පොස්ට් එකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. @ uwiniran

      ස්තුතියි අගය කිරීමට.

      සර්වඥ ධාතු බෙදාදීම වගේම ඒවායේ වත්මන් තත්වය ගැන මීට කලිනුත් ලියන්න කියලා ඉල්ලීමක් ආවා වගේ මතකයි. ඒ ඔයාමද මන්දා :) ඒ ගැනත් ලියන්න හිතේ තියෙනවා. ඒ ගැන විස්තර එකතු කරමින් පවතින්නේ...

      Delete
  35. මමත් ගම්පහ දිස්ත්‍රික්කයේ ඔය සඳහන් කරරලා තියෙන ඉසව්වක පදිංචිවෙලා හිටියත් ඔය මුතුරාජවෙල ඇරෙන්න වෙන කිසිවක් මේ ඉතිහාසයට සම්බන්ධ ප්‍රදේශ වග දැනගෙන හිටියෙ නැහැ.සකල කලා වල්ලභයන් සෑහෙන වැඩ කොටසක් කරලා තියෙන හැඩයි. ඒත් අද ඒ සේරම යටපත්වෙලා. අර අස්වාන අදටත් තියෙනවා. මම මේ දිග ඉතිහාසය දැනං හිටියෙ නෑ.

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      මාත් බොහොම මෑතකදී තමා අයියා මේ විස්තර දැනගත්තේ. කොහොම නමුත් මේ යෝධ නිර්මාණ අද නටබුන් විදිහට ඉතුරු වෙලා තිබුණත් ඒ උදාර මිනිසුන් කරපු මෙහෙය මිනිස්සු අමතක කරන්නේ නැතුව එයාලව සිහිපත් කරන එක වගේම වන්දනා කරන එක අගය කරන්න ඕනේ

      Delete
  36. තනිය වල්ලභ ‍දේවාලෙට දැන් කියන්නෙ තනිවැල්ලේ දේවාලේ කියලා. එතකොට වීදිය බණ්ඩාර කුමාරයගේ පුතා තනිය වල්ලභ කුමාරයා නේද? ස්තුතියි පැහැදිලි කිරීම ගැන.

    ReplyDelete
    Replies
    1. @ බුද්ධි

      "තනිය වල්ලභ ‍දේවාලෙට දැන් කියන්නෙ තනිවැල්ලේ දේවාලේ කියලා"

      ඔව් අයියා. තනියවල්ලභ දේවාලය කියන එක දිග වැඩියි කියලා හිතලා තනිවැල්ලේ දේවාලය කියලා නම කෙටි කරන්න ඇති.

      "එතකොට වීදිය බණ්ඩාර කුමාරයගේ පුතා තනිය වල්ලභ කුමාරයා නේද?"

      නැහැ අයියා. තනිය වල්ලභගේ දුවගේ පුතා එහෙමත් නැත්නම් තනියවල්ලභගේ මුණුපුරා තමා වීදිය බණ්ඩාර කියන්නේ...

      Delete
    2. "එතකොට වීදිය බණ්ඩාර කුමාරයගේ පුතා තනිය වල්ලභ කුමාරයා නේද?"// හිහ් හී... මම අහන්ඩ ගියේ ඕක නෙමේ. මම අහන්ඩ ගියේ වීදිය බණ්ඩාර කුමාරයගේ සීයා නේද තනිවැල්ලෙ දෙවියෝ වෙලා ඉන්නෙ කියලා....:)
      ...................

      Delete
    3. @ බුද්ධි

      ඔබ හරි මම නිවැරදියි. සීයා පප්පා තමා :D

      Delete
  37. ඔය තනිය වල්ලභ කුමාරයාගේ මාළිගාවේ නටඹුන් අදටත් දකින්න පුළුවන් මාදම්පේ මාළිගාවත්ත කියන තැන. මහවැව නම් තියෙන්නෙ හලාවතට යන පාර අයිනෙමයි. ඔය වැවෙන් කාලෙකට රන් සෙම්බු වගේ දේවල් මතුවෙලත් තියෙනවලු, හැබැයි ඒවා ගන්න යන අය..... ලු. ඔය හරියෙම තව කුඩා වැව කියලා එකකුත් තියෙනවා. ඒකත් මම හිතන්නෙ ඔය රජතුමාගෙම තමයි. හොඳ විස්තර ටිකක්!

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      සකලකලා වල්ලභගේ මාළිගාවේ නටබුන් තියෙන බව නම් දැනගන්න ලැබුණා. තනිය වල්ලභගේ මාළිගාවේත් නටබුන් තියෙන බව දැනගත්තු එක හොඳයි. ඒවා සංරක්ෂණය කරලාද තියෙන්නේ අයියා ?

      අයියා කිව්ව අනිත් වැව මාදම්පේ වැව වෙන්න ඕනේ.. දැන් අපේ අයියලා මහ වැව හාරන්න යයිද දන්නේ නැහැ :D

      Delete
    2. කවුරුවත් සංරක්ෂණය කරලා නෑ. සුද්දා උඩරට ආක්‍රමණය කරන කාලෙත් ඕක ආරක්ෂා කර ගෙන හිටියේ රන්දෙනි කෝරාළ. ඒ උනත් ජේ.ආර්.ජයවර්ධනගේ මුත්තා(ඉන්දියාවෙන් ආපු ලස්කිරිඥ භටයෙක්) කපටිකමින් මේ මාදම්පා කෝරලය අල්ලාගත්තා.ජේ.ආර්. ම වෙන්න ඇති එදා හිටපු මුත්තා.

      Delete
  38. රාවන රජතුමා සහ විභීෂණත් මේ ලිස්ට් එකට එකතු වෙන්ඩ ඕනෙ :)

    ReplyDelete
    Replies
    1. @ Kay Cee

      මෙතන වැඩි අවධානය යොමු කරලා තියෙන්නේ මෑත කාලීන ඉතිහාසය ගැනනේ..

      Delete
    2. @ Kay Cee

      මට පස්සේ මතක් වුනේ එයාලා ගැනත් මේ සටහනේ කියලා තියෙන්නේ


      "මේ හැරෙන්න සාහිත්‍ය මූලාශ්‍රවලින් හමුවෙන රාවණා රජතුමා, එතුමාගේ සහෝදරයා වුණු විභීෂණ, සමනොළ කන්දට අධිපති සුමන සමන්, කතරගම ප්‍රදේශයට අධිපතියා වූ මහාසේන වැනි පාලකයන්වත් පසුකාලීනව දේවත්වයේලා ඒ ඒ ප්‍රදේශවල වගේම ලංකාව පුරාමත් දැකගන්න පුලුවන්."

      Delete
  39. මේ තනිවැල්ල දේවාලය තියෙන්නේ අපේ හරියේ... ඒ ගැන කතාව නම් මම දන්නවා.. අනිත් එව්වා දන්නේ නෑ අයියා...

    ReplyDelete
    Replies
    1. @ අනූ

      දේව අඩවියක දරුවෝ නොවැ. ලහිරු අයියා කිව්ව තනිය වල්ලභ රජතුමාගේ මාළිගාව තිබුණු තැනට ගිහින් තියෙනවාද ?

      Delete
    2. ඒ මාළිගාව තියෙන්නේ මාදම්පේ සේනානායක පන්සල ළඟ.

      Delete
  40. සෑහෙන වටින කතා ටිකක්. කමෙන්ට් වලිනුත් තව ගොඩක් දේවල් දැන ගත්තා. පෝස්ට් එකක් දාලා ටිකක් පරක්කු උනාම මේ පැත්තට එන එකේ වාසිය තමයි අමතර තොරතුරුත් ගොඩක් දැන ගන්න ලැබෙන එක.

    ReplyDelete
    Replies
    1. @ තරුවා

      කෑම කෑවාට පස්සේ හොඳම හරිය ඇඟිලිවල වගේ මේ කතාවල හොඳම හරිය තියෙන්නේ කමෙන්ට්ස්වල :D

      Delete
  41. ගොඩක් වටිනා ලිපියක් ..කළු කුමාර දේවතා බණ්ඩාර කියන්නෙ ලමිස්සියො බය කරන කෙනාද කියන ප්‍රශ්නේ මටත් තිබුනේ .. එකට උත්තරේ කමෙන්ට්ස් කියවද්දී දැක්ක ..

    හසිත අහල තියෙනවද ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ වතාවක් කියල තියෙනවා එතුමා දේව ලෝකෙක ඉදලා මෛත්‍රී හාමුදුරුවන්ගේ යෝජනාවක් උඩ මනුස්ස ලෝකෙට ආවා කියලා.. එහෙම ආව පිරිසේ හිටිය කෙනෙක්ලු අනගාරික ධර්මපාලතුමා තුමත් ...මේ සම්භන්ධව වැඩි තොරතුරු දන්නවනම් ඉදිරියේදී ලිපියකින් කියවන්න ආසයි...

    ReplyDelete
    Replies
    1. @ චමී4යූ~chami4u


      ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ ඒ කතාව ලොකු කතාවක් නෙමේ. ඒක මම මෙතැනදීම කියන්නම්. 18, 19, 20 වගේ සියවස්වල බුදු දහමට ක්‍රමයෙන් වුණු බාධාකාරී තත්ව නිසා මෛත්‍රී බෝසතාණෝ තීරණය කරනවා බුදු දහම ආරක්ෂා කරන්න පිරිසක් මිනිස් ලෝකයට එවන්න.

      ඒ යටතේ ආපු කණ්ඩායමේ අය තමා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ, අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා, ඕල්කට්තුමා වගේම ආනන්ද මෛත්‍රී හාමුදුරුවොත්. ඊට පස්සේත් ආපු අය ඉන්නවා කියලා තමා මහානායක හාමුදුරුවෝ කියන්නේ. ඒ නාරද හාමුදුරුවෝ සහ පීයදස්සී හාමුදුරුවෝ.

      ඒ හැමෝටම එක එක අංශ පවරලා තිබිලා තියෙන්නේ. එයාලාගේ ක්‍රියාමාර්ග නිසා බුදු දහම ආරක්ෂා වුණා විතරක් නෙමේ ලෝකය පුරාම පැතිරිලාත් ගියා.

      Delete
    2. ඔක්කොමලා එවලා දැන් මයිත්‍රී බෝසතුනුත් ඉපදිලා ඉන්නේ. 2035 දී මේ ලක්බිම රජ වෙනවා.

      Delete
  42. අර මාදම්පේ අශ්වයා ඉන්න තැන තලවිල යන ගමන් අපි අනිවාර්යයෙන්ම නතර වෙනවා පඩුරු දාන්න ..ඒත් අදයි හරි විස්තරේ දැන ගත්තේ..

    ReplyDelete
    Replies
    1. @ චමී4යූ~chami4u

      කතෝලික අයත් තනිවැල්ලේ දේවාලයට පඬුරු දානවද ?

      Delete
    2. ඔව්... තලවිල යන ගොඩක් වාහන ඔතනදි නවත්තනවා..දැකලා තියෙනවා .. අපිනම් පුරුද්දක් විදියට හැම පාරම ඔතන නවත්තනවා..

      Delete
    3. @ චමී4යූ~chami4u

      මේ ප්‍රශ්නය වරදවා වටහා ගන්න එපා. ඇත්තටම දැන ගැනීම පිණිසයි අහන්නේ. කතෝලිකයන් පිළිගන්නේ දෙවියන් වහන්සේව පමණයිනේ. එතකොට මේ විදිහට තනිවැල්ලේ කියලා දෙවි කෙනෙක් වෙනුවෙනුත් පඬුරු දාන එක ආගමට අනුව බලද්දී වැරැද්දක් නේද ?

      Delete
  43. අනේ මගේ කලින් කමෙන්ට් එක අතුරුදහන් වෙලානේ... කමක් නෑ....

    මෙන්න ළමයින්ට ඉතිහාසේ උගන්නන්න හරිම විදිය.... ආසාවෙන්, රසවත්ව, මතක තියාගන්න, සාකච්ඡා කරන්න පුළුවන් විදියට....

    මේ වගේ රසවත්ව අපේ ඉතිහාසේ උගන්නන්න පුළුවන් එකේ අපේ ඉස්කෝල වල මොන මංගල්ලයක් කළාද මන් දන් නෑ...... රජවරුන්ගේ නමුයි රජකං කරපු අවුරුදු ගානයි කටපාඩම් කරවනවට අමතරව කරපු දෙයක් නෑනේ.... මේ විදියට කතා වලින් ඉගැන්නුවනම් ඉතිහාසය කියන්නේ ඔලුව කැක්කුම හැදෙන විශයක් වෙයි යෑ...... එහෙනං අදටත් මතක හිටිනවා....

    අනේ මට මේ ටික ප්‍රින්ට් කරලා අධ්‍යාපන අමාත්‍යංශේ ඉන්න බක්කන්ට ගෙනිහින් දෙන්න හිතෙනවා.... ඇත්තමයි...

    ReplyDelete
    Replies
    1. @ හිරු

      මේ දිනවල බ්ලොග් අවකාශයේ සැරිසරන "කමෙන්ට්ස් ඛන්නා" මේ බ්ලොග් එකටත් ඇවිල්ලා වගේ :D

      ස්තුතියි මේ කාර්යය අගය කළාට. මමත් විශ්වාස කරන දෙයක් තමා ඉතිහාස විෂය කතන්දරයක් විදිහට සිත් ඇදගන්න විදිහට උගන්වන්න පුලුවන් නම් සාර්ථකයි කියන එක. ඒ වගේමයි රූප මාධ්‍ය කියන එක. පිටු 4 ක් 5 ක් ලියලා කියන දේට වඩා එක රූපෙකින් පෙන්වන දේ ළමයිනට මතක හිටිනවා.

      ඒත් වෙන්නේ ඒක නෙමෙයිනේ. පීරියඩ් එක පුරාවටම පොත් පිරෙන්න නෝට් දෙනවා විතරයිනේ, අන්තිමට ගෙදර මහ පොත ඇත. මෙලෝ මඟුලක් මතක නැත.

      ඒක නිසා ඉතිහාස විෂය විතරක් නෙමේ අනික් විෂයන් වුණත් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය භාවිතා කරලා උගන්වනවා නම් මීට වඩා සාර්ථක වෙයි.

      පර සුද්දා කියලා හැමතිස්සේම සුද්දන්ට බැන්නාට මේ කාරණයත් සුද්දා හොඳට තේරුම් අරගෙන කරන බව එංගලන්තයේ හිටිය මගේ ගුරුවරයෙක් මට කියලා තියෙනවා...

      Delete
  44. අනෙ අම්මෝ...
    මෙවුවා කියෝනකොට නිකං අනේ මන්දා..
    ඇගේ මයිල් ස්මයිල් වෙනවා...
    පෝස්ටුවනං එල...
    පංකාදු 5යි..

    ReplyDelete
    Replies
    1. @ තරියා අබේ

      ඇඟේ මයිල් ඉස්මයිල් වෙනවා නම් කොලුවාගේ දේශානුරාගේ ජාත්‍යානුරාගේ ඇවිස්සිලා වගේ.... හොඳා හොඳා ජය වේවා :)

      Delete
  45. හොදම ලිපියක්.ඉතිහාසය පන්තියක ලෙක්චර් එකක් වගේ ඔලුවත් රිදෙනවා චරිත ටික මතක තියාගෙන අන්තිම වෙනකල් කියවල.

    ReplyDelete
    Replies
    1. @ Kasun

      ඔළුව රිද්දගන්න එපා. සැහැල්ලුවෙන් මතක තියාගන්න :)

      Delete
  46. මචන් මට ආපු ප්‍රශ්නයක් මේක.දැන් අශ්වයෝ ලංකාවේ ඒ කලේ ඒදන් ඉන්නව.හැබැයි මේ සත්තු ලංකාවේ අවේනික නෙමේ නේද.එහෙනම් කව්රු හරි මෙහෙට ගෙනත් හදපු සත්තුද? මේ ගැන මොනවත් දන්නවද කවද ඒදන් ද මේ සත්තු ලංකාවේ භාවිත වෙන්නේ කියල.

    ReplyDelete
    Replies
    1. @ Anonymous September 6, 2012 4:45 PM

      අනුරාධපුර යුගයේ ඉදන්ම ලංකාවේ අශ්වයෝ ඉදලා තියෙනවා. පර්සියාවෙන් වගේ රටවල්වලින් තමා අශ්වයන් ආනයනය කරලා තියෙන්නේ. සේන ගුත්තික කියලා ලංකාව අල්ල ගත්ත වෙළෙඳ දෙබෑයොත් අශ්ව වෙළෙන්දොනේ.

      Delete
  47. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ
    දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete
    Replies
    1. @ gurumag.blogspot.com

      ස්තුතියි දැනුවත් කිරීමට :)

      Delete
  48. මම හිතනව ලෝක ප්‍රකට අස්වාන් වේල්ල හැදු‍ව තාක්ෂණය මේකට භාවිත කරන්න ඇතිය කියල!! නැත්තං ඔය නම දාවියැ!! :D

    ReplyDelete
    Replies
    1. @ මනෝරම

      නම් දෙකේ සමානකමක් නම් තියෙනවා තමා

      Delete
  49. ඉතා වැදගත් ලිපියකි.ගොඩාක් ස්තුතියි මේ දැනුවත් කිරීමට

    ReplyDelete
  50. තිලකා රන්දෙනි- හුඟක් දෙනෙක් වරද්ද ගන්නේ මේ දේවත්වයට ගිය අය සදාකාලිකවම එතන ඉන්නවා කියලයි. ඒ අය විටින් විට නැවත එනවා. පත්තිනි දෙවි නිතර ලංකාවේ ඉපදෙනවා. හෙණ කඳ බිසෝ බණ්ඩාර කියන්නේ මන්දොදරීට. මයිත්‍රී බෝසතුන් කියන්නේ ශිව දෙවියන්ට. එයා රාවණාගේ බාල පුතු ලෙසත්, පණ්ඩුකාභය ලෙසටත්, සීතාවක රාජසිංහ ලෙසටත්, 2 වන රාජසිංහ ලෙසටත්, මද්දුමබණ්ඩාර හැටියටත් ඉපදී දැන් නැවතත් ඉපදී ඉන්නවා ලංකාව ගලවා ගන්න 2035 දී. තනියවල්ලභ දෙවියන් නම් 1990 ගණන් වලදීත් නාත්තන්ඩිය තුම්මෝදරදී සුදු අශ්වයා පිටින් යනවා දැකලා තියෙන අය ඉන්නවා.

    ReplyDelete
  51. සකල කලා වල්ලභ රජු ගේ මාලිගාව කොහෙද තියෙන්නේ?ඔහුගේ බිසව ගේ නම දන්නවද?

    ReplyDelete
  52. බොහෝම ස්තූති..සෑහෙන වටින කථාවක් 😍

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................