Wednesday, July 4, 2012

මත්පැන් වළඳා වෙරි වී කසළ ගොඩකට වැටුණු බුද්ධ උපස්ථායක සාගත හාමුදුරුවෝ


මත්පැන් පානය කියන එක බොහොම විවාද සම්පන්න මාතෘකාවක්. මත්පැන් එහෙමත් නැත්නම් සුරාව හැදුණු හැටි ගැනත් මම එකෝමත් එක කාලෙක කතාවක් කිව්ව මතක ඇතිනේ.

ශරීරයට, පොකට් එකට මත්පැන් පානය හොඳ නැහැ කියලා කියන පිරිසක් ඉන්නවා වගේම මත්පැන් ටිකක් බොන එක සෞඛ්‍යයට ගුණදායක වෙනවා, පිරිමිකමේ සංකේතයක් කියන උදවියත් ඉන්නවා. එහෙම උදවියලුනේ මේ කවිය හැදුවා කියන්නේ.

සුරාවෙහි අගයත්
එහි ඇති මනා ගුණයත්
බොන සුදනෝ දනිත්
නොබොන අනුවණ දනෝ නොදනිත්

කවිය කොහොම වුණත් ඔය මත්පැන් බීලා මේ විදිහට කබරයා දාන එක නම් අන්තිම සවුත්තුයි

බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මත්පැන් පානය සම්බන්ධව මේ වගේ අදහසක්

උම්මත්තා විගත ලජ්ජගුණා භවන්ති
දීනා සදා ව්‍යසන රෝග පරායනා ච
ජාතා භවේසු විවිධෙසු විරූපදෙහා
පීත්වා හලාහලවිසංව සුරා විපඤ්ඤා 

මේ ගාථාවේ තේරුම තමා නුවණ නැති තැනැත්තා කෑ සැටියේ මැරෙන විෂක් බඳු වූ සුරාව පානය කොට අනාගතයෙහි උන්මත්තක වන්නාහ. ලැජ්ජා ගුණය නැත්තෝ වන්නාහ. දිළින්දෝ වන්නාහ. සෑම කල්හිම නොයෙක් ව්‍යසන හා නොයෙක් රෝග ඇත්තෝ වන්නාහ. නොයෙක් ජාතිවල උපන්නාහු විරූප ශරීර ඇත්තෝ වන්නාහ කියන එක

මේ වගේ පදනමක් මත ඉදන් තමා ගිහියාගේ නිත්‍ය ශීලය වෙන පංචශීලයට "සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි" එහෙමත් නැත්නම් මදයට ප්‍රමාදයට හේතු වන සුරාමේරය පානයෙන් වැළකීම වූ ශික්ෂා පදය සමාදන් වෙමි කියලා එකතු වුණේ.

එතකොට මත්පැන් පානයෙන් වැළකීම භික්ෂූන් වහන්සේටත් අදාළ බව වැටහෙනවානේ. ඒත් ඒ ආකාරයෙන් භික්ෂූන් වහන්සේලාට මත්පැන් පානය තහනම් කිරීම සිද්ධ වුණේ වෙනස්ම විදිහකට. ඒක මෙහෙමයි. 

බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා උදෙසා ශික්ෂා පද පැනවීම කරලා තියෙන්නේ කිසියම් හේතුවක් පාදක කරගෙන. ඒ නිසා භික්ෂූන් වහන්සේලාට මත්පැන් පානය අකැප බව උන්වහන්සේ වදාරන්නේ සාගත කියන හාමුදුරුවෝ පාදක කරගත්තු සිද්ධියක් නිසා.

සාගත හාමුදුරුවෝ

සාගත හාමුදුරුවෝ කවුද කියන එක ගැන ටිකක් මුලින්ම කතා කරමු. සැවැත් නුවර බ්‍රාහ්මණ පවුලක ඉපදුණු සාගත කියන බමුණු කුමාරයා තරුණ වියට පත්වුණාම බුදු හාමුදුරුවන් සමීපයේ පැවිදි වෙනවා සාගත කියන නමින්ම. පැවිදි වෙලා ටික කාලෙකින්ම භාවනා කිරීමෙන් අෂ්ට සමාපත්ති උපදවා ගන්න සාගත හාමුදුරුවෝ සමත් වෙනවා.

බුදුන් වහන්සේ තමන් වහන්සේ උදෙසා උපස්ථායකවරයෙක් ස්ථීරව පත්කරගන්නේ වයස අවුරුදු 55 දී. ඒ දක්වා වරින් වර උන්වහන්සේගේ උපස්ථායක විදිහට කටයුතු කරපු භික්ෂූන්ගෙන් එක් අයෙක් වුණෙත් මේ සාගත හාමුදුරුවෝ. පස්සේ තමා ආනන්ද හාමුදුරුවන්ට අග්‍ර උපස්ථායක විදිහට බුදුන් වහන්සේ පත් කරන්නේ.

සාගත හාමුදුරුවන් කරපු දමනය කිරීමක් ගැනත් කියවෙනවා. දඹදිව අම්බතීර්ථය කියන ප්‍රදේශයේ මිනිස්සුන්ට විශාල නාගරාජයෙක්ගෙන් නිරන්තරයෙන්ම කරදර විඳින්න සිද්ධ වුණා. දවසක් බුදුන් වහන්සේ සමඟ මේ ප්‍රදේශයට වැඩම කරපු සාගත හාමුදුරුවන්ට මේ නාගරාජයා ගැන දැනගන්න ලැබිලා නාගරාජයා හිටිය ස්ථානයට සාගත හාමුදුරුවෝ වැඩම කළා.

සාගත හාමුදුරුවෝ දැකපු නාගරාජයා විෂ දුම පිට කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ නාගරාජයාගේ විෂ දුමට වඩා ප්‍රබල විෂ දුමක් සාගත හාමුදුරුවෝ නිකුත් කරනවා. ඊළඟට නාගරාජයා කරන්නේ ගිනිජාලා පිටකරන්න ගත්තු එක ඒ අවස්ථාවේ සාගත හාමුදුරුවෝ කරන්නේ තේජෝ ධාතුවට සමවැදිලා ගිනිජාලා නිකුත් කරන්නට පටන් ගත්තු එක. අවසානයේදී නාගරාජයා දමනය වෙනවා වගේම බුදුන් සරණ යනවා. ඒ වගේමයි අම්බතීර්ථයේ ගම්වාසීන් ඊට පස්සේ කරදරයක් නැතුව තමන්ගේ කටයුතු කරගන්නවා

ඉතින් දැන් අද කතාවට ආවොත් දවසක් බුදුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා කොසඹෑ නුවරට වැඩම කරනවා. ඒ වෙද්දී කොසඹෑ නුවරවාසීන්ටත් බලවත් අම්බතීර්ථයේ නාගරාජයා බුදුන් වහන්සේගේ ශ්‍රාවක සාගත හාමුදුරුවෝ දමනය කළා කියන කතා දැනගන්න ලැබිලා තිබුණේ. 

ඒක නිසා බොහෝ දෙනා සාගත හාමුදුරුවොත් එක්ක කතා බහ කරන්න පෙළඹුණා. ඒ අවස්ථාවේ මිනිස්සු කියනවා "ස්වාමීනි, ඔබවහන්සේ කැමති දුර්ලභ මොනවා හරි තියෙනවා නම් කියන්න. අපි ගෙනවිත් දෙන්නම් කියන්න" කියලා. සාගත හාමුදුරුවෝ ඒ වෙලාවේ නිහඬව හිටියත් එතන හිටිය ඡබ්බග්ගි භික්ෂු කණ්ඩායම කියනවා "දුර්ලභ, මන වඩන පානයක් වුණු කපෝතිකා කියන සුරාව සාගත හිමියන්ට පිළියෙල කරලා දෙන්න" කියලා

කොසඹෑ නුවරවාසීනුත් ඒක පිළි අරගෙන තමන්ගේ ගෙවල්වලට ගිහින් ඉක්මණින් කපෝතිකා කියන සුරාව පිළියෙළ කළා. පස්සේ දවසේ උදෑසන පිඬු සිඟා වැඩිය සාගත හිමියන්ට මේ කපෝතිකා සුරාව ඔවුන් පිළිගන්නනවා. 

බුදුන් වහන්සේත් සුරා පානය නොකරන්න ශික්ෂා පදයක් පනවලා නොතිබුණු නිසාත් ඒ සුරාව පිළිගත්තු සාගත හාමුදුරුවෝ හැම ගෙදරකින්ම ලැබුණු කපෝතිකා සුරාව පානය කරලා හොඳටම වෙරිවෙලා කෙලින් හිටගන්නත් බැරිවෙලා නගර දොරටුව ගාව තියෙන කුණු ගොඩකට වැටිලා විකාර දොඩව දොඩව හිටියා.

මේ අවස්ථාවේ එතනින් වැඩම කරපු බුදුන් වහන්සේ මේ කුණු ගොඩේ වැටිලා විකාර දොඩවමින් දගලමින් ඉන්නේ සාගත හාමුදුරුවෝ බව දැකලා සාගත හාමුදුරුවන්ව අනෙක් හාමුදුරුවරු ලවා විහාරයට ගෙන යනවා. විහාරයට අරගෙන ගිය සාගත හාමුදුරුවන්ගේ හිස බුදුන් වහන්සේ ඉන්න පැත්තට වෙන්න දාපු අනෙක් හාමුදුරුවරු සාගත හාමුදුරුවන්ට නිදාගන්න සලස්වනවා. ඒත් ටික වෙලාවකින් වෙරි මතින් දගලන්න ගත්තු සාගත හාමුදුරුවෝ බුදුන් වහන්සේ හිටිය පැත්තට කකුල් දිගු කරලා නිදාගන්න පටන් ගත්තා

මේ සිද්ධියත් එක්ක බුදුන් වහන්සේත් අනෙක් හාමුදුරුවරුත් අතරේ මේ වගේ සංවාදයක් ඇතිවෙනවා

බුදුන් වහන්සේ : මහණෙනි, මීට කලින් මේ සාගත හාමුදුරුවෝ මට ගෞරව සත්කාර කළා නේද ?
හාමුදුරුවරු : එහෙමයි ස්වාමීනි, මේ සාගත හාමුදුරුවෝ ඔබවහන්සේට ගෞරව සත්කාර කළා පමණක් නෙමෙයි ඔබවහන්සේට උපස්ථානත් කළා

බුදුන් වහන්සේ : මහණෙනි, දැන් මේ සාගත හාමුදුරුවෝ මට ගෞරව සත්කාර කරනවාද ?
හාමුදුරුවරු : ස්වාමීනි, සාගත හාමුදුරුවෝ මීට කලින් ඔබවහන්සේට ගෞරව සත්කාර කළාට දැන් එහෙම කරන්නේ නැහැ. දැන් මේ සාගත හාමුදුරුවෝ නිදාගෙන ඉන්නෙත් ඔබවහන්සේ දිහාවට කකුල් දිගු කරගෙන

බුදුන් වහන්සේ : මහණෙනි, මේ සාගත හාමුදුරුවෝ අම්බතීර්ථයේ නාගරාජයා දමනය කළා නේද ?
හාමුදුරුවරු : එහෙමයි ස්වාමීනි
බුදුන් වහන්සේ : මහණෙනි, දැන් මේ සාගත හාමුදුරුවන්ට නාගරාජයෙක් නෙමෙයි දිය නයෙක්වත් දමනය කරන්න පුලුවන්ද ?
හාමුදුරුවරු : ස්වාමීනී, මොන දමනය කිරීමක්ද ? වැටිලා ඉන්න හැටි දැක්කාමත් දුකයි

බුදුන් වහන්සේ : මහණෙනි, යමක් පානය කළාම පියවි සිහිය නැතිවී යනවා නම් විකාරයට පැමිණෙනවා නම් එය පානය කළ යුතුද ?
හාමුදුරුවරු : ස්වාමීනී, ඒ වගේ දේවල් පානය කළ යුතු නැහැ

බුදුන් වහන්සේ : මහණෙනි, මේ සාගත හාමුදුරුවෝ කරපු දෙය ඔහුට ගැලපෙන්නේත් නැහැ කැප වන්නේත් නැහැ. එය නොකළ යුත්තක්. මේ සාගත හාමුදුරුවෝ කිසිම ලැජ්ජාවක් බයක් නැතිව මත්පැන් පානය කලා. ඒක නොපැහැදුණු අයගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ වැඩි දියුණුවටවත් හේතු වෙන්නේ නැහැ. 

මහණෙනි, ඒ නිසා අද පටන් භික්ෂූන් මත්පැන් පානය නොකළ යුතුයි. යම් භික්ෂුවක් මත්පැන් පානය කරනවා නම් පචිති වේය.

පචිති කියන්නේ භික්ෂු විනයේ දක්වන වැරදි වර්ගවලින් එක් වර්ගයක්. පචිති වුණාම ඒ සම්බන්ධව ඇවැත් දේශනා කරලා සංඝයාගෙන් සුදුසු දඬුවමක් ලැබුණාට පස්සේ ඒ වැරැද්දෙන් මිදිලා පිරිසිදු වෙන්න පුලුවන්

පහුවෙනිදා උදේ සුපුරුදු තත්වයට පත්වුණාට පස්සේ තමන් කලින් දවසේ හැසිරුණු හැටි අහලා ලැජ්ජාවට පත්වුණු සාගත හාමුදුරුවෝ බුදුන් වහන්සේගෙන් ඒ සම්බන්ධව සමාව ඉල්ලනවා. පස්සේ අප්‍රමාදීව භාවනා කටයුතුවල යෙදුණු සාගත හාමුදුරුවෝ අවසානයේදී රහත් තත්වයට පත්වෙනවා. 


 අවසානයේදී සැවැත්නුවර ජේතවනාරාමයේදී භික්ෂූන් වහන්සේලාට අග්‍රස්ථාන පිරිනමන අවස්ථාවේදී තමන්ගේ සාංසාරික ප්‍රාර්ථනාව පරිදිම තේජෝ ධාතු සමාපත්තියට සමවදින භික්ෂූන් අතර අග්‍රස්ථානය බුදුන් වහන්සේගෙන් සාගත මහ රහතන් වහන්සේට හිමිවෙනවා.

තේජෝ ධාතුවට සමවදිනවා කියන එකත් සරලවම පැහැදිලි කරන්නම්කෝ. තේජෝ ධාතුව කියලා කතා කෙරෙන්නේ උණුසුම කියන පදාර්ථය. ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමා සිසිලස. තේජෝ ධාතුව භාවනාවේ අරමුණක් විදිහට ගන්න භාවනානුයෝගියාට ඒ අනුසාරයෙන් සිත එකඟ කරගන්න පුලුවන්කම ලැබෙනවා වගේම තමන්ගේ අභිමතය පරිදි තේජෝ ධාතුව පාලනය කරන්නත් හැකියාව ලැබෙනවා.  ඒ යටතේ ගිනිජාලා මැවීම, ගිනිජාලා නිවීම, සිරුරෙන් ගිනි ජාලා නිකුත් කිරීම වගේ දේවල් කරන්න පුලුවන්. ඒ සඳහා තේජෝ ධාතුවට සමවදිනවා කියන්නේ ඒක තමා. 

මේ කතාව තියෙන්නේ මනෝරථපූරණීයේ පාචිත්තිය පාළි කොටසේ භික්ඛු විභංගයේ සුරාපාන වර්ගයේ සුරාපාන ශික්ෂා පදය කොටසේ

මේ ලිපිය ලියන්නත් කරුණු වගේම ඡායාරූප සපයා ගත්තේ ගයාන් චානුක විදානපතිරණ විසින් රචනා කරපු සාගත හාමුදුරුවෝ කෘතියෙන්. ඔහුටත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කෘතිය සහ සාගල හාමුදුරුවෝ කෘති දෙක මට කියවන්න ලබාදුන් තුෂාන්ත [ජිලෙට්] අයියාටත් පින් සිදුවේවා

ප.ලි.: මීට කලින් ලියපු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සම්බන්ධ ලිපිය අයෙක් මුහුණුපොතේ පළ කර තිබුණා. එහිදී ඔහු එය උපුටා ගැනීමක් කියලා දක්වන්නවත් කාරුණික වෙලා තිබුණේ නැහැ. ඒ ගැන ඔහුට facebook message එකක් හරහා කිව්වාම අන්තිමට ඔහු කළේ මාව block කරපු එක. අවසානයේදී මේ ගැන මම facebook status එකක් විදිහට දාපුවාම ඒකට ප්‍රතිචාර දක්වපු ක්සැන්ඩර් අයියා ඇතුළු සයිබර් මිතුරන්ගේ කටයුතු නිසා ඒක උපුටා ගත්තු කෙනා මේ අඩවියෙන් ඒක උපුටා ගත්තු බව දක්වන්න කටයුතු කළා.  

ඒ ආකාරයෙන් උපුටා ගැනීම් කරන අයගෙන් කරන ඉල්ලීම තමා උපුටා ගැනීමක් කලා නම් ඒ බව සඳහන් කරන්න කාරුණික වෙන්න කියන එක තමා :)

124 comments:

  1. මේ ලිපි ලියනවට හසිතට පින්!

    ReplyDelete
    Replies
    1. @ Anonymous

      සාදු සාදු ඒ පින් අනුමෝදන් කරගන්නවා.

      Delete
  2. මේ පැත්තෙ ආව මුල් වතාව මේ. නොදත් දෙයක් දැනගත්තා.මත් පැන් ගත්තහම වෙන දේවල් ගැන නෙමේ සාගත හාමුදුරුවො ගැන.සාගත හාමුදුරුවො ගැන ලියල තියන පොත කියවන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. @ අපි වගේ...

      …සාදරයෙන් පිළිගන්නවා මලයා. සාගත හාමුදුරුවෝ ගැන තියෙන පොත වගේම අනික් පොතුත් කියවන්න. ගයාන් චානුක විදානපතිරණ මේ වෙද්දී ශ්‍රාවක ශ්‍රාවිකා චරිත කතා පොත් 32 ක් පළ කරලා තිබෙනවා.

      Delete
  3. බොහොම පින් මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවාට.

    ReplyDelete
    Replies
    1. @ රාමා

      …සාදු සාදු ඒ පින් අනුමෝදන් කරගන්නවා. මේ කතාව තවත් අය එක්ක බෙදාගන්න

      Delete
  4. සාගත හාමුදුරුවෝ ගැන දැනගන හිටියේ නෑ. අලුතෙන්ම යමක් ඉගෙනගත්තා.
    මත්පැන් පානයේ ආදීනව ගැන බුදුන් වහන්සේ මිනිස්සුන්ව දැනුවත් කල එක හොඳයි.

    ඒ ගැන කතා කිරීම නම් මත්පැන් ගත්තා වගේම වැඩක්. එච්චරට විවාදාත්මක මාතෘකාවක්.:D

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      ඒක ඇත්ත අපි මෙහෙම නෙමේ කොහොම කිව්වත් මත්පැන් බොන එක හොඳයි කියලා තර්ක කරන්න එයාලට පුලුවන් :D

      Delete
  5. ශාක්‍ය බණ්ඩාරWednesday, July 4, 2012 at 8:01:00 AM GMT+5:30

    වටිනා ලිපියක්ගකියවන්න ආස හිතෙන විදියට ලියල තියෙනවා

    ReplyDelete
    Replies
    1. @ ශාක්‍ය බණ්ඩාර

      ඒ කාලෙත් අපි ආසා හිතේ විදිහට කතා කිව්වා මතක ඇතිනේ මලයට. ඒ කාලේ කියන්නේත් දැන් අවුරුදු 7, 8 කට කලින්නේ :)

      Delete
  6. බිමත්කම පිරිමිකමේ සංකේතයක් කියන උදවියත් ඉන්නවනේ ඇත්තට.. :/

    හ්ම්ම් කොහොම උනත් වෙනද වගේම අනාගත ගුරුවරයෙක්ගෙන් උගත්තා නොදන්න යමක්! :)

    ReplyDelete
    Replies
    1. @ හිරුහිමාවී

      …නොදන්නා යමක් ඉගෙන ගත්තා නම් සන්තෝෂයි. ජීවිතයේදී අපිට හම්බෙන හැමෝම අපිට පාඩම් තමා කියලා දෙන්නේ. ඒ පාඩම තේරුම් ගන්න සමත් වෙන්න ඕනේ

      Delete
    2. හ්ම්ම් ..ඇත්ත හසිත අයියේ!

      Delete
  7. "දැන් මේ සාගත හාමුදුරුවන්ට නාගරාජයෙක් නෙමෙයි දිය නයෙක්වත් දමනය කරන්න පුලුවන්ද ?" මේකට නම් බඩ පැලෙන්න හිනා..

    සමහරු ඔය සිල් පදයට දෙන්නෙ වෙන තේරුමක් නේ.. සුරාව මද පමණින් ගන්න කියලලු කියන්නෙ.. වෙරි වෙන්න බිව්වොත්ලු පවු..

    අදත් බිංදුවක්වත් නොදැනසිටි කතාවක්..

    ReplyDelete
    Replies
    1. @ හරී

      …ඒක ඇත්ත. "මජ්ජ පමා" කියන්නේ මද පමණින් කියලා අර්ථ දක්වන්නේත් අර "සුරාවෙහි අගයත්" කවිය කියන උන්දැලාම තමා. අරක්කු කාලක් බොන්නේ කාලකණ්ණියා, භාගයක් බොන්නේ භාග්‍යවන්තයා, බෝතලයක් බොන්නේ බෝධිසත්වයා කියලා කියන්නේත් ඒ බොනපාට්ලම තමා

      Delete
    2. තුන්කාලක් ගැහුවාම ත්‍රෛලෝකාධිපති, හසිත.
      අර නම 'කපෝතිකා' නම් බීම ජාතියකට දාන්න මරු නම!:D
      henryblogwalker the Dude

      Delete
    3. @ Dude

      …විනාසයි හෙට අනිද්දාට අලුත් බ්‍රෑන්ඩ් එකක් එයිද දන්නේ නැහැ "කපෝතිකා" කියලා :D

      Delete
  8. ගොඩක් වටින ඒවගේම රසවත් ලිපියක්. බීමත්කම නවත්ව ගන්න බැරුවට බොරු නිදහසට කරුණු හදාගෙන ඉන්න අයට හොඳ උත්තරක් මේක.

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      …කතාව ඇත්ත. ඒත් මෙහෙම නෙමේ කොහොම කිව්වත් ඒකට ඇබ්බැහි වුණු අය කොහොම හරි නිදහසට කරුනක් හදාගන්න දක්ෂයි. රාජ් මේ වගේ කතා ටිකක් කියලා තිබුණා

      Delete
  9. මම නං කටේ තියන්නෑ ඕවා....
    හසියට පින් වැඩි වැඩියෙන් ලැබේවා!!!

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. @ අඩවි රජ

      …ඒ පින් අනුමෝදන් කරගන්නවා. රජා කටේ තියන්නේ නැහැ කිව්වේ ගුඩුස් ගාලා ගිලිනවාවත්ද :D

      Delete
  10. බොහොම ස්තුතියි හසිත මල්ලි. මම දැනගෙන හිටියේ දස අකැප වලට පස්සේ මත්පැන් පානය තහනම් කළා කියලයි. ඒත් මගේ වරද හදලාගන්න මේ වගේ ලිපියක් පලකිරීම ගැන ඔබට බොහොමත්ම පිං.

    ReplyDelete
    Replies
    1. මම විතරක් නෙවෙයි බුද්ධි, තනි අලියා, නජාත්, මී ගොඩයා වගේ ගොඩක් දෙනෙක් එකතු වුනා ඔය මුණු පොතේ කාර්යයට. එදා ඒ කාර්යයට උදවු කල හැමෝටම ස්තුතියි.

      Delete
    2. @ ක්සැන්ඩර් | Xander

      බුද්ධ කාලයේ පටන්ම බුදුන් වහන්සේ අකැපයි කියලා අනුදැන වදාළ කාරණා 10 ක් වජ්ජිපුත්තක භික්ෂූන් කැපයි කියලා කිව්වා විතරක් නෙමේ ඒවා කරන්නත් පටන් ගත්තා. පස්සේ තමා මේකට එරෙහි වුණු කාකණ්ඩ පුත්ත යස, සබ්බකාමී වගේ මහ රහතන් වහන්සේලා දෙවන සංගායනාව මඟින් ඒ දස වස්තුවේ අකැප බව යළිත් තහවුරු කළේ...

      …දස වස්තුව ගැනත් අයියා කතා කළ නිසා යමක් කිව්වොත් විවිධ මූලාශ්‍රයවල විවිධාකාරයෙන් තමා දස වස්තුව තියෙන්නේ චුල්ලවග්ග පාළිය වගේ ථේරවාදී ලේඛනව තියෙන්නේ "ජලෝගික කප්ප" - රා බවට නොපැමිණි මී රා බීම කැපයි කියලා. මහායාන ග්‍රන්ථවල තියෙන්නේ "රෝගීන්ට මද්‍ය පානය කැපයි" කියලා. සර්වස්තිවාදීන්ගේ මූලශ්‍රයවල තියෙන්නේ "ලෙඩෙකුට කුඩැල්ලන් සේ උරා සුරා පානය කැපයි" කියලා

      Delete
    3. @ ක්සැන්ඩර් | Xander

      ඒ කාර්යය සාමූහික ප්‍රයත්නයක් බව හැබෑව අයියා. ඒත් මුල් පියවර තිබ්බේ ඔයානේ. ඒකයි ඔයා ඇතුළු සයිබරයේ මිතුරන් කිව්වේ. ඔයා නම් සඳහන් කළ ඒ වගේම හැකි අයුරින් උදව් කළ හැමෝටම නැවත වරක් ස්තුතියි.

      Delete
    4. මූනු පොතේ හරි හරි කෙලි වෙනවා වගේ නේද ?

      Delete
    5. @ සෙන්නා

      …මූණු පොතේ විතරක්ද දැන් මේ සිංහල බ්ලොග් අවකාශෙත් හරි කෙලි වෙන්නේ.......

      Delete
  11. අදත් නොදන්න දෙයක් ඉගෙන ගත්තා. මේ පින්තුරේත් කාශප හාමුදුරුවන්ගේ පින්තුරෙ ඇඳලා තියෙන ශෛලියෙන් මයි ඇදලා තියෙන්නෙ. මට මතක හැටියට කැලණි පන්සලේ මේ පින්තුැු සහිත පොත් වෙලට වෙනම රාක්කයක් වෙන් කරලා තිබුනා. ඒ කියන්නේ මේ ව‍ගේ තව කතා අපිට දැක ගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. @ බුද්ධි

      …ගයාන් චානුක විදානපතිරණගේ පොත් සියල්ලේම කවරය සඳහා වගේම ඇතුලේ චිත්‍රත් ඇදලා තියෙන්නේ ඔහු විසින්මයි. ඒක නිසා තමා පින්තූර එකම ශෛලියෙන් තියෙන්නේ. මේ වෙද්දී ශ්‍රාවක ශ්‍රාවිකා චරිත කතා පොත් 32 ක් ඔහු නිකුත් කරලා තියෙනවා. ඒ වගේමයි ධාතු පරිනිර්වානය, ධාතුවංසය වගේ මාතෘකා යටතේත් ඔහු පොත් කීපයක්ම නිකුත් කරලා තියෙනවා. ඉතින් පොත් 40 ක් විතර තියෙද්දී රාක්කය පිරෙන්නම දාන්න බැරියැ අයියා :)

      Delete
  12. වටිනා ලිපියක් ,බොහෝම ඉස්තුතියි පලකලාට ...

    ReplyDelete
    Replies
    1. @ රොබින්

      …ස්තුතියි කියවන්න ආවාට :)

      Delete
  13. හැමදාමත් වගේ ලිපිය ලස්සනට ඉදිරිපත් කරලා......

    ReplyDelete
    Replies
    1. @ Mee Godayaa

      …ස්තුතියි මිත්‍රයා හැමදාම වගේ දෙන හයියට :)

      Delete
  14. හසිත ඉතින් අපිට හැමදාම නොදන්නා දෙයක් කියලා දෙනවනෙ. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. @ පිණිබිඳු...

      …ඒකත් එහෙමද ? එහෙමනම් ඉතින් සන්තෝෂයි :)

      Delete
  15. සාගත හාමුදුරුවෝ ගැන දැනගෙන හිටියෙම නෑ...අනික් ලිපි වගේම ගොඩක්ම වටිනා ලිපියක්. තැන්ක්ස් මචං.

    ReplyDelete
    Replies
    1. @ නෝටි | Naughty

      …අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ කතා ඉස්සරහටත් පුලු පුලුවන් විදිහට ලියන්න ඉන්නේ. එන්නකෝ කියවලා යන්න :)

      Delete
  16. නියමයි ..හොද අන්ත්‍රගතයක් සහිත ආසවෙන් කියවපු ලිපියක්

    ReplyDelete
    Replies
    1. @ rashod

      ඒක නම් අහන්නත් සතුටුයි. ස්තුතියි ඔබටත් :)

      Delete
  17. නියමයි හසිත. විකාර කියවන්න යොදන වෙලාවෙන් කොටසක් මේ වගේ දේකට යොදනවා කියන්නේ වටිනා දෙයක්....

    ReplyDelete
    Replies
    1. @ prasanna86k

      අනිවාර්යයෙන්ම අයියා. හරවත් දේකට පොඩියට හරි කාලයක් වෙන් කරගනිමු :)

      Delete
  18. හොඳ වෙලාවටයි එහෙම බොහොම පැහැදිලිව මත්පැන් තහනම භික්ෂුන්ට පනවලා තියෙන්නේ.. ඒ මොකද පාර්ලිමේන්තු යන්න තහනමක් පනවලා නැති හින්දා ගියාට කමක් නැහැ කියන අය ඉන්න මේ කාලේ ගිහියන්ට මිස හිමිවරුන්ට මත්පැන් තහනම් නැහැ කියලත් ඉස්සරහට කියන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      …අනේ මන්දා අයියේ ඒක නම්. බුදු බණත් තමන්ගේ වාසියට හරව ගෙන කතා කරන පිරිසක් අතරේ තමා අපිත් ඉන්නේ :(

      Delete
  19. හරිම වටිනා ලිපියක්.. මං ගොඩක් අලුත් දේවල් ඔයාලගෙන් ඉගෙන ගන්නවා. ඒකට බොහොම පින්...

    ReplyDelete
    Replies
    1. @ රොසෑන්ගේ ලෝකය

      …අලුත් දෙයක් ඉගෙන ගන්න පුලුවන් වුණා නම් සතුටුයි. ඒක තවත් අයට කියාදෙන්න ඒක තවත් හොඳයි :)

      Delete
  20. meka godak hodai dathu parinirwanaya gena danna ko.

    ReplyDelete
    Replies
    1. @ Anonymous 2

      මේ අපේ හිතවත් බ්ලොග් සහෘදයෙක් වුණු ඉන්දික අයියා එකෝමත් එක කාලෙක ලියපු ධාතු පරිනිර්වාණය ගැන සටහනක්. ඒකෙන් ලොකු විස්තරයක් ගන්න පුලුවන් වෙයි

      http://upashantha.blogspot.com/2010/05/dhaathu-parinirwaanaya.html

      Delete
  21. ගයාන් චානුක විදානපතිරණගේ පොත් free download karanna tenak nedda

    ReplyDelete
    Replies
    1. @ Anonymous 3

      …මම දන්නා තරමින් නැහැ. එහෙම තැනක් තිබුණොත් කියන්නම්

      Delete
  22. ශාන්ත ඉරියවවකින් වටිනා බනක් අහන විදිහටම ලිහිල් තැන්පත් ශෛලියකින් ලියවුනු බනක් කියෙව්වා...ඔබ තුමාට පින්...මේවා ඉතින් සංසාර පුරුදු වෙන්න ඇති....

    ReplyDelete
    Replies
    1. @ Nimal (Desertfrog)

      ඔබේ ප්‍රතිචාරය ලොකු සතුටක්. ඔබේ පිනත් මම අනුමෝදන් කරගන්නවා.

      …සංසාර පුරුදු කියන කතාව කියපු නිසා මේ කතාව කියන්න හිතුනේ "පොඩි කාලේ මට හරි කැමැත්තක් [හරිම වචනේ කිව්වොත් උණක්] තිබුණා බුදු පිළිම, බුදු හාමුදුරුවන්ගේ රූප තියෙන පත්තර, වෙසක් කාඩ් එකතු කරන්න. ඒ වගේමයි දේව රූප එකතු කරන්නත්. ඒවාට මල් පහන් පූජ කරන්න ගාථා කියන්න ලොකු කැමැත්තක් තිබුනේ.

      Delete
  23. මත්පැනෙහි ආදීනව ගැන ගොඩක් අය කියලා තිබුනත් ක්‍රියාතමක කරන අය අඩුයි හසිත..
    මට තාමත් හිතාගන්න බැරි වස බොන්න මේ තරම් මිනිස්සු පෙළඹෙන්නෙ ඇයි කියලා..


    ගොඩක් ස්තුතියි ලිපියට..

    ReplyDelete
    Replies
    1. @ රූ....

      පෙළඹෙන්නේ ඇයි කියන එකට නම් හේතු ගොඩයි අක්කේ. සම වයස් කණ්ඩායම්, සමාජයේ පිළිගැනීමක් ගන්න, ප්‍රශ්න අමතක කරවගන්න වගේ වැඩක් නැති හේතු ගොඩක් නම් තියෙනවා. තමන්ම හිතලා ඒ පුරුද්දෙන් ගැලවුණොත් ඇරෙන්න අනික් අයට ඒ ගැන කරන්න තියෙන දේ හරිම අඩුයි මට හිතෙන විදිහට නම්

      Delete
  24. මමත් අදමයි දැනගත්තේ සාගත හාමුදුරුවෝ ගැන,
    අයියට බොහොම පින් මේවා අපිත් එක්ක බෙදා ගන්නවට!

    ReplyDelete
    Replies
    1. @ Pramudi

      ඔබේ පිනත් අනුමෝදන් කරගනිමි :)

      Delete
  25. අද සිටින ඇතැම් හිමිවරුත් ටිකක් ගන්නවා. (හැමෝම නෙවේ අතලොස්සක්)

    ඒවගේම සමහර වෙලාවට වෛද්‍ය විද්‍යාවේදි යම් යම් රෝග සඳහා මත්පැන් වර්ග වලින් මේස හැන්දක් විතර නියම කරන බව අහලත් තියෙනවා.

    සාගත හාමුදුරුවන් ගැන පළමු වතාවට දැන ගත්තෙ අදයි "ගයාන් චානුකගෙ" පොත් ‍හැවිලොක් ටවුමෙ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ විශාල ප්‍රමාණයක් තිබෙන බව දින දෙක තුනක්ම ඇහැ ගැහුණා. වෙලාවක කීපයක් අරන් කියවන්න ඔනේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිකාර සඳහා දෙන මධ්‍යසාර පමණක් නොවෙයි. අපි ගන්න වෙනත් ආහාර වලත් යම් යම් මධ්‍යසාර තියෙනව. ඒ නිසාම ඒකත් මත් ද්‍රව්‍ය ගැනීමක් විදියට සලකන්න බෑ නේද?

      මොකද ඒ විදියට ශරීරගත වන දේවල් නිසා, අර ගාතාවෙ අර්තදක්වන විදියට උන්මන්තක වීමක්, ලැජ්ජා බය ණතිවීමක් ඇතිවෙන්නෙ නෑනෙ.

      නමුත් මත් ද්‍රව්‍ය පාවිච්චි කරන අය මීට වඩා වෙනස්. ඒ පාවිච්චියෙන් පසු ඒ අය කියන කරන දේවල් වලින් පැහැදිලිවම පේනව ඒ අය උන්මන්තක වෙලා, ලැජ්ජා බය නැතිවෙලා තමයි ඉන්නෙ කියල.

      අනික මත් ද්‍රව්‍ය පානය කිරීමෙන් අපායගාමී වෙනව කියලත් නෙවෙයි නෙද කියන්නෙ. එය කරන්න එපා කියල තියෙන්නෙ එලෙස මත් ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් උන්මන්තක වී, ලැජ්ජා භය නැතිවී කරන අනෙකුත් ක්‍රියා වලින් ගොඩාක් දුරට පවක් සිද්ධ වෙන නිසා කියල තමයි මම දන්නෙ.

      (තවත් අමතරව දෙයක් කීවොත්, ඔය බොනපාට්ල කියන දෙයක් තමයි බුද්ධ පූජාවට තියෙන දැහැත් වලිනුත් මත් වෙනවනෙ. ඒකත් මත් ද්‍රව්‍යයක්නෙ කියල. ඒ කතාවත් තනිකරම පුස්සක්. බුලත් පුවක් වලින් අතිවන්නෙ මත් වීමක් වගේ උනාට ඒක ඇත්තටම ශරීර ශක්තිය දුබල වීමක් පමනයි. එයින් උන්මන්තක වීමක් හෝ ලැජ්ජා බය නැතිවීමක් වෙන්නෙ නෑ)

      Delete
    2. ඒ වගේ ම අදාළ ශික්ෂා පදය බිඳීම සම්පූර්ණ වෙන්න උවමනා කරන කෘත්‍යයන් පහ සම්පූර්ණ වෙන්නෙ නැහැ ඒ වගේ අවස්ථාවකදී. ඒ කියන්නෙ මත්පැන් බීමෙ සිතිවිල්ලක් ඇතිවීම, ඒ සඳහා උපක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ආදී වශයෙන්...

      Delete
    3. @ දයානන්ද රත්නායක

      …ගයාන් චානුකගේ ශ්‍රාවක චරිත කතා පොත් 32 ක්ම තියෙන වෙලාවක කියවලා බලන්න අයියා. වටිනා කියන කතා ගොඩක් දැනගන්න ලැබේවි.

      …රෝගාබාධ සඳහා යම් යම් මත්පැන් වර්ග [උදරාබාධ සඳහා] වගේම ධූම පානයත් [ශීර්ෂාබාධ සඳහා] බුදුන් වහන්සේ අනුදැන වදාරළා තියෙනවා. හැබැයි ඒ විනෝදය සඳහා නොවෙයි. ඒ වගේමයි මේවාත් කිසියම් ඖෂධ වර්ගවලින් තනන ඒවා.

      Delete
    4. @ සඳ, ලහිරු

      …ස්තුති ඔබතුමන්ලාගේත් අදහස්වලට දයානන්ද අයියාට ලබාදීපු පිළිතුරෙත් ඔබතුමන්ලාට ගත යුත්තක් තියෙන්න පුලුවන්

      Delete
    5. "සුරාපානය කොට පවක් කෙළේ හෝ වේවා නො කළේ හෝ වේවා යමෙක් බෙහෙතක් වශයෙන් වුවත් බිඳක් වත් සුරාපානය කළේ නම් එයින් සුරාපාන සිකපදය බිඳේ. "
      https://pitaka.lk/books/bauddhayage-athpotha/9-12.html

      Delete
  26. මේ ගැනනම් මම ඇත්තටම දැනන් හිටියේ නෑ.. ගොඩක් පිං හසිත මලයා..

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      ඒ පිනත් අනුමෝදන් කරගන්නවා අයියණ්ඩි :)

      Delete
  27. Replies
    1. @ ඉන්ද්‍රජිත්

      …ස්තුති මලයා :)

      Delete
  28. ඉතාම හොද ලිපියක් මල්ලී....
    කාටත් වැදගත්....
    මෙවැනි වටිනා ලිපි ගෙන එනවාට හසිත මල්ලීට පින් සිදු වේවා!

    කෙනෙක් මහන්සියෙන් ලියන ලිපියක් උපුටා ගෙන ඒ බව සදහන් නොකිරීම කණගාටුවට කරුණක්....

    ReplyDelete
    Replies
    1. @ දම්මි

      …ඒ පිනත් අනුමෝදන් කරගන්නවා අක්කේ. මහන්සියෙන් ලියන දෙයක් උපුටා ගෙන සඳහන් නොකරන එකත් එක්තරා ආකාරයකට හොරකමක්. එතනත් ඉතින් පවක් තමා කරගන්නේ :(

      Delete
  29. මේ හාමුදුරුවෝ ගැන නම් දැනගෙන උන්නේ නෑ.
    ගොඩක් වටිනවා මලේ මේ විස්තර ටික !

    ReplyDelete
    Replies
    1. @ මධුරංග

      …ස්තුතියි ස්තුතියි අයියණ්ඩි :)

      Delete
  30. Mama Mathpanwalata puduma vidiyata virudhdai...

    Mage Thaththa, Malli bonne nathi eka wasanawak... Mahaththaya kohoma wevida danne nehe.. samaharawita tikak biwwata kamak nehe kiyala iwasagannath wevi..

    Sagatha hamuduruwo gana dana gaththeth me lipiyen.. Sthuthi Malli... Idiriyatama Yanna.

    ReplyDelete
    Replies
    1. @ තරුරසී

      …මමත් මත්පැන්වලට විරුද්ධයි අක්කේ. මම බොහොම ආඩම්බරයෙන් කියනවා මම තාමත් මත්පැන් පාවිච්චි කරලා නැහැ කියලා [මේ අවුරුදු 23 පුරාවටම] :D

      Delete
  31. අලුත් දෙයක් දැන ගත්ත... ගොඩක් ස්තුතියි...... මම බෞද්ධයක් නම් නෙමේ... ටික කාලෙකට ඉස්සර මම කියවපු පුවත්පත් ලිපියක තිබුන බුදු දහමට අනුව මත්පැන් පානය ඍජුවම පවක් ( උදාහරණයක් විදියට කිව්වොත් මිනි මැරීම වගේ ) නෙමේ කියල. ඒක වැරදිද? පොඩ්ඩක් පැහැදිලි කරනවද?

    ReplyDelete
    Replies
    1. @ Anonymous 4

      …සුරා පානය කියන එක ගත්තොත් ඒකෙන් මදය එහෙමත් නැත්නම් සිහි විකල් බව ඇතිවෙනවා. ඒක පවක් වුනාට ඒකෙන් ලොකු බලපෑමක් ඇතිවෙන්නේ නැත්තේ ඒකත් එක්ක ක්‍රියාවක් සම්බන්ධ නොවෙන නිසා. ඒත් සුරා පානයෙන් ඇතිවෙන මදයත් එක්ක ප්‍රාණඝාතය, අදින්නාදානය වගේ දේවල් සිදු කෙරුණොත්
      …ඒක විශාල පවක්.

      …මේ කතාවත් එක්ක හිතෙන්න පුලුවන් සුරා පානය කරලා වැරදි වැඩ නොකර හිටියොත් ප්‍රශ්නයක් නැහැනේ කියලා. ඒත් එහෙම නොවෙන්නේ කාරණා කීපයක් නිසා. එකක් තමා කවුරු හරි පන්සිල සමාදන් වෙලා මත්පැන් බොනවා නම් ඔහු මත්පැන් බොන්නේ නැහැ කියලා පස්සේ බොන නිසා ඔහු පොරොන්දු කඩ කිරීමක් කරපු නිසා මුසාවාදය කියන පව කරගන්නවා. අනික තමා මත්පැන් පානයෙන් යහපත් සිහියටයි හානි වෙන්නේ. ඒක විමුක්තියට බාධාවක් වගේම තමන්ගේ හානියක්

      Delete
    2. ගොඩක් ස්තුතියි පැහැදිලි කර දුන්නට... :)

      Delete
    3. @ Anonymous 4

      ස්තුතියි නැවත එන්න :)

      Delete
    4. මිත්‍රයා, මත්පෑන් බීමෙන් ඈති වන මුලා සහගත සිතුවිලි වලිනුත් නෑගෙන්නේ තිරිසන් සන්ස්කාරයන්ය. ඒ අනුව ඒ සන්කාරයෙන් අපායගාමී උප්පත්ති සිදුවිය හෑකිය. එබෑවින් මත්පෑන් බීමද පාපයකි.....

      Delete
    5. @ Arachchi Ralahami

      ස්තුතියි ඔබේ පැහැදිලි කිරීමටත්

      Delete
  32. මේ කතාව අදමයි ඇහුවේ...
    බොහොම පිං අයියේ...
    ජයවේවා!!!!!!!

    ReplyDelete
    Replies
    1. @ තරියා අබේ

      …මලයණ්ඩිගේ පිනත් අනුමෝදන් කරගත්තා එහෙම නම් :)

      Delete
  33. මම මේ කතාව ඇහුවෙත් අද .සිරා ...හය්යෝ මම කලින් දැක්කේ නෑ නේ .

    ReplyDelete
    Replies
    1. @ මානවක

      …මේ කතාව අදම නම් ඇහුවේ සිරානේ :)

      Delete
  34. ඇත්තටම මමත් දැන ගත්තෙ අද..වෙනදා කියනව වගේ පිං ඔබට.
    ලිපි හොරකන් කරන හොරුන්ට කරන්න මුකුත් වැඩක් නැත්ද..?මමනම් මූනුපොතේ නැහැ ඒක නිසා වැඩි යමක් දන්නේ නැහැ,(අපේ ඒවත් උස්සනවද දන්නෙ නැහැ.)

    ReplyDelete
    Replies
    1. @ වීපොකුර

      …මූණු පොත හරහා වෙන හොර වැඩවලට කරන්න තියෙන්නේ අඩවි පාලකයන්ට ඒ ගැන වාර්තා කිරීම තමා. ඒ හැර කරන්න දෙයක් නැහැ මම දන්නා තරමින්

      Delete
  35. අපූරු ලිපියක් මල්ලී...හුඟක් අය මත්පැන් පාවිච්චි කරලා ඉන්න හැටි දැක්කම දුක හිතෙනවා...ඒ වගේම මත්පැන් පානය නිසා නැති ප්‍රශ්න ඇති වෙන වෙලාවල් එමටයි...විශේෂයෙන්ම විවාහ උත්සව වලදී...හුඟක් අය හිතන්නේ බොන්න දුන්නේ නැත්නම් ඒක මදිකමක් කියලයි...ඒත බීපු අය පිස්සු නටනකොට ඊට වැඩිය හානියක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. @ මිලින්ද

      …අනිවාර්යයෙන්ම අයියේ. මඟුල් ගෙදරක අරක්කුවලත් ලොකු වියදමක් යනවා. මේ ළඟදී යාලුවෙක්ගේ අක්කා කෙනෙක්ගේ මඟුල් ගෙදරක ලක්ෂයකට ආසන්න මුදලක් ඒකට වැය වෙලා තිබුණා. හිතලා බලන්න අලුත් ජෝඩුවට ඒ සල්ලිවලින් මොනවා කරන්න තිබුණාද

      Delete
  36. මමත් කවදාවත් අහලා නොතිබුන කතාවක්...ස්තූතියි හසිත..

    නම අහපුවම හිනාත් ගියා.. සාගත කියන්නෙ අපි දන්න සාගතමද ?

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      …කවුද මේ අපි දන්න සාගත ??

      Delete
  37. වැදගත් ලිපියක් ගොඩක්ම ප්‍රසිද්ධ නොවූ තෙරුන් වහන්සේ කෙනෙක්..මමත් මේ කථාව ඇහුවමයි..මම හිතන්නෙ මේ පැත්තට ආවමයිද කොහෙද?ආයෙමත් එන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. @ සිත්තමී

      …සාගත හාමුදුරුවෝත් අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් එක් නමක්.

      …මමත් හිතන විදිහට අදම තමා මේ පැත්තට ඔඅයා ගොඩවුනේ. සාදරයෙන් පිළිගන්නවා :)

      …තේ ද බොන්නේ කිරි තේ ද :D

      Delete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. බොහෝම පින් හසිත. සාගත හාමුදුරුවන්ගෙ කතාව අදයි ඇහුවෙ.

    ඇත්තෙන්ම කීවොත් මේ බොනපාට්ල කරන නොමනා අර්ත දැක්වීම් සහ, වැරදි තර්ක ගැන මමත් ලිපියක් ලියන්න හිතා ගෙන හිටියෙ. ඒත් සාගත හාමුදුරුවන්ගෙ කතාවත් එක්ක්ම එකතුකරල හසිතත් ඒ වැඩේ ලස්සනට කළා.

    ReplyDelete
    Replies
    1. @ සඳ

      …ඔයත් ලියන්න මිත්‍රයා. මේ පණිඩුවේ කීප වාරයක් හරි මිනිස්සු අතරට යන එක අපරාධයක් නෙමේ.

      …ගොබෙල්ස් න්‍යාය වුනෙත් "එකම දේ බොහෝ වරක් කියන එකනේ" :)

      Delete
  40. මේ වෙලාවෙ ටිකක් ලෙඩගානෙ. ඒ නිසා වැඩි මුකුත් ලියන්න බෑ. කතාව ඉස්තරම්. මල්ලි, අර ඡබ්බග්ගිය භික්ෂූන් ගැන තව විස්තර ටිකක් එක්ක කතා ටිකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. @ ලකී වික්‍රමසිංහ

      …ඉක්මන් නීරෝගී සුව පතනවා අක්කේ :)

      …ඡබ්බග්ගිය හාමුදුරුවරු කියන්නේ ඒ කාලේ වැඩ ඇනුව හාමුදුරුවරු කට්ටියක්නේ. බලමුකෝ අක්කේ. කතා ටිකක් හොයාගත්තාම කියන්නම්

      Delete
  41. ගොඩාක් දෙනෙක් වගේ සාගත හාමුදුරුවෝ ගැන ඇහුවේ අදයි. සුරාමේරය ගැන තියෙන ශික්‍ෂාපදය එක එක්කෙනා වාසියට විස්තර කරනවා. ඒ වගේම ජනාධිපතිතුමා දෙන මත් පැන් බිව්වාම පව් නෑ කියන සන්ඝයවහන්සේලාත් මේ උතුම් බෞද්ද රටේ ඉන්නවා නේ.

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      …ධර්මය තමන්ට වාසි සහගත විදිහට අරුත් ගන්වන එක බරපතළ වැරැද්දක්. අනික කවුරු කළත් වැරැද්ද වැරැද්දම තමා

      Delete
  42. වටිනා ලිපියක්..... මම සාගත හාමුදුරුවන්ගෙ නම අහලා තිබුනට කතාව දැනගත්තේ අදයි, (මම හිතාගෙන හිටියේ "සාගත " නම නිසා කැමට ගිජු හෝ ආහාර නොලැබෙන හාමුදුරුනමක් කියල-මොකද එක හාමුදුරුනමක් හිටියානේ ආහාර අතට ගන්නකොටම ආහාර අතුරුදහන්වන).... ගොඩක් පිං.....

    ReplyDelete
    Replies
    1. @ Kushi

      …නම ඇහුවාම නම් එහෙම හිතෙනවා තමා. ඔයා කිව්ව විදිහේ හාමුදුරු නමකුත් හිටියා තමා. එහෙම වෙන්න හේතුව වුණා කියන්නේ ඒ භික්ෂුව පෙර භවයකදී පසේ බුදුවරයෙකුගේ පාත්‍රයට අශූචිවලින් පුරවලා කරපු අපරාධය. ඒ නිසා මේ භවයේදී කිසිම අවස්ථාවක දානයක් ලැබුණු නැති බවයි කියවෙන්නේ.

      …ඒ නිසා ඒ හාමුදුරුවෝ කළුරිය කරන අවස්ථාවට ලංවුණාම සැරියුත් හාමුදුරුවෝ තමන්ගේ පාත්‍රයට පිඬු සිඟාගෙන ඇවිදින් පාත්‍රය තමන්ගේ අතේ තබාගෙන අර හාමුදුරුවන්ට කැව්වා කියලා තමා කියවෙන්නේ

      Delete
  43. මෙන්න ඇනකොන්ඩා වැඩ පටන් ගත්තා. දැන් අවශ්‍ය ඔබේ සහයෝගයයි

    ReplyDelete
    Replies
    1. @ Anaconda

      …ඔන්න පූර්ණ සහයෝගය දුන්නා :)

      Delete
  44. marune appa me wage dewal liyana unuth innawa. ehenam a...

    ReplyDelete
    Replies
    1. @ වජිර

      ඔව්නේ. මේවා ලියන එවුනුත් ඉන්නවා නොවැ :)

      Delete
  45. හසිතගෙන් අපි ගොඩක් දේවල් ඉගෙනගන්නවා... ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. @ Sampath(nepa)

      …තවත් දේවල් ඉදිරියේදී ඉගෙන ගන්න ලැබේවි

      Delete
  46. එළ ඈ...මේ වගේ දේවල් අපිට කියලා දෙනවට..

    ReplyDelete
    Replies
    1. @ තරුවා

      …එළදත් කියලා අහනවා :)

      Delete
  47. වටින තොරතුරක්. ඔය වගේම තමයි ඒ කාලේ මෛථුනය ගැනත් භික්ෂූන් වහන්සේලාට විනය නීති නැති කාලෙක එක්තරා ස්වාමින් වහන්සේ නමක් ගිහි කළ බිරිඳ සමඟ සංවාසයේ යෙදෙනවා. මේක දැක්ක අනෙකුත් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ට මේ බව දන්වනවා. ඊට පස්සෙ තමයි ඒ ගැන විනය නීති පැනවුණා කියන්නෙ... අන්තිමට ඒ දෙදෙනා ම උතුම් වූ අර්හත්වයට පත් වුණා කියනවා.

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      …"විනය නීති නැති කාලෙක"

      …ශාසනය ඇරඹී වසර 20 ක් යන තෙක්ම බුදුන් වහන්සේ විනය ශික්ෂා පද පැනවීමක් කරන්නේ නැහැ. අවවාදයෙන්ම තමා භික්ෂු සංඝයා හික්මවන්නේ. ඕවාද ප්‍රාතිමෝක්ෂය නමිනුත් එය හඳුන්වනවා මට මතක විදිහට.

      …නමුත් ක්‍රමයෙන් සසුන ව්‍යාප්ත වීමත් සමඟම සසුන ඇරඹී කල් ගතවීම, ශාසනය නොයෙක් අයුරින් පැතිරී විපුලත්වයට පත්වීම, සසුනට මහත් ලාභ ලැබීම, සසුනේ උගතුන් බහුල වීමත් සමඟ විවිධ මත ඇතිවීම කියන කරුණු 4 මූලික කරගෙන තමා විනය ශික්ෂා පැනවීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරෙන්නේ.

      …ඒ වගේමයි මේ විනය ශික්ෂා පද කිසියම් හේතුවක් පදනම් කරගෙනයි බුදුන් වහන්සේ ඇතිකරන්නේ ඔබ මෛථුනය පිළිබඳව ශික්ෂා පදය ගත්තොත් ඒක පළමු ශික්ෂා පදය විදිහටත් පළමු පාරාජිකාව විදිහටත් බුදුන් වහන්සේ දක්වනවා ඉහත ඔබ දක්වපු සිද්ධියත් එක්ක. ඒ භික්ෂුවගේ නම් කලන්දක පුත්‍ර සුදින්න

      Delete
  48. @ ඇනොනිමස් ආතල්

    …ලිපිය නම් කියෙව්වා. කියන්න දෙයක් නැහැ. නිහඬව පසුවෙමි

    ReplyDelete
  49. මේකෙ පොඩි අවුලක් තියනවා. මේ මත්පැන් බොන කාලේ පන්සිල් තිබිලා නැත්ද? නොදන්න කමටයි අහන්නේ.

    ReplyDelete
    Replies
    1. @ Manoj Priyankara

      පංච සීලය කියන්නේ බුදුන් වහන්සේ විසින්ම දේශනා කරපු දෙයක් නොවේ. ඒක ඒ කාලයේ භාරතීය සමාජයේ පිළිගත් දෙයක්. බුදුන් වහන්සේත් ඒ පිළිවෙත සුදුසුයි කියලා අනුදැන වදාළා. පන්සිල් මූලික කරගෙන ගිහි සමාජය ක්‍රියාත්මක කිරීම ක්‍රමයෙන් සිදුවුණු දෙයක්.

      …උදාහරණයක් විදිහට කිව්වොත් අපි පන්සිල සමාදන් වන ක්‍රමය වෙන්නේ මුලින් නමස්කාරය, තෙරුවන් සරණ යාම සහ අවසානයට පන්සිලි සමාදන් වීමනේ. ඒත් මුලින්ම පැවතිලා තියෙන්නේ නමස්කාරය සහ තෙරුවන් සරණ යාම විතරයි. ක්‍රමයෙන් තමා මේ පිළිවෙත් සකස් කරලා තියෙන්නේ

      Delete
  50. ඉතිහාසයට ආදරය කරන ඔබට මගෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. @ රුවන්

      ස්තුතියි ඔබට. ඒක තමා මගේ හයිය :)

      Delete
  51. සයිබරයේ ඇති වැදගත් ම බ්ලොග් අතරින් අග්‍ර තැනක් ආ ගිය කතාවට හිමි වෙනවා!

    මීට පෙර සුරාව පිලිබඳව අසා තිබුනා ට සාගත තෙරුන් පිළිබඳව අසා තිබුනේ නැහැ!

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. @ රැංගෝ

      ස්තුතියි මට පුද කළ සම්භාවනාවට :) නොදන්නා යමක් කියාදීමට ලැබිම ගැන බලවත් ප්‍රීතීය...

      Delete
  52. වටිනා ලිපියක් ... දුම් පානය ගැන කියල තියෙන්නේ මොනවද කියල ටිකක් පැහැදිලි කරනවද? මොකද මම කියවපු පොතක තිබුන දුම් පිදීමේ අනුසස් ගැන ...මේ දුම් කියන්නේ බොන දුම් ද කියල තිබුනේ නැහැ.. (පොත හොයල කියන්නම් )

    ReplyDelete
    Replies
    1. ඒ බොන දුම් නෙමෙයි. සුවද දුම්.......

      Delete
    2. @ සඳ තරු නිහඩයි

      ධූම පානය සම්බන්ධවත් බුදුන් වහන්සේ මත්පැන් සම්බන්ධව දක්වන ආකරයේ ආකල්පයක්ම තමා දක්වලා තියෙන්නේ. දුම් පානයෙනුත් කිසියම් මත්වීමක් සිදුවෙනවා නොවැ. ඒ කොහොම නමුත් ගිලනුන් සඳහා දුම් පානය අනුදැන වදාරළා තියෙනවා. ඒ වගේමයි සුරාව වුවත් අකැප කියලා දැක්වුවාට විවිධ රෝගාබාධ සඳහා කැපයි කියලා උන්වහන්සේ නියම කරලා තියෙනවා. සත්ව ලේ පවා විවිධ රෝග සඳහා පානය කිරීම කැපයි කියලාත් දක්වලා තිබෙනවා.

      ඒ වගේමයි ආරච්චි රාළහාමිත් කියපු විදිහට දුම් පිදීමේ අනුසස් කියලා ඒ පොතේ තිබෙන්න ඇත්තේ සුවඳ දුම් ගැන වෙන්න ඕනේ...

      Delete
  53. සමාවෙන්න මගේ මතකයේ පොඩි අවුලක් .. මා කියූ පොතේ ( පාරමිතා ප්‍රකරණය) ඇත්තේ දුම් බොන පයිප්ප පිදීමේ අනුසස් ... මේ ගැන දන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරනවද?

    ReplyDelete
    Replies
    1. @ සඳ තරු නිහඩයි

      මේ ගැන වැඩි විස්තරයක් නම් මම දන්නේ නැහැ.

      රේරුකානේ හාමුදුරුවන්ගේ උපසම්පදා ශීලය පොතේ මේ ගැන තියෙන කරුණු කීපයක් තමා මම කලිනුත් කිව්වේ.

      ඒකේ තියෙන විදිහට බුද්ධකාලීන වැඩ සිටිය පිළින්දිවච්ඡ හාමුදුරුවන්ට හිසේ රුජාවක් ඇවිල්ලා තෙල් ගැල්වීමෙන්, නස්නයෙන් සුවයක් නොලබපු නිසා බුදුන් වහන්සේ දුම් බීමට අනුදැන වදාරනවා. දුම මුවින් උරලා නාසයෙන් පිට කරද්දී හිසේ තදවෙලා තිබුණු සෙම ඉවත්වෙලා හිසේ රුජාව සුවවෙනවා.

      මේ නිසා විනෝදය පිණිස නොව බෙහෙත් වශයෙන් දුම්බීම අනුදැන වදාරනවා. ඒ අනුව බලද්දී රෝගීයෙක්ට දුම් බොන පයිප්පයක් පිදීමත් ගිලානෝපස්ථානයක් විදිහට ගන්නත් පුලුවන්. එහෙම බලද්දී ඒක පිනක් තමා

      මේ කතාවත් ඇත්තට වුණු කතාවක්.

      වැලිතර ඤාණතිලක හාමුදුරුවෝ දවසක් කෝච්චියේ නුවර එළියේ බණකට වඩිද්දී සීතල නිසා කලු සුරුට්ටුවක් බොන්න පටන් ගන්නවා.

      මේක දැකපු කෙනෙක් "හාමුදුරුවන්ට දුම් පානය අකැපයි නේද?" කියලා අහපුවාම හාමුදුරුවෝ කියනවා "ඒක නම් එහෙම තමා. ඒත් සමහර වෙලාවල්වල දුම් පානය කරන්න බුදු හාමුදුරුවෝ අවසර දීලා තියෙනවා" කියලා.

      ඒ මනුස්සයා කියනවා "මොන බොරුද කොහෙද එහෙම තියෙන්නේ" කියලා.

      පස්සේ හාමුදුරුවෝ කියනවා

      "ධූම පානං ච භික්ඛූනං - නිච්චමේව න වට්ටති
      සීත කාලේ ච භුත්තේ ච - අනුජානාමි භික්ඛවො"

      භික්ෂූන් නිතර දුම් බොන එක හොඳ නැහැ. ඒත් හීතලටයි, දානේ වැළඳුවාට පස්සෙයි බිව්වට කමක් නැහැ..." මේක නම් විහිළු කතාවක්.

      සඟ රස බස් පොතේ තිබුණේ :D

      Delete
  54. සාගතයෙන් ඉන්න සාගත සාදුට කපෝතිකා සුරාව! හරි හිනා

    ReplyDelete
    Replies
    1. @ Anonymous August 29, 2012 9:59 AM

      සාගත හාමුදුරුවෝ සාගතයෙන් හිටි බවක් නම් කියවෙන්නේ නැහැ.... කෝකටද එතකොට හිනා ???

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................