Tuesday, June 1, 2010

මම බෙහෙත් පාවිච්චි කරපු හැටි


මට ඊයේ මොකුත් කතාවක් දාන්න වුණේ නැහැ. මොකද මට පොඩ්ඩක් අසනීප වෙලා ඒකට බෙහෙත් ටිකක් ගන්න දොස්තරව හම්බෙන්න හැන්දෑවේ ගිය නිසා. අසනීපේ තමා මුළු ඇඟම කසන්න ගත්ත එක. කොහොමත් මේ කාලේට කැසිල්ල තියෙන එකනේ. ඒක ටිකක් උත්සන්න වුණු තත්වයක් තමා මේක.

ඉතින් දොස්තර නෝනා ගාවට ගියාපුවාම එතැන ඉන්න සෙනඟ. බාගෙට බාගයක් විතර හිටගෙනත් ඉන්නවා. මට මේක දැක්කාම හිතුණේ ලංකාවේ හුඟක් මිනිස්සුන්ට අසනීපයි නේ කියලා.

කොහොමින් කොහොම හරි දොස්තර නෝනා මේ අසනීපෙට බෙහෙත් එයා ගාව නැහැ කියලා ඕන කරන බෙහෙත් ටික pharmacy එකෙන් ගන්න කියලා chit එකක් ලියලා දුන්නා. මම දොස්තර නෝනාට ස්තුති කරලා තාත්තට ඒ chit එක දුන්නා බෙහෙත් ටික pharmacy එකෙන් ගන්න ඕනේ කියලා. [මට මුලින් කියන්න අමතක වුණා තාත්තත් මාත් එක්ක බෙහෙත් ගන්න යන්න ආවා]

මඟදී අපේ දුරින් නෑ කෙනෙක් වෙන මාමා කෙනෙකුත් හම්බුණා. එයත් අපේ ගෙවල් පැත්තේ ඉන්න නිසා එයත් වාහනේට ගොඩවුණා. ඉතින් ඔය දොස්තර නෝනා බෙහෙත් දෙන තැන හන්දියේ pharmacy තුනක් තියෙනවා.

තාත්තා බෙහෙත් ටික අරන් එන්න ඒ එක pharmacy එකකට ගියා. පස්සේ තාත්තා බෙහෙත් අරන් ඇවිත් කිව්වා "Chit එකේ බෙහෙත් ජාතිවලින් දෙකයි තිබ්බේ අනිත් එක තිබ්බේ නැහැ. කෝකටත් අනිත් pharmacy එකටත් ගිහින් බලලා එන්නම්" කියලා තාත්තා අනිත් pharmacy එකටත් ගියා.

ගිහින් ඇවිත් කිව්වා" ඒකෙත් නැහැ බෙහෙත. මම හෙට කොළඹ ගිහින් එද්දී අරන් එන්නම්" කියලා.

මේ වෙලාවේ අපේ ඥාතියා කිව්වා "කෝකටත් අනිත් pharmacy එකෙත් බලන්න. එක පාර බෙහෙත් ටික අරන් යන එක හොඳයිනේ" කියලා.

ඒක නිසා තාත්තා කෝකටත් කියලා ඒ pharmacy එකටත් ගියා. හොඳ වෙලාවට ඒ pharmacy එකේ බෙහෙත තිබ්බා.

ඉතින් තාත්තා කිව්වා "ඒ pharmacy එකේ බෙහෙත තිබ්බා හොඳ වෙලාවට. බෙහෙත තිබිලා අදම ගත්ත එක හොඳයි නැත්නම් ඕක අමතක වෙන්නත් තිබ්බා" කියලා.


ඔහොම කියද්දී මටත් මතක් වුණා මීට මාස 4 කට විතර ඉස්සෙල්ලා වුණු වැඩක්. මම තාත්තට කිව්වා "ඒක නම් ඇත්ත තාත්තේ බෙහෙත තිබ්බ එක හොඳට ගියා. මීට මාස 4 කට විතර කලින් මට උණ හැදිලා බෙහෙත් ගන්න ගිය වෙලේ දොස්තර pharmacy එකෙන් ගන්න කියලා දීපු බෙහෙත මට ඔයාට කියලා ගෙන්න ගන්න අමතක වුණානේ. අළුත් අවුරුද්දට පර්ස් එක අස් කරද්දී chit එක පර්ස් එක ඇතුළේ තිබිලා හම්බුණා නේ" කියලා.

මේක අහපු අපේ තාත්තා හිනා වෙවී කිව්වා "අපරාදේ ඒ බෙහෙත ගන්න මම එහෙට මෙහෙට ඇවිදලා මහන්සි වුණේ. ගිය පාරත් බෙහෙත් chit එක පර්ස් එකේ තියන් ඉදලා සනීප වුනා නම් මේ පාරත් ඒකමනේ කරන්න තිබ්බේ" කියලා.

ඕන් මට වෙන වැඩ. ඔයාලට එහෙම වැඩ වෙලා නැද්ද ?

ප.ලි.:
ඇත්තටම එදා දොස්තර මහත්තයා බෙහෙත් ජාති 3 ක් විතර දුන්නා. pharmacy එකෙන් ගන්නත් එක බෙහෙත් ජාතියක් දුන්නා. නැතුව මම කිසිම බෙහෙතක් ගන්නේ නැතිව බෙහෙත් chit එක පර්ස් එකේ දාගෙන ඉදලා සනීප වුනේ නැහැ.

කෝකටත් කියලා මේක කිව්වේ දැන් බෙහෙත් හිඟේකුත් ලංකාවේ තියෙනවා කියනවානේ. කට්ටිය බෙහෙත් ගන්නේ නැතිව බෙහෙත් chit සාක්කුවේ දාගෙන හිටියොත් සනීප වෙන්න කියලා :) :) :)

ප.ප.ලි.: අද උදේ ඇඟ හෝදන්න ගිය වෙලාවේ ඇඟේ ගාන්න සබන් තිබුණේ නැහැ ඉවර වෙලා. මම ගේ පුරා හෙව්වත් ඇඟේ ගාන සබන් හොයා ගන්න බැරිවුණා. මට පස්සේ තමා මතක් වුණේ ඊයේ බෙහෙත් ගන්න ගිය වෙලේ දොස්තර නෝනා කිව්ව කියලා "සනීප වෙනකම් ඇඟේ සබන් ගාන්න එපා" කියන එක :) :) :)

24 comments:

  1. අයියෙ දැන් කැසිල්ල හොදැයි?? ;)

    ReplyDelete
  2. හොඳ වෙලාවට කවුරු හරි සබන් කැල්ල හංගුවෙ.....
    නැත්නං අදත් කස කස තමයි ඉන්න වෙන්නේ....
    ලොල්...

    ReplyDelete
  3. අප්පට හුඩු!!!උඹටත් වෙන වැඩ. :)))

    හැබැයි ඔය බේත් නොගෙන සනීප වෙන එකේ ඇත්තක් තියෙනවා.මොකද සමහරුන්ට ඩොක්ට(ර්) ගාවට ගිහින් ආ පමනින් සනීප වෙනව මම දැකලා තියෙනවා.

    මොනා උණත් කැසිල්ල කියන්නේ එච්චරම හොඳ ලෙඩක් නං නෙවෙයි පුතෝ!!!!!!!!!!!!!!!!!!:)))))))))))))))))))

    ReplyDelete
  4. ඔයත් අපේ අයිය වගේ.......
    එයාගෙත් බෙහෙත් චිට් බර තොගයක් පර්ස් එකේ මතක් කරොත් ඔන්න ගිහින් ගේනව හැබැයි ඒක ගෙදර දාල එයා වැඩට යනව එතකොට සතියෙම බෙහෙත් නොබී.......

    කසන ලේඩේ හොඳද හැබෑටම.........??????

    ReplyDelete
  5. uba ithin hemadama karee oya wage wedane machang

    narakada uba annual camp eke kakulata beth dapu hetith oya ekkama kiyala demmoth mama hithanne eee kathawa negala yaii

    ReplyDelete
  6. හසිත ජයසූරිය ට
    අපේ හසිත මලයා උදේ පාන්දරම ගොඩවෙලා තියෙන්නේ :) දැන් නම් කැසිල්ල හුඟක් දුරට අඩුයි. :)

    තව බෙහෙත් තියෙනවා බොන්න ඒවා ඉවර වේගෙන යද්දී කැසිල්ලත් නැති වේගෙන යයි කියලා තමයි හිතෙන්නේ :)

    Theekshana Weerasinghe ට
    නැහැ අයියේ ගෙදර සබන් ඉවර වෙලා. කොහොම වුණත් ඔයා කිව්වා වගේ සබන් තිබ්බා නම් ජංජාලයයි වෙන්නේ. මොනවා වුණත් "හැමදේම වෙන්නේ හොඳටය" කියනවානේ :)

    ReplyDelete
  7. ජංජාල චාමර ට
    මට නම් ගිය පාර සනීප වුනේ දොස්තර ගාවට ගිය හන්දා නම් නෙමෙයි. ගන්න බැරිවුණ බෙහෙත ඇරෙන්න අනිත් බෙහෙත් ටික වෙලාවට කලාවට පාවිච්චි කරපු නිසා.
    කොහොමත් මේ කාලෙට කැසිල්ල පොඩ්ඩක් තියෙනවානේ සහෝ. ඒකනේ මේ විදිහට හරි සයිබර් අවකාසේ කරක් ගහන්න හිතෙන්නේ :)

    හා පැටික්කි (MS) ට
    හා පැටික්කිගේ අයියත් මම වගේ [මටත් වැඩියෙන්, මම බෙහෙත් ජාතිවලින් එකනේ ගන්න බැරිව නොබී හිටියේ] බෙහෙත් නොබීද සනීප වෙන්නේ ?

    මේකෙන් පේන්නේ නම් හා පැටික්කිලා අයියා ගැන බලන්නේ නැහැ කියන එකද ? අනේ පව් අසරණ කොලු පැටියා :)

    දැන් නම් කැසිල්ල අඩුයි. හෙට වෙද්දී හොඳටම අඩුවෙයි කියලා හිතනවා. මොකද හෙට වෙද්දී බෙහෙත් ඉවරයි.

    Kasun Tharanaga ට
    Annual Camp එකේ බෙහෙත් දාපු කතාව එච්චර ලොකු කතාවක් නෙමෙයි නේ බොස්. ඒක කෙටිම කෙටි කතාවක්නේ. ඒක ලියනවා නම් තාර බරට හුඟක් දාන්න වෙයි. එතකොට නොවුණු ඒවාත් ගොඩාක් ලියන්න වෙනවානේ :)

    ReplyDelete
  8. මගේ කැසිල්ල ගැන කියවන්න ආපු අයට වගේම නොආපු අයට කැසිල්ලක් නම් එන්න එපෝ.

    ආගිය කතාවේ හෘදයාංගම පැතුම එයයි :) :) :)

    ReplyDelete
  9. හෙටවත් හොඳට නාගනින්. එතකොට කැසිල්ල යයි. :P

    ගනන් ගන්න එපා විහිළුවක් කළේ.;)
    කැසිල්ල ඉක්මනට හොඳවෙන්න කියල පතනවා !

    ReplyDelete
  10. තර්ඩ් මෑන් (SIDATH)ට
    අදත් හොඳට නෑවා බන්. ඒත් සබන් ගානේ නැතිව. ඒ වගේම මම දන්නවා සිදත් කොල්ලා විහිළුවක් තමා කළේ කියලා.

    "ආරෝග්‍යා පරමා ලාභා" නේ ඒ හින්දා ඔබේ ප්‍රාර්ථනයට බොහොම ස්තුතියි

    ReplyDelete
  11. ගෙදර සබන් ඉවර වෙලා සෑහෙන කල් නේද?
    එදයින් පස්සෙ අදමයි නේද නාන්න උත්සාහ කළේ
    ඉතින් සැකිල්ල හැදෙන එක පුදුමයක්යැයි

    ReplyDelete
  12. Chanaka Aruna Munasinghe ට
    ආහ් මකර අයියත් ඇවිත් ඉන්නේ :) මඩ ගහන්න එපා අයියා මේ දවස්වල සබන් පාවිච්චි කරන්නත් හොඳ නැති නිසා හෝද ගන්නත් කරදරයිනේ.

    අනික් මම හැමදාම උදේට නාන මනුස්සයා හරිය. බොරු නම් අපේ ගෙදර බාත් රූම් එකේ ෂවර් එකෙන් අහලා බලන්න. අම්මපා අමූලික ඇත්ත.

    කොහොමත් අයියා මට සැකිල්ලක් තිබුණා නේ. ඒකට කියන්නේ ඇට සැකිල්ල කියලා. මේ ඊයේ පෙරේදා තමා කැසිල්ල හැදුණේ. කොහොමත් තියෙන කැසිල්ල සීමාව ඉක්මවා ගියා :)

    [පොඩි විහිළුව කලේ අයියා ගණන් ගන්න එපා කැසිල්ලට කියන කතා ඔව්වා :)]

    ReplyDelete
  13. ඕවට කියන්නේ chit නෙවෙයි, prescription.

    ReplyDelete
  14. ohoma amathaka wena eka echchara honda na yaluwa....habai ithin ekath hondai chit1 purse eke thiyan iddi honda wenawanam viyadamakuth naneee..hi...hi... shashi

    ReplyDelete
  15. අයියේ ගෙදර සබන් ඉවර වෙලා ගොඩක් කල්ද​? සමහර විට සබන් නැතිව නාලා වෙන්න ඇති කැසිල්ල හැදෙන්න ඇත්තේ.....අපරාදේ බෙහෙත් ගන්න යන්න කලින් එක පාරක් හරි සබන් ගාලා නාලා බැලුව නම් ඔය කැසිල්ල හොද වෙන්නත් තිබුන...දැන් ඉතින් කොහොමෙන් කොහොම හරි කැසිල්ල හොද වෙලානේ....තාමත් හොද වෙලා නැත්නම් ඉක්මනින්ම හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හොදේ.....(M.M)

    ReplyDelete
  16. KoolTempo ට
    ස්තුතියි අයියා ඒ ගැන දැනුවත් කලාට. ලේසියට තමා chit එක කියල කිව්වේ. මෙහෙම comments දාලා දෙන sup එකට තැන්කු වේවා :)

    මෙහෙම sup එකක් තියෙනවා නම් කතා ලියන්නම්කෝ ගමකට

    shashi ට
    කොහෙද වියදමක් නැහැ කියන්නේ ? දොස්තර ඒ වෙලාවේ දුන්න බෙහෙත් සල්ලි දීලානේ ගත්තේ. Pharmacy එකෙන් ගන්න දීපු එක බෙහෙතක් විතරයි ගන්න වුණේ නැත්තේ :)

    මීට පස්සේ ඔය වගේ ඒවා අමතක වෙන්නම නැහැ. මේකෙන් මට ලැබුණු ආදර්ශය ඒක තමයි

    Anonymous M.M.ට
    ආහ් මේ නගාත් ඇවිල්ලා ඉන්නේ. මම බැලුවේ මේ පරක්කු මොකද කියලා. ගෙදර සබන් ඉවර වෙලාද කියලා ඇහුවේ ගෙනත් දෙන්නවත්ද ? :)

    මම කොහොමත්
    සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි,
    ෂවර් එකෙන් හොඳ හැටි නාලා,
    උපරිම හැඩවීලා,
    ලස්සන කිට් දාලා,
    යනවා [නිසි බලධාරියා විසින් කපා හරින ලදී] සොයා.....

    දැන් නම් කැසිල්ල සුව වේගෙන එන්නේ. නිට්ටාවටම කැසිල්ල කොහොමත් සුව කරන්න බැහැනේ. කොහොමත් කොල්ලන්ටයි, කෙල්ලන්ටයි මේ කාලෙට කැසිල්ල පොඩ්ඩක් තියෙනවානේ.

    සුව දුක් විමසුවාට ස්තුතියි :):):)

    ReplyDelete
  17. මේ කාලේ කොල්ලන්ටයි කෙල්ලන්ටයි තියෙන කැසිල්ලට කොහොමත් දොස්තරලා ගාව බෙහෙත් නෑනේ....
    අනිත් එක ගෙදර සබන් නැද්ද කියලා ඇහුවෙ ගෙනත් දෙන්න නම් නෙමෙයි.ඒත් ඉතින් තාමත් ගෙදර සබන් නැත්නම් ආගිය කතා කියවන ඇත්තන් ගෙන් සම්මාදම් කරලා හරි සබන් ගෙනත් දෙන්න උත්සහ කරලා බලන්නම්....

    නැත්නම් අර හැඩ වැඩ වෙලා බලන්න යන කෙනා අයියා ලගට යනකොට දුවයි.......(විහිලුවක් කලේ හොදේ...:) ) (M.M)

    ReplyDelete
  18. Anonymous M.M.ට
    මමත් පස්සේ දන්නේ. මගේ මතකේ ගැන අම්ම හොඳට දන්නවානේ. ඒක නිසා ඊයේ උදේ වැඩට යන්න කලින් අම්මා සබන් අරන් තියලා තමා ගිහින් තියෙන්නේ :)

    හරි හොඳේ... මට හිතුණා නංගී විහිලුවක් තමා කරන්නේ කියලා.
    ගැටළුව ඉතින් තාම එහෙම කෙනෙක් හම්බුණු නැති එක තමා :( :( :(

    ReplyDelete
  19. හික් හික් උබටත් හැදෙන ලෙඩ... ඔය වයසට ඉතින් ඔය ලෙඩ හැදෙනවා තම හික් හික්...

    අර බෙහෙත් නොගෙන හොද වෙන එක නම් සමහරුන්ට තියෙනව තමා. දොස්තර ගාවට ගියා නම් ඇති.

    ඉතින් මල්ලි කැස්සිල හොද උනාද ?? හික් හික්

    ReplyDelete
  20. පිස්සා පලාමල්ල ට
    ඒකනේ අයියා. මේ වයසට තියෙන්න ඕනේ ගාණටත් වඩා කැසිල්ල ආපු නිසයි බෙහෙත් ගන්න ගියේ. මේ වෙනකොට නම් හොඳටම කැසිල්ල අඩුයි අයියා :) ස්තුතියි සුවදුක් බැලුවාට

    ReplyDelete
  21. ඇත්ත කියපන් . .
    උඹ කොහේද ගිය සතියේ ගියේ . . .??
    එනව මෙතන රට වටේ සවාරි ගහලා කැසිල්ල හදාගෙන . . .

    හික් හික් මේ මම නෙමෙයි උඹ අම්මා අහපු ඒවා නැතිනම් අහන්න හිතපු ඒවා . . හික් හික්

    ReplyDelete
  22. දුකා ට
    අම්ම එහෙම එකක් ඇහුවේ නැහැ අයියා. කොහොමත් එහෙම එකක් අහන්න විදිහක් තිබ්බෙත් නැහැ. කැම්පස් නිවාඩු දුන්න නිසා මම ගෙදරටම වෙලා හිටියේ කොහේවත් කරක් ගහන්න ගියේ නැහැ.

    කරක් ගැහුවා නම් කරක් ගැහුවේ මේ සයිබර් අවකාසේ විතරයි :):)

    ReplyDelete
  23. malliii
    jst saw ur blog
    its nothin but marvolous
    ela kiri !!!
    keep it up
    warm wishes

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................