Wednesday, March 20, 2013

හලාල් හලාල්.... හලාල් කතා දෙක තුනක් + විහිළුද සහිතයි



මෙන්න චුට්ටි "හලාල්" කතාවක්...

කැම්පස් එකේ අපිත් එක්ක ඉගෙන ගන්න ගෑණු ළමයෙක් මට හවස මැසේජ් එක්ක එව්වා. ඒකේ තියෙන්නේ මේන් මෙහෙම කතාවක්

"ආයුබෝවන්, අවුරුදු කාලෙට නෝ ලිමිටි, ෆැෂන් බග්, ග්ලිට්ස්, පාල්ලු [?] කූල් ප්ලැනට් වෙනුවට අපේකම වෙනුවෙන් අපේ ඒවාට යන්න.

කැන්ඩි, ඒ.එස්.බී,සී.අයි.බී,ලේඩි ජේ, ෂේඩ්, සුපුල්, හවුස් ඔෆ් ෆැෂන්, තිලකවර්ධන...

අපේකම වෙනුවෙන් සැබෑ සිංහලයෙක් ලෙස මෙය තවත් 10 දෙනෙකුට යවා අපේ ලක් මෑණියන් මුසල්මානුවන්ගෙන් බේරා ගනිමු."

ඕන් ඕකයි මැසේජ් එක, මම රිප්ලයි කළා මේන් මෙහෙම

"මේ ආර්ථිකේ හැටියට ගමේ පොළට ගිහින් සරමක් ගන්නවත් සල්ලි නැතුව ඉන්නේ. ඒක නෙමෙයි පැට්‍රල්, ඩීසල් ගන්න හොඳද ?? ඒවාත් එන්නේ මුස්ලිම් රටවල්වලින්නේ"

ඒකට එයාට මෙහෙම රිප්ලයි කළා

"ඒක නම් ඇත්ත තමා. මට ආපු මැසේජ් එක ෆෝවඩ් කළේ. පැට්‍රල්, ඩීසල් ගැන කතා කරන්න තව ටික කාලයක් යයි"

මටත් ඉන්න බැහැනේ. මම ආයි යැව්වා මැසේජ් එකක්

"මුස්ලිම් කඩවලින් බඩු ගත්තාම උන්ට යන ලාබෙට වඩා ලොකු ලාභයක් මේ විදිහට මුස්ලිම් රටවල්වලින් තෙල් ගත්තාම තම්බින්ට යනවානේ"

එයා අන්තිමට මෙහෙම මැසේජ් කරනවා.

"ඒක ගැනත් දන්න හැමෝටම අපි මැසේජ් කරමු..."

ඕන් ඔහොමලු කතාව :D
  

-------------------------------------------------------------------------------------------------------------

මෙන්න "හලාල්" කතා අංක 02

අපේ යෞවන සමාජයෙන් මේ පාර ගමේ අලුත් අවුරුදු උත්සවය ලොකුවටම කරන්න තමා ප්ලෑන් කරගෙන ඉන්නේ. ඒ නිසා හැමදාම වගේ හවසට කට්ටිය පන්සලට එකතු වෙලා වැඩ කටයුතු ගැන කතා කරලා සල්ලිකාරයන්ගෙන් "දත්"ගලවන්න යනවා :D

පහුගිය ගිය දවසක කට්ටිය පන්සලට එකතු වුණු වෙලාවේ පොඩි හාමුදුරුවන්ගෙන් යෝගට් සංග්‍රහයක් අපි කට්ටියට ලැබුණා. නිව්ඩේල්, අඹේවෙල, හයිලන්ඩ් කියන ජාති තුනෙන්ම යෝගට් මෙතන තිබුණා.

අපි ඉක්මණට යෝගට් එක්ක අරගෙන කන්න පටන් ගත්තාම තව එකෙක් [මෙයා අපේ පන්සලේ නායක හාමුදුරුවන්ගේ සභාපතීත්වයෙන් ගමේ පිහිටුවලා තියෙන හලාල් විරෝධය සඳහා වෙන සංවිධානයේ බල කණුවක්] හලාල් මාක් එක නැති යෝගට් එකක් තෝරන්න පටන් ගත්තා.

ඒ වෙලාවේ තව එකෙක් [මිනිහත් අර සංවිධානේ බල කණුවක්] කිව්වා මෙහෙම.

"මොකටද හලෝ ඕකේ හලාල් තියෙනවද නැද්ද කියලා බලන්නේ. දැන් ඕකේ හලාල් තිබ්බා නැතා කියලා වෙනසක් තියෙනවද. යෝගට් සල්ලිවලට ගත්තු මනුස්සයා දැන් හලාල්වලට ගෙවලා තියෙන්නේ. දැන් අපි ඕකේ හලාල් තියෙනවා කියලා නොකා හිටියේ අපේ බඩටයි පාඩුව"

පස්සේ එයා තවත් මේ කතාව විස්තර කළා...

"හලාල් මාක් එක තියෙන කෑම මම සල්ලිවලට ගන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තිය. ඒත් මොකෙක් හරි හලාල් මාක් එක තියෙන කෑමක් සල්ලි දීලා අරගෙන මටත් දුන්නොත් ඒක මම නොකා ඉන්නවා කියන්නේ මගේ ගොන්කම"

ඒ මොනවා වුණත් අපේ යාලුවා යෝගට් මල්ල තෝරලා අඹේවෙල යෝගට් එකක් අතට අරගෙන කිව්වා.

"මගේ ප්‍රතිපත්තිය හලාල් මාක් එක තියෙන කෑම මම සල්ලිවලට ගන්නෙත් නැහැ, නිකම් දුන්නත් කන්නේ නැහැ"

එහෙම කියලා මිනිහා හලාල් නැති අඹේවෙල යෝගට් එක කන්න පටන් ගත්තා....

ඕන් එහෙමලු ඒ කතාව :D

---------------------------------------------------------------------------------------------------------------

මෙන්න චුට්ටි "හලාල්" කතා අංක 3

අර විදිහට හලාල් නැති යෝගට් හොයන්නයි, සල්ලි දීලා ගත්තේ නැත්නම් හලාල් කෑමට අවුලක් නැහැ කියන එකටයි අපි කට්ටිය දාන ශාලාවට වෙලා යෝගට් කන ගමන්ම හෙණ වාදේ. කෙස් පැලෙන තර්ක ගොඩායි.

මේ වෙලාවේ එතැනට වැඩිය අපේ පන්සලේ නායක හාමුදුරුවෝ අපිට මෙහෙම කිව්වා

"කොල්ලනේ උඹලා හලාල් බැරි යකඩ හරි කාපල්ලා. හැබැයි කෑ ගහන්න එපා උඩහ බෝධි පූජාව. මිනිස්සු ගාථා කියනවා"

මේක අහපු ගමන් හලාල් නැති යෝගට් එක හොයපු එකාව බයිටට අල්ල ගත්තු අනික් එවුන් කියන්න පටන් ගත්තා

"මොකක්ද බන් මේකේ තේරුම. උඹලාගේ සංවිධානේ සභාපතිම කියනවා හලාල් බැරි නම් යකඩ හරි කාපන් කෑ නොගහ කියලා. මොකක්ද බන් මේකේ තේරුම" :D

හැබැයි ඉතින් මේක නම් නායක හාමුදුරුවෝත් කිව්වේ විහිළුවට, අපිත් අරූට කිව්වේ විහිළුවට. හරිද ???

------------------------------------------------------------------------------------------------------------=

මෙන්න චුට්ටි "හලාල්" කතා අංක 4

ගමේ තියෙන හලාල් විරෝධී සංවිධානේ තව බල කණුවකුයි [කලින් දෙන්නා නෙමේ, වෙන කෙනෙක්] තව එකෙකුයි තව වාදයක්. ඒ සංවාදය කියවීමේ පහසුවට චරිත දෙක මෙහෙම කෙටි කරන්නම්. හ.වි.සං.බ සහ අනෙකා කියලා

හ.වි.සං.බ : අපි මේ විදිහට හලාල් විරෝධය දියත් කරලා මුස්ලිම් ව්‍යාප්තිවාදය වළක්වන්න යන්නේ. සිංහල බෞද්ධයන්ව ආරක්ෂා කරගන්න යන්නේ

අනෙකා : එහෙම කවුරුත් ආරක්ෂා කරන්න ඕනේ නැහැනේ. බුදු හාමුදුරුවෝ දේශනා කරලානේ තියෙන්නේ "ධම්මො හවෙ රක්ඛති ධම්මචාරී" කියලා. එතකොට හරියට ධර්මයේ හැසිරෙන කෙනාව දහමෙන්ම ආරක්ෂා කරනවා. ඒක ඔයාලා පිළිගන්නේ නැහැ කියන්නේ බුදු හාමුදුරුවන්ගේ සර්වඥතා ඥානයටත් ඔයාලා අභියෝග කළා කියන එකනේ

අනෙක මේ වගේ ව්‍යසන බෞද්ධයන්ට වෙනවා කියන එක බුදු හාමුදුරුවෝ අනාගතය දකිනා නුවණින් දැක්කේ නැති ගාණටනේ ඔයාලා කතා කරන්නේ. මට පේන විදිහට ඔයාලා බුදු හාමුදුරුවන්ගේ තුන් කල් දකින ඥානයටත් අභියෝග කරන පාටයි

තව දෙයක් හලාල් විරෝධයට බෞද්ධයන්ව පෙළ ගස්වන එකට වඩා වටින්නේ බෞද්ධ ප්‍රතිපදාවට බෞද්ධයන්ව පෙළ ගස්වන එක නේද ?

හ.වි.සං.බ : ඔව්, අපි ඒක නිසා තමා අපේ සංවිධානේ ඉන්න තරුණ අයව හැම පෝයට පන්සලට එකතු කරන්නේ. පන්සලේ ආගමික වැඩවලට සම්බන්ධ වෙන්නේ

අනෙකා : විහිළුනේ බන් ඕවා. මට කියපන් ඔය එකතු වෙන එවුන්ගෙන් හරියට පන්සිල් රකින පස් දෙනෙක්ව. උඹම ගනින් උඹ මස්, මාලු කනවා නේද ? ඔතැන ඉන්න කී දෙනෙක් සිගරට්, අරක්කු බොන එවුන්ද ??

අමුතුවෙන් හලාල් මඟුලක් ඕනේ නැහැ. මුස්ලිම් ව්‍යාප්තිවාදයක් වළක්කන්න මැරෙන්න යන්න ඕනේ නැහැ. හරියට බෞද්ධ ප්‍රතිපදාව පිළිපදිනවා නම් පුද්ගලිකව වගේම ජාතියක් විදිහටත් දියුණුවක් ලබන්න පුලුවන්.

හ.වි.සං.බ : යකෝ මේවා වැරදි නම් මේකට හාමුදුරුවරුම මූලිකත්වය ගනීද ??

අනෙකා : ඔන්න ඔන්න වරද්ද ගත්තු අනිත් තැන. උඹ බුදු හාමුදූවෝ දේශනා කරපු කාලාම සූත්‍රය කියවලා නැද්ද ?? ඒකේ මොකක්ද කියන්නේ ? බුදු හාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපා කියලා ඒකේ තියෙන්නේ. තමන්ගේ සිහි නුවණින් හිතලා බලලායි පිළිගන්න කියලා බුදු හාමුදුරුවෝ දේශනා කළේ. එතකොට හාමුදුරුවෝ මුල් වුණා කියලා වැඩේ හරියි කියන එක හරි බොළඳයි

හ.වි.සං.බ : උඹලාට මේවා තේරෙන්නේ නැහැ. ඒත් කවදා හරි උඹලාට මේවා තේරෙද්දි පසු තැවෙන්න වෙයි

අනෙකා : අනේ බන් උඹ ෆේස්බුක් නැද්ද? ඒකෙත් ඔය සැරට වාද ගිහින් කියාගන්න දෙයක් නැති වුණාම ප්ලේ කරන තැටිය තමා ඕක

ඒ සංවාදයත් නිමායි :D

178 comments:

  1. Replies
    1. @ rnagi kella

      දන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. @ මහසොහොන් පිල්ලිය

      පුද්ගල අපහාසවලට ඉඩ දිය නොහැකි බැවින් මේ ප්‍රතිචාරය මකා දමන්නට වන බව කරුණාවෙන් සලකන්න. අදාල කොටස ඉවත් කර නැවත පල කරන්නම්.

      Delete
    4. විහිළු කියවීමි. කොමෙන්ට් විදියට දමා ඇති විහිළුද යම් තරමකට කියවීමි. දැන් මමද විහිළුවක් කරමි. ඉන් පෙර මේ වීඩියෝව බලා ලින් කටින් එහා ලෝකයේ සිදුවෙන්නේ කුමක් දැයි දැකීමට ආරාධනා කරමි.

      The Horrific Muslim Infiltration Of Britain - Luton 2012
      http://www.youtube.com/watch?v=193lxzrJV8U

      බැලුවනේ...
      මට හිනා ගිය විහිළු මේවාය
      1. ෆැසිස්ට් වාදී ඉස්ලාම් ව්යාප්තවාදයට විසඳුම ධර්මයේ හැසිරීම.
      ( නාලන්දාවේ භික්ෂුන් දහස් ගණනක් අමු අමුවේ මරා දැම්මේ බෞධයන්ගේ මේ කපන්න එනකොට බාවනා කරන මේ ධර්මයෙන්. මුස්ලිම් අන්තවාදය කියන්නේ පිස්සුවක්. මානසික ලෙඩක්. එත් හසිත නම් පිස්සු බල්ලෙක් හපන්න එකකොට පාර මැද්දේ පලක් බැඳගෙන බවුන් වඩනවා .. නහි වෙරෙන වේරානි .... !! )

      2. බෞධයන් පන්සිල් රැක්කහම ෆැසිස්ට් වාදී ඉස්ලාම් ව්යාප්තවාදය අවසන් වී යයි. අන්තවාදීන් ශුස් ගා අතුරුදහන් වී යයි

      3. පෙට්‍රෝලියම් මෝඩ ජෝක්...
      (හලාල් වර්ජනය යනු හැකි පරිදි ෆැසිස්ට් වාදී ඉස්ලාම් ව්යාප්තවාදයට විරුද්ධව ජාතියක් (සිංහල , දෙමල , බෞද්ධ , හින්දු , ක්‍රිස්තියානි ) පෙළගැස්විමයි . අරක ගන්නේ නැත්නම් මේක ගන්නේ මොකද යනු මෝඩ ජෝක්ය. හලාල් වර්ජනයේ අරමුණ හඳුනා ගැනීමට තරම් බුද්ධියක් නොමැති කම ? )

      4. ඉස්ලාම් ව්‍යාප්තවාදය සිදු නොවෙන , එසේ වුවත් එය ලත් තහනම් ලොප් කරන ඔස්ට්‍රලියාව වැනි රටක තමන්ගේ සහ තම අනාගත් පරම්පරාවේ පැවැත්ම තහවුරුකරගත් කකා වැනි අය ලංකාවේ යන්න එන්න තැනක් නැති ලංකාවේම ඉපදී ලංකාවටම පොහොර වී යන අයට දෙන උපදෙස් මාලාව .

      අනාගතයේ දවසක මේ අක්ක වගේ අඬනකොට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. එතකොට දත නියව නියවා විරිත්තන්න පුළුවන්. එතකල් ගොන් ජෝක් දදා ව්‍යාප්තවාදය විරුද්ධව මොනවා හරි කරන්න හදන මිනිස්සුන්ට වඳුරෝ වගේ විරිත්ත විරිත්ත ඉඳපල්ලා.... මේ අක්කට වෙන රටකට හරි යන්න පුළුවන්. මෝඩ සිංහලයෝ එදාට පැනපල්ලා මුදට.

      එතකන් අපිත් ඔන්න ඔහේ සද්ද නැතුව බලන් ඉමු මලේ !!!!

      Delete
    5. @ මහසොහොන් පිල්ලිය

      1. නාලන්දාවේ භික්ෂු ඝාතනයක් වූ බව සැබෑව. ඒකට විසඳුම හිංසාව ඔවුන් වෙත පැතිරවීම නෙමෙයි. ඒ වගේමයි අකුසල විපාක දීම යනුවෙන් බුදු දහමේ ඉගැන්වෙන සංකල්පයක් ඔබ දන්නවා යැයි හිතනවා. බුද්ධකාලයේ පවා මුගලන් මහ රහතන් වහන්සේ වගේම සාමාවතී බිසව ඇතුළු පිරිස මේ ආකාරයෙන්ම අකල් මරණ බවට ලක්වූ බව වගේම ඒවාට හේතු වූ අකුසල කර්ම පිළිබඳව බුදුන් වහන්සේ කළ පැහැදිලි කිරීම් ඔබට මතක ඇති කියලාත් හිතනවා.

      පිස්සු බල්ලෙක් එන විට පිස්සු බල්ලා වෙනුවෙන් බවුන් වැඩීම කරන්නයි පැවසීමෙන්ම ඔබේ විහිළුවට ඇති කැමැත්ත හරි එහෙමත් නැත්නම් අනවබෝධයයි පෙන්නුම් කෙරෙන්නේ. ඒ වෙලාවට ආරක්ෂාව පතා පලා යාමයි සිදු කරන්නේ :)

      2. පන්සිල් රැකීම විතරක් නෙමේ පොදුවේ බෞද්ධ ප්‍රතිපදාව පිළිපැදීමයි කළ යුත්තේ. අකාලික දහමක් දේශනා කළ බුදුන් වහන්සේගේ දහම මේ කාලයට නොගැලපෙන බවක් තමා ඔබේ ප්‍රකාශයෙන් හැඟෙන්නේ

      3. හලාල් වර්ජනයේ අරමුණු නිසි පරිදි සම්ප්‍රේෂණය කර නැති බව ඉහත කතාවලින් පැහැදිලි වුණා කියලා හිතුවේ. කරුණාකර එය නිසි පරිදි කරන්න. නැත්නම් වෙන්නේ ලොකු හානියක්. ඉස්ලාම් ව්‍යාප්තවාදයකට එරෙහිව රණකාමි ලෙස වේවා හිංසාකාරී ලෙස වේවා ජාතියක් පෙළගැස්සුවත් බෞද්ධයක් පෙළ ගැස්වීමේ වරදක් පිළිබඳවයි ගැටලුව මතු කරන්නේ

      ව්‍යාප්තවාදය නවත්තන්න කලින් අපේ මිනිස්සු එකට එකතු වෙන්න ඕනේ. අනෙකාට උදව් කරගන්න ඕනේ ලෞකික වගේම ලෝකෝත්තර දියුණුවට. හැම වෙලාවේම අනෙකාගේ කකුලෙන් අදින්න හරි අනෙකාට වල කපන්න හරි ගියාම ව්‍යාප්තවාදයක් නතර වෙයිද ? මුසල්මානුවෝ ව්‍යාප්තිවාදයක් වෙනකම් ආවේ කොහොමද කියලා හිතලා බලන්න.

      කරුණාකර ප්‍රශ්නයට පැලැස්තර විසඳුම් නොසොයා හේතුව හොයලා ඒකට විසඳුම දෙන්න. නැත්නම් ඔබේ අදහස් ගැලරිය සතුටු කරන්න නම් හොඳ වෙයි

      Delete
    6. පිළිතුරු දුන්නට ස්තුතියි හසිත
      ඔබ වීඩියෝව බැලුවේ නැහැ නේද .. බැලුවා නම් ඒ ගැන කිසිම අදහසක් නැත්තේ කුහක කමටද , ඉංග්‍රීසි නොතේරෙන නිසාද ? , කියන්න තියෙන දේ කිව්වොත් පල් වෙයි කියා හිතන නිසාද ?

      කොහොම නමුත් මා ඔබ නගයි කියා බලාපොරොත්තු වූ ප්‍රශ්න කීපයක් මතු කොට තිබෙනවා. ඔබගේ අදහස් වලට වෙන වෙනම පිළිතුරු සපයන්නම්. ඒ අතරේ ඔබ මා අසන මේ පැනයට කෙලින් පිළිතුරක් ලබා දිය යුතුයි. ඔබ වැනි මෙවැනි ජාති හිතෙෂි ව්‍යාපාරයන්ට කෝචෝක් නගන කිසි කෙනෙක් මේ ප්‍රශ්නයට මෙතෙක් පිළිතුරු දී නැහැ. හිනා වෙනවා නම් ඒ තමන්ට හොඳ බුද්ධිමත් විසඳුමක් තිබෙන නිසා නේද ? .. එහෙනම් කියන්න ...
      ප්‍රශ්නය ඉතා සරලයි.

      ඉස්ලාම් ව්යාප්ත්වාදයට , නිසැකවම ඔවුන්ගේ සංක්‍යාව සහ බලය වැඩි වූ විට නැග එන මර්ධන කාරී , ප්‍රජාතන්ත්‍ර විරෝදී ම්ලේච්ච මිනීමරු ෆැසිස්ට්වාදයට ප්‍රජාතන්ත්‍ර වාදය අහිමි කිරීමට , මනුෂ්‍ය නිදහස අහිමි වීමට , දේශීය ශිෂ්ටාචාරය අරාබි ශිෂ්ටාචාරය මගින් විනාශ වී යාමට ඔබගේ විසඳුම කුමක්ද ?
      කරුණා කර බණ්ඩක්කා උත්තර නොදෙන්න...

      ඔබ ඉතිහාසය හොඳින් දන්නා කෙනා නේ.. මනුෂ්‍ය ඉතිහාසයේ රණකාමි , ව්‍යාප්තවාදී උමතු ආක්‍රමණයකට විරුද්ධව පිළිවෙත් පුරා බවුන් වඩා ජයගත් අවස්තාවක් ඔබගෙන් දැනගැනීමට පුල පුලා බලා සිටිමි. (කරුණාකර ජාතක කතන්දර වලින් උදා හරණ නොදෙන්න .. )

      Delete
    7. @ මහසොහොන් පිල්ලිය

      සංවර ලීලාවෙන් හැසිරෙන්නට පටන් ගැනීම පිළිබඳ පළමුව අගය කරනවා.

      වීඩියෝ එක සම්බන්ධව මට සැබවින්ම අදහසක් නැහැ. කුහකකම කියලා අදහස් කරන්නේ මම මුස්ලිම් පක්ෂපාතී අයෙක් කියලා නම් කරුණාකරලා මම මීට පෙර ලියපු සටහන් මැනවින් කියවා බලන්න. ඉංග්‍රීසි නොතේරෙන නිසා කියා හිතෙනවා නම් එයටත් පෙර පිළිතුර අදාළයි. පල් වෙයි කියලා හිතනවා නම් මේ සංවාදයට මේ ආකාරයෙන්වත් මම අරඹන්නේ නැහැ

      //... ඔබ වැනි මෙවැනි ජාති හිතෙෂි ව්‍යාපාරයන්ට කෝචෝක් නගන කිසි කෙනෙක් මේ ප්‍රශ්නයට මෙතෙක් පිළිතුරු දී නැහැ. හිනා වෙනවා නම් ඒ තමන්ට හොඳ බුද්ධිමත් විසඳුමක් තිබෙන නිසා නේද ? ..//

      මෙතන කිසිසේත් හිනාවීමක් නැහැ. එයයි ඔබේ අවබෝධයේ පටුකම. මෙතන කණගාටුවක් තියෙන්නේ. උතුම් වූ බුදු දහමේ නාමයෙන් සිදු කරන බෞද්ධයන්ටත් නිගරු වෙන කටයුතු ගැනයි මේ කණගාටුව

      නාලන්දා සංහාරය ගැන මට කලින් යමක් කියන්න අමතක වුණා. ඒකත් ඔබ අන්තිමට අහපු ප්‍රශ්නයට අදාළ කරගන්න. සමහර විට ඔබ දන්නවාත් ඇති නැති නම් දැනගත්තාත් නොදන්නවා මෙන් සිටිනවා විය හැකියි. නාලන්දා සංහාරය සිදු කරන්න අණ දීපු භක්තියාර් කල්ජිට සිදුවුණේ මොකක්ද කියලා දන්නවා ඇති නේද ? සාහසිකයෙක් අතින් අකාලයේ මියයන්නයි ඔහුට සිද්ධ වුණේ.

      //... මනුෂ්‍ය ඉතිහාසයේ රණකාමි , ව්‍යාප්තවාදී උමතු ආක්‍රමණයකට විරුද්ධව පිළිවෙත් පුරා බවුන් වඩා ජයගත් අවස්තාවක් ඔබගෙන් දැනගැනීමට පුල පුලා බලා සිටිමි....//

      බෞද්ධ ප්‍රතිපදාව යනු බවුන් වැඩීම පමණක් යැයි සිතීම ඔබේ අන්තවාදී බවේම කොටසක්දැයි කියන්න මම දනෙන නැහැ.

      //..මනුෂ්‍ය නිදහස අහිමි වීමට , දේශීය ශිෂ්ටාචාරය අරාබි ශිෂ්ටාචාරය මගින් විනාශ වී යාමට ඔබගේ විසඳුම කුමක්ද ?....//

      විසඳුම සරලයි. බෞද්ධ ප්‍රතිපදාව නිවැරදිව අනුගමනය කරන්න. දැඩිව අවධාරණය කරන්නේ පන්සිල් රැකීම විතරක් බෞද්ධ ප්‍රතිපදාව වෙන්නේ නැහැ. සරලවම ගමු සිංහලයා පිරිහෙන්න බලපාන ප්‍රධාන හේතුවක් මත්පැන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම.

      ඒක් නවත්තන්න බාර් වහන්න කටයුතු කළාට වැඩක් නැහැ. මිනිහගෙ ඔළුවයි හදන්න ඕනේ. බේබදුකම අත් හැරියත් සිංහල පවුල් කීයකට දියුණු වෙන්න පුලුවන්ද ?

      තම්බින්ගේ හරක් මස් කඩ වැටලුවාට වැඩක් නැහැ. මිනිස්සු හරක් මසට විකුණනවා. ඒක නොකර ඉන්න තත්වය සිංහලයා තුළ නිර්මාණය කරන්න බැරිද ??

      සිඟාලෝවාද සූත්‍රයේ එන යුතුකම් ඉටු කරන සමාජය නිර්මාණය කරන්න බැරි ඇයි ? එහෙමනම් සමාජයේ සෑම කොට්ඨාශයකටම පාහේ සේවය වෙනවා නේද ??

      සප්ත අපරිහානි ධර්ම පිළිපැදීමක් අපි කරනවද ?? සිංහලයන් අතර හැම වෙලාවේම අනෙකාගේ කකුලෙන් අදින්න හරි අනෙකාට වල කපන්න උවමනාව තියෙනකම් මේ ගැටලු හැමදාම තියේවි.

      අනෙක ඔබ මගේ කලින් ප්‍රතිචාරය අවදානයෙන් කියවපු බවක් පේන්නේ නැහැ. මුස්ලිම් අය ව්‍යාප්තවාදයක් දක්වා එන්න ශක්තිමත් වුණේ කොහොමද ? ඒක සොයා බලන්න.

      නැත්නම් හැමදාම වෙන්නේ විරුද්ධවාදීන් මර්දනය කරනවා විනා තමන්ගේ එකමුතුකම වර්ධනය කිරීම හෝ ලෞකික වේවා ලෝකෝත්තර වේවා දියුණුව සාධනය කර නොගැනීම.

      නිවැරදි බෞද්ධ ප්‍රතිපදාව කියන්නේ බවුන් වැඩීම, පැවිදි වීමම නෙමෙයි ඊට වඩා දෙයක් ගිහියන් වෙනුවෙන් එහි තිබෙනවා. සූත්‍ර රාශියක් ඒ සඳහාම වෙන්වෙලා තියෙනවා. කරුණාකර ත්‍රිපිටකය කියවා බලනවා නම් වටිනවා.

      Delete
    8. හසිත , වීඩියෝ එක ගැන ඔබට අදහසක් නොමැති කම මට විශාල ගැටලුවක්. එහි තියෙන්නේ තේරුම් ගැනීමට ඉතාමත් අපහසු සංස්කෘත ශ්ලෝක නෙමෙයි. ඔබ ඇතුළු සියල්ලන්ම එය බලා ඇය දෙන්න හදන පණිවිඩය ග්‍රහණය කරගැනීම ඉතාමත් වැදගත්. ඉස්ලාම් ෆැසිස්ට් වාදයේ දිග පළල සහ ප්‍රමාණය යම් පමණකට අවබෝධ කර ගැනීමට හේතු වෙන දෙයක්. අලියා ගැන නොදැන අලියා ගැන කොහම කතා කරත් ඇති ඵලය කුමක්ද ?

      දිග පිළිතුරක් ලියමින් පවතිනවා. ඉක්මනින්ම දමන්නම්. ඔබ දෙවන පිළිතුරෙන් දැක්වූ කරුණු වලට පිළිතුරු දීමට ගියහොත් මට පොතක් ලිවිමට සිදුවෙනවා නිසැකයි. එතරම්ම විවාදයට බඳුන් කොට නිශ්ප්‍රභා කල යුතු කරුණු එහි අඩංගු වෙනවා. කොහොම වුවත් ඒ කිසිදු කරුණකට මා හට එකඟ වීමට නොහැකි බව කනගාටුවෙන් ප්‍රකාශ කරනවා. ඔබට පෞද්ගලිකව අපහාස කිරීමක් මා අදහස් නොකරන බව සැලකිය යුතුයි. සාකච්චාවට එක්වීම පිළිබඳව නැවතත් ස්තුතියි.

      ඔබ මා "අන්තවාදී" බව කිහිප තැනකම සඳහන් කොට තිබෙනවා. මේ ජාතිකත්වය , දේශීය ශිෂ්ටාචාරය (Native civilization ) කැමති විදියට ජිවත් වීමේ නිදහස , භාෂණයේ නිදහස , සහ තවත් නොයෙක් ප්‍රජාතාන්ත්‍රික මනුෂ්‍ය අයිතීන් ඉස්ලාම් ෆැසිස්ට් වාදයෙන් විනාශ වී යනකොට ඒ ගැන හඬ නගන අයට ගහන සාම්ප්‍රදායික ලේබලය.

      මතක තබා ගන්න මා හඬ නගන්නේ ෆැසිස්ට්වාදී මර්දනයකින් තොරව ජිවත් වීමේ මුලික මිනිස් අයිතිය වෙනුවෙන් බව. ජීවත්වෙන්න කරන හඬ ගෑම "අන්තවාදී" වීමක්ද ?? තීරණය ඔබ සතුයි !!!

      Delete
    9. @ මහසොහොන් පිල්ලිය

      //...ඉස්ලාම් ෆැසිස්ට් වාදයේ දිග පළල සහ ප්‍රමාණය යම් පමණකට අවබෝධ කර ගැනීමට හේතු වෙන දෙයක්. අලියා ගැන නොදැන අලියා ගැන කොහම කතා කරත් ඇති ඵලය කුමක්ද ?..//

      ඉස්ලාම් පැසිස්ට්වාදය දිග පළල කතා කරන ඔබ ඔවුන් ව්‍යාප්තවාදයක් කරා දියුණු වුණු හැටි වගේම අද පවා අත් කරගෙන සිටින සමාජ තත්වය පිළිබඳ සොයා නොබලන්නේ ඇයි ?

      //...දිග පිළිතුරක් ලියමින් පවතිනවා. ඉක්මනින්ම දමන්නම්. ඔබ දෙවන පිළිතුරෙන් දැක්වූ කරුණු වලට පිළිතුරු දීමට ගියහොත් මට පොතක් ලිවිමට සිදුවෙනවා නිසැකයි. එතරම්ම විවාදයට බඳුන් කොට නිශ්ප්‍රභා කල යුතු කරුණු එහි අඩංගු වෙනවා. කොහොම වුවත් ඒ කිසිදු කරුණකට මා හට එකඟ වීමට නොහැකි බව කනගාටුවෙන් ප්‍රකාශ කරනවා....//

      එකඟ වීමට හෝ එකඟ නොවීමට ඔබට ඇති අයිතිය මම පිළිගන්නවා. කොහොම නමුත් මගේ අදහස ඒ කරුණු ඉටු නොවෙන තාක් සිංහලයන් වශයෙන් අපි සිටින තැනම සිටිනවා හෝ තවත් පරිහානියකට යනවා හැරෙන්න දියුණුවක් නම් පෙන්නුම් කරන්නේ නැහැ :(

      //...ඔබ මා "අන්තවාදී" බව කිහිප තැනකම සඳහන් කොට තිබෙනවා. මේ ජාතිකත්වය , දේශීය ශිෂ්ටාචාරය (Native civilization ) කැමති විදියට ජිවත් වීමේ නිදහස , භාෂණයේ නිදහස , සහ තවත් නොයෙක් ප්‍රජාතාන්ත්‍රික මනුෂ්‍ය අයිතීන් ඉස්ලාම් ෆැසිස්ට් වාදයෙන් විනාශ වී යනකොට ඒ ගැන හඬ නගන අයට ගහන සාම්ප්‍රදායික ලේබලය.....//

      ඔබ සිංහලයෙක් වශයෙන් අන්තවාදියෙක් ලෙස පෙනී සිටින එක පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. ඒක ඔබේ අයිතිය. ඒත් බෞද්ධකම පෙරටු කොටගෙන අන්තවාදියෙක් වෙනවා නම් එතැනයි නොපහන් බව තියෙන්නේ.

      Delete
    10. @ මහසොහොන් පිල්ලිය

      //...මතක තබා ගන්න මා හඬ නගන්නේ ෆැසිස්ට්වාදී මර්දනයකින් තොරව ජිවත් වීමේ මුලික මිනිස් අයිතිය වෙනුවෙන් බව. ජීවත්වෙන්න කරන හඬ ගෑම "අන්තවාදී" වීමක්ද ?? තීරණය ඔබ සතුයි !!!...//

      මතක තබා ගන්න මා කතා කරන්නේ බෞද්ධ ප්‍රතිපදාව අනුව ලෞකික සහ ලෝකෝත්තර දියුණුව සලසා ගන්න, ඒකෙන් පුද්ගලිකව වගේම ජාතියක් වශයෙනුත් නැගී සිටින්න පුලුවන් කියන අදහස වෙනුවෙන් බව

      Delete
    11. ඔක්කොටම කලින් වීඩියෝ එකක් බලල ඉමු. මේවා දාන්නේ කැසිල්ලට නෙමේ. කියන දේට වැදගත් නිසා. "අදහසක් නැති කම" තමයි ජාතියක විනාශයට මුල. බ්ලොග් පිරිලා අදහස් වලින්. හැම දෙකටම අදහස් ඕන තරම් තිබෙන මිනිස්සුන්ට මේවගේ දෙකට කිසිම අදහසක් නැහැ. පුදුමයි නේද ?

      Welcome To Belgistan -- The New Muslim Capital of Europe

      බුදු දහම ඉගෙන ගෙන "පොතේ පණ්ඩිත" වූ ඔබ වැනි බොහෝ දෙනෙකුට ධර්මය ප්‍රයෝගික ජීවිතය සමග ගලපා ගැනීමේදී බොහෝ ගැටළු සහ විසුළු සහගත උභාතොඝෝටික අවස්ථාවන්ට මුහුණ පාන්න සිදුවන බව ඔබගේ සහ ඔබ සපයා ඇති උදාහරණ සමහරකින් පෙනී යයි. බුදුන්ටත් ධර්මය උගන්න්වන්නේ එවැනි "පොතේ පණ්ඩිත" අයයි ..
      උදාහරණ අවශ්‍ය තැන දක්වමි.

      1. මමත් බෞධයෙක් තමා. නමුත් මම ඔබත් , ඉස්ලාම් භාක්තිකයනුත් වගේ සමාජීය සහ දේශපාලන හැම ප්‍රශ්නයකටම විසඳුම් ආගමකින් හොයන මූඪ ආගම් භක්තිකයෙක් නෙමෙයි.

      ප්‍රජාතන්ත්‍රවාදය , මනුෂ්‍ය නිදහස ලැබෙන්නේ ඒවා ඕන කෙනාට, ඒවා වෙනුවෙන් සටන් කරන්න , හඬ නගන්න පුළුවන් කෙනාට බව මනුෂ්‍ය ඉතිහාසය පෙන්වා දෙනව. ඉස්ලාම් ෆැසිස්ට්වාදය නිසා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වූ දවසට එහෙම වෙන්නේ ඔබගේ මිත්‍යා දෘෂ්ටික පෙර කර්ම වාදය නිසා නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය ට පක්ෂව , ෆැසිස්ට් වාදයට විරුධව හඬ නගන්න පුළුවන් කොන්ද පන තියෙන සිංහලයෙක් නොමැති කම නිසා. පෙර කර්ම වාදය කරපින්නා ගෙන අක්‍රීයව සිටිනා නපුන්සකයන් ගේ බහුලත්වය නිසා ...

      පිස්සු බල්ලෙක් එන විට පැන යා යුතු බව ඔබ සඳහන් කරා. සතුටුයි. නමුත් මනුෂ්‍යයන්ට උදවු කිරීමට කැමති සත්පුරුෂයෙක් කල යුත්තේ පලා ගොස් ආත්මාර්තකාමිව තමන් බේරිමද ? නැත්නම් බල්ලා මගින් සිදුවිය හැකි විනාශය නැවැත්වීමට යමක් කිරීමද ?

      ඔබ පැවසුවා භාක්තියාර් කල්ජි ට දරුණු මරණයක් අත් වුනා කියා. ඉතින් එහෙම දරුණු මරණයක් අත් වුනා කියා ඔහු කල බෞද්ධ සංහාරය රිවර්ස් වෙනවද ? ඔහු බෙල්ල කැපිල මැරුණත් , පනුවෝ ගහල මැරුණත් , ස්වභාවික විදියට මැරුණත් ඉන්දියාවේ බුදුදහමේ විනාශයට කල යුතු දේ කරලා ඉවරයි. කනගාටුයි මේක තමයි මම කාලෙකින් අහපු මුග්ධම තර්කය. යම් දෙයක් කර අවසන් වූ පසුව කල තැනැත්තාට සිදුවූ දෙය ගැන සිතා සිත සනසා ගැනීමෙන් ඔහු කල දෙය වෙනස් නොවේ. ත්‍රස්තවාදියෙක් පැමිණ ඔබ මරයි. ඔබ මැරූ පසු ඒ පවින් ඔහු අපායට යයි. ඔහු අපායට ගියත් නැතත් ඔබට ජීවිතය යලි නොලැබේ. ඔබට සිදුවු හානිය ඔහු අපායට යාමෙන් පිළිසකර නොවේ.

      සිහිබුද්ධියක් ඇති තැනැත්තෙකු කලයුතු වන්නේ යම්කිසි විනාශකාරී දෙයක් වීමට පෙර වැළැක්වීම මිස එය වෙන්නට හැර කල තැනැත්තා හට එමගින් සිදුවූ අවනතිය ගැන සිතා සැනසීම නොවේ. ඉස්ලාම් ව්‍යාප්තවාදය ලංකාව ගිලගෙන පසුකාලයේ ඔවුන් සිංහලයන් සංහාරය කිරීමට පටන්ගත් විට අපිව මරණ උන් යන්නේ අපායට කියා සැනසීම නොව කලයුතු වන්නේ එසේ නොවීමට හැකි යමක් දැන්ම කිරීමය. ඔබගේ තර්කවල සහ අදහස් වල ඇති ලාමක භාවය මෙයින් වත් පැහැදිලි වුනොත් හොඳයි.


      මුස්ලිම් ව්යාප්ත්වාදයත් සමග , ඔවුන් සමග එකට සිටීමේ අපහසු තාවය නිසා (බල්ලන්ට වස දීම , පිළිකුල් සහගත ම්ලේච්ච ආගමික සිරිත් විරිත් , නිතර දෙවේලේ වෙන ආගමික යාතිකා කීම ආදී දේ ) මුස්ලිම් නොවන අය එම ප්‍රදේශ අත හැර වෙන ප්‍රදේශ වලට යනවා. ලංකාවේ එය පැහැදිලිවම පෙන්න තිබෙන දෙයක් බව ඔබට හොඳින් බැලුවොත් පෙනේවි. අනිත් රටවලත් එහෙම තමයි.

      රටම එලෙස මුස්ලිම් කරනය වූ විට අවශේෂ ජනයා කොහෙද පලා යන්නේ ? (උදා ඊජිප්තුව ) ඒක තමයි මා අවසානයට පැවසූ "මුදට පැනීම" .. ඒකද ඔබගේ විසඳුම ... ? පේනවා නේද ඔබ ඉන්නේ කෙතරම් අනවබෝධාත්මය දුර නොපෙනෙන මුලාවක ගැලිලද කියල ?


      contd ..

      Delete
    12. Contd...


      2. "අකාලික දහමක් දේශනා කල බුදුන්ගේ දහම මේ කාලයට නොගැලපෙන බවක් තමා ඔබගේ ප්‍රකාශයෙන් හැඟෙන්නේ "

      මල්ලි , ඔබගේ ධර්මය පිලිබඳ නොදැනුවත් කමට කනගාටුයි. නොදන්නා කමට වඩා පොඩ්ඩක් දැනගෙන සියල්ල දත් ලෙස අදහස් ප්‍රකාශ කිරීම ඊට වඩා භයානකයි.

      බුදුන් වහන්සේගේ ධර්මය හැම කලටම පොදුයි. ඒ පොදු ධරමතාවය චතුරාර්ය සත්‍යයි. බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍යයට අමතරව එකල සමාජයට ගැලපෙන පරිදි වෙනත් දේවල් ද ප්‍රකාශ කර තිබෙනවා. ඒවා කාලයෙන් කාලයෙට දේශයෙන් දේශයට වෙනස් විය හැකියි. පිරිනිවන් පෑමට ප්‍රථම ඇතැම් ශික්ෂා පද කාලය , දේශය අනුව වෙනස් කල හැකි බව උන්වහන්සේ පැවසුවා බව අමතකද ?

      බුදුන් වහන්සේ ධර්මය දේශනා කරේ එය පිළිපැදීමට කැමති මිනිසුන්ටයි. බුද්ධකාලයත් ඇතුලත්ව ඕනෑම කාලයක , ඕනෑම සමාජයක ධර්මය පිළිපදින්නේ අතලොස්සක් පමණි. බලෙන් ධර්මයේ පිලිපද්දවිම ප්‍රයෝගික නොවන බව හොඳින්ම දැන සිටියේ බුදුන් වහන්සේමය. එසේ කල හැකිව තිබුනා නම් උන්වහන්සේ ධර්මය අවබෝධ කිරීමට හැකි අය සොයා සැතපුම් දහස් ගණන් වෙන වෙනම වඩින්නේ නැතිව දඹදිව එක කොනක සිට අනෙක් කොන දක්වා ධර්මය කියාගෙන යා යුතුව තිබුණි.

      ඔබ යෝජනා කරන බෞද්ධ සියල්ලන්ම මත් පැනින් වැලකි , මස් කෑමෙන් වැලකි ත්‍රිපිටකයට අනුව ධර්මානුකුල ප්‍රතිපදාවෙන් ජිවත් ව දියුවේ හිනිපෙත්තට යන කිසිසේත්ම කිසිදු සමාජයක ප්‍රයෝගිකව කල නොහැකි උටෝපියානු සංකල්පය පුස්සක් වන්නේ එබැවිනි.

      එසේ කිරීමට මිනිසුන් සියල්ලන්ම පෙළගස්වා ගැනීම බුදු කෙනෙකුට වත් කල හැකි වැඩක් නොවෙයි... දැන් පේනවා නේද ඔබ බුදුන්ටත් උගන්වන්න යනවා කියා මා කියූ දෙයි පසුබිම ?

      යම් තරමකට හෝ එසේ කල හැකි නම් එය කල හැකි වන්නේ දේශපාලන ප්‍රවාහයකට පමණයි.

      3. " මුසල්මානුවෝ ව්‍යාප්තිවාදයක් වෙනකම් ආවේ කොහොමද කියලා හිතලා බලන්න. "
      ෆැසිස්ට් මුස්ලිම් ව්‍යප්ත්වාදයට ව්‍යාප්ත වීමට වෙන ජන කොටසක් ලබා දෙන උත්තේජනයක් අවශ්‍ය නොවේ. එය ඉස්ලාම් සංකල්පය තුලම අන්තර්ගත වී ඇති දෙයකි. හොඳ බෞධයෙක් කිසිවිටක ත්‍රස්තවාදියෙක් නොවේ. නමුත් හොඳ මුසල්මානුවෙක් හැම විටම ත්‍රස්තවාදියෙකි (විශ්වාස නොකරන්නන්ගේ හදවත් තුලට ත්‍රස්තය ඇතුලුකරන්න ) . මෙය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔබගේ ඇති නොදැනුවත්කම පෙන්වන තැනකි.


      contd ...

      Delete
    13. contd ..

      4. දුඹුරු පැහැ වූ පමණින් අසුචි චොකලට් නොවේ. දෙවියන් වහන්සේ ගැන කි පමණින් ෆැසිස්ට්වාදී , හත්වන ශතවර්ෂයේ සිරවූ ම්ලේච්ච අරාබි දේශපාලන ව්‍යාප්තවාදය ආගමක් නොවේ. මෙය ඉස්ලාම් නොවන ලාමක ටින් ටින් ලා සියල්ලන්ම හොඳින් තේරුම් ගත යුතුව ඇත. දේශීයත්වය රැකගැනීමට කැමති ලාංකිකයන මේ ෆැසිස්ට්වාදයට විරුද්ධව ව යා යුත්තේ ආගමික මුහුණුවරකින් නොව දේශපාලන මුහුණුවරකින් බව ඔබ පසුව යන්තමින් දැක්වූ අදහසට පමණක් එකඟ වෙමි .. නමුත් ...


      ඔබ එකඟ උවත් නැතත් ලංකාව තුල ඇත්තේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයයි ( civilisation ). රටේ මේ ශිෂ්ටාචාරය මුලින් උපුටා දමා අරාබි ශිෂ්ටාචාරය සහ ඒ හා සම්බන්ධ නීති පද්දති , සිරිත් විරිත් සහ ආගම පිහිටුවීමට යම් ජන කොටසක් උත්සහ කිරීමේදී එයට විරුද්ධව නැගී සිටින්නේ කොච්චින් වත් බර්ගර් ජාතිකයන් වත් නොව එම ශිෂ්ටාචාරය පිහිටවීමට උර දුන් ජනයා බව වාදයක් නැත. ලාංකීය සන්ධර්භය තුල ඒ වගකීම හිමිවන්නේ සිංහල බෞද්ධ ජනතාවටය. ෆැසිස්ට් මුස්ලිම් ව්‍යප්ත්වාදයට එරෙහිව ලංකාවේ ගෙනයන යම් සටනක් වේ නම් එය කැමති වුවත් නැතත් වාසනාවට හෝ අවාසනාවට සිංහල බෞද්ධ මුහුණුවරක් ගැනීම වැළැක්විය නොහැකි යථාර්තයකි. බෞධයන්ට අපහාස කරනා සියල්ලන් (බොහෝකොට බෞධයන්ම ) මෙය හොඳින් තේරුම් ගත යුතුව ඇත.

      ලංකාවේ ඕනෑම ජාතික ව්‍යාපාරයක් බෞද්ධ මුහුණුවරක් ගැනීම සිතා මතා බුදු දහමට නිගරු සංඝයා වහන්සේලා විසින් කරන්නක් නොව ලාංකීය සන්ධර්භය තුල වැළැක්විය නොහැකි යථාර්තයකි. අතීතයේ සිට ජාතියේ (හොඳින් බලන්න .. ජාතිය යන වචනය යෙදීම .. ආගම නොවේ ) මුර දේවතාවුන් වුයේ සංඝයා වහන්සේලායි. ජාතියේ අපගමන අවස්තාවක උන්වහන්සේලා පෙරට ඒම ඒ අනුව සිදු වේ. එවිට එම ව්‍යාපාරයට බෞද්ධ මුහුණුවරක් ගැනීම වැළැක්විය නොහැකි යතාර්තයකි. මෙය අරුම පුදුම දෙයක් නොව ටිබටයේත් , බුරුමයේත් මේ ආකාරයෙන් ම සිදුවන්නකි . මේ අවස්ථාවේ මේ යතාර්ථය තේරුම් ගැනීමට නොහැකි අඥානයන් හතර අතේ බ්ලොග් පොස්ට් දමා නිකරුනේ සංඝයා වහන්සේට අපහාස කොට , විසුළු කොට අපායගාමී වීමට පාර සකසා ගනිති. (ඔබත් ඇතුළුව )

      Delete
    14. මල්ලි , ඔබගේ ලිප්යේ අන්තර්ගතය සහ එහි මුලික අදහස ගැන පැහැදිලිව නොදැක්වීම නිසා ඒ ගැන වැරදි වැටහීමක් ගත්තේ මහසෝන් යකා පමණක් නොවෙන බව මේ කොමෙන්ටුව දෙස් දෙයි.

      ගිමන් නිවන්නා :
      මෙවැනි මාතෘකාවක් යටතේ කිවයුතු දෙය කෙලින්ම කිවීම වඩාත් උචිතයි . කියවන අය වැරදි වටහා ගැනීම් ඇතිකර ගත හැකියි.

      යෝජනා කිහිපයක් :
      1. පැහැදිලිව ඔබගේ අදහස් ඉදිරිපත් නොකොට අපහාස කිරීමට වෙලාවක් බලමින් සිටිනා අඳබාලයන්ට සංඝයා වහන්සේලාට සහ බෞධයන්ට ගැරහීමට පිටියක් සකස්කර දීම සහ ව්‍යංගයෙන් එයට සහයෝගය දීම ගැන ඔබ පළමුවෙන් සමාව ගත යුතු යයි සිතමි.

      2. දෙවනුව ලිපිය ලිවීමේ ඔබගේ මුලික පරමාර්ථය එහි මුදුනෙන් හෝ පහතින් පැහැදිලිව සංශික්ප්තව දැක්විය යුතුයි සිතමි.

      3 ඔබගේ කරුණු දැක්වීම් සහ තර්ක අපැහැදිලි , නුපුහුණු (amateurish ) සහ මාතෘකාවට අදාළ නොවන ස්වභාවයක් ඇත. මේ අංශය ඔබ තව දුරටත් දියුණු කරගත හොත් ජිවිතයට යහපතක් වේ යයි සිතමි.

      වෙසමුණි භවනේ කාර්ය බහුලත්වය නිසා තවදුරටත් මෙම සංවාදයට සහභාගිවීමට අපහසු බව දැනුම් දෙමි. මා හට ලබාදෙන පිළිතුරක් ඔබගේ පාඨකයන් හට වැදගත් වියහැකි නිසා නොදා නොසිටින්න

      -තෙරුවන් සරණයි

      Delete
    15. @ මහසොහොන් පිල්ලිය

      //..මා හට ලබාදෙන පිළිතුරක් ඔබගේ පාඨකයන් හට වැදගත් වියහැකි නිසා නොදා නොසිටින්න...//

      අනිවාර්යෙන්ම. පාඨකයන්ගේ ප්‍රතිචාර ගැන මම සැලකිලිමත් වෙනවා වගේම ඒවාට මගේ දැනුම් මට්ටමෙන් පිළිතුරු සපයනවා වගේම සපයා තිබෙනවා :)

      //..බුදු දහම ඉගෙන ගෙන "පොතේ පණ්ඩිත" වූ ඔබ වැනි බොහෝ දෙනෙකුට ධර්මය ප්‍රයෝගික ජීවිතය සමග ගලපා ගැනීමේදී බොහෝ ගැටළු සහ විසුළු සහගත උභාතොඝෝටික අවස්ථාවන්ට මුහුණ පාන්න සිදුවන බව ඔබගේ සහ ඔබ සපයා ඇති උදාහරණ සමහරකින් පෙනී යයි.....//

      බුදු දහම ඉගෙන ගෙන බුදු දහම සහ සිංහල වර්ගය/ජාතිය එකිනෙකට ගලපා ගැනීමට යාමෙන් ඔබ මෙන්ම බොහෝ දෙනා ගැටලු සහ විසුළු සහගත උභතෝකෝටික අවස්ථාවන්ට මුහුණ දෙනවා පමණක් නෙමෙයි තවත් භෝ දෙනා එවැනි අවස්ථාවන්ට කැඳවාගෙන යාමෙන් ගැටලු රැසක් ඇති කරනවා කියන එකයි මගේ අදහස

      //..ඉස්ලාම් ෆැසිස්ට්වාදය නිසා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වූ දවසට එහෙම වෙන්නේ ඔබගේ මිත්‍යා දෘෂ්ටික පෙර කර්ම වාදය නිසා නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය ට පක්ෂව , ෆැසිස්ට් වාදයට විරුධව හඬ නගන්න පුළුවන් කොන්ද පන තියෙන සිංහලයෙක් නොමැති කම නිසා. පෙර කර්ම වාදය කරපින්නා ගෙන අක්‍රීයව සිටිනා නපුන්සකයන් ගේ බහුලත්වය නිසා ...//

      හඬ නැගීම ප්‍රශ්නයක් නෙමේ. ඒත් ඒක කරන විදිහයි ගැටලුව තිබෙන්නේ. අවිහිංසාවාදීවද හිංසාවාදීවද කියන එකයි හිතලා බලන්න ඕනේ. හිංසාවාදීව හඬ නගලා ඒක බුද්ධ ධර්මයේ නාමයෙන් සාධාරණීකරණයයි ගැටලුව

      //..නමුත් මනුෂ්‍යයන්ට උදවු කිරීමට කැමති සත්පුරුෂයෙක් කල යුත්තේ පලා ගොස් ආත්මාර්තකාමිව තමන් බේරිමද ? නැත්නම් බල්ලා මගින් සිදුවිය හැකි විනාශය නැවැත්වීමට යමක් කිරීමද ?...//

      සත්පුරුෂයාට ඒ ගැන තවත් අයට දැනුවත් කළ හැකියි. එසේත් නැතිනම් ඔබ ව්‍යංගයෙන් දක්වන ආකාරයට පිස්සු බල්ලාව මරාඅ දමා විනාශයක් නැවැත්විය හැකියි. එහෙත් ඒක බුද්ධ ධර්මයේ නාමයෙන් සාධරණීකරණයයි ගැටලුව

      //..න්දියාවේ බුදුදහමේ විනාශයට කල යුතු දේ කරලා ඉවරයි. කනගාටුයි මේක තමයි මම කාලෙකින් අහපු මුග්ධම තර්කය. යම් දෙයක් කර අවසන් වූ පසුව කල තැනැත්තාට සිදුවූ දෙය ගැන සිතා සිත සනසා ගැනීමෙන් ඔහු කල දෙය වෙනස් නොවේ....//

      දැන් ඔබ කියන්නේ ඒ අවස්ථාවේදී භික්ෂූන් ආයුධ අතට ගෙන සටන් කළ යුතුයි කියන කාරණයද ?? මුගලන් මහ රහතන් වහන්සේ සොරුන් අතින් ඝාතනය වූ අවස්ථාවේදී සඟ සසුන ක්‍රියාත්මක වූ ආකාරය ගැන මදක් සිතා බලන්න. විශේෂයෙන් පුණ්ණ හිමියන්ගේ කතා පුවත සිහියට නගා ගන්න

      //..සිහිබුද්ධියක් ඇති තැනැත්තෙකු කලයුතු වන්නේ යම්කිසි විනාශකාරී දෙයක් වීමට පෙර වැළැක්වීම මිස එය වෙන්නට හැර කල තැනැත්තා හට එමගින් සිදුවූ අවනතිය ගැන සිතා සැනසීම නොවේ. ඉස්ලාම් ව්‍යාප්තවාදය ලංකාව ගිලගෙන පසුකාලයේ ඔවුන් සිංහලයන් සංහාරය කිරීමට පටන්ගත් විට අපිව මරණ උන් යන්නේ අපායට කියා සැනසීම නොව කලයුතු වන්නේ එසේ නොවීමට හැකි යමක් දැන්ම කිරීමය. ඔබගේ තර්කවල සහ අදහස් වල ඇති ලාමක භාවය මෙයින් වත් පැහැදිලි වුනොත් හොඳයි....//

      විනාශය වැළැක්විය යුතුයි අවිහිංසාවෙන් කළ හැකි නම් එයින් කරන්න. හිංසාවෙන් යමක් කළත් බුද්ධ ධර්මයෙන් ඒකට රුකුල් නොදෙන්න. දහම විනාශ කරන්නේ ea අයුරින් තමා

      අනෙක ඉස්ලාම් ව්‍යාප්තවාදයට සිංහලයන් සංහාරය කරන්න ඉඩ දෙනෙන සිංහලයන් ශක්තිමත් නොකරන අය. වර්තමානයේ කරන කටයුතුවලින් මුස්ලිම්වරුන්ට බැටේ වදිනවා හැරෙන්න සිංහලයන් ශක්තිමත් වෙනවද ?

      //...මුස්ලිම් ව්යාප්ත්වාදයත් සමග , ඔවුන් සමග එකට සිටීමේ අපහසු තාවය නිසා (බල්ලන්ට වස දීම , පිළිකුල් සහගත ම්ලේච්ච ආගමික සිරිත් විරිත් , නිතර දෙවේලේ වෙන ආගමික යාතිකා කීම ආදී දේ ) මුස්ලිම් නොවන අය එම ප්‍රදේශ අත හැර වෙන ප්‍රදේශ වලට යනවා....//

      මුස්ලිම්වරුන්ට ප්‍රදේශයක ව්‍යාප්ත වෙන්න අවස්ථාව ලැබුණේ සිංහලයන් හෝ වෙනත් කොටසක් ඉඩම් විකිණූ නිසා නේද ? එලෙස ඉඩම් විකුණන්න සිංහලයන් පෙළඹුණු හේතු සාධක සොයා එයට විසඳුම් දීම නේද කළ යුත්තේ ? එහෙම නැතුව මුස්ලිම්වරුන් ඒ ප්‍රදේශයෙන් පලවා හැරියත් ඒ ප්‍රදේශ වනසා දැමුවත් ඔවුන් තවත් පෙදෙසකින් ඉඩම් මිලදී ගන්න හැකිවෙනවා නම් මේ කරන කාර්යයන්ගෙන් වැඩක් තිබෙනවාද ??

      //.. ඒක තමයි මා අවසානයට පැවසූ "මුදට පැනීම" .. ඒකද ඔබගේ විසඳුම ... ? පේනවා නේද ඔබ ඉන්නේ කෙතරම් අනවබෝධාත්මය දුර නොපෙනෙන මුලාවක ගැලිලද කියල ?...//

      සර්පයාගේ හිසෙන් අල්ලා නොගෙන කඳෙන් අල්ලා ගන්නවා සේ ප්‍රශ්නයට හේතුව නොසොයා එයින් ඇතිවූ ප්‍රතිඵලවලට විසඳුම් දීම සාර්ථක විසඳුම නොවේ

      Delete
    16. @ මහසොහොන් පිල්ලිය

      //..බුදුන් වහන්සේගේ ධර්මය හැම කලටම පොදුයි. ඒ පොදු ධරමතාවය චතුරාර්ය සත්‍යයි. බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍යයට අමතරව එකල සමාජයට ගැලපෙන පරිදි වෙනත් දේවල් ද ප්‍රකාශ කර තිබෙනවා. ඒවා කාලයෙන් කාලයෙට දේශයෙන් දේශයට වෙනස් විය හැකියි. පිරිනිවන් පෑමට ප්‍රථම ඇතැම් ශික්ෂා පද කාලය , දේශය අනුව වෙනස් කල හැකි බව උන්වහන්සේ පැවසුවා බව අමතකද ?...//

      සිඟාලෝවාද සූත්‍රය, මහා මංගල සූත්‍රය, පරාභව සූත්‍රය වැනි බුදුන් වදාළ සූත්‍ර කාලිකද ?? සූත්‍ර සහ ශික්ෂා පද පටලවා ගෙන ඇති හැඩක් පෙනේ.

      //...බුදුන් වහන්සේ ධර්මය දේශනා කරේ එය පිළිපැදීමට කැමති මිනිසුන්ටයි. බුද්ධකාලයත් ඇතුලත්ව ඕනෑම කාලයක , ඕනෑම සමාජයක ධර්මය පිළිපදින්නේ අතලොස්සක් පමණි. බලෙන් ධර්මයේ පිලිපද්දවිම ප්‍රයෝගික නොවන බව හොඳින්ම දැන සිටියේ බුදුන් වහන්සේමය....//

      එතකොට දැන් විවිධාකාරයේ සංවිධාන බෞද්ධ නාමයෙන් කෙරෙන බෞද්ධයන් පෙළ ගැස්වීම ගැන ඔබේ අදහස ?

      //..ඔබ යෝජනා කරන බෞද්ධ සියල්ලන්ම මත් පැනින් වැලකි , මස් කෑමෙන් වැලකි ත්‍රිපිටකයට අනුව ධර්මානුකුල ප්‍රතිපදාවෙන් ජිවත් ව දියුවේ හිනිපෙත්තට යන කිසිසේත්ම කිසිදු සමාජයක ප්‍රයෝගිකව කල නොහැකි උටෝපියානු සංකල්පය පුස්සක් වන්නේ එබැවිනි....//

      බුදුන් වහන්සේ දේශනා කළ සූත්‍ර අනුව ගිහියා ජීවිතය හැඩ ගස්වා ගැනීම යුතෝපියානු සංකල්පයක් වශයෙන් ඔබ විශ්වාස කරනවා නම් ඔබ නියෝජනය කරන මතවාදය පැහැදිලියි. ලිච්ඡවි රාජ්‍යය ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි

      //..එසේ කිරීමට මිනිසුන් සියල්ලන්ම පෙළගස්වා ගැනීම බුදු කෙනෙකුට වත් කල හැකි වැඩක් නොවෙයි... දැන් පේනවා නේද ඔබ බුදුන්ටත් උගන්වන්න යනවා කියා මා කියූ දෙයි පසුබිම ?...//

      බුදුන්ටත් වඩා බුද්ධ ධර්මය දන්නවා ලෙස පෙන්වමින් බුදුන් වදාළ ධර්මය අවස්ථාවාදීව උපයෝගී කරගන්නේ වර්තමානයේ බෞද්ධ නාමයෙන් පෙනී සිටින ඇතැම් සංවිධාන. ඒකේ ඔබට පෙනෙන්නේ නැද්ද ? ඒ වගේමයි බුදුන් වහන්සේ මග පෙන්වන්නෙක් පමණයි. ඒ මග යායුත්තේ අපියි.

      //..ෆැසිස්ට් මුස්ලිම් ව්‍යප්ත්වාදයට ව්‍යාප්ත වීමට වෙන ජන කොටසක් ලබා දෙන උත්තේජනයක් අවශ්‍ය නොවේ. එය ඉස්ලාම් සංකල්පය තුලම අන්තර්ගත වී ඇති දෙයකි. හොඳ බෞධයෙක් කිසිවිටක ත්‍රස්තවාදියෙක් නොවේ. නමුත් හොඳ මුසල්මානුවෙක් හැම විටම ත්‍රස්තවාදියෙකි...//

      //..මෙය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔබගේ ඇති නොදැනුවත්කම පෙන්වන තැනකි....//

      මුස්ලිම්වරුන් ලංකාවේ ව්‍යාප්තිවාදයක් දක්වා ආවේ වැඩි වශයෙන් සිංහලයන් අනුගමනය කළ ප්‍රතිපත්ති නිසා බව ඔබේ දැනුමට නොවැටහිම ගැන කණගාටුයි. ඒවා නැවත නැවතත් සිදුවන්නට ඉඩ තැබීම වලක්වන්නයි මූලිකව කටයුතු කළ යුත්තේ. එහෙත් කණාගාටුවට කරුණ එය එලෙස සිදු නොවීමයි :(

      Delete
    17. @ මහසොහොන් පිල්ලිය

      //..දේශීයත්වය රැකගැනීමට කැමති ලාංකිකයන මේ ෆැසිස්ට්වාදයට විරුද්ධව ව යා යුත්තේ ආගමික මුහුණුවරකින් නොව දේශපාලන මුහුණුවරකින් බව ඔබ පසුව යන්තමින් දැක්වූ අදහසට පමණක් එකඟ වෙමි ..//

      බෞද්ධාගමික මුහුණුවර යොදා බෞද්ධත්වයට නොගැලපෙන දෑ සිදු නොකර එයට දේශපාලනය මුහුණුවර යොදා ගත යුතුය කියන කාරණය වටහා ගැනීම ගැන සතුටුයි.

      //..ෆැසිස්ට් මුස්ලිම් ව්‍යප්ත්වාදයට එරෙහිව ලංකාවේ ගෙනයන යම් සටනක් වේ නම් එය කැමති වුවත් නැතත් වාසනාවට හෝ අවාසනාවට සිංහල බෞද්ධ මුහුණුවරක් ගැනීම වැළැක්විය නොහැකි යථාර්තයකි. බෞධයන්ට අපහාස කරනා සියල්ලන් (බොහෝකොට බෞධයන්ම ) මෙය හොඳින් තේරුම් ගත යුතුව ඇත....//

      එයින් සිදුවන්නේ බුද්ධ දේශනාව විහිළුවකට බදුන් වීම. බුදු දහමට පටහැනි දෑ සිදුකර බුදු දහමේ නමින් එය සාධාරණ කිරීමත් පවක් තමා. සිංහල ජාතිය වශයෙන් ඒ අවස්ථාවන්වලදී නැගී සිටින්නට කටයුතු කිරීම තමා වටින්නේ. ඒ සඳහා කතෝලිකයන් පවා එකතු කර ගැනීම ඒ යටතේ සිදුකළ හැකි අතරම පුළුල් පදනමක් සපයා ගැනීමට හැකි වෙනවා.

      //..ලංකාවේ ඕනෑම ජාතික ව්‍යාපාරයක් බෞද්ධ මුහුණුවරක් ගැනීම සිතා මතා බුදු දහමට නිගරු සංඝයා වහන්සේලා විසින් කරන්නක් නොව ලාංකීය සන්ධර්භය තුල වැළැක්විය නොහැකි යථාර්තයකි. අතීතයේ සිට ජාතියේ (හොඳින් බලන්න .. ජාතිය යන වචනය යෙදීම .. ආගම නොවේ ) මුර දේවතාවුන් වුයේ සංඝයා වහන්සේලායි....//

      මේ තත්වය ලාංකිය ඉතිහාසය සමඟම බැඳී පවතින්නක්. මහින්දාගමනයේ පටන් ලාංකීය භික්ෂූන් වහන්සේලා රාජ්‍ය සමඟ අනිසි බැඳීමක් ඇති කර ගැනීම එයට හේතුවයි. රජකම උරුමකරුවන් සිටියදී තමන්ට අවශ්‍ය පුද්ගලයා පත් කර ගැනීමට තරම් භික්ෂුව ප්‍රබල වීම තුළින් පෙනීයන්නේ අභිනිෂ්ක්‍රමණය කර පැමිණි ගිහි සමාජය තමන්ට උවමනා පරිදි හසුරුවා ගන්නට වෙර දරන පැවිද්දාගේ ලක්ෂණයයි. මෙවැනි තත්වය ටිබෙටයේ වැනි රාජ්‍යයන්වල අවසන් වූයේ භික්ෂුව රටේ පාලකයා බවට පත්වීමෙන්. එය බුදුන් වහන්සේ දේශනා කළ වදාළ බුද්ධ ධර්මයට හෝ පැවිදි විනයට කෙතරම් අනුකූලද යන්න සිතා බලන්න.

      //..මුර දේවතාවුන් වුයේ සංඝයා වහන්සේලායි. ජාතියේ අපගමන අවස්තාවක උන්වහන්සේලා පෙරට ඒම ඒ අනුව සිදු වේ. එවිට එම ව්‍යාපාරයට බෞද්ධ මුහුණුවරක් ගැනීම වැළැක්විය නොහැකි යතාර්තයකි. මෙය අරුම පුදුම දෙයක් නොව ටිබටයේත් , බුරුමයේත් මේ ආකාරයෙන් ම සිදුවන්නකි . මේ අවස්ථාවේ මේ යතාර්ථය තේරුම් ගැනීමට නොහැකි අඥානයන් හතර අතේ බ්ලොග් පොස්ට් දමා නිකරුනේ සංඝයා වහන්සේට අපහාස කොට , විසුළු කොට අපායගාමී වීමට පාර සකසා ගනිති. (ඔබත් ඇතුළුව )...//

      සිඟාලෝවාද සූත්‍රයේ එන භික්ෂුව අතින් ගිහියාට ඉටුවිය යුතු කරුණු පිළිබඳව නැවතත් සිතා බලන්න. ආර්ය ගුණෝප්ත සංඝයා වහන්සේලාට මේ සටහනෙන් කිසිම අපහාසයක් නොවූ බව මගේ විශ්වාසයයි. චීවරධාරීන්ට මෙයින් පහර වැදේ නම් එය මගේ වරදක් නොව ඔවුන් තුළ පවතින වරදක් නිසාමයි.

      Delete
    18. @ මහසොහොන් පිල්ලිය

      //..මල්ලි , ඔබගේ ලිප්යේ අන්තර්ගතය සහ එහි මුලික අදහස ගැන පැහැදිලිව නොදැක්වීම නිසා ඒ ගැන වැරදි වැටහීමක් ගත්තේ මහසෝන් යකා පමණක් නොවෙන බව මේ කොමෙන්ටුව දෙස් දෙයි....//

      බොහෝ දෙනෙන් අතුරින් දෙදෙනෙක් හෝ තිදෙනෙක් ලිපියේ අන්තර්ගතය හා එහි මූලික අදහස පැහැදිලිව තේරුම් නොගෙන වැරදි වැටහීම් ඇති කරගත්තා නම් එය ලිපිය ඉදිරිපත් කරන්නාගේ වූ ගැටලුවක් වශයෙන් සාමාන්‍යකරණය කිරීම සුදුසු නැහැ. එනිසා වඩාත් විමසිල්ලෙන් සහ නිදහස් මනසින් කියවා බැලීමයි කළ යුත්තේ.

      ඔබේ යෝජනා සඳහා මගේ අදහස්

      1.ආර්ය ගුණෝප්ත සංඝයා වහන්සේලාට මේ සටහනෙන් කිසිම අපහාසයක් නොවූ බව මගේ විශ්වාසයයි. චීවරධාරීන්ට මෙයින් පහර වැදේ නම් එය මගේ වරදක් නොව ඔවුන් තුළ පවතින වරදක් නිසාමයි.

      2. පිළිගනිමි. බොහෝ දෙනා වටහා ගත්තත් සුළු පිරිසක් හෝ එය වටහා නොගනී නම් සුළු පිරිස නොතකා නොහැර ඔවුන්ටත් එය පැහැදිලි කරදිම යුතුකමක් වශයෙන් සලකන නිසා එය කරන්නම්

      3. ඒ පිළිබඳව මේ සංවාදය කියවූ සහ කියවන පුද්ගලයන්ට විනිශ්චය කිරීමට භාර කරමු

      //.වෙසමුණි භවනේ කාර්ය බහුලත්වය නිසා තවදුරටත් මෙම සංවාදයට සහභාගිවීමට අපහසු බව දැනුම් දෙමි...//

      වැඩ නිමවූ විටෙක හමුවෙමු :)

      ඔබටත් තෙරුවන් සරණයි

      Delete
    19. This comment has been removed by a blog administrator.

      Delete
  2. Replies
    1. @ හරී

      හිනාවෙවී හිටපල්ලා. උඹලාට මේවා තේරෙන්නේ නැහැ. ඒත් කවදා හරි උඹලාට මේවා තේරෙද්දි පසු තැවෙන්න වෙයි :D

      Delete
  3. බුදුහාමුදුරුවෝ වැඩම කරලා දේසනා කළත් විස්වාස නොකරන ඈයෝ සමහර චීවරධාරීන් කියන දේවල් ඉහ මුදුනින් පිළිගන්න එක බුද්ධ සාසනයට වෙච්ච ලොකුම අබග්ගය හසිත මලයෝ. ඕක හලාල්වලට පමණක් නෙවෙයි, ගොඩක් දේවල් වලට ඇත්ත.

    ReplyDelete
  4. ජිඟි ආතල් කියන්නෙ මේ වගේ ගොං පාට් වලට තමයි. හිනාද දැන් ?

    ReplyDelete
    Replies
    1. @ Anonymous March 20, 2013 at 7:24 PM

      ප්‍රශ්නය පෙරලා ඔබටම යොමු කරමි :)

      Delete
  5. හිකිස්..

    උබලට කවද හරි තේරෙයි මේවා...

    හාමුදුරුවො බැන්න සීන් එක නම් ආතල් බං !

    ReplyDelete
    Replies
    1. @ sAm (සෑම්)

      තේරෙන දාට ලිප්ටන් කොම්පැණිය වහන්න වෙයි :D

      Delete
  6. එල...ඔය හලාල් එපා කියන අය සිරාවට විහිළුවක් තමයි...

    ReplyDelete
    Replies
    1. @ ඉන්ද්‍රජිත්

      හොඳ හොඳ විහිළු තව ඉස්සරහට තියේවිද ??

      Delete
  7. අපිත් ඔන්න ඔහේ සද්ද නැතිව බලන් ඉමු මලේ.

    ReplyDelete
    Replies
    1. @ සු දී ක

      අනේ මන්දා. යන විදිහ නම් එච්චර සුභ මදි :(

      Delete
  8. ඔය අන්තිම කතාවෙ අනෙකා යනු කව්ද කියල මට හිතාගත්තැහැනි! මොනව වුණත් දැන් ඉන්න මොඩ් හාමුදුරුවොල ඔය පරණ අයට වඩා ඒව මේව දන්න උදවියනේ..

    ReplyDelete
    Replies
    1. @ hare :-)

      අනෙකා තමා අනෙකා :D

      දැන් දන්න කියන අය වැඩි එකත් ගැටලුවක් තමා

      Delete
  9. මමත් දැක්ක ඔය පන්සලේ තොරණට පහල තියෙන කාමරේ ඉස්සරහ අර කහපාට පොස්ටරේ ගහල තියෙනවා. වැඩේ නැගල යනවා නේ ඔය පැත්තේ

    ReplyDelete
    Replies
    1. @ Anonymous March 20, 2013 at 8:06 PM

      නැගලා යනවාදත් අහනවා. හැම සතියේම රැස්වීම් තියෙනවා

      Delete
  10. "අවසානයේ ඔබට මතක තිබෙනු ඇත්තේ සතුරාගේ උදම් වැකි, නොව ඔබේ මිතුරාගේ නිහඬතාවයයි". දැන් වෙන දේවල් ඇහුවම මතක් වෙන්නෙ ඔන්න ඕක.

    ReplyDelete
  11. 01) මමත් මේ ලඟදි කඩේට ගියා යෝගට් එකක් ගන්න. මුදලාලි කියපි "මහත්තයෝ, අඹේවෙල යෝගට් විතරයි තියෙන්නේ. දන්නේ නැද්ද? අනිත් ඔක්කොම හලාල්නේ" කියල. මම කිව්වා ඔය ඕන එකක් දෙන්න මුදලාලි කියල.
    02) "හලාල්" කතා අංක 4 - "අනෙකා" ගේ මතයට මම සම්පුර්ණයෙන්ම එකඟයි.

    ජය...!

    ReplyDelete
    Replies
    1. @ Pradeep Gunarathna

      අනෙකාගේ වැනි අදහස් දරන අනෙකුන් නැත්තේම නැති බව අනෙකාට වැටහී ගොස් ඇත

      Delete
  12. ගමේ අපට හලාල් නෙමෙයි බඩගින්න නිවා ගන්නයි ඕන. විසඳ ගන්න තව අත්‍යවශ්‍ය කෙතෙකුත් ප්‍රශ්ණ තියාගෙනද හලාල් එකක් අල්ලගෙන යන දුරක්.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. @ Gayani Wedage

      අනෙකා කියූ කතාවක්

      //...හලාල් විරෝධයට බෞද්ධයන්ව පෙළ ගස්වන එකට වඩා වටින්නේ බෞද්ධ ප්‍රතිපදාවට බෞද්ධයන්ව පෙළ ගස්වන එක නේද ?...//

      Delete
  13. තම්බිට සිංහල මුනියා නැතුව බෑ
    ශිංහල මුනියට මැදපෙරදිග නැතුව බෑ

    තම්බි නැති බිස්නස් වැඩක් නෑ
    බිස්නස් නැතුව තම්බිට වැඩත් නෑ ..

    ReplyDelete
    Replies
    1. @ Mayya

      මේක හුඟක් අයට තේරෙන්නේ නෑ
      තේරුණත් කියන්නේ නෑ
      කිව්වොත් තමන්ට පැවැත්මක් නෑ
      කියලා එයාලා හිතනවද දන්නේ නෑ

      Delete
  14. ඔක්කොම කියෙව්වා.... දැන් මලයට අවසානයට කියන්න තියෙන්නේ මොකක්ද?බෞද්ධයෝ පන්සිල් රකින්නේ නැ වගේම මුසල්මානුවෝ ඒ ආගම රකින්නේත් නැ. මේ විරොධතාව අන්තවාදයට එරෙහිවයි.

    ReplyDelete
    Replies
    1. @ Naleen Dilruksha, Ayilas A, කෝරලේ මහත්තයා, Pisakkaatuwa

      නහී වේරේන වේරානි - සම්මන්තීධ කුදාචනං
      අවේරේනච සම්මන්‍ති - ඒස ධමෙමී සනංතනො

      අන්තවාදයට එරෙහි අන්තවාදයද ???

      Delete
  15. කතා අංක 4 !! එලම කතාව! ඕක අපේ උන්ට තේරෙන්නේ නැති එක තමයි කේස් එක!

    ReplyDelete
    Replies
    1. @ නාඩියා නාඩිරත්න

      මේක හුඟක් අයට තේරෙන්නේ නෑ
      තේරුණත් කියන්නේ නෑ
      කිව්වොත් තමන්ට පැවැත්මක් නෑ
      කියලා එයාලා හිතනවද දන්නේ නෑ

      Delete
    2. ආ... මේ අර කවි නේ... ;-)

      Delete
    3. @ hare :-)

      ඔව් ඔව් අයියා. මේ අර අර කවිනේ :D

      Delete
  16. හලාල් කථාව ඇත්තයි කියමුකෝ (ඒත් මම නම් එකග නෑ)මුස්ලිම් කඩ වලට යන්න එපා කියන්නෙ මුස්ලිම් නිෂ්පාදන ගන්න එපා කියන්නෙ ඒක නම් ගොන් පාට්.අපි ඒවට යන්නෙ ඊට සමාන සිංහල ඒව නැති නිසා.අනෙක ඉරානෙ ඉරාකෙ වගෙ අපේ තේ ගැණුම් කරුවො අපිකරනව වගේ තේ එපා කිව්වොත් ඒකට කියන්නෙ මොන වචනෙ ද මොක උනත් අන්තවාදෙ නරකයි නරකම නරකයි.

    ReplyDelete
    Replies
    1. @ bandula

      අන් ආගම්වල වර්ධනයට උදව් කිරීම මුසල්මානුවන්ට තහනම් කියලා කුරාණයේ තියෙනවා නම් [තියෙනවාද නැද්ද කියලා දන්නා අයෙක් කියන්න] ඒ පදනම් කරගෙන ව්‍යවස්ථාවෙන්ව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන ලංකාව කියන බෞද්ධ රටත් සමඟ සබඳතා නවත්වන්න මුසල්මානුවන්ට හැකියි. ඒ වගේමයි ලාංකික ශ්‍රමිකයන් ප්‍රතික්ෂේප කිරීමත් කළ හැකියි.

      මේවා වෙන්න පුලුවන් දේවල්ද නැත්නම් කට්ටිය කරගන්න දඟලන දේවල්ද කියන එක අපි තීරණය කරන්න ඕනේ

      Delete
  17. මල්ලිමොකෝ...! හලාල් විහිලුවට ගත්තැයි..)))

    මරු කතා ටික.අවුරුදු උත්සවේ...පන්සලේ ඉඳන් සාකච්ඡා කරන්නෙ ඇයි...පන්සලේ ඉඳන් දත් ගලවන්න ලෑස්තිය,.ඈ..!

    ReplyDelete
    Replies
    1. @ වීපොකුරෙ වීයා

      අපේ යෞවන සමාජය ආරම්භ කරන්න පුරෝගාමි මෙහෙයක් සිද්ධ කළේ ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ. ඒ නිසාමයි අපේ ප්‍රධාන අනුශාසකතුමා විදිහට උන්වහන්සේව පත් කරගෙන ඉන්නේ. පොඩි හාමුදුරුවොත් තරුණ වයසේ ඉන්න හාමුදුරු නමක්. අපේ යෞවන සමාජෙට නිතැතින්ම උදව් උපකාර උන්වහන්සේලා දෙනමම ලබාදෙනවා

      Delete
  18. කන්න ඕනේ උනාම කබරයා උනත්
    තල ගොයා කරන් නේද හසන්ත ?

    ReplyDelete
    Replies
    1. @ silentsahan

      ආශ්චර්යය කියන්නේ ඒකට තමා හසන්ත මහත්තයෝ :D

      Delete
  19. ආගම් කියන්නේ මිනිස්සුංගේ විකාර සංකල්ප ගොන්නක් කියන මතේ නෙව මම ඉන්නේ.මුස්ලිම් ව්‍යාප්තවාදයනං අවුල් තමයි.ෂරියා තියෙන රටක ඉන්නවට වඩා කෙහෙල්කොට පාරුවක් හදාගෙන මුහුදට යන එක හොඳයි.මොනවා උනත් ඔය ආගමික සංකල්ප ලොකු ලොකු අය පාවිච්චි කරන්නේ තමුංගේ බලය තහවුරු කරගන්ඩ නේ.බො.බ.සේ. වගේම උලමා කට්ටියත් එහෙමම තමයි.

    ReplyDelete
    Replies
    1. @ දිනුක

      බුදුන් වහන්සේ දේශනා කළ බුද්ධ ධර්මය භාවිතා කරන අනිසි ආකාරය පිළිබඳවයි මගේ නොපහන් බව තියෙන්නේ. ශාසන පරිහානිය ශාසනය තුළින්ම ඇතිවෙන බව උන්වහන්සේ තුන්කල් නුවණින් දැක දේශනා කළා. ඒ බව ප්‍රත්‍යක්ෂයි

      Delete
  20. අනේ මංද. එක එක විදියට හිතෙනවා.විශාරශීලි වැඩි වුනාමත් ප්‍රශ්න. ලංකාවට ගියාම ඇඳුම් ගන්න කෑම කන්න තැන් මම තවම හොයනවා.

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      මධ්‍යම ප්‍රතිපදාව :)

      Delete
  21. බඩගින්නට හලාල් ප්‍රශ්නයක නැත්තං මොකටද හලාල්....
    අනික, මම දන්න මුස්ලිම් යාලුවොංගෙන් අහපුවාම උනුත් කියන්නෙ "මොන හලාල්ද බං ඔක්කොම බඩටනෙ" (හැමෝම එහෙම නැතතුව ඇති, ඒත් මම අහපු හැම එකාම ඕකම තමයි කියන්නෙ)කියල. එහෙනම් මොකටද හලාල් කියල දෙයක්.....

    ReplyDelete
    Replies
    1. @ සසීන්ද්‍ර වීරසිංහ

      අනෙකා මේ ගැන කියන දේ...

      //..අමුතුවෙන් හලාල් මඟුලක් ඕනේ නැහැ. මුස්ලිම් ව්‍යාප්තිවාදයක් වළක්කන්න මැරෙන්න යන්න ඕනේ නැහැ. හරියට බෞද්ධ ප්‍රතිපදාව පිළිපදිනවා නම් පුද්ගලිකව වගේම ජාතියක් විදිහටත් දියුණුවක් ලබන්න පුලුවන්....//

      Delete
  22. අපි එහෙම හලාල් ගහපුවා නොකා හිටියෝත් බඩ ගින්නෙ මැරෙන්නයි වෙන්නෙ.

    ReplyDelete
  23. //උඹලාට මේවා තේරෙන්නේ නැහැ. ඒත් කවදා හරි උඹලාට මේවා තේරෙද්දි පසු තැවෙන්න වෙයි//

    ඔන්න කතාව :)

    ReplyDelete
    Replies
    1. "උඹේ පුතාගේ කොන කපන කොට, උඹේ දුවට හිජාබ් දාන්න වෙනකොට උඹට තේරෙයි."

      Delete
    2. @ charmi, කතන්දර කාරයා

      +++++

      Delete
  24. හලාල් කියන්නෙ මොකද්ද ? කොහොමද හලාල් සහතිකය දෙන්නෙ ? යනාදී කිසිවක් හරිහැටි දන්නෙ නැතුව අර තල් අතිතට බෙලි ගෙඩිය වැටුන වෙලාවෙ හාවගෙ පස්සෙ අනිත් එවුවො දිවුව වගේ තමයි හලාල් පස්සෙ අපේ අයියල දිවුවෙ. දැං ඔය කෙලි ඔක්කොම කලා කියල හලාල් නැති උනාද ??? නෑනෙ . . . හලාල් තිබ්බ වගේම සහතික කිරීම කරනව . . . හැබැයි නොමිලේ
    අපේ අයියල රැල්ලට කෑගහනව මිසක් කරන්න ඕනෙ හරිදේ මොකද්ද කියල දසමෙකවත් අවබෝදයක් නෑ

    ReplyDelete
    Replies
    1. @ ඕනමැන්ටල්

      තව ඉදිරියටත් බෙලි ගෙඩි රැසක් බෙලි උඩටම වැටීමට හෝ වට්ටා ගැනීමට නියමිත බව පෙනේ

      Delete
  25. ව‍ටු වැද්දට දැල නැතිවුනෙත්.. නලපාන ජාතකයේ රකුසාට බිල්ල නැතිවුනෙත් තම වර්ගයාගේ හිත සුව පිණිස කටයුතු කරපු නිසා?? පෙරුම් පුරණ කාලයේ?? එහෙම නැතුව බුද්ධත්වය? ඔව් කලේ ධර්මයට අනුව තමා?

    හ.වි අතර සියලු දෙනා පස් පව් කරන අය කියල ඔප්පු කරන්න පුලුවන්ද?

    ඔබට වැරදුන තැන ඔවුන්ගේ(මුසල්මානුවන්ගේ) සටකපටකම අදුනාගත නොහැකි කමයි...

    මුස්ලිම් කොංග්‍රස්, උලමා සභාව, තමිල් අරසු කච්චි, ද්‍රවිඩ මුන්නේත්‍රම් කලහම්, ක්‍රිස්තියානි පක්ෂ, කරලියට ආවත්,ඒවා මොන මොන විසබීජ දැම්මත්,,,,(ඇයි මේවා හැදුවේ, මොනවාද මේවායින් වෙන්නේ/ කලේ?)

    උඩ අය වපුරපු විසබීජ හෝදා හරින්න බොදු බල සේනා, ජාතික හෙළ උරුමය, සිංහල රාවය ආවොත් ආගමටත් වැරදිද ජාතියටත් වැරදිද?

    සමහරු ධම්මෝ භ‍වේ රක්ඛති ධම්මචාරි කිව්වට, ප්‍රඥාවත් ඕනේ නේද? එහෙම කියනගමන්ම දැල ඉහලට අදින එකත් වලක්වනවා.

    ReplyDelete
    Replies
    1. @ සිඩ්නි

      //..ව‍ටු වැද්දට දැල නැතිවුනෙත්.. නලපාන ජාතකයේ රකුසාට බිල්ල නැතිවුනෙත් තම වර්ගයාගේ හිත සුව පිණිස කටයුතු කරපු නිසා?? පෙරුම් පුරණ කාලයේ?? එහෙම නැතුව බුද්ධත්වය? ඔව් කලේ ධර්මයට අනුව තමා?..//

      ප්‍රශ්නය පැහැදිලි මදි

      //...හ.වි අතර සියලු දෙනා පස් පව් කරන අය කියල ඔප්පු කරන්න පුලුවන්ද?...//

      ඔප්පු කරලා දිනන්න දෙයක් නැහැ. දුර්වලතාවයි මේ කියලා තියෙන්නේ. හක්කේ බුදු රැස් බොක්කේ දඩමස්කාරයෝ අනවශ්‍යයයි

      //....ඔබට වැරදුන තැන ඔවුන්ගේ(මුසල්මානුවන්ගේ) සටකපටකම අදුනාගත නොහැකි කමයි...//

      ඔබට වැරදුණු තැන සිංහලයන් වේවා අන් ජාතියක් වේවා මුසල්මානුවන්ගේ හෝ අන් ජාතියකගේ සටකපටකමට හසුවූ තැන හඳුනා ගත නොහැකි වීමයි

      //...උඩ අය වපුරපු විසබීජ හෝදා හරින්න බොදු බල සේනා, ජාතික හෙළ උරුමය, සිංහල රාවය ආවොත් ආගමටත් වැරදිද ජාතියටත් වැරදිද?...//

      විෂබීජ සෝදා හරිනවාද ලෙඩේ තවත් අසාධ්‍ය කරලා ලෙඩා මැරෙන්න හරින එකද කරන්නේ ??

      //...සමහරු ධම්මෝ භ‍වේ රක්ඛති ධම්මචාරි කිව්වට, ප්‍රඥාවත් ඕනේ නේද?...//

      ප්‍රඥාව නැති නිසානේ බුදු දහම වෙනුවෙන් දිවි දෙන්න සූදානම් වුණත් බුදු දහම පිළිපදින්නේ නැත්ටෙහ :)

      Delete
  26. හලාල් කතා අංක 05:

    මේ සිද්ධිය උනේ හලාල් කතාව මෙච්චර දුර දිග ඇදෙන්න කාලෙකට ඉස්සර.

    අපේ ඔපීසියට ආවා මුස්ලිම් නමුත් සිංහල ගීත ගායනා කරන ජනප්‍රිය ගායකයෙක්. මුන්දෑට බඩගිනි උනාම අපෙන් අහනවා "මේ හරියේ සිංහල කඩ විතරද තියෙන්නේ. මුස්ලිම් කඩ නැද්ද" කියලා. අනේ ඊට පස්සේ ගිනි මද්දහනේ ටිකක් දුර පයින් ගිහිං මුස්ලිම් කඩේකින්ම කාලා ආවේ.

    මෙයාගේ සින්දු ඔක්කොම සිංහල, ජනප්‍රිය උනේ සිංහල අය හින්දා. ඒත් මෙයාට සිංහල හරාම්.

    ReplyDelete
    Replies
    1. @ AKM

      මේ කතාවෙන් ගත හැකි සරල ආදර්ශය. උන් උන්ගේ එවුන්ට අදිද්දී අපි හැමදාම කළේ අපේ එවුන්ගේ කකුලෙන් ඇද්ද එක හරි එහෙමත් නැත්නම් අපේ එවුන්ටම වල කැපුව එක හරි අපි අපි මරා ගත්ත එක හරි නේද ??

      Delete
    2. බොහොමයක් සිංහල රෙස්ටෝරන්ට් වල හලාල් කෑම සම්බන්දයෙන් ප්‍රශ්න තියෙන හින්ද මෙහෙම කරන හෝ මෙහෙම කරපු මුස්ලිම් අය ඉන්නවා, එගොල්ලෝ එහෙම කරන්නේ සිංහල කඩ වර්ජනය කිරීමට නේමෙය් සිංහල කඩ වලින් හලාල් තහවුරු කරපු කෑම ගන්න එක ටිකක් අමාරු හින්දය්. කැමති නම් පිළිගන්න අකමැති නම් බනින්න .
      හැමෝටම තමන් කැමති ආගමක් අදහන්න සුදුසු වාතාවරණයක් ලංකාවේ තියෙන්න ඕනේ කියන එකය් මගේ මතය. මේ දවස් වල මෙහෙම කමෙන්ට් එකක් දාන්නත් බයය් මොකද නිකරුනේ කුණුහරුප අහගන්න වෙන හින්ද. කමක් නැ. මම මුස්ලිම් . එදා ඉඳන් අද වෙනකන් මට හිටියේ සිංහල යාළුවො . ඒගොල්ලන්ගෙන් බොහොමයක් තවමත් මගේ හොඳම යාළුවො.(එත් සමහර යහළුකම් වලට මට තිත තියන්න සිද්ද වුණා මොකද ඉස්කෝලෙදි හිටිය හොඳ යාළුවො වගේ නෙවෙඉ කැම්පස් එකේදී මුණ ගැහුණු උඩින් ඔපෙ යටින් හපේ යාළුවො) කොහොම වුනත් මෙහෙම ගිය නම් ඔය මොන යහලුකම වුනත් නෑ කම වුනත් හරිම දුක විදිහට ඉවර වෙන්න ඉඩ තියෙනවා.
      ඊලමක් ඉල්ලුව වගේ මේ රටෙන් කෑල්ලක් මුස්ලිම් අය ඉල්ලුවේ නැහැ. තමන්ගේ පාඩුවේ තමන්ගේ ආගම අදහගෙන වියාපාර කරගෙන නිදහසේ , මේ රට සිංහල අයගේ වගේම මේ රට මගෙත් රට කියල හිතාගෙන පාඩුවේ හිටපු අයටය් අද මේ තරම් දුක් විඳින්න සිද්ද වෙලා තියෙන්නේ.

      Delete
  27. අලුත්ම කතාව,
    හලාල් නැත්නම් යකඩ කාපල්ලා.. :D

    ReplyDelete
    Replies
    1. @ Pramudi

      කරන මඟුලක් කෑ නොගහා කරපල්ලා :D

      Delete
  28. පළවෙනි කතාව සම්පූර්ණ ඇත්ත..

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      පළවෙනි කතාවේ සම්පූර්ණ ඇත්ත කිව්වේ කොතැනටද අයියා ??

      Delete
    2. තෙල් ගැන කතාවට හසිත මලයෝ..

      Delete
    3. @ Dinesh

      තෙල් විතරක් නෙමේ අයියා. මැද පෙරදිග නිෂ්පාදන [රට ඉදි වගේ දේවල්] වගේමයි මැද පෙරදිග ගිහින් මුසල්මානුවන් වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය වැය කරලා මුදල් උපයන අයටත් එහෙම බලද්දී නම් මේ කතාව අදාළයි

      Delete
  29. අලුත්ම කතා ටිකක්... :D දැන් අවුරුදු උත්සවේ දෙන්න ද හදන්නේ ජයටම. ඒකෙ නැද්ද යෝගට් කෑමේ තරඟය එහෙම.. :)

    ReplyDelete
    Replies
    1. @ Chandana

      හලාල් යෝගට් ඉවතට. පිරිසිදු මී කිරි සහ මී පැණි තරඟයට :D

      Delete
  30. මැදපෙරදිග ඉන්න මට මොන හලාල්ද?

    ReplyDelete
    Replies
    1. @ Alexander Cage

      හ.වි.සං.බ ඕකට කියන්නේ මෙහෙම උත්තරයක්

      //...උඹලාට මේවා තේරෙන්නේ නැහැ. ඒත් කවදා හරි උඹලාට මේවා තේරෙද්දි පසු තැවෙන්න වෙයි...//

      Delete
  31. පාප මිත්‍රයන්ගෙන් දුරස් වෙන්න.

    ReplyDelete
    Replies
    1. @ කතන්දර කාරයා

      ඇසුරු කිරීමට යහපත් අය නොසිටී නම් හුදෙකලාව වාසය කිරීම යහපත්ය. ඒකත් දේශනා කළේ බුදු හාමුදුරුවෝමයි :)

      Delete
    2. Hasitha,
      මෙන්න පාප මිත්‍රයින් ගැන කතන්දරයක්
      http://kathandara.blogspot.com/2010/05/blog-post_22.html

      Delete
    3. @ කතන්දර කාරයා

      ස්තුතියි :)

      Delete
  32. බුදු බණ පිලි පදිනු
    දද සඝ පිටු දකිනු!

    ReplyDelete
    Replies
    1. @ කතන්දර කාරයා

      දැන් අනිත් පැත්ත ගයන්නේ

      බුදු බණ පිටු දකිනු
      දද සඝ පිලි පදිනු

      Delete
  33. Lankawa muslim ratak wena eka wedi etaka newi, halal epa kiyanne minissu oya tena tena palli atawala muslimkaranaya wena lankawa eken podak hari beraganna. eka misak me petrol diesal gena gon boru taraka karala wedakne. eka newi

    ReplyDelete
    Replies
    1. @ Anonymous March 21, 2013 at 5:30 AM

      ප්‍රශ්නයට හේතුව සොයා එය නැති කරනවා හැර අගින් අල්ලා ගෙන පිලියම් යෙදීම සර්පයාගේ හිසෙන් අල්ලා නොගෙන පසුපසින් අල්ලා ගන්නවා හා සමානය

      Delete
  34. Anagarika Dharmapala thuma kiwwa , Dawasaka demala kelak illanawa itapasse muslim ekath raten kellak illanwa kiyala. ekak harigiya passe eka bohoma amaruwen shape karagaththa. 2wani ekath wennai yanne hebai eka unama beregananwa boru. halal kiyanne oya prashnawalata wirudawa apu podi konak witarai. eka therumgaththoth hondai.

    ReplyDelete
    Replies
    1. @ Anonymous March 21, 2013 at 5:38 AM

      අවුරුදු 100 කට විතර කලින් එතුමා ඒ දේ කියලත් ඇයි සිංහලයා ඒක දවස් 14 න් අමතක කරලා දැම්මේ. ඒකයි කලිනුත් මම කිව්වේ ප්‍රශ්නයට හේතුව සොයා එය නැති කරනවා හැර අගින් අල්ලා ගෙන පිලියම් යෙදීම සර්පයාගේ හිසෙන් අල්ලා නොගෙන පසුපසින් අල්ලා ගන්නවා හා සමානය කියලා

      Delete
  35. //මටත් ඉන්න බැහැනේ. මම ආයි යැව්වා මැසේජ් එකක්//

    හොඳ විහිලු ටික.:D:

    ගත හැකි ආදර්ශය : මොන හේතුව උඩ හෝ ගෑනු ලමයින්ගෙන් එන මොබයිල් පණිවිඩවලට පිළිතුරු සැපයිය යුතුය. නැත්නම් හලාල් කෙසේ වෙතත් පිරිමි ලමුන් අමාරුවේය.:D:D

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      ඔව් ඔව් නාස්ති ස්ත්‍රී සමෝ රසඃ ලු නේ :D

      Delete
  36. මමත් ඔය හලාල් සිද්දිය හරියටම දන්නේ නම් නැහැ.මම ඉන්නේ සින්ගපුරුවේ.එහෙ කඩවල කුකුලෝ විකුනන්න තියෙනවා හලාල් කියල ගහල. එත් උන්ගේ බෙල්ල කපලවත් පොඩි සිදුරක්වත් naha.

    ReplyDelete
    Replies
    1. @ Anonymous March 21, 2013 at 7:35 AM

      ඕනයා කියූ කතාව මෙතනට අදාල බව හැඟේ

      //...හලාල් කියන්නෙ මොකද්ද ? කොහොමද හලාල් සහතිකය දෙන්නෙ ? යනාදී කිසිවක් හරිහැටි දන්නෙ නැතුව අර තල් අතිතට බෙලි ගෙඩිය වැටුන වෙලාවෙ හාවගෙ පස්සෙ අනිත් එවුවො දිවුව වගේ තමයි හලාල් පස්සෙ අපේ අයියල දිවුවෙ. දැං ඔය කෙලි ඔක්කොම කලා කියල හලාල් නැති උනාද ??? නෑනෙ . . . හලාල් තිබ්බ වගේම සහතික කිරීම කරනව . . . හැබැයි නොමිලේ අපේ අයියල රැල්ලට කෑගහනව මිසක් කරන්න ඕනෙ හරිදේ මොකද්ද කියල දසමෙකවත් අවබෝදයක් නෑ.....//

      Delete
  37. අනෙ පොන්නය තොවගෙ මැට්ටො හින්ද තමයි අපෙ ජාතියට මෙහෙම උනෙ. ගොන මැට්ටා.

    ReplyDelete
    Replies
    1. හරිහමං කොමෙන්ටුවක් දැක්කමයි!

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. @ Anonymous March 21, 2013 at 10:49 AM

      ගෙදර ඉස්තෝප්පුවේ සතුන් මළ පහ කර ඇති විට සෝදා යැවිය යුතුයි. එනිසා අසභ්‍ය වචන ඇති මේ ප්‍රතිචාරය මකා දමන බව කරුණාවෙන් සලකන්න.

      කෙසේ නමුත් සතුන් මළ පහ කිරීමට විසඳුමක් හෝ පිළිතුරක් දිය යුතුවා සේම මේ ප්‍රතිචාරයටත් පිළිතුරක් එක්ක කරන්නම්

      මුස්ලිමුන්ට සිංහල ගෑණුන්නට "කෙළින්න" ඉඩ හැදුණේ මොන හේතුව නිසාද ? ඒ හේතුව හඳුනා නොගෙන මුස්ලිම් එවුන්ට කෙලින්න යාමද විසඳුම ? නැවත නැවතත් සෝද සෝද රෙදි මඩේ දමන්නේ ඇයි ?

      ඔබ බෞද්ධයක් නම් මේ ගැන අවදානය යොමු කරන්න. බුදුන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තෙවෙනි අංගය සම්මා වාචා :)

      Delete
    4. @ Anonymous March 21, 2013 at 8:01 AM

      සිංහල බෞද්ධයෙක් නම් කරුණාකර ආජීව අට්ඨමක සීලයේ එන පරුෂා වාචා වේරමණී සික්ඛා පදං සමාදියාමි සිල් පදය පිළිබඳවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන තෙවෙනි අංගය වෙන සම්මා වාචා පිළිබඳවත් ඔබේ අවදානය යොමු කරන්න :)

      Delete
    5. ///පලයන් යන්න උම්බට තේරෙයි බොගෙ නංගී හම්බයෙක් එක්ක පැනලා ගිය දාක.. ///ඕය ටික මකන්න තරම් කුහක මොකද බං,,,

      ඇත්ත කිව්වම තරහා යනවානේද??

      ඔය පිලිගන්න බැරි ඇත්ත තමයි වහාගෙන බොරුවට සාන්තුවරු වගේ ඉන්නෙ... උම්බල වගේ උන් මොකටත් නෑ,.. ඇත්ත පිලිගන්න ඇයි ලැජ්ජද?
      http://vocaroo.com/i/s19chz5c62xl

      Delete
    6. ගටක් තියෙනම් ඕක අහපන්...

      Delete
    7. @ AnonymousMarch 21, 2013 at 1:31 PM

      ඔබතුමා බෞද්ධයෙක් නම් මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි සිල් පදය සමාදන් නොවී ඇත්නම් කරුණාකර සමාදන් වන්න :)

      මෙන්න මේකයි තිබ්බේ

      //...හලාල් කතා 6:
      අනේ තුන්කාලෙ එකෙක් හසිතගේ නංගි කෙනෙක්ට හරි කෙලියානම් සහජීවනයෙන් ඉන්න තිබ්බා නේද...

      එතකොටත් හසියා බ්ලොග් පොස්ට් එකක් දායි අපි ඉස්සර එකපතේ කෑවා දැන් ගෙදරම එක ප*** කනවා හරි ෂෝයි කියලා.... :D...//

      ගටක් තියේ නම් මොකෝ මේ ඇනෝ එන්නේ ?? :P

      Delete
    8. අපේ පව් මේ ළමයා ඉතිහාසය ගැන ලිය ලියාම ඉන්නෙ නැතුව අනං මනං ලියන්න ගිහින් බක්ති ගී අහගන්නත් වුණා නේද?

      Delete
    9. @ කතන්දර කාරයා

      මහ රජුටත් හිඟන්නාටත් දොස් කියන්නට කිසිවෙක් නැත්තේය. කිසිම දෙයකට බිය නොවීමෙන් මහරජු උසස් වෙයි. කිසිම ද්යෙකය නොකිය හැකි තරමට අනෙකා පහත් වෙයි.

      මේක රොබට් නොක්ස් කියන්නේ :)

      Delete
    10. ඇනෝ , ලින්ක් එකට ඔබට ගොඩක් පින්

      Delete
  38. කතා සැට්එක නියමයි.

    ReplyDelete
  39. අන්න අර අන්තිම කතාවෙ එන විදිහට තමයි බුදු දහම ආරක්ශා කරන්න ඕනේ. පිලිපැදීමෙන්. අර සටනෙ යන චීවර දාරීන් කීදෙනෙක් හැබෑ බෞද්ධයෝද ඒ විදිහට බැලුවොත්.. ඊයෙ රාවනා සංවිධානෙන් හාමුදුරුවරු සටනේ.. ඇයි යකෝ රාවණා කියන්නෙ බුදු පුත්තුන්ට නායකත්වෙ දෙන්න සුදුසු සංවිදානයක්ද ? මේ වගෙ අපහාසයක් බුදු සමයට තවත් ඇත්ද ?

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      සසුන වනසන්නේ බාහිරින් පැමිණෙන අය නොව සසුනේම සිටින අයයි :(

      Delete
  40. කාලාම සුත්‍රයේ නම හැමෝම පට්ට ගහනවා . ඒ උනත් එක හරියට කියවන්න සහ ඒ සුත්‍රය වටහා ගන්න උත්සාහ කරන්නේ කියෙන් කි දෙනාද? යම් දෙයක් කව්රුත් කිව් පමණින්ම ඒක හරි කියල පිලි ගන්න එපා එම කරුණ තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් තමන්ට වැටහුනාම පමණක් පිළිගන්න කියලයි එකෙ බුදුන් වහන්සේ විසින් කියල තියෙන්න. එහෙම නැතුව තමන් වහන්සේ විසින් කියන දේ පිළිගන්න එපා කියල නැහැ.

    ReplyDelete
    Replies
    1. @ wmk

      කලකට පසුව ඔබ ප්‍රතිචාරයක් දක්වන්න පැමිණීම සතුටක් :)

      මෙතන "අනෙකා" කාලාම සූත්‍රය උපුටා දක්වන අවස්ථාව පිළිබඳව අවදානය යොමු කරන්න

      Delete
  41. ඔය හලාල් කතානං තනිකර බොරු වැඩක්. නිකං බොරුවට මිනිස්සු කුලප්පු කරන එක විතරයි.
    ඔය මොක කන්නත් සල්ලි එපැයි.

    ReplyDelete
    Replies
    1. අනේ පල කලවමා යන්න... නාකියා... තොට මොන ජාතියක්ද වල පයයි ගොඩ පයයි.. ගෙදර ගිහිං නිදා ගනිං..

      Delete
    2. @ Praසන්ன

      මේක හුඟක් අයට තේරෙන්නේ නෑ
      තේරුණත් කියන්නේ නෑ
      කිව්වොත් තමන්ට පැවැත්මක් නෑ
      කියලා එයාලා හිතනවද දන්නේ නෑ

      Delete
    3. @ Anonymous March 21, 2013 at 10:51 AM

      සිංහල බෞද්ධයෙක් නම් කරුණාකර ආජීව අට්ඨමක සීලයේ එන පරුෂා වාචා වේරමණී සික්ඛා පදං සමාදියාමි සිල් පදය පිළිබඳවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන තෙවෙනි අංගය වෙන සම්මා වාචා පිළිබඳවත් ඔබේ අවදානය යොමු කරන්න :)

      Delete
  42. මුස්ලිම් හා හලාල් වෙන් කර හඳුනා ගන්න ක්‍රමයක් තියනවා නම් මේ කියවන කතා අපිට ලේබල් කරන්න පුළුවන් වේවි!!

    ReplyDelete
    Replies
    1. @ රූ....

      මා දන්නා තරමින් මුස්ලිම් හා හලාල් ගහට පොත්ත මෙන් බැඳී ඇති අතර වර්තමානයේදී බෞද්ධ නාමධාරීන් සහ හලාල් අතර ලොකු බැඳීමක් පවතී

      Delete
  43. Mulin patan gathe halal logo.Dan monawada well thiyenne.eka eka aluth katha.3n sarayak kela gahana kaama denawa.owa hodai as potta minisunta kiyanda.owath ahana kastiya innawane.

    ReplyDelete
    Replies
    1. @ Anonymous March 21, 2013 at 11:40 AM

      //..3n sarayak kela gahana kaama denawa...//

      පැහැදිලි මදි ඉදිරිපත් කරන දේ :(

      Delete
  44. හසිත,

    මම මේ කල්පනා කළේ දුටුගැමුණු රජ්ජුරුවොත් ඔහොමම කල්පනා කළානම් අද මොනවගේ ලංකාවක් තියෙයිද කියලා ! සමහර විට අපිට බුද්ධාගම කියලා එකක් ගැන අහන්නවත් නැතිවෙන්න තිබුනා මේ වෙනකොට..

    හසිත ලියන ඉතිහාසෙත් සමහර විට මීට වඩා වෙනස් වෙයි.. බොහෝ විට හසිත ඒවා ලියන්නෙ දෙමළෙන් වෙන්ඩත් ඉඩ තියනවා..සමහර විට හසිත කෙනෙක් සහ අපි ඔක්කොම නොයින්නත් ඉන්ඩ තිබුනා..

    උපේක්ෂාව හැම දේකටම හරියන්නෑ හසිත.

    ReplyDelete
    Replies
    1. T 56 ඔයිල් කරලද තියෙන්නේ.ඔයිල් වැඩිවුනොත් දුම වැඩියි කොල්ලෝ!

      Delete
    2. @ සෙන්නා

      රාජ්‍ය පාලනය සහ බුදු දහම කියන සංකල්ප දෙක පටලවා ගන්න එපා. රජුන්, පාලකයන් රාජ්‍ය ස්ථාවරත්වය සඳහා කරන දේවල් වගේම යම් යම් පුද්ගලයන් සිදු කරන කාර්යයන් බුදු දහම සමඟ සැමවිටම එකඟ වෙන්නේ නැහැ.

      ඒත් ගැටලුව ඒ විදිහට සිදු කරන කාර්යයන් බෞද්ධ නාමයෙන් සාධාරණය කිරීම. ඒකටයි මේ විරෝධය.

      අනෙක් අතට බුදුන් වහන්සේ ජීවමාන සමයේදීම බිම්බිසාර, අජාසත්, උදේනි, චණ්ඩපජ්ජෝත වැනි පාලයන් යුද වැදුණු අවස්ථා හමුවෙනවා. ශාක්‍ය කෝලිය සටනේදී හැරෙන්න උන්වහන්සේ අනෙක් ඒවාට මැදිහත් වූ බවක් පෙනෙන්නේ නැහැ

      Delete
    3. @ Anonymous March 21, 2013 at 12:29 PM

      පැහැදිලි මදි :(

      Delete
    4. @ සෙන්නා

      ඒ වගේමයි මෙතැන මුස්ලිම් සිංහල යුද්ධයක් නැහැ. ඒක නිසා මෙතනදී යුද්ධයකදී බෞද්ධයන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම එතරම් අදාළ නොවන බවයි හැඟීම

      Delete
  45. කතා අංක 4 සිරා.. මම තරයේම එකගයි අනෙකා ගේ කතාවට..

    ReplyDelete
    Replies
    1. @ Anonymous March 21, 2013 at 12:22 PM

      අනෙකාගේ වැනි අදහස් දරන අනෙකුන් නැත්තේම නැති බව අනෙකාට වැටහී ගොස් ඇත

      Delete
  46. මේ බ්ලොග් එක හලාල් ද?

    ReplyDelete
    Replies
    1. @ තිසර

      හලාල් දෙන අර සමස්තා ලංකා ජයමිතුල්ලා උලමා කමිටුවෙන් අසා දැනගන්න හැකිවේවි ඒ ගැන නම් :D හැබැයි මම දැනුවත්ව නම් පිළිතුර නැහැ

      Delete
  47. හුකෑස්ම තමා :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. @ අඩවි රජ

      හ.වි.සං.බ ඕකට කියන්නේ මෙහෙම උත්තරයක්

      //...උඹලාට මේවා තේරෙන්නේ නැහැ. ඒත් කවදා හරි උඹලාට මේවා තේරෙද්දි පසු තැවෙන්න වෙයි...//

      Delete
  48. හසිත කියන්න යන්නෙ පෝස්ටේ එකෙන් ද කමෙන්ට් වල‍ට දෙන උත්තර වලින්ද?

    ReplyDelete
  49. මහනුවර ජුම්මා මස්ජිදය ගැන දැනගන්න.. කියවන්න.. හමෝට ම දැනගන්න ප්‍රචාරය කරන්න...
    2012. 12. 15

    මහනුවර වැව රවුමේ ලක්සල අසළින් පහළට ඇදෙන මාර්ගය මෙයින් දස වසරකට පමණ පෙර ඇහැලේපොළ කුමාරිහාමි මාවත නමින් හැඳින්විණි. එයට හේතුව වූවේ උඩරට සිංහල බෞද්ධ රාජ්‍යයක් බිහිකිරීමේ පරමාර්ථයෙන් නායක්කාර් වංශික හින්දු පාලකයාට රැහැණි ව සටන් වැදුණු ස්වකීය ස්වාමියා වෙනුවෙන් නිර්භීත මරණයකට මුහුණදුන් එක්තරා කාන්තාවක් සිහිපත් කිරීම සඳහා ය. ඇහැලේපොළ කුමාරිහාමි, ස්වකීය ස්වාමියා වූ ඇහැලේපොළ මහාධිකාරම වෙනුවෙන් පතිවත රැකි කුල කාන්තාවක් වශයෙන් බෝගම්බර වැවට දිවි දී ඉතිහාසගත වූවා ය. ලෝක ඉතිහාසයේ ම එවන් වීරෝධාර වනිතාවක අපට මුණ නොගැසේ. එය වූ කලි සිංහලකමින් ඔදවත් වූ ත්, බෞද්ධකමින් ඔපවත් වූත් ජීවිතයක අනවරත ස්වභාවය යි. 1814 දී සිදු වූ එම සිදුවීමෙන් පසු ඉංග්‍රීසි පාලකයෝ ඇහැලේපොළ කුමාරිහාමි දිවිදුන් බෝගම්බර වැව පිහිටි ප්‍රදේශය දක්වා විහිදෙන මාර්ගය ඇගේ නමින් නම් කරනු ලැබූ හ. එක් අතකින් පවුල් ජීවිත අවුල් කරගන්නා, ස්වාමියා තඹයකට හෝ මායිම් නොකරන බටහිර ගැහැණුන්ට ද ඒ සිංහල බෞද්ධ වීර කාන්තාව ආදර්ශයක් වනු පිණිස ඉංග්‍රීසි ආණ්ඩුව එම ක්‍රියාමාර්ගය ගන්නා ලදී.
    ඇහැලේපොළ කුමාරිහාමි සිය ජීවිතය පූජා කළ බෝගම්බර වැව පිහිටියේ වර්තමාන බෝගම්බර ක්‍රීඩාංගණය පිහිටි භූමියේ ය. අද වුව බෝගම්බර බන්ධනාගාරය සහ ක්‍රීඩාංගණය අතරින් වැටී ඇති මාර්ගයේ ගමන් ගන්නා අයෙකුට එම වැවේ වැව් බැම්ම පිළිබඳ ව දළ අදහසක් ලබාගැනීමට පිළිවන. බන්ධනාගාරය පිහිටා තිබෙන්නේ පැරණි වැව් පිටියේ ය. කුමාරිහාමි, වැවට බිලි වූ තොටුපොළ පිහිටා තිබුණේ වේල්ස් පාක් ලෙස වර්තමානයේ හැඳින්වෙන ස්ථානයට යාබදව ය.

    ReplyDelete
    Replies
    1. @ Anonymous March 21, 2013 at 4:26 PM

      //...එයට හේතුව වූවේ උඩරට සිංහල බෞද්ධ රාජ්‍යයක් බිහිකිරීමේ පරමාර්ථයෙන් නායක්කාර් වංශික හින්දු පාලකයාට රැහැණි ව සටන් වැදුණු ස්වකීය ස්වාමියා වෙනුවෙන් නිර්භීත මරණයකට මුහුණදුන් එක්තරා කාන්තාවක් සිහිපත් කිරීම සඳහා ය....//

      මේ ගැන විචාරශීලීව යමක් දැන ගන්න පහත තියෙන ලිපි කීපය කියවලා බලන්න කියලා ඔබට ආරාධනා කරනවා

      …http://aagiyakatha.blogspot.com/2012/07/12.html

      http://aagiyakatha.blogspot.com/2012/07/09.html

      http://aagiyakatha.blogspot.com/2012/06/07.html

      http://aagiyakatha.blogspot.com/2012/06/08.html



      Delete
    2. @ කතන්දර කාරයා

      ස්තුතියි :)

      Delete
  50. ඇහැලේපොළ කුමාරිහාමි සිහිපත් වනු පිණිස ඇගේ නමින් නම් කළ මාර්ගය වැටී තිබුණේ වැව රවුම අසල සිට වර්තමාන ගිනිනිවීම් හමුදා මධ්‍යස්ථානය පිහිටි ස්ථානය දක්වා ය. වර්තමාන මහනුවර නගරයේ වාහන නැවතුම්පොළ පිහිටා තිබෙන්නේ ද, ඩී. ඇස්. සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලය පිහිටා තිබෙන්නේ ද මේ මාර්ගයේ ම ය. එමෙන් ම එය වූ කලි මහනුවර නගර මධ්‍යයේ සිට සිංහල බෞද්ධ රාජ්‍යයේ පරම වන්දනීය හා පූජනීය ස්ථානය වන ශ්‍රී දංෂ්ටා ධාතු මන්දිරය වෙත ගමන් කළ හැකි කෙටි ම මාර්ගය ද එය ය. එහෙයින් දළඳා වන්දනයට යන බොහෝ සිංහල බෞද්ධ බැතිමත්හු මෙම මාර්ගය පාවිච්චි කරති.
    මෙයින් වසර දහයකට පමණ පෙර එසේ යන බැතිමත්හු එම ඇහැලේපොළ කුමාරිහාමි මාවත දිගේ යද්දී ඇහැලේපොළ කුමාරිහාමි පිළිබඳව මහත් භක්තියෙන් අනුස්මරණය කළෝ ය. සිංහලයේ වීර කුල කාන්තාව වෙනුවෙන් සුසුමක් හෙළා ආචාර කළෝ ය. මට ද මතක හැටියට කුඩා කල මේ වීදිය කුමක්දැයි පියාණන්ගෙන් ඇසූවෙමි. මාගේ පියතුමන් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අධර්මයෙන් රටවැසියා බේරාගැනීම උදෙසා දිවි කැප කළ ඒ වීර වනිතාව ගැන කතාව මට ඉගැන්වූයේ ය. එදා එය මට මහමෙරක් නුවූවත්, ඒ පිළිබඳව පියාණන් හා මෑණියන් ටිකවේලාවක් කතා කරමින් හුන් බව මට මතක ය.
    අද ඒ ඇහැලේපොළ කුමාරිහාමි ගැන මතකය මහනුවර මහනගර සභාව වෙතින් ගිලිහී ගොසිනි. මහජනයාගෙන් ද ඈත් කරවීමට ඔවුහු උත්සාහ දරති. හේතුව අපැහැදිලි නමුත් ක්‍රියාදාමය පැහැදිලි යත ඇහැලේපොළ කුමාරිහාමි වෙනුවෙන් නම් කළ මාවත මීට දස වසරකට පෙරාතුව පල්ලිය පාර ලෙස නම් කරන්නට තරම් මහනුවර මහ නගර සභාවේ තුච්ඡ පාලකයෝ සැහැසි වූහ. උරුමය ගැන කැක්කුමක් නැති අධම නගර පාලනයේ තිරිසන් ලක්ෂණ තවදුරටත් ප්‍රකට කරමින් ඇහැලේපොළ කුමාරිහාමි වෙනුවට කොහෙදෝ යන පල්ලියක් පිළිබඳ මානයෙන් පුහු මිනිසුන්ගේ හිස් ඉදිමී තිබුණි.
    කෙසේ හෝ ඇහැලේපොල කුමාරිහාමි මාවත, දැන් පල්ලිය පාර නම් වේ.
    එසේම මෙම පල්ලිය මෙහි ඉදිවීම පිළිබඳ කතාව ද සිංහල බෞද්ධ සැබෑ හැගීමෙන් පිරි අපට මහත් සංවේගදායකත කතාවකි.
    එය මෙසේ ය.
    අදාල පල්ලිය අයත් වන්නේ මල්වතු මහාවිහාරයට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පවරා දෙනු ලැබූ පූජා භූමි ඉඩමකට ය. විහාර දේවාලගම් පනත පසකට දමා 99 අවුරුදු බදු පදනම යටතේ එම ඉඩම ලබාගෙන, එහි පදිංචිව සිටියේ ‘සිල්වා‘ යන නමින් යුක්ත පහතරටින් (මාතරින්) මහනුවරට සංක්‍රමණය වූ පවුලකි. දැනට ජීවත් ව සිටින, කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ හිටපු ඉතිහාස විෂය භාර ආචාරිණියක සහ ඇගේ පවුලේ මහගෙය පිහිටා තිබුණේ එම ඉඩමේ ය. ඇයගේ බාල සොහොයුරා දැනට මහනුවර පොදු වෙළදපොලේ ව්‍යාපාර හිමි පුද්ගලයෙකි.
    මෙම පවුලේ සාමාජිකයන්ගේ බදු කාල සීමාව ඉක්ම යන්නට නියමිත ව තිබුණේමීට වසර දහයකට පමණ පෙර දී ය. එම අවස්ථාවේ දී මල්වතු මහා විහාරයේ එවක මහනායක හිමියන් සමග ඇති වූ ඒකමතියෙන් තවත් අවුරුදු 99කට දේපල අයිතිය දීර්ඝ කරගැනීමට අදාල පවුල කටයුතු කරමින් සිටියෝ ය. ඒ අතර යාබද තවත් ඉඩමක වාසය කළ මුස්ලිම් පවුලක් විසින් එම ඉඩම ඔවුන්ට අයත් යැයි කියමින් මහනුවර උසාවියේ නඩුවක් ගොනු කළෝ ය. ඒ ඉහත දැක්වූ සිල්වා පවුලට විරුද්ධව ය.
    මහා ආන්දෝලනයකට මග පෑදුණි.

    ReplyDelete
  51. සිංහල බෞද්ධ සංවිධාන හා පක්ෂ සේ ම නීතිඥයෝ ද බොහෝ දෙනෙක් සිංහල පාර්ශ්වය වෙනුවෙන් නඩුවට කතා කළ හ. මහා විහාරය මෙහි දී නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. මෙහිදී නඩුව බොහෝ දුරට සිංහල බෞද්ධ පාර්ශවයට වාසිදායක වන අයුරින් පැවතෙන අතරවාරයේ දී මුස්ලිමුන් විසින් අනුගමනය කරන ලද්දේ අතිශය නින්දිත ක්‍රියාවකි.. එනම් නඩුවට අදාල සිංහල බෞද්ධ පාර්ශ්වයේ විත්තිකරු වන (නම සදහන් කළ නොහැක. වාසගම ‘සිල්වා‘) අය මුදලට ගැනීම යි. ඒ වන විටත් එවකට රාජ්‍ය ලේඛනාගාරයේ මහනුවර ශාකාවේ අධ්‍යක්ෂකවරිය ලෙස සිටි මහත්මිය විසින් අදාල ඉඩම මල්වතු විහාරයට අයත් බවට තිබූ සත්‍ය ඉඩම් වාර්තා වල පිටපත් අදාල විත්තිකරු වෙත ලබා දී තිබුණු අතර, ලක්ෂ 8 ක මුදල් කොන්ත්‍රාත්තුවක් මත එම පුද්ගලයාගෙන් යථොක්ත සාක්ෂි ලබාගැනීමට මුස්ලිමුන් කටයුතු කරන ලදී.
    ඒ අනුව තිරිසන් ඉඩම් ගණුදෙණුව නිම විය. සාක්ෂි නොමැති වීමෙන් නඩුවෙන් මුස්ලිමුන් ජය ලැබූ හ. කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජු විසින් මල්වතු මහා විහාරයට පිරිනැමූ පූජා භූමිය මත පල්ලියක් ගොඩනගන්නට කටයුතු ආරම්භ විණි. සැලසුම් සකස් ව තිබුණේ දළදා මාලිගයටත් වඩා ඉහළින් පෙනෙන සේ පල්ලිය සෑදීම වුවත් එය ව්‍යර්ථ කිරීමට සිංහලයන්ට හැකිවිය. නමුත් පල්ලිය ඉදිවන දසුන දුක සේ නරඹමින් සිටිනවා හැරෙන්නට සිංහලයින්ට කළ හැකි දෙයක් නොවීය.
    මේ අතර එම පල්ලියේ ප්‍රධාන පූජකයා නොබෝ දිනකින් මහනුවර ලේඛනාගාරයට පැමිණ, අධ්‍යක්ෂකවරිය මුණගැසුණේ ය. ලක්ෂ 10ක මුදල් අල්ලසක් මත හෝ අදාල ඉඩම පිළිබද සත්‍ය ලිපි ලේඛන තමාට ලබාදෙන ලෙස වැද වැටෙමින් ආයාචනය කළේය. නමුත් සියලු සිංහලයින් බෞද්ධයින් එක හා සමාන ව සිය උරුමය පාවා නොදෙන බවත්, ඇතැම් පිරිමින්ට වඩා කාන්තාවන් සතු උදාරත්වය ඉහළ බවත් ප්‍රකට කරමින් අධ්‍යක්ෂකවරියගෙන් රළු පිළිතුරක් ලැබුණි. මුසල්මානුවා යළිත් එහි නොපැමිණියේ ය.
    මම පසුගිය දිනක මහුවර ලේඛනාගාරයේ තිබී එම ඉඩම් වාර්තා මනාව පිරික්සා බැලීමි. ඒ අනුව ප්‍රකට වන්නේ එම පල්ලිය සහමුලින් ම නීතිවිරෝධි ඉදිකිරීමක් වන බව ය. අනවසර ඉදිකිරීමක් වන බව ය. එම පල්ලිය ඉදිකර තිබෙන්නේ සිංහල බෞද්ධ මල්වතු මහා විහාරයට රජුන් පිරිනැමූ ඉඩමක ය. මෙම පල්ලිය ඉදිරිපිටින් යන පාර, පල්ලිය පාර ලෙස නම් කෙරුණේ මහනුවර තුළ මුස්ලිම් උරුමය තවදුරටත් සනාථ කරමිනි. මහනුවර නගරය තුළ මුස්ලිම් ක්‍රියාකාරකම් සියල්ල මෙහෙයවෙන්නේ මෙම පල්ලිය කේන්ද්‍ර කරගනිමිනි... ශක්තිමත් නායකත්වයක් ඉදිරිපත් වන්නේ නම් මෙම පල්ලිය බිද දමා අපගේ උරුමය යළි දිනාගැනීමට අපිට නීත්‍යානුකූල හැකියාව තවමත් ඇති බව ද සිහිපත් කරනු රිසිමි.

    අදාල නඩුවේ දින, නඩු වාර්තා අංක, පුද්ගල නාම ආදිය මෙහි පළකිරීම සිදුකළ නොහැක.

    (http://www.facebook.com/hela.asipatha.5)

    ReplyDelete
    Replies
    1. @ Anonymous March 21, 2013 at 4:28 PM

      මෙය ප්‍රශ්නයක් බව පිළිගන්නවා. ඒත් කිසියම් බෞද්ධ සංවිධානයකින් පැමිණ මේ මුස්ලිම්වරුන් සමඟ නඩු කියා ජයගැනීමෙන් පසු මේ ගැටලුව විසඳෙනවා කියලා හිතන්න පුලුවන්ද ?? නැවතත් මම කියන්නේ කලින් කියපු දේමයි.

      ප්‍රශ්නයට හේතුව සොයා එය නැති කරනවා හැර අගින් අල්ලා ගෙන පිලියම් යෙදීම සර්පයාගේ හිසෙන් අල්ලා නොගෙන පසුපසින් අල්ලා ගන්නවා හා සමානය

      මේ ආකාරයේම සිදුවීම් තවත් ස්ථානයන්ගේ වෙන්න බැරිකමක් නැහැනේ. ඒක නිසා සිදුවිය යුත්තේ අන්තවාදයට නොව බෞද්ධ ප්‍රතිපදාවට මිනිසුන් පෙළගැස්වීම.

      ඉහත කතාවේ එන සිල්වා බෞද්ධ ප්‍රතිපදාවේ සිටි අයෙක් නම් මේ ආකාරයේ ඔඩු දුවන ප්‍රශ්නයක් නොවන බව මගේ හැඟීමයි. එනිසා ප්‍රශ්නයට හේතුව සොයා එයට පිළියම් කිරීම මනාය

      Delete
  52. මල්ලී නියම මධ්‍යස්ථ ලිපියක් . .

    මට ඒත් සැකයක් තිබ්බා ඔයත් අන්තවාදියෙක්ද කියලත් . .

    දැන් ඒක නෑ හොඳේ

    ReplyDelete
    Replies
    1. @ දුකා

      සැක තියාගන්න හොඳ නැහැ අයියණ්ඩි :D

      Delete
  53. මේවා කියලා අපි අන්තවාදියෝ වෙයිද මන්දා. මෙන්න මගේ සමීක්ෂනේ :D:D:D:D

    හලාල් තිබුනු කාලේ---

    නිව්ඩේල් යෝගට් (ග්‍රෑම් 80) - රු.30/- හලාල් සහිත
    කොත්මලේ යෝගට් (ග්‍රෑම් 80) - රු.30/- හලාල් සහිත
    හයිලන්ඩ් යෝගට් (ග්‍රෑම් 90) - රු.30/- හලාල් සහිත
    අ‍ඹේවෙල යෝගට් (ග්‍රෑම් 80) - රු.30/- හලාල් රහිත
    ලකී යෝගට් ප්ලෙන් එක (ග්‍රෑම් 80) - රු.30/- හලාල් රහිත (හලාල් ජෙලටින් සහිත)
    ලකී යෝගට් පැණි පැකට් එක සමඟ (ග්‍රෑම් 80) - රු.35/- හලාල් රහිත (හලාල් ජෙලටින් සහිත)

    හලාල් අයින් කලාට පසු අපේ පැත්තෙ අද දවසේ----

    නිව්ඩේල් යෝගට් (ග්‍රෑම් 80) - රු.30/- හලාල් සහිත
    කොත්මලේ යෝගට් (ග්‍රෑම් 80) - රු.30/- හලාල් සහිත
    හයිලන්ඩ් යෝගට් (ග්‍රෑම් 90) - රු.30/- හලාල් සහිත
    අ‍ඹේවෙල යෝගට් (ග්‍රෑම් 80) - රු.30/- හලාල් රහිත
    ලකී යෝගට් ප්ලෙන් එක (ග්‍රෑම් 80) - රු.30/- හලාල් රහිත (හලාල් ජෙලටින් සහිත)
    ලකී යෝගට් පැණි පැකට් එක සමඟ (ග්‍රෑම් 80) - රු.35/- හලාල් රහිත (හලාල් ජෙලටින් සහිත)

    කෝ මේ හසිත කියන මේකේ ඇඩ්මින් කාරයා... මේවට උත්තර දෙන එකයි ඇත්තෙ :D:D:D:D

    ReplyDelete
    Replies
    1. @ බුද්ධි

      මොකක්ද මහත්තයෝ මම දැන් මේකට කියන්න ඕනේ ??

      Delete
  54. අතින් රැගෙන බොදු ධජ හැර කුළුණු මෙත
    බලන් පල්ලි කැඩුමට යන පිරිස මිත
    ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත
    බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත

    ගතේ දැවටුනද බණ පද නිරන්තර
    අතේ පිරිත් ලණු බැඳුණද වරින්වර
    සිතේ පිරී ඇති තුරු මෝහය අඳුර
    මෙතේ බුදුන් වඩිනා දින තවත් දුර

    http://kathandara.blogspot.com/2012/05/wesak-thoughts.html

    ReplyDelete
  55. හසිත
    මේ පෝස්ට් එකේ මාතෘකාවට ඔබ "විහිළුද සහිතයි" කියා දැම්මේ මේ ඇනෝලා ගේ කමෙන්ට්ස් ගැන පෙර දැක්මක් තිබුණු නිසා නේද?

    ReplyDelete
    Replies
    1. @ කතන්දර කාරයා

      විහිළු කතාත් තිබුණු නිසායි එහෙම දැම්මේ. ඒත් කසූ කියන විදිහට මාතෘකාව අනුව පෝස්ට් එක හැඩ ගස්වා ගන්න කට්ටියක් මහන්සි වෙන පාටයි :)

      Delete
  56. කතා ටික නම් නියමයි. ඒත් "හලාල්" වගේ දෙයක් බඩුවක් ගන්න කඩේකට ගියාම මතකයට එන්නේ නෑ. අවශ්‍යතාවය සම්පූර්නකරගෙන එයින් ඉවත් ව යන්නයි වැඩියෙන්ම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      හ.වි.සං.බ ඕකට කියන්නේ මෙහෙම උත්තරයක්

      //...උඹලාට මේවා තේරෙන්නේ නැහැ. ඒත් කවදා හරි උඹලාට මේවා තේරෙද්දි පසු තැවෙන්න වෙයි...// :D

      Delete
  57. Lankawe angalum ha anekuth paribhogika bhanda....anayana katayuthu walin 80% withra siduwenne muslim wiyaparikayin athin...
    Api adambaren katha karana kandy,ASB wage ayathana miladeeganim.. Me pudgalayan haraha sidu karanawa...
    Awasaaa prathipalaya..api ape salli ekathukarala denne.. Muslim kenekuta....

    A nisa halal prashnaya haraha muslim agamika sanvidhanayak sidu kala mudal vanchawa jathiwadayak karaganeema avashya na...

    Kalayuththe.. Sinhala baudhdha bahutharaye aithiwasikam kadaweemakadi... Api halal prashnedi ekawanwa nagi hitiya wage.. Kriyakireema misak... Muslim minisun prathikshepa kirima nowei...

    Ape hisaradeta kotte maru karananwata wada.. Beheth ganna eki karanna one...

    Thman vivaha wela eka daruwek hadala.... Muslim viypthi wadaya gana ugura le raha wenakan ka gahuwath wadak na...
    Mathaka tiyaganna.... Api 70% bahutharaya...
    10% dena ekamuthuwa karana katayuththa paraddanna api ekamuthuwa katayuthu karanna one... Owunge kramayen mai...

    Visa nasiya yuththe visenmai....

    ReplyDelete
    Replies
    1. Mata unicode translate karanna ba mage pone eken log wena nisa...
      Puluwan kenek meka sinhalen danna...

      Delete
    2. ලංකවෙ ඇඟලුම් හා අනෙකුත් පරිභොගික භාණ්ඩ....ආනයන කටයුතු වලින් 80% විතර සිදුවෙන්නෙ මුස්ලිම් ව්‍යාපාරිකයින් අතින්...

      අපි අඩම්බරෙන් කාත කරන කන්ඩ්ය්,ඇSඹ් වගෙ අයතන මිලදීගැනිම්.. මේ පුද්ගලයන් හරහා සිදු කරනව...
      අවසාන ප්‍රතිපලය..අපි අපෙ සල්ලි එකතුකරල දෙන්නෙ.. මුස්ලිම් කෙනෙකුට....

      ඒ නිසා හලාල් ප්‍රශ්නය හරහා මුස්ලිම් ආගමික සංවිදානයක් සිදු කල මුදල් වංචාව ජතිවාදයක් කරගැනීම අවශ්‍යය නෑ...

      කලයුත්තෙ.. සිංහල බෞද්ද බහුතරයෙ අයිතිවාසිකම් කඩවීමකදී... අපි හලාල් ප්‍රශ්නෙදි එකාවන්ව නැගි හිටිය වගේ.. ක්‍රියකිරීම මිසක්... මුස්ලිම් මිනිසුන් ප්‍රතික්ශේප කිරිම නොවේ...

      අපි හිසරදට කොට්ටෙ මාරු කරනන්වට වඩා.. බෙහෙත් ගන්න එකයි කරන්න ඕනෙ...

      තමන් විවාහ වෙලා එක දරුවෙක් හදල.... මුස්ලිම් ව්‍යාප්තිවාදය ගැන උගුර ලේ රහ වෙනකන් කෑ ගැහුවත් වැඩක් නෑ...
      මතක තියාගන්න.... අපි 70% බහුතරය...
      10% දෙනා එකමුතුව කරන කටයුත්ත පරද්දන්න අපි එකමුතුව කටයුතු කරන්න ඕනෙ... ඔවුන්ගෙ ක්‍රමයෙන් මයි...

      විස නැසිය යුත්තෙ විසෙන්මයි....

      Delete
    3. @ Muditha manchanayake

      මුස්ලිම්වරුන්ට, මුස්ලිම් ව්‍යාප්තවාදය අපි එහෙම බැස්ටිය දුන්නාය කියමුකෝ ඊට පස්සේ අපේ ලෞකික වේවා ලෝකෝත්තර වේවා දියුණුව අපි අත් කරගන්නේ නැද්ද ??

      සිංහලයා ගාව තියෙන බේබදුකම නැති කරගන්නේ නැද්ද ? අනෙකාට වල කැපීම නැති කරගන්න නැද්ද ?

      ඒක් නවත්තන්න බාර් වහන්න කටයුතු කළාට වැඩක් නැහැ. මිනිහගෙ ඔළුවයි හදන්න ඕනේ. බේබදුකම අත් හැරියත් සිංහල පවුල් කීයකට දියුණු වෙන්න පුලුවන්ද ?

      තම්බින්ගේ හරක් මස් කඩ වැටලුවාට වැඩක් නැහැ. මිනිස්සු හරක් මසට විකුණනවා. ඒක නොකර ඉන්න තත්වය සිංහලයා තුළ නිර්මාණය කරන්න බැරිද ??

      සිඟාලෝවාද සූත්‍රයේ එන යුතුකම් ඉටු කරන සමාජය නිර්මාණය කරන්න බැරි ඇයි ? එහෙමනම් සමාජයේ සෑම කොට්ඨාශයකටම පාහේ සේවය වෙනවා නේද ??

      සප්ත අපරිහානි ධර්ම පිළිපැදීමක් අපි කරනවද ??

      මේවා නොවෙන තාක් කල් අපි මොන ව්‍යාප්තවාද නතර කළත් අපි ඉන්නේ එකම තැනමයි :(

      Delete
    4. @ සෙන්නා

      ස්තුතියි අයියා :)

      Delete
    5. @ Hasitha

      Hari machan.... api agama dahama dekama atha arala.. walmath gamanaka yana jathiyak wela...

      Habai...eka suba lakunak api dakka....mona taram pahath tanakata watunath... me rate bahutharayakata tawama jathika agamika hangimak tiyanawa...

      Api agama pilipadinna.....ape ratai agamai dekama rakagena inna ona....

      Adiyen adiya yamu....ekin eka wisandagamu.....
      Me prashne...ape paramparawen ehata yanna jodo6a yuthui....m

      Delete
  58. ඔබ වැන්නන් අතලොස්සක් හෝ හිඳීම අපේ වාසනාවක්.. එතකොට හෙට එච්චර කලුවර නෑ කියල හිතෙනවා හසිත..

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      අතලොස්ස හැමදාම අතලොස්සයිනේ අයියා. ඉදිරියට ඒ ගණනත් අඩුවෙයිද මන්දා :(

      Delete
  59. හලාල් විරෝදීනි මෙකත් හිතන්න.
    උඹල ඔය ඇතිකරන්නෙ මුස්ලිම් විරෝදී රැල්ලක්. මේක දැන් සෑහෙන්න දුර ගිහිල්ල තියෙන්නෙ. තවත් දුර යනව, මෙහෙමගිහිං සෑහෙන දෙනෙක් මුස්ලිම් විරෝදියො වෙනව. එහෙම වෙලා කවද හරි කොටි එක්ක යුද්ද කලා වගේ මුස්ලිම් උන් එක්ක යුද්ද කරන්න වෙනව.හැබැයි ඒ වෙන්නෙ එල් ටී ටී ඊ වගේ සංවිධාන එක්ක නෙමේ. නගරෙ ගමේ ඉන්න සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු එක්ක. එහෙම කරන්න ගත්තු ගමං අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරය ඒක මැද්දට පැනල දෙපැත්තම අවුලුවල රටම විනාශ කල්ල දානව. ඊජිප්තුවෙ ලිබියාවෙ සිරියාවෙ වුනා වගේ. ඒක නිසා මුස්ලිම් විරෝදෙන් බුදු දහම රකින්න උඹලට කවදාවත් බෑ,. ඒකෙන් වෙන්නෙ උඹලම විනාශ වෙන එක.

    ඒක එහෙමයි කියල මුස්ලිම් උන් එක්ක සාමකාමීව හිටියොත් උන් රට අල්ලගන්නව. අනාගතේ බෞද්ද උන්ට මුස්ලිම් ආගමට හැරෙන්නම වෙනව. එහෙම කල්ලත් ලංකාවෙ බුදු දහම රැකගන්න බෑ.

    කොහෙන් ගියත් කොහොම ගියත් ලංකාවෙ බෞද්ධයන්ට ගැලවීමක් නෑ.

    බුදු දහම වැඩිම කාලයක් තියෙන්නෙ චීනය, ජපානය, ඇමරිකාව වගේ දරදඬු පාලන ගෙනියන රටක මිසක් ලංකාවෙ නෙමේ. ලංකාව මුස්ලිම් වන හෝ සිරියාවක් වන දවස වැඩි ඈතක නෙමේ. බුදු හාමුදුරුවො කොහෙද කියල තියෙන්නෙ ලංකාවෙ වැඩිම කාලයක් බුදු දහම තියෙනව කියල. එකෙක් කියනව. ආ එහෙම කිව්ව තමා කියල අනිකත් පිළි අරං ඌ තව එකෙක්ට කියනව. එහෙම කියන දෙතුන් සීයකගෙන් දැනට මේ ප්‍රශ්නෙ අහල තියෙනව. ඒත් ඒ එකෙක්වත් බුදු හාමුදුරුවො එහෙම කියපු සූත්‍රයක් අහලවත් නෑ කියවලවත් නෑ දැකලවත් නෑ...
    ඕක අමු කෙප්පයක්. ලංකාවෙ බුදු දහම තව ටික කාලයයි.
    තිත්ත වුනත් ඇත්තට මුහුණ දීපල්ල.

    ReplyDelete
    Replies
    1. @ සොම්බී

      ඔබ ඉදිරිපත් කරපු මුල් අදහස් ඇතුළත් ඡේදයට එකඟයි.

      දෙවැන්න නම් බුදු දහම ලංකාවේ රැකගන්න ප්‍රායෝගික විසඳුම් තිබෙනවා කියන එකයි. එහෙත් ඒවා නිසි පරිදි හඳුනා නොගෙන සිටීමයි ගැටලුව

      //..බුදු හාමුදුරුවො කොහෙද කියල තියෙන්නෙ ලංකාවෙ වැඩිම කාලයක් බුදු දහම තියෙනව කියල. එකෙක් කියනව. ආ එහෙම කිව්ව තමා කියල අනිකත් පිළි අරං ඌ තව එකෙක්ට කියනව. එහෙම කියන දෙතුන් සීයකගෙන් දැනට මේ ප්‍රශ්නෙ අහල තියෙනව. ඒත් ඒ එකෙක්වත් බුදු හාමුදුරුවො එහෙම කියපු සූත්‍රයක් අහලවත් නෑ කියවලවත් නෑ දැකලවත් නෑ...//

      මේ අදහස ඉදිරිපත් කරන්නේ මහාවංසය ඇතුළු ලාංකීය බෞද්ධ සාහිත්‍ය මූලාශ්‍රය

      //..ඕක අමු කෙප්පයක්. ලංකාවෙ බුදු දහම තව ටික කාලයයි....//

      ශාසනය සදාකාලික නැහැ තමා. ඒත් ශාසන විනාශයට මේ කාලය කාලය නෙමේ. මේ කාලයේ වෙන්නේ බලහත්කාරයෙන් ශාසන විනාශයක් සිදු කරන කැසපොට ගැහීමක්

      Delete
  60. මෙවැනි මාතෘකාවක් යටතේ කිවයුතුදේ කෙලින්ම කිවීම වඩාත් උචිතයි. කියවන අය වැරදි වටහා ගැනීම් ඇතිකර ගත හැකියි.

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      කතා මඟින් ඉගැන්වීමේ කලාව අනාදිමත් කාලයක ඉදන් පැවතෙන දෙයක්නේ අයියා. කියවන අය වැරදි වැටහීම් ඇතිකර ගැනීම ඒ ඒ අයගේ දැනුමේ සාපේක්ෂ මට්ටම අනුව තමා සිදුවෙන්නේ. කෙසේ නමුත් ඉහතින් කරපු මහසෝන් පිල්ලිය සමඟ සංවාදයේදී කතා කෙරුණු පරිදි මේ කතාවලින් කියවෙන දේ එකතු කරන්න තමා අදහස් කරගෙන ඉන්නේ

      Delete
  61. මේ ගැන මගෙ බ්ලොග් එකේ ලිපියක් පළ කළෙත් මුස්ලිම්වරුන්ට දැන් ඉන්ඩම දෙන්නෙ නැති ගානට එන නිසයි.ගමේ ගොඩේ අහිංසක මිනිහට නෝලිමිටුත් එකයු කැන්ඩිත් එකයි තිලකවර්ධනත් එකයි.නෝලිමිට් මුදලාලිට මුස්ලිම්වරයා කියන්නේ ඔහුගෙ සහෝදරයෙක්.නමුත් ඔය කියන සිංහල රෙදි මුදලාලිලට දුප්පත් සිංහලයා කියන්නේ කැත සතෙක්.සිංහල මුදලාලිල පෝසත් කරන්නවත් මුස්ලිම් මුදලාලිල පෝසත් විශේෂ අවශ්‍යතාවයක් අපට නෑ.අපට ඕන කරන කොලිටි බඩු තියෙන තැනකින් ගන්නවා මිසක්.

    අපිට සල්ලි ඕන නිසා අපේ කඩේට එන්න කීවට එන්නෙ නැහැනෙ .ඒ නිසා කොහෙවත් නැති තම්බියෙක් එක්ක ජාතිවාදයක් ඇද ගන්නව.මුස්ලිම්වරු කියන්නෙත් අපි වාගෙම ලෙයින් මසින් හැදුන තමන්ගෙ අඹුදරුවො නඩත්තු කරන මනුස්සයො පිරිසක්.හාමුදුරුවරු බුදුහාමුදුරුවන්ගෙ ධර්මය පිළිපදිනවානම් ඒක රටට හොදයි කියලයි මම හිතන්නෙ.මුස්ලිම්වරුන්ගෙ සීලෙ නොවෙයි තමන්ගෙ සීලෙ ගැන හාමුදුරුවරු හිතනවානම් රට කොච්චර වාසනාවන්තද?

    ReplyDelete
    Replies
    1. @ liya varuna

      ඔබේ අදහසට එකඟයි. ජාතිය පරිහානියෙන් වළක්වන්න නම් ජාතිය තුළින්ම ඒ සඳහා කටයුතු කරන්න ඕනේ. ජාතියේ තියෙන පරිහානි ලක්ෂණ ඉවත ලන්න. ඒක නොකරනවා නම් සෝදා සෝදා මඩේ දානවා හා සමානයි.

      Delete
    2. අප්‍රේල් 21 වෙනිදා වෙන කල් අපිත් හිතුවේ මුස්ලිම් මිනිස්සු කියන්නෙත් අපි වගේම කට්ටයක් කියලා. ඒත දැන් එහෙම නෙවෙයි කියලා පේනවා. ඔවුන්ගේ ප්‍රජාව ඇතුළින් මතුවුණු ප්‍රචණ්ඩත්වය ආර්කෂා කරන්න හදනවා මිසක් ඔවුන් එයට විරුද්ධව කතා කරන්නේ නැහැ.

      Delete
  62. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. @ Anonymous March 24, 2013 at 5:47 PM

      ගෙදර ඉස්තෝප්පුවේ සතුන් මළ පහ කර ඇති විට සෝදා යැවිය යුතුයි. එනිසා අසභ්‍ය වචන ඇති මේ ප්‍රතිචාරය මකා දමන බව කරුණාවෙන් සලකන්න.

      කෙසේ නමුත් සතුන් මළ පහ කිරීමට විසඳුමක් හෝ පිළිතුරක් දිය යුතුවා සේම මේ ප්‍රතිචාරයටත් පිළිතුරක් එක්ක කරන්නම්

      මගේ සුජාත බව පිළිබඳව මට සහතික නිසා අවජාතක බවක් පිළිබඳව ගැටලුවක් ඇති කරගත යුතු නැහැ :) සිංහල ජාතියේ අවාසනාව උදා කරන්නේ ඔබ වැනි කී බෝඩ් වීරයන් බව මගේ හැඟීමයි. බ්ලොග් ලිවීම මගේ වෘත්තියක් නොවන අතර එය මගේ විනෝදාංශයක් ලෙස සිදු කරන්නක් බව දන්වනු කැමැත්තෙමි. එසේම මගේ ලිපි කාලය කා දමන ලිපිද යන වග සබුද්ධික පාඨකය තීරණය කරනු ඇත

      ඔබ සිංහල බෞද්ධයෙක් නම් කරුණාකර ආජීව අට්ඨමක සීලයේ එන පරුෂා වාචා වේරමණී සික්ඛා පදං සමාදියාමි සිල් පදය පිළිබඳවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන තෙවෙනි අංගය වෙන සම්මා වාචා පිළිබඳවත් ඔබේ අවදානය යොමු කරන්න :)

      Delete
  63. http://www.youtube.com/watch?feature=player_embedded&v=nbFaTpCHDaw#!

    ReplyDelete
    Replies
    1. @ Anonymous March 24, 2013 at 5:50 PM

      කූරගල වීඩියෝව ඉදිරිපත් කිරීමෙන් ඔබ කියන්න හදන දේත් නිවැරදිව දැක්වූවා නම් හොඳයි. කෙසේ වෙතත් මේ තත්වය ඉදිරියේදී තවත් අප්‍රකට බෞද්ධ පුරාවිද්‍යා ස්ථානවලට ඇතිවිය හැකියි. ඒක නිසා මේ තත්වය ඇතිවෙන්න මුල් වූ හේතුව සොයා පිළියම් සපයන එකත් සිදුකළ යුතුයි

      Delete
  64. හරි විදිහට බුදු දහම පිළිපදින්න හා අනික් අයටත් ඒ දේ කියල දෙන්න ගිය මනුස්සයටත් මේ කී බෝඩ් කමෙන්ට් වීරයෝ එකතු වෙලා කැත කතා කියන හැටි. මෙහෙම කැත වචන කැත කතා කිය කියා කොහොමද මේ අය තම තමන් සැබෑ බෞධ්ධයො කියල කියා ගන්නේ ගන්නේ .
    කොහොම වුනත් හොඳ පොස්ට් එකක් අය්යේ.
    ඔබට ජය

    ReplyDelete
  65. මේ යන විදියට මහ ජාතිය යැයි කියාගන්න සිංහලයන් වැඩි කාලයක් නොගිහින් ම සුළු ජාතිය වෙනවා. හැබැයි ඒකට මේ දැන් කරන විදියෙන් නම් ප්‍රතිකර්ම හොයන්න බෑ. හෙව්ව්ත් ඒක පැලැස්තරයක් මිසක් ස්ථිර පිළියමක් වෙන්නෙ නැහැ. මිනිස්සු ධර්මයට අනූව ආකල්ප වලින් වෙනස් වෙනවා ඇරෙන්න වෙන කිසි ම ප්‍රතිකර්මයක් නැහැ.

    ReplyDelete
  66. මමත් පුළුවන් තරම් සිංහල කඩවලින් බදු ගන්න බලනවා. ඒ අතරම සිංහල නිෂ්පාදන ගන්නවා. නමුත් ඉතින් ඕක මත්තේ නහින්න යන්නේ නෑ..

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................