Thursday, August 23, 2012

ලංකාවේ මලය තෙරුන්ට මුණගැසුණු මෛත්‍රී බෝසතුන්

සන්තුසිත දිව්‍යරාජයා හෙවත් මෛත්‍රී බෝසතුන්

මහා භද්‍ර කල්පයේ මීළඟට බුදුවන්නට පාරමී ධර්ම සම්පූර්ණ කරලා තුසිත දිව්‍ය ලෝකයේ සන්තුසිත දිව්‍ය රාජයා නමින් මේ වනවිට වැඩ වාසය කරන මෛත්‍රී බෝසතුන් ගැන මීට කලිනුත් ආගිය කතාවෙන් කියවුණු යම් යම් කතාවලින් දැනගන්න ඔබටත් ලැබෙන්න ඇති.

අද කතාවෙන් කියවෙන්නේ මෛත්‍රී බෝසතුන්ව මුණගැසීමේ භාග්‍යය හිමිවුණු ලාංකික මහ තෙරුන් වහන්සේ නමක් පිළිබඳ කතාවක්. 

ඈත අතීතයේ රෝහණ දේශයේ කම්බෝජ කියන ගමේ බොහොම සිල්වත් ගුණවත් වගේම ධ්‍යානලාභී භික්ෂූන් වහන්සේ නමක් වාසය කළා මලය මහ තෙරුන් වහන්සේ නමින් ප්‍රසිද්ධ වුණු.

දවසක් දවල් දානය ලබාගන්න පිණ්ඩපාතයේ වැඩම කරපු මලය හාමුදුරුවෝ දැකපු මානෙල් මල් කඩන්න ගිය මනුස්සයෙක් තමන් ගාව තිබුණු මානෙල් මල් මිටි 8 ක් හාමුදුරුවන්ට පූජා කළා.


ඒ එක මල් මිටියක මානෙල් මල් 16 ක් පමණ තිබුණා. මේ මානෙල් මල් මිටි අටේ දඬු පාත්‍රය ඇතුළට තිබෙන විදිහට තබාගත්තු මලිය හාමුදුරුවන්ට මේ මානෙල් මල්වල තිබුණු සුවඳත් ඒ වගේම දැකුම්කළු සොබාවයත් එක්ක අසීමිත බුද්ධාලම්භන ප්‍රීතියක් ඇතිවෙනවා.

ඒ නිසාම උන්වහන්සේ කල්පනා කරනවා මේ මල් සෑගිරියට පූජා කරනවද ? රුවන්මැලි සෑයට පූජා කරනවද ? එහෙමත් නැත්නම් ශ්‍රී මහා බෝධියට පූජා කරනවාද කියලා.

අවසානයේදී උන්වහන්සේ තීරණය කරනවා මේ මානෙල් මල් බුදු හාමුදුරුවන්ගේ දකුණු දළදාව වගේම සිදුහත් කුමාරයා තවුස් වෙස් ගන්න කලින් කපන ලද කේශ ධාතු තැන්පත් කරලා තියෙන තව්තිසා දිව්‍ය ලෝකයේ "සිළුමිණි" සෑයට පූජා කරන්න. 

බුද්ධාලම්භන ප්‍රීතියත් එක්ක ක්ෂණිකව අහසට වඩින මලිය හාමුදුරුවෝ සුලු වේලාවකින් තව්තිසා දිව්‍ය ලෝකයේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ මාළිගාව වෙන වෛජන්ති ප්‍රාසාදය ඉදිරියට වැඩම කරවනවා. පස්සේ සිළුමිණි සෑය වන්දනා කරන්න වැඩම කරනවා.

බුදුන් වහන්සේ මාතෲ දිව්‍යරාජයට අභිධර්මය දේශනා කිරීම. පසෙකින් ඇත්තේ සිළුමිණි සෑයයි

යොදුනක වට ප්‍රමාණය තියෙන මේ සුවිශාල සිළුමිණි සෑය වන්දනා කරපු මලිය හාමුදුරුවෝ සෑ මළුවේ ඉද්දී ශක්‍ර දේවේන්ද්‍රයා ඇවිත් උන්වහන්සේට නමස්කාර කරනවා.

උන්වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් අහනවා "ශක්‍ර දෙව් රජතුමනි, මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ සිළුමිණි සෑය වන්දනා කරන්න දැන් මෙහි පැමිණෙනවාද?" කියලා

ශක්‍ර දේවේන්ද්‍රයා පිළිතුරු දෙනවා "ස්වාමිනී, මෛත්‍රී බෝසතාණන් වහන්සේ මසකට සිව් වරක් සිළුමිණි සෑය වන්දනා කරන්න පැමිණෙනවා. අදත් එවැනි දිනයක්. ඔබවහන්සේ මඳක් රැඳී සිට බෝසතුන්වත් හමුවෙන්න" කියලා

ටික වේලාවකින් බලසම්පන්න දිව්‍ය රාජයෙක් තමන්ගේ පිරිස එක්ක සෑ මළුවට පැමිණියාම මලය හාමුදුරුවෝ ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා අහපුවාම ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා ඒ අතීතයේ අනුරාධපුරයේ ඇඳුම් මැසීමෙන් ජීවත් වුණු බොහොම පින් කරපු සන්නාලියෙක් කියලා. 

ඊළඟට තවත් දිව්‍ය රාජයෙක් තමන්ගේ පිරිස එක්ක පැමිණියාම මලය හාමුදුරුවෝ ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා අහපුවාම ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා ඒ අතීතයේ ලංකාවේ හරිතාලගම හිටිය මහා දානපති හරිතාල තිස්ස කියලා.

ඊළඟට තවත් දිව්‍ය රාජයෙක් තමන්ගේ පිරිස එක්ක පැමිණියාම මලය හාමුදුරුවෝ ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා අහපුවාම ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා ඒකාවන්තිස්ස මහ රජතුමාගේ දෙවෙනි පුත්‍රයා වුණු සද්ධාතිස්ස මහ රජතුමා කියලා. 

හතරවෙනියට බොහොම ප්‍රභාෂ්වර දිව්‍ය රාජයෙක් තමන්ගේ පිරිස එක්ක පැමිණියාම මලය හාමුදුරුවෝ අහනවා ඒ මෛත්‍රී බෝසතුන්ද කියලා. ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා ඒ සම්බුදු සසුනට අසීමිත මෙහෙයක් කරපු දුටුගැමුණු මහ රජතුමා කියලා.


අවසාන වශයෙන් දිව්‍ය සේනාවක් පිරිවරාගෙන බොහොම ප්‍රභාෂ්වරව මෛත්‍රී බෝසතාණන් වහන්සේ එතැනට පැමිණෙනවා.

මලය හාමුදුරුවෝ දැකපු බෝසතුන් උන්වහන්සේගෙන් මෙහෙම අහනවා "ඔබවහන්සේ කුමන රටකින් වැඩියාද? කියලා. මලය හාමුදුරුවෝ පිළිතුරු දෙනවා තමන්වහන්සේ ලංකාද්වීපයේ ඉදන් වැඩම කළා කියලා.

ඊට පස්සේ ලංකාද්වීපයේ වැසියන්ගේ ප්‍රාර්ථනාව මොකක්ද කියලා මෛත්‍රී බෝසතුන් අහපුවාම මලය හාමුදුරුවෝ කියනවා "මෛත්‍රී බෝසතාණන් වහන්ස, ඔබ වහන්සේ බුදුවන සමයෙහි ඒ බුදුන් දැක නිවන් දකිම්වා කියලා තමා සියල්ලෝම ප්‍රාර්ථනා කරන්නේ" කියලා.

ඒක අහපු මෛත්‍රී බෝසතුන් සන්තෝෂයට පත්වෙලා "මේ මහා භද්‍ර කල්පයේ පස්වෙනි ලොවුතුරා බුදුවරයා බවට පත්වෙලා සසර දුකින් පෙළෙන් සත්වයන් එතෙර කරමි" කියලා ප්‍රකාශ කරලා සිළුමිණි සෑය වන්දනා කරලා තමන්ගේ දිව්‍යමය පිරිසත් එක්ක තුසිත දෙව්ලොව බලා පිටත් වෙනවා. මලය හාමුදුරුවෝත් සෘද්ධි බලයෙන්ම කම්බෝජ ගමට වැඩම කරනවා.

සීහලවත්ථු කතාවෙන් මේ කතාව උපුටාගෙන කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේ සකස් කරපු මෛත්‍රී බුදු පියාණෝ කියන කෘතියෙන් තමා මේ කතාව උපුටා ගත්තේ.

කොහොම නමුත් අවසාන වශයෙන් කියන්න ඕනේ බුදුන් වහන්සේ දුටු පමණින් නිවන් අවබෝධ කරගන්න බැහැ කියන එකයි. 

බුද්ධ කාලීනව සිටිය වක්ඛලී කියන තරුණයා බුදුන් වහන්සේගේ අසිරිමත් බුද්ධකාය දැකලා හැමදාම බුදුන් වහන්සේ පිණ්ඩපාතය වඩින වෙලාවට පාරට වෙලා ඉන්න පටන් ගත්තා. ඊළඟට ඒකත් මදිවෙලා බුදුන් වහන්සේ වැඩ වසන ආරාමයේ පැවිදි වෙලා බුදුන් වහන්සේ දිහා බලන්න ඉන්න පටන් ගත්තා.


අවසානයේදී බුදුන් වහන්සේ වක්ඛලී හාමුදුරුවන්ට දේශනා කරනවා "කිං තෙ වක්ඛලි, ඉමිනා පූතිකායෙන දිට්ඨෙන? යො ඛො වක්ඛලී ධම්මං පස්සති සො මං පස්සති, යො මං පස්සති සෝ මං පස්සති" 

ඒ කියන්නේ "ඇයි වක්ඛලී මාගේ මේ කුණු සිරුර දිහා බලාගෙන ඉන්නේ. වක්ඛලී ධර්මය දකින්නා මා  [බුදුන්] දකියි. මා [බුදුන්] දකින්නා ධර්මය දකියි" කියලා

මේ අවවාදය අහපු වක්ඛලී හාමුදුරුවෝ බුදුන් වහන්සේ තමන්ට බැණ වැදුණා කියලා අතිශය කම්පා වෙලා ගිජ්ඣකූඨ පර්වතයට නගිනවා ඒක උඩින් පැනලා සිය දිවි නසාගන්න හිතලා. ගිජ්ඣකූඨය මුදුනින් බිමට පනින වක්ඛලී හාමුදුරුවන්ව බුදු හාමුදුරුවන්ගේ මහා කරුණා ඇසට හසුවෙලා උන්වහන්සේ සෘද්ධිමය බුදු රුවක් ඒ අසළ මවනවා.

 ගිජ්ඣකූඨය

ඒ අවස්ථාවේදී බිමට පතිත වෙමින් හිටිය වක්ඛලී හාමුදුරුවන්ට කතා කරන සෘද්ධිමය බුදු රුව "වක්ඛලී, මගේ අත ගන්න" කියලා ප්‍රකාශ කිරීමත් එක්ක බුද්ධාලම්භන ප්‍රීතියත් එක්කම වක්ඛලී හාමුදුරුවන්ගේ සිතේ ඇතිවන අධික ආකාරවතී ශ්‍රද්ධාවත් එක්කම උන්වහන්සේ උතුම් වූ රහත් බවට පත්වෙනවා.

අවසානයේදී තමන් වහන්සේගේ සෘද්ධිමය බලයෙන් වක්ඛලී හාමුදුරුවෝ බිමට වැඩම කරනවා.

ඉතින් ඒක නිසා බුදුන් වහන්සේ දුටු පමණින් ධර්මය අවබෝධ කරගන්න නොහැකි බවත් අපි වටහා ගන්න ඕනේ.

ප.ලි.: කැලණිය මානෙල්වත්ත විහාරයේ මේ දිනවල ප්‍රදර්ශනය කරපු කපිලවස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කරන්න යන්න කීප දෙනෙක්ම මට කතා කළත් ඇත්තම කිව්වොත් මට යන්න හිතුණේ නැහැ.

මිනිස්සු පොර කාගෙන තෙරපී ගෙන සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා කරන්න ගියත් සර්වඥයන් වහන්සේ දේශනා කරපු දේවල් ගාණකටවත් ගන්නවාද කියන එකයි මට අන්තිමට හිතුනේ.... 

අසාරෙ සාර මතිනො - සාරෙ චා සාර දස්සිනො
තෙ සාරං නාධි ගච්ඡන්ති - මිච්ඡා සංකප්ප ගොචරා

අසාරයෙහි සාරට යන දෘෂ්ටි ඇති, ශීලාදි සාරයෙහි අසාරය යන දෘෂ්ටි ඇති මිථ්‍යා සංකල්පය ගොදුරු කොට ඇති ඒ අඥාන ජනයෝ ශීලාදී සාරයට නොපැමිණෙති

150 comments:

  1. ඔබ හරි.. බුදුන් දැකීම යනුවෙන් අදහස් කරන්නේ ධර්මය දැකීමයි "යමෙක් ධර්මය දකීද හේ මා දකී කියා උන් වහන්සේ දේශනා කළා." බුදුන් දැක නිවන් දැනීම යනු ඇත්ත වශයෙන් නිවන් දැකීමට මයිත්‍රී බුදුන් බුදු වන තුරු සිටීම නෙවෙයි.. එහෙම ප්‍රාර්ථනා කිරීම බුදු දසුනට අනුකුල නැහැ .. ඒ මොකද එතන තියෙන්නේ නැවත නැවත ඉපදීමේ භව තණ්හාවයි..

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      මෙතන වෙලා තියෙන්නේ පොඩි කාලේ ඉදන්ම මතයක් ඔළුවට ඔබලා තියෙනවා බුදු කෙනෙකුන් ජීවමානව දැක්කාම නිවන් අවබෝධ කරගන්න පහසුයි කියලා. හාමුදුරුවරුන්ගේ පිං වාක්‍යය හැම එකේම වගේ තියෙන්නේ එහෙමනේ.

      "මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සමයේ ඉපිද එකම සද්ධර්ම මණ්ඩපයකදී බුදුන් දැක දහම් අවබෝධ කොටගෙන නිවන් අවබෝධ කරගන්න මේ පින් හේතුවේවා වාසනා වේවා" කියලනේ කියන්නේ... :)

      Delete
  2. හොඳම දේ තමයි තවමත් ගෞතම බුද්ධ ශාසනය, ධර්මය නිර්මල ව තියෙන මේ කාලයේ උත්සහ කරලා නිවන අවබෝධ කරගන්න එක. මොකද මෛත්‍රී බුදුන් කාලෙ අපි තිරිසනෙක් වත් වෙලා ඉපදුනොත් එහෙම මොනවා කරන්නද? ඒ නිසා හොඳ ම දේ තමයි මේ වෙලාවේඉ අප්‍රමාදී වෙන එක...

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      ඒක ඇත්ත අද අදම වීර්යය කරන එක වටිනවා. කිව්වත් වගේ මෛත්‍රී බුදුන් පහළ වෙන කාලයේදී අපි කොයි විදිහට කොයි දේශවල ඉදීද කියලා කවුද දන්නේ.....

      Delete
  3. අනේ මංදා තමන් දන්න තරමින්වත් ධර්මය පිලි පදින්නේ කීයෙන් කී දෙනාද කියන ඒක මේ රටේ...

    දැන් ධාතු වඩම්මවලා තියෙන්නේ මෙහේ. කැලණිය පන්සලට ගෙනියනවා කියල බොරු කියලා මානෙල්වත්ත විහාරයෙන් මෙහෙට ගෙනත් තියෙන්නේ(ලු)...

    ReplyDelete
    Replies
    1. @ රාමා

      බුදු බණ ඇහුවා නිරන්තරේ - ගතිගුණ අතින් අපි හැමදා වනන්තරේ කියන්නේ ඒක තමා...

      කැලණියට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කෙරෙව්වේ නැත්තේ එතනත් දේශපාලන කුමන්ත්‍රණයක් තිබුණා කියලා මම දැක්කා මොකක් හරි සයිට් එකක තියෙනවා...

      Delete
  4. අසාරේ සාරමථිනො - සාරේචා සාර දස්සිනෝ. දැන් අපේ බෞද්ධයන් හුගදෙනෙක් හිතාගෙන ඉන්නේ අසාරවත් දේවල් සාරවත් දේවල් විදියටනේ. මටත් දැන් සමහර දේවල් විහිළුවක් වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. @ Pradeep Gunarathna

      අවසානයට ඒ ධම්මපද ගාථාව එක් කරන්න මූලික හේතුව වුනු දේ වටහා ගත්තු එක ගැන සතුටුයි. බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේවල් මතක ඒ වගේම අනුගමනය කරන අය ඉන්නේ කීයෙන් කීදෙනාද ? ඒත් බෝධි පූජා කරන, පිංකම් කරන අය කොච්චර නම් ඉන්නවාද සෙනසුරාදාට පන්සලකට ගියාම...

      Delete
  5. මටත් හිතෙන්නේ අපිත් ඒකාලේ බුදුන් දකින්ට ඇති, බණත් අහන්ට ඇති ඒත් නිවන් දකින්ට වාසනාවක් අපිට තියෙන්ට නැතුව ඇති කියලා.

    අහලා නොතිබුණු කතාවක්. සිලුමිණි සෑය දැක්කාම හිතට නිකම්ම ප්‍රීතියක් දැනෙනවනේ. සන්තුතිස දිව්‍ය රාජයා දැක්කාම කොහොමට ඇතිද?

    හසිතගේ මේ ලිපිවලින් අපේ හිත්වල බුදුදහම ගැන භක්තියක් අලුතෙන්ම ඇතිවෙනවා.:)

    ReplyDelete
    Replies
    1. මෙන්න ප්ලේජරිසම්. ඔය කතාව රඹුකන සිද්ධාර්ථ සාදු ලියලා විට්ටර් අයියා කියපු සින්දුවක එන කෑල්ලක් නේ.

      බුදු හාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ
      නිවන් දකින්නට පින් මදිවෙන්නැති ඒකයි තවමත් සංසාරේ

      දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වඳින්නැති ඒ කාලේ
      නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තාමත් සංසාරේ

      අපිත් එක්ක සිටි අපේම යාළුවො නිවන් දකින්නැති ඒ කාලේ
      මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පිං පුරවමු අපි සංසාරේ

      Delete
    2. @ Podi Kumarihami

      සන්තුසිත දිව්‍යරාජයා එහෙමත් නැත්නම් මෛත්‍රී බෝසතුන් මේ කාලයේ දැක්ක අයත් ඉන්නවා. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ චරිතාපදානයේ කියන විදිහට උන්වහන්සේට මෛත්‍රී බෝසතුන් හමුවෙලා තියෙනවා. ඒ වගේමයි පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් රැසක් මෛත්‍රී බෝසතුන් දැකපු අය.

      බුදු දහම ගැන භක්තියක් ඇතිකරගන්නවා කියන එක නම් දහමට අනුව වැරදියි. බුදු දහම ගැන ශ්‍රද්ධාවක් ඒකත් ආකාරවතී ශ්‍රද්ධාවක් ඇතිකරගත යුතුයි. මේ වෑයම ඒ සඳහායි.

      ශ්‍රද්ධාවෙන් ප්‍රඥාව අවදි කරගන්න යොමු කරවීමට තමා මේ කතා ලියවෙන්නේ...

      Delete
    3. @ Kathandara Karaya

      විට්ටර් අයියාම නේද මේ සිංදුවෙනුත් ඒ කතාවම කියන්නේ ?

      "දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ - මා සිටියා නම්"

      Delete
    4. @ හසිත,

      'තෝ හිටියා නං කොරයි'

      මෙහෙම කියලා එක 'ස' එකක් නැවැත්තුවාත්ලු..

      Delete
  6. මෛත්‍රී බුදුන් ගේ පැමිණීමට දැන්ම ඉදන් සුදානම් වෙන එක හොදයි.. මම අහල තියෙන විදියට දැන් එතුමන් දෙවිලෝකෙක නාථ දෙවියන් විදියට ඉන්නේ..

    සිරිවර්ධන කියල මෛත්‍රී බුදුන් කෙනෙක් පහල වෙලා කියලා හසිත අහලා තියෙනවද ?

    ReplyDelete
    Replies
    1. @ චමී4යූ~chami4u

      මෛත්‍රී බුදුන්ගේ පැමිනීමට සූදානම් වෙනවා කියන එක දැක්කාම මතක් වුණේ.

      කතෝලිකයන් විශ්වාස කරනවා අනාගතයේදී නැවත වරක් ජේසුතුමා පැමිණිලා "අන්ත ක්‍රිස්තු" කියන කෙනාගෙන් ලෝකය ගලවා ගන්නවා කියලා. හින්දූන් විශ්වාස් කරනවා විෂ්ණුගේ දසවෙනි අවතාරය වෙන "කල්කි" පැමිණිලා අධර්මිෂ්ටයන් විනාශ කරලා නැවතත් ධර්මය ස්ථාපනය කරනවා කියලා.

      ඒ නිසාම මම හිතන්නේ මෛත්‍රී බුදුන් පහළ වෙනකම් ඉන්නේ නැතුවම අද අදම වීර්යය කරලා නිවන අවබෝධ කරගන්න කටයුතු කරන එක හොඳයි කියලා.

      මෛත්‍රී බෝසතුන් නාථ දෙවියන් ලෙස ඉන්නවා කියන එකත් මතභේදාත්මක කතාවක්.

      ඒ ගැන පර්යේෂණයක් කරපු ජෝන් ක්ලිෆර්ඩ් හෝල්ට්ගේ මකුට මුනිධාරී අවලෝකිතේශ්වර නාථ ලංකා පුරාණය කියන ග්‍රන්ථයේ කියවෙන විදිහට මහායානිකයන්ගේ ප්‍රධානම බෝධිසත්වරයෙක් වෙන අවලෝකිතේශ්වර බෝසතුන් තමා නාථ නමින් ලංකාවේ ප්‍රකට වෙන්නේ. නාථ කියන්නේත් ඒ නිසා මතු බුදුවන බෝසත්වරයෙක් කියලයි පිළිගන්නේ.

      නාථ සහ මෛත්‍රී කියන්නේ දෙදෙනෙක් බව පැහැදිලිවම පේන්නේ දඹුළු විහාරයේ නාථ දේව ප්‍රතිමාවක් වෙනමත් මෛත්‍රී බෝසත් ප්‍රතිමාවක් වෙනමත් තියෙන නිසා.

      හෝල්ට් මහතා දක්වන්නේ 19 වන සියවසේදී පමණ මෛත්‍රී බෝසතුන් සහ නාථ දෙවියන් එක් අයෙක් විදිහට සළකන්න පටන් ගන්න ඇති කියලා. මොකද දෙන්නාම මතු බුදුවන අය නිසා....

      ගාල්ලේ සිරිවර්ධන අන්කල් කියලා කෙනෙක් තමන් මෛත්‍රී බුදුන් කියලා හඳුන්වමින් කරපු මගඩිය ගැන ෆේස්බුක් වගේම ගොසිප් සයිස්ට්වලින් ගොඩක් දේවල් දැනගත්තා. පස්සේ ඒ ස්ථානය වැටලුවාට පස්සේ සිරිවර්ධන භාවිතා කරපු මැණික් පුටුවක් ගැනත් විස්තර කියෙව්වා...

      කොහොම නමුත් එයාගේ අනුගාමිකයෝ කියන්නේ නම් එයා කිසිම අවස්ථාවක තමන් මෛත්‍රී බුදුන් කියලා හඳුන්වා ගත්තේ නැහැ කියලා

      Delete
  7. මම මලය තෙරුන්ගේ කතාවනම් අහලා ති​බුනේ නෑ.... ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. @ prasanna86k

      තව අහපු නැති කතා ඉදිරියේදී :D

      Delete
  8. ආයේ ආයේ කියන්ඩ ඕනැන්නේ නෑනේ... මේ කතාවත් අහලා නෑ මම් !

    ReplyDelete
    Replies
    1. @ මධුරංග

      ඒක හොඳයි අයියා. ආයේ ආයේ කියන්න දෙයක් නැහැ :)

      Delete
  9. කලින් අහල තිබ්බ නැති කථාවක්......... ස්තුතී

    ReplyDelete
    Replies
    1. @ දිනෙල්ක

      තව හොඳ හොඳ අහපු නැති කතා නම් කොච්චර ඇත්ද ?

      Delete
  10. නිවැරදි දහම ගැන වැදගත් ලිපියක්...

    ReplyDelete
  11. අසාරෙ සාර මතිනො - සාරෙ චා සාර දස්සිනො
    තෙ සාරං නාධි ගච්ඡන්ති - මිච්ඡා සංකප්ප ගොචරා

    ReplyDelete
    Replies
    1. @ Prabhath Darshana

      මේකේ අනිත් ගාථාවත් වැදගත් මචං

      සාරං ච සාරතො ඤත්වා - අසාරං ච අසාරතො
      තෙ සාරං අධි ගච්ඡන්ති - සම්මා සංකප්ප ගොචරා

      Delete
  12. මගේ කමෙන්ට් එක නෑනෙ..

    ReplyDelete
    Replies
    1. @ හරී

      spam වෙලාවත්ද කියලා මම බැලුවා. එහෙම වෙලාත් නැහැ. ආයි ඒ කමෙන්ට් එකක් දාන්න අයියා....

      Delete
    2. කියපුවා මතකත් නෑ.. මම කෙටියෙන් දාන්නම්..

      බෝසත් කෙනෙක් කලින් ඉඳලාම දන්නවාද තමුන් අනාගතේ බුදුවෙන බව? මම දන්නා තරමින් තමුන් බුදුවෙන බව සිදුහත් කුමරා වුනත් දැනසිටියේ නෑනෙ..

      ලංකාවෙ මැති ඇමතිවරුත් අනාගතේ ඔය විදිහට එයි නේද සිළුමිණි සෑය වඳින්න..

      කාම්බෝජෙ කියන්නෙ කොහෙද?

      Delete
    3. @ හරී

      මම හිතන විදිහට නම් බෝසතාණන් වහන්සේ කෙනෙක් තමන් ඉපදුණාම තමන් බුදුවෙන්න පාරමී ධර්ම පුරන කෙනෙක් කියලා නියත වශයෙන්ම දැනගන්නවා බුදුවරයෙක් හමුවේ ලබාගන්න නියත විවරණයකින්.

      ඒ හැරෙන්න ඉපදුණු සෑම භවයකදීම කුඩා කාලයේ ඉදන්ම වැටහීමක් ඇතියි කියලා හිතෙන්නේ නම් නැහැ. ඒත් ගුණ ධර්ම අතින් ඉහළ මට්ටමක ඔවුන් ඉන්නවා විය යුතුයු.

      සිදුහත් කුමාරයාට නම් තබන්න බමුණන් ආපු වෙලාවේත් සුද්ධෝදන රජතුමාගේ ගුරුවරයා කුමාරයාව දකින්න ආපු වෙලාවේත් කුමාරයා බුදුවෙන බව කියලා තිබුණු නිසා සිදුහත් කුමාරයා තමන් බුදුවෙන බව දැනගෙන ඉන්න ඕනේ..

      ලංකාවේ මැති ඇමතිවරුන් දිව්‍ය ලෝකයේ යයිද කියලා තමා සැක :D

      කාම්බෝජ ග්‍රාමය ලංකාවේ රෝහණ ජනපදයේ තිබුණා කියලා තමා සීහලවත්ථුවේ තියෙන්නේ..

      Delete
    4. එහෙමද? මම අහලා තිබුන විදිහට සිදුහත් කුමාරයා බුදුවන බවට කියූ අනාවැකියෙන් බියවුන පිය රජතුමා එතුමාට උපරිම සැප සම්පත් දුන්නලු.. කොච්චර සැපෙන් හිටියද කියනවා නම් නාකිවෙනවා, ලෙඩවෙනවා, මැරෙනවා කියලාවත් දැනහිටියෙ නෑලු..

      ස්තුතියි හසිත උත්තරවලට.. මහායාන අය විශ්වාස කරන්නෙ අපි හැමෝම කවදාහරි බුදුවෙනවා කියලා නේද?

      මහායාන නිකාය ගැන විස්තර සහිත ලිපියක් ලියන්න බැරිද? මම දන්න ගොඩක් බෞද්ධ අයත් තේරවාද මහායාන වෙනස දන්නේ නෑනෙ..

      Delete
    5. @ හරී

      ඔව් ඔව්. ඒත් ඒක හංගාගෙන ඉන්න සුද්ධෝදන රජතුමාට බැරිවෙනවා. ඕක රහසක් විදිහට තිබුණාද කියන එකත් සැක සහිතයි. සතර පෙර නිමිති දැකීමෙන් කුමාරයාට ගිහි ගෙය කළකිරෙන බව අහපු රජතුමා මහල්ලෙක්, ලෙඩෙක්, මළ කඳක්, පැවිදි රූපයක් කියන ඒවා පවා කුමාරයාට පේන්න දුන්නේ නැහැ.

      ඒත් අවසානයේදී දෙවිවරු මේවා මවලා පෙන්නපු බව බෞද්ධ සාහිත්‍යයේ කියවෙනවා...

      මහායාන අය විශ්වාස කරන්නේ නිවන් අවබෝධ කරගන්න නම් බුද්ධත්වයම ලබන්න ඕනේ කියලා. ඒත් ථේරවාදී අය තුන්තරා බෝධිය ඒ කියන්නේ බුදු, පසේ බුදු, මහ රහත් කියන තුන් ආකාරයෙන්ම නිවන් අවබෝධ කරගන්න පුලුවන් කියන එක විශ්වාස කරනවා...

      මහායානය කියන කොටස තුළත් නිකායන් ගණනාවක්ම තියෙනවා. මහායානය සහ ථේරවාදය අතර තියෙන වෙනස ගැන සරලව ලිපියක් නම් ලියන්න පුලුවන් වේවි.

      ඒත් ඒකේ වෙනස බොහොම සංකීර්ණ මාතෘකා ඔස්සේ කතා කෙරෙනවා. ඒකට හේතුව තමා බොහොම උගත්, දක්ෂ ගුරුවරු මේ දෙපාර්ශවයේම හිටිය නිසා....

      Delete
    6. ස්තුතියි හසිත.. ඔන්න මම ඉල්ලපු ලිපි තුනක්ම තියෙනවා..

      1. උපසම්පදා චාරිත්‍ර
      2. දේවත්වයට පත්කිරීම
      3. ථෙරවාද හා මහායාන

      ලියන්න පුලුවන් වෙයි නේද? :)

      Delete
    7. @ හරී

      1. උපසම්පදා චාරිත්‍ර ගැන ලිපිය ලියන්න රේරුකානේ චන්දවිමල හිමියන්ගේ "උපසම්පදා ශීලය" කෘතිය ගෙනවිත් තියෙන්නේ. මේ දවස්වල ඒක කියවමින් ඉන්නේ. ඒක නිසා ඒ ලිපිය ඉදිරි සතියක ලියවේවි.

      2. දේවත්වයට පත් කිරීම ගැන ලිපියේ භාගයක් පමණ ලියවිලා තියෙන්නේ. මේ ඉරිදාට ඒක පළ කරන්න පුලුවන් වේවි. හැබැයි ඒකෙන් වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ ඓතිහාසික කතාවකට....

      3. ඒ ගැනත් සොයන්න කටයුතු කරන්නම්....

      Delete
    8. බොහොම ස්තුතියි! බොහොම පින්..

      Delete
  13. එච්චර විශ්වාසයක් නැති නිසා අදහස් දැක්වීමෙන් වැලකී සිටිමි

    ReplyDelete
    Replies
    1. @ දිනුක

      විශ්වාසයක් නැත්තේ පළවෙනි කතාව ගැනද දෙවෙනි කතාව ගැනද ?

      Delete
  14. මමත් ඉතින් අදමයි ඇහුවේ....

    අපේ පැත්තේ තියනවා ඔය සිළුමිණ සෑයේ අනුරුවක්. ඒ මනුස්සයගේ තාත්තා ඇවිල්ලා හදන හැටි කිව්වලු. ඉස්සර මාර ප්‍රසිද්ධියක් ලැබුණා ඒකට.

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. @ අඩවි රජ

      රජා කියන සිළුමිණි සෑය ගැනම වෙන්න ඕනේ ගලායන ජීවිතය blog එක ලියන නදී අක්කාත් කියලා තියෙන්නේ.

      සිළුමිණි සෑය වැන්දෙමි

      කුරුණෑගල දිස්ත්‍රික්කයේ හොරම්බාව පැත්තේද මේ පන්සල තියෙන්නේ ??

      Delete
  15. හැමදාමාත් වගේ හසිතගෙන් හරවත් කථාවක්.. එකක් නෙවෙයි දෙකක්ම දීලා..

    ReplyDelete
    Replies
    1. @ Mee Godayaa

      මුල් එකටත් වඩා වැඩි ලකුණු හම්බවෙන්නේ දෙවෙනි කතාවට

      Delete
  16. බොහොම රසයි .. :)
    සාධු සාධු මාත් අනුමෝදන් උනා ...
    සුළුගුළු උපාසක මහත්තයාගේ කතාවට ටිකක් සමානයි වගේ ...

    ReplyDelete
    Replies
    1. @ Tiraj Adikari

      ඔව් අයියා. ඒ කතාවට හුඟක් සමානයි.

      Delete
  17. මං හිතන් හිටියේ මෙතේ බුදුන් වෙන්නේ සමන් දෙයියෝ කියලනේ. තව කෙනෙක් කියුවා නාථ දෙයියෝ ය කියලා!

    ReplyDelete
    Replies
    1. @ Kathandara Karaya

      සුමන සමන් සහ මෛත්‍රී බෝසතුන් කියන්නේ පැහැදිලිවම දෙන්නෙක්. සුමන සමන් දේව සංකල්පය ඇතිවුණු හැටි ගැන මත කීපයක් දැකගන්න පුලුවන්. ඒවා මෙහෙමයි.

      කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රික නායකයෙක් වුණු සුමන සමන් පසුව දේවත්වයට පත්වුණා කියන එක.

      සුමන සමන් යනු යම බව දක්වන මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ මතය.

      රාමායණයේ එන රාමගේ සොයුරු ලක්ෂ්මණ කුමරු සුමන සමන් ලෙස වන්දනාවට පාත්‍ර වුනා කියන අදහස.

      මහායන පිළිගැනීම්වල දක්වන ධ්‍යානි බෝසත්වරු [මහාස්ථාම ප්‍රාප්ත ඒත් නැත්නම් ත්‍රෛලෝක්‍යවිජයී] අටදෙනාගෙන් එක් අයෙක් වෙන සමන්ත භද්‍ර බෝධිසත්වයින් සුමන සමන් දෙවියන් වූ බව.

      නාථ සහ මෛත්‍රී මුල් කාලයේ දෙන්නෙක් විදිහට සැලකුවත් පසුකාලීනව එක් අයෙකු බවට පත්වෙලා තියෙනවා. මේ තියෙන්නේ චමීට මම ඒ ගැන කරපු පැහැදිලි කිරීම.

      "...මෛත්‍රී බෝසතුන් නාථ දෙවියන් ලෙස ඉන්නවා කියන එකත් මතභේදාත්මක කතාවක්.

      ඒ ගැන පර්යේෂණයක් කරපු ජෝන් ක්ලිෆර්ඩ් හෝල්ට්ගේ මකුට මුනිධාරී අවලෝකිතේශ්වර නාථ ලංකා පුරාණය කියන ග්‍රන්ථයේ කියවෙන විදිහට මහායානිකයන්ගේ ප්‍රධානම බෝධිසත්වරයෙක් වෙන අවලෝකිතේශ්වර බෝසතුන් තමා නාථ නමින් ලංකාවේ ප්‍රකට වෙන්නේ. නාථ කියන්නේත් ඒ නිසා මතු බුදුවන බෝසත්වරයෙක් කියලයි පිළිගන්නේ.

      නාථ සහ මෛත්‍රී කියන්නේ දෙදෙනෙක් බව පැහැදිලිවම පේන්නේ දඹුළු විහාරයේ නාථ දේව ප්‍රතිමාවක් වෙනමත් මෛත්‍රී බෝසත් ප්‍රතිමාවක් වෙනමත් තියෙන නිසා.

      හෝල්ට් මහතා දක්වන්නේ 19 වන සියවසේදී පමණ මෛත්‍රී බෝසතුන් සහ නාථ දෙවියන් එක් අයෙක් විදිහට සළකන්න පටන් ගන්න ඇති කියලා. මොකද දෙන්නාම මතු බුදුවන අය නිසා...."

      Delete
    2. සමන් දෙවියෝ භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අහල සෝතාපන්න උණා කියල නෙව අපි අහල තියෙන්නේ. ඉතින් උන්නාන්සේ ගෞතම බුද්ධ ශාසනයේ සෝතාපන්න ශ්‍රාවකයෙක්. සෝතාපන්න උත්තමයෝ බුදුබව පතන්නේ නැහැ නෙව. සුමේධ තාපසතුමත් එදා දීපංකර පාද මූලයේ සෝතාපන්න උනේ නැත්තෙ බුදුබව ලබන්න තිබ්බ අධිෂ්ඨානය නිසා නෙව

      Delete
    3. @ rvajee

      මාර්ග ඵල ලැබීමේ හැකියාව තියෙන එක බෝසත්වරයෙක් නියත විවරණය පළමු වරට ලබද්දී තියෙන්න ඕනේ සුදුසුකමක්. සුමේධ තාපසතුමා මතු බුදුවෙන්න පාරමිතා පුරන නිසායි දීපංකර බුදු හාමුදුරුවෝත් දහම් දේශනා කරන්නේ නැත්තේ...

      Delete
    4. ඔයා හරි මල්ලි. මම කිව්වෙත් සුමන සමන් දෙවියෝ මේ වෙනකොටත් සෝතාපන්න ශ්‍රාවකයෙක් නම් උන්වහන්සේ බුද්ධත්වය ලබන්න පෙරුම් පුරන කෙනෙක් වෙන්න බැහැයි කියල.
      ඒ විදියේ අධිෂ්ටනයක් තියනවනම් ඔයා කිව්වා වගේ බුදු රජාණන් වහන්සේ කරන දේශනා වලින් බෝසතාණන් වහන්සේ නමක් සෝතාපන්න වෙන්නේ නැහැ. හැබැයි පාරමිත පුරන කාලයේ බෝසත්වරු කවදාවත් නිරයේ උපදින්නේ නැහැ. මේ ගැන විස්තරයක් ඔයාගේ කලින් පොස්ට් එකක කියෙව්වා වගේ මතකයි.

      Delete
    5. @ rvajee

      බෝසත් සමයේ කුමාරයෙක් වෙලා ඉපදිලා මිනිසුන්ට හානි කළා කියන කතාවත් එක්ක තමා බෝසත්වරුන් ගැන කතාව කතා කෙරුනේ. ඒකෙදිත් ගොඩක් විස්තර එකතුවුණා.

      ඒ වගේමයි කලින් පෝස්ට් එකකට ආපු ප්‍රශ්නයක් තමා මේක. මේකට පිළිතුරක් මටත් තමා හොයාගන්න වුනේ නැහැ. ප්‍රශ්නය තමා "සෝතාපන්න කෙනෙක්ට බුද්ධත්වය ප්‍රාර්ථනා කරන්න බැරිද" කියන එක. මේ ගැන මොකුත් ඔයා දන්නවාද ?

      Delete
    6. බෝසතුන් වහන්සේ මුසාවාදය හැරෙන්න අනිත් අකුසලකර්ම බෝසත් අවදියේදී කරා කියල මම අහල තියනවා. එහෙම කියල තිබ්බේ මුසාවාදය කියන අකුසලයේ බරපතල කම කියා දෙන්න. විශේෂයෙන් පරදාර සේවනය කරපු අවස්ථාවල යශෝධරාව ඒ අවස්ථාවට මුහුණ දුන් ආකාරයත් තැන තැන කියවල තිබුනට හරියටම ජාතක දේශනාවල් නම් මතක නැහැ. බෝසත් කෙනෙක්ගේ ආශ්චර්ය තමයි මාර්ගපල ලබන්න වාසනාව තිබ්බත් බුද්ධත්වය ලබන අවස්ථාවේම මාර්ගපල සියල්ලටම පත්වීම කියල අහල තියනව. එත් මේ කරුණ මට වගකීමෙන් කියන්න සාධක නැහැ. හොයල බලල උත්තරය දෙන්නම්.
      මම සෝමාවතී වන්දනාවේ ගිහින් ආවේ ඊයේ කරගත්තු සියලු පින් ඔයාල හැමෝටම අනුමොදන්කරනවා.

      Delete
    7. @ rvajee

      බුද්ධත්වය ලබන අවස්ථාවේ ක්‍රමයෙන් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් තත්වවලට පත්වෙමින් අවසානයේදී බුද්ධත්වය ලබන බව තමා මාත් අහලා තියෙන්නේ...

      සෝමාවතී වන්දනාව ගැන සන්තෝෂයි. ඔබේ පිනත් අනුමෝදන් කරගන්නවා :)

      Delete
  18. හ්ම්ම්..හොඳ ලිපියක අයියේ.. ඒත් සමහර අපේ මිනිස්සු කරන වැඩ වලට හිනා යනවා.. මම දන්න අය ඉන්නවා එයලා සරණ යන්නේ මෛත්‍රී බුදුන්ගේලු.. ගෞතම බුදුන් නෙවෙයිලු..ධර්මය ගැන මෙලෝ අවබොධයක් නැ..

    ReplyDelete
    Replies
    1. @ Red Riding Hood

      ඒක මේ විදිහට ගන්නත් පුලුවන්.

      ඉතිපි සෝ ගාථාව කියලා ඊට පස්සේ "බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි" කියල ගාථාවක් කියනවනේ. ඒ ගාථාවේදී අතීතයේ පහළ වුණු සියලු බුදුවරුන්ටත් අනාගතයේ පහළ වන සියලුම බුදුවරුන්ටත් නමස්කාර කරනවා. ඒ වගේමයි බුදුන් සරණ හැර අන් සරණක් නැති බව කියනවා...

      …ඒත් මේ විදිහට ගෞත්ම බුදුන් ප්‍රතික්ෂේප කරලා අනාගතයේ බුදුවන්ට නියමිත මෛත්‍රී බුදුන් සරණ යාම නම් විහිළුවක්

      Delete
  19. බුදුන් දැකීම යනුවෙන් අදහස් කරන්නේ ධර්මය දැකීමයි "යමෙක් ධර්මය දකීද හේ මා දකී කියා උන් වහන්සේ දේශනා කළා."

    ReplyDelete
    Replies
    1. @ පිසාචයා

      මේ ප්‍රකාශය බුදුන් වහන්සේ දේශනා කරන්න මුල්වුණු වක්ඛලී හාමුදුරුවන්ගේ කතා පුවතත් මේ සටහනේ අවසානයට එක් කළේ ඒක නිසාම thamaa

      Delete
  20. මේ සටහනේ "මලිය" රහතන්වහන්සේ කියන්නේ මලියදේව මහ රහතන් වහන්සේටමද? මොකද මලියදේව මහරහතන්වහන්සේ ගිහියෙකුත් එක්ක තව්තිසා දිළුයලෝකයට වැඩම කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවානේ.

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      මේ කතාව සඳහන් වන්නේ සීහලවත්ථුව කියන කෘතියේ. මලිය හාමුදුරුවෝ කියන්නේ රහතන් වහන්සේ නමක් නෙමේ. මලියදේව මහරහතන් වහන්සේ සහ සුළුගුළු උපාසක සිළුමිණි සෑය වන්දනා කළ කතාව තිබෙන්නේ සද්ධර්මාලංකාරය කෘතියේ...

      ඒ කතාවත් මීට කලින් වතාවක මම ලිව්වා. මෙන්න ඒකට යන පාර

      පණ පිටින් දෙව් ලොව ගිය මනුස්සයෙක්

      Delete
  21. සර්වඥ ධාතු ප්‍රදර්ශනය මේ දිනවල පැල්මඩුල්ලේ පැවැත්වෙනව. මටත් කීප දෙනෙක් කතා කලා. මමත් ගියේ නෑ. යාලුවෙකුට අත වනාගෙන යනව වගේ සර්වඥ ධාතුන් වහන්සේලා දිහා බලාගෙන ගිහින් තේරුමක් නෑ කියල හිතුනා.
    …මෛත්‍රී බුදුන් සමයේ හෝ නිවන් දකින්න නම් දැන් ඉඳලම පන්සිල් පද පහ වත් රකින්න උත්සාහ කරන්න ඕන අපි. නැද්ද මල්ලි..

    …විස්තරයට පින්..



    ReplyDelete
    Replies
    1. @ Chandana

      මම මේ කතාව උපුටා ගත්තු කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන්ගේ මෛත්‍රී බුදුපියාණෝ කෘතියේ දක්වනවා මෙතේ බුදුන් දකින්නෝ සහ නොදකින්නෝ කියලා විස්තරයන් දෙකක්.

      ඒකට අනුව නම් අද කාලේ ඉන්න හුඟක් දෙනාට මෛත්‍රී බුදුන් දකින්න බැරිවේවි. ඒ ලේඛනයෙන් කීපයක් විතරක් දක්වන්නම්කෝ...

      මව්පියන් මැරූ අය, සංඝ භේදය කළ අය, දාගැබ්, පිළිම වැනසූවන්, රන් රිදී බුදු පිළිම සොරකම් කළ අය, සඟ සතු දේ ගසා කෑවුන්, සිල්වත් උතුමන්ට බොරු චෝදනා කළවුන්, මහජන සන්තක දේ අයථා ලෙස පරිහරණය කළවුන්, හොර ජාවාරම්කරුවෝ, අවි ආයුධ තැනූවන්, අධික මිලට වෙලෙඳාම් කළ අය, රට වැසියාට හිංසා පීඩා කළ පාලකයන්

      Delete
    2. දුවන මුවන් දැක නොදමවූ නෙලූ පලා...
      ගෞතම බුද්ධ ශාසනය තවමත් පවතින මේ කලේ මොන එකකටද දුක් විද විද මෛත්‍රී බුදු ශාසනය හොයාගෙන යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කලේ අප්‍රමාදී වෙන්න කියල නෙවද අපිට.

      Delete
  22. 01. මම හිතාගෙන හිටියේ අපේ බුදුරජානන් වහන්සේයි තුසිත දෙව්ලොව සංතුසිත දිව්‍ය රාජයා වෙලා බුදුවෙන්න බලාගෙන හිටියෙ කියලා!?

    02. මෛත්‍රී බෝසතාණන් වහන්සේ හා පිරිවර මේ බද්‍රකල්පය කෙලවර බුද්ධෝත්පත්තිය ලබනකල් හා අවශෙෂ අය‍ මෛත්‍රී බුද්ධ මූලයේ තනතුරු ආදිය ලබා ගන්නතුරු සිටින්නෙ දිව්‍යලෝකයේද, නැතිනම් අනෙක් ලෝක වල උත්තපත්තිය ලබමින් කල් ගෙවනවද?

    03. අපේ බුදු පියාණන්ගෙන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ නියත විවරණය ලබා ගත්තේ කොහේදිද? ඒගැන බොහෝ අය දන්නෙ නෑ.

    04. අර කපිල වස්තු පුර ධාතුන් වහන්සේ‍ලා ගැන අන්තිමට ගිය දොරමඩලාව වැඩසටහනේ කතා කලේ ගයාන් චානුක විදානපතිරණ හසිතගේ යාලුවෙක් ද? අර පොත් රචනා කරලා තියෙන්නෙ එයා නේද? කතාව නම් පංකාදු පහයි.

    05. මේ ප්‍රස්ණ වලට පිලිතුරු සපයා දෙන්නෙ කවදාද?

    ස්තුතියි වෙනදා වගේම හසිත තොරතුරු වලට. මම දැනගෙන හිටියේ සුලගුලු උපාසක ගැන විතරයි.

    ReplyDelete
    Replies
    1. @ බුද්ධි

      මුලින්ම ප්‍රශ්න අංක 5 ට පිළිතුරු දෙන්නම්. ඔබේ ප්‍රශ්නවල පිළිතුරු අදම සපයා දෙන්නෙමි :D

      01. අපේ බෝසතාණන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකයේ උපත ලබා සිටියදී හඳුන්වන්නේ සන්තුසිත දිව්‍ය රාජයා නමින්. ඒක හැම බෝසත් කෙනෙකුන්ම බුදුවන්නට පෙර තුසිත දිව්‍ය ලෝකයේ උපත ලබන විට යෙදෙන නමක්.

      02. ඒක නම් හරියටම කියන්න අමාරුයි. සමහරු දිව්‍ය ලෝකවලත් තවත් සමහරු මිනිස් ලොවත් සිටිනවා විය යුතුයි.

      03. බුදුන් වහන්සේ 7 වෙනි වස් කාලයේ මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන්ට අභිධර්ම පිටකය දේශනා කරලා අවසානයේදී සංකස්ස පුරයට වැඩම කරනවානේ. අන්න ඒ අවස්ථාවේදී දැකපු ප්‍රාතිහාර්ය ගැන පැහැදුණු සංකස්ස පුරයේ සිරිවර්ධන කියන සිටුතුමාගේ පුතා තමන්ගේ පිරිසත් එක්ක පැවිදි වෙනවා. උන්වහන්සේව හඳුන්වන්නේ "ආර්ය මෛත්‍රී" කියන නමෙන්.

      ඊට පස්සේ දවසක ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ වටිනා වස්ත්‍ර යුගලක් අරගෙන ඇවිත් බුදුන් වහන්සේ වැඩ සිටිය ගන්ධ කුටියේ වියනක් ආකාරයට සකස් කරලා බුදුන් වහන්සේ ඉදිරියේ අනිමිස ලෝචන පූජාවක් කළාට පස්සේ බුදුන් වහන්සේ මහා සංඝයා ඉදිරියේ මෛත්‍රී බෝසතුන්ට නියත විවරණ ලබා දෙනවා....

      04. ගයාන් චානුක විදානපතිරණ මගේ යාළුවෙක් නම් නෙමේ. ඒත් එයාගේ අසූ මහා ශ්‍රාවක පොත් පෙළෙන් කීපයක්ම මම කියෙව්වා. ඒවායින් තමා මම කලින් කතා කීපයක්ම කිව්වේ. ඒ වැඩසටහන බලන්න ඕනේ... ස්තුතියි අයියා....

      Delete
    2. @ හසිත,

      ඒ කියන්නෙ දෙවිවරු කාලෙන් කාලෙට ට්‍රාන්සර් වෙනවද?

      හසිත කියන දෙයින් මට හිතෙන්නෙ අද ඉන්න කතරගම දෙයියෝ කියන්නෙ කලින් හිටි කතරගම දෙයියෝ නෙමෙයි වෙනත් කෙනෙක් කියලා.. අද ඉන්න සක්‍රයා නෙමෙයි එදා හිටියෙ වගේ එකක්..

      එහෙම නම් ජීවිත කතාව සමාන වෙන්නේ කොහොමද? මේ ගැන හිතුවාම රට පැටලෙනවා...

      Delete
    3. @ හරී

      දෙවිවරුන්ට සදාකාලිකවම දිව්‍ය ලෝකයේ ඉන්න බැහැ. එයාලගේ පින් ඉවර වුණාම දිව්‍ය ලෝකයෙන් චුත වෙලා වෙනත් භවයක ඔවුන් උපදිනවා.

      දෙවිවරුන් කාලෙන් කාලෙට ට්‍රාන්සර් වෙනවාද කියන එක ගැන බැලුවොත් හැමදාම එකම සන්තුසිත දෙවියෙක් ඉන්න විදිහක් නැහැනේ.

      උදාහරණයක් විදිහට අපේ බෝසතාණෝ අවසන් වරට මිනිස් භවයක් ලබපු කාශ්‍යප බුදුන් සමයේ ජෝතිපාල කියන හාමුදුරුවන්ගේ ජීවිතය නිමාවුණාට පස්සේ බෝසතාණෝ සන්තුසිත නමින් තුසිත දිව්‍ය ලෝකයේ උපදිනවා.

      පස්සේ සිදුහත් විදිහට නැවත මිනිස් ලෝකයේ ඉපදීමත් එක්ක සන්තුසිත කියලා දෙවි කෙනෙක් තුසිත දිව්‍ය ලෝකයට නැතිවෙනවා.

      ආර්ය මෛත්‍රී නමින් පැවිදි වුණු මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුන්ගෙන් නියත විවරණ අරගෙන තමන්ගේ ජීවිත කාලය නිමා කරලා තුසිත දිව්‍ය ලෝකයේ ඉපදිලා සන්තුසිත දිව්‍ය රාජයා නමින් මේ වෙද්දී වැඩ ඉන්නවා...

      ශක්‍රයා ගැන කතා කළොත් ශක්‍රයා කියන කෙනත් සදාකාලික නැහැ. ඒක තනතුරක් විතරයි. මට මතක විදිහට බෝසතාණන් වහන්සේත් ශක්‍ර පදවියේ ඉදලා තියෙනවා. ආනන්ද හාමුදුරුවෝ කලින් භවයන්වල ශක්‍රයා විදිහට ඉපදිලා තියෙනවා.

      මේ ශක්‍ර දේවේන්ද්‍රයාත් සෝවාන් වුණු අයෙක් නිසා තව කාලයකින් ඔහුත් නිර්වාණයට යෑමත් එක්ක ශක්‍ර පදවිය ලබන්න පින් කරපු අයෙක් ඒ පදවියට පත් වෙනවා...

      කතරගම දෙවියන් සහ විෂ්ණු දෙවියන් වගේ සංකල්ප ගත්තොත් බෞද්ධ දේව සංකල්පයත් එක්ක ගැටෙන තැන් තියෙනවා.

      ඒත් ඒක සරලවම මෙහෙම විසඳගන්න පුලුවන්. දෙවියන් දිව්‍ය ලෝකයෙන් චුත වෙන්නේ පින් ඉවර වුණාම. ඒත් තවමත් හැමදාම විෂ්ණු කතරගම වගේ දෙවිවරුන්ට මිනිස්සු පින් අනුමෝදන් කරනවා. ඒ නිසා ඒ දෙවිවරුන්ගේ පින් අඩුවීමක් වෙන්නේ නැහැ...

      "එහෙම නම් ජීවිත කතාව සමාන වෙන්නේ කොහොමද? මේ ගැන හිතුවාම රට පැටලෙනවා..."

      මේක නම් තේරුණේ නැහැ ඕන්.....

      Delete
    4. හරි,
      සක්‍ර දේවෙන්ද්‍ර කියන්නෙ පට්ටමක්. කතරගම කියන්නෙ දෙවියන් හඳුන්වන නම. බලමු හසිත තුමා මොනවද කියන්නෙ කියලා?
      .................

      හසිත,
      නියත විවරණය ගැන කියා දුන්නට ගොඩක් පින් හසිතට. දොරමඩලාවෙ නැවත විකාශය සෙනසුරාදා බලන්න. ලේඛණය වගේ ම තමා කථිකත්වයත්. මාර ආකර්ශණීයයි.

      Delete
    5. @ හසිත,

      හසිතගේ පැහැදිලි කිරීමත් එක්ක මට හිතෙන්නෙ එක එක නම්වල දෙවියන් කියන්නෙ තනතුරු මිසක් ඒ ඒ දෙවියන්ගේ නම් නෙවෙයි.. පින් බලය අනුව කාලෙන් කාලෙට මාරුවෙනවා..

      "එහෙම නම් ජීවිත කතාව සමාන වෙන්නේ කොහොමද? මේ ගැන හිතුවාම රට පැටලෙනවා..."

      පත්තිනි දේවිය, සමන් දෙවියෝ, ගම්භාර දෙවියො වගේ දෙවිවරු ඉන්නවනෙ.. ඔය එක එක දෙවියන්ට අදාළ ජීවිත කතාවක් තියෙනවානෙ.. උදාහරණ වශයෙන් කිව්වොත් පත්තිනි දේවිය අඹගෙඩියකින් ඉපදුණා.. ඊටපස්සෙ ජීවත්වුනේ මෙහෙමයි ආදී කතා තියෙනවනෙ.. එතකොට දෙවිකම කියන්නෙ තනතුරක් වගේ නම් වර්තමානයේ තනතුරේ ඉන්න කෙනාට අර පරණ කතන්දරය අදාළ වෙන්නෙ කොහොමද? කෙටියෙන් කිව්වොත් දැන් ඉන්න පත්තිනි දේවියට පරණ ජීවිත කතාව අදාළ වෙන්නේ කොහොමද?

      Delete
    6. @ හරී

      අයියෝ අයියෝ පටලාගන්න එපා. බෞද්ධ දේව සංකල්පයයි, ඔය ජනප්‍රිය දේව සංකල්පයයි දෙකක්.

      ශක්‍ර දෙවියෝ, සන්තුසිත දෙවියෝ කියන්නේ තනතුරු. ඒවා කතා කෙරෙන්නේ බෞද්ධ දේව සංකල්පයත් එක්ක. මේ දෙවිවරුන් වෙනස් වෙන්න පුලුවන්.

      ඒත් හින්දු සහ ගැමි දේව සංකල්පත් එක්ක කතා කෙරෙනා පත්තිනි, සමන්, ගම්භාර, කතරගම කියන දෙවිවරුන් එහෙම අය නෙමේ. මිනිසුන්ගේ පින් අරගෙන හැමදාම එයාලා ඉන්නවා....

      Delete
    7. @ හරී

      අන්න හසිතතුමා එයාගේ පැහැදිලි කිරීම කරලා :D

      ගයාන් චානුක දක්ෂයෙක් වෙන්නම ඕනේ. අසූ මහා ශ්‍රාවකයන් ගැන මිනිස්සුන්ට ආයි පාරක් මතක් වුණේ ඒ කෘති පෙළෙන්. ඒ වගේමයි ඒවායේ තිබුණු භාෂා විලාශය නිසා කියවන්නත් පහසුවක් වුණා.

      මේ සෙනසුරාදා මට වැඩ වගයක් යෙදිලා තියෙන නිසා ගෙදර ඉන්න නම් වෙන්නේ නැහැ. අන්තර්ජාලයෙන් හරි මේ වැඩසටහන බලන්න ඕනේ. ස්තුතියි අයියා ඒ ගැන මතක් කළාට :)

      Delete
    8. @ හසිත,

      දැන්නම් හරියටම තේරුනා.. හුඟක් ඒවා ටැපලෙන්න හේතුව බෞද්ධ දර්ශනයට හින්දු සංකල්ප මිශ්‍රවීම නේද?

      @ බුද්ධි,

      දොරමඬලාව ඉස්සර මමත් බොහොම ආසාවෙන් බලපු වැඩසටහනක්.. ඒත් හෙලුවෙන් කඩේ යන බව තේරිච්ච දා ඉඳලා බලන්නේ නෑ..

      Delete
    9. @ හරී

      හරියට හරි හරී අයියේ :) බුදුන් වහන්සේ දේශනා කරපු බුද්ධ ධර්මය දැන් බුද්ධාගම වෙලානේ. එතකොට හින්දු සංකල්ප වගේම ක්‍රිස්තියානි ආගමේ යම් යම් දේවලුත් බුද්ධාගමට එකතු වෙලා තියෙන්නේ...

      දොරමඬලාව නම් මට බැලෙන්නේම නැහැ. ඒත් මේ සතියේ හොඳ දෙයක් කතා කෙරෙන්න ඇති :)

      Delete
    10. @ හසිත,

      හෑ.. ක්‍රිස්තියානි සංකල්පත් තියෙනවාද? ඒ මොනාද කෙටියෙන් කියමු බලන්ඩ..

      ලංකාවෙ කතෝලිකයන්ට නම් බෞද්ධ සංකල්ප කලවම්වෙලා තියෙනවා..

      Delete
    11. @ හරී

      මේවා මට හිතෙන ඒවා ඕන්...

      වෙසක් කාඩ්, වෙසක් භක්ති ගීත, දහම් පාසල් ක්‍රමය, සිදුහත් කුමරුගේ උපත නිර්මාණය, සමහරු පුද පූජා කරන ආකාර, මතු බුදුවන මෛත්‍රී බුදුන් ගැන අනවශ්‍ය ආකාරයෙන් බලාපොරොත්තු තබා ගැනීම... වගේ දේවල්

      Delete
    12. @ හසිත,

      "මේවා මට හිතෙන ඒවා ඕන්" එහෙම බෑ වගකීමෙන් කියන්න ඕනෙ.. :)

      බුදුන් වහන්සේ ඉපදුනෙත් කන්‍යාවකගෙන් කියලාද කියන්නෙ?
      මට මතකයි මම අටේ හෝ නමයෙදි කියවපු ලිපියක එහෙම දෙයක් තිබුනා. ඒකෙ කිව්ව විදිහට නම් සමහරු කියනවා ඔය සංකල්පෙ කතෝලිකයන්ගෙන් හොරකං කරන් කියලා.. සමහරු කියනවා කතෝලිකයො බෞද්ධාගමෙන් හොරකං කරන් කියලා.. ඒත් ලිපියෙ කතෘ නම් කියලා තිබුනේ කතා දෙක ස්වායත්තයි කියලා.. ඔය ලිපිය නම් ධාර්මික චේතනාවකින්ම නෙමෙයි කියෙව්වෙ.. ඒ කාලෙ කන්‍යාභාවය වගේ වචනයක් දැක්කම කිචි කිචි වගේනෙ.. :)

      පිරිත් නූල් වගේ නූල් බඳින එක භාරහාර ගැටගහන එක බෞද්ධයන්ගෙන් තමා කාන්දු වෙලා තියෙන්නෙ..

      Delete
    13. @ හරී

      මට ඒවා හිතුණේ මෙන්න මේ නිසා...

      නත්තල සමරද්දී ඒ හා බැදුණු දේවල් විදිහට තමා නත්තල් කාඩ්, කැරොල් වගේ ගවලෙන සාදන එක කරන්නේ... ඒවා බුද්ධාගමටත් ආදේශ වුණු බව පේනවා..

      ඉරිදාට දහම් පාසල් පවත්වලා ආගම උගන්වන එකත් ආරම්භ කළේ කිතුණුවන්. ඉරිදා දිනය ආගමික දිනයක් කළෙත් එයාලා නොවැ.

      විශාලා පරිමාණයෙන් ගාථා කියමින් කරන සමහර පුද පූජා වගේම සමහරු පුද පූජාවලට සැරසිලි කරන ආකාරයත් කිතුණු දේවස්ථාන කෙරෙන විශාල දේව මෙහෙයන් වගේම සැරසිලිවලට සමානකමක් තියෙන බව මට හිතිලා තියෙනවා..

      අන්ත ක්‍රිස්තු උවදුරෙන් ලෝකය ගලවන්න එන ජේසුතුමා වගේම අධර්මයෙන් ධර්මය ගලවාගන්න එන කල්කි වගේ අය ගැන ඒ ආගමිකයන් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා වගේ මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගැන බලාපොරොත්තු තබාගන්න සමහරු පුරුදු වෙලා නොවැ

      ඔන්න ඔහොමයි මට ඒවා හිතුණේ...

      බෝසතාණන් වහන්සේගේ මව වුණු මහාමායා දේවිය කන්‍යාවක් කියලා කොහේවත් සඳහනක් නැහැ. ඒක අසත්‍යයක්. ඒ වගේමයි මහාමායා දේවිය සහ ඇගේ සහෝදරිය වුණු මහා ප්‍රජාපතී ගෝතමියත් සුද්ධෝදන රජතුමා සරණ පාවාගෙන හිටියේ.

      රජතුමාට දාවයි මහාමායා දේවියට සිදුහත් කුමාරයාත් මහා ප්‍රජාපතියට ඊට ටික දවසකට පසුව නන්ද කුමාරයාත් උපදින්නේ....

      Delete
    14. හරී, හසිත,
      දොරමඩලාව මමත් නොවරදවා බලන්නෙ නෑ. කලින් මාතෘකාව දාන හන්දා කැමති ඒවා බලනවා. අයිටීඑන් වෙබ් මෙව්වා එකෙන් සම්පුර්ණ එක චඩුන්ලෝඩ් කරලා බැලුවැකි.

      Delete
    15. ඇයි සිදුහත් උපත ගැන කියද්දි අර සාලුවක් පටලාගෙන ඉන්න පොඩි පිරිමි ළමයාගේ සිත්තරේ ඇති වැරදි නිවැරදි තැන් එක්ක ලස්සන විස්තරයක් තියෙනවා රේරුකානේ හාමුදුරුවන්ගේ පොතක.

      Delete
    16. @ හසිත,

      "වගකීමෙන් කියන්න ඕනෙ.." විහිළුවටයි කිව්වෙ..

      විස්තරවලට ස්තුතියි!

      @ බුද්ධි,

      ඔව්.. ඔය නාලිකාවෙ එව්වා නම් තෝරාබේරාගෙන බොහොම පරිස්සමෙන් පරිහරණය කරන්න ඕනෑ.. :)

      Delete
    17. පැය කීපයක් ඇතුලත බොහොම ලස්සන, බුද්ධිමත් සංවාදයක් ගිහිල්ල ... :)

      මහා බ්‍රහ්ම , ශක්‍ර , සන්තුසිත , සතර වරම් දෙවි , යම , මාරයා (අපේ එක්කෙනා නෙමෙයි) වගේ නම් දේව තනතුරු ... හරියට නිකන් පුරාවිද්‍යා කොමසාරිස් තනතුර වගේ...එයට පත්වෙන්නේ කවුරු උනත් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ඔහුගේ නිල නාමයෙන් නෙව... දැන් ඉන්න ශක්‍රයා ගේ නියම නම් පුරින්දද (වගේ නමක් ... මතෙකෙන් කියන්නේ) .. ඔහුගේ මනුෂ්‍ය කාලයේ නම මඝ.මේ තනතුරු වලට කලින් කල එක එක අය පත් වෙනවා. ඉන්න අය චුත වෙලා කර්මනුකුලව ඒ ඒ තැන්වලට යනවා.

      කතරගම , දැඩිමුණ්ඩ වගේ අය චතුර්මහාරාජිකයේ පහල පෙලේ දෙවි වරු. ඔවුන් ප්‍රාදේශීය ව බලය/තනතුරු හොබවන අය වෙන්න පුළුවන්. නිකන් මේ මොරටුව ඩිපෝවේ ලුනාව ප්‍රදේශය බාරව ඉන්න ටිකක් පත්‍ර පරීක්ෂක තුමා වගේ. ඒවගේ අයගේ තනතුරක් සඳහන් කිරීමෙන් කාටවත් කිසි පලක් නැති නිසා නමින්ම තමයි අමතන්නේ. නමුත් ඒ තනතුරුත් කාලෙන් කාලෙට වෙනස් වෙන්න පුළුවන්. නමුත් මිනිස්සු ඒවගේ අය එක්ක නමින්ම , පෞද්ගලිකවම ගනුදෙනු කරන්න තමයි වැඩියෙන්ම මනාප.

      මහමායා දේවියගේ කුසේ බෝසතුන් පිරිසිඳ ගැනීම ගැන පොඩි පොඩි මතබේධ , සංකා ඇතැම් අයට තියෙන බව පේනවා. වයිද්‍ය විද්‍යාත්මකව මේකේ කිසි ගැටලුවක් නැහැ. මහමායා දේවිය බැඳපු කාන්තාවක්. අය කන්‍යාවක් නෙමෙයි. ස්ත්‍රී පුරුෂ එකත් වීමකින් පසු සංසේචනය සිදු වීමට පැය කිහිපයක් හෝ ඊට වැඩි කලක් ගත විය හැකියි. මහා මායා දේවිය එදින පෙහෙවස් සමාදන්ව බ්‍රහ්මචාරිව ගත කල නිසා එම එකතු වීම පෙර දිනයේ සිදු වූ බව සිතා ගත හැකියි. සංසේචනය සිදු වූ විගසම එයට සත්වයෙකුගේ පැමිණීම සිදු විය යුතුයි කියා නියමයක් නැහැ. සංසේචනය සිදු වූ විගසම , එයින් පැය , දින , ඇතැම් විට සති කීපයක් දක්වා වුවද කළලය විඥානයක් නොමැතිව මස් වැදැල්ලක් මෙන් වැඩීමට , පැවතීමට ඉඩ තිබෙනවා. මහමායා දේවිය සිහිනය දුටු රාත්‍රියේ තමයි බෝසතුන්ගේ විඥානය ඇයගේ ඝර්භයට ඇතුළු වීම සිදු වුයේ.

      Delete
    18. @ බුද්ධි

      දොරමඩලාව ඩවුන්ලෝඩ් කරගත්තා අයියා. දැන් හෙමින් සැරේ බලන්න ඕනේ.. අර සිදුහත් උපත ගැන විග්‍රහ කරන රේරුකානේ හාමුදුරුවන්ගේ පොතේ නම මොකක්ද ?

      Delete
    19. @ Tiraj Adikari

      අපේ සංවාදයට තවත් උදාහරණය එකතු කරමින් පැහැදිලි කිරීම් කරන්න එක්වුණාට ස්තුතිය් :)

      Delete
  23. කතාව වගේම අන්තිමට කියල තියන දේත් හුඟක් වැදගත්!
    බුදු හාමුදුරුවො මොනවද දේශනා කරල තියෙන්නෙ බුද්ධ ධර්මයේ මොනවද තියෙන්නෙ තමන් ඒව පිලිපඳිනවද කියල හිතන්න වෙලාවක් නැති අය බොහොම දුර බැහැර ගෙවල ඒ ගමන යන්නෙ මොනවා බලාපොරොත්තුවෙන්ද කියල ඉස්සෙල්ලම ටිකක් හිතල බලල ඉන්නව නම් වටිනවා.

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      මේ උතුම් වූ ධර්මයේ වටිනා කියන දේවල් අමතක කරලා රැල්ලට ගහගෙන යන අය වටිනා මැණිකක් පෙට්ටගමක දාගෙන කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැති අයට සමානයි

      Delete
  24. '' අපේ බුදු පියාණන්ගෙන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ නියත විවරණය ලබා ගත්තේ කොහේදිද? ඒගැන බොහෝ අය දන්නෙ නෑ.''

    මේ ගැන නම් මමත් දන්නෙ නෑ. චුට්ටක් පැහදිලි කරන්න පුලුවන් නම් වටිනව මලේ.

    ReplyDelete
    Replies
    1. @ sujiya

      මෙන්න ඒ ගැන බුද්ධි මහතාට ලබාදුන් පිළිතුර

      "... බුදුන් වහන්සේ 7 වෙනි වස් කාලයේ මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන්ට අභිධර්ම පිටකය දේශනා කරලා අවසානයේදී සංකස්ස පුරයට වැඩම කරනවානේ. අන්න ඒ අවස්ථාවේදී දැකපු ප්‍රාතිහාර්ය ගැන පැහැදුණු සංකස්ස පුරයේ සිරිවර්ධන කියන සිටුතුමාගේ පුතා තමන්ගේ පිරිසත් එක්ක පැවිදි වෙනවා. උන්වහන්සේව හඳුන්වන්නේ "ආර්ය මෛත්‍රී" කියන නමෙන්.

      ඊට පස්සේ දවසක ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ වටිනා වස්ත්‍ර යුගලක් අරගෙන ඇවිත් බුදුන් වහන්සේ වැඩ සිටිය ගන්ධ කුටියේ වියනක් ආකාරයට සකස් කරලා බුදුන් වහන්සේ ඉදිරියේ අනිමිස ලෝචන පූජාවක් කළාට පස්සේ බුදුන් වහන්සේ මහා සංඝයා ඉදිරියේ මෛත්‍රී බෝසතුන්ට නියත විවරණ ලබා දෙනවා.... "

      Delete
  25. කේ.යූ.ජී. උදාරThursday, August 23, 2012 at 5:48:00 PM GMT+5:30

    බුදුරදුන්ගේ දේශනාවට හිත යොමු කරල ඒ මඟ යන අය ඉන්නෙ ස්වල්පයයි.......
    බහුතරය කරමින් ඉන්නේ ඊට පරිබාහිර දේවල්.... මට නම් දැනෙන ඇත්ත ඒකයි.
    ලිපියට බොහොම ස්තූතියි හසිත....

    ReplyDelete
    Replies
    1. @ කේ.යූ.ජී. උදාර

      ඒක ඇත්ත. මේ තරම් බණ කියන, බණ අහන රටේ වෙන දේවල් දැක්කාම බුදුන් වහන්සේ ලෝකෝත්තර දියුණුවට දේශනා කරපුවා තියා ලෞකික දියුණුවට දේශනා කරපු දේවල්වත් පිලිපදිනවාද කියලා සැක සහිතයි...

      Delete
  26. මෛත්‍රී බුදුන්ව ආනන්ද මෛත්‍රී හාමුදුරුවොත් දැකලා තියෙනවලු නේද?????
    මේ කතාව මං අදමයි ඇහුවේ...
    ජයවේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. @ තරියා අබේ

      මෛත්‍රී බුදුන් නෙමේ කොල්ලෝ "මෛත්‍රී බෝසතුන්" :)

      ආනන්ද මෛත්‍රී හාමුදුරුවන් භාවනා කරද්දී එතුමන් පැමිණි බවත් කතා බව කළ බවත් උන්වහන්සේගේ චරිතාපදානයේ තිබෙනවා...

      Delete
  27. බලන්ගොඩ හාමුදුරුවෝ මෛත්‍රී බෝධිසත්වයෝ දැක්ක කතාව මමත් කියවල තියෙනවා.
    මේ කතාව නම් ඇහැව්වේ අද..

    ReplyDelete
    Replies
    1. @ Pramudi

      ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ විතරක් නෙමේ ඒ කාලේ පරම විඥානාර්ථ සමාගමේ හිටිය ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට මෛත්‍රී බෝසතුන්ව හුඟක් වෙලාවට දැකගන්න පුලුවන් වෙලා තියෙනවා...

      Delete
  28. අදත් වෙනද වගේම ගොඩක් වටින ලිපියක්.. කතාවනම් වෙනද වගේම අදමයි ඇහුවේ..

    ඇත්ත බුදුන් දැක්ක පමනින් නිවන් අවභෝද වෙන්නේ නෑ.. කුසල් කරලා තියෙන්නත් ඕන..

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      කුසල් කළා පමණක් නොවෙයි ඒකට යොමුවීමත් තිබෙන්න ඕනේ... ජෝතිපාල මානවයා ගැන අහලා ඇතිනේ අයියා :)

      Delete
  29. අදත් දන්නැති කතාවක් අහ ගත්තා

    ReplyDelete
  30. මම මේ දවස්වල තරහ පාලනය කරන්න, තරහ නොගෙන ඉන්න උත්සාහ කරනවා. හරිම අමාරුයි ඒ දේ. ඒත් එතැනින් මට වැටහුනා ඇයි බුදු පියාණන් කල්ප ගානක් පෙරුම් පිරුවේ සම්මා සම්බුදු වෙන්න කියලා. මොකද අපිට පොඩ්ඩක් කේන්තිය පාලනය කරගන්නත් අමාරු වෙච්චි කොට බුදුන් වහන්සේ වගේ නිකෙලෙස් වෙන්න මොනතරම් අමාරුද?

    ReplyDelete
    Replies
    1. @ Alexander Cage

      මතකනේ අයියේ ක්ෂාන්තිවාදී ජාතකයේ දී බෝසතාණන් වහන්සේ ඉවසීම හුරුකල හැටි. පාරමිතා, උප පාරමිතා, පරමත්ථ පාරමිතා වශයෙන් දස පාරමිතාව තිස් ආකාරයකට පුරුදු පුහුණු කළ පුද්ගලයා කෙතරම් ශ්‍රේෂ්ඨද ?

      Delete
    2. අඝාත පටිවිනය සූත්රය කියවන්න. බුදු දහමේ තරහ පාලනය ගැන ලස්සන උදාහරණත් එක්ක තියනවා.

      Delete
    3. @ Alexander Cage
      ගේමට සෙට් වෙච්ච මිනිහ තමයි ඒකෙ අමාරුව දන්නේ ...
      කවුරුවත් දනගාන්නේ නැතුව පළමුව දුවන්න පටන් ගත්තේ නැහැ නෙව
      බැරි මරගාතේ වැටී වැටී හරි කරොත් තමයි ගුණ ලැබෙන්නේ ...
      :)

      Delete
    4. @ Hasitha
      එච්චර උසස් වෙන්න නම් අපිට ගොඩක් දවසක් යයි. පෘතග්ජන ලෝකේ ගිහිගෙයි ඉන්නවා කියන්නේ ඔය වැඩ කරන්න ලේසි තැනක ඉන්නවා කියන ඒක නෙවෙයි කියලා මම මේ පොඩි ව්‍යයාමයෙන්ම තේරුම්ගත්තා.

      @ rvajee
      ආඝාත පටිවිනය සුත්‍රය ඔන්ලයින් කියවන්න තියනවද? ලින්ක් එකක් දෙන්න පුළුවන්නම් ගොඩක් පිං.

      @ Tiraj Adhikari
      මට තවමත් හරියටම බෑ ඔය වැඩේ කරගන්න. ඒත් මම උත්සාහ කරනවා. නිවැරදි සිහියෙන් හිටියොත් අමාරු වෙන්නේ නෑ ඔය වැඩේ. තරහ එද්දිම මතක්වෙනවා නේ තමන්ගේ පොරොන්දුව. ඉතින් ඒක ඉවරයි.

      Delete
    5. @ rvajee

      ආඝාත පටිවිනය සුත්‍රය අන්තර්ජාලයේ තිබෙනවා නම් ලින්ක් එකක් එකතු කරන එක වටිනවා...

      Delete
    6. @ Alexander Cage

      කොහොම වුණත් පටන් ගත්තු වැඩේ කරගෙන යන්න අයියා. පවත්වාගෙන යෑම තමා අමාරුම වැඩේ..

      Delete
    7. මේ පැත්තේ අවේ නම් කාලෙකින්. සමාවෙන්න ඕනේ ලින්ක් එක දෙන්න පරක්කු උනාට. අඝාත පටි විනය සුත්‍රය අන්තර්ජාලයේ හොයාගන්න ටිකක් අමාරු උන. මම ඔන්න ලින්ක් දෙකක් ම දෙන්නම්. කෙටියෙන් කියවන්නනම් "http://thripitakaya.com/2011/10/11-%e0%b6%86%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad-%e0%b6%b4%e0%b6%a7%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b7%96%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%ba/" මෙතනින් බලන්න.
      වැඩි විස්තර තියෙන සරලව කියා දුන්න දේශනාවක් තියනව මෙතන "http://amadaham.weebly.com/3523354235013530zwj3515-35033546352135053535-1.html"

      Delete
    8. කියවන්න කම්මැලි කෙනෙක් ඉන්නවනම් ඔන්න ඉතින් මේ ලින්ක් එකෙන් සුත්‍රය අහන්නත් පුළුවන්. මමත් මුලින්ම ඇහුවේ මේ දේශනාව.
      http://dhammamedicine.info/VenAriyawansaThero/Mahaviharaya/07.2010-11-21-Duthiya%20agatha%20pativinaya%20%20sutta-1..mp3

      Delete
    9. @ rvajee

      බොහොම පින් ඔබට. මේක හැමෝටම වටිනවා :)

      Delete
  31. හරියටම හරි මචං..සැමා දාපු පෝස්‍ටුවේ තියෙන්නෙ..ශ්‍රද්ධාවෙ තරම..!
    මිනිස්සු පොරකකා යන විදිය දැක්කාම මට හිතුනෙත් ඔය ටිකමයි..!
    පෝලිම් ගැහිලා...අනිත් මිනිස්සුන්ට බැන බැන..!
    බලන්නකො සුචරිතවත් ඇත්තොද කියල සර්වඤ්ඥ ධාතු වඩම්මන්නෙ.

    ReplyDelete
    Replies
    1. @ වීපොකුර

      සර්වඥ ධාතු වන්දනා කරන්න ගිහින් අන්තිමට අකුසල මූලයන් වඩ වඩාත් වැඩි කරගත්තු බව තමා පේන්න තියෙන්නේ...

      Delete
    2. කතාව ඇත්ත...මමත් අපේ හාමිනේගෙන් බේරෙන්න බැරි කමට ගියා අර BMICH එකේ JADE බුද්ධ පිළිමේ බලන්න. කොළඹ ඇන්ටිලාගෙ ශ්රද්දාවේ තරම දැක්කම හිනා යනවා ඹ්යි ! එතන එක්තරා දුරකට අන්ධ භක්තියක් තමා මටනම් පේනන තිබ්බේ. යටින් හීනියට හඳුකූරු, පිළිම Business එකකුත් යනබව පේනන තිබ්බ.

      Delete
    3. ඔව් මචං ..ඕව බලන්න නොගියට අපේ හිතේ තියෙන ශ්‍රද්ධාව අඩුවෙන්නෙ නැහැනෙ...!

      Delete
    4. @ චාමර

      ඇත්තද මන්දා කෙනෙක් මට කිව්වේ ජේඩ් බුදු පිළිමයට පූජා කරන ඒවාත් අනිත් පැත්තෙන් විකුණන්න කඩේට අරන් යනවා කියලා....

      Delete
  32. පොරකාගෙන ගිහින් නිවන් යන්න පුලුවන්නම් මොනවා නොකරන්න බැරිද ...

    ReplyDelete
    Replies
    1. @ රොබින්

      අන්න කතාව මොනවා නොකරන්න බැරිද :D

      Delete
  33. පටිච්ච සමුප්පාදය දැන ගැනීම බුදු රජාණන් වහන්සේ දැක ගත හැකි එකම මාර්ගය වේ.

    ReplyDelete
    Replies
    1. @ Anonymous August 24, 2012 3:33 AM

      එතකොට චතුරාර්ය සත්‍යය ???

      Delete
    2. එදා උපතිස්ස මානවකය අස්සජි මහා රහතන් වහන්සේ හමුවේ සෝතාපන්න වුයේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගැනීමෙනි. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්නා චතුරාර්ය සත්‍යය පසක් කර ගනී. පුජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද හිමියන්ගේ පහන්කනුව ධර්මදේශනා ශ්‍රවනය කිරීම ඔබට මෙය නිරාකරණය කර ගැනීමට පිටුවහල් වනු ඇත. පහත යොමුවේ දේශනා 183 සිට ශ්‍රවනය කර බලන්න.
      තෙරුවන් සරණයි..!!

      http://www.seeingthroughthenet.net/sin/gen.php?p=6&gp=sermons&cat=phk

      Delete
    3. @ Anonymous August 26, 2012 8:48 AM

      ඔබට බොහෝම පින් :)

      Delete
  34. පිපෙනා මලට
    ගලන දොලකට
    දැනෙන බුදු ගුණ
    කොයි ලොව යන්නේ...
    මරණින් පස්සේ.....
    පින් පව් එනවා.........
    අපි පසු පස්සේ...
    සින්දුවත් අහන්න
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
    Replies
    1. @ සුදා මල්ලි

      නියමම එකතු කිරීමක් මලේ :)

      Delete
  35. වෙනදා වගේම නොදන්න දෙයක් තමයි දැනගත්තෙ... මානෙල් වත්තෙ නෙමෙයි ලංකාව පුරාම ධාතු ප්‍ර‍දර්ශනය කලත් වැඩක් නෑ තමන්ගේ ගුණ ධර්ම වැඩි දියුණු කරගන්නෙ නැතිනම්...

    ReplyDelete
    Replies
    1. @ සිරාගේ කාමරේ

      සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු කියන වාක්‍යයේ පිළිවෙතින් කියන කොටහ අමතක කරන්න දන්සලට පෙළගැහුණා වගේ තමා :D

      Delete
  36. හසිත හැමදාම වගේ ගොඩක් හොඳ පොස්ට් එකක්. ඒවගේම ඔය අන්තිම ජේදවල දන්වා ඇති අන්දමට. මම හිතන්නේ නැහැ කිසිම කෙනෙක් උපතින් බෞද්ධ උනා කියල, හරි හැටියට බුදු දහම අදහනවා කියල. එක බුදු වදනක් හෝ පිළිපදිනවා කියල. හැමෝම හිතන්න ඕනේ ජීවත් උන කාලේ වැඩියි. ජීවත් වෙන්න තියෙන කාලේ අඩුයි කියල. ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මහතා වැඩ කල අන්දම අපිට හොඳ ආදර්ශයක් මෙලොවටත්, එලොවටත්. පින්සිද්ද වේවා! මවැනි පොස්ට් මගින් ලබා දෙන ධර්ම දානයට.

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තයා

      ධම්මපදයේ යමක වග්ගයේ ගාථාවක් තියෙනවා "බහුම්පි චෙ සහිතං භාසමානො" කියලා. ඒ ගාථාවෙන් කියවෙන්නේ ප්‍රමදා වුණු මනුස්සයා බොහෝ බුද්ධ වචනය දැන ගත්තා වුණත් ඒවා ක්‍රියාගේ යොදවන්නෙක් නෙමෙයි. එයා හරියට අනුන්ගේ ගවයන් රැක බලා ගන්නා ගොපල්ලෙක් වගේ. මහණකමේ ප්‍රතිඵල ලබාගන්නේ නැහැ කියලා. ඒකත් අද කාලේ අයට පාඩමක්...

      Delete
  37. // "මෛත්‍රී බෝසතාණන් වහන්ස, ඔබ වහන්සේ බුදුවන සමයෙහි ඒ බුදුන් දැක නිවන් දකිම්වා කියලා තමා සියල්ලෝම ප්‍රාර්ථනා කරන්නේ" කියලා.

    ඒක අහපු මෛත්‍රී බෝසතුන් සන්තෝෂයට පත්වෙලා "මේ මහා භද්‍ර කල්පයේ පස්වෙනි ලොවුතුරා බුදුවරයා බවට පත්වෙලා සසර දුකින් පෙළෙන් සත්වයන් එතෙර කරමි" //

    මෙන්න මෙතනදි මෛත්‍රී බෝසතානන් වහන්සේ භයානක වරදක් කරලා තියනවා.. උන්වහන්සේට කියන්ඩ තිබුනේ " පින්වත, සිංහලයාගේ තියන කම්මැලි කම නිසාම නිර්වානය මා එනතෙක් කල් දමා ඇති සෙයක් පෙනේ. නිර්වානය සාක්ශාත් කරගන්නවා නම් මා එන තෙක් නොසිට, ගෞතම බුද්ධ කාලයේදීම එය සාක්ශාත් කර ගැනීමට බාධාවක් නොමැත" කියලයි..

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      මේවා ඉතින් අනුරාධපුර යුගයේදි ලියවුණු බෞද්ධ සාහිත්‍යය නොවැ අයියා :)

      Delete
    2. මම විහිළුවක් කළේ හසිත.. ඒත් අපේ අය ඕකත් ඉතින් කල්දාල නොවැ තියෙන්නෙ... මෛත්‍රී බුදුන්ගෙන් පස්සෙ කවුද එන්ඩ ඉන්නෙ ? මෛත්‍රී බුදුන් ආවට පස්සෙ ඊලඟ එක්කෙනාව දැකලා නිවන් යන්ඩ බලයි.. මෙතනදි මහායානෙයි, තේරවාදෙයි වැඩි වෙනසක් නෑ.. ඒ ගොල්ලො බුදු වෙලා නිවන් යන්ඩ හදනවා.. මේ ගොල්ලො ඊලඟ බුදුන් එනකම් ඉන්නවා.. හැමෝම ඉන්නවා... ඉන්නවා ..... :-)

      Delete
    3. @ සෙන්නා

      මෛත්‍රී බුදු හාමුදුරුවන්ගෙන් පස්සේ මේ මහා භද්‍ර කල්පය නිමාවෙනවා. ඊට පස්සෙත් බුදුවරුන් පහළ වේවි. ඒත් නම් වශයෙන් නම් දක්වලා නැහැ මම දන්න විදිහට....

      හැමෝම ඉන්නවා කියන කතාව දැක්කාම මතක් වුනේ.

      මේක අපේ පංතියකදී ගුරුවරයෙක් කියපු එකක්.

      "අද හවස බුදු හාමුදුරුවන්ගේ බණක් තියෙනවා. ඒකට සහභාගි වුණොත් රහත් වෙන්න පුලුවන් වෙයි. කවුද යන්න කැමති" කියලා ඇහුවා.

      ඒත් යන්න කැමති වුණු අය නම් හිටියේ නැහැ.

      ඕක ඊට පස්සේ මාත් පුද්ගලිකව අහලා බලලා තියෙනවා. හුඟක් අය දැන්ම නිවන් යන්න කැමති නැහැ. මේ සැප සම්පත් විඳින්න කැමතියි :)

      Delete
  38. ලිපිය කියවද්දී මටත් මේ ගීය මතක් වුනා..
    "බුදු හාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ
    නිවන් දකින්නට පින් මදිවෙන්නැති ඒකයි තවමත් සංසාරේ..."
    මම පේරාදෙණිය ඉන්න කාලේ තමා ශ්‍රී දන්තධාතු ප්‍රදර්ශනයක් පැවැත්වුනේ. ඒත් මටත් පොරකකා ගිහින් දන්තධාතූන් වහන්සේව වැදපුදාගන්ට සිත්වුනේ නෑ.. අනේ මන්දා ලඟ ඉඳලත් ප්‍රදර්ශනය බලන්න නොගිය එක මෝඩකමක්ද කියලත් හිතෙනවා වෙලාවක.. ඒදවස් වල ආරංචි වුනා දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගන්න ආපු "උපාසකම්මලා" පෝලිමේ රන්ඩු වෙලා, ගහගන්න වගේත් ගිහිල්ලා, සමහරු තෙරපිලා වැටිලා තුවාල වුනු අවස්ථා. ඒ අය ඔක්කෝම ඒ කාලෙ අපි හිටිය රෝහලටනේ ඇතුල් කරලා තිබුනේ

    ReplyDelete
    Replies
    1. @ තොටියා

      …2003 තිබුණු දළදා ප්‍රදර්ශනයට නම් මමත් සහභාගි වුණා අයියා. ඒ කාලේ අපි පොඩි ළමයි නොවැ. ඒ වගේමයි වැඩි අපහසුතාවක් නැතුව වන්දනා කරගන්නත් පුලුවන් වුණා. දැන් තමා ටික ටික යමක් කමක් තේරෙන්නේ....

      පෝලිමේ රණ්ඩු කියපුවාම මතක් වුණේ සමහරු පෝලිම් අල්ලන්න වැව රවුමේ රෑ නිදාගෙනත් තිබුණා...

      Delete

  39. වක්ඛලී ධර්මය දකින්නා මා [බුදුන්] දකියි. මා [බුදුන්] දකින්නා ධර්මය දකියි

    ReplyDelete
    Replies
    1. @ Anonymous August 25, 2012 10:10 PM

      ස්තුතියි ඔබට වැරැද්දක් පෙන්වලා දුන්නාට. මම ඒ පද නිවැරදි කළා :)

      Delete
  40. ගොඩක් හොඳ වටිනා පොස්ට් එකක්...ඇත්තටම..

    ReplyDelete
    Replies
    1. @ රෙහානි

      බොහොම ස්තුතියි ඔබටත් කියවන්න ආවාට :)

      Delete
  41. වැදගත් ලිපියක්...
    වක්කලී හාමුදුරුවන් ගැන සමහරුන් අතර තවත් නිර්වචනයක් තියෙනවා මම කියවලා තියෙන්වා.ඒක එකෙත් තිබුණා මයෙ හිතේ.නමුත් ඒව කියන්න ගිහින් සමහරු කියන්න බැරි නෑ මම බුදු දහමට නිගරු කරනවා කියලා.

    මහායාන බෝසත් වරුන් ගැන ලිපියක් හෝ කිහිපයක් පළ කරන්න පුළුවන්නම් බොහොම අගෙයි.ලංකාවේත් බොහෝ පුරා විද්‍යාත්මක ස්මාරක තියෙනවා නේද එතුමන්ලා ගැන​.මම දන්න විදියට බොහොම ලස්සන සාහිත්‍යකුත් තියෙන්වා ඒ වටා.

    ReplyDelete
    Replies
    1. @ Dushyantha Akash

      වක්ඛලී හාමුදුරුවන් ගැන ඔයා දන්න කතාවත් කියමු බලන්න. මම හිතනවා ඒක මධ්‍යස්ථ සිතින් බලලා ගැටළු සහගත තැනක් තියෙනවා නම් ඒවා මැනවින් සාකච්ඡා කරන්න මේ blog එක කියවන අපි හැමෝටම පුලුවන් වෙයි කියලා.

      මහායාන බෝසත්වරුන් සම්බන්ධවම නොවුණත් ඒ හා බැඳුණු කතා කීපයක් මම මීට කලින් ලිව්වා. මෙන්න ඒක කියවන්න පාර.

      කුෂ්ඨරාජගල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව

      Delete
  42. එහෙන් මෙහෙන් ඇහිච්ච කතා ඇරෙන්ඩ බෞද්ධ සාහිත්‍යයනම් කියවලම නැහැ.. මේකත් නොදන්නා කතාවක් .. ගොඩක් පින්..
    දැන් කාලේ වැඩිය ඉන්නේ ගෙදර දානය දීල ඉවරවෙලා හාමුදුරුවෝ පන්සලට වැඩම කරවල දානෙට ඇවිල්ල ඉන්න අයත් එක්ක අරක්කු බොන්න set වෙන දායකයෝ ... එහෙම අයම තමයි ඔය දාතු බලන්න පොරකකා යන්නෙත්...

    දානයක් දීම ගැනත් පුලුවන්නම් ලිපියක් ලියන්න... :) පිරිකරට මිනිස්සු සල්ලි දෙන එක හොදද කියල දන්නවනම් කියනවද... මම දන්නා තරමින් එය නොකළ යුතු දෙයක්... ( මේ කියුවේ අපි පන්සල්වල විදුලි බිලට කියල දෙන ආධාරය ගැන නෙමයි )

    ReplyDelete
    Replies
    1. @ සඳ තරු නිහඩයි

      දානයක් නිවැරදි ආකාරයට දුන්නේ නැත්නම් ඒ කාර්යයෙන් කිසිම පිනක අපිට සිද්ධ වෙන්නේ නැහැ. ඒ කොහොම නමුත් දානය ප්‍රතිග්‍රහණය කරගන්න හාමුදුරුවරුන්ගේ සිල්වත්කම ගැන ප්‍රශ්න තිබුණත් ඒක පිරිනමන්නේ "සැරියුත් මුගලන් පරපුරෙන් එන භික්ෂු සංඝයාට" කියන සිතුවිල්ලෙන් නම් ඒ දානය ආනිශංස බවයි කියවෙන්නේ.

      දානයක් දීම ගැන ලිපියක් ලියන්න කියලා කිව්වේ සාංඝික දානයක් ගැනද ? මේත් මම කාලෙකට කලින් ලිව්ව දානයක් ගැන කතාවක්

      දන් දීම ගැන පරණ කතාවක්

      පිරිකරට සල්ලි දෙන එක හොඳ කියන එක ගැන කතා කරන එක නම් හරිම සංකීර්ණයි. මොකද ඒ පිරිකරේ හාමුදුරුවන්ට වැඩක් නැත්නම් සිද්ධ වෙන්නේ ඒක විකුණලා මුදල් ලබාගන්න එක. එතකොට අපි පිරිකරට මුදල් නොදුන්නත් අපි පිරිකර විදිහට දෙන දේ විකුණලා හාමුදුරුවෝ මුදල් අරගෙන.

      මම දන්න ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා කීප නමක් ඉන්නවා මුදල් පරිහරණය නොකරන. ඒ හාමුදුරුවන්ට පිරිකර ලබාදීමක් කරන්නේත් නැහැ. මොකද අනවශ්‍ය විදිහට සිවුරු, පාත්‍රා ආදිය ගොඩගසා ගන්න එකත් විනය නීති අනුව අකැපයි.

      ඒ නිසා බොහෝ දෙනා කරන්නේ උන්වහන්සේලාගේ කටයුතු සඳහා මුදල් ලබාදෙන එක. ඒක ලබාදෙන්නේත් උන්වහන්සේ එක්ක එන කැපකරුවෙක්ට. ඒ කැපකරු තමා හාමුදුරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඒ මුදල් වැය කරන්නේ...

      Delete
    2. මම මෙහෙම කියන එක හරිද මන්ද.
      එත් ඉතින් මුදල් පරිහරණය ස්වාමින්වහන්සේලට අකැපයි නේ. මීට වඩා හොඳයි නේද පොඩ්ඩක් හොයල බලල පන්සලට අවශ්‍ය වෙන දේවල් කරලා දුන්නොත්. දැන් අපි පන්සලට යන්නේ දානෙකට ආරාධනා කරන්න විතරයි, එහෙම නැතුව පන්සල ඇසුරු කරගෙන ජීවත් වෙන කෙනෙකුට පන්සලේ අඩුපාඩු ගැන හොඳ වැටහීමක් ඇති කරගන්න පුළුවන්. අපි කරන්න ඕනේ තම ජීවිතයම ධර්මයට කැප කරපු හාමුදුරුවරුන්ට ඒ ගමන පහසු කිරීම මිසක් නැවත ලෟකික දේවල් ලංකර දීම නෙවෙයි නේද?

      Delete
    3. @ rvajee

      එකඟයි. ඒත් දැන් කාලේ මරණයක් හරි දානයක් නිසා හරි පන්සලට යන මනුස්සයාට එක පාරටම පන්සලේ අඩුපාඩු ගැන වැටහීමක් ගන්න අමාරුයි. ඒ වගේ තත්වයක් මත තමා වැඩේ පහසු වෙන්න මුදල් දීලා එන එක වෙන්නේ. ඒත් තාමත් අර මම කිව්ව විදිහට පන්සල්වල කැපකරුවෝ කියලා ගිහි පිරිසක් ඉන්නවා නම් ගැටළු ඇතිවෙන එක බොහෝ දුරට අවමයි

      Delete
  43. මම මේ මුදල් ප්‍රශ්නය අහන්ඩ හේතුවුණු එක දෙයක් තමයි අපේ ගෙවල් ළඟ ගෙදරක දානයක් වෙලාවේදී ඒ වැඩ වල ප්‍රධානියා විදිහට හිටියේ පන්සල ලගින්ම ඇසුරු කරණ ප්‍රධාන දායිකාවක් ... එයාගේ කීමට තමයි මේ ගෙදර කට්ටිය ලියුම් කවරවල දාල පිරිකර විදිහට දානෙට වැඩම කරපු හාමුදුරුවෝ හැමෝටම සල්ලි දුන්නේ... ඒ දායිකාවට හොඳටම ඉඩකඩ තියෙනවා පන්සලට අවශ්‍ය මොනවද කියල දැනගන්න සහ ඒ දේ අර ගෙදර කට්ටියට කියන්න...
    අනෙක් අවස්ථාව තමයි මම දන්නා ගුරුතුමියකගේ ගෙදර දානේට වැඩම කරන්න ඇයගේ පාසලේ උගන්වන හාමුදුරු කීපනමකටත් ආරාධනා කරපුහම උන්වහන්සේලා ඇයට උපදෙස් දීල තියනවා පිරිකරට සල්ලි දෙන එක තමයි හොඳම දේ, දැන් හැමෝම වගේ කරන්නේ එහෙමයි කියල...
    ඔබ කියුව විදිහට දායක සභාව තමයි පන්සලේ අවශ්‍යතා හඳුනාගෙන ඒ මුදල් පරිහරණ කටයුතු කරන්න ඕනේ... නමුත් ගෙදරට වඩින හාමුදුරුවන්ට ලියුම් කවරවල සල්ලි දාල දෙන එක කොච්චර දුරට ධර්ම විනයත් එක්ක ගැලපෙනවද කියන එකයි ප්‍රශ්නේ...
    මගේ මතකයේ තිබුනේ එහෙම මුදල් ගත්තම හාමුදුරුවරුන්ට පව් සිදුවෙනවා කියලයි...

    ReplyDelete
    Replies
    1. @ සඳ තරු නිහඩයි

      කලින් ඔයා කිව්ව කතා දෙකම කියෙව්වාම මට හිතුණේ මඟුල් ගෙදරක ජයමංගල ගාථා කියන්න එන ළමයින්ට ගාථා කියලා ඉවර වුණාට පස්සේ දෙන සල්ලි දාපි ලියුම් කවරෙයි දානේ කටයුතු ඉවර කරපු හාමුදුරුවන්ගේ අතට සල්ලි දාපු ලියුම් කවරෙයි දෙන එකේ වෙනස මොකක්ද කියලා :(

      මේ කටයුතු නිසි පරිදි සිද්ධ වෙන්න නම් පන්සලේ කටයුතුවලට පන්සලේම රැඳිලා ඉන්න ගිහියෙක් ඉන්න වෙනවා. එහෙමත් නැත්නම් මේ වගේ පිංකම්වලදී හාමුදුරුවන් එක්ක යන ගිහියෙක් ඉන්න ඕනේ.

      එතකොට ලැබෙන මුදල් ගන්නේ ඔහු. ඒවා දායක සභාව හරි වෙනත් ගිහියන්ගෙන් සමන්විත වෙන කමිටුවක් මාර්ගයෙන් පන්සලේ වගේම ස්වාමීන් වහන්සේලාගේ අවශ්‍යතාවන් සඳහා වියදම් කරන්න පුලුවන්

      ඒත් ඒ තත්වය ප්‍රායෝගිකව වෙනවා නම් මම දැකලා තියෙන ආරණ්‍යවාසී භික්ෂූන් අතරේ විතරයි.

      Delete
    2. ඒකතමයි මමත් මේ ගැන හෙව්වේ... දායකයෝ විදිහට අපි මේ දේවල් නිවැරදි කරගෙන අනිත් අයවත් දැනුවත් කලේ නැත්නම්... කවරේට දාන්න ඕනේ ගානත් නියම කරවන එකත් සල්ලි වැඩියෙන් ලැබෙන තැන්වලට යන්ඩ පෙලබෙන එකත් නවත්වන්ට බැරි වෙයි... හමුරුවරුන්ව නරක් කරන්නේ දායකොයෝම තමයි... ඊට පස්සේ හාමුදුරුවරුන්ගේ ඇද කියව කියව දාන දීල පින් වෙනුවට පව් පුරවගන්නවා... දානයේ තියන නියම ආනිශංස ලබාගන්නේ නැතිව...

      Delete
    3. @ සඳ තරු නිහඩයි

      හාමුදුරුවෝ නරක් කරන්නේ දායකයෝ වගේම තමා දායකයෝ නරක් කරන්නේ හාමුදුරුවෝ. ඒ නිසා දෙපාර්ශවයම අවබෝධයෙන් හිටියා නම් හරි

      Delete
    4. හසිත මල්ලි හරියටම කියල තියනව. මට හිතෙන විදිය තමයි විදුලිය වයර් එකක් දැක්කම විදුලිය නැති බව දැනගත්තත් අපි වයර් එක අල්ලන්නේ පරිස්සමින් නේ. ඉතින් ඒ වගේ තමයි අපිට පැහැදිලි නැති මේවගේ දේවල් වලින් වැළකිලා ඉන්න තරමට අපි ආරක්ෂිතයි නේ. හසිත මල්ලි කියනවා වගේ එක්කෝ කැපකරුවෙකුට මුදල් බාර දෙන්න නැත්නම් දහම් පොතක් වගේ දෙයක් පූජා කරගන්න. ධර්ම දානයකුත් වෙනවා. ඒ පොත ස්වාමින්වහන්සේ ළඟ තියෙනවනම් වෙන ස්වාමින්වහන්සේ නමකට පූජා කරයි නේ. එකෙනුත් පිනක් නේ අත්වෙන්නේ.

      Delete
    5. @ rvajee

      ඇත්ත තමා. කොහොම නමුත් වර්තමාන සමාජ තත්වේ එක්ක බලද්දී නම් ඉතින් වඩා වටින්නේ මුදල් නිසි පරිද්දෙන් කැපකාරයෙක්ට දෙන එක

      Delete
  44. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete
    Replies
    1. @ Anonymous December 6, 2012 at 8:24 PM

      ස්තුතියි දැනුවත් කිරීමට :)

      Delete
  45. Replies
    1. @ Darshana Prabhath

      ගත්තු තැනත් එක්කම දාන්න මල්ලී. නැත්නම් ඕක සමහරු ෂෙයාර් කරන්නේ තමන් ලිව්ව එකක් විදිහට

      Delete
  46. බුදු හාමුදුරුවන්ගෙ රූපයට අාසා හිතුන කෙනා නැවතත් එම රූපයේම අත අල්ලා ගත් පසු රහත් වුනේ කොහොමද?

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................