Campus එක පටන් ගත්ත නිසා ඉස්සර වගේ කතා කියන්න එන්න අමාරුයි. වැඩ ගොඩා.......යි. අද නිවාඩුවක් හම්බුණු නිසා ඔන්න අද ඉඩක් ලැබුණා ආගිය කතාවක් කියන්න. මේක වුනේ ඊයේ.
ඊයේ අපේ Logic Class එකේ ගුරුතුමිය මේ අවුරුද්දේ A/L exam ලියන කට්ටියට ආශිර්වාද පතන්න කැලණි පන්සලේ දී බෝධි පූජාවක් සංවිධානය කරලා තිබ්බා. ආදි ශිෂ්‍යයෝ වුණත් අපිත් තාමත් පංතියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නිසා අපිටත් එන්න කියලා තිබ්බා මේ බෝධි පූජාවට.
ආදි ශිෂ්‍යයෝ හැටියට මේ බෝධි පූජාවට සම්බන්ධ වුණේ මලින්ද [මතකයිනේ මම දවසක් කතාවක් කිව්වේ මලින්ද සර් කියලා], ගිහාන් [අපේ විදේශ මාධ්‍යවේදියා] සහ මම. ඉතින් බෝධි පූජාවේ මූලික වතාවත් ටික කරලා ඉවර වෙලා වන්දනා ගාථා ටිකත් කියලා ඉවර වෙලා පිරිත් ටිකකුත් සජ්ඣායනය කෙරුණා. මේ වෙලේ ධජග්ග සූත්‍රයත් සජ්ඣායනය කෙරුණා.
මේ පිරිත ගැන දන්න අය දන්නවා ඇති මේ පිරිතෙන් කියවෙන්නේ ආරණ්‍යයකදී හෝ රුක්ෂ මූලයකදී හෝ ජනශුන්‍ය ස්ථානයකදී හෝ සිතේ ඇතිවන බියක්, තැතිගැන්මක්, ලොමු දැහැගැන්මක් දුරුකරගන්න බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ සිහි කරන්න කියන එක. මේ සූත්‍රය දේශනා කරන්න මූලික වෙන කරුණ හැටියට බුදුරජාණන් වහන්සේ සුර අසුර යුද්ධයේදී වෙන සිදුවීමකුත් දේශනා කරනවා. ඉතින් මේ සූත්‍රයේ බොහෝ තැන්වල තැතිගැන්ම කියන තේරුම දෙන "ඡම්හිතත්තං වා" කියන පාලි වචනය යෙදෙනවා.
ඉතින් අපි ධජ්ග්ග සූත්‍රය සජ්ඣායනය කරන වෙලාවේ මට එහා පැත්තේ වාඩිවෙලා හිටිය මලින්ද අතේ තමයි පිරුවානා පොත් වහන්සේ තිබ්බේ. Man ඒකත් බල බල ඡම්හිතත්තං වා කියන වචනේ තියෙන "මහප්‍රාණ ඡ" කියන්නේම "ජ" කියලා.
මම ටිකක් වෙලා බැළුවා. මෙයාට දැන් හරි මේ ජ නෙමෙයි මහප්‍රාණ ඡ කියලා පෙනිලා හරියට කියයි කියලා හිතලා. මලින්දයා A/L සිංහල කරලා A එකකුත් ගත්ත එකෙක්. ඒත් හරියන පාටක් නැහැ.
Man ආයි ජම්හිතත්තං වා කියලා කියපු ගමන් මම කරපු වැඩේ මලින්දයාගේ කණට කරලා කිව්වා " ඈ බන් මොකද මේ සැරින් සැරේ ජංගි ජංගි ගාන්නේ. ඇස් ඇරලා බලපන් ඒ වචනේ ඡම්හිතත්තං වා. ඒකේ තියෙන්නේ මහප්‍රාණ ඡ" කියලා
ඊට පස්සේ මලින්දයා හරියට කිව්වා. ඒත් කීප පාරක් ඡම්හිතත්තං වා කියලා කියද්දී හිනා වෙවී තමා කිව්වේ. Man ට මම කිව්ව කතාව මතක් වෙන්න ඇති. ඉතින් ආයි කවදාවත් ඕක වරද්දන්නේ නැහැ මම කිව්ව කතාව මතක් වෙනකම්.
ඉතින් මම විශේෂයෙන් මේ කතාව කිව්වේ මේ කතාව පොදු දෙයක් නිසා. මේ විදිහටම අපි හුඟක් වෙලාවට ගාථාවක් කියද්දී හරියට අකුරු උච්චාරණය කරන්නේ නැතිව වැරදියටමයි කියන්නේ. පොඩි කාලේ ඇහුණු විදිහට ගාථාව කියලා ලොකු වුණාමත් ඒ විදිහටම කියනවා.මම කලින් දවසක ඡත්ත මානවක ගාථා ගැන කතාවක් කිව්වේ. ඒත් මේ සිද්ධියටම නේ.
ඒත් මේ විදිහට නිවැරදි උච්චාරණයෙන් ඈත්වෙලා ගාථා කියන එකෙන් මම හිතන්නේ නැහැ ඒ ගාථාව කියලා අපි අපේක්ෂා කරන යහපත සුභ සිද්ධිය ලැබේවි කියලා. ඒ වගේම මීට කලින් දවසක් මම කිව්වා වගේ කියන්නන් වාලේ ගාථාවක් කිව්වාට වැඩකුත් නැහැ. වඩාත් අර්ථවත් වෙන්නේ තමා කියන ගාථාවේ තේරුම ගැන අවබෝධෙකුත් එක්ක නිවැරදි උච්චාරණයත් ඇතිව ගාථාවක් කියන එක.
ලොකු අයව නිවැරදි කරන්න අමාරු වෙන්න පුලුවන්. ඒත් පොඩි පරම්පරාව නිවැරදි කරන එක නම් පහසුවෙන් කරන්න පුලුවන්. අනාගතේ අපිට ඕන කරන්නේ ගිරව් නෙමෙයි අවබෝධෙන් යමක් කරන කියන පිරිසක්. අනික් ආගම්වල වැරදි හොය හොය ඉන්නේ නැතිව මේ වගේ පොඩි පොඩි කරුණු ගැන අවදානය යොමු කරලා ඒකට අවශ්‍ය කරන කටයුතු තමා බෞද්ධයෝ හැටියට අපි කාගේ කාගේත් වගකීම වෙන්න ඕනේ...
මම මීට කාලෙකට කලින් කොහෙ හරි දැක්කා කියමනක් ඒකේ තිබ්බේ මෙහෙම.
" මිනිසා ආගම වෙනුවෙන් යුධ වදී. වාද කරයි. කල හැකි සෑම දෙයක්ම ඉටු කරයි. නමුත් නොකරන්නේ ආගමට අනුව ජීවත් වීම පමණි"
ප.ලි.: මේ විදිහට අකුරු හරියාකාරව උච්චාරණය නොකරපු කෙනෙක්ට හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ කියපු නියම කතාවක් හෙට කියන්නම්.
මා ලියූ "කට ඇරියොත් මුසාවාද" නම් වූ කවි පන්තියේ එක කවියක්.
ReplyDeleteබසින් පාලි අපි පන්සිල් පද කියමු
සිතින් එපදවල තේරුම නොම සිතමු
උදෙන් සිල් ගනිමු හවසට සුරා බොමු
මුවෙන් බොරු මිසක ඇත්තක් නොම කියමු
" මිනිසා ආගම වෙනුවෙන් යුධ වදී. වාද කරයි. කල හැකි සෑම දෙයක්ම ඉටු කරයි. නමුත් නොකරන්නේ ආගමට අනුව ජීවත් වීම පමණි"
ReplyDeleteලැජ්ජාවෙන් වුණත් උඹේ උපුටාගැනීම නම් 1000% ක් සත්‍යයි කියලා කියන්නම වෙනවා!!
ආගම දහම කැළයේ වල් වැදී ඇත
ReplyDelete@කතන්දරකාරයා
ReplyDeleteනියම කවිය කසූ. මේ කතාවට නියමෙටම ගැලපෙනවා. ඒත් කොච්චර කිව්වත් හැදෙන පාටක් නැහැනේ.
බීරී අලින්ට වීණා වාදනය කිරීමක් තමා වෙලා තියෙන්නේ බලාගෙන ගියාම.........
@ජංජාල චාමර
ReplyDeleteස්තුතියි ලොක්කා. ඒත් කාරණේ මේ ක්‍රමේ වෙනස් කරන්න කවුරුත් හිතන්නේ නැති ඒක.
@wath
ReplyDeleteඒක ඇත්ත අක්කේ. ඔයාගේ කතාව අහපුවාම මට මතක් වුණේ "බුදු බණ ඇසුවා නිරන්තරේ, ගති ගුණ අතින් අපි හැමදාමත් වනන්තරේ" කියන ගීතය
Anthimata liyala thiyana adahas nam anthima watinawa.
ReplyDeletethawa deyak mathak una, samahara kattiya pansil wala palaweni sil padaya kiya kiya yuddeta aawadanawa... eekath echchara hari nehe maye hithey
ReplyDelete@Sac's photography
ReplyDeleteප්‍රාණ ඝාතය අනුමත කරන්න බැහැනේ කොහොමත්.
ඒත් දුටුගැමුණු කතාවේදී රට වෙනුවෙන් යුධ වැදීමෙන් සතුරා මරා දැමීම පවක් හැටියට දක්වලා නැහැ මට මතක විදිහට.
මේ ගැන කාරනා කාරණා දන්න කෙනෙක්ගෙන අහලා බලන්න ඕනේ මේ කාරණේ ගැන...............
උබ අන්තිමට කියපු කතාව නම් රත්තරන්... මරා ගන්නවා යුද්ද කරනවා වාද කරනවා.. ඒත් ආගමට අනුව ජීවත් වෙන්නෙ නැහ.
ReplyDelete@පිස්සා පලාමල්ල
ReplyDeleteඒක තමා අයියා. දැන්වත් ඕක කට්ටිය තේරුම් අරන් කටයුතු කළා නම් තමා හොඳ. තාම පරක්කු නැහැ මයේ හිතේ..........
අපිත් එහෙමද මන්දා හසිත මල්ලී... කමෙන්ට් කරලා තියෙන අපි අපිම උනත් හිතද්දී
ReplyDelete@අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
ReplyDeleteඅපි හැමෝම පෘතග්ජන මිනිස්සුනේ අයියේ....... කාගේ කාගේත් කිල්ලෝටවල හුණු පොඩ්ඩ පොඩ්ඩ තියෙනවා.