Saturday, June 19, 2010

සාඩම්බර හසී පවුල සහ චා Group එක


අද මූණු පොතේ කරක් ගහද්දී දැක්කා හෂිකා හෙට්ටිගේ අක්කා මට Request එකක් එවලා තිබ්බා "සාඩම්බර හසී පවුල" කියන මූණු පොතේ Group එකට set වෙන්න කියලා. මගේ නමත් හසිත නේ. ඉතින් මමත් Group එකට ගිහින් බැලුවා. Group එක හදලා තියෙන්නේ අන්තර්ජාලේ සහ බ්ලොග් අවකාශේ කරක් ගහන ඔක්කොම හසීලාට set වෙන්න. ඒක create කරලා තියෙන්නෙත් හසිත හේමරත්න අයියා. මමත් ඉතින් සතුටින් "සාඩම්බර හසී පවුල" ට එක් වුණා.

වත් අක්කාත් දවසක් එයාගේ post එකකට හසිත ජයසූරිය මල්ලී, හෂිකා හෙට්ටිගේ අක්කා සහ මම comments කරපුවට reply එක විදිහට හසී family එකටම ස්තුතියි කරලා තිබ්බා. කොහොමින් කොහොම හරි දැන් සයිබර් අවකාශෙයි බ්ලොග් අවකාශෙයි හසී පවුල හරිම famous.

දැනට අපේ සාඩම්බර හසී පවුලේ කට්ටිය තමා මේ

හසියා හෙවත් හසිත හේමරත්න අයියා. එයාගේ blog එක තමා හසියාගේ නවාතැන

ඉස්සරහට සාඩම්බර හසී පවුලෙන් අපිට හොඳ හොඳ වැඩ ටිකක් කරන්න බැරියෑ.....

මෙහෙම set එකකගේ නමේ මුල් අකුරු සමාන වුණාම එක එක කල්ලි හදාගන්න එකත් සිරා වැඩක්. මම A/L කරන කාලේ Logic වලට Class ගිය කැලණිය තර්ක මැදුරෙත් අපි මේ වගේ පොඩි Group එකක් හදන් හිටියා. ඒ එකේ නම තමා "චා Group" එක.


චා Group කියලා නම හැදුණේ චා වැඩ ඒත් නැත්නම් සවුත්තු වැඩ කරලා නම් නෙමෙයි. මොකද අපේ චා Group එකේ චා වැඩ කරපු අය හිටියේත් නැහැ, චා Group එකෙන් චා වැඩ කලෙත් නැහැ.

ඉතින් අපේ Group එකට චා කියන නම හැදුණේ මෙහෙමයි. චා Group එකේ member වෙලා හිටිය හැමෝගෙම නමේ චා කියලා කෑල්ලක් තිබුණා. ඒකේ හිටිය කට්ටියගේ නම් ටිකත් කියන්නම්කෝ.......

ගිහාන් චාමර
චානිකා තියරංගි
චායා ජයවර්ධන
ගංගිකා චාමලී
චාමිලා නදීශානි
අන්තිමට මම හසිත චාමිකර


ඉතින් අපේ Logic Class එකෙන් බෝධි පූජා එහෙම කළා Exam එකට ලං වුණාම. ඒවාට එහෙම චා Group එකෙන් හෙණම sup එකක් දුන්නා. ඒ වගේම අපේ Logic Class එක තියෙන්නේ අපේ ගුරුතුමියගේම ගෙදර. අපි ඒ ගෙදර paint කරන කොන්ත්‍රාත් එකත් බාරගෙන හොඳට ගේ paint කළා. ඒකේදී ගේ පිටිපස්සේ බිත්තියේ ගාන්න පාට මදි වෙලා අපි කරපු වැඩේ ඉතුරු වුණු පාට ඔක්කොම එකතු කරලා පාටක් හදලා තමා ගෑවේ. අපි ඒ පාට නම් කළා "චා පාට" කියලා.

තාමත් ඉතින් අපි ඉදලා හිටලා අපේ Logic ගුරුතුමියගේ ගෙදරට set වෙනවා චා Group එකේ Meetings වලට.

තව තව තැන්වල තව තව group වල මම හිටියා. ඒවා ගැන ඉස්සරහට කියන්නම්කෝ.......

ඉතින් ඔයාලට මෙහෙම Groups තිබ්බේ නැද්ද ?

38 comments:

  1. මරු මරු සාඩම්බර හසියෙක් නේ මෙයත්.... :D

    ReplyDelete
  2. එල එල.....ඔහෙම යාං....හසී පවුලට ජය වේවා...!!!
    ඉස්සරහට දෙමු හොද වැඩ ටිකක්.....
    පරණ කතා ලියමු...හසීලා කරොත් කරන්නේ ඉතිං එල වැඩක්නේ....

    ReplyDelete
  3. හසී පවුල චා කර ගන්නේ නැතුව යමක් කරයි කියලා අපි එහෙනම් බලන් ඉන්නවා . ..

    ReplyDelete
  4. එල එල!!
    ඒක නෙවෙයි සහෝ,මයික් හසී,ඩේවිඩ් හසීට එහෙමත් කතා කරල බැලුවනං?

    ReplyDelete
  5. ලොජික් මැදුරේ අය විභාගෙට කලින් බෝධි පූජා තියන එක අයිති මොන ලොජික් එකටද?

    මං හිතන්නේ අර "ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත..." කියන ලොජික් එකට වෙන්න ඕනැ, නේද?

    ReplyDelete
  6. @හසියා

    අනිවා. සාඩම්බර හසී පවුලෙන් ඉස්සරහට නියම වැඩ ටිකක් කරමු :)

    ReplyDelete
  7. @දුකා

    සාඩම්බර හසී පවුලයි චා Group එකයි කියන්නේ දෙකක් නේ අයියා. කොහොම නමුත් හසීලා චා වෙන වැඩ කරන්නේ නැහැ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ :)

    ReplyDelete
  8. @blog gadol

    සිරාවටම එයාලාට වුණත් සාඩම්බර හසී පවුලට එකතු වෙන්න පුලුවන්නේ. එයාලට පණිවුඩේ කියන්න පුලුවන් නම් කියන්න.

    මාත් හම්බුණු වෙලාවක ඒක මතක් කරන්නම් :)

    ReplyDelete
  9. @කතන්දරකාරයා

    තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය කියලනේ ඔය විෂයේ සම්පූර්ණ නම. ඒකේදී ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයට හසු නොවන කරුණු යටතේ තමයි මේ වගේ කරුණු සාකච්ඡා කරන්නේ.

    බෝධි පූජා කරන එක අපේ ආගමික විශ්වාසයක්නේ. ඒවායේ ප්‍රතිඵලයක් නැහැයි කියලා කියන්න බැහැනේ.

    මිනිසාගේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවන් අධි භෞතික සිද්ධි තියෙනවානේ.............

    ReplyDelete
  10. හසී පවුලට හා පැටික්කිගෙන් සුභ පැතුම්........

    බලන් ගියාම මේ ජංජාලේ වැඩිපුර ඇත්තෙ හසීල.......

    අයියෝ මංද.... මේ ජංජාල ගමනනම් ශිහ්....... පැය භාගයක් ගියා මේකට කමෙන්ට් එක පෝස්ට් කරන්න............යන්තන් 10 වෙනි පාරත් ට්‍රයි කරල තමා ඔන්න මේක දාන්නේ....... ෆූ.....

    ReplyDelete
  11. @හා පැටික්කි (MS)

    ස්තුතියි හා පැටික්කිගේ සුබ පැතීමට. දැන් හසීලා බ්ලොග් අවකාසේ බලය ගන්න අරගලයක් කරන්න ඉන්නේ :) :) :)

    ඒක නෙමෙයි කාලෙකින් නේද මේ පැත්තේ ආවේ. මම බැලුවා අපිව අමතක වෙලාවත්ද කියලා :)

    Comment කරන්න වෙලා ගියේ මේ බ්ලොග් එකේ technical problem එකක් නිසාද නැත්නම් ඔයාගේ connection එකේ මොකක් හරි අවුලක් නිසාද ?

    ReplyDelete
  12. අනේ නැහැ. හැමදාම ඔයාගේ ලිපි කියෙව්වා.

    ඒත් ඒව ගැන මගේ කමෙන්ට් දාන්න තරම් දැනුමක් නැහැ.(ආගමික කතා ගැන..)සමහර ලිපි වලට කියන්න දෙයක් හිතා ගන්න බැරි උනා..... ඒකයි.....
    ඔයාව අමතක කරල ආවේ නෑ නෙමෙයි ඔන්න ඔයාව බලන්න.....

    ඔයගේ නෙමෙයි මගේ මේ බම්බුව Slow.

    ReplyDelete
  13. අමතක උනා...... මට කමක් නෑ ඔය හසීල මගේ ලාලුවො නේ........

    ReplyDelete
  14. @හා පැටික්කි (MS)

    ඒකත් එහෙමද :) හරි හරි. අපි දන්නවා හා පැටික්කිගේ හිත කොහොමත් හොඳයි කියලා.

    හසීලා යාළුවෝ කියලා ෂේප් වෙන්න නේ යන්නේ ?

    ඒක නෙමෙයි බම්බුවෙනුත් අන්තර්ජාලෙට ගොඩ වෙන්න පුලුවන්ද ? :)

    ReplyDelete
  15. මේවා කුමන්ත්‍රණ!!! මම නම වෙනස් කරනවා!!

    "ශ්‍රී ලාංකික පුරවැසියන්ටත් , ජනරජයටත් දන්වන වගයි!!චාමර මධුසංඛ නමින් හැඳින්වූ මා , අද දින සිට චාමර හසිත මධුසංඛ වන බව මෙයින් දන්වා සිටිමි!!! "

    උඹලට ජයවේවා!! :))

    ReplyDelete
  16. @ජංජාල චාමර

    ලොක්කා උඹ නම වෙනස් කරන්න කලින් ඉදන්ම චා Group එකට join වෙන්න පුලුවන්කම තිබ්බානේ. දැන් උඹට සාඩම්බර හසී පවුලටත් join වෙන්න පුලුවන් :) :) :)

    ReplyDelete
  17. oyalanam maru adaneda karanne hari shok... apita ohoma group thibbe naneee
    shashi

    ReplyDelete
  18. ආ....කොහොම හරි පවුල් වාදය අන්තර් ජංජාලෙටත් ගෙන්නයි හදන්නෙ නේ.....හි හි

    ReplyDelete
  19. @අච්‍චා

    අපි අපේ පවුලෙන් අනිත් අයට ගේමක් දෙන්න යන්නේ නැහැ. ඒක නිසා ජංජාලේ ජංජාලයක් ඇති වෙන්නේ නැති වෙයි :)

    ReplyDelete
  20. @Chanaka Aruna Munasinghe

    මම කතාව කියෙව්වා අයියා. චා මහත්තයාට වෙන දේවල් තමා දේවල් :)

    ReplyDelete
  21. @හිඟන්නා

    එකනේ කියෙන්නේ සහෝ. නියම වැඩක්නේ මේක :)

    ReplyDelete
  22. ජංජාලයෙන් පවුල් වාදය තුරන් කරමු! විහිලුවට කිව්වේ හොඳේ.

    ReplyDelete
  23. මෙන්නගග හසී පැමිළි කියල නම තිබ්බෙ මම නොවැ/ මටත් ආරාධනා නැතිවම කැපේ එකක් දාලා/ විහිළු කළේ හොදේ?

    අපේ හසී පවුලට /ජයෙන් ජය වේවා/

    මට නම් පවුලක් නැහැ නෙව/ පවුලක් වෙන්නත් බැරි වුනා නොව/

    ReplyDelete
  24. එක එක ගෲප් එක එක කාලෙට බිහි වෙනවා... අපෙත් එකක් තිබ්බා ස්කෝලෙ යන කාලෙ.. නයින් හාට්ස්.. නම දෙනෙක් හිටියා.. උන් නමය එකතු වෙන්නෙ හරිම කලාතුරකින්... නම දෙනාම සෙට් උන දවසට ඒක චා ගෲප් වෙනවා...

    මොනවා උනත් අලුත් වැඩක් දෙන්න.. අපේ පූර්ණ සහාය.............

    ReplyDelete
  25. @බොස්

    ජංජාලයට පවුල්වාදය එන්න පටන් ගත්තා විතරයි. එන්නත් කලින් මෙයාලා බෝඩ් ලෑලි උස්සන්නනේ කල්පනාව. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා :) :) :)

    ReplyDelete
  26. @wath

    ස්තුතියි අක්කා ඔයාගේ සුබ පැතුමට. අපි ඔයාව අමතක කරලා නැහැ. ඒකනේ ඔයාවත් මතක් කරලා තියෙන්නේ "හසී පවුල" කියලා අභිෂේක කළේ ඔයා කියලා :)

    ReplyDelete
  27. @අභීත උදය බණ්ඩාර එදිරිසිංහ

    හික්ස් :)

    හිතාගන්න පුලුවන් අයියා නයින් හාර්ට්ස් සෙට් එක සෙට් වෙලා චා වෙන්නේ කොහොමද කියලා. හැබැයි ඉතින් ඔහොම සෙට් එකක් ඉන්න එකත් කොච්චර ෆන්ද හැබෑවට :)

    ReplyDelete
  28. හෆ්ෆා! පට්ට චා !! හික්ස්!

    ජය!

    ReplyDelete
  29. @වැම්පයර්

    තැන්කු වේවා මිත්‍රයා.

    චා Group එක විතරද පට්ට ? මොකද කියන්නේ සාඩම්බර හසී පවුල ගැන :)

    ReplyDelete
  30. හසී ලා ඉන්න තරම්.ඔහොම යං...

    ReplyDelete
  31. @Hasitha ජයසූරිය

    මම බැලුවේ මොකෝ පොඩි හසී පරක්කු කියලා මේ පැත්තේ එන්න :)

    ReplyDelete
  32. @පබලු

    ඒකනේ මමත් දැනන් හිටියේ නැහැ මෙච්චර හසීලා ඉන්නවා කියලා.

    එහේ බැලුවත් හසීලා
    මෙහේ බැලුවත් හසීලා
    එහේ බැලුවත් මෙහේ බැලුවත්
    හසීලා හසීලා......................

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................