Monday, June 28, 2010

අනුවේදනීය ආගිය කතාවක්


ඊයේ උදේ දහම් පාසලේ ඉද්දී යාළුවෙක් call කරලා කිව්වා "මචන් ............ගේ අම්මා ගිනි තියාගෙන මැරිලා" කියලා. ඒක අහපු ගමන් මටත් ටිකක් වෙලා මොකුත් හිතාගන්න බැරුව ගියා.

අපිත් එක්ක St. John Ambulance එකේ First Aid Course එක කරපු අපේ වයසේ ගෑණු ළමයෙක්ගේ අම්මා තමා මෙහෙම කරගෙන තියෙන්නේ. එයාගේ නංගිත් St. John Ambulance එකට පස්සේ කාලේ සම්බන්ධ වුණු නිසා එයාලගේ අම්මාවත් අපි හොඳට අඳුරනවා. අපිත් එක්ක හොඳට පුතේ කියලා කතා කරලා ඉන්න ඒ ඇන්ටිට මොකද වුණේ කියලා මට හිතුණා. පස්සේ කෝකටත් තව කීප දෙනෙක්ට මම ආරංචිය කියලා ඒක ඇත්තද කියලා තහවුරු කරගත්තා.

පස්සේ අපේ set එකේ කට්ටියට පණිවුඩේ යැව්වා. හුඟක් කට්ටිය මුලින් හිතුවේ බොරුවක් වත්දෝ කියලා. පුලුවන් තරම් ඉක්මණට ඒ පැත්තේ ගිහින් එන්න තමා කට්ටිය කතා කරගත්තේ. මමත් දහම් පාසලෙන් කලින් ආවා. දවල් අපි කට්ටිය මළ ගෙදරට පිටත් වුණා.

අද රෑට තමා body එක ගේන්නේ කියලා තමා ගෙදර හිටපු කට්ටිය කිව්වේ. ඒ වෙද්දී ගෙදර හිටියේ පොඩිම නංගි. ඒ ළමයා ඉස්කෝලේ 7 වසරේ. ඒ ළමයා හොඳටම අඬනවා. අපිටත් මාර දුකයි ඒක දැකලා.

පස්සේ අපි හැන්දෑවෙලා ආයි ආවා. ඒ වෙලේ අපි අපේ මළ ගෙවල්වලට දාන බැනර් එකත් අරන් ආවේ. ඉතින් ඒකත් දාලා අපි විස්තරේ අහලා බලද්දී ඒ ඇන්ටි වෙනදා වගේම උදෙන්ම නැගිටලා ගෙදර කට්ටියට තේ වක් කරලා, ඊට පස්සේ අන්කල්ට වැඩට යන්න බත් එහෙමත් ලෑස්ති කරලා තියෙනවා.

උදේ 9 ට විතර වගේ bath room එකට ගිහින් ඒකේ තිබ්බ හාෆික් බෝතලේම බීල පස්සේ භූමි තෙල් ඇඟට හලාගෙන ගිනි තියාගෙන. අන්තිමටම වගේ තමා ඇන්ටි කෙඳිරි ගාන සද්දේ ඇහිලා ගිහින් අපේ යාළුවා බලද්දී ඇඟම පිච්චිලා අම්මා වැටිලා ඉන්නවා දැකලා තියෙන්නේ. ඇන්ටි ඒ වෙලේ කියලා තියෙනවා "මට මැරෙන්න දෙන්න" කියලා. ඒ වෙලේම කට්ටිය එයාව hospital එකට අරන් ගියත් වැඩක් වෙලා නැහැ.

හේතුව මොකක්ද කියලා හොයලා බලද්දී දැනගන්න ලැබුණේ මානසික ප්‍රශ්නයක් කියලා. පොඩි නංගි ඉපදුණු දවස්වලම අම්මා ළිඳේ පැනලා මැරෙන්න හදලා තියෙනවා. ඒකට දොස්තර කෙනෙක්ට එහෙම පෙන්නලා බෙහෙත් අරන් හුඟක් කල් බෙහෙත් එහෙමත් ඇන්ටි පාවිච්චි කරලා තියෙනවා

අන්තිමට සිද්ධ වුණේ ගැහැණු ළමයි තුන් දෙනෙකුයි එයාලගේ තාත්තාවයි තනි කරලා අම්මා මේ ලෝකෙන් සමුගත්ත එක. දෙවෙනි නංගි මේ අගෝස්තු A/L කරනවා. පොඩි නංගි 7 වසරේ. ඉතින් ඒ ළමයි දෙන්න කොච්චර මානසික වැටෙනවාද මේ වගේ සිද්ධියක් වුණාම. දැන් ඒ ළමයින්ගේ අනාගතේ ගැන බලන්න අම්මා නැහැ නේද ? ඇත්තටම අපිටත් හරියට කණගාටුයි මේ වුණු දේ ගැන.

ජීවිතේ කියන්නේ සතුට කඳුළ මුසු වුණු අභියෝග, ප්‍රශ්නවලින් පිරුණු තැනක්. බාධක ජයගෙන හොඳින් ඉන්න අයත් ඉන්නවා. ඒ වගේම අනිත් පැත්තටත් කරුණු කාරණා සිද්ධ නොවෙනවාම නෙමෙයි.

අද හැන්දෑවේ අවසන් කටයුතු කරපු වෙලේ මම ප්‍රාර්ථනා කළේ මෙවන් අකල් මරණයක් ආයි ඉපදෙන ජාතිවල ඒ ඇන්ටිට සිදු නොවේවා කියලා...................

ඵේණූපමං කායමිමං විදිත්වා - මරිච්චධම්මං අභිසම්බුධානෝ
ඡෙත්වාන මාරස්ස පපුප්ඵකානි - අදස්සනං මච්චුරාජස්ස ගච්ඡේ


" මේ කය පෙණ පිඬුවක් බඳු යැයි දැන, මිරිඟුවක් බඳුය යි අවබෝධ කොට ගෙන මාරයාගේ පංච කාම බන්ධනයන් සිඳ, මාරයාට නොපෙනෙන තැනට [අමරණීය නිවන් සුවයට] පත් වන්න.


23 comments:

  1. ඇත්තටම දුකයි වෙච්ච දේ ගැන....අපි අරන් ආපු තරමටනේ ඉන්නේ....

    ආන්ටිට නිවන් සුව පතමු!( හැබැයි ගිනි තියාගන්න එකම හේතුව මානසික රෝගීකමද කියලා හොයල බැලුවොත් හොඳයි වගේ.ඒක ඉතින් පවුලේ උදවියගේ තීරණයක්. )

    ReplyDelete
  2. අනේ හරිම දුකයි... ඒ ආන්ටිට නිවන් සුව පතනවා.. ආයේ මෙහෙම නොවෙන්න කියලාත් පතනවා!

    ReplyDelete
  3. අනිවා ඇන්ටිට නිවන් සුව පතනවා , ජිවිතය ඒකාකාර නැනේ , අටලෝදමට අපි පුලුවන් තරම් හැඩගැහෙන්න ඕනේ ~~

    ReplyDelete
  4. අනේ අයියා හරිම දුකයි......... පවු කෙල්ලොම තුන් දෙනෙක්......

    ඇන්ටිට නිවන් සුව පතනව....!!!! ආයේ මෙවන් අකල් මරණ සිදු නොවේවා....!!!! කියලත් පතනව.........

    ReplyDelete
  5. දිවි නම් තන අග පිණි බිදු වැන්නේ කියන්නෙ ඒකනෙ

    ReplyDelete
  6. ජීවිතය කියන්නේ සංකීර්ණ ප්‍රශ්න ගොන්නකට ලියාපු එකම එක සරල පිළිතුරක් වාගෙ.......ඒ අම්මාට නිවන් සුව ලැබේවා යයි පතමි.....:(

    ReplyDelete
  7. අනේ හරිම දුක හිතෙන සිද්දියක්. පව් .

    ReplyDelete
  8. අපට පුළුවන් ඒ දරුවන්ට මේ දුක නිවාගෙන ජීවිතය තේරුම් ගන්න උදව් කරන්න. මේ වෙනුවෙන්ම්ම හිත පවත්වා ඒ ශක්තිය ඔවුන් සමඟ බෙදාගනිමු. ඒ පවුලට යහපතක්ම වේවා!

    ReplyDelete
  9. දුක හිතෙන සිද්දියක්... අම්මාගේ වියොවත් එක්ක, ජීවිතය ගැට ගහගෙන යන්න, අර දරුවන්ට වෙර වීර්ය‍ය ලැබේවා කියල පතනවා.

    ඒ අම්මාටත් නිවන් සුව.

    ReplyDelete
  10. මචන් තුවාලෙ තරමයි, වෙදනාවෙ තරමයි අපි තෙරුම්ගන්න ඔනා. මනුස්සයෙකුගෙ මුහුනෙ ගොඩාක් දෙවල් ලියවෙනවා. කෙනෙක්ගෙ හිතකට තරහක්, දුකක් හිතෙන වචන වැරදිලාවත් පිට නොකරන්න මම හැමතිස්සෙම හිතන්නෙ. එ අම්මාට හිතෙ තියන වෙදනාව, පිට කරගන්න ක්‍රමයක් නොතිබෙන්න ඇති, මිනිසෙකුගෙ මනස හරිම පුදුමයි. කණගාටුදායක සිද්ධියක්, අපි හැමතිස්සෙම අපෙ වටෙ ගැවසෙන අය ගැන හොයලා බලලා, එ අය දුකකින් , වෙදනාවකින් ඉන්නවා නම් වචනෙකින් හරි එ අයට සහනයක් වෙන්න ඔනා. මම අඳුරන අක්කා කෙනෙක්ගෙ අම්මා කෙනෙක් ලිඳකට පැනලා මැරුනා. මෙක මගෙ අම්මාට උණා නම් මම මොකද කරන්නෙ කියන ප්‍රශ්නය තමයි මම මෙක දැක්ක හම කල්පනා කරෙ.. හරිම පුදුමයි, දුකයි. අපෙ වටෙ ඉන්න උන් ගැන නිතරම හොයන්න ඔනා. බලන්න ඔනා, සමහර විට තවකෙනෙක්ව මෙ වගෙ අවාසනාවන්ත ඉරණමකින් ගලව ගන්න පුළුවන් වෙයි අපිට....

    ReplyDelete
  11. සියල්ල අනිත්‍යයි.
    ඒ සහෝදරියෝ තුන් දෙනාට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  12. ඇත්තටම කියන්න ඕනෙ මොනවද කියල හිතාගන්න බෑ. ඒතරමටම හද කම්පාකරවන සිද්දියක්නෙ මේක. ගොඩක් ම දුක හිතෙන්නෙ අර ළමයි තුන්දෙනාට යන කල දසාවගැන....... හ්ම් මොනව කරන්නද ඉතින් ඒ නැන්දා පතාගෙන ආපුහැටි වෙන ඇති. ඒ නැන්දට නිවන්සුව ප්‍රාර්තනා කරනවා මිස අපි කුමක් කරම්ද ?

    ReplyDelete
  13. මේ කතාව කියවලා සංවේදිව ඒ පවුලේ අයට වගේම මියගිය ඇන්ටිට යහපතක් වෙන්න කියපු ඔබ සැමටයි මේ ප්‍රණාමය. මිනිස්කම නැතිවී යන කාලෙක මෙහෙම මනුස්සකම තියෙන අය දැක ගන්න ලැබුණු එක සතුටක්.

    අද රටට ඕන කරන්නේ මේ වගේ අන්‍යන්ගේ දුකේදී සංවේදී වෙලා ඒකට කටයුතු කරන මනුස්සකම තියෙන මිනිස්සු මිසක් සල්ලි පස්සේ දුවන යාන්ත්‍රික මිනිස්සු නෙමෙයි....................

    සමහරු සුළු සුළු ප්‍රශ්න මුල්කරගෙන පසුබට වෙලා ඉද්දී මෙහෙම ප්‍රශ්නත් මිනිස්සුන්ට වෙනවා කියලා කියන්න තමා මට උවමනා කළේ. ඒ වගේම මොන ප්‍රශ්නයක් ආවත් ඒවාට සාර්ථකව මුහුණ දීලා ජීවිතය ජයගන්න මහන්සි වෙන්න ඕනේ කියන එක කියන්නත් මට උවමනා කළා.


    Hasitha ජයසූරිය ට
    "දිවි නම් තන අග පිණි බිදු වැන්නේ කියන්නෙ ඒකනෙ"
    කොල්ලෝ මේකේ තන කියන එක තණ වෙන්න ඕනේ නැත්නම් වැරදි අර්ථයක් එන්නේ......... :)

    ReplyDelete
  14. ගෙදරකට අම්ම කෙනෙක් නැති වෙනව කියන්නෙ මුළු ගෙදරම නැතිවෙනවා කියන එකයි .. . මගේ පපුව හිර උණා මේක කියවලා . . . ඒ අම්මට නැවත උපදින ජාති ජාති වත් මෙවන් අකල් මරණයක් අත් නොවේවා ! ඒ අසරණ ගෑණු ළමයි ටික මේ ලෝකයේ අසරණ නොවේවා !!

    ReplyDelete
  15. ජීවිතේ මහ පුදුම දෙයක්. අර ගෑනු ළමයි වන්දිගෙවන්නෙ මොන වරදක්කරාටද. හැබැයි මේක පිටිපස්සෙ තව කතාවක් හැංගිල ඇති අපි නොදන්න. මිනිස්සුන්ගෙ ඔලුව අවුල් වෙන මේ දේවල් වලට අස්ල්වැසියන්ගෙ සමහර බොළඳ මෝඩ වැඩත් හේතු වෙනව. කොහොම උනත් ඔය මානසික රෝගවලට ජීවිතකාලෙම බෙහෙත්ගන්න ඕන, නැත්තං ඒව සැරින් සැරේ මතු වෙනව.
    මේව කාටත් හොඳ පාඩම්...
    ඒ අම්මාටත් දරුවන්ටත් ජාති ජාතිත් මෙවන් විපතක් නොවේවා....

    ReplyDelete
  16. ජීවිතේ මහ පුදුම දෙයක්... ඒ අම්මට නිවන් සුව පතනවා...

    දිවි නසා ගැනීමට හේතුව මානසික රෝගී තත්වයක්ද කියන එක සැක නැද්ද.. ?
    පව් අහිංසක ළමයි 3 දෙනා... හිත් වල මොන තරම් දුකක් වේදනාවක් ඇද්ද...

    ReplyDelete
  17. මේ‍ක‍ කි‍ය‍ව‍ද්‍දි‍න‍ම්‍ ගො‍ඩ‍ක්‍ දු‍ක‍ හි‍තු‍නා‍...මේ‍ ව‍ගේ‍ වි‍ප‍ත‍ක්‍ කා‍ට‍ව‍ත්‍ නො‍වේ‍වා‍!!

    ReplyDelete
  18. මේ කතාව කියවලා ඒ සම්බන්ධව අවංකව දුක්වෙලා ඒ පවුලේ අනාගතය වෙනුවෙන් යහපත් සිතින් ආශිර්වාද කරපු දුමී, ඉන්දික, පිස්සා අයියලාට වගේම අනුරාධ මලයාටත් මගේ ප්‍රණාමය.

    ඉන්දික, පිස්සා අයියලා වගේම කලිනුත් ජංජාල චාමරත් ඇහුව විදිහට මේ විදිහට ජිවිතේ නැතිකරගන්න ඒ ඇන්ටිට වෙන හේතුවක් තිබුණද කියන එකත් හොඳ ප්‍රශ්නයක්.

    ඒ ළමයින්ගෙන් දෙවෙනි නංගිව පහුගිය මාස ටිකේම hospital එකේ හිටියේ එයාට ඩෙංගු හැදිලා. ඒ වෙලේ තමා අනාවරණය වුණේ තැලසීමියාව වගේ රෝග තත්වයක් එයාට තියෙනවා කියලා. ඒ ළමයත් මැරෙන්න ඔන්න මෙන්න වගේ ගිහින් තමා බේරුණේ. ඒ අසනීපේ ගෑණු ළමයි තුන් දෙනාටම තියෙනවා කියලා තමා පස්සේ හොයා ගෙන තියෙන්නේ.

    ඒක නිසා ගෑණු ළමයි තුන් දෙනාගේ අනාගතය ගැන දුකක්, බයක් ඒ ඇන්ටිට තිබුණ වෙන්නත් පුලුවන්

    ReplyDelete
  19. ayyooo harima dukai wela thiyena deyata... ee auntyta ''Niwan suwa'' pathana atharama ayeth mewan maranayak sidu nowewai prarthana karanawa....

    ReplyDelete
  20. gedaraka amma nathi weemanam harima dukak anika ee lamaita oyawage asaneepayak thiyenawanam aniwaryenma ee lamai gawa amma hitiyanam thamai honda... paw dan ithin eyalage anagathaya kohomawaida danna.....
    shashi

    ReplyDelete
  21. @Anonymous

    ඔයාගේ මනුස්සකමට මගේ ප්‍රණාමය. ප්‍රශ්නයක් ආපුවාම ඒවායෙන් පැනලා යන එක නෙමෙයි විසඳුම. ඒ ළමයින්ට ජීවිතය ජයගන්න ඕන කරන සියළු ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.........

    ReplyDelete
  22. ow api ehema prarthana karamu
    sashi

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................