සිංහල අලුත් අවුරුද්දට කැම්පස් එකෙන් දවස් කීපයක නිවාඩුවක් ලැබිලා තිබුණු නිසා අන්තර්ජාලෙත් එක්ක ඔට්ටු වෙන්න ටිකක් වැඩි කාලයක් ලැබුණා. ඒ විදිහට අන්තර්ජාලේ එක්ක ඔට්ටු වෙවී ඉද්දී ලංකාව සම්බන්ධ පෘතුගීසි, ලන්දේසී සහ ඉංග්‍රීසි ලේඛකයන් කීප දෙනෙක් ලිව්ව කෘති කීපයකම තිබුණු පැරණි සිතුවම් වගයක් සොයාගන්න ලැබුණා. මේ චිත්‍ර අතරේ තිබුණු එක සිතුවමක් පිළිබඳව තමා අද ආගිය කතාවෙන් විශේෂයෙන් කතා කරන්න හිතුවේ.
උඩරට රාජධානියේ ආරම්භක රජතුමා වශයෙන් සැලකෙන I විමලධර්මසූරිය රජතුමා තමන්ගේ රාජකීය මුද්‍රාව විදිහට භාවිතා කළ මුද්‍රාවේ සිතුවම තමා මේ කතාවේ මුල.
I විමලධර්මසූරිය රජතුමාගේ රාජකීය මුද්‍රාව
මේ සිතුවමේ දැක්වෙන විදිහට රජතුමාගේ රාජකීය මුද්‍රාවේ තිබිලා තියෙන්නේ දකුණු අතින් කෙටි අසිපතක් දරාගෙන ඉන්න අලංකාර වස්ත්‍රාභරණවලින් සැරසුණු පුද්ගල රුවක්. ඒ පුද්ගල රුව වටේට වැල් දෙකක් වෘත්තාකාරව දක්වලා තිබෙනවා. කෙටි අසිපත දරාගෙන සිටින පුද්ගල රුව ගැන තවත් විස්තර කළොත් සර්වාංගයම ආවරණය වන ආකාරයට ඒ පුද්ගලයා සැරසී සිටින බව පෙනෙනවා.
ඒ වගේමයි හිසේ අලංකාරව සරසා තිබෙන ජටාවක් වැනි දෙයක් දකින්න පුලුවන් වගේම බෙල්ලේ මාල කීපයක් පැළඳගෙන සිටින බවකුත් පෙනනවා. ඒ වගේමයි පාදවලත් පාසළඹ වැනි යමක් පැළඳගෙන සිටින බවක් පෙනෙනවා. වම් අත ඉණට තබාගෙන සිටින අතර හිඳගෙන සිටින ඉරියව්වක් තමා පෙන්නුම් කරන්නේ.

මේ රුව සහිත I විමලධර්මසූරිය රජතුමාගේ රාජකීය මුද්‍රාව රජතුමා සයිමන් පිඤ්ඤෝ කියන පෘතුගීසි කපිතාන්වරයාට යවපු ලියුමේ තිබුණු බව ෆර්නාඕ ද ක්වේරෝස් දක්වනවා.
ඒ වගේමයි 1602 දී I විමලධර්මසූරිය රජතුමා බැහැ දැකීමට පැමිණි ලන්දේසි අද්මිරාල් ජොරිස් වාන් ස්පිල්බර්ජගේ චාරිකා සටහන් ඇතුළත් වාර්තාවේද මේ රුව සහිත මුද්‍රාවේ සිතුවමක් තිබූ බව පෙනෙනවා.
මීළඟට එන ගැටලුව තමාඇත්තටම මේ රුවෙන් නිරූපණය කරන්නේ කවුරුන්ද කියන එක. මේ ගැන කිසියම් ඉඟියක් ලැබෙන්නේ 1770 දී එංගලන්තයේදී ඇලෙක්සැන්ඩර් හොග් විසින් ප්‍රකාශයට පත් කරපු කෘතියක තිබෙන සිතුවමක් හරහා.
ඒ සිතුවමේ පිරිසක් කිසියම් ප්‍රතිමාවකට පුද පූජා පවත්වන ආකාරයක් දැකගන්න පුලුවන්. සිතුවමේ විස්තරය වශයෙන් දක්වලා තියෙන්නේ ලංකාවේ ආරක්ෂක දෙවියා වන බුදුන් වහන්සේට පුද පූජා පැවැත්වීම කියලා.
I විමලධර්මසූරිය රජතුමාගේ රාජකීය මුද්‍රාවේ දක්නට ලැබුණු කඩුවක් අතින් ගත් පුද්ගලයා සහ මේ සිතුවමේ දැකගන්න පුලුවන් කඩුවක් අතින් ගත් පුද්ගල රුව අතරේ ලොකු සමානකමක් තියෙන්නේ.
කලින් I විමලධර්මසූරිය රජතුමාගේ මුද්‍රාවේ සිටි පුද්ගලයා වගේම දකුණු අතින් අසිපතක් දරාගෙන වම් අත ඉණට තබාගෙන සිටින ආකාරය මේ ප්‍රතිමාවෙත් දැකගන්න පුලුවන්. ඒ වගේමයි සර්වාංගයම වැසෙන ආකාරයෙන් වස්ත්‍රයක් සැරසී සිටිනවා වගේම බෙල්ලේ මාල කීපයක් පැළඳගෙන සිටින ආකාරය පෙනෙනවා. පෙර පරිදිම හිසේ අලංකාර ජටාවක් දැකගන්න පුලුවන්.
මේ ප්‍රතිමාව ඉදිරිපිට සර්පයන්ගේ රූ සහිත පුදසුනක් තබා තිබෙනවා වගේම ප්‍රතිමාව දෙපසින් පූජා භාජන රැගත් මිනිසුන් දැකගන්න පුලුවන්. ඉදිරියේම සිටින හිස කෙස් මුඩු කරලා රැවුල වවාගෙන සිටින පුද්ගලයා පූජකයෙක් විදිහට අනුමාන කරන්න පුලුවන්. මෙම ප්‍රතිමාව තබා තිබෙන ශාලාවේ බිත්ති ආදියේදී අවි ආයුධ සවිකර ඇති අතරම බිත්තිවල තිබෙන සිතුවම්වලද ආයුධ අතින් ගත් අයගේ රූප දැකගන්න පුලුවන්.

මේ කරුණු පිළිබඳව සළකා බැලුවොත් මේ බුදුන් වහන්සේ නොවන බව හොඳාකාරවම පැහැදිලියි. බුදුන් වහන්සේව නිරූපණය කරන කිසිම රූපයක මේ ආකාරයෙන් උන්වහන්සේ අවි ආයුධ දරා සිටින ආකාරයක් නොපෙන්වන නිසාම මේක කිසියම් වැරදීමක් කියලා හිතාගන්න පුලුවන්.
බොහෝ වෙලාවට විදේශීය ලේඛකයන් තමන්ගේ දේව සංකල්පත් එක්ක බුදු දහම පටලවා ගත්තු බවක් පේන්න තියෙනවා. ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් බුදු දහම සහ බුදුන් වහන්සේ ගැන දක්වන විස්තරේ ඒකට හොඳම උදාහරණයක්
".....මෙම රට වැසියන් අදහන ප්‍රධාන දෙවියන් වූ බුදුන් වහන්සේ මේ කඳු මුදුනේ [ශ්‍රී පාදය] විසූ බවත් මෙරට වැසියන් හට වන්දනාමාන කර ගැනීමට ස්වකීය පාද ලාංඡනය මෙම කඳු මුදුනෙහි පිහිටුවා උන්වහන්සේ නිර්වාණයට ගිය බවත් මෙරට වැසියෝ විශ්වාස කරති...."
ඉහත කාරණේ බැහැර කළත් මේ සිතුවම හරහා යුධකාමී දෙවි කෙනෙක් ලක්වැසියන්ගේ විශේෂයෙන් උඩරට වැසියන්ගේ වන්දනාවට පාත්‍ර වුණු බව පෙනෙන්න තියෙනවා.
ඒ යුධකාමී දෙවියන්ගේ රුව උඩරට රාජධානියේ ආරම්භක රජතුමා වුණු I විමලධර්මසූරියගේ රාජකීය මුද්‍රාවේ තියෙන නිසා මේ යුධකාමී දෙවියන්ව වන්දනා කිරීම උඩරට රාජධානිය ආරම්භ වුණු සමයේ ඉදන්ම තිබුණාය හෝ එහෙමත් නැත්නම් මේ යුධකාමී දෙවියන් තමන්ගේ ආරක්ෂක දෙවියා විදිහට I විමලධර්මසූරිය රජතුමා විශ්වාස කළාය කියන අනුමානයට එළඹෙන්න පුලුවන්.

සිංහල රජුන්ගේ රාජකීය ලාංඡනයට සිංහයා බොහෝ විට යෙදුණත් I විමලධර්මසූරිය රජතුමා ඒකෙන් බැහැරවීම ගැන මගේ අදහස තමා රජතුමා තරුණ වයසේ ඉදන්ම පෘතුගීසින් සමීපයේ හැදුණා වගේම ගෝවේ වගේ ප්‍රදේශවල වාසය කිරීමත් එක්ක කතෝලික දහම මත බැඳුණු අදහස් රැසක් හිතේ තිබුණා වෙන්න ඕනේ.
සාමාන්‍යයෙන් කතෝලික පාලකයන් තමන්ගේ රාජකීය ලාංඡනයට කතෝලික දහමත් එක්ක සම්බන්ධ වෙන යම් යම් සංකේත එකතු කිරීම දැකගන්න පුලුවන්. ඒ ක්‍රමය අනුගමනය කරමින් I විමලධර්මසූරිය රජතුමාත් තමන් පිළිගත් දෙවියාගේ රුව තමන්ගේ රාජකීය මුද්‍රාවට ඇතුළත් කළා වෙන්න පුලුවන්.
උදාහරණ විදිහට ලංකාවේ ප්‍රථම පෘතුගීසි ස්මාරකය සටහනෙන් පෘතුගාල රාජකීය ලාංඡනය නිර්මාණය වෙද්දී කතෝලික බලපෑම ලැබුනු ආකාරය ගැන කතා කළා මතක ඇතිනේ.

පෘතුගාල රාජකීය ලාංඡනය
උදාහරණ විදිහට ලංකාවේ ප්‍රථම පෘතුගීසි ස්මාරකය සටහනෙන් පෘතුගාල රාජකීය ලාංඡනය නිර්මාණය වෙද්දී කතෝලික බලපෑම ලැබුනු ආකාරය ගැන කතා කළා මතක ඇතිනේ.
ඉතින් උඩින් දක්වලා තියෙන රූප දෙකෙන්ම පෙන්නුම් කරන යුධකාමී දෙවියන් කවුද කියන එක ගැටලුවක්. නුවර යුගයේ රාජ්‍යත්වයත් එක්ක බැඳිලා ඉන්න ප්‍රධානම දෙවියා වෙන්නේ නාථ දෙවියන්. රජුන්ගේ අභිෂේක මංගල්‍යය සිදුකිරීමේදී වැදගත්ම වැඩ කොටස ඉටු කළෙත් නාථ දේවාලයෙන්.
ඒත් නාථ දෙවියන්ගේ ප්‍රතිමා සෑම එකකම වගේ දෙවියන් නිරායුධව දක්වා තියෙන එක වගේම දේව සාහිත්‍යයේ නාථ දෙවියන් සාමකාමී අයෙක් විදිහටත් දක්වලා තියෙන නිසා මේ නාථ දෙවියන්ය කියන පිළිගැනීම බැහැර කරන්න පුලුවන්.
විශේෂයෙන්ම පිටියේ දෙවියන් ගැන කියවෙන කතා පුවතේදී නාථ දෙවියන් පිටියේ දෙවියන්ට වඩා බලසම්පන්න වුණත් පිටියේ දෙවියන් සතුන් මරා දමලා ඒ කොටස්වලින් නාථ දෙවියන්ට පහර දෙන්නට පටන් ගත්තු නිසා පිටියේ දෙවියෝ එක්ක සටන් කරන්න නොගිහින් නාථ දෙවියෝ මහනුවරටම පසුබසින බව කියවෙනවා.
ඒ වුණත් මහනුවර නගරය ප්‍රධාන උඩරට රාජධානියත් එක්ක නාථ දෙවියන්ගේ තිබෙන බොහොම ලොකු සම්බන්ධයක්. කලින් කිව්වා වගේම රාජාභිෂේකය සම්බන්ධව විතරක් නෙමේ මහනුවර නගරයේ තිබෙන පැරණිම ගොඩනැගිල්ල වෙන්නේත් මහනුවර නාථ දේවාලය.
ගම්පොළ රජකම් කරපු III වික්‍රමබාහු රජතුමා සෙංකඩගලපුරවරය ඉදි කරද්දී ඒකේ නාථ දේවාලයක් ඉදි කරපු බව කියනවා. ඒ නිසා එක අතකට නාථ දෙවියන් මහනුවර සහ උඩරට රාජධානියේ ආරක්ෂක දෙවියන් විදිහට සැලකුණා කියන එක හිතන්න පුලුවන්. උඩරට පැතිරිලා තියෙන නාථ දේවාලය ප්‍රමාණයෙන්ම ඒක හිතාගන්න පුලුවන්.
මීළඟ මේ විෂ්ණු දෙවියෝ කියලා අනුමාන කළත් විෂ්ණු දේව ප්‍රතිමා දක්වද්දී අනිවාර්ය අංගය වෙන චක්‍රායුධය දක්වා නොතිබීමත් එක්ක මේ විෂ්ණු දෙවියෝ කියන අනුමානයත් බැහැර කරන්න පුලුවන්.
මේ කතරගම දෙවියෝ කියලා අනුමාන කළත් මුහුණ හය හෝ අත් දොළහ නොමැතිවීම නිසා මේ අනුමානය බැහැර කළත් මේ රුවෙන් දැක්වෙන දෙවියා අසිපතක් දරාගෙන සිටීමත් කතරගම දෙවියන්ගේ අත් දොළහෙන් එකක අසිපතක් තිබීමත් ඒ හැරෙන්න I විමලධර්මසූරිය රජතුමාව පවා බදුල්ලේ කතරගම දේවාලයක් ඉදි කරමින් කතරගම දෙවියන්ට අනුග්‍රහ කරපු නිසා සුළුවෙන් හෝ මේ අනුමානය හිතේ තියාගන්න පුලුවන්.
මේ හැරෙන්න අතීතයේ වන්දනා කරපු ඒත් මේ වෙද්දී වන්දනා නොකරන මතකයෙන් ඈත්වුණු දෙවියෙක්දෝ කියන ගැටලුවත් මේ සමඟම එන්න පුලුවන්. කොහොම වෙතත් මේ ගැන මට තියෙන අනුමානය දක්වන්නම්කෝ.
III වික්‍රමබාහු රජතුමාගේ කාලේ සෙංකඩගල පුරය ඉදි කිරීමේදී නාථ දේවාලයක් ඉදි කරපු බව කලින් කිව්වානේ. ඉතින් ඒ කාලේ ඉදන්ම නාථ දෙවියන්ට පුද පූජා පැවැත්වීම සිදු කරලා තියෙනවා. III වික්‍රමබාහු රජතුමාගෙන් පස්සේ ගම්පොළ රජ වුණු V බුවනෙකබාහු රජතුමාගේ කාලේ යාපනයේ ආර්ය චක්‍රවර්තිගේ ප්‍රහාර එල්ල වුණු නිසා ඒකට එරෙහිව වුණු යුද ව්‍යාපාරය අතරතුර V බුවනෙකබාහු රජතුමාගේ ප්‍රධාන අමාත්‍යවරයා වුණු නිශ්ශංක අලකේශ්වර සහ ඔහුගේ සහෝදර දේව මන්ත්‍රීශ්වර සෙංකඩගලපුරයේ කඳවුරු බැඳගෙන හිටියා.
මේ අවස්ථාවේදී නිශ්ශංක අලකේශ්වර නාථ දෙවියන්ට පුද පූජා පවත්වන්න කටයුතු කරනවා. ලෝ සසුන් ආරක්ෂා කරන්න ඔවුන් කරන උත්සහයට පිහිටවීමක් විදිහට එදා රෑ නාථ දෙවියන් සහ නා ගසේ දෙවියන් සිහිනෙන් පෙනිලා යුද්ධය ජයගන්න අවශ්‍ය උපදෙස් නිශ්ශංක අලකේශ්වරට ලබා දෙනවා.
අවසානයේදී යුද්ධය ජයගත්තු නිශ්ශංක අලකේශ්වර නාථ දෙවියන්ට සහ නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉඩම් පරිත්‍යාගයක් සිදු කරනවා. මේ කතා පුවත දක්වන්නේ නිශ්ශංක අලකේශ්වර පිහිටවපු සගම පර්වත ලිපියේ.
සගම පර්වත ලිපියේ තිබෙන්නේ මෙන්න මේ විස්තරේ.
“ශ්‍රී සුසැදි සිරිවත් නිලිකිත් රිවි කුල තිලක ත්‍රී සිංහලාධීස්වර නවරත්නාධිපති ශ්‍රී භුවනෙකබාහු රාජෝත්තමයන් හට නව වනු සකල ගුන මණි නිධි ජල නිධි ප්‍රශසතශ කති ධරෂණ මුඛ පරනාරී පරාඩ මුඛ ශ්‍රී බෝධි වඩා සපැමිණි ගණ වැසි කුළ මාතෘ වංශ පීතෘ වංශ මෙණවර කුල මෙ යුගන්ධර දිවාකර නිශාක් ලෙසින් ලො එකලු කළ සිරි නුදුල අලකේශවර දේව මන්ත්‍රීශ්වර දෙබෑයන් මෙලක් දිව් ලො සසුන් වැඩ සදහා කරනා උත්සාහයට පිහිටැව ස්වප්නයෙන් පෙනී ජය කාරණා දක්වා ශශත්‍රැ පක්ෂ අපර පක්ෂ චන්ද්‍රයා සේ කර මිත්‍ර පක්ෂ පූර්ව පක්ෂ චන්ද්‍රයා සේ කරවමින් මෙසෙදේවතා ප්‍රසාදයෙන් ලංකාව එකත්පත්‍ර පත්‍ර කොට තනා සකළ අභිවෘද්ධි කළ හෙයින් සෙන්කඩගල නාථ ස්වාමීන්ටත් නාගස දෙවියන්ටත් මෙ අමාතෙනාම දෙදෙනාගෙ නමින් නිරන්තරයෙන් පාබත් පුදන ලෙසට සගම බද සපුතල ගම කුම්බුරු බිජුවට දෙයාළ දසමුණක් මෙහි බද ගම් මුදල ගසකොළ වල්පිට ඇතුලුවූ තැන් ඉර සඳ පමුණු කොට දුන් මෙ ගමට ඉදිරියෙ රජ යුව රජ මහ ඇමති ඇදී තම තමන්ට වැඩ කමත් තැන් විසින් දේවාලයට චිරාත් කාලයක් පවත්වා ලිය යුතු.”
මේ කතා පුවතත් එක්ක "නා ගසේ දෙවියන්" නමින් හඳුන්වපු දෙවි කෙනෙක් උඩරට ප්‍රදේශවල වන්දනා කරපු බව පෙනෙනවා.
වර්තමානයේ නාථ දේවාලයක් විදිහට පිළිගැනෙන දොඩන්වල නාථ දේවාලය නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉදි කරපු බව දොඩන්වල දේවාලයේ කපු මහත්වරුන් ගායනා කරන කවිවලින් පෙනෙනවා.
තනා එතන කෝවිල කරවාලා
මනාප ඇති තැන් මඩු සරසාලා
දෙමළ යකුන් අල්ලා බැටදීලා
සිටියෝ දෙවියෝ තෙද බලපාලා
මේ කවිවලින් කියවෙන විදිහට දොඩන්වල දේවාලය තිබුණු තැන හේනක් සකස් කරන්න ආපු ගැමියෙන් අතින් එතැන තිබුණු නා ගසක් කැපීමෙන් එතැනින් ලේ ගලාගෙන ඇවිත් තියෙනවා. බයට පත්වුණු ගැමියා සිහිසුන් වීමත් එක්ක දෙවියෝ සිහිනෙන් පෙනිලා දේවාලයක් කරන්න අණ කිරීමත් එක්ක එතැන දේවාලයක් ඉදි කරවලා තියෙනවා.
පස්සේ ඒ ප්‍රදේශයේ හිටිය ධර්මතිස්ස කියන රජතුමාට නා ගසකින් යක්ෂයෙක් ඇවිත් රජතුමාගේ කඩුව උදුරනවා හීනෙන් පෙනීමත් එක්ක රජතුමා එතනට ඇවිත් අවසානයේදී දෙවියන්ගේ තේජස් දැකලා තමන්ගේ කඩුව දෙවියන්ට පූජා කරලා දේවලයේ පැවැත්මට අනුග්‍රහ කරපු බව තමා කියවෙන්නේ.
ඒ වගේමයි පසුකාලීනව පෘතුගීසින් සමඟ යුද්ධයට යන II රාජසිංහ රජතුමාගේ දෝලාව දේවාලය අසළදී දේව තේජසින් කැඩී යාමත් පස්සේ දේව යාතිකාවක් කිරීමෙන් පස්සේ දෝලාවේ කැඩුණු ලීය සවිවුණු බවත් "යුද්ධයට අධිපති දෙවියන් වුණු දොඩන්වල දෙවියන්ගෙන්" රජතුමා තමන් යන යුද්ධයෙන් ජයගනීද යන කරුණ ඇසීමත් එක්ක රජතුමා ජයගන්නා බව දෙවියන් කී බවත් කියවෙනවා. අවසානයේදී රජතුමා තමන්ගේ ඔටුන්න සහ කඩුව ඇතුළු රාජකීය ආභරණ කීපයක්ම දේවාලයට පුද කර තිබෙනවා.
විශේෂම කරුණ වෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ සමයේ මේ දේවාලය පිළිසකර කිරීමේදී දේවාලයේ ඇතුල් ගෘහයේ දේව ප්‍රතිමා නිර්මාණය කරද්දී රාජාභරණ පැළඳගෙන ඉන්න මැටි රූප තුනක් නිර්මාණය කරලා තියෙන එක. මැද තිබෙන ප්‍රධාන රූපය සහ පරිවාර රූප දෙක රාජකීයයන්ගේ ස්වරූපයෙන් නිර්මාණය කරලා තියෙන බව තමා කියවෙන්නේ. මේ ප්‍රතිමාවන්ගෙන් එකක්වත් නාථ දේව ප්‍රතිමා ආකෘතියට සමාන නොවෙන බවයි කියන්නේ.
නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉදි කරපු දොඩන්වල දේවාලය පසුකාලීන නාථ දේවාලයක් බවට පත්වෙලා තියෙන්නේ කරුණු කීපයක් මත. නා ගසේ දේවියන් සහ නාථ දෙවියන් කියන නම් දෙකම එක අකුරකින් පටන් ගැනීම වගේම නාථ දෙවියන් මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ලෙස පිළිගැනීමත් එතුමන් බුදු වන්නේ නා ගසක් මුල් කරගෙන වීමත් කියන කරුණු නිසා නා ගසේ දෙවියන් සහ නාථ දෙවියන් එක් දෙවියෙක් ලෙස වන්දනා කරන්න පටන් ගත්තු බව හිතාගන්න පුලුවන්.
මේ කතා සියල්ලම සංක්ෂිප්ත කරලා දැක්වුවහොත් නිශ්ශංක අලකේශ්වරට ආර්ය චක්‍රවර්ති එක්ක යුද්ධයෙන් ජයගන්න උපදෙස් ලබාදෙන්නේත් නා ගසේ දෙවියන්. ඒ වගේමයි II රාජසිංහ රජතුමාත් දොඩන්වල දේවාලයට පිටත් වෙලා නා ගසේ දෙවියන්ගෙන් යුද්ධය ගැන විචාරන්නේ ඒ දෙවියන් යුද්ධයට අධිපති දෙවියන් විදිහට සැලකෙන නිසා.
ඒ නිසා නා ගසේ දෙවියන් උඩරට සමාජය ඇතුළේ යුද්ධයට අධිපති දෙවියන් විදිහට පිළිගැනුණු බව අනුමාන කරන්න පුලුවන්. දොඩන්වල දේවාලයේ දේව ප්‍රතිමා පිළිබඳව කෙරෙන විස්තරයත් එක්ක කලින් දක්වපු රූපවලින් පෙන්නුම් කෙරෙන දෙවියන් සමඟ සැසඳෙන නිසා ඒ දැක්වුනේත් නා ගසේ දෙවියන් බව අනුමාන කරන්න පුලුවන්.
I විමලධර්මසූරිය රජතුමාගේ කාලයේත් වැඩි වශයෙන් යුධ ප්‍රයාණ වුණු නිසා යුද්ධයට අධිපති නා ගසේ දෙවියන්ට රජතුමා ගාව විශේෂ පිළිගැනීමක් තිබුණාය කියලා හිතන්න පුලුවන්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නා ගසේ දෙවියන් නමින් යුද්ධයට අධිපති දෙවියෙක් පිළිබඳව උඩරට සමාජයේ සෙංකඩගලපුරය ඉදිවුණු කාලයේ පටන් පිළිගැනීමක් තිබුණු බවත් උඩරට සෑම රජ කෙනෙක්ම පාහේ නා ගසේ දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන්නට ඇති බවත් ක්‍රමයෙන් උඩරට රාජධානි සමය අවසාන වෙද්දී හරි ඊටත් පසුකාලෙක හරි නා ගසේ දෙවියන් වන්දනා කිරීම යටපත් වෙලා ඒ වෙනුවටත් නාථ දෙවියන් ඇදහීම තවත් වර්ධනය වෙන්න ඇති කියන කාරණය.
මේ ලිපිය සකස් කරන්න විශේෂයෙන් පාදක කරගත්තේ ජෝන් ක්ලිෆර්ඩ් හෝල්ට් රචනා කරපු "මකුට මුනිධාරී අවලෝකිතේශ්වර නාථ ලංකා පුරාණය" කෘතිය.
ඒ හැරෙන්න වෙබ් අඩවි කීපයක තොරතුරු වගේම ඡායාරූපත් යොදා ගත්තා.
නාථ දෙවියන්ගෙන් වරම් ලැබ යුද්ධය ජය ගත් කථාව
http://srilankatemples.blogspot.com/p/temples.html
http://trips.lakdasun.org/a-three-day-trip-to-badulla.htm
http://sridaladamaligawa.lk/2013/si/node/57
http://www.silumina.lk/2009/08/02/Dalada/_art.asp?fn=ad09080210
http://www.panoramio.com/photo/73204062
ප.ලි.: මේ සටහන ලියන්න කලින් මේ ගැන ලොකු සංවාදයක් අපේ සහෘද බ්ලොග්කරුවෙක් වෙන චාමර සුමනපාල අයියාත් එක්ක ඇතිවුණා. එයා අන්තිමට කිව්වේ මේ ගැනම වුණත් වෙනම පොතක් වුණත් ලියන්න පුලුවන් කියලා :D
ප.ප.ලි.: ඉතිහාසයේ අප්‍රකට කතා මාලාව කාලයක් එක දිගට ලියාගෙන ආවත් දැන් ඒක එහෙමම ලියන්න අමාරුයි. ඒකට ප්‍රධානම හේතුව තමා ඉතිහාසයේ අප්‍රකට කතා මාලාවේ එක ලිපියක් ලියන්න ලොකු කාලයක් වෙන් කරන්න සිද්ධ වෙන එක. ඉතින් කාල වේලාවේ ගැටලුත් එක්ක තමා ඉතිහාසයේ අප්‍රකට කතා ලිපි මාලාව දැන් හරි අඩුවෙන් ලියවෙන්නේ. ඒත් පුලුවන් විදිහට ඉදිරියටත් ඒ ලිපි මාලාව ලියන්න තමා හිතාගෙන ඉන්නේ :)
මහනුවර නාථ දේවාලයේ නාථ දේව ප්‍රතිමාව
ඒත් නාථ දෙවියන්ගේ ප්‍රතිමා සෑම එකකම වගේ දෙවියන් නිරායුධව දක්වා තියෙන එක වගේම දේව සාහිත්‍යයේ නාථ දෙවියන් සාමකාමී අයෙක් විදිහටත් දක්වලා තියෙන නිසා මේ නාථ දෙවියන්ය කියන පිළිගැනීම බැහැර කරන්න පුලුවන්.
විශේෂයෙන්ම පිටියේ දෙවියන් ගැන කියවෙන කතා පුවතේදී නාථ දෙවියන් පිටියේ දෙවියන්ට වඩා බලසම්පන්න වුණත් පිටියේ දෙවියන් සතුන් මරා දමලා ඒ කොටස්වලින් නාථ දෙවියන්ට පහර දෙන්නට පටන් ගත්තු නිසා පිටියේ දෙවියෝ එක්ක සටන් කරන්න නොගිහින් නාථ දෙවියෝ මහනුවරටම පසුබසින බව කියවෙනවා.
මහනුවර නාථ දේවාලය
ඒ වුණත් මහනුවර නගරය ප්‍රධාන උඩරට රාජධානියත් එක්ක නාථ දෙවියන්ගේ තිබෙන බොහොම ලොකු සම්බන්ධයක්. කලින් කිව්වා වගේම රාජාභිෂේකය සම්බන්ධව විතරක් නෙමේ මහනුවර නගරයේ තිබෙන පැරණිම ගොඩනැගිල්ල වෙන්නේත් මහනුවර නාථ දේවාලය.
ගම්පොළ රජකම් කරපු III වික්‍රමබාහු රජතුමා සෙංකඩගලපුරවරය ඉදි කරද්දී ඒකේ නාථ දේවාලයක් ඉදි කරපු බව කියනවා. ඒ නිසා එක අතකට නාථ දෙවියන් මහනුවර සහ උඩරට රාජධානියේ ආරක්ෂක දෙවියන් විදිහට සැලකුණා කියන එක හිතන්න පුලුවන්. උඩරට පැතිරිලා තියෙන නාථ දේවාලය ප්‍රමාණයෙන්ම ඒක හිතාගන්න පුලුවන්.
විෂ්ණු දෙවියෝ
මීළඟ මේ විෂ්ණු දෙවියෝ කියලා අනුමාන කළත් විෂ්ණු දේව ප්‍රතිමා දක්වද්දී අනිවාර්ය අංගය වෙන චක්‍රායුධය දක්වා නොතිබීමත් එක්ක මේ විෂ්ණු දෙවියෝ කියන අනුමානයත් බැහැර කරන්න පුලුවන්.
කතරගම දෙවියෝ
මේ කතරගම දෙවියෝ කියලා අනුමාන කළත් මුහුණ හය හෝ අත් දොළහ නොමැතිවීම නිසා මේ අනුමානය බැහැර කළත් මේ රුවෙන් දැක්වෙන දෙවියා අසිපතක් දරාගෙන සිටීමත් කතරගම දෙවියන්ගේ අත් දොළහෙන් එකක අසිපතක් තිබීමත් ඒ හැරෙන්න I විමලධර්මසූරිය රජතුමාව පවා බදුල්ලේ කතරගම දේවාලයක් ඉදි කරමින් කතරගම දෙවියන්ට අනුග්‍රහ කරපු නිසා සුළුවෙන් හෝ මේ අනුමානය හිතේ තියාගන්න පුලුවන්.
බදුලු කතරගම දේවාලය
මේ හැරෙන්න අතීතයේ වන්දනා කරපු ඒත් මේ වෙද්දී වන්දනා නොකරන මතකයෙන් ඈත්වුණු දෙවියෙක්දෝ කියන ගැටලුවත් මේ සමඟම එන්න පුලුවන්. කොහොම වෙතත් මේ ගැන මට තියෙන අනුමානය දක්වන්නම්කෝ.
III වික්‍රමබාහු රජතුමාගේ කාලේ සෙංකඩගල පුරය ඉදි කිරීමේදී නාථ දේවාලයක් ඉදි කරපු බව කලින් කිව්වානේ. ඉතින් ඒ කාලේ ඉදන්ම නාථ දෙවියන්ට පුද පූජා පැවැත්වීම සිදු කරලා තියෙනවා. III වික්‍රමබාහු රජතුමාගෙන් පස්සේ ගම්පොළ රජ වුණු V බුවනෙකබාහු රජතුමාගේ කාලේ යාපනයේ ආර්ය චක්‍රවර්තිගේ ප්‍රහාර එල්ල වුණු නිසා ඒකට එරෙහිව වුණු යුද ව්‍යාපාරය අතරතුර V බුවනෙකබාහු රජතුමාගේ ප්‍රධාන අමාත්‍යවරයා වුණු නිශ්ශංක අලකේශ්වර සහ ඔහුගේ සහෝදර දේව මන්ත්‍රීශ්වර සෙංකඩගලපුරයේ කඳවුරු බැඳගෙන හිටියා.
මේ අවස්ථාවේදී නිශ්ශංක අලකේශ්වර නාථ දෙවියන්ට පුද පූජා පවත්වන්න කටයුතු කරනවා. ලෝ සසුන් ආරක්ෂා කරන්න ඔවුන් කරන උත්සහයට පිහිටවීමක් විදිහට එදා රෑ නාථ දෙවියන් සහ නා ගසේ දෙවියන් සිහිනෙන් පෙනිලා යුද්ධය ජයගන්න අවශ්‍ය උපදෙස් නිශ්ශංක අලකේශ්වරට ලබා දෙනවා.
අවසානයේදී යුද්ධය ජයගත්තු නිශ්ශංක අලකේශ්වර නාථ දෙවියන්ට සහ නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉඩම් පරිත්‍යාගයක් සිදු කරනවා. මේ කතා පුවත දක්වන්නේ නිශ්ශංක අලකේශ්වර පිහිටවපු සගම පර්වත ලිපියේ.
සගම පර්වත ලිපියේ තිබෙන්නේ මෙන්න මේ විස්තරේ.
“ශ්‍රී සුසැදි සිරිවත් නිලිකිත් රිවි කුල තිලක ත්‍රී සිංහලාධීස්වර නවරත්නාධිපති ශ්‍රී භුවනෙකබාහු රාජෝත්තමයන් හට නව වනු සකල ගුන මණි නිධි ජල නිධි ප්‍රශසතශ කති ධරෂණ මුඛ පරනාරී පරාඩ මුඛ ශ්‍රී බෝධි වඩා සපැමිණි ගණ වැසි කුළ මාතෘ වංශ පීතෘ වංශ මෙණවර කුල මෙ යුගන්ධර දිවාකර නිශාක් ලෙසින් ලො එකලු කළ සිරි නුදුල අලකේශවර දේව මන්ත්‍රීශ්වර දෙබෑයන් මෙලක් දිව් ලො සසුන් වැඩ සදහා කරනා උත්සාහයට පිහිටැව ස්වප්නයෙන් පෙනී ජය කාරණා දක්වා ශශත්‍රැ පක්ෂ අපර පක්ෂ චන්ද්‍රයා සේ කර මිත්‍ර පක්ෂ පූර්ව පක්ෂ චන්ද්‍රයා සේ කරවමින් මෙසෙදේවතා ප්‍රසාදයෙන් ලංකාව එකත්පත්‍ර පත්‍ර කොට තනා සකළ අභිවෘද්ධි කළ හෙයින් සෙන්කඩගල නාථ ස්වාමීන්ටත් නාගස දෙවියන්ටත් මෙ අමාතෙනාම දෙදෙනාගෙ නමින් නිරන්තරයෙන් පාබත් පුදන ලෙසට සගම බද සපුතල ගම කුම්බුරු බිජුවට දෙයාළ දසමුණක් මෙහි බද ගම් මුදල ගසකොළ වල්පිට ඇතුලුවූ තැන් ඉර සඳ පමුණු කොට දුන් මෙ ගමට ඉදිරියෙ රජ යුව රජ මහ ඇමති ඇදී තම තමන්ට වැඩ කමත් තැන් විසින් දේවාලයට චිරාත් කාලයක් පවත්වා ලිය යුතු.”
මේ කතා පුවතත් එක්ක "නා ගසේ දෙවියන්" නමින් හඳුන්වපු දෙවි කෙනෙක් උඩරට ප්‍රදේශවල වන්දනා කරපු බව පෙනෙනවා.
වර්තමානයේ නාථ දේවාලයක් විදිහට පිළිගැනෙන දොඩන්වල නාථ දේවාලය නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉදි කරපු බව දොඩන්වල දේවාලයේ කපු මහත්වරුන් ගායනා කරන කවිවලින් පෙනෙනවා.
හේනක් කොටන්නට
ගොවියෙක් ඇවිත් එතනට
කෙටූ නා පැලයට
රුදිර දස අත ගියේ විගසට
රුදිර දස අත ගියේ විගසට
බිය පත් වී වැටින
දෙවියෝ සීනෙන් පෙනෙමින
කී වදන දැනගෙන
නැගිට ගොවියා සැනෙන සතුටින
දෙවියෝ සීනෙන් පෙනෙමින
කී වදන දැනගෙන
නැගිට ගොවියා සැනෙන සතුටින
තනා එතන කෝවිල කරවාලා
මනාප ඇති තැන් මඩු සරසාලා
දෙමළ යකුන් අල්ලා බැටදීලා
සිටියෝ දෙවියෝ තෙද බලපාලා
දෑත දෙපයෙන් ගිනි දැල් පිටත් උනා
බූත යකෙක් නාගස සීනෙන් පෙනුනා
දෑත කඩුව රජුගෙන් උදුරා රැගෙනා
මෙවැනි ලකුණු රජු හට සීනෙන් පෙනුනා
බූත යකෙක් නාගස සීනෙන් පෙනුනා
දෑත කඩුව රජුගෙන් උදුරා රැගෙනා
මෙවැනි ලකුණු රජු හට සීනෙන් පෙනුනා
දොඩන්වල දේවාලය
පස්සේ ඒ ප්‍රදේශයේ හිටිය ධර්මතිස්ස කියන රජතුමාට නා ගසකින් යක්ෂයෙක් ඇවිත් රජතුමාගේ කඩුව උදුරනවා හීනෙන් පෙනීමත් එක්ක රජතුමා එතනට ඇවිත් අවසානයේදී දෙවියන්ගේ තේජස් දැකලා තමන්ගේ කඩුව දෙවියන්ට පූජා කරලා දේවලයේ පැවැත්මට අනුග්‍රහ කරපු බව තමා කියවෙන්නේ.
ඒ වගේමයි පසුකාලීනව පෘතුගීසින් සමඟ යුද්ධයට යන II රාජසිංහ රජතුමාගේ දෝලාව දේවාලය අසළදී දේව තේජසින් කැඩී යාමත් පස්සේ දේව යාතිකාවක් කිරීමෙන් පස්සේ දෝලාවේ කැඩුණු ලීය සවිවුණු බවත් "යුද්ධයට අධිපති දෙවියන් වුණු දොඩන්වල දෙවියන්ගෙන්" රජතුමා තමන් යන යුද්ධයෙන් ජයගනීද යන කරුණ ඇසීමත් එක්ක රජතුමා ජයගන්නා බව දෙවියන් කී බවත් කියවෙනවා. අවසානයේදී රජතුමා තමන්ගේ ඔටුන්න සහ කඩුව ඇතුළු රාජකීය ආභරණ කීපයක්ම දේවාලයට පුද කර තිබෙනවා.
දොඩන්වල දේවාලය
විශේෂම කරුණ වෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ සමයේ මේ දේවාලය පිළිසකර කිරීමේදී දේවාලයේ ඇතුල් ගෘහයේ දේව ප්‍රතිමා නිර්මාණය කරද්දී රාජාභරණ පැළඳගෙන ඉන්න මැටි රූප තුනක් නිර්මාණය කරලා තියෙන එක. මැද තිබෙන ප්‍රධාන රූපය සහ පරිවාර රූප දෙක රාජකීයයන්ගේ ස්වරූපයෙන් නිර්මාණය කරලා තියෙන බව තමා කියවෙන්නේ. මේ ප්‍රතිමාවන්ගෙන් එකක්වත් නාථ දේව ප්‍රතිමා ආකෘතියට සමාන නොවෙන බවයි කියන්නේ.
නා ගසේ දෙවියන් වෙනුවෙන් ඉදි කරපු දොඩන්වල දේවාලය පසුකාලීන නාථ දේවාලයක් බවට පත්වෙලා තියෙන්නේ කරුණු කීපයක් මත. නා ගසේ දේවියන් සහ නාථ දෙවියන් කියන නම් දෙකම එක අකුරකින් පටන් ගැනීම වගේම නාථ දෙවියන් මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ලෙස පිළිගැනීමත් එතුමන් බුදු වන්නේ නා ගසක් මුල් කරගෙන වීමත් කියන කරුණු නිසා නා ගසේ දෙවියන් සහ නාථ දෙවියන් එක් දෙවියෙක් ලෙස වන්දනා කරන්න පටන් ගත්තු බව හිතාගන්න පුලුවන්.
මේ කතා සියල්ලම සංක්ෂිප්ත කරලා දැක්වුවහොත් නිශ්ශංක අලකේශ්වරට ආර්ය චක්‍රවර්ති එක්ක යුද්ධයෙන් ජයගන්න උපදෙස් ලබාදෙන්නේත් නා ගසේ දෙවියන්. ඒ වගේමයි II රාජසිංහ රජතුමාත් දොඩන්වල දේවාලයට පිටත් වෙලා නා ගසේ දෙවියන්ගෙන් යුද්ධය ගැන විචාරන්නේ ඒ දෙවියන් යුද්ධයට අධිපති දෙවියන් විදිහට සැලකෙන නිසා.
ඒ නිසා නා ගසේ දෙවියන් උඩරට සමාජය ඇතුළේ යුද්ධයට අධිපති දෙවියන් විදිහට පිළිගැනුණු බව අනුමාන කරන්න පුලුවන්. දොඩන්වල දේවාලයේ දේව ප්‍රතිමා පිළිබඳව කෙරෙන විස්තරයත් එක්ක කලින් දක්වපු රූපවලින් පෙන්නුම් කෙරෙන දෙවියන් සමඟ සැසඳෙන නිසා ඒ දැක්වුනේත් නා ගසේ දෙවියන් බව අනුමාන කරන්න පුලුවන්.
I විමලධර්මසූරිය රජතුමාගේ කාලයේත් වැඩි වශයෙන් යුධ ප්‍රයාණ වුණු නිසා යුද්ධයට අධිපති නා ගසේ දෙවියන්ට රජතුමා ගාව විශේෂ පිළිගැනීමක් තිබුණාය කියලා හිතන්න පුලුවන්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නා ගසේ දෙවියන් නමින් යුද්ධයට අධිපති දෙවියෙක් පිළිබඳව උඩරට සමාජයේ සෙංකඩගලපුරය ඉදිවුණු කාලයේ පටන් පිළිගැනීමක් තිබුණු බවත් උඩරට සෑම රජ කෙනෙක්ම පාහේ නා ගසේ දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන්නට ඇති බවත් ක්‍රමයෙන් උඩරට රාජධානි සමය අවසාන වෙද්දී හරි ඊටත් පසුකාලෙක හරි නා ගසේ දෙවියන් වන්දනා කිරීම යටපත් වෙලා ඒ වෙනුවටත් නාථ දෙවියන් ඇදහීම තවත් වර්ධනය වෙන්න ඇති කියන කාරණය.
මේ ලිපිය සකස් කරන්න විශේෂයෙන් පාදක කරගත්තේ ජෝන් ක්ලිෆර්ඩ් හෝල්ට් රචනා කරපු "මකුට මුනිධාරී අවලෝකිතේශ්වර නාථ ලංකා පුරාණය" කෘතිය.
ඒ හැරෙන්න වෙබ් අඩවි කීපයක තොරතුරු වගේම ඡායාරූපත් යොදා ගත්තා.
නාථ දෙවියන්ගෙන් වරම් ලැබ යුද්ධය ජය ගත් කථාව
http://srilankatemples.blogspot.com/p/temples.html
http://trips.lakdasun.org/a-three-day-trip-to-badulla.htm
http://sridaladamaligawa.lk/2013/si/node/57
http://www.silumina.lk/2009/08/02/Dalada/_art.asp?fn=ad09080210
http://www.panoramio.com/photo/73204062
ප.ලි.: මේ සටහන ලියන්න කලින් මේ ගැන ලොකු සංවාදයක් අපේ සහෘද බ්ලොග්කරුවෙක් වෙන චාමර සුමනපාල අයියාත් එක්ක ඇතිවුණා. එයා අන්තිමට කිව්වේ මේ ගැනම වුණත් වෙනම පොතක් වුණත් ලියන්න පුලුවන් කියලා :D
ප.ප.ලි.: ඉතිහාසයේ අප්‍රකට කතා මාලාව කාලයක් එක දිගට ලියාගෙන ආවත් දැන් ඒක එහෙමම ලියන්න අමාරුයි. ඒකට ප්‍රධානම හේතුව තමා ඉතිහාසයේ අප්‍රකට කතා මාලාවේ එක ලිපියක් ලියන්න ලොකු කාලයක් වෙන් කරන්න සිද්ධ වෙන එක. ඉතින් කාල වේලාවේ ගැටලුත් එක්ක තමා ඉතිහාසයේ අප්‍රකට කතා ලිපි මාලාව දැන් හරි අඩුවෙන් ලියවෙන්නේ. ඒත් පුලුවන් විදිහට ඉදිරියටත් ඒ ලිපි මාලාව ලියන්න තමා හිතාගෙන ඉන්නේ :)
දොඩන්වල දෙවියෝ කියලා ගූගල් කරනකොට හම්බ උනා ‘සමබිම’ කියලා එකක්. මේ කොටස උපුටා ගත්තේ එතනින්.:)
ReplyDelete//මට දෙවිවරු හීනෙන් පේන බව මේ දැන් ඔයාට කියනකම් කාටවත් කියල නෑ…. අඩුතරමේ අම්මාට තාත්තට, ආච්චිට, සීයටවත් …. දවසක් මම අත්තම්මල එක්ක පිළිමතලාවේ දොඩන්වල දේවාලයට ගියා. එතන නාථ දේවාලය ළඟ නා ගස් හතක් තියනවා. අත්තම්මලගෙන් ඈත් වෙලා මම තනියෙන් ඒ නා ගස් ලඟට ආවා… මගේ හිතට අමුත්තක් දැනුනා. මම ඒ නා ගස් දිහාම බලන් හිටියා. ටිකකින් දැක්ක නා ගස් ලඟින් විශාල නයෙක් මතුවෙනවා. නයෙක් කිව්වට හැපින්නක් .
එත් මට බයක් දැනුනේ නැහැ. මම බලාගෙනම හිටියා. මට දැනුනා … නයා මට මොනවාහරි කියන්න හදනවා කියලා. ටික වෙලාවකින් මගේ දිහා බලාගෙන හිටපු නයා හෙමින් යන්න ගියේ අමුතු එලියකුත් එක්ක. මම මගේ ඇස අහකට ගත්තෙම නෑ. නයා ගියාට පස්සේ මම දැක්ක එතන පෙන්ඩන්ට් එකක් තියනවා. එක පැත්තක රාමා ඉන්නවා අනික් පැත්තේ හනුමා ඉන්නවා. මම එක අහුලා ගත්තා. ඊට කළු නුලක අමුනලා කරේ දාගත්ත. එදා ඉඳන් මාව බන්ධනාගාර ගත කරනකන්ම ඒ කළු නුලයි පෙන්ඩන්ට් ඒකයි මගේ බෙල්ලේ තිබුනා.//
මේක අර නාග කන්‍යාවගේ කතාවක් මගෙ හිතේ.
කමෙන්ට් එක පස්සේ. :D:D:D
දෙවිවරු අමනුෂයෝ කියන දේවල් ඇහෙනවා දකිනවා කියන එක දරුණුවටම යනවා කියන්නේ මානසික ව හොද තත්වයක නැහැ කියන එක Bipolar Disorder or Depression තියෙන කෙනෙක්ට මේ දේ වෙන්න පුළුවන්
Deleteඅර ප්‍රසිද්ද කොලවරී සින්දුව තියෙන 3 (http://en.wikipedia.org/wiki/3_%282012_Indian_film%29) film එකේ මේගැන තියෙනවා මේක තේරෙන්නේ නැතුව බැලුවොත් හිතෙන්නේ බුතයෝ පෙනිලා කොල්ලව මාරුව කියලා කැමැති ය ඉන්නවා ව නම් සිංහල sub එක්ක බලන්න ලින්ක් එක මෙන්න
http://www.zoom.lk/forums/media/m318-3-2012-sinhala-subtitles
මම හිතන්නේ මම ඔය ෆිල්ම් එක බැලුවා උඩු ගුවනේදී...දෙමල ෆිල්ම් එකක් නේද? කතාව ලස්සනයි. අවසානය හිතාගන්ටත් බෑ. :D
Delete@ Podi Kumarihami
Deleteපොඩ්ඩිලා දන්නේ නැහැනේ නයි නළඟන කියන්නේ ලංකාව කළඹන චරිතයක්. මුලින් නයාගේ සිද්ධිය නිසා. පස්සේ නයා ගන්න උසාවි ගිහින්. ඊළඟට නයාව මාරු කළා කියලා. ඊටත් පස්සේ අරාබි ජාතිකයෙක්ගෙන් පහර කාලා රෝහල් ගතවුණු නිසා. අලුත්ම තත්වේ තමා උසාවි පෙනී නොහිටියා කියලා උසාවි වරෙන්තුවක් නිසා.
ස්වර්ණවාහිනි වගේ නාලිකා තමා එයාව අප් කරලා ගත්තේ. මේ කතා එහෙමත් බොරුයි කියලා කියනවා.
පොඩ්ඩි කොලවරි ඩී ගැන එච්චර දන්නේ නැතුව ඇති. කාලයක් ඒ සිංදුව ලංකාවේ උන්මාදයක් වෙලා තිබුණේ :D
@ වරුණ
Deleteදෙවියන් අමනුෂ්‍යයන් කතා කරන එක ගැන නම මගේ තියෙන්නේ බොහොම මධ්‍යස්ථ මතයක්. අතීතයේ ඉදන්ම හීනෙන් දෙවිවරු පෙනිලා පණිවිඩ දීපුවා අනන්තවත් දැකගන්න පුලුවන්. මේ කතාවෙත් තියෙන සගම සෙල්ලිපියේ තියෙන්නේත් එහෙම කතාවක්නේ. ඒ හැරෙන්න කිතුණුවන්ගේ බයිබලේ වුණත් දෙවියන් වහන්සේ කතා කරන අවස්ථා රාශියක්ම තියෙනවානේ. ඒක නිසා එහෙම වෙන්න බැරිකමකුත් නැතුව ඇති [ඉන්ද්‍රීය ගෝචර වෙන දේකුත් නෙමෙයිනේ]
හැබයි එහෙම වෙනවා කියලා ඒ මත්තේම නැහෙන්න යනවා නම් ඒක උන්මාදයක් වෙනවා. අන්තිමට ඉතින් ජීවිතේ වුණත් කෙළවර වෙන්න බැරිකමකුත් නැහ.
කොලවරි ඩී සිංදුව ඇහුවාට ඒකේ film එක නම් බලන්න වුණේ නැහැ. දැන් ඒක බලන්නත් පුලුවන්. බොහොම ස්තුතියි :)
@ Podi Kumarihami
Deleteඔව් 3 කියන්නේ දෙමළ ෆිල්ම් එකක්
ෆිල්ම් එකේ අවසානය හරිම දුක හිතෙන එකක්
රාම් කරන ලොකුම වැරැද්ද තමයි එයට හොදම යාලුවෙක් හොද බිරිදක් අතිවිශිට දෙපවූ පිය දෙපලක් ලැබිල තියෙද්දී යාලුවට ඇරෙන්න වෙන කාටවත් ඒ ලෙඩේ ගැන නොකියන එක
යාළුවා මාර කාපකිරීමක් කරනවා රාම් ව ගොඩ ගන්න එත් අවසනවව රමට ලෙඩේ උත්සන්න වෙනවා යාලුවට සිහිය නැතිවෙන්න ගහල හිගින් රාම් දිවි නසාගන්නවා
එතැනදී තමයි මම අර කියන අමුතු රුප රාමට වැඩියෙන් බලපෑමක් කරනවා කියල පෙන්නේ
@ Hasitha
දෙවියන් අමනුෂ්‍යයන් ගැන මගේ තියෙන්නේ බොහොම මධ්‍යස්ථ මතයක් තමයි එත් දැන් කලේ වෙන ගොඩක් දේවල් බෙහෙත් දීල හොද කරන්න පුළුවන් මානසික ලෙඩ කියලයි මට කියන්න පුළුවන් මොකද දෙවිවරු නම් මේ කුනුකයවල් වලට වැහෙන්නේ නැහැ එයාල පිටතින් ඉදන් මිනිස්සුන්ට උදවූ කරනවා විතරයි හීනෙන් පෙන්න නම් පුළුවන්
යක්කු බුතයෝ පෙරේතයෝ තමයි මානසිකව දුර්වල උන මිනිසුන්ගේ ඇගවල් වලට එන්නේ
දෙවියෝ ඇවිත් නයි නළගන වගේ ගණිකාවන්ට පෙනෙයි කියල මම නම් කවදාවත් හිතන්නේ නැහැ අවනම් එන්නේ පෙරේතයෙක් කුම්භාන්ඩයෙක් තමයි
අවංකව කතා කරන කට්ටඩියෙක් ගෙන් අහලා බලන්න එයාලා උනත් කරන්නේ මානසික ප්‍රතිකර්මයක් දුම්මල සුවද පන්දම් එලි ගොක් වැඩ වලින් වෙන්නෙත් යටිහිතට බලපෑම් කරන එක
නැසීගිය දොස්තර හරිස්චන්ද්‍ර මහතා මේගැන හොදට පැහැදිලි කරනවා යුටුබ් එකේ තිබ්බා මෝහනය කරලා යකෙක් පන්නන video එකක්
මම කියන්නේ නැහැ දෙවියන් අමනුෂ්‍යයන් නැහැ කියලා
@ වරුණ
Deleteබොහෝ වෙලාවට දෙවියන් කියලා ආවේශ වෙන්න ඔයා කිව්වත් වගේ එක්කෝ යක්ෂයෙක් භූතයෙක් තමා. ඒත් නැත්නම් කවුරු හරි දේවතාවක් ගාව ඉන්න සේවක තත්වේ ඉන්න අය. ඒත් ඒක වරදවා වටහා ගන්න එක වගේම ඒක ව්‍යාපාරයක් කරගෙන ලාභ ගන්න හරි එහෙමත් නැත්නම් ජනප්‍රිය වෙන්න තමා හුඟක් අය පාවිච්චි කරන්නේ...
සමහර ඒවා නම් මානසික ආබාධම තමා :)
අර චිත්‍රයේ තියෙන්නෙ තනිකරම විදේශීය චිත්‍ර සම්ප්‍රදයක් නෙවෙයිශ? බිත්තියේ අර පිරමිඩ් වල තියෙන චිත්‍ර වගේ ඒවත් තියෙන්නේ.
ReplyDelete@ Henry Blogwalker
Deleteවිදේශීය ආභාෂයක් තියෙනවා තමා අයියා. මොකද මේවා විදේශිකයෝ නොවැ ඇඳලා තියෙන්නේ. මේක ලංකාවෙත් වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් දෙගල්දොරුවේ මාර පරාජය සිතුවමේ මාර සේනාවේ අය තුවක්කු අරගෙන ඉන්නවා වගේ, දකුණු පළාතේ විහාර සිතුවම්වල ජාතක කතා සිද්ධි බටහිර හුරුවක් ගන්න එක වගේ
වටිනා ලිපියක්...දොඩන් වල දේවාලෙ ගිහින් බලන්න ඕනෙ...
ReplyDelete@ ඉන්ද්‍රජිත්
Deleteමාත් නම් දොඩන්වල ගිහින් නැහැ. බලන්න යනවා නම් ලංකාවේ බලන්න කොච්චර නම් දේවල් තියෙනවාද
//පෘතුගීසින් සමඟ යුද්ධයට යන II රාජසිංහ රජතුමාගේ දෝලාව දේවාලය අසළදී දේව තේජසින් කැඩී යාමත් පස්සේ දේව යාතිකාවක් කිරීමෙන් පස්සේ දෝලාවේ කැඩුණු ලීය සවිවුණු බවත් ....//
ReplyDeleteමේ දෙවිවරු දැනට වලංගු නැතිව ඇති නේද? දැන් ඉන්න රජවරුන්ගේ කාර් එකක එන්ජින් ට්‍රබල් එකක් තියා ටයරයක හුලන් අරින්නවත් ඔය දෙවියන්ට දැන් බැහැ නේද?
@ Ayilas A
Deleteඅතීතයේ හිටිය පාලකයෝ මොනවා නැත්ත සංඝයා වහන්සේලාගේ බලයට වගේම දෙවියන්ගේ බලය ඉදිරියේ හිස නමපු බව පෙන්නන්න උදාහරණ එමට තියෙනවා. දැන් නම් එහෙම වෙන්නේ නැද්ද මන්දා. එක්කෝ දෙවියන්වත් අද කාලේ ඇත්තෝ සාක්කුවට දමාගෙනද මන්දා :( [එක උදාහරණයක් කිව්වොත් රුහුණු කතරගම දේවාලේ විහාර දේවාල පනතින් අයින් කරද්දී කතරගම දෙවියෝ කොහේ හිටියාද මන්දා]
නියම ලිපියක් හසිත.
ReplyDeleteදැං දෙවියො 33 කෝටියකටත් වඩා වැඩි වෙයිද දන්නෑ. :D
@ Praසන්ன
Deleteතිස්තුන් කෝටිය කියන්නේ ෆික්ස් ගාණක් අයියා. ඒක වෙනස් වෙන්නේ නැහැ :D
තිස්තුන් කෝටියක් කියන්නේ දේව ගෝත්‍ර. ඒ කියන්නේ එක් එක් දේව කණ්ඩායම් තිබෙනවා තිස්තුන්කෝටියක්. ඒ ඒ අනුකූල සංකාර වඩන පිරිස් ඒ ඒ දේව ජාතීන්ට අනුකූලව උප්පත්ති කරනවා.
Delete@ Arachchi Ralahami
Deleteඒ කියන්නේ දෙවිවරුන්ගේ ප්‍රමාණය තිස්තුන් කෝටියටත් වඩා වැඩියි ?
මම හිතන්නෙ ඔය නාථ දෙවියොම වෙන්න ඕනා. නාථ දෙවියො යුද්දෙට විතරක් නෙමේ, රජරට වකුගඩු රෝගයට මුල් වුනේ ආසනික් කියලා හොයාගන්න හිටන් උදව් වෙලා තියනවානේ.. :D
ReplyDeleteනාථ දෙවියො කියන්නෙ හින්දු දේව කතාවලම එන සංකල්පයක්ද, නැත්නම් ලංකාවට විතරක් ආවේනික වෙච්ච අපේම දෙවි කෙනෙක්ද ?
“නාථ“ නැත්නම් “අවලෝකිතේශ්වර නාථ“ යනුවෙන් හැඳින්වෙන්නේ, මතු බුදු වෙන මෛත්‍රී බුදුරජානන් වහන්සේ ගේ බෝධිසත්ව ආත්මයක් කියල තමයි විස්වාස කරන්නේ.
Delete@ සෙන්නා
Deleteනාථ දෙවියෝ සහ නා ගසේ දෙවියන් කියන්නේ දෙන්නෙක් කියන එක පැහදිලිව සගම ලිපියේ දක්වලා තියෙනවානේ අයියා. ඒ වගේමයි නාථ දේව රූ ආකෘතියට මේවා පටහැනි නිසා නාථ දෙවියන් කියලා සලකන්න පුලුවන්කම අඩුයි කියන එකයි මගේ හැඟීම.
ආසනික් කතාව නම් පැත්තකින්ම තියමුකෝ අයියා :D
නාථ දෙවියෝ කියන්නේ හින්දු දෙවියෙක් නෙමේ. මහායානික බෝධිසත්වයෙක් වෙන අවලෝකිතේශ්වර බෝසතුන්ගේ සිංහල මුහුණුවර තමා නාථ දෙවියෝ කියන්නේ. මහනුවර නාථ දේව ප්‍රතිමාව සහ වෙහෙරගලින් හමුවුණු අනුරාධපුර යුගයට අයත් අවලෝකිතේශ්වර ප්‍රතිමාවේ තියෙන සමානකම පොඩ්ඩක් හිතන්නකෝ අයියා.
ඔයාගේ ප්‍රශ්නෙට තවත් සවිස්තර තොරතුරු ජයශ්‍රීට දීලා තියෙන්න පහළ උත්තරේ ඇති :)
@ ජයශ්‍රී
Deleteනාථ දෙවියන් සහ මෛත්‍රී බෝසතුන් පැහැදිලිව දෙන්නෙක් කියලයි මගේ හැඟීම. මහායාන බුදු දහමේ එන ධ්‍යානි බෝධිසත්ව හෙවත් ත්‍රෛලෝක්‍යවිජයී බෝධිසත්වවරයෙක් වෙන අවලෝකිතේශ්වර බෝසතුන්ගේ ලාංකීය මුහුණුවර තමා නාථ දෙවියෝ කියන්නේ. ඒ බව මහනුවර නාථ දේවාල ප්‍රතිමාවේ සහ අනුරාධපුර යුගයට අයිති වෙහෙරගලින් හමුවුණු අවලෝකිතේශ්වර ප්‍රතිමාවෙන් නිගමනය කරන්න පුලුවන්.
මෛත්‍රී බෝසතුන් කියන්නේත් මහායාන බුදු දහමේ එන තවත් ධ්‍යානි බෝධිසත්ව හෙවත් ත්‍රෛලෝක්‍යවිජයී බෝධිසත්වවරයෙක්. ඒක නිසා අවලෝකිතේශ්වර නාථගේ සහ මෛත්‍රී එක් අයෙක් විදිහට සළකන්න බැහැ.
ඒත් අවලෝකිතේශ්වර නාථ දෙවියන් මතු බුදුවන අයෙක් විදිහට සළකන්න පුලුවන් :)
//පිටියේ දෙවියන් සතුන් මරා දමලා ඒ කොටස්වලින් නාථ දෙවියන්ට පහර දෙන්නට පටන් ගත්තු නිසා// දෙවිවරුත් යස වැඩ නේ කරලා තියන්නේ :D
ReplyDelete//අවසානයේදී රජතුමා තමන්ගේ ඔටුන්න සහ කඩුව ඇතුළු රාජකීය ආභරණ කීපයක්ම දේවාලයට පුද කර තිබෙනවා.// මේවා ඒ දේවාලයේ අදටත් තියනවා ද..?
@ Chandana
Deleteපිටියේ දෙවියන් කියලා කිව්වත් මුලින් ඔහු යක්ෂයෙක් කියලා තමා කියවෙන්නේ. අනික් අතට දෙවිවරු කියන්නේත් කෙලෙස් නැති කරපු අය නෙමෙයිනේ. ඒ නිසා තමන්ගේ බලය රැකගන්න යම් යම් දේවල් කරනවා වෙන්න ඕනේ :)
රජතුමා තමන්ගේ ඔටුන්න වගේම දේවාභරණ දේවාලයට පූජා කළ බවයි කියවෙන්නේ. මේ රාජාභරාණ මෑතක් වනතුරු දේවාලයේ තිබිලා පස්සේ රජතුමාගේ ඔටුන්න මහනුවර කෞතුකාගාරයට භාරදීලා තියෙනවා. පස්සේ ඒ ඔටුන්න සොරකම් කෙරුණු බව තමයි අහලා තියෙන්නේ. වර්තමානයේ තියෙනෙන ඒ ඔටුන්නේ ආකෘතියක්ලු
ස්තුතියි හසිත මල්ලි විස්තරේ ට.. :)
Deletekiywa danuwat una.
ReplyDeleteJayawewa.
@ sanjeewa mendis
Deleteසන්තෝෂයි. අනික් අයත් එක්කත් බෙදා ගමු එහෙමනම් :)
හිතන්න සහ හොයන්න යමක් තියෙනවා.....
ReplyDelete@ uwiniran
Deleteඅනිවාර්යයෙන්ම අයියා. චිත්‍ර දෙකකින් තමා මේ ගැන හොයන්න පටන් ගත්තේ. තව හොයලා බලනවා නම් හොයලා බලලා පොතක් වුණත් ලියන්න බැරිකමක් නැහැ
හසිත සෑහෙන්න මහන්සිවෙලා මේ ලිපියට. නොදත් කරුණු ගොඩාක් දැනගත්තා.
ReplyDelete@ සෝන්යා
Deleteස්තුතියි මහන්සිය අගය කළාට :)
වෙනදා වගේම අපූරු ලිපිය මලේ. සරල භාෂා විලාසය නිසා එකදිගට කියෙව්වා. ජයවේවා ...!
ReplyDelete@ ගාමිණී විජිත් සමරකෝන්
Deleteස්තුතියි අයියණ්ඩි හයියක් වුණාට :)
පළමුවෙනි විමලධර්මසූරිය රජතුමා ගේ රාජ්‍ය ලාංඡනයෙ ඉඳන් යුගයේ අවසානයට එද්දි සිංහයා ලකුණ රාජ්‍ය ලාංඡනයට මාරුවීම කොහොමද වුණේ? ඒක ලොකු වෙනස්වීමක්. වැල් දෙක දකිද්දි නම් මට මතක් වුණේ ඔලිව් අතු දෙකක්.... පනාකඩුව සන්නස ගැන සබැඳියට ස්තූතියි මලේ !
ReplyDelete@ ලහිරු
Deleteසිංහයා රාජ්‍ය ලාංඡනය විදිහට අනාදිමත් කාලයක ඉදන් විජයාවතරණය කාලේ ඉදන්ම තිබුණු බව තමා පේන්නේ. ඒත් විවිධ අවස්ථාවලදී ඒක වෙනස් වුණු බවත් පේන්න තියෙනවා. උදාහරණයක් කිව්වොත් ධර්මපාල රජතුමාගේ කාලේ ඒකට කිතුණු මුහුණුවරක් ආපු බව රජතුමාගේ අත්සනෙන් වගේ හිතාගන්න පුලුවන්.
I විමලධර්මසූරිය රජතුමා ගැන ගත්තොත් යුරෝපීයන් යටතේ කාලයක් සිටීමත් වගේ හේතු මත මේ වගේ සළකුණක් රජතුමා පාවිච්චි කළා කියලා හිතන්න පුලුවන් :)
පනාකඩුව ගැනත් දැනගත්ත නම් සතුටුයි අයියා
හොඳ ලිපියක්.. ස්තුතියි..
ReplyDeleteඈහ්... බලහල්ලා ඔහෙට වහිනවද කියලා... :D
Deleteකෝ අද හරීගේ ප්‍රශ්න පත්තරේ? :D
Delete@ හරී
Deleteඑකවුන්ට් එක හැක් කරලාවත්ද :P
@ සෙන්නා, Podi Kumarihami
Deleteමම හිතන්නේ එකවුන්ට් එක හැක් කරලා වෙන්න ඕනේ :D
:D
DeleteI විමලධර්මසූරිය රජතුමාගෙ මුද්‍රාව දැක්ක ගමන් හිතට එන්නෙ ඒකෙ විදේශීය ආභාසයක් තියෙනවා කියන එක.. අර උඩ කියලා තියෙනවා වගේ මටත් මැවෙන්නෙ ඔලිව් අතු දෙකක්.. :)
ReplyDeleteI විමලධර්මසූරියගෙන් පස්සෙ තව කවුරුවත් මේ මුද්‍රාව භාවිත කරලා තියෙනවද.??
@ Buratheno
DeleteI විමලධර්මසූරිය රජ වෙන්න කලින් අවුරුදු 10 ක් විතර යුරෝපීයයන් යටතේ හිටියේ. විශේෂයෙන්ම ගෝවේ වගේ ප්‍රදේශයකත් ඔහු හිටියා. ඒකත් එක්ක මේ විදේශීය ආභාෂය මේ මුද්‍රාව සඳහා ලැබෙන්න ඇති කියලා හිතන්න පුලුවන්.
I විමලධර්මසූරිය රජතුමාගෙන් පස්සේ රජවුණු සෙනරත් වගේ රජවරු භාවිතා කරපු මුද්‍රා ගැන යමක් මට නම් දැනගන්න ලැබුණේ නැහැ. ඒත් ක්‍රමයෙන් සිංහයා සහිත රාජ්‍ය ලාංඡනය පසුව රජවුණු පාලකයන් පාවිච්චි කරන්න ඇති
මට අර අතු දෙක දැක්කම මතක් උනේ සූර පප්පා.. අර සීසර් ඔලුවේ දාගෙන ඉන්නෙ ඔලිව් අතු දෙකක්.. හි හි.. එහෙම බැලුවාම නම් ග්‍රීක් ආභාසයක් තියෙනවා වෙන්න පුළුවන්.. කොහොම කළත් හැමතැනම, හැමදාම රාජ්‍ය පාලනයට ආගමික බලපෑම් තිබිලා තියෙනවා කියලා හිතෙනවා.. ආගම් ඇතුවත් බෑ නැතුවත් බෑ වගේ...
ReplyDeleteඅවංකවම කියනවනම් මටත් ඒක මතක් උනා..
Deleteහි...හි...
@ හිරු
Deleteතාම කාටූන් ඔළුවේ දුවනවා වගේ :P
ඔලිව් අතු දෙක රාජකීයත්වය හඟවන සළකුණක්. කොළඹ රාජකීය විද්‍යාලයේ ලාංඡනයටත් ඔලිව් අතු දෙකක් එකතු කරලා තියෙන්නේ ඒක නිසායි. ග්‍රීසිය, රෝමය වගේ පැතිවලින් පටන් ගත්තු ඒ වගේ සංකල්ප පස්සේ යුරෝපයේමත් ලෝකය පුරාමත් පැතිර ගිය බව පේන්න තියෙනවා.
රාජ්‍යය සහ ආගම අතරේ තියෙන්න බොහොම ලොකු සම්බන්ධයක්. මට මතක විදිහට රජය සහ ආගම අතර විවාහය අවජාතක දරුවා වන්නේ නීතියයි කියලා කතාවක් තියෙනවා :)
@ Anonymous April 21, 2013 at 10:52 AM
Delete:D
දොඩන්වෙල ගැන මම ඇහුවෙත් අදමයි.. බලාගෙන යද්දි අපි නොදන්න කොච්චර දෙවිවරු ඉන්නවද?
ReplyDelete@ Dinesh
Deleteඅපි නොදන්න දෙවිවරු ඉන්නවා වගේම මිනිස්සුන්ගේ මතකයෙන් ඈත්වෙලා අභාවයට ගිය දෙවිවරුත් ඉන්නවා :)
අද උදේ මෙහෙ ඔය වගේ පරණ රාජධානියක් බලන්න ගියා . හසිතව තමයි මතකෙට ආවේ. එහෙම ඉගෙන ගන්න කෙනෙක්ට කොතනත් වටිනා දේවල් තියෙනව .
ReplyDelete@ Bindi
Deleteඒ ගැනත් එහෙනම් ඉස්සරහට නෙළුම් විලෙන් කියවන්න පුලුවන් වෙයි නේද අක්කේ ?
හ්ම්ම්ම් විතරේ කෙටී වැඩියි වගේ නැද්ද
ReplyDelete@ කෝරලේ මහත්තයා
Deleteකෙටි වැඩියි කියන්නේ ඉතින් දන්න ටික නොවැ ලිව්වේ. අනික මේක අනුමාන කීපයක්නේ. තාර බර එන්න කියලා බොරු ලියන්න බැහැනේ :)
හසිතයි මමයි මේ ගැන කතා කළා නොවැ. පරණ අවුරුද්දේ අන්තිම දවසේ.
Deleteපොතක් ලියන්න තියෙන දෙයකින් එකක් ලියල නවත්තපු එකම මදෑ....
@ Chamara Sumanapala
Deleteමේ දැනට මට තියෙන කරුණු වගේම අනුමාන ටිකනේ අයියා. තව ලැබෙන විදිහට බලමු :)
නාථ දෙවියන් කියන්නෙ මෛත්‍රී බෝධිසත්වයින් නම් හසිත කියන තර්කය හරි.. බෝසත්කෙනෙක් යුදවාදියෙක් වෙන්නෙත් වෙනවා නම් ඉතින් අපේ ලංකාවෙ තමයි..
ReplyDeleteකොරියාවෙ බෞද්ද විහාරවල ආයුද අතින්ගත් බුදුකෙනෙකුගෙ පිලිමත් තියෙනවා. දැන් දැන් අපේ රටෙ යන දේ වල හැටියට පස්සෙ කාලෙක අපේ හමුදා පන්සල්වලත් එහෙම වෙයිද මන්දා.
@ සරත් ලංකාප්‍රිය
Deleteනාථ දෙවියන් සහ මෛත්‍රී බෝධිසත්වයන් කියන්නේ පැහැදිලිව දෙන්නෙක් අයියා. මම ජයශ්‍රීට ඒ ගැන කිව්වා.
"...නාථ දෙවියන් සහ මෛත්‍රී බෝසතුන් පැහැදිලිව දෙන්නෙක් කියලයි මගේ හැඟීම. මහායාන බුදු දහමේ එන ධ්‍යානි බෝධිසත්ව හෙවත් ත්‍රෛලෝක්‍යවිජයී බෝධිසත්වවරයෙක් වෙන අවලෝකිතේශ්වර බෝසතුන්ගේ ලාංකීය මුහුණුවර තමා නාථ දෙවියෝ කියන්නේ. ඒ බව මහනුවර නාථ දේවාල ප්‍රතිමාවේ සහ අනුරාධපුර යුගයට අයිති වෙහෙරගලින් හමුවුණු අවලෝකිතේශ්වර ප්‍රතිමාවෙන් නිගමනය කරන්න පුලුවන්.
මෛත්‍රී බෝසතුන් කියන්නේත් මහායාන බුදු දහමේ එන තවත් ධ්‍යානි බෝධිසත්ව හෙවත් ත්‍රෛලෝක්‍යවිජයී බෝධිසත්වවරයෙක්. ඒක නිසා අවලෝකිතේශ්වර නාථගේ සහ මෛත්‍රී එක් අයෙක් විදිහට සළකන්න බැහැ.
ඒත් අවලෝකිතේශ්වර නාථ දෙවියන් මතු බුදුවන අයෙක් විදිහට සළකන්න පුලුවන්..."
ථේරවාදී ඉගැන්වීම් අනුව නම් බෝධිසත්වයන් යුධවාදී නොවුණත් මහායාන ඉගැන්වීම් අනුව නම් බෝසත්වරුන් කියන්නේ තමන්ටම ආවේණික වුණු ආයුධයක්, වාහනයක් [සතෙක්], පැහැයක් වගේ දරණ අය. හරියට හින්දු දෙවිවරු වගේම තමා
අන්තිමට අයියා කිව්ව කතාව දැන් වේගෙන එන්නේ :(
වැදගත් තර්ක කීපයක්ම හසිත මතු කරපු එක වටිනවා..තමන්ට කැමති විදිහට රාජ්‍ය ලාංජනේ වෙනස් කරන එක රජවරුන්ගේ හැටියක් වෙන්න ඇති නේද?
ReplyDeleteකොහොම වුනත් අප්‍රකට කතා මාලාව ලියන්න පරක්කු වුනත් නතර කරන්න එපා හොඳේ..
@ රූ....
Deleteතමන් කැමති විදිහට රාජ්‍ය ලාංඡනේ රජවරුන් වෙනස් කරන්න රජතුමාට අයිතියක් තිබුණා වෙන්න ඕනේ. ඒත් බොහෝ වෙලාවට විජය කාලේ ඉදන්ම සිංහයා රජවරුන්ගේ ලාංඡනය විදිහට භාවිතා වෙන්න ඇති. මේ අවස්ථාවේදී කොනප්පු බණ්ඩාර වසර 10 ක් විතර යුරෝපීයන් යටතේ ඉදලා ලැබුණු ආභාෂයත් එක්ක මේ ලාංඡනය නිර්මාණය කළා වෙන්න ඕනේ.
අප්‍රකට කතා මාලාව මුලින් හිතාගෙන හිටියේ කොටස් 20 ක් ලියලා නවත්තන්න. බලමුකෝ....
//බොහෝ වෙලාවට විදේශීය ලේඛකයන් තමන්ගේ දේව සංකල්පත් එක්ක බුදු දහම පටලවා ගත්තු බවක් පේන්න තියෙනවා. ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් බුදු දහම සහ බුදුන් වහන්සේ ගැන දක්වන විස්තරේ ඒකට හොඳම උදාහරණයක්//
ReplyDeleteමට නම් පේන්නේ මේගොල්ලොත් එයාලා හරි කියලා විශ්වාස කරන දේවල් තමයි ලිව්වේ. ඉතිහාසය සටහන් කරපු අනෙක් අය වගේම තමා.:)
@ Podi Kumarihami
Deleteලේඛකයාගේ පුද්ගලික අභිමතාර්ථ දැනුවත්ව වගේම නොදැනුවත්ව වුණත් ලේඛනවලට එකතු වෙනවානේ. මේකත් ඒ වගේ එකක් තමා :)
ඇත්තටම මේ ලිපි පෙළ ගොඩක් වටිනවා අපි නොදන්නා ගොඩක් දේවල් දන ගන්නවා මේකේ
ReplyDeleteතව ලියන්න
@ වරුණ
Deleteස්තුතියි අගය කළාට. ආයි මේ පැත්තේ එන්නකෝ :)
උඩ ටික දෙනෙක් කියලා තියනවා වගේ මමත් දැක්කේ ඒ රූපයේ තියෙන්නේ ඔලිව් අතු දෙකක් වගේ. සමහර වෙලාවට ග්‍රීක හෝ රෝම ආභාශයක් ලැබුනද දන්නේ නෑ.
ReplyDeleteමේකත් බලන්න
http://en.wikipedia.org/wiki/File:Silver_tetradrachm_Athens_new_style_reverse.jpg
@ Gihan (ගිහාන්)
Deleteඔලිව් අතු දෙක රාජකීයත්වය හඟවන සළකුණක්. කොළඹ රාජකීය විද්‍යාලයේ ලාංඡනයටත් ඔලිව් අතු දෙකක් එකතු කරලා තියෙන්නේ ඒක නිසායි. ග්‍රීසිය, රෝමය වගේ පැතිවලින් පටන් ගත්තු ඒ වගේ සංකල්ප පස්සේ යුරෝපයේමත් ලෝකය පුරාමත් පැතිර ගිය බව පේන්න තියෙනවා.
ඒ වගේමයි ඔබතුමාගේ ප්‍රතිචාරය දැක්කාම මට හිතුණේ කොනප්පු බණ්ඩාර ගෝවේ සිටිය කාලේදී පාප්තුමාගේ මුද්‍රාව තිබුණු ලියවිලි එහෙමත් දකින්න ඇති. ඒ මුද්‍රාවේත් පේදුරුතුමාගේ රුව එහෙම තියෙන නිසා ඒකේ ආභාෂයක් මේ මුද්‍රාවට ලැබුණා වෙන්න පුලුවන්. මොකද කොනප්පු බණ්ඩාරත් බෞතිස්ම ලැබූ අයෙක්නේ
ෂාහ් , මාර වටිනා පොස්ට් එකක්, විශේෂයෙබ් පින්තුර සහ මත , හැබැයි මම තවම කියෙව්වේ නම් නැහැ , අනිවාර්යෙන් කියවනවා අද රෑට ,
ReplyDelete@ නොහික්මුණු ඇස
Deleteස්තුතියි කියවලා බලලාම අදහසක් එකතු කරන්නකෝ :)
යකඩෝ... මාවත් ලින්ක් කලාට තැනක් යූ වේවා!
ReplyDeleteඇත්තමයි මේක පොතක් ලියන්න වටින මාතෘකාවක්. මෙතන එක කතාවක් ඇතුලේ කතා හැට හුටාමාරක් තියෙනවා. (හැට හුටාමාර කීයිද කියල අහන්න එපා. මම ගණන් ෆේල් නේ)
එයින් කීපයක් අපි එදා කතා වුනා. පරණ අවුරුද්දම අහවරයි මේ සීල් එකක් හින්දා... :-)
ලංකාවේ දේව ඇදහිලි, අප්‍රකට දෙවිවරු, උඩරට දේශපාලන සහ සාමාජීය තත්ත්වය (අඩු තරමේ විමලධර්මසූරිය රජු දක්වා), විමලධර්මසූරිය රජ්ජුරුවන්ගේ විදෙස් සම්බන්ධතා, නාථ දේව ඇදහිල්ල (නාථ දෙවියන්ගෙන් රසායන විද්‍යාව හැදෑරීම පිළිබඳ මෙයින් අදහස් නොකරනු ලැබෙන බව කරුණා පූර්වකව සලකන්න) ඉන් සමහරක්. ආ ඇයි එතකොට ඔලිව් ඇත්ත සහ එහි රාජකීයත්වය පිලිබඳ සංකේතය.... ඇත්තෙන්ම ග්‍රීසියේ ඔලිව් අත්ත දුන්නේ රජ වැඩකාරයන්ට කියලත් අපි දන්නවා නේ. (ඔලිම්පික්ස්). ලංකාවේ නම් ඔලිව් අතු ගැන...... අනේ මන්ද බන්.
හිරුට විතරක් නෙවෙයි හසිතයෝ, මටත් මතක් වෙනවා සීසර් අයියව ඈ! කොහොම වුනත් අන්තිමට සීසර් කියනවා නේ "මීට වැඩිය හොඳයි සීසර්ර්ර් වුනාට වැඩිය හොඳයි වෙන මොකෙක්හරි ර්ර්ර් උනා නම් කියලා". :-)
@ Chamara Sumanapala
Deleteනාථ දේව වන්දනාව ගැන හොඳ පොතක් තියෙනවානේ අයියා. මම කිව්වේ මකුට මුනිධාරී අවලෝකිතේශ්වර ලංකා පුරාණය කියලා පොතක් ගැන. උඩරට යුගයේ අප්‍රකට දෙවිවරු කියන මාතෘකාව ගැන නම් හුඟක් හොයලා බලන්න පුලුවනි.
ලංකාවේ ඔලිව් අතු සම්ප්‍රදාය එන්නේ යුරෝපීය ආභාෂයත් එක්ක කියලයි මගේ අදහස. කොනප්පු බණ්ඩාර පෘතුගීසින් සමීපයේ අවුරුදු 10 ක් විතර හිටිය නිසා ඒ ගැන ඔහුට අවබෝධයක් තිබුණා වෙන්න ඕනේ. ඒ වගේමයි කුමාරසිංහ, විජයපාල, රාජසිංහ කුමාරවරුන්ට උගන්වන්න හිටියා කියන්නේත් පෘතුගීසි පූජකවරු. ඒක නිසා යුරෝපීය සිරිත් විරිත් ගැනත් උඩරට පාලකයන් දැන සිටියා වෙන්න ඕනේ.
සීසර් අයියා අපේ අයියා ගැන කියන්න දෙයක් නෑ ඉතින් :D
හොඳ විවරණයක්....
ReplyDeleteඇත්ත...., ඔලිව් අත්ත විතරක් නෙමේ මේ සිතුවම් වල පුද්ගල රූපවල පවා යුරෝපීය ආභාසය හොඳටම පේන්න තියෙනවා... යුරෝපීයෙකු විසින් ඇන්ද වෙන්න පුළුවන්....
I විමලධර්මසූරිය රජතුමාගේ රාජකීය මුද්‍රාවෙ ඉන්න දකුණතින් කඩුවක් අතින් ගත් තැනැත්තා ගැන කිසිම පුරා විද්‍යාත්මක පදනමක් නැති ප්‍රවාදයක් ඉදිරිපත් කරන්න මට අවසර නම්......;
ඒ මුද්‍රාවෙ දැක්වෙන්නෙ I විමලධර්මසූරියගේ පියා ඒ කියන්නේ වීර සුන්දර බණ්ඩාර වෙන්න බැරිද....?
උඩරට ජනාදරයට පත් ප්‍රභූවරයෙකු වූ ඔහු තමන්ට තර්ජනයක් විය හැකි ප්‍රාදේශීය පාලකයන්ගේ පවා ඉරණම තීන්දු කළ සීතාවක රාජසිංහ විසින් බොරු වලක හෙළා මරවන ලද බව ඉතිහාසය කියනව.... ඒ වෙන කොට කුඩා කොලු ගැටයෙක් වෙච්ච කොනොප්පු බණ්ඩාර ( ඔස්ට්‍රියාවේ දොන් ජුවන්) පරංගින් වෙත පළා ගොස් ඔවුන් ඇසුරේම හැදී වැඩී වසර ගණනකට පසු පැමිණ පරංගින් හා යුද වැදී සිටි උඩරැටියන්ගේ රජු බවට පත් වෙනව.
ක්‍රිස්තියානිය අතහැර බුද්ධාගම වැළඳ ගත්තත් පරංගි සංස්කෘතිය ඇතුළේ හැදී වැඩුණු දොන් ජුවන්ට දැඩි ලෙස පරංගි විරෝධීන් වුණු උඩරැටින් දිනා ගන්නට හැකි වෙන්නේ කොහොමද ?
අනිවාර්යයෙන්ම ඔහුගේ පිය උරුමය....
බලයට පත් වෙන දරුවන් තමන්ට බලයට තියන උරුමය තව තවත් සුජාත කර ගන්න ජනාදරයට පත්ව සිටි තමන්ගේ පියවරුන් අර්ධ දේවත්වයට නැගීම අදටත් සිද්ධ වෙනව...
උදාහරණයකට: 1994-2005 වෙනකම් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අනුස්මරණ දිනය ජාතික සැමරුම් දිනයක සිරි ගත්ත වගේ 2005 න් පස්සේ ඩී.ඒ. රාජපක්ෂ අභිමනට ලක්වෙනව...
ඉතින් මට නම් හිතෙන්නෙ දෙවියෙකුට වඩා රාජකීයෙකුගෙ සිරි ගන්න ඔය මුද්‍ද්‍රාවෙ ඉන්න පුද්ගල රූපය වීරසුන්දර බණ්ඩාරගෙ කියල.... තමන්ට රාජ්‍යත්වයට තියන උරුමය උඩරැටියන් අතර ස්ථාපිත කර ගන්න ඔහුව අර්ධ දේවත්වයකට නැගීම I විමලධර්මසූරිය විසින් කරන්න ඇති කියල...
විරුද්ධව තර්ක කළොත් තවත් පැති හාරවුස්ස ගන්න පුළුවන් වේවි.....
මටත් පේන්නේ දෙවියෙකුට වඩා පුද්ගලයෙකුගේ රූපයක් වගේ.
Delete@ Kumudu Weerawardana
Deleteඅයියා ඉදිරිපත් කරපු අනුමානය ගැන කතා කළොත් I විමලධර්මසූරියට රාජ්‍ය උරුමය සැබවින්ම හිමිවෙන්නේ එයාගේ තාත්තා වුණු වීරසුන්දර බණ්ඩාර නිසා නෙමේ. වීරසුන්දර බණ්ඩාර කියන්නේ උඩරට ප්‍රාදේශීය නායකයෙක්. ඒත් පසුකාලීන ගම්පොළ රාජ පරම්පරාවට වගේම පේරාදෙණිය රජ පවුලකට වීරසුන්දර බණ්ඩාරව එකතු කිරීමක් ලේඛකයන් කළා කියලා තමා පිළිගැනෙන්නේ.
සැබවින්ම I විමලධර්මසූරියට උඩරට නීත්‍යානුකූල උරුමය ලැබෙන්නේ උඩරට උරුමක්කාරිය වෙන කුසුමාසන දේවියව 1594 දී විවාහ කරගැනීමත් එක්ක. ඊට පස්සේ සෙනරත් රජතුමාත් තමන්ගේ උරුමය තහවුරු කරගන්නේ කුසුමාසන දේවියව විවාහ කරගැනීමෙන්.
1617 සෙනරත් පෘතුගීසි ගිවිසුමේ ඒ බව දක්වන්නේ මේ විදිහට
"....කන්ද උඩරට රජු වෙන සේර කන්ද උඩරට රාජ්‍යයේ නීත්‍යානුකූල බිසව වන දෝන කතිරිනා සරණ පාවා ගෙන සිටින බැවින්ද යටකී බිසවගෙන් ඔහු පුතුන් තිදෙනෙකු ලැබ සිටින බැවින්ද ඔහුගේ ඇවෑමෙන් ඔවුන් රජ පැමිණිය යුතුය..."
ඒ වගේමයි මන්දාරම්පුර පුවත වගේ කෘති හරහා විමලධර්මසූරිය හැකිතාක් උත්සහ කරන්නේ නොතිබූ රාජ්‍ය උරුමය පෙන්වන්න.
ගිහාන් සහෝදරතුමාගේ ප්‍රතිචාරයත් එක්ක මට කල්පනා නොවුණු පැත්තක් මතක් වුණා. එතුමාටත් මම කිව්වා වගේ ගෝවේ වාසය කරද්දී කොනප්පු බණ්ඩාර පාප්තුමාගේ මුද්‍රාව තිබුණු ලියකියවිලි එහෙමත් දකින්න ඇති. ඒ වගේමයි බිෂොප්වරු, කාඩිනල්වරුන්ගේ මුදු එහෙමත් දකින්න ඇති. ඒවායේ පේදුරුතුමාගේ ජේසුතුමාගේ රූපයන් තියෙන ආකාරයත් ඔහු දකින්න ඇති. පසුකාලීනව රජ වුණු පසුවත් ඒ ආභාෂය ලැබුණා කියලා අනුමානයක් කරන්න පුලුවන්.
අනෙක් අතට විමලධර්මසූරිය බෞද්ධ රජෙක් වුණත් මාළිගාවේ පෘතුගීසි හුරුවක් ගත්තා වගේම භෝජන සංග්‍රහ වගේම මාළිගාවේ හුඟක් කටයුතු පෘතුගීසි ආකාරයට වුණු බව කියනවා. කුසුමාසන දේවියගේ ඇඳුම පැලඳුම වුණත් බටහිර ආකාරයට වුණු බවයි කියවෙන්නේ.
රාජ කුමාරවරුන්ට අධ්‍යාපනය ලබාදුන්නා කියන්නේත් පෘතුගීසි පූජකවරු. ඒ නිසා පෘතුගීසි ප්‍රමුඛ බටහිර ආභාෂය විමලධර්මසූරිය රජතුමාගේ මුද්‍රාව නොලැබුණා කියලා හිතන්න අමාරුයි
වැඩ රාජකාරි මධ්‍යයේ අයියා එකතු කරපු අදහසට ස්තුතියි. මම ඉදිරිපත් කරපු කරුණු ගැන අයියාගේ අදහස් දැනගන්න කැමතියි :)
@ කතුවරී
Deleteකතුවරීගේ අදහස ගැන මගේ අදහස් උඩුඉන් තියෙන උත්තරේ තියෙනවා :)
හසිතගේ මතය හා එකඟයි.. විමලධර්මසූරියට උඩරට ජනතාව දිනාගන්න පුළුවන්වෙන්නෙ එයාගෙ පිය උරුමයක් නිසා නෙවෙයි, රාජ උරුමය තියෙන දෝන කතිරිනාව විවාහ කරගන්න පුළුවන් වෙන නිසයි..
Deleteමේ සලකුණේ තියෙන්නෙ විමලධර්මසූරිය රජතුමාගෙම රූපය වෙන්න බැරිද.??
@ Buratheno
Deleteඒ අදහසත් නරකම නැහ. ඒත් උඩරට යුගය වෙද්දී රජවරුන් දේවත්වයෙන් වන්දනා කිරීමක් වුණා කියන්න සාක්ෂි ලැබෙන්නේ නැහැ මම දන්නා තරමින්. රාසිං දෙයියෝ වගේ යෙදුම් තිබුණත් රජතුමාට ගෞරවයක් පිණිස විනා දේවත්වයට නැගීමක් තිබිලා නැහැ.
නැහැ නැහැ, දේවත්වයට පත් කිරීමක් ගැන නෙවෙයි මම කියන්නෙ..
Deleteහිතන්න, පරණ කාසි වල එහෙම තියෙන සලකුණු.. ඒ ඒ කාලවලදී හිටපු පාලකයින්ගේ මුහුණු තමා කාසියේ පිටිපස්සෙ තියෙන්නෙ.. ඉතින් විමලධර්මසූරියත් ඒ අනුව යමින් තමන්ගේ රාජ්‍ය සලකුණට තමන්ගේම රුපය යොදාගන්න හිතුවා වෙන්න බැරිද.??
අනෙක, ඔබ කිවුවා වගේ කොනප්පු බණ්ඩාර පෘතුගීසින් යටතේ ගෝවේ ඉන්න කාලෙ මේ දේවල් දැකලා තියෙන්න ඇති.. එහෙම බැලුවම විමලධර්මසූරිය කියන්නෙ ඒ කාලෙ ලංකාවෙ හිටිය අනිත් රජවරුන්ට සාපේක්ෂව යමක් කමක් අහලා දැකලා, දැන උගත්කම් ඇතුව හිටිය රජෙක්..
@ Buratheno
Deleteඒ අනුමානයත් පිළිගන්න පුලුවන් තමා.
පරණ කාසිවල පිටුපස තියෙන රුව කුවේරගේ කියලාත් අදහසක් තියෙනවා හැබැයි.
@ Hasitha
Deleteකලිනුත් කිව්ව වගේ මගේ අදහසට පුරාවිද්‍යාත්මක පදනමකක් නෑ. එය වර්තමානයේ රාජ්‍ය බලය පිළිබඳ අත්දැකීම් ඇසුරින් අතීතය වටහා ගන්න උත්සාහ කිරීමක්....
ඔව්, මල්ලිගේ අදහසත් එක්ක මම එකඟයි.. උඩරට නියම පාලකය වෙච්ච කරලියැද්දේ රජ්ජුරුවන්ගේ දුව, කුසුමාසන දේවිය විවාහ කර ගැනීමෙන් තමයි කොනොප්පු බණ්ඩාරට උඩරට රජකමට උරුමය හැදෙන්නෙ. මුදලි කෙනෙක්ගෙ පුතෙක් වුණු එකට වැඩිය. ඒත් එනයින්ම තමන්ට ඍජු උරුමයක් නැති රජකම තමන්ගෙ භුක්තියට සවි කරගන්න පුළුවන් හැම දෙයක්ම ඔහු කරාවි. උරුමකාරයගෙ මරණය සම්බන්ධයෙනුත් සැකයට ලක් වෙමින් නම් ඔහු රජ වෙන්නෙ, උඩරැටියන්ගෙ ආදරය දිනා ගත්ත උරුමකාරයෙක්ගෙ රුව තමන්ගෙ රාජකීය මුද්‍රාවට යොදා ගැනීම ඉතා හොඳින් තත්ත්වය කළමනාකරණය කර ගැනීමක්.
ඔය රුව හමුවෙන කාල වකවානුව හා එය මුද්‍රාවක් හැටියට භාවිත කරපු රජවරු 1 විමලධර්මසූරියගෙන් වැඩි ඔබ්බට යන්නෙ නැත්නම් එය ඔය රුව සාම්ප්‍රදායික බෞද්ධ දෙවියෙක්ගෙය කියන අදහස සනාථ නොකරන බවයි මගේ හැඟීම.
දකුණු අතේ ඇති කඩුවත්, හිස්වැස්මත්, වම් අත ඉනට තබා ගැනීමත් හැරුණු විට පින්තූර දෙකේ යම් වෙනස්කම් නිරීක්ෂණය කළ හැකියි. ඔලිව් අතු මැද ඇති රුවට වඩා සමූහයක් මැද සිටින රුව වයස්ගතයි.... එහි වටා සිටින්නන් අතර ගණින්නාන්සේ කෙනෙකුත් කතෝලික ක්‍රමයට යාඥා කරන ස්වභාවයක් පෙන්වන හිස ආවරණය කර ගත් කාන්තාවකුත් දැකිය හැකියි...
අතීතයේ එක් කාලයක පොදුවේ රටේ හැම දෙනෙක්ම පාහේ දැන සිටි දෙයක් කාලය විසින් අපට ආයාසයකින් දැන සොයා ගත යුතු දෙයක් බවට පත් කරල.....
@ Kumudu Weerawardana
Delete//...උඩරැටියන්ගෙ ආදරය දිනා ගත්ත උරුමකාරයෙක්ගෙ රුව තමන්ගෙ රාජකීය මුද්‍රාවට යොදා ගැනීම ඉතා හොඳින් තත්ත්වය කළමනාකරණය කර ගැනීමක්....//
මේ කරුණත් එක්ක බලද්දී නම් කුසුමාසන දේවියගේ තාත්තා වෙන කරලියැද්දේව මේකට යොදා ගත්තා කියලා හිතන්න අමාරුයි. කතෝලිකයෙක් වීම හරහා උඩරැටියන් තුළ ඔහු ගැන අප්‍රසාදයක් ඇතිවෙලා තිබුණේ. ඒක සීතාවක රාජසිංහගේ උඩරට ආක්‍රමණය සාර්ථක වෙන්න රුකුල් දුන්නා.
ඒක නිසා මේ රුව සේනාසම්මත වික්‍රමබාහු වෙන්න පුලුවන් කියලා අනුමානයක් ගොඩනගන්න පුලුවන් අයියා. ස්වාධීන රාජ්‍යයක් විදිහට උඩරටට තවත් ප්‍රාදේශීය නායකයන් රැසකගේ අවනත බව අරගෙන උඩරට වෙනුවෙන් ලොකු සේවාවක් සේනාසම්මත වික්‍රමබාහු සිදු කරනවා. මට මතක විදිහට "චක්‍රවර්ති සාමි" වගේ ගෞරවනීය නමකින් තමා එයාව සෙල්ලිපිවල හඳුන්වන්නේ.
//...ඔය රුව හමුවෙන කාල වකවානුව හා එය මුද්‍රාවක් හැටියට භාවිත කරපු රජවරු 1 විමලධර්මසූරියගෙන් වැඩි ඔබ්බට යන්නෙ නැත්නම් එය ඔය රුව සාම්ප්‍රදායික බෞද්ධ දෙවියෙක්ගෙය කියන අදහස සනාථ නොකරන බවයි මගේ හැඟීම...//
1 වෙනි විමලධර්මසූරිය රජතුමාගෙන පස්සේ පාලකයෝ මේ මුද්‍රාව භාවිතා කරා කියන්න නම් සාධකයක් නැහැ අයියා. ඒත් සිංහයා ඉන්න මහ වාසළ කියලා තියෙන මුද්‍රාව රාජ මුද්‍රාව විදිහට පාවිච්චි කළා කියලා නම් හිතන්න පුලුවන්.
නා ගසේ දෙවියන් කියන්නේ බෞද්ධ දෙවි කෙනෙක් නම් නෙමේ. උඩරට ප්‍රදේශව සිටින ප්‍රාදේශීය දෙවියෙක්. කොහොම නමුත් ඉහත තිබුණු අදහසත් එක්ක යම් කිසි විදිහට සේනාසම්මත වික්‍රමබාහු දේවත්වයකට පත්වීමක්දෝ කියලාත් අනුමාන කරන්න පුලුවන්කමක් තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ අයියා.
//..අතීතයේ එක් කාලයක පොදුවේ රටේ හැම දෙනෙක්ම පාහේ දැන සිටි දෙයක් කාලය විසින් අපට ආයාසයකින් දැන සොයා ගත යුතු දෙයක් බවට පත් කරල.....//
+++++
මම දාපු කමෙන්ට් එක නැති වෙලා.
ReplyDelete@ අසරණයා
Deleteඅයියාගේ කමෙන්ට් එක ස්පෑම් වෙලාද කියලා බැලුවා. ඒත් එහෙම වෙලාත් නැහැනේ :(
වැදගත් ලිපියක් හසිත. දෙවිවරු අදත් වඩිනවා සමහර තැන්වලට. අපි නොදන්නා දෙවිවරු හා දේවත්වයෙන් සළකනා අය කොතෙක් ඉන්නවද? මේ සමහර විස්තර දැන ගත්තෙත් අදයි.
ReplyDelete@ Chandi
Deleteහුඟක් අය උත්සහ කරන්නේත් තමන්ට දෙයියෝ වගේ සලකා ගන්නනේ. එහෙමත් ඒවා මධ්‍යයේ තමා මේ දේව වන්දනා පැවතෙන්නේ :D
රන්බිම ලිපිය සම්බන්ධයෙන්,
ReplyDeleteහසිත අන්තර්ජාලයෙ සැරිසැරුවට, මගේ මේල් එකට පිළිතුරු දුන්නෙ නෑනෙ. ඉක්මණට කන්ටැක්ට් නම්බර් එකක් දෙන්න.
@ ඩ්‍රැකී
Deleteසමාවෙන්න ඕනේ. මට ඒක අතපසු වෙලා. ඔන්න මම උත්තර ඊයක් එව්වා :D
හොඳ වැදගත් ලිපියක් හසිත. මං නුවර ඉඳලත් දොඩම්වල දේවාලෙට ගිහින් නෑ නේ තවම. අනේ මන්දා මං නම.
ReplyDelete@ Alexander Cage
Deleteනුවර පළාතේ දොඩන්වල දේවාලේ විතරක් නෙමේ තව පරණ දේවාල කීපයක්ම තියෙනවා. පුලුවන්කමක් ලැබුණු වෙලාවක යන්න අයියා. විශේෂයෙන්ම උග්ගල් අලුත් නුවර වගේ දේවාලත් ඓතිහාසික අතින් වටිනා කියන තැන්
ඔන්න හසිත පරක්කු වෙලා හරි කියෙව්වා ඈ......
ReplyDelete@ දිනුක
Deleteහොඳා හොඳා :D
බලනවා ඒ ලෙවල්වලට ඉතිහාසය කරන්න වෙන්නෑ.මං සසරම කළකිරිලා ඉන්නෙ.
ReplyDelete@ වර්ෂා ( Rain_Girl )
Deleteමොකද පුස්නේ පිංවත් දරුවා :D
ගොඩක් දවසකින් බ්ලොග් කියවන්න ආවෙ. දිග ලිපියක්. ස්තූතියි
ReplyDelete@ ගිමන් නිවන්නා
Deleteඑච්චරම දිගත් නැහැ ඉතින්. හැබැයි මේකෙන් කියන කාරණා තවත් දීර්ඝව සාකච්ඡා කරන්න පුලුවන්
බොහොම ස්තුතියි !!
ReplyDeleteඔබගේ කතා එකින් එක මම කියවනවා. ගොඩක්ම ඉතිහාස කතා වලට තමා මම ආස. මොකද මන් ඒවා ගැන හොයල බලන්න අසයි. ඔයගේ මේ ලිපියත් ඒ වගේයි.
බොහොම සතුටුයි දොඩම්වල දේවාලයේ ඡායාරූප ගත්ත කෙනා තමා මම. මමත් ඡායාරූප බ්ලොග් එකක් කරන්වා. නමුත් තොරතුරු මම නිතර සොයාබලනව.
http://charithmania.blogspot.com/
@ CHARITH GUNARATNA
Deleteස්තුතියි අගය කිරීම සම්බන්ධව:)
ඒ වගේමයි දොඩම්වෙල දේවාලයේ ඡායාරූප ගත්තු කෙනා වශයෙන් හඳුනා ගැනීම ගැනත් සන්තෝෂයි. ඒවා මම මගේ බ්ලොග් සටහන සඳහා ගත්තත් ඒ ගැන ඔබට දැනුවත් කරලා නිසි අවසරයක් ලබා ගන්න බැරිවුණු එක ගැන කණගාටුයි. ඒ සම්බන්ධව හිත් රිදීමක් වුණා නම් ඒ ගැන සමාවෙන්න. කොහොම වෙතත් උපුටා ගැණීමක් විදිහට දක්වලා තියෙන්නේ ඔබේ පිටුවට සබැඳියකුත් එක්ක.
ඉතිහාසයේ අප්‍රකට කතා නමින් දැනට ලිපි 19 ක් විතර පල කරලා තියෙනවා විශේෂයෙන් උඩරට ප්‍රදේශයේ ඉතිහාස කරුණුත් එකතු කරලා. ඔයා ඒවාට කැමතිවේවි
ඔයාගේ බ්ලොග් එකත් බලන්න පටන් ගත්තා ඕන් :)
හඃ හඃ හඃ හඃ ........
ReplyDeleteලියලා තියෙන්නේ කවුද කියලා මටනම් මතක නෑ " දුටිමි අදිසි දෙවියන් " කියලා පොතක් තියෙනවා . ඒකෙ කියනවා විෂ්ණු , දේවාල වලට අදුන් වලට වඩින්නේ නෑ කියලා . ඒ වෙනුවට තමන්ගේ වෙනම දෙවි කෙනෙක්ව යන්න පත් කරලාලු තියෙන්නේ . භාවනා කරන්න කරදර නිසාලු එහෙම කරලා තියෙන්නේ .
අයියා මේ කියන කතාවට අදාළ දෙවියොත් සමහරවිට එහෙම දෙවි කෙනෙක් වෙන්න පුළුවන් නේද ?
ඔය අඳුන් වලට දෙවියෝ වඩිනකොට ඔය වගේ කතා කියනවලු . මේ දෙවියොත් එහෙම සමාජෙට ආවා වෙන්න පුළුවන් .
කෙටි කඩුවක් අතින් දරාගත් ලංකාවෙ රාවණ යුගයේ සිට පැමිණෙන දෙවි කෙනෙක් වන විභීෂණ දෙවියන්ග්ගගේ රුව මෙම රාජ මුද්‍රාවේ තිබෙනවා වෙන්නට බැරිද? මොකද අතීතයේ ඉදල අදටත් සිංහලයන් විශ්වාස කරන දෙයක් තමයි සතුරන් පරාජය කරන්නට විභීෂණ දෙවියන්ගෙන් උපකාර ලැබෙනවා කියන එක..
ReplyDeleteසර්පයන් සිටින්නේ උන්වහන්සේ නාග ගෝත්‍රික නිසාවෙන්න බැරිද?
Deleteකබලෑව දෙවියනුත් විය හැකියි..කබලෑව දෙවියන්ගැනත් සොයාබලන්න
Delete