ඉන්දියාවේ විශේෂයෙන් උතුරු ඉන්දියාවේ ඔයාලා සංචාරය කරලා තියෙනවා නම් නිරුවතින් සිටින පුද්ගල කණ්ඩායමක් දැකලා තියෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් පොත පතින් ඉන්දියාවේ ඉන්න නිරුවත් ආගමික කණ්ඩායමක් ගැන අහලා තියෙන්න පුලුවන්. වර්ධමාන මහාවීර එහෙමත් නැත්නම් නිඝණ්ඨනාථ පුත්ත නමින් හැඳින්වෙන ශාස්තෘවරයාගේ ශ්‍රාවකයන් වෙන ඒ පිරිස හඳුන්වන්නේ ජෛන එහෙමත් නැත්නම් නිඝණ්ඨ යන නමින්. අද ආගිය කතාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ජෛන දහම ගැන.
වර්ධමාන මහාවීරයන්
ජෛන දහමේ ශාස්තෲවරයා විදිහට සැලකෙන වර්ධමාන මහාවීරයන් එහෙමත් නැත්නම් නිඝණ්ඨනාථ පුත්ත බුදුන් වහන්සේගේ සමකාලීනයෙක්. ඒ වගේමයි බුද්ධ කාලීන භාරතයේ ෂට් ශාස්තෲවරුන් නමින් ප්‍රකටව හිටිය ශාස්තෲවරුන්ගෙන් එක් අයෙක් විදිහටයි වර්ධමාන මහාවීරයන් පිළිගැනෙන්නේ.
එවකට භාරතයේ ව්‍යාප්ත වෙලා තිබුණු බමුණු දහමේ පැවතුණු නිරර්ථක ක්‍රියා වගේම හිංසාකාරී ක්‍රියාකාරකම්වලට එරෙහිව තමා උග්‍ර අවිහිංසාවාදයක් පදනම් වුණු ජෛන දහම ඉදිරිපත් කෙරෙන්නේ. මුලින්ම අපි වර්ධමාන මහාවීර සම්බන්ධව කතා කරමු.
වර්ධමාන මහාවීර ක්‍රි.පූ 540 දී පමණ වෛශාලියේ කුණ්ඩල ග්‍රාමයේ වාසය කළ ක්ෂත්‍රියයෙකු වුණු සිද්ධාර්ථ සහ ත්‍රිශලා යුවළට දාව උපත ලබනවා. වර්ධමානගේ මව වුණු ත්‍රිශලා එවකට වජ්ජි සමූහාණ්ඩුවේ පාලකයෙක් වුණු චේටක කියන ලිච්ඡවි කුමාරයාගේ සහෝදරිය වුණා.
ලිච්ඡවියෙක් වෙන වර්ධමාන ගෙන මීට පෙර ලියවුණු බුද්ධ කාලයේ මිහිපිට ජීවත් වුණු තව්තිසාවේ දෙවිවරු කියන සටහනෙන් කතා කළා මතක ඇති නේද ?
ක්ෂත්‍රිය පවුලක උපත ලබපු නිසාම බොහොම සැප සම්පත් මධ්‍යයේ හැදී වැඩෙන වර්ධමාන තරුණ වයසේදී යශෝධා කුමරිය විවාහ කර ගන්නවා. පස්සේ මේ දෙපළටත් අනෝජා නමින් දියණියක් ලැබෙනවා. වර්ධමානට වයස අවුරුදු 32 ක් පමණ වෙද්දී දෙමාපියන් වියෝ වෙලා හිටි නිසා ඔහු ලෞකික සැපය අත් හැරලා ශ්‍රමණයෙක් බවට පත් වෙනවා.
මෙහිදී වස්ත්‍ර හැඳීම පවා අත් හරින වර්ධමාන "දිගම්බර ව්‍රතය" අනුගමනය කරනවා. දිගම්බර ව්‍රතයේදී සිදුවන්නේ ආකාශය එහෙමත් නැත්නම් දිසාවක් වස්ත්‍රය කරලා සළකන එක. ඊට පස්සේ වසර 22 ක් පමණ පරම සත්‍ය අවබෝධ කරගැනීමේ අපේක්ෂාවෙන් දුෂ්කර ජීවිතයක් ගත කරන වර්ධමාන අවසානයේදී "කේවල" තත්වයට පත් වෙනවා.
ඒ නිසා කෙලෙස් දිනූ තැනැත්තා යන අර්ථයෙන් "ජින" හෙවත් "ජෛන" සහ "මහාවීර" යන නම්වලිනුත් ඔහුව හඳුන්වනවා. කේවලී තත්වයට පත්වුණු වර්ධමාන මහාවීරතුමා ඊට පසුව අංග, මගධ, මිථිලා, කෝසල වැනි ප්‍රදේශවල සංචාරය කරමින් තමන්ගේ දහම ප්‍රචාරය කරනවා.
වර්ධමාන මහාවීරයන්ගේ චරිතයේ එන අපූර්ව කතා රාශියක් තිබෙනවා. මේ ඉන් එක් කතාවක්.
දවසක් මහාවීරයන් ගමනක් යද්දී එක පාරක් නයෙක් ඉන්නවා ඒ පාරෙන් යන්න
එපා කියලා මිනිස්සු කිව්වත් මහාවීරයන් ගමන් කරන්නේ ඒ පාරේමයි. ඒ පාරේ ගිහින්
නාගයා වාසය කරපු ගුහාව ගාවට ගිය මහාවීරයන් භාවනානුයෝගීව සිටියා. ඒ අවස්ථාවේ
එළියට ආපු නාගරාජයා විෂදුම් පිඹිමින් කෝපයට පත්වෙලා හිටියේ.
අන්තිමට මහාවීරයන්ගේ කකුලට නාගයා දෂ්ඨ කළාම එතැනින් ලේ වෙනුවට සුදු පාට දියරයක් එළියට ඇවිත් නාගයා වටේට ඒ දියරය ගලා යනවා. ඒ අවස්ථාවේ මහාවීරයන්ගේ තිබුණු කරුණාව ඒ දියරයත් එක්කම නාගයාටත් දැනුනු නිසා අවසානයේදී ඒ නාගයාව දමනය කරගන්න මහාවීරයන්ට හැකිවෙනවා.
අන්තිමට මහාවීරයන්ගේ කකුලට නාගයා දෂ්ඨ කළාම එතැනින් ලේ වෙනුවට සුදු පාට දියරයක් එළියට ඇවිත් නාගයා වටේට ඒ දියරය ගලා යනවා. ඒ අවස්ථාවේ මහාවීරයන්ගේ තිබුණු කරුණාව ඒ දියරයත් එක්කම නාගයාටත් දැනුනු නිසා අවසානයේදී ඒ නාගයාව දමනය කරගන්න මහාවීරයන්ට හැකිවෙනවා.
ජෛන තීර්ථංකවරුන් 24 දෙනා
වර්ධමාන මහාවීරයන්ගේ දේශනාවලට අනුව ජෛන දහමේ
එතුමාගේ නිර්මාණයක් නෙමෙයි. "තීර්ථංකර" නමින් හඳුන්වනු ලබන ජෛන ශාස්තෲවරුන්
23 ක් ඊට පෙර සිටි බවත් එහි පළමුවැන්නා සෘෂභ වන බවත් 24 වෙනි තීර්ථංකරවරයා වර්ධමාන මහාවීරයන් බව තමා පිළිගැනෙන්නේ.
මුල්
තීර්ථංකරවරු 22 දෙනා පිළිබඳව තොරතුරු දුලබ වුණත් 23 වෙනි තීර්ථංකරවරයා වෙන
පාර්ශ්වනාථ පිළිබඳව නම් තොරතුරු පවතිනවා. වර්ධමාන මහාවීරයන් උපත ලැබීමට වසර
250 කට පමණ පෙර ජීවත් වුණු පාර්ශ්වනාථ එවකට බරණැස් නුවර රජතුමා වුණු
අශ්වසේනගේ පුත්‍රයා බවත් වයස අවුරුදු 30 දී තවුස් දිවිය ආරම්භ කරපු
පාර්ශ්වනාථ සමඟ එක්වුණු අනුගාමිකයන් නිඝණ්ඨ නමින් හඳුන්වපු බවත් සඳහන්
වෙනවා.
වර්ධමාන මහාවීරතුමාගේ දහමේ මූලික කරුණු කීපයක් කතා කළොත් ජෛනයන් සඳහා වන පංච සීලයක් එහි තිබෙනවා. ඒවා තමා සත්‍ය [සත්‍යය කතා කිරීම], අවිහිංසා [හිංසාවෙන් තොර වීම], අපරිග්‍රහ [දේපළ එකතු කිරීමෙන් වැලකීම], ආස්තෙය [සොරකම් කිරීමෙන් වැලකීම], බ්‍රහ්මචර්යා [බ්‍රහ්මචර්යාව ආරක්ෂා කිරීම]
ජෛන ශ්‍රාවක ශ්‍රාවිකාවන්
ජෛන දහමේ ප්‍රධාන අංගයක් වන්නේ ආත්මය සහ කර්මය පිළිබඳව පවතින විශ්වාසය. සෑම මූල ධාතුවක්ම භූත සහ ආත්ම කියන සාධකවලින් නිමවන බවත් භූත නම් භෞතික සාධකය විනාශ වුවත් ආත්මය එසේ නොවන බවත් මහාවීරයන් දේශනා කරනවා. ඕනෑම පුද්ගලයෙක් ඉපිදෙමින් මැරෙමින් බොහෝ කල් ගත කරන බවත් කර්මය නිසා එය සිදුවන බවත් ආත්මය සහ කර්මය අතර තිබෙන බැඳීමෙන් නිදහස් වෙන්න කර්මය විනාශ කළ යුතු බවත් එතුමා දක්වනවා. ඒ සඳහා මාර්ගය වන්නේ ඉහත දක්වපු ජෛන පංච ශීලයයි.
පාරිශුද්ධ, සදාකාලික විමුක්තිය උදා කරගන්න කලින් කියපු පංච ශීලයට අමතරව "ත්‍රිරත්න" නමින් හඳුන්වන ත්‍රිවිධාකාර මාර්ගයක් මහාවීරයන් දේශනා කරනවා. ඒ නිවැරදි විශ්වාසය [සම්‍යක් විශ්වාස] එනම් ජෛනාගම පිළිබඳ නිවැරදි විශ්වාසය, නිවැරදි දැනුම [සම්‍යක් ඤාණ] එනම් ආත්මය නිදහස් කර ගැනීම පිළිබඳ දැනුම සහ නිවැරදි පැවැත්ම [සම්‍යක් ක්‍රියා] එනම් දැඩි ලෙස ජෛන පංච සීලය ආරක්ෂා කිරීමයි.
ශ්වේතාම්බර සහ දිගාම්බර් ව්‍රත රක්ෂා කරන දෙදෙනෙක්
උග්‍ර අවිහිංසාවාදීන් වුණු ජෛනයන් සියලුම වස්තුවලට ජීවයක් තිබෙන බව විශ්වාස කරනවා. එහිදී අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඕනේ කියලා මහාවීරයන් දේශනා කරනවා. ජලය පානයේදී පෙරා පානය කරන එක, හුස්ම ගැනීමේදී සතුන් මියයාම වළක්වන්න මුකවාඩම් පැළැඳ සිටීම වගේම ගමන් කරන විට මොණර පිල් මිටියකින් මාර්ගය අතු ගෑම වගේ කරුණු ඒ උග්‍ර අවිහිංසාවාදය යටතේ ජෛනයන් සිදු කරන දේවල්.
ඒ වගේමයි ඉන්ද්‍රියන් පිනවීමෙන් ආශාවෙන් දුරස් වෙලා අත්තකිලමථානුයෝගී ජීවිතය මහාවීරයන් දේශනා කරනවා. ඒ යටතේ ශරීරයට දැඩි දුක් දෙමින් උපවාසයෙන් මියයාම පුණ්‍ය ක්‍රියාවක් විදිහට ජෛනයන් සලකනවා. දේවවාදය බැහැර කිරීමත් ජෛන දහමේ තිබෙන තවත් විශේෂ ලක්ෂණයක්. බිලි පූජා ආදිය හෙළා දැකීම වගේම කාන්තා නිදහස පිළිබඳව කරුණු දක්වපු, කුල භේදය හෙළා දැකපු සමාජ ප්‍රතිසංස්කාරයෙක් විදිහටත් වර්ධමාන මහාවීරයන් සැලකෙනවා.
ජෛන භික්ෂුණීන් පිරිසක්
මනාව සංවිධානය කරපු සංඝ හෙවත් නැත්නම් භික්ෂු නමින් හැඳින්වෙන සංවිධානයක් සකස් කරන්නත් වර්ධමාන මහාවීරතුමා කටයුතු කරනවා. ජෛන භික්ෂූන් මෙන්ම ජෛන භික්ෂුණියන්ද සිටි බව සාහිත්‍ය මූලාශ්‍රයවල දැක්වෙනවා. පිප්ඵලී කුමරු කාශ්‍යප නමින් බෞද්ධ භික්ෂුවක් බවට පත්වුණු අවස්ථාවේ ඒ වනවිට බෞද්ධ භික්ෂුණී සමාජය ආරම්භ කොට නොතිබුණු නිසා පිප්ඵලී කුමරුගේ බිරිඳ වුණු භද්දා කපිලානි ජෛන භික්ෂුණියක් වූ බව බෞද්ධ සාහිත්‍යයේත් දැක්වෙනවා.
ජෛන භික්ෂුණියන් සඳහා දිගම්බර ව්‍රතය වෙනුවට මහාවීරයන් නිර්දේශ කරන්නේ "ශ්වේතාම්බර ව්‍රතය". ශ්වේතාම්බර ව්‍රතයේදී සුදු වස්ත්‍රයක් පමණක් හැඳීම සිදු කරනවා. ජෛන භික්ෂුණියන් ශ්වේතාම්බර ව්‍රතය ආරක්ෂා කරලා පිරිමි ආත්මයක් ලබාගෙන පසුව දිගම්බර ව්‍රතයට පිවිසෙන්න කටයුතු කරන්න ඕනේ කියලා තමා ජෛන පිළිගැනීම තියෙන්නේ.
වයස අවුරුදු 72 දී නාලන්දා ප්‍රදේශයේ පාවාපුරිහිදී උපවාස කරමින් සිටියදී වර්ධමාන මහාවීරතුමා අභාවප්‍රාප්ත වෙනවා. ඒ වෙද්දී ජෛන භික්ෂූන් 14,000 ක් පමණ සිටිය බව තමා කියවෙන්නේ.
මහාවීරතුමාගේ ඉගැන්වීම් එක් කරලා පූර්ව නමින් ග්‍රන්ථ 14 ක් සකස් කරන්න එතුමාගේ අනුගාමිකයෝ කටයුතු කරනවා. නමුත් ක්‍රි.පූ 4 වන සියවසේදී පමණ බිහාර් ප්‍රාන්තයෙ ඇතිවුණු සාගතයක් නිසා භද්‍රබාහු නම් ජෛන නායකයා යටතේ ජෛනයන් බොහෝ පිරිසක් මයිසූරයට සංක්‍රමණය වෙනවා.
මේ අතරවාරයේදී බිහාරයේ ඉතිරිවුණු ජෛනයන් ජෛන දහම සුරක්ෂිත කරන්න ධර්ම සංගායනාවක් පවත්වනව. එහි ප්‍රතිඵලයක් විදිහට අංග නමින් හැඳින්වෙන ග්‍රන්ථ 12 ක් සකස් වෙනවා. නමුත් මූලික ජෛන ඉගැන්වීම්වලට පටහැනි යම් යම් කරුණු මේ සංගායනාවෙන් පිළිගැනීම නිසා භද්‍රබාහු ඇතුළු පිරිසේ අප්‍රසාදයට සංගායනාකරුවන් ලක් වෙනවා.
විශේෂයෙන්ම ඒ සංගායනාවෙන් අනතුරුව බොහෝ ජෛනයන් ශ්වේතාම්බර ව්‍රතයට හුරු වෙලා තිබෙනවා. නමුත් මුල් ජෛන ඉගැන්වීම වන දිගම්බර ව්‍රතයට මෙය පටහැනි නිසා භද්‍රබාහු ඇතුළු පිරිස ඉදිරියටත් දිගම්බර ව්‍රතය රක්ෂා කරනවා.
පසුකාලීනව සිටිය චන්ද්‍රගුප්ත මෞර්ය වැනි ප්‍රබල පාලකයන් පවා ජෛනයන් වූ බව කියවෙනවා. ජීවිතයේ අවසාන කාලයේදී රාජ්‍ය අත්හැරිය චන්ද්‍රගුප්ත මෞර්ය ජෛන භික්ෂුවක් විදිහට මයිසූරයේදී උපවාස කරමින් සිටියදී මියගිය බව තමා ජෛන ලේඛනවල තියෙන්නේ.
ජෛන විහාර
ඊට පසුවත් ශක, ශත්‍රප, රාජ්පුත්, කාලිංග, චාලුක්‍ය, රාෂ්ට්‍රකූඨ, හොයිසාල වගේ රාජ වංශවල රජුන් පවා ජෛන දහමට ගරු කිරීම වගේම අනුග්‍රහ දැක්වීම කළ බව පෙනෙනවා. මහා අක්බාර් වැනි මෝගල් පාලකයන් පවා ජෛන ආගමික උත්සව පැවැත් වෙන කාල වකවානුවලදී ජෛනයන් වෙසෙන ප්‍රදේශවල සතුන් මැරීම තහනම් කරමින් ජෛන දහමට අනුග්‍රහ කළ බව සඳහන් වෙනවා.
ලංකාවේත් පණ්ඩුකාභය රජතුමා ජෝතිය, ගිරි, කුම්භාණ්ඩ කියන නිඝණ්ඨයන්ට ආරාම තනවලා දුන් බව මහාවංසයේ වගේම සාහිත්‍ය මූලාශ්‍රය කීපයකම දැක්වෙනවා. එයින් එක් ආරාමයක් වුණු ගිරි නිඝණ්ඨයාගේ ආරාමය බිඳවලා වළගම්බා රජතුමා අභයගිරි ස්ථූපය නිර්මාණය කරන කතාව අහලා ඇතිනේ.
ජෛන දහම නිසා අවිහිංසාවාදය කියන සංකල්පය ඉදිරිපත් වුණා වගේම ඒ හැරෙන්න එවකට භාරතීය සමාජයේ තිබුණු කුල භේදය, නිරර්ථක බිලි පූජා ආදිය, කාන්තා නිදහස අවම වීම වැනි කරුණුවලට එරෙහිව කරුණු ඉදිරිපත් වුණා කියන එක දක්වන්න පුලුවන්.
ඒ වගේමයි වර්ධමාන මහාවීරයන්ගේ චරිතයේ බොහෝ සිදුවීම් බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළත් දැකගන්න ලැබීම වගේම ජෛන දහමෙන් ඉගැන්වුණු යම් යම් කරුණු කාරණා බුදු දහම තුළත් සාකච්ඡා වී තිබීමත් එක්ක ජෛන දහම සහ බුදු දහමේ තිබෙන සබඳතාවක් ගැනත් කරුණු කතා කෙරෙනවා.
ජෛන දහම පිළිබඳව සරල හැඳින්වීමක් තමා මේ සටහනෙන් කියන්න මම අපේක්ෂා කළේ. තවත් ගැඹුරු කරුණු කාරණා ජෛන දහමේ නැතුවාම නෙමෙයි.
සටහන ලියන්න පාදක කරගත්තේ බී.වී. රාවෝගේ ලෝක ඉතිහාසය සහ ක්ෂාවියර් පින්තු හා ඊ.ජී. මියාල්ගේ ඉතිහාස ධාරා 1 කොටස කියන පොත්
ෂඩ් ශාස්තෘවරුන් ගැන කියද්දි බෞද්ධ පොත් වල පවා මහාවීර ගැන යහපත් ආකල්පයකින් තමයි කියවෙන්නේ (අනිත් 5 දෙනා ගැන එහෙම යහපත් ආකල්පයක් ජනිත වෙන්නේ නෑ)
ReplyDeleteඅන්තයටම ගිය අහිංසාවාදය
ප්‍රායෝගික නොවන වස්ත්‍රය (දිගම්බර)
සිරුරට දැඩි ලෙස දුක් දීම
ඔවුන්ගේ දහම ප්‍රචලිත නොවීමට හේතු වෙනවා.
@ Anonymous March 31, 2013 at 7:19 AM
Deleteමා දන්නා තරමින් පොදුවේ ෂට් ශාස්තෲවරුන්ගේ දුර්වලතා බෞද්ඪ්Hඅ පොත්පත්වල පෙන්වා දී තිබෙනවා. සාමඤ්ඤඵල සූත්‍රය එයට නිදසුනක්. පූජාවලියේ එන පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ රජගහ නුවර සිටුතුමාගේ සඳුන් පාත්‍රය හිමි කරගත් කතා පුවතේ නම් නිඝණ්ඨනාථපුත්තයන්ගේ අඩුලුහුඩුකම් මනාව පෙන්වමින් කියවන්නා තුළ හාස්‍යයක් ඇති කරවා තිබෙනවා.
පොදුවේ ඔබ දැක්වූ කරුණු තුන නිසා ජෛන දහමේ සුවිශාල ව්‍යාප්තියක් නොවූ බව හැබෑව. ඒත් අද දක්වාම ජෛන දහම පැවත ඒම තුළ මෙය පිළිගන්නා අයවලුන් සිටින බව පැහැදිලියි. ඒ වගේමයි මේ අංගත්‍රය ජෛන පැවිද්දන්ට පමණක් පොදු වන නිසා ගිහියන්ට ජෛන දහම පිළිපැදීමේ ගැටලු අවම වෙන්න ඇති කියලා මට හිතෙනවා
ෂඩ් ශාස්තෘන් කියන්නේ ඒ කාලයේ ප්‍රසිද්ධ ශාස්තෘවරුන් හයදෙනෙක් හිටියාද?
ReplyDeleteමට ජෛන යෙහෙලියක් හිටියා ඉස්සර. ඇයට අනුව මුල් ගිය එලවලු පවා කන්නේ නෑ. ඒවාවලට ජීවය තියනවා කියලා හිතන හන්දා. ලූනු ආහාරයට ගන්නේ නෑ. ඒක ප්‍රබෝධකයක් හන්දා. මම කීවේ ආගම අදහන උදවිය.
මේ දහම බුදු දහමට ලඟින් යන දහමක් විදියට පේනවා. කර්මය විනාශ කරන්ට ඇඳුම් නොඅඳින එකත් එක්තරා දෙයක් තමා නේද? ලස්සන ඇඳුම්, පැලඳුම්වලට තියන ආශාව නැතිවෙනවනේ.:)
මහාවීර ගැන අහලා තිබුනත් මෙච්චර විස්තර දැන හිටියේ නෑ. වටිනා තොරතුරු රැසක් දැනගත්තා හසිත.
මතෘකාව නම් නියමයි. මම දුවගෙන ආවේ හිරුනිකා ගැන කියලද බලන්ට. :D:D
ඔව්, අජිත කේසකම්බල, මක්ඛලී ගෝසාල, සංජය බෙල්ලට්ඨපුත්ත, පූර්ණ කස්සප... වගේ ප්‍රසිද්ධ, රාජ්‍ය අනුග්‍රහය ලැබුව ශාස්තෲවරු අය හයදෙනෙක් හිටියා. තව දෙයක් එකතු කරන්නම් මල්ලි, බුදුරජාණන් වහන්සේ පසු කාලයකදී වස් කාලය ගැන විනය නීති පනවන්නත් මුල් වුණේ ජෛන ආගමිකයන්ගේ දෝෂාරෝපණ භික්ෂූන් වහන්සේලා ට එල්ල වුණ නිසයි. ඒ වගේ ම සංසාරයේ නැවත් නැවත අප ඉපදෙන බව විශ්වාස කල එතුමා, කරන ලද පව් මේ ආත්මයේ ගෙවා දැමීමෙන් මෝක්ෂය ලඟා කර ගත හැකි බව විශ්වාස කළා. ඒ නිසා ම වෙන්නත් ඇති එතුමා අත්ථකිලමථානු යෝගී දිවියක් ගෙන ගියේ. මුල් කාලයේදී ඒ කියන්නේ ශ්‍රමණ ජීවිතයට ඇවිල්ලත් මාස 13ක් එකම ඇඳුම ඇඳලා පස්සේ ඒකත් අත්හැරියා කියලත් මම අහලා තියෙනවා. සිද්ධාර්ථ, ත්‍රිශාලා කියන්නෙ රජෙක් සහ බිසවක් විදියටයි මම අහලා තියෙන්නෙ... ස්තූතියි ඒ කොහොම වෙතත්, නොදැන හිටිය දේවල් ගොඩක් දැනගත්තා :)
Deleteඔවුන් සියලුම අල වර්ග නොකනවා කියලා මමත් අහලා තියෙනවා.
Delete@ Podi Kumarihami
Delete//..ෂඩ් ශාස්තෘන් කියන්නේ ඒ කාලයේ ප්‍රසිද්ධ ශාස්තෘවරුන් හයදෙනෙක් හිටියාද?...//
සාමඤ්ඤඵල සූත්‍රය දක්වන විදිහට බුද්ධ කාලීන සමාජයේ ෂට් ශාස්තෲවරුන් නමින් ප්‍රකට ආචාර්යවරුන් 6 ක් හිටියා. ඒ වගේමයි පොදුවේ ගත්තාම ඒ කාලේ සමාජයේ විවිධ දෘෂ්ටිවාද 62 ක් තිබුණු බව බ්‍රහ්මජාල සූත්‍රය දක්වනවා.
ෂට් ශාස්තෲවරු වුණේ පූරණ කස්සප, මක්ඛලී ගෝසාල, අජිත කේශකම්බල, පකුධ කච්චායන, සංජය බෙල්ලට්ටිපුත්ත සහ නිඝණ්ඨනාථ පුත්ත. මේ 6 දෙනා ගැනම හොඳ හොඳ කතා තියෙනවා. පස්සේ දවසක අනික් 5 දෙනා ගැන කියන්නම්කෝ
//..මට ජෛන යෙහෙලියක් හිටියා ඉස්සර. ඇයට අනුව මුල් ගිය එලවලු පවා කන්නේ නෑ. ඒවාවලට ජීවය තියනවා කියලා හිතන හන්දා....//
ඒ අයගේ විශ්වාසය අනුව ගස් වැල්වලටත් ජීවයක් තිබෙනවා. ඒවායේ බලපෑම නිසාම බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වස් සමාදන් වීම අනුදැන වදාළේ. වැසි කාලයේදී පොළවෙන් ඉහළට එන කුඩා පැළෑටි භික්ෂූන්ගේ පයට පෑගී විනාශ වීම ඒකට බලපාපු එක හේතුවක්. ඒ වගේමයි උපසම්පදා භික්ෂූන්ට ගස් සිඳීම අකැප බව අනුදැන වදාළේත් භික්ෂූන්ට පැන් පෙරා වළඳන ලෙස අනුදැන වදාළේත් මේ ජෛන බලපෑම් නිසාමයි.
ජෛනයන් ජලය පානයේදී ජීවීන් මැරෙයි කියලා පැන් පෙරනවා වගේම හුස්ම ගද්දී ජීවීන් මැරෙයි කියලා මුකවාඩම් බැඳගෙන ඉන්නවා. ඒ වගේමයි ගමන් කරද්දී මොණර පිල් මිටියෙන් මාර්ගය අතු ගාන්නේත් ඒ නිසාමයි
//..මේ දහම බුදු දහමට ලඟින් යන දහමක් විදියට පේනවා. කර්මය විනාශ කරන්ට ඇඳුම් නොඅඳින එකත් එක්තරා දෙයක් තමා නේද? ලස්සන ඇඳුම්, පැලඳුම්වලට තියන ආශාව නැතිවෙනවනේ...//
මෙතන වෙන්නේ කර්මය නැති කිරීමකටත් වඩා ආශාව එහෙමත් නැත්නම් තණ්හාව දුරු කරන්න උත්සහ කිරීමක්. බුදු දහමේ මේ තත්වය වෙනුවට ප්‍රත්‍යවේක්ෂා කිරීම කියන සංකල්පය උගන්වනවා.
//..මතෘකාව නම් නියමයි. මම දුවගෙන ආවේ හිරුනිකා ගැන කියලද බලන්ට...//
අධිකරණ තීන්දු ගැන අපි කතා කරන්නේ නැහැ ඕන්. මතකනේ එස්බීට වුණු දේ :D
@ ලහිරු
Delete//..තව දෙයක් එකතු කරන්නම් මල්ලි, බුදුරජාණන් වහන්සේ පසු කාලයකදී වස් කාලය ගැන විනය නීති පනවන්නත් මුල් වුණේ ජෛන ආගමිකයන්ගේ දෝෂාරෝපණ භික්ෂූන් වහන්සේලා ට එල්ල වුණ නිසයි...//
ඒ වගේමයි පැන් පෙරා වැළදීම, ගස් සිඳීම නොකිරීම වගේ නීති පැනවෙන්නත් හේතුව වෙන්න ඇත්තේ ජෛන සංකල්ප
//..මුල් කාලයේදී ඒ කියන්නේ ශ්‍රමණ ජීවිතයට ඇවිල්ලත් මාස 13ක් එකම ඇඳුම ඇඳලා පස්සේ ඒකත් අත්හැරියා කියලත් මම අහලා තියෙනවා....//
මේක නම් අලුත් කතාවක් අයියා. මහාවීරගේ හැටියට එහෙම වෙන්නත් බැරි නැහැ
//..සිද්ධාර්ථ, ත්‍රිශාලා කියන්නෙ රජෙක් සහ බිසවක් විදියටයි මම අහලා තියෙන්නෙ..//
ඔවුන් දෙන්නා ක්ෂත්‍රිය වංශිකයන් විනා රාජ්‍යයක් පාලනය කරපු අය කියලා නම් මට හම්බුණේ නැහැ අයියා.
ස්තුති එකතු කරපු කරුණුවලට අයියා :)
@ සු දී ක
Deleteඒක වෙන්න පුලුවන් අයියා. ඒ දහමේ හැටියට ගහ කොළවලටත් ජීවයක් තියෙනවා කියලා පිළිගන්න නිසා අලවල නැවතත් ජීවයක් හටගන්නා නිසා අල අනුභව නොකරන එක ඒ දහමට එකඟයිනේ
@ කෝරලේ මහත්තයා
Delete:)
අගේ ඇති ලිපියක් මාත් නිගන්ට ගමකට නම් ගිහින් තියනවා වීදිසා නුවර ආසන්නයේ.
ReplyDelete@ Naleen Dilruksha
Deleteඒ ගමේ ඉන්නේ ශ්වේතාම්බර අයද දිගම්බර අයද අයියා ? :D
බුද්ධාගමත් එක්ක පුදුම සම්බන්ධකමක් තියෙනවා වගේනේ. පිළිමවල හැඩරුව උණත්....
ReplyDeleteහැබැයි ටිකක් අන්තවාදී ගතියකුත් දැනෙනවා. සතුන් මැරීම පාපයක් උණත් නොසිතා කරන දේ පාපයක් වෙන්නෑ කියලනේ බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. නිඝන්ටයෝ හයියෙන් ඇවිදින්නේවත් නෑනේ ප්‍රේතයෝ ඇඟේ හැපිලා මැරෙනවා කියලා. අනික නාන්නෙත් නෑ නේද?
//පිළිමවල හැඩරුව උණත්..//
Deleteනිඝන්ඨනාග පුත්තයන්, ගෞතම බුදුහාමුදුරුවන්ට රූපයෙන් බොහොම සමීප කෙනෙක් කියලා අහලා තියෙනවා....
@ AKM
Delete//..බුද්ධාගමත් එක්ක පුදුම සම්බන්ධකමක් තියෙනවා වගේනේ. පිළිමවල හැඩරුව උණත්....//
මේ පදනම මත ඉදන් තමයි බුදුන් වහන්සේ ලංකාවේ උපන්නා කියන අය තර්ක කරන්නේ ඉන්දියාවේ තියෙන බෞද්ධ ස්මාරක නිඝණ්ඨයන්ගේ කියලා :D
කොහොම නමුත් මේ ගැන මගේ අදහස නම් බුදුන් වහන්සේ වගේම නිඝණ්ඨනාථපුත්තයනුත් ක්ෂත්‍රිය වංශිකයෝ. ඒ වගේමයි බුදුන් වහන්සේට තිබුණු දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් කීපයක් හෝ නිඝණ්ඨනාථපුත්තයන්ටත් තියෙන්න ඇති. ඒ වගේමයි ප්‍රතිමා නිර්මාණය කරන අයගේ ආභාෂය වුණත් මේකට බලපානවනේ. හරියට ග්‍රීක දෙවිවරු වගේ බුදුන් වහන්සේ නිර්මාණය කරපු කාලේ වගේ
//..හැබැයි ටිකක් අන්තවාදී ගතියකුත් දැනෙනවා. සතුන් මැරීම පාපයක් උණත් නොසිතා කරන දේ පාපයක් වෙන්නෑ කියලනේ බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ....//
අන්තවාදී ගතිය නිසාම තමා මේ දහමේ ව්‍යාප්තිය මද වශයෙන් වුණේ. ජෛන දහම කර්මය [ක්‍රියාව] පදනම් කරගත්තු දහමක් වෙලා බුදු දහම චේතනාව පදනම් කරගත්තු දහමක් වශයෙන් ප්‍රධාන වශයෙන් ඒ නිසා හඳුනාගන්න පුලුවන්. උපාලි කියන නිඝණ්ඨ ශ්‍රාවකයා බුදුන් වහන්සේත් එක්ක මේ ගැන වාද කරන්න පවා ආවලුනේ.
//..නිඝන්ටයෝ හයියෙන් ඇවිදින්නේවත් නෑනේ ප්‍රේතයෝ ඇඟේ හැපිලා මැරෙනවා කියලා...//
මට මතක විදිහට මේ කතාව නම් බුදුන් වහන්සේත් දේශනා කරලා තියෙනවා. ගමන් කරද්දී අත පය විසිකරමින් ඇවිදින්න එපා කියලා.
//..අනික නාන්නෙත් නෑ නේද?...//
නාන්නේ නැතිව ඉන්න එකත් ශරීරයට දෙන දුකක් තමා :D
@ de silva
Delete//..නිඝන්ඨනාග පුත්තයන්, ගෞතම බුදුහාමුදුරුවන්ට රූපයෙන් බොහොම සමීප කෙනෙක් කියලා අහලා තියෙනවා....//
මේ පදනම මත ඉදන් තමයි බුදුන් වහන්සේ ලංකාවේ උපන්නා කියන අය තර්ක කරන්නේ ඉන්දියාවේ තියෙන බෞද්ධ ස්මාරක නිඝණ්ඨයන්ගේ කියලා :D
කොහොම නමුත් මේ ගැන මගේ අදහස නම් බුදුන් වහන්සේ වගේම නිඝණ්ඨනාථපුත්තයනුත් ක්ෂත්‍රිය වංශිකයෝ. ඒ වගේමයි බුදුන් වහන්සේට තිබුණු දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් කීපයක් හෝ නිඝණ්ඨනාථපුත්තයන්ටත් තියෙන්න ඇති. ඒ වගේමයි ප්‍රතිමා නිර්මාණය කරන අයගේ ආභාෂය වුණත් මේකට බලපානවනේ. හරියට ග්‍රීක දෙවිවරු වගේ බුදුන් වහන්සේ නිර්මාණය කරපු කාලේ වගේ
මහත්මා ගාන්ධි අවිහිංසාව ප්‍රගුණ කරෙත්, මහාවීර තුමාගෙ ඉගැන්වීම් අනුව යමින්ද ???
ReplyDeleteමටත් හිතුන දෙයක් තමයි ඕක. දණ හිසෙන් ඉහලට පොඩි රෙදි කඩක් ඇදීම, උග්‍ර අවිහිංසා වාදය වගේ දේවල්. මහත්මා ගාන්ධිගේ මව ජෛන ආගමිකයෙක් (අහල තියෙන විදිහට)
Delete@ de silva
Deleteඔව් ඒක ඇත්ත. මහත්මා ගාන්ධිතුමාට බලපෑම වැඩි වශයෙන් ලැබුණාය කියන කතාව මම අහලා තියෙනවා. ගාන්ධිතුමාගේ ක්‍රියා කලාපයෙනුත් ඒක පැහැදිලියිනේ.
@ Charmie Guruge | චාමි ගුරුගේ
Deleteමහත්මා ගාන්ධිතුමා උග්‍ර අවිහිංසාවාදයක් කරා ගියේ නැහැනේ. ඒත් එතුමාගේ තිබුණු අවිහිංසාවාදය ජෛන අවිහිංසාවාදයේ මතුපිට කරුණු.
ගාන්ධිතුමාගේ මවගේ ජෛන බැතිමතියක්ය කියන කතාව නම් මම දන්නේ නැහැ. විකියේ කියන්නේ ඇය හින්දු වෛෂ්ණවවාදී කෙනෙක් කියලා.
වටිනා ලිපියක්..මාත් ජෛන තුමා ගැන විස්තර මේ හරහා දැනගත්තා...
ReplyDelete@ amila chathuranga
Deleteයමක් දැනගත්තා නම් ඒ ගැන සතුටුයි :)
මධ්‍යම ප්‍රතිපදාව හැර අන් සැපතක් තියේද?
ReplyDelete@ sAm (සෑම්)
Deleteඒකනේ කියන්නේ. දම්සක් පැවතුම් සූත්‍රයේ බුදු හාමුදුරුවෝ දේශනා කරන්නේ මෙහෙමයි
මහණෙනි, පැවිද්දන් විසින් සේවනය නොකළ යුතු අන්ත දෙකකි. එනම්, හීන වූ ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන්ට අයත් වූ, අනාර්ය වූ, අනර්ථ සංහිත වූ කාමසුඛල්ලිකානු යෝගය,
දුක්ඛයට කාරණ වූ අනාර්ය වූ අනර්ථ සංහිත වූ අත්තකිලමතානු යෝගය යන මේ අන්ත දෙක හැර දමා නුවණැස පිරිසිදු කරණ, ඤාණය පහළ කරණ, කෙළෙස් දුරු කරණු පිණිස, සත්‍යය ප්‍රතිවේධය පිණිස සම්බෝධිය පිණිස, නිවන් ප්‍රත්‍යක්ෂ කරණු පිණිස පවත්නා මධ්‍යම ප්‍රතිපදාව තථාගත වූ මා විසින් පසක් කරණ ලදී.....
එක සැරයක් ඉසිපතනය අසල තියෙන ජෛන පන්සලකට ගියා! ස්වෙතම්භර ය තමයි හිටියේ..හරි අපුරුවට් කැඩිච්ච සිංහලෙන් විස්තර කළා ඒ දහම ගැන...
ReplyDelete@ නාඩියා නාඩිරත්න
Deleteශ්වේතාම්බරයෝ හිටිය නිසා හොඳට ගිහින් :D
වැදගත් විස්තර ටිකක්.
ReplyDeleteජෛන පංච ශීලයත් බුද්ධාගමේ එකට ටිකක් සමානයි වගෙයි නේද?
@ Praසන්ன
Deleteජෛන පංච ශීලය ජෛන පැවිද්දන්ට නොවැ. හැබැයි කිව්වත් වගේ බෞද්ධ පංච ශීලයේ යම් යම් කරුණුත් තියෙනවා තමා. හැබැයි බෞද්ධ භික්ෂූන්ට මීට වඩා නීති තියෙනවානේ :)
හසිතගේ ලිපි හැමදාමත් වටිනවා. මමත් ඔය ජෛන ආගම ගැන දැනන් හිටියේ අල වර්ග නොකක බව විතරයි. මේකෙනුත් හොඳටම පැහැදිලි වෙනවා ඉන්දියාව කියන්නේ රටක් නොව ලෝකයක් බව.
ReplyDelete@ සු දී ක
Deleteප්‍රතිචාරවලිනුත් ජෛන ආගම ගැන තවත් ජාති අයියට කියවන්න ලැබේවි. බුද්ධ කාලයේම භාරතයේ විවිධාකාර ආගමික ඇදහිලි 62 ක් තිබුණාය කියනවා. කිව්වත් වගේ උතුරින් හිමාලයෙන් කවර් වෙලා ඉන්දියාව තිබුණු නිසාමදෝ මන්දා ඒකත් ලෝකයක් තමා :)
1. හසිතම කලින් ජෛන දහම් ගැන සුළුවෙන් ලියලා තිබුණු නිසා විස්තර ටිකක් දැනහිටියා..
ReplyDelete2. අර නාග දමනය කියලා මොකක්ද බන් ලියලා තියෙන්නෙ.. මට තාමත් හිනා.. :D
3. බ්‍රහ්මචර්යාව ආරක්ෂා කිරීම ජෛන ශීලයක් වුනාම ජෛනයින්ගේ පරපුර බෝවෙන්නෙ කොහොමද?
4. "කාන්තා නිදහස පිළිබඳව කරුණු දක්වපු" මේකට නම් එකඟ වෙන්න බෑ.. ඒ සමාජයෙත් කාන්තාවට සමාන අවස්ථා නැති බව තමයි ලිපිය කියපුවාම පැහැදිලි උනේ..
5. "ශ්වේතාම්බර සහ දිගාම්බර් ව්‍රත රක්ෂා කරන දෙදෙනෙක් " මේ දෙකේ වෙනස කියන්න පුළුවන්ද? බාහිර වෙනස තේරෙනවා.. මගේ ප්‍රශ්නය වෘත දෙකෙන් ලැබෙන ඵල ප්‍රයෝජන වෙනස්ද?
6. ලංකාවේ ජෛන දහම නැතිවෙලා ගියේ ඇයි?
ලිපියට ස්තුතියි!
අපිට එක ප්‍රශ්නයක් එද්දි හරීට හැමදාම ප්‍රශ්න පත්තරයක් :P . මොනා උනත් හසිතගෙ ලිපිය කියවලා හරීගෙ ප්‍රශ්න පත්තරේට හසිතගෙ උත්තර ටිකත් කියෙව්වම තමා සටහන සම්පූර්ණ වෙන්නෙ.
Deleteඕගොල්ලො ගැන හිතලයි මමත් ප්‍රශ්න අහන්නෙ.. :)
Delete@හරී,
Deleteබ්‍රහ්මචරියාව ආරක්ෂා කිරීම ජෛන ශීලයක් වුනාම ජෛනයන්ගෙ පරපුර බෝ වෙන්නෙ කොහොමද?
ජෛන කියන්නෙ වෙනම සත්ව විශේෂයක් නෙවෙයි. මිනිස්සු කොටසක්. පරපුර බෝ කරන්නෙ මිනිස්සු. එතනින් කොටසක් ජෛනයන් බවට පත් වෙලා පරපුර බෝ නොකර ඉන්නවා.
පරපුර බෝ කරලා ජනගහන අනුපාතය වැඩි කරගැනීමේ අවශ්‍යතාවක් ඔවුනට නෑ.
එතකොට කොහොමද ජෛනාගම ආරක්ෂා වෙන්නෙ මිනිස්සු නැති වුනාම?
මිනිස්සු නැතිනම් ආගමක් මොකටද?
@ හරී
Delete1. ඔව් ඔව්. මම තැන් තැන්වල ජෛන දහම ගැන පොකට් රැස්වීම් තිබ්බා තමා. දැන් මහ සමුළුවත් තිබ්බා ඕන්. ටිබෙට් ලාමාවරු ගැනත් මහ සමුළුව ඉස්සරහට තියෙනවා ඕන් :D
2. ඒක තමා ඉතින් වුණාය කියන කතාව :P
3. බ්‍රහ්ම චර්යාව ආරක්ෂා කිරීම ජෛන භික්ෂූන්ගේ කාර්යයක්. ඒක ජෛන ගිහියන් සඳහා අදාළ නැහැ. බොහෝ ආගම්වල පූජ්‍ය/පූජක පක්ෂවලට බ්‍රහ්ම චර්යාව රැකීම අනිවාර්යයි නොවැ :)
4. කාන්තාවට සමාන අවස්ථා ලබා නොදීමක් එතැන සිදුවුණා කියලා හිතන්න අමාරුයි. පොඩ්ඩක් හිතලා බලන්නකෝ කාන්තාවක් දිගම්බර ව්‍රතය රක්ෂා කිරීමේදී ඇයට බාහිරින් ඇතිවෙන ගැටලු. ඒ නිසාම වෙන්න ඕනේ මහාවීරතුමා කාන්තාවන්ට ශ්වේතාම්බර ව්‍රතය නිර්දේශ කරන්නේ. ඒ මට්ටම බුදු දහම තුළත් දැකගන්න පුලුවන්. කාන්තාවන්ට බුද්ධත්වයට පත්වීම කළ නොහැකියි.
5. ශ්වේතාම්බර ව්‍රතයෙන් පූර්ණ වශයෙන් ආසාවා තුරන් වෙන්නේ නැහනේ. මොකද වස්ත්‍රය කෙරෙහි තියෙන ආශාව තියෙනවා නොවැ. දිගම්බර ව්‍රතයේදී සියලු ආශාවන් දුරු කිරීම තමා සිදු වෙන්නේ. ජෛන දහමෙන් ඉගැන්වෙන උපරිම තත්වය කරා යන්න පුලුවන් වෙන්නේ දිගම්බර ව්‍රතය හරහා
6. ලංකාවේ ජෛන දහම නැතිවෙලා ගියේ ඇයි කියන එක ගැන මටත් නිශ්චිත හේතුවක් කියන්න බැහැ. ඒත් කරුණු කාරණාත් එක්ක බලද්දී නම් හිතෙන්නේ බුදු දහමේ ප්‍රබල ව්‍යාප්තිය වගේම අනුග්‍රාහකයන්, ශ්‍රාවකයන් හිඟවීමත් අවසානයේදී ආක්‍රමණිකයන් නිසා ජෛන දහම බිඳ වැටීමත් ඊට පස්සේ ඒක නගා සිටුවන්න කවුරුන්වත් නොසිටි නිසා ජෛන දහම ලංකාවෙන් තුරන් වුණා වෙන්න ඕනේ
@ පිණිබිඳු...
Deleteඔන්න ප්‍රශ්න පත්තරේට උත්තර දීලා තියෙන්නේ :D
@ හරී
Deleteබහුජන හිතාය බහුජන සුඛාය ද ??? :P
@ හෙනහුරා (මොබයිල්මෑන්)
Deleteජෛන පංච ශීලය ජෛන ගිහියන්ට නෙමේ ජෛන පැවිද්දන්ට. බොහෝ ආගම්වල පූජ්‍ය/පූජක පක්ෂය වගේම ජෛන පැවිද්දනුත් බ්‍රහ්ම චර්යාව ආරක්ෂා කරන අය :)
@ හසිත, හෙනහුරා,
Deleteපිළිතුරුවලට ස්තුතියි
3. මම හිතුවා ජෛන ආගම අදහන හැමෙඔම ඔහොමයි කියලා.. පෝස්ට් එක කියෙව්වාම එන්නෙ ඒ වගේ අදහසක්..
4. සියලුම ආගමික ශාස්තෘවරු පිරිමින් වීම ගැන අදහස මොකක්ද?
5. එතකොට කෙනෙක් ශ්වේතාම්බර වෙන්නේ ඒ රෙද්දට තියෙන ආසාව හින්දද? ඔය රෙද්ද නොඅඳින්නෙ මෙලොව තමා සතු වස්තුවක් නෑ කියන්නනෙ.. එතකොට කාලගුණයෙන් එන පීඩා වලදි
මේක පේනේ නැද්ද පුතේ?
Delete@ හරී
Deleteදැන් පෙනුනා අන්කල් :D
3. දැන් ගැටලුවක් නැහැනේ :)
4. ඒක නම් අනේ මන්දා. ඒ වගේ මනසක් තියෙන්නේ පිරිමින්ට විතරක් නිසාවත්ද මන්දා :D
5. ශ්වේතාම්බර කෙනා වස්ත්‍රය අඳිනවා කියන්නේ එයා තුළ ලැජ්ජාවක් තියෙනවා කියන එක. ඒ වගේමයි ඒ හරහා රෙද්ද පිළිබඳව තණ්හාවක් එනවා.
දිගම්බර අයට කාළගුණෙන් එන් පීඩා වුණත් දරාගන්න වෙනවා. මොකද එයාලා අත්තකිලමතානු යෝගය එහෙමත් නැත්නම් ශරීරයට දැඩි දුක් දීමත් කරනවානේ
මම යුද හමුදා පාඨමාලාවක් හැදෑරීම සඳහා ඉන්දියාවට ගොස් සිටියදී කීපවරක් මේ ආගමේ අයව දැක්කා. පොලිස් ආරක්ෂාවක් ඇතුවයි ඔවුන් ගමන් කරන්නේ නිරුවතින් ඉන්න නිසා. අපි ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියත් ඉන්දියාවේ අයටනම් එය සාමාන්‍ය සිද්ධියක්. ඒ අසලින් ගමන් කල ඉන්දියානු කාන්තාවන් පවා අමුත්තක් පෙන්නුවේ නැහැ. ආගම් හා දර්ශන ගැන විවාද කිරීමෙන් පලක් නැහැ. තමන්ට හොඳනම් අනුගමනය කිරීමයි තියෙන්නේ හැබැයි අනුන්ට කරදරයක් නොවී.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
//තමන්ට හොඳනම් අනුගමනය කිරීමයි තියෙන්නේ හැබැයි අනුන්ට කරදරයක් නොවී.//
Deleteමෙන්න මල් මිටක්
@ විචාරක Wicharaka
Deleteඉන්දියාව කියන්නේ ආගම්වල රට. බුද්ධ කාලයේත් ආගම් මතවාද 62 ක් ප්‍රධාන වශයෙන් භාරතයේ වුණු බව කියවෙනවා. ඒ නිසාම ඒ රටේ ජනතාවත් මේවා සාමාන්‍ය දේවල් :)
අන්තිම කතාවට දහස් වරක් එකඟයි :)
@ අටම්පහුර
Deleteමගෙනුත් මල් මිටක් :)
මගේ නම් ප්‍රාර්ථනය මරණෙන් පස්සේ ආයේ ඉපදෙනවා නම්
ReplyDeleteඉන්දියාවේ නම් ඉපදෙන්න එපා..
හැමදාම වගේ ලිපිය නම් ගොඩක් හොඳයි...නොදන්නා දේවල් ඉගෙන ගත්ත...
බෝධිසත්වයන්ගේ ප්‍රාර්ථනය වෙලා තිබුනෙ ජම්බුද්වීපයේ ඉපදෙන්න.
Delete@ silentsahan
Deleteප්‍රාර්ථනය නම් අගෙයි. ඒත් කොයි විදිහට ඒවා වෙයිද දන්නේ නැහැනේ :D
ස්තුතියි අගය කළාට
@ හෙනහුරා (මොබයිල්මෑන්)
Deleteජම්බුද්වීපය කියන්නේ බුද්ධ ක්ෂේත්‍රය නොවැ
සෑහෙන්න වටින විස්තරයක්... කර්මය කියන සංකල්පය මිනිස්සු තේරුම් ගත්ත්ඒ කොයි කාලෙදි විතරද? ඒ කියන්නේ බුදු දහම, ජෛන ආගම ට කලින් ම ඔක මිනිස්සු වටහාගෙන ඉඳල තියෙනව නේඩ? වේද ග්‍රන්ථ ගැනත් මේ වගේ විස්තර ටිකක් ලියන්න..
ReplyDeleteමමත් ඉන්දියාවේ ගිය වෙලාවෙදි ඔය වගේ නිඝන්ට පෙරහැරක් දැක්ක. බොහොම ගෞරව සැලකිල්ලෙන් තමා ඒ මිනිස්සු සළකන්නේ.. අපේ බස් එකේ හිටිය ගෑනු කට්ටිය ලැජ්ජාවෙන් අහක බලා ගත්තට පාරේ හිටපු තරුණ ගෑනු ළමයින්ට වත් ඒ නිරුවත් කම මහ ලොකු දෙයක් නෙවෙයි වගේ...
@ Pathum Herath
Deleteඅයියා හරි අයියේ. කර්ම සංකල්පය වේද ග්‍රන්ථවලින් තමා ආරම්භ වෙන්නේ. සෘග් වෛදික යුගයේ ඉදන් කර්මවාදය ගැන අදහසක් තිබුණු බව පැහැදිලියි. පසුකාලීනව හිටිය ෂට් ශාස්තෲවරුන්ගෙන් සමහරු කර්මවාදියෝ වගේම අකිරියවාදියෝත් වෙලා තියෙනවා.
වේද ග්‍රන්ථ ගැන නම් ලියන එක බොහොම බරසාර වැඩක් අයියා. බලමුකෝ ඉදිරි කාලයේදී :)
ඉන්දියාවේ මිනිස්සුන්ට මේවා බොහොම සාමාන්‍ය දේවල් ලංකාවේ අදහ දක්වාම නිඝණ්ඨයෝ හිටියා නම් අපිටත් ඕක සාමාන්‍ය දෙයක් වේවි :D
මහාවීර ජෛන ආගමික නායකයා බවත් , ඔවුන්ගේ ආගම අදහන අන්දම සාමාන්‍ය වශයෙනුත් අහල තිබුණට මේ වගේ දීර්ඝ විස්තරයක් දැනගත්තේ අදයි. වටිනා ලිපියක්.
ReplyDelete@ සෝන්යා
Deleteනොදන්නා යමක් දැනගත්තා නම් ඒ පිළිබඳ බලවත් ප්‍රීතිය :D
අපේ රටෙන් මේ ආගම නෑති වෙලා ගිහින් තියෙන්නේ මොකෝ හසිත,,,ඒ කියන්නේ මේ ආගම ලංකාවේ තිබිලා තියනවා නේ
ReplyDelete@ ItalyDilan
Deleteලංකාවේ ජෛන දහම නැතිවෙලා ගියේ ඇයි කියන එක ගැන මටත් නිශ්චිත හේතුවක් කියන්න බැහැ. ඒත් කරුණු කාරණාත් එක්ක බලද්දී නම් හිතෙන්නේ බුදු දහමේ ප්‍රබල ව්‍යාප්තිය වගේම අනුග්‍රාහකයන්, ශ්‍රාවකයන් හිඟවීමත් අවසානයේදී ආක්‍රමණිකයන් නිසා ජෛන දහම බිඳ වැටීමත් ඊට පස්සේ ඒක නගා සිටුවන්න කවුරුන්වත් නොසිටි නිසා ජෛන දහම ලංකාවෙන් තුරන් වුණා වෙන්න ඕනේ
මේ ලිපිය නම් බෝහෝ වටිනවා. ඒත් මේක ලියපු අයත් කොමන්ට් දාපු අයටත් බුද්ධ දේශනා ගැණ අවබෝධයක් නොමැතිකම බොහෝම කනගාටු දායකයි.
ReplyDeleteඅසන්න අභයරාජ කුමාර සූත්‍රය.
https://docs.google.com/file/d/0B0vYXtRsKnD8TFVlamVkaXpHY3M/edit?pli=1
අසන්න සීහ සේනාපති සූත්‍රය.
https://docs.google.com/file/d/0B98JPz_rode6cVpDRWx4aHR3OFE/edit?pli=1
තෙරුවන් සරණයි.....
එක පාරටම ඇවිල්ලා මෙහෙම කිව්වහම ඔයා ගැන අනිත් අය හිතන විදිය ගැන තේරුමක් නැනෙ.
Deleteදැන් ඔය ලින්ක් දෙක ඇහුවහම ඔක්කොම හරීද ?
@ udaya kumara paranagama
Deleteලිපිය වටින බව පවසා පසුව ලිපියේ රචකයා වගේම ප්‍රතිචාර දැක්වූ අය බුද්ධ දේශනා ගැන අවබෝධයක් නොමැති අය පැවසීම බෙහෙවින්ම ගැටලු සහගතයි. කරුණු සහිතව පැහැදිලි කිරීමක් ඔබට කරන්න පුලුවන් නම් වඩාත් හොඳයි. වැරැද්දක් ඇත්නම් එය සකසා ගැනීමට එය ඉවහල් වේවි.
ඔබ ඉදිරිපත් කළ සූත්‍ර දේශනාවන් දෙක හරහා ඔබ කියන්න අදහස් කරන දේ කෙටියෙන් හෝ පැහැදිලි කළා නම් ඒ සූත්‍ර දේශනාවන් අහන්න සූදානම් වන අයට ඒ ගැන කිසියම් හෝ පූර්ව අවබෝධයක් ලැබේවි
@ Anonymous April 1, 2013 at 5:33 PM
Delete:D
මේ සූත්‍ර දේශනා දෙකේම නිඝන්ඨ නාථ පුත්ත ගැණ බුදු රජාණන් වහන්සේ දේශනා කල ආකාරය අසා දැන ගන්න පුලුවන්.
Deleteබුදු දහම සමග ගලපන්න පුලුවන් වෙනත් දහමක් නැහැ. බොහෝ කමෙන්ට් දාල තිබෙන්නෙ බුද්ධ දේශනා ගැන අවබෝධයක් නැති නිසාමයි.
නිඝන්ඨ දහමයි බුදු දහමයි අතර පරතරය හිරැ එලියත් කනා මැඳිරි එලියත් වගේ ඈතයි..
සූත්‍ර දෙකම හොදින් අසන්න.
තෙරුවන් සරණයි.
@ udaya kumara paranagama
Deleteස්තුතියි ඔබේ පැහැදිලි කිරීමට. බුදුන් වහන්සේ නිඝණ්ඨ නාථ පුත්තයන් කළ පැහැදිලි කිරීමට වඩා මේ ලිපියෙන් මම උත්සහ කළේ ජෛන දහම පිළිබඳව සහ නිඝණ්ඨනාථ පුත්තයන් පිළිබඳව ඓතිහාසික කියවීමක් කරන්න. මොකද මට අවශ්‍ය ජෛන දහම සහ නිඝණ්ඨනාථ පුත්තයන් ගැන සිංහල පාඨකයාට අවබෝධයක් ලබාදෙන්න.
ඒ වගේමයි ඔබ හොඳින් ලිපිය කියෙව්වාද යන්න සැක සහිතයි. මොකද බුදු දහම සමඟ ගැලපීමක් හෝ එහෙමත් නැත්නම් බුදු දහම හා සම මට්ටමේ ජෛන දහම තබන්න හැකියි යන්න මම දක්වා නැහැ. යම් යම් කරුණුවල සමානකමක් ඇති බව උදාහරණද සහිතව දැක්වීමයි මම කරලා තියෙන්නේ.
ඒක නිසා ඒ කරුණු ගැන ඔබ අවදානය යොමු කරයි කියලා හිතනවා.
ඊයා.........කැත ;)
ReplyDeleteමොනවා උනත් නියම විස්තරේ..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
@ අඩවි රජ
Deleteකැතයි කිව්වාට මේවාත් ඉතින් ආගම් තමා රජෝ :D
Godak wedagath lipiyak
ReplyDelete@ Hasitha
Deleteතව හසිත කෙනෙක් :D ස්තුතියි අගය කිරීමට
ඉන්දියාවේ ගිහිල්ලත් දැක්කෙ නෑනේ මෙයාලව... :/
ReplyDelete@ අනූ
Deleteඋවමනාවෙන්ම මග ඇරියද මන්දා :P
දැනටත් ඉන්දියාවෙ විශාල ලෙස අදහන ආගමක්ද..?
ReplyDeleteඇත්තෙන්ම සිද්ධාර්ථ තුමන් ඔවුන්ගෙන්බොහෝ දෑ ඉගෙන ගත් බව කියෝල තියෙනව.
@ වීපොකුරෙ වීයා
Deleteඉන්දියාවේ විශාල ලෙස අදහන ආගමක් වශයෙන් ජෛන දහම පවතිනවාද කියලා නම් හරියට කියන්න දන්නේ නැහැ අයියා.
බුදු දහම ඉදිරිපත් වෙන්නේ එවකට පැවති ආගම්වල නිෂ්ඵල දෑවලට හරවත් විවේචනත් සමඟ. ඒ වගේමයි එවකට යහපත් දේ ලෙස පිළිගත් යම් යම් දේත් බුදු දහමේ අඩංගු වෙනවා. මේ නිසාම තමා සමහර විචාරකයන් මතයක් ඉදිරිපත් කරන්නේ "බුදු දහම කියන්නේ පරණ වයින්ම අලුත් බෝතල්වලට දැමීමක්" කියලා
එතකොට හසිත ලංකාවෙත් ජෛන ආගම තිබිල තියෙනව නේද. අර වලගම්බා රජතුමාට මහ කලු සිංහලයා පැනලා යනවෝ කිව්වෙ මේ ආගමේ කෙනෙක් නේද. ඒක එහෙම නම් බුද්ධාගම එන්න කලින්ද පස්සෙද ජෛන ආගම ලංකාවට ආවෙ.
ReplyDelete@ පිණිබිඳු...
Deleteඔව් ඔව් ලංකාවේ ජෛන දහම අතීතයේ තිබුණු බව පැහැදිලියි. පණ්ඩුකාභය රජතුමාගේ අනුග්‍රහයෙන් ජෝතිය, ගිරි, කුම්භාණ්ඩ කියන ජෛනයන් තුන් දෙනාට ආරාම තුනක් කරවපු බව කියවෙනවා. මේ ආකාරයෙන් රාජ්‍ය අනුග්‍රහ ඇතිව ජෛන ආරාම කරවන්න තරම් ජෛන දහම් ඒ කාලේ ප්‍රබලව තිබුණු බව ඒකෙන් පේනවා.
ඒ අනුව බලද්දී නම් පණ්ඩුකාභය රජ කාලෙටත් කලින් ලංකාවට ජෛන දහම ලැබෙන්න ඇති කියලා අනුමාන කරන්න පුලුවන්
ජෛනමහා වීරත් ගෞතම බුදුන් වහන්සේ වගේ ලම්භකර්ණ වංශිකයෙක්ද හසිත. අර ප්‍රතිමාවෙන් පෙනෙන්නේ නම් ඒ වගේ.
ReplyDeleteබුදුන් ශාක්‍ය වංශිකයෙකි
Delete@ ඇනෝ
Deleteමම මේ පෝස්ට් එකෙන් unsub දාන්න ආපු ගමන් මේ දැක්කේ.
ඔතන ශාක්‍ය වංශිකයෙක් කියන්නේ පෙළපත වගේ සිද්දියක්.
ශාක්‍ය වංශය , කෝලිය වංශය වගේ කීපයක් ඔය බුද්ධ ඉතිහාසයේ
එන්නේ..
ලම්භකර්ණ වංශිකයෙක් කියන්නේ ශරීර වෙනසක් මත ඇතිවෙන
තත්වයක් මිස පෙළපතක් සම්බන්ධ දෙයක් නෙවේ.උප්පත්තියෙන්
එහෙම අයගේ කන් එල්ලා වැටෙනවා වගේලු තියෙන්නේ .සාමාන්‍ය
ප්‍රමානේට වඩා දිගයි.එහෙම දේවල් සහිත්‍යද , යථාර්තයද කියන්න
මම දන්නේ නැහැ..
කොහොම නමුත් මම මේක unsub දානවා ඇනෝ ..මේල් එක flood
වෙනවා බොරුවට...
@ රතු රජරට
Deleteමම දන්නා තරමින් භාරතයේ ලම්භකර්ණ නමින් වංශයක් පැවතිලා නැහැ. ලංකාවට ශ්‍රී මහා බෝධිය වැඩම කරවීමේදී බෝධියේ ආරක්ෂාවට පැමිණි ක්ෂත්‍රිය වංශික සුමිත්‍ර කුමාරයාගේ පරම්පරාව තමා පසුකාලීනව ලම්භකර්ණ වංශය නමින් හඳුන්වන්නේ. ඔවුන්ගේ කන්වල තිබුණු දිගු සොබාවයත් මේ නම ලැබෙන්න හේතු වෙනවා.
දිගු කන් පැවතීම මහා පුරුෂ ලක්ෂණවලට අයිති අනු ලක්ෂණ ගණයට වෙන්න ඕනේ අයත් වෙන්නේ මම හිතන විදිහට. ඒ නිසා නිඝණ්ඨණාථපුත්තයන්ටත් සැබවින්ම එහෙම තිබුණා නම් ඒ ආකාරයෙන් නිර්මාණය කරන්න ඇති. ඒ වගේමයි නිර්මාණකරුවන් අතින් වුණත් මේ ආකාරයේ සමානකම් ඇතිවෙන්න පුලුවන්.
@ Anonymous April 1, 2013 at 10:57 PM
Deleteබුදුන් වහන්සේ අයිති වෙන්නේ ශාක්‍ය වංශයට කීම නිවැරදියි. ඒත් උන්වහන්සේම දක්වන විදිහට තමන් වහන්සේ අයිති වෙන්නේ බුද්ධ වංශයට. මතකනේ කිඹුල්වත් නුවර පිඬු සිඟා වැඩිය අවස්ථාවේදී වුණු සංවාදය.
@ silentsahan
Deleteඇත්ත ඇත්ත :)
මේ තියෙන්නේ කාලෙකට කලින් ලිව්ව ශාක්‍ය කෝලිය වංශ ගැන සටහනක්
http://aagiyakatha.blogspot.com/2012/11/blog-post.html
හොඳ විස්තරයක් මල්ලි.. ස්තුතියි ලිපියට.
ReplyDelete@ Chandana
Deleteස්තුතියි අයියණ්ඩි :)
නියමයි. ඇත්තෙන්ම මම දන්න ඉන්ඩියන් ඩොකෙක් හිටියා ජෛන ආගමේ. හැබැයි හරිම අහිංසක පොර.
ReplyDelete@ Henry Blogwalker
Deleteමිනිහාගේ අහිංසකකම ආගමෙන්ම ආපු එකක් වෙන්න ඇති. අයියලා හරි ලකී. සීක්කාරයොත් හම්බවෙලා තියෙනවා. ජෛන අයත් හම්වෙලා තියෙනවා :)
බුදු දහමට ගොඩාක් ලඟින් යන ධර්මයක් නේද මේ..??
ReplyDelete@ Pramudi
Deleteඔව් ඔව්. බුදු දහමේ සමහර කරුණු සඳහා ජෛන ආභාෂය දැකගන්න පුලුවන්. කලින් ප්‍රතිචාරවලින් ඒ ගැන හුඟක් කතා කරලා තියෙන්නේ. බලන්නකෝ :)
ඔය විදිහට පැවතෙන ජෛන අය තාමත් ඉන්නවද ? මම දන්න Jain ලා කිහිප දෙනෙක්ම ඉන්නවා, උන්නන් ඔය මුකුත්නෑ මැරීගෙන වැඩ... ඒ කියන්නෙ සාමාන්‍යය ඉන්දියානු ක්‍රමයට වැඩ.. :D
ReplyDeleteබොහෝ තැන්වලදි බුද්දාගමට ලගින් යනවා වගේ නේද, අභිනිශ්ක්‍රමණයෙදි උනත්..
ඒ ගොල්ලො අවිහිංසාවාදයේ අන්තයටම ගිහිල්ලා. ඒකත් හරියන වැඩක් නෙමේ බලන් ගියාම.
@ සෙන්නා
Deleteතාම මේ විදිහට කරන අය ඉන්නවා. පෝස්ට් එකේ තියෙන හුඟක් ෆොටෝස් මෑත කාලයේදී ගත්තුවා. අයියා දන්න ජෛන අය ගිහි අයනේ. එච්චරටම අවුලක් නැතුව ඇති :)
මහාවීරයන්ගේ චරිතයේ බොහෝ සිදුවූම් බුදු සිරිත එක්කත් සමාන බව කියනවා තමා.
අන්තවාදය ගැටලු සහගත නිසා තමා බුදු හාමුදුරුවෝ මධ්‍යම ප්‍රතිපදාව දේශනා කර්ළේ
පරම අවිහින්සවාදීන් නේ
ReplyDelete@ rnagi kella
Deleteඔව් ඔව් අම්බානකත් තව පොඩ්ඩක් :D
අවි හින්සා වාදයෙන්නං අද ලෝකේ ජීවත් වෙන්න බෑ බං
ReplyDelete@ අටම්පහුර
Deleteමගේ අදහස නම් අයියේ පරම අවිහිංසාවාදයෙන් තමා ජීවත් වෙන්න අමාරු
ඉන්දියාවෙ එක්තරා ගෝත්‍රයක් ඉන්නවා නාග කියලා ඒ අය ඉන්නෙ කලෑ ආශ්‍රිතව. එක දවසක් අපි මුම්බායි වල ඉන්න කාලෙ නගරෙ මැදින් ගමනක් යනවා. අපෙ හාමිනෙ මගෙ උරහිසට තට්‍ටු කරලා පන්නුවා මිනිස්සු රැලක් හෙලිකුට්ටෙන් හොඬවැල් වන වන පාරෙ ඇවිදිනවා වගේ වගක් නැතුව. වටෙ ඉන්න මිනිස්සුන්ගෙන ඒ දිහා බැලුවෙ අපි විතරයි.. පස්සෙ මම අහගත්ත ඒ අය නාග ගෝත්‍රිකයො කියලා.
ReplyDeleteස්තුතියි හසිත.. හසිතගෙ ලිපියෙන් තමයි මම නිගණ්ඨ නාථ පුත්තගෙ ඉතිහාසෙ දැනගත්තෙ..
@ සරත් ලංකාප්‍රිය
Deleteනිරුවතින් ඉන්න එක ලෝකේ බොහෝ රටවල ගෝත්‍රික ජනතාවගේ පොදු ලක්ෂණයක්. ඒ හැරෙන්න ඉන්දියාව ගත්තොත් ෂට් ශාස්තෲවරුන්ගෙන් නිඝණ්ඨනාථපුත්ත වගේම මක්ඛලී ගෝසාලත් නිරුවතින් හිටිය කෙනෙක්. ඒ වගේමයි අචේලක, ආජීවක කියන කොටස් දෙකත් නිරුවතින් හිටිය අය. මතක ඇතිනේ උපක ආජීවකයා ගැන අයියා :)
//වර්ධමාන අවසානයේදී "කේවල" තත්වයට පත් වෙනවා.//
ReplyDeleteමෙතන කේවල කියන දේ ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?
@ Ayilas A
Deleteමට ඒ ගැන නම් අවබෝධයක් නැහැ අයියා. සර්වඥතාවයට පත්වීමක් වගේ දෙයක් තමා මේකෙන් හැඟවෙන්නේ. ඒ වගේමයි කර්මය නැති කිරීමක් මේ අවස්ථාවේදී සිද්ධ වෙන බවක් තමා පේන්නේ
බුද්ධ ධර්මයට සමීපව යන දහමක් වගේ.. නිගණ්ඨයන් ගැන මේ තරම් විස්තර දැනගෙන හිටියේ නැහැ , ඉස්සර ලංකාවෙත් ඉදලා තියෙනවා නේද නිගණ්ඨයන්, වළගම්බා රජතුමාගේ කාලයේ එහෙම.
ReplyDelete@ චමී4යූ~chami4u
Deleteඔව් ඔව් ලංකාවේ ජෛන දහම අතීතයේ තිබුණු බව පැහැදිලියි. පණ්ඩුකාභය රජතුමාගේ අනුග්‍රහයෙන් ජෝතිය, ගිරි, කුම්භාණ්ඩ කියන ජෛනයන් තුන් දෙනාට ආරාම තුනක් කරවපු බව කියවෙනවා. මේ ආකාරයෙන් රාජ්‍ය අනුග්‍රහ ඇතිව ජෛන ආරාම කරවන්න තරම් ජෛන දහම් ඒ කාලේ ප්‍රබලව තිබුණු බව ඒකෙන් පේනවා.
ඒ අනුව බලද්දී නම් පණ්ඩුකාභය රජ කාලෙටත් කලින් ලංකාවට ජෛන දහම ලැබෙන්න ඇති කියලා අනුමාන කරන්න පුලුවන්
ජෛන ආගම ගැන හොඳටම දැන ගත්තෙ මේ ලිපියෙන්. ස්තූතියි!
ReplyDelete@ ගිමන් නිවන්නා
Deleteසන්තෝෂයි සන්තෝෂයි අයියා :)
මහාවීර නිඝන්ඨනාථපුත්තයන්ගේ දර්ශනය බෞද්ධ දර්ශනය හා සමපාත වන්නේ නැහැ. අවිහිංසාවාදයට වඩා අත්ථකිලමතානුයෝගී දහමක්. කොහොම වුනත්, බුදුරජාණන්වහන්සේගේ සමකාලීන වූ ෂට් ශාස්තෘවරුන්ගේ දේශනා තුළ සමානතා දකින්නට පුළුවන්, පාරිසරික සාධක නිසා. ධර්මය කියන්නෙ ඒ මතුපිට පේන ආගම නෙමෙයි.
ReplyDeleteමේ ලිපියෙන් නිඝන්ඨනාථපුත්ත ගැන බොහෝ දේ මා දැනගත්තා. ස්තුතියි මහන්සිවෙලා කරුණු පෙළගස්වා ලිපිය පළ කළාට.
@ හෙනහුරා (මොබයිල්මෑන්)
Deleteඔව් ඔව් ජෛන දහම සහ බුදු දහමේ තිබෙන සමානකමක් ගැන කියන්න මම උත්සහ කළේ නැහැ. යම් යම් ලක්ෂණවල සමානකමක් පවතින බව කියන්න තමයි උත්සහ කරලා තියෙන්නේ අවසන් කොටසින්.
ස්තුතියි අගය කළාට :)
මට තේරුනේ නැහැ මේ ටික. බුදුහාමුදුරුවොන්ගේ කාලේ බුද්ධාගම අදහන පිරිස් මෙමෙ මහවිර තුමාට රැවටුනේ නැද්ද? එකම ශරීර ස්වභාවය තිබුන නිසා. කාශ්‍යප හමුරුවොන්ට රවටිලනම් තියෙනවා නේ.
ReplyDelete@ අසරණයා
Deleteබුද්ධ ප්‍රතිමා සහ මහාවීරගේ ප්‍රතිමාවල මේ තරම් සමානකමක් එන්න ඇත්තේ නිර්මාණකාරයෝ නිසා කියලයි මට නම් හිතෙනේ. බුදු හාමුදුරුවෝ කියලා මහාවීරතුමාට රැවෙටන්න විදිහක් නැහැනේ. මහාවීරතුමා නිරුවතින්නේ ඉන්නේ
ගිරි නිඝණ්ඨයා ගැන ඉතිහාසය පාඩමේදී ඉගෙන ගෙන තිබ්බට මෙච්චර විස්තරයක් දැනගත්තේ අදයි. කට්ටිය අහල තියන ප්‍රශ්න වලින් තවත් දැනගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ReplyDeleteස්තූතියි හසිත.
@ Gihan (ගිහාන්)
Deleteසහෝදරතුමාගේ බලාපොරොත්තුව ඔන්න ඉටුවෙලා තියෙන්නේ :)
අවිහින්සාවාදින්නම් කුමන ආගමක උනත් අගය කරන්න ඕන.. ජෛන ආගම ගැන මේ තරම්ම විස්තර දැන ගත්තේ දැන් තමයි..
ReplyDelete@ Dinesh
Deleteඋග්‍ර අවිහිංසාවාදය නොවැ අයියා ගැටලුව :)
සීක් දහම වගේම ජෛන ආගමත් හින්දු දර්ශනයට වෙනස්ව හිතපු දේවල් බව පේනවා..ස්තුතියි හසිත මේ ලිපියට..
ReplyDeleteනිගණ්ඨ නාත පුත්‍ර ගෙන් පස්සෙ ජෛන ආගමේ ප්‍රධානියා වුනේ කවුද?
@ රූ....
Deleteසීක් දහමේ ගුරු තනතුරු ගුරු ගෝබින්ද් සිංගෙන් අවසන් වෙනවා වගේම මහාවීරය තමා අවසන් තීර්ථංකරවරයා වෙන්නේ. කොහොම නමුත් මහාවීරයන්ගෙන් පස්සේ එයාගේ ප්‍රධාන ශිෂ්‍යයා වුණු සුධර්ම ස්වාමිත් පසුව ජම්බුස්වාමිත් ලෙස නායකයෝ ඉදලා තියෙනවා
හසිත මූලාශ්‍ර විදිහට ගත්තු පොත් දෙකම මගෙ ළඟ තිබ්බට නිදහසේ ඒවා කියවන්ඩ වෙලාවක් හම්බ උනේ නෑ.
ReplyDeleteමට ගැටළුවක් ආවා.දේපල එකතු කිරීමෙන් වැළකීම කියන කාරණයට ඔවුන්ගේ ආගමික ස්ථාන ගොඩ නැගීම අයත් වෙන්නේ නැද්ද?
හැම ආගමකම ශාස්තෲවරයෙක් හිටියට එයාට කළිං ඒ වගේ ගොඩක් හිටියා කියලා කියවෙනවා නේද?පුදුම සමාන කම්.
@ දිනුක
Deleteවෙලාවක් හම්බුණාම කියවලා බලන්න එහෙම නම්
දේපල එකතු කිරීමෙන් වැලකීම මම හිතන්නේ පුද්ගලික දේපල. ජෛන ආරාම ගොඩනැගීම ආගම වෙනුවෙන් කරන පොදු දෙයක් මිසක් පුද්ගලික දෙයක් නෙමෙයිනේ. හරියට බෞද්ධ භික්ෂූන් වහන්සේලා "අතීතයේ" විහාරාරාම පාවිච්චි කළා වගේ තමා.
//...හැම ආගමකම ශාස්තෲවරයෙක් හිටියට එයාට කළිං ඒ වගේ ගොඩක් හිටියා කියලා කියවෙනවා නේද?පුදුම සමාන කම්....//
ඒක ඇත්ත. බුදු දහ්මේ සහ ජෛන දහමේ මේ තත්වය වැඩි වශයෙන් තියෙන බව පේනවා. ඉස්ලාමයේත්, කිතුණු දහම තුළත් මේ තත්වය තියෙනවා නොවැ. සීක් දහමේ නම් ඒක ජීවමාන උදාහරණවලින්ම තියෙනවා
kiyana wadan naha. ela post eka.
ReplyDeleteJayawewa
@ sanjeewa mendis
Deleteස්තුතියි :)
මහාවීර තුමන් හා ගෞතම බුදුරදුන් දෙදෙනාම සමකාලීනයන්. ඒ බව හසිතත් සදහන් කරලා තියෙනවා....ඒත් අවාසනාවකට ඒ දෙදෙනා මුණ ගැසී ඇති බවක් ගැන කිසිම සදහනක් නෑ....ගෞතම බුදුරදුන් නිදහස් චින්තකයෙක්..ඒතුමා බුදුදහම ආයතනික වශයෙන් වර්ධනය වන විට මහාවීරතුමන් අනුගමනය කල බොහෝ දේ තම ධර්මයට අවශෝශනය කර ගෙන ඇතැයි මට හිතෙනවා..ගෞතම බුදුරදුන් එකල පැවති කර්මය, ඒක දේව ,බහුදේව ආදී වීවිධ ආගමික දාර්ශනික පදනම් වෙනුවට පටිච්ච සමුප්පාදය යනුවෙන නව පදනමක් බිහිකලා...එම පදනම මත බුදුදහමත් එය තුල මහාවීරතුමන්ගේ අවිහිංසාවාදය වැඩෙන්නට ඉඩ හැරිය බව මට හිතෙනවා.....බුදුදහමේ දාර්ශනික පදනම යම් තරමකට හරි සොලවලා තියෙන්නේ නාගර්ජුන හිමියන් පමණයි..ඒහෙත් මහාවීරට්තුමන්ගේ දාර්ශනික පදනම ගෞතම බුදුන් එම කාලයේදීම ප්‍රශ්ණ කර අවසන්...එහෙත් එහි පැවති අවිහිංසාවාදය බුදුදහමට අවශෝෂනය කර ගැනීමට ගෞතම බුදුරදුන් කිසි විටක මැලි වී නෑ.....ඒ ඒතුමා වචනයේ පරිසමාප්තියෙන්ම නිදහස් චින්තකයෙක් නිසා...
ReplyDeleteමහාවීරයන් හා ගෞතමයන් ඒදා අහම්බෙන් හෝ මුණගැසුනානම්....ඊට පසු කාලයේ සිදුවු මිලින්ද නාගසේන හමුවක් මෙන් දාර්ශනික පවුරු පදනම් සෙලවෙන හමුවක් වනු නෝඅනුමානයි....
@ Mayya
Deleteඅයියා බොහොම වටිනා අදහස් කීපයක් එකතු කරලා තියෙන්නේ.
මහාවීරයන් සහ බුදුන් වහන්සේගේ හමුවක් සිදු නොවීම ගැන මගේ අදහස නම් බුද්ධකාලීනව හිටිය කිසිම ප්‍රධාන ශාස්තෲවරයෙක් බුදුන් වහන්සේ හමුවෙන්න ආපු බවක් සඳහන් වෙන්නේ නැහැ. ඒකෙන් ඔවුන්ගේ මජහන පිලිගැනීම බිඳ වැටෙයි කියන බය ඔවුන්ට තිබුණා වෙන්න පුලුවන්.
:) ෂුවර් එකටම ජෛන භක්තිමතුකට හිතෙන්නේ ඕකේ අනිත් පැත්ත..ගෞතමයන්, මහාවීරයන් හමුවට නොපැමිනියේ පරදියි කියලා බයට..:))
Deleteසමහරවිට අධික ගෞරවය නිසා කල් යන විට බුදු හාමුදුරුවන්ගෙ මහා පුරුෂ ලක්ෂණ මහාවීරතුමාගෙ පිළිම වලට ඇතුලත් කරන්න ඇති. මොකද මේ වගේ ශරීරය අධික දුක් දෙමින් ජීවත් වුණු පුද්ගලයෙක්ට පුෂ්ටිමත් සිරුරක් තියෙන්න බෑ. සමාන වෙනවනම් දුෂ්කර ක්‍රියා කරපු කාලෙ තමයි.
ReplyDeleteමොනව වුණත් මම කලකට ඉහත කියවපු ලිපියක තිබුණ අදටත් ඉන්දියාවෙ ඉස්සරහින්ම ඉන්න ව්‍යාපාරිකයන් අතරින් ඉතාම සදාචාරසම්පන්න සහ අවංක ව්‍යාපාරිකයො වැඩි හරියක් ජෛන ආගමිකයන් කියල.
@ සියාතු
Deleteඔබේ කතාවට එකඟයි. නිර්මාණකරුවන් අතින් මේ සමානකම ඇතිවුණා වෙන්න පුලුවන්.
ජෛන ව්‍යාපාරිකයන් සාර්ථක ව්‍යාපාරිකයන් බව දැනගත්තු එක හොඳයි. සීක් දහමේ එන ඉගැන්වීම් නිසාම සීක්වරුන් අතරත් හිඟන්නන් නොමැති බවක් ඒ සටහනේදී කවුරුන් හෝ කියා තිබුණා මතකයි. ආගමික ඉගැන්වීම්වලින් විපුල ඵල ඔවුන් ගත්තු බවක් හැඟෙනවා
ලිපිය නම් වැදගත්.
ReplyDeleteඑක. හසිත ඔබේ තර්කනය යොමුවෙන දිශාව ලිපියේ ලියා ඇති පරිද්දෙන් බුද්ධාගම සහ ජයින ආගම දෙක සැසදීමක් වගේ පේනවා. ඒ බව ඔබේ කමෙන්ට් හරහාත් පෙනෙන ගතියක් තියනවා.
දෙක. ෂඩ් ශාස්තෘවරු කියන දේ ඔබ ෂට් ශාස්තෘවරු විදියට ලියනවා. මේ වචන දෙකෙන් කොයිකද නිවැරදි? මගේ දැනුමේ හැටියෙන් ෂඩ් යන්න නිවැරදියි. ඒත් ෂට් යන්න ඔබ භාවිතා කරන්නේ ඇයි?
@ Alexander Cage
Deleteආගම් දෙක අතර සැසඳීමක් කරනවාටත් වඩා තිබෙන සමාන ලක්ෂණ පෙන්වීමක් පමණයි කරලා තියෙන්නේ අයියා. ඒක මම විතරක් නෙමේ ජෛන දහම ගැන කවුරුන් හෝ ලියනවා නම් සාමාන්‍යයෙන් කතා කෙරෙන දෙයක්. විශේෂයෙන්ම මහාවීරයන් හා බුදුන් වහන්සේගේ චරිතයේ සමානතා වගේම දහමේ ඇති යම් යම් සමාන සංකල්ප ගැන.
ඒත් ජෛන දහමේ එන තවත් සංකල්ප රැසක්ම බුදු දහමෙන් නිශේධනය කරන බව විමසිල්ලෙන් බලද්දී පැහැදිලියි. කමෙන්ට් හරහාත් ඒ බව පෙනෙන්න ඇත්තේ අහලා තියෙන ප්‍රශ්නත් එක්ක ඒවාට ගැලපෙන උත්තර දීම නිසා වෙන්න ඕනේ.
ෂඩ් වර්ණ කියලා ලියනවා ඇරෙන්න ෂඩ් ශාස්තෲවරු කියලා ලියනවා මම දැකලා නැහැ. කෝකටත් මම ඒ දෙකෙන්ම අන්තර්ජාලයේ හොයලා බැලුවා. ෂඩ් ශාස්තෲවරු කියලා වගේම ෂට් ශාස්තෲවරු කියලාත් අන්තර්ජාලයේ තියෙනවා. ඒ දෙකේ වෙනස සිංහල වියතෙක් පහදයි කියලා අපේක්ෂා කරමු
සැහෙන පරක්කුවෙලා අවේ ලිපිය කියෝලා යන්න ,නොදන්නා යමක් දැනගත්තා
ReplyDelete@ රොබින්
Deleteපරක්කු වුණාට ගැටලුවක් නැහැ. කමෙන්ට්ස්වලත් සෑහෙන්න දෙයක් තියෙනවා
ලෝකයේ ඇති ඉගැන්වීම් අතරින් සියලු ආශාවන් පහික කිරීමට දරන ලද උත්සහයක් විධියට මට ජෙද දහම පෙනෙන්නේ
ReplyDelete@ Anonymous Tuesday, February 25, 2014 at 11:05:00 PM GMT+5:30
Deleteසියලු ආශාවන් පහ කිරීමක් ලෙස හැඳින්වුවත් අන්තවාදයකුත් ඒ හා බැඳී තිබීම තමා ගැටලුව
නිඝණ්ඨනාථ පුත්ත, වර්ධමාන මහාවීර යනු දෙදෙනකි ජෛනයෝ උන්නේ ඉන්දියාවේ ,නිගන්ටයෝ උන්නේ ලංකාවේ අදත් ඉන්නවා බුදුන්ට අල්ලපු වැටේ උන්නේ නිඝණ්ඨනාථ පුත්ත ,ජෛන මහාවිර නොවේ
ReplyDeleteදහම නොදන්නා වුන් තමා බුදුවරු හොයා හොයා යන්නේ ඇත්තටම බුදු කෙනෙක් නැහැ ,පරමාර්ථ බුදුන් පමණයි ඇත්තේ ,යටපත් උන දහම නැවත මතුකරලා ගත්තේ සිදුහත් ගොතමයන් වහන්සේ විසින් ,උන්වහන්සේ තමා අවසන් ලොවුතුරු බුදු උනේ [බව උදුරා එකතුවෙන් නිදහස් උනේ ] උන්වහන්සේ උන්නේ හෙළබිමේ ඉන්දියාවේ නොවේ පිලම වන්දනා උන්වහන්සේගේ දර්මයේ නැහැ
ReplyDeleteසිදුහත් ගොතමයන් වහන්සේ සහ ජෛන මහාවිර එකින් එකා මුහුණට මුහුණ හම්බුන බවට කිසිදු ශාක්ෂියක් ඉන්දීය බුමියෙන් හම්බවෙන්නේ නැහැ කියලා ඉන්දීය පුරාවිදුවෝ කියනවා
ReplyDeleteහසිත ඔවුන් නිගන්ටයෝ නොවේ ඔබ ඔවුන්ට නිගන්ටයෝ ලෙස ආමන්ත්‍රණය කරන්නේ පසුව නිර්මාණය වුන දැනුමක් ආදේශයෙන් , ඔවුන් ජින වරුන්ගේ ශ්‍රාවකයෝ ඒ නිසා ඔවුන්ට කියන්නේ ජෛනයෝ කියලා ,ජින ශ්‍රවකා,නිගන්ටයෝ ගැන සඳහන් වෙන්නේ අපේ රටේ ඉතිහාසය ගැන ලියයුන මහාවංසයේ , නිගන්ටයෝ රුවන්වැලි සෑ චිත්‍රවලත් ඉන්නවා ,ඔවුන් තාපසයෝ , ඔය අද සමහර පන්සල්වල ඉන්නේ ඔවුන්ගේ ගුරුකුලවලින් පැවැත එන්නෝ ,ඔවුන් බුද්ද දර්මයට තැන දෙන්නේ නැහැ.
ReplyDeleteඅනුන් දාපු දෙයක් අරන් බොලොග් එකේ දැම්මට ඒ හැම එකම සත්‍ය වෙන්නේ නැහැ
ReplyDeleteඉතාම අනගි ලිපියක් අදයි අහම්බෙන් අදයි මේ ලිපිය කියවන්නට අවස්ථාව ලැබුණේ. ඒ වගේමයි වෙනත් විද්වත් පිරිස දක්වන අදහස් දැක්වීම් ඔබටත් අගනා අදහස්වලින් පෝෂණය කළ සැමටත් පින්
ReplyDeleteA agame athi yahapath dewal bubudhu wahansee visin wadaath arthwathwa niwaradi kara,vislesanathmakawa,heethu sahitha desana kara, mee agama pamamank nowa saneth ekala thibu agamwa hoda dewal ese kara Atha. Eya ehi minisun atgrata samaja gatha karanna hoda shilpiya kramsayak.ese momathiwa darmaya pracharana apahasuya.manoo vidyathmaka shhilps kramayak, mee hethun nisa hindu jain athara budufahama athara kittu samananay ana hagimak minisunta athiviya, me pAtalima walata hethueath eyakayi. Kese wethath bubudhuwan see ekala visala kiirithiyskyak piliganimmak indiyaa purama pathiri thibini. aviya anya agama piris aduvia heethiwen budhun thana ganna emattamata samawenna upkrama niganata sasthruwaru sidukara atha. Edadaha pracharana siduviatha. Mee hethun nisa budu dahama jain ahamen apu deyk lesa sitenna Athmayata
ReplyDeleteSuper
ReplyDeleteස්‍යාත්වාදය හෙවත් අනේකවාදය නිගණ්ඨනාථගෙ ඉගැන්වීමක් ඒ ගැන පොඩ්ඩක් කියන්වද
ReplyDelete