Sunday, November 4, 2012

අයියලා නංගිලා කසාද බැන්ද හැටි

අයියලා නංගිලා කසාද බඳිනවා කියන එක බරපතල ගණයේ වැරැද්දක් කියලා තමා අතීතයේ ඉදන්ම සැලකුණේ. ඒත් මානව සමාජයේ ආරම්භකම අවධියේදී එකම පවුලේ සහෝදර සහෝදරියන් අතරේ ලිංගික සබඳතා පැවතුණා කියලා තමා සමාජ විද්‍යාඥයන් දක්වන්නේ. ක්‍රමයෙන් මිනිසා ශිෂ්ට සම්පන්න වීමත් එක්ක සහෝදර සහෝදරියන් අතර වගේම සමාන්තර ඥාතීන් වෙන පිය පාර්ශවයේ සහෝදරයන් සහ දරුවන් අතරේ විවාහ සබඳතා/ ලිංගික සබඳතා "ව්‍යභිචාරී තහංචි" Incest Taboo විදිහට පිළි අරගෙන තියෙනවා.

විජය කුමරුගේ ලංකාගමනය

මේ කතාව මෙහෙම වුණත් සාහිත්‍ය කෘති පරිශීලනය කරද්දී අයියලා නංගිලා විවාහ වුණු කතා කීපයක්ම දැකගන්න ලැබෙනවා. ඒකෙන් ප්‍රකට කතාව තමා සිංහයෙක්ට [?] දාව සුප්පා දේවියට ඉපදුණු සිංහබාහු කුමාරයා සහ සිංහසීවලී කුමරියගේ අතර වුණු විවාහය. මේ දෙදෙනාගේ විවාහයෙන් ඉපදෙන පළමුවෙනි දරුවා තමා ලංකාවේ මුල්ම රජතුමා විදිහට සැලකෙන විජය කුමාරයා. විජය කුමාරයා හැරෙන්න තවත් දරුවන් 31 දෙනෙක් මේ යුවළට හිටියා කියලා තමා සාහිත්‍ය මූලාශ්‍රයවල දක්වන්නේ.

අයියලා නංගිලා අතර විවාහය සිදුවුණු අවස්ථා ගැන බෞද්ධ සාහිත්‍ය විමසලා බලද්දී මම දැනුවත්ව නම් අවස්ථා දෙකක් අපිට හමුවෙනවා. එක අවස්ථාවක් ගැන මම කලිනුත් කියලා ඇති. ඒ තමා ලිච්ඡවි රාජ වංශය ආරම්භ වුණු ආකාරය. අනික් අවස්ථාව තමා ශාක්‍ය වංශය ආරම්භ වුණු ආකාරය.

ඉතින් අද ආගිය කතාවෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ ශාක්‍ය වංශය ආරම්භ වුණු ආකාරය වගේම ඒ හා බැඳුණු කතා කීපයක්. මේ කතාව කියන්න තවත් හේතුවක් තමා පහන් යාය බ්ලොග් අඩවියේ තිබුණු සටහනකින් ඔක්කාක වංශය සම්බන්ධව ප්‍රශ්න කීපයක් මතුවීම. ඒ සියලු ප්‍රශ්නවලට සවිස්තරාත්මක පිළිතුරු මේ සටහනෙන් සපයන්නත් බලාපොරොත්තු වෙනවා.

කතාව ආරම්භ වෙන්නේ ලෝකයේ මුල්ම රජතුමා වශයෙන් පිළිගැනෙන මහා සම්මත රජතුමාගෙන්. මේ රජතුමාව මහා සම්මත මනු වශයෙනුත් හැඳින්වෙනවා. මේ රජතුමාගේ ආරම්භය සම්බන්ධවත් කතා කීපයක්ම තියෙනවා. ඒ ගැන පස්සේ දවසකම කතා කරන්නම්. 

 මහා බ්‍රහ්මයා

ඒත් කෙටියෙන් කිව්වොත් හින්දූන් අතර තියෙන විශ්වාසය තමා මහා බ්‍රහ්මයා/ ප්‍රජාපතී මහා සම්මත මනු රජතුමාව මිනිස්සුන්ට ලබා දුන්නා කියන එක. ඒ නිසා ඒ අදහස "දේවප්‍රභ න්‍යාය" නමින් හැඳින්වෙනවා. බෞද්ධ මතය වෙන්නේ කාලීන් අවශ්‍යතා පදනම් කරගෙන මිනිසුන් විසින් තමන්ගේ සම්මතයෙන් මහා සම්මත රජතුමාව පත් කර ගත්තා කියන එක. ඒ අදහස "මහා සම්මත න්‍යාය" නමින් හැඳින්වෙනවා.

ඉතින් මේ මහා සම්මත රජතුමාගෙන් ආරම්භ වෙන රාජ පරම්පරාව හඳුන්වන්නේ සූර්ය වංශය කියන නමින්. ඒකට හේතුව තමා මහා සම්මත මනු රජතුමා සූර්යයාගේ පුත්‍රයෙක් විදිහට පිළිගැනුණු එක. නමුත් සූර්ය වංශය ආරම්භ වෙන්නේ මනුගේ පුතෙක් වුණු  ඉක්ෂ්වාකුගේ මූලිකත්වයෙන් කියලා තවත් මතයක් තියෙනවා. 

ඒ හැරෙන්න මනුගේ දියණිය වුණු ඉලාගේ [විටෙක ඔහු පිරිමියෙක් ලෙසටත් පෙනී සිටිනවා] මූලිකත්වයෙන් ඇතිවුණු පෙළපත "චන්ද්‍ර වංශය එහෙමත් නැත්නම් සෝම වංශය" නමින් හඳුන්වනවා. හින්දු සාහිත්‍යයේ තමා මේ කතාවන් සියල්ලම දක්වන්නේ.

මේ සූර්ය වංශය සම්බන්ධව ලංකා ඉතිහාසයේ එන ගැටුම් ගැන මීට පෙර ලියවුණු "බිසෝවරු දෙන්න ඇවිත් උඩරට සිහසුන ඇල්ලූ නායක්කර්වරු" කියන සටහනෙන් කතා කරලා තියෙන්නේ. 

ආයි සුපුරුදු කතාවටම ආවොත් මහා සම්මත මනු රජතුමාගෙන් ආරම්භ වුණු රජ පෙළපත සූර්ය වංශය නමින් හැඳින්වුණා වගේම "මහා සම්මත වංශය" නමිනුත් හඳුන්වලා තියෙනවා. 

බෞද්ධ සාහිත්‍යයට අනුව මහා සම්මත රජතුමාගෙන් පසුව පුත්‍රයා වුණු රෝජගේ පටන් පිය පුතු පරම්පරා බොහෝ කාලයක් ජම්බුද්වීපය පාලනය කරනවා. ඒ සියලු රජවරුනුත් හඳුන්වන්නේ මහා සම්මත වංශයේ රජවරු විදිහට. මේ පරම්පරාවේ හිටිය සාගර කියන රජතුමාගේ පුතා වුණේ මඛාදේව රජතුමා [මේ මඛාදේව ජාතකයේ කියවෙන මඛාදේව රජතුමාම තමා ] එතුමාගේ පටන් මහා සම්මත වංශය නමින් හඳුන්වපු රාජ පරම්පරාව "මඛාදේව වංශය" නමින් හඳුන්වනවා. 

මේ විදිහට තවත් පිය පුතු පරම්පරා ගණනක් ගියාට පස්සේ මේ පරම්පරාව හිටිය කාලාර ජනක කියන රජතුමාගේ පුතා වුණු ඔක්කාක රජතුමාගේ පටන් මඛාදේව වංශය නමින් හඳුන්වපු රාජ පරම්පරාව "ඔක්කාක වංශය" නමින් හඳුන්වනවා. කුස ජාතකයේ කියවෙන කුස රජතුමාත් ඔක්කාක වංශයේ රජ කෙනෙක් තමා. 

මේ ඔක්කාක වංශයේ ලක්ෂයක් රජවරුන්ගෙන් පස්සේ නැවත වරක් ඔක්කාක නමින් රජතුමෙක් ඉන්නවා. හඳුනාගැනීමේ පහසුවට ද්විතීය ඔක්කාක කියලා ඒ රජතුමාව හඳුන්වනවා. ඒ රජතුමාගේ ඉදන් තවත් ලක්ෂයක් රජවරුන්ගෙන් පස්සේ රජවෙන සුජාත කියන රජතුමාටත් අම්බට්ඨ ඔක්කාක නමින් පුතෙක් ඉන්නවා. පිය රජතුමා ඇවෑමෙන් රජවුණු ඒ ඔක්කාක රජතුමාව හඳුනා ගැනීමේ පහසුවට "තෘතීය ඔක්කාක" කියලා හඳුන්වනවා.

අම්බට්ඨ ඔක්කාක රජතුමාගේ හස්තා කියන අග බිසවට රජතුමාට දාව ඔක්කාමුඛ, කරකණ්ඩු, හත්ථිනී, කාසිනීපුර කියලා පුත්තු හතර දෙනෙකුත් ප්‍රියා, සුප්‍රියා, ආනන්දා, විජිතා, විජිතසේනා කියලා දූවරු පස් දෙනෙකුත් ඉන්නවා.

හස්තා අග බිසව ආකාලයේ මිය ගිය නිසා වෙනත් බිසවක්ව රජතුමා අග මෙහෙසිය බවට පත් කරනවා. රජතුමාට දාව ඒ බිසවට ජන්තු කියලා පුතෙක් උපදිනවා. මේ කුමාරයා ඉපදිලා දවස් 5 කට පස්සේ සරසවලා රජතුමාට පෙන්වනවා. සතුටට පත් වෙන ඔක්කාක රජතුමා බිසවට කියනවා කැමති වරයක් ඉල්ලන්න කියලා. ඒත් බිසව කියනවා මම කැමති අවස්ථාවක ඒ වරය ගන්නම් කියලා. ජන්තු කුමාරයා තරුණ වයසට ආපුවාම අග බිසව රජතුමාට කියනවා තමන්ට දුන්නු වරය විදිහට තමන්ගේ පුතාට රජකම දෙන්න කියලා.

මේ වෙලාවේ ඔක්කාක රජතුමා බොහොම කෝප වෙලා අහනවා වැඩිමහල් පුතුන් හතර දෙනෙක් ඉද්දී කොහොමද එහෙම දෙයක් කරන්නේ කියලා. ඒත් අග බිසව කියනවා රජවරුන්ට බොරු කියන්න හොඳ නැහැ. පොරොන්දු කඩ කිරීම රාජ ධර්මය නෙමේ කියලා. අන්තිමට ඒ වරය ලබාදෙන්න අම්බට්ඨ ඔක්කාක රජතුමාටත් සිද්ධ වෙනවා.

මේ වගේම සිද්ධියක්නේ රාමායණයේ එන දසරථ රජතුමාටත් වෙන්නේ. ඒ වගේමයි දේව ධර්ම ජාතකයේ එන බ්‍රහ්මදත්ත රජතුමාට වෙන්නේ මේ වගේ දෙයක්ම තමා. ඒක නිසා තමා කියන්නේ සතුටෙන් ඉන්න වෙලාවට පොරොන්දු දෙන්න එපා කියලා :)

ආයි කතාවට ආවොත් මේ සිද්ධ වෙන වැඩෙන් හුඟක් කණගාටුවට පත්වුණු ඔක්කාක රජතුමා තමන්ගේ වැඩිමහල් පුත්තු හතර දෙනා ගෙන්වලා කරුණු පැහැදිලි කරලා තමන් නැති කාලයක ඇවිත් රාජ්‍යය බලය ගන්න කියලා උපදෙස් දීලා පංච කකුධ භාණ්ඩ ඇරෙන්න අනික් කැමති වස්තුවක්, සෙනඟක් අරගෙන වෙනත් තැනක වාසය කරන්න කියලා උපදෙස් දෙනවා. කුමාරවරු හතර දෙනාත් පිය රජතුමාට වැඳලා අවසර අරගෙන කැමති තරම් වස්තුවත් පිරිසත් අරගෙන යන්න හදද්දී රජතුමාගේ දූවරු පස් දෙනාත් සහෝදර කුමාරවරුන් සමඟ පිටත් වෙනවා.

තමන් සමඟ හිටිය පිරිසේ විශාලත්වය නිසා මේ දඹදිව පිහිටලා තිබෙන වෙනත් රාජ්‍යයක් අත්පත් කරගන්න පුලුවන් වුණත් අනික් රජ කෙනෙක්ගේ රාජ්‍යයක් උදුරා ගන්න එක ඔක්කාක වංශයට නිගරුවක් කියලා හිතන මේ කුමාරවරුන් අලුතෙන්ම රාජ්‍යයක් පිහිටවා ගන්න අපේක්ෂාවෙන් ඒකට සුදුසු බිමක් හොයාගෙන යනවා.

මේ පිරිස තමන්ට සුදුසු භූමියක් හොයාගෙන යද්දී කපිල කියන තාපසතුමා වාසය කරන වනගත ප්‍රදේශයට පැමිණෙනවා. කපිල තාපසතුමා දකින රාජ කුමාරවරු විස්තර කතා බහ කරනවා. රාජ කුමාරවරුන්ට වුණු සිද්ධිය ගැන අහපු කපිල තාපසතුමා තමන් වාසය කරන භූමිය රාජධානියක් පිහිටවන්න අතිශය සුදුසුයි කියලා කුමාරවරුන්ට කියනව. 

මේ භූමියේ තෘණ ලතා පවා දක්ෂිණාවෘර්තව නැමී සිටින බවත්, මේ භූමියේදී හාවුන් පසුපස හඹාගෙන එන නරියන්, මීයන් ගෙම්බන් පසුපස හඹාගෙන එන නාගයන්, මුවන් පසුපස හඹාගෙන එන දිවියන් පවා බියට පත්වෙලා ආපසු හැරිලා දිවයන බවත්, මේ භූමියේ ඉන්න චණ්ඩාලයෙක්ට වුණත් චක්‍රවර්ති පිරිසක් පරදවන්න හැකි බවත්, මේ භූමියෙන් අනාගතයේ උපදින පුරුෂයෙක් සියලු ලෝ වැසියන්ගේ ගෞරවයට පාත්‍ර වෙන බවත් කපිල තාපසතුමා ප්‍රකාශ කරනවා.

මේ ආදී වශයෙන් මේ භූමිය වර්ණනා කරන කපිල තාපසතුමා තමන්ට කරන උපාකරයක් විදිහට ඉදි කරන නුවරට තමන්ගේ නම තබන්න කියලා ඉල්ලීමක් කරනවා. කුමාරවරු ඒකට එකඟ වෙලා තාපසතුමාට ඒ අසළින් අසපුවක් ඉදි කරලා කපිල තාපසතුමාට භාර කරනවා. ඊට පස්සේ කපිල තාපසතුමා පෙන්වපු ස්ථානයේ නුවරක් සකස් කරලා පොරොන්දු වුණු විදිහටම කපිල තාපසතුමාගේ නමින් කපිලවස්තු පුරය නමින් ඒ නුවර නම් කරනවා.

 කපිලවස්තුපුර නටබුන්

මේ කටයුතු අවසන් කරපු කුමාරවරු මෙහෙම සාකච්ඡා කරනවා. අපි ඉල්ලා යැව්වොත් අපිට බිසෝවරු ලබාදෙන්න අනික් රජවරු අකමැති වෙන්නේ නැහැ. ඒත් එහෙම කරන එකෙන් අපේ ඔක්කාක වංශය කිළුටු වෙනවා. ඒ වගේමයි අපේ නැගණිවරු සරණ පාවා දෙන්නත් සුදුසු අනික් රජවරු නැහැ" කියලා. 

ඒක නිසා ඒ රාජ කුමාරවරුන් කරන්නේ වැඩිමහල් සහෝදරිය වුණු ප්‍රියා කුමරියව මව් තනතුරේ තියලා අනික් කුමාරිකාවෝ හතර දෙනාව කුමාරවරු හතර දෙනා විසින් පිළිවෙලින් සරණ පාවා ගත්තු එක. ඒ බිසෝවරු හතර දෙනාම දූ පුතුන් අට දෙනා අට දෙනා බැගින් දරුවෝ 64 ක් බිහි කරනවා.

තමන්ගේ දරුවන්ගේ මේ තොරතුරු අහපු ඔක්කාක රජ්තුමා අතිශය සතුටට පත්වෙලා තමන්ගේ දරුවෝ ඔක්කාක වංශයේ ගෞරවය ආරක්ෂා කළා වගේම සුපිරිසිදුව පවත්වා ගෙන යන්න කටයුතු කරපු නිසා ප්‍රීතියට පත්වෙලා "සක්‍යා වත භො රාජකුමාරා, පරම සක්‍යා වත භො රාජකුමාරා" කියලා ප්‍රීතිය ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මේ රාජ කුමාරයන් අතිශය ශක්තිවන්තයි/ උත්සහවන්තයි වගේ දෙයක්. ඉතින් පිය රජතුමාගේ ප්‍රකාශයත් එක්ක උත්සාහවන්ත බව, ශක්තිවන්ත බව, කැපවීම වගේ අර්ථයක් එන "ශාක්‍ය" කියන නාමය තමන්ගේ රජ පරපුර උදෙසා මේ රජවරු භාවිතා කරනවා.

කාලයක් ගත වෙද්දී මව් තනතුරේ තබපු ප්‍රියා කුමරියට ශ්වේතකුෂ්ඨ කියන රෝගය සෑදිලා මුළු ශරීරය පුරාම කුෂ්ඨ ඇති වෙනවා. තමන්ටත් මේ රෝගය වැළඳෙයි කියන බියෙන් ප්‍රියා කුමරියව වනයේ බිං ගෙයක් කරවලා ඒකේ ආරක්ෂා සහිතව රඳවන්න සහෝදර රජවරු කටයුතු කරනවා. කුමරියට අවශ්‍ය කරන ආහාර පාන වගේම අනික් ද්‍රව්‍ය සපයන්නත් සහෝදර රජවරු කටයුතු කරනවා. 

 බරණැස් නුවර නටබුන්

මේ කාලයේදීම බරණැස් නුවර හිටිය රාම කියන රජතුමාටත් මේ විදිහටම ශ්වේතකුෂ්ඨ රෝගය වැළඳෙන නිසා රාජ්‍යය පුත් කුමාරයාට පවරලා රාම රජතුමාත් වනගත වෙලා හිටියේ. වනයට වෙලා ඉන්න රාම රජතුමා බඩගින්නට කාපු ගස්වල මල්, කොළ, පොතු, ගෙඩි නිසා කුෂ්ඨ රෝගය සුවවෙලා රජතුමාගේ ශරීරය රන්වන් පැහැයට හැරිලා තිබුණේ.

රාම රජතුමාගේ වනයේ නතර වෙලා හිටියේ කොළොම් ගහක් උඩ තිබුණු බෙනයක සකසා ගත්තු කුටියක. දවසක් ප්‍රියා කුමරිය හිටිය ගල් ගුහාව අසළට ව්‍යාඝ්‍රයක් ආපු නිසා කුමරිය කෑ ගහපු හඩ කොළොම් ගහ උඩ හිටිය රාම රජතුමාට ඇහෙනවා. ඒ හඬ ආපු දිහාවට ගිය රජතුමාට ප්‍රියා කුමරියව දකිනවා. තොරතුරු අහපු රජතුමා මේ ඔක්කාක රජතුමාගේ දියණිය ප්‍රියා කුමරිය බව දැන ගන්නවා වගේම රජතුමාත් තමන් බරණැස් නුවර රාම රජතුමා බව හඳුන්වා දුන්නා.

කුමරියව බලන්න එළියට බිං ගෙයින් එළියට එන්න කියලා රජතුමා කිව්වත් තමන්ට කුෂ්ඨ රෝගයක් තියෙන නිසා මිනිස් ඇසට අප්‍රිය වෙන හින්දා තමන් එන්නේ නැති බව කුමරිය කියනවා. තමන්ටත් තිබුණු ඒ ආකාරයේ අසනීපයක් මේ වනයේ තිබුණු ඖෂධවලින් සංසිඳුවා ගත්තු නිසා කුමාරිකාවගේත් අසනීපය සංසිඳුවන්න පුලුවන් කියලා රජතුමා කියනවා. 

පස්සේ කුමාරිකාවත් තමන් වාසය කරපු කොළොම් ගස් බෙණයට කැඳවා ගෙන ගිය රජතුමා වනයෙන් මුල්, පොතු, ගෙඩි, මල් ගෙනත් දීලා කුමරියගේත් කුෂ්ඨ රෝගය සුවපත් කරනවා. ඊට පස්සේ කුමරියගේ සිරුරත් රන්වන් පැහැයට හැරෙනවා.

පස්සේ මේ දෙදෙනාගේ එකතුවෙන් පුතුන් දෙදෙනා බැගින් පුතුන් තිස් දෙකක් ඉපදෙනවා. රාම රජතුමාගේ කුමාරවරුන් තිස් දෙදෙනාට ශිල්ප ශාස්ත්‍ර උගන්වනවා. දවසක් බරණැස් නුවර මනුස්සයෙක් සතුන් දඩයම් කරන්න වනයට වැදිලා අතරමං වෙලා රාම රජතුමාට හමුවෙනවා. දඩයක්කාරයා හඳුනා ගන්නවා මේ බරණැස හිටිය රාම රජතුමා කියලා. 

පස්සේ රජතුමා දඩයක්කාරයාගෙන් තමන්ගේ රාජ්‍යය ගැන පුත්‍රයා ගැන එහෙම තොරතුරු දැනගන්නවා. ඒ වෙලාවේ රජතුමා ගාවට ආපු කුමාරවරු තිස් දෙදෙනා රජතුමාගේ දරුවෝ කියලා දැනගත්තු දඩයක්කාරයා රජතුමාට නැවත රාජ්‍යයට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා.

ඒත් රාම රජතුමා ඒකට කැමති වෙන්නේ නැහැ. පස්සේ දඩයක්කාරයා රාම රජතුමා ගැන විස්තරේ බරණැස රජතුමාට ගිහින් කියනවා. ඊට පස්සේ ඔහුත් පැමිණිලා පිය රජතුමාට රාජ්‍යයට ආරාධනා කළත් රාම රජතුමා කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහු කරන්නේ රාම රජතුමා වාසය කරපු කොළොම් ගස උදුරලා එතන විශාල මාළිගාවක් කරවලා වැව් කෙත් වතු සකස් කරල නගරයක් තනවලා පිය රජතුමාට පවරනවා. 

 දෙව්දහ නුවර නටබුන්

කොළොම් වෘක්ෂයක් මුල් කරගෙන නුවර පිහිටවපු නිසා කෝළිය නුවර නමින් ඒ නුවර හඳුන්වනවා. ව්‍යාඝ්‍රයෙක් නිසා මේ නුවර ඇතිවීමට මුල් වුණු නිසා ව්‍යාඝ්‍රපුර එහෙමත් නැත්නම් දෙව්දහ නුවර නමිනුත් ව්‍යවහාර කෙරෙනවා. ඒ වගේමයි කොළොම් වෘක්ෂයේ උපන් රජ දරුවන්ගේ වංශය "කෝලිය වංශය" නමින් හඳුන්වනවා.

දවසක් ප්‍රියා බිසව තමන්ගේ දරුවන් තිස් දෙදෙනාට කියනවා කපිලවස්තුවේ රජකම් කරන සහෝදර රජවරු හතර දෙනා තමන්ගේ සහෝදරයෝ. ඔවුන්ගේ දූ කුමාරිකාවෝ තිස් දෙකක් ඉන්නවා. ඔවුන්වා සරණ පාවා ගන්න කියලා. මේ නිසා කෝලිය කුමාරවරු ඒ සඳහා හසුන් යැව්වත් ශාක්‍ය රජවරු කියනවා මේ දරුවන්ගේ පිය වංශය අනෙක් එකක් වගේම කොළොම් ගස් බෙණයක උපන් නිසා විවාහ සම්බන්ධතා පවත්වන්නේ නැහැ කියලා.

මේකෙන් පසුබට නොවුණු කෝලිය කුමාරවරු ශාක්‍ය කුමාරිකාවන්ට හොරෙන් ලියුම් යවලා ගං තොටකට එන්න කියලා දන්වලා එතැනට කුමරියන් ආපුවාම හොර රහසේ කෝළිය නුවරට අරගෙන ආවා. මේ කතාව අහපු ශාක්‍ය රජවරු හිනාවෙලා තමන්ගේ බෑණාවරුන්ගේ නිර්භීතබව ගැන සතුටු වෙලා කුමාරිකාවන්ට දායාද පිටත් කරනවා. මේ විදිහට කපිලවස්තුවත් කෝළිය පුරයත් අතරේ විවාහ සම්බන්ධතා පවත්වන්න පටන් ගන්නවා.

මේ විදිහට කටයුතු කාරණා සිද්ධ වෙද්දී කපිලවස්තුවේ දෙලක්ෂ විසි තුන්දහස් හත්සිය හැට නමයක් රජවරුන්ගෙන් පස්සේ රජවුණු ජයසේන කියන රජතුමාගේ පුත්‍ර සිංහහනු කියන රජතුමා කපිලවස්තුවේ රජකම් කරනවා. 

මේ රජතුමාගේ සහෝදරිය වුණු මහා යශෝධරා කුමරිය ඒ වෙද්දී කෝළිය පුරයේ රජකම් කළ දෙව්දහ රජතුමාගේ පුත්‍රයා වුණු අංජනට සරණ පාවා දීලා හිටියේ. ඒ වගේමයි දෙව්දහ රජතුමාගේ දියණිය වුණු කාංචනා [කච්චායනා] කුමරිය සිංහහනුට සරණ පාවා දීලා හිටියේ.

සිංහහනු රජතුමාට දාව කාංචනා දේවිය සුද්ධෝදන, ශුක්ලෝදන,ධෝතෝදන, අමිතෝදන, මිතෝදන කියලා පුතුන් පස් දෙනෙකුත් අමිතා, ප්‍රමිතා කියලා දියණියන් දෙදෙනෙකුත් බිහිකරනවා.
ශාක්‍ය රජ පෙළපත

මහා යශෝධරා දේවිය අංජන රජතුමාට දාව සුප්‍රබුද්ධ, දණ්ඩපාණී කියලා පුතුන් දෙදෙනෙකුත් මහාමායා, මහා ප්‍රජාපතී කියලා දියණියන් දෙදෙනෙකුත් බිහි කලා.

සුද්ධෝදන රජතුමාගේ සහෝදරියක් වුණු අමිතා කුමරිය විවාහ කරගත්තේ සුප්‍රබුද්ධ රජතුමා. ඒ යුවළගේ දරුවන් දෙදෙනා වුණේ දෙව්දත් කුමාරයා සහ යශෝධරා කුමරියයි.
කෝලිය රජ පෙළපත

නිසි කල් එළඹුණාම සුද්ධෝදන රජතුමා තමන්ගේ ඇවැස්ස නෑනලා වුණු මහාමායා සහ මහා ප්‍රජාපතී කියන බිසෝවරු දෙන්නාම සරණ පාවා ගන්නවා. පසුව සුද්ධෝදන රජතුමාට දාව මහාමායා දේවියට සිද්ධාර්ථ කුමාරයාවත් මහා ප්‍රජාපතී ගෝතමියට නන්ද කුමාරයාවත් උපදිනවා. 

 සුද්ධෝදන රජතුමා සිදුහත් කුමරුව අසිත තාපසතුමාට පෙන්වීම

සොළොස් වියට එළඹුණු සිද්ධාර්ථ කුමාරයා සරණ පාවා ගන්නේ තමන්ගේ ඇවැස්ස නෑනා වුණු යශෝධරා කුමරියව.

වසර 13 ක් රජ සිරි වින්ද සිද්ධාර්ථ කුමාරයා වයස අවුරුදු 29 දී ගිහි ගෙයින් නික්මිලා වසර 6 ක් සත්‍ය සොයාගෙන ගිහින් වයස අවුරුදු 35 දී ලොවුතුරා බුද්ධත්වයට පත්වෙනවා. උන්වහන්සේව ගෞතම බුදුන් වහන්සේ නමින් හඳුන්වනවා. 

අම්බට්ඨ ඔක්කාක රජතුමාගේ දරුවන්ට කපිල තාපසතුමා කියපු අනාවැකිය සත්‍ය කරමින් ශාක්‍ය වංශයේ පහළ වුණු සිද්ධාර්ථ කුමාරයා ලොවුතුරා බුද්ධත්වයට පත්වෙලා සියලු ලෝ වැසියන්ගේ ගෞරවයට පාත්‍ර වෙන උත්තරීතරම පුද්ගලයා බවට පත් වෙනවා.

බුදුන් වහන්සේ දේශනා කළ විදිහට මහා සම්මත රාජ වංශයේ පළමු රජතුමා වුණු මහා සම්මත රජතුමාත්, මඛාදේව වංශයේ පළමු රජතුමා වුණු මඛාදේව රජතුමාත්, ඔක්කාක වංශයේ දෙවෙනි රජතුමා වුණු කුස රජතුමාත් වගේම මේ කතාවේ නොකියවුණු මේ මහා සම්මත රාජ වංශයේ ඉදන් ඔක්කාක රාජ වංශය දක්වා වෙන රාජ පරම්පරාවල හිටිය බොහෝ රජවරුන් විදිහට උපත ලබා තිබෙන්නේ බෝසත් අවධිය ගත කරමින් සිටිය උන්වහන්සේමයි. 

ඒ වගේමයි අම්බට්ඨ ඔක්කාක රජතුමාගේ රජ දරුවන්ට තමන් වාසය කරපු භූමිය ලබාදෙමින් ශාක්‍ය ජනපදය සහ කපිලවස්තුපුරය ඉදි කරන්න මුල්ම අඩිතාලම දමන කපිල තාපසතුමා වූයේත් අප මහා බෝසතාණන් වහන්සේමයි. 
මේ ආදී වශයෙන් ඔක්කාක වංශය පිළිබඳව ජම්බුද්වීපයෙන් තොරතුරු ලැබෙනවා වගේම ලංකාවෙනුත් තොරතුරු ලැබෙනවා. ශ්‍රී ලංකාව පාලනය කරපු රජ දරුවනුත් තමන් ඔක්කාක වංශයට අයිතියි කියලා සෙල්ලිපි සන්නස්වල දක්වලා තිබෙනවා.

උදාහරණයක් විදිහට ගත්තොත් පොළොන්නරු රාජධානියේ ආරම්භක රජතුමා විදිහට සැළකෙන මහා විජයබාහු රජතුමාගේ පනාකඩුව තඹ සන්නසේ රජතුමා පිළිබඳව විස්තර කරන්නේ මේ ආකාරයෙන්.

"ස්වස්ති, සිරි සිරිවත් අපරියත් ලො ඉකුත් ගුණ මුළෙන් උතුරත් මුළු දම්බ දිව්හි අන් කැත් කුල පාමිලි කළ ඔකාවස් රජ පරපුරෙන් බට කැත් උසබනට අග මෙහෙසුන් වූ ලග්දිව් පොළො යෙහෙන පරපුරෙන් හිමි සිරිසඟබෝ විජයබාහු රජ පා වහන්සේ......"

පනාකඩුව තඹ සන්නස

මෙහි අර්ථය මෙහෙමයි.

"මංගල ශ්‍රීයක් වේවා, ශ්‍රීමත් වූ අපර්යන්ත වූ ලෝකෝත්තර ගුණ සමූහයෙන් ඉතිරෙන සකල ජම්බුද්වීපයේ අන්‍ය ක්ෂත්‍රිය සමූහයා, පාදමූලයෙහි [සේවකයන්] කළ ඔක්කාක රාජ පරම්පරාවෙන් පහළ වූ ක්ෂත්‍රියොත්තමයන්ට අග්‍ර මහේෂිකාව [වැනි] වූ ලංකාදීප පොළොව නම් තරුණ කාන්තාවගේ පරම්පරාගත උරුමය අනුව ස්වාමියා වූ සිරිසඟබෝ විජයබාහු රජතුමන් වහන්සේ......."

ලංකාවේ රජ දරුවන් පවා තමන් ඔක්කාක වංශයේ කියලා දක්වන්න කටයුතු කරන්න ඇත්තේ තමන් බුදුන් වහන්සේගේ ඥාතීන් කියලා දක්වන්න වගේම උතුම් ඒ වගේම සුපිරිසිදු වූ රජ පරපුරකින් පැවත එන බව ප්‍රකාශ කරන්න වෙන්න ඕනේ.

සිංහ වංශයේ රජෙක් වුණු පණ්ඩුවාසදේව රජතුමා ශාක්‍ය වංශික භද්දකච්චානා කුමරියව [සුද්ධෝදන රජතුමාගේ බාල සොයුරෙක් වුණු අමිතෝදන රජතුමාගේ පුත්‍රයෙක් වුණු පණ්ඩු ශාක්‍යගේ දියණිය] විවාහ කරගැනිමත් එක්ක ලංකාවේ රජවරුන්ටත් තමන් ඔක්කාක වංශයේ කියලා නෑකම් කියන්න හැකියාව ලැබිලා තිබෙන බවයි පෙනෙන්නේ. ශාක්‍ය රජ පෙළපත දක්වන සටහනේ මේ ගැන පැහැදිලිව දක්වා ඇති.

ඉතින් දැන් ඔක්කාක වංශය ගැන වගේම ඔක්කාක වංශයෙන් ඇතිවුණු ශාක්‍ය වංශය ගැනත් ගොඩක් තොරතුරු දැන ගත්තනේ. හැබැයි මේ විදිහට බොහොම ශ්‍රේෂ්ඨ වංශයක් වුණු ශාක්‍ය වංශයේ අවසානය සිදුවුණු ආකාරය නම් හරිම ඛේදනීයයි. 

ඒ කතාවත් කියන්න ඕනෙද ???

ප.ලි.: අද කතාව සඳහා කරුණු සොයා ගත්තේ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචනා කරන ලද පූජාවලිය ග්‍රන්ථයේ සාදුනාද පූජා කතා කොටසෙන්, සකල විද්‍යා චක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිතයන් විසින් රචනා කරන ලද සිංහල ථූපවංශයෙන් සහ දහම් පාසල් අවසාන ශ්‍රේණියේ ශාසන ඉතිහාසය පෙළ පොතේ ශාක්‍යයන්ගේ හා කෝලියන්ගේ සම්භවය නම් පරිච්ඡේදයෙන්.

ප.ප.ලි.: සීක්වරුන් ගැන ලියවුණු ලිපි මාලාවේ අන්තිම ලිපි දෙකත් ලියලා අවසන් කරලා තියෙන්නේ. ඒකත් ඉක්මණටම පළ කරන්නම් 

132 comments:

  1. වටින, වැදගත් ඉතිහාස කතාවක්

    ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. @ වකා - WAKA

      ස්තුතියි වටිනාකම හඳුනා ගත්තාට :)

      Delete
  2. ස්තුතියි. බොහෝ දෙනෙක් නොදන්නා මේ ඉතිහාස කතා මේ විදියට බෙදා ගන්නවාට.

    කෝලිය වංශයේ මුලාරම්බහකයත් රාම කෙනෙක්.. :)

    ReplyDelete
    Replies
    1. කෝලිය වංශයේ මුලාරම්භකයත් රාම කෙනෙක්.. :)

      Delete
    2. @ රාමා

      කාටද ආඩම්බර නේද :D

      Delete
  3. හප්පා හරිම මහන්සියක් වෙනව නෙව මෙව්ව ලියා දක්වන්ට
    බොහොම තුති ඈ...!

    ReplyDelete
    Replies
    1. @ තිස්ස දොඩන්ගොඩ

      ස්තුතියි අයියණ්ඩි මහන්සිය හඳුනා ගත්තාට :)

      Delete
  4. "බුදුන් වහන්සේ දේශනා කළ විදිහට මහා සම්මත රාජ වංශයේ පළමු රජතුමා වුණු මහා සම්මත රජතුමාත්, මඛාදේව වංශයේ පළමු රජතුමා වුණු මඛාදේව රජතුමාත්, ඔක්කාක වංශයේ දෙවෙනි රජතුමා වුණු කුස රජතුමාත් වගේම මේ කතාවේ නොකියවුණු මේ මහා සම්මත රාජ වංශයේ ඉදන් ඔක්කාක රාජ වංශය දක්වා වෙන රාජ පරම්පරාවල හිටිය බොහෝ රජවරුන් විදිහට උපත ලබා තිබෙන්නේ බෝසත් අවධිය ගත කරමින් සිටිය උන්වහන්සේමයි. " කරකෝලා අතඇරියා වගේ වුනා..

    "ලංකාවේ රජ දරුවන් පවා තමන් ඔක්කාක වංශයේ කියලා දක්වන්න කටයුතු කරන්න ඇත්තේ තමන් බුදුන් වහන්සේගේ ඥාතීන් කියලා දක්වන්න වගේම උතුම් ඒ වගේම සුපිරිසිදු වූ රජ පරපුරකින් පැවත එන බව ප්‍රකාශ කරන්න වෙන්න ඕනේ." හොක්..හොක්... මේ නොකියා කියලා තියෙන්නෙ..

    හසිතගෙ සුපුරුදු ලියන රිද්මය ගිලිහිලා ද මගෙ කියවීමේ රිද්මය ගිලිහිලාද මන්දා.. අද කතාව එච්චර වැදුනෙ නෑ.. ඒත් හොඳ විස්තරයක්.. ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. @ හරී

      තුසිත දිව්‍ය ලෝකයේ ඉදන් පස් මහ බැලුම් බලන බෝසතාණෝ කුලය තෝරා ගනිද්දී ශාක්‍ය කුලය තෝරාගන්න හේතුවෙන්නේ ඒක තමා. තමන් නිසා ඇතිවුණු වංශය වගේම තමන් නිසා ඇතිවුණු නගරය කියලා තමා තෝරාගැනීම කරන්නේ.

      බුදුන්ගේ නෑයෝ වෙන්න ඒ කාලෙත් කට්ටිය උත්සහා කළානේ. ඒකෙන් තමා ශාක්‍ය වංශයේ අවසානයත් සිද්ධ වුණේ.

      සුපුරුදු රිද්මය ගිලිහුණාද කියන එක නම් මට කියන්න අමාරුයි අයියා. බලන ඇත්තන්ට තමා තේරෙන්නේ...

      Delete
  5. Watina lipiyak malli..

    Pissa. ( palaamalla.blogspot.com )

    ReplyDelete
    Replies
    1. හැම එකකටම ලොග් වෙන්නෙවත් නැතිව හොට දදා නොයා ලියන්න ගනින් ආයෙමත්...

      Delete
    2. @ Pissa. ( palaamalla.blogspot.com )

      තැන්කු වේවා අයියණ්ඩි :)

      Delete
    3. @ අභීත

      එයා තාම යුග දිවියේ මිහිර විඳිනවා නොවැ. අපි තව පොඩ්ඩක් දවස් එයාට නිවාඩු දෙමු අයියා :D

      Delete
  6. Malli Buddha Charithya "Suchritha Gamlath ge" Eketh mee kathwa thiynwa...
    Bohoma watina lipiyak

    ReplyDelete
    Replies
    1. @ Vathsala

      ඒ පොත නම් කියවන්න වුණේ නැහැ අක්කා. කියවපු පොත් ටිකේ නම් තමා පහළින් දාලා තියෙන්නේ

      Delete
  7. වටිනා විස්තරයක් අයියා...

    ReplyDelete
    Replies
    1. @ ඉන්ද්‍රජිත්

      ස්තුතියි මලයණ්ඩි හැමදාමත් වගේ දෙන හයියට :)

      Delete
  8. වටිනා විස්තරයක්.. යම් යම් තැන් කීපයක් මඟ ඇරිලා වගෙයි. ඒත් ඒවත් ලිව්වනම් මේ ලිපිය ඉවර කරන්න වෙන්නේ නෑ නෙව... අපූරු ලිපියක් මල්ලි..

    ReplyDelete
    Replies
    1. @ අභීත

      ඒක ඇත්ත අයියා. සවිස්තරව ලියන්න ගියා නම් ලියලා ඉවරයක් නැතිවෙනවා වගේම ඒක කියවන්න ගියාමත් එපා වෙනවා. අදාළ වැදගත් කරුණු ටික විතරයි තමා කැටි කරලා තියෙන්නේ මූලික කතාවට හානියක් නොවෙන්න.

      කතාවේ අගක් මුලක් නෑර කියවන්න කැමති උදවියට කියවන්න ඕනේ පොත් සෙට් එකත් අන්තිමට මතක් කළේ ඒකයි

      Delete
  9. අතිශය වටිනා කරුණු කාරණා බොහෝමයක් කියවන්න ලැබුනා... බොහෝම ස්තූතියි හසියෝ...

    ReplyDelete
    Replies
    1. @ Prabhath Darshana

      බොහොම සන්තෝෂයි බොහොම සන්තෝෂයි :)

      Delete
  10. ශාක්‍ය වංශය ගැන කියවද්දි මමත් මේ විස්තර ටිකක් දැක්කා. තමන්ගේ පරම්පරාවේ පිරිසිදුකම තියාගන්ට පවුලේ සහොදර සහෝදරියන් විවාහ වෙන බව. මේ විස්තරේ දැනගත්තු එක හොඳයි. ලංකාවේ නෑනලා, මස්සිනාලා විවාහ වෙන්ට එක හේතුවක් මේ සම්ප්‍රදායයන් අපේ රටටත් ආපු හන්දා වෙන්ට ඇති කියලා හිතෙනවා. එහෙමනම් අපේ වැඩිහිටියන්ට දොස් කියලා වැඩක් නෑ. එයාලා කවුරුන් හෝ පටන් ගත්තු දෙයක් ඔහේ ක්‍රියාත්මක කරනවා විතරයි.:)

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      නෑනලා මස්සිනාලා විවාහ වෙන එකට මේ වගේ දේවල්වලිනුත් බලපෑමක් වෙන්න ඇති. ඒ හැරෙන්න පොදුවේ පවුල ඇතුළේ නෑකම් පවත්වා ගන්න වගේම දේපළ පිළිබඳ කරුණුත් ඒකට බලපාන්න ඇති.

      හැබැයි මේ සහෝදර සහෝදරියන් අතරේ විවාහය ආසියානු කලාපයේ විතරක් නෙමෙයි මිසරයේ පාරාවෝවරු අතරත් ලතින් ඇමරිකාවෝ ඉන්කා රජවරු අතරේත් තිබිලා තියෙනවා

      Delete
    2. ලෝකේ හැම ශිෂ්ඨාචාරයකම වගේ එක හා සමාන කරුණු තියනවා නේද? වෙලාවකට පුදුමයි. මේවා හැම එකකම මුල එකක්මද කියල හිතන්න තරමටම..

      Delete
    3. @ Alexander Cage

      චාරිත්‍ර වාරිත්‍ර වගේ සංස්කෘතික අංග විතරක් නෙමේ භාෂාවේත් ප්‍රබල සමානකම් තියෙනවානේ

      Delete
  11. බලාගෙන ගියාම ශාක්‍ය වංශය ලංකාවටත් සම්බන්ධයි නේ. හොඳ වටිනා ලස්සන විස්තරයක්..!!

    ReplyDelete
    Replies
    1. @ Chandana

      මේ ගැන හොඳම කතාව කිව්වේ පනාපුත්‍ර කුහුඹුපැණියාතුමා ගිය පාර රණවිරු රියල් ස්ටාර් වැඩසටහනේදී :P

      Delete
    2. මං බැලුවේ නෑ මල්ලි ඒක නම්.

      Delete
    3. @ Chandana

      පොඩ්ඩක් යූ ටියුබ් එකේ කාරියේ හොයලා බලන්න අයියා. ඒකෙදී තමා එයා කිව්වේ ජනපති මහින්දත් ශාක්‍ය පරපුරේ බුදු හාමුදුරුවන්ගේ නෑයෙක් කියලා

      Delete
    4. මහින්ද මහතා පහත රට විදානේ ආරච්චි පරපුරකින් පැවත එන සාමාන්‍ය ගොවිගම කුළයේ අයෙකි.ඔහු ක්ෂත්‍රිය වංශිකයෙකු නොවන අතර රදල පරපුරකට අයත් අයෙකුද නොවේ.

      Delete
    5. හසිත,දකුණු පළාතටම ඇත්තේ සැබෑ රදල වළව් හතරක් පමණි.මෙම වළව් හතරේම අය උඩරටින් (බහුතරය මාතලෙන්)පැමිණි අය වෙති.මෙහි ඉතිරි සියළුම වළව් වල සිටින්නේ රදල නොවන ගොවිගම කුළයේ අය සහ යුරෝපීයයන්ගෙන් තනතුරු ලද වෙනත් කුලවල අය පමණි.

      Delete
    6. @ Anonymous November 4, 2012 10:45 PM

      රාජපක්ෂ පරපුර ගැන මම දන්නා තොරතුර තමා මේ.

      රාජපක්ෂ පරම්පරාවේ දැනට දන්න විදිහට පරණම මනුස්සයා තමා දොන් ඩේවිඩ් රාජපක්ෂ කියන ගිරුවාපත්තුවේ ඉහළ වැලිකඩ කෝරළේ විදානේ ආරච්චි තනතුරු ඉසිලුව කෙනා.

      ඒ 19 වැනි සියවස අග භාගයේ ඉදන් 20 වැනි සියවසේ මුල් භාගයේ. එයාගේ පුතා තමා ජනාධිපති රාජපක්ෂගේ පියා වුණු ඩී.ඒ. රාජපක්ෂ

      ඒක නිසා ඔබ කිව්ව විදිහට රාජපක්ෂවරු පහතරට ගොවිගම අය. හැබැයි තව කරුණක් තියෙනවා.

      ගජබා රජතුමා තන්ජෝරය ආක්‍රමණය කරලා එහෙන් අල්ලාගෙන ආපු සොළී සිරකරුවෝ රුහුණේ ගිරුවා පත්තුව පැත්තටත් පිටත් කරලා තියෙනවාලු. රාජපක්ෂලා මුතුන් මිත්තෝ එයාලා වෙන්නත් පුලුවන්

      Delete
    7. @Hasitha
      බලමු හොයල..

      Delete
    8. කුහුඹු පැණි මාම ල වගේ අය , මහින්ද ව ගොනාට අන්ද අන්ද ආතල් ගන්නවා , මේවගේ පරමාර්ථය තමුන්ට වාසි ලබා ගැනීමයි , මේ වගේ ගොඩක් එවුන් මහින්ද වටේට ඉන්නවා ,

      Delete
    9. හසිත ,"චින්තාමනී මොහොට්ටි රාජපක්ෂ" ඔබට අමතක වුණාද?

      Delete
    10. @ Imalka de silva

      මේකේ අනිත් පැත්තත් වෙන්න පුලුවන්. පනාපුත්‍රලා මේ කරන්නේ ඉහළින් ලැබෙන උපදෙස් විදිහට කොන්ත්‍රාත් එකක් කරනවා වෙන්නත් පුලුවන්...

      Delete
    11. @ Anonymous November 8, 2012 6:13 PM

      අමතක කළා නොවෙයි. ඒ ගැන මම දැනගෙන හිටියේ නැහැ. දැනුවත් කරන්න පුලුවන් නම් වටිනවා

      Delete
  12. මුල ඉඳන් අහට කියෙව්වා. ඒ වගේම නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තා, විශේෂයෙන්ම ශාක්‍ය, කෝලිය වංශ ඇති වුනු හැටි. යශෝදරාව සිදුහත් කුමාරයාගේ ඇවැස්ස නෑනා කියලා දැන ගත්තෙත් අද. අර සිංහබාහු කතාවෙ සිංහයා ගැන අපි කැම්පස් ඉගෙන ගන්න කාලෙ ලෙක්චරර් කෙනෙක් මෙහෙම පැහැදිලි කිරීමක් කලා. ලාදුරු රෝගයේ Lepromatous leprosy තත්වය නිසා මුහුණ විරූප වෙන එක අහලා තියෙනවද? ඒකෙදි ඇතිවෙන මුහුණට කියන්නේ leonine face (Lion like face)කියලා. මෙන්න බලන්නකෝ. http://www.asnom.org/image/421_lepre/IB071_lepre.jpg

    ඉතින් ඔය සිංහයා කිව්වෙත් මේ වගේ කෙනෙක්ට වෙන්න බැරිද කියලයි එතුමා අහන්නේ

    ReplyDelete
    Replies
    1. @ තොටියා

      සටහනේ ඒ කොටසේ සිංහයා කියන තැනට ප්‍රශ්නාර්ථයක් එකතු කලේ ඒ නිසාම තමා අයියේ. එයා සිංහ ගෝත්‍රිකයක්. එයාගේ නම සිංහ. සිංහයෙක් වගේ දරුණු නිසා සිංහ කියලා කිව්වා වගේ මත කීපයක්ම තියෙනවා.

      මේකත් වෙන්න බැරිකමක් නැහැ. මූණේ තිබුණු විරූපීකම නිසා සමාජයෙන් ඈත්වෙන්න වුණත් සමාජය ගැන කෝපයෙන් හිටිය කෙනෙක් වෙන්න පුලුවන්.

      Delete
  13. සුපුරුදු ලෙස නොදන්නා ඉතිහාස කතාවක් ඉගෙන ගන්න ලැබුනා.. බොහොම ඉස්තුති.

    ReplyDelete
    Replies
    1. @ Kasun

      නොදන්නා යමක් කියාදෙන්න ලැබුණු එක ගැන සන්තෝෂයි

      Delete
  14. නියමයි මල්ලී . . . හරිම අපූරුයි . . . ඒ වගේඅම් මේ වගේ ලිපි ලියන්න කරන උඹේ කැපවීම ඉත හිතින් අගේ කරනවා මල්ලී . . !

    ReplyDelete
    Replies
    1. @ දුකා

      ස්තුතියි අයියණ්ඩි. මේ වගේ අගය කිරීම් තමා තව තවත් මේ වගේ කතා ලියන්න අපිව උනන්දු කරවන්නේ

      Delete
  15. හැමදාම වගේ... සුපිරි! ඉතිහාසෙම පවුල් ප්‍රස්ණයක් නෙව බලාගෙන ගියාම!

    ReplyDelete
    Replies
    1. @ hare :-)

      ඒක ඇත්ත අයියා. ඉතිහාසය පුරාවටම පවුල, වංශය වගේ ඒවාට මුල් තැන හම්බෙද්දී එහෙම තමා

      Delete
  16. වටිනාකම මෙතැකැයි කියන්න බැරි තරම්... පාඨක සමූහයා වෙත මෙවැනි ලිපි සපයාදීමට ඔබ මොන තරම් වෙහෙසෙනවාදැයි මට සිතා ගත හැකියි... සීක් ජාතිකයින් තල්ප්පාව බදින්නෙ ඇයි කියන පැනයට පිළිතුර අපෙක්ෂාවෙන් මම ඉන්නෙ.. ශාඛ්‍ය රාජ වංශයේ ඛේදනීය අවසානය ගැනත් ලියන්න... ජය !

    ReplyDelete
    Replies
    1. @ සිරාගෙ කාමරේ

      සීක් ජාතිකයන් ගැන අන්තිම ටික එක ලිපියකට ගොනු කරන්න ගියත් ඒක කරන්න බැරිවුනා අයියා. ඒක මාගල වගේ එනවා. ඒක නිසා ඒක ලිපි දෙකකට සකස් කරලා තියෙන්නේ. ඒක ඉදිරියට පළ වෙනවා. ශාක්‍ය වංශිකයන්ගේ කතාවේ අන්තිම ටිකත් කියලාම ඉන්න ඒකට කලින්

      Delete
  17. Replies
    1. @ අවතාර්

      ස්තුතියි ලොකු මහත්තයා :)

      Delete
  18. එක සැරයක් කියවල .ඔලුවට දාගන්න අමාරුයි..ඒ නිසා දෙපාරක් කියෙව්ව...ඒත්..මදි.
    අපිට ඔලුවට දාගන්න එක මෙච්චර අමාරුනම්...උඹට මේව ගලපලා ලියන්න කොච්චර අමාරුවෙන්න ඇද්ද කියල හිතාගත්තැහැකි.

    ReplyDelete
    Replies
    1. @ වීපොකුර

      කතාව නම් සංකීර්ණ තමා. හැබැයි තැන් තැන්වලින් මූලික කතාවට හානියක් වෙන්නේ නැතිවෙන්න කෑලි ටිකක් අඩු කරලා තියෙන නිසා එච්චරම සංකීර්ණ නැහැ. මම මේවට කැමති නිසා මේ කතාව ඔළුවේ තියෙනවා. පොත් ටික හොයාගන්න තමා ටිකක් කරදර වෙන්න වුණේ

      Delete
  19. ආයේ කියන්න දෙයක් නැහැ. එක හුස්මට ඔක්කොම කියවල ඉවර කළා. බොහොම වැදගත් තොරතුරු කියවල තේරුම් ගන්න හැකි වෙන විදියට පැහැදිලිව දක්වල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තයා

      පැහැදිලිව කරුණු තේරුම් ගන්න පුලුවන් වුනා නම් ඒක ලොකු දෙයක්. ලොකු කතාවක් තිබුණු නිසා ඒ ගැණ මගේ හිතේ තිබුණේ දෙගිඩියාවක්

      Delete
  20. අපූරු විස්තරයක් හසිත.ඊජිප්තුවේ ර්ජවරුත් තමංගේ සහෝදරියංව විවාහ කරගත්තලුනේ.ඒකනං ඒගොල්ලො පුරුදු උනේ ඒගොල්ලංගේ දේව කතාවල කට්ටියත් ඒ විදිහට කරපු හින්දාය කියනවනේ.ඒ උනත් ඔය නුවර යුගේ එකගෙයි කෑම වගේම මේකත් දේපල සහ බලය බෙදී යෑම අඩු කරන්ඩ කරපු උප්පරවැට්ටියක් වෙන්ඩැති.

    ReplyDelete
    Replies
    1. @ දිනුක

      මිසරයේ ඒ වැඩේ කරලා තියෙන්නේ රාජ වංශයේ තියෙන ලේවල සුපිරිසිදු බව වගේම අමිශ්‍ර බව පවත්වාගෙන යන්න. ඉන්කාවරුත් මේ චාරිත්‍රය කරලා තියෙනවා. දේපළ හා බලය බෙදි යෑම අඩු කරන්න වගේම පම්පෝරියටත් එක්ක වෙන්න ඕනේ මේ වැඩේ කරලා තියෙන්නේ

      Delete
  21. හුඟක් මහන්සියෙන් ලියපු වැදගත් ලිපියක්..... බොහොම ස්තුතියි හසිත

    ReplyDelete
    Replies
    1. @ Mee Godayaa

      ස්තුතියි අයියණ්ඩි මහන්සිය අගය කළාට

      Delete
  22. අප්පේ...මාර නෑදෑ සම්බන්ධකම් නේ තියෙන්නේ..ගොඩක් වටින ලිපියක්....

    ReplyDelete
    Replies
    1. @ නාඩියා නාඩිරත්න

      මෙහෙම හිටිය නෑයෝ පස්සේ රෝහිණී ගඟේ වතුර බෙදාගන්න බැරුව මරා ගන්නත් යනවා. ඒක නිසා නෑයා, වේයා, මීයා තුන් ගොල්ලොම එකයි :D

      Delete
  23. හම්මා..... මට මහන්සියි හසිත මේක කියෝලා..... හුස්ම ගන්නත් අමතක වෙලා තිබ්බේ.... හි හි

    අර චාට් ටික නොතිබ්බා නං මට එකක්වත් ගලපගන්න බෑ. යන්තම් චාට් වල පිහිටෙන් ගොඩ ආවා... ඒත් මේවා එපා වෙන්නෙ නෑ නනේ අප්පා...

    ලෙඩක් ලෙඩක්.. හි හි

    ReplyDelete
    Replies
    1. @ හිරු

      එපා වෙන්නේ නැත්නම් ඔයාටත් තියෙන්නේ මට තියෙන ලෙඩේම තමා අක්කේ. මටත් මේවා එපා වෙන්නේ. චාට් ටික ඇන්දේම කට්ටිය කතාව පටලවා ගනීවී කියලා හිතලමයි. මහන්සි වෙලා කතාවක් ලියලා අන්තිමට පැටලිල්ලක් විතරක් වුණොත් වැඩක් නැහැනේ

      Delete
  24. ඔහොම විවාහයන් වලින් උපදින දරුවන්ට හොයා ගන්න බැරි ලෙඩ හැදෙනවා කියලා මතයක් තියෙනවා. ඔය තැලසීමීයා වගේ මාරාන්තික රෝගත් අහන්න ලැබෙන්නේ. ඒ නිසා වෙන්න ඇති සිංහභාහු පරපුරේ අපේ අයට හිතාගන්න බැරි අමුතුම ඝනයේ රෝග තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. @ මාතලන්

      ලේ ඥාතීන් අතරේ විවාහවලදී මාරාන්තික ලෙඩ හැදෙනවා කියන මතේ දැන් හුඟක් සමාජගත වෙලා තියෙන නිසා දැන් සහෝදර සහෝදරියන් අතරේ නෙමේ නෑනා මස්සිනා අතරේ වුණත් විවාහ වෙන්නේ නැහැනේ. ඒත් ඒ කාලේ එහෙම ලෙඩ තිබිලා නැහැනේ. ඒකයි මට තියෙන ප්‍රශ්නේ.

      කොටින්ම් අපේ සීයයි ආච්චියි ඇවැස්ස නෑනයි මස්සිනයි. ඒ දෙන්නම හොඳම ආයුෂ ගෙවලා තමයි මිය ගියේ.

      Delete
    2. ඒ වගේමයි අපෙත් තාත්තගේ පවුලේ සහෝදර සහෝදරියන්ට තාම නම් එහෙම භයානක ලෙඩක් නම් නැහැ

      Delete
    3. එහෙම වෙන්නේ පරම්පරාවේ හැංගිච්ච ලෙඩ ජානයක් තියෙනව නම් විතරයි . අපේ ආතයි ආච්චියි දෙන්නත් නෑනා මස්සිනාලා . ඒ වගේම ඒගොල්ලන්ගේ ළමයිත් කීපදෙනෙක් එහෙම විවාහ වුනා .

      ඔවුන්ගේ දරුවොත් ඉන්නවා තදබල විරෝදතා මැද නෑන මස්සිනා විවාහ කරගත් . අවුලක් නැහැ .

      හැබැයි මේ මාතලන් කියන්නේ වෙන දෙයක් . නැද්ද

      Delete
    4. @ Bindi

      මම නම් හිතාගෙන හිටියේ අක්කේ ලේ ඥාතීන් නිසා ඒ දෙගොල්ලන්ගේම ජාන රටාවල සමානකම් එක්ක ජාන විකෘතිතා ඇතිවෙලා විකෘති ළමයි එහෙමත් මේ නිසා බිහිවෙන්න පුලුවන් කියලා. ඒක එහෙම නෙමෙයිද එතකොට ?

      Delete
  25. eka husmata kiyawagena giya. eth sahodarayan sahodaruyan ekka viwaha gana hithanakota tikak hari naha wagei neda. e api purudu wela inna hatida manda. sahodarathwaya loku bandeemak neda viwahayata wada.

    ReplyDelete
    Replies
    1. @ AnonymousNovember 4, 2012 4:44 PM

      ඒක ව්‍යභිචාරී තහංචියක් විදිහට අපි සැළකුවත් ඒ කාලේ එහෙම සළකලා නැති බවයි පේන්නේ. හැබැයි මෙහෙම දේවල් සාමාන්‍ය ජනතාව අතරේ වුණාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. රජ පවුල් අතරේ තමා මේ වැඩි වශයෙන්ම වෙලා තියෙන්නේ

      Delete
  26. අදත් බොහොම වැදගත් විස්තරයක් හසිත මලයා.. තව පොඩ්ඩෙන් නෑ සම්බන්දකම් මට පැටෙලෙනවා කියවන් යද්දි..

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      ඔය ප්‍රශ්නේ එන්න පුලුවන් කියලා හිතුණු නිසාමයි චාට් දෙකකුත් දැම්මේ අයියා

      Delete
  27. පෙළපත් දෙක ගැන අහලා නම් තිබුනා ලොකු දැනුමක් එක් කලා හසිත මේ ලිපියෙන් ඔයාගේ මේ කැපවීම ගොඩක් වටිනවා

    ReplyDelete
    Replies
    1. @ ItalyDilan

      ස්තුතියි කැපවීම අගය කලාට

      Delete
  28. godak watina lipiyak..mama danne nathi godak dewal meke thiyenawa..thanks mahansi wela meka liyala dunnata...

    ReplyDelete
    Replies
    1. @ Anonymous November 4, 2012 6:33 PM

      ස්තුතිය් ඔබටත් :)

      Delete
  29. සෑහෙන වටිනා ලිපියක සහෝ. නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා. ජය ඔබට!

    ReplyDelete
    Replies
    1. @ ඉෂාන්

      නොදන්නා යමක් දැන ගත්තා නම් එය මගේ සතුටයි :)

      Delete

  30. ඔය වගෙ විවාහ නිසා තමයි, මම අදහස් කලේ ලේ නෑ විවාහ, හිමෝෆීලියා වගෙ ලෙඩ සමහර රජ පවුල් වල ආරෙට ගිහින් තිබ්බෙ.
    ඇත්තටම ඕක අන්තිම භයානක වැඩක්ලු, විකෘතිතා හෙම ඇටිවෙනන් පුලුවන්.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. @ Dude

      හිමෝෆීලියා කතාව 9 වසරේ විද්‍යාවට ඉගැන්නුවා වගේ මතකයි අයියා. එංගලන්තේ දැන් රජකම් කරන වින්ඩ්සර් රජ පවුලේ අයටනේ ඔය ලෙඩේ සැරටම තියෙනවා කියන්නේ. ඒක නිසා රජ පවුලේ උදවිය තුවාල කරගන්නේ නැතුව ඉන්න හුඟක් ප්‍රවේශම් වෙනවලු.

      එක පාරක් චාල්ස් කුමාරයාටත් මොකක් හරි තුවාලයක් වෙලා ලේ ගලන එක නතර වෙන්නේ නැතුව හරි හුටපටයක් වුණාලු. ඒක නිසා වෙන්න ඇති රජ පවුලේ නූතන පුරුක් සාමාන්‍ය පවුල්වලින් විවාහ කරගන්නේ

      Delete
    2. මුලු යුරෝපයේම හිටපු රජ පරම්පරා වලට හිමෝෆීලියාව ‍බෝ කලේ අර වික්ටෝරියා මහේසිකාවනේ.. උන්දෑගේ දුවලා දෙන්නෙක්ව යුරෝපයේ රජ පවුල්වලට බන්දලා දීලා ඒ මාර්ගයෙන් ස්පාඤ්ඤ, ජර්මන් හා රුසියන් ඇතුළු රජ පවුල් බර ගානකට ලෙඩේ දුන්නනේ.. :)

      Delete
    3. @ Buratheno

      අයියා කිව්ව නිසා මම පොඩ්ඩක් විස්තරේ හොයලා බැලුවා. වික්ටෝරියා රැජිණට හිටිය දරුවෝ 9 දෙනාගෙන් 5 දෙනෙක්ම දූවරුනේ :D

      Delete
    4. සාර්ගෙ පුතාටත් ඔය ලෙඩේ තිබුනනෙ.. රස්පුටින් ලොක්කා ගොඩ ගියේ එකෙන් තමා.. :-)

      Delete
    5. @ සෙන්නා

      රාජකීය ලෙඩේ කියලා එකක් නේද ඕකට කියලා තියෙන්නේ අයියා ?

      Delete
  31. Niyamai ayye. ohoma api serama denagatha yuthu nodanna dewal kochcharada? ekata mehema dewal liyana ayyalata pin sidda wenawa. harima watina lipiyak. digatama mehema liyanna. suba pethum!!!

    ReplyDelete
    Replies
    1. @ Ruchcha

      මැරෙනකම් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියන්නේ ඒක තමා මලේ. ඒක නිසා පුලු පුලුවන් විදිහට ඉගෙන ගන්න බලන්න ඕනේ. ස්තුතියි ලබාදුන්නු හයියට :)

      Delete
  32. හොඳ ලිපියක්.නියමයි.කාලෙකට පස්සේ.ඒත් කලින් තිබ්බ රිද්මය (story teller) පොඩ්ඩක් වෙනස් වෙලා වගේ.

    ReplyDelete
    Replies
    1. @ මානවක

      හරී අයියත් ඒක කිව්වා. අනේ මන්දා :) පොඩ්ඩක් බලන්නම්කෝ මොකද වුනේ කියලා. ස්තුතියි දැනුවත් කළාට

      Delete
  33. අර පස්සෙන් එළවගන ආපු සතා භයවෙලා ආපහු දුවපු ස්තාන හැටියට ලංකාවෙත් තැන් කිහිපයක්ම තියනවා නේද ? මට මතක විදිහට අනුරාධපුරය සහ ජයවර්ධනපුරය ඒ වගේ දෙකක්.

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      අනුරාධපුරය සම්බන්ධව නම් එහෙම කතාවක් මම දන්නේ නැහැ අයියා. ඒත් අලකේශ්වර කරවපු කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුරයේ ආරම්භයත් තුන්වෙනි වික්‍රමබාහු කරවපු සෙංකඩගල මහනුවර ආරම්භයත් මේ වගේ සිදුවීම් නිසා තමා වෙන්නේ.

      Delete
  34. මෙහෙච්චර මහන්සි වෙලා මේ විස්තරේ අපිට ඉගැන්නුවා හසිතට මාගේ හිස නමා ආචාරය.

    ගොඩාක් විස්තර දැනගත්තා..

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      ඔබේ ආචාරය මමද හිස නමා බාර ගනිමි :)

      Delete
  35. නියමයි සහෝ! ඉදිරියටත් මෙවන් වටිනා දේ ලියන්න..ජය!

    ReplyDelete
    Replies
    1. @ හිරුහිමාවී

      ඇත්තටම තවත් මේ වගේ ලිපි ලියන්න සවිය වෙන්න මේ වගේ ප්‍රතිචාර තමා. ස්තුතියි :)

      Delete
  36. හසිත.. එකම ලේ ඇති සොයුරු සොයුරියන් විවාහවීමෙන් ඇතිවන දරු පරපුර අඩුපාඩු සහිත දුර්වල එකක් කියලයි අද පිලිගැනෙන්නෙ, සමජ සහ නීතිමය සම්මත අනුව එවන් විවාහ තහනම් වෙන්නෙත් ඒ නිසයි.. ඉතින් ඔය වගෙ ශක්තිමත් බුද්දිමත් පරම්පරාවල් කොහොමද බිහි උනේ මේ විදිහෙ සම්බන්ද වලින් කියල තමයි මට හිතාගන්න බැරි..

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      ඒක තමා මටත් තියෙන ගැටලුව අයියේ. ශාක්‍ය වංශය වගේම ලිච්ඡවි වංශය කියන දෙකම භාරතයේ තිබුණු සුවීශේෂී වංශ දෙකක් වුණා වගේම හොඳ බුද්ධිමතුන් පිරිසක් ඒ වංශ දෙක හරහා බිහිවෙලාත් තියෙනවා. අපේ වෛද්‍යතුමෙක් මේ ගැන දක්වන අදහස මොකක්ද කියලා බලමු

      Delete
  37. අදත් නොදන්න දෙයක් ඉගෙන ගත්තා

    ReplyDelete
    Replies
    1. @ මධුරංග

      සන්තෝෂයි අයියණ්ඩි :)

      Delete
  38. ඉතාම වටිනා ලිපියක් . සැහෙන වෙලාවක් යන්න ඇති. ඉස්සර ඕවා කියවලත් තියෙනවා . මතක නැති එකනේ වැඩේ. හසිත මලයාට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. @ Bindi

      සෑහෙන්න වෙලාවක් නෙමේ අක්කේ සෑහෙන දවසක් ගියා අක්කේ :) දැන් ඉතින් මතක් වෙයි

      Delete
  39. එක එක තැන්වලින් වෙන වෙනම කියවලා තිබුන දේවල් හසිත මහන්සි වෙලා ලියපු මේ ලිපියෙන් එක තැනකට ගොනු කරගත්තා..ස්තුතියි..

    හර්බිනේට් වෙලා තිබුන කාලෙ ඉවරයි වගේ..වෙල්කම් බැක් ඔන්න..

    ආ ශාක්‍ය පරපුර නැතිවනු හැටි ගැනත් ලියන්න..නැත්නම් මේක සම්පූර්ණ වෙන්නෑනේ..;)

    ReplyDelete
    Replies
    1. @ රූ...

      එක එක තැන්වල කතාව විසිරිලා තිබුණු නිසා වගේම කතාව නිවැරදිව සයිබර් අවකාශයෙන් හොයාගන්න බැරිවුනු නිසා තමා මේ විදිහට කතාව එක තැනකට ගොනු කලේ අක්කේ.

      කතාවේ ඉතුරු කොටහත් ඉක්මණටම ලියන්නම් අක්කේ

      Delete
  40. කතාව කියල දුන්නට බොහොම ස්තුතියි නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා , // ළමයි 32 ක් අම්මෝ ?? ~!@#$#%$

    ReplyDelete
    Replies
    1. @ Imalka de silva

      සිංහබාහුට දාව සිංහසීවලීටත්, ලිච්ඡවී රාජ වංශයේ ආරම්භකයන් වුණු නිවුන් සහෝදරයා හා සහෝදරියටත් දරුවන් 32 ක් ඉදලා තියෙනවා

      Delete
  41. ගොඩක් කරුණු දැනගත්ත.ස්තුතී මචන්

    ReplyDelete
    Replies
    1. තව දෙයක්, ඔන්න හසිත මලයගෙ තව පෝස්ට් එකක් මෙහෙ පත්තරේ වැටිල තියනව දැක්ක.සතුටුයි ගොඩක්.

      Delete
    2. @ කස්ස ඒ කොහෙද බන් ??

      ස්තුතියි හසිත :)

      Delete
    3. @ කස්ස

      ස්තුතියි අයියණ්ඩි. ආගිය කතාවලම ලියපු බෞද්ධ සාහිත්‍යයේ කතා කීපයක් අගෝස්තු මාසයේ ඉදන් පළවුණා......

      Delete
    4. @ Tiraj Adikari

      කැඩපත කියලා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකියකන්ට නොමිලේ බෙදා හරින පත්තරේක අයියා

      Delete
  42. " ලංකාවේ රජ දරුවන් පවා තමන් ඔක්කාක වංශයේ කියලා දක්වන්න කටයුතු කරන්න ඇත්තේ තමන් බුදුන් වහන්සේගේ ඥාතීන් කියලා දක්වන්න වගේම උතුම් ඒ වගේම සුපිරිසිදු වූ රජ පරපුරකින් පැවත එන බව ප්‍රකාශ කරන්න වෙන්න ඕනේ "..................
    ඒ හින්දා වෙන්ඩ ඇති අර මුල් කිරිගල , බෙලි අත්ත පැත්තෙ කට්ටියකට ඔක්කාක රජ්ජුරුවොන්ට ලේ නෑ කං තියනවා කීවේ.

    ReplyDelete
    Replies
    1. @ sameera

      ඔව් ඔව් එහෙම තමා. ඒ අය විතරක් නෙමේ එයාලගේ වන්දිභට්ටයෝත් ඒවා තහවුරු කළා නොවැ :P

      Delete
  43. ඔක්කාක රජ කුළයත් ශාක්‍ය හා කෝලිය වංශ ගැනත් මිට පෙර යාන්තමට දැනගෙන හියටියත් අද තමයි අංග සම්පූර්ණ නිරවුල් විස්තරයක් දැනගත්තේ.

    ඇත්තටම ඒකළ සිදුවුණත් ඥාති සහෝදරයන් අතර විවාහ නම් අනුමත් කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      ඥාති සහෝදරයන් අතරේ වේවා එකම පවුලේ සහෝදර සහෝදරියන් අතරේ විවාහයන් නම් ගැටලුවක් වුණත් තම වංශයේ සුපිරිසිදු බව ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන්න ඔවුන් හුඟක් උත්සහ ගත්තු බව නම් පේනවා... ඒ වගේ කරුණු නිසාමයි ශාක්‍යයන් වගේ අය ලොකු කුල ගර්වයකින් හිටියේ

      Delete
  44. රසවත් වගේම වටින ලිපියක්. කලින් කියෙව්වත් මුකුත් කියල යන්න බැරි උනානෙ.

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      මෙහෙම නම් පැනලා යන්න බැහැ ඕන්. ලේ ඥාතීන් අතරේ වෙන විවාහවලින් සිදුවෙන භයානක අතුරු ඵල ගැන පොඩි කතා බහක් ප්‍රතිචාරවල මුල් හරියේ ඇතිවෙලා තියෙනවා. ඒ ගැන ඔයාගේ අදහසත් බලාපොරොත්තු වෙනවා අයියා

      Delete
  45. වෙනදා වගේම ගොඩක් වටිනා ලිපියක්. නොසෑහෙන්න මහන්සිවෙල තියනවා. පින් ඈ.......

    ReplyDelete
    Replies
    1. @ සුජියා

      ඔබේ පිනත් අනුමෝදන් කරගන්නවා අයියා :)

      Delete
  46. කතාව නම් අහලා තිබුණට සමහර කොටස් එහෙන් මෙහෙන් අමතක වෙලා තිබුණේ. මේක කියෙව්වම ආයෙම මතක්වුණා. සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා මලයා....

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      මහන්සිය වටහා ගත්තාට ස්තුතියි අයියණ්ඩි

      Delete
  47. මේ වගේ ලිපියක් ලියන්න දරපු මහන්සියට බොහොම ස්තුතියි. නොදන්නා කරුණු මහා රාශියක් දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. @ Alexander Cage

      එය මාගේ බලවත් ප්‍රීතියයි :)

      Delete
  48. හැමදාමත් වගේ නියම ලිපියක් මල්ලි, ඒ වගේම තමයි මේ ලිපිය කියවනකොට මගේ හිතට නැගිච්ච ප්‍රශ්නෙම තව ගොඩක් දෙනෙක්ට තියෙනවා වගේ.
    ඉතින් දැන් මේ සිද්ධ වෙන දේවල් දිහා බැලුවම, ඉස්සරත් කවුරු හරි( ඒ කිව්වෙ මහාවංශ රචකයා හෝ ඊට පෙර සිටි අය ) සිංහලයා බුදුරජාණන් වහන්සේගේ නෑයෙක් කියන්න කරපු වැඩක් වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. @ ලකී වික්‍රමසිංහ

      එහෙම වෙන්නත් බැරිකමක් නැහැ තමා අක්කේ...

      Delete
  49. මට මතක විදිහට මුටසිවගේ පුතා දේවානම්පියතිස්ස,දැන් ඔහොමම ලිපි පෙළ සිංහබාහුගේ ඉදල විජය ඊට පස්සේ අනුරධපුර පොළොන්නරු යුග ගැන ලිය ලිය මහනුවර දක්වාම ලියන්න.හැමදාම ලියන්න වෙලාව ලැබේවායි කියල ප්‍රර්ථනා කරනවා,

    ReplyDelete
  50. @ රනා

    මුටසීවගේ පුතා දේවානම්පියතිසා තමා. හැබැයි මුටසීවට පුත්තු 10 ක් ඉදලා තියෙනවා. එයාලා තමා අභය, තිස්ස, නාග, උත්තිය, මත්තාභය, මිත්ත, සිව, අසේල, කිර, තිස්ස. මෙයාලගෙන් දෙවෙනි පුතා තමා දේවානම්පියතිසා කියලා ප්‍රසිද්ධ වෙන්නේ

    අඛණ්ඩ ඉතිහාස කතාවක් නම් ලියන්න බලාපොරොත්තුවක් නැහැ අයියා. පුලු පුලුවන් විදිහට වැදගත් වගේම අප්‍රකට කතා ලියන්න තමා අදහස....

    ReplyDelete
  51. වටිනාකම කියල නිමකරන්න බැහැ.....

    ReplyDelete
    Replies
    1. @ අසේල

      ස්තුතියි අගය කිරීමට :)

      Delete
  52. @ gurumag.blogspot.com

    දැනුවත් කිරීම ගැන ස්තුතියි :)

    ReplyDelete
  53. 🛑🛑🛑දශරථ ජාතකය තුලත්... අයියා නංගී විවාහ වෙනවා...

    ReplyDelete
  54. Ethokota den samajaye sahodara vivahaya karanna berida

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................