Thursday, June 7, 2012

ගොන් ප්‍රශ්න අහපු රජ කෙනෙක් ගැන කතාවක්


එකෝමත් එක කාලෙක [කොයි කාලෙද කියලා අහන්න ඔට්ටු නෑ] එකෝමත් එක රටක [ ඒක නම් ඔන්න ඕහේ ලංකාව කියලත් හිතා ගත්තට කමක් නැහැ] රජතුමෙක් හිටියා. 

රජතුමා ඒ රටේ තිබුණු සල්ලි ඔක්කොම කොටස් වෙළෙඳ පොළටයි, වරායවල් වගේ දේවල් හදන්නයි, ක්‍රිකට් පිට්ටනි හදන්නයි වගේ දේවල්වලට වියදම් කරලා තිබුණේ. අතේ මිටේ සල්ලි නැති නිසා රටේ තිබුණු නිධන් ටිකත් කඩලා ගාණක් හොයාගෙන තිබුණත් රෝල ගෙනියන්න රජතුමා අතේ සල්ලි නැහැ. ඒක නිසා රජතුමා බැලුවා හොඳ සල්ලි තියෙන කාව හරි මරාගෙන ඒ වස්තුව අත්පත් කරගන්න.

ඉතින් රජතුමාට මීටර් වුණා පරම්පරාවෙන් හෙණටම ඉඩ කඩම් හිමිවෙලා තියෙන ඒ වගේම සල්ලි භාගේ තියෙන නායක හාමුදුරු කෙනෙක් ගැන. 

රජතුමා හාමුදුරුවන්ව මාළිගාවට වැඩම කරවලා කිව්වා "හාමුදුරුවෝ ලවා මට විසඳාගන්න ප්‍රශ්න හතරක් තියෙනවා. ඔබ වහන්සේගේ දැන උගත්කමෙන් මේ ප්‍රශ්න හතරට උත්තර දුන්නොත් හොඳයි. ඒ නැත්නම් ඉතින් මට කරන්න සිද්ධ වෙන්නේ ඔබ වහන්සේගේ වස්තුව රාජ සන්තක කරලා හිස ගසා දාන එක තමා" කියලා

ප්‍රශ්න 4 තමා මේවා

මහ මුහුද කොච්චර ගැඹුරුද ?
මහ පොළොවේ හරි මැද කොතනද ?
අහසේ තරු කොච්චර තියෙනවාද ?
මගේ හිතේ [රජතුමාගේ] තියෙන්නේ මොනවාද ?

ප්‍රශ්න 4 අහපුවාම නායක හාමුදුරුවන්ට තේරුණ මේ නම් තමන්ව මරලා වස්තුව ගහන්න රජතුමා ගහපු ගැටයක්ම තමා කියලා. 

පස්සේ රජතුමා කිව්වා "ඔබ වහන්සේට දවස් 7 ක් දෙනවා මේවාට පිළිතුරු සූදානම් කරගන්න. අටවෙනි දවසේ ඇවිත් ඔබ වහන්සේ මට උත්තර දෙන්න ඕනේ" කියලා. 

ඉතින් නායක හාමුදුරුවොත් පන්සලට ආපහු වැඩම කරලා බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. දානේ ගන්නෙත් නැහැ. හරිම අවුල්. මේ පන්සලේ හිටිය නායක හාමුදුරුවන්ගේම වයසේ හිටිය ඇබිත්තයෙක්...

ඉතින් හාමුදුරුවන්ගේ එක තේරුණු නිසා බලන් ඉන්න බැරිම තැන ඇහුවා මොකද නායක හාමුදුරුවනේ ප්‍රශ්නේ කියලා. පස්සේ ඉතින් නායක හාමුදුරුවෝ රජතුමා තමන්ව අහු කරගන්න යන උගුල ගැන කිව්වා. 

ඒක ඇහුවාම ඇබිත්තයා කිව්වා "අයියෝ හාමුදුරුවනේ ඕකට උත්තර දෙන එක නම් එච්චර ප්‍රශ්නයක් නෙමෙයිනේ. එදට ඔබ වහන්සේ විදිහට මාව මාළිගාවට යවන්න මම වැඩේ කරලා එන්නම්" කියලා

ඉතින් හාමුදුරුවොත් ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ එදා උදේ ඇබිත්තයාගේ හිස කෙස් බාලා වටාපතක් අතට දීලා මූණ වහගන්න කියලා ඇබිත්තයාව මාළිගාවට යැව්වා. 

රජතුමාත් ඉතින් අද නම් හාමුදුරුවන්ට වැඩේ හරි කියලා සන්තෝසෙන් "හාමුදුරුවනේ මගේ ප්‍රශ්න 4 ට උත්තර දීලා ඔබ වහන්සේගේ ජීවිතෙයි වස්තුවයි දෙකම බේරගන්න" කියලා. 


 මුල්ම ප්‍රශ්නේ ඇහුවා "හාමුදුරුවනේ මහ මුහුද කොපමණ ගැඹුරුද ?" කියලා

හාමුදුරුවෝ වගේ ඉන්න ඇබිත්තයා කියනවා "රජතුමනි, මූදට බැස්ස තැනම පතුල තෙමෙන තරම් ගැඹුරුයි ටිකක් එහාට යනකොට දණක් වතුර ගැඹුරුයි. ඊටත් එහාට යනකොට උකුළක් වතුර ගැඹුරුයි. ඊටත් එහාට යනකොට තන මත්තක් ගැඹුරුයි, ඊටත් එහාට යද්දී කර වටක් ගැඹුරුයි. ඊටත් එහාට යද්දී පොව්වනේ නැති තරමට ගැඹුරුයි. ඕක තමා හරියටම මහ මුහුදේ ගැඹුර" කියලා.


රජ්ජුරුවන්ට කියාගන්න දෙයක් නැහැ. හා හොඳයි කියලා ඒක පිළි අරගෙන ඇහුවා දෙවෙනි ප්‍රශ්නේ "මහ පොළොවේ හරි මැද මොකක්ද?" කියලා. 

හාමුදුරුවෝ වගේ හිටිය ඇබිත්තයා කළේ අතේ තිබුණු හැරමිටියත් අරගෙන එහාට මෙහාට ගිහින් එක තැනකට හැරමිටියෙන් ඇනලා  "මෙන්න මෙතන තමා මහ පොළවේ හරි මැද, බොරු නම් බිම් මනින්නන් දාලා මන්නවලා බලන්න" කියලා. 


 රජතුමාට ඒකට දෙන්න උත්තරයක් නැහැ. ඒකත් හා කියලා පිළි අරගෙන ඇහුවා තුන්වෙනි ප්‍රශ්නේ "අහසේ තාරකා කීයක් තියෙනවාද?" කියලා.

හාමුදුරුවෝ වගේ ඉන්න ඇබිත්තයා කිව්වා "රජතුමනි, අහසේ තාරකා නව කෙළ හැට ලක්ෂ තිස් තුන්දාස් නවසිය අනූ අටක් තියෙනවා. සැක නම් රාජ පුරුෂයන් දම්මලා ගැනලා බලන්න" කියලා. 

රජතුමාට දෙන්න උත්තරයක් නැහැ. රජතුමාත් ගොනානේ නැත්නම් මේ වගේ ගොන් ප්‍රශ්න අහනවාද :))

පස්සේ රජතුමා ඒකත් හා කියලා පිළි අරගෙන ඇහුවා අන්තිම ප්‍රශ්නේ "මගේ හිතේ තියෙන්නේ මොකක්ද?" කියලා. 

එතකොට හාමුදුරුවෝ වගේ ඉන්න ඇබිත්තයා කිව්වා "රජතුමාගේ හිතේ තියෙන්නේ මේ නායක හාමුදුරුවෝ කියලා. ඒත් මම නායක හාමුදුරුවෝ නෙමේ. පන්සලේ ඉන්න ඇබිත්තයා. හාමුදුරුවන්ට උදව්වක් විදිහට තමා මම ආවේ කියලා" කියලා.

රජතුමා පස්සේ බොහොම සතුටු වෙලා රජතුමා උපදේශක පට්ටමක් ඇබිත්තයාට දෙන්න ලෑස්ති වුණා [ඇබිත්තයගේ මීටරේ හොඳයිනේ. ඉස්සරහට හොඳ හොඳ වැඩ ගන්න පුලුවන් නේ උපදේශකයෙක් කරගත්තාම] ඒත් ඒකට ඇබිත්තයා කැමති වුනේ නැහැ. 

"පන්සලේ ඉන්න නිස්කලංක ජීවිතේ තමන්ට වටිනවා" කියලා ඇබිත්තයා කිව්වා.  පස්සේ රජතුමා ලෝභකම් අත ඇරලා පන්සලට තව ගම් වරයක් පූජා කළා.

ඊට පස්සේ හැමෝම සතුටෙන් ජීවත් වුණාලු :)

ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ මේකට තමා

ප.ලි.: අද කාලේ වුණත් වස්තු තණ්හාසෙන් ගොන් ප්‍රශ්න අහලා විතරක් නතර නොවී ගොන් වැඩත් කරන ගොනාටත් අපහාස කරන හැමෝටම මේ කතාව ආදර්ශයක් වේවි

95 comments:

  1. සුදු වෑන් එකක් එයිද මන්දා... පට්ට ඈ....

    ReplyDelete
    Replies
    1. @ Pradeep Gunarathna

      අනේ මන්දා ලොක්කා. තැන්කු ඈ :D

      Delete
  2. පට්ට කතාව හැබැයි දැන් දේශපාලනේ ලියන්න ගිහින් ඔයා නා ගන්න දවස වැඩි ඈතක නැහැ වගේ. වෙද ගෙදර ගිහින් නෑව වගේ නෙවෙයි රජෝ.

    ReplyDelete
    Replies
    1. @ Anonymous

      තැන්කු මම නාන්න යන බව මතක් කළාට. ඒත් මේවා පොලිටික්ස් නෙමෙයි ඔන්ලි ස්ටෝරීස් :D

      මම වෙද ගෙදර ගිහින් නාපු එකක්ද මේ අන්තිමට කියන්නේ, එහෙමත් නැත්නම් වෙද ගෙදර ලියන මහ වෙදනා නාපු එකක් ගැනද මේ කියන්නේ ???

      Delete
  3. Replies
    1. @ ලකී වික්‍රමසිංහ

      තැන්කු තැන්කු අක්කේ :)

      Delete
  4. මේ වගේ අතීත කතාවක් ඇත්තටම තියනවා නේද? කියන්නේ ඉස්සර කාලේ හිටපු ප්‍රසිද්ධ හාමුදුරු නමක් ගැන. ඔය කියන ඇබිත්තයත් පස්සේ ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක්ලු නේද?

    නැත්නම් ඉතින් කාලෙට ගැලෙපෙන්ට කියලා හිතාගෙන, කතාවක් හැදුවද? :)

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      මෙහෙම කතාවක් ඇත්තටම තියෙනවාද දන්නේ නැහැ. මා ගාව තියෙන පරණ ජන කතා පොතකින් තමා මේ කතාව උපුටා ගත්තේ. පොතේ නමවත් කතෘගේ නමවත් කියන්න විදිහක් නැහැ පොතේ මුලින් සහ අගින් පිටු ගොඩක් අඩුවෙලයි මට හම්බුණේ....

      පස්සේ ඉතින් කතාව අද කාලෙට හරියන්න හදලා තියෙන්නේ....... :D

      Delete
  5. මං හිතුවේම නූතන රජ කතාවක් වෙන්න ඇති කියලා...

    ReplyDelete
    Replies
    1. @ prasanna86k

      ඕනේම කාලෙකට ආදේශ කරගැනීම තම තමන්ට භාරයි :D

      Delete
  6. kalinuth man kiwwa wage oyage writing style eka nam supiri!!!!!!!
    kathawath e wagwmai,keep in touch :)

    ReplyDelete
    Replies
    1. @ madhura yaathra

      ස්තුතියි අදත් දීපු හයියට...... :)

      Delete
  7. මේක පොන්න නැකැත්තාගෙ කතාවක් නේද? කොහේ හරි කියවපු බවක් මතකේ තියනවා..
    ස්තුතියි හසිත අළුත් දෙයක් එක්ක මේ කතාව කීවාට..
    ඒත් මේ වගේ කතාවලින් කියැවෙන දේ තේරුම් ගන්න තරම් මොළයක්..අනේ මන්දා..

    ReplyDelete
    Replies
    1. @ රූ....

      මම මේක ගත්තේ පරණ ජන කතා පොතකින්. ඒ පොතේ නමවත් කතෘවත් කියන්න විදිහක් නැහැ පොතේ මුල අග පිටු නැති හින්දා....

      පොන්න නැකැත්තා මේ කතාවට සම්බන්ධ වෙන විදිහ ඔයාට මතක නම් කියන්න අක්කේ. එතනත් හොඳ කතාවක් තියෙන පාටයි :)

      Delete
    2. පොන්න නැකත්ත එහෙමත් නැත්නම් කොත්මලේ ගණිතයා, බරණ ගණිතයා කියන කෙනා වටා යන කතා වලට මේ කතාවත් මම අහල තියනවා. මම හිතන්නේ පොත නම් මග දිගට ජනකතා කියන පොත වෙන්න ඕනේ.

      Delete
    3. @ ක්සැන්ඩර් | Xander

      පොන්න නැකැත්තා මේකට සම්බන්ධ කරලා තියෙන කතාව අපිටත් කියන්න අයියා.

      මට මේ කතාව හම්බවුණු පොත මග දිගට ජන කතා නම් නෙමේ. මා ගාව මග දිගට ජනකතා 1, 2 පොත් දෙකම තියෙනවා. මේක වෙන පොතක්

      Delete
  8. තැනට සුදුසු නුවණ නියමෙට යොදාගෙන තියනව... කොහොමහරි රජාගෙ ගැටේනුත් බේරුනානෙ...

    ReplyDelete
    Replies
    1. @ තොටියා

      අනිවාර්යයෙන්ම තැනේ හැටියට ඇණේ ගහන්න පුලුවන් නම් ඕනෑම් දහම් ගැටයකින් බේරෙන්න පුලුවන්...

      අහලා තියෙනවාද වේපචිත්ති ගැටය ගැන ???

      Delete
    2. නෑ නෙ? කියන්ඩකෝ බලන්න කට්ටියට දැනගන්නත් එක්ක... :)

      Delete
    3. @ තොටියා

      මෙන්න කතාව

      "සුර දිව්‍ය කණ්ඩායමේ නායකයා ශක්‍ර දෙවියා. අසුර කණ්ඩායමේ නායකයා වේපචිත්ති. අසුර නායකයා කියනවා සුර යුද්ධයේදී සුරයන් පැරදුණොත් එහි නායකයා වන ශක්‍රයාගේ බෙල්ලයි අත් දෙකයි, පාද දෙකයි බැඳලා අසුර පුරයට ගේන්න කියලා.

      සුර නායකයා වන ශක්‍ර දේවේන්ද්‍රයන් කියනවා සුරයන්ට අසුරයන් පැරදුණොත් වේපචිත්තිගේ බෙල්ලයි අත් දෙකයි කකුල් දෙකයි බැඳලා සුධර්මා දිව්‍ය සභාවට ගේන්න කියලා.

      අන්තිමේදී අසුරයන් පැරදී වේපචිත්තිගේ බෙල්ලයි අත් දෙකයි කකුල් දෙකයි බැඳගෙන දේව සභාවට ගෙනාවා. මෙහිදී බැන්දේ ලණුවලින් හෝ දම්වැල්වලින් නොවේ. සිතිවිලි රැහැනකින්ය.

      වේපචිත්ති අසුරයා විසින් සුරයන් හරිම ධාර්මිකයි. අසුරයන් අධාර්මිකයි කියලා හිතන කොට බැඳීම්වලින් නිදහස් වෙනවා.

      හැබැයි අසුරයන් ධාර්මිකයි සුරයන් අධාර්මිකයි කියලා හිතනකොට බැඳීම් තව තවත් වැඩි වෙනවා.

      Delete
  9. මේ කතාවෙන් කියවෙන තවත් දෙයක් තමා, ප්‍රශ්ණ අහන්න කලින් උත්තර දැනගෙන ඉන්න ඕන කියන එක. ඇබිත්තයා උපදේශක කම ගත්තෙ නැත්තෙ හොඳ වෙලාවට. නැත්තං ඔය දෙන කයිරාටික උත්තර ටික ඊලගට රංගොජා ඉගෙනගෙන මහජනයට කියලා දායි.

    හසිත දන්නවද, ඉන්දියාවේ අගනුවර පිහිරි රට මොකද්ද කියලා?:D

    ReplyDelete
    Replies
    1. @ බුද්ධි

      ඒ කාලේ හොඳ ඇබිත්තයෝ වගේම යමක් තේරුම් ගත්තාම තමන්ගේ ගොන්කම ටිකක් හරි අඩුකරගන්න රජවරු හිටියනේ අයියේ :)

      ප්‍රශ්නේට උත්තරේ දන්නවා ලොක්කා. ඒකත් හරියට ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි කුමන ජාතිකයෙක්ද කියලා ඇහුවා වගේ තමා :D

      Delete
  10. හපොයි අයියො පරිස්සමින් ඈ....:O

    ReplyDelete
    Replies
    1. @ අග්නි ධාරා...

      CID එකටත් ගිහින් ආපු නිසා මම දැන් හරි පරිස්සමෙන් ඉන්නේ. තැන්කු මතක් කළාට :)

      Delete
  11. පට්ටම උත්තර ටික.....ෂික් මට සෙට් වෙන්නෙ නෑනේ ඔහොම උන් :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මං දන්න තවත් ගොං රජෙක් ඉන්නවා සිකුරාදට ඔයවගේ ගොං ප්‍රෂ්න අහන .. මන් හිතුවේ ඌ කියලා...

      Delete
    2. @ අඩවි රජ

      ඔහොම එවුන් ඉස්සරහට සෙට් වෙයි රජෝ. තාම එච්චර වයසක් නැහැ නොවැ වල කජ්ජ ගහන්න :D

      Delete
    3. @ Mee Godayaa

      අපි දන්නේ නැහැ ඕන් :D

      Delete
    4. අපෝ ඔවු.. ඒ රජා ගැනනම් කියලා වැඩක් නෑ.. චාටර්..

      Delete
    5. අප්පද බොල කිව්වත් වගේ අද සිකුරාදා නේද? කොස් කොළ ඔටුන්න දිනන්න යන්න ඕනේ. :-)

      Delete
    6. @ Dinesh

      ඇඬෙනවා තනි ඇහැට :D

      Delete
    7. @ ක්සැන්ඩර් | Xander

      මාත් ගියා කොස් කොළ ඔටුන්නේ සෙල්ලම බලන්න. මිනි මෝරු ගැනයි බෝට්ටුවක ඉන්න මනුස්සයෙක් ගැනයි නොවැ අද පුරස්නේ :)

      Delete
  12. පුරාන කථාවක් නොවැ.. නූතන රජෙකුට ගලපල තියෙන්නේ....

    අප්‍රාදේ ඇබිත්තයටත් රජාගෙන් ප්‍රෂ්න අහන්න තිබ්බෙ

    ලොව නැව් නොපැමිනෙණ වරාය කුමක්ද ?
    එකම් පව්ලකින් වැඩිම පිරිසක් රාජ සභාව නියෝජනය කරන රට කුමක්ද ?
    ජනතාව දහ දුක් විඳිද්දී පිට රටින් නිලියන් ගෙන්වා ආතල් දාන රාජ කුමාරයා කව්ද ?

    ReplyDelete
    Replies
    1. @ Mee Godayaa

      මේ ප්‍රශ්නවලට හුදී සියලු ජනයාම පිලිතුරු ඉඳුරාම දන්නා බව මගේ හැඟීමයි :D

      Delete
    2. ඒ උනාට රජාට උත්තර දෙන්න බෑනේ

      Delete
    3. රජා පරණ රජ සෙට් එකක නමක් කිව්වොත් මොකද උඹ සෙල්ලිපි වලින් ගහන්නද?

      Delete
    4. @ Mee Godayaa

      රජා දෙන උත්තර ෂෝයි නිසානේ ඒ රටේ ඉන්න උන්දැලා කටයි පු*යි පියාගෙන ඉන්නේ :D

      Delete
    5. @ ක්සැන්ඩර් | Xander

      හොඳා දැන් ඉතින් මේවාටත් උත්තර දීපල්ලෝ එහෙමනම් :D

      Delete
  13. හික්ස්...නියම කතාව.... :)))

    ReplyDelete
    Replies
    1. @ නිසුපා

      අනිවාර්යයෙන්ම අක්කේ :)

      Delete
  14. මට මතක් උනේ..ජයලත් මනෝරත්නගේ.."අන්දරේලා"

    ReplyDelete
    Replies
    1. @ වීපොකුර

      ඒකෙත් මෙහෙම ඒවා තියෙනවාද ?? බලන්න වුණේ නැහැ නොවැ අන්දරේලා නාට්‍යය :(

      ඒත් කමක් නැහැ දැන් කාලේ අන්දරේලා කොච්චර නම් ජාති අපිට පෙන්නනවද :D

      Delete
    2. රට යනවා පර දේසෙට...
      අපි යනවා පර ලෝකෙට...
      අන්තිමේදි බලපුවාම...
      අන්දරේලා අපි සේරම... - අන්දරේලා

      Delete
    3. @ Pradeep Gunarathna

      මොනවා වුණත් ඒ කාලේ අන්දරේ කරපු වැඩවලින් සාමාන්‍ය ජනතාවට හානියක් වුනේ නැහැ. දැන් කාලේ ඉන්න අන්දරේලා ඉන්නේම ජහමනයාට කෙළවන්න :D

      Delete
  15. ඇබිත්තයා වගේ එකෙක් හරි දැන් හිටියනම් රටත් ගොඩ රජාත් ගොඩ ...

    ReplyDelete
    Replies
    1. @ රොබින්

      වෙලා තියෙන්නේ අනිත් පැත්තනේ ඉන්නේ ඔක්කොම රජා වගේ සෙට් එකක්නේ

      Delete
  16. Replies
    1. @ ඊ මේල් කවිකාරි

      මළා... දැන් මේක CID ආධාර ලබන, CID උපදෙස් මත ලියවෙන බ්ලොග් එකක් වුනාද :D

      Delete
  17. දෙයක් අහන්න කලින් අපි ඒ අහන දේ ගැන හොදට දැනන් ඉන්න ඕන.. නැත්නම් අන්තිමේ වෙන්නේ මෙහෙම අවුල් තමයි.. කොහොම උනත් ආදර්ශමත් කතාව..

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      ඔව් අයියා. ඒක ගැන විශේෂයෙන්ම සැළකිලිමත් වෙන්න ඕනේ කාව හරි සවුත්තු කරන්න, අන්නන්න ප්‍රශ්න අහද්දී :)

      Delete
  18. uba honda welaawata karumeta hari mage iskoletama giyee..

    ReplyDelete
    Replies
    1. @ Sashimal Gunawardhana

      මගේ ඉස්කෝලේ නෙමෙයි අයියා ඒක අපේ ඉස්කෝලේ :)

      Delete
  19. ගත හැකි දේ , තේරුම් ගත හැකි දේ ගොඩක් ඇතී....

    ReplyDelete
    Replies
    1. @ දම්මි

      ඒක ඇත්ත. තම තම නැණ පමණින් විමසා තේරුම් ගත යුතුයි

      Delete
  20. නියම කතාව....මෙක මම හිතන්නේ අළුත් වර්ෂන් එක....
    මෙකෙ පරනම කතාව තියෙන්නේ පංච තන්ත්‍රය කියන හින්දු ග්‍රන්තයක.... එකේ තියෙන්නේ රජතුමා පුරොහිත බමුනාව මරලා බමුනාගෙ දුවව ලබාගන්න හදන ක්‍රියාවලියක් ගැනයි, එත් රජතුමා හමුවෙන්නයන්නේ බමුණු දියනියයි, ඇය ස්ථානොචිත නුවනින් රජතුමා පරදා රජකමද ලබාගනී ( එම කතාවෙන් කියවෙන්නේ ගැහැනුන්ද නුවනින් ඉතාමත් දක්ෂ බවයි)
    රජතුමා බමුනාට දුන් ප්‍රශ්නතුන
    1)ලෝකය මැද කොහෙද?
    2)අහසේ තරු කොපමනද?
    3)ඔබ මොහොතක් රජ වුනොත් කරන්නේ කුමක්ද?

    පුරෝහිත දියණිය දුන් පිලිතුරු
    1)ලෝකය මැද රජතුමා සිටි
    2)බැටළු සමක ඇති මවිල් ප්‍රමානයට සමාන ගනනක් තරු අහසේ ඇත.
    3)මෙම ප්‍රශ්නයට උත්තර දෙන්නනම් රජතුමාගේ සිංහාසනයේ වාඩිවිමට අවශ්‍ය බව පවසා එහි හිඳ ගත් පසු "මම මොහොතක් රජවුනොත් -රාජ පුරුෂයනි වහාම මේ මොඩ හිටපු රජතුමාගේ හිස සිඳදමනු"කියා රජාගේ හිස ගසා ඇය රජවිය

    ReplyDelete
    Replies
    1. @ Kushi

      මෙන්න කතා. කවුද කියන්නේ ගෑණුන්නේ නුවණ හැඳි මිටේ තරම් කියලා :D

      Delete
  21. මම දන්න කතාවේ එක් ප්‍රශ්නයක් වෙනස්.රජතුමා කන්දක් පෙන්නල අහනවා "අර කන්දේ පස් කූඩ කීයක් තියෙනව ද" කියල. ඇබිත්තයා උත්තර දෙනවා "ඒ කන්ද තරම් විශාල කූඩෙකින් නම් එකයි. කන්දෙන් බාගයක් තරම් කූඩෙකින් නම් දෙකයි" කියල.

    ReplyDelete
    Replies
    1. මාත් අහල තියෙනේ එහෙම

      Delete
    2. @ ජයශ්‍රී

      ඇබිත්තයා මුහුදේ ගැඹුර කිව්වා වගේ, ස්තුති අයියා. මට පේන විදිහට මේ කෑලි ඔක්කොම දාලා අලුත් කතාවක් ලියන්න අපිට පුලුවන් වේවි :)

      Delete
    3. @ රත්නේ

      versions ගොඩක් තියෙනවා වගේ නේද ලොක්කා :)

      Delete
  22. නියමයි. හැබැයි මේක අදට ගලපන්න බෑ. මොකද රජා ඇහුවෙ සිරා ප්‍රශ්න. නුවණැති ඇබිත්තය උත්තර දුන්නත් ලේසි ප්‍රශ්න නොවන නිසා.

    ReplyDelete
    Replies
    1. @ රාජ්

      දැන් කාලේ සිරා ප්‍රශ්න අහන රජවරුත් නැහැ. හිටියත් උත්තර දෙන්න ඉන්න පොරවල් දෙන්නේ ගොන් උත්තරනේ :D

      Delete
  23. ආ හසිත. කොටි සෙල්ලම් ගැන ලිව්වොත් නරකද? මේකත් හැබැයි නරකම නෑ ඕන්.

    ReplyDelete
    Replies
    1. @ Amila

      කොටි සෙල්ලම් ගැන එක කතන්දරයක් නෙමෙයි බන් තියෙන්නේ. ඒක හොඳ කතා පොතකට.

      ඒක ගැන මම ලියන්න හිතන් ඉන්නේ තව අවුරුදු 20 කින් විතර :D[එතකම් මම හිටියොත් සහ බ්ලොග් ලිව්වොත්] මොකද ඒක දැන්ම ලියන්න තරම් හොඳට පදම් වෙලා ඇවිත් නැහැ............

      Delete
  24. පට්ට කතාව හසිත අය්යේ මතක තියාගන්න වටිනවා ඇත්තමය්..

    ReplyDelete
    Replies
    1. @ පුබුදු

      ම්ම් නියමයි. තව සෙට් එකකට කියලා හොඳ ෆන් එකක් ගන්න පුලුවන් වෙයි :D

      Delete
  25. නියම කතාව ඈ.. මේවගේ ගොන් ප්‍රශ්න අන්ඩ අපේ රටේ රජවරු දැන් නෑ කියලා හිතාගමු. හිටියත් අනේ මංදා...?

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      රජවරු ගොන් ප්‍රශ්න අහද්දී ඒවාට ගොන් උත්තර දෙන්න ඇමතිවරු හරි පුරෝහිතවරු හරි ඉන්නවා. රජවරු සිරා ප්‍රශ්න ඇහුවත් ගොන් නඩේ දෙන්නේ ගොන් උත්තරම තමා :D

      Delete
  26. පොඩි කාලේ ඇහුවට පස්සේ අදයි කියෙව්වේ! බොහ්ම ස්තුතියි මතකය අවදි කලාට :)

    ReplyDelete
    Replies
    1. @ Sabith

      ෂාහ් ඒකත් හොඳයි නොවැ පුංචි කාලෙට ගිය එක :)

      Delete
  27. නියම කතාවක් !!
    කොහොමත් සමහර රජවරු අහන්නෙම ගොන් ප්‍රශ්න නේ.

    ReplyDelete
    Replies
    1. @ මධුරංග

      වර්තමානේ රජවරු ???

      Delete
  28. ඔන්න මේක සිද්ද උනේ ලංකාවේ එහෙම නොවෙයි.. ඇමෙරිකාවේ ඇමෙරිකාවේ.. එහෙ තමයි ලෝකෙට නයවෙවී සොමිදාන කෂ්ටිය ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. හරියට හරි සරත්,

      ලංකාවේ කොයින්ද එහෙම උදවිය

      Delete
    2. @ සරත් ලංකාප්‍රිය

      ඒක නම් අමූලික ගල් පැලෙන ඇත්ත අයියේ :D

      Delete
    3. @ පෙදරේරුවා නොහොත් මේසන් බාස්

      අයියා හරි අයියේ :D

      Delete
  29. Replies
    1. @ ඉන්ද්‍රජිත්

      මරේ මරු සහෝ :)

      Delete
  30. niyamai. prashna tika ndakkama mama hithuwaa mechcharak kiyala ganalaa balanna kiyayi kiyalaa. e wagema kiyalaa :P

    ReplyDelete
    Replies
    1. @ වර්ණා

      ඔයාටත් ඉක්මණට උපදේශකකමක් හම්බවෙයි හොඳ අමාත්‍යංශෙක :D

      Delete
  31. මට සාධාරණ සැකයක් පහල වෙනවා.. CID එකෙන් හොයන්නේ හරි මිනිහවද කියල.. :-D

    ReplyDelete
    Replies
    1. @ ක්සැන්ඩර් | Xander

      මෙන්න මෙන්න මෙයා මට සංවර්ධන වාසනාව කෝටියේ ජය මල්ල අරන් දෙන්න යනවා :D

      Delete
  32. Replies
    1. @ දූපත් වැසියා

      ඒකනේ කියන්නේ :)

      Delete
  33. පුංචි කාලේ මේ වගේ කතාවක් අහල තියෙනව් වගේ ලාවට මතකයි. අදනම් නැහැ ඒ වගේ ගොන් රජවරු.

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      අද කාලේ මේ වගේ ගොන් රජවරු ඉන්න පොත්පත්වල විතරමයි :D

      Delete
  34. අද කාලේ ඉන්න රජවරු කරන්නෙ ගොන් වැඩමනේ. අහිංසක ගොනාට තමයි ඒකෙත් අවනම්බුව...

    ReplyDelete
  35. @ ලහිරු

    කොහෙන් ගියත් අහිංසකයටයි ඇත්ත ගොනාටයි තමා පාර වදින්නේ :D

    ReplyDelete
  36. අපේ රටේ දේස පාලුවොන්ටනම් මේ කතාව බලල හැදෙන්න පුළුවන්

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................