ලංකා වංසකතා සාහිත්‍යය ඇතුළේ අපිට මුලින්ම හමුවන වීර කාන්තාව වෙන්නේ විහාර මහා දේවිය. දියණියක්, බිරිඳක්, මවක් වගේම යුද උපදේශකවරියක් විදිහට එතුමිය අනභිභවනීය කාර්යයක් කරපු බව අවිවාදිතයි.
විහාර මහා දේවිය සම්බන්ධව කතා කරද්දී එතුමිය උපත ලබපු කල්‍යාණි ප්‍රදේශය එහෙමත් නැත්නම් කැලණිය සම්බන්ධව මුලින්ම කතා කරන්න ඕනේ.
දෙවනපෑතිස් රජතුමා අනුරාධපුරයේ රාජ්‍ය කරන කාලයේදී රජතුමාගේ සොයුරෙක් වුණු උත්තිය කුමාරයා කැලණි ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රාදේශීය පාලනය ගෙන යනවා. තමන්ගේ වැඩිමහල් සොයුරාගේ ඇවෑමෙන් සිහසුනට පත්වෙන්න උත්තිය කුමාරයා අනුරාධපුරය බලා පිටත් වෙද්දී තමන්ගේ පුත්‍රයා වුණු ශිවට කැලණියේ පාලනය භාර කරලා යන්නේ.
ශිවගේ පුතුන් දෙදෙනා තමා තිස්ස සහ උත්තිය. ශිව ඔවුන්ට නම් තබද්දී තමන්ගේ පියාගේ වැඩිමහල් සොයුරා වුණු දේවානම්පියතිස්සගේ නම වැඩිමහල් පුත්‍රයාටත් බාල පුත්‍රයාට තමන්ගේ පියා වුණු උත්තියගේ නමත් තබනවා.
පසුකාලීනව ශිවගේ ඇවෑමෙන් කැලණියේ පාලකයා වෙන තිස්ස රජතුමාව කැලණිතිස්ස නමින් හඳුන්වනවා. කැලණිතිස්සගේ බිසව එක්ක කැලණිතිස්සගේ සහෝදරයා වුණු උත්තිය අනියම් සම්බන්ධතාවයක් පවත්වනවා. මේ ගැන කැලණිතිස්ස දැනගත්තාට පසුව උත්තිය කැලණියෙන් පලා යනවා.
සැඟවිලා ඉන්න උත්තිය කැලණිතිස්සගේ බිසවට රහසේම ලියුමක් යවන්න කල්පනා කරලා මහණ වෙස් ගත්ත කෙනෙක් අතේ ලියුමක් කැලණියට එවනවා. මේ මහණ වෙස් ගත්තු මනුස්සයා රජ මාළිගාව ඇතුළට යන විදිහක් කල්පනා කර කර ඉද්දී දැක්කා රජ මාළිගාවට හැමදාම දානය පිණිස රහතන් වහන්සේ නමක් වඩින බව.
ඉතින් මේ මහණ වෙස් ගත්තු මනුස්සයාත් රහතන් වහන්සේ නමත් එක්ක රජ මාළිගාවට ගිහින් දන් වළදලා මාළිගාවෙන් පිටත් වෙද්දී උත්තිය කුමාරයා එවපු ලියුම රජ බිසවට පේන්න බිම දමනවා. ඒත් ලියුම වැටෙන සද්දෙත් එක්ක කැලණිතිස්ස රජතුමා ඒක දැකලා ලියුම රහතන් වහන්සේ අරන් ආවා කියලා සැක කරනවා. තමන්ගේ සතුරා එක්ක සම්බන්ධතා පවත්වන රහතන් වහන්සේව උණු තෙල් කටාරමක දමලා මරා දාන්න රජතුමා නියම කරනවා.
ඒත් රහතන් වහන්සේ නමක් මරාදැමීමේ ආනන්තරිය පාප කර්මය රජතුමා සිදු කිරීමත් එක්ක රජතුමා ගැන කෝපවුණු ප්‍රදේශයට අධිපති දෙවිවරුන් මුහුද ගොඩ ගලන්නට සලස්වනවා. මේ අවස්ථාවේදී නිමිති දන්න අය කියන්නේ මුහුද ගොඩගැලීම වළක්වන්න නම් රජ පවුලේ අයෙක්ව මුහුදට බිලි කරන්න ඕනේ කියලා.
මේ අවස්ථාවේදී තමා අපේ කතා නායිකාව කරළියට එන්නේ.
කැලණිතිස්ස රජතුමාගේ දියණිය වුණු ඒ වෙන කොට ළමා වියේ පසුවුණු දේවී කුමරිය තමන්ගේ රාජ්‍යය වගේම රට වැසියන්ව බේරා ගැනීමේ උදාර අරමුණින් පිය රජතුමාගේ අකමැත්ත මත වුණත් මුහුදට බිලිවෙන්න ඉදිරිපත් වෙනවා.
කැලණිතිස්ස රජතුමා රන්මුවා හැලියක් කරවලා ඒකට කුමරියව නංවලා මුහුදේ පා කර හරිනවා. ඒ වගේමයි මේ සැළියේ ඉන්නේ කැලණිතිස්ස රජතුමාගේ දුව කියලා සඳහන් කරන්නත් කැලණිතිස්ස රජතුමා අමතක කරන්නේ නැහැ. තමන්ගේ දුවව මුහුදේ පා කරලා යවනවා බලන්න ආපු කැලණිතිස්ස රජතුමා පොළොව පලාගෙන අවීචි මහා නරකාදියට ගියා කියලා තමා කියවෙන්නේ.
රන් සැළිය පාවෙලා රෝහණයේ තෝලක කියන විහාරය අසළට ගොඩ ගසනවා. මේ ගැන දැනගත්තු මාගම පාලකයා වුණු කාවන්තිස්ස රජතුමා එතැනට ඇවිත් දේවී කුමරියව රජ මාළිගයට අරගෙන ගිහින් පෝෂණය කරලා යොවුන් වියට පත්වුණාම තමන්ගේ අග මෙහෙසිය විදිහට සරණ පාවා ගන්නවා.[මේ තෝලක විහාරය පොතුවිල් ප්‍රදේශයේ තියෙන මුහුදු මහා විහාරය කියලා වගේම කිරින්දේ තිබෙන කිරින්ද විහාරය කියලාත් මත පවතිනවා]
විහාරයක් අසළට මුලින්ම ගොඩබැස්ස නිසා දේවී කුමරියව එතැන් පටන් හඳුන්වන්නේ "විහාර දේවී" කියලා. මේ විවාහය තවත් අතකින් වැදගත් වෙන්නේ නැවත වරක් අනුරාධපුර රජ පවුලේ කොටස් දෙකක එකතුවක් මේකෙන් සිදුවුණු නිසා.
මේ සටහනෙන් ඒක පැහැදිලි වේවි.
කාවන්තිස්ස රජතුමා අග බිසව විදිහට විහාර මහා දේවියත් රජතුමා එක්ක එකතු වෙලා පින්කම් රැසක් කරපු බව වංසකතාවල කියවෙනවා.
එක දවසක් දේවිය කරපු පින්කමකට අනුශාසනා කරන මහ රහතන් වහන්සේ නමක් දේවියගේ මේ භවයේ ලබපු සම්පත් පෙර කරපු පින් නිසා ලබපු බවත් මතු භවයේදීත් එවැනි සම්පත් ලබන්න තවත් පින්කම් කළ යුතු බවත් පවසමින් අනුශාසනා කරද්දී විහාර මහා දේවිය තමන්ගේ හිතේ තියෙන කණස්සල්ල ප්‍රකාශ කරනවා. තමන්ට කොපමණ සම්පත් තිබුණත් දරු සම්පත් නැති නිසා මේ සම්පත්වලින් ඵලක් නැහැ කියලා දේවිය කියනවා.
මේ අවස්ථාවේදී මහ රහතන් වහන්සේ දේවියට උපදෙස් දෙනවා බොහෝම රෝගාතුරව මරණාසන්නව ඉන්න සාමණේර නමක් විහාරයේ වැඩ ඉන්නවා උන්වහන්සේගෙන් තමන්ගේ පුත්‍රයා විදිහට උපදින්න කියලා ඉල්ලීමක් කරන්න කියලා.
නමුත් සාමණේරයන්ගේ බලාපොරොත්තුව වුණේ දිව්‍ය ලෝකයේ උපත ලබන්න. කොහොම වෙතත් තමන්ගේ පුත්‍රයා විදිහට ඉපදිලා සම්බුද්ධ ශාසනයට විශාල මෙහෙවරක් කරන්න පුලුවන් කියලා විහාර මහා දේවිය සාමණේරයන්ට ඒත්තු ගන්වන නිසා අවසානයේදී උන්වහන්සේ දේවියගේ ඉල්ලීමට එකඟ වෙනවා. දේවියත් සාමණේරයන් වහන්සේට උපස්ථාන කරලා නැවතත් මාළිගාව බලා පිටත් වෙනවා.
විහාර මහා දේවිය මාළිගාව බලා පිටත් වෙන අතරතුරේදී සාමණේරයන් වහන්සේ අපවත් වෙලා දේවියගේ කුසේ පිළිසිඳ ගන්නවා. ඒක දේවියට වැටහෙන්නේ තමන් ගමන් කරමින් සිටිය කරත්තයේ රෝද මහ පොළොවේ එක්වරම එරී ගිය නිසා. ඒ නිසා විහාර මහා දේවිය ආපසු විහාරයට පැමිණිලා සාමණේරයන්ගේ ආදාහනය මැනවින් සිදු කරලා නැවතත් මාළිගාව බලා පිටත් වෙනවා.
කාලය මෙහෙම ගත වෙද්දී විහාර මහා දේවියට දොළ දුකක් උපදිනවා. ඒ තමා අලංකාර යහනක වැතිරිලා ඉස්බක් පමණ [මේක රියන් 60 ක් කියලත් සමහර පොත්වල තියෙනවා] විශාල වෙන මී වදයක් තමන්ගේ ඉදිරිපිට තබාගෙන 12000 ක් මහා සංඝයාට ඒ මී වද පිළිගන්වලා ඉතිරිය තමන් අනුභව කරන එක.
ඒ වගේමයි අනුරාධපුරය පාලනය කරපු එළාර රජතුමාගේ ප්‍රධාන යෝධයාගේ හිස සින්ද කඩුව සෝදපු වතුර ඒ හිස මත ඉදගෙන බොන්නත් අනුරාධපුර නෙළුම් කෙතෙන් අරගෙන ආපු නෙළුම් මල්වලින් මල් දමක් කරලා පළඳින්නත් දේවියට දොළක් ඇතිවුණා.
කාවන්තිස්ස රජතුමා මේ දොළ දුකේ අර්ථය මොකක්ද කියලා නිමිති දන්න අයගෙන් විමසුවාම එයාලා කිව්වේ දේවියගේ දොළ සංසිදෙව්වොත් දේවියට ලැබෙන පුත්‍රයා ලංකාවට සතුරු වෙන දෙමළුන් විනාශ කරලා ලංකාව එක්සේසත් කරලා සම්බුද්ධ ශාසනය බබළවනවා කියලා. ඉතින් රජතුමාත් මේක අහලා සතුටු වෙනවා.
ඉස්බක් පමණ විශාල වෙන මී වදය සොයා ගත්තු ආකාරය ගැනත් රසවත් කතාවක් තියෙනවා. රජතුමා මේ ගැන කියලා අණ බෙරයක් යැව්වාට පස්සේ ඒක අහපු වෙරළාසන්න ජනපදයක හිටිය අන්ධ වගේම කොර මනුස්සයෙක් තමන්ගේ දරුවන්ට කිව්වා එක ස්ථානයක තිබුණු මී ගසක මල් පිපුණාම තමන්ට කියන්න කියලා. මී ගහේ මල් පිපුණු බව දැනගත්තාට පස්සේ තමන්ගේ දරුවන් ලවා ඒ ගහේ අත්තක අට්ටාලයක් බැඳ ගෙන ඒ මනුස්සයා මී මැස්සන්ගේ කතා බහට කන්දී ගෙන හිටියා.
දවසක් මී ගහෙන් රොන් ගන්න ආපු කණ මී මැස්සියක සහ තවත් මී මැස්සියක් අතර වුණු රණ්ඩුවේදී මේ මනුස්සයාට ඇහුණා මී මැස්සියෝ දෙන්නා පුරාජේරුවක් කියවද්දී උණ පඳුරක පුරුක් නැති උස බටයක මුල ඉදන් අග දක්වාම මී වදයක් තියෙන බවත් ඒ වගේම වෙරළාසන්නයේ තියෙන රියන් 100 ක් පමණ වෙන ඔරු කඳක ඉස්බක් පමණ වෙන මී වදයක් තියෙන කියන එක.
තමන්ගේ දරුවෝත් එක්ක උණ පඳුර සොයාගෙන එතැන තිබුණු උණ බටයක අර කිව්ව විදිහටම මී වදයක් තිබුණු නිසා ඒ මනුස්සයා වෙරළාසන්නයේ ඔරු කඳක තිබෙන මී වදය ගැන කාවන්තිස්ස රජතුමාව දැනුවත් කරනවා. ඒ ආකාරයෙන් මුල්ම දොළ දුක සංසිදවන්න රජතුමාට පුලුවන් වෙනවා.
ඊළඟ දොළ දුක සංසිදවන කාර්යය භාරගන්නේ රජතුමාගේ හිටිය ජ්‍යෙෂ්ඨතම සෙනෙවියා වුණු වේළුසුමන යෝධයා. වේළුසුමන වෙස් වලාගෙන අනුරාධපුරයට ගිහින් එළාර රජතුමාගේ අස්හලේ සේවයට එකතු වෙනවා. ඒ අස්හලේ ප්‍රධාන අස්ගොව්වාත් එක්ක මිත්‍ර වුණු වේළුසුමන වේගවත්ම අශ්වයාවත් හඳුනා ගන්නවා.
දවසක් අනුරාධපුර නෙළුම් කෙතට ගිහින් නෙළුම් මල් මිටියක් නෙලාගෙන රහසිගත ස්ථානයක හංගලා වේගවත්ම අශ්වයා පිටේ නැගලා මම කාවන්තිස්ස රජතුමාගේ ඇමති වේළුසුමන කියලා උස් හඬින් කෑ ගහලා අශ්වයා පිටේ යද්දී එළාර රජතුමාගේ ප්‍රධාන යෝධයා වුණු නන්දසාරථී තවත් වේගවත් අශ්වයෙක්ගේ පිටේ නැගලා හඹාගෙන එනවා. කැළෑවක හැංගුණ වේළුසුමන එතැනින් යන නන්දසාරථීගේ බෙල්ල කඩුවෙන් කපාගෙන ඒ සියලු දේම අරගෙන හවස් වෙද්දී මාගමට පැමිණෙනවා. ඒ ආකාරයෙන් දේවියගේ අනික් දොළ දුක් සංසිදවන්න පුලුවන් වෙනවා.
නිසි කාලය ගෙවුණාට පස්සේ විහාර මහා දේවිය පින්වත් කුමාරයෙක් බිහි කරනවා. එදාම ආශ්චර්යමත් සිද්ධි කීපයක් සිදුවුණු බව කියවෙනවා. එකක් තමා ඡද්දන්ත කියන උසස් කුලයේ ඇතින්නක් ඇත් පැටියෙක් රෝහණ ජනපදයේදී බිහි කරලා ආපසු ඡද්දන්ත විලටම යන එක. කණ්ඩුල කියන වැද්දා මේ ගැන කාවන්තිස්ස රජතුමාට දැනම් දෙනවා. රජතුමාත් සතුටු වෙලා වැද්දාගේ නමෙන්ම ඇත් පැටියාව නම් කරලා රජ මාළිගාවේ ඇති දැඩි කරනවා. ඒ වගේමයි සත් රුවනින් පිරුණු නැව් හතකුත් රෝහණයට එදාම පැමිණෙනවා.
මේ ආකාරයෙන් සුභ නිමිති කීපයක්ම කුමාරයා උපන් දවසේ සිදුවෙනවා. කුමාරයාට නම් තබන දවසේ තමන්ගේ තාත්තාගේ නම වුණු "අභය" කොටසත් මාගම තමන්ගේ නායකත්වයේ පැවතීම සංකේතවත් කරන "ගාමණී" කොටසත් එකතු කරලා කුමාරයාට "ගාමණී අභය" නමින් නම් තබනවා.
ඉන්පසුව නැවතත් විහාර මහා දේවිය ගැබ් ගන්නවා. ඒ අවස්ථාවේ දේවියට හොඳින් මල් පිපුණු සපු ගසක් ගාව අලංකාර යහනක වැතිරිලා මල් සුවඳ විඳින්න දොළ දුක ඇතිවෙනවා. රජතුමා ඒකත් සපුරනවා. නිසි කාලය ගතවුණාට පස්සේ තවත් පුත්‍රයෙක් ඉපදෙනවා. ඒ කුමාරයාට තිස්ස නමින් නම් තබනවා.
කුමාරවරු දෙන්නා නිසි වයසට ආපුවාම කාවන්තිස්ස රජතුමා සහ විහාර මහා දේවිය බත් කැවීමේ මංගල්‍යයක් මහා සංඝයාගේ සහභාගීත්වයෙන් පවත්වනවා. දරුවන්ගේ කාර්යයන් මනාව ඉටු කරන, දරුවන් ගැන සම මෙත් සිතින් බලන මවගේ භූමිකාව විහාර මහා දේවිය තුළින් පිළිබිඹු වෙන්නේ මේ සිද්ධියත් සමඟම ඉදිරියට සිදුවුණු සිද්ධීන් ගැන විමසිල්ලෙන් බලද්දී.
තමන්ගේ දරුවන් දෙදෙනාගේ වයස අවුරුදු 10 ක් 12 ක් පමණ වෙද්දී දවසක් රජතුමා දරුවන් දෙදෙනාගේ සිතැඟියාවන් පරීක්ෂා කරලා බලන්න බත් කැවීමක් සිද්ධ කරනවා. පළමුවෙන්ම මහා සංඝයාට කිරිබත් පූජා කරලා සංඝයා ඉඳුල්කරපු කිරිබත් තමා රජතුමා දරුවන්ට කවන්නේ. මුලින්ම සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරනවා කියන පොරොන්දුවට කිරිබත් පිඬක් දෙදෙනාටම කවනවා. ඊළඟට සහෝදරයන් දෙන්නා සමඟියෙන් කටයුතු කරනවා කියන පොරොන්දුවට තවත් කිරිබත් පිඬක් කවනවා.
අවසාන වශයෙන් දෙමළුන් එක්ක යුද්ධ නොකරන පොරාන්දුවට කිරිබත් පිඬක් කවන්න රජතුමා උත්සහ කළාම ගැමුණු කුමාරයා කේන්තියෙන් කිරිබත් පිඬ පොළොවේ ගහලා තමන්ගේ කාමරයට ගිහින් අත් පා අකුළාගෙන ඇඳේ ඉන්නවා. මේ වෙලාවේ විහාර මහා දේවිය ඇවිත් පුත්‍රයා ඉන්න විදිහ දැකලා අහනව.
අත පය දිග හැරගෙන සුවසේ නිදාගන්න පුලූවන්කම තියෙද්දී අත් පය අකුලාගෙන ඉන්නේ කුමාරයා පිළිතුරු දෙනවා "උතුරින් හැඩි දෙමළු දකුණින් ගොළු මුහුද මම කොහොමද සුවසේ අත පය දිග හැරගෙන නිදා ගන්නේ" කියලා.
කුමාරයාගේ මේ ප්‍රකාශයත් එක්කම විහාර මහා දේවිය වගේම කාවන්තිස්ස රජතුමාත් තේරුම් ගන්නවා ලංකාව දමිළයන්ගේ ග්‍රහණයෙන් මුදාගන්න කුමාරයාගේ තියෙන ඒකායන අරමුණ ගැන.
ඒ කාලේ වෙද්දී කාවන්තිස්ස රජතුමාත් මහා යුද ප්‍රයාණයකට කටයුතු සූදානම් කරමින් හිටියේ දස මහා යෝධයන් එකතු කිරීමත් එයාලා එක එක්කෙනා ලවා තවත් දස දෙනෙකුත් ඒ ඒ දස දෙනාගෙන් එක් කෙනෙක් තවත් දස දෙනෙක් එකතු කිරීම වගේ ක්‍රමවලින් රජතුමා විශාල සේනාවක් නිර්මාණ කරලා යුද පුහුණුව ලබාදුන්නා.
ඒත් ගැමුණු කුමාරයාගේ තියෙන ඉක්මන්කම නිසා පිය රජතුමාත් එකක් ගැටුමක් ඇති කරගෙන පියා පිරිමියෙක් නෙමේ ස්ත්‍රියක් කියලා ස්ත්‍රී පළඳනා යැවීමත් එකක් ඒ තත්වය උත්සන්න වෙලා ගැමුණු කුමාරයා මලය දේශයට පැනලා යනවා. මේ කාලය තුළත් රජතුමා සමීපයෙන් විහාර මහා දේවිය ඉන්නවා. ස්වාමියාට ලෙංගතු, පක්ෂපාතී බිරිඳකගේ භූමිකාවයි මේ කාල සීමාව තුළ වැඩි වශයෙන් එතුමියගෙන් දැකගන්න පුලුවන් වෙන්නේ.
කාවන්තිස්ස රජතුමාගේ අභාවයෙන් පස්සේ ගැමුණු කුමාරයාව රජ කරවන්න ඇමතිවරු කටයුතු කළත් විහාර මහ දේවිය සහ කණ්ඩුල ඇතාව තිස්ස කුමාරයා තමන් වාසය කරපු දීඝවාපි ප්‍රදේශයට අරගෙන ගිහින් හිටියේ. ගැමුණු රජතුමා එයාලාව තමන් ගාවට එවන්න කියලා කරපු ඉල්ලීම තිස්ස කුමාරයා ප්‍රතික්ෂේප කරපු නිසා සහෝදරයෝ අතර යුද්ධයක් ඇතිවෙනවා.
මේ යුද්ධයට දස මහා යෝධයන් සම්බන්ධ වෙන්නේ නැත්තේ කාවන්තිස්ස රජතුමා මියයන්න කලින් සහෝදරයන් අතර යුද්ධයක් ඇති වුණත් ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ කියන පොරොන්දුව දස මහා යෝධයන්ගෙන් ලබාගත්තු නිසා.
අවසානයේදී ගැමුණු කුමාරයා යුද්ධය ජයගන්නවා. තිස්ස කුමාරයා විහාරයකට පැනලා ගිහින් ජීවිතය ගලවා ගන්නවා. පස්සේ දීඝවාපියේ ඉදන් විහාර මහා දේවියත් කණ්ඩුල ඇතාවත් මාගමට ආපහු අරගෙන ඇවිත් ගැමුණු කුමාරයා රාජ්‍යත්වයට පත්වෙනවා. පස්සේ ගෝධගත්තතිස්ස හාමුදුරුවන්ගේ මැදිහත් වීමෙන් සහෝදරයෝ දෙන්නා නැවතත් සමඟි වෙලා කටයුතු කරනවා.
එළාර එක්ක යුද්ධයට භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛව තබාගෙන දුටුගැමුණු රජතුමා රජරට බලා පිටත් වෙද්දී විහාර මහා දේවියත් ඒ පිරිසේ ගමන් කරනවා.
මේ යුද්ධයේදී අවසානයට අනුරාධපුරය ආසන්නයේ වුණු සටනේදී විහාර මහා දේවියගේ යුධ උපායශීලීත්වය මනාව පෙන්නුම් කෙරෙන්නේ දුටුගැමුණු රජතුමාගේ රූපය දැවයෙන් කරපු පිළිම තියෙන ව්‍යාජ බලකොටු 31 ක් නිර්මාණය කිරීමටක් 32 වෙන බලකොටුවේ රජතුමා ඇතුළු පිරිස සැබවින්ම සිටීමත් උපදෙස් ලබාදීම තුළින්.
එළාරගේ දීඝජන්තු කියන මහා යෝධයා බලකොටු එකෙන් එක රජතුමාගේ පිළිම කපමින් ඇවිල්ලා වෙහෙසට පත්වෙලා හිටිය නිසා අවසානයේදී සුරනිමල යෝධයාට පහසුවෙන්ව දීඝජන්තුව මරා දමන්න පුලූවන් වෙනවා. ඊට පස්සේ සිදුවුණු සටන්වලිනුත් පස්සේ සාර්ථකව තමන්ගේ යුධ ප්‍රයාණය අවසන් කරලා ලංකාවම එක්සේසත් කරන්න දුටුගැමුණු රජතුමාට හැකිවෙනවා.
මේ ආකාරයෙන් තමන්ගේ වැඩිමහල් පුතාගේ යුද ප්‍රයාණයට උපදෙස් දීපු විහාර මහා දේවිය සම්බන්ධව එළාර දුටුගැමුණු සටනෙන් පසුව වංසකතා නිහඬ වෙන බවක් පෙනෙන්න තියෙනවා. කොහොමත් දුටුගැමුණු රජතුමාගේ වීරත්වය ඉස්මතු වෙන ආකාරයෙන් රජතුමා සම්බන්ධ පරිච්ඡේද රචනා කරලා තියෙන නිසා විහාර මහා දේවිය සම්බන්ධව යුධ සමයෙන් පස්සේ කතා කරන එක නිෂ්ඵලයි කියලා වංස කතාකරුවා හිතුවා වෙන්න පුලුවන්.
අවසාන වශයෙන් විහාර මහා දේවිය ගැන මහාවංසය කියන්නේ දුටුගැමුණු රජතුමාගේ මරණය ගැන සඳහන් වෙන 32 වෙනි පරිච්ඡේදයේදී. ඒකේ කියවෙන විදිහට දුටුගැමුණු රජතුමා මතු බුදුවන මෛත්‍රී බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයා වෙනවා. සහෝදර සද්ධාතිස්ස වමත් ශ්‍රාවක වෙනවා. රජතුමාගේ පියා සහ මව වුණු කාවන්තිස්ස රජතුමා සහ විහාර මහා දේවිය මෛත්‍රී බුදුන් වහන්සේගේ පියා සහ මව වෙනවා. රජතුමාගේ පුතා වුණු සාලිය මෛත්‍රී බුදුන් වහන්සේගේ පුත්‍රයා වෙනවා.
ඒ කෙසේ වෙතත් සෙල්ලිපි සාධක සහ සාහිත්‍ය මූලාශ්‍රය කීපයක් පාදක කරගෙන විහාර මහා දේවියගේ අවසානය සම්බන්ධව කිසියම් අනුමානයකට එළඹෙන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ තමා විහාර මහා දේවිය තමන්ගේ ජීවිතයේ අවසන් කාලයේදී භික්ෂුණියක් විදිහට ගත කරන්න ඇති කියලා කෙරෙන අනුමානය. ඒකට පාදක කරගන්න සාධක තමා මේ.
දීපවංසය දක්වන විදිහට කාවන්තිස්ස රජතුමාගේ දියණියන් දෙදෙනෙක් වූ මහිලා සහ සමන්තා භික්ෂුණීන් බවට පත්වෙලා හිටියේ. ඒ හැරෙන්නට කොසවකන්ද සෙල්ලිපිය (Inscriptions of Ceylon-Plate No.193) මේ නිගමනයට පාදක කරගන්නවා. එහි දැක්වෙන්නේ,
"මහරජහ ගමණී අබයහ දෙවනපියශ [ර]මණි බරිය මිලක තිශ විහරෙ කරිතෙ කතිය "
එහි අර්ථය තමා "දෙවියන්ට ප්‍රිය වූ ගාමණී අභය නම් මහරජුගේ රමණීය භාර්යාව වූ කතී විසින් මිලක්ඛ තිස්ස විහාරය කරවන ලදී" කියන එක.
මෙහි දෙවියන්ට ප්‍රිය වූ ගාමණී අභය මහරජු දුටුගැමුණු රජතුමා විදිහටත් කතී දුටුගැමුණු රජතුමාගේ අග මෙහෙසිය විදිහටත් අනුමාන කෙරෙනවා. දුටුගැමුණු රජතුමාගේ මරණයෙන් පසු ඇයත් තමන් විසින්ම කරවපු විහාරයේ පැවිදි වූ බව අනුමාන කෙරෙනවා.
ඒ හැරෙන්නට මිහින්තලයෙන් හමුවූ එකම සටහන දක්වන 14 සහ 15 (Inscriptions of Ceylon-Plate No.14) සෙල්ලිපිත් මේ නිගමනයට පාදක වෙනවා. එහි දැක්වෙන්නේ,
"කණගම ර[ජශ] තිශහ ජිත ශවෙර ශමණිය ලෙණෙ ශගශ"
එහි අර්ථය තමා "කණගම රජු වූ තිස්සගේ දියණිය වූ ශවෙර භික්ෂුණියගේ ලෙන සංඝයාට පූජා කරන ලදී" කියන එක.
එහි දැක්වෙන කණගම කියලා කියන්නේ කල්‍යාණි ප්‍රදේශය බවත් තිස්ස නම් රජතුමා කැලණිතිස්ස බවත් අනුමාන කෙරෙනවා. "ශවෙර" යන පදයෙන් ක්ෂත්‍රීය කුමරිය යන අර්ථය එන බවත් කොටදැමූහෙළින් හමුවෙන ලිපියත් පාදක කරගෙන මේ "ශවෙර" යනුවෙන් හඳුන්වන්නේ විහාර මහා දේවිය බවයි පිළිගැනෙන්නේ.
මේ සියලු සාධකවලින් අනුමාන කරන්න පුලුවන් විශාල යුද ප්‍රයාණයෙන් පසුව ඒ ගැනත් කම්පා වුණු විහාර මහා දේවිය තමන්ගේ ඥාතීන් බොහොමයක් ඒ වනවිටත් පැවිදි බිමට ඇතුලත් වෙලා හිටිය නිසා [විහාර මහා දේවියගේ සහෝදරයා පැවිදි වෙලා චුල්ල පිණ්ඩිපාත තිස්ස තෙරුන් නමින් ප්‍රසිද්ධ වෙලා හිටියේ] ජීවිතයේ අවසන් භාගයේදී ලෝකෝත්තර සුවය සොයන්න පැවිදි වුණු බව. එතුමිය මිහින්තලයේ තිබූ විහාරයේ හෝ තමන්ගේ ලේලිය කරවූ මිලක්ඛ තිස්ස විහාරයේ වැඩ වසන්නට ඇති.
තමන්ගේ රාජ්‍යයේ සුරක්ෂිත බව වෙනුවෙන් තරුණ වියේදීම මුහුදට බිලිවෙමින් පසුව කාවන්තිස්ස රජතුමාග් අග බිසව බවට පත්වෙලා ලංකාව දමිළ ග්‍රහණයෙන් මුදවා ගන්න මූලික වෙන දුටුගැමුණු සහ සද්ධාතිස්ස කුමරුන්ට මෑණියන් වෙලා පස්සේ යුද ප්‍රයාණය සාර්ථකව ඉටු කරගන්න අවශ්‍ය උපදෙස් පවා ලබාදීලා විහාර මහා දේවිය ඉටුකළ මෙහෙය අනභිභවනීයයි.
එසේම එතුමියගේ අවසානය පිළිබඳ කෙරෙන අනුමානයත් එක්ක එතුමිය ලෝකෝත්තර සුවය සොයා යෑම තුළින් ඇගේ ජිවිත කතාව පරමාදර්ශි එකක් බවට පත්වෙනවා.
ලිපිය ලියන්න පාදක කරගත්තේ මහාවංසය, වංසත්ථප්පකාසිනිය, දීපවංසය, රාජාවලිය කියන කෘති කීපය.
ලිපිය ලියන්න පාදක කරගත්තේ මහාවංසය, වංසත්ථප්පකාසිනිය, දීපවංසය, රාජාවලිය කියන කෘති කීපය.
ප.ලි.: ඉතිහාසයේ අප්‍රකට කතා මාලාව දෙවිවරුන් වුණු අයියලා, මල්ලිලා, පුතාලා සහ මුණුබුරන් කියන ලිපියෙන් තාවකාලිකව නතර වුණානේ. මේ ඒකට පොඩ්ඩක් පණ දෙන්න හදපු උත්සාහයක්. මේ ලිපිය අපේ පැත්තේ ප්‍රසිද්ධ බාලිකා පාසලකට ලියලා දෙන්න හැදුව එකක්. බ්ලොග් එකට දාන එකේ වරදක් නැති නිසා තමා මේ විදිහට එකතු කළේ.
ප.ප.ලි.: ටිකක් කාර්යබහුල වීමත් එක්ක මේ සටහනට කලින් ලියපු කෝ සිංදු සංගීතේ විතරද සටහන කට්ටිය එකතු කරපු අදහස්වලට පිළිතුරු අදහස් එකතු කරන්න බැරිවුණා. ඉක්මණින් ඒකටත් කටයුතු කරනවා ඕන් :D
ප.ප.ලි.: ටිකක් කාර්යබහුල වීමත් එක්ක මේ සටහනට කලින් ලියපු කෝ සිංදු සංගීතේ විතරද සටහන කට්ටිය එකතු කරපු අදහස්වලට පිළිතුරු අදහස් එකතු කරන්න බැරිවුණා. ඉක්මණින් ඒකටත් කටයුතු කරනවා ඕන් :D
හැමදාම වගේ අදත් වටිනා ඉතිහාස පාඩමක් කියල දුන්නට ස්තූතියි. . .
ReplyDelete@ Sampath
Deleteස්තුතියි හැමදාව වගේ දෙන හයියට :)
මං කවදාවත් මෙච්චර විස්තරයක් අහල තිබුනෙ නෑ... මං විහාරමහාදේවි සසුන්ගත උනා කියල ඇහුවෙත් අදමයි.... ගොඩාක් ස්තූතියි!
ReplyDelete@ YASITH (dot) NET
Deleteවිහාරමහාදේවිය සසුන්ගත වුණා කියන එක හමුවුණු සාධක පාදක කරගෙන කෙරෙන අනුමානයක් විතරයි. ඒක නිගමනයක් නෙමේ. ඉදිරියේදී ලැබෙන තවත් කරුණු කාරණා නිසා ඒ අනුමානය සනාථ වෙන්නත් පුලුවන් අනාථ වෙන්න පුලුවන්
මේ ඔබ මතු කරන කාරණය අම්පාර බුද්ධංගල පන්සලේ 2012, 2013 වගේ කාලේ විහාරගෙයි සිතුවම් කරලා තිබ්බ විස්තරෙත් එක්ක. මේ චිත්‍ර අවම වසර 200කට වඩා පැරණි වෙන්න ඕනි. විහාර මහා දේවිය සසුන්ගත වෙන අවස්ථාව කියලා. ඒත් දැන් එහෙම එකක් තියනවද දන්නේ නෑ. අලුත් හාමුදුරුවෝ ආවට පස්සේ අලුතෙන් සිතුවම් කරන්න පටන් අරන් තිබ්බ දෙවෙනි පාර යනකොට.
Deleteසොයාගන්න හැකි උනොත් මම ගත්ත චායා රූප දාන්නම්.
ඔබේ ලිපිය ඉතා විටිනවා. පාසල් දුවා දරුවන්ට කෙතරම් වැදගත්ද ස්තුතියි
ReplyDelete@ Mpp Gunasinghe
Deleteස්තුතියි මේ ලිපියට ලොකු අගය කිරීමක් ලබා දුන්නාට. මා දැනුවත්ව නම් දරු මල්ලෝ ඉන්න බ්ලොග් කියවන්නෝ කීප දෙනෙක්ම මේ සටහන් දරුවන්ට කියවන්න දෙනවා. ඒ වගේමයි ඉතිහාසය උගන්වන ගුරුවරුන් කීප දෙනෙකුත් මේ සටහන් කියවනවා. ඒ හරහාත් පාසල් දරුවන්ට මේ කරුණු යනවා කියලා මම හිතනවා
හොද විස්තරයක් අයියා...
ReplyDelete@ ඉන්ද්‍රජිත්
Deleteස්තුතියි මලයණ්ඩි :)
This comment has been removed by the author.
ReplyDeleteදුටුගැමුණු ගේ අන්තිම යුද්දෙන් විශාල ජීවිත හානියක් වුනේ නෑ නේද?
Deleteමොකද බර අවි යොදාගෙන සටන් කරන්නේ නැතුව අන්තිම සටන විදියට එල්ළාරන් එක්ක ද්වන්ධ සටනක් නේ කෙරුවේ?
@ කතන්දර කාරයා
Deleteදුටුගැමුණු රජතුමාගේ අන්තිම සටන කියලා ගන්න වෙන්නේ අනුරාධපුර නගරය අල්ලා ගැනීමත් එක්කම එළාර රජතුමා මරා දමපු සටනනේ. ඒ අවස්ථාවේදී එළාර රජතුමා එක්ක ද්වන්ධ සටනක් ගිහින් එළාර රජතුමාව මරා දැම්ම අනුරාධපුර සටනේදී දස මහා යෝධයන් ප්‍රමුඛ දුටුගැමුණුගේ සේනාවෙන් දමිළයන් විශාල ප්‍රමාණයක් මිය ගිහින් තියෙනවා.
වංසත්ථප්පකාසිනියේ දක්වනවා කපපු දමිළයන්ගේ ලේ වැවක් කැලතෙන තරම් ප්‍රමාණයකට එකතු වුණා කියලා. කැලැත් වැව කියලා ඒ වැව හඳුන්වපු බවත් කියනවා. ඒ වගේමයි එළාර රජතුමා මරා දැමුවාට පස්සේත් ඉතුරු වෙලා උන්නු දෙමළ සොල්දාදුවන්වත් මරා දැම්මා කියලා හිතන්න පුලුවන්. ඒක නිසා අන්තිම යුද්දෙනුත් විශාල ජීවිත හානි වෙලා තියෙනවා. [බර අවි ප්‍රහාර එතරම් නැතත් :P]
විහාරමහා දේවිය ජීවිතේ අන්තිම කාලේ කොළඹ ඇවිත් පාක් එකක් හදලා ඒක ජනසතු කර පූජා කළාය කියලා කතාවක් මං අහලා තියෙනවා!
ReplyDeleteබලු කතා කියලා උඹේ ජාතකේ පෙන්නන්න එපා සූරියආරච්චි මහත්තයෝ.
Deleteඅපොයි කතන්දර කාරයා මල පජාතියෙක්නෙ.. මෙතරම් ලොකු දැනුමක් වටින දෙන පෝස්ට් එකක් කියවල බලු කමෙන්ට් දෙන එක වැරදි
Deleteකතන්දරකාරයා පොඩි ආතල් එකක් දීල තියෙන්නේ, ඒක එච්චර ගනන්ගන්න එපා. මේක ශෝක ප්‍රකාශයක් නෙමෙයිනේ.
Deleteමෝඩකම නිසයි ඔය කේන්ති යන්නේ!
Deleteඔය මුල් ඇනෝ බබාලා දෙන්නා එහෙනම් මෙතන තියෙන ඔය මීමැස්සන් කතා කරන එක අහගෙන හිටියාය, හාමුදුරු නමක්ව මැරුවාම සුනාමියක් එනවාය කියන "ඉතිහාස" කතා විශ්වාස කරගෙන ඉන්නකෝ.
ඕගොල්ලන්ට මගේ කතාවේ තේරුම මීටර් වෙන්නේ නෑ. දෙපාරක් අවකලනය කරලා ගන්න.
බයි බායි.
@ කතන්දර කාරයා
Deleteකොළඹ පාක් එක නම් වික්ටෝරියා රැජිණට ගෞරවයක් විදිහට නම් කරලා තිබුණු එකක්නේ. පස්සේ කාලේ ඒකට විහාරමහාදේවි උද්‍යානය කියලා නම් කරනවා :D
ඉතාම වටිනා තොරතුරු එක්රැස් කිරීමක්. හසිත ඔබට බොහෝ ස්තුතිවෙවා.
Deleteමේ තොරතුරු එක්රැස් කිරීම කරන එක ගොඩක් අමාරු වැඩක්. ඉතිහාස කතා බොරුයි කියමුකෝ අඩුගානේ මේ උත්සාහයවත් අගය කරන්න බැරිනම් උපාධි 2ක් නෙමෙයි 200ක් තිබුනත් වැඩක් තියෙනවද?
මේ කතාවල විස්වාස කරන්ඩ බැරි තැන් ඇති, නමුත් මේ කතා 100% බොරුයි කියන්ඩ කාටවත් බෑ; එහෙම කියන්ඩ සාධකත් නෑ. ඒක ඉතින් තම තමන්ගේ නැණ පමණින් දැනගත යුතුයි.(හැබැයි පොඩ්ඩක් හරි 'නැණ' තියෙන්ඩම ඕනා) උපාදි ලබාගෙන ලෞකික ලෝකේ ජයගත් පමණින් 'නැණ' පහලවෙන්නේ නෑ කියන එකත් කියන්ඩ ඕනා.
@ Saman Lankathilaka
Deleteමේ කතා කියවද්දී විචාරශීලී බව කියන එක හරි වැදගත් තමා. මොකද එකම කෘතිය ඇතුළේ වුණත් පරස්පර විරෝධී තැන් තියෙනවා වගේම තාර බර අරින්න ඕනේ තැන් තියෙනවා.
උඹ සෑහෙන්න මහන්සි වෙලානේ කොලුවෝ... බොහෝම වටින වැඩක්... ඔය අවසාන සෙල් ලිපි අනුව විහාර මහා දේවිය පැවිදි උනාය කියන හරිය හැර අනිත් කතානං හැම එකක්ම වගේ මම කියවලා දැනගෙන හිටියේ.. ඒත් ඔය ටික අදයි ඔහොමවත් අහන්න උනේ... ඒක බොහෝම වටිනවා. ඒ වගේම දිර්ඝ කාලයක් අරං පොත පත කියවන්න අකමැති වර්ථමාන සමාජයට මෙහෙම සංක්ෂිප්ත ආකාරයට හරි මේ කාරණා ටික කියවන්න දීම බොහෝම වටිනවා. මේ ලිපිය පුළුවන් තරං පිරිසිකට කියවන්න හැකියාව සැලැස්වීම මේක කියවන කාගේත් යුතුකමක් හැටියට සලකා කටයුතු කරනවා නම් මේ ලිපිය ලිවීමට හසිත මල්ලි ගත්ත මහන්සියට සැලකුවා වෙනවා...
ReplyDeleteආ තව එකක්...
//දවසක් අනුරාධපුර නෙළුම් කෙතට ගිහින් නෙළුම් මල් මිටියක් නෙලාගෙන රහසිගත ස්ථානයක හංගලා වේගවත්ම අශ්වයා පිටේ නැගලා මම කාවන්තිස්ස රජතුමාගේ ඇමති වේළුසුමන කියලා උස් හඬින් කෑ ගහලා අශ්වයා පිටේ යද්දී එළාර රජතුමාගේ ප්‍රධාන යෝධයා වුණු නන්දසාරථී තවත් වේගවත් අශ්වයෙක්ගේ පිටේ නැගලා හඹාගෙන එනවා. කැළෑවක හැංගුණ වේළුසුමන එතැනින් යන නන්දසාරථීගේ බෙල්ල කඩුවෙන් කපාගෙන ඒ සියලු දේම අරගෙන හවස් වෙද්දී මාගමට පැමිණෙනවා. ඒ ආකාරයෙන් දේවියගේ අනික් දොළ දුක් සංසිදවන්න පුලුවන් වෙනවා.//
ඔන්න ඔය කොටසේ කියැවෙන විදියට වේලුසුමන විසින් නෙළුම් මල් කඩලා ගෙහිනින් හංගාලා තිබුනයි කියලා සැලකෙන කුඩා ජලාසයක් තියෙනවා විල්පත්තුවත් මන්නාරමත් අතර මාර්ගය අසල...
@ මාරයාගේ හෝරාව
Deleteඅනිවාර්යෙන්ම. පොත්පත් බැහැර කර්ලා "ඊ කියවීමට" හුරුවෙන සමාජයකට මේ වගේ දෙයක් තමා ඕනේ කරන්නේ. ඒ වගේමයි සිංහල ඊ අවකාශය අපේ දේවල්වලින් පුරවන එක අපේ වගකීමක් නොවැ අයියා. ස්තුතියි ලිපියට වුණු මහන්සිය අගය කළාට.
වේළුසුමන මල් හංගලා තිබුණු කුඩා ජලාශේ කතාව නම් අදමයි ඇහුවේ. ස්තුතියි ඒ ගැනත් කිව්වාට :)
/* අත පය දිග හැරගෙන සුවසේ නිදාගන්න පුලූවන්කම තියෙද්දී අත් පය අකුලාගෙන ඉන්නේ කුමාරයා පිළිතුරු දෙනවා "උතුරින් හැඩි දෙමළු දකුණින් ගොළු මුහුද මම කොහොමද සුවසේ අත පය දිග හැරගෙන නිදා ගන්නේ" කියලා. */
ReplyDeletehttp://kathandara.blogspot.com/2009/12/3.html
.
ඒක ඔය දුටුගැමුණු පොඩි කාලේ කේස් එක ගැන කැම්පස් කවියක්.
Delete@ කතන්දර කාරයා
Deleteසරසවි සිසුන්ගේ තියෙන හැඟිම් පිට කරන්න පැරණි සිදුවීම් කවියට නඟන එක හරි එහෙමත් නැත්නම් පැරණි කවිවල තාලයට නව කවි නිර්මාණය කරන එක සරසවි අනන්‍යතාවක්නේ
1. මේක ඉතිහාස කතාවක් උනත් විශ්වාස කළ නොහැකි කරුණු වලින් පිරිලනෙ. හසිත කලින් ලියපු ලිපියෙදි එව්වා හින්දූන්ගෙ පුහු විශ්වාස කියලා හිතුවට මෙතනත් එක්ක බලද්දි මොනවා කියන්ඩද හිතාගන්ඩ බෑ. වීරයාව සුපිරි වීරයෙක් කරන්ඩ කතුවරයා ගන්න උත්සාහය තමයි පේන්නෙ. අපි මේ අපේ ඉතිහාසය කියලා කරපින්නගෙන ඉන්නෙ අපේ ඇත්තම ඉතිහාසයද කියලා වෙලාවකට මට සැකයකුත් හිතෙනවා හසිත.
ReplyDelete2. කැළණිතිස්ස රජෙක්ද? නැත්නම් නිකම් ප්‍රාදේශීය පාලකයෙක්ද?
3. "මේ සටහනෙන් ඒක පැහැදිලි වේවි." සටහන ඇන්ද එක නම් බොහොම හොඳයි. නැත්නම් මේ ටික එතරම් පැහැදිලි වෙන්නෙ නෑ. එතකොට ඔය පරම්පරා කීපය ඇතුළත ලංකාව ඇතුළෙ බුදු දහම ඔයතරම් දුරට ව්‍යාප්ත උනාද කියන ගැටළුව ආවා. මේ විස්තර වල හැටියට නම් බුදුදහම දැන් පවතිනවාටත් වඩා හොඳින් පැවතිලා (මෙහෙම කිව්වෙ රහතන් වහන්සේලාත් හිටියා කියපු නිසා)රට පුරාම වෙහෙර විහාරත් ඉදිවෙලානෙ තිබිලා තියෙන්නෙ. ඔය ටික කාලෙදි ඔච්චර ව්‍යාප්තියක් තියෙන්න පුළුවන්ද?
4. බුදු දහම මෙරටට එන්ඩ කලින් රාජ්‍යය අනුග්‍රහය තිබ්බේ මොන ආගමටද?
5. මේක ආගම්ක ප්‍රශ්නයක්. "ඒත් රහතන් වහන්සේ නමක් මරාදැමීමේ ආනන්තරිය පාප කර්මය රජතුමා සිදු කිරීමත් එක්ක" බුදු දහමේ හැටියට නොදැන කළ දෙයක් වරදක්ද?
6. "රන්මුවා හැලියක්" මම නම් අහලා තිබ්බෙ ඔරුවක් කියලා.. ඔරුවේ මොකක්ද වැකියකුත් ගහලා තිබ්බලුනෙ
7. "කාවන්තිස්ස රජතුමා එතැනට ඇවිත් දේවී කුමරියව රජ මාළිගයට අරගෙන ගිහින් පෝෂණය කරලා යොවුන් වියට පත්වුණාම තමන්ගේ අග මෙහෙසිය විදිහට සරණ පාවා ගන්නවා" හොඳ වයස් පරතරයක් තියෙන්ඩැති.. :)
8. "මරණාසන්නව ඉන්න සාමණේර නමක් විහාරයේ වැඩ ඉන්නවා උන්වහන්සේගෙන් තමන්ගේ පුත්‍රයා විදිහට උපදින්න කියලා ඉල්ලීමක් කරන්න කියලා. " කෙනෙක් මෙහෙම හිතපු සැනින් යම් ස්ථානයක් උපදින්ඩ පුළුවන්ද? අනික මේ සාමණේර නමක් විතරනෙ..
9. "විශාල වෙන මී වදයක් තමන්ගේ ඉදිරිපිට තබාගෙන 12000 ක් මහා සංඝයාට ඒ මී වද පිළිගන්වලා ඉතිරිය තමන් අනුභව කරන එක. " මීගමුවට නම වැටුන කතාවල එන විදිහට මේ මීවදය කඩාගෙන ගිහින් තියෙන්නෙ මීගමුවෙන්.. කඩොල් ඇතාව අල්ලගෙන තියෙන්නෙ මුතුරාජවෙලින්
10. "එයාලා කිව්වේ දේවියගේ දොළ සංසිදෙව්වොත් දේවියට ලැබෙන පුත්‍රයා ලංකාවට සතුරු වෙන දෙමළුන් විනාශ කරලා ලංකාව එක්සේසත් කරලා සම්බුද්ධ ශාසනය බබළවනවා කියලා. ඉතින් රජතුමාත් මේක අහලා සතුටු වෙනවා. " මේ කතාවයි
"අවසාන වශයෙන් දෙමළුන් එක්ක යුද්ධ නොකරන පොරාන්දුවට කිරිබත් පිඬක් කවන්න රජතුමා උත්සහ කළාම " මේ කතාවයි පරස්පරයිනෙ..
11. "මේ ලිපිය අපේ පැත්තේ ප්‍රසිද්ධ බාලිකා පාසලකට ලියලා දෙන්න හැදුව එකක්." මොකක්ද බොලේ ඒ කතාව.. :D
12. ලිපිය නම් හොඳයි.. ඒත් වර්තමානයේ ජාතියේ පිනට පහළවූ දුටුගැමුණු රජතුමා පිළිබඳ විස්තර හෝ අඩුම වශයෙන් එතුමාගේ පින්තූරයක්වත් එකතු නොකිරීම නම් ලොකු අඩුපාඩුවක්.. :D :D
හරී...
Deleteමැද්දට පැනලා උත්තරයක් දෙන්න හිතුනා... 5 වෙනි පුරස්නේ... රජතුමා රහතන් වහන්සෙව මරන්නේ රහතන් වහන්සේ නමක් කියලා දැනගෙන නොවැ.. එතකොට ඒක නොදැන කරපු දෙයක් නෙවෙයි නේ...
11 වෙනි එක ගැන නම් මටත් හිතුනා.. ඔයා කලින් අහලා... හි හි...
11. ඔය කියන්නේ අර අකුරු 3 පපුවේ ගහන් ඉන්න ඉස්කෝලේ වෙන්ඩෑ ;)
Deleteරජෝ ඔය අකුරු 3 ගහපුවා කොච්චර තියෙනවද?
Delete@ හිරු,
Deleteපිළිතුරට ස්තුතියි අක්කේ.. ඒත් මම ඒක උදාහරණයක් විදිහට විතරයි සඳන් කළේ.. මට දැනගන්ඩ ඕන උනේ නොදැන කරන වරදකුත් වරදක්ද කියලා?
ඉතිරිවාට හසිත උත්තර දෙයිනෙ.. :)
@ අඩවි රජ, අසරණයා,
ඉස්සර අපේ අහල පහල් ඉස්කෝලෙක ගෑණු ළමයිගෙ පපුවේ බැජ් එක විදිහට තිබ්බෙ වර්ණ කිහිපයක ඉරි වගයක්..
අපි කියන්නෙ කන්ද උඩ දේදුන්න කියලා.. :)
@ හරි
Deleteදැනගෙන කරන වරදට දඬුවම සහ නොදැන කක වරදට සමාව කියන දේ වෙන්නේ උසාවියේදී.
බුදු දහමට අනුව විස්තර වෙන්නේ ලෝකයේ නැතිනම් විශ්වයේ පවතින ස්වභාවයයි , එහෙම නැතිව, කර්මය පල දෙන ආකාරය බුදු රජාණන් වහන්සේ පමුණුවන ලද දඬුවම් ක්‍රමයක් නෙවේ. උන් වහන්සේ වදාළේ විශ්වයේ පවතින මේ කර්මය ක්‍රියාවට නැගෙන ආකාරය පිලිබඳ පැහැදිලි කර් දේශනාවක්.
ඒ අනුව නොදැන කිරීමත් වරදක්. සමහර විට නොදැන කරන වරද බොහෝ බලගතු වෙනවා.
මේ විශ්ව නීතියට අනුව යමෙක් වරදක් කරන ස්වභාවය අනුවයි එහි මහත්, කුඩා බව රැඳෙන්නේ. මෙය ධර්මයේ හඳුන්වන්නේ මහා සාවද්‍ය, අල්ප සාවද්‍ය ලෙසයි. එකම වරදක් ගමු, එය යමෙක් බොහෝ කැමැත්තෙන් කරන විට එහි බරපතල කම වැඩියි, එමෙන්ම එය අකමැත්තෙන් හෝ ඉතාම දැඩි කැමැත්තකින් තොරව කල විට එහි බරපතල කම අඩුයි.
මේ ගැන ධර්මයේ යෙදෙන උපමාව මෙහෙමයි,
රත් පැහැ වෙන තරමට රත් වූ යකඩයක්, එය රත් වූ බවත් , ඇල්ලු විට අත පිළිස්සෙන බවත් නොදැන කෙනෙක් ඇල්ලුවොත් මොකද වෙන්නේ? බොහෝ විට මේ කෙනා මෙය අල්ලුවිට අත පිළිස්සෙන බව නොදන්නා කමටම තදින් අල්ලගන්නවා. එවිට බොහෝ ලෙසින් පිළිස්සෙනවා. මෙය ඇල්ලු විට පිළිස්සෙන බව දන්නා කෙනා මෙය ඇල්ලීමෙන් වැලකි සිටීම හෝ දැඩි ලෙස අල්ල නොගෙන අත පිළිස්සීම අවම වෙන ආකාරයට මෙය අල්ලා ඉවත් කරනවා.
ඔය ආකාරයට තමයි ධර්මයේ අර්ථ දැක්වීම ඔය උපමාව තමයි යෝදාගෙන් තියෙන්නෙත්. ඒ නිසා කුසල, අකුසල කර්ම ගැන මෙන්ම ධර්මය ගැන නිවැරදිව දැනගැනීම බොහෝ සේ ප්‍රයෝජනවත් වෙනවා.
@ හරී
Delete1. මේකට සරලම පිළිතුර තමා මහාවංසය හෝ එහෙමත් නැත්නම් ලාංකීය වංස කතා කියන්නේ ඉතිහාස ග්‍රන්ථ නෙමේ කියන එක. ඉන්දියානු වීර කාව්‍ය සම්ප්‍රදායට [කිසියම් පුද්ගලයෙක්ව වීරයෙක් කරලා පෙන්වන්න] අනුගතව ලංකාවේ බුදු දහමේ ව්‍යාප්තිය වගේම බුදු සමයට රජුන් කළ අනුග්‍රහ සහ රජුන් ගැන කතා කරන එක තමා මහාවංසයෙන් වෙලා තියෙන්නේ.
ඒ නිසා ඉතිහාසය ගොඩනගන්න පාදක කරගන්න සාහිත්‍ය මූලාශ්‍රයක් විදිහට පමණයි මහාවංසය පාදක කරගන්නේ. මහාවංසය් කරුණු අනෙක් සාහිත්‍ය මූලාශ්‍රයවලින් වගේම පුරාවිද්‍යා මූලාශ්‍රයත් එක්ක සංසන්දනාත්මකව බලලා තමා නිවැරදිම ඉතිහාසය ගොඩනගා ගන්න පුලුවන් වෙන්නේ.
ඒක නිසා මහාවංසය වගේ වංස කතාවල සුළුවෙන් දක්වලා තිබෙන රජවරු කරපු කාර්යයන් විචාරශීලීව බලද්දී වැඩියෙන් විස්තර කියන අයටත් වඩා සේවයක් කරලා තිබෙන බව පැහැදිලියි. උදාහරණයක් ගත්තොත් මහාවංසයේ පරිච්ඡේද 11 ක් තිස්සේ විස්තර කෙරෙන දුටුගැමුණුට වඩා පරිච්ඡේද 4 ක විස්තර කෙරෙන මහා විජයබාහු වැඩක් කරලා තියෙනවා. ඒක නිසා විචාරශීලීව කියවීමයි අවශ්‍ය වෙන්නේ.
2. ප්‍රාදේශීය පාලකයන් එහෙමත් නැත්නම් රජවරුන් කියන්නේ මහ රජ කෙනෙක් ඉද්දී එයාගේ පාලනය පිළි අරගෙන එයා වෙනුවෙන් ප්‍රදේශ පාලනය කරන අයනේ. අනුරාධපුර මුල් සමයේදී පිළිගත් සිරිත වුණේ මහරජු අනුරාධපුර අගනුවර ප්‍රදේශයේ පාලනය ගෙනියන කොට එයා වෙනුවෙන් උපරාජයා [මීළඟ රජු] රෝහණ ප්‍රදේශය පාලනය කරන එක.
ඒ අනුව දෙවනපෑතිස්, උත්තිය, මහා සිව, සූරතිස්ස, අසේල කියන්නේ අනුරාධපුරයේ රජකම් කරපු අය නිසා එයාලා මහ රජවරු. ඒ ඒ වකවානුවල රෝහණයේ රජකරපු මහානාග, යටාලතිස්ස, ගෝඨාභය, කාවන්තිස්ස කියන්නේ ප්‍රාදේශීය රජුන්. විශේෂයෙන්ම මහානාග උපරජුගේ කියලා සැලකෙන සෙල්ලිපිවල පවා පැහැදිලිව දැක්වෙනවා "උපරාජ" කියන යෙදුම.
ඒ කොහොම වුණත් එළාර අනුරාධපු මහ රජු වුණු අසේලව මරා දැමීමත් එක්ක නිරායාසයෙන්ම කාවන්තිස්ස ප්‍රාදේශීය රජෙක්ගේ තත්වය පසු කරලා ඉදිරියට එනවා.
3. ටික කාලයක් කියන්න අමාරුයිනේ. මේ රාජ පරම්පරා අතර අවුරුදු 70 ක විතර කාලයක් තියෙනවා. ඒකත් එක්කම රජතුමා පිළිගත් දහම බුදු දහම වුණු නිසා වගේම රාජ අනුග්‍රහ වැඩි වශයෙන් ලැබීම කියන කරුණුත් එක්ක බුදු සමය තදින් ව්‍යාපත වුණා කියන එක හිතන්න පුලුවන්. උදාහරණයක් ගත්තොත් දෙවනපෑතිස් සමයේම ශ්‍රී මහා බෝධියේ මුල්ම බීජ 40 න් හටගන්න සමසතළිස් බෝධි ලංකාව පුරා ස්ථාන 40 ක රෝපණය වීමම මදෑ ලංකාව පුරා බුදු සමය ව්‍යාප්ත වුණේ කොහොමද කියලා හිතාගන්න.
අද කාලෙට වඩා ඒ කාලේ හොඳ ව්‍යාප්තියක් තිබුණා කියන එක ඇත්ත. ඒ කාලයේ මිනිස්සුන්ගේ වගේම අද කාලේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හරි වෙනස් නොවැ. දැන් ක්‍රමයෙන් දහමෙන් ඈත්වීමනේ තියෙන්නේ.
4. බුදු දහම පැමිණෙන්න කලින් [මහින්දාගමනය කලින්] විවිධාකාරයේ ඇදහීම් ලංකාවේ තිබුණු බව වංස කතා කියනවා. පණ්ඩුකාභය රාජ සමයම ඒකට උදාහරණ විදිහට ගත්තොත් රජතුමා චිත්තරාජ, කාලවේල, චේතියා කියන යක්ෂ යක්ෂණියන්ට දෙවොල් ආදිය ඉදි කරලා දීපු නිසා යක්ෂ වන්දනාවක් වගේම මියගිය අය වන්දනාවක් වුනු බව පේනවා. ඒ වගේමයි සමහර යක්ෂයන් වෘක්ෂ වෙන් කිරීමෙන් වෘක්ෂ වන්දනාවක් ගැනත් හෙලිවෙනවා. ඒ හැරෙන්න මහාවංසයේ එන සිවිකාශාලා, සොත්තිශාලා කියන ගොඩනැගිලි සිව ලිංග තැන්පත් කල ගොඩනැගිලි සහ බමුණන් වේද මන්ත්‍ර ගැයූ ශාලා කියලා අනුමාන කෙරෙන නිසා බමුණු දහමත් රජතුමා නිඝණ්ඨයන්ට ආරාම ඉදි කරපු නිසා නිඝණ්ඨ දහමත් ඒ කාලේ තිබුණු බව පැහැදිලියි .
මේ ආගම් වගේම සුළු වශයෙන් හරි බෞද්ධයනුත් හිටියා කියලා භද්දකච්චාන සහ ඇගේ සොයුරන් ශාක්‍ය වංශිකයන් වීමෙනුත් ඒ වගේම ලංකාවේ ස්ථාන කීපයකම බුදුන් වැඩම කිරීමෙන් ඉදි කෙරුණු ස්ථූප තිබීමෙනුත් හිතාගන්න පුලුවන්.
5. රජතුමා මේ භික්ෂූන් වහන්සේ රහතන් වහන්සේ නමක් විදිහට දන්නවා. ඒ වගේමයි නොදැන කළා වුවත් ආනන්තරිය පාප කර්ම ක්‍රියා ආනන්තරිය පාප කර්ම ක්‍රියා විදිහටමයි දක්වලා තියෙන්නේ. Ayilas A දක්වපු පිළිතුරත් මේකට ගන්න පුලුවන්.
නොදැන කරන වරද කිව්වාට මෙතැන ප්‍රාණඝාත අකුසලය සිද්ධ වෙන්න අවශ්‍ය කරන කාරණා 5 ජිවීයෙක් වීම, ජීවියෙක් බව දැන සිටීම, මරා දමන්නට සැලසුම් කිරීම, සැලසුම ක්‍රියාත්මක කිරීම සහ මියයාම කියන දේවල් වෙලානේ තියෙන්නේ. එතකොට ප්‍රාණඝාත අකුසලය කොහොමත් තියෙනවා. [රහතුන් බව නොදැන සිටීම හැර]
@ හරී
Delete6. මහාවංසය දක්වන්නේ "සොවණ්ණුක්ඛලියා" කියලා. ඒකේ අර්ථය ගන්නේ රන්මුවා සැළියක් කියලා. ඒ සැලියේ පිටපැත්තේ තමා කැලණිතිස්ස රජතුමාගේ දියණිය කියන සඳහන කොටලා තියෙන්නේ.
7. ඔව් ඔව්. රජතුමා මිය ගිහිනුත් සෑහෙන කාලයක් විහාරමහා දේවිය ඉන්නවානේ :)
8. හිතපු සැණින්ම වෙන්නේ නැහැ. ඒකට තමන් කරපු කුසල කර්මය වගේම චුති සිතත් බලපානවා.
මේ සාමණේර හාමුදුරුවෝ හොඳට පින්කම් කරපු කෙනෙක් විදිහට තමා මහාවංසය දක්වන්නේ. සාමණේර හාමුදුරුවෝ අසනීප වෙනව කියන්නේත් ස්ථූපයක ගල් පඩි පෙළක් හදන්න ගල් පුවරු තුනක් ඇදීම නිසා. මේ කුසලයන් එක්ක විහාරමහාදේවියගේ බලවත් ඉල්ලීමත් නිසා සාමණේර හාමුදුරුවන්ගේ චුති සිත [මරණාසන්න මොහොතේ අන්තිමට පවතින සිතුවිල්ල] ඒ ගැන යොමු වෙන නිසා මේක වෙන්න පුලුවන් දෙයක්.
9. ඔව් ඔව් ඒ පැත්තේ තමාලු මේවා වුණා කියන්නේ.
10. කතාවේ පරස්පරතාව ඇති කරන්නේ දුටුගැමුණුගේ වීරත්වය ඔප් නංවන්න. කාවන්තිස්ස රජතුමා ඒ වෙද්දී දස මහා යෝධයෝ මාර්ගයෙන් විශාල සේනාවක් හදලා සද්ධාතිස්ස කුමාරයාව දිඟාමඩුල්ලට යවලා කෘෂිකර්මය දියුණු කරවලා මේ කටයුතු ඔක්කෝම කරන්නේ එළාරත් එක්ක යුද්ධයක් කරන්න මිසක් අල කන්න නෙමේ කියන එක මහාවංසය කියවන අපිට හිතෙනවා.
ඒත් දුටුගැමුණුව පොර කරන්න ඕනේ නිසා සමහර තැන්වල කාවන්තිස්ස බියගුල්ලෙක් විදිහට දක්වනවා. ඒත් සැබවින්ම වෙන්න ඇත්තේ දුටුගැමුණු නිසි වයසට එනකම් කාවන්තිස්ස රජතුමා කල් මැරුව එක.
11. විහාරමහාදේවියගේ නමින්ම තියෙන බාලිකා පාසලක දැන්වීම් පුවරුවකට මේ කතාව ලියලා දෙන්න කියලා තමා මට කිව්වේ. කොහොම හරි ලියලා ඉවර වුණත් දෙන්න බැරිවුණා
12. වර්තමාන දුටුගැමුණු මහ රජතුමාගේ නියෝග පරිදි කන්නයි තේ බොන්නයි විතරලු කට අරින්නේ. ඒක නිසා අපිත් ඒ ගැන කතා කරන්නේ නැහැ :P
@ හිරු
Deleteඔන්න 11 ප්‍රශ්නෙටත් උත්තර දීලා තියෙන්නේ :D
@ අඩවි රජ
Deleteරජා මේ ඉසව්ව ගැනත් දන්නවා වේ :P
@ අසරණයා
Deleteමට පේන විදිහට නම් රජා හරියට අඳුරගෙන තියෙන්නේ :D
@ Ayilas A
Deleteබොහොම පින් අයියාගේ පැහැදිලි කිරීමට. මේ තැනට අදාළම පිළිතුර ඒක තමා. විශේෂයෙන්ම අර උදාහරණේ එහෙම
පිළිතුරු දුන්නු හැමෝටම ස්තුතියි,
Delete@ හසිත,
1. එතකොට අපිට ඉතිහාසය කියලා පිළිගන්ඩ පුළුවන් අපක්ෂපාතී ලේඛනයක් නැද්ද?
2. උප රාජයාට ප්‍රදේශයක් පාලනය කළහැකි බව දන්නේ අදයි.. මම හිතුවා උපරාජයා අපේ අගමැති වගේ චරිතයක් කියලා..
4. ඔව් අභයගිරිය හැදුවෙත් නිඝන්ඨාරාමයක් තිබුනු තැනකනෙ. නිඝන්ඨ දහම නැතිවුනේ බුදු දහමේ ආගමනයත් එක්ක වෙන්න ඕනා.
8. අපිටත් බැරිද මන්දා ජනපතිගෙ පුතා වෙන්ඩ? :)
11. පැහැදිලියි.. :D
@ හරී
Delete1. මම දන්නා තරමින් එහෙම ලේඛන ඉතිහාසයේදී හම්බවෙන්නේ නැහැ. කොතැනදී හරි ඇදිල්ලක් තියෙනවාමයි. ඒක නිසා තමයි මූලාශ්‍රය කීපයක් වගේම සමකාලීන වෙනත් ආසන්න රටවල වාර්තා වගේම පුරාවිද්‍යා මූලාශ්‍රයත් එක්ක සංසන්දනය කරලා බලලා නිගමනවලට එන්නේ
2. රජ කාලේ උපරාජයා කියන්නේ මීළඟට රජ වෙන කෙනාට. එයාට රාජ්‍ය බලය පුරුදු පුහුණු කරන්න වගේම යම්කිසි බලයක් දෙන්න ඕනේ නිසා මුල්ම කාලේ රෝහණ ප්‍රදේශයත් පස්සේ කාලේ මායා රටත් පාලනය කරන්න දීලා තියෙන්නේ. උපරාජයාව මාපා/මහාදිපාද නමින් හඳුන්වන්නේත් මේ මායා රටේ පාලකයා වීමත් එක්ක.
ඈපා හෙවත් ආදිපාදට රෝහණය භාර වුණා. ඈපා කියන්නේ දෙවෙනියට රාජ උරුමය තියෙන කෙනා. තව රාජ උරුමය තියෙන අය ඉන්නවා නම් එයාලටත් රටේ කොටස් පාලනය කරන්න දීලා තියෙනවා. කඳුකර ප්‍රදේශ පාලනය කරන්න "මලයරාජ" නමින් කෙනෙකුත් ඉදලා තියෙනවා.
4. පණ්ඩුකාභය රජතුමා හැදුව නිඝණ්ඨාරාම දෙවනපෑතිස් කාලේ තිබුණා වගේම ඊට පස්සේත් තිබුණා. බුදු දහමේ උගන්වන ආගමික සහනශීලීතාව ඒකට හේතුව. ගිරි කියන නිඝණ්ඨයාට හැදුව ආරාමේ විතරයි වළගම්බා රජතුමා කඩලා දාන්නේ. ඒකත් ආගමික ප්‍රශ්නයක් නෙමෙයිනේ පුද්ගලික අවුලක්නේ. ඒ හැරෙන්න ජෝතිය සහ කුම්භාණ්ඩ කියන නිඝණ්ඨයන්ගේ ආරාම අනුරාධපුර සමය බිඬහ් වැටෙනකම්ම තියෙන්න ඇති
8. ඒක පාර්ශවිකව අමාරුයි, ද්වි පාර්ශවිකම වෙන්නේ ඕනේ :P
11. අපි ගාව රහස් නැහැනේ :D
පළතුරුවලට ස්තුතියි!
Delete@ හරී
Deleteඔබගේ ලපයට පළතුරු ලපයයි මේ :P
අහල නැති ගොඩක් විස්තර මෙතන තියෙනව. දැනුවත් කළාට ස්තුතියි.
ReplyDelete@ Praසන්ன
Deleteතව අහලා නැතුව ඇති කියලා හිතන්න පුලුවන් කතා කීපයක්ම තියෙනවා. තව දවසක ඒවා කියවමු
මාත් පොඩි කාලේ අම්මගෙන ඇහුවා යුද්ධෙන් පස්සේ වැහාර මහා දේවිට මොකෝ උනේ කියලා අනුරාධපුරේ ගිය පාරකදි.. කවුරුවත් දැනං හිටියේ නෑ නේ... අනුමානයක් උනත් මේක ඇත්තටම ප්‍රශ්න ගොඩකට උත්තර සපයනවා.. බොෙහාම ස්තුතියි..
ReplyDeleteඊටත් වඩා අපේ පාඩම් පොත්වල තිබ්බ ටිකට කට පාඩම් කෙරෙව්ව ඉස්කෝලේ අධ්‍යාපනයට වඩා වෙනස් විදියකට යන ඉස්කෝලත් තියෙනවා කියලා දැනගත්තම තවත් සතුටුයි...
@ හිරු
Deleteඔව් ඔව්. මේ අනුමානය නිවැරදි නොවෙන්න පුලුවන්. මම කලින් කිව්වා වගේ තව ඉස්සරහට හමුවෙන මොකක් හරි කරුණක් නිසා මේ අනුමානය අනාථ වෙන්න පුලුවන්. ඒත් බොහොම ප්‍රශ්නවලට මේකෙන් උත්තර ලැබෙනවා.
මොකක්ද මේ වෙනස් ඉස්කෝලේ කතාව ? මට තේරුණේ නැහැ හරියටම :(
ඇයි අප්පා.. අපේ ඉස්කෝල වල කළේ පොතේ තියෙන එක හයියෙන් කියවන්න කියලා.. ප්‍රශ්න ටිකක් අහලා උත්තර ලියන්න කියපු එක විතරනේ... ඕවා ඔහොම විචාරශීලීව කියවලා බලන්න උනන්දු කළෙත් නෑ.. ඉතිං ඉතිහාසයම මාර බෝරින්.. මෙහෙම දෙයක් නිකම් දැක්කම උනත් ටිකක් හොයලා බලන්න හිතෙනවානේ බාහිර පොතක් පතක් එහෙම කියවලා.. ඒකයි මං කිව්වේ...
Delete@ හිරු
Deleteඇත්තම කිව්වොත් ඉතින් අපිටත් එහෙම්ම තමා ඉතිහාසය ඉගෙන්නුවේ. මේක අර බාලිකා පාසලේ දැන්වීම් පුවරුවක දාන්න ලියලා දෙන්න කිව්ව එකක් මිසක් ඉතිහාසය උගන්වන ගුරුවරයාට ඉල්ලුව එකක් නෙමේ. තාමත් ඉතිහාසය උගන්වන්නේ පුරාණයේ ඉදන් පැවත එන ඓතිහාසික ක්‍රමයටම තමා :D
sahenna mahasiyak welane machan..
ReplyDeletegodak sthoothi..mewa tika wikiyata daanna
hasitha..godak dena dakiwi, deyak igena ganiwi..
ayema parak godak sthoothi...digatama liyanna..
@ silentsahan
Deleteමට මතක විදිහට මේ යෝජනාව ඔයා මට කලිනුත් කළා වෙන්න ඕනේ. එකම ගැටලුව විකිය පරිහරණය ගැන මට එච්චර වැටහීමක් නැති එක.
ස්තුතියි අගය කිරීමට :)
මේක මම අහල තියෙන කතාවක්,
ReplyDeleteපලවෙනි පාරට තිස්ස කුමාරයත්, ගැමුනු කුමාරයත් අතර යුද්ධයක් ඇති වෙන්නෙ [අම්මව ඉල්ලලා] යුදඟනාවෙදි, එම යුද්ධයෙන් ගැමුනු කුමාරයා පරදිනවා, පැරදිලා, පලා ගිහින් හැංගෙන්නෙ දෙමටමල් විහාරයේ. දෙවෙනි පාර තමයි නැවත සංවිධානය වෙලා ඇවිල්ල යුද්දයෙන් දිනන්නෙ.
පස්සෙ කාලේ තිස්ස කුමාරයා විසින් යුදඟනා විහාරය හදන්නෙ එම යුද්දය සිහි වෙන්න.
මේක මම අහපු කතාවක් විතරයි
අන්තිම සටනින් පැරදෙන තිස්ස කුමාරයා තමයි දෙමටමල් විහාරයේ හැංගිලා ස්වාමින් වහන්සේලා ගෙ කරමතින් අපවත් වුණ භික්ෂුවක් විදියට පලා යන්න උත්සහ කරන්නෙ..
Deleteමමත් අහල තියෙන්නේ එහෙම තමයි. සහෝදරයා හොයාගෙන විහාරයට ආපු ගැමුණු කුමාරයට පන්සලේ හිමිවරු (මුසා බස් කීම අකැප බැවින්) “තිස්සයා ඇද නැතැ“ පිලිතුරු දෙනවාලු. මේවන විට තිස්ස කුමරු සැබවින් ම හිද ත්බෙන්නේ ඇද යට.ඉන් පසු ගැමුණු කුමරු විහාරය වටලා සිටියා ලු . තිස්ස කුමාරයා අපවක් වූ මිහිනමක් මෙන් ස්වාමීන් වහන්සේ ගේ කරමතින් විහාරයෙන් පිටව ගියේ මින් පසුවයි.
Delete@ලහිරු
Delete@ජය ශ්‍රී,
මමත් ඔබලාගේ මතයේම තමයි හිටියේ, ඒත් දවසක් මට සෙට් උනා ඔය දෙමටමල් විහාරය පැත්තෙ වයසක මනුස්සයෙක් මිනිහා තමයි මට කිව්වෙ ඔය කතාව. මිනිහගේ වයසයි කියපු අනිත් කතාවලුයි එක්ක බැලුවාම මටත් හිතුනා එයා පටලවගෙන කියලා, මම තර්ක කරන්න ගියේ නැහැ.
ඒ කතාව මෙතන දැම්මෙ බහුතරයකින් දැනගන්න. වැඩේ හරි ගියා. ඔබ දෙදෙනාට බොහොම ඉස්තූතියි.
@ uwiniran
Deleteමුල් වටයේදී දුටුගැමුණු රජතුමා පරාද වෙන බව හැබෑව. ඒ වෙලාවේ එයා කප්කඳුරු නදිය ගාවට තමා පලා යනවා කියලා මහාවංසය කියන්නේ. දෙවෙනි වටයේදී තමා තිස්ස කුමාරයා පැරදිලා දෙමටමල් විහාරයේ හැංගෙන්නේ. යුදගනාව කියන්නේ සහෝදරයන් දෙන්නා යුද්ධ කරපු ස්ථානය කියලා තමා කියන්නේ.
//..මිනිහගේ වයසයි කියපු අනිත් කතාවලුයි එක්ක බැලුවාම මටත් හිතුනා එයා පටලවගෙන කියලා, මම තර්ක කරන්න ගියේ නැහැ....//
මේ වැඩේ තමා අපි කරන්න ඕනේ. මොකද අපි මහාවංසය ගෙනත් මොකක් හරි දෙයක් ගැන පෙන්නුවත් වයසක උදවිය ඒක පිළිගන්නේ නැහැ තමන් අහලා තියෙන කතාව තරම්
@ ලහිරු, ජය ශ්‍රී
Deleteස්තුතියි ඔබ දෙපළගේම කරුණු එකතු කිරීමට :)
නියමයි හසිත... මාර වටිනවා
ReplyDelete@ ගෝල්ඩ් ෆිෂ්
Deleteස්තුතියි ස්තුතියි
එතකොට රහතන්වහන්සේ දැනගෙන සිටියේ නැතිද තමන්ට මෙවැනි අකරතැබ්බයක් වෙනවා කියා. කෝපයෙන් දෙවිවරුන් මුහුද ගොඩ ගල්වන හැකිනම් ඇයි ඊට පෙර අර හාමුදුරුවන් බේරා නොගත්තේ ඇයි. ඒ දෙවිවරුන් නොව යක්ෂයාගේ ආත්ම නොවේද? විනාශය මිස සාමදානය ජීවිතය දීම ඔවුන්ගේ ක්‍රියාවේ නැත.මේවා සියල්ල මිනිසුන් රස ගන්වන්නක් උනාට බුදුන්,රහත් භාවය යනු ඒ සියල්ල යක්ෂයාට නමස්කාරය ලැබෙන පිණිස ඌ විසින් මේ පොළොවට එවන ලැබු ආත්ම වේ.නමුත් යක්ෂයාගේ පොළොවේ බලය නැතිවුන කල්හී රහත් භාවය අද වනතුරු නැත. එයයි සත්‍යය.එමනිසා නියම ධර්මය සොයන්න. ජේසු පිහිටයි.
Deleteඑතකොට ජේසුතුමාට කුරුසේ ඇන ගහන එක පෙනුනේ නැත්තෙ ඇයි ? ඒක වලක්වගන්න බැරි උනේ ඇයි? එහෙම කෙනෙක් මලාට පස්සේ කිව්වයි කියල පස්සේ හිටපු පුජකයෝ ලියපු සාහිත්යක්ම තමා ඔබත් අදහන්නේ ආගමක් විදියට.
Deleteසත්‍ය සාපේක්ෂයි ඒ නිසා තමන් දකින කෝණය ඔස්සේ සත්‍ය තීරණය කරට කමක් නෑ ඒත් අනිත් අයට ඒත්තු ගන්වන්න යන්න උත්සහ කරන්න එපා.
මමත් දැනන් නොහිටියේ අර පැවිදි උනා කියන කතාව තමා...
ReplyDeleteවටිනවා බං!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
@ අඩවි රජ
Deleteදැන් දන්නවානේ :)
Thanks :)
ReplyDelete@ Uditha Lekamge
Deleteඔබටත් එසේමැයි :)
වැදගත් ලිපියක් හසිත ඉතා උනන්දුවෙන් කියෙව්වා. හැබැයි ඉතිහාස කතුවරු විහාර මහා දේවියට අසාධාරණයක් කරලා තියෙන වගනම් ඉතාම පැහැදිලියි.
ReplyDelete@ කෝරලේ මහත්තයා
Deleteකාන්තාවන්ට ඒ තත්වය පොදුවේ දැකගන්න පුලුවන්. ඒ වගේමයි මහා විහාරයට බැස්ටිය දීපු අයටත් ඒකමයි වෙලා තියෙන්නේ
ගොඩාක් වටින ලිපියක් අලුත් දේවල් ගොඩාක් දැනගත්ත.. අද තමයි මුලින්ම ආවේ.
ReplyDelete@ Nadini Abenayaka
Deleteසාදරයෙන් පිළිගන්නවා ඕන්. ඔබට වටිනා කියන දෙයක් මේ ලිපිවල ඇති කියලා හිතනවා :)
ඔබේ ලිපිය ඉතා විටිනවා. විහාර මහා දේවිය කැලණිතිස්සගේද උත්තියගේද
ReplyDelete@ Anonymous March 10, 2013 at 11:52 AM
Deleteඒක නම් ඉතින් කියන්න දන්නේ නැහැ. අපි කැලණිතිස්සගේ කියලා හිතාගමුකෝ :D
මේ යුගයේ රාජකීය ගැහනුන් ජීවිතයේ අවසාන කාලයේ පැවිදිවූ බවකුයි පේන්නේ. කතීගෙනුත් එය පැහැදිලි වෙනවා. අනිවාර්යෙන්ම විහාර මහා දේවිත් ඒ මාර්ගයේ යන්ට ඇති.
ReplyDeleteප්‍රශ්න පසුවට...:)
අපේ කමෙන්ට්වලට උත්තර නොදුන්නොත් බලාගමු. මෙතන අපි හැමෝම උපවාසයේ ඉඳීවි. අර මොනවද බිස්කට් ජාතිය ගෙනාවට හරියයිද මන්දා...හී හී...:D
@ Podi Kumarihami
Deleteරාජකීය කාන්තාවන් පැවිදිවීම පටන් බුද්ධ කාලයේ ඉදන්මයි. ලංකාවෙත් මුලින් පැවිදි වුනේ අනුලා බිසවනේ. ඒක සම්ප්‍රදායක් විදිහට පැවතුණාදෝ කියලාත් හිතෙනවා.
ප්‍රශ්න පසුවට බලාපොරොත්තු වෙමි. කමෙන්ට්වලට ප්‍රතිචාර ලබා දෙමි. උපවාස නිම කිරීමට වතුර පොවන්න ඕස්ට්‍රේලියාවට පැමිණිය නොහැකි නිසා උපවාස නොකරනු මැනවි :D
මෙච්චර විස්තරයක් හොයා ගත්තෙ කොහොම කොහෙන්ද කියල තමා මට තියෙන ප්‍රශ්නෙ.
ReplyDeleteඉස්කෝලෙ ඉතිහාසය පාඩමට වඩා ආසාවෙන් කියවන්න පුලුවන්
ජය !
දහම් පාසල් අවසාන පෙළ පොත්වල සහ ධර්මාචාර්ය පෙළ පොත්වල මේ කතා තියෙනවා. හසිත විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හදාරණ ශිෂ්‍යයෙක් නිසා ඊටත් වඩා සවිස්තරව කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. හොඳ අධ්‍යයනයක් ඇතුව මේ වගේ බ්ලොග් පෝස්ට් එකක් ලියන්න සෑහෙන්න කාලයක් වැය කරන්න ඇති කියලා හිතනවා. එහෙම බ්ලොග් ලියන අය ඉන්නෙ බොහොම ටික දෙනයි.
Delete@ sAm (සෑම්)
Deleteවිහාරමහාදේවියගේ අවසානය ගැන තියෙන එක මතයක් තමා මේක. ඒ ගැන තියෙන කරුණු කාරණා සාධකත් එක්කම පෙන්වන එක තමා මම කළේ. කතාවට උවමනා කරුණු අරගෙන තියෙන්නේ මහාවංසය, වංසත්ථප්පකාසිනිය, දීපවංසය, රාජාවලිය පොත්වලින් වගේම Inscriptions of Ceylon පොතෙන්.
ඉස්කෝලේ ඉතිහාසය කියා දෙන ක්‍රමයත් ඓතිහාසිකයිනේ. ඒකෙන් වෙන්නේ ඉතිහාසය තව ඉතිහාසයටම යවන එක :D
@ Anonymous March 10, 2013 at 9:42 PM
Deleteස්තුතියි කරපු අගය කිරීමට. මේ වගේ ලිපි ලියන්න මහන්සි වෙන්න ඕනේ තමා. ඒත් ඒ මහන්සිය අමතක වෙලා ලොකු සතුටක් ලැබෙනවා මේ වගේ ප්‍රතිචාර නිසා. ස්තුතියි නැවත වරක්
ඉතිහාස කතා අහන්න මේ පැත්තේම එන්න ඕන ඉතින්
ReplyDelete@ රොබින්
Deleteස්තුතියි අගය කිරීමට. ඒත් එහෙමම කියන එක හරි නැහැ නොවැ. අපේ තවත් හිතවතුන් ඉතිහාසය ගැන ලියනවානේ.
ලක්ෂණ කතාන්දරයකි..
ReplyDelete@ amila chathuranga
Deleteලක්ෂණ්ද ?? ලස්සනද ?? :D
වෙනදා වගේම වටිනා දෙයක්....
ReplyDeleteවිහාර මහා දේවිය යුද්ධය අවසානයේ පැවිදි උනා කියල මීට කලින් අහල තිබුනෙ, ජයන්ත චන්ද්‍රසිරි මහත්තයගෙ "මහරජ ගැමුණු" තිර පිටපතෙන්...
@ de silva
Deleteඒක ලියන්නත් මේ කරුණු කාරණා පාදක කරගන්න ඇති. ඉතිහාසය විකෘති කරන අධයක්ෂයන්ට වඩා ජයන්ත චන්ද්‍රසිරි බොහොම වෙනස් වගේම ඉදිරියෙන් ඉන්න කෙනෙක්
මහරජ ගැමුණු පොත මාත් කියෙව්වා... නමුත් විහාර මහා දේවිය ගැන නම් මහ ලොකු සඳහනක් නෑනේ.... කාවන්තිස්ස රජතුමා විහාර මහා දේවිය සරණ පාවා ගත්තෙ ඔරුවෙන් බැහැල ආපු අලුත කියල මං හිතන් හිටියේ... එයා මූදට බිලි උනේ තරුණ කාලේ කියල මං හිතුවේ..
ReplyDelete//කාවන්තිස්ස රජතුමා විහාර මහා දේවිය සරණ පාවා ගත්තෙ ඔරුවෙන් බැහැල ආපු අලුත කියල මං හිතන් හිටියේ... එයා මූදට බිලි උනේ තරුණ කාලේ කියල මං හිතුවේ..//
Deleteමාත් අහල තිබුනේ මෙහෙමයි....
@ අනූ, සමනළී
Deleteඒ සිදුවීම වංසත්ථප්පකාසිනියේ විස්තර කෙරෙන විදිහට නම් දේවි කුමරිය මුහුදට බිලිවෙන්නේ නව යොවුන් වියට එළඹීමත් සමඟ. කාවන්තිස්ස රජතුමා ඇය යොවුන් වියට ආවාට පස්සේ තමා සරණ පාවා ගන්නේ.
හුඟක් වෙලාවට මම ප්‍රාථමික මූලාශ්‍රයවල කියන දේ මතක් කරන්නේ ගමරාළ කාක්කෝ 7 දෙනා වමනේ කරපු කතාව වගේ ප්‍රාථමික මූලාශ්‍රය පාදක කරගෙන ලියවෙන ද්විතීය මූලාශ්‍රයවල සමහර වෙලාවට ප්‍රාථමික මූලාශ්‍රයවල පවා නොමැති කරුණු එකතු වෙලා තියෙනවා දැකගන්න පුලුවන්.
ඒ වගේමයි කවුරු හරි ලිව්ව පොතක් බලලා ඉතිහාසය ගැන මත දක්වන අය වැඩියි, ඉතිහාසය ගැන ඉගෙන ගන්න නම් සපුරන්න ඕනේ එක කොන්දේසියක් තමා ප්‍රාථමික මූලාශ්‍රය අධ්‍යයනය
කියවන්න හොද පොතක් මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ගේ “රෝහිණී“ සමකාලීම ඉතිහාසය ගැන ලියපු ඓතිහාසික නවකතාවක්.
ReplyDelete@ ජයශ්‍රී
Deleteස්තුතියි විස්තරේට මම කියවලා බලන්නම්
බොහොම ස්තුතියි හසිත මේ අගනා ලිපිය සම්බහ්ධයෙන්. අර දෙකයි පනහේ මෙගා නාට්ටි කාරයන්ට මෙවැනි කතා නොපෙනෙන එක අවාසනාවක්.
ReplyDeleteමා හිතනවා ඔබ හරීගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙයි කියා.
අසමි දකිමි සොයමි ලියන විචාරක
මම නම් හිතන්නෙ දෙකයි පනහෙ මෙගා නාට්ටිකාරයො මේ කතා දන්නෙ නැති එක අපේ වාසනාව. මේවා දන්නව නම්, විජය-කුවේණි, මහින්දාගමනය වගේ පජාත චිත්‍රපටි කරලා අප්පිරිය කරවනවා ඉතිහාසයත්.
Deleteමාත් කියන්න හැදුවෙ ඒකමයි. ඇයි දෙයියනේ එහෙනම් විහාරමහ දේවි හොටු පෙරන සීන් සහ ගැමුණු කුමාරයා බොඩි බිල්ඩින් කරන හැටි, බඩ තඩි, පිහියක් වත් හරියට අල්ලගන්න බැරි කට්ටිය හති මුනින් දාගෙන කරන කඩු ෆයිට්... විකාර ලෝකයක් බලාගන්න තිබුණා.
Deleteඇනෝ සහ ලකී සමග එකඟ වෙනවා. ඇත්තටම හරිහමන් දැනුමක් අත්දැකීමක් නැති "අධියක්ෂ' යෙකුට අහු වුනොත්නම් මේ කතා වලින් හදන්නේ කොත්තු මී තමයි.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
@ විචාරක Wicharaka
Deleteස්තුතියි අගය කළාට. හරී ඉදිරිපත් කරපු ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයා අවසන් :)
වර්තමානයේ ඉන්න මෙගා නාට්‍යයකරුවන් වේවා සිනමා නිර්මාණකරුවන් වේවා මේවා නොදකින එකමයි වැඩේ. පේනවනේ මහින්දාගමනයටයි, විජයාගමනය කතාවටයි කරපු දේ :(
ඇනෝ සහ ලකීගේ කතාවට මම එකඟයි
@ Anonymous March 10, 2013 at 9:33 PM
Delete//...මම නම් හිතන්නෙ දෙකයි පනහෙ මෙගා නාට්ටිකාරයො මේ කතා දන්නෙ නැති එක අපේ වාසනාව. මේවා දන්නව නම්, විජය-කුවේණි, මහින්දාගමනය වගේ පජාත චිත්‍රපටි කරලා අප්පිරිය කරවනවා ඉතිහාසයත්....//
+++++++++++++
@ ලකී වික්‍රමසිංහ
Delete//....විහාරමහ දේවි හොටු පෙරන සීන් සහ ගැමුණු කුමාරයා බොඩි බිල්ඩින් කරන හැටි, බඩ තඩි, පිහියක් වත් හරියට අල්ලගන්න බැරි කට්ටිය හති මුනින් දාගෙන කරන කඩු ෆයිට්.....//
+++++++++++++
මට ආපු ප්‍රශ්නේ මෙහෙම අහන්නම්.අපි කවුරුත් දන්න දෙයක් නේ බත් කවද්දී තාත්තත් එක්ක කේන්ති ගත්තු කතාව. ඒ සිද්දිය වුනේ වෙනදා වගේ සාමාන්‍ය විදියට බත් කවද්දී නේද?. නැත්නම් අයියටයි මල්ලිටයි දෙනාටම බත් කවන උත්සවයේදී නෙවෙයි නේ.
ReplyDeleteගාමිණි කුමාරයා විවාහ වුනේ මාතලේ ගොවියෙකුගේ දුවෙක් සමඟ නේ මුලින්.පසුව අගමෙහෙසිය බවට පත්වුනෙත් ඒ කාන්තාවමද?.
එළාරගේ යෝදයගේ හිස අරන් එදාම මාගම්පුරයට ආව කියන දේ පිළිගන්න අමාරුයි නේද?.
අදත් අප්‍රකට ජනකතා ටිකක් ඇහුව. ගොඩාක් ස්තුතියි හසිත.
තවදෙයක් මතක් වුනා. කැලණිතිස්ස රජතුමා විහාරමහාදේවියගේ විවාහ මන්ගල්‍යටත් හිටිය කියල බොහෝ තැන්වල දැකල තියෙනවා. එහෙම වුනොත් එදාම නෙවෙයි නේද පොලොව පලන් ගිහිල්ල තියෙන්නේ.
Delete@ගාමිණි කුමාරයා විවාහ වුනේ මාතලේ ගොවියෙකුගේ දුවෙක් සමඟ නේ - මාතලේ නෙවෙයි කොත්මලේ.
Deleteස්තුතියි මට දැන් මතක් වුනා.
Delete@ අසරණයා
Delete//....ඒ සිද්දිය වුනේ වෙනදා වගේ සාමාන්‍ය විදියට බත් කවද්දී නේද?. නැත්නම් අයියටයි මල්ලිටයි දෙනාටම බත් කවන උත්සවයේදී නෙවෙයි නේ....//
මහාවංසයේ 22 පරිච්ඡේදයේ මුල් හරියේ තමා මේ කතාව තියෙන්නේ. ඒකේ 74 ගාථාවේ දක්වන විදිහට දරුවන් දෙදෙනාට බත් කැවීමේ මංගල්‍යය දවසේ තමා මේ සිදුවීම සිද්ධ වෙන්නේ. ඒ අවස්ථාවේදී රජතුමා මුලින්ම සංඝයා වහන්සේලා කිරිබත් පූජා කරලා භික්ෂූන් ඉඳුල් කරපු කිරිබත් තමා දරුවන්ට කවන්නේ.
//..ගාමිණි කුමාරයා විවාහ වුනේ මාතලේ ගොවියෙකුගේ දුවෙක් සමඟ නේ මුලින්.පසුව අගමෙහෙසිය බවට පත්වුනෙත් ඒ කාන්තාවමද?...//
මාතලේ නෙමේ කොත්මලේ. රන් මැණිකා නමින් ඇයව හඳුන්වපු බව තමා ජනශ්‍රැතියේ තියෙන්නේ. කොසවකන්ද ලිපියට අනුව රජුගේ රමණීය භාර්යාව විදිහට දක්වන්නේ කතී කියන කාන්තාව. බොහෝ විට රජතුමාගේ අග මෙහෙසිය වුණේ කොත්මලේ රන් මැණිකා කියලා හිතන්න පුලුවන්
//...එළාරගේ යෝදයගේ හිස අරන් එදාම මාගම්පුරයට ආව කියන දේ පිළිගන්න අමාරුයි නේද?....//
මේකත් කලින් කිව්ව විදිහට 22 පරිච්ඡේදයේ 57 ගාථාවෙන් දක්වන විදිහට මේ සියල්ල ඉටු කරගෙන වේළුසුමන යෝධයා සවස් වෙද්දී මාගමට ආවා කියලා තමයි දක්වන්නේ. එළාරගේ අස්ගාලේ හිටිය වේගවත්ම අශ්වයාගේ පිටේ තමා වේළුසුමන ආවා කියන්නේ.
එතකොට එළාරගේ යෝධයන්ගේ හිස සිඳීම් ආදිය උදෑසනින්ම සිද්ධ වුණා නම් සවස භාගය වෙද්දී [වර්තමාන කාල ක්‍රමය එක්ක බලද්දී පැය 12 ක් විතර] අනුරාධපුරේ ඉදන් තිස්සමහාරාම ප්‍රදේශයට අශ්වයෙක් පිටේ එන්න බැරිද ?
//..අදත් අප්‍රකට ජනකතා ටිකක් ඇහුව...//
මේවා ජන කතා නෙමේ. ඉතිහාස කතා :D
//...තවදෙයක් මතක් වුනා. කැලණිතිස්ස රජතුමා විහාරමහාදේවියගේ විවාහ මන්ගල්‍යටත් හිටිය කියල බොහෝ තැන්වල දැකල තියෙනවා...//
ඒ ගැන නම් මම අදමයි ඇහුවේ. විශේෂයෙන්ම ප්‍රාථමික මූලාශ්‍රය වන මහාවංසය, වංසත්ථප්පකාසිනිය වගේ කෘතිවල නම් එහෙම සඳහනක් නැහැ. ඒක පසුකාලීන ද්විතීය මූලාශ්‍රය රචකයන් විසින් එකතු කරපු දෙයක් වෙන්න ඕනේ
@ ජයශ්‍රී
Deleteස්තුතියි කරුණු එකතු කළාට :)
@ අසරණයා
Delete//....ඒ සිද්දිය වුනේ වෙනදා වගේ සාමාන්‍ය විදියට බත් කවද්දී නේද?. නැත්නම් අයියටයි මල්ලිටයි දෙනාටම බත් කවන උත්සවයේදී නෙවෙයි නේ....//
අයියා හරි අයියේ. මගේ අතින් වැරදීමක් වුණේ වීයා අයියාත් මේ ගැන අහලා තිබුණු නිසා ආයි පාරක් හොයලා බැලුවා. මේ සිද්ධිය වෙන්නේ බත් කැවීමේ මංගල්‍යයේදී නෙමේ. ඊට පස්සේ කුමාරවරුන් දෙදෙනාට අවුරුදු 10 ක් 12 ක් වෙද්දී.
රජතුමා බත් කැවීම මංගල්‍යය විදිහටම සංඝයාට කිරිබත් පූජා කරලා ඒ ඉඳුල් කරපු කිරිබත් මේ අවස්ථාවේදීත් කවනවා. රජතුමා මේක සිද්ධ කරන්නේ කුමාරවරුන් දෙන්නාගේ අදහස් බලාගන්න
//තවදෙයක් මතක් වුනා. කැලණිතිස්ස රජතුමා විහාරමහාදේවියගේ විවාහ මන්ගල්‍යටත් හිටිය කියල බොහෝ තැන්වල දැකල තියෙනවා.//
Deleteමම මේක කොහේ හරි පන්සලකදී දැක්කේ චිත්‍ර විදියට. කැළණි පන්සලේදීද කියල හරියට මතක නැහැ.
@ අසරණයා
Deleteමේ ඊයේ පෙරේදා දවසකත් පැය දෙකක් විතර කැලණි පන්සලේ හිටියේ. ආයි දවසක මම ඒක බලලාම කියන්නම් අයියා.
ලිපියට ස්තුතියි මල්ලි. මේ කතාවේ සමහර කොටස් දැනගෙන හිටියේ නෑ මීට කලින්.
ReplyDelete@ Chandana
Deleteමේ කතා එක්කම සම්බන්ධ වෙන තවත් එතරම් ප්‍රකට නැති කතාව කීපයක් තියෙනවා. ඉදිරියේදී ඒවාත් කියවමුකෝ
අති විශිෂ්ටයි.ඔබේ දැනුම ගැන මට පුදුමයි
ReplyDelete@ ස්ත්‍රීවාදය
Deleteස්තුතියි ප්‍රශංසාවට. මේකේ ගෞරවය වැඩියෙන් හිමිවෙන්න ඕනේ ප්‍රාථමික මූලාශ්‍රය අධ්‍යයන කරන්න නිතරම අපිව පොළඹවන අපේ ඉතිහාසය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රමුඛ අපේ ආචාර්ය මණ්ඩලයට. ඒ වගේමයි මේ විෂයට මගේ තියෙන කැමැත්තත් මෙතරම් කරුණු හොයන්න මාව පොළඹවනවා.
වෙනදා වගේම වැදගත් ලිපියක් හසිත.... ඔයාගේ මේ මහන්සිය කොහොම අගේ කරන්නද මන්දා.... බොහොම ස්තුතියි.
ReplyDelete@ සමනළී
Deleteස්තුතියි අගය කිරීමට. මගේ මහන්සිය අගය කරන හැටි ගැන වද වෙන්න එපා. මේ කරලා තියෙන විදිහ හොඳටෝම ඇති. මේ වගේ ප්‍රතිචාර නිසා වුණු මහන්සිය අමතක වෙනවා වගේම ලොකු සතුටක් ඇති වෙනවා. ඊළඟ ලිපියක් මීටත් වඩා හොඳින් ලියන්න ඒක ලොකු උත්තේජනයක්. නැවතත් ස්තුතියි :)
//තමන්ගේ දරුවන්ගේ බත් කැවීමේ මංගල්‍යයේදී //
ReplyDelete//අවසාන වශයෙන් දෙමළුන් එක්ක යුද්ධ නොකරන පොරාන්දුවට කිරිබත් පිඬක් කවන්න රජතුමා උත්සහ කළාම ගැමුණු කුමාරයා කේන්තියෙන් කිරිබත් පිඬ පොළොවේ ගහලා තමන්ගේ කාමරයට ගිහින් අත් පා අකුළාගෙන ඇඳේ ඉන්නවා.//
බත් කැවීමේ මංගල්ලය තියෙන්නෙ අවුරුද්ද්ක්,එකහමාරක් වයසෙදිනෙ...මේ වයසෙදි මේ වගේ මුහුකුරා යාමක්...???
//දුටුගැමුණු රජතුමාගේ මරණය ගැන සඳහන් වෙන 32 වෙනි පරිච්ඡේදයේදී. ඒකේ කියවෙන විදිහට දුටුගැමුණු රජතුමා මතු බුදුවන මෛත්‍රී බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයා වෙනවා.//....................ඉතිරි කාරනා ටික..
මෙහෙම බැලුවම මෛත්‍රී බුදුන් හා දුටුගැමුණු පවුලේ අය අතර ලොකු සම්බන්දයක් තියෙනවනෙ.
@ වීපොකුරෙ වීයා
Delete//..බත් කැවීමේ මංගල්ලය තියෙන්නෙ අවුරුද්ද්ක්,එකහමාරක් වයසෙදිනෙ...මේ වයසෙදි මේ වගේ මුහුකුරා යාමක්...???...//
මගේ අතින් වැරදීමක් වුණා අයියා. ඒක දැන් නිවැරදි කරලා තියෙන්නේ. බත් කැවීමේ මංගල්‍යය කුමාරවරු දෙන්නා කුඩා කාලයේදී සිද්ධ කරන්නේ. පස්සේ කුමාරවරු දෙන්නාට වයස අවුරුදු 10 ක් 12 ක් වෙද්දී රජතුමා බත් කැවීමේ මංගල්‍යය විදිහටම සංඝයාට කිරිබත් පූජා කරලා ඒ ඉඳුල් කරපු කිරිබත් කවනවා. ඒ අවස්ථාවේදී තමා මේක වෙන්නේ. රජතුමා ඒක කරන්නේ කුමාරවරුන්ගේ අදහස් බලාගන්න
ඉතුරු ටික තමා කාවන්තිස්ස විහාරමහාදේවි යුවල මෛත්‍රී බෝසතුන්ගේ දෙමාපියන් වෙන බවත් පුත්‍රයා වුණු සාලිය කුමාරයා මෛත්‍රී බෝසතුන්ගේ පුතා වෙනවාය කියන එකත්. හැබැයි මේ කතාව ලාංකීය වංසකතාව විතරයි කියන්නේ
වටින ලිපියක් නිසා යමක් එකතු කරන්න හිතුණා..
ReplyDeleteයාල අභය භූමියේ කොටාදැමූහෙල සහ බෝවත්තේගල ප්‍රදේශවලින් හමුවන සෙල්ලිපි ගැන අවධානය යොමුකරන සෙනරත් පරණවිතාන මහතා ඉදිරිපත් කරන්නේ මීට තරමක් වෙනස් මතයක් නේද..?
මහානාග රුහුණට ඇවිත් පදිංචි උවත් ඔහුට පෙර රුහුණේ දේශපාලන ආධිපත්‍යය හිමිකරගෙන සිටි පිරිසක් සිටියා.බෝධි රෝපණ මංගල්‍යයට පවා පැමිණි කතරගම ක්ෂත්‍රියයන් යනු එම පිරිසයි.රුහුණේ බලය සම්බන්ධයෙන් මේ දෙපිරිස අතර තරගයක් ඇති උණා.
මෙහි අවසන් ප්‍රතිපලය උනේ ගෝඨාභය අතින් මොවුන් මරණයට පත් වීම.මේ පිළිබඳව ලලාට ධාතු වංශයේ තොරතුරු සඳහන් වෙනවා.මේ පාපයෙන් ගැලවීමට සඳහා ගෝඨාභය මහවැලි ගඟෙන් එගොඩ මෙගොඩ විහාර කරවූ බව සඳහන් වෙනවා.මේකෙන් පැහැදිලි වෙන්නේ කතරගම රජ පවුල බෞද්ධයන් වන්නට ඇති බව සහ ඔවුන්ට විශාල ජනතා සහායක් තියෙන්නට ඇති බවයි.
බෝවත්තේගල සෙල්ලිපියයක ' ධමරජ පුත් මහතිස ' නම් කෙනෙක් පිළිබඳව සඳහන් වෙනවා.මේ මහ තිසට අබි සවෙර නම් දුවක සිටි බව කොටාදැමූහෙළ සෙල් ලිපි වලින් තහවුරු වෙනවා.ඒවායේ වැඩි දුරටත් සඳහන් වන ආකාරයට මේ අබි සවෙර අය අබය නැමැත්තෙකුගේ බිරිඳ...
සවෙර = වහෙර = විහාර ආදී වශයෙන් මේ පදවලට අරුත් සපයන මහාචාර්ය පරණවිතානයන් ප්‍රකාශ කරන්නේ විහාර මහා දේවිය සහ ඇගේ පියා කතරගම රජ පවුලෙන් පැවත එන බවත් සහ රුහුණේ වාසය කළ බවත් ය.
කාවන්තිස්ස කියන්නේ අති දක්ෂ තාන්ත්‍රිකයෙක්.ඔහු නැඟෙනහිර ප්‍රදේශයේ පිහිටා තිබූ සේරු ,සෝම සහ ලෝණ යන රාජ්‍යයන් මාගමට ඈඳා ගත් ආකාරය එයට හොඳම නිදසුනක්.
සමහරවිට ගෝඨාභය ගෙන් එල්ල උනු තර්ජන නිසා කතරගම රජ පවුලේ කැළණිතිස්ස කැළණියට ගිහිල්ල ජීවත් උනා වෙන්නත් පුළුවන්.මුහුද ගොඩ ගැලීම සුනාමියක් වත් වෙන්න ඇති.ඒ සිදුවීම මුවාවෙන් දේශපාලන ආධිපත්‍ය ලබා ගැනීම උදෙසා කාවන්තිස්ස මේ විවාහය කරගත් බව හිතන්න පුළුවන්.
මියයන විට කාවන්තිස්සගේ වයස අවුරුදු 64ක්.ඔහු මිය යන විට දුටු ගැමුණු කුමරුට වයස අවුරුදු 25ක් කියල හිතව්ත් විහාර මහා දේවියත් ඔහුත් අතර අවුරුදු 23ක පරතරයක් තියනවා.
පොඩි උනත් විහාර මහා දේවිය රජ මාළිගාවට වෙලා නිකම් හිටපු බවක් පෙනෙන්න නැහැ.කාවන්තිස්ස රජුගේ පළමු බිසවගේ පුත්‍රයා වෙච්ච දීඝාභය ට මහවැලි ගඟ දෙපස ආරක්ෂාව තර කිරීම භාර වෙලා තිබුණා.ඒත් විහාර මහා දේවියත් ඇගේ පුතුන් දෙදෙනාත් ක්‍රම ක්‍රමයෙන් බලය ගොඩ නඟා ගැනීමත් සමඟ ඔහු එළාර රජුට සහය පළ කරනවා.
ඇයගේ අවසානය ගැන මටත් තිබුණා කුහුලක්.ස්තූතියි හසිත.
@ Meghawarna
Deleteවිහාරමහාදේවිය කියන්නේ කාගේ කවුද කියන එක වගේම කාවන්තිස්ස විහාරමහාදේවි දෙපළ ගැන එතරම් ප්‍රකට නැති ඒත් ධාතුවංසයේ එන පෙර භවයක කතාවත් මේකටම එකතු කරන්න හැදුවත් ඊටත් වඩා විහාරමහාදේවියගේ අවසානය ගැන කියන්න ඕනේ නිසා ඒ කරුණු එකතු කළේ නැහැ. ඒවා තවත් ලිපියකට ඉතුරු කරගත්තා. [මේ ලිපිය කොහොමත් මම කලින්ම ලියලානේ තිබුණේ]
ඔබ ඉදිරිපත් කරපු කරුණු අතිශයින්ම වටිනා කියන කරුණු. මේ සටහන කියවන අයට තවත් දැනුමක් ඒ මඟින් සැපයෙනවා. ඒ කතාව ඉදිරියේදී ලියන්න හිටියත් දැන් ඒ කතාව මතුවුණු නිසා දැන්ම ඒ ගැනත් කතා කරමු.
//..මහානාග රුහුණට ඇවිත් පදිංචි උවත් ඔහුට පෙර රුහුණේ දේශපාලන ආධිපත්‍යය හිමිකරගෙන සිටි පිරිසක් සිටියා.බෝධි රෝපණ මංගල්‍යයට පවා පැමිණි කතරගම ක්ෂත්‍රියයන් යනු එම පිරිසයි.රුහුණේ බලය සම්බන්ධයෙන් මේ දෙපිරිස අතර තරගයක් ඇති උණා....//
ඔව් ඒක හරි. මේ කතරගම ක්ෂත්‍රියයන්ගේ ආරම්භය ගැන තිබෙන අදහසක් තමා රෝහණයේ ජනපදයක් පිහිටවපු භද්දකච්චානා සොයුරු රෝහණගෙන් ඔවුන් පැවත එනවා කියන එක. මහානාග මොවුන් එක්ක සමඟියෙන් හිටියත් ගෝඨාභය කතරගම දස බතික රජුන් මරා දමනවා.
//....බෝවත්තේගල සෙල්ලිපියයක ' ධමරජ පුත් මහතිස ' නම් කෙනෙක් පිළිබඳව සඳහන් වෙනවා.මේ මහ තිසට අබි සවෙර නම් දුවක සිටි බව කොටාදැමූහෙළ සෙල් ලිපි වලින් තහවුරු වෙනවා.ඒවායේ වැඩි දුරටත් සඳහන් වන ආකාරයට මේ අබි සවෙර අය අබය නැමැත්තෙකුගේ බිරිඳ....//
බෝවත්තේගල ලිපියේ "දමරජ පුත මහතිස" සඳහනත් කොටාදැමූහෙළ ලිපියේ එන "දමරජ පුත මහතිශ අයහ ජිතෙ අබි ශවෙර අයබය පුත තිශ අයහ ජහය අබි ශවෙරය" කියන සඳහන් එක්ක දමරජ හෙවත් ධර්මරාජගේ පුත්‍රයා මහාතිස්ස බවත් ඔහුගේ දියණිය ශවෙර වූ බවත් පැහැදිලියි. මේ ශවෙර කුමරිය අභයගේ පුත්‍ර තිස්ස කුමරුගේ බිරිඳ ලෙසත් දක්වනවා.
මේ කරුණුත් එක්ක තමා පරණවිතානයන් ශවෙර යනුවෙන් හඳුන්වන්නේ විහාරමහා දේවිය කියන නිගමනය කරලා ඇගේ පියා මහාතිස්ස [කැලණිතිස්ස] බවත් අයබයගේ [ගෝඨාභයගේ] පුත්‍ර තිස්ස [කාවන්තිස්ස] ඇගේ ස්වාමියා බව සාහිත්‍ය මූලාශ්‍රයත් එක්ක සසඳන්නේ. ඒ වගේමයි සීහලවත්ථුප්පකරණයේ දැක්වෙන කතාවක එන විදිහට කාවන්තිස්ස විහාරමහාදේවී යුවල කුඩා කළ එකට හැදුණු බව තියෙන නිසා මේ විවාහය අහම්බෙන් නොව සැලසුම් කරලා සිදුවුණු එකක් බව තමා පේන්න තියෙන්නේ.
නැවත වරක් බොහොම ස්තුතියි ඔබ එක් කරපු වටිනා කරුණුවලට :)
ස්තුතියි හසිත. බොහෝමත්ම කරුණු කාරනා එකතුව හැදුන ලිපියක්..
ReplyDelete@ ♥ ළිහිණි ♥
Deleteමේ ලිපිය නිසාම තව ලිපියක් ලියන්න වෙන පාටක් තියෙන්නේ. තව කරුණු කාරණා ඒකෙත් තියේවි
දුටුගැමුණු චරිතයට තමයි මහාවංශයේ විශාල පිටු ප්‍රමාණයක් වෙන්කර තිබෙන්නේ. ඒවා අතිශෝක්තියෙන් ළියන ලද කරුණු. කෙසේ වෙතත් ඔබේ මහන්සිය නම් අගය කළ යුතුමයි.
ReplyDelete@ මාතලන්
Deleteවිශාල පිටු ප්‍රමාණයක් කියන්නේ මහාවංසයේ මුල් කොටසේ පරිච්ඡේද 37 න් 11 ක්ම වෙන් කරලා තියෙන්නේ දුටුගැමුණු රජ්ජුරුවන්ට. ගාථාවලින් කිව්වොත් ගාථා 863 ක්. ස්තුතියි මහන්සිය අගය කළාට :)
හසිත මල්ලි.උඹේ මහන්සියට මොනව කියන්න කියල හිතා ගන්න බැ.උපරිමයි.
ReplyDelete@ කස්ස
Deleteස්තුතියි අයියණ්ඩි :)
ඉතාම හොඳ ලිපියක් හසිත මල්ලි. කලින් අහලා තිබුන ප්‍රශ්නයකට මැදින් පැනලා උත්තරයක් දුන්න, කම් නැහැ නේද?
ReplyDelete@ Ayilas A
Deleteකිසිම ප්‍රශ්නයක් නැහැ අයියා. මම එතනදී කිව්වත් වගේ ඒ ප්‍රශ්නෙට ගැලපෙනම උත්තරේ ගැලපෙනම උදාහරණයක් එක්කනේ අයියා එකතු කරලා තිබුණේ. නියමයි :)
අපේ ඉතිහාසෙ මම ගොඩක්ම කැමැත්තක් දක්වන කාලසීමාවක්. දසමහා යෝධයන්ගෙත් රසවත් විස්තර තියෙනවා නේද පුලුවන් නම් ඒ ගැනත් ටිකක් ලියන්න
ReplyDelete@ ගිමන් නිවන්නා
Deleteදස මහා යෝධයෝ ගැන කියන්න මහාවංසය වෙනම පරිච්ඡේදයක් වෙන් කරනවා. 23 පරිච්ඡේදය යෝධලාභ නමින් නම් කරලා ගාථා 101 කින් ඒ ගැන විස්තර තියෙනවා. ඒ ගැනත් යමක් ලියන්න බලමු අයියා :)
@හරී,
ReplyDeleteහසිත මොනා කියයිද දන්නේ නෑ. ඒත් හරීගේ කමෙන්ට් එක දැක්කාම, උත්තර බඳින්ට හිතුනා. මෙයා මේ පෝස්ට් එක බලලා තියන හැටි දැකලා පොඩි හිනාවකුත් ගියා. ඉතිහාසය කරන්ට තිබුනේ මේ ගොය්යට.
1. මොනදේ උනත් ලියන අය ලියන්නේ අතිශයෝක්තියෙන්. ඒවා ඉතිහාසයට එකතු වුනාම් ඉතින් විශ්වාස කරන්ට බැරි ගතියක් තියනවා. අපි ලියන දේවලුත් කවදා හරි, අනාගතේ කාටහරි , එහෙම පෙනේවි.
2. කැළනිතිස්ස ප්‍රාදේශීය පාලකයෙකු විය යුතුයි. ඔය කාලෙදි ලංකාව එකසත් කරපු රජෙක් හිටියේ නෑනේද? ඒ කියන්නේ එයා ප්‍රාදේශීය රජෙක්.
3. ඒ කාලේ බුද්ධාගම හොඳින් පැතිරිලා ගියබවක් පේන්ට තියනවා. කොහොමටත් දැනට වඩා සරල මනසකින් යුතු මිනිස් කොටස් ඒ කාලේ ඉන්ට ඇති. මනස වියවුල් උනු අය දැන් කාලේ වැඩියි. ඇත්ත ඇස් ඉදිරියේ තිබුනත්, එය පිලිගන්ට ගොඩක් අය කැමති නෑ. ඒ හන්දා තමා ඔය විදියට රහතන් වහන්සේලා වැඩිපුර ඉන්ට ඇත්තේ. එහෙම නැත්නම් ඉතින් හොඳ හාමුදුරුවරුන්ට රහතුන් වහන්සේලා කීවා වෙන්ටත් බැරි නෑ.
4. ඉන්දීය බලපෑම් තිබුනු හන්දා හින්දු දේව වන්දනාව වගේ දේවල් තියෙන්ට ඇති නේද?
5. නොදැන කල දෙයක් කියා හඳුන්වන්නේ මොකක්ද? නොදැනත් දේවල් කරන්ට පුලුවන්ද? අපි මොන දේ කලත් එය කරන්නේ දැන දැන නේද? බුද්ධාගමේ හැටියට 'චේතනාව' තමා වැදගත් වෙන්නේ. ක්‍රියාවක් සම්පූර්වෙන්නේ නෑ එය කල පමනින්. ඊට කලින් හිතන, දේවල් පවා ඒ ක්‍රියාව සම්පූර්ණ කිරීමට සහාය දෙනවා.
8. බොහොම බලසම්පන්න චිත්ත ශක්තියක් ඇති කෙනෙක් වෙන්ට ඇති.
9. ඔය දෙක දවස් ගානක පරතරයක් අතරේ වෙච්ච දෙයක් වෙන්ට බැරිද?
10. කුමාරය උපත ලැබුව වෙලාවේ එහෙම සතුටු උනාට, ලොකු උනාට පස්සේ එහෙම හිතපු එක හරි නෑ කියලා හිතෙන්ට ඇති. ඒකනේ යුද්ධෙට සම්බන්ධ උනේ නැත්තේ.
11. ඉතිහාස කතාවට අදාල නැති ඒවා අහන්ට ඔට්ටු නෑලු.
12. මේ කතාව නම් ඇත්තයි.:)
හපොයි මෙයා ලංකාවේ ඉස්කෝලේ ගිහිල්ලත් මම තරම් ඉතිහාසේ දන්නේ නෑනේ හී හී...
@ Podi Kumarihami
Deleteකිසිම ගැටලුවක් නැහැ. උත්තර බැඳීමේ ඉඩකඩ ලබාදී ඇත :D
1. හැබෑව හැබෑව
2. කැලණිතිස්ස ප්‍රාදේශීය පාලකයක්ගේ තත්වයට වඩා ඉහළින් හිටිය කෙනෙක්. එයා මුළු රෝහණයම එක්සේසත් කරන්නත් කටයුතු කරනවානේ.
3. සමාජය සංකීර්ණ වෙන්න වෙන්න දහමෙන් මිනිස්සු ඈත් වෙන ප්‍රතිශතය වැඩියි නොවැ
4. හින්දු දේව වන්දනාව තිබුණු බව හිතන්න පුලුවන්. මොකද සිවිකාශාලා සහ සොත්තිශාලා කියන බ්‍රාහ්මණ දහමත් එක්ක සම්බන්ධයි කියලා හිතන ගොඩනැගිලි පණ්ඩුකාභය ඉදි කළා කියලා කියන නිසා වගේම චන්ද්‍ර වගේ පුරෝහිත බමුණෝ හිටිය නිසා
5. ඇත්ත ඇත්ත
8. එහෙමමත් නැහැ. ඒ ගැන මගේ අදහස ඉහළින් කියලා තියෙන්නේ
9. ඔව් ඔව්. මී වදේ හොයාගන්නේ විහාරමහාදේවියට දොළ දුක ඇතිවුණු අවස්ථාවේ. ඇතා හම්බෙන්නේ කුමාරයා ඉපදුණු දවස්වල
10. එහෙම දෙයක් නෙමේ. රජතුමා තමා යුද්දෙට ඕනේ කරන ඔක්කොම සම්පාදනය කරන්නේ. වැඩේ සාර්ථකව කරන්නේ දුටුගැමුණු. දුටුගැමුණුව වීරයා කරන්න ගිහින් තමා කාවන්තිස්ස ගැන අඩු සැලකිලි
11. ඔට්ටු නැතත් ඕන් ඒ ගැනත් කිව්වා :D
12. මේ දවස්වල එයා ගැන කතා කරන්නේම නැහැනේ :P
@ පොඩි,
Delete"මෙයා මේ පෝස්ට් එක බලලා තියන හැටි දැකලා පොඩි හිනාවකුත් ගියා." :)
පෝස්ට් තියෙන්නෙ කියවන්නනෙ ඉතින්..
1. "මොනදේ උනත් ලියන අය ලියන්නේ අතිශයෝක්තියෙන්." ඕ..
2. මුළු රෝහණයම එක්සත් කරන්නෙ කැළණිතිස්සද කාවන්තිස්සද? මේ ඇහුවේ හසිතගෙනුත් එක්ක..
3. ඒ කාලෙ මිනිසුන්ගෙ අවැසිතා ස්වල්පයයි.. එම නිසා ජීවිතය සරලයි.
4. දෙදෙනාටම,
මම මෙතනින් අහන්ඩ උත්සාහ කළේ මේ වගේ දෙයක්..
ඔන්න අපි වාහනයක යනවා කියලා හිතමු. අපි නොදැනුවත්ව පාරේ යන කූඹි පේළියක් වාහනේට යටවෙලා මිය පරලොව යනවා.. නැත්නම් හිතන්ඩකො කොහේ හරි ඉඳපු බලු තඩියෙක් අහුවෙනවා කියලා.. ඒක සත්ව ඝාතන පාප කර්මයක් වෙනවාද නැද්ද?
9. ඔය දොළදුකට කන්ඩ ආසා හිතෙන ඒවලු. පස්සෙ ළමයාගෙත් ආසම කෑම වෙන්නෙ..
12. ආණ්ඩුවට සති දෙකක් ඇදගන්ඩ බැරිවෙcච වෙලාවක එයා කරළියට එයි.. ඉවසන් ඉන්ඩ.. :)
"හපොයි මෙයා ලංකාවේ ඉස්කෝලේ ගිහිල්ලත් මම තරම් ඉතිහාසේ දන්නේ නෑනේ" :P
මම එහෙනම් එනවා ඉතිහාසය ඉගෙනගන්ඩ.. ඔන්න බෑ කියන්ඩ බෑ..
@ හරී
Delete1. ඔව් ඔව්
2. රෝහණය එක්සත් කිරීමක් එක්ක කැලණිතිස්සගේ සම්බන්ධයක් නැහැ. ඒ වැඩේ පටන් ගන්නේ ගෝඨාභය [කාවන්තිස්සගේ තාත්තා]. කතරගම හිටිය දසබතික රජුන් මරලා මාගමට කතරගම ඈඳා ගන්න එයා කටයුතු කරනවා. ඊට පස්සේ කාවන්තිස්ස සමයේ විහාරමහාදේවි විවාහයෙන් කැලණියත්, සේරු නුවර, ලෝණ නුවර, ගිරි නුවර විවාහ සබඳතා වගේම බුදු දහම මුල් කරගෙන තමන්ට අවනත කරගෙන එක්සත් රෝහණය ඇති කරනවා.
3. ඇත්ත
4. එතන ප්‍රාණඝාත අකුසලයක් නැහැ. අර මම කලින් කිව්ව ප්‍රාණඝාතය සිද්ධ වෙන්න ඕනේ කරුණු 5 මෙතනදී ක්‍රියාත්මක වෙලා නැහැනේ.
9. ඇත්ත. මම කරපු ළමා මනෝවිද්‍යාව කෝස් යුනිට් එකකට තිබුණු එසයිමන්ට් එකකට් තිබුණේ මව් කුසේ ඉද්දී වගේම බිහිවුණාම දරුවාගේ තියෙන සමාන හැසිරීම් ගැණ හොයන්න. අම්මා ළමයා ලැබෙන්න ඉද්දී කාපු බීපුවා වගේම අහපු සිංදු, ෆිල්ම් බැලුවා වගේ ඒවා ළමයා ලොකු වෙද්දී එහෙම් පිටින්ම කරලා තියෙනවා
12. දැන් ටික ටික එළියට එන්න බිත්තර කටුවට කොටනවා :D
අපි වගෙ වල් පල් නොලියා හසිත මහන්සිවෙලා ගොඩක් පොත් පත් කියවලා ලියන මෙ ලිපි බොහොම වටිනවා. අග හරිය නම් මම ඉහෙන ගත්තෙ මේකෙන්.
ReplyDelete@ සරත් ලංකාප්‍රිය
Deleteඅයියා කොහෙද වල්පල් ලියන්නේ. ඒවා මිනිස්සුත් එක්ක ඩීල් කරන විදිහට ගැන හොඳට පාඩම් කියාදෙන කතා. ඒවා කියවලා අපි වුණත් ලොකු දෙයක් ඉගෙන ගන්නවානේ.
හසිත
ReplyDeleteමේ ලිපියේත් අර මහායාන බුද්ධාගමේ ලිපියේ කසේ එකම තියෙනවා.
ඔය ඉතිහාසය ලියවුනේ දුටුගැමුණු මැරිලා අවුරුදු දෙසීයකින් විතර නේද? කටින් කර ආ ජනප්‍රවාද පෝරා දාලා තමයි ඉතිහාසය විදියට ලියවෙන්නේ.
ඔය හීන කතා, මීමැසි කතා, සුනාමියට හේතුව වැනි දේ අමු බොරුනේ. සුනාමියට හේතුව නොදන්න කමට මිනිස්සු මිත්‍යාවන ්විශ්වාස කළා. ඒවා පසුව පුස්කොල පොත්වල ලිව්වා. ගලේ කෙටූ දේ විතරයි (සෙලාලිපි) තරමක් හෝ විශ්වාස කළ යුත්තේ.
මොනවා වුනත් මෙහි එන සමහර කතා විහාරමහා දේවි ට නිග්‍රහයක්. ඇයව කාලි යක්‍ෂණිය වගෙයි නිරූපනය කරන්න හදලා තියෙන්නේ ඔය එලාරගේ ජෙනරාල් ගේ බෙල්ල කපපු කඩුව හෝදලා ලේ එක්ක වතුර බොන්න හිතුනාය කියන කතාවෙන්.
@ කතන්දර කාරයා
Delete//..මේ ලිපියේත් අර මහායාන බුද්ධාගමේ ලිපියේ කසේ එකම තියෙනවා...//
මොකක්ද මේ කසේ කියන්නේ ??
කකාගේ කතාවට එකඟයි. ඒක නිසයි කලින් කාගේ හරි ප්‍රතිචාරයකට අදහස් දක්වද්දී කිව්වේ සාහිත්‍ය මූලාශ්‍රය මත පමණක් නෙමේ පුරාවිද්‍යා මූලාශ්‍රය මතත් පදනම් වෙලා විචාරශීලීව ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ කියලා.
විහාරමහාදේවියගේ දොළදුක වගේ දේවල්වලින් ඇගේ දරුවා එළාරව මරන්න යන්නේ කියන අදහස සන්නිවේදනය කරවන්න ඒ වගේ උපායක් යොදාගත්තු බව හිතන්න පුලුවන්. අජාසත්ත හම්බෙන්න යද්දිත් බිම්බිසාර රජතුමාගේ උරහිස පළලා ලේ බොන්න බිසවට හිතුණලුනේ. ඒකේ ඡායාපිටපත් සිදුවීමක් වගේ මේකත්
කියවගන යද්දි මතු වෙච්ච ගැටලු ඔක්කොම වගේ කට්ටිය අහලා තියන නිසා පිළිතුරු හම්බුනාම දැනගත්තැකි..
ReplyDeleteඑක ප්‍රශ්ණයක් විතරක් අහන්නම්.. විහාරමහ දේවිය ලෝකෝත්තර සුවය හොයා ගිහින් රහත් වූ බවක් එහෙම කිය වෙනවද ? එහෙම වුනොත් අර මෛත්‍රී බුදුන්ගෙ මව වෙන අනාවැකිය බොරු වෙනවා නේද ?
මහන්සියට ස්තූතියි හසිත.
@ සෙන්නා
Deleteවිහාරමහාදේවිය මෛත්‍රී බෝසතුන්ගේ මව වෙනවා කියලා කියනෙන මහාවංසය ඇතුළු ලාංකීය වංස කතා විතරයි. ඒ වගේමයි විහාරමහාදේවිය පැවිදි වුණා කියලා විතරක් අනුමාන කළොත් මෛත්‍රී බෝසතුන්ගේ මව වෙන එක ගැන ගැටලුවක් නැහැනේ අයියා.
මහන්සිය අගය කළාට ස්තුතියි ඕන්
විහාර මහා දේවියගේ කතාමාලාවේ මේ හැම තකාවක්ම ටික ටික කොහෙන් හරි අහල තිබුණා. ඒත් සමහර ඒවා ජනකතා විදියට තමයි දැනගෙන හිටියේ.
ReplyDeleteඒ කොහොම වුණත් මේවගේ වැදග් පෝස්ට එකක් පාසලක දරුවන් වෙනුවෙන් දෙන්න සූදානම් කළත් අංග සම්පූර්ණ විස්තරය නිවැදිව සරලව තියෙනවා. වැදගත් වෙන්න එයයි.
ඔබ මේ ඉතිහාසය අනුපිලිවෙලට සකසා ගන්න කොයිතරම් පර්යේෂන ප්‍රමානයක් කරන්න ඒනෙද කියලා හිතෙන විටත් සතුටක් දැනෙනවා.
@ දයානන්ද රත්නායක
Deleteමේ සටහනත් එක්ක එකතු වුණු අදහස් වගේම ගැටලු නිසා විහාරමහාදේවියගේ මුල් වතගොත කාගේ කවුද කියන එක ගැනත්, කාවන්තිස්ස විහාරමහාදේවි යුවළගේ පෙර භවයන් ගැනත් ලියන්න අදහසක් ඇතිවුණා. ඒකත් වැදගත් වේවි. ස්තුතියි අයියාටත් මහන්සිය අගය කළාට
කාලෙකට කලින් අහල තිබුන අමතක වෙලා ගිය ගොඩක් දේවල් මතක් කරගන්න ලැබුණා.
ReplyDelete@ සුජියා
Deleteසන්තෝෂයි සන්තෝෂයි :)
ගොඩක් වටින ලිපියක්..! අතීතයේ නොදැන සිටි තවත් යමක් එකතු කරගත්තා..
ReplyDeleteතුති..!
@ නන්ඳු
Deleteඑකතු කරගත්තු දේ තව අයට බෙදලා දෙන්න ඒක තවත් හොඳයි :) ස්තුතියි අගය කිරීමට
නියමයි මචං.. දන්නා දේවල් ගොඩක් අතරෙම නොදන්නා කරුණු බොහොමයක් දැනගත්තා.. හුඟක් දෙනා මේක ලියපු හසිත සහෝදරයව අගය කරපු නිසා, මම ඒ ගැන තවත් කතා කරන්න යන්නෙ නෑ.. :D
ReplyDeleteහසිතගෙ කතන්දරේ වගේම අනෙක් සහෝදරවරු පළ කරල තියෙන කොමෙන්ට් වලත් සෑහෙන වැදගත් තොරතුරු තියනවා.. ඒ හැමොටමත් ප්‍රණාමය !
@ Duminda
Deleteයමක් දැනගත්තා නම් ඒක තමා මගේ සතුට :)
කෑම කෑවාම හොඳම හරිය ඇඟිලිවල කියලා ඇඟිලි ලෙවකනවා වගේ මේ සටහන්වල හොඳම හරිය තියෙන්නේ කමෙන්ට්වල. ඒක නිසා ඒවා කියවලා බලන එක වටිනවා
සමහර විස්තර අදමයි ඇහුවේ ...ස්තුතියි
ReplyDelete@ rnagi kella
Deleteදැන් දන්නවානේ :)
අනුරාධපුර නෙළුම් කෙතෙන් රැගෙන ආ මහනෙල් මල් මිටියක් හා තිසා වැවෙන් ගෙනා පැන් කළයක් පිළිබදවත් සද්ධර්මාලංකාරයේ දැක්වෙනවා...සද්ධර්මාලංකාරයේ දැක්වෙන ග‍්‍රාම නාම ඇතුළු ඇතැම් සවිස්තරාත්මක තොරතුරු අතර කිසියම් පරස්පරතාවයන් සහිත වන බැවින් හැකිනම් කාකවර්ණ, සාලිරාජ, ඇතුළු සෙසු කථාව කියවිය හැකි නම් නිවැරදි කර ගත හැකියි.
ReplyDeleteමෙම ලිපිය ඉතා රසවත් ව සරල ව දක්වා ඇති අකාරය දුටු බැවින් ඔබේ උත්සායහ අගයනු පිණිස මෙම පසු සටහන දක්වන්නෙමු. දසමහ යෝධයින් ගැන සද්ධර්මලංකාරයෙහි දක්වන තොරතුරු ද ඉතා ම රසවත් වේ. අවස්තාවක් ලදොද් සද්ධර්මාලංකාර කියවන්න...
@ Sri lanka Scouting Magazine
Deleteමහාවංසය හා වංසත්ථප්පකාසිනිය වගේ කෘති ලියවිලා සෑහෙන කාලෙකට පස්සේ තමා සද්ධර්මාලංකාරය වගේ කෘති ලියවෙන්නේ. ඒක නිසා කිසියම් පරස්පරතාවක් ඇතිවෙන්න පුලුවන්.
කෝකටත් සද්ධර්මාලංකාරය ගැන මතක් කරපු එක හොඳයි. විහාරමහාදේවියගේ වතගොත වගේම තව විස්තර ටිකක් ලියන්න අදහසක් තිබෙනවා. ඒකට මේක ලොකු උදව්වක් වේවි :)
ඉතාම වටිනා තොරතුරු එක්රැස් කිරීමක්. බොහෝ ස්තුතිවෙවා.
ReplyDelete@ Saman Lankathilaka
Deleteස්තුතියි අගය කිරීමට :)
යුද්ධයෙන් පසු විහාර මහා දේවිය සම්බන්ධ ව හෝ දසමහ යෝධයින්ගේ අවසානය වංස කතාකරුවා මග හැරලා.... හැකිනම් පසු විපරමක් කරන්න.. එය වඩා රසවත් වේවි....
ReplyDelete@ wag
Deleteමීළඟට ලියන්න හිතාගෙන ඉන්න සටහනින් තවත් විස්තර ටිකක් කතා කරන්න පුලුවන් වේවි
නියම පෝස්ට් එක. මචං උඹ ඉතිහාසය හදාරන හින්දා මට හුගක් කල් ඉදල ඔලුවෙ තිබුණ ප්‍රශ්ණයක් මෙතනට ඒ තරම්ම අදාල නැතත් දාන්න හිතුනා. විහාර මහාදේවි කතාව වගේ දෙයක්, ඒ කියන්නේ මුහුද ගොඩ ගැලීමකින් රට බේරගන්න මුහුදට බිලි දුන්න කුමාරිකාවක් තවත් කුමාරයෙක් බේර ගන්න කතාවක් ග්‍රීක ඉතිහාස කතා වලත් තියෙනවා. ඇන්ඩ්‍රෝමීඩා කුමරියව මුහුදට බිලිදෙන්න වෙන්න එයාගෙ අම්මා දෙවිවරුන් නොසලකා හැරීම නිසා දෙවිවරුන් කෝප වීමෙන් වුන විනාශයක් වලක්වන්න. නමුත් ඇන්ඩ්‍රෝමීඩා කුමරියව පෙගැසස් කියන පියාඹන අශ්වයෙක් පිට ආපු කුමාරයෙක් බෙරගන්නවා. ඒ වගේම ඉතිහාස කතාවක් නොවුනත් රපන්සල් ( මේක ඇත්තටම සුරන්ගනා කතාවක් ) එක්ටැම් ගෙයක හිරකරල තියෙනකොට එයාගෙ කොන්ඩෙ දිගේ නැගලා තරුණයෙක් එයාව බේරගන්නවා. ඒකත් හුගක් උන්මාද චිත්‍රා කතාවට සමානයි. ඒ විතරක් නෙවේ තව මේ වගේ කතා ගොඩක් තියෙනවා. මේක මට නිකන් හිතුන එකක් විතරයි.
ReplyDelete@ zeeker
Deleteනියම හෝඩුවාවල් ටිකක් තමා දීලා තියෙන්නේ. ලෝකය තනි යායක් කියන්නා වගේ මේ කතාවලත් සමානකමක් නැත්තේ නැහැ. මම කලින් ලියපු සටහනකින් පෙන්නුවා ජාතක කතා පාළියේ සහ බුද්ධ චරිතය හා සම්බන්ධව එන සිදුවිමකට සමාන සිදුවීමක් බයිබලයේ තියෙන අවස්ථාවක්.
මේ සටහනේත් කකා විහාරමහාදේවියගේ දොළ දුකෙන් ඇයව කාලි යකින්නිය හා සමාන කරලා තිබෙන බව කිව්වාම මට මතක් වුණේ අජාසත් හම්බෙන්න ඉද්දී දේවිය බිමිබිසාර රජතුමාගේ උරහිස පලලා ලේ බීපු කතාව.
සමහර විට මේ කතා ඇත්තට වුණා වෙන්නත් පුලුවන්. නැත්නම් ආභාෂයක් ලබාගෙන කතා ලියවුණා වෙන්නත් පුලුවන්
මෙන්න මන් කැමතිම පොයින්ට් එකක් . ලෝකයේ එක එක යුගවලදී මිනිස්සු පුදුමාකාර ර සමාන දේවල් හිතල සහ කරලා තියෙනවා . හුඟක් සුරංගනා කතාවල නපුර පරදවල හොඳ ජයගන්නවා .
Deleteහැබැහින් කරගන්න බැරි වුන දේවල් මිනිස්සු මේ කතාවලින් කරගන්නවා . රුසියන් කතා වුනත් එහෙමයි . මෙතෙන්ට එච්චර අදාළ නැහැ . නමුත් ඔය ගැන මට නිතර හිතෙනවා . ලිපියකට ගොනු කරගන්න වෙලාවක් නැති එකයි වැඩේ
කකා, දේවියව කාලි යක්ෂනියට සමාන කරන්නෙ ඔය දොල දුක හින්දනේ. නමුත් මම දැකල තියෙනව සමහර ගෑනු උදවියට බබාල හම්බ වෙන කාලෙට හරි අසාමන්‍ය දොල දුක් ඇති වෙනවා. මම දන්න කෙනෙක්ට ආස හිතුනා රබර් ලෑලි කෑල්ලක් කන්න.
Deleteඒ විතරක් නෙවෙයි දොල දුක නිමිත්තක් කරගෙන හම්බු වෙන බබාගෙ චරිත ලක්ශන කියන්න පුලුවන් බව මම අහල තියෙනවා.
සමහර දේවල් තියෙනවා අපට භෞතික විද්‍යාත්මකව පැහැදිලි කිරීම් කරගැනීමට නොහැකි, නමුත් එම දේවල් එහෙම නොවේ කියල කියන්නත් අපට බැහැ.
@ Bindi
Deleteමානවයා එකම මූලයකින් පටන් ගත්තා කියන අදහස වගේම බෙදිලා ජීවත් වුණත් සිතුම් පැතුම් සමානවීම වගේම අන්තර් සබඳතා වගේ හේතු නිසා එක හා සමාන කතා ඇතිවෙලා තියෙනවා වෙන්න ඕනේ. ඒ වගේමයි අක්කා කිව්වා වගේම මනඃකල්පිත සිතාගැනීම් වුණත් ඒ හරහා කරන්න ඇති. කම්මැලි නොවී ලිපියකටම කෙටුවා නම් කදිමයි. අක්කාත් ලෝකේ ගොඩක් දැකපු කෙනෙක්නේ
@ uwiniran
Deleteඑකඟයි. අපිට පැහැදිලි නොවූ පමණින් එවැන්නක් නැහැ කියලා කියන්න බැහැ. ලෝකේ ප්‍රකට පුද්ගලයන් කීප දෙනෙක් ලැබෙන්න ඉද්දී මව්වරුන්ට ඇතිවුණු දොලදුක් ගැන මුතුහරේ ලිපියක් තිබුණා. මට මතක ඒකෙන් එකක් විතරයින්.
නැපෝලියන් ලැබෙන්න ඉද්දී අම්මාට හිතුණාලු ලැබෙන දරුවාට පෙරවන්න පොරෝනයක් මහන්න ලෝක සිතියම ගෙත්තම් කරලා. ඒක අවසන් කරන්න කලින් නැපෝලියන් ලැබිලා තියෙනවා. ඒ වගේමයි ඒ පොරෝනයේ ගෙත්තම් කරලා තිබුණු රටවල් ටික පස්සේ කාලේ නැපෝලියන් අල්ලා ගත්තාලු
පරණ කතා යලිත් කියන එකට ගොඩක් ස්තුතියි මල්ලි
ReplyDelete@ Bindi
Deleteහැමෝම අලුත් කතා කියලා පරණ කතා මතක නැතිවෙලා තියෙන නිසා මේකත් නරකම නැහැ :)
මේ කතා බොහොමයක් අහලා තිබ්බට මේ වගේ පිලිවෙලට ගලපලා ලිව්වාම කියවන්න ආසා හිතෙනවා වගේම අනාගතයේදී අපේ දරුවනටත් මේ බ්ලොග් එකේ සටහන් පෙන්වලා ඉතිසාහය ගැන පිලිවෙලට උගන්වනන් පුලුවන්
ReplyDeleteහැමදාම වගේ සුපිරි ලිපියක් මල්ලී.
@ දුකා
Deleteඅනිවාර්යෙන්ම අයියා ඉතිහාසය හදාරන කෙනෙක් විදිහට වර්තමානයට වගේම මතු පරම්පරාවට ඉතිහාසය ගැන කියවලා බලන්න තමා මේවා ලියන්නේ. පොත් පත් පාවිච්චි කරන්නේ නැති කාලයක් ආවොත් මේවා හරි ඉතුරු වෙලා තියෙයිනේ. ස්තුතියි අගය කළාට අයියා
හෙට ඇවිත් කමෙන්ට්ස් ටික කියවන්නම්. පෝස්ට් එකනම් ඉතින් හැමදාම වගේ හොඳයි. ප්‍රශ්න කීපයක් තියනවා ඒත් ඒ දුටුගැමුණු රජු ගැන.
ReplyDelete1. කොත්මලේ තියන දුටුගැමුණු කුමාරයා හිටියා කියන ගෙදර තවම තියනවද? (වී සිරි ගෙදර?)
2. පුසුල්පිටිය විහාරයේ ගැමුණු කුමාරයා එක්ක තියන සම්බන්ධය මොකක්ද?
@ Alexander Cage
Delete1. ළඟකදී පත්තරේක ගිය ලිපියක විදිහට නම් තාම ඒ ගෙදර තියෙනවා වගේම ඒ පරම්පරාවෙන් පැවත ගෙන උදවියත් ඉන්නවා.
2. කුමාරයා කොත්මලේ සැඟවී සිටි කාලයේදී ඒ විහාරයට වැඳුම් පිදුම් කරන්න යන්න ඇති. වැදගත්ම සිදුවීම තමා කුමාරයා සොයාගෙන ආපු කඬොල් ඇතා දණ ගහන්නේ මේ විහාරය ගාව තියෙන ගල්තලාවේ කියලා තමා කියන්නේ.
මම මේධානන්ද හාමුදුරුවන්ගෙ පොතක මේ මතය දැක්කා. මේක ගැන ස්ථීර අදහසක් නෑ නේද ?
ReplyDeleteKishan
@ Kishan
Deleteඑතුමිය පැවිදි වුණා කියන එක සෘජු සාධක නැති ඒත් වක්‍ර සාධක මත පදනම් වෙලා කරපු අනුමානයක් විතරයි. ඒක නිවැරදි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන් ඉදිරියේදී ලැබෙන අලුත් කරුණු කාරණා මත
මාත් කවදාවත් අහල තිබුනේ නෑ ඈ මහණ උනාය කියලා. බොහොම ස්තූතියි හසිත පුතා මේ සටහනට. නොදන්නා විතර බොහොමයක් දැනගත්තා.
ReplyDelete@ Chandi
Deleteඑතුමිය පැවිදි වුණා කියන එක සෘජු සාධක නැති ඒත් වක්‍ර සාධක මත පදනම් වෙලා කරපු අනුමානයක් විතරයි. ඒක නිවැරදි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන් ඉදිරියේදී ලැබෙන අලුත් කරුණු කාරණා මත
ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගෙ මහරජ ගැමුණු කියෙව්වද..?ඒකෙත් අවසානය විහාරමහාදේවිය පැවිදි සස්නට ඇතුල් වෙන එක.ඉතින් අය්යගෙ ලිපිය කියෙව්වම මට ඒ පොත මතක් වුණා..
ReplyDelete..දුටුගැමුණු කියන යෝධ චරිතය මත මහා සෙවනැල්ලක් වගේ ඇගේ චරිතය වැතිරිලා තියෙනවා.ඒ තමයි අපේ සුජාත ස්ත්‍රීන්!
@ වර්ෂා ( Rain_Girl )
Deleteමහරජ ගැමුණු නම් කියවන්න වුණේ නැහැ නඟා. ඒකේ විහාරමහාදේවියගේ අවසානය පැවිදි බිම විදිහට කිව්වාට ඉතිහාසඥයන්ට නිශ්චිතවම එහෙම කියන්න බැහැ. තිබෙන සාධකත් එක්ක අනුමානයක් ගොඩනැගීම පමණයි කරන්න පුලුවන්.
දුටුගැමුණු ගැන කතා කරනවා නම් අනිවා විහාරමහාදේවිය ගැනත් කතා කරන්න ඕනේම තමා. ඒකේ කතා දෙකක් නැහැ
මේ ගැන ඇත්තටම කල්පනාවක් වත් තිබුනෙ නැති හැටි..
ReplyDeleteමහාවංශ කතුවරයා දුටුගැමුණු රජතුමා ගැන වහ වැටිලා හිටිය නිසා එයාගේ වටේ හිටිය කවුරුත් පෙනිලා නැති හැඩයි..!!
@ රූ....
Deleteවීරයාව ප්‍රෝමෝට් කරනවා ඇරෙන්න ඊට පස්සේ වීරයා වීරයෙක් කරන්න උදව් වුණු අය ගැන ලියන එක වීර කතා ස්ටයිල් එක නෙමෙයිනේ. ඒකයි කාරණේ විහාරමහාදේවියට වගේම දසමහායෝධයන්ටත් මේ ඉරණමම තමා වංසකතාකරුවාගෙන් ලැබිලා තියෙන්නේ.
අගේ ඇති ලිපියක්.මේ හුඟක් කරුණු අදමයි ඇහුවෙත්. අහම්බෙන් වගේ ආවේ. දැන් ඉතින් හැමදාම එනවා :D
ReplyDelete@ අරුන්දතී
Deleteසාදරයෙන් පිළිගන්නවා ඕන් :)
අපුරුයි කලෙකින් ආවෙ හරිම ආසාවෙන් කියෙවවේ....
ReplyDelete@ සචිත්
Deleteකාලෙකින් ආවට පස්සේත් කියවන්න රසවත් දෙයක් තිබුණු එක ගැන සතුටුයි :)
ReplyDelete"මහරජහ ගමණී අබයහ දෙවනපියශ මණි බරිය මිලක තිශ විහරෙ කරිතෙ කතිය "
මෙහි මණි යනු මැණික් යන්න පිළිගැනීමයි. එය රමණීය නොව. මැණිකක් වන් බිරිඳ කතී .. ඒ රන් මැණිකාම බව දැන් ජනශෘතික කාරණා බොහෝමයක් ඔප්පු කරලා ඇත. ඇය රජුගේ අගමෙහෙසිය වී ඇති අතර, සාලියට රජකම නොදුන්නේ, එකල පැවති සොයුරු රාජ්‍ය සම්ප්‍රදාය නිසා බවට දැනට ඓතිහාසික තොරතුරු ලැබී ඇත.
@ නෙරංජි සුලක්ඛනා
Deleteඔව් එහෙම කියවන්න බැරිකමකුත් නැහැ. සාලියට රජකම ලැබෙන්නේ දෙවෙනි වටයේදී. කොහොම නමුත් දෙවෙනි වටයේදී පවා තමන්ට ලැබෙන රජකම සාලිය ප්‍රතික්ෂේප කරපු බව තමා පෙනෙන්නේ. කොහොම නමුත් පුද්ගලික මගේ ප්‍රසාදය සාලියට හිමිවෙනවා. බල තෘෂ්ණාව අත ඇරලා තමන්ගේ ප්‍රේමය වෙනුවෙන් වගේම ස්ථාවර රාජ්‍යයක් උදෙසා ඔහු කැපවීමක් කරපු නිසා
ගොඩාක් දේවල් දැනගත්තා, විශේෂයෙන් විහාර මහා දේවිය අවසාන කාලයේ පැවිදි වුනා කියන අනුමානය.
ReplyDeleteඅන්තීමට ආපු හින්දා කොමෙන්ට් වලිනුත් ගොඩාක් දේ ඉගෙන ගත්තා.
ස්තූතියි හසිත
@ Gihan (ගිහාන්)
Deleteකෑම කෑවාට පස්සේ හොඳම හරිය ඇඟිලිවල කියනවා වගේ මේ පෝස්ට්වල හොඳම හරිය තියෙන්නේ කමෙන්ට්ස්වල. ඒක නිසා පරක්කු වෙන එක හොඳයි :)
ජයන්ත චන්ද්‍රසිරි ලියපු මහරජ ගැමුණු පොත කියවල බලන්න. මං මෑතකදී බලපු නියම පොතක්.
ReplyDeleteජයන්ත චන්ද්‍රසිරි මහතා විසින් රචිත "මහරජ ගැමුණු" 1.96 MB - Download
http://www.mediafire.com/?0zixfqa2w99ume7
@ Anonymous March 26, 2013 at 9:43 AM
Deleteස්තුතියි ලින්ක් එකට. දැන් ඉතින් ඒ පොතත් කියවලා බලන්න පුලුවන්
මට කියන්න යාලුවා දුටුගැමුණු රජතුමාගේ මරණයට හේතු වුන කතාව පුලුවන්නමි මට මෙල් එකක් දාන්න ඹබට සුබ අනාගතයක්
ReplyDeleteanilchamara@ymail.com
මේ ලිපිය කියෙවුවට පස්සේ අපි අහලවත් නැති ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුනා. ඔයාට ගොඩාක් පින් මහන්සි වෙලා මේ දේවල් අපිට ලබා දුන්නට.
ReplyDeleteඇත්තමටම මේක ගොඩාක් වටිනා සටහනක් මගෙ ස්තුතිය ඔබට....
ReplyDeleteවටිනා සටහනක්
ReplyDeleteපාමාවී ආමි.
ReplyDeleteසති ගානක් තිස්සේ ඔක්කොම ලිපි කියවගෙන යනවා.
ගොඩාක් පිං වෙලා තියෙන මහන්සියට
මම ආසම දෙයක් තමයි ඉතිහාසය ගැන දේවල් අලුතින් දැන ගන්න එක. ඕගොල්ලො නියමෙට මේ webpage එක කරගෙන යනවා. ගොඩාක් thanks මේ වගේ ලිපි ලියලා අපි ගාව තියන දැනුම වර්ධනය කර ගන්න උදව් වෙනවාට. 🙏🏼🙏🏼🙏🏼💚💚✨✨
ReplyDeleteමම ආසම දෙයක් තමයි ඉතිහාසය ගැන දේවල් අලුතින් දැන ගන්න එක. ඕගොල්ලො නියමෙට මේ webpage එක කරගෙන යනවා. ගොඩාක් thanks මේ වගේ ලිපි ලියලා අපි ගාව තියන දැනුම වර්ධනය කර ගන්න උදව් වෙනවාට. 🙏🏼🙏🏼🙏🏼💚💚✨✨
ReplyDelete