සාඩම්බර හසී පවුල සහ චා Group එක ගැන කතාව ඊයේ කියපු නිසා ඊයේ කියන්න හිටපු මේ කතාව කියන එක මිස් වුණා. පෙරේදා පොරොන්දු වුණු විදිහට මෙන්න නිසියාකාරව අකුරු උච්චාරණය නොකරපු කෙනෙක්ට හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ කියපු කතාව. මේ කතාව මම කියෙව්වේ පොරවගම ඤාණසිරි හාමුදුරුවෝ ලියපු "සඟ රස බස්" කියන පොතෙන්. මේ පොතේ කතාවක් මම කලිනුත් කිව්වා "සඟ රස බස්" කියලා. ඒකත් කියවලා බලන්නකෝ.
අද කතාව මෙහෙමයි. හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ ඒ දවස්වල පිරිවෙනේ ශිෂ්‍යයන්ට උගන්වමින් හිටියේ "වෘත්ත රත්නාකරය" කියන පොත.
නායක හාමුදුරුවෝ එක ශිෂ්‍යයෙක්ට කිව්වා "හොඳයි කියමු බලන්න ත්‍රෛයිලෝක්‍යම්ව විෂ්ණුනා" කියලා.
ගෝලයා කිව්වා "ත්‍රෛයිලෝක්‍යම්ව විස්නුනා" කියලා.
නායක හාමුදුරුවෝ කිව්වා "විස්නුනා නෙවෙයි, විෂ්ණුනා" කියලා. ඒත් අර ගෝලයා ආයි ආයි වරද්දනවා.
ඒ පාර නායක හාමුදුරුවෝ කිව්වා " උන්නැහේ, ස, ශ, ෂ කියලා අකුරු 3 ක් තියෙනවා.
ස යන්න දන්තජ. ඔය ලස්සන, ගැස්සෙන වගේ තැන්වල යෙදෙන්නේ ඒක.
දෙවැනි ශ යන්න තාලුජ. ඒ කියන්නේ තල්ලෙන් හටගන්නවා කියන එක. නිශ්ශබ්ද, අශ්වයා වගේ තැන්වල යෙදෙන්නේ ඒක.
තුන්වෙනි ෂ යන්න මූර්ධජ. ඒක උපදින්නේ හිස් මුදුනෙන්. ශීර්ෂය, වර්ෂාව වගේ තැන්වල යෙදෙන්නේ ඒක. ඉතින් තුන් පලකින් උපදින නිසා මේ අකුරු තුන කියවෙන්නෙත් හඬ තුනකින්. මේ අකුරු කියවනකොට මුඛයේ වෙනසක් තියෙන්න ඕනේ.
මට මතක් වුණා ශ්ලෝකයක්.
"අවිදිත ශ ෂ ස විශේෂා - වාණී වක්ත්‍රාද් විනිර්ගතාම් යේෂාම්
ගුදවදන විවර භේදෝ - රදනෛරෙව කිල ලක්ෂ්‍යතෙ තේෂාම්"
ඒකේ තේරුම තමා කවුරු හරි ස, ශ, ෂ අකුරු වෙනසක් නැතිව මුඛයෙන් උච්චාරණය කරනවා නම්, ඔහුගේ මුඛයත් අධෝ මුඛයත් දෙකම එකයි. වෙනසකට තියෙන්නේ මුඛයේ දත් තියෙන එක විතරයි......" කියලා.
ඉතින් හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හාමුදුරුවන්ගේ කතාව ඇත්තටම දැන් කාලේ කට්ටියට තමා හුඟක් අදාළ වෙන්නේ. ලංකාවේ හුඟක් අය මේ දන්තජ, මූර්ධජ, මහප්‍රාණ, අල්පප්‍රාණ, සඤ්ඤක අකුරු නිවැරදිව උච්චාරණ කරන්නේත් නැහැ ලියන්න දන්නෙත් නැහැ.
කලින් දවසකත් මම කියපු ඡත්ත මානවක ගාථා ගැන කතාව තමා ගන්න පුළුවන් හොඳම උදාහරණය. ඔහේ කියන්නන් වාලේ වරද්ද වරද්ද තේරුමක් දන්නේ නැතිව තමා හුඟක් වෙලාවට ළමයි කියන්නේ.
ඒක නම් ඇත්තටම අභාග්‍ය සම්පන්න තත්වයක්. ඉතින් පුලුවන් තරම් අපේ භාෂාවේ ඔය නීති රීති අනුගමනය කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. මොකද අපේ භාෂාව වටින්නේ අපිට මිසක් වෙන කාටවත් නෙමෙයිනේ.
දැන්වත් මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ නේද ?
ප.ලි.: මේ අධෝ මුඛය කියන වචනේ ඇහෙද්දි මට මතක් වෙන්නේ අපේ උසස් අධ්‍යාපන ඇමති S.B. දිසානායක මහත්තයාව. එතුමා U.N.P. එකේ ඉන්න කාලේ කිව්වානේ එක්සත් ජනතා නිදහස් සන්ධානේ ආරම්භ කළේ අධෝ මුඛ නැකතින් කියලා :) :) :)
This comment has been removed by the author.
ReplyDeleteඑස්.බී උන්දැගේ කටම ඉතිං අධෝමුඛයක්නේ!!
ReplyDeleteෂා, අළුතෙන් දෙයක් ඉගෙන ගත්තා. අපි ඉතින් ඔය අකුරු ජාති තුන පුරුද්දට යෙදුව මිසක්ක අද තමා දැන ගත්තෙ ශබ්ද වෙන විදිහට යොදන හැටි. ගොඩක්ම ස්තුතියි හසිත මල්ලිට.
ReplyDeleteලංකාවේ ගොඩක් අය අධෝ මුඛකාරයෝ තමා !! (මම ඇතුලුව) :P
ReplyDeleteම්ම්ම්...අධෝ මුඛයත් හරි මාරයි අප්පා
ReplyDeleteඅධෝ මුඛයත් කොච්චර වටිනවද? කාලා හමාරයිනෙ ඒක නැත්නම්.
ReplyDeletekathawa hoda eth dhesapalane gawa ganna epaaaa..... ethakota case....
ReplyDeleteහප්පා ඔක්කොමත් හරි, අන්තිමට දාලා ඉන්න ගොයියත් හරි :(
ReplyDeleteගොඩක් වටින ලිපියක් මළේ . .. නොදන්න යමක් ඉගෙන ගත්තා . ..
ReplyDelete@බොස්
ReplyDeleteහික්ස්..... මම මුනිවත රකිමි :)
@දුමී
ReplyDeleteෂාහ් කතා මාධ්‍යයෙන් පාඩම් ඉගැන්වීම කියන්නේ මේක තමා. [මේක දාද්දී නම් මම එහෙම එකක් හිතුවේ නැහැ]
ඇත්තටම මේකෙන් යමක් කවුරු හරි ඉගෙන ගත්තා නම් ඒක මගේ සතුට අයියා :)
@හිඟන්නා
ReplyDeleteඒක ඇත්ත.
කවුරු හරි අමුතු කතාවක්, අසාමාන්‍ය කතාවක් කියපුවාම පෙලක් වෙලාවට අහන්නේ "උඹ ඕක කටින්ද කිව්වේ ?" කියලා :)
@Hasitha ජයසූරිය
ReplyDeleteනැතුව නැතුව මලයා. ඒක නැත්නම් කොරලා හමාරයි :)
@අනුරාධ
ReplyDeleteඅමූලික ඇත්ත අයියා :)
@Lahiru Janaka
ReplyDeleteස්තුතියි සහෝ අගය කිරීමට වගේම වටිනා උපදේශයක් ලබාදීම ගැන.
මේ වචනේ එක්ක මතක් වෙලා කිව්වා මිසක් ඔය දේශපාලනය කියන මඩ ගොඩේ බහින්න වත් ඒක ගාව ඉන්නවත් කිසි උවමනාවක් නැහැ මට.....
@වැම්පයර්
ReplyDeleteඅන්තිමට දාලා ඉන්න ගොයියා ගැන මුනිවත රකිමි. එයා ගැන තව ඉස්සරහට හොඳ හොඳ ඒවා කතා කරන්න පුලුවන් වෙයි දේශපාලන බ්ලොග් කරන අයට.
ඔහොම යන් ඔහොම යන්................
@දුකා
ReplyDeleteදුකා අයියාත් යමක් ඉගෙන ගත්තා නම් සතුටුයි. කතා මාධ්‍යයෙන් පාඩම් ඉගැන්වීම සාර්ථකයි වගේ :)
දැන් නීරෝගීව ඉස්සර වගේ ෆිට් එකේ ඉන්නවාද අයියා ?
Dan fite fit malliyo . . tnx wenna ona hoyala baluwata . . .
ReplyDelete