Thursday, June 3, 2010

මගේ අසනීපය සහ මිතුරුගුණාලංකාරය


කම්මැලිකමේ හිටපු දවසක මගේ මේස ලාච්චුව ටිකක් අස් කරන්න හිතලා අස් කරපු වෙලේ මම ඉස්කෝලේ යන කාලේ ලියපු කවි ??? [නිසදැස්] වගයක් හම්බුණා කියලා මම කිව්වා මතක ඇති. ඒවායෙන් මම A/L General English paper එක දවසේ ලියපුවා ටික ආගිය කවි කියලා ආගිය කතා වෙනුවට ආගිය කවි, ඉවර නැතෝ - ආගිය කවි 2, ආගිය කවි ඉවරා.....යි හැටියට දැම්මත් කට්ටියට මතක ඇති. ඉතින් අදත් දාන්න හිතුවේ එහෙම මේස ලාච්චුවේ තිබිලා හම්බුණු නිදහස් ආකරයකට ලියපු කතාවක් වගේ කවියක්.

මේකෙත් නිධාන කතාව කිව්වොත් මම කරන A/L කාලේ Logic වලට class ගියේ කැලණියේ දිප්පිටිගොඩ පාරේ තිබ්බ class එකකට කියලා මම කලින් කියලා ඇති. ඒ පංතියේ හිටපු මලින්ද කියන කෙනාට කොල්ලෙක් හදපු සිංදුව එහෙමත් ඔයාලට මතක ඇති.

ඉතින් 2008 අවුරුද්දේ මැයි මාසේ 18 [මට මතක විදිහට] උදේ වරුවේ Logic class එකේ ඉද්දී එකපාරටම මගේ පපුව හිර වෙනවා වගේ ගතියක් ආවා. ඒක මම කට්ටියට කියපු ගමන් වහා ක්‍රියාත්මක වන පරිදි තොරණ හන්දීය ඉන්න පෙරේරා දොස්තර මහත්තයා ගාවට මාව එක්කන් ගියා. ඒ වෙලාවේ එයා හිටියේ නැහැ.

මට ඒ වෙලාවේ හොඳටම පපුව රිදෙන්න අරන් තිබ්බේ. හුස්ම ගද්දිත් පපුව රිදෙනවා [පපුව රිදෙනවා කියලා හුස්ම ගන්නේ නැතිව ඉන්නද ? :) පස්සේ ත්‍රීවීල් එකකින් මාව කොළඹ General Hospital එකට එක්කන් ගියා.

මාව කරපු දොස්තර නෝනා කිව්වා මට ගැස්ට්‍රයිටීස් හැදිලා තියෙන්නේ. ඒකෙත් ටිකක් සංකීර්ණ තත්වයක් කියලා. මිරිස් ජාති වැඩියෙන් දාලා තියෙන කෑමෙන් එහෙම පරිස්සම් වෙන්න. හරි වෙලාවට කෑම ගන්න කියලා. පස්සේ එහෙන් බෙහෙත් අරගෙන ආපහු මාව Logic class එකටම එක්කන් ඇවිත් වාහනේකින් මාව පරිස්සමට ගෙදර ගිහින් ඇරලුවා.

එදා හවස මට හොඳටම ආමාරු වුණා. මම නම් හිතුවේ මාව මැරෙයි කියලා [අම්මපා අමූලික ඇත්ත :)] පස්සේ අපේ ගෙවල් පැත්තේ ඉන්න දොස්තර මහත්තයා ගාවට ගියා. එයා General Hospital එකෙන් දීපු බෙහෙත් නවත්තලා සිරප් එකක් දුන්නා පාවිච්චි කරන්න. ඒකෙන් තමා ලෙඩේ අඩුවුනේ.

ඉතින් මේ සිද්ධිය ගැන තමා මම ඒ දවස්වලම ඒ කියන්නේ 2008 මැයි 24 මේ කවි ? ලියලා තියෙන්නේ. කියවලාම බලන්නකෝ


පපුවේ අමාරුවක්
සෑදී උදෑසන
විගසින් බෙහෙත් ගැනුමට
මිතුරා ගෙනගියද
එහි ඇත්තේ පෝලිමකි

පැතුවා උපදෙසක්
දුන්නා අනගි ඔවදන්
එව්වා තව මිතුරෙක්
ගියා අපි මහ රෝහලට

එහිදී නැත බියක්
ගත්තා හනික අංකයක්
නැත එහි පෝලිමක්
විගස අපි හමුවූවා වෙදැදුරු

මම ගත්තා පටන්
කිව්වා ලෙඩේ හැටි මුල සිට
ගත්තා ඇය තේරුම්
ගැස්ට්‍රයිටිස් බවම කීවා මා හට

දැනුනා සැහැල්ලුවක්
ඔසුසලේ පෝලිමක්
බෙහෙත් ගැනුමත්
පසෙකලා තියලා
බීවා නෙස්ටමෝල්ට් කෝප්ප්යක්

නැගලා බස් රියක
ආවා 6 කණුවට
මං බැස්සා එතැන
අනික් දෙදෙනා ගියා ඉදිරියට

ගියා මිස්ගේ ගෙදර
ප්‍රශ්න නම් වැලකි
නමුත් දුන්නා හැමට පිළිතුරු

වාඩිවූවා සැටියේ
මහත් උවටැන් ලැබුණේ
තැඹිලි බීමට
බත් ටික අත ලඟට
අත සේදුමට වතුරද
මෙලෙස ලැබුණා මේ ගිලනාට

අවසන A/C කාරයකින්
ගමනින් අඩකට හෝ
ලැබුණා ප්‍රවාහනයක්

සැන්දෑවේ හොඳටම
අමාරු වී මා හට
දැනුනා මර බියල්
සියල්ල අඳුරු වී ගොස්

නමුත් පෙර පින මට
පෑදී ආවා හනි හනිකට
ගත් බෙහෙත්වලින්
යම්තම් සුවයක් ලදිමි මම

කළණ මිතුරු ගුණ
සිහිවන්නේ මා හට
මිතුරන් නිසාමය
මෙතරම් සුවයක් මට

SMS ගොඩයි
Calls නම් චුට්ටයි
පිළිතුරු දෙන්න අමාරුයි
ඒත් හිතේ සන්තෝසේ

පියේහි විප්පයෝගෝ දුක්ඛෝ
ඒ නම් බුදු බණයි
ඒවා සත්‍යමයි
මිතුරෝ මට සම්පත්

මිතුරන් නොමැති නම්
මෙලොව ජීවත්වන්නේ ඇයි
හනි හනිකටම ගොස්
වහා මිතුරෙක් සොයා ගනු මැන

මාගේ මිතුරෝ නම්
පෙර භවයේ මගේ මිතුරන්
සැමට මම තුති දෙමි
නමා මාගේ හිසත් පපුවත්


ඉතින් මේ වෙලාවේ අපේ Logic class එකේ හිටපු යාළුවෝ ටික වගේම ගුරුතුමියත් වුණු මහන්සිය ගැන ඇත්තටම සතුටුයි. ඉතින් සැබෑ මිතුරුකම කියන්නේ සැපේදී වගේම දුකේදීත් යාළුවාට පිහිටවෙන එකනේ. මාව Hospital එක්කන් යන්න, ගෙදර එක්කන් යන්න, ඊටත් පස්සේ සුව දුක් අහන්න බලන්න වගේ හැම එකකටම මගේ මේ යාළුවෝ ටික සම්බන්ධ වුණා.

ප.ලි.: මට ගැස්ට්‍රයිටිස් හැදෙන එක අතිශය සාධාරණයි. මොකද මට ගැස්ට්‍රයිටීස් හැදුණේ උදේට නොකා ඉදල නෙමෙයි. සැර වැඩි කෑම ජාති කාලමයි. උදාහරණයක් කිව්වොත් ගෙදර තිබ්බ ලුණු දෙහි දාපු බෝතලේකුයි අච්චාරු බෝතලේකුයි මම විතරක් තනියෙන්ම කාලා ඉවර වෙලා තිබ්බා. මම හිතුවේ ඒක ඉවර වුණේ අනිත් අයත් ඒවා කාපු නිසයි කියලා. ඒත් බැලුවාම මම විතරයි කාලා තියෙන්නේ :)

24 comments:

  1. කන බොනකොට ප්‍රවේසමෙන්...

    ReplyDelete
  2. හා...... හා......... බලාගනයි කට නිසාලු මාළුවත් නහින්නෙ.

    ReplyDelete
  3. Pudumai meka. Thibenne amasaye eheth denenne Papuwe amaruwa. Mekata thamai kiyanne weradi sanjanana swabhawaya kiyala.

    Sanjanana Shakthiya niweradiwa wedennata upakara wanne Sathipatthanayai. Sathara Sathipatthanaya purudu karannako babooooooooooooooooooooooooooo!

    ReplyDelete
  4. මේකේ දරුණුම පැත්ත තමයි, ඇත්තටම පපුවේ අමාරුවක් හැදුණාම, ඒක බඩේ අමාරුවක් යැයි සිතීම.

    කතන්දරකාරයා

    ReplyDelete
  5. උදේට කැම නොකා මල් කඩන්න ගියාම ඔහොම වෙනවලු :D:D

    මේක මේ කතාවක් හරි අපේ අයිය එහෙම නෑනෙ ;)

    ReplyDelete
  6. Machang oya ledeta thawa karanayak balapewa mama hithanne oya gedara thiyana achcharu bothal 2katawada....api eee dawas wala kiwwe api noka idala merunoth eke waga keema ------- thamai ganna ona kiyalaa.....any way machng patta kathawa....

    ReplyDelete
  7. වෙලාවට කාපන් මොනා නැතත්.

    අනික කෑම හොද ජාති කාපන්. ඔය කාල්දි ඒක ගානක් නැහ තමයි, ඒත් පලතුරු වගේ පුලුවන් තරම් කාපන්... සිරාවට.

    ReplyDelete
  8. උදෙම නැගිටලා වතුර බොතලයක් බිපන්.......ඇගට මාරසනිපයක් දැනෙනේ.....එකදවසක් කරලා බලන්න......

    ReplyDelete
  9. මාළුවා නහින්නෙත් කට නිසාලුනේ...ඒ නිසා පරිස්සමින් අයියේ....සාමාන්‍යයෙන් ඔය ලෙඩේ හැදෙන්නේ කන්නේ නැති අයටනේ...ඒත් අයියට හැදිලා තියෙන්නේ වුවමනාවට වඩා වැඩියෙන් කාලනේ....මොන දේ වුනත් ඕන්වට වඩා වැඩියෙන් ඕනේම නෑ කියනවනේ....:):) (M.M)

    ReplyDelete
  10. ඔය බෙහෙත් වර්ග කියල තියෙන්නෙ විශේෂඥ වෛද්‍ය වරුන් රාශියක්ම. මාතලන් ගෙ ගොඩ බේත් වලින් වැඩක් වෙන්නෙ නෑ.

    හොඳට කාපං
    හොඳට බීපං
    හොඳට .. .. පං
    හැමදාම නාපං....... කිසිම ලෙඩක් නෑ..

    ReplyDelete
  11. indi ට
    ඒක හරි අයියා. මම ඉස්සරට වඩා දැන් නම් ඒක ගැන සැලකිලිමත් වෙනවා :)

    isimbuwa ට
    හික්ස් :) ඒකනේ මම කොල්ලත් කට නිසා නහින්න ගිහින් යන්තම් ෂේප් වුණා

    ReplyDelete
  12. Seelagawesi Thero ට
    බොහොම පින් හාමුදුරුවනේ දුර රටක ඉදන් වුණත් ලබාදීපු මේ ධර්මානුකූල උපදේශයට.

    ඔබ වහන්සේ ලංකාවට වැඩියහම මේ මේ සතර සතිපට්ඨානය වැඩීම සම්බන්ධව ඔබ වහන්සේගෙන් උපදෙස් මම බලාපොරොත්තු වෙනවා :)
    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

    ReplyDelete
  13. කතන්දරකාරයා ට
    ඒක නම් නියම කතාව අයියා. කෝකටත් ඔයා මතක් කරපු එක හොඳයි.

    එදාත් හැන්දෑවේ ආයි පපුවේ අමාරුව වැඩිවුණු වෙලේ E.C.G. එකක් ගත්තා. ඒක බලලා තමා දොස්තර මට පපුවේ අමාරුවක් නෙමෙයි ගැස්ට්‍රයිටිස් තියෙනවා කියලා ෂුවර් පිට දැනගෙන සිරප් එකක් නියම කළේ :)

    හසිත ජයසූරිය ට
    අප්පෝ නැහැ මලයා. මම කිව්වේ මම අනිවා උදේට කෑම කනවා උදෙන්ම කෑම නොකා හිටියේ නැහැ කියල :)

    Kasun Tharanaga ට
    ආ ආ මට තේරෙනවා උඹ මොකක්ද කියන්න එන කතාව කියලා :). මට Scouting දවසකත් මෙහෙම අමාරුවක් ආපු වෙලේ උඹලා කට්ටිය අයියලාට මං ගැන කුණු කතාවක් හදලා කියලා තිබ්බා කියලා මට මතකයි :)

    පිස්සා පලාමල්ල ට
    මම හැමදාම වගේ වෙලාවට කෑවා. දැන් නම් ඉතින් ඔය මිරිස් දාපු, තෙල් වැඩිය දාපු කෑම ජාති එහෙම අඩුවෙන් තමා කන්නේ. කෝකටත් හොඳයිනේ.

    ඒ වගේම අයියා ඔයා කියපු පළතුරු ජාති කන එකත් ඇත්තටම හොඳයි :)

    ReplyDelete
  14. ඉලංදාරියා ට
    මම හැමදාම උදේට නැගිට්ට ගමන් වතුරු වීදුරුවක් බොනවා. ඔයාගේ අදහසත් නරක නැහැ වගේ.

    ඒක නෙමෙයි වතුර බෝතලයක් කිව්වේ වතුර කොච්චරක් අල්ලන බෝතලයක් ද ?

    Anonymous M.M.ට
    දැන් කාල හැටියට මාළුවා විතරක් නෙමෙයි මිනිස්සුත් නහිනවා කට නිසා. එක්කෝ කෑම නිසා එහෙම නැත්නම් කියවන්න ගිහින්. ඒක නිසා දෙපැත්තටම පරිස්සම් වෙන එක හොඳයි :)

    මට මේක හැදුණේ වැඩිය කන්න හොඳ නැති ඒවා උවමනාවට වඩා වැඩියෙන් කන්න ගිහින් නේ. දැන් ඉතින් පාඩමක් ඉගෙන ගෙන තියෙන නිසා කොහොමත් ඉස්සරට වඩා පරිස්සම් වෙනවා :)

    Buddhi ට
    මට වගේම මම දන්න අයටත් තව හොඳ හොඳ වැඩ වෙලා තියෙනවා. ඉස්සරහට ඒවා දාන්නම්කෝ ඔයාලට කියවන්න.

    ඒක නෙමෙයි අදම නේද මේ පැත්තේ ආවේ. මේ කන්ද උඩරට පැත්තේ ඉන්න මම මුහුණු පොතෙන් අඳුන ගත්ත බුද්ධි ළමයාද ?

    මාතලන් ට
    අප්පේ අපේ මාතලන් අයියාත් ඇවිත් ඉන්නේ. ඔයාගේ බෙහෙත මම හුඟක් වෙලාවට කරන්නේ කැස්ස හරි හෙම්බිරිස්සාව හරි හැදුණාම තමා.

    හොඳට නානවා, Cool වතුර බොනවා, Ice Cream එහෙම හොඳට කනවා. අපරාදේ කියන්න බැහැ බෙහෙත් මොකුත් ගන්නේම නැතිව සනීපත් වෙනවා :)

    ReplyDelete
  15. dukakadi udaw karana mithura ''Kalyana mithuro'' kiyala BHUDUHAMUDURUWOTH kiyala thiyenawaneee ... kohomawethath kama gananam prawesam wenna wai yaluwa nathnam amaru wei...... shashi

    ReplyDelete
  16. Shashi ට
    මිත්‍රයන්ට අවංකවම මිත්‍රකම් කිරීමේ ආනිශංස කොහොමත් මට ලැබිලා තියෙනවා. හැමතැනම වගේ කල්‍යාණ මිත්‍රයෝ මට ලැබිලා තියෙනවා.

    කැම්පස් එකෙත් ඔයාලා වගේ කල්‍යාණ මිත්‍රයෝ ඉන්නවානේ :)

    ReplyDelete
  17. හපොයි, කනබොන කොට ප්‍රවේසමෙන් මීට පස්සෙ..

    ReplyDelete
  18. @Ansh Lucky Sri Jay

    බොහොම ස්තුතියි අක්කේ අවවාදයට. එදායින් පස්සේ කොහොමත් පරිස්සමෙන් තමා ඉන්නේ. ඉල්ලන් පරිප්පු කන්න ඕනේ නැහැනේ :)

    ReplyDelete
  19. සිරාවටම මට කියන්න බැරි උනානේ කොච්චර විත අල්ලන බොතලක්ද කියලා.........

    1000 මි.ලි

    ReplyDelete
  20. @ඉලංදාරියා

    ස්තුතියි ඒක මතක් කලාට සහෝ :)

    ReplyDelete
  21. මෙ කතවෙ පොඩි වැරද්දක් තියනව
    අපි එදා බිවුවෙ නෙස්ටමොල්ට් නෙවෙයි නෙස්කැෆෙ

    ReplyDelete
  22. අපරාදේ පෙරේරා දොස්තර මහත්තයා නොහිටියේ. එයා හිටියනම් ඔච්චර කරදර වෙන්න ඕනේ නැහැනේ. ලෙඩේ අල්ලපු ගමන් දැනගෙන බෙහෙතකුත් දෙනවා. එකම අවුල තියෙන්නේ පෝලිමේ දිගයි මැද්දෙන් පනින කට්ටියයි තමා. මමත් අමාරු ලෙඩක් උනාම යන්නේ එහෙටනේ.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................