Saturday, June 5, 2010

මත්පැන් මුලින්ම හැදුණු හැටි........


ඊයේ මම කියපු "මත්ද්‍රව්‍ය හා කබරයා දැමීම" කියන කතාවට comments කරපු හුඟක් අය මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවාට විරුද්ධව තමා කතා කරලා තිබ්බේ. ඒක හොඳ ප්‍රවණතාවක් විදිහට තමා මම දකින්නේ. අපි නියෝජනය කරන්නේ අනාගතේ රට භාර ගන්න ඉන්න තරුණ පරපුරනේ. ඉතින් ඊයේ පොරොන්දු වුණු විදිහට මත්පැන් එහෙම නැත්නම් අරක්කු හැදුණු හැටි ගැන කතාව කියන්න තමා මේ සූදානම.

මේ කතාව මමත් ඇහුවේ සබරගමුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද බැන්ඩියමුල්ලේ විපස්සි තිස්ස නාහිමිපාණන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාවකදී. ඉතින් හාමුදුරුවෝ කියපු විදිහට කතාව මෙහෙමයි.

බුදුන් වහන්සේ ඉන්දියාවේ පහළ වෙන්නත් අවුරුදු 1000 කට විතර කලින් එක වැද්දෙක් [ එහෙමත් නැත්නම් කැලේ ජීවත්වුණු මනුස්සයෙක්] ඉදලා තියෙනවා. එයාගේ නම " සුරා".

දවසක් මෙයා දඩයමේ යද්දී පාර වැරදිලා අන්තිමට කොහොමින් කොහොම හරි අතරමං වුණා. මේ වෙලේ සුරා වටපිට බලද්දී දැක්කා ලොකුවට හැදිලා තිබ්බා ගහක් තියෙනවා. එයා හිතුවා මේක උඩට නැග්ගොත් නම් හුඟක් ඈතට පෙනෙයි. එතකොට ආපහු යන්න පාරක් හොයාගන්න පුලුවන් වෙයි කියලා.


එහෙම හිතලා සුරා ගහ උඩට නැග්ගා. හිතුව විදිහටම එයාට එයා දන්න කියන සළකුණු වගයක් ඈතින් දැක්කා. ඉතින් දැන් ආපහු ගැටළුවක් නැතිව ගෙදර යන්න පුලුවන්නේ. ඒ ගමන් එයා දැක්කා ගහේ මුදුනේ ලොකු වලක් වගේ හෑරිලා තියෙනවා.

ඒක පිරෙන්න වතුර ඒ වගේම ඒකට කොළ අතු, පොඩි සත්තු සර්පයෝ එහෙමත් වැටිලා ඉන්නවා. සුරාට හොඳටම තිබහයි කැලේ අතරමං වෙලා ඇවිදලා. එයා කරපු වැඩේ කොළේකින් ගොටුවක් හදාගෙන අර වලේ තිබ්බා රොඩු ජාති එහෙම අයින් කරලා වතුර ටිකක් බීලා බැළුවා. ඒක බීපු ගමන් උගුර කඩාගෙන ගියා වගෙයි කියලා සුරාට හිතුණා. අමුතුම රහක් ආපු නිසා මේකෙන් ගොටු 5 ක් 6 ක් විතර සුරා බීලා බැලුවා. දැන් නම් ඉතින් නිකම් පාවෙනවා වගේ ගතියක් එනවා.

මනුස්සයා අමාරුවෙන් ගහෙන් බිමට බැස්සා විතරයි හෙණ කබරයෙක් දැම්මා. මම ඊයේ කිව්ව කතාවේ හිටිය යාළුවා වගේ :). පස්සේ ඒ වමනේ ගොඩේම වැටිලා මිනිහා නිදාගත්තා.

අන්තිමට සිහිය ආවට පස්සේ මනුස්සයා අර ගහත් හොඳට මතක තියාගෙන ගෙදර ගියා. ඊට පස්සේ ඉදන් සුරා හැමදාම එනවා අර ගහ මුදුනේ බෙනේ තියෙන වතුර ටිකක් බීලා යන්න. හරියට අපේ කට්ටිය වැඩ ඇරිලා ගෙදර එන ගමන් Bar එකට ගිහින් අඩියක් ගහනවා වගේ.

දවසක් සුරාට හිතුණා හැමදාම මෙහෙම මෙච්චර දුරක් එන්න ඕනේ නැහැ කියලා හිතලා එයා ඉන්න පැත්තෙත් ගස්වල මේ විදිහට මුදුනේ බෙන හදලා වතුර පුරවලා සත්තුන්ව අල්ලලා ඒවට ගෙනත් දාලා, කොළ අතු දාලා පල් කරලා ඒවාත් අර විදිහට බොන්න ගත්තා. ඔය විදිහට සුරා කියන වැද්දා සොයා ගත්ත නිර්මාණය අනිත් අයත් අතර පැතිට ගියා. සුරා කියන වැද්දා මේකට මුල්වුණු නිසා මේ පානය "සුරා" කියලා හඳුන්වන්න පටන් ගත්තා.

පස්සේ කාලේ වෙද්දී රජතුමාගේ ඉදන් හැමෝම මධුවිත, මත්පැන් ආදී නොයෙක් නම්වලින් මේ පානය හඳුන්වමින් පානය කරන්න පටන් ගත්තා ඕන් ඔහොමයි මත්පැන් හැදුණා කියන්නේ :)

ප.ලි.: අපිට ඉන්දීය ඉතිහාසයට උගන්වන විදිහට ක්‍රි.පූ 1500 දී විතර ඉන්දියාවට සංක්‍රමණය වෙන ආර්යයන්ගේ පැරණිතම ග්‍රන්ථය වෙන සෘග් වේදයේ 9 වෙනි මණ්ඩලය පුරාම හිමාලයේ මුජවන්ත් ශිඛරයේදී ඇතිවුණු සෝම යාගය කියලා යාගයක් ගැන විස්තර දක්වනවා.


ඒකේ කියන විදිහට මේ සෝම කියන්නේ පැළෑටියකින් සකසා ගන්න පානයක්. ඒක දේවත්වයෙන් සළකා වන්දනා කිරීමක් ආර්යයන් කරලා තියෙනවා. ඒ වගේම උත්සව අවස්ථාවලදී සෝම පානය බීලා තියෙනවා. අනුමාන කරන විදිහට සෝම පානය මත්පැන් වර්ගයක් විදිහට තමා තිබිලා තියෙන්නේ.

ඒ වගේම ග්‍රීකයන්ගෙත් මත්පැන්වලට අධිපතිව බැකස් කියලා දෙවි කෙනෙක් ඉදලා තියෙනවා. මෙහෙම බලද්දී මුල් කාලේ මේ මත්පැන් පූජනීයත්වයෙන්, දේවත්වයෙන් පිදුවා කියලා තමා පේන්නේ :)

දැන් කාලෙත් සමහරු මේවා දේවත්වයෙන් පුදනවා නොවැ :)

මේ තියෙන්නේ මත්පැන් වන්දනාව ගාථාවකුත් එක්කම

31 comments:

  1. බක්කුස් නෙවෙයි බැකස්

    ReplyDelete
  2. Chanaka Aruna Munasinghe ට
    ස්තුතියි මකරයියා වැරැද්ද පෙන්වලා දුන්නාට. මම ඒක නිවැරදි කලා.

    ඔයත් මාර මකරෙක්නේ..... දන්න දේවල් :)

    ReplyDelete
  3. ග්‍රීක, රෝම, ඊජිප්තු දේව කතා, පාරවෝ වරුන්ගේ කතා, මම කැමතිම ජාතියක්

    ReplyDelete
  4. සුරාමේරය මජ්ඣපමා දට්ඨානා වේරමණී සික්ඛාපදමං සමාදියාමී කියන එකේ හැබෑම තේරුම මොකක්ද?
    සාදු ගෙන් අහලවත් කියන්නකො.

    ReplyDelete
  5. සුරාගේ සොයාගැනීම ගිය දුරක්

    ReplyDelete
  6. සුරා ගාතාව නම් නියමයිනේ ....

    ReplyDelete
  7. ශක්‍ර දේවතාවා හඳේ හාවා ඇඳපු කතාවට එහා.. මොන කෙප්පයක්ද මේ..

    මත්පැන් ලෙස මිනිස්සු පානය කරල තියෙන්නේ සුවඳ විළවුන් සහ ලෝහ වර්ණ කිරීම සඳහා යොදාගත් එතනෝල්. මැද පෙරදිග තිබූ ශිෂ්ඨාචාරවල තමයි මේ දේ සිඳුවෙලා තියෙන්න. පසුකාලිනව තමයි සැර අඩු කරල වයින් බවට පත් කරගෙන තියෙන්නෙ.

    බුදු සාදූ දේශනා කරළ තියෙන්නෙත් මද පමනට ගන්න කියලයි. ඕකේ ප්‍රශ්නේ තියෙන්නෙ ලංකාවේ හරක් කිසිම දෙයක් නියමාකාරයෙන් කරන්න දන්නෙ නැති වීමයි. අපේ ඒවුන් ඉක්මනට අඩ්ය බලල බොතලේ පොලොවෙ ගහල බීපූ ප්‍රමාණය ගැන ආඩම්බර කතා කියන එකනේ කරන්නේ.

    එහෙම නැතුව මත්පැන් ගන්නා පිලිගත් ක්‍රමයට බිව්වනම් කිසිම වරදක් මමනම් දකින්නෙ නෑ. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියන එක තමයි මටනම් කියන්න තියෙන්නේ.

    ReplyDelete
  8. Chanaka Aruna Munasinghe ට
    ඔයාගේ කතාවට මාත් එකඟයි අයියා. මාත් ඔය ග්‍රීක, රෝම, ඊජිප්තු කතාවලට කැමතියි. හම්බුණොත් අනිවා කියවනවා :)

    කතන්දරකාරයා ට
    කසූ, සාදුගෙන් අහලා කියන්න කිව්වේ මොන සාදුගෙන්ද ?
    අර දවසක් post එකකට comment කරලා තිබ්බ සීලගවේසී කියන හාමුදුරුවන්ගෙන්ද ?

    සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි යන ශික්ෂාපදයේ තේරුම අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ තමන්ගේ බෞද්ධයාගේ අත්පොත කියන පොතේ දක්වන්නේ

    "මදයට ප්‍රමාදයට හේතු වන සුරාමේරය පානයෙන් වැළකීම සඳහා වූ සිකපදය සමාදන් වෙමි" කියලයි. [මම දන්න විදිහට කියන්නේ නැතිව දන්න කියන කෙනෙක්ගේ පොතකින් උපුටලා දැක්වුවේ කෝකටත් හොඳ නිසා :)]

    ReplyDelete
  9. බුද්ධි ට
    ඒකනේ අයියා වැඩේ කියන්නේ. සුරාවත් හිතන් නැතිව ඇති වැඩේ මෙච්චර දුර දිග යයි කියලා :)

    kumaraya ට
    හික්ස් :) ඒක අපේ කවුරු හරි එකෙක් FB upload කරලා මාවත් tag කරලා තිබ්බා එකක්

    ReplyDelete
  10. මාතලන් ට
    ඔව් සමහර විට ඔය කතාව කෙප්පයක් වෙන්නත් ඇති අයියා. :)

    "බුදු සාදූ දේශනා කරළ තියෙන්නෙත් මද පමනට ගන්න කියලයි"
    ඔයා මේක සමහරවිට විහිළුවට කිව්වා වෙන්නත් පුලුවන්. ඒක නිසා කෝකටත් බුදුහාමුදුරුවෝ මත්පැන් පානය ගැන දක්වපු දේශනාවන් කීපයක් දක්වන්න හිතුණා.

    "උම්මත්තා විගත ලජ්ජගුණා භවන්ති
    දීනා සදා ව්‍යසන රෝග පරායනා ච
    ජාතා භවේසු විවිධෙසු විරූපදෙහා
    පීත්වා හලාහලවිසංව සුරා විපඤ්ඤා"

    මේක තමා ගාථාවේ තේරුම.....

    නුවණ නැති පුද්ගලයා කෑ සැටියේ මියයන විෂක් බඳු වූ සුරාව පානය කොට අනාගතයෙහි උන්මත්තකයෝ වන්නාහ. ලජ්ජා ගුණය නැත්තෝ වන්නාහ. දිළින්දෝ වන්නාහ. සෑම කල්හිම නොයෙක් ව්‍යසන හා නොයෙක් රෝග ඇත්තෝ වන්නාහ. නොයෙක් ජාතිවල උපන්නාහු විරූප ශරීර ඇත්තෝ වන්නාහ.

    ReplyDelete
  11. සුරා පානෙ කරන ලෙසේ ................. කවුරු හොයා ගත්තත් මරු පානෙ නේද බොලේ??????????

    ReplyDelete
  12. අයියෙ කියල වැඩක් නැ ඕක නම් පට්ටම පානයක්....බව්ව ගමන් දිව්‍ය ලෝකෙලු....පෙන් නැද්ද සමහර මිනිස්සු ඕක බීල දිව්‍යලෝකෙ ගිහිල්ල වැනි වැනි ගෙදර එන ලස්සන ;)

    ReplyDelete
  13. අර කිව්වත් වගෙ ඕක කබරයා දාන ගානට කෙලල අරින්නෙ නැතුව හීනියට දෙකක් දාගන්න්වනම් කිසි අවුලක් නෑ නේ . . .

    අනික පපුවේ අමාරුකාරයන්ට දොස්තරලාත් කියනවා බ්‍රැන්ඩි ෂොට් එකක් දාගන්න කියල.

    ඔය තරම්ම චා නම් හැබෑට මළේ ඩොකාල කියයි ද ඔහොම . . ? හික්ස්

    ReplyDelete
  14. පැතා ට
    ඒක ඇත්ත අයියා මරේ මරු පානයක් බව පේනවා ඒක පානය කරපු අය කරන ජාති දැක්කාම :)

    හසිත ජයසූරිය ට
    මලයත් මේක පට්ටම පානයක් කියන්නේ දෙකක් අනුමත කර ගෙනද දන්නේ නැහැ :)
    මේක බීලා දිව්‍ය ලෝකේ යන්න කරන්න ඇත්තට දිව්‍ය ලෝකේ යන්න බැරිවෙන කට්ටිය තමා :) :) :) :)

    දුකා ට
    දොස්තරලාත් මේක හොඳයි කියන්නේ අරක්කු කම්පැණිකාරයන්ගෙන් ගතමනාවක් අරගෙන ඒත් නැත්නම් දොස්තරත් 2 ක් දාගෙන ඉන්න වෙලාවකද දන්නේ නැහැ කිව්වේ :) :) :)

    මත්පැන් ගැන එක එක අය එක එක තැන්වල එක එක විදිහට කියන කතා ඇහුවාම මට කවියක් මතක් වුනා බොනපාට්ලා හදලා තියෙන

    සුරාවෙහි අගයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන සුදනෝ දනිත්
    නොබොන අනුවණ දනෝ නොදනිත් :) :) :)

    ReplyDelete
  15. සුරාවේ ඇති අගයත් එහි ඇති මනා ගුනයත් බොන සුදනෙඔ මිසක් හික් හික්...

    මම නම් ඉතින් බොනවා... ඒක නිසා නොබොන කතා වලට මොනා කියන්නද.

    ReplyDelete
  16. අහ් උබ දාල තියෙන්නේ කවිය හික් හික්

    ReplyDelete
  17. පිස්සා පලාමල්ල ට
    ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න ඕනේ නැහැලුනේ. ඒක නිසා ඔයා ඇත්තම කියපු එක හොඳයි අයියා :)

    කවිය මම හදපු එකක් නම් නෙමෙයි මටත් කවුරුහරි කියපු එකක් :)

    ReplyDelete
  18. hi...hi... niyama gathawa... oya kohenda mee katha hoyaganne.. hari shok

    ReplyDelete
  19. Anonymous ට
    එහෙම කියන්න පුලුවන්ද මම කතා හොයා ගන්න දිහාව. ඔයාලා ඒක දැන ගත්තහම මට නේ බඩේ පාර වදින්නේ :)

    ReplyDelete
  20. ඉන්දික උපශාන්ත ට
    ඒක තමා අයියේ සුරා හැඩට කෙසේ වෙතත් වැඩට සූරයෙක් වගේ :)

    ReplyDelete
  21. මාත් මේ කතාව අහලා තියෙනවා. ඕක ඇත්තක්ද බොරුවක්ද කියන්න දෙය්යො තමයි දන්නෙ ඉතින්. කොහොම වෙතත් අපේ බොන උදවිය මේ සුරා කියන වැද්දට වන්දනාමාන කරන්න පටන් ගනීවිද දන්නෙ නෑ.

    ReplyDelete
  22. අනුරාධ ට
    ආගමිකත්වයත් එක්කලුනේ අයියා සුරාව පටන් ගන්නේ. මේකේදී සුරා කියන වැද්දගේ පිළිමයක් අරක්කුවලින් නාවලා ඒ ශුද්ධ වූ අරක්කු බැතිමතුන්ට බෙදා දෙන්න පුලුවන් ලෙඩ සනීප එහෙම කරන්න :) :) :)

    ReplyDelete
  23. මේ කතාව මම දැක්කෙ අද.මේක අපේ 550 ජාතක පොතේ එන කතාවක්, දේශනා කරල තියෙන්නෙ අපේ බුදුහාමුදුරුවො. ජාතකේ නම කුඹ ජාතකය පුලුවන් අය හොයාගන කියෙව්වොත් හොදයි.

    මම හරීන්ද්‍ර

    ReplyDelete
  24. @haeendra

    ස්තුතියි මිත්‍රයා. මම නම් ඒක ගැන දැනන් හිටියේ නැහැ. අනිවා හොයාගෙන කියවන්න ඕනේ. නැවත වතාවක් ස්තුතියි දැනුවත් කිරීම ගැන

    ReplyDelete
  25. .. http://www.jathakakatha.org/newhome/index.php?option=com_content&view=article&id=306:498---&catid=59:451-500-&Itemid=102

    ok finaly this is the link for kumba jathakaya all of ypu can read this

    ReplyDelete
  26. @hareendra

    බොහොම ස්තුතියි අයියා මේ ගැන හොයලා බලලා ඒක ගැන දැනුවත් කලාට.

    ReplyDelete
  27. Replies
    1. @ ඪිලන්ත

      …කියන්නා/ලියන්නා කෙසේ කීවත්/ලීවත් අසන්නා/කියවන්න සිහි බුද්ධියෙන් ඉන්න ඕනේ... :D

      Delete
  28. සුරා කියන වැද්දාට උපකාර කළ තාපසක් තමයි සුරාව ප්‍රචලිත කර තිබෙන්නේ.. මාත් කියවපු බන පොතක ඒ පිළිබඳව තිබුනා. නමුත් පොත මොකද්ද කියලා නම් ඒ හැටි මතකයක් නෑ..
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. @ රැංගෝ

      මේ කතාව ජාතක කතාවක්ලුනේ... ජාතක කතා පොත් වහන්සේ කියෙව්වාද ??

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................