ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පළ කෙරෙන කැඩපත පුවත්පතේ අප්‍රේල් කලාපය වෙනුවෙන් මේ සටහන රචනා කෙරුණු නිසා සටහන "ටිකක්" බරසාර විදිහට ලියා ඇති බව කරුණාවෙන් සළකන්න :D
අලුත් අවුරුද්ද විවිධාකාර ජාතීන් විවිධාකාරයෙන් සමරන අතර බහුතරය පිළිගත් ක්‍රමය අනුව ජනවාරි 1 වනදා නව වසරක් ඇරඹෙන අතර එදින උත්සවාකාරයෙන් සමරනු ලැබේ. එනමුත් සිංහලයන් හා හින්දූන් අප්‍රේල් 14 වනදා තම අලුත් අවුරුද්ද ලෙස සලකා එය උත්සවාකාරයෙන් සමරනු ලබන බව පෙනේ.
වර්තමානයේදී විවිධාකාර අංග එක්වෙමින් නවීකරණය වී හෝ පරිහානියට ලක්ව ඇති අලුත් අවුරුද්ද යන සංකල්පය අතීතයේදී සැමරූ ආකාරය විමසා බැලීම අතිශය කාලෝචිත වූවකි. එහිදී මෑත අතීතය ලෙස සැලකිය හැකි අවසන් රාජධානිය වන මහනුවර රාජධානි සමයේදී අලුත් අවුරුදු උත්සවය සළකා බැලීම සිදු කළ හැකිය.
එහිදී දෙවන රාජසිංහ රජ සමයේදී වසර 19 ක් උඩරට රාජ්‍යයේ සිරකරුවෙක් ලෙස කල් ගත කළ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් [කණිෂ්ඨ] විසින් රචනා කරන ලද Historical Relations of the Island of Ceylon කෘතියේ කරුණු පිළිබඳව අවදානය යොමු කළ හැක. ලාංකියයන් සමඟ එකට ජීවත් වෙමින් රැස් කර ගත් කරුණු පදනම් කොටගෙන දේශපාලන, ආර්ථික, සමාජීය කරුණු රැසක් හෙළිදරව් කරන කෘතියක් රොබට් නොක්ස් රචනා කර ඇති බව පෙනේ.
නොක්ස් දක්වන පරිදි මහනුවර රාජධානි සමයේදී අලුත් අවුරුදු උත්සවය පවත්වා ඇත්තේ මාර්තු 26,28 හෝ 29 යන තෙදිනෙන් එක් දිනයකදීය. වර්තමාන තත්වය සමඟ මේ කරුණු බෙහෙවින් පරස්පර වන අතර වර්තමානයේදී අප්‍රේල් 13 වනදා පරණ අවුරුද්ද ලෙසත් අප්‍රේල් 14 වනදා අලුත් අවුරුද්ද ලෙසත් සලකනු ලබන බව ඔබත් මමත් හොඳාකාරවම දනිමු. මේ පරස්පරය ඇතිවන්නට ඇත්තේ සිංහල හෝරා ක්‍රමය සහ වර්තමාන සම්මත හෝරා ක්‍රමය අතර පවතින පරස්පරතාව නිසායැයි අනුමාන කළ හැක.
කෙසේ නමුත් ඉහත දැක්වූ පරිදි දින තුනෙන් එක් දිනක් අලුත් අවුරුදු දිනය ලෙස තෝරාගත් පසු ඒ දිනයේදී රජතුමා උදෑසනම පිබිදී නැකැත්කරුවන්ගේ උපදෙස් පරිදි ස්නානය කරන බව දැක්වේ. වර්තමානයේදී පරණ අවුරුද්දට ස්නානය කිරීම නමින් මේ චාරිත්‍රය පවතින බව සිහිපත් කළ යුතුය.
අලුත් අවුරුද්දට නැකැත් අනුව වැඩ අත් හරින බවත් පසුව නක්ෂත්‍රකරුවන් දැක්වූ සුභ මොහොතට පිරිමි තමන්ගේ කෘෂිකාර්මික දිවි පෙවෙත සමඟ බැදුණු උපකරණ වන උදළු, කැති ආදිය අතට ගෙන වැඩ අල්ලන බවත් කාන්තාවන් ඉදළ, කුල්ල ආදී දෛනික දිවියේ භාවිතා කරන උපකරණ අතට ගෙන වැඩ අල්ලන බව නොක්ස් දක්වයි.
සුභ නැකැත් පාදක කොටගෙන අනාදිමත් කාලයක පටන් අලුත් අවුරුදු චාරිත සිදුවූ බව මෙයින් පෙනෙන අතර සුභ නැකැතකින් නව වසර සඳහා වැඩ ඇල්ලීම හෙවත් වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් නව වසරේ කටයුතු සාර්ථකව ඉටුකරගත හැකි බව ජන විශ්වාසය වූ බව පැහැදිලිය.
සුභ නැකැත් පාදක කොටගෙන අනාදිමත් කාලයක පටන් අලුත් අවුරුදු චාරිත සිදුවූ බව මෙයින් පෙනෙන අතර සුභ නැකැතකින් නව වසර සඳහා වැඩ ඇල්ලීම හෙවත් වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් නව වසරේ කටයුතු සාර්ථකව ඉටුකරගත හැකි බව ජන විශ්වාසය වූ බව පැහැදිලිය.
අලුත් අවුරුද්ද සමඟ බැඳුණු විශේෂිතම ක්‍රීඩාව ලෙස නොක්ස් හඳුන්වන්නේ පොර පොල් ගැසීමයි. ඒ හැරෙන්නට අං ඇදීමද සිදුවූ බව නොක්ස් දක්වතත් ඒ ක්‍රීඩාවේ යෙදීමේදී ක්‍රීඩකයන් මෙන්ම නරඹන්නන් සිදු කළ අශෝභන ක්‍රියා නිසා රජතුමා අං ඇදීම තහනම් කළ ක්‍රීඩාවක් ලෙස නම් කළ නිසා ක්‍රමයෙන් එම ක්‍රීඩාව අභාවයට යන බව දැක්වේ.
වරක් ගම්පොළ ප්‍රදේශයේ පිරිසක් රහසිගතව අං ඇදීමේ නියැලී ඒ බව මහ වාසළට සැලවීමත් සමඟ ඒ සඳහා දඬුවම් කිරීමට පැමිණි අදිකාරම්වරයෙක් උපායශීලීව මිනිසුන් රැස් කරවා ගෙන දඩ මුදල් අය කළ බව නොක්ස් විස්තර කරයි.
කෙසේ වෙතත් පොර පොල් ගැසීම මෙන්ම අං ඇදීම යන ක්‍රීඩා දෙකම පත්තිනි දෙවියන් මුල් කොටගෙන සිදු කරන ක්‍රීඩා වන අතර එම ක්‍රීඩාවන්ගේ උපත දක්වන කතා පුවත්වලදීද පත්තිනි දෙවියන් පිළිබඳව සඳහන් හමුවේ. ඒ අනුව රෝග නිවාරණය කරන, සෞභාග්‍යය සලසන පත්තිනි දෙවියන් මුල් කොටගෙන අලුත් අවුරුදු ක්‍රීඩා පැවැත්වීම හරහා උදාවූ නව වසරේ නීරෝගීභාවය හා සෞභාග්‍යය පොදු ජනයා පැතූ බව පෙනේ.
අලුත් අවුරුද්ද සඳහා පිළියෙල කළ කැවිලි වර්ග පිළිබඳව විමසා බැලීමේදී නොක්ස් කැවිලි වර්ග සුළු ප්‍රමාණයක් පිළිබඳව සඳහන් කළද ඊට වඩා වැඩි ප්‍රමාණයක් පැවති බව වර්තමානයේ පවතින කැවිලි අනුව අනුමාන කළ හැකිය.
උඩරට රාජධානිය සමඟ ලන්දේසි සබඳතා ඇරඹීම
I විමලධර්මසූරිය සහ ස්පිල්බර්ජන් හමුව
I විමලධර්මසූරිය සහ ස්පිල්බර්ජන් හමුව
නොක්ස් දක්වන පරිදි සහල් පිටි සහ පැණි එක් කර අනා තෙල් බැද ගන්නා කැවුම් නමින් රස කැවිල්ලක් වූ අතර ලංකාවට ඕලන්දයන් පැමිණි මුල්ම අවස්ථාවේදී I වන විමලධර්මසූරිය රජු ඕලන්දයන්ට කැවුම්වලින් සංග්‍රහ කර ඇත. කැවුම් රස බැලූ ඕලන්දයන් මේවා මිනිස් අතකින් නිර්මාණය කළ එකක්යැයි සිතිය නොහැකි නිසා මේවා ගස්වලින් කඩා ගන්නා දෙයක්දැයි විමසූ බව දක්වයි. ඒ කරුණ සත්‍යයක් ලෙස ගතහොත් කැවුම් සහ රස කැවිලි සැකසීමේලා ලාංකීය කාන්තාවන් දැක්වූ හැකියාව පිළිබඳව මනා තක්සේරුවක් එයින් ලබාගත හැකිය.
කැවුම් හැරෙන්නට බැදි හාල් පිටි පැණියෙන් අනා එයට ගම්මිරිස්, කරදමුංගු, කුරුඳු පොතු ආදිය මිශ්‍ර කොට ගුළි ලෙස තනා ගන්නා රස කැවිල්ල අග්ගලා වශයෙන් හැඳින්වූ බව නොක්ස් දක්වන අතර අග්ගලා ලෙසට අලුවා නම් කැවිල්ලක් සකසා ගන්නා බවද ඔහු කියයි. අලුවා හැඩයෙන් පැතිලි වන බව විශේෂයෙන් දක්වා තිබේ.
අලුත් අවුරුද්ද හා බැඳුණු රජ වාසළ සිරිත් විරිත් සම්බන්ධව නොක්ස් වැඩි අවදානයක් දක්වා ඇති බව පෙනෙන අතර සාමාන්‍ය ජනයා අලුත් අවුරුද්ද සැමරූ ආකාරය පිළිබඳව ඔහු දක්වන්නේ අල්ප තොරතුරකි. ලාංකේය වංසකතා රචනා වූ සමයේ පටන් ඒ තත්වය පොදුවූ බව පෙනේ.
නොක්ස් දක්වන පරිදි අලුත් අවුරුදු උත්සවය සඳහා රජ මාළිගය විශේෂයෙන් සැරසීමකට ලක් කරන අතර එහිදී මාළිගාවේ දොරටුවක් දොරටුවක් පාසාම තොරණ් බැඳ සරසා ඇත. එහිදී එක් එක් පෙළට සතක් හෝ නමයක් වන පරිදි මධ්‍යයට පැමිණෙන විට උස් වන පරිදි රිටු සිටුවා එම රිටි සඳහා හරස් ලී පෙළක් බැඳ දොරටුවේ ආරක්කු එන පරිදි සකසා ඇත. තොරන් මුදුනේ පිහිටි හරස් ලීවල ගෙඩි පොකුරු එල්වා තිබෙන අතර මිනිස්, සත්ව රූ සහිත අලංකාර ධජ විවිධ වර්ණවලින් යුතු ධජද ඒවායේ එල්වා ඇත. මේ හැරෙන්නට උස් රිටි සිටුවා ඒවායේද විවිධ වර්ණයේ ධජ එල්වා මිණිගෙඩි එල්වා ඇත.
මේ ආකාරයෙන් අලංකෘත වූ රාජ මාළිගාව දෙව් විමනක් හා සමාන බව මිනිසුන් පැවසූ බව නොක්ස් ප්‍රකාශ කරන අතර රාසිං දෙවියන් නමින් රජුව දෙවියෙක් ලෙස ගරු බුහුමනට පත්ව තිබූ බව මෙමඟින්ද පැහැදිලි වේ.
අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජකීය හමුදාව පෙළ ගැසී සිටින බවත් රජතුමා සර්වාභරණයෙන් සැරසී රාජකීය හමුදාව පිරික්සා බලන අතර ඒ අවස්ථාවේදී රජුට ගරු කිරීමක් ලෙස ආචාර වෙඩි මුර පැවැත්වීම කාලතුවක්කු සේනාංකය මඟින් සිදුකර ඇත.
පසුව අදිකාරම්වරුන්ගේ සිට පහළ තනතුරු හොබවන නිලධාරීන් දක්වා වන රාජකීය නිලධාරීන් රජු වෙනුවෙන් අලුත් අවුරුදු "පෙනුම් කත්" රැගෙන එන අතර ඒ යටතේ රජු ප්‍රිය කරන්නේ යැයි හැඟෙන අවි ආයුධ, ආභරණ, වස්ත්‍ර, මුතු මැණික් ආදිය රජුට පිළිගන්වා ඇත. මේ සිරිත අද දක්වාම අලුත් අවුරුද්දේදී වැඩිහිටියන්ට ත්‍යාග පිරිනැමීම ලෙස පවතින බව පෙනේ.
රොබට් නොක්ස් විසින් දක්වන විස්තරවලින් පැරැන්නන් අලුත් අවුරුදු උළෙල සැමරූ ආකාරය පිළිබඳ 100% ක් තොරතුරු ලබාගත නොහැක්කා සේම 100% නිවැරදි තොරතුරුද ලබාගත නොහැක. ඒ කෙසේ වෙතත් ලැබෙන තොරතුරු විමසිල්ලෙන් සැලකීමේදී පැහැදිලි වන්නේ ඉතාමත් සරල අයුරින් පැරැන්නන් අලුත් අවුරුදු උත්සවය සමරා ඇති බවයි. වර්තමානයේ අලුත් අවුරුද්ද සංකීර්ණ කොටගනිමින් එයින් පීඩා විඳින ජනයාට අතීතය කදිම පාඩම් උගන්වයි.
[මෙම සටහන ලිවීමේදී රොබට් නොක්ස් රචනා කළ කෘතිය "එදා හෙළදිව" නමින් ඩේවිඩ් කරුණාරත්න මහතා විසින් සිංහලයට පරිවර්තනය කරන ලද කෘතිය පාදක කොටගෙන ඇත.]
1. "ටිකක්" බරසාර විදිහට ලියා ඇති බව කරුණාවෙන් සළකන්න" මොකෝ එහෙ ඉන්නෙ බර කට්ටියද? :D ඒ වුනාට හසිත මේ ලිපිය හුඟක් කොටයිනෙ.. නැත්නම් ඒ මා පෙනුන හැටිද?
ReplyDelete2. "සිංහල හෝරා ක්‍රමය සහ වර්තමාන සම්මත හෝරා ක්‍රමය අතර පවතින පරස්පරතාව" මේ වෙනස පැහැදිලි කරමු බලන්ට.
3. "ඒ ක්‍රීඩාවේ යෙදීමේදී ක්‍රීඩකයන් මෙන්ම නරඹන්නන් සිදු කළ අශෝභන ක්‍රියා නිසා රජතුමා අං ඇදීම තහනම් කළ ක්‍රීඩාවක් ලෙස නම් කළ නිසා ක්‍රමයෙන් එම ක්‍රීඩාව අභාවයට යන බව දැක්වේ." දැනටත් සමහර ගම්වල ඉඳලා හිටලා අං අදිනවාලු නේද? මම වාර්තා වැඩසටහනක දැක්ක විදිහට එහෙම බැඳගත්තු අං ටිකක් කල් අදින වෙලාවලුත් තියෙනවාලු.. පොර පොල් ගහනවා නම් දැකලා තියෙනවා..
4. "අලුත් අවුරුද්ද හා බැඳුණු රජ වාසළ සිරිත් විරිත් සම්බන්ධව නොක්ස් වැඩි අවදානයක් දක්වා ඇති බව පෙනෙන අතර සාමාන්‍ය ජනයා අලුත් අවුරුද්ද සැමරූ ආකාරය පිළිබඳව ඔහු දක්වන්නේ අල්ප තොරතුරකි" දැනටත් එහෙමනෙ තමුන්ගෙ ගෙදර කිරි උතුරන්ඩ නැතුව රජතුමාගේ කිරි මුට්ටිය බලලා සතුටුවෙන අය ඉන්නෙ..
අද අහන්ඩ ප්‍රශ්නත් නෑ.. :)
@ හරී
Delete1. එහේ ඉන්නේ බර කට්ටියමත් නිසා නෙමේ. පුවත්පතකට ගැලපෙන විදිහට ලියන්න එපැයි. ඒක නිසා තමා බරසාර. ලිපිය නම් කොටයි තමා. මොකද නොක්ස්ගේ පොතේ තියෙන විස්තර සීමාසහිතයිනේ.
2. සිංහල හෝරා ක්‍රමේ අනුව දහවල පැය තිහකුත් රාත්‍රියට පැය තිහකුත් තියෙනවා. දවසට පැය හැටයි. සිංහල පැයකට මිනිත්තු 24 ක් තියෙනවා.
3. ඔව් ඔව් මෑතකදී ගමක කරපු අං ඇදීමක රූප වගයක් ලංකාදීප පත්තෙරෙන් මම දැක්කා. අං ඇදිල්ල ක්ෂණිකව ඉවර වෙන්නත් පුලුවන් ඒ වගේමයි දවස් ගණන් යන්නත් පුලුවන්. එක අඟක් කැඩෙන්න එපැයි සෙල්ලම ඉවර වෙන්න. ළඟකදී අටපට්ටමේ පෙන්නුවා ගමක තරුණයෝ කට්ටියක් එකතු වෙලා පොර පොල් ගහන එක වගේම අපේ පාරම්පරික ක්‍රීඩා තියෙන උත්සවයක් කරනවා.
4. මෙතන නම් නොක්ස් හිටියෙත් ගම්මුත් එක්ක. ගමක. ඒත් මනුස්සයා කියන්නේ රජ්ජුරුවෝ ගැන :)
ප්‍රශ්න නෑම කියන්නත් බැහැ නේද :D
@හරී,
Deleteප්‍රශ්න පත්තරේත් කෙටි වෙලා වගේ තමා. ඔස්ට්‍රේලියාවේ ඉන්න අය ගානට ඉන්න අය. 'බර' වැඩි අය නෑ. :D:D
@ Podi Kumarihami
Deleteඅලියා හිපපොටේමස් තරම් බර වැඩි නැතුව ඇති :P
වටිනා විස්තරයක්....
ReplyDelete@ ඉන්ද්‍රජිත්
Deleteස්තුතියි මලයා :)
// සිංහල හෝරා ක්‍රමය සහ වර්තමාන සම්මත හෝරා ක්‍රමය අතර පවතින පරස්පරතාව
ReplyDeleteතමයි මටත් ඇතිවුණ ගැටළුව... පොඩ්ඩක් පැහැදිලි කරමු මලයෝ!
@ ලහිරු
Deleteසිංහල හෝරා ක්‍රමේ අනුව දහවල පැය තිහකුත් රාත්‍රියට පැය තිහකුත් තියෙනවා. දවසට පැය හැටයි. සිංහල පැයකට මිනිත්තු 24 ක් තියෙනවා අයියා
මේ විස්තරේ ළඟදි දවසක කිරුළ ගුවන් විදුලියේ ප්‍රචාරය වෙනවා අහන් ඉද්දි හසිත මේ ගැන ලිව්වා නම් කොච්චර හොඳයිද කියලා හිතුනා..
ReplyDeleteඒක නිසා විස්තරේට ගොඩක් පින්...අළුත් අවුරුද්ද ගැන මෙයිට වඩා විස්තර නැද්ද?
@ රූ....
Deleteදැක්කනේ අක්කේ මට පරචිත්ත විජානන ඤාණේ පොඩ්ඩක් තියෙනවා :D
තව විස්තර නම් මට තාම හම්බුණේ නැහැ. හම්බුණොත් අනිවා ඔයාලත් එක්ක බෙදා ගන්නවා :)
නොදන්නා දේ දැනගත්තා හසිත පුතා. බොහොම ස්තූතියි! එක එක කාලෙට චාරිත්‍ර වාරිත්‍ර වෙනස් වෙනව නේද? .ඒ පැරණි දේ රැක ගැනීම තමා සුදුසු.
ReplyDelete@ Chandi
Deleteපැරණි චාරිත්‍ර වාරිත්‍ර රැකෙන්නේ එක පරම්පරාවකින් අනෙක් පරම්පරාවට ඒවා සම්ප්‍රේෂණය වුණොත්. දැන් වෙලා තියෙන්නේ එහෙම සම්ප්‍රේෂණය නොවෙනවා වගේම වුණත් ඒවා භාර noganna අලුත් පරම්පරාව පුරුදු වෙලා ඉන්න එක :(
රොබට් නොක්ස් පොත සෑහෙන්න උපුටා විස්තර දැක්වීමක් පෙනෙන්න තියනවා හසිත. ඊට වඩා ප්‍රශ්න නෑ.
ReplyDelete@ Alexander Cage
Deleteඔව් ඔව් අයියා. ඒක මුලින්ම කියලා තියෙන්නේ ඒකනේ. රොබට් නොක්ස්ගේ පොතෙන්ම තමා මේ සටහනක ලියවිලා තියෙන්නේ
1752 දී බ්‍රිතන්‍යයේ දින ක්‍රමයෙන් දින 11 ක් ඉවත් කර ඇත. එනම් 1752 සැප්තැම්බර් 2 න බදාදා ට පසුදින 1752 සැප්තැම්බර් 14 වන බ්‍රහස්පතින්දා විදිහට. රොබර්ට් නොක්ස් ජීවත් උනේ 1720 දක්වා පමණයි. එනිසා ඔහු භාවිතා කර එත්තේ පැරණි දින ක්‍රමයයි. මේ ගෑන වැඩිපුර විස්තර පහත ලින්කුවෙන් ලබගන්න.
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Old_Style_and_New_Style_dates
@ Anonymous April 7, 2013 at 1:37 PM
Deleteබොහොම ස්තුතියි වැදගත් තොරතුරක් එකතු කළාට :)
වැදගත් ලිපියක්
ReplyDelete@ rnagi kella
Deleteස්තුතියි :)
සිංහල අළුත් අවුරුද්දේ මුල මා සිතනා ආකාරයට කේරලයේ සැමරෙන "විශු" නම් අළුත් අවුරුද්දයි. එයද අප්‍රේල් මස අප අවුරුද්දට සමගාමීව සැමරෙන නිසා දිනය වෙනස් වී නැති බව මගේ අදහසයි. විශූ යනු සූර්‍ය සංක්‍රාන්තිය සමරන නව අවුරුද්ද උවද එය සැමරෙන්නේ කේරළයේ පමණක් වන අතර, ඔය ඔබ කියනා සිංහල ජන ක්‍රිඌඩා සියල්ලම සහ "අච්චප්පම්" නමින් කොකිස් සහ කැවුම් සෑදීමද වේ.
ReplyDelete@ ඉන්දික උපශාන්ත
Deleteඅප්‍රේල් 14, 15 දවස්වල අවුරුදු සමරන බොහෝ පිරිසක් ඉන්නවා කියලා විකියෙන් දැනගන්න ලැබුණා අයියා. ඒකේ විදිහට ඔයා කියපු විශු අලුත් අවුරුද්ද වගේම පංජාබයේ, නේපාලයේ, ඇසෑමයේ, බෙංගාලයේ, ඔඩිශා, මනිපුරි, කර්ණාටක, බුරුමේ වගේ ප්‍රදේශ කීපයක මේ දවස්වල තමා අලුත් අවුරුද සමරන්නේ.
ඒ වගේමයි මම දන්නා විදිහට නම් කොකිස් කියන්නේ පෘතුගීසි වචනයක්ලු
ස්තුතියි අයියා කිව්ව තොරතුරුවලට
විශු උත්සවයෙන් සිංහල අවුරුද්ද බිහි උනාද එසේත් නොමැතිනම් සිංහල අවුරුද්ද ආශ්‍රිතව විශු නම් උත්සවය බිහි උනාද කියා සොයා බැලීම වටී
Deleteසඟරා ලිපියක 100% යනුවෙන් ලිවීමට වඩා වෙන වචනයක් හෝ එයම අකුරින් ලිවීම සුදුසු යි කියායි මං හිතන්නේ
ReplyDelete@ කතන්දර කාරයා
Deleteස්තුතියි කකා අවවාදයට. මට මේ වගේ අවවාද වටිනවා ඊළඟ ලිපියේ සාර්ථක බවට :)
කාලෙකින් මේ පැත්තේ ඇවිත් මෙහෙම කිව්වට තරහ වෙන එකක් නෑ නේද හසිත මල්ලි, මට නම් හිතෙන්නේ අපි මේ සමරන අවුරුද්ද අස්වැන්න ගෙට අරගත්තු සතුටට පවත්වපු එකක් වගේ. අපේ සිංහල දින දර්ශනයේ කියන්නේ බුද්ධ වර්ශනේ ඉතින් බුද්ධ වර්ශය නම් පටන් ගන්නේ වෙසක් පොහොය දවසෙන්. ඒ නිසා අපේ අවුරුද්ද පටන්ගන්නේ වෙසක් පොහොය දවසෙන් කියලයි මට නම් හිතෙන්නේ.
ReplyDelete@ rvajee
Deleteහරියට හරි. පරිසරයේ තියෙන සුන්දරත්වෙත් එක්කම තමන්ගේ අස්වැන්න ගෙට අරගෙන පවුලේ අය ඥාතීන් එක්ක එකතු වෙලා එකම වෙලාවට රටේ හැමදෙනාම එකම කටයුත්ත සිදු කරලා කරපු මහා සංස්කෘතියක් තමා සිංහල අලුත් අවුරුද්ද.
අලුත් අවුරුද්දේදී වෙන්නේ වැඩි වශයෙන්ම ලෞකික කරුණු පාදක කරගෙන වෙන සැමරීමක්නේ. වෙසක් පොහොය දවසට වෙන්න ඕනේ ලෞකික සැමරීමකටත් වඩා ලෝකෝත්තර සැමරීමක් කියලයි මගේ පුද්ගලික අදහස
අවධානයට ගැනීමට වැදගත් ලිපියකි
ReplyDelete@ Mpp Gunasinghe
Deleteස්තුතියි :)
සිංහල අපිටනම් ඉතින් අලුත් අවුරුදු තුනක් තියෙනවානේ.. ජනවාරි පළවෙනිදා, අප්‍රේල් දහහතර, මැයි විසි හතර.... වෙන කාටද ඉතිං ඔහොම අවුරුදු තියෙන්නේ.. අපිට විතරයි.. මමනම් ඉතිං ඔය අලුත් අවුරුදු තුනටම ෆුල් ෆන් එකේ තමා ඉන්නවා.. දැං මාර්තු විසිහය වෙනිදටත් අලුත් අවුරුද්දක් දායිද අයියේ?? එහෙම උනොත් හතරයි.. ෆස්ට ආතල් තමා ඉතිං....
ReplyDeleteමුළු අවුරුද්දම අවුරුදු.. :D
Delete@ Chinthaka Supun
Deleteඅනේ මන්දා මලේ. ඔහොම කියද්දී මට මතක් වුණේ ක්‍රිස්තියානි අයට නත්තලත් අවුරුද්දක් වගේනේ. සනත් නන්දසිරි මහත්තයාට එතකොට අවුරුදු 4 ක් තියෙනවා :D
@ Chandana
Deleteහැම දවසක්ම අලුත් අවුරුද්දක් කියලා හිතන්න පුලුවන් තමා අයියා :)
මේක කියවද්දි මට මතක් වුණේ "ගමක වත" කියන පොත. ඔය සිංහල චාරිත්‍ර ගොඩක් දේවල් සහ අං ඇඳීම ගැනත් ඒකේ තිබුණා. කුලසේන ෆොන්සේක මහත්මයගෙද කොහෙද පොතක්.. පුළුවන් නම් හොයාගෙන කියවන්න. අලුතින්ම ගමක් හදන පිරිසක් ගැන කියවෙන කතාවක්..
ReplyDelete@ Pathum Herath
Deleteස්තුතියි අයියා ඔත්තුවට. පියසේන කහඳගමගේ මහත්තයා ඉස්සර විජය පත්තරේට ලිව්ව ගමක විත්ති පොතක් විදිහට පලවෙලා තියෙනවා. ඒකෙත් ගම්මානේ හුඟක් දේවල්වල විස්තර කතාවක් විදිහට එතුමා ලියලා තියෙනවා. ඒකත් කියවන්න හිතාගෙන ඉන්න පොතක්
මොනවද අඃ අදින කොට ඇතිවුන අශෝබන ක්‍රියා ?
ReplyDeleteමේ ගැන ලිපියක් ඉස්කෝලෙ යන කාලෙ විදුසරේ කියෙව්වා මතකයි.. ඒකෙ කියවුන හැටියට ( මට හීනෙන් වගේ මතක හැටියට ) ලෝකෙ කැරකීමයි, කැලැන්ඩරෙයි අතර තියන වෙනසක් නිසා ( ඔය වගේ අදහසක් ) ඔය වගේ ඉදිරියට එනවා කියලයි.. තව ඉස්සරහට යනකොට සිංහල අවුරුද්ද අප්‍රේල් පහු කරලා මයි වලටත්, ඉන් එහාටත් වශයෙන් ගමන් කරනවා කියලා කියවුන වගක් තමා මතක.
//මොනවද අඃ අදින කොට ඇතිවුන අශෝබන ක්‍රියා ?//
Deleteමටත් ඇති වුනු ප්‍රශ්නේ සෙන්නා අහල.
@ සෙන්නා, Chandana
Deleteඅශෝබන දෙයක් කිව්වොත් කට්ටිය පැනලා එන්නේ ඒක මොකක්ද කියල හොයලා බලන්න :D
අං අදිද්දී වුණු අශෝබන වැඩේ තමා එක කණ්ඩායමක් ජයග්‍රහණ කළාම ඒ කණ්ඩායමේ අය පරාජයට පත්වුණු කණ්ඩායමට අසභ්‍ය වචන කියලා නිරුවතින් කරන අපහාස වගේ දේවල්. නොක්ස් කියන්නේ ඒ ගැන වචනයෙන් ලියන එකත් පිළිකුල් සහගත වැඩක් කියලා :P
සිංහල පැයේ කතාවත් උඩින් කියලා තියෙන්නේ ඕන්
//අශෝබන දෙයක් කිව්වොත් කට්ටිය පැනලා එන්නේ ඒක මොකක්ද කියල හොයලා බලන්න :D//
Deleteඑහෙමනේ හැදෙන ළමයි :D
@ Chandana
Deleteඔව් ඔව් :P
"සිංහල හෝරා ක්‍රමේ අනුව දහවල පැය තිහකුත් රාත්‍රියට පැය තිහකුත් තියෙනවා. දවසට පැය හැටයි. සිංහල පැයකට මිනිත්තු 24 ක් තියෙනවා.."
ReplyDeleteපෝස්ට් එක වගේම මගේ හිත ගියේ හරි අයියගේ ප්‍රශ්ණෙට මලයා දුන්න මේ උත්තරය.. මේ ගැන ඇත්තටම මම දැනන් හිටියේ නෑ.. මේ ගැන තව තොරතුරු තියෙනවනම් ලියන්න කියලා ඉල්ලනවා හසිත මලයෝ..
@ Dinesh
Deleteතව තොරතුරු ගැන හොයලා බලලා පෝස්ට් එකක්ම ලියන්නම්කෝ අයියා :)
ඔස්ට්‍රේලියාවේ ඉන්නා සිංහල අය බරසාර අයලුද?:D
ReplyDeleteමට හිතුනේ වෙනදට වඩා පෝස්ට් එක කෙටියි වගේ. ඇත්තටම අලුත් අවුරුද්ද පවත්වන කාලෙත් කලින් කලට වෙනස් උන්ද්ද දන්නේ නෑ. දැන් වෙසක් නත්තල් වගේ ඒවා බලන්ටකෝ. හරියට ඒ අය ඉපදුනු දවසටමද ඔය අපි ඒ උත්සව සමරන්නේ?
අං ඇදීම කෙරුනේ කොහොමද දන්නේ නෑ නේද?
//කාන්තාවන් ඉදළ, කුල්ල ආදී දෛනික දිවියේ භාවිතා කරන උපකරණ අතට ගෙන වැඩ අල්ලන බව නොක්ස් දක්වයි.//
මේකෙන් ඉතින් ගැහැනු උදවිය අවුරුද්ද පුරා හොඳට මිදුල් අතුගානවා ඇති. ඒ වගේම කුස්සිය පැත්තේ අවුරුද්දේ ඉතිරි දවස් ටිකත් සතුටින් ගෙවනව ඇති. හපොයි....:D:D
@ Podi Kumarihami
Delete//..ඔස්ට්‍රේලියාවේ ඉන්නා සිංහල අය බරසාර අයලුද?:D...//
ඔව් ඔව් එයාලා බරසාර කතා ලියන අයලු :P
//..අං ඇදීම කෙරුනේ කොහොමද දන්නේ නෑ නේද?...//
අං ඇදීම එහෙමත් නැත්නම් අං කෙළිය සිද්ධ වෙන්නේ වසංගතයක් එහෙමත් නැත්නම් නියඟයක් වගේ එකක් ආපුවාම ගමේ මිනිස්සු එකතු වෙලා කණ්ඩායම් දෙකකට බෙදිලා දේවාශිර්වාදය අරගෙන ගෝණ අං වගේ අං දෙකක් හයිය රැහැන් දෙකකින් බැඳලා එක අඟක් කැඩෙනකම් අදිනවා. කැඩුණු අඟ අයිති කණ්ඩායම පරාද වෙනවා. කැඩුණු නැති අඟ අරගෙන මිනිස්සු පෙරහැරක් කරලා දේව පූජාවක් කරනවා.
මේන් මෙතන ඒ ගැන ලොකු විස්තරයක් තියෙනවා.
http://www.divaina.com/2010/05/30/siya12.html
//මේකෙන් ඉතින් ගැහැනු උදවිය අවුරුද්ද පුරා හොඳට මිදුල් අතුගානවා ඇති. ඒ වගේම කුස්සිය පැත්තේ අවුරුද්දේ ඉතිරි දවස් ටිකත් සතුටින් ගෙවනව ඇති.///
ඒක නම් ඉතින් අහලා බලන්නම වෙනවා :D
අපේය කියන රස කැවිලි වගේම කෑම බීමත් දකුණු ඉන්දියාවෙත් කේරලයෙත් තියෙන ඒවා. අති රස ඉන්දියාවෙ හැන්දින්වෙන්නේ අදීරසම් කියලයි.. කොකිස් වලට කියන්නෙ මුරුක්කු.. ලඩ්ඩු කියල හදන එවුව අග්ගලා අලුවා වලට සමානයි.. ඒ අය අප්පම් කියනවා අපි ආප්ප කියල කනවා. (මෙවුව කියලා මාව මරන්න එයිද මන්දා)
ReplyDelete@ සරත් ලංකාප්‍රිය
Deleteඅයියාගේ කතාව කියෙව්වාම මට මතක් වුණේ ප්‍රසිද්ධ කතාවක්
"දෙමළගේ කෑමත් හොඳයි, දෙමළගේ ඇඳුමත් හොඳයි, දෙමළගේ දෙයියත් හොඳයි, හැබැයි දෙමළා හොඳ නෑ..."
This comment has been removed by the author.
ReplyDeleteඅං ඇදීම වගේ ක්‍රීඩා දැන් දකින්නට නැති තරම්.
Delete@ Ayilas A
Deleteපොර් පොල් කෙළියටත් ඒ සෙතේම තමා වෙලා තියෙන්නේ අයියා. සෙල්ලම දන්න මිනිස්සුත් දැන් හරි අඩුයිනේ. පහුගිය දවසක අට පට්ටමේ පෙන්නුවා ගමක තරුණයෝ set එකක් එකතු වෙලා මේ වගේ පරණ ගැමි ක්‍රීඩා රැසක්ම සෙල්ලම් කරනවා
එදා ගම්වල තිබුනු අවුරුදු සිරිය දැන් නැතිවී ගිහින්. කොහා නම් අඬනවා තමා. එරබදු මලුත් පිපෙනවා. ඒත් අපි ඉස්සර වගේ අවුරුදු සිරිත් විරිත් නම් කරනවද කියලා හිතෙන්නේ නෑ. විශේෂයෙන් විදේශගත අයගෙන් මේවා මග ඇරෙනවද මන්දා. හැබැයි ඉතින් අවුරුදු උත්සව නම් කොට්ටා පොරත් එක්කම තියනවා.:D
ReplyDeleteහසිතගේ ආගිය කතාවට ආපු මුල් වතාව.
කැඩපත දැක්කා. සතුටුයි කැඩපතට ලියන ලේඛකයෙක් හමුවීම ගැන.
@ කතුවරී
Deleteඅලුත් අවුරුද්දත් එක්ක අලුත් ක්‍රීඩා වගේම සිරිත් විරිත් ඇවිල්ලා තියෙනවානේ. පරණ ඒවා හුඟක් අමතක වෙලා හරි අමතක කරලා හරි.
ආගිය කතාවට සාදරයෙන් පිළිගන්නවා. කතුවරිත් කැංගරුවන්ගේ රටේ ඉන්න කෙනෙක්ද ??
හසිත මල්ලිගේ ලිපි කවදත් සාරගර්භයි. නොදන්නා දෙයක් දැන ගන්න හැම ලිපියකින්ම පුළුවන්. ඒ වගේම මහන්සි වෙලා ලියනවා. ඒක මම අගය කරනවා.
ReplyDelete@ සු දී ක
Deleteස්තුතියි අයියා අගය කළාට. තව තවත් හොඳ ලිපි ලියවෙන්නේ ප්‍රතිචාර දක්වන ඔයාලා නිසාම තමා :)
2. සිංහල හෝරා ක්‍රමේ අනුව දහවල පැය තිහකුත් රාත්‍රියට පැය තිහකුත් තියෙනවා. දවසට පැය හැටයි. සිංහල පැයකට මිනිත්තු 24 ක් තියෙනවා.
ReplyDeleteහසිතගේ මේ උත්තරෙන් මගේ හිතේ තිබ්බ එක ප්‍රශ්නයක් විසඳුනා.
යුරේකා! දැන් මට තේරුනා.
නිවාඩු කාලවල සහ සති අන්තවල ක්‍රියාත්මක වෙන්නෙ සිංහල මිනිත්තු. පැයකට විසි හතරයි.
සතියේ දිනවල ක්‍රියාත්මක වෙන්නේ සිංහල පැය. දවසකට පැය හැටයි.
ස්තුතියි හසිත.
@ Henry Blogwalker
Deleteකිව්ව කතාව එච්චරම තේරුණේ නැහැ අයියා :(
මට තේරුණා මේ කිවිවේ මොකක්ද කියල. අපායක පැයක් කියන පොස්ට් එක කියෙවුවනම් තේරුම් ගන්න පුළුවන් හසිත.
Delete@ අසරණයා
Deleteදැන් නම් හොඳටෝම තේරුණා :D
Mamat awa.
ReplyDeleteJayawewa
@ sanjeewa mendis
Deleteස්තුතියි ස්තුතියි :)
ගොඩක් දේ දැනගත්තා. ටැන්කිව් ඈ...
ReplyDelete@ තරුවා
Deleteසන්තෝෂයි සන්තෝෂයි :)
අං ඇදීමේදී සිදු උන අශෝබන ක්‍රියා...කිව්වෙ මොනවද..මන්දා...??
ReplyDeleteඅනික අං ඇදීම කියන්නෙ උපරිම සාමූහික එකමුතු කමේ ක්‍රීඩාවක්නෙ. ඒක නොක්ස් උපහාසයට ගත්තද මන්දා..?
@ වීපොකුරෙ වීයා
Deleteඅශෝබන වැඩේ වෙලා තියෙනේ අං ඇදලා ඉවර වුණා පස්සේ. එක කණ්ඩායමක් ජයග්‍රහණ කළාම ඒ කණ්ඩායමේ අය පරාජයට පත්වුණු කණ්ඩායමට අසභ්‍ය වචන කියලා නිරුවතින් කරන අපහාස වගේ දේවල්. නොක්ස් කියන්නේ ඒ ගැන වචනයෙන් ලියන එකත් පිළිකුල් සහගත වැඩක් කියලා :P
අං ඇදීමෙන් පස්සේ වෙන මේ අශෝභන වැඩේ නිසාලු රජතුමාත් මේක තහනම් ක්‍රීඩාවක් කරලා තියෙන්නේ.
හැබැයි මම දන්න තරමින් තාමත් අං ඇදීම වගේම පොර පොල් කෙළියේදීත් පැරදුණු කණ්ඩායමට නොසෑහෙන්න විහිළු කරනවා. හැබැයි ඉස්සර වගේ අසභ්‍ය දේ කියලා හෙළුවෙන් ඉදලා විහිළු නම් කරන්නේ නැතුව ඇති අයියා :)
මම හිතුවා ඉස්සර දැනටත් වඩා සිරිත් විරිත් පිලිවෙත් ගොඩක් අවුරුද්දට තියෙන්න ඇති කියල. ඒත් ඒ හැටි දේවල් වෙලා නෑ වගේ. ස්තූතියි විස්තරේට.
ReplyDelete@ ගිමන් නිවන්නා
Deleteනොක්ස් හැමදේම ලියලා නැති නිසා තවත් මඟ හැරුණු දේවල් ඇති අයියා. ඒ වගේමයි අද තරම් සංකීර්ණ වැඩ ඒ කාලේ නොතියෙන්නත් ඇති
නොකස්ගේ අවුරුද්ද සහ අද අපේ අවුරුද්ද කොයිතරම් වෙනසක්ද. මට හිතේනේ එදා නොක්ස් ලියූඅවුරුද්ද ලස්සනට තියෙන්න ඇති.
ReplyDelete@ දයානන්ද රත්නායක
Deleteඅද අපේ අවුරුද්ද අපේම නෙමෙයිනේ අයියා. හුඟක්ම වෙළෙන්දන්ගෙනේ. නොක්ස් ලියපු අවුරුද්ද හරි සරල පාටයි. ඒත් එයා හැමදේම නොලියපු නිසා එහෙමම හිතන්නත් අමාරුයි :)
අවුරුද්ද ගැන හොඳ ලිපියක්. අවුරුද්ද දවස අවුරුද්දෙන් අවුරුද්ද ඉස්සරහට එනව. දන්නවද?
ReplyDelete@ රාජ්
Deleteපොඩ්ඩක් පැහැදිලි කරමු බලන්න අයියා :)
බොහොම හරබර පොස්ට් ඇති බ්ලොග් එකක්නෙ. අදයි දැක්කෙ.පරන පොස්ට්ස් කීපයක්ම කියෙව්වා.ලංකාවෙ රජු බැහැ දකින්න ආපු ප්‍රතම විදේශිකයා ගෙ ලිපිය හරි ඉන්ටරෙස්ටින්.
ReplyDelete@ Blue Lotus
Deleteසාදරයෙන් පිළිගන්නවා ආගිය කතාවට. පෝස්ට් හරබරද කියලා තීරණය කරන්නේ ඔයාලා තමා ඉතින් :)
ලංකාවේ රජතුමා බැහැ දකින්න ආපු ප්‍රථම විදේශිකයා ප්‍රථම ඉංග්‍රීසි තානාපතියා කියලා වෙනස් වෙන්න එපැයි. ඊට කලින් රජතුමා හම්බෙන්න පෘතුගීසිකාරයෝ එහෙමත් ආවා. ඒ වගේමයි තවත් යුරෝපීයන් ආවා. ඉංග්‍රීසිකාරයොත් ආවා. හැබැයි වෙළෙඳ සමාගමේ නියෝජිතයෙක් විදිහට ආපු පයිබස් ගැන තමා මම ලිව්වේ. මිනිහා තමා පළමු ඉංග්‍රීසි තානාපතියා
දැන් තියෙන අලුත් බුද්ධාගමත් එක්ක නැකත් වලට වැඩ කරනවා කියන්නේ වැරදි වැඩක්නේ.. ඒක නිසා තව ටික කාලයක් යනකොට ළමයින්ට අලුත් අවුරුද්දක් කියලා කතා කරන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ හසිත... හි හි...
ReplyDelete@ හිරු
Deleteනැකැත් බුද්ධ දේශනාවට එකඟයි එකඟ නැහැ වගේ කතා ගොඩක් තියෙනවානේ. නැකැත්වලට වැඩ කරන එක සූර්යයා සම්බන්ධ කරගෙන මේ සිරිත් කරන එක අපේ සංස්කෘතිය. සංස්කෘතියත් එක්ක හුඟක් ජාති පටලවා ගත්තු ඈයෝ තමා අප්‍රභංස කියන්නේ
තව කල් යනකොට නම් මේවා කොහොම වෙයිද දන්නේ නෑ තමා. හැබැයි ඉතින් ඒක තමා ලෝක සොබාවය
කෝ මේ ගෙදර කට්ටිය? තාම හෝ ගාන පොකුණ ලඟද? :D
ReplyDelete@ Podi Kumarihami
Deleteහෝ ගාන පොකුණ ගාව හිටිය මේ ගෙදර කට්ටියව කැංගරුවන්ගේ රටේ නෝනා කෙනෙක් ඇවිත් හොයාගෙන එක්ක ආවා :D
ගොඩාක් දේ දැන ගත්තා. වෙනදා වගේම ස්තූතියි.
ReplyDelete//සිංහල හෝරා ක්‍රමේ අනුව දහවල පැය තිහකුත් රාත්‍රියට පැය තිහකුත් තියෙනවා. දවසට පැය හැටයි. සිංහල පැයකට මිනිත්තු 24 ක් තියෙනවා.//
මේ සිංහල හෝරා ක්‍රමය කොයි කාලේ වගේද භාවිතයට ගැනීම නැවතිලා තියෙන්නේ
හොඳ ප්‍රශ්නයක්.
Delete@ Gihan (ගිහාන්)
Delete1815 ඉදන් සමස්ත ලංකාවේම ඉංග්‍රීසි කාල වේලා ක්‍රමය ආරම්භ වීමත් එක්ක සිංහල හෝරා ක්‍රමය භාවිතා කිරීම අභාවයට ගියා කියලා හිතන්න පුලුවන්. ඒත් තාමත් ග්‍රාමීය මට්ටමෙන් මේ ක්‍රමය පාවිච්චි වෙනවා.
පොස්ට් එක වගේම කමෙන්ට් ටිකයි ඒවායේ උත්තර ටිකයි කියෙවුවාම ලොකු දැනුමක් ගන්න පුළුවන්. රොබට් නොක්ස් ගේ පොතෙන් හැර වෙනත් පොත් නැද්ද ඒ කාලේ සිදුවුණා සිද්දි දැනගන්න. මොනවා වුනාත් සුද්දෙක් ඇතැම් කරුණු විකුර්ති කරන්න තියෙන ඉඩ වැඩි.
ReplyDeleteතව එක සැරේම දවස් ගානක් වෙනස් වුන සිද්දිය ගැන අදහසක් තියේද?.
@ අසරණයා
Deleteතවත් ලේඛකයන්ගේ කෘති මට කියවන්න ලැබුණත් අලුත් අවුරුද්ද ගැන මෙතරම් විස්තර වෙන පොත්වල තිබුණාය කියලා මට මතකෙට එන්නේ නැහැ. කරුණු විකෘති වීමටත් වඩා අවබෝධ කරගැණීමේ දෝෂ සිද්ධ වෙන්න පුලුවන්.
දින ගණන් වෙනස් වෙන්න හේතුව කාල හෝරා ක්‍රමයේ වෙනස කියලා හිතුවත් ඇනෝ කෙනෙක් ඒකට හරියනම උත්තරේ දීලා තියෙනවා.
අලුත් අවුරුද්දේ මේ පැත්තට ගොඩ වැදුනෙමි. සුබ අලුත් අවුරුද්දක් වේවා හසිත මල්ලිට ඇතුළු සැමට..! :)
ReplyDelete@ Chandana
Deleteඑසේම වේවා එසේම වේවා :D
@ Naleen Dilruksha
ReplyDeleteඑසේම වේවා එසේම වේවා :D
@ Sarath Chandrasiri
ReplyDeleteඑසේම වේවා එසේම වේවා :D
හසිතල කොහොමද? මේ දවස් වල ටිකක් වැඩ.ඒ නිසා අසාවටවත් බ්ලොග් ලැත්තට එන්න බැරි උනා.සුබ අළු.් අවුරුද්දක් !
ReplyDelete@ ධමිමික සදරුවන්
Deleteහොඳයි හොඳයි. අපිටත් වැඩ පටන් ගත්තා :D
එහෙනම් එසේම වේවා. බ්ලොග් ලෝකේදී හම්බවෙමු :)
there is a villege in District of Polonnaruwa named Yakkure. The villegers believe tha festivalt they are ancestors of Yakka Clan and so that they are the relatives of Rawana. They believe that the sinhala new year is the day when the sun rises exacty over their old kingdom. If you take the essence of the story with your idea as given by knox etc we have to agree that sinhal new year should come in the month of March when the sun rises over sri lanka- After all this is the sun gods
ReplyDeleteමම පුංචි කාලෙ අපේ ප්‍රදේශයේ (බණ්ඩාරවෙල)ඔය අං ඇදීමේ ක්‍රීඩාව තිබුණා මතකයි. නියං කාලයක් ආවම වැස්ස බලාපොරොත්තුවෙන් අං ඇදීම කලේ. ගෝන අං ගන්න සිරිතක් නම් නෑ. ශක්තිමත් ගස් වල සන්ධියක් නැතිව 'එල්' හැඩයට නැවුනු සාමාන්‍ය ප්‍රමාණයේ අත්තකින් තමයි අං හදාගන්නේ එම 'එල්' හැඩය කපා ගෙන පොත්ත ඉවත් කරල හොදට කහ ගාල දුමේ දාල මාස ගානක් පදම් වෙන්න අරිනව ඒ විදිහට හැම ගෙදරකම වගේ කෙරෙනව අං අදින කාලෙට බොහෝම ගරුසරු ඇතිව අං පිටියට මේ අං අරන් එනවා. ගම උඩු හා යටි යනුවෙන් දෙපිළකට බෙදිල මේ ක්‍රීඩාවේ යෙදෙනව. දින ගණනාවක් තිස්සේ වැඩේ යනව ඒ තරම් සිරිත් විරිත් ගැන මතකයක් නෑ. අන්තිම දවස්වල කපු මහත්තය හා තවත් අය පිරිසක් නටනව කපු මහත්තය නටල ආරූඩෙන් ගම ගැන අනාවැකි වගේ දේවල් කියනව අවසානෙදී දේව දානෙකින් වැඩේ ඉවරවෙනවා.
ReplyDeleteඅරිසෙන් අහුබුදු මහත්මයා දවසක් ටීවී ඒකෙ කිව්වා මතකයි සිංහල අවුරුද්ද මැයි මාසෙට කිට්ටු වෙන්න යනවා කියලා . කල් යනකොට එහෙම වෙයි කියලත් කිව්වා .
ReplyDeleteවෙසක් උත්සවය එක්කම අවුරුද්ද . හොඳට තියෙයි .
මේ අපි භාවිතා කරන නැකත්වල වැරද්දක් තියෙනවා කියලත් එතුමා දවසක් කිව්වා මතකයි .
මේ අවුරුද්ද කාම්බෝජයෙත් සමරනව අපි විදියටම
ReplyDelete