Sunday, May 8, 2011

Exams අස්සේ විකාර


දිනය : 2011 මැයි 7 වෙනිදා

ස්ථානය : කැකුළාවල ශාලාව, කැලණිය විශ්වවිද්‍යාලය, දළුගම

වේලාව : පෙරවරු 10.00 සිට 10.30 දක්වා

සිද්ධිය : මානව සම්පත් කලමනාකරණය ප්‍රශ්න පත්‍රයට හැකි පමණ සාර්ථකව පිළිතුරු සපයා ඉතුරුව තිබූ විනාඩි 30 ක කාලය තුළ හිස් කොළයකට පිරවුණු මගේ සිතුවිලි............


අද කොළ පිරවූ අප
හිත පුරවා ගන්නේ හෝ
හිත කඩාගන්නේ
ප්‍රතිඵල එනදාටය

විභාගේ පාඩම්
විභාගේ පාඩම්
මිසක්
පාඩම් විභාගේ වෙන්නේ නැහැනේ

ලස්සන කොළ ටික
පොඩි ළමයෙක් වුණා නම්
රොකට් හදන්නවත් තිබුණා
දැන් ඉතින් කොළ පිරෙන්න
කවි ලියන්න තමා වෙන්නේ

මම වැඩිපුර කරදර කළේ නැහැ
ඒක නිසා පොත පිරෙන්නවත් ලිව්වේ නැහැ
අපේ lecturers ලා වගේ නෙමෙයිනේ
මොකටද කොළ පිරෙන්න ලියලා
බොරුවට මහන්සි කරවන්නේ

ඉපදෙනවා මැරෙනවා වගේ
ඉවරයක් නැහැනේ මේක
මුලින් lectures පස්සේ exams
කොහොම හරි degree එක කරගත්තොත්
නිවන් ගියා වගේ තමා

තව පැය බාගයක්
එහෙම් පිටින්ම ඉතුරු වෙලා
තව කොච්චර කියලා
බයිලා ලියන්නද

පොත පිරෙන්නවත්
නොලියපු මට
මෙන්න කොළ ගැට ගහන්න
නූලකුත් දෙනවා
අනේ අනිච්චං
කාට කියන්නද

HR Managers ලා වෙන්න
හොඳ අය ඉන්නවා වගේ
තව කොළ ඉල්ල ඉල්ල
උත්තර ලියන්නේ ඒ අය තමා

A plus මට හම්බෙන් නැහැ
D, E නම් ඕනෙම නැහැ
A, B, C කමකුත් නැහැ
Repeat නැතොත් එළම තමා

එකෙක් කොළ ඉල්ලලා
මේසෙට තට්ටු දානවා
ඉස්සරහ ඉන්න එකාට
මේ සද්දේ අහන් ඉන්න බැරිම තැන
එයා ගාව තිබ්බ කොළයක් දීලා දැම්මා
ඉවරයිනේ එතකොට
කනක් ඇහිලා ඉන්න පුලුවන් නේ


ඉස්සරහ ඩෙස්ක් එකක කෙල්ලෙක්
ඩෙස්ක් එකත් බදාගෙන හොඳටම නිදි
පව් අප්පා ඊයේ රෑ පාඩම් කරලා මහන්සි ඇති
අදවත් මේ නිස්කලංකේ ඉද්දී නිදාගන්න එපැයි

ප්‍රශ්න පත්තරේ පෙරල පෙරල ඉද්දී
මටත් කරුමෙට වගේ
තව මොනවද මතක් වුණා
ඔන්න ඔහේ ඒකත් ලියලා දැම්මා

අන්තිම විනාඩි දෙක තුන
නිදාගත්තු අය ඇඟමැලි කඩනවා
ලියන අය තව ලියනවා
මම වගේ අය ඔහේ
papers එකතු කරනකම් බලන් ඉන්නවා

ඉවරා.............යි


ප.ලි.: මගේ HRM Results බලාපොරොත්තුවන්න.

20 comments:

  1. A plus මට හම්බෙන් නැහැ
    D, E නම් ඕනෙම නැහැ
    A, B, C කමකුත් නැහැ
    Repeat නැතොත් එළම තමා

    යකෝ "ඒ ප්ලස්" ඕන නම් තව අඩුවෙන් ලියන්න තිබුනේ... :D

    ReplyDelete
  2. ඉගෙන ගන්න කාලේ ඕක තමයි . මටත් පාඩම් කරනවා , විභාග කරනවා මතක් වෙද්දී ආයේ ''මට දෙන්න මගේ බාල කාලේ'' කියන්නේ මොන පිස්සුවකටද කියල හිතෙනවා.

    ඔය කවියත් පේපර් එකට ඇමිනුවා නම් ලෙචා ෆුල් මාක්ස් දෙයි. [ ඔහු බ්ලොග් කියවන අයෙක් නම් ]

    ReplyDelete
  3. අපිත් කැම්පස් එකේ විභාග ලිව්ව ගැටි මතක් වුනා.විභාගෙ දවස්වල ඉන්නෙ හරියට කලුගලක් ඔලුව උඩ තියාගන වගේ.ඉවර වුනාම මාර සනීපයක් ඔලුවට දැනෙන්නෙ

    ReplyDelete
  4. හිහ්.... B1 212යි කැකුළාවල ෂාලාවයි අතර ලොකු වෙනසක් නෑනේද බං.. හිහ් හිහ්....

    ReplyDelete
  5. හික් හික්...මමත් මේ ලගදි තිබ්බ විබාගෙකට ගිහිල්ලා කරන්න දෙයක් නැතුව ලියපු එකක් ඇමිනුවා පේපර් එකට...
    අයියටත් තිබ්බේ අමුනන්න

    ReplyDelete
  6. මමනම් ඉස්සර විභාග වලට ගියේම මල් සුවඳ විඳලා .. දැන් මේ බ්ලොග් ලියන එවුං කැම්පස් ගැන කතා කරනකොට මට තේරෙනවා මම විභාග අනා ගත්ත එකේ විපාක..

    ReplyDelete
  7. එදා කැළණියේ දී ප්‍රශ්න පත්තර වලට උත්තර ලියන්න අපි මුළු පැය 3 ක් ම අරගත්තා. දැන් විභාග පැය භාගයයි ද?!!!

    ReplyDelete
  8. හ්ම්ම්... එච්චර ලේසිද විභාගෙ??

    ReplyDelete
  9. මටත් යන්තම් C එකක් තොබ්බොත් ඇති. වැඩිය මහන්සි වෙන්නේ නෑ. ඒ උනාට මල්ලි මහන්සිවෙලා එග්සෑම් ගොඩ දාගන්න.

    ReplyDelete
  10. @සෝරෝ

    පුලුවන් තරම් අඩුවෙන් තමා සහෝ ලිව්වේ. අපේ lecturers ලාට නම් පිටු ගණන් උත්තර බලලා පුරුදු වුණාට HRM department එකේ අයට එහෙම පුරුදු නැහැනේ.

    මම ඉතින් වැඩි කරදරයක් නැතිව බලන්න තමා ලිව්වේ :))

    ReplyDelete
  11. @Bindi

    ලෙචා ෆුල් මාක්ස් දෙයිද නැත්නම් පිස්සු හදාගනීද දන්නේ නැහැනේ අක්කේ. අනික ඒක පේපර් එකට ඇමිණුවාම මම බ්ලොග් එකට ලියන්නේ මොකක්ද :))

    ReplyDelete
  12. @නදී...

    හප්පෝ ඒවා ගැන නම් කුමන කතාද අක්කේ. විභාගේ ඉවර වුණා කියන්නේ රටක් රාජ්ජයක් දිනුවා හා සමානයි :))

    ReplyDelete
  13. @Prabhath Darshana

    තේරුනේ නැහැ බන්. උඹ කියන හෝල් එකයි කැකුලෙයි දෙකම එක වගේ කිව්වේ ????

    ReplyDelete
  14. @රත්ගමයා

    කොහොමද මලේ ඒ විභාගේ ප්‍රතිඵල ??? අති විශිෂ්ටයිද ??

    ReplyDelete
  15. @හිස් අහස

    මල ගහපුවාම පාඩම් කරපුවා ඔක්කොම මතක හිටිනවාද ? එහෙමත් නැත්නම් පේපර් එක අතට ගත්තාම පාඩම් කරපුවා මතක් වෙනවාද ???

    ReplyDelete
  16. @arunishapiro

    අප්පෝ නැහැ අක්කේ. මේ HRM paper එක auxilary unit එකක් විදිහට අපි දාපු එකක්. ප්‍රශ්න 8 න් 4 ක් ලියන්න ඕනේ. කාලය පැය 2 යි.

    මේ පාර ප්‍රශ්න 7 න් 4 ක් තමා ලියන්නත් තිබ්බේ. ඉතින් මට අන්තිමට පැය භාගයක් ඉතිරිත් වුණා............

    ReplyDelete
  17. @අළුත් කොල්ලා

    ලේසිදත් කියලා අහනවා. ප්‍රතිඵල එද්දී තමා බලාගන්න වෙන්නේ ලේසි වුණු එකේ තරම :))

    ReplyDelete
  18. @මධුරංග

    මේක auxilary unit එකක් අයියා. ඒ වුණත් ඉතින් හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා.

    auxilary unit වල ඒවා GPA එකට එකතු කරන්නේ නැහැලුනේ. නැත්නම් මේක කෙළ වුණොත් GPA එකත් බහී :))

    ReplyDelete
  19. මොනාහරි උත්තර පත්තරේ කුරුටු ගාන්නනෙ තිබ්බෙ. ඇයි ඉතින් ගොඩක් අය ලකුණු දෙන්නෙ පෙපෙර්ස් ටික ෆෑන් එකට විසික් කරලා ඉස්සෙල්ලාම බිමට වැටෙන එකට වැඩි ලකුණු විදිහටනෙ. වැඩිපුර අකුරු ටිකක් ලිව්වානම් බරට ඉක්මනට බිමට වැටෙනවනේ..

    ReplyDelete
  20. @පිණිබිඳු...

    මොකුත් නොලියම හිටියේ නැහැ. පොත පිරෙන්න ලිව්වා. පොතෙත් පිටු 18 ක් තියෙනවානේ. ටිකක් බරයි ඒක නිසා D,E නම් එන්නේ නැහැ :))

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................