Wednesday, August 1, 2012

A/L results ආවට පස්සේ මෙහෙම කියන්න නම් ලෑස්ති වෙන්න එපා


අගෝස්තු මාසෙත් පටන් ගත්තා. ලබන සතියේ ඉදන් අ.පො.ස. උසස් පෙළ විභාගය එහෙමත් නැත්නම් ඉස්කෝලේ යන ළමයෙක් මූණ දෙන තීරණාත්මකම විභාගය ආරම්භ වෙනවා. ඉතින් ගිය සතියේ මම කියපු "සර් මේ විදිහට මට A/L වලට ඉගෙන්නුවා නම් මම අද Campus එකේ" කතාව කියවලා අපේ නංගිලා මල්ලිලා යමක් හිතට ගත්තා නම් හොඳයි [මේ විභාගේ කටේ මොන බ්ලොග් කියවිලිද. ඒත් කමක් නැහැ කවුරු හරි ඒකෙන් ආදර්ශයක් ගන්න ඇතිනේ] 

මේත් ඒ වගේම මට හිතෙන විදිහට නම් ඊටත් වඩා ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්.

ළඟදී දවසක මට facebook chat එකකට වුණා අපේ ඉස්කෝලේ යාලුවෙක්ව. මිනිහත් මම වගේම A/L වලට Arts subjects කළේ. ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ළමයෙක් විදිහටත් අනිත් විදිහටත් ගන්න පුලුවන් උපරිම fun එක ඌ ගත්තා. ඒ ගැන අටුවා ටීකා ටිප්පණි ඕනේ නැහැ. හැබැයි ඌ මොනවා කළත් හිතේ එකක් කටේ එකක් නැහැ. හිත හොඳ එකා. 

මිනිහා සාමාන්‍ය විදිහට A/L පාස්වෙලා ඊට පස්සේ CINEC එකට ගියා. ඒකේ කටයුතු හමාර කරලා තමා දැන් නැවක වැඩ කරන්න set වෙලා ඉන්නේ. 

 යාලුවා වැඩ කරන නැව

ඌ කිව්ව විදිහට උන්ගේ නැව චීනෙන් පිටත් වෙලා ශාන්තිකර සාගරය හරහා ඇවිත් පැනමා ඇලෙන් මැක්සිකෝවෙන් කොළොම්බියා පැත්තෙන් ආයි ඉන්දියන් සාගරය හරහා චීනෙට බඩු අරන් යනවා. කන්ටේනර් 4000 ක් විතර පටවන්න පුලුවන් ලොකු නැවක්ලු ඒක.

මගේ යාලුවයි මායි අතර ගිය කතාවේ වැදගත්ම කොටස් ටිකක් තමා මේ දැන් කියන්න යන්නේ..... 

මේ ජොබ් එකේ ලෙසටම කට්ට මචං. වැඩ තියෙනවා බරටම. උඹලට නම් මොනවා කලත් කොහේ ගියත් හවසට ගෙදර ඇවිල්ලා, අම්මා උයපු දෙයක් කාලා නිදිය ගන්න පුලුවන්නෙ. ඒත් අපිට නම් රැයක් දවාලක් නෑ, අව්ව වැස්ස නෑ වැඩ වැඩ. 

උඹලටනම් ආතල් වගෙ නේද? අඩෝ උඹගේ කැම්පස් ෆොටෝ දකිනකොට අවංකවම ඉරිසියත් හිතෙනවා බන්. අපි කවුරුවත් පේන්න නැති මුහුද මැද්දේ කන පැලෙන්න ගහල ඉන්නව. 

ඇත්තටම ඔය ටික කලින් තේරුනා නම් ඉගෙනගන්න තිබ්බා බන්. ඉස්කෝලේ කාලේ වගේ එකක් නම් ඉතින් ආයේ එන්නේ නෑ බන්. මුහුද මැද්දෙදී ඕවා මතක් වෙනකොට ආපහු ගෙදර එන්න හිතෙනවා.

අපෙ එවුන් එක්ක කසිප්පු බිව්වත් සැපයි බන් පිස්සු සේලර්ස්ලා ටිකක් එක්ක රම් බොනවට වඩා. හැබැයි අපරාදේ කියන්ඩ බෑ මේ ජොබ් එක නම් අපි වගෙ එවුන්ටම සෙට් වෙන ජොබ් එකක්...........

කතාවේ තැනින් තැන bold කරලා තියෙන්නේ මට නම් හොඳටම හිතට වැදුණු තැන්. කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශය අමුතුවෙන් සඳහන් කරන්න ඕනේ නැහැනේ. පසුතැවෙන්න සිද්ධවෙන වැඩ කරන්න ඕනේ නැහැනේ....  


ඒක නිසා A/L හරියට ගොඩ දාගන්න. 

ප.ලි.: මෙතන කතාව සාපේක්ෂ එකක්. සමහර විට කැම්පස් එකට ගිහින් ස්ට්‍රයික් නිසා මාස ගණන් ගෙදරට වෙලා ඉන්නවාට වඩා මෙහෙම ජොබ් එකකට ගිහින් ලෝකේ බලන්න පුලුවන් වෙන එක හොඳයි කියලා කාට හරි හිතෙන්න පුලුවන්. 

ඒත් මේ කතාවෙන් මම කියන්න උත්සහ කළේ ඉගෙන ගන්න ඕනේ කාලේ ඉගෙන ගන්නේ නැතුව පස්සේ දුක්වෙන්න තියාගන්න එපා කියන එක මගේ යාලුවාට සාපේක්ෂව

විශේෂයි : කතාවෙන් ආදර්ශ ගැනීමේදී කසිප්පු බීම, රම් බීම වැනි දේවල් තුළින් ආදර්ශ නොගන්න ලෙසට කරුණාවෙන් ඉල්ලා සිටිමි :D

58 comments:

  1. අනිවාර්යයෙන්ම. ඉගෙනගන්න කාලෙ පිස්සු නටන්නැතුව ඉගෙන ගන්න එක වටිනවා. හැබැයි පොතේ පතේ දැනුම විතරක් නෙමෙයි. එහෙම දේවල් ඉගෙන ගන්න කැමති නැත්නම් වෘත්තීය පුහුණුවක්වත් ගන්න ඕන. නමුත් අපි හැමෝටම අපි කැමති රස්සාව ලැබෙන්නෙ නෑ. ලෝකයේම ජනතාව ගත්තොත් ඒ අයගෙන් 1% විතරයි තමන් කැමති රස්සාව කරන්නේ. අනිත් අය ලැබුනු රස්සාවට අනුව හැඩගැහෙන්න වෙනවා. ජය...!

    ReplyDelete
    Replies
    1. ඔව් .......... ඒවගේම තමයි හැමෝම තේරුංගන්න ඕනේ ආසම දේ කරන එක කරන දේට ආසම වෙන එකට හරියටම සමානයි කියල !!!!!!

      Delete
  2. ඉගෙන ගන්න කාලේ ඉඳන් මට මේ මාර්ගේ යන්ට ඕනි කියලා යම් අදහසක් හරි තියනවානම් හොඳයි. රස්සාවක් කරලා සල්ලි අතට එනකොට ඔය පිස්සු ඔක්කොම නටන්ට අවස්තාවක් ලැබෙයි. ඒ හන්දා හැමෝම හොඳින් පාඩම් කරලා විභාගේ සමත් වෙයි කියලා හිතනවා. යන්තම් නම් සමත් වෙලා හරියන්නේ නෑ. ඒ හන්දා උපරිමෙන් කරන්ට.:)

    හැමෝටම සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. හැමෝම ( ගොඩක් අය ) හිතන්නේ ඔහොම තමයි !!!! ඒත් ඇත්ත කථාව( මගේ මතය කියමුකෝ ! ) තමයි ඒක වැරදී කියන එක ....... ඉගෙන ගන්න කොට ඒක උපරිමයෙන් කරන්න ඕනේ තමයි හැබැයි මම හැමෝගෙන්ම ඉල්ලන්නේ සතුටු වෙන්න පුළුවන් පස්සේ කියල හිතලා කවදාවත් සතුට කල්දාන්න එපා කියල ..... ඉස්කෝලෙ යන කාලේ හිතනව කැම්පස් ගිහින් ෆන් ගන්නව කියල කැම්පස් යන කාලේ හිතනව රස්සාවක් කරලා සල්ලි අතට එනකොට ෆන් ගන්නව පිස්සු නටනව කියල රස්සාවක් කරන කාලේ හිතනව බැන්දහම ෆන් ගන්නව සතුටු වෙව කිලය..........හ්ම්...... ‍බොරුද මං කියන්නේ...... අන්තිමට බලනකොට කරපු දෙයකුත් නෑ........ නටපු පිස්සුවකුත් නෑ ..... හතිවැටෙන කං දුවපු එක විතරයි .....

      Delete
  3. මමනම් මුහුදු රස්සාවට මාරම ආසයි ,පුර්ණ කාලීන නාවිකයෙක් වෙන්න බැරි උන ආසාව සංසිදවා ගන්නේ ලැබුණු හැම අවස්ථාවකම නැව් වල ගමන් කිරීමෙන් ....

    ReplyDelete
    Replies
    1. හැ.......... මාළු අල්ලන්ට වෙන්ටෑ
      :D

      Delete
  4. ජොබ් එක නම් හොදයි එත් එතීම් මරනෙකට මගුලකට වත් ගෙදර එන්න බැරි එක තමා අව්ල

    ReplyDelete
  5. හ්ම්ම්ම්... ඔය රැකියාව කරන මන් අදුනන යාලුවෝ කීප දෙනෙකුත් ඉන්නවා.
    සමහරු නම් හිටියට වඩා හොදින් ජීවිතේ ගෙවනවා.
    එත් ගොඩක් අය බීලම නාස්ති වෙලා. දැක්කම දුක හිතෙනවා. ලොකු ට්‍රිප් 1ක් ගිහින් ගොඩක් සල්ලි හොයාගෙන ඇවිත් ඒ මුළු සල්ලි වලින්ම බීලා, නරක වැඩ කරලා ඊට පස්සේ අයිත් මාස 6 කට විතර පස්සේ නැව් නගිනවා. නැවේදීත් බොනවා. ලංකාවට ඇවිල්ලත් බොනවා. අනේ මන්ද

    ReplyDelete
    Replies
    1. පව් ...... තිබහ ඇති .... යාලුවෝ වැඩ කරන්නේ මැද පෙරදිග කාන්තාර රටක නැවකද ? :D:D:D:D:D:D:D

      Delete
  6. ඇත්තෙන්ම හසිත, මමනම් අදත් දුක් වෙනව..ඒ ගැන..හැබැයි..A/ හරියට කරගන්න බැරිවෙන්න පාරිසරික හා සමාජීය හේතු බලපෑව..ඒ කාලෙ අපිට මේකෙ වටිනාකම හරියට තේරුනේ නෑහැ.අද කාලෙ වගේ ඒ දවස්වල කොල්ලො චාටර් උනෙත් නැහැ, ඒත් ඉගෙන් ගත්තෙත් නැහැ. ඒත් ඒව නිදහසට කාරනා නෙවේ.

    ReplyDelete
  7. කොච්චර කිව්වත් ඕක තේරෙන්න වාසනාව තියෙන්න ඕනේ.. නැතුව ඌට අපි තිය අම්ම තාත්ත ඔලුවෙන් ඉඳන් කිව්වත් අහන්නේ නෑ.. වැරදුනාම යස අගේට තේරෙනෝ... ඊට කලින් ඕව ජෝක්ස්

    ReplyDelete
  8. අපේ මානසික සායනේට එන ඔය එක එක පොඩි පොඩි කේස් වලට වහ බීපු (බොහොමයක් ලව් කේස් තමා) උදවියට මම හැමදාම කිව්වෙත් න0ගි/මල්ලි මොන මඟුල කොර ගන්නත් කලින් A/L ගොඩ දාගෙන ඉන්න කියලයි. එහෙම නැතිනම් කවදහරි දවසක "ඔය ටික කලින් තේරුනා නම් ඉගෙනගන්න තිබ්බා" වගේ සිතමින් පසුතැවිලි වෙන්න වෙන බවත් එතකොට අශ්වයා ඉස්තාලෙන් පැන බොහෝ දුර ගොස් ඇති බවත්ය

    ReplyDelete
  9. මට නම් දැන් හිතෙන්නෙ ඉගෙනගත්තු එක මෝඩකමක් කියලා..

    ReplyDelete
  10. habei ban mehema dekuth t hiyenawa.api katta kala a/l godadagena mewata awilla. Ita passe tikak kal yanakota diga niwadu hambenakota uganawanna lectursla na kiyala ahenakota nam maran kanna hithenawa.habei itin igena gaththu deyak kawadawa th apathe yanne na kiyama ekanam aththa.

    ReplyDelete
  11. ඒ ලෙවල් බැරි උනා කියලා නැව් නගින්නම ඕනියැ ඉතින් , රට ඇතුලේ ඉඳන් කරන්න හරි ගෙදරම ඉඳන් කරන්න හරි දෙයක් හොයා ගන්න බැරි කමක් නැ නේ

    ReplyDelete
  12. මේ ගැන කතාකරද්දී, පුද්ගලයාගෙන් පුද්ගලිකව සාපේක්ෂ දෙයක් විදියට කතා කරන්න වෙනවා. සමහරු ජීවිතේ නන්නත්තාර කරගනිද්දී සමහරු ගොඩේ ගොඩ යනවා. ඒ ඒක එක්කනාගේ විෂය පථයන් එක්ක.

    ReplyDelete
  13. අනිවාර්‍යෙන්ම ..මේ ගැන කියන්න මටත් හුඟාක් දේවල් තියෙනවා.. පෞද්ගලිකව මමත් මගේ A/L කාලෙ ගැන පසුතැවෙනවා.. ජීවිතේ මට වැරදුනු තැනක තමා එතන. ඒත් මම ඒ වැරැද්ද සම්පූර්ණෙන්ම නිවැරදි කරගන්න බැරිවුනත්, යම්තාක් දුරට හරි නිවැරදි කරගන්න උත්සාහ කලා.. කොහොම වුනත් කාලෙ ගත වුනාට පස්සෙ ආයෙත් අඅපස්සට ගන්න බෑනෙ.. ඉතින්, මටනම් කියන්න තියෙන්නෙ පස්සෙ පසුතැවිලි වෙනවාට වඩා මුල ඉදන්ම හරියට ඉගනගන්න වැඩ හොදින් කරගන්න ඕනෙ..

    එදා මට වැරදුනු තැනින් මම ජීවිතේ පටන්ගත්තා.. ආයෙත් වරදින එකක් නෑ කියලා හිතනවා.. අර කිව්වත් ව්අගේ වාසනාවත් ටිකක් තියෙන්න ඕනෙ කියලා විශ්වාස කරනවා..

    හොද ලිපියක්!! ජය වේවා!!

    ReplyDelete
  14. අපොයි හසිත මේ වගේ කාලෙක ළමයින්ට උ\පෙ ගොඩ දාගන්ඩ කියලා වැඩක් නෑ.උං කොච්චර හොඳට කෙරුවත් ප්‍රථිපලේ එන්නේ කොහොමද කියන එක දන්නේ ඇමති ගොල්ලොනේ.

    උදාහරණෙකට ගන්ඩ මේක කියවල බැලුවට කමක් නෑ ඕං.
    http://dinukajayakodi.blogspot.com/2011/09/blog-post_19.html

    ReplyDelete
    Replies
    1. උඹ මේ කිට්ටුවක හිටියනං නෝම්බි කියල බලන්නේ නෑ, කටේ රියලක්ම ඔබනවා ඔය කිව්වා කතාවට..

      Delete
  15. වඩා සුදුසු තමන්ට කැමති අංශයකින් A/L කරන එක.මොන තරම් පිස්සු කෙලියත් ඉගෙන ගන්න එකත තමන්ට පුළුවන් තරමින් කරන්න ඕනි. මට ඕනි තරම් මුණ ගැහිලා තියෙනවා කරන්න තියෙන හැම දේම වගේ කරන ගමන් හොඳටම ඉගෙන ගෙන ඒ වැඩෙත් හරියට කර ගත්ත අය.

    A/L වැරදුනත් නැතත් ඒ වෙන කොට වෘත්තීය ඉලක්ක වගේම විකල්ප එක්ක සැලසුමක් තියෙන්න ඕනි.

    එහෙම කිව්වත් එයිනුත් වෙනස් වෙන අවස්ථා තියෙනවා. මම ගත්තත් කැම්පස් තේරිලත් නොගිහින් හිටියේ පුද්ගලික ප්‍රශ්න නිසා. ඒත් පුළුවන් හැටියට මම කැමති දේ විකල්ප ක්‍රම වලින් ඉගෙන ගත්තා. ඊට පස්සෙත් අර ප්‍රශ්න නිසාම මට නිවසින් දුර රැකියාවකට යන්න බැරි වුනා. අවුරුදු කිහිපයකට සීමා වුනු ව්‍යාපෘතියක පලවෙනි රැකියාව කරන ගමන් ඒ රැකියාවේ අස්ථීර බව දැන ගෙන හිටි නිසාම, වෙනත් රැකියා දිගටම හෙව්වත්, මම ඉගෙන ගත්ත අංශයෙන් ප්‍රාදේශීයව රැකියාවල් ඉතාම විරලයි. ඒත් දිගින් දිගටම හොයන කොට දැන් කරන රැකියාව (නිවසේ සිටම කරන්නට අවස්ථාව ලබා දෙන) ලැබුණා. දැන් වසර 4ක් වෙනවා ඒ රැකියාවට. ප්‍රශ්න නැත්තේම නැති නොවුනත් ජීවිතේ ගැට ගහ ගන්නේ ඒ නිසා. :) මොන තත්ත්ව ප්‍රශ්න යටතේ වුනත් අවස්ථා සහ විකල්ප සොයා ගෙන යන්න වෙන්නේ ඒවා අපිව හොයා ගෙන ඉන්නේ කලාතුරකින් නිසා.

    ප/ලි - දේශපාලන, බලය, ධනය නොසලකා ඉහත ප්‍රකාශය නිකුත් කරන ලදී..

    ReplyDelete
    Replies
    1. මේ කතාවට මාත් එකගයි අප්පා... කැම්පස් තේරැනත් මමත් ගියෙ නැති කෙනෙක්.... හැබැයි ඒ ලෙවල් කලේ මං ආස සබ්ජෙක්ට්ස්... ෂිපිං වල ජොබ් එකක්ම තමා මමත් කලේ.... CINEC එකේ කෝස් එකකුත් කලා.... කෙල්ලෙක් නිසා වැඩිපුර උනන්දු වුනේ ගෙදර ඉදන් කරන්න පුළුවන් දෙයක් ඉගෙන ගන්න... ඒත් කොල්ලන්ට නම් කරන්න ඕනෙ තරම් දේවල් තියෙනවා.... අපේ රටේ ජොබ් එකකට යන්නම විතරක් නෙවෙයි කැම්පස් එකයි උපාධියයි වටින්නේ... ඇයි කසාද බදින්න.. ඒවයෙදිත් ඉතින් විකුණන්න පුළුවන් උපරිම ගානට උපාධිය විකුණනවනේ...

      කැම්පස් එකෙයි උපාධියෙයි තියෙන වටිනාකම අඩුතක්සෙරැ කිරීමක් මම කරන්නේ නෑ.. මගේ පෞද්ගලික මතය නම් උපාධිය එකම ඔප්ෂන් එක නෙවෙයි.... ඉගෙනීමේ වටිනාකම සල්ලි වලින් මනින්න බෑ කියනවනේ.... ඒත් ඉගෙන ගන්න ඕනේ තරම් ක්‍රම තියෙනවා. අපි ඒවා හොයා ගන්න ඕනේ... උත්සාහයත් කැපවීමත් මහන්සි වෙලා වැඩ කිරීමේ හැකියාවත් තියෙන්න ඕ‌නේ.... ලෝකේ තියෙන හැම රැකියාවක්ම ඔෆිස් එකේ ඒසී එකේ ඉදගෙන ජීවිත රක්ෂණ සෞඛ්‍ය රක්ෂණ එක්ක පෙන්ෂන් එකක් එක්ක කරන්න පුළුවන් ඒවා නෙවෙයි නේ.... CINEC කෝස් වලින් ගොඩක්ම මහන්සි වෙන්න ඕනේ රැකියාවල් සදහා තියෙන ඒවා... ගොඩක් අය දන්නේ නැති උනාට ඕලෙවල් පාස් වෙච්ච කෙනෙකුට ඉංජිනියරින් දක්වාම යන්න අවස්ථා තියෙනවා.... හැබැයි මහන්සි වෙන්න ඕනේ...

      කොහොම උනත් ඒලෙවල් කරන ළමයි තමන්ගේ උපරිමයෙන්ම විභාගයට මූණ දිය යුතුයි... අපිට ලබෙන මිල කළ නොහැකි අවස්ථාවක් ඒක.... හැබැයි කැම්පස් යාම එක අරමුණක් විතරක් උනොත් වඩාත් සාර්ථකයි...

      Delete
  16. මෙතැන හසිත දෙපැත්තක් තියෙනවා... කැම්පස් ගිහිල්ලා රැකියා විරහිතව ඉන්නවද එහෙම නැතිනම් වඩා අඩු පඩියකට A/L සුදුසුකම් වලින් යන්න පුලුවන් රැකියාවකට යනවද කියන එක...

    මොකද නැව් වල වැඩ කරන අයට ඉතා ඉහළ ගෙවීම් තියෙන්නෙ... මගේ කැම්පස් ගිය යාලුවො ආර්ථික අතින් පහළ ස්ථාවරයක ඉද්දි... නැව් වල වැඩ කරන උන් ජීවිතේ වැදගත්ම කඩඉම් (විවාහය/දරැ සුරතල්) පසුකරගෙන ජීවත් වීමට අවශ්‍ය අනෙක් භෞතික සාධක සියල්ල ඉතා හොදින් සපුරාගෙන තියෙන්නෙ...

    උන් කියන්නෙ කැම්පස් නොගිය එක ගැන උන් සතුටු වෙනවා කියලා...

    මම මේ ඌණපූර්ණයක් කලේ... ඉගෙනීමේ වටිනාකම අවතක්සේරැ කලා හෙම නෙමෙයි... උසස් අධ්‍යාපනය කියන්නෙ පුද්ගලයෙකුට ආභරණයක්... ඒත් උගත් කමට සරිලන රැකියාවක් නැතුව... ආර්ථික තත්වයෙන් පහළ ඉන්නවා නම් අද සමාජයේ කවුරැවත් පිළිගන්නෙ නෑ... උගත් කම නැති උනත් ආර්ථික තත්වය යහපත් නම් පිළිගැනීමේ ගැටලුවක් නෑ..

    ජීවිතය ජයගන්න කැම්පස් ම යන්න ඕනෙ නෑ... O/L විතරක් පාස්වුන උනුත් ඉතා හොදින් ජීවිතය ජයගෙන තියෙනවා... අවශ්‍ය උත්සාහයත් කැපවීමත් විතරයි...

    ReplyDelete
    Replies
    1. ඉගෙන ගන්නව කියන්නේ ඉස්කෝලෙකට ගිහිල්ල පොත් පාඩම් කරන එක නෙවෙයි ...

      උගත මනා ශිල්පයමයි මතුරැකෙනා කියන්නේ' ඉතුරුවෙන්නේ ඉගනගත්තු දෙයක්'කියන එක නෙවෙයි ඉගෙනගන්න ඕනෙ මතු රැකෙන්න දෙයක් කියන එකයි ......... ඔන්න ඔකයි ඇත්ත .....

      ඒනිසා මතුවට තමන්ට රැකෙන්න දෙයක් ඉගෙන ගන්න ඒක පොතපතින් ම වෙන්න ඕනේ නෑ !

      Delete
  17. අපේ කාලෙ වගේ නෙමෙයි දැන් දරුවන් විභාගවලට මුහුණ දෙන පෙර සුදානමේ ඉදල අති විශිෂ්ටයි.[බිස්කට් නෙමේ] නමුත් ලංකාවේ අධ්‍යාපන කටයුතු මෙහෙයවන "ඉහද පනුවෝ" දෙන්න ඉන්නකම් මේ දරුවන්ට මහන්සියේ ප්‍රතිපල ලැබෙයිද?

    ReplyDelete
  18. වටින ලිපියක්. හොඳ රස්සාවකට කැම්පස් යන්න ඕන කියලා නම් මම හිතන්නේ නැ. මම කැම්පස් එකෙන් ඇවිත් දැන් මාස 6 වැඩියි. තවම ගෙවල් වල මගේ යාලුවෝ ඕන තරම් ඉන්නවා රස්සා නැතුව. මම හිතන්නේ උපාධිය තිබුනත් නැතත් ගොඩක් සමාගම් බලාපොරොත්තු වෙන්නේ හොඳ ඉංග්‍රීසි දැනුමක්, සුළු මාර්කටින් දැනුමක් හා සාමාන්‍ය පරිගණක දැනුමක් විතරයි කියලයි. මේ අවශ්‍යතා තියන කෙනෙකුට හොඳ රස්සාවක් හොයා ගන්න බැරි කමක් නැ.

    ReplyDelete
  19. ජීවිතය ජය ගැනීම කියන එක දිහා නොයෙකුත් විධිහට බලන්න පුළුවන්.. සල්ලි ගොඩක් හම්බවෙන රස්සාවක් හරි ව්‍යාපාරයක් හරි තියෙනවා නම් ඔක්කොම හරි කියල හිතන්නත් එපා.. එක වතාවක් මට හමු උනා ලංකාවේ බොහොම සුළු තැනකින් පටන් අරන් කෝටි පතියෙක් උන කෙනෙක්. එයා මට කී දේ මට අදත් මතකයි.. " මන් ඉගෙනගත්තේ නැහැ.. කට්ටි පැන්න. එත් බිස්නස් වලින් හිමිහිට නැගල මේ තත්වෙට ආවා. මගේ ළඟ දැන් බොහොම උගත් අය ගොඩක් රස්සාව කරනවා ඒත් ළඟදී මන් යුරෝපේ සංචාරෙකට ගියා .. බොහොම ලස්සන දේ දැක්ක. එත් මට හරියට ඒවා රස විඳින්නවත් වටහාගන්නවත් බැරි උනා එතකොට තමයි මට තේරුනේ මම ඉගෙන ගෙන මේ තත්වෙට ආවා නම් කොච්චර හොඳද කියල." මේක කියෙවුවම හිතෙයි ඉංග්‍රීසි ඉගෙන ගත්තානම් ඔක්කොම හරිනේ කියල.. නැහැ.. ඒ විතරක් මදි ලෝකේ සැරිසරන්න.. කෙනෙක් පරිනත වෙන්නෝන දැනුම එකතු කරගෙන.. . මුලික ඉගෙනීමට සමාන කළහැකි තවත් දෙයක් නැහැ.. ඒ අවස්තාව එකට යොදන්න. කෙනෙකුගේ මුලික ඉගෙනීම දියුණු රටවල නම් අද පිළිගැනෙන්නේ උපාධිය මට්ටමේයි.. අපි තමයි උපාධිය මහා ලොකු එකක් කියලා ඊට පහලින් සැනසෙන්න හිතන්නේ.. ඒ අපේ නොදියුණු කමයි.. අද ඒ බී පෝලිම් අරන් දරුවන්ට විශ්ව විද්‍යාල වලට ඇතුල්වෙන්න බැරි උනාට ඉස්සර සී තුනත් ඉංජිනේරු පීටෙට ගියා. එතකොට ඒ ගොල්ල මෝඩයෝද ? නැහැ.. අද කඩඉම් පහු කරන්න අසමත් දරුවෝ අදක්ෂද ? නැහැ.. ප්‍රශේනේ වැඩිවෙන ජනගහනෙට සරිලන අද්යාපන පහසුකම් .. ආර්ථිකයට අවශ්‍ය විදිහට සකස් නොවීම සහ රාජ්‍ය අංශෙත් පුද්ගලික අංශෙත් ඇති විෂමතා.

    ReplyDelete
  20. නැව් වල වැඩ කරන අයට සාමාන්‍යයෙන් ඉහල වැටුපක් ලැබෙනව. ලංකාවෙ නම් එහෙම වැටුපක් සහිත රැකියාවක් හොයා ගන්න ඇත්තෙම නෑ වගේ තමයි. තිබ්බත් ඒවට හැමෝටම යන්න බෑ නෙ. සුදුසුකම් හරස් වෙනව.

    …සරත් සහෝදරය කිව්ව වගේ මමත් අහල තියනව දියුණු රට වල ගැරේජ් එකක වැඩ කරන කාර්මික මහතෙකුට උනත් ඉංජිනේරු මට්ටමේ පිලිගැනීමක් තියනව කියලා.

    …මම දන්න අය්ය කෙනෙක් ඉන්නව ඉස්කෝලෙ ගිහින් තියන්නෙ 5 පන්තියට විතරයි. නමුත් දැන් එයා ව්‍යාපාර දෙක තුනකුත් කරගෙන ඉන්න කෝටිපතියෙක්.

    …ඉස්කෝලෙ යන කාලෙ ඒක හරියට කරන්න ඕන. ඒ වගෙම මොනවා හරි වෘත්තීය පුහුණුවක් වගේ දේකටත් යොමු වෙනවා නම් හොඳයි. ඒත් දැන් පාසල් දරුවන් ට ඒවට වෙලාවක් නැහැනෙ.

    ReplyDelete
  21. මටනං හිතට අල්ලලා ගියේ විශේෂයි කියපු ටික..

    කරන්න කියලා නේ කිව්වේ? එල...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  22. උසස්පෙලින් ඉගෙන ගන්න දේවල් උපාධියක් දක්නා ගියත් නැතත් රැකියාව කරන්න ගොඩක් උදව් වෙනවා..ඒ නිසා තමන්ගේ උපරිම උත්සාහය දරලා විභාගෙ හොඳින් ලියන එක තමා වටින්නෙ..

    ස්තුතියි හසිත මේ වගේ පෝස්ටුවක් ලීවට..

    ReplyDelete
  23. සරසවි වරම් ලැබෙන එක ලංකාවේ හැටියට වාසනාවක්!

    නමුත් අද වෙද්දි ඒ වරම ලැබෙන්නෙ නැති අයට (ලංකාවේ පහසුකම් මදි හින්දා) විකල්ප මාර්ග ‍රැසක් තියෙන එක ගොඩක් වටිනවා.

    උනන්දුව තියෙනවා නම් සාර්ථක වෙන්න මාර්ගයක් පාදා ගන්න එක අමාරු නැහැ.

    ReplyDelete
  24. "විශේශයි"..විශේශයෙන් බැලුව....

    ReplyDelete
  25. සිරාවට ලොකු ආදර්ශයක් ඔප්පු කරලම තියෙනවා....

    ReplyDelete
  26. කලින් එක වගේම වටින ලිපියක්! කව්රු මොනව කිව්වත් ඉගෙන ගන්න කාලේ ඒ දේ හරියක නොකලොත් ඒකේ විපාක ජීවිත කාලෙ පුරාවටම විඳින්න වෙනව.

    ReplyDelete
  27. ලියලා තියෙන ටික උපරිමෙන් ලියලා තියෙනවා මලයා.. මාත් කැම්පස් ගියේ නෑ.. ඒත් ඒ ඉගෙන ගත්ත දේවල් වලින් දැන් මෙහේ හොදින් ඉන්නවා..

    ReplyDelete
  28. 'ඒත් මේ කතාවෙන් මම කියන්න උත්සහ කළේ ඉගෙන ගන්න ඕනේ කාලේ ඉගෙන ගන්නේ නැතුව පස්සේ දුක්වෙන්න තියාගන්න එපා' - අනිවාරෙන්ම ඒක හරි සහෝ..

    ReplyDelete
  29. නැවක රස්සා කරන එක ඔය තරම් අමාරුයි කියලා මම අදමයි ඇහුවේ..
    මොනා උනත් මුහුද මැද මුහුදු හුළඟත් එක්ක ඉන්න එක සැපයි නෙව.

    ReplyDelete
  30. හැබැයි ඕක බහුතරයකට අදාළ කාලෙට ඇඟිල්ලෙන් ඇනලා කිව්වත් තේරෙන්නෙ නැති එකයි අවුල...

    ReplyDelete
  31. හ්ම්.....ගොඩක් දේවල් තේරෙන්නෙ පහු වෙලානේ...

    ReplyDelete
  32. ඕක ටිකක් කට්ට වුනන්ට හොඳ වැටුපක් හොයන්ඩ පුලුවන් වැදගත් රස්සාවක්.. කට්ට කාගන ඉඳලා විභාග ටිකත් කරලා කැප්ටන් කෙනෙක් වුනොත් ගොඩේ ගොඩ... මාස තුනක් මුහුදෙ, මාස තුනක් ගොඩ.. පඩියත් ඩොලර් 10000 කට ආසන්න ගානක් ගත්තැකි.. හසිත මලේ යාලුවට කියහන් පිස්සු කෙලින්නැතුව ඕක කරගන ඉන්ඩ කියලා.. පුලුවන් නම් කැප්ටන් කෙනෙක් වෙන්ඩ බලන්ඩ කියපන්... ( ඉන්ජිනේරු අංශෙ නෙමේ නම් )

    එකම ප්‍රශ්නයයි තියෙන්නෙ.. සෝමාලියානු කොල්ල කාරයො.. උන්ට අහු වුනොත් සොරිම තමා.. ඒත් දැන් හුගක් නැව් වල ඒ කලාපය පහු කරනකොට සිකුරිටි ගාඩ්ලා ඉන්නවා වෙපන්ස් එක්ක.. හුඟක් උන් ( ගාඩ්ස්ලා ) නගින්නෙ ගාල්ලෙන්..

    ReplyDelete
    Replies
    1. මට මතකයි ගාල්ලෙන් බැහැපු එකෙක් මාත් එක්ක ඩුබායි වලට වෙනකන් ආව උගේ රටට යන්න යුරෝප එකෙක්. ඒවගේමයි උණවටුනේ මේ සෙට් එකක් ගමේ වුන් එක්ක රණ්ඩුවෙලා ඉස්පිරිතලෙත් හිටියා දෙගොල්ලොම.

      Delete
  33. මමත් කොටහක් එකතු කොරන්නම්කො ........මට කියන්න ඔනේ උනේ මේකයි , මගේ යාළුවෙක් හිටිය 10 වසරෙදි කරපු කුණු වැ‍ඩක් නිසා ඉස්කෝලෙන් අස්‍කරපු !!! අවුරුදු ගානක් යනකම් මූ කලේ හන්දියේ තුන්සකරිය ගාලේ නටපු එක ...... දවසක් ඌ වැරදිලා වගේ ගියා ස්පෝකන් සුද්දාස් ලැන්ගුවේජ් ක්ලාස් එකකට ඒ ගියෙත් නොමිාල් දෙන වකියපු ඩික්සනේරිය ගෙනත් විකුනන්න ///// කොහොම හරිවේවා එදා ඒ ගුරුවරය මුගේ මොලේ හෝදලා එවල තිබ්බ, මු දිගටම පන්ති ගියා විතරක් නෙවේ එච්චර කාලයක් බොරුවට රස්තියාදු වුන තුන්සකරිය ගාලේ හිටපු එකෙක්ගේ තුන්සකරියක් හයර් කොරන්න ගත්ත ..... මාස ගානකට පස්සේ මූ කැබ් සර්විස් එකකට සෙට් වුනා විතරක් නෙවෙයි ඉන්ටනැශනල් ඩරවින් ලයිසොමත් ගත්ත !!!!! ඔය කාලෙවෙනකොට අර පන්තිය නිසා මූට සුද්දාස් ලැන්ගුවේජ් එකත් ලෙසටම පුළුවන් .... ඉතින් මූ සංවාරක බස් සර්විස් එකකට බැදුන, රට ගියා !!! . 'හිරන්ත' ඒක තමයි කොල්ලගේ නම. දැන් ලංකාවේ සංවාරක බස් රථ කිපයක්ම තියෙන සල්ලිකාරයෙක් මේ හැමදේම වෙන්න ගියේ අතේ ඇගිලිගානටත් අඩු කාළයක් .........
    එතකොට තමයි මට ‍තේරුනේ ඉගෙන ගන්නව කියන්නේ ඉස්කෙි්ලෙකට ගිහිල්ල පොත්වලින්ම විතරක් කරන්න ඕනේ දෙයක් නොවන වග.මොකද හිරන්ත ඉගෙන ගත්තේ අකුරු නෙවෙයි , වාහන පදින හැටි ....... ජීවිතේ කියන්නේ සල්ලි නෙවේ තමයි , ඒ වගේම ජීවිතේ කියන්නේ ඒ ලෙවල් විභාගයත් නෙවෙයි ......
    උගත මනා ශිල්පයමයි මතුරැකෙනා කියන්නේ' ඉතුරුවෙන්නේ ඉගනගත්තු දෙයක්'කියන එක නෙවෙයි ඉගෙනගන්න ඕනෙ මතු රැකෙන්න දෙයක් කියන එකයි ......... ඔන්න ඔකයි ඇත්ත .....
    අනිත් එක තමයි ඉගෙන ගන්න කාළය කියල දෙයක් නෑ ..... මොකද ජීවිතේ ගතවෙන හැම මිනිත්තුවක දීම හැමෝම මොනව හරි ඉ‍ගෙන ගන්න නිසා

    ReplyDelete
  34. කැම්පස් යාම කෙසේ වෙතත් "හොඳ අධ්‍යාපනයක්" සාර්ථක ජීවිතයකට ශක්තිමත් පදනමක්.

    ReplyDelete
  35. හ්ම්ම්ම්ම්ම්..
    ඒකනං ඇත්ත..
    ඒත් ඉතිං නැවක නැවක වැඩ කලාම මොකෝ, පට්ට පඩිනේ...

    ReplyDelete
  36. ආදර්ශනම් බොහොමයි මේ පොස්ට් එකේ. ඒත් මම එලේවල් කලේ නැහැ. ඒත් දුක් වෙන්නෙත් නැහැ. මොකද ඒ පැත්තට වඩා මගේ හිත තිබුනේ පරිඝනක අංශයේ රැකියාවකට.

    ReplyDelete
  37. කරන රස්සාවක් හරියට කරනවානම් වරදින්නේ නෑ...

    ReplyDelete
  38. අයියෝ මටත් Medical College යන්න බැරි උනේ ලකුණු පොඩි ගානක් අඩු උන නිසානේ...තව ලකුණු 45ක් තිබ්බනං මමත් දොස්තර !

    ReplyDelete
  39. අනේ මන්ද දැන් මේ පාර අනාගෙන තියෙන ඇනිල්ලෙ හැටියට ඉගෙන ගත්තු උන් මෝඩයෝ වෙලා නේ?

    ReplyDelete
  40. හොඳ ඔවදනක්! මට දෙයක් එකතු කරන්න හිතෙනවා මේකට ... " නංගියේ , මලියේ!!! ඉගෙනගනිල්ලා , හොඳට , කවදාහරි ලංකාව කියන මර උගුලෙන් පැනගන්න පුළුවන් වෙන මට්ටමට!!! ලංකාවට කෙල වෙලා ඉවරයි , ඉතුරු ටිකටත් ළඟදීම කෙළවයි!!! "

    ජය!

    ReplyDelete
  41. ආදර්ශමත් ලිපියක්.....

    ReplyDelete
  42. මීට කලින් පොස්ට් එකේදිත් උසස් පෙල කරන අයට පුංචි ඔවදනක් වගේ පොස්ටුවක් ඔබ අතින් ලියවුණා.ඇත්තටම මේකත් වටින පොස්ට් එකක්

    ReplyDelete
  43. මගෙ යාලුවෙකුත් ලඟදි නැවකට ගියා..එයා බ්ලොග් එකක් ලිව්ව කෙනෙක්..දැන් කැප්ටන් කෙනෙක් වෙන්න පුහුනු වෙනවා..එයාගෙ ඉස්සර ඉඳන්ම අශාව උනේ නැව් කැප්ටන් කෙනෙක් වෙන්නලු..

    ReplyDelete
  44. අගේ ඇති අවවාදය හසිත ඉගන ගත් දේ වටිනාකම තේරෙන්නේ රස්සාවක් කරන කොට තමා

    ReplyDelete
  45. විභාග කියන්නේ ජීවිතය නෙමේ... හැබැයි දැනුම ජීවිතයට වටිනවා.. ඒ විතරක් නෙමේ ප්‍රයෝජනවත් වෙනවා නොසිතන මොහොතවල් වලදිත්.. අධ්‍යාපනයට හරියන රැකියාවක් වෙනුවට හැකියාවට ගැළපෙන රැකියාවක් තෝර ගන්න පුළුවන්නම් මේ වගේ පසුතැවිලි වීම් වෙන් නෑ මම හිතන විදිහට..මම නම් මම ගැන උපරිම තෘප්තිමත්.. හැබැයි වෙනසක් වෙනුවෙන් ජීවිතේ වෙනස් කරන්නත් ඕනේ වෙලාවක රෙඩී..

    ReplyDelete
  46. කෙනෙක් හැබෑවටම හිතට ගන්නවා නම් මේක හොද කතාවක් මලේ. අහන දකින දේවල්වලින් අනිත් අයවත් දැනුවත් කරන එක හුගාක් වටිනවා.

    ReplyDelete
  47. අන්න තමන් නෝට්ස් ලියාගෙන අනිත් උන්ට නෝට්ස් ලියාගන්න බැරිවෙන්න පොත වෙන කබඩ් එකක හංගන එවුන් ඉන්න යුගයක තමනුත් එගොඩ වෙලා නංගිලා මල්ලිලාවත් එගොඩ කරන්න හදන හොඳම සහෝදරයෙක්. :) :)
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  48. සියලු දෙනාටමයි

    බොහෝ දෙනා බොහෝ දේ කියා ඇති නිසා මට විශේෂයෙන් කියන්න දෙයක් ඇතියි කියලා මට හිතෙන්නේ නැහැ. ඒත් පොඩි දෙයක් එකතු කරන්නම්. මේ කතාවෙන් ආදර්ශ දෙකක් ගන්න පුලුවන්, එකක් තමා පේන්න තියෙන ආදර්ශය. අනෙක තමා සැඟවුණු ආදර්ශය.

    පේන්න තියෙන ආදර්ශය තමා ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගන්න ඕනේ. කැම්පස් යන්නම උත්සහ කරන්න ඕනේ කියන එක.

    සැඟවුණු ආදර්ශය තමා තමන් මොනවා කළත් ඒ කරන දේ උපරිම කැපවීමෙන් කරන්න ඕනේ. ඒ නැතුව පස්සේ ඒක ගැන පසුතැවෙන එක අපරාදේ. සරලවම කිව්වොත් "ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ"

    කොහොම නමුත් මේ සටහන වගේම ඒ වෙනුවෙන් එකතු වුණු අදහස් ටිකයි කියෙව්වා නම් අධ්‍යාපනය පැත්තෙන් වේවා අනෙක් වෘත්තීමය පැත්තෙන් වේවා ඉදිරියට යන හැටි ගැන වටිනා කියන අදහස් ගොඩක් එකතු වෙලා තියෙනවා.

    අපි කරපු ඒ දේම ඇති මේ බ්ලොග් අවකාශයේ වගේම ඉන් පිටතත් මේවා කියවන අයට යමක් ගන්න :)

    ඉතින් හැමෝටම ස්තුතියි, පිං

    ReplyDelete
  49. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................