Sunday, March 17, 2013

ජෝන් පයිබස් සොයා එංගලන්තයට ගිය ගමන - ඉතිහාසයේ අප්‍රකට කතා 18

අපි සමහර අයගේ ජීවිතේ මුල ගැන දන්නවා ඒත් මැද අග ගැන දන්නේ නැහැ, තවත් සමහරුන්ගේ මැද දන්නවා මුල අග ගැන දන්නේ නැහැ, තවත් සමහරුන්ගේ අග දන්නවා මුල මැද ගැන දන්නේ නැහැ. 

මේ විදිහට කතාව පටන් ගත්තේ මේ ළඟදී දවසක මම කියෙව්ව පොතක හිටිය පුද්ගලයෙක් ගැන කරුණු හොයන්න ගිහින් ඒ පුද්ගලයා ගැන සාමාන්‍ය විස්තරයක් වගේම ඒ පුද්ගලයාගේ අවසාන කාලය ගැන විස්තරයක් ලැබුණු නිසා. 

පුද්ගලයා කවුද කියලා කිව්වොත් ඉංග්‍රීසි ජාතික ජෝන් පයිබස්. ඒ කවුද කියලා මතක තියෙන අයට මතක් වෙන්න ඇති මේ කවුද කියලා. ජෝන් පයිබස් කියන්නේ උඩරට රාජධානියේ රජතුමා හමුවෙන්න ආපු පළමුවෙනි ඉංග්‍රීසි නියෝජිතයා. 

මෙයා 1762 දී තමා ලංකාවට එන්නේ. එයාගේ දූත මෙහෙවර ගැන සකසපු වාර්තාව 1862 දී ප්‍රකාශයට පත් වෙනවා. ඒක මේජර් ආර්. රේවන් හාර්ට් විසින් සංස්කරණයට ලක් කරලා The Pybus Embassy to Kandy, 1762 නමින් කෘතියක් නිකුත් කරනවා. රාජේන්ද්‍ර බණ්ඩාර විස්න් ජෝන් පයිබස්ගේ දූත මෙහෙවර නමින් ඒක සිංහලයට පරිවර්තනය කරනවා. ඒක තමා මම කියවපු පොත. 

ඉතින් අද ආගිය කතාවෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ 18 වන සියවස අග භාගය වෙද්දී උඩරට රාජධානියේ ඇතිවෙලා තිබුණු තත්වය, ජෝන් පයිබස්ගේ ආගමනයට වටපිටාව සැකසුණු ආකාරය, ජෝන් පයිබස්ගේ දූත මෙහෙවර සහ ජෝන් පයිබස්ගේ අවසානය ගැන.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

18 වන සියවස අග භාගය කියන්නේ කන්ද උඩරට රාජධානියට දේශපාලනික අතින් නම් එතරම් හොඳ කාලයක් වුණේ නැහැ. අවුරුදු 13 ක් තරම් ලාබාල වයසේදී රජ වුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ආගමික ප්‍රතිපත්ති අතිශය සාර්ථක වුණු බව ප්‍රකට කරුණක්නේ. 

1753 දී ලන්දේසි ආධාර ඇතිව සියම් රටින් උපසම්පදා භික්ෂූන් වැඩම කරවලා නැවත වරක් උපසම්පදාව පිහිටුවන්න රජතුමා සමත් වෙනවා. ඒ වගේමයි වැලිවිට සරණංකර හිමියන්ට සංඝරාජ පදවිය පිරිනමන්නේත් මේ රජතුමාමයි. ඒත් 1760 දී රජතුමාව මරා දාන්න සංඝරාජ හිමියන් ඇතුළු රදළයන් පිරිසක් කරපු කුමන්ත්‍රණය ගැන රජු මරන්නට උපක්‍රම කළ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ සටහනෙන් කතා කළා මතක ඇතිනේ.


ඒ වගේමයි රජතුමා මේ කුමන්ත්‍රණය ව්‍යර්ථ කළත් මේකට ලන්දේසීන්ගේ සහය ලැබෙන්න ඇති කියලා හිතලා ඒ අවුරුද්දේම හාපිටිගම්, අලුත්කුරු, සියනෑ, හේවාගම් කෝරළවලත් මාතර සහ ගිරුවාපත්තුවේ ලන්දේසීන්ට විරුද්ධව කැරලි ඇතිවුණාම ඒවාට විශාල වශයෙන් සහයෝගය ලබාදෙනවා. ඒ යටතේ මහාදිකාරම් ගලගොඩ ලවා 1761 දී රජතුමා මාතර ලන්දේසි කොටුව අල්ලා ගන්නවා වගේම දුම්බර රාලහාමි ලවා හංවැල්ල කොටුව විනාශ කරවනවා. 

මුල් වටයේ රජතුමාට මේ ආකාරයෙන් ජයග්‍රහණය ලැබුණත් ලන්දේසි ආණ්ඩුකාර Jan Schreuderගේ උපායන් අනුව 1762 පෙබරවාරි වෙද්දී ලන්දේසීන් හේවාගම්, හාපිටිගම්, අලුත්කුරු, සියනෑ කෝරළවලත් මාතරත් ඇතිවෙලා තිබුණු අරගලකාරී තත්වය සමනය කරලා තමන්ගේ ආදිපත්‍ය නැවත තහවුරු කරගන්නවා. 

මේ වගේ අර්බුදකාරී තත්වයක් දේශපාලනික වශයෙන් පවතිද්දී තමන්ගේ පූර්වගාමීන් අනුගමනය කරපු පිළිවෙතටම යන්න කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට සිදුවුණා. ඒ තමයි තවත් බලවත් ජාතියක් ලවා ලන්දේසීන් පරාජය කරවන එක. II රාජසිංහ රජතුමාත් පෘතුගීසීන් මර්දනය කරන්න ගත්තු ක්‍රියාමාර්ගේ වුණේ ඒකනේ.

ශාන්ත ජෝර්ජ් බලකොටුව

මේ යටතේ රජතුමා 1762 දී ඉන්දියාවේ මදුරාසියේ පිහිටි ඉංග්‍රීසීන්ගේ ශාන්ත ජෝර්ජ් බලකොටුවේ ආණ්ඩුකාරයා වුණු George Pigot ට පණිවුඩයක් යවලා ලන්දේසීන් මර්දනය කරන්න ඉංග්‍රීසීන්ගෙන් ආධාර ඉල්ලනවා වගේම ඉංග්‍රීසින්ගේ වෙළෙඳාම් කටයුතුවලට රාජානුග්‍රහය ලබාදෙන්න කැමති බව ප්‍රකාශ කරනවා. 

මේ ඉල්ලීමත් එක්ක රජතුමා සමඟ සාකච්ඡා කරන්න මදුරාසියේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වුණු ඉංග්‍රීසි ජාතික ජෝන් පයිබස්ව ලංකාවට පිටත් කරන්න 1762 අප්‍රේල් 6 වෙනිදා තීරණය කරනවා. ඒ අනුව අද්මිරාල් කෝනිෂ්ගේ නායකත්වයෙන් නැව් 5 ක් සහ සන්නද්ධ භටයින් 200 ක් එක්ක ජෝන් පයිබස් 1762 මැයි 5 වෙනිදා ත්‍රිකුණාමලයට ගොඩ බහිනවා.

එතැනදී පයිබස්ව පිළිගන්නා රජතුමාගේ නියෝජිතයන් එක්ක පයිබස් විටෙක පා ගමනිනුත් තවත් විටෙක දෝලාවෙනුත් බොහොම කම්කටොලු මධ්‍යයේ මැයි 18 වෙනිදා මහනුවරට ළඟා වෙනවා. කෙසේ නමුත් ජෝන් පයිබස්ට මදුරාසියේ ආණ්ඩුකාරවරයා රජතුමාට එවන ලද සංදේශයත් සමඟ රජතුමා බැහැ දකින්න ලැබෙන්නේ මැයි 24 වෙනිදා. මේ පිළිබඳව විස්තර කතා කරන එක හොඳයි උඩරට සිංහල රාජ සභාවේ කටයුතු සිදුවුණු ආකාරය ගැන දැනගන්නත් එක්කම. 

ජෝන් පයිබස් විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට පිළිගන්වන්න ගෙනාපු මදුරාසියේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ගේ සංදේශය මස්ලිං රෙදි එලපු බන්දේසියක තැන්පත් කරන සිංහල නිලධාරීන් සංදේශය මස්ලිං රෙදිවලින් කීප වතාවක් ඔතනවා. ඊට පස්සේ රිදී ටසල් අල්ලලා තිබුණු රිදී නූලෙන් වැද දමපු සමචතුරස්‍රාකාර රෙද්දකින් ඒක ආවරණය කරනවා. 


ඒ බන්දේසිය පයිබස් හිසේ තියාගෙන ගමන් කරද්දී පාවඩ එලනවා වගේම චීන සේද රෙද්දෙන් කරපු වියනකුත් ඒ බන්දේසියට ඉහළින් අල්ලනවා.  පයිබස් ඉදිරියෙන් සංගීත භාණ්ඩ වාදනය කරන පිරිසක් ඉන්නවා වගේම මේ පෙරහැර ආරම්භ වීමත් එක්ක ආචාර වෙඩි මුර 11 ක් නිකුත් කරනවා.  

මහ වැසි ඇද හැලෙද්දී රෑ 7 ට විතර මේ පෙරහැර රජ මාළිගයට පිටත් වෙනවා. මේ වැඩෙන් පයිබස් හොඳටම හෙම්බත් වෙලා දෝලාවක් ඉල්ලුවත් රජු බැහැ දකින්න යද්දී පාගමනින් යන්න ඕනේ කියලා සිංහල නිලධාරීන් කියනවා. ටික වේලාවකින් රජ වාසළ ආසන්නයේ තිබෙන ගොඩනැගිල්ලට මේ කණ්ඩායම පැමිණෙනවා. එතැනින් ඉදිරියට ගමන් කරන මහ රජතුමාගෙන් අවසර ලැබෙනකම් මද වේලාවක් එතැන රැඳෙන්න වෙනවා. 

 මහනුවර රජ මාළිගාව

අවසර ලැබුණාට පසුව ඉදිරියට ගමන් කරන මේ පිරිස රජ වාසළ දොරටුවෙන් ඇතුළු වෙලා චතුරස්‍රාකාර පරිශ්‍රයකට එනවා. එතැන රාජකීය ඇතුන් වගේම අසුන් සරසලා පෙළගස්වලා තිබුණු බව පයිබස් දක්වනවා. මේ වෙලාවේ රජතුමාගේ ප්‍රධාන අදිකාරම්වරයා වුණු ගලගොඩ පයිබස්ව හමුවට එන නිසා පාවහන් ගලවා ඉවත් කරන්න කියලා සිංහල නිලධාරීන් පයිබස්ට කියනවා. අකමැත්තෙන් වුණත් ඒ ඉල්ලීමටත් එකඟ වෙන්න පයිබස්ට සිදුවෙනවා. මහාදිකාරම්තුමා සුභ පැතුම් එක් කරලා පයිබස් එක්ක ගමනේ තොරතුරු කතා කරනවා. මේ සංවාදයෙන් පස්සේ පිරිස රාජ්‍ය ශාලාවට පිටත් වෙනවා. 

ලන්දේසීන් 1783 දී රාජධි රාජසිංහ රජු බැහැ දැකීම

රාජ්‍ය ශාලාවේ ඉදිරි දොරටුව දොර රෙද්දකින් වහලා තිබෙන්නේ. පස්සේ අනු පිළිවෙලින් දොර රෙදි එසවෙන්න පටන් ගන්නවා. මේ විදිහට තිර රෙදි 6 ක් වුණු බව තමා පයිබස් දක්වන්නේ. අවසාන තිර රෙද්ද එසවීමත් එක්ක අඩි 3 ක් පමණ උස මල් ලියකම්වලින් අලංකාර කරපු ස්වර්ණාලේපිත සිංහාසනයක ඉන්න කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දැකගන්න පයිබස්ට පුලුවන් වෙනවා. 

ඒ වෙලාවේ සංදේශය සහිත බන්දේසිය හිසේ තියාගෙන ඉන්න පයිබස්ව බලයෙන්ම සිංහල නිලධාරීන් විසින් දණ ගස්වනවා වගේම සියලු දෙනාම සම්පූර්ණයෙන්ම බිම දිගාවෙල හය පාරක් රජතුමාට නමස්කාර කරලා ආශිර්වාද වාක්‍යයක් ප්‍රකාශ කරනවා. රජතුමාත් ඒකට පිළිතුරු විදිහට කෙටි වාක්‍යයක් ප්‍රකාශ කරනවා කියලා පයිබස් දක්වනවා. 

1656 ලන්දේසි ජෙනරාල් ජෙරාඩ් හල්ෆ්ට් දෙවන රාජසිංහ රජුව බැහැ දැකීම

මේ සුභාශිංසනවලින් පස්සේ තමා රජතුමා හමුවට යන ජෝන් පයිබස් රජතුමාගේ ඉදිරියේ එලලා තිබුණු පර්සියානු පලසේ දණ ගහලා හිස මත තබාගෙන හිටිය බන්දේසියේ තිබුණු සංදේශය රජතුමාගේම අතට පිළිගන්වන්නේ. ඊට පස්සේ පිටි පස්සෙන් පිටි පස්සට යන පයිබස්ව නැවත වරක් දණ ගස්වන්න සිංහල නිලධාරීන් කටයුතු කරද්දී මහ රජතුමා නියම කරනවා කැමති ආකාරයකට අසුන් ගන්න කියලා. 

ශාලාවේ හොඳ හැටි ආලෝකයක් නොතිබුණු නිසා රජතුමාගේ ඇඳුම් පැළඳුම් හරියාකාරව දැකගන්න බැරිවුණත් ඒ ගැන පයිබස් විස්තර කරන්නේ මේ විදිහට

".... රජු රනින් වැඩ දැමූ විවෘත කබායක් හැඳ සිටි අතර ඊට යටින් බැනියමක් වැන්නක් විය. ඉණ වටා රනින් එම්බ්‍රොයිඩර් කළ බඳ පටියකි. රජුගේ හිස මත රත් පැහැයට හුරු රෙද්දකින් සෑදූ රනින් වැඩ දැමූ හිස් වැස්මකි. ඒ මත මැණික් ඇල්ලූ කුඩා මුදුන් සැරසිල්ලක් විය. ඇඟිලිවල මුදු කිහිපයක්ම විය. මැණික් ඔබ්බවා රනින් වැඩ දැමූ මිටක් සහිත කිණිස්සක් රජුගේ වම් අතෙහි විය. රජුගේ දකුණු පසින් සිංහාසනය මත මැණික් ඔබ්බවා රනින් වැඩ දැමූ අලංකාර මිටක් සහිත පැතලි විශාල අසිපතකි. චීන පාවහන්වල හැඩය ගත් රන් නූලෙන් වැඩ දැමූ තද රතු පැහැති පාවහන් යුවලක් රජු පැළැඳ සිටියේය. එම පාවහන්වල අඩිය වටේට රන් පටියක් සවිකර තිබුණු බවක්ද පෙනිණ...."

පස්සේ රජතුමා සහ ජෝන් පයිබස් අතට සංවාදය සිද්ධ වෙන්නේත් හරි අපූරු විදිහකට. රජතුමා ප්‍රශ්නයක් අහද්දී සිංහාසනය අසළ දණ ගසාගෙන ඉන්න නිලධාරියෙක් ඒ ප්‍රශ්නයා අහගෙන ඉදලා රජතුමාට නමස්කාර කරලා ඒ ප්‍රශ්නය පයිබස් එක්ක වාඩිවෙලා ඉන්න සෙන්පතියෙක්ට කියනවා. ඒ සෙන්පතියාත් රජතුමාට නමස්කාර කරලා ඒ ප්‍රශ්නය පයිබස් ගාව ඉන්න මලබාර් වෛද්‍යවරයාට කියනවා. ඊට පස්සේ මලබාර් වෛද්‍යවරයා ඒක මලබාර් භාෂාවෙන් භාෂා පරිවර්තකයාට කියනවා. එයා අන්තිමටම ඒක ඉංග්‍රීසියෙන් පයිබස්ට කියනවා. රජතුමා පසෙකින් ඉන්න ලේකම්වරයෙක් සියලුම ප්‍රශ්න සහ උත්තර සටහන් කරගන්නවා. 

මේ විදිහට රජතුමා මදුරාසි නිලධාරීන්ගේ සුවදුක් අහනවා වගේම තමන්ට සහය පළ කරන්න ඉංග්‍රීසින් සූදානම් වීම ගැන ස්තුතිය පළ කරනවා. මේ සාකච්ඡාව අවසානයේදී පයිබස්ට පිටව යන්නට රජතුමා අවසර දෙනවා. 

ඒ වෙලාවේදී ආයි පාරක් කලින් විදිහටම බිම දිගාවෙලා නමස්කාර කරද්දී ඇඟ පත රිදෙන නිසා පයිබස්ට ඉඳගෙන ඉන්න අවසර ලැබෙනවා. රාජ්‍ය ශාලාවෙන් බැහැර වුණු ගමන්ම පයිබස් සිංහල නිලධාරීන්ට දොස් පවරනවා රාජ සභාවේදී පිළිපදින්න ඕනේ සිරිත් විරිත් ගැන තමන්ට මුලින්ම නොකියපු නිසා. 

කොහොම නමුත් ඊට පස්සේ අදිකාරම්වරුන් එක්ක පයිබස් සිද්ධ කරපු සාකච්ඡාවලදී අදිකාරම්වරුන්ට මූලිකව දැනගන්න අවශ්‍ය වෙන්නේ ඉංග්‍රීසීන් ලන්දේසීන් එක්ක යුද්ධ කරන්න එකඟ වෙනවාද කියන කාරණේ. ඒත් ඒ වගේ දේකට එකඟ වෙන්න හරි ගිවිසුමකට එළඹෙන්න හරි තමන්ට බලයක් නැති වග පයිබස් කියනවා. මේ වගේ පයිබස්ගේ වැනෙන සුළු උත්තර නිසා සිංහල ප්‍රධානීන් අසතුටට පත් වෙනවා. 

අවසානයේදී ජූනි 22 ජෝන් පයිබස්ට ආපසු යාමට රජතුමා අවසර ලබා දෙනවා. මේ වෙලාවේ ත්‍යාග වශයෙන් රජතුමා විසින් මුද්දක්, කඩුවක්, මැණික් ඇල්ලූ මාලයක්, බෙංගාලි මස්ලින් රෙදි දෙකක් සහ තවත් සුළු ත්‍යාග කීපයක් ජෝන් පයිබස්ට ප්‍රදානය කරනවා ජූනි 24 ගමන් අරඹන පයිබස් ජූලි 4 වෙනිදා නැවත වරක් නැවට පැමිණෙනවා. රජතුමා වෙනුවෙන් පැමිණි අදිකාරම්වරයා විසින් නැවේ අද්මිරාල්වරයාටත් රජතුමා විසින් ප්‍රදානය කළ මුද්දක්, රත්තරන් මාලයක් සහ තවත් ත්‍යාග කීපයක් ලබා දෙනවා.

මදුරාසි ආණ්ඩුකාරවරයාට රජතුමා විසින් එවපු ලිපියකුත් අදිකාරම විසින් මේ අවස්ථාවේදී පයිබස්ට භාර දෙනවා. එදාම දවල් ජෝන් පයිබස් ඇතුළු පිරිස ආපසු මදුරාසිය බලා යාත්‍රා කරනවා. 

ශාන්ත ජෝර්ජ් බලකොටුවේ ආණ්ඩුකාර නිල නිවස

ආපසු පැමිණි ජෝන් පයිබස් මදුරාසි ආණ්ඩුකාර George Pigot ප්‍රමුඛ මදුරාසි පාලක මණ්ඩලයට සිංහලේ රාජධානිය පිළිබඳව වගේම තමන්ගේ දූත මෙහෙවර ගැන සකස් කරපු සම්පූර්ණ වාර්තාව ඔක්තෝබර් මාසයේදී භාර දෙනවා. 

ජෝන් පයිබස්ගේ පුද්ගලික තොරතුරු ගැන කතා කළොත් 1727 දී එංගලන්තයේ ඩෝවර් ප්‍රදේශයේ උපන් ඔහුගේ පියා වුණේ කපිතාන් බ්‍රයන් පයිබස්. 1753 ඔක්තෝබර් 20 මාර්තා ස්මෝල් සමඟ විවාහ වුණු පයිබස් දරුවන් 7 දෙනෙක්ගේ පියෙක් වුණා. ඉන්දියාවේ මසුලිපටම් ප්‍රදේශය භාර බ්‍රිතාන්‍ය නිලධාරියා විදිහට කටයුතු කරපු පයිබස් මදුරාසි පාලක මණ්ඩලයේත් සාමාජිකයෙක් වුණා. 

 Lumley Chaple

1768 දී ඉන්දියාවේ ඉදන් නැවත වරක් මව්බිම වෙත ආපු ජෝන් පයිබස් 1789 ජූනි 22 මියයනවා. ඔහුගේ දේහය තැන්පත් කරන්නේ සරේ ප්‍රදේශයේ පිහිටා තිබෙන ශාන්ත ඩන්ස්ටන් දේවස්ථානයේ [Lumley Chaple].මේ දේවස්ථානයේ ප්‍රභූන් රාශියකගේ සොහොන් කොත් දැකගන්න පුලුවන්.




ඔහුගේ සොහොන් ගැබේ දැකගන්න ලැබෙන වංශ සළකුණෙන් වගේම එහි තිබෙන විස්තරයෙන් පයිබස්ගේ සේවය විශාල ඇගයීමකට ලක්ව තිබුණු බව පැහැදිලියි.

ලිපිය ලියන්න කරුණු ගත්තේ රාජේන්ද්‍ර බණ්ඩාර සිංහලයට පරිවර්තනය කරපු ජෝන් පයිබස්ගේ දූත මෙහෙවර, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ලංකා ඉතිහාසය 3 වන කොටස සහ අබේසිංහ, දේවරාජා, සෝමරත්න තුන් කට්ටුවේ උඩරට රාජධානිය කියන පොත්. ඡායාරූප සියල්ලම අන්තර්ජාලයෙන් තමා 

91 comments:

  1. හරිම ලස්සන විස්තරයක්!

    අපි නොදන්නා කාලෙක ඔය වගේ විස්තර සටහන් කරලා ලියුවුනු පොත් තියන එකත් කොච්චර අපූරු දෙයක්ද? අඩු ගනනේ හිතේ රූ සටහන් මවා ගත්තෑකි. සිංහලේ මහරජු දකින්ට තියෙන අමාරුව නේද? පිටරටින් ආපු උදවිය ඔය විදියට බිම දමලා නමස්කාර කරගත්තු එක හරිද මන්දා...:)

    මේ පොත් වල තියන ඒවා අත් හදා බලන්ට මෙදා කාලයේ රජවරුත් ට්‍රයි කරයිද හී හී...

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      සිංහල ලේඛනවල රාජ සභාව, රජතුමාගේ ආභරණ වස්ත්‍ර වගේ දේවල් ගැන මේ වගේ සවිස්තරාත්මක කරුණු දැකගන්න ලැබෙන්නේ හරි අඩුවෙන්. ඒ වගේ දේවල් ගැන සිංහල ලේඛනවල අඩු අවදානයක් දුන්නත් විදෙස් ලේඛනවල මුල සිට අගටම රාජ සභාව, රජතුමා ගැන පවා සුළු දේවල්වල ඉදන් විස්තර තියෙනවා. එයාලට මේවා අලුත් අත්දැකීම් නිසා මෙහෙම සටහන් කළා වෙන්න ඕනේ.

      සිංහල රජතුමා බැහැ දකින්න තියෙන අමාරුව කියන්නේ රජතුමාගේ මහේශාක්‍ය බව තමා මේවායින් පෙන්නුම් කරන්නේ. මෙරට පිටරට වේවා රාජ සභා චාරිත්‍ර පිළිපදින එක හැමෝටම අනිවාර්ය වෙලා තිබුණේ.

      මෙදා කාලේ රජවරු නම් මේවා ඉදලා හිටලා කරලා තියෙනවා. ප්‍රශ්නේ රජවරුන්ටත් වඩා රජ වාසළ කවටයොයි වන්ද්භට්ටයොයි මේවා කරන්න යන එකනේ

      Delete
  2. Replies
    1. @ ඉන්ද්‍රජිත්

      ස්තුතියි :)

      Delete
  3. Replies
    1. හසිතගේ විස්තරේ කියවලා පින්තූරේ දැක්කාම ඉඩි අමීන් හොඳයි කියලා හිතුනා..

      Delete
    2. මටත් මතක් උනේ ඒකම තමයි.. දැනුත් ඉන්නවා කැමැත්තෙන්ම රජවරු ලඟ දනගහගෙන සපත්තු ලෙවකන අය.. එක්කෙනෙක් රජාගෙ සෙරෙප්පුවෙ සුප් බොන්නං කියල තිබ්බෙ ඒ කාලෙ.

      Delete
    3. @ කතන්දර කාරයා

      රාජ සභා සිරිත්වල නෂ්ටාවශේෂ තාමත් ඉතුරුයිනේ

      Delete
    4. @ රූ....

      ඉඩී අමීන් කරපු දේවල් එක්ක බලද්දී නම් කීර්ති ශ්‍රී රාජසිංහ වගේ රජෙක් වගේ බිම පෙරළුනාට කමක් නැහැ කියලා තමා මට නම් හිතෙන්නේ අක්කේ

      Delete
    5. @ සරත් ලංකාප්‍රිය

      පොඩ්ඩිටත් කිව්වා වගේ දැන් කාලේ රජාටත් වඩා රජ වාසළ කවටයන්ටයි වන්දි භට්ටයන්ටයි තමා මේවා කරන්න ඕනේ. සට්ටම්බි රාළ job එක වුණත් මුන් කරලා පැනලා ඇවිත් :P

      Delete
    6. @ කතන්දර කාරයා

      මේ තියෙන්නේ හොඳම ටිකක් (Y)

      Delete
  4. "රජතුමා ප්‍රශ්නයක් අහද්දී සිංහාසනය අසළ දණ ගසාගෙන ඉන්න නිලධාරියෙක් ඒ ප්‍රශ්නයා අහගෙන ඉදලා රජතුමාට නමස්කාර කරලා ඒ ප්‍රශ්නය පයිබස් එක්ක වාඩිවෙලා ඉන්න සෙන්පතියෙක්ට කියනවා. ඒ සෙන්පතියාත් රජතුමාට නමස්කාර කරලා ඒ ප්‍රශ්නය පයිබස් ගාව ඉන්න මලබාර් වෛද්‍යවරයාට කියනවා. ඊට පස්සේ මලබාර් වෛද්‍යවරයා ඒක මලබාර් භාෂාවෙන් භාෂා පරිවර්තකයාට කියනවා. එයා අන්තිමටම ඒක ඉංග්‍රීසියෙන් පයිබස්ට කියනවා. රජතුමා පසෙකින් ඉන්න ලේකම්වරයෙක් සියලුම ප්‍රශ්න සහ උත්තර සටහන් කරගන්නවා"

    මේ කොටස නම් හරිම අපූරුයි. :)

    ගොඩක් නොදැන සිටි දේවල් මේ ලිපියෙන් දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. @ වකා - WAKA

      රජ වාසළේ වුණු තව ෂෝක් ෂෝක් කතා තියෙනවා. ඒවාත් ඉස්සරහට කියන්නම්කෝ

      Delete
  5. 1."ඒ අනුව අද්මිරාල් කෝනිෂ්ගේ නායකත්වයෙන් නැව් 5 ක් සහ සන්නද්ධ භටයින් 200 ක් එක්ක ජෝන් පයිබස් 1762 මැයි 5 වෙනිදා ත්‍රිකුණාමලයට ගොඩ බහිනවා." මේ නැව් ලන්දේසීන්ගෙන් බේරිලා ආවේ කොහොමද? ඒ කාලෙ ඉන්දියන් සාගරය ලන්දේසීන්ගේ අතේ නේද තිබුනෙ?

    2."ජෝන් පයිබස් විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට පිළිගන්වන්න ගෙනාපු මදුරාසියේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ගේ සංදේශය මස්ලිං රෙදි එලපු බන්දේසියක තැන්පත් කරන සිංහල නිලධාරීන් සංදේශය මස්ලිං රෙදිවලින් කීප වතාවක් ඔතනවා. ඊට පස්සේ රිදී ටසල් අල්ලලා තිබුණු රිදී නූලෙන් වැද දමපු සමචතුරස්‍රාකාර රෙද්දකින් ඒක ආවරණය කරනවා." බොරු කෝලං ඉතින් ඒ කාලෙ ඉඳන්ම එන ඒවා..

    3."මේ සාකච්ඡාව අවසානයේදී පයිබස්ට පිටව යන්නට රජතුමා අවසර දෙනවා." මම අහලා තියෙන විදිහට මේ සාකච්ඡාව පහුවෙනිදා පාන්දර වෙනකන්ම ගියාලු..

    4. "පස්සේ රජතුමා සහ ජෝන් පයිබස් අතට සංවාදය සිද්ධ වෙන්නේත් හරි අපූරු විදිහකට." මෙච්චර පරිවර්තකයන් යොදාගත්තේ ඇයි? රජු දැන සිටියේ සිංහල ද? මලබාර්ද?

    5. එහෙනම් හසිත එංගලන්තෙටත් ගියා..

    ReplyDelete
    Replies
    1. ඔන්න මගේ බඩ රිදෙනවා හී හී...

      Delete
    2. මම හිතන්නේ ඒ කාලේ නැගෙනහිර වෙරළබඩ පාලනය තිබුනේ සෙන්කඩගල රජ්ජුරුවෝ අතේ. ලන්දේසින් වගේම පෘතුගීසිනුත් වැඩිපුර අවධානයක් යොමු කලේ බටහිර වෙරළබඩ පළාත්වලට.

      Delete
    3. රජ්ජුරුවෝ නම් 'මලබාර්' තමයි, එත් සිංහලත් දැනගෙන ඉන්න ඇති. නමුත් 'ඉංග්‍රීසි' නම් දැනගෙන ඉන්න නැතුව ඇති.(සමහරවිට භාෂා පරිවර්තකයා සිංහල දන්නේ නැති මලබාරියෙක් වෙන්න ඇති. ඒක නිසා අර කිවුව මලබාර් වෛද්‍යවරයා සිංහලෙන් මලයාලම් බසට පරිවර්තනය කරන්න ඇති)

      Delete
    4. @ හරී

      1. රාජ තාන්ත්‍රික උපාය මාර්ග තියෙනවානේ. ඒ වෙද්දිත් ත්‍රිකුණාමල ප්‍රදේශයේ ලන්දේසීන් ඉන්නවා. අද්මිරාල් කෝනිෂ් නැව් 5 එක්ක ඇවිත් නැව් කීපයක් අලුත් වැඩියා කරන්න කියලා තමා ඇතුල් වරායට ඇවිත් තියෙන්නේ. ඒත් මේක උඩරට රජතුමා හමුවෙන්න ආපු දූත ගමනක්ය කියන එක ලන්දේසීන් දැනගන්නේ පස්සේ.

      2. බොරු කෝලං කියන්නේ රජතුමා දෙවියෙක් විදිහටනේ සැලකුවේ. ඒ නිසා නර දේව ගාවට ගෙනියන බඩු මුට්ටු වුණත් ඒ නියමිත විදිහකට තමා අරන් ගියේ. රජතුමා කෑම බෙදන බත්වඩන නිළමේ, රජතුමා නාවන දියවඩන නිළමේ, රජතුමාට ඇඳුම් අන්දන සළුවඩන නිළමේ කියන අයත් එයාලගේ ප්‍රාශ්වාස වාතය රජතුමාගේ ඇඟේ වදියි කියලා මුකවාඩම් බැදගෙන හිටියාය කියලා අහලා ඇතිනේ :D

      3. ඔව් ඔව් සටහනෙන් මම කිව්වනේ මාළිගාවට යන පෙරහැර පටන් ගත්තේ රෑ 7 ට කියලා. මාළිගාව කිට්ටුවට එද්දී 11.30 විතර වෙනවා. රජ වාසළේ අර ජාති කරලා කතාව ඉවර වෙද්දී අඩුම ගාණේ පාන්දර 2 වත් වෙන්න ඇති

      4. මෙච්චර පරිවර්තකයන් යොදා ගත්තේ ඇයි කියලා කිව්වොත් මෙහෙමයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තමන්ගේ අක්කාත් එක්ක උඩරටට එන්නේ 1739 දී වගේ. ඒ වෙද්දී එයාට අවුරුදු 8 ක් විතර වෙනවා. ඊට පස්සේ එයා හැදී වැඩෙන්නේ සිංහල නිලධාරීන් එක්ක වගේම සරණංකර හිමියන් සමීපයේ. අවුරුදු 16 දී තමා එයා රජ වෙන්නේ. ඒ නිසා රජතුමා හොඳින් සිංහල භාෂාව හසුරවපු බව හිතන්න පුලුවන් වගේම උපතින් ද්‍රවිඩ වුණත් භාෂාව අමතක වෙලා හිටිය බව හිතන්න පුලුවන්. ඒ වගේමයි සාමාන්‍යයෙන් රජ වාසළ සිරිත තමා රජතුමා තවත් නිලධාරියෙක් ලවා තමන්ගේ තීන්දු තීරණ ප්‍රකාශ කරවන එක. හරියට උසාවියේ ඉන්න තෝල්කයා වගේ. ඒ නිසා තමා රජතුමා ගාව ඉන්න නිලධාරියා රජතුමා අහන ප්‍රශ්න සෙන්පතියාට යොමු කරන්නේ.

      දැන් ප්‍රශ්නයක් එනවනේ ඇයි රජතුමා ගාව ඉන්න නිලධාරියාට කෙලින්ම ප්‍රශ්නේ මලබාර් වෛද්‍යවරයාට කියන්න බැරි කියලා. සාමාන්‍යයෙන් කුල ධූරාවලියේදී උසස් රදළයන් කතා කරන්නේ තමන්ගේ මට්ටමේ අයත් එක්ක විතරයි. පහත් මට්ටමේ අයට කතා කරද්දී ඉහළ රදළයා ගාව ඉන්න සේවකයෙන් තමා රදළයා පණිවුඩය පහත් මට්ටමේ කෙනාට කියන්නේ.

      5. අන්තර්ජංජාලේ පිහිටෙන් තමා :D

      Delete
    5. @ Podi Kumarihami

      බඩ රිදෙනවා නම් බොන්න අසමෝදගම්. සිද්ධාලේප වෙද මහත්තයාගේ වැඩක් :P

      Delete
    6. @ Saman Lankathilaka

      ස්තුතියි ඔබේ විස්තරවලට. අර භාෂා පරිවර්තක මලබාරියා සිංහල දන්නේ නැති ඒත් ඉංග්‍රීසි දන්න මලබාරියෙක් තමා

      Delete
  6. අතිශය ඉහළින් අගය කරමි. සාරගර්භ ය...!!

    ReplyDelete
    Replies
    1. @ Indranatha Thenuwara

      ස්තුතියි ඔබතුමාට :)

      Delete
  7. වෙන මොනවා කියන්නද මල්ලි.. වෙනදා වගේම අනර්ඝයි.

    ReplyDelete
    Replies
    1. @ Ayilas A

      අයියාටත් ස්තුතියි වෙනදා වගේම දීපු හයියට :)

      Delete
  8. ෆයිබස් ගැනත් දැනගත්තා,
    මම හිතන්නෙ මෙයාව එවලා තියෙන්නෙ නිකන් මෙහේ තත්ත්වෙ බලලා එන්න.

    ReplyDelete
    Replies
    1. @ uwiniran

      පයිබස්ව එවන්නේ ලංකාවේ තත්වය වගේම තමන්ට වාසි ගන්න පුලුවන් කොයි විදිහටද වගේ දේවල් ගැන විස්තරයක් අරගෙන ඊළඟ වතාවේ වැඩේට හොඳ ප්‍රවේශයක් ගන්න. ඒත් උඩරට රදළ ප්‍රධානීන්ට ඕන වෙන්නේ "හරි එහෙනම් හෙට ඉදන් අපි ලන්දේසීන්ට ගහන්න පටන් ගන්නවා" වගේ උත්තරයක්

      Delete
  9. අඩේ කාලෙකින් එන්න උනේ මේ පැත්තෙ...
    හොඳ විස්තරයක් දැන ගත්තා

    ReplyDelete
    Replies
    1. @ තරුවා

      ඒකනේ කාලෙකින් ආවට පස්සේ හොඳ විස්තරයක් තමා අපි දෙන්නේ :)

      Delete
  10. ඔය මිනිස්සු ඔවුන්ගෙ ‍රැජින ගාව දන නමස්කාර කලාට.කලු සම ඇත්තන් ඉදිරියෙදි දන නවන්න කොහොමත් අකමැති ඇති.

    ReplyDelete
    Replies
    1. @ වීපොකුරෙ වීයා

      යුරෝපීය සිරිත වෙන්නේ දණ්ඩ නමස්කාරයනේ. හැබැයි මම දන්න විදිහට මේ කාලේ වෙද්දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු බලය වර්ධනය වීමත් එක්ක රජතුමාගේ බලතල සෑහෙන්න කප්පාදු වෙලා තිබුණේ. පෙරදිග සිරිතනේ රජතුමා ඉදිරියේ බිම පෙරලිලාම නමස්කාර කරන එක. ඒ වගේ සිරිතක් රාජාණ්ඩුවාදය අබිබවලා පාර්ලිමේන්තුවාදය ඉස්මතු වෙන රටකින් ආපු මනුස්සයෙක්ට කරන්න අපහසු වෙන එක සාමාන්‍ය දෙයක්

      Delete
  11. ලස්සන විස්තරයක්....

    රජතුමා සහ පයිබස් අතර භාෂාව පරිවර්තනය වෙච්ච හැටි තමා නියම. මැද හිටපු එක් කෙනෙක් හරි වැරදි දෙයක් කිව්වනම් තමා මරු වැඩේ වෙන්නේ.....

    පයිබස් විවාහ වෙච්ච දිනය මගේ උපන්දිනේ දවසනේ.... ඔක්තෝම්බර් 20. හික්.... ඒක මට හොදට මතක තියේවි..... :)

    ReplyDelete
    Replies
    1. @ සමනළී

      මැද හිටිය කෙනෙක් වැරදි දෙයක් කියන්න තියෙන ඉඩ අඩුයි. බුලක් ගහනවා නම් ගහන්න ඉඩක් තියෙන්නේ භාෂා පරිවර්තක මලබාරියා හරි වෛද්‍ය මලබාරියා අතින් තමා.

      සමනළීත් ඔක්තෝබර් ශ්‍රේෂ්ඨයෙක් එහෙමනම් :D

      Delete
  12. සුපිරිම විස්තරයක්. ඉතාමත් සාර්ථක ලියැවිල්ලක්..ඔබට ජය..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ස්තුතියි :)

      Delete
  13. හැමදාම වගේ ඉතාම වටිනා ලිපියක්.

    බොහෝම ස්තූතියි මල්ලී

    ReplyDelete
    Replies
    1. @ දුකා

      ස්තුතියි අයියණ්ඩි :)

      Delete
  14. ඉතාම මහන්සියෙන් කරපු ගොඩක් වටින
    පොස්ට් එකක් හසිත ..හෙමීට නිදහසේ කියවන්න
    ඕනේ...

    ReplyDelete
    Replies
    1. @ silentsahan

      ස්තුතියි අගය කිරීමට :)

      Delete
  15. මේ කවදද බන් එංගලන්තේ ගියේ අපිට කිවුවෙත් නෑ,,අයියෝ පයිබස් සෑහෙන චාටර් එකක් කාලා නේ

    ReplyDelete
    Replies
    1. @ ItalyDilan

      නොකියාම ගිහින් නොකියාම ආවා :D

      දූත මෙහෙවරේ යෙදෙන අය ගොඩක් වෙලාවට චාටර් තමා කන්නේ. පයිබස් හොඳයි ඔළුව බේරගෙන හරි ආවා. සීබෝල් ද වාර්ට් දූත මෙහෙවරේ ගිහින් ඔළුවත් නැතුවයි අන්තිමට ආවේ

      http://aagiyakatha.blogspot.com/2012/05/i-03.html

      Delete
  16. වෙනදා වගේම අදත් බොහෝම හොඳයි...

    ReplyDelete
    Replies
    1. @ මාරයාගේ හෝරාව

      ස්තුතියි අයියණ්ඩි :)

      Delete
  17. රජතුමා මුණගැසීම විස්තර කරල තියන එක වටිනවා, නැත්නම් කොහොමද ඒ දේවල් හරියටම දැන ගන්නෙ. අදත් ලිපිය ගොඩක් රසවත්!

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      අනිවාර්යෙන්ම රාජ සභාව ගැන, රජතුමා ගැන පැහැදිලි චිත්‍රයක් හිතේ මවාගන්න මේවා ගොඩක් උපකාරී වෙනවා

      Delete
  18. අදමයි මේ 'ජෝන් පයිබස්' ගැන ඇහැව්වෙත්. ඉතා වටිනා විස්තරයක්. ඒ කාලේ රජ්ජුරුවෝ ඒකාධිපතියෙක් විධියට ඉඳල තියෙන බව පේනවා. කොහොම උනත් ඔය ඒකාධිපති ක්‍රියා නිසාම තමයි මම හිතන්නේ රජ්ජුරුවන්ව සුද්දන්ට පාවලා දුන්නෙත්.
    ගොඩක් වටින විස්තරයක්, හසිත ගොඩක් ස්තුතියි දැනුවත් කලාට.

    ReplyDelete
    Replies
    1. @ Saman Lankathilaka

      ස්තුතියි අගය කිරීමට.

      උඩරට රජතුමා ඒකාධිපතියෙක්ද කියන එකම ඉතිහාසයේ අප්‍රකට කතා ලිපි පෙළ ලියන්න පටන් ගත්තු මුල් කාලයේම කතා කළා. ඒ වගේමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව පාවා දීපු හැටි ගැනත් ඒවායේ කතා කළා. ඒවාටත් ඔබේ අදහසක් එකතු කරන්න පුලුවන් නම් අගය කරනවා.

      මෙන්න ඒකට පාර

      http://aagiyakatha.blogspot.com/2012/06/08.html

      http://aagiyakatha.blogspot.com/2012/07/09.html

      http://aagiyakatha.blogspot.com/2012/07/10.html

      Delete
  19. //ඊට පස්සේ පිටි පස්සෙන් පිටි පස්සට යන පයිබස්ව නැවත වරක් දණ ගස්වන්න සිංහල නිලධාරීන් කටයුතු කරද්දී මහ රජතුමා නියම කරනවා කැමති ආකාරයකට අසුන් ගන්න කියලා.//

    රජාට වඩා නිලධාරීන් තමයි ඒවා ගැන උනන්දු වෙලා තියන්නේ නේද..? :)

    ReplyDelete
    Replies
    1. @ Chandana

      අනිවාර්යෙන්ම පෙර සිරිත් ඒ විදිහටම පවත්වා ගෙන යන්න රජතුමාටත් වඩා රාජ්‍ය නිලධාරීන් උත්සුක වෙලා තියෙනවා. මතකයිනේ රජතුමා කරපු වැරැද්දකටත් දඩ ගහපු උඩරට රාජ සභාවක් තමා අපිට හිටියේ කියලා :)

      Delete
  20. මේ විදිහට බලාගෙන ගිහාම ලංකාවේ රජවරුම තමා මේ විදේශිකයින්ව වඩම්මගෙන රටට ගෙනල්ලා තියෙන්නේ..

    කොහොම වුනත් පයිබස්ට සැලකුව විදිහෙන්ම පේනවා දකුණු ආසියාව ඉංග්‍රීසීන්ට කොච්චර වැදගත් වුනාද කියලා..

    ReplyDelete
    Replies
    1. @ රූ....

      පෘතුගීසීන් වුණත් 16 වන සියවසේ මුල් භාගයේ ලංකාවට ආවට අන්තිමට ඔක්කොම අකුලාගෙන යන්නත් යනවා. ඒත් 7 වෙනි බුවනෙකබාහුගේ තියෙන රාජ්‍ය තණ්හාවත් එක්ක තමන්ගේ සහෝදරයා මායාදුන්නේව මර්දනය කරන්න තමා ආයිත් පාරක් පෘතුගීසීන්ව කැන්දාගෙන එන්නේ. ලන්දේසීන්ව මේකට අල්ලා ගත්තු හැටි දන්නවානේ ඉතින්

      දකුණු ආසියාව විශේෂයෙන්ම ඉන්දියන් සාගරයේ තිබුණු ලංකාව කියන දූපත යුරෝපා ජාතීන් හැමෝටම වැදගත් එකක් වෙලා තිබුණේ.

      Delete
  21. ඔබත් එක්ක කියපු විදියටම මගේ දුව දැන් මේ බ්ලොග් එකේ නියම රසිකාවියක්.

    ඔබට බොහොම ස්තුතියි!! මේ මගේ දියණිය වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. @ වෙද ගෙදර මහ වෙදනා

      අපේ පරම්පරාව අන්තර්ජාලයට ඉතිහාසය එකතු කරන පරම්පරාවක් විතරයි. ඒත් ඔබේ දුව ඒ ඊ-ඉතිහාසය කියවන පරම්පරාවට අයිති කෙනෙක් වගේම ඊ-ඉතිහාසයෙන් අපිටත් වඩා ඉදිරියට යන පරම්පරාවට අයිති කෙනෙක්. එහෙම කෙනෙක් මගේ පාඨකයෙක් වීම ගැන මගේ බලවත් සතුට :)

      Delete
  22. පයිබස් ගැන අදමයි ඇහුවෙ.. මම හිතන් හිටියෙ ඉංග්‍රීසි කාරයො නිකන්ම ලන්කාවට ඇවිත් අල්ල ගත්තා කියලා.. බලද්දි ආරාධනා කරලනෙ වඩම්මලා තියෙන්නෙ...

    ඔය අදහස් හුවමාරුව කොහොම කරගන්න ඇතිද කියලා මට ලොකු ප්‍රශ්ණයක් තිබුනා.. අද ඒක ටිකක් විතර ලිහුනා..

    ස්තූතියි හසිත මේ වෙනුවෙන් වෙච්ච මහන්සියට..

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      මේ තුන් ගොල්ලෝම මුලින් අහම්බෙන් කඩා පාත් වුණත් ඊට පස්සේ ඒ කාලයේ තිබුණු අවශ්‍යතා අනුව ලංකාවේ රජවරු ආරාධනා කරලා වඩම්මගෙන තියෙනවා. අන්තිමට ඉතින් රටම උන්ට අයිති වුණා

      ප්‍රශ්න ලෙහුණා නම් හොඳයි අයියා. ටිකක් ලෙහුණා කිව්වේ ඉතුරු ටිකත් කියමු බලන්න ලෙහන්න පුලුවන් නම් ලෙහලා දෙන්නම් :)

      Delete
    2. නෑ මුලින්ම පරංගි එහෙම ආපු වෙලාවෙ කොහොම කතා කරන්න ඇත්ද ? ඒ අධිරාජ්‍යයවාදයේ ව්‍යාප්තියෙ මුල් අවධියනෙ.. පෘතුගීසි භාෂාව දැනගන්න තියෙන අවස්ථාව හරිම අඩුයිනෙ.. උන්ටත් අනිවාර්යයෙන් සිංහල බෑනෙ..හෙන ජෝගියක් නටන්න ඇති නේද ?

      Delete
    3. @ සෙන්නා

      ඒක ගැන මටත් හිතුණා. පොත් කීපයකම මම ඕක ගැන බැලුවා. දෙගොල්ලේ කතා කළා කියනවා ඇරෙන්න භාෂා ප්‍රශ්නය ගැන සඳහනක් නැහැ.

      මට හිතෙන විදිහට ඒ වෙද්දී පෘතුගීසීන් වෙළෙන්දන් විදිහට ඉන්දියන් සාගරයේ කටයුතු කරපු නිසා පෘතුගීසි භාෂාව දන්න පිරිසක් ඉන්දියානු ප්‍රදේශවල ඉන්න ඇති. එයාලා වෙළෙඳාමටත් ලංකාවට එන්න ඇති. එහෙම කෙනෙක් සිංහලත් දැනගෙන ඉන්න ඇතිනේ. එහෙම කතා බහ යන්න ඇති. නැත්නම් පෘතුගීසි දන්න ඉන්දියානුවෙක් එක්කන් එන්න ඇති. ඉන්දියානු භාෂා දන්න පොරක් ලංකාවෙන් අල්ල ගන්න ඇති

      Delete
    4. එහෙම මොකක් හරි ගැටයක් ගහගන්න ඇති කියලා තමා හිතන්න වෙන්නෙ පොත් වලත් හරිහමන් විස්තරයක් නැත්නම්..

      ස්තූතියි හසිත.

      Delete
    5. @ සෙන්නා

      පෘතුගීසිකාරයෝ හොඳ ගැටකාරයෝ තමා :)

      Delete
    6. ඕක මටත් තිබ්බ ප්‍රස්නයක්. මම හිතන්නෙ උත්තරේ මේකයි. ඒ වෙනකොට පෘතුගීසි මලබාරෙ හිටිය. ඒ වගේම සිංහල දන්න මලබාරියො ලංකාවෙ වෙරළබඩ හිටිය. ඒ අයගෙ මාර්ගෙන් ඒ ප්‍රශ්නෙ විසඳුනා.

      Delete
    7. @ ඉන්දික උපශාන්ත

      මේ තියෙන්නේ විසඳුම් :D

      Delete
  23. ෆයිබස් ආවා කියලා ඉගෙන ගත්තට මේ වගේ විස්තර පෙළ පොත්වල කොයින්ද? ඔයාගේ මහන්සිය අගේ කොට සලකනවා.

    ReplyDelete
    Replies
    1. @ සු දී ක

      ඒක ඇත්ත අයියා. පෙළපොතේ තියෙන්නෑ 1762 ප්‍රථම ඉංග්‍රීසි දූතයා පයිබස් ලංකාවට ආවා කියන කාරණේ විතරයි. ඒත් ඊට වඩා දෙයක් තියෙනවා කියලා මටත් හිතුනේ ඒ පොත කියෙව්වාට පස්සේ. මහන්සිය අගය කළාට ස්තුතියි අයියා :)

      Delete
  24. අපේ රජවරු හැමදාම ඉඟුරු දීල මිරිස් ගන්නවානෙ..

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      අන්තිමට ඒ මිරිස් ඔක්කෝම අපිටත් කන්න වෙනවා

      Delete
  25. රන් මසුරන් ළිපියක්. නොදන්න දේවල් ගොඩ ක් ඉගෙන ගත්තා.

    ReplyDelete
    Replies
    1. @ මාතලන්

      නොදන්නා යමක් දැනගත්තා නම් ඒ පිළිබඳව බලවත් ප්‍රීතිය

      Delete
  26. කියල වැඩක් නැහැ සුපිරිම විස්තරේ. ඒ කාලේ ලංකාවේ රජෙක් වෙනවා කියන්නේ පට්ට සැප කේස් එකක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තයා

      පට්ට සැප නම් තමා. ඒත් සැප අමතකයි සෙට්ල් කරන්න තියෙන ප්‍රශ්න දැක්කාම

      Delete
  27. එක පාරක් නම් කියවල මදි වගේ , තව පාරක් කියවන්න ඕනේ. මේ වගේ වටින ලිපියකට කරුණු හොයාගන්න කොච්චරනම් මහන්සිවෙන්න ඇද්ද කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. @ සෝන්යා

      කරුණු හොයාගන්න වුණු මහන්සිය අමතකයි මේ වගේ අගය කරන ප්‍රතිචාර දැක්කාම. ස්තුතියි :)

      Delete
  28. අගෙයි හසිත.. බොහොම වටිනවා ..

    ReplyDelete
    Replies
    1. @ අරුන්දතී

      ස්තුතියි ස්තුතියි :)

      Delete
  29. ඔය පින්තූරෙ තියෙන නුවර රජ මාලිගාව කියන එක බලන්න අවසුථාව ලැබිල තියෙනවද?

    ReplyDelete
    Replies
    1. @ hare :-)

      එක පාරක් බොහොම හදිසියේ ගියා. ඒ අපි දළදා මාළිගාවේ දවල් බුද්ධ පූජාවකට සම්බන්ධ වුණු වෙලාවක. ඒ වෙලාවේ විෂ්ණු දේවාලය ගාවින් බොහොම දිග වටේකින් තමා රජ මාළිගාවට ගියේ.

      එතැන ස්ථාන භාර නිලධාරියා නම් රාජ්‍ය ප්‍රතිපත්ති වගේම රාජා ඇතාගේ කෞතුකාගාරය ගාව වැට අයින් නොකර තියෙන එකෙන් රජ මාළිගාව බලන්න මිනිස්සු එන්නේ නැති එක ගැන දෝස්මුරේ දැම්මා. මේ ළඟදී දළදා මාළිගාවට ගිය වෙලාවක නම් දැක්කේ එයාගේ ඉල්ලීම ඉටුවෙලා තියෙන බව. දවසක ආයෙත් නිස්කලන්කේ යන්න තමා හිතාගෙන ඉන්නේ අයියා

      Delete
  30. ඉන්දියාවෙ ආන්ඩුකාරයගෙ නම දැක්කම මතක් උනේ ලෙස්ලි පිගොට්ව.

    බොහොම හොඳ වටින ලිපියක්. නිකන් ඉතිහාස උපාධියක් තියන් ආන්ඩුවට බනිනවට වඩා අඩු ගානෙ නොදන්න දෙයක් දැනගන්න මෙහෙම සේවයක්වත් කරන්න අනික් උන්ටත් හිතෙනවනං.

    දැන්නං රජ මාළිගාව බලන්න පුළුවන් අර මඟුල් මඩුවෙ එහා පැත්තෙ හදාපු දොරෙන් ගිහින්.

    ReplyDelete
    Replies
    1. @ ඉන්දික උපශාන්ත

      කවුද අයියා මේ ලෙස්ලි පිගොට් කියන්නේ ??

      මිනිස්සුන්ට බනින්නට නම් හුඟක් වෙලාවට පුලුවන්. ක්‍රියාත්මක වීම හරි අඩුවෙන් තමා සිද්ධ වෙන්නේ.

      මමත් මුලින් ගිය පාර විෂ්ණු දේවාලේ පැත්තෙන් ගියේ. එතැන හිටිය ස්ථාන භාර නිලධාරියාත් දෝස් මුරේ දැම්මා රාජා ඇතාගේ කෞතුකාගාරය ගාවින් ගේට්ටුවක් දාන්නේ නැති එක ගැන. දැන් ඒක හරි ගස්සලා තියෙන්නේ

      Delete
  31. වෙනදා වගේම ඉතින් ඉස්තරම් මල්ලි. මටත් තියෙන ප්‍රශ්නෙ අර පරිවර්තකයෝ ටික ගැන තමයි. ඔය සමහර පරිවර්තන කෘති මුල් කෘතියත් එක්ක සන්සන්දනය කළාම අනේ අපොයි කියලා හිතෙන්නෙ, ඒවගේ පරිවර්තකයො මෙච්චර ගානක් ආවම මොනවා වෙන්න ඇතිද?

    ReplyDelete
    Replies
    1. @ ලකී වික්‍රමසිංහ

      පරිවර්තකයෝ වැඩිවෙන තරමට ගැටලු තමා. කෑලි හැලෙන්න වගේම එකතු වෙන්නත් තියෙන ඉඩත් වැඩියි. කොහොම නමුත් මේ තත්වය 1 විමලධර්මසූරිය සහ 2 වන රාජසිංහ කාලෙදී නම් දකින්න නැහැ. දෙන්නාම පෘතුගීසී භාෂාවේ විශාරදයෝ වුණු නිසා. හැබැයි එහෙම විශාරද 2 වන රාජසිංහ රජතුමාටත් ලන්දේසීන් බැස්ටිය දුන්නා ලන්දේසින් එක්ක ගහපු ගිවිසුමේ ලන්දේසි පිටපතේ කෑල්ලක් හලලා

      Delete
  32. Dude:
    මමත් කමෙන්ට් එකක් එව්ව කෙලින්ම ස්පෑම් ෆෝල්ඩරේට. ඊයෙ.

    ReplyDelete
    Replies
    1. @ Henry Blogwalker

      අයියා මම ස්පෑම් ෆෝල්ඩර් එකේ බැලුවා. ස්පෑම් වුණු මොකුත් නැහැනේ

      Delete
  33. ඔන්න අදමලු ආවේ ඈ... නියමයි.... තමන් දන්න දේ මෙහෙම අනිත් අයත් එක්ක බෙදා ගන්න එක කොච්චර දෙයක්ද ..

    ReplyDelete
    Replies
    1. @ Chinthaka Supun

      සාදරයෙන් පිළිගන්නවා ඕන්. ස්තුතියි අගය කිරීමටත් :)

      Delete
  34. පරක්කු වුනාත් නොදන්නා කතාවක් අදත් දැනගත්ත.

    ස්තුතියි හසිත.

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      මෙතන නම් ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවක් වෙන්නේ නැහැ අයියා. හොඳම කතා ටික එකතු වෙන්නේ අන්තිමට :)

      Delete
  35. ජෝන් පයිබස් ගැන දැන් තමා හරියටම දැන ගත්තේ. ස්තූතියි හසිත.

    ReplyDelete
    Replies
    1. @ Gihan (ගිහාන්)

      සන්තෝෂයි සහෝදරතුමා :)

      Delete
  36. මලේ, ඉතාම වටිනා තොරතුරු ටිකක් දැනගත්තා. ජෝන් පයිබස් ගැන ටිකක් අහලා තිබුනත් මෙච්චර තොරතුරු දැනගෙන හිටියේ නෑ.

    ලෙස්ලි පිගොට් කියන්නේ මගෙ මතකයෙ හැටියට ඉස්සර හිටිය දක්ෂ රේස් ජොකියෙක්. අශ්ව රේස්වලට ඔට්‍ටු අල්ලන අය නිතරම පිගොට් ගැන කතා වෙනවා මට මතකයි.

    ReplyDelete
    Replies
    1. @ ගාමිණී විජිත් සමරකෝන්

      ස්තුතියි අයියණ්ඩි :)

      ආහ් හරි හරි දැන් ලෙස්ලි පිගොට් ගැනත් දන්නවා ඕන්. පිගොට්ලා ඔක්කොම වැඩකාරයෝ වගේ. ස්ටුවර්ට් පිගොට් කියලත් කෙනෙක් ඉන්නවානේ. ප්‍රසිද්ධ වගේම දක්ෂ පුරාවිද්‍යාඥයෙක්

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................