Friday, June 25, 2010

Card දැමීම, Card දමා ගැනීම සහ Card වැටීම

හුඟක් අයට ඇත්ත නමත් එක්ක එක එක තැන්වල එක එක විදිහට කරපු හරි වුණු හරි වැඩ නිසා Card වැටෙනවානේ. කොහොමත් Campus වල හැම කෙනෙක්ටම ආපු ගමන් කරන්නේ Senior Batch එකේ කට්ටිය විසින් card එකක් දාන එකනේ. ඒක ගැන පස්සේ දවසක කියන්නම්කෝ.

ඉතින් මේ තියෙන්නේ මම දන්න කියන කීප දෙනෙක්ට Card වැටුණු, Card හැදුණු, Card දාගත්තු scenes කීපයක්. ගොඩාක් තිබ්බත් අතිශය සභ්‍ය ටික තමා මේ දාලා තියෙන්නේ. තව තියෙනවා ඒවත් පුලු පුලුවන් විදිහට කියලා දාන්නම්කෝ

මුල්ම කතාව වුණේ ගිය සතියේ දහම් පාසලේදී. අපිත් එක්ක දහම් පාසලේ උගන්වන කෙනෙක් ඉන්නවා අපි කියමුකෝ man ට චාමර කියලා. අපේ වයසේමයි. ගමේ ඉන්න කොල්ලන්ගෙයි වැඩිම card ප්‍රමාණයක් හිමි පුද්ගලයා තමා මෙයා. බුවා කොහෙට මොකට සෙට් වුණත් card එකකුත් දාගෙන තමා එතනින් යන්නේ.


ඉතින් ගිය සතියේ දහම් පාසලේ interval එකේදී අපි කෑම කන්න පන්සලේ දාන ශාලාවට ගිය වෙලේ චාමරයගේ අතේ අළුත් phone එකක් තියෙනවා මම දැක්කා. බියගම වෙළෙඳ කලාපේ garment එකක lab එකේ තමා පොර වැඩ කරන්නේ. අතේ මිටේ සල්ලි එහෙමත් වැඩියෙන් ගැවසෙන නිසා මිනිහගේ hobby එක තමා අළුත් අළුත් phone ගන්න එක. හැබැයි ගන්නේ Chinese Phones. සතියෙන් සතිය වගේ phone මාරු කරනවා. මේ සතියෙත් අළුත් phone එකක් අතේ තිබ්බ නිසා මායි චාමරයි අතර වුණු සංවාදය තමා මේ

මම : ෂාහ් සිරා phone එකක් නේ බන්. Blackberry එකක් වගේනේ. කීයක් වුණාද ?

චාමර : සිරා phone එක බන්. 8 ක් විතර ගියා.

මම : උඹ අලුතෙන්මද ගත්තේ ?

චාමර : නැහැ බන් අපේ garment එකේ කොල්ලෙක් ටික දවසක් පාවිච්චි කරපු එකක්.

මම : මචන් මේක චීන එකක්ද ?

චාමර : නැහැ බන් මේක Chinese එකක්

මම : එතකොට Chinese කියන්නේ චීන කියන එක නෙමෙයිද ?

චාමර : ආහ් ඔව් නේ බන්. කලබලේට මතක් වුණේ නැහැ

අන්තිමට පොරගේ අළුත්ම card එක තමා Chinese

----------------------------------------------------------------------------------------


අපේ ඉස්කෝලේ තියෙනවා Library Readers Association කියලා සංගමයක්. ඒකේ කට්ටිය ඉස්කෝලේ Library එකේ වැඩ කටයුතුවලට හෙණ සප් එකක් දෙනවා. ඒක නිසා එයාලට සාමාන්‍ය අයට නැති facilities එහෙමත් තියෙනවා. Library Readers Association එකේ Members ලාට කියන්නේ Reders ලා කියලා. ඉතින් ඒකේ පොරවල් සාමාන්‍යයෙන් interval එකට library එකට වෙලා ඉන්නවා. අපේත් එකෙක් හිටියා Reader කෙනෙක් වුණු.

පොර දවසක් library එකේ ඉද්දී Association එකේ Senior පොරක් අපේ man ගෙන් ඇහුවා " මල්ලී, Reader කෙනෙක්ද ?" කියලා

අපේ එකා කියාපි " නැහැ අයියේ මම පාඨකයෙක්" කියලා

ඉතින් ඒ දවස්වල man ගේ card එක වුණේ පාඨකයා


----------------------------------------------------------------------------------------


මේක වුණේ අපි A/L Logic වලට ගිය තර්ක මැදුරේ. දවසක් අපේ ගුරුතුමිය ගමනක් ගියා අපේ කට්ටියට කරන්න paper එකක් දීලා. අපි ඒක ඉවර කරලා නිකම් ඉන්න නිසා T.V එක දාගත්තා. එදා ටොම් කෲස් ඉන්න The Last Samurai කියන film එක පෙන්නුවා.

ඒකේ ඔය සමුරායිලා යුද්ධවලට යන scene එකකදී අපේ එකෙක් මෙහෙම කිව්වා "ඔය සමුරායිලා යුද්ධ පරදින එක සාධාරණයි බන්"කියලා.

අපි ඇහුවා "මොකද බන් ?" කියලා.

Man කියනවා "බලපන් යුද්දෙකට යද්දී ආවුද ගෙනියන්නේ නැතිව මොන මඟුලටද කොඩි උස්සන් යන්නේ. කොඩි උස්සන් යන්නයි fight කරන්නයි දෙකක් කරන්නේ කොහොමද ? ඒකනේ ඔවුන් පරදින්නේ" කියලා.

ඉතින් එදා ඉදන් පොරගේ card එක සමුරායි

----------------------------------------------------------------------------------------


මේකත් තර්ක මැදුරේම කතාවක්. දවසක් මම කිව්වේ අපේ මලින්ද සර් ගැන කතාවක්. මේකත් පොර ගැනම කතාවක් තමා. මලින්ද දැන් දළුගම ශාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලයේ A/L Class එකට Logic උගන්වනවා. ඉතින් තර්ක මැදුරේ පරණ set එක මලින්දට card එකක් දැම්මා ෆ්‍රැන්සිස් කියලා. පෙළක් වෙලාවට ෆ්‍රෑන්ක්, ෆ්‍රැන්සි, ෆ්‍රැන්සියා කියලත් කියනවා.

ඒ අස්සේ පොර මුස්ලිම් කෙල්ලෙක් එක්ක පොඩි කතාවක් ගිහින් පස්සේ අපේ එවුන්ටත් ආරංචි වෙලා අපේ set එක මලින්දයාව මුස්ලිම් කළා. දැන් මලින්දයාගේ සම්පූර්ණ නම තමා

" අලි අක්බර් මලින්ද ෆ්‍රැන්සිස් ඛාන්"

ඔක්කොම එක පාර කියන්න බැරි නිසා හුඟක් වෙලාවට කට්ටිය කියන්නේ එක්කෝ ෆ්‍රෑන්ක්, ෆ්‍රැන්සි, ෆ්‍රැන්සියා කියලා ඒත් නැත්නම් ඛාන් කියලා...

අපි මේ මොන විහිළුව කළත් මලින්දයාගේ වැඩේ මෝඩ හිනාවක් දාගෙන ඉන්න එක. මොනවා වුණත් මලින්දයා ඔද මුනියා

----------------------------------------------------------------------------------------

ප.ලි.: මම මුලින්ම ලියන්න හිතුවේ පොඩි පොඩි ආගිය කතා ටිකක්. අන්තිමට ලියපු කතා ඔක්කොම ටිකේ තිබ්බේ කට්ටියට card වැටුණු හැටිනේ. ඒක නිසා මුලින්ම ලියපු කතාවේ තිබ්බේ කාටවත් card එකක් හැදුණු හැටි නෙමෙයි නිසා ඒක අයින් කරන්න හිතුවේ. පස්සේ හිතුවා ඔන්න ඔහේ ඒකත් කියලා දානවා කියලා.

මෙන්න අද අතුරුපස කතාව....


මේ කතාව වුණේ 2003 හෝ 2004 වගේ. අපේ සීයත් එක්ක මම නෑයෙක්ගේ ගෙදර තිබුණු දානේ ගේකට ගියා. සීයට ඒ වෙද්දිත් වයස අවුරුදු 93 ක් විතර. ටිකක් අමතක වෙන ගතිය එහෙමත් තිබ්බා. අපි ගිහින් ටික වෙලාවකින් දානෙට හාමුදුරුවන්ව වැඩමවාගෙන ආවා. මෙන්න සීයයි මායි අතර වුණු කතාව

සීයා : පුතේ ?

මම : ඇයි සීයේ ?

සීයා : මේ හාමුදුරුවරු මහණ වෙලාද ඉන්නේ පුතේ ?

මම : ඔව්නේ සීයේ. මහණ වුණු අයටනේ හාමුදුරුවෝ කියන්නේ

සීයා : ආහ් ඔව්නේ පුතේ.....

39 comments:

  1. මැක්සා කාඩ් ටික නේ අයියේ...

    ReplyDelete
  2. හොඳයි හොඳයි.. ඒත් හොඳම ඒව මෙතන නෑ නෙ?
    Lol!

    ReplyDelete
  3. අන්තිම කතාව තමයි හොඳම

    ReplyDelete
  4. මටත්නම් කාඩ් වැටිලා තියනවා බර ගාණක්. ඒ ගොඩක් ඒව ප්‍රසිද්ධියේ කියන්න බැරි නම් ... :D

    ReplyDelete
  5. නියමයි නියමයි.මරු කාඩ් දෑමිල්ල

    ReplyDelete
  6. අන්තිම කතාව තමා හොදටම වැදුනෙ....

    ReplyDelete
  7. අග එක එළ....උනේ ඕකෙ අනික් පැත්ත නේද...

    ReplyDelete
  8. හානේ කාඩ් ගැන තියෙන වටින ලියුමක් නෙව මේක....

    ReplyDelete
  9. අද දන්සැලක් තිබුන දහම් පාසලේ.බෙලිමල් සහ හකුරු.මම තමයි මුල් හරියේ බෙලිමල් ඇල්ලුවේ.වැඩිපුරම මට අහු වෙලා තියෙන්නේ ලැන්ඩ්මාස්ටර්.අපේ වයසේ කෙල්ලෝ ටික ඒක නෝට් කරගෙන ගිහින් මිස්ලටත් කියල දැන් මිස්ල මට ලැන්ඩ්මාස්ට‍ර් පෙන්නනවා...මට එක්ස්ප්‍රස් දාපු කෙල්ලොම දැන් හද්දම හද්ද නමක් දාලා.....

    ReplyDelete
  10. හප්පා. . . . මේක කියවනකොට මටත් මතක් වෙන්නෙ මට තිබ්බ කාඩ් තොගය. ඔක්කොම 32 ක්ද කොහෙද තිබුන. පලවෙනි කාඩ් එක වැදුනෙ 4 පංතියෙ ඉන්නකොට. කාඩ් එක ගැහුවෙත් ඉස්කෝලෙ ලොකු මිස්. මෙහෙදි (ඩුබායි ) වලදි මාත් එක්ක සාමාන්‍යය පෙළ ජයනෙත්ති සර්ගෙ ඇල්ෆා ඉන්ස්ටිටියුට් එකේ ක්ලාස් ගිය එකෙක් සෙට් උනා. ඌට මගේ නම මතක නැහැ . . . ඌ මට කතා කලේ අර 4 පංතියේදි වැදුන කාඩ් එකෙන් . . .

    මමත් ආස අර අතුරුපස කතාවට තමයි . . . !

    ReplyDelete
  11. හික් හික් හික් දැන් බලාගෙනයනකොට කාඩ් වැටිච්ච නැති කවුරුත් නෑ හිහ් හිහ් හිහ් එළමතමා........ මට පුදුමෙ මේ කවුරුත් උබේ කාඩ් එක ගැන අහපු නැති එක. හික්ස් & ලොල්....... දැන් ඉතින් ඒ ටිකත් කියල දැම්මොත් නේද හොඳ කොල්ලෝ මොකද මම අහනවනේ අනික් කස්ටිය අහුවෙ නැතිඋනාට :ඵ්. ජේ.ඩී ත් අර අන්තිම කතාව පට්ටම කිව්වලු ඈ.

    ReplyDelete
  12. @Navaka

    හොඳම ඒවා ප්‍රසිද්ධියේ කියන්න බැහැනේ ලොක්කා. තව ටිකක් ඉස්සරහට දාමුකෝ ඔක්කොම පරහවල් බේරලා

    ReplyDelete
  13. @Sac's photography

    ඔක්කොට කතාවලට වඩා අතුරුපස කතාව නැගලා ගිහින් නේ. කොහොමද අයියා exam එහෙම ඉවරද ?

    ReplyDelete
  14. @thariya

    ප්‍රසිද්ධියේ කියන්න පුලුවන් දෙක තුනක් හරි ඇතිනේ. ඒ ගැන කතා දෙක තුනක් කිව්වා නම් පංකාදුයි :)

    ReplyDelete
  15. @nuwans.com

    හික්ස්. මේකේ කාඩ් දාපු හැටි, වැටුණු හැටි, දාගත්තු හැටිත් තියෙනවා :)

    ReplyDelete
  16. @පිස්සා පලාමල්ල

    අන්තිම කතාව දාන්නේ නැතිව ඉන්නත් ගිහින් දාපු එක. ඒක තමා හොඳටම හිට් වෙලා තියෙන්නේ :)

    ReplyDelete
  17. @ඉන්දික උපශාන්ත

    අප්පෝ නැහැ අයියා. මේ තියෙන්නේ ඒක වුණු හරි විදිහටම තමා. අපි බොරු කියන්නේ නැහැ :)

    ReplyDelete
  18. @indi

    උදාහරණත් එක්ක තියෙන වටින ලිපියක්. නේද අයියා :)

    ReplyDelete
  19. @blog gadol

    සිනා:) සිනා:) සිනා:) සිනා:) වෙන්න සිනා:)

    ReplyDelete
  20. @Xpress (Galle Tech™ )

    ඔහොම තමා සහෝ පින් දහම් කරන්න යද්දී එක එක බාධා වෙනවා තමා. එක්ස්ප්‍රස් කියලා හැදුනේ කොහොමද ? ඒක ගැනත් යම්ක් කිව්වොත් නේද හොඳ ?

    ReplyDelete
  21. @දුමී

    පොඩි කාලේ ඉදන්ම කාඩ් දාගත්තු කොල්ලෙක් කියන්නේ ඉතින් කතා 2 ක් නැහැ. අනික ඉස්කෝලේ ලොකු මැඩම්ගෙන් කිව්වාම සුලු පටු නම්බුවක්ද ?

    අතුරුපස කතාවට ජනතා සම්මාන ගොඩයිනේ :)

    ReplyDelete
  22. @ජේ.ඩී

    මගේ කාඩ් නේද ? ඉස්කෝලේ යන කාලේ නම් කළු පාට නිසා [මම සුදුයි හරිය] කළු මල්ලී [කොටින්ම මගේ නෑයොත් කියන්නේ මට කළු පුතා කියලා ආදරේට] නැත්නම් ගුණේ [නම ගුණසිංහ නිසා] කියලා තමා කට්ටිය දාලා තිබ්බේ කාඩ් එක.

    කැම්පස් කාඩ් එක නම් ටොප් සීක්රට් :) :) :)

    ReplyDelete
  23. godak kalekin thama oyage mee aagiya katha kiyawanna labuneee mata aaneepaela hitiyanisa...... anyway... niyama card tika....apita campus 1th kochchara card watila thiyenawada...hi..hi...
    shashi

    ReplyDelete
  24. @Hasitha Ow malli exam iwarai. Ada oyage mulu blog ekama kiyawala iwarakara. Thawa mona kathada apey thatthath gajaraameta oyage blog eka kiyawanawa :)

    ReplyDelete
  25. @ Shashi

    ආගිය කතා කියවීමෙන් ඔබේ සිත පහන් වී සියළු රෝගාබාධ පහව යේවා...
    මේ ආගිය කතාකරුගේ පැතුමයි...

    ReplyDelete
  26. @Sac's photography

    exam ඉවර නම් ආයි ඉතින් තව ටික කාලෙකට කරදරයක් නැහැනේ අයියා :)

    මුළු බ්ලොග් එකම කියෙව්වා නම් මොකක්ද බ්ලොග් එක ගැන ඔයාගේ අදහස ? ඒ වගේම ඔයාගේ තාත්තාගේ අදහසත් කියන්නකෝ.

    තාත්තත් ඔයාත් එක්ක ඕස්ට්‍රේලියාවේද ඉන්නේ ?

    කොහොමින් කොහොම හරි මේ බ්ලොග් එකෙන් කවුරුහරි සතුටක් දැනුමක් ලබාගන්නවා නම් ඒකයි මගේ සතුට.

    මේ විදිහට ලබාදෙන හයියට ඔයාටත් ඔයාගේ තාත්තාටත් ස්තුතියි :) :) :)

    ReplyDelete
  27. bohoma isthuthiiii yaluwa....
    sashi

    ReplyDelete
  28. machan ube story nam sira... digatam karnna BEST OF LUCK MACHAN...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................