Thursday, September 20, 2012

පුංචි සරුංගලේ කතා වස්තුව


එකෝමත් එක කාලෙක පුංචි සරුංගලයක් තිබුණා. 

මම ඒකට පුංචි සරුංගලයක් කියලා කිව්වේ ඒක ප්‍රමාණයෙන් පොඩි එකක් වුණු නිසාම විතරක් නෙමේ වෛවාරණ මෝස්තර නැතුව චාම් විදිහට හදලා තිබුණු නිසා. 

ඉතින් මේ පුංචි සරුංගලේ තමන්ට භාර වුණු කාර්යය ඒ කියන්නේ ඉහල අහසට යන එක හොඳට කරගන්න හිතුවා. ඒ නිසා පුංචි සරුංගලේ ටිකෙන් ටික නූල් අරගෙන ඉහල අහසටම යන්න පටන් ගත්තා. 

පුංචි සරුංගලේ මේ විදිහට ටිකෙන් ටික ඉහලට යද්දී පහල ඉදන් ඒක දැකපු මිනිස්සු සතුටු වුණා, අත්පුඩි ගැහුවා. ඒ වගේමයි අහසේ පියාඹමින් හිටිය කුරුල්ලොත් මේ පුංචි සරුංගලෙත් එක්ක හිනාවුණා, පුංචි සරුංගලේ ගාවින් තනියට පියෑඹුවා. 

තමන්ගේ ගමනේ ඉහලම හරියකට ඇවිත් හිටිය පුංචි සරුංගලේ ඉහල අහසට යද්දී හම්බුණු හැමෝමත් එක්ක වගේම හොඳින් හිටිය කෙනෙක්. ඒක නිසාමයි අර කලින් කිව්වා වගේම හුඟක් අය පුංචි සරුංගලේ උදව්වටත් හිටියේ.

ඒ වුණත් මේ විදිහට ඔහේ පාවෙලා යන්නේ නැතුව හොඳ හුළං පොදක් එක්ක පාවෙලා ලොකු ගමනක් යන්න ඕනේ කියන එක පුංචි සරුංගලේ හැමදාමත් හිතුවා. 

දවසක් දා පුංචි සරුංගලේ බලාපොරොත්තුවෙන් හිටිය හුළං පොද පුංචි සරුංගලේට හම්බුණා. ඉතින් එදා ඉදන් පුංචි සරුංගලේ හිටියේ ඒ හුළං පොද එක්කමයි. ඒ හුළං පොදත් එක්ක යද්දී තමන්ගේ රැල් එහෙම හොඳ විහිදිලා තමන් ලස්සනට ඉන්නවා කියලා තමා පුංචි සරුංගලේ හිතුවේ. 

ඒ වගේමයි තමන් නොගිය පැතිවලටත් ඒ හුළං පොද එක්ක යන්න පුලුවන් වුණු නිසා පුංචි සරුංගලේ මේ තමන්ගේ ජීවිතේ හොඳම කාලේ කියලා හිතුවා. 

මේ විදිහට කාලයක් ගතවෙලා ගියා. පහු පහු වෙද්දී කොහු කොහු වෙනවා කියලා කියනවා වගේ මුලින් හුළං පොදක් විදිහට තිබුණු හොඳ හුළඟ මහා සුළි සුළඟක් වුණා. 

ඒකෙන් අන්තිමට වුණේ අපේ පුංචි සරුංගලේ අතරමං වෙලා බොහෝ....ම ලොකු අමාරුවක වැටිලා කඩා පාත් වෙන්න පටන් ගත්තු එක. ඒත් පුංචි සරුංගලේ හොඳ කෙනෙක් නිසා එයාගේ යාළුවෝ එයාට උදව් වුණා. එයාලා ආයි පාරක් කලින් විදිහටම ඔහේ පාවෙලා යන්න පුංචි සරුංගලේට උදව් කළා. 

පුංචි සරුංගලේ ගාව තිබුණු ධෛර්යවන්තකමත් ඒ වගේමයි එයාගේ යාළුවන්ගේ උදව් නිසා අපේ පුංචි සරුංගලේ ආයි පාරක් ඔහේ පාවෙලා යන්න පටන් ගත්තා. 

මේ විදිහට ටික කාලයක් ගතවුණා. කලින් අත්දැකීම හොඳ නැති එකක් වුණත් පුංචි සරුංගලේ තවම ආසයි හොඳ හුළං පොදක් එක්ක එකතු වෙලා පාවෙලා යන්න. 

එහෙම ඉද්දී තමා පුංචි සරුංගලේට ආයි පාරක් හුළං පොදක් හම්බුණේ. පුංචි සරුංගලේ හිතාගෙන ඉන්නේ ඒ හුළං පොද හොඳ එකක් වෙයි කියලා. ඒ සිතුවිල්ලෙන් පුංචි සරුංගලේ ඒ හුළං පොදත් එක්ක පාවෙලා යනවා. 

සමහර විට ඒ හුළං පොදත් අන්තිමට මහා සුළි සුළඟක් වෙන්න පුලුවන්. එහෙම වෙලා ඒකෙන් සරුංගලේ පාතටම කඩාගෙන වැටෙන්නත් පුලුවන්. ඒත් ඔහේ ඉන්නවාට වඩා ඒක හොඳයි කියලා තමා පුංචි සරුංගලේ හිතන්නේ........ 

ඔයාලටත් දවසක ඒ පුංචි සරුංගලේ හුළං පොදත් එක්ක පාවෙලා යනවා දකින්න ලැබේවි. මමත් බලාගෙන ඉන්නේ ඒ පුංචි සරුංගලේ හොඳ හුළං පොදක් එක්ක හුඟක් කල් පාවෙලා යනවා දකින්න.....

කතාව මතු සම්බන්ධයි............

ප.ලි.: මම facebook එකේ දාපු status එකක් පාදක කරගෙන තමා මේ කතාව ලියවුණේ. ඒකට පොහොර දමාපු රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ සහෘදයෙක් වුණු ඉසුරු මදනායක සගයාට විශේෂ ස්තුතිය :)

ප.ප.ලි.: මම ගස් නම් හිටවලා තිබුණත් තවමත් පුතෙක් හදලා නැති නිසා මම කරන්නේ දහම් පාසල් ගුරුවරයෙක් විදිහට අනිත් අයගේ පුතාලා වගේම දුවලාටත් ධර්මය උගන්වලා එයාලව හදන එක. ඒ වගේමයි මම තවමත් පොතක් ලියලා නැති නිසා මම කරන්නේ පොත් ලියන අනිත් අයට උදව් කරන එක. 

අපේ Logic මිස් මේ දවස්වල පොතක් ලියනවා. මම තමයි ඒකේ type setting වැඩ කරන්නේ. ඒක නිසා කලින් posts දෙකේම අදහස්, උදහස්, ප්‍රශ්නවලට පිළිතුරක් එකතු කරන්න ප්‍රමාද වුණා. මේකටත් එහෙමම වෙයි. ඒත් පොතේ වැඩේ ඉවර වුණු ගමන් මට කරන්න තියෙන වැඩවලින් මුල්ම වැඩේ තමා posts තුනටම උත්තර බඳින එක. 

ඒක නිසා එතෙක් ගැත්තාට අනුකම්පා කළ මැනවි.... :)

90 comments:

  1. අද වෙනස් විදිහක කතාවක්.
    කතාවෙන් කියන්න හදපු දේ හරියටම තේරුණේ නැහැනෙ :(.
    හෙමින් සැරේ අහගන්නම්.
    හැබැයි කතාව නම් නියමෙට ලියල තියනවා. අද කාලේ ගොඩක් අහිංසකව ජීවත් වෙන අයට ඔය සරුංගලේට වෙන දේ වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      ඇත්ත තමා අයියා. මේ කතාව වෙනස්ම විදිහක් තමා. කොටින්ම එහෙම දෙයක් මාත් කළේ පළවෙනි වතාවට. කියන්න හදපු දේ තේරුම් ගියේ නැත්නම් ආයි පාරක් හෙමින් සැරේ කියවලා බලන්නකෝ.

      ඒත් තේරෙන්නේ නැත්නම් අනේ මන්දා. මොකද මේ කතාව මගේ හිතේ තියෙන්නේ නැතුව කියන්න උවමනාව විතරමයි මට තිබුනේ. ඒ ඇරෙන්න කියවන අයට තේරෙයිද කියන එක නම් මේ කතාව ලියද්දී මම හිතුවේම නැහැ

      Delete
  2. logic class කතා ඔක්කොම කියෙව්වා..

    ReplyDelete
  3. අද නම් කියෙවුවට මොනවත් ලියන්නේ නැහැ.. මගේ ලොජික් සෙක්ටර් එකේ ෆියුස් ගිහින්..

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      අලුත් ෆියුස් එකක් ඉක්මණට දාගන්න අයියණ්ඩි නැත්නම් හුටු හුටු :)

      Delete
  4. ඔහේ ඉන්නවට වඩා ඒක හොඳයි මාත් හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. @ Prabhath Darshana

      මිනිස් සොබාවය එහෙම නම් සරුංගලයක් එහෙම නොවී ඉදීවිද :D

      Delete
  5. අපිත් මේ බලන් ඉන්නේ ඔය පුංචි සරුංගලේට හොඳ සුළඟක් හම්බ වෙනකල්. ඉක්මනින් ඔයාගේ පොතකුත් පටන් ගන්ට. අපි උදව් කරන්නම්. :D

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      ස්තුතියි ඔබේ කාරුණිකභාවයට. පොතේ වැඩේ පටන් ගත්තු ගමන් කියන්නම් :)

      Delete
  6. අද නම් මටත් තේරුණෙ නෑ ඒ හැටි...

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      කියන්න හදපු දේ තේරුම් ගියේ නැත්නම් ආයි පාරක් හෙමින් සැරේ කියවලා බලන්නකෝ අයියා. ඒත් තේරෙන්නේ නැත්නම් අනේ මන්දා.

      මොකද මේ කතාව මගේ හිතේ තියෙන්නේ නැතුව කියන්න උවමනාව විතරමයි මට තිබුනේ. ඒ ඇරෙන්න කියවන අයට තේරෙයිද කියන එක නම් මේ කතාව ලියද්දී මම හිතුවේම නැහැ

      Delete
  7. ///එහෙම ඉද්දී තමා පුංචි සරුංගලේට ආයි පාරක් හුළං පොදක් හම්බුණේ. පුංචි සරුංගලේ හිතාගෙන ඉන්නේ ඒ හුළං පොද හොඳ එකක් වෙයි කියලා. ඒ සිතුවිල්ලෙන් පුංචි සරුංගලේ ඒ හුළං පොදත් එක්ක පාවෙලා යනවා. ////

    බලාපොරොත්තුව තමා ජීවිතේට අර්ථයක් එකතු කරන්නේ... හොදම දේ බලාපොරොත්තු වෙන දේ නොලැබුනොත් කඩා නොවැටෙන එක...

    කරන වැඩ ගැන බො‌ෙහාම සතුටුයි....

    ReplyDelete
    Replies
    1. @ හිරු

      ග්‍රීක කතාවල කියනවා වගේ පැන්ඩෝරාගේ පෙට්ටිය විවෘත කලාත් එක්කම මනුස්ස ලෝකේ හුටපට ඇතිවීමත් එක්ක බලාපොරොත්තුව තමා මිනිස්සුන්ව ජීවත් කරවන්න දෙයියෝ දීලා තියෙන්නේ අක්කේ...

      සතුටු වීම ගැන සතුටුයි :)

      Delete
  8. පරිස්සමින් ඉගිල්ලෙන්නේ පොඩි නෑ මේ අහස කියන පද පේලිය මතක් වුනා මට.
    කවද හරි පුතෙකුත් හදන්නේ නැතැයි නේද හසිත අයියේ..??
    පොත් ලියන්නත් කල් තියෙනවනේ තව.අනිවා පොතකුත් ලියන්න :)
    හැබැයි ඉතින් බ්ලොග් ලියනවා කියන්නෙත් පොත් ලියනවා වගේ තමා.

    ReplyDelete
    Replies
    1. @ Pramudi

      පුතෙක් හදලා ඒ පුතාව බාලදක්ෂයෙක් කරවන්නත් තියෙනවා නොවැ :D

      පොතක් නම් ලියන්න අදහසක් තියෙනවා. බ්ලොග් ලියනවාටත් වඩා ලොකු වගකීමකින් ඒක කරන්න ඕනේ නිසා තමා හරියටම ඒකට සෙට් වුණේ නැත්තේ... ඒත් ළඟදීම ඒකත් කරනවා

      Delete
  9. මේ කතාවේ අපි හැමෝටම ගන්න දෙයක් තියෙනවා. මට මුලින් හිතුනේ සරුංගලේ රතු පාට නිසා, රතු පාට පක්ෂයක් ගැන ලියවුනු එකක් කියල.

    ReplyDelete
    Replies
    1. @ සුදීක

      කතාවෙන් ගන්න දෙයක් තියෙන බව අහන්නත් සතුටුයි අයියා. සරුංගලේ රතු පාට වුණේ ගූගල් දෙයියන්ගෙන් සරුංගල් ගැන බලද්දී මට හිතට ඇල්ලුවේ ඒක නිසා... මේ කතාව රතු පාට පක්ෂයක් ගැන නෙමේ පුරුෂ පක්ෂේ ගැන :D

      Delete
  10. මටත් හරියටම වැටහුනේ නෑ.ඒත් මං හිතන එක වෙන්න ඕනි.බලමුකෝ තව ඇතිනේ

    ReplyDelete
    Replies
    1. @ ධමිමික ස‍‍දරුවන්

      මාත් හිතන විදිහට ඔයා හිතන එක හරි වෙන්න ඕනේ. තව ඇතිනේ කියලා හිතුවට තව තියෙන්නත් පුලුවන් නොතියෙන්නත් පුලුවන්. තව තිබුණත් ea දේ නොලියවෙන්නත් පුලුවන් :)

      Delete
  11. කතාව කෙටියෙන් කිව්වොත්…..

    1. කෑල්ලක් නැතුව වේලි වේලි හිටිය.
    2. කෑල්ලක් සෙට් උනා.
    3. ටික කාලයක් ෆන් එකේ හිටිය.
    4. පස්සේ ටික ටික වැඩේ අල උනා.
    5. බූට් එකක් කැව.
    6. චාටරේ ගහගෙන හිටිය.
    7. ටික ටික ගොඩ ආව.
    8. දැන් ආයෙත් එකක් සෙට් වෙලා/සෙට් වේගෙන එනවා……

    හරිද ????

    ReplyDelete
    Replies
    1. @ චාමර

      අනේ මන්දා :D ෂර්ලොක් හෝම්ස් උසස් අධ්‍යාපන ආයතනයේ පාඨමාලාවක් වත් හැදෑරුවද :P

      Delete
    2. මොන පාටමාලාද මල්ලි !! ඕක ඉතින් මට කී පාරක්නම් උනා කියලද :-)

      Delete
    3. @ චාමර

      දැන් ඉතින් දරු පවුල්කාරයෝනේ අයියා :P

      Delete
  12. අපිට ශිෂ්‍යත්ව විභාගෙට ඇවිත් තිබුණු රචනාව මිනිසා සහ සරුංගලය....මම ඒ රවනාව ලියන්න පටන්ගත්ත විදිහ අද වගේ මතකයි...මිනිසා හඳට ගියාලු...උඩ බැලුවාලූ ....බිම බැලුවාලූ...මිනිසා හඳට ගියාලූ කියලා එඩ්වඩ් ගේ සිංදුවේ පද ටික උඩින් ලියලයි මම රචනාව පටන් ගත්තේ....සරුංගලේ ජෙට් එකක් වෙලා හඳ අල්ලන්න වාසනාව ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...මිනිහෙක්ගේ මනසේ මැවෙන සරුංගලය ජෙට් මට්ටමටම ආවනම් ...සරුංගලය කඩා වැටෙන්න විදිහක් කොහොමත්ම නැහැනේ....මෙහෙමත් හිතෙනවා....
    සරුංගලේ...
    වරල් සැලේ...නිසංසලේ..ගුවන් තලේ..
    අපෙන් මිදී...
    වෙන රටකද යන්න හදන්නේ....???

    ReplyDelete
    Replies
    1. @ සුජානි.......

      සරුංගලේ ජෙට් එකක් නම් වෙන්නේ නැතිවෙයි අක්කේ. සරුංගලේ කැමති මිනිස්සුන්ට පේන්න ඉන්න. ඒකෙන් මිනිස්සුන්ව සතුටු කරන්න

      Delete
  13. //ඔයාලටත් දවසක ඒ පුංචි සරුංගලේ හුළං පොදත් එක්ක පාවෙලා යනවා දකින්න ලැබේවි. මමත් බලාගෙන ඉන්නේ ඒ පුංචි සරුංගලේ හොඳ හුළං පොදක් එක්ක හුඟක් කල් පාවෙලා යනවා දකින්න.....//

    ඔබගේ බලපොරෝතුව ඉටු වේවා පතමින් අපෙන් උණුසුම් සුබපැතුම් !!!

    ReplyDelete
    Replies
    1. @ Kasun

      යමක් කමක් තේරෙන පාටයි :) ස්තුතියි ඔයාට

      Delete
  14. අප්පා.... ඔලුවෙන් කොම්බුත් විසික්කා උනා !
    බලමුකෝ ඊලඟ කොටස ලිව්වට පස්සේ !

    ReplyDelete
    Replies
    1. @ මධුරංග

      ඊළඟ කොටස ලියවෙනකම් බලන් ඉන්න නම් එපා අයියේ. ඊලඟ කොටසක් තියෙන්නත් පුලුවන් නොතියෙන්නත් පුලුවන්. තව තිබුණත් ඒ දේ නොලියවෙන්නත් පුලුවන් :)

      Delete
  15. කතාව හොඳයි. කියන්න ට්‍රයි කල දෙය තේරුනේ නැහැ. පෞද්ගලික දෙයක් සම්බන්දවදෝ කියල සැකයකුත් හිතට එනවා.

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තයා

      ඔබතුමාට යමක් වැටහීගෙන එන පාටයි. ජයවේවා....

      මොකද මේ කතාව මගේ හිතේ තියෙන්නේ නැතුව කියන්න උවමනාව විතරමයි මට තිබුනේ. ඒ ඇරෙන්න කියවන අයට තේරෙයිද කියන එක නම් මේ කතාව ලියද්දී මම හිතුවේම නැහැ

      Delete
  16. ඉතුරුටිකත් කියවන්නම වෙනවා .. කමෙන්ට් එකක් දෙන්නනම්

    ReplyDelete
    Replies
    1. @ Mee Godayaa

      කීප දෙනෙක්ටම කිව්වා වගේ ඊළඟ කොටසක් තියෙන්නත් පුලුවන් නොතියෙන්නත් පුලුවන් තිබුණත් නොලියවෙන්නත් පුලුවන් අයියණ්ඩි...

      Delete
  17. ඔයගේ කතාව හරියට හරි මල්ලි.....පුන්චි කතාවක් උනාට මහා ලොකු දෙයක් අතුලේ තියනවා කියල මට හිතෙන්වා මල්ලි.....එරන්දි අක්කා

    ReplyDelete
    Replies
    1. @ එරන්දි අක්කා

      ඇත්ත අක්කේ. කතාව පුංචි වුණාට ලොකු දෙයක් තියෙනවා තමා. ඒක තේරුම් ගත්තු එකත් ලොකු දෙයක්

      Delete
  18. මගේ අදහස නම් රිප්ලයි ගැන ඒ තරම් හිතන්න ඕන නෑ කියලයි. අනුන්ට උදව් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳ දෙයක්. විශේෂයෙන්ම තමන්ට උගන්වපු ගුරුවරයෙකුට. ඒනිසා ඒ වැඩේ සාර්ථක කරගන්න උදවු කරපන් මලයා.ජය!!

    ReplyDelete
    Replies
    1. @ Sarath Chandrasiri

      රිප්ලයි කතාව ගැන කියද්දී මගේ හිතට එන්නේ "අත්තානං උපමං කත්වා" කියන කතාව. ඒකට විතරක් නෙමේ හුඟක් තැන්වලදී මම ඒක හිතනවා. මම දාපු කමෙන්ට් එකකට පිළිතුරු දෙනවාට මම කැමතියි වගේම අනිත් අයත් ඒ දේට කැමතියි කියලා තමා මම මෙතන්දී හිතන්නේ..

      සුභ පැතුමට ස්තුතියි අයියණ්ඩි වැඩේ තාම කරමින් පවතින්නේ...

      Delete
  19. කතන්දරේ දී සරුංගලේ =කොල්ලෙක් ද?

    ReplyDelete
    Replies
    1. @ අවතාර්

      වෙන්න පුලුවන් වෙන්න පුලුවන් :D

      Delete
  20. මටත් හිතෙන්නේ සරුංගලේ හසිත් අයියා කියලා... මේ නම් කෙල්ලෙක් ගැන මොකක් හරි ලියලා තියෙන්නේ.
    මේ මිස්ටද අර ඇඩ්ස් එකතු කරනවා කිව්වේ.. ඉක්මනටම ඉතුරු ටිකත් දාන්න.
    අයියලාගේ වැඩේ සාර්ථක වේවා කියලා පතනවා..!!

    ReplyDelete
    Replies
    1. @ සුදා මල්ලි

      අනේ මන්දා මල්ලී වෙන්න ඇති :D හිතේ තියෙන දේ කියාගන්නයි ඕන කලේ..

      සුබ පැතුමට ස්තුතියි. ඉතුරු කොටසක් ගැන විශ්වාසයක් මටද නැත

      Delete
  21. හොඳයි..හොඳයි.. යහපතක් ම වේවා!!! :)

    ReplyDelete
    Replies
    1. @ Chandana

      ස්තුතියි අයියණ්ඩි. ඔබටත් එසේම වේවා :)

      Delete
  22. මම ටික කාලෙකට කලින් පත්තරේට ලියපු ලිපියක් මතක් වුණා.මම ලිව්වේ ගෝල්ෆේස් එකේ සරුංගල් අපේ ජීවිත වලට ආරෝපණය කරලා.මේක ඉතාම ලස්සන ආත්මීය විවරණයක්.නොගැළපෙන සරුංගල් එක්ක මාට්ටු නොදාගෙන හිටියහම ලොකු කාලයක් අහසේ රැඳිලා ඉන්න පුළුවන්නේ.දිගටම ලියන්න.ජය!!!

    ReplyDelete
    Replies
    1. @ A.Wickz

      නොගැලපෙන සරුංගල් එක්ක මාට්ටු දාන එකක් ගැන නම් මට හාංකවිසියක්වත් මතක තිබුණේ නැහැ. මම හිතන විදිහට පුංචි සරුංගලේ අනම් මනම් වෙට්ටු මාට්ටු දාන කෙනෙක් නෙමේ :D

      Delete
  23. http://www.youtube.com/watch?gl=NG&hl=en-GB

    ReplyDelete
    Replies
    1. @ Anonymous September 20, 2012 10:01 PM

      මේ ලින්ක් එක වැඩ කරන්නේ නැහැනේ :(

      Delete
  24. සරුංගලේට හොඳ සුළං පොදක් හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එක්කො නැත්තං හම්බවෙන හැම හුළං පොද එක්කම සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. @ රූ....

      හැම හුළං පොදත් එක්කම සතුටින් ඉදලා අන්තිමට සැඩ සුළඟකට අහුවෙන එකනේ ගැටළුව. ඒක නිසා පුංචි සරුංගලේ කැමති හැමදාම එක හුළං පොදක් එක්ක පාවෙලා යන්නනේ අක්කේ. අපි බලමුකෝ එහෙම වෙයිද කියලා :D

      Delete
  25. පුංචි කතාව ඇතුලේ ලොකු අදහසක් ලියවිලා තිබුනා. නියමයි.

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      දැන් මගේ කලාවේ ඒ යුගය පටන් ගත්තා අයියණ්ඩි :)

      Delete
  26. ඉතුරු කොටසත් දැම්මම කමෙන්ට් 1 දාන්නම්!:)

    ReplyDelete
    Replies
    1. @ නුවන්

      කලින් කීප දෙනෙක්ටම කිව්වා වගේ ඉතුරු කොටසක් තියෙන්න පුලුවන් නොතියෙන්නත් පුලුවන් තිබුණත් නොලියවෙන්නත් පුලුවන්.... අපි බලමුකෝ නේද :)

      Delete
  27. ව්‍යංගාර්තයෙන් ලියපු කතාවක් වගේ නේද ? කවුද දැන් පුංචි සරුංගලේ ? හසිතද ?

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      අයියාට ඒ වගේද පේන්නේ :P

      Delete
  28. සරුංගලයක් ඇතුලෙ හසිතයියගේ කතාව හංගලා වගේ නේ????????

    ReplyDelete
    Replies
    1. @ තරියා අබේ

      අනේ මන්දා මලයා. මලයටත් හිතෙන දේවල් :D

      Delete
  29. Replies
    1. @ Tiraj Adikari

      ඒක ඇත්ත අයියා... සරුංගලේට ඒවා එච්චර තේරෙන්නේ නැහැනේ.. :)

      Delete
  30. අද කාලෙ ඔහේ පාවෙන සරුංගල් වගේ ඉන්න තරුණ පරපුර අතරෙ ඔබ වගේ තරුණයෙක් පිළිබදව මම නම් හදවතින්ම සතුටු වෙනවා... ඔබේ සියලුම කාර්යයන් හැම අතින්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. @ සිරාගෙ කාමරේ

      ස්තුතියි අයියණ්ඩි රෙකමදාරුව ගැන. ඒක ගැන නම් මට සතුටුයි :)

      Delete
  31. මේ කතාව???????????????????????????????????????????????????????????????????




    ලස්සනයි මොනා උනත් හසිත අයියේ..ජය!

    ReplyDelete
    Replies
    1. @ හිරුහිමාවී

      එහෙම තමා දරුවා. දැන් මාත් තේරෙන්නේ නැති අමුතු කතා කියන්න පටන් ගත්තා :D

      Delete
  32. මොකක්ද හසිත.....මේ ..වෙනස්ම කතාවක්...! ටිකක් ටියුබ්ලයිට් උනානෙ...!

    ReplyDelete
    Replies
    1. @ වීපොකුර

      කතාව නම් වෙනස්ම තමා... ටියුබ්ලයිට් නම් ආයි පාරක් කියවලා බලන්න අයියා. හිතේ තිබුණු දේ කියනවා ඇරෙන්න අනිත් අයට තේරෙයිද කියන එක නම් මේ සටහන ලියද්දි හිතුණේම නැහැ

      Delete
  33. සරුන්ගලෙත් අනිත්‍යයි සුලන් රැල්ලත් අනිත්‍යයි පේනවනේ පුංචි සුලන් රැල්ල කුණාටුවක් උන හැටි. මේ ටික අඳුර ගත්තනම් සරුංගලේ තවත් සුලන් රැලි හොයාගෙන යාවිද මන්ද.

    ReplyDelete
    Replies
    1. @ rvajee

      ඇත්ත අනිත්‍ය දහම තමා මේ හැම දේකින්ම කියන්නේ. ඒත් මොනවා කරන්නද මෙයා පුංචි සරුංගලයක්නේ :)

      Delete
    2. අපි පුංචි සරුන්ගලේට කියමු පොඩ්ඩක් ඒ දේ තේරුම් ගන්න කියල. එතකොට සුලන් රැල්ලෙන් ආයේ මග හැරුණත් පොලවට පත් වෙන එකක් නම් නැහැ. සතුටින් තමන්ගේ ගමන යන්න ලැබේවි.
      මම කිව්වේ මොකක්ද කියල තේරුම් යාවි කියල හිතනවා

      Delete
  34. මම කල්පනා කලේ මේක ගෙන අනාවැකි පලනොකර මතු සම්බන්ධ නිසා ඉතිරි කොටසත් කියවාම බලන්න. මොකක් වුනත් නව මගක ගත් කතාවක්.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. @ Dude

      නව මගක් ගත්තු බව නම් හැබෑව. මොකද මම මේ වගේ කතාවක් ලිව්වාම්යි. ඒත් බලාපොරොත්තු කඩ කරන්න වුණු එක ගැන කණගාටුයි. මේ කතාවේ ඉතුරු කොටසක් තියෙන්නත් පුලුවන් නොතියෙන්නත් පුලුවන් තිබුණත් නොලියවෙන්නත් පුලුවන්

      Delete
  35. සරුන්ගලේ නුඹ වෙන්නුවෙන් ගුටි කෑවේ අපේ ළමයි
    සරුන්ගලේ නූල් යොදා උඩ ඇරියේ අපේ ළමයි
    සරුන්ගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි
    සරුන්ගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි

    ReplyDelete
    Replies
    1. @ කස්ස

      සතුට විනෝදය වෙනුවෙන් නිමවූවා
      නූල් යොදා ළමයින් එය උඩ යැව්වා
      වැඩියෙන් උඩ ගිහින් වෙන්වී යන්න ගියා
      එනමුත් ඒ ගැනත් හදවතේ ලියවීලා

      පිළිතුරු කවියක් වගේ එකක්ද මන්දා :D

      Delete
  36. බ්ලොග් එක 6 වසරෙ එකෙක් හැක් කරලද?

    ReplyDelete
    Replies
    1. @ ඉන්ද්‍රජිත්

      6 වසර පහු කරලා ඇවිත් මේ වෙද්දී අවුරුදු 12 ක්ම ගෙවුණත් තාමත් හිතෙන් නම් ඒ වයසට යනවා :)

      Delete
  37. හ්ම්ම්ම්... අනේ මන්දා.. මම ඒ සරුංගලේ නම් දෙවෙනි පාරට සුළඟක් එක්ක යන්න හිත හදාගන්න බොහොම අමාරු වෙයි.. මේක හරිම අපූරු කතාවක් අයියේ..

    ReplyDelete
    Replies
    1. @ Red Riding Hood

      ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මනුස්සයා කණා මැදිරි එළියට හැම තිස්සේම බය වෙන්නේ නැහැලුනේ :D

      Delete
  38. අනේ මන්දා ජීවිතේ ගැන බය හි‍තෙනවනේ ඔයා කියන කතාවලට.

    ReplyDelete
  39. පමා වී ආමි
    කතාව කියැවීමි
    කොමෙන්ට් පම්ණට ඇති හෙයින් නොදැමීමි

    ReplyDelete
  40. අපි නං හුළං පාරවල් වලට අහුවෙන්නෙ නැතුව රූස්ස ගහක් වගෙ පොළව බදාගෙන ඉන්න නිසා අවුලක් නෑ ^_^ - KishAn -

    ReplyDelete
    Replies
    1. @ - KishAn -

      රූස්ස ගස් වුනත් ලොකු සුළි සුළංවලට පෙරළෙනවා. ඒත් උණ ගස් නම් ඒ වගේ හුළංවලට නැමිලා ආපහු යථා තත්වයට පත් වෙනවා

      Delete
  41. අපුරුයි අපුරුයි.....
    මටත් හිතෙන විදියට මේක නම් අනිවාර්යයෙන්ම අද්දැකීමක් පාදක කරගෙන නිර්මනය වුණු ලස්සන කතාවක් වගේ,

    "ඒකෙන් අන්තිමට වුණේ අපේ පුංචි සරුංගලේ අතරමං වෙලා බොහෝ....ම ලොකු අමාරුවක වැටිලා කඩා පාත් වෙන්න පටන් ගත්තු එක. ඒත් පුංචි සරුංගලේ හොඳ කෙනෙක් නිසා එයාගේ යාළුවෝ එයාට උදව් වුණා. එයාලා ආයි පාරක් කලින් විදිහටම ඔහේ පාවෙලා යන්න පුංචි සරුංගලේට උදව් කළා. "

    මං මේ කියන්නේ අතරමං වුන සරුන්ගලේට :පරිස්සමෙන් හොඳේ ....අයෙත් අතරමං වෙන්න ඉඩ තියෙනවා ,ඒ නිසා පරිස්සමෙන් ..
    අහ්හ් කොහොම වුනත් හොඳ යාලුවෝ හැමදාටම වාසනාවන් !!!!

    ReplyDelete
    Replies
    1. @ sihinasha

      ඇත්ත නිර්මාණ කියන්නේ ජීවන අත්දැකීම තමා. සරුංගලේ දැන් හුඟක් පරිස්සමෙන් තමා. එයාට ආඩම්බරකාර මිත්‍ර සමාගමකුත් ඉන්න නිසා ගැටලුවක් වෙන්නේත් නැති වේවි :)

      Delete
  42. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete
    Replies
    1. @ gurumag.blogspot.com

      ස්තුතියි දැනුවත් කිරීමට :)

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................