Sunday, June 6, 2010

Lift එකක උඩට පහළට ගිය කතාව

මත්පැන් ගැනයි, අසනීප ගැනයි කියපු කතා ඉවර කරලා වෙන ජාතියක කතාවක් තමා අද කියන්න හිතුවේ. මේක මට පොඩි කාලේ වුණු සිද්ධියක්.තවත් නිවැරදිව කිව්වොත් මම ඉස්කෝලේ 6 වසරේ ඉන්න කාලේ. අටුවා ටීකා ටිප්පණි නැතිව කතාව පටන් ගන්නම්.

අපේ ලොකු නැන්දාගේ දුවගේ Wedding එක තිබ්බේ Holiday Inn Hotel එකේ. ඉතින් Wedding එක තිබ්බ Hall එක තිබුණේ 2 වෙනි තට්ටුවේ. පළවෙනි තට්ටුවේ ඉදන් දෙවෙනි තට්ටුව යන්න පඩි පෙළක් තියෙනවා. ඒ වගේම Lift එකකුත් තියෙනවා. [ගිහිල්ලා තියෙන අය දන්නවා ඇතිනේ]


ඉතින් උදේ තමයි Wedding එක තිබ්බේ. මම ඉතින් පෝරුවේ චාරිත්‍ර යන වෙලේ Hall එකට වෙලා වාඩිවෙලා හිටියා. ඒත් කිසි ගතියක් නැහැ මට.[දැඟලිල්ල නේ ඒ කාලේ එකතැනකට වෙලා ඉන්න හරි අමාරුයි]

මම එළියට ආවා. මට පෙනුණා Lift එක. මම කරපු වැඩේ Lift එකට ගිහින් එක පාරක් උඩටම ගිහින් පල්ලෙහාට ආවා. ඒකත් ඉතින් නරකම නැහැ. මේ විදිහට ඉතින් මම Lift එකේ කීප වතාවක් උඩට පහළට ගියා.

දැන් කට්ටිය හිතනවා ඇති මම ඉස්සෙල්ලා පාරටද Lift එකක ගියේ කියලා. එහෙම නැහැ මීට කලිනුත් Lift එකේ මම ගිහින් තියෙනවා. ඒත් ඉතින් තව කවුරුහරි එක්කනේ. මම විතරක් මෙහෙම තනියෙන් උඩට පහළට Lift එකේ ගිහින් නැහැනේ. අනික ඉතින් හිතේ හැටියට යන්න අපේ ගෙදර Lift එකක් හයි කරලා තියෙන එකක්යැ.

ඔය විදිහට ඉහළට පහළට හුඟක් වෙලා ගිය නිසාත් අම්මලා මාව හෙව්වොත් කියලත් හිතලා ටික වෙලාවකින් මම Hall එක ඇතුළට ගියා. ටික වෙලාවක් Hall එක ඇතුළට වෙලා අම්මට එහෙම පේන්න ඉදලා මම එළියට ඇවිත් ආයි පාරක් Lift එක ගාවට ගියා.

මම එතනට යද්දී ආච්චි කෙනෙක් [කණ්ණාඩි එහෙමත් දාලා හිටිය වයසක කෙනෙක්] Lift එක ගාවට වෙලා හිටගෙන ඉන්නවා.

"ආච්චිට පල්ලෙහාට යන්න ඕනවෙලාද කොහොදෝ මෙතනට වෙලා හිටගෙන ඉන්නවා වෙන්න ඇති. පඩිපෙළ දිගේ පල්ලෙහාට යන්නත් අමාරුයිනේ" මට හිතුණා ආච්චිට උදව්වක් කරන්න. අපි වයසක අයට උදව් කරන්න ඕනෙනේ.


ඒත් ඉතින් ආච්චි පල්ලෙහාට යන්න Lift එක ගාව හිටියට යන්න බැහැනේ. Lift එක ඒ තට්ටුවට ගෙන්න ගන්න Button එක press කරන්න ඕනෙනේ. එහෙම එකකුත් කරලා තිබ්බ පාටක් පේන්න තිබ්බෙත් නැහැ.

මම ආච්චි ගාවට ගිහින් "කෝ ඉන්න ආච්චි මම උදව් කරන්නම්" කියලා Lift එක ගෙන්න ගන්න Button එක press කලා.

Lift එක අපි හිටපු තට්ටුවට ඇවිත් දොර ඇරුණු ගමන් මම කිව්වා ආච්චිට "හරි ආච්චි දැන් පල්ලෙහා තට්ටුවට යන්න පුලුවන්" කියලා.

ඒ වෙලේ " ආහ් පුතේ මේ ලැට් එකේ [Tolilet] දොර නෙමෙයිද ? මම හිතුවේ ලැට් එක මෙතනයි කියලා" ආච්චි කියපි.

මට ඉතින් වස ලැජ්ජාවක් හිතුණේ. මදැයි මම උදව්වක් කරන්න ආවා ආච්චිට :)

පස්සේ ඉතින් මම ආච්චිට Tolilet එකට යන පාරත් පෙන්නලා Lift එකේ duty කිරිල්ල අතඇරලා Hall එක ඇතුළට ගියා.

26 comments:

  1. ලිෆ්ට් එකේ ජොබ් එකත් මරු වැඩේ නේද ? :D

    ReplyDelete
  2. වෙලාවට ආච්චි කෙනෙක් වුනේ... කොහොමද හිතේ තියෙන ලෙංගතුකමට ගෑණු ලමයෙකුට වුනානම්.

    ReplyDelete
  3. ලොලේ ලොල්... පොඩ්ඩා කාලේ හසිතයටත් වෙලා තියෙන වැඩ නේද....

    ReplyDelete
  4. මමත් පොඩි කාලෙ ලිෆ්ට් එකක් 'පැද්ද' සිද්ධියක් මතක් වුනා. ඒ 1991 දී. තාත්තා එක්ක විශ්‍රාමවැටුප් දෙපාර්තමේන්තුවට ගිය වෙලාවක තාත්ත එතැනට ගිය වැඩේ කරගන්නගම් මම ලිෆ්ට් 'පැද්දා'. එක දිගට ලිෆ්ට් එකේ උඩ-පහල යන්න ලැජ්ජ නිසා මම කළෙ ලිෆ්ට් එකේ උඩට ගියානම්, පඩිපෙළෙන් තට්ටු 1-2 ක් බැහැලා ආයෙත් ලිෆ්ට් එකේ උඩට හෝ පහලට යන එකයි!

    ReplyDelete
  5. මරු අයියෙ...පට්ට සීන් එක

    ReplyDelete
  6. @ http://abebedorespgondufo.blogs.sapo.pt/
    Thanx bro

    ReplyDelete
  7. Anonymous KIUN හා වැප් ට
    ඔයාලට නම් හිනා :)

    මාරයාගේ හෝරාව ට
    මේක ටොයිලට් කතාවක් කියලා ගන්නත් පුලුවන්, ලිෆ්ට් කතාව්ක් කිය්ලා ගන්නත් පුලුවන් අයියා :)

    ඒක නෙමෙයි මොකද මේ දවස් ටිකේ ඔයාගේ කතාව නැත්තේ ?

    ReplyDelete
  8. තර්ඩ් මෑන් (SIDATH) ට
    මරුදත් කියලා අහනවා. බොත්තම එබුවා උඩට ගියා බොත්තම එබුවා පහළට ආවා. කොච්චර සිරාද ? :)

    අභීත උදය බණ්ඩාර එදිරිසිංහ ට
    ඒ කාලේ ඉතින් මම 6 වසරේ ඉන්න පොඩි එකානේ අයියේ :)

    Prabhath Darshana ට
    තව හොඳ හොඳ වැඩවෙලා තියෙනවා හසියා පොඩි කාලේ. ඉස්සරහට ඒව කියන්නම්කෝ :)

    ReplyDelete
  9. nadeesthoughts ට
    ඒකත් නියම කතාව අයියා. පොඩි කාලේ කොහොමත් ඔය වගේ වැඩ තමයි වෙන්නේ :)

    milan ට
    ඒකනේ මිත්‍රයා :) සිනා බෝ වේවා !!!

    හිඟන්නා ට
    මරේ මරු :)

    ReplyDelete
  10. hi..hi.... ayyo... oyatath maru wada wenne :)
    shashi

    ReplyDelete
  11. ජංජාල චාමර හා හසිත ජයසූරිය ට
    පට්ටම පට්ටයි මිත්‍රවරුනි. මම හිතන විදිහට නම් දෙල් පට්ටා :)

    NUWAN"s lane ට
    ඒක තමයි අයියා. මොනවා වුණත් මම උදව් කලානේ ඒ ආච්චිට. එහෙම තමයි වෙන්න ඕනේ :)

    ඉලංදාරියා ට
    ස්තුතියි මිත්‍රයා ප්‍රතිචාරයට

    ReplyDelete
  12. කාලෙකට පස්සේ විසින්

    :) :) හිහ් හිහ්, කොහොම තියෙයිද, ආච්චි ආච්චිගේ වැඩේ ලිෆ්ට් එකේ කරලා තිබ්බට පස්සේ, හසිත ලිෆ්ට් එකේ සෙල්ලම් කලානම්. Security කියයි, "පොඩි එකෙක් ඕකේ සෙල්ලම් කර කර හිටිය. මිනිහ තමි මෙතන ජී දන්නා ඇත්තේ කියල" :ද

    ReplyDelete
  13. කාලෙකට පස්සේ ට

    අලි මදිවට කොටි සහ හරක් කිව්වාලු :) කොයිකටත් ශරීර සෞඛ්‍යයට ගුණ නිසා තමා මම ඊට පස්සේ ලිෆ්ට් එකේ ඩියුටි කිරිල්ල අත් ඇරලා හෝල් එක ඇතුළටම වෙලා හිටියේ......:)

    ReplyDelete
  14. putha,

    I was so interest about this story. Usually we do not have experience like this. This incident has helped you a lot to develop your long sighted attitude.

    I am very happy to read what you share. May you have more courage and energy!

    ReplyDelete
  15. @ Seelagawesi Thero

    Hamuduruwane, Thank you very much for your appreciation.

    Theruwan Saranai !!!

    ReplyDelete
  16. ඉන්දික උපශාන්ත ට
    ඇයි සැකද අයියා ?

    පිස්සා පලාමල්ල ට
    අනේද කියන්නේ අයියා. මොනවා වුණත් දැන් මතක් කරද්දිත් ෆන්ම තමා :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................