Saturday, June 12, 2010

අභයගිරියේ කොතේ බාගයක් නැතිවීම සහ තවත් කතාවක්

ටික දවසකට පස්සේ අද තමා post එකක් ලියන්න ඉඩක් හම්බුණේ. මොකද මේ බ්‍රහස්පතින්දා Campus පටන් ගත්තනේ. දැන් ආයිත් සුපුරුදු පරිදි වැඩ. ඉතින් ඊයේ අපි set එකක් Campus එකේ lectures එහෙම ඉවරවුනාට පස්සේ හැන්දෑවේ Art Gallery එකේ තිබ්බ ඉන්ද්‍රනාථ තේනුවර සර්ගේ පැනොරාමා Exhibition එක බලන්න ගියා . අපේ set එකට කෝමල්, කෝරාල, කඩ්ඩා, මැදයා, දුකා, ප්‍රභා සහ මම තමයි අයිති වුණේ.

කොහොමින් කොහොම හරි අපි Art Gallery එකට ආවයි කියමුකෝ. සෙනඟත් ගොඩක් ඇවිත් හිටියා ලංකාවේ පළවෙනි පාරට වෙන මේ අළුත් වැඩේ බලන්න. ඒ අතරේ අපේ බ්ලොග් සහෘදයෙක් වෙන අනුෂ්ක ලක්මාල් " Bunny" ඉදලා මට මීටර් වුණෙත් නැහැ.

ඉතින් අපි photos එකෙන් එක බලන් යද්දී අපිත් එක්ක හිටිය කෝමලයයි, කෝරාලයයි photo එකත් එක්ක තිබ්බ විස්තරේ අපිට නොතේරෙන ඒවා, සමහරක් photosවල තිබ්බ අඩුපාඩු එහෙමත් අපිට පෙන්නලා දුන්නා. උන්ට ඒවා ගැන තේරෙනවා ටිකක්. ඒකට හේතුව උන් දෙන්න Campus එකේ Image Arts කියන subject එක කරන එක.

ඔහොම බලන් යද්දී එක photo එකක් තිබ්බා අනුරාධපුරේ බසවක්කුලම වැවත් එක්ක ඈතින් දාගැබ් කීපෙකුත් පේන්න ගත්ත photo එකක්. ඒකේ විස්තරේ හැටියට තිබ්බේ "අනුරාධපුරේ බසවක්කුලම වෑ කණ්ඩියේ සිට බැලූ විට පෙනෙන, ඉර බැස යන සැන්දෑවේ විදුලි ආලෝකයෙන් ඒකාලෝක වූ, අභයගිරිය, රුවන්වැලිය සහ ථූපාරාමය චෛත්‍ය ත්‍රිත්වය සහිත මනරම් දර්ශනය" කියලා.

ඔන්න ඔය එක බලද්දී අපේ විද්වතුන් ටික දක්වපු අදහස් තමා මේ.

මුලින්ම කෝමලයා කිව්වා "අභයගිරියේ කොතෙන් බාගයයිනේ බන් තියෙන්නේ" කියලා.

ඒකට උත්තරයක් විදිහට කෝරාලයා කිව්වා " Photoshop වලින් edit කරද්දී කොතෙන් බාගයක් කැපෙන්න ඇති බන්. අපි අර කලින් photo වලත් එහෙම වුණු ඒවා දැක්කේ" කියලා.

පස්සේ කෝමලයාම කිව්වා "අභයගිරියේ කොතේ බාගයක් කැඩුණේ බන් මෙහෙමනේ. හනුමා ඉන්දියාවේ ඉදන් උස්සන් ඇවිත් අත අරිද්දී ගැස්සුණු ගැස්සිල්ලට තමා අභයගිරියේ කොතෙන් බාගයක් කැඩුණේ" කියලා

ඕක අහපු Campus එකේ History එහෙම කරන මැදයා කිව්වා "පිස්සුද බන් ඔය අභයගිරියේ හැටි. කොහොමත් කොතෙන් බාගයයි තියෙන්නේ. කොතෙන් බාගයක් විතරක් තියෙන්න හේතුව උඹලා දන්නවාද ? දුටුගැමුණු රජ්ජුරුවන්ගේ සේනාවේ හිටිය නන්දිමිත්‍ර යෝධයා කවපෙත්ත practise කරද්දිලු අභයගිරියේ කොතෙන් බාගයක් කැඩුණේ. කොහෙද උඹලා History දන්න එකක්යැ" කියලා

ඉතින් ඕක අපේ එවුන් fun එකට කියපු එකක් වුණත් අපි පස්සේ ඒ photo එකේ විස්තරේ තිබ්බ අතපසුවීමක් දැක්කා. ඒක තමයි මේ තියෙන චෛත්‍ය තුනෙන් මැද තියෙන්නේ රුවන්මැලිසෑය ඒක නම් හරි. ඒත් වම් පැත්තේ තියෙන චෛත්‍ය අභයගිරිය නෙමෙයි ජේතවනාරමය බවත් දකුණු පැත්තේ තියෙන චෛත්‍ය ථූපාරාමය නෙමෙයි මිරිසවැටිය කියන එකත්.

එහෙම කියන්න හේතුව වුණේ එකේ වම් පැත්තේ තියෙන චෛත්‍යයේ කොත බාගයක්ම කඩා වැටී තිබීම. එහෙම තියෙන්නේ ජේතවනේ. අභයගිරියේ කොත දිගැටිව සාමාන්‍ය ප්‍රමාණයක් තිබෙනවා. දකුණු පැත්තේ තියෙන චෛත්‍ය රුවන්මැලි සෑය වඩා කුඩා ඒත් විශාල චෛත්‍යයක්. නමුත් ථූපාරාමය එතරම් විශාල නැහැ. ඒක නිසා මේ හැඩේට තියෙන චෛත්‍ය තමා මිරිසවැටිය.

අභයගිරි දාගැබ

ජේතවන දාගැබ

ථූපාරාම දාගැබ

මිරිසවැටි දාගැබ

මිරිසවැටි දාගැබ සහ රුවන්මැලි සෑය

අභයගිරිය මුදුනට ජේතවනාරාමය සහ රුවන්වැලිසෑය පෙනෙන ආකාරය

අභයගිරිය මුදුනට රුවන්වැලිසෑය සහ මිරිසවැටිය පෙනෙන ආකාරය
[අභයගිරි දාගැබ මුදුනේ සිට ලබාගත් photos මකරා හෙවත් චානක අරුණ මුණසිංහ මහතාගෙන් ලැබුණු ඒවයි. ඒ මහතාට මගේ ස්තුතිය :)]

අපේ කතාව තවත් පැහැදිලි වෙන්න අනුරාධපුරේ සිතියමකුත් එකතු කළා. ඒකෙන් බලන්න පුලුවන් අනුරාධපුරේ චෛත්‍ය පිහිටලා තියෙන්නේ කොහොමද කියලා [සිතියම පැහැදිලි මදි නම් සිතියම උඩ කොටලා ලොකු කරලා බලන්න.]

කොහොම වුණත් මේ photos එක්ක බලද්දී ඒක තහවුරු වෙනවා. කෝකටත් ඔයාලගේ අදහස් එහෙමත් කියන්න මේක ගැන.

අන්තිමට අපි කෝකටත් ඉන්ද්‍රනාථ සර්ගෙන්ම මේක ගැන අහන්න හිටියේ. මොකද සර්නේ photo එක ගත්ත එක්කෙනා. ඒත් ඒ වෙලේ යෞවන කටයුතු ඇමති ඩලස් අලහප්පෙරුම මහත්තයාත් ඇවිත් හිටියේ. ඉන්ද්‍රනාථ සර් ඇමතිතුමාට photos එකෙන් එක විස්තර කරමින් හිටියේ. ඉතින් සර්ගෙන් අහන්නත් බැරිවුණා.

ඉන්ද්‍රනාථ සර්ගේ පැනොරාමා ප්‍රදර්ශනේ ගැන කිව්වොත් ඒක් නම් අති විශිෂ්ඨ වැඩක් කියන එක නම් කියන්නම ඕනේ. එහෙම දෙයක් හිතපු එකත් නියමයි. ඔයාලටත් යන්න පුලුවන් කමක් තියෙනවා නම් අනිවා බලන්න යන්න. සඳුදා වෙනකම් උදේ 9 ඉදන් හවස 6 වෙනකම් මේ ප්‍රදර්ශනේ තියෙනවා.


ප.ලි.: කෝමලයා Image Arts කරන එකානේ. එක photo එකක shutter speed එක ගැන පොරට ලොකු ගැටළුවක් ආවා. ඉතින් එතන හිටිය Campus එකේ Image Arts කරන අයියලත් එක්කත් මෙයා ඒක ගැන කතාව. අපි යන්න යද්දීත් කෝමලයා කියෝ කියෝ ඉන්නවා ඒක ගැන. පස්සේ ඉතින් කෝමලයට තව card එකක් වැටුණා " Shutter Speed" කියලා :)

ප.ප.ලි.: ඉන්ද්‍රනාථ සර් එයාගේ අනුමෝදනාව තුළින් අන්තර්ජාලයේ ෆේස්බුක් අඩවියේ සහෘද කැලවත් භක්ත්‍යාදරයෙන් සිහිපත් කරලා තිබුණා. එහෙම තමයි නියම මිනිස්සු. ප.ප.ලි. කොටසෙන් ඉන්ද්‍රනාථ සර්ගේ මනුස්සකමට මල් මිටක් :)

39 comments:

  1. "ඒකට උත්තරයක් විදිහට කෝරාලයා කිව්වා " Photoshop වලින් edit කරද්දී කොතෙන් බාගයක් කැපෙන්න ඇති බන්. අපි අර කලින් photo වලත් එහෙම වුණු ඒවා දැක්කේ" කියලා."
    මමත් ඉතින් ඕකම අරගෙන තියනව මගෙ ෆොන් එකෙන් පැනොරාමා ද මොකක්ද මන්දා මූඩ් එකක් දාලා.ඒකට ඉතින් මම Photoshop වලින් edit මොකවත් කලේ නෑනේ.පැනොරාමා විදිහට හදන්න Photoshop ඕනෙමද?

    ReplyDelete
  2. @Anonymous

    පැනොරාමා විදිහට photo එකක් ගන්නවා කියන්නේ එක පාර photo එකකට ගන්න බැරි දර්ශනයක් එක photo එකකට ගන්න එක.

    ඉන්ද්‍රනාථ සර් මේ මම කියන චෛත්‍ය 3 ක් එක්ක බසවක්කුලම වැව තියෙන photo එක හදන්න photos 14 ක් අරන් තියෙනවා [මට මතක විදිහට]

    ඒවා ඔක්කොම එකට set කරලා තියෙන්නේ photoshop පාවිච්චි කරලා.

    මම කරපු පැහැදිලි කිරීම තේරෙන්නේ නැතුවා වෙන්නත් පුලුවන්. ඒක නිසා පුලුවන් කමක් තියෙනවා නම් මේ ප්‍රදර්ශනේ බලන්න යන්න. එතකොට හොඳටම තේරෙයි :)

    ReplyDelete
  3. මෙන්න මේ ෆොටෝ 4 බලලා ඒවත් එක්ක සංසන්දනය කරලා බලන්න

    1. ජේතවනාරාමය
    http://www.facebook.com/photo.php?pid=1495678&l=47c8e53705&id=685407931
    ---------

    2. අභයගිරිය
    http://www.facebook.com/photo.php?pid=1495700&l=09478c917f&id=685407931
    ---------

    3. අභයගිරිය මුදුනට ජේතවනාරාමය සහ රුවන්වැලිසෑය පෙනෙන ආකාරය

    http://www.facebook.com/photo.php?pid=1495708&l=419cba121d&id=685407931
    -----------------

    4. අභයගිරිය මුදුනට රුවන්වැලිසෑය සහ මිරිසවැටිය පෙනෙන ආකාරය

    http://www.facebook.com/photo.php?pid=1495709&l=ac66b9d0d8&id=685407931

    -------------------------

    ජේතවනාරාමය සහ අභයගිරිය යන දෙක මෑත කාලයක් වෙනකම්ම වැරදි විදිහට මාරු කරලා අඳුනාගෙන තිබුණලු. පටලැවිල්ල ඇරගත්තේ කොයි කාලෙද කියන එකනම් දන්නෙ නෑ. හැබැයි මම පොඩිම පොඩි කාලෙ අනුරාධපුරේ ගියපු වෙලාවෙ (about 1990) ගත්ත ෆොටෝ වල අභයගිරිය කියලා තියෙන්නෙ දැන් ජේතවනාරාමෙ.

    ReplyDelete
  4. @Chanaka Aruna Munasinghe

    ඔයාගේ photos ටික නම් අනර්ඝයි අයියා. ඒකෙන් අපි දක්වන කතාව තහවුරු වෙනවා මට පේන විදිහට.

    විශේෂයෙන්ම මේ photos දෙකෙන්.

    අභයගිරිය මුදුනට ජේතවනාරාමය සහ රුවන්වැලිසෑය පෙනෙන ආකාරය

    http://www.facebook.com/photo.php?pid=1495708&l=419cba121d&id=685407931

    අභයගිරිය මුදුනට රුවන්වැලිසෑය සහ මිරිසවැටිය පෙනෙන ආකාරය

    http://www.facebook.com/photo.php?pid=1495709&l=ac66b9d0d8&id=685407931

    ඔයාගේ ටිකත් මම එකට එකතු කරන්න තමා හිතුවේ.

    ඒ වගේම අභයගිරියයි ජේතවනෙයි පටලවා ගෙන හිටපු එක විසඳන්නේ සෙනරත් පරණවිතාන මහත්මයා 1960 දශකයේ වගේ.

    ReplyDelete
  5. අභයගිරියයි ජේතවනෙයි පටලවාගෙන තිබ්බ කතාව ඇහුවට පස්සෙ මම පරණ ෆොටෝ බැලුවා. සමහර විට මටත් පැටලෙන්න ඇති. ආපහු පාරක් . ආයෙ ගෙදර ගියාම ඒ ෆොටෝ තව පාරක් බලන්න ඕනෙ. 1990 දි ඔය දෙකම කැලෑ වැදිලා තිබ්බේ

    ReplyDelete
  6. @Chanaka Aruna Munasinghe

    ස්තුතියි අයියා දීපු සප් එකට. ඔන්න මම ඔයාට මුහුණු පොතෙන් request එකක් එව්වා.

    ReplyDelete
  7. ඔතන තව වැරදීමක් තීනව. මම දැකපු විදියටනං ඔය පින්තූරෙ ඔහොම පේන්නෙ බසක්කුලමට නෙමේ තිසා වැවේ කණ්ඩිය මත සිටයි. මොනව උනත් මේ ප්‍රදර්ශනය අලුත් අදසහක් නිසා ඉහලින්ම අගයකරනව.බලන්න අවස්ථාවක් නැති එක ගැන පොඩි දුකකුත් හිතෙනව.

    ReplyDelete
  8. @ඉන්දික උපශාන්ත

    එක හුට්ටප්පරයට දෙහුට්ටප්පරයයි කිව්වාලු. කෝකටත් මම මේ post එකේ link එකක් ඉන්ද්‍රනාථ සර්ගේ FB wall එකටත් දාන්නම්.

    එතකොටවත් මේ ගැටළුව ලෙහා ගන්න පුලුවන් වෙයිනේ අයියා. :)

    ReplyDelete
  9. Google maps wala check karama nam peynne, oya photo eka aran thiyenna basawakkulama wewu kandiye indala kiyala. tisaa wewe indala gatthanam wam petthey thiyenna one mirisa wetiya.
    ooka thamai mata hithuney.kohoma unath mamath oya photo gahana wedeta tikak kemathie :)

    ReplyDelete
  10. පැනොරාමා නම් නියමයි...
    ඔය චෛත්‍ය ප්‍රශ්නෙට තවත් කොටසක් එන්න ඕන නෙද බං? අර හනුම උස්සගෙන යද්දි බිම වැටිලා ඒ වැටිච්ච පාරට කැඩුනයි කියලත් කවුද කිවුව නේ...

    ඉන්ද්‍රනාත් සර් ගෙ පැනොරාමා ප්‍රදර්ශනයනම් විශිෂ්ඨයි..විශේෂත්වය ඒ පින්තූර කොටස්(Frames) කීපයකට අරන් විශිෂ්ඨ අන්දමින් Photoshop භාවිතයෙන් නිර්මාණය කළ ඒවා වීම නිසයි...

    ReplyDelete
  11. අනේ මන්දා බං...ෆොටෝ ගැන මගේ දැනුම , ඉතිහාස දැනුමට සමානයි.මගේ ඉතිහාස දැනුම , සාමාන්‍යපෙළ දැනුම :(

    මොනා වුනත් පට්ටයි වගේ!!!

    කැම්පස් පටං ගත්තු එකනං හොඳයි!!!
    ( උඹ BRADBY බලන්න ආවේ නෑ නේද!!!! )

    ReplyDelete
  12. @Sac's photoblog

    ස්තුතියි අයියා අදහසට. එතකොට අපේ කට්ටියගේ කතාව ගැන ඔයාගේ අදහස මොකක්ද ?

    මේ photo එකේ රුවන්මැලි සෑය දෙපැත්තෙන් තියෙන්නේ අභයගිරියයි ථූපාරාමයයිද නැත්නම් ජේතවනෙයි මිරිසවැටියයිද ?

    ReplyDelete
  13. @Prabhath Darshana

    තැන්කු වේවා ලොක්කා ඒක මතක් කලාට. කෝමලයා තමා ඒකත් කිව්වේ :)

    පැනොරාමා වැඩේ කතා 2 ක් නැහැ උපරිමයි...........

    ReplyDelete
  14. @ජංජාල චාමර

    පැනෝරාමා වැඩේ නියම වැඩක්.

    සඳුදා වෙනකම් Art Gallery එකේ උදේ 9 ඉදන් හවස 6 වෙනකම් exhibition එක තියෙනවා. වෙලාවක් තියෙනවා නම් ගිහින් බලන්න. අපිත් ඕවා ගැන මොකුත් දන්නේ නැහැ. ලංකාවේ පළවෙනි පාරට කරන අලුත් වැඩක් නිසයි බලන්න ගියේ.

    කැම්පස් පටන් ගත්ත එක නම් ලොකු සහනයක් බන්. ඇත්තටම.......

    Bradby නම් ආවේ නැහැ. ඒක නිසාමදෝ අපි දින්නා :)

    නුවර කෙලියා, කෙලෝලම ඇරියා :)

    ReplyDelete
  15. අපේ කතාව තවත් පැහැදිලි වෙන්න අනුරාධපුරේ සිතියමකුත් එකතු කළා. ඒකෙන් බලන්න පුලුවන් අනුරාධපුරේ චෛත්‍ය පිහිටලා තියෙන්නේ කොහොමද කියලා.

    සිතියම පැහැදිලි මදිනම් සිතියම උඩ කොටලා ලොකු කරලා බලන්න.

    ReplyDelete
  16. උඹලා මේවා බ්ලොග් එකෙත් දාලද ? :-D
    කොමල මලයට Shutter Speed කිව්වට වැඩක් නෑ. මිනිහා සංගීතකාරයනේ.

    ReplyDelete
  17. මං හිතන්නෙ මම වැරදියි මෙතනදි. මොකද මම තිසා වැව් බැම්ම මත ඉඳන් දැකපු විදියට චෛත්ය හතරක් පෙනුණ. අනික ඒක පැනොරැමික් ලෙන්ස් නැතුව කැමරාවට හසුකරගතහැකිවුනා. කණගාටුයි සිදුවුන වරද ගැන.ස්තූතියි සිතියම අමුණල මේ ගැන නැවත් හිතන්න යොමු කිරීම ගැන.

    ReplyDelete
  18. අයියෝ මාත් එක්සිබිශන් එක බලන්න යන්න හියටියෙ ඒත් යන්න කෙනෙක් සෙට් උන් නැනෙ අයියෙ

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. ayeth google maps beluwa sure karaganna. mata peyna widiyata wamey indan dakunata gattot;

    Jetawanaramaya, Ruwanweliseya, Mirisawetiya

    ReplyDelete
  21. අපේ set එකට කෝමල්, කෝරාල, කඩ්ඩා, මැදයා, දුකා, ප්‍රභා සහ මම තමයි අයිති වුණේ.

    ඉතින් මගේ ප්‍රශ්නය, ඔබේ නම මොකක් ද?

    ReplyDelete
  22. අඩේ බන් මම උබව දැක්කනේ, කවුද දන්නෙ උබ කියලා :-D

    ReplyDelete
  23. ඉතිහාසය සම්බන්දයෙන් මගෙරි දැනුම නම් හරිම අල්පයි මල්ලි...ඒත් ලිපිය වගෙම කොමෙන්ට් වලිනුත් යමක දැන ගන්න ලැබුනා.. බොහොම ස්තුතියි

    ReplyDelete
  24. පිංතූර ගැන කෙසේ වෙතත්, දාගැබ් ගැන නියම පැහැදිලි කිරීම.. :)

    ReplyDelete
  25. @අරවින්ද චන්ද්‍රපද්ම

    දැම්මා දැම්මා අයියා බ්ලොග් එකටත් දැම්මා කෝකටත් කියලා.

    කෝමල්ගේ "Shutter Speed" card එක දැන් register වෙලා ඉවරයි. දැන් හුඟක් එවුන් story එක දන්නවා :)

    ReplyDelete
  26. @ඉන්දික උපශාන්ත

    මේ සිංහල බ්ලොග් අවකාශේ මම දැක්ක සුවිශේෂීම ලක්ෂණය තමා හැමෝම තමන්ගේ සහෝදර සහෝදරයන් විදිහට හිතලා එකිනෙකාට උදව් කරගන්න බොක්කේ ෆිට් එකක් තියෙන එක.

    කෝකටත් සිතියමක් දැම්මොත් වඩාත් හොඳයි කියලා හිතුණා. ඒකෙන් ප්‍රයෝජනයක් වෙලා තියෙනවා වගේ :)

    ReplyDelete
  27. @Hasitha ජයසූරිය

    අපරාදේ මල්ලී ගියා නම් වටිනවා. කට්ටිය සෙට් වුනේ නැත්නම් මම නම් කරන්නේ තනියෙන් හරි යන එක.

    රජත රශ්මි කියලා ජනාධිපතිවරුන්ගේ Photo Exhibition එකක් තිබ්බේ.

    http://www.facebook.com/album.php?aid=41746&id=1470435034&l=38d5c70ab3

    ඒකට යන්න කට්ටිය set කරගන්න බැලුවා. හැමෝටම වැඩ. පස්සේ මම කලේ තනියෙන් ගිය එක.

    ReplyDelete
  28. @Sac's Photoblog

    හරියට හරි. ස්තුතියි අයියා කිව්වාට.

    කොහොමද ඔයාගේ exams ඉවරද ?

    ReplyDelete
  29. @Seelagawesi Thero

    Campus එකේ දාන card පිට අයට කියන්නේ නැහැනේ හාමුදුරුවෝ.

    කට්ටියගේ cards කිව්වේ එයාලව බ්ලොග් කරන අය අඳුරන්නේ නැති නිසා. මාව කට්ටිය අඳුරනවානේ හාමුදුරුවනේ :)

    ReplyDelete
  30. @Bunny !

    එහෙමනම් එච්චරයි. SBU එකේ get together එකේදී set වෙමු මලයා :)

    ReplyDelete
  31. @පිස්සා පලාමල්ල

    එහෙමනම් කොච්චර දෙයක්ද ? කවුරුහරි නොදන්න යමක් අපි කරන දේකින් දැනගන්න ලැබෙනවා ඒක ලොකු සතුටක් අයියා :)

    ReplyDelete
  32. @ගයන්ත

    බොහොම ස්තුතියි මිත්‍රයා අගය කලාට. ඔයාගේ කතාවෙන් මට තව idea එකක් ආවා ලංකාවේ දාගැබ් ගැන කතා series එකක් ලියන්න.

    ඒ වගේම හා හා පුරා කියලා නේද මේ පැත්තේ ආවේ ? ආයුබෝවන් කියලා ඔයාව පිලිගන්නවා :)

    ReplyDelete
  33. මොනා උනත් හොඳ පෝස්ට් එකක් . . කස්ටියගේ අදහස් එහෙම නිසා සෑහෙන්න දෙයක් ඉගෙනත් ගත්තා . . .

    ReplyDelete
  34. @දුකා

    ඒක තමා අයියා කට්ටියගේ අදහස් නිසා මටත් අනුරාධපුරේ සිතියමක් බලලාම මේ කතාව තහවුරු කරගන්න හිතුණා,

    කොහොම නමුත් මේ post එක comments නිසා කාගේ කාගේත් කලින් තිබුණාට වඩා මේ ගැන තිබුණු අවබෝධය පුළුල් වුණා කියලයි මාත් විශ්වාස කරන්නේ............

    ReplyDelete
  35. හිතාදර හසිත, ඔබේ අර්ථ දැක්වීම සහ වරද පෙන්වා දීම බොහෝ සේ අගය කරමි. ඡායාරූපය නාම කරණයට පෙර වඩාත් හොඳින් දන්නා කෙනෙකුන්ගෙන් එය තහවුරු කර ගන්නට නොහැකි වූයේ කාලය පිළිබඳ ගැටලුවක් නිසා ය. එය නිවැරදි වූවානම් වඩාත් හොඳ ය. ඊට සමාව දිය නොහැක්කේ එය නිවැරදි කරන්නට හැකි සියලු තාක්ෂණයන් ශාලාව තුළ ම තිබූ නිසා ය. එක ම ප්‍රශ්නය වූයේ කවුරුවත් ම මට එය පෙන්වා නොදීම ය.
    ඔබ ඈතුළු පැමිණි සියල්ලන්ට ම මම බෙහෙවින් ස්තූති වන්ත වෙමි. හඳුනාගෙන කථා කරන්නට නොහැකි වීම ගැන ද කණගාටු වෙමි.

    ReplyDelete
  36. @Indranatha Thenuwara

    බොහොම ස්තුතියි ඉන්ද්‍රනාථ සර්ගේ අදහස් දැක්වීමට. ඇත්තටම අපි මේ කාරණේ දැක්කට පස්සේ සර්ට ඒක ගැන කියන්න හැදුවත් ඩලස් අලහප්පෙරුම ඇමතිතුමාත් එක්ක සර් ඒ වෙලේ හිටිය නිසායි විදිහක් නැතිවුණේ.

    ඒ වෙද්දීත් ටිකක් රෑ වෙලාත් තිබ්බ නිසා අපි ගෙදර එන්න පිටත් වුණා.

    කොහොම නමුත් සමස්තයක් වශයෙන් ප්‍රදර්ශනය නම් විශිෂ්ඨ බව අවිවාදිතයි. අපි ඊට පස්සේ කැම්පස් එකෙ කට්ටියට මේ වැඩේ ගැන කියපුවාම හුඟක් අය දුක් වුණා අපිත් එක්ක එදා එන්න තිබ්බනේ කියලා.

    ඒක නිසා නැවත වතාවක් පැනොරාමා ප්‍රදර්ශනය කරනවා නම් බලන්න එන්න බැරිවුණු හූඟක් අය ඒක බලන්න එන්න ආසාවෙන් ඉන්න බවත් කියන්න ඕනේ.

    අවසාන වශයෙන් ඔබේ ඉදිරි කටයුතුවලට සුබ පැතුමකුත් එකතු කරන්න කැමතියි :)

    ReplyDelete
  37. රුවන්වැලි මහා සෑයට ඉහලින් හදන්න ගිය නිසා තමයි ජේතවනාරාමයේ ඉහල කොටස කැඩුනේ.🙏🙏🙏

    ReplyDelete
  38. රුවන්වැලි මහා සෑ යේ උස අඩි 330.ජේතවනාරාමයේ උස අඩි 238

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................