අපේ යාළුවෙක්ගේ අයියා කෙනෙක් කසාද බැන්දා. ඉතින් ඒකේ Home Coming එක තිබ්බේ ඊයේ. අපේ එකා අපිටත් invite කරා කාලා බීලා යන්න වරෙන් කියලා :) අපි කොල්ලෝ set එකත් කිට් දාලා ජැන්ඩි පහට ගියා ඕකට. අපේ පැත්තෙම Hotel එකක තමා Home Coming එක තිබ්බේ.
අපි එතැනට 6 විතර set වෙලා couple එක එනකම් කැරකි කැරකි ඉදලා couple එක ආවට පස්සේ hall එකට ගිහින් මුල්ලක තිබ්බ table එකක වාඩිවුණා. මම හිටිය table එකේ අයියා මලෝ දෙන්නෙකුයි තව මල්ලිලා දෙන්නෙකුයි හිටියා. අයියා මලෝ ජෝඩුවගෙන් මලයා මගේ වයසේ, අනිත් මල්ලිලා දෙන්නා මේ අවුරුද්දේ A/L exam කරන එවුන් තුන්දෙනෙක්.
මුලින්ම ඉතින් Welcome Drink එක එහෙම දුන්නා.
ටිකක් වෙලා ගිහින් ගියාම අපේ මිත්‍රයා ඇවිත් ඇහුවා " උඹලා ඇතුලේම ඉන්නවද ? එළියට යනවද ?" කියලා.
මොකද Bar එක එළියේ තිබ්බේ. ඒත් අපි හිටිය hall එක A/C කරලා තිබ්බේ. නිකම් මොකටද එළියේ තැම්බෙන්න යන්නේ කියලා අපේ එවුන් කිව්වා "ඇතුළට මොනවා හරි ගේපන්" කියලා.
අපේ මෑන් කට්ටියට බියර් ගෙනාවා. මම ඉතින් ඒ ජාති මොකුත් පාවිච්චියක් නැහැ.
මම කිව්වා "මචං මට වෙන මොනවා හරි ගේපන්. Coke වගේ මොකක් හරි ජාතියක් ගේපන්. ඒ ගමන් හපන්න කඩල plate එකකුත් ගේපන්" කියලා. අපේ මිත්‍රයා පටස් ගාලා Coke mega එකකුයි කඩල් plate එකකුයි supply කරලා දුන්නා.
මම ඉතින් අරන් ආපු coke එකෙන් Glass එකට ටිකක් හලාගෙන කඩල ටිකකුත් කන්න ගත්තා. මම හිටිය table එකේ හිටිය මල්ලිලා දෙන්නත් Coke එකට set වුණා. අයියා මලෝ බියර් එක හිස් කරන්න පටන් ගත්තා.
ඔය විදිහට යද්දී අයියකාරයා මගෙන් ඇහුවා "මල්ලි, උඹ මොකුත් පාවිච්චියක් නැත්ද? කියලා.
මම කිව්වා "නැහැ අයියේ" කියලා.
Man කිව්වා " උඹ නම් පුදුම එකෙක් බන්" කියලා.
ඒ වෙලේ මල්ලිලා දෙන්නාගෙන් එකෙක් කිව්වා "මාත් කලින් නම් බියර් බීලා තියෙනවා. ඒ බීලා ගිය දවසේ අම්මට ගඳ ඇවිත් පලු යන්න බැන්නා. අද නම් අනිවා ගෙදර ගිය ගමන් මාව ඉඹලා බලනවා. ඒක නිසා අද නම් බැහැ" කියලා
අනිත් එකා කිව්වා "......... [කෙල්ලෙක්ගෙ නමක්] බැහැ කිව්ව දවසේ නම් මම දුකට බියර් එකක් ගැහුවා. ඒත් අද නම් බැහැ අයියේ" කියලා.
මට ඉතින් මේ කතා ටික අහලම මාර හිනා.
ඉතින් ඔය විදිහට යද්දී අයියා මලෝ දෙන්නා හිටු කියලා බියර් බෝතල් හිස් කරනවා. ඔය විදිහට බෝතල අඩුම ගානේ 5 ක් විතර දෙන්නා හිස් කරන්න ඇති. ඔහොම යද්දී මට පේනවා අර කෙල්ල බැහැ කිව්ව දවසේ බියර් එකක් බිව්වා ඒත් අද නම් බැහැ කියපු බුවාගේ glass එකෙන් අමුතු විදිහට පෙණ යනවා. Man මගේ ඉස්සරහ හිටියේ.
මම Man දිහා බලලා පල් හිනාවක් දාපුවාම Man කියනවා "ඔන්න ඔහේ අදත් බියර් ටිකක් බොන්න කියලා හිතුවේ හසිත අයියේ" කියලා.
මම කිව්වා " මල්ලී උඹ Coke එකෙන් පටන් අරන් බියර් එකටත් set වුණා. මෙතන ගල් හරි ඒ ජාතියක් තිබ්බා නම් උඹ ඒකෙනුත් ටිකක් බොනවා. තමුසේ නම් හරිම බඩුවක් තමා" කියලා.
ඊට පස්සේ ඒ මල්ලිත් බියර් බෝතල් භාගයක් විතර බොන්න ඇති. ඉතින් ඔය විදිහට කට්ටිය බියර් බීලා ඉවර කරලා කන්න ගියා. කාලා ඉවර වෙද්දී ආපු හොඳට ගල් පොල් ආදියෙන් පිනාගිය කට්ටිය dance කරන්න පටන් අරන් තිබ්බා. පස්සේ අපේ set එකත් එතනට join වුණා. එතනත් පැය භාගයක් විතර කට්ටිය dance කලා.
අන්තිමට මංගල සභාව පටන් ගත්තා. ඒ වෙලාවේ මම බලද්දී අර අයියා මලෝ දෙන්නාගෙන් මල්ලියි තව අපිත් එක්ක හිටිය මල්ලි කෙනෙකුයි නැහැ. හොයලා බලද්දී දෙන්නා එළියේ කියලා කිව්වා.
ගිහින් බැලින්නම් අර අයියා මලෝ ජෝඩුවේ මලයා එළියේ මල් පඳුරක් ගාවට වෙලා හොඳටම කබරයා දානවා [වමනේ දානවා]. එතනින් ගියා Uncle කෙනෙක් කියනවා "ඔහොම තමා පුතා පුරුදු වෙද්දී. පස්සේ ඕවා හරියනවා" කියලා.
අන්තිමට ඉතින් එකෙක් කබරයා දාන Manගේ පිට අතගාන්න ගත්තා කබරයා දාන්න එක ලේසි වෙන්න. පස්සේ පල්ලෙහා තිබ්බා පුටුවක Man වාඩි කරවලා අපි තුන්දෙනෙක් ගියා මනමාලයාටයි අපේ මිත්‍රයාටයි අපි යනවා කියලා කියන්න.
මනමාලයාටයි අපේ මිත්‍රයාටයි scene එක කියලා අපි පල්ලෙහාට ආයි එද්දී අර මුලින් coke බීලා පස්සේ බියර් ගහපු මලයාගේ මූණ ඇඹුල් වෙලා.
මම ඇහුවා "මොකද මල්ලී උඹටත් කබරයා වගේද ? " කියලා.
Man කිව්වා "ඔව් හසිත අයියේ ඒවගේ කියලා. පස්සේ මම Manවත් අල්ලගෙන පල්ලෙහාට අරන් ආවා.
දැන් කට්ටියට ප්‍රශ්නේ අර මුලින් කබරයා දාපු මිත්‍රයාව ගෙදර එක්කන් යන්නේ කොහොමද කියලා. එතන ඉදන් කිලෝ මීටර් 2 ක් විතර තමා ගෙදරට තියෙන්නේ. කට්ටිය මුලින් ඇවිත් තියෙන්නේ Home Coming එක ඉවර වුණාට පස්සේ පයින් කට්ටියත් එක්ක කියෝ කියෝ යන්න. ඒත් දැන් මෙයා කබරයා දාලා කෙලින් ඉන්න පණ නැතිව පුටුවක් උඩ වැටිලානේ ඉන්නේ.
මම ආවේ bike එකේ. මම කිව්වා "හරි එහෙමනම් මම bike එකේ ගිහින් දාන්නම්" කියලා.
පස්සේ මම bike එක අරන් ආවට පස්සේ කට්ටිය Manව උස්සලා bike එකෙන් තිබ්බා. එයාගේ අයියාත් පිටිපස්සෙන් වාඩිවෙලා මල්ලිව අල්ලන් ආවා. මාත් ඉතින් හිමින් හිමින් bike එක අරන් ආවා.
ප්‍රධාන පාරෙන් හැරිලත් ටික දුරක් යන්න ඕනේ manගේ ගෙදරට. ඒ පාරේ හැමතැනම නූතන වාරි නිර්මාණ :) [වලවල්] කබරයා දාපු manගේ ඔලුව bike එක ගැස්සෙද්දී මම දාගෙන හිටපු helmet එකේ වදිනවා. ඒත් Manට ගාණක් නැහැ ඩෝප් නේ :).
අන්තිමට කොහොම හරි ගේ ගාවට ඇවිත් bike එක නවත්තලා මමයි එයාගේ අයියයි එකතු වෙලා අත් දෙකෙන් Manව උස්සලා අරන් වත්තම් කරන් යද්දී Man ආයි කබරයා දැම්මා මගේ ඇඟෙත් කබ්බා.:)
ඊට පස්සේ අයියා දොරට ගහලා අම්මාව කූද්දලා දොර ඇරගත්තා. මායි අයියයි අපේ යාළුවාව සාලේ තිබ්බා පුටු සැටියේ දිගා කරලා ඇඳන් හිටිය ෂර්ට්, බැනියම්, සපත්තු ගලෝලා fan එක දැම්මා හුළං ටිකක් වදින්න. ඊට පස්සේ ඉතින් මාත් ගෙදර යන්නම් කියලා ගෙදර එන්න ආවා. ඕන් ඔහොමයි වැඩ
ගෙදර එන ගමන් මට හිතුණේ මිනිස්සු ඇඟට ඔරොත්තු දෙන ජාති කන්න බොන්න ඕනේ. ම
ම කිව්වේ මට වෙච්ච හදියක් ගැන ඊයේ. අන්තිමට වෙන දේ පේනවානේ. මට තව හිතුණා එයාගේ අම්මා මොනවා හිතනවා ඇද්ද පුතා ගෙදර ආපු විදිහ දැක්කාම. අපේ එකා බියර් ගැහුවේ. තව ඉතින් ලංකාව පුරා කොච්චර තරුණයෝ ඒ වගේම තරුණියොත් ඇද්ද මේ විදිහට නොයෙක් ආකාරයේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු.
අරක්කු, සිගරට්, මත් කුඩු වගේ ඒවා ගත්තා කියලා අමුතුවෙන් හම්බෙන්නේ මොනවාද ? එක්කෝ අතේ තියෙන කීයකට හරි තට්ටු වෙයි. ඒත් නැත්නම් මේ පසුකාලීනව එන අසනීප. මෙහෙම බලද්දී කිසිම හොඳක් නැති එකක් මිනිස්සු ගන්නේ අහවල් එකකටද ?
මේ කතාව කියද්දී මත්පැන් හැදුණු හැටි ගැන කතාවක් මතක් වුණා. ඒ කතාව හෙට කියන්නම්කෝ. අද හුඟක් ඒවා කිව්වානේ :)