Friday, June 4, 2010

මත්ද්‍රව්‍ය හා කබරයා දැමීම


අපේ යාළුවෙක්ගේ අයියා කෙනෙක් කසාද බැන්දා. ඉතින් ඒකේ Home Coming එක තිබ්බේ ඊයේ. අපේ එකා අපිටත් invite කරා කාලා බීලා යන්න වරෙන් කියලා :) අපි කොල්ලෝ set එකත් කිට් දාලා ජැන්ඩි පහට ගියා ඕකට. අපේ පැත්තෙම Hotel එකක තමා Home Coming එක තිබ්බේ.

අපි එතැනට 6 විතර set වෙලා couple එක එනකම් කැරකි කැරකි ඉදලා couple එක ආවට පස්සේ hall එකට ගිහින් මුල්ලක තිබ්බ table එකක වාඩිවුණා. මම හිටිය table එකේ අයියා මලෝ දෙන්නෙකුයි තව මල්ලිලා දෙන්නෙකුයි හිටියා. අයියා මලෝ ජෝඩුවගෙන් මලයා මගේ වයසේ, අනිත් මල්ලිලා දෙන්නා මේ අවුරුද්දේ A/L exam කරන එවුන් තුන්දෙනෙක්.

මුලින්ම ඉතින් Welcome Drink එක එහෙම දුන්නා.

ටිකක් වෙලා ගිහින් ගියාම අපේ මිත්‍රයා ඇවිත් ඇහුවා " උඹලා ඇතුලේම ඉන්නවද ? එළියට යනවද ?" කියලා.

මොකද Bar එක එළියේ තිබ්බේ. ඒත් අපි හිටිය hall එක A/C කරලා තිබ්බේ. නිකම් මොකටද එළියේ තැම්බෙන්න යන්නේ කියලා අපේ එවුන් කිව්වා "ඇතුළට මොනවා හරි ගේපන්" කියලා.


අපේ මෑන් කට්ටියට බියර් ගෙනාවා. මම ඉතින් ඒ ජාති මොකුත් පාවිච්චියක් නැහැ.

මම කිව්වා "මචං මට වෙන මොනවා හරි ගේපන්. Coke වගේ මොකක් හරි ජාතියක් ගේපන්. ඒ ගමන් හපන්න කඩල plate එකකුත් ගේපන්" කියලා. අපේ මිත්‍රයා පටස් ගාලා Coke mega එකකුයි කඩල් plate එකකුයි supply කරලා දුන්නා.

මම ඉතින් අරන් ආපු coke එකෙන් Glass එකට ටිකක් හලාගෙන කඩල ටිකකුත් කන්න ගත්තා. මම හිටිය table එකේ හිටිය මල්ලිලා දෙන්නත් Coke එකට set වුණා. අයියා මලෝ බියර් එක හිස් කරන්න පටන් ගත්තා.

ඔය විදිහට යද්දී අයියකාරයා මගෙන් ඇහුවා "මල්ලි, උඹ මොකුත් පාවිච්චියක් නැත්ද? කියලා.

මම කිව්වා "නැහැ අයියේ" කියලා.

Man කිව්වා " උඹ නම් පුදුම එකෙක් බන්" කියලා.

ඒ වෙලේ මල්ලිලා දෙන්නාගෙන් එකෙක් කිව්වා "මාත් කලින් නම් බියර් බීලා තියෙනවා. ඒ බීලා ගිය දවසේ අම්මට ගඳ ඇවිත් පලු යන්න බැන්නා. අද නම් අනිවා ගෙදර ගිය ගමන් මාව ඉඹලා බලනවා. ඒක නිසා අද නම් බැහැ" කියලා

අනිත් එකා කිව්වා "......... [කෙල්ලෙක්ගෙ නමක්] බැහැ කිව්ව දවසේ නම් මම දුකට බියර් එකක් ගැහුවා. ඒත් අද නම් බැහැ අයියේ" කියලා.

මට ඉතින් මේ කතා ටික අහලම මාර හිනා.

ඉතින් ඔය විදිහට යද්දී අයියා මලෝ දෙන්නා හිටු කියලා බියර් බෝතල් හිස් කරනවා. ඔය විදිහට බෝතල අඩුම ගානේ 5 ක් විතර දෙන්නා හිස් කරන්න ඇති. ඔහොම යද්දී මට පේනවා අර කෙල්ල බැහැ කිව්ව දවසේ බියර් එකක් බිව්වා ඒත් අද නම් බැහැ කියපු බුවාගේ glass එකෙන් අමුතු විදිහට පෙණ යනවා. Man මගේ ඉස්සරහ හිටියේ.

මම Man දිහා බලලා පල් හිනාවක් දාපුවාම Man කියනවා "ඔන්න ඔහේ අදත් බියර් ටිකක් බොන්න කියලා හිතුවේ හසිත අයියේ" කියලා.

මම කිව්වා " මල්ලී උඹ Coke එකෙන් පටන් අරන් බියර් එකටත් set වුණා. මෙතන ගල් හරි ඒ ජාතියක් තිබ්බා නම් උඹ ඒකෙනුත් ටිකක් බොනවා. තමුසේ නම් හරිම බඩුවක් තමා" කියලා.

ඊට පස්සේ ඒ මල්ලිත් බියර් බෝතල් භාගයක් විතර බොන්න ඇති. ඉතින් ඔය විදිහට කට්ටිය බියර් බීලා ඉවර කරලා කන්න ගියා. කාලා ඉවර වෙද්දී ආපු හොඳට ගල් පොල් ආදියෙන් පිනාගිය කට්ටිය dance කරන්න පටන් අරන් තිබ්බා. පස්සේ අපේ set එකත් එතනට join වුණා. එතනත් පැය භාගයක් විතර කට්ටිය dance කලා.

අන්තිමට මංගල සභාව පටන් ගත්තා. ඒ වෙලාවේ මම බලද්දී අර අයියා මලෝ දෙන්නාගෙන් මල්ලියි තව අපිත් එක්ක හිටිය මල්ලි කෙනෙකුයි නැහැ. හොයලා බලද්දී දෙන්නා එළියේ කියලා කිව්වා.


ගිහින් බැලින්නම් අර අයියා මලෝ ජෝඩුවේ මලයා එළියේ මල් පඳුරක් ගාවට වෙලා හොඳටම කබරයා දානවා [වමනේ දානවා]. එතනින් ගියා Uncle කෙනෙක් කියනවා "ඔහොම තමා පුතා පුරුදු වෙද්දී. පස්සේ ඕවා හරියනවා" කියලා.

අන්තිමට ඉතින් එකෙක් කබරයා දාන Manගේ පිට අතගාන්න ගත්තා කබරයා දාන්න එක ලේසි වෙන්න. පස්සේ පල්ලෙහා තිබ්බා පුටුවක Man වාඩි කරවලා අපි තුන්දෙනෙක් ගියා මනමාලයාටයි අපේ මිත්‍රයාටයි අපි යනවා කියලා කියන්න.

මනමාලයාටයි අපේ මිත්‍රයාටයි scene එක කියලා අපි පල්ලෙහාට ආයි එද්දී අර මුලින් coke බීලා පස්සේ බියර් ගහපු මලයාගේ මූණ ඇඹුල් වෙලා.

මම ඇහුවා "මොකද මල්ලී උඹටත් කබරයා වගේද ? " කියලා.

Man කිව්වා "ඔව් හසිත අයියේ ඒවගේ කියලා. පස්සේ මම Manවත් අල්ලගෙන පල්ලෙහාට අරන් ආවා.
 
දැන් කට්ටියට ප්‍රශ්නේ අර මුලින් කබරයා දාපු මිත්‍රයාව ගෙදර එක්කන් යන්නේ කොහොමද කියලා. එතන ඉදන් කිලෝ මීටර් 2 ක් විතර තමා ගෙදරට තියෙන්නේ. කට්ටිය මුලින් ඇවිත් තියෙන්නේ Home Coming එක ඉවර වුණාට පස්සේ පයින් කට්ටියත් එක්ක කියෝ කියෝ යන්න. ඒත් දැන් මෙයා කබරයා දාලා කෙලින් ඉන්න පණ නැතිව පුටුවක් උඩ වැටිලානේ ඉන්නේ.

මම ආවේ bike එකේ. මම කිව්වා "හරි එහෙමනම් මම bike එකේ ගිහින් දාන්නම්" කියලා.


පස්සේ මම bike එක අරන් ආවට පස්සේ කට්ටිය Manව උස්සලා bike එකෙන් තිබ්බා. එයාගේ අයියාත් පිටිපස්සෙන් වාඩිවෙලා මල්ලිව අල්ලන් ආවා. මාත් ඉතින් හිමින් හිමින් bike එක අරන් ආවා.

ප්‍රධාන පාරෙන් හැරිලත් ටික දුරක් යන්න ඕනේ manගේ ගෙදරට. ඒ පාරේ හැමතැනම නූතන වාරි නිර්මාණ :) [වලවල්] කබරයා දාපු manගේ ඔලුව bike එක ගැස්සෙද්දී මම දාගෙන හිටපු helmet එකේ වදිනවා. ඒත් Manට ගාණක් නැහැ ඩෝප් නේ :).

අන්තිමට කොහොම හරි ගේ ගාවට ඇවිත් bike එක නවත්තලා මමයි එයාගේ අයියයි එකතු වෙලා අත් දෙකෙන් Manව උස්සලා අරන් වත්තම් කරන් යද්දී Man ආයි කබරයා දැම්මා මගේ ඇඟෙත් කබ්බා.:)

ඊට පස්සේ අයියා දොරට ගහලා අම්මාව කූද්දලා දොර ඇරගත්තා. මායි අයියයි අපේ යාළුවාව සාලේ තිබ්බා පුටු සැටියේ දිගා කරලා ඇඳන් හිටිය ෂර්ට්, බැනියම්, සපත්තු ගලෝලා fan එක දැම්මා හුළං ටිකක් වදින්න. ඊට පස්සේ ඉතින් මාත් ගෙදර යන්නම් කියලා ගෙදර එන්න ආවා. ඕන් ඔහොමයි වැඩ

ගෙදර එන ගමන් මට හිතුණේ මිනිස්සු ඇඟට ඔරොත්තු දෙන ජාති කන්න බොන්න ඕනේ. මම කිව්වේ මට වෙච්ච හදියක් ගැන ඊයේ. අන්තිමට වෙන දේ පේනවානේ. මට තව හිතුණා එයාගේ අම්මා මොනවා හිතනවා ඇද්ද පුතා ගෙදර ආපු විදිහ දැක්කාම. අපේ එකා බියර් ගැහුවේ. තව ඉතින් ලංකාව පුරා කොච්චර තරුණයෝ ඒ වගේම තරුණියොත් ඇද්ද මේ විදිහට නොයෙක් ආකාරයේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු.

අරක්කු, සිගරට්, මත් කුඩු වගේ ඒවා ගත්තා කියලා අමුතුවෙන් හම්බෙන්නේ මොනවාද ? එක්කෝ අතේ තියෙන කීයකට හරි තට්ටු වෙයි. ඒත් නැත්නම් මේ පසුකාලීනව එන අසනීප. මෙහෙම බලද්දී කිසිම හොඳක් නැති එකක් මිනිස්සු ගන්නේ අහවල් එකකටද ?

මේ කතාව කියද්දී මත්පැන් හැදුණු හැටි ගැන කතාවක් මතක් වුණා. ඒ කතාව හෙට කියන්නම්කෝ. අද හුඟක් ඒවා කිව්වානේ :)

මෙන්න "මත්පැන් මුලින්ම හැදුණු හැටි" ගැන කතාව ඒකත් කියවලා බලන්න.

31 comments:

  1. ඔය වගේ මෝඩයෝ ගැනනම් කතාකරල වැඩක් නෑ මචන්. මම හිතුව අපේ පරම්පරාවෙ ඉදන්වත් ලංකාවෙ බේබද්දො අඩුවෙයි කියලා. :'(

    ReplyDelete
  2. කියල වැඩක් නැහැ බං.බොන එවුන් හිතන්නේ හරි ලොකු වැඩක් කියල,ගඳ එනකොට වටේ පිටේ එවුන් නහය වහගන්නකොටවත් තේරෙන්න එපැයි දෙයියනේ මේක මල ජාරවක් නේද කියලා.වැඩක් නැහැ බං,උන්ට හොඳනං අපි මක් කොරන්නද!!!!

    අම්මලා , තාත්තල වගේම උංව මැරි කරන කෙල්ලොත් හරිම පව්!!!!!!!

    ReplyDelete
  3. කියන්න දේවල් දෙක තුනක්ම තියෙනවා.
    1.මුලින්ම බොනපාට් ල ගොඩේ නොබී හිටිය ඔබට මගේ ආචාරය.!
    2.ඔහොම සීන් නම් මම අනන්තවත් දැකලා තියෙනවා. ඔයිට වඩා දුකත් හිතෙනවා.මම ගියතැනක අක්කෙකුයි අය්යෙකුයි ඇවිල්ලා හිටියා කාරෙකක. අයියා වෙඩින් එක ඉවර වෙනවිට 4වීල්. ඉතින් අක්කට සිද්ද උනා අයියාව අර මහ සෙනග ඉස්සරහ කාර් එකේ පිටිපස්සේ හාන්සි කරෝලා ඒ අයියගේ මල්ලි ලවා ගෙදර ගෙනියන්න. ඒ වෙලාවෙදි අක්කගේ මූන නිකම් නාලු වෙලයි තිබ්බේ. කොච්චර දුක් වෙන්න ඇතිද එයා.
    3.කබරයගේ ෆොටෝ එක නොදැම්මනම් හොඳයි! හිහ්! කමක් නැහැ කතාවට හොඳට ගැලපෙනවා.

    ReplyDelete
  4. අයියෝ මගුල් ගෙදරක ගියපු ඔයාට සිද්ද වෙච්චි දේ අපරාදෙ නෙ සූට් එක.

    ReplyDelete
  5. මෑදයි කාපු කට්ට වෙඩින් එකට ගිහිල්ලා..
    6 විතර set වෙලා couple එක එනකම් කැරකි කැරකි ඉදලා couple එක ආවට පස්සේ hall එකට ගිහින් මුල්ලක තිබ්බ
    table එකක වාඩිවුණා

    මේ විදිය අපේ රටේ බොහොමයක් විවාහ උත්සව වල පොදු සාධකේ වෙලා

    ReplyDelete
  6. හෙහ්....කියල වැඩක් නෑ මිත්‍රයා..
    කන බොන කොට පමනට වඩා යන්න හොඳ නෑ විතරක් නෙමේ.. නොගැලපෙන ජාති වලට යන්නත් හොඳ නැ...

    ReplyDelete
  7. බොන පොරවල් ගොඩක් බොන්නේ පොර සන්කල්පය ඔලුවේ තියගෙන...පොරක් වෙන්න කියල...බිවුවාහම ...ඉතින්..අහවල් පොරක් තමා.......

    ReplyDelete
  8. ඔකට නම් මට කියන්න තියෙන්නේ තමන්ගේ පාලනයක් තියාගන්න කියන එක අරක්කු වලට බැනල වැඩක් නැ. මත්පැන් ලොකයේ සදාකාලික පවතින දෙයක්. ඒකේ වින්දනය ගන්න දන්නැති අය නොබොන එක නම් හොදයි. චිස් බටර් මස් වැඩිපුර කැවොත් මොකද වෙන්නේ. කාර් එකක ස්පිඩ් එක 200 km/h යන්න පුලුවන් කියල ගිහින් මිනිස්සු මරල කාර් හොදනැ බයිසිකල් පදිමු කියල හරියන්නැ මම හිතන්නේ. මස් කන,එලවලු කන,බොන , නොබොන, බදින,නොබදින ඔය හැමෝම ලොකේ ඉන්නවා.බිල පොර වෙන්නත් හොද නැ. නොබි පොර වි බොන අයට ගරහන්න ඔනි නැ. බොන අය බිල කබරයා දාන කොට නොබන "පොර වල් මෙලෝසිහියක් නැතුව පැනි හල හලා ඉන්නව චිත්තවලට" ඔය දෙකම මම නම් දැකල තියනව. ඒක නිසා බිව්වත් නොබිව්වත් මිහිහෙක්ගේ හොද නරක හොයන්න අමාරුයි. මිනිස්සුන්නට ගොඩක් වැඩිවෙන්නේ තමාගාව ඉන්න සුනඛ යලුවේ නිසා බියර් වලට අරක්කු කවලන් කරන එහාට මෙහාට වෙනකම් ඉදල

    ReplyDelete
  9. තර්ඩ් මෑන් (SIDATH)ට
    අපේ පරම්පරාවේ ඉදලාවත් ලංකාවේ බේබද්දෝ අඩු වෙයි කියලා හිතන්න අමාරුයි මිත්‍රයා මේ යන විදිහ දැක්කාම :(

    ජංජාල චාමර ට
    ගඳ දේ සුවඳයි කියලා නේ එයාලා හිතන් ඉන්නේ. කිව්වත් වගේ උන්ගේ දෙමාපියෝ අඹු දරුවෝ ඔක්කොම පවු තමා. ඒත් පවු කියලා විතරක් හරියන්නේ නැහැ.

    ඒකෙන් උන්ව බේරගන්න අපිත් මොකක් හරි දෙයක් කරන්න ඕනේ. මේ post එක ලිව්වෙත් මේකේ තියෙන රඟේ ගැන කියන්න තමා

    ReplyDelete
  10. leks' world ට
    බොනපාට්ලත් එක්ක ඉදලත් නොබී සිටීම ගැන මට ප්‍රශංසා කලාට ස්තුතියි මිත්‍රයා.

    ඒ ප්‍රශංසාවේ කොටසක් වක්‍රාකාරව බොනපාට්ලටත් අයිති වෙන්න ඕනේ මම හිතන විදිහට. එයාලා මම නොබී හිටියා කියලා මාව චාටර් කරන්නවත් කොන් කරන්නවත් බලෙන් පොවන්නවත් උත්සහ නොගත්ත එකට.

    කොහොම නමුත් ඔයාගේ උදාහරණ කතාවක් එක්ක මට හිතුණේ ලංකාවේ තියෙන හුඟක් weddings එහෙම අන්තිමට පොර පිටි වෙන්නේ මත්පැන් නිසානේ කියලා.

    කබරයා දාන එකේ කාටූන් එකක් තමා මුලින් දාන්න හිටියේ පස්සේ තමා ඇත්ත එකක් දැම්මේ කට්ටියට හොඳට තේරෙන්න.

    isimbuwa ට
    ඔයාට විතරයි අයියේ [අයියා නේද?] මම ඇඳන් ගිය ෂෝයි සූට් එක ගැන මතක් වුණේ :). මොනවා කරන්නද යාළුවාව තල්ලු කරලා ෂර්ට් එක පිහදාන්න පුලුවනෑ. අනිත් එක Home Coming එකත් ඉවර වෙලානේ තිබ්බේ අවුලක් නැහැනේ :)

    NUWAN"s lane ට
    කෑවේ කට්ටක් වුනත් දැන් ඒක මතක් කරද්දී ෆන්. අනිත් එක අයියා අපිත් එක්ක හිටිය මල්ලිලා දෙන්නා වුණත් මේ සිද්ධියෙන් මේකේ ඵලවිපාක ගැන මොකක් හරි පාඩමක් ඉගෙන ගන්න ඇති කියලා තමා මම හිතන්නේ :)

    ReplyDelete
  11. Prabhath Darshana ට
    ඔයා කියන කාරණේ සහතික ඇත්ත. ඒ වුනත් ලංකාවේ ඉන්න සම හරක් අයට ඕක තේරෙන්නේ නැති එක යි අවුල :)

    ඉලංදාරියා ට
    ඒක හරි මිත්‍රයා. හුඟක් අය පොර වෙන්න කරන වැඩවලින් එක්ක තමා මේකත්. ඒත් එයාලාට තේරෙන්නේ නැහැ පොර වෙන්න ගිහින් අන්තිමට බලු වෙලා හතර ගාතෙන් තමා යන්න වෙන්නේ කියලා :)

    Muthunayake ට
    හැමදේටම තමන් ගාව පාලනයක් තියෙන්න ඕන බව ඇත්ත තමා අයියා. ඒත් මේ කියමන ගැන

    "චිස් බටර් මස් වැඩිපුර කැවොත් මොකද වෙන්නේ. කාර් එකක ස්පිඩ් එක 200 km/h යන්න පුලුවන් කියල ගිහින් මිනිස්සු මරල කාර් හොදනැ බයිසිකල් පදිමු කියල හරියන්නැ මම හිතන්නේ" මට ගැටලුවක් තියෙනවා.

    චීස්, බටර් කියන්නේ පෝෂණ ගුණයක් තියෙන දෙයක් ඒ වගේම කාර් එක කියන්නෙත් මිනිසාගේ කටයුතු පහසු කරන උපකරණයක්.

    මත්පැන් ගොඩාක් බිව්වොත් තමා හුඟක් අවුල්. ඒ වගේම පොඩ්ඩක් බිව්වයි කියලා ඒකෙන් තමන්ට වෙන වාසියක්, යහපතක් හරි හොඳ දෙයක් හරි තියෙනවාද ?

    "ඒක නිසා බිව්වත් නොබිව්වත් මිහිහෙක්ගේ හොද නරක හොයන්න අමාරුයි"

    බොන නොබොන එකෙන් මිනිහෙක්ගේ හොඳ නරක නිවැරදිවම හොයන්න බැරිවුණත් බොන එකෙන් මිනිහෙක්ව හොඳ අතර යොමු කරනවාට වඩා වැරදි අතට නේද යොමු කරවන්නේ? මත්පැන් පානය මිනිසාගේ සෞඛ්‍යට වගේම සාමාජීය ජීවිතයටත් කොච්චර බලපෑම් කරනවාද ?

    "මිනිස්සුන්නට ගොඩක් වැඩිවෙන්නේ තමාගාව ඉන්න සුනඛ යලුවේ නිසා බියර් වලට අරක්කු කවලන් කරන එහාට මෙහාට වෙනකම් ඉදල"

    ඒක නම් ඇත්තම ඇත්ත අයියා. එහෙම සිද්ධි වෙනවා මාත් දැකලා තියෙනවා

    ReplyDelete
  12. @ blogsinhala
    Thank you very much for your invitation. I will join your blog :)

    ReplyDelete
  13. අනේ මල්ලි ඔවට නම් මම මොකුත් කියන්නේ නැහ... මමත් ඔහොම වැඩ අනන්නත දැකල වගේම මට ත් කීප පාරක්ම වෙලා තියෙනවා....

    උඩ බලන් කෙල ගහන්න බැහනේ කොල්ලො....

    ReplyDelete
  14. උබටත් වෙන සෙට් වෙන අය හික් හික්...

    බීම ගැන නම් කතා ලියන්න පුලුවන් බ්ලොග් පිරෙන්න.. ඔය වගේ දේවල් ඒ කාලේ නිතර උනානේ... අපි සෙට් එකම ඉතින් ඕකට බැහයි කියපු මිනිස්සු නෙමෙයි නේ හික් හික්...

    ඇත්තටම චුට්ටි බියර් එකක් බීල ෆන් එකේ කතා කර කර ඉන්න එක ආතල්. ඒත් මේ වගේ බීල නන්නත්තර වෙද්ඩි අනේ ආයෙනම් නෑ කියල හිතෙනව.

    ReplyDelete
  15. Cool Cartoon ට
    ඒකත් ඇත්ත අයියා. කොහොම නමුත් මට ලැබුණු අත්දැකීම අනිත් අය එකකත් බෙදාගෙන මේකේ යථා තත්වය ගැන පණිවුඩයක් දෙන්න තමා මම උත්සහා කළේ.

    කොහොම නමුත් අවංකව අදහස් දැක්වීම ගැන ප්‍රණාමය අයියා :)

    පිස්සා පලාමල්ල ට
    මට අපරාදේ කියන්න බැහැ අයියා මට බෝධිසත්ව මට්ටමේ ඉදන් අන්තිම සවුත්තු මට්ටම දක්වා ඉන්න මිත්‍ර සමාගමක් ඉන්නවා. මගේ තියරිය හැම මනුස්සයාවම ආශ්‍රය කරන එක :)

    ඔයා කලින් ලියපු මේ වගේ කතාවක් මම කියෙව්වා වගේ මතකයි අයියා. කොහොම නමුත් අදහස් දැක්වීමට ස්තුතියි.

    අද මොකද කතාව පරක්කු ?

    ReplyDelete
  16. මත්පැන් ගැන එක එක අය එක එක තැන්වල එක එක විදිහට කියන කතා ඇහුවාම මට කවියක් මතක් වුනා බොනපාට්ලා හදලා තියෙන

    සුරාවෙහි අගයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන සුදනෝ දනිත්
    නොබොන අනුවණ දනෝ නොදනිත් :) :) :)

    ReplyDelete
  17. හසිත බොන අය හිතන් ඉන්නවා බොන එක ලොකු වැඩක් කියලා , නොබොන එය හිතන් ඉන්න වා නොබොන එක වැඩක් කියලා. මිනිස්සු හැමතිස්සෙම හොයන්නෙ අනිත් කෙනාට වඩා තමන් උසස් වෙන්න මොකක් හරි හේතුවක්, නොබී ඉන්න මිනිස්සු එක එක හේතු හොයනවා, එ වගෙම බොන අය බොන්නත් එක එක හේතු හොයනවා.. මිනිස්සු බොනවා කියලා පහතට දැම්මට හොයා හොදට බැලුවොත් පෙනෙවි.. දෙගොල්ලම එකතු වෙලා මෙක ලස්සන කරනවා කියලා..

    ReplyDelete
  18. මෙන්න "මත්පැන් මුලින්ම හැදුණු හැටි" ගැන කතාව ඒකත් කියවලා බලන්න.

    http://aagiyakatha.blogspot.com/2010/06/blog-post_05.html

    ReplyDelete
  19. රවා ට
    ඔයත් නියම අදහසක් තමා දක්වලා තියෙන්නේ අයියා :)

    ReplyDelete
  20. samahara minnissunta kochchara beewath athi wennaneee.....samahara tharunayoth hithan inne eka hari lokudeyak eetawada deyak naa kiyalanee ithin ehema beela passe duk wenawa...... shashi

    ReplyDelete
  21. Shashi ට
    ජයවේවා.........
    ඔය තියෙන්නේ හොඳ අදහස් :)

    ReplyDelete
  22. දැන තම පමණ
    ගණු නොම වී බමණ

    ReplyDelete
  23. @දුමී

    නියම කවිය අයියා...........

    "තම තම නැණ පමණින් මෙය ගතයුතු"

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත!

    ReplyDelete
  26. @වැම්පයර්

    අම්මපා ඒක නම් අමූලික ඇත්ත අයියා...........

    ReplyDelete
  27. ඉතින් මා කුමක් කියන්නද ?........බොනපාට් කෙනෙක් ලෙස මා මුනිවත රකිමි


    ජයවේවා !!

    ReplyDelete
  28. @හිස් අහස

    සමහර වෙලාවට නිශ්ශබ්දව ඉන්න එකත් හරි වටිනවා අයියා......... :))

    ReplyDelete
  29. beemehi ethi mana gunayath
    ehi ethi mana rasayath
    bona uthumo misak
    nobona moodayo nodanith

    ReplyDelete
  30. පලවෙනි වතාවට මේ පැත්තේ ආවේ. එල පෝස්ට් එක. අපේ නම් ඉතින් ඕව පාවිච්චියක් නෑ. එත් අන්තිමට කියල තියන කතාව නම් ඇත්ත. ඕකුන් ඕව බොන්න කලින් ඔය ටික ගැන හිතනවා නම්...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................