Saturday, May 26, 2012

ජාතික කෞතුකාගාරයේ සොරකම ගැන කට උත්තර ගැනීමට හසිත ගුණසිංහ CID යට


මම අන්තිමට ලියපු "කතෝලික පූජකයෙක් වී පෘතුගාලයේදී මියගිය උඩරට රජතුමා" post එකේ අන්තිමට තිබුණු සමහරවිට මේ මම ලියන අන්තිම ලිපිය වෙන්න පුලුවන් කියන එකත් එක්ක හුඟක් අය ඒ ගැන ප්‍රශ්න කළා වගේම තවත් සමහරු ඇහුවා blog එක වහන්නද යන්නේ කියලා. 

ඒත් පත්තු වෙලා තිබුණු ගින්දරත් එක්ක ඒකකටවත් උත්තරයක් දෙන්න පුලුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් අද මේ සූදානම එහෙම එකක් කිව්වේ ඇයි කියලා කියන්න. 

වනේ වන හතුරෙක්ටවත් මෙවන් විපතක් නොවේවා කියලා මුලින්ම පටන් ගන්නම්. මාතෘකාව දැක්කාම නිකම් බොරු බොරු වගේ කියලා හිතුණත් මේ නම් ඇත්තම ඇත්ත.

ගිය සතියේ බ්‍රහස්පතින්දා අපේ අක්කා කෙනෙක්ගේ wedding එකකට මම ගිහින් ඉද්දී phone එකේ save කරලා තිබුණු නැති Mobitel number එකකින් [ We care always නේ :)) ] call එකක් ආවා. 

මෙන්න මෙහෙමයි ඒ දෙබස් ටික


මේ ගුණසිංහ මහත්තයාද ?

ඔව් එයා තමා. කවුද මේ ?

අපි මේ CID එකෙන් කතා කරන්නේ. කොළඹ ජාතික කෞතුකාගාරයේ සිද්ධ වුණු සොරකම ගැන ඔයාගෙන් statement එකක් අපිට ගන්න උවමනා වෙලා තියෙනවා. අපි දැන් ........... පාරේ ඉන්නේ. කොහොමද ඔයාලගේ ගෙදර එන්නේ ???

....... පාරේ ටික දුරක් එද්දී පාරේ දකුණු පැත්තට වෙන්න තියෙනවා ............ මාවත. ඒකේ පළවෙනි ගෙදර.

ආහ් හරි. ඔයා දැන් ගෙදර ඉන්නවාද ?

මම දැන් නම් ගෙදර නෙමේ ඉන්නේ. Wedding එකකට ඇවිත් ඉන්නේ. මොකද කරන්නේ එතකොට ?

අපි දැන් ගේ ගාව ඉන්න. ........... පාට ගාලා තියෙන ගෙදර නේද ?? 

ඔව් ඔව්. 

Statement එක ගන්න අපිට ආයි එන්න බැහැ. හෙට උදේට CID එකට එන්න පුලුවන්ද ?

හෙට නම් බැහැ හෙට මට තව wedding එකක් තියෙනවා.

අනිද්දා ?

අනිද්දා අද wedding එකේ home coming එක තියෙනවා.

ඉරිදා ?

ඉරිදාට සිකුරාදට තියෙන wedding එකේ home coming එක

සඳුදා ?

සඳුදා මට campus යන්න තියෙනවා

මහත්තයා ඔයා නීතියත් එක්ක සෙල්ලම් කරන්න එපා. අපිට මේ වැඩේ ඉක්මණට කරන්න ඕනේ.
අඟහරුවාදා කොහොමද ?

අඟහරුවාදා මම එන්නම් එහෙමනම්. කොතනද CID එක තියෙන්නේ ?

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානේ පහු කරලා කොටුව පැත්තට එද්දී හම්බෙන Cargills එක හරියෙන් අහන්නකෝ. එතකොට තැන ඕන කෙනෙක් පෙන්නයි

ඔයාලගේ ගෙදර මිදුලේ කවුද ඉන්නවා ?

ආහ් තාත්තා වෙන්න ඇති.

අපි එයාටත් විස්තරේ කියලා යන්නම්

ආහ් හරි

-------------------------------------------

මෙහෙමයි කතාව. 

මම සිරාවටම හිතුණේ අපේ ගොන් ජොකියෙක් කරන විහිළුවක් කියලාමයි. අලුත් number එකකට මාරු වුණු ගමන් හුඟක් එවුන් ඔහොම කරනවානේ. ඒක නිසයි එක දිගට මඟුලුයි home coming කතායි කිව්වෙත්. 

කෝකටත් කියලා මුන් ඇත්ත CID ද කියලා බලන්නත් එක්ක තමා CID එක තියෙන තැනත් ඇහුවේ. පස්සේ ඉතින් තාත්තටත් කියන්නම් කිව්වනේ. බලමුකෝ මොකෝ වෙන්නේ කියලා මම හිටියා.


තාත්තා මඟුල් ගෙදරට ආපු ගමන් මම ඇහුවා විස්තරේ. ඇත්ත තමා ඇත්තම CID එකෙන් තමා ඇවිත් තියෙන්නේ. පස්සේ ගෙදර යන ගමන් අම්මාට මේක කිව්වාම අම්මත් කෑ ගහනවා "මොන එහෙකටද CID එකෙන් එන්නේ" කියලා. 

තාත්තා කිව්වා "ආපු CID එකේ අය කිව්වා මෙයා කෞතුකාගාර පුස්තකාලෙට ඇවිත් තියෙනවා. ඒකයි කට උත්තරයක් ගන්න ඕනේ" කියලා. 

පස්සේ මම කිව්වා මට හිතෙන විදිහට විස්තරේ. අපේ Histroy Department එකෙන් කරන magazine එක තමා ඓතිහාසික ලේඛන සංග්‍රහය. ඒකට මම ලියන්න හිතාගෙන ඉන්නේ දක්ඛිණ ථූපය ගැන. ඒක ගැන මම කලින් e-අටුවාවටත් ලිව්ව post එක කරලා තව සංස්කරණය කරලා තමා ලියන්න ඉන්නේ

ඒකට දක්ඛිණ ථූපයේ සෙල්ලිපියක් තියෙන පොතක් හොයාගන්න ඕනේ වුණා. පොත තමා Inscription of Ceylon Volume 2 Part. Campus library එකේ හෙව්වාට ඒකේ ඒ පොත තිබුණේ නැහැ. 

පස්සේ Archy කරන රිටා කිව්වා ජාතික කෞතුකාගාර පුස්තකාලේ ඇති. ඒකේ නැති පොතක් නැහැ කියලා. කෞතුකාගාර පුස්තකාලේ වාර්ෂික සාමාජිකත්වය ගන්න ඕනේ රුපියල් 300 ගාණක්. මට හැමදාම වැඩ නැහැනේ. එක දවසකට යන්නත් පුලුවන්ලු රුපියල් 10 ලු.

ඉතින් දවසක් මම හවස් වරුවක කෞතුකාගාර පුස්තකාලේ ගියා. ඕනේ කරන පොතේ විස්තර කොළේක ලියලා ඒකෙම අපේ නම, ලිපිනය, එහෙමත් ලියන්න ඕනේ නිසා ඒවත් ලියලා සල්ලිත් බැදලා මම පොත ගේනකම් හිටියා. 

පස්සේ ඒ පොත මේ පුස්තකාලෙත් නැහැ. මම ඉතින් එන්නම් කියලා ආවා. එළියට ඇවිත් රිටාට ඕක කිව්වාම ඌ කිව්වා "පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පුස්තකාලේ නම් ඇති" කියලා. පස්සේ මට ඒ සෙල්ලිපිය internet එකෙන් හොයාගන්න පුලුවන් වුණා

ඒක නිසා ජාතික කෞතුකාගාරයට ගිය එකෙන් කාලෙත් අපරාදේ සල්ලිත් අපරාදේ... අන්තිමට වුණේ ඇඬෙනවා තනි ඇහැට කියලා CID යන්න :(


කිව්වට හොරයක් බොරුවක් නැහැ. හිතේ පොඩි බයක් නම් තිබුණා. වැරැද්දක් කරලා නම් නැහැ තමා. ඒත් මේ ශ්‍රී ලංකාවනේ...

අන්තිමට අඟරුවාද උදේ මමයි තාත්තයි CID එකට ගිහින් ඇතුළට යන්න කලින් එදා ආපු Inspector ගේ number එකට call කරලා කිව්වා "අපි ඇවිත් ඉන්නේ. කොතනටද එන්න ඕනේ" කියලා

එතකොට එයා කියනවා "ආහ් සර් එන්න ඕනේ නැහැ. අපි එදා ආපහු ඇවිත් අපේ chief ට විස්තරේ කිව්වා. එයා කිව්වා මෙයා campus එකේ ළමයෙක්නේ. තාත්තා හමුදාවේනේ. ඒක නිසා statement එකක් ගන්න අවශ්‍ය නැහැ. උවමනා වුණොත් ඉදිරියේදී ගන්න කියලා"

ඕන් කතාව. මට හොඳ ඒවා මතක් වුණා. එහෙම එකක් කිව්වා නම් එදාම කියපිය. මගේ බොක්කේ පත්තු වෙලා තිබුණු ගින්දර

මේ කුණු කතා
   

පස්සේ තාත්තයි මායි St. John Ambulance Headquartes එකට ගියා තාත්තගේ වැඩකට. මම office එකේ වාඩිවෙලා ඉද්දී එතනට ආපු චන්දික සර් [සර් කිව්වට අවුරුදු 30 ක් විතර. අපිට කතා කරන්නේම මචං කියලා]

ඒ හසිතයා. අපි යාළුවොනේ බන්. මට පොඩි මැණික් කෑල්ලක්වත් දියන් බන් කියලා හිනාවෙවී කියනවා :))

මම කිව්වා "අම්මෝ චන්දික සර් බණ කතා කරන්න එපා. මම පත්තු වෙලා හිටිය පත්තුවිල්ල" කියලා

මේ හැමෝටමයි කියන්නේ කවුරුත් කාටවත් බොරුවට ඔය CID, පොලිසියෙන් කියලා කරලා විහිළු කරනවා එහෙම නෙමෙයි. අන්තිමට ඇත්තටම කතා කරපු දවසට වෙන්නේ "  අර හැමදාම කොටියා ආවා කොටියා ආවා කියලා බොරු කියපු කොල්ලට ඇත්තටම කොටි ඇවිත් සිද්ධ වුණු දේ වගේ "    දෙයක්

ඉතින් මම නැවතත් සුපුරුදු පරිදි වැඩවලට............ 

මේ දැනට ලියලා ඉවර ඉස්සරහට පළවෙන්න තියෙන ඉතිහාසයේ අප්‍රකට කතා list එක 
  • ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව පාවා දුන් අයට වැදුණු ශාපය ???
  • රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව
  • 1818 කැරැල්ලට මූලික වුණු ව්‍යාජ රජු විල්බාවේට ජීවිත දානය, කැරැල්ල මෙහෙය වූ කැප්පෙටිපොළට මරණ දඬුවම
  • රජ කාලේ තිබුණු Inter Disawe Competition for ඉර හඳ කොඩිය

79 comments:

  1. අනේ හපොයි.. වෙච්චි දෙයක්...

    ඉතින් බ්ලොග් එක නවත්තන්න හැදුවෙ මොකෝ.. CID ගියාට පස්සෙ කෙලින්ම මහ උළුගෙදර යවයි කියලා හිතුවද?

    දැන් දිගටම ලියනවා නේද?

    ප.ලි. සෑමාවත් කවුරුහරි උස්සලාද මන්දා?

    ReplyDelete
    Replies
    1. @ හරී

      බ්ලොග් එක නවත්තන්න ගියේ නැහැ අයියා. කෝකකත් ඉස්සරහට පෝස්ට් ලියවුණේ නැත්නම් කියලා ඒක ගැනත් කියලා ගියා.

      දැන් ප්‍රශ්න ඉවරනේ. දැන් "හිටු" කියලා පහුගිය දවස් ටිකේ ලියපුවා publish
      කරනවා

      සෑමාවත් ඉක්මණින් මේ ආකාරයේ හරි ලිපියකින් නැවත බලාපොරොත්තු වෙමු

      Delete
    2. සෑමා ඉන්නවා මට මැසේජ් කරලා තිබුනා බය වෙන්න එපා.

      Delete
    3. @ අසරණයා

      එහෙනම් එච්චරයි :)

      Delete
  2. මට නං හැකයි.... CID එකෙං අතෑරියට උඹ නේද කඩුව ඉස්සුවෙ? :P :D

    ReplyDelete
    Replies
    1. @ Prabhath Darshana

      ඇයි උඹටත් පොඩි මැණික් ගල් කෑල්ලක් ඕනේද :D

      Delete
  3. හසිත අයියාට සෑහෙන වටින අත්දැකීමක් ලැබිලානෙ!

    ReplyDelete
    Replies
    1. @ විසිතුරු

      සෑහෙන්න වටිනද කියලා කියනවා මට මේ දක්වා ලැබුණු සුපිරිම අත්දැකීම... ආයේ කතා දෙකක් නැහැ :P

      රාවණා රජතුමා ආපහු එනකම් බලන් ඉන්නවද මලේ මොකුත් ලියන්නේම නැතුව :D

      Delete
  4. Relieved to hear that you're safe. At least we now know that the cops are conducting some sort of enquiry in to the theft. Please keep writing.

    ReplyDelete
    Replies
    1. @ shammi

      පොලිසිය බරටම වැඩ :) දැක්කාද මෙ ආර්ටිකල් එක තව සති දෙකයි කෞතුකාගාර සොරකමට සම්බන්ධ හොරුන්ට ෆන් එකේ ඉන්න වෙන්නේ

      http://www.gossip9.com/2012/05/2.html?utm_source=BP_recent

      Delete
  5. // */සමහරවිට මේ මම ලියන අන්තිම ලිපිය වෙන්න පුළුවන්/*

    // එතකොට මේ කතාව ලියන්නේ පොලිසියෙන්ද?

    එතකොට මම එදා කිව්ව එක හරි??

    ReplyDelete
    Replies
    1. @ ක්සැන්ඩර් | Xander

      කිව්වා හරි තමා. තව පොඩ්ඩෙන් ඒ කතාව ලියන්න වෙන්නේ පොලිසියට තමා. කොහොම නමුත් ඒ කතාවත් ඉස්සරහට කියන්නම් :)

      Delete
  6. ඇති ඔයින් ගියා නැත්නම් ආගිය කතා ඉතිහාසෙට එකතු වෙනවා තව ටිකෙන්...

    ReplyDelete
    Replies
    1. @ රොබින්

      පරණ ආගිය කතා ටික නම් ඉතිහාසෙට එකතු වෙලා ඉවරයි සහෝ

      Delete
  7. කිව්වට හොරයක් බොරුවක් නැහැ. හිතේ පොඩි බයක් නම් තිබුණා. වැරැද්දක් කරලා නම් නැහැ තමා. ඒත් මේ ශ්‍රී ලංකාවනේ...// හෙහ් හෙ.... සිරා කතාව හසියා. අද්දැකීමෙන් කියන්නෙ.

    මම හිතුවේ අන්තිමේ බ්ලොග් එක නවත්තනවා කියයි කියලා. හසිතට එහෙම නං කෝමත් කියන්න බෑ. කැම්පස් යන්න කලින් පොරොන්දු උනානේ මේක නවත්තන්නේ නෑයි කියලා.... :)

    ReplyDelete
    Replies
    1. @ බුද්ධි

      බුද්ධි අයියගේ අත්දැකීමත් කැමති නම් කියන්න. කුරුළු හමුදාවේ එහෙමත් හිටිය කෙනෙක් හැටියට හොඳ අත්දැකීමක් ඇති මට හිතෙන විදිහට

      Delete
  8. අදමයි මේ පැත්තට ආවෙ.. වැරැද්දක් කරලා නම් නැහැ තමා. ඒත් මේ ශ්‍රී ලංකාවනේ...//
    මාරු කතාව තමා. අර වලහට ගුටි දීල "මම තමයි හාවා,මම තමයි හාවා" කිවුව වගේ වෙයි කියල හිතුව නේද?

    ReplyDelete
    Replies
    1. @ Nethuki

      ඒකනේ ඔයාට තේරුණා මට තිබුණු ප්‍රශ්නේ :D

      Delete
  9. මදැයි කොලා . ඔයින් ගියා ඇති . හරිම වැඩක්නේ වෙලා තියෙන්නේ . බය වුන තරම හිතා ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. @ Bindi

      අක්කා කතන්දරගේ කතන්දරේකට දාපු කමෙන්ට් එකක් දැක්කා. 88, 89 කාලේ නොවුණත් මිනිස්සුන්ගේ හිතේ බය කියන එක තාම තියෙනවා නොවැ

      Delete
  10. මටත් දවසක් පොරක් ටෙලිෆෝන් එකෙන් කතා තරල පීඑස්ඩී පාට් එකක් දැම්මානෙ. මං උන්දෑට ජීවිතේට ම මතක හිටින, මොබයිල් පාවිච්චිය ගැන පාඩමක් කියල දුන්නා...!! ඒ උන්දෑට ආයෙ කිසිම දාක, ‍කිසිම නෙට්වර්ක් එකකින් මොබයිල් එකක් ගන්න බැරි තැනට වැඩ සිද්ද කරල දීමෙන්..!

    ReplyDelete
    Replies
    1. @ Indranatha Thenuwara

      ඒකත් හොඳයි. ඒත් කවුරු කවුරුත් අර කොටියා ආවා කතාවෙන් පාඩමක් ඉගෙන ගන්නවා නම් තවත් හොඳයි.

      ඉන්ද්‍රනාථ සර්ට කතා කලේ හොර පොලිස්නේ :) මට ඇත්ත පොලිස්

      Delete
  11. හසිත CID එකෙන් ඇල්ලුවහම මේ බ්ලොග් එක ලියන්නෙ CID එකෙන්ද?

    ReplyDelete
    Replies
    1. @ Praසන්ன

      ඒක ඉතින් CID එකෙන්ම තමා අහන්න තිබුණේ ඒ දේ හරියට වුණා නම් :)

      Delete
  12. උඹ කරගන්න වැඩ....

    ReplyDelete
    Replies
    1. @ prasanna86k

      මම කරගත්තු දෙයක්යැ අප්පා මේවා කඩාපාත් වෙන මරාළ

      Delete
  13. ඇති ඔයින් ගියා. කියවද්දි තමයි වැඩේ බරපතලකම තේරුනේ.

    ReplyDelete
  14. තමං වැරදිකරල නැති කොට මොකට බය වෙනවද? ඒත් ඉතිං මේක ලංකාවනෙ නේද?

    ReplyDelete
    Replies
    1. @ ඊ මේල් කවිකාරි

      ආසියාවේ ආශ්චර්ය වුණු දාට තමා අපි නිදහසේ හුස්ම ගන්නේ

      Delete
  15. අනේ ද කියන්නේ මෙහෙමත් දේවල්.
    ඔබ අහලා තියනවනේ 88 89 භීෂණ කාලේ. මම එකල වි. වි. ශිෂ්‍යයෙක්. අපේ අම්ම මම වැසිකිලියට යතත් පස්සෙන් එනවා. මගේ ලඟ තිබුනා වටිනා පොත් එකතුවක්. එහි තිබ්බා රුසියන් පොත් විශාල ගනනක්. දිනක් මම කොහේ හෝ ගිය විටක මව මේ පොත් සියල්ලම ගිනි තබා තිබුනා. දින කීපයක් මම නොකා නොබී දුක් වුනා. නමුත් මව නිසා නැවත යථා තත්ත්වයට පැමිණියා. ඔබ අහලා ඇති ගම්පෙරලිය පොත යමෙක් ලඟ තිබුනා කියලා ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවන්න වුනාලු. මෙහෙම කතාවක් එකල පැතුරුනා. මගේ මව බිය වුනෙත් ඒකටයි. එහෙව් රටක ඔබට යමක් වෙන්න හොදටම ඉඩ තිබුනා. පහත් තැනින් යයි ගලා ජලේ කිව්වලු. ඔබට සියළු දෙවියන්ගේ පිහිටයි. ඔබ වැනි ජාති මාමක දැනුමැති සිංහල තරුණයෝ දහස් ගනනක් අවශ්‍යයි මේ රටට.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරත් ඔය වැඩේම වුණා - මං ලව්වම ගිනි තැබ්බෙව්වා :-(

      හතරවෙනි තට්ටුවේ ලාච්චු කථාකරන්න පුලුවන්නම් කියවි වැඩි විස්තර

      Delete
    2. @ වෙද ගෙදර මහ වෙදනා

      ඒක ඇත්ත. තමන්ගේ දරුවෙක්ට කරදරයක් වෙයි කියන බය අම්මලා අත් විඳින හැටි මටත් දැකගන්න පුලුවන් වුණා පහුගිය දවස් ටිකේ.

      ස්තුතියි මහ වෙදනාට මාව අගය කළාට :)

      Delete
    3. @ තිස්ස දොඩන්ගොඩ

      මට වුණු CID හුටපටේ කිව්වාම එකෙන් මාව බය කරන්න ආවා ඔය හතරවෙනි තට්ටුවේ තියෙන ලාච්චු ගැන කියලා

      Delete
  16. මැදැ වේච්ච දේ.. සමහර විට තාත්තාත් හමුදාවේ නිසා උන් හිතන්න ඇති මෙවගෙ පොඩිකොල්ලෙක්ට මොන කඩුද කියලා ( හමුදාවේ අයට පොලිසීයේ එවුන් ටිකක් බයයි වගෙ ගතියක් තියෙනව ...හි හ් හි හ්) ...සාමාන්‍ය දුප්පත් පවුලක කෙනෙක්නම් ඉදල ඉවරයි.... අර හිමවලහාට වගේ හාවෙක් වෙන්නතමයි වෙන්නේ. මොනවාවුනත් වැඩේ ගොඩින් ශේප් වෙච්ච එකනම් හොඳයි.... ඕබට ජය

    ReplyDelete
    Replies
    1. @ Kushi

      මොකක් හරි දෙයක් නිසා මේ වැඩේ මෙහෙම විසඳුනු එක මට නම් ඇත්තටම සැහැල්ලුවක් තමා. මගෙන් කාටවත් කරදරයක් නැති නිසා මටත් කරදරයක් නැහැ කියලා මම විශ්වාස කරනවා

      Delete
  17. හපොයි ඇති යන්තම්...අපි හිතුවා අපි ඉතිහාසය ඉගෙනගන ඉවරයි කියලා.
    හොඳටම බය උනා නේද?

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      බය වුණා බය වුණා.

      මම නැතත් මේ වැඩ ඉස්සරහට ගෙනියන්න තව අය ඉදිරියට ඒවි. ඒක මට විශ්වාසයි.

      Delete
  18. මේ වගෙ දේවල් ඕනිම කෙනෙකුට වෙන්න පුළුවන්..තලගොයා කරගන්න කෙනෙක්ව හොයනවද දන්නෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. @ Weni

      ඒක ඇත්ත අයියේ. ගොසිප් සයිට් එකේ තිබුණු විදිහට තව සති 2 කින් බලමුකෝ අපි තලගොයෙක්වද අල්ලා ගෙන ඉන්නේ කියලා

      Delete
  19. මේ හැම කරදරයක්ම අපි වෙනුවෙන් නේ. පරිස්සමින් මචං.

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      ඒක නිසාමයි රස්තියාදුවක් වුණත් කට පියාගෙන ආවේ. ස්තුතියි අවවාදයට

      Delete
  20. උන්න හැටියට මළා මැදෑ කියල ඕක අමතක කරල දාපං බං, අපිට ඉස්සරහට ලංකාවෙ ජීවත්වෙන්න වෙන්නෙ ඔය විදියට තමයි. අනේ මන්දා ...

    ReplyDelete
    Replies
    1. @ DDT
      ආසියාවේ ආශ්චර්ය හෙවත් කේතුමතීපුරය උදාවුණාම මේ ප්‍රශ්න ඉවරයි මිත්‍රයා :D

      Delete
  21. බ්ලොග් පෝස්ට් එකක් ලියන්න උවමනා වුන දුර්ලබ පොතක් හොයන්න ඔය කියන දිනයෙම කටුගේ පුස්තකාලෙට ගිය නිසා මමත් සී අයි ඩී එකේ මූල්‍ය අංශයට ගිහිං කට උත්තරයක් දුන්නා. ඒක බ්ලොග් පෝස්ට් එකක් දමන්න තරං ලොකු දෙයක් කියලා මම නම් හිතන්නේ නෑ.පෝස්ට් එක ඇනොනිමස් දමන්නේත් ඒ නිසා.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් පෝස්ට් එකක් ලියන්න උවමනා වුන දුර්ලබ පොතක් හොයන්න ඔය කියන දිනයෙම කටුගේ පුස්තකාලෙට ගිය නිසා මමත් සී අයි ඩී එකේ මූල්‍ය අංශයට ගිහිං කට උත්තරයක් දුන්නා. ඒක බ්ලොග් පෝස්ට් එකක් දමන්න තරං ලොකු දෙයක් කියලා මම නම් හිතන්නේ නෑ. කමෙන්ට් එක ඇනොනිමස් දමන්නේත් ඒ නිසා.

      Delete
    2. @ Anonymous

      එක එක අය තමන්ගේ ජීවිතේදී තමන්ට මුහුණ දෙන්න වෙන එක එක අත්දැකීමවලට බර දෙන්නේ එහෙමත් නැත්නම් වටිනාකම් දෙන්නේ එක එක විදිහට.

      ඔබ ඒ සිදුවීමට බරක් නොදුන්නත් මම ඒකට බරක් දුන්නා. එච්චරයි ඒක හරි සරල දෙයක්.

      සමහර විට ඔබේ බ්ලොග් එක මම ආසාවෙන් කියවන බ්ලොග් එකක් වෙන්න ඇති. මට තියෙන ගැටළුව ඔබ කෞතුකාගාර පුස්තකාලෙන් කියවපු දුර්ලභ පොතෙන් ලියපු පෝස්ට් එක මම කියෙව්වාද කියන එක.

      මට ඒක කියවන්න වුණේ නැත්නම් හරි අපරාදයක් ඒක :(

      Delete
  22. හි හි... ඇති ඔයින් ගියා... උනුත් නිකං මෙලෝ රහක් නැතිව පෙට්‍රල් පුච්චන උන්ද කොහෙද... දැන් අපි හිතන්නෙත් ඔය කඩු සීන් එක ගැන සිරාවටම CID එකත් හොයනව වෙන්න ඇති කියලනේ... උන් මේක කොරන්න ඇත්තේ උඹ ලවා පෝස්ට් එකක් ලියවන්නමද දන්නෙ නෑ... ;-)

    ReplyDelete
    Replies
    1. @ hare :-)

      කියන්න බැහැ අයියේ මේක ලංකාවනේ :D

      බලමුකෝ තව සති දෙකයි ඉවසන්න තියෙන්නේ. සති දෙකෙන් කෞතුකාගාරේ හොරු අල්ලනවා කියලා පොලිස් ලොක්කෙක් කියලා තියෙන්නේ

      Delete
  23. හසිත ගුණසිංහ කඩු හොරකමට සම්බන්ධ නැති බව සීඅයිඩී ය පවසයි.

    ReplyDelete
    Replies
    1. @ කතන්දර Kathandara

      ඒක නම් හරිම මිහිරි වාක්‍යයක් කසූ :D

      Delete
  24. මාර සීන් එකනේ වෙන්ඩ ගියේ.
    බ්ලොග් එක වහන්ඩ යනවා කියලා කට කතාවක් තියෙනවා. ඒක බොරුවක් නේද ??

    ReplyDelete
    Replies
    1. @ මධුරංග

      තව ටිකෙන් බ්ලොග් එක වහන්න නෙමේ වැහෙන්න ගියේ අයියේ. දැන් අවුලක් නැහැනේ.

      දිගටම මෙය ලියමි :D

      Delete
  25. මාර සීන් එකනේ මලයා.. හොද වෙලාවට ඔයින් ගියේ.. එදා නවත්තනවා කියද්දි හිතුවේ වෙන මොකක් හරි හේතුවක් කියලා..

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      තාම නම් බ්ලොග් එක නවත්තන්න තරම් හේතුවක් ආවේ නැහැ අයියේ. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ. දන්නේ නැද්ද ඉතින් :D

      Delete
  26. Replies
    1. @ වින්චැට් කිරිල්ලි.

      ඒක තමයි අනේ මටත් තියෙන පුස්නේ. සමහර විට ඒක රහස් පොලිසියේ රහස් වැඩවල හැටි වෙන්න ඇති

      Delete
  27. ම්..මාතෘකාව දැක්කම මටත් අප්සට් ගියා..
    හැමදේම හොඳින් කියලා හිතනවා..

    ReplyDelete
    Replies
    1. @ රූ....

      හැමදේම හොඳින් කියලා මාත් හිතනවා අක්කේ. බලමුකෝ නේද :)

      Delete
  28. හසිත නොසිතූ අකරතැබ්බෙකට මුහුණ දිල ඇති ඔයිං ගියා ..

    ReplyDelete
    Replies
    1. @ Gimhani

      ඒකනේ බුදු හාමුදුරුවොත් දේශනා කළේ "අචින්ති තම්පි භවති" කියලා. නොසිතූ දෙය සිදුවෙනවාලු

      Delete
  29. හසිත බැරිවෙලාවත් ගියානම් වෙන්නේ පොලිසියට අහුවෙච්ච වලහට වෙච්ච දේ...

    කොහොම උනත් අපිත් අනම් මනං ලියද්දි කියවද්දි පරිස්සම් වෙන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. @ Mee Godayaa

      අනිවාර්යයෙන්ම අවදානමට පෙර සූදානම හරිම වටිනවා

      Delete
  30. malli, godak wiplawa karayo oya podi dekinma bhaya welaa paththa maaru karanawa!

    ReplyDelete
    Replies
    1. @ Anonymous 2

      අනේ මන්දා මට නම් තේරුනේ නැහැ. මම විප්ලවකාරයෙකුත් නෙමේ. පැත්ත මාරු කරන්න තරම් මේක දේකුත් නෙමෙයි

      Delete
  31. සිදුවූ සිදුවීම ගැනනම් විටෙක තැතිගැන්මක් එක්කම අවසානයේ නිදහස් සතුටක් දැනුන තව දුරටත් ගැටළුවක් නොවීම ගැන ..සටහන් කියවාගෙන යත්දි කෙටි කතාවක් කියෙව්ව වගේ දැනුන ...

    කෙසේ වෙතත් “තොරතුරු වල වටිනකම“ සහ නිවැරදි තොරතුරු සොයාගැන්මට වන වෙහෙස වෙනුවෙන් මගේ ගෞරවය පුදකරනවා ...අදයි මේ සටහනට ආවේ , බොහොම වටින සටහනක් නිසා ඉඩ ලද විටෙක ආයෙත් එනවා

    ReplyDelete
    Replies
    1. @ මහේෂ් නිශාන්ත

      ස්තුති පළමු වතාවට මේ පැත්තට ගොඩ වැදුනාට...... ආයෙත් නිවාඩු පාඩුවේ ඇවිත් යන්න එන්න

      Delete
  32. අනේ අම්මෝ...ඔයින් ගියා මදැයි...

    ReplyDelete
    Replies
    1. @ නිසුපා

      අනිවාර්යයෙන්ම අක්කේ

      Delete
  33. අලුත් ඇඳුම හොඳයි. කියවන්ඩ ලේසියි. ඇහැට පහසුයි.

    ස්තූතියි ඉල්ලීම සලකා බැලීම ගැන.

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. @ Senna

      ඔබේ ඉල්ලීම නිසාමයි මේ වැඩේට අත ගැහුවේ. බ්ලොග් එක පටන් අරගෙන අවුරුදු 2 ක්ම තිබුණේ පරණ සූට් එක නොවැ. අලුත් ඇඳුම් ඇන්දම හැඩයි

      Delete
  34. තව පොඩ්ඩෙන් හතරවෙනි තට්ටුවේ තමයි නතර වෙන්නෙ... ඇති ඔයින් ගියා!!

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      හතර වෙනි තට්ටුව ගාවට ගිහින් උඩ බලලා ආපහු ආවා :D

      Delete
  35. ඕමල්පෙ හාමුදුරුවො කියපු කාරනෙ මට හුඟක්ම විශ්වසයි.ඔය වගෙ අදි ආරක්ෂිත කලාපෙක ඔහොම හොරකමක් කරන්න නගර සබාවෙ කම්කරුවොන්ට පුලුවන් නම් පොලිසියක් ඉන්නෙ මොකටද ?...අනිවාර්යයෙන්ම ඕකට ඉහළම තැනකින් උදව් ලැබිලා තියෙනවා .දැන් හොයාගෙන තියෙනවයි කියන කෞතුක බාන්ඩ ටික බොරු ඒවද කවුද දන්නෙ. හොරකම වෙලා මාස පහක් යනකල් ඒවා යහතින් තියෙයි කියලා හිතන්ඩ හුඟක්ම අමාරුයි

    ReplyDelete
    Replies
    1. @ Don Kayci

      කොසොල් රජතුමා දැක්ක ඒ වගේම බුදු හාමුදුරුවෝ මනාව පැහැදිලි කරපු හීනවලින් කියපුවා වරදින්න නම් විදිහක් නැහැ :)

      Delete
  36. හප්පේ හසිත සුදු වෑන් කාරයෝවත්ද?

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තයා

      සුදු වෑන් නැහැ කෙලින්ම සීඅයිඩී ජීප් එකක්

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................