Thursday, September 6, 2012

මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුන් සමීපයේ පැවිදිවෙයි

 කුෂාණ යුගයේ මෛත්‍රී බෝසත් පිළිමයක්

මෛත්‍රී බෝසතුන් සම්බන්ධ කතා කීපයක්ම මීට කළින් සටහන්වලිනුත් කතා කළා මතක ඇතිනේ. අද කියන කතා කීපයත් මෛත්‍රී බෝසතුන් සම්බන්ධ කතාමයි.

පළමු කතාවේ විශේෂත්වය මේ කතාවේ ගෞතම නමින් බුද්ධත්වයට පත්වුණු අපේ බෝසතාණන් වහන්සේත් ඉන්න එක. ඒ වගේමයි මම දන්නා තරමින් මේ කතාව සාහිත්‍ය මූලාශ්‍රවල නැතත් ජනප්‍රවාදයක් විදිහට තමා අද දක්වාම පැවැත ගෙන එන්නේ. 

එක්තරා කාලයක මනුෂ්‍ය ලෝකයේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වගේම අපේ බෝසතාණන් වහන්සේත් උපත ලබා හිටියා. මෛත්‍රී බෝසතුන් ඒ භවයේදී ගුරුවරයෙක් විදිහට කටයුතු කළා. අපේ බෝසතුන් ඒ ගුරුවරයා සමීපයේ හිටිය හොඳම ගෝලයා වුණා. 

දවසක් මේ ගුරුතුමයි ගෝලයයි ගමනක් යන්න පිටත් වුණා. මේ ගමන යන පාර වැටිලා තිබුණේ කැළෑවක් මැදින්. කැළෑව මැදින් යද්දී මේ දෙන්නා දැක්කා එක කොටි දෙනෙක් සහ ඇගේ අලුත උපන් පැටවුන් ගල් ගුහාවක් ගාව ඉන්නවා. 


ඒ වෙලේ කොටි දෙනට ලොකු බඩගින්නක් තිබුණු නිසා තමන්ගේ පැටව් කන්න තමා සූදානම් වෙලා හිටියේ. මේ වෙලාවේ ගුරුතුමා තමන්ගේ ගෝලයාට මෙතනට වෙලා මොකද වෙන්නේ කියලා විමසිල්ලෙන් බලාගෙන ඉන්න නියම කරලා කොටි දෙනගේ බඩගින්න නිවන්න කෑමක් අරගෙන ඉක්මණින් එන්නම් කියලා පිටත් වුණා. 

තමන්ගේ ගුරුතුමා දැන් එයි දැන් එයි කියලා ගෝලයා බලාගෙන හිටියා. ඒත් ගුරුතුමා එන්න ප්‍රමාදයි. කොටි දෙන දැන් පැටවු ගිලින්න යන්නේ. මේක බලාගෙන ඉන්න බැරිම තැන ගෝලයා ඒ අවස්ථාවේ හැටියට කොටි දෙනගේ බඩගින්න නිවන්න පුලුවන් හොඳම ආකාරය මේකයි කියලා හිතලා ඒ කොටි දෙනට බිලිවුණා. 

අන්තිමට කොටි දෙනට කන්න යමක් හොයාගෙන ආපු ගුරුතුමා තමන්ගේ ගෝලයාට මොකද වුණේ කියලා විමසිල්ලෙන් බලද්දී පෙනුණා කොටි දෙන ගාව තමන්ගේ ගෝලයාගේ ඇඳුම් පැළඳුම්වල කෑලි එහෙම වැටිලා තියෙනවා. 

සිද්ධ වුණේ මොකක්ද කියලා තේරුම් ගත්තු ගුරුතුමා ඉක්මන් බුදුන් බුදු වුණාවේ කියන ප්‍රකාශය කරලා එතනින් පිටත් වුණා. 

ඉතින් ඊළඟට බුදුවෙන්න නියමිතව තිබුණු මෛත්‍රී බෝසතුන්ටත් කලින් අපේ බෝසතුන්ට බුදු වෙන්න ඒ කුසල කර්මය නිසා පුලුවන්කම ලැබුණාය කියලා තමා කියන්න.

මට හිතෙන විදිහට නම් එහෙම කතාවක් ඇතිවෙන්න බලපෑවේ ප්‍රඥාධික, ශ්‍රද්ධාධික සහ වීර්යාධික වශයෙන් ලොවුතුරා බුදුවරුන්ගේ ආකාර තුනක් පැවතීම වෙන්න ඕනේ. මේ ආකාර තුන නිසා ලොවුතුරා බුදුවරුන් අතරේ සර්වඥතා ඥානයේ හරි එහෙමත් නැත්නම් සෘද්ධි බලයේ හරි කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒත් ඒ ඒ බෝසතාණන් වහන්සේලා පාරමිතා පුරන කාල සීමාවන් වෙනස් වන නිසයි ඒ ආකාරයෙන් ආකාර තුනක් තිබෙන්නේ.


හරියටම ඒක විස්තර කළොත් ප්‍රඥාධික බුදුවරුන්ගේ බෝසත් කාලය සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්. ශ්‍රද්ධාධික බුදුවරුන්ගේ බෝසත් කාලය අට අසංඛ්‍ය කල්ප ලක්ෂයක්. වීර්යාධික බුදුවරුන්ගේ බෝසත් කාලය දහසය අසංඛ්‍ය කල්ප ලක්ෂයක්. 

මේ වෙනස්කම නිසා ඒ ඒ බුදුවරුන් පහළ වන කාලය වගේම බුදුවරුන්ගේ ආයුෂ තීරණය වෙනවා. ගෞතම බුදුන් වහන්සේ ප්‍රඥාධික බුදුවරයෙක්. උන්වහන්සේ පහළ වූ කාලයේ මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු 120 ක් වුණා වගේම උන්වහන්සෙගේ ආයුෂ වසර 80 ක් වුණා. ධර්මය දේශනා කරද්දී විවිධ බාධකවලට මුහුණ දෙන්න උන්වහන්සේට සිදුවුණා.

ඒත් ශ්‍රද්ධාධික බුදුවරුන් පහළ වන කාලය ආයුෂ වගේම පහළ වන කාලයත් ප්‍රඥාධික බුදුවරයෙකුගේ කාලයට වඩා සෞභාග්‍යමත් කාලයක්.

ඊටත් වඩා සෞභාග්‍යමත් කාලයක් වීර්යාධික බුදුවරයෙක් පහළ වන කාලයේදී පවතිනවා. ඒ වගේමයි ඒ කාලයේ පරමායුෂ අවුරුදු 80,000 ක් පමණ වෙනවා. අනාගතයේ බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වීර්යාධික බුදුවරයෙක්.

මෙන්න මේ වගේ කරුණු නිසා වෙන්න ඇති හුඟක් දෙනා මෛත්‍රී බුදුන් පහළ වන කේතුමතී කියන අසිරිමත් සෞභාග්‍යමත් පුරවරයේ ඉපදෙන්නත් මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්නත් ප්‍රාර්ථනා කරනවාත් ඇත්තේ.

කේතුමතී පුරය ගැන කියවෙන නන්දා මාලිනී ගායනා කරන ගීතයක් තමා මේ. දේශපාලනික කියවීම පැත්තකින් තියලා කේතුමතී පුරය මොනවගේද කියලා දැනගන්න අහලා බලන්නකෝ

 

මේ ගමන්ම මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගැන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා වගේම මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගනිපු කතාවත් කියන්නම්.

බුදු හාමුදුරුවෝ බුද්ධත්වයෙන් පස්සේ පළමු වතාවට තමන්ගේ උපන් බිම වුණු කිඹුල්වත් පුරයට එහෙමත් නැත්නම් කපිලවස්තුවට පිටත් වුණානේ [කපිලවස්තුව කිව්වාමනේ දැන් හුඟක් අය දන්නේ] ඉතින් උන්වහන්සේ ඇතුළු මහා සංඝයාව සුද්ධෝදන රජතුමා ප්‍රමුඛ ශාක්‍ය රජ දරුවෝ බොහොම ගෞරවයෙන් පිළිගත්තා. හැබැයි මෙහෙම දේකුත් වුණා.

 කපිලවස්තුව

ඒ තමා ශාක්‍ය කියන්නේ බොහොම ආඩම්බරකාරයෝ නිසා වැඩිමහල් ශාක්‍යයෝ හිතුවා සිද්ධාර්ථ දැන් බුදුවෙලා කියලා කිව්වාට එයා අපිට වඩා බාලයි. අපි මොකටද එයාට වඳින්නේ කියලා. ඒත් ප්‍රසිද්ධියේ බුදු හාමුදුරුවන්ට වඳින්නේ නැතුව හිටියොත් වැඩේ සවුත්තු වෙන නිසා එයාලා ඒකටත් උපායක් යෙදුවා.

උපාය තමා එයාලා ලාබාල ශාක්‍යයන්ට කිව්වා බුදු හාමුදුරුවන්ට වැඳලා එතැනම වාඩිවෙන්න පිටිපස්සට ආපහු එන්න එපා කියලා. එතකොට වඳින්න එන්න ඉඩකඩ නැති නිසා නොවැඳ ඉන්න පුලුවන්නේ. බුදු හාමුදුරුවොත් මේ ශාක්‍යයන්ගේ මාන්නාධික බව තේරුම් අරගෙන ශාක්‍යයන්ගේ මානය බිඳින්න යමා මහ පෙළහර පෑවා.

යමා මහ පෙළහර කියන එකත් කෙටියෙන් සහ සරලව විස්තර කරන්නම්.

යමා මහ පෙළහර කියලා හඳුන්වන්නේ ලොවුතුරා බුදු කෙනෙකුන්ට පමණක් සිදුකළ හැකි ප්‍රාතිහාර්යයක්. මෙහිදී සිදුවෙන්නේ එක් එක් ධ්‍යානවලට බුදුන් වහන්සේ සමවදිමින් ගිනි සහ ජලය පිටවන සහ ඇතුළු වෙන ආකාරයක් පෙන්වීම. 

පිළිවෙලින් දැක්වුවොත් යමා මහ පෙළහර ආරම්භ වෙන්නේ බුදු සිරුරෙන් නිකුත් වෙන ආලෝකයෙන් දස දහසක් සක්වල සතර අපා, සදෙව් ලොව ආදි සෑම තැනම ආලෝකමත් වෙන එක. මීළඟට බුදුන් වහන්සේ අධිෂ්ඨාන කරනවා තමන් වහන්සේම මේ සෑම ලෝක ධාතුවකම සිටින සත්වයන්ට පෙනේවා කියලා.

ඒ වගේමයි ඔවුනොවුන් පවා පෙනේවා කියලාත් අධිෂ්ඨාන කරනවා. ඒකට උදාහරණයක් කිව්වොත් මිනිසුන්ට දෙව් බඹුන් පේනවා.....

මීළඟට බුදුන් වහන්සේ සමාපත්තියට සමවැදිලා නාභියෙන්, ඇස්වලින්, ඇඟිලිවලින්, මුඛයෙන්, කන්වලින්, නාස්වලින් ආදී වශයෙන් බුද්ධ ශරීරයේ සෑම තැනකින්ම නහඹ තල් කඳක් ප්‍රමාණයේ ජල කඳක් සහ ගිනි කඳක් පිට වෙනවා වගේම ඇතුල් වෙන ආකාරය පෙන්නුම් කරනවා.



මේ ජල කඳෙන් සහ ගින් කඳෙන් කිසිවෙකුටත් හානියක් වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් මේ ක්‍රියාවලිය ඉතා වේගවත්ව සිදුවෙනවා. අවසාන වශයෙන් තමන් වහන්සේ හා සමාන තවත් බුදුරුවක් මවා ගෙන ඒ ප්‍රාතිහාර්යය පෑමත් බුදුන් වහන්සේ සිදු කරනවා. 

බුදු සිරිත තුළ බුදුන් වහන්සේ යමා මහ පෙළහර පාපු අවස්ථා තුනක් හමුවෙනවා. 
  • පළමු අවස්ථාව තමා බුද්ධත්වය පත්වෙලා පළමු සතියේදී බෝසතාණෝ බුදුවුනාද කියලා දේවතාවන්ට ඇතිවුනු සැකය දුරු කරන්න
  • දෙවෙනි අවස්ථාව තමා අද කතාවට සම්බන්ධ ශාක්‍යයන්ගේ මානය බිඳපු ආකාරය
  • තුන්වෙනි අවස්ථාව තමා ගණ්ඩබ්බ කියන අඹ රුක මුලදී තීර්ථකයන්ගේ මානය බිඳින්න යමා මහ පෙළහර පාපු අවස්ථාව. 
ඉතින් නැවතත් කතාවට ආවොත් බුදුන් වහන්සේ මේ ආකාරයෙන් කිඹුල්වත් පුරයේදී යමා මහ පෙළහර පාන ආකාරය රජගහ නුවර ගිජුකුළු පර්වතයේ ඉදන් දැක්ක සැරියුත් මහ රහතන් වහන්සේ මේ උත්කර්ෂවත් අවස්ථාවේ එතැනට රැස්වෙලා ඉන්න දෙවි මිනිසුන්ට යහපතක් කරන්න ඕනේ කියන අරමුණෙන් බුදුන් වහන්සේගෙන් බුද්ධවංශ දේශනාව පිළිබඳ විචාරනවා කියලා අරමුණු කරගෙන තමන්වහන්සේ සමඟ හිටිය රහතන් වහන්සේලාත් සමඟ අහසෙන් කිඹුල්වත් පුරයට වැඩම කරනවා. 

බුදුන් වහන්සේට නමස්කාර කරන සැරියුත් මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ප්‍රථම ප්‍රණිධානයේ ඉදන් බුද්ධත්වය ලැබීම දක්වා වන බුද්ධ වංශය පිළිබඳ දේශනා කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ අනුව බුදුන් වහන්සේ තමන්වහන්සේ බෝසත් සමය ගත කරපු ආකාරය වගේම අනියත විවරණ සහ නියත විවරණ ලබාගත් ආකාරයත් දේශනා කරනවා. 

අවසාන වශයෙන් නැවත වරක් සැරියුත් මහරහතන් වහන්සේගේ ඉල්ලීමෙන් අනාගතයේ පහළ වන මෛත්‍රී බුදුරදුන් සම්බන්ධවත් කරුණු දේශනා කරනවා. අනාගත වංශ  දේශනාව කියලා හැඳින්වෙන්නේ ඒ දේශනාව. 

ඒ යටතේ කල්ප විනාශය, මෛත්‍රී බෝසතුන්ගේ බෝසත් සමය, කේතුමතී පුරය ඇතිවීම, බෝසතුන් කේතුමතියේ පහළවීම, මහබිනික්මන, බුද්ධත්වය වගේ කරුණු කාරණා සියල්ලම බුදුන් වහන්සේ දේශනා කරනවා. 

බුදුරදුන් සංකස්ස පුරයට වැඩම කරවීම

මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුන් වහන්සේගෙන් අවසන් නියත විවරණය ලබාගත්තු කතාවත් කියන්නම්කෝ. මම කලින් දවසක බුද්ධ කාලයේ මිහිපිට ජීවත්වුණු තව්තිසාවේ දෙවිවරුන් සටහනෙන් බුදුන් වහන්සේ සත්වෙනි වස් කාලය තව්තිසාවේ ගත කරමින් මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවිවරුන්ට අභිධර්මය දේශනා කරලා අවසානයේදී මිනිස් ලොවට වැඩම කරපු අවස්ථාවේ සිදුවුණු ආශ්චර්යමත් සිදුවීම මතකනේ. 

මේ අවස්ථාවේ එතැනට පැමිණිලා හිටියා සංකස්ස පුරයේ මහාසාල කියන බ්‍රාහ්මණ කුලයේ සිරිවර්ධන කියන ගෘහපතියාට දාව භද්‍රාවතී කියන බැමිණියට ඉපදුණු සිරිවර්ධන කියන තරුණ බමුණු කුමාරයා. විවාහ වෙලා ගිහි ජීවිතයේ සැප සම්පත් භුක්ති විඳිමින් හිටියත් බුදුන් වහන්සේගේ මේ අසිරිමත්බව නිසාම උන්වහන්සේ ගැන පැහැදුණු තරුණ සිරිවර්ධන කියන බමුණු කුමාරයා බුදුන් වහන්සේ සමීපයේ මහණ වෙනවා. මහණ වුණු සිරිවර්ධන කුමාරයාව හඳුන්වන්නේ "ආර්ය මෛත්‍රී" කියන නාමයෙන්. 

ඉල් පොහොය දවසේ ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ තමන්වහන්සේට ලැබුණු වටිනා කියන වස්ත්‍ර දෙකක් බුදුන් වහන්සේ වැඩ සිටිය ගන්ධ කුටියට අරගෙන ගිහින් ඒ වස්ත්‍ර දෙකෙන් ගන්ධ කුටියේ වියනක් බැඳලා අලංකාර කරනවා. 
  

ඊට පස්සේ ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ බුදුන් වහන්සේට වන්දනා කරලා උක්කුටියෙන් හිඳගෙන බුදුන් වහන්සේ වෙනුවෙන් අනිමිස ලෝචන පූජාවක් කරනවා. එතැනට රැස්වුණු මහා සංඝයා වහන්සේලා අමතන බුදුන් වහන්සේ

"මහණෙනි, වටිනා වස්ත්‍ර දෙකක් බුදුන්ට පුදා මේ ආකාරයෙන් අනිමිස ලෝචනයෙන් ඉන්න මාගේ ශ්‍රාවක ආර්ය මෛත්‍රී භික්ෂුව දිහා බලන්න. මේ මහා භද්‍ර කල්පයේ මීළඟට මෛත්‍රී නමින් බුද්ධත්වයට පත්වෙන්නේ මේ ආර්ය මෛත්‍රී භික්ෂුවයි. ඒ කාලයේ දඹදිව කේතුමතී නමින් පුරයක් පවතිනවා. එය පාලනය කරන සංඛ නම් සක්විති රජතුමාගේ පුරෝහිතයා වුණු සුබ්‍රහ්ම බ්‍රාහ්මණයා සහ බ්‍රහ්මවතී බැමිණිය මෛත්‍රී බුදුරදුන්ගේ දෙමාපියන් වෙනවා. නා ගස මෛත්‍රී බුදුරදුන්ගේ බෝධි වෘක්ෂය බවට පත්වෙනවා" 

යනාදී වශයෙන් මෛත්‍රී බෝසතාණන් වහන්සේට අවසන් නියත විවරණය ලබාදෙනවා. 

ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ මනුෂ්‍ය ලෝකයේ තමන්ගේ ආයු කාලය ගෙවා නිම කරලා තුසිත දිව්‍ය ලෝකයේ සන්තුසිත දිව්‍යරාජයා නමින් ඉපදිලා මතු බුද්ධත්වය ලැබීමේ අපේක්ෂාවෙන් වැඩ වාසය කරනවා..... 

 දඹුළු විහාරයේ මෛත්‍රී බෝසත් ප්‍රතිමාව
 http://www.flickr.com/photos/paulmannix/314067662/

බෝසත් වන්දනාව නිසා මෛත්‍රී බෝසතුන්ගේත් ප්‍රතිමා විහාරවල ඉදිකරලා වන්දනා මාන කරන එක බෞද්ධයන්ගේ සිරිතක් වෙලා තියෙනවා. මෛත්‍රී බෝසතුන් වන්දනා කරන ගාථා තමා මේ.

මෙත්ත්‍යෙය නාමේන බුද්ධෝ භවිත්වා
නිබ්බානගාමිං දේසේති ධම්මං
වාසේති සෝදානි තුසිතම්හි ලෝකේ
වන්දාමහං තං වර බෝධිසත්තං 

මෛත්‍රී නාමයෙන් බුදු බවට පත්ව නිවන් මඟ පිණිස දහම් දෙසන තුසිත දිව්‍ය ලෝකයේ වැඩ වසන ඒ මහා බෝසතුන්ට මාගේ නමස්කාරය වේවා...


වීරියාධිකෝ උත්තම බෝධිසත්තෝ
අනාගතේ කේතුමතී පුරස්මිං
උප්පජ්ජ ලෝකස්ස හිතං කරෝති
වන්දාමි තං වීතරාගී මුනින්දං

වීර්යාධික වූ ඒ උතුම් බෝසතුන් අනාගතයේදී කේතුමතී පුරයේ ඉපිද, බුදුව ලෝසතුන්ගේ හිත සුව පිණිස දහම් දෙසන සේක. ඒ වීතරාගී බුදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....


එහෙම නම් මෛත්‍රී බෝසතුන් සම්බන්ධ කතා අවසානයි. 

තවත් මෛත්‍රී බෝසතුන් ගැන දැනගන්න කැමති නම් පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේ විසින් රචිත "මෛත්‍රී බුදුපියාණෝ" කෘතිය මෙතනින් භාගත කරගන්න පුලුවන්....

වැඩිදුර කියවීම සඳහා ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සංඝරාජයාණන් වහන්සේ විසින් රචනා කරපු මෙතේ බුදු සිරිත නම් වූ අනාගත වංසය කෘතිය හොයාගන්න පුලුවන් නම් වඩාත් හොඳයි. 

212 comments:

  1. කේතුමතී පුරය තියෙන්නෙත් ඉන්දියාවෙද? බුදුවරු පහල වෙන්නෙ ඉන්දියාවෙ විතරද?
    නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. වටින ලිපියක්!

    ReplyDelete
    Replies
    1. //බුදුවරු පහල වෙන්නෙ ඉන්දියාවෙ විතරද?/

      මේ ප්‍රශ්නය නිතර මගේ හිතටත් එන එකක්. ඒත් ඔය කියන කාලේ වෙනකොට ලෝක සිතියම වෙනස් වෙලා තියෙයි නේද? ඉන්දියාව කීවට ඒක කොයි හරියේ තියෙයිද දන්නෙත් නෑ. අනෙක 'කේතුමතී පුරය' නේද? ඉන්දියාව නෙමේ වෙන්ට ඇති.

      Delete
    2. බුදුවරු ඉන්දියාවෙම පහලවෙනවා කියල කියන්න අමාරුයි.දඹදිව එහෙම නැත්තන් ජම්බුද්වීපය කියල හදුන්වනනේ ඉන්දියාවටම විතරක් නෙවේ,මිහිතලය කියන අදහස ජම්බුද්වීපය කියන වචනෙ තියෙනවා.පෘතුවියේම යම්කිසි තැනක පස්මහ බැලුම් බලලා උචිත ස්ථානයක මෛත්‍රි බුදුන් පහල වෙයි කියලයි මගේ හැගීම.ඒ වගෙම කේතුමතිය නමින් ඉසුරුමත් රාජ්‍යකුත් ඒ කාලයේ පහල වෙලා තියේවි.

      Delete
    3. නෑ සියළුම බෝසත්වරු, බුදුවරු පහල වෙන්නෙ දඹදිව මධ්‍ය මණ්ඩලය කියන යොදුන් 300ක් විතර ප්‍රදේශයක පමණයි.සියළුම බෝසතාණන් වහන්සේලා පාරමිතා ධර්ම සම්පූර්ණ කරන්නේත්, බුදු වන ආත්ම භාවයේ උපදින්නෙත්, බුදු බව ලබන්නේත්, පිරිනිවන් පාන්නේත් ගෞතම බුදුන් වහන්සේ පරිහරණය කරපු ඒ ස්ථාන වලමයි. ඒ කියන්නේ මධ්‍ය මණ්ඩලය ඇතුළු ප්‍රදේශයේ. නමුත් කලයෙන් කාලයට රාජධානි වල නම් ගම් වෙනස් වුණත් ඉහත සිද්දි සිද්වන්නේ ඒ තැන් වලමයි.

      Delete
    4. ජම්බු ද්වීපය කියන්නේ දඹදිව නැත්නම් දඹයක් සේ එල්ලෙන යන අදහස දෙන පදයක්.ඒ විදිහට ඒක නම් උනේ උස් කඳු සහිත වීම නිසා.ඒකේ මිහිතලය යන අර්ථයක් නැත.

      බුදුවරුන් එක් භූමි සීමාවකම පමණක් පහළ වන්නේ ඇයි?

      Delete
    5. ඇනෝ කියලා තියන අදහස මමත් අහලා තියනවා. කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින්වහන්සේ ගේ පොත් පත් වල මෙහෙම සටහන් වෙලා තියනවා මම කියවල තියනවා. ඒත් මට ඒ ගැන අහන්න නම් ලැබුනේ නෑ ඇයි එහෙම වෙන්නේ කියලා.

      ඇනෝ. පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?

      Delete
    6. @ ගිමන් නිවන්නා

      කේතුමතී පුරය තියෙන්නේ ජම්බුද්වීපයේ මධ්‍ය දේශයේ. බුද්ධ කාලයේ තිබුණු බරණැස් නුවර කාලයක් යද්දී උත්පන නුවර වෙලා තව කාලයක් යද්දී පදුම නුවර වෙලා තව කාලයක් යද්දී මන්දාර නුවර වෙලා ඊට පස්සේ තමා කේතුමතී නුවර නමින් නම් කියලායි අනාගත වංස දේශනාවේ කියවෙන්නේ.

      අනෙක් අතට ඉන්දියාව කියන නම ඈත අතීතයේ භාවිතා වුණේ නැහැ නොවැ. බෞද්ධ සූත්‍රවල වත්මන් ඉන්දියාවටත් වඩා විශාල ප්‍රදේශයක් තමා ජම්බුද්වීපය කියන නමෙන් හඳුන්වලා තියෙන්නේ.

      බුදුවරු පහළ වෙන්නේ ඉන්දියාවේ විතරද කියන එක සළකලා බැලුවොත් ඒකට නිවැරදි පිළිතුර වෙන්නේ බුදුවරුන් පහළ වෙන්නේ ජම්බුද්වීපයේ කියන එක. බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්න පස් මහ බැලුම් බලද්දී "දීපය" යටතේ සතර මහා දිවයින් වෙන අපරගොයාන ද්වීපය, උත්තරකුරු ද්වීපය, පූර්ව විදේහ ද්වීපය සහ ජම්බුද්වීපය කියන ඒවායින් ජම්බුද්වීපයේ පමණක් බුදුවරු පහළ වෙන නිසා ජම්බුද්වීපය තෝරා ගන්නවා.

      ජම්බුද්වීපය කියන්නේ දස දහසක් යොදුන් සහ පන්සීයක් ක්ෂුද්‍ර දීපයන් සහිත ප්‍රදේශයක්. ඒකෙනුත් බුදුවරු පහළ වෙන යොදුන් 300 ක් දිග යොදුන් 250 ක් පළල මධ්‍ය දේශයේ තමා බෝසතුන් උපදින්නේ කියලා සාහිත්‍ය මූලාශ්‍ර දක්වනවා.

      සිද්ධාර්ථ බෝසතාණෝ මධ්‍ය දේශයේ තිබුණු කපිලවස්තුව තෝරා ගත්තා වගේම මෛත්‍රී බෝසතාණෝ කේතුමතිය තෝරා ගන්නවා.

      Delete
    7. @ Podi Kumarihami

      ඔයාගේ ප්‍රශ්නවලිනුත් සෑහෙන ප්‍රමාණයකට පිළිතුරු උඩින් ගිමන් නිවන්නාට දීපු පිළිතුරේ ඇති කියලා හිතනවා.

      ලෝක සිතියම වෙනස් වුණත් මේ ප්‍රදේශ මූලිකව හඳුනාගන්න පුලුවන් ආකාරයකට වෙනස් වෙනවා විය යුතුයි.

      බුද්ධ කාලීන බරණැස් නුවර තමා අනාගතයේ කේතුමතී නුවර වෙන්නේ...

      Delete
    8. @ Tharanga

      ස්තුතියි ඔබේ පිළිතුරට. ඒකට එකතු කිරීම් වගේම තවත් විස්තර කිරීම් මම ගිමන් නිවන්නාට ලබාදීපු පිළිතුරෙන ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.

      Delete
    9. @ Anonymous September 6, 2012 4:01 PM

      ස්තුතියි ඔබේ පැහැදිලි කිරීමට. ඒක උදාහරණ සහිතවම ගිමන් නිවන්නාට ලබා දීපු පිළිතුරේ තියෙන නිසා ඒක ඔබට පහසුවක් වේවි

      Delete
    10. @ දිනුක

      බෂාම්ගේ අසිරිමත් ඉන්දියාව කෘතියේ දක්වන්නේ ජම්බු [දඹ] ගසට අයත් මහා ද්වීපය "ජම්බුද්වීපය/ දඹදිව" නමින් හැඳින්වුණා කියලා. ඔයා කිව්ව අදහස වුණත් වැරැද්දක් පේන්න නැහැ...

      බුදුවරුන් එක් භූමියකට විතරක් සීමා වෙන්නේ ඇයි කියන එක උත්තරයක් දුන්නොත් බුදුවරුන්, බෝසත්වරුන් ක්‍රියා කරන්නේ ඊට පෙර සිටිය බෝසත්වරුන්ගේ සහ බුදුවරුන්ගේ ක්‍රියා පටිපාටිය නිසා අනන්ත අපරිමාණ ප්‍රමාණයක් බුදුවරුන් පහළ වුණේ ජම්බුද්වීපයේ නිසා ඒ ප්‍රදේශය තෝරාගන්නා බවත්, අනෙක් දිවයින් තුනේ බුදුවරු පහළ නොවෙන නිසාත් බෝසත්වරු ජම්බුද්වීපය තෝරාගන්නවා බව තමා අනාගත වංස දේශනාවේ කියවෙන්නේ.

      මම හිතන විදිහට නම් ඒ භූමියේ තිබෙන සුවිශේෂිත්වයත් ඒකට හේතුවක් වෙන්න ඕනේ...

      Delete
    11. @ Alexander Cage

      උඩින් තියෙන පැහැදිලි කිරීම්වලින් අයියාගේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්න ඇති කියලා හිතනවා..

      Delete
    12. කිසි කෙනෙක් "බුදුවරු පහල වෙන්නෙ ඉන්දියාවෙ විතරද?" කියන ප්‍රශ්නයට උත්තර දී නැත.

      හසිත කියූ පරිදි " අනන්ත අපරිමාණ ප්‍රමාණයක් බුදුවරුන් පහළ වුණේ ජම්බුද්වීපයේ නිසා ඒ ප්‍රදේශය තෝරාගන්නා බව" කියන එකෙනුත් ප්‍රශ්නය තවත් සංකීර්ණ වෙනවා මිසක ඇයි ඒ බුදු වරුත් ඉන්දියාව තෝරගත්තේ කියන එකට පිළිතුරක් නෑ නේද ?
      :)

      Delete
    13. @ Tiraj Adikari

      කතාව ඇත්ත අයියා.

      මම මේ කතාව ගැන හොයන්න අනාගත වංස දේශනාව වගේම පූජාවලියත් බැලුවා ඒ දෙකේම ඒකට හේතුවක් විදිහට දක්වෙන්නේ

      1. අන්නත අපරිමාණ බුදුවරුන් ජම්බුද්වීපයේ පහළ වීම
      2. සතර මහා දිවයින්වලින් ජම්බුද්වීපයේ හැර අනෙක් දිවයින් තුනේ බුදුවරු පහළ නොවීම

      මේ නිසා පෙර බුදුවරුන්ගේ සිරිත නිසාම ජම්බුද්වීපය තෝරාගත්තු බවයි පේන්නේ. මට හිතෙන විදිහ කියලා මම කලින් කිව්වේ ඒ භූමියේ තියෙන විශේෂත්වය, දාර්ශනික මතවාදවලට තෝතැන්නක් වීම, මිනිසුන්ගේ චින්තක ශක්තියේ තියෙන උසස් මට්ටම වගේ දේවලුත් ඒකට බලපාන්න ඇති

      Delete
    14. Q :බුදුවරු පහළ වන්න්නේ දඹදිව පමණද ?
      A : බුද්ධ විෂය අචින්ත්‍යයි

      Delete
    15. @ Chanaka Aruna Munasinghe

      අපි ඒ පිළිතුරට මේ දෙකත් එකතු කරමු. අන්නත අපරිමාණ බුදුවරුන් ජම්බුද්වීපයේ පහළ වීම, සතර මහා දිවයින්වලින් ජම්බුද්වීපයේ හැර අනෙක් දිවයින් තුනේ බුදුවරු පහළ නොවීම

      Delete
    16. බුදුවරුන් දඹදිව පමනක් පහල වීමට බලපාන කරුනක් නම් දඹදිව යනු ලෝකයේ සම්පින්ඩනයක් (sample ekak) බැවිනි.ලෝකෙයේ පවතින හැම දෙයක්ම පාහේ දඹදිව ඇති බැවින් බව අපේ පාසලේ හාමුදුරුවො දවසක් කීවා..

      Delete
    17. @ awlakna

      ලෝකයේ සම්පිණ්ඩනයක් කියන කුමන ආකාරයේ සම්පිණ්ඩනයක්ද ?

      Delete
    18. අනන්ත අපරිමාන සක්වල වල බුදුවීමට සුදුසු , බුද්ධාංකුර පශ්චිම බෝධිසත්ව වරයෙකුගේ ගුණ මහිම දරාගත හැකි එකම අචල ස්ථානය වන ගයාවේ බෝ මැඩ , දඹදිව පිහිටා තිබීම නිසා වෙන්න බැරිද ?

      නිකන් අර මහම්මත් තුමා ගාවට කන්ද ආවේ නැති නිසා උන්නාන්සේ කන්ද ගාවට ගියා වගේ ?
      :)

      Delete
  2. කොටි ධෙනුවගේ කටට අපේ බුදුරජාණන්, බෝසත් කාලයේ පැන්න හැටි ගැන කතාව පුංචි කාලේ අහලා තියනවා. ලංකාවට ගිය වෙලාවක, පාර්ලිමේන්තුව පැත්තේ තියන පන්සලක හාමුදුරුනමක්, දුන්නු පොතක කේතුමතී රාජධානිය ගැන විස්තර තිබුනා කියලා මතක් උනා සටහන දැක්කාම.

    ඇඟේ හිරිගඩු පිපුනා. ලස්සන, සරල, ඒවගේම ශ්‍රද්ධාව වැඩි වෙන අන්දමේ විස්තරයක්. මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්ට තියනවානම් කොයි තරම් එකක්ද?

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්නවත් එපා කියන එකයි මගේ නම් හැඟීම. ඒ කාලේ වෙද්දි අපි කොහොම වේවිද කියලා කාටද කියන්න පුළුවන්? ගෞතම බුදුන් වහසේ ගේ කාලයෙත් අපි ඉන්න ඇතිනේ. ඒත් ලැබූ දෙයක් කෝ? හොඳ සටහනක් හසිත.

      Delete
    2. @ Podi Kumarihami

      කේතුමතී රාජධානිය ගැන විස්තර තියෙන පොත තියෙනවා නම් කියවලා බලන්න. බෞද්ධ සාහිත්‍ය කියවලා තියෙන එක හොඳයිනේ..

      කොහොම නමුත් ලහිරු අයියා කිව්ව එක තමා මටත් කියන්න තියෙන්නේ "දුකකිනි මිනිසත් බව ලැබගන්නේ" කියලා කියන නිසා මෛත්‍රී බුදුන් පහළ වෙන කාලේ වෙද්දී අපි කොයි විදිහට කොහේ උපදියිද දන්නේ නැහැ. ඒක නිසා අද අදම දැන් දැන්ම වීර්යය කරන එක තමා හොඳ.

      Delete
    3. @ ලහිරු

      කතාවට එකඟයි අයියේ. පසුතැවෙන්න ඉඩක් නොතියා කලාතුරකින් උදාවුණු මේ මිනිස් ජීවිතයේ ඵලය උපරිමයෙන් නෙලා ගන්න ඕනේ අනාගතය ගැන බලාපොරොත්තු තියාගන්නේ නැතුව.

      Delete
  3. ඉක්මන් බුදුන් බුදුවේවා කියන කතාව මට අම්ම කියා දුන්න මතකයි.. හැමදාම වගේ ගොඩක් දේවල් සොම්නසින් කියෙවුවා. මට තියෙන එකම තර්කය මේකයි.. බුදුවරුන් පහල වෙන්නේ ධර්මය සැඟවිලා අධර්මය පවතින කාලයක ධර්මය එලි පෙහෙළි කරලා නැවත බුද්ධෝත්පාද කාලයක් අරඹමිනුයි .. දුක තේරුම් නොගන්න මිනිසුන් නිවනේ වටිනාකම වටහාගන්නේ නැහැ. ඉතින් අවුරුදු 80,000 ආයුෂ ඇති සියලු සැප සම්පතින් පිරි කේතුමතී රාජධානියේ මයිත්‍රී බුදුන් ඉපදීම මට ගලපාගන්න අමාරු දෙයක්..

    ReplyDelete
    Replies
    1. ආයුෂ අවුරුදු අසූදාහක් තිබුණා කියලා, ජීවිත වල වැඩි වෙනසක් වෙන්නෙ නැහැ සහෝ. දුක කියන දේ හැමදාමත් තියෙන පොදු ධර්මතාවයක්...

      Delete
    2. @ සරත් ලංකාප්‍රිය

      බෝසතාණන් වහන්සේ පස් මහ බැලුම්වලින් කාලය පිළිබඳව සළකා බලද්දී හිතන්නේ අයියා කිව්ව කාරණය තමා.

      ඒක විස්තර කරන විදිහට මිනිස් ආයුෂ අවුරුදු ලක්ෂයට වඩා වැඩි නම් බුදුවරු පහල වෙන්නේ නැහැ. ඒකට හේතුව තමා බුදුන් දේශනා කරන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මය විශ්වාස කරන්න ඒ කාලයේ මිනිස්සු පෙළඹෙන්නේ නැති නිසා.

      අනෙක් අතට මිනිස් ආයුෂ අවුරුදු 100 ට වඩා අඩු නම් ඒත් බුදුවරු පහළ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමා ඒ කාලයේදී ආයුෂ අඩු නිසාම මිනිස්සුන්ගේ කෙලෙස් උත්සන්නව වෙලා තියෙන නිසා බුදුන්ගේ අවවාද ඒ කාලයේදී පිළි නොගන්න නිසා.

      ඉතින් ඒ මායිම් දෙක අතර කාලය බුදුන්ගේ ධර්මය දෙසන්න සුදුසු බවයි කියවෙන්නේ...

      Delete
    3. @ ලහිරු

      ස්තුතියි කරුණු එකතු කිරීමට. අයියාගේ කරුණුවලට සරත් අයියාට මම දීපු පිළිතුරෙනුත් යමක් එකතු කරගන්න පුලුවන් වේවි.

      Delete
  4. මෛත්‍රී බුදුන් වහන්සේ පිලිඹද අතීත කතා මෙන්ම අනාගතයේ සිදුවීමට නියමිත කතාද ඔබ ඉදිරිපත් කර තිබුනා..ස්තුතියි..ඒ හැම එකම උවමනාවෙන් කියෙව්වා ..

    ReplyDelete
    Replies
    1. @ රෙහානි

      ඒ හැම එකක්ම කියවීම ගැන සතුටුයි. ඒවායින් ආමිෂ පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවටත්, ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවටත් යොමු වෙන්න ඔබට ඉඩකඩ සැලසෙනවා නම් තවත් සතුටු වෙන්න පුලුවන් :)

      Delete
  5. මල්ලී මම අහලා තියනවා බුදු කෙනෙකුන් ගේ ආයුෂ ඒ කාලයේ සාමාන්‍ය මිනිසුන් ගේ පරමායුෂ ප්‍රමාණයෙන් පහෙන් එකක් කියලා.

    බුදු වරුන්ගේ බුදුවීම ප්‍රථම, ධර්ම දේශනය, දෙව්ලොවට දහම් දෙසීම සඳහා වැඩම කිරීමෙන් පසු ආපසු මනු ලොවට සැපත් වීම වගේ සිද්ධි සිදු වන ස්ථාන සියලු බුදු වරුන්ට පොදුයි කියලා.

    ……මේක ඇත්තක්ද

    …ඔය අවුරුදු 80000 වගේ ආයුෂ තියන කතාව මහායාන මතයක් කියලත් කියනව නේද

    ReplyDelete
    Replies
    1. මහායාන මතය මොකක් වුණත්, මනුෂ්‍ය පරමායුෂ අවුරුදු 10 - අසංඛ්‍ය (අවුරුදු 10^140)දක්වා වෙනවා. බුදුවරයෙක් මේ ලොව පහල වෙන්නේ මනුෂ්‍යාගේ පරමායුෂ අවුරුදු 100 - 100,000 කාලයේදි විතරයි. බුදුවරයෙකු සතර ඍද්ධි පාද වඩන නිසා ආයු කල්පයක් (පරමායුෂ; අවුරුදු කල්පයක් නෙවේ) වැඩ වසන්න පුළුවනි. ගෞතම බුදු හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට මෙන්න මේ දේ දේශනා කරද්දි මාරයා ආනන්ද හාමුදුරුවන්ට බාධා කරපු නිසා ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවන්ට ආයු කල්පය වැඩ වසන්න ආරාධනා කරන්න බැරි වුණා. ඒ නිසා තමා ගෞතම බුදු හාමුදුරුවෝ 80 වැනි වියේදි පිරිනිවන් පාන්න තීරණය කළේ ...

      /******
      බුදු වරුන්ගේ බුදුවීම ප්‍රථම, ධර්ම දේශනය, දෙව්ලොවට දහම් දෙසීම සඳහා වැඩම කිරීමෙන් පසු ආපසු මනු ලොවට සැපත් වීම වගේ සිද්ධි සිදු වන ස්ථාන සියලු බුදු වරුන්ට පොදුයි කියලා.

      ……මේක ඇත්තක්ද
      ****/
      ඔව් ඒ කතාව සම්පූර්ණයෙන් ඇත්තයි ...

      Delete
    2. @Ano,

      බොහොම ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට.

      Delete
    3. මම හිතන විදියට මේක පොඩ්ඩක් ස0ශෝධනය වෙන්නෝන.
      //බුදු වරුන්ගේ බුදුවීම ප්‍රථම, ධර්ම දේශනය, දෙව්ලොවට දහම් දෙසීම සඳහා වැඩම කිරීමෙන් පසු ආපසු මනු ලොවට සැපත් වීම වගේ සිද්ධි සිදු වන ස්ථාන සියලු බුදු වරුන්ට පොදුයි

      මහා පරිනිබ්බාන සූත්‍රයේදි සඳහන් වෙනවා බුදුන් පරිනිර්වාණය සඳහා කුසිනාරාවට යන ගමනේදී එක තැනකදි ආනන්ද හාමුදුරුවන්ට පෙන්වනවා මේ තමයි කාශ්්යප බුදුන් ආදාහනය කළ ස්ථානය කියලා. ආනන්ද ස්වාමින් වහන්සේ එතැනට වන්දනා කරනවා. ඒ නිසා සියළු බුදුවරුන්ට පොදු ස්ථානයක් කියලා නැහැ මම දන්න තරමින්. ඒක කොහොම උණත් මේ සියල්ල සිද්ධ වෙන්නෙ ජම්බුද්වීපයේ මධ්්ය මණ්ඩලයේ කියන එක නම් පොදු දෙයක්.

      Delete
    4. @ Chandana

      බුදුවරුන්ටත් ඒ කාලයේ මිනිසුන්ගේ පරමායුෂ මට්ටමම හිමිවෙනවා. මෛත්‍රී බුදුරදුන් ඒ කාලයේ පරමායුෂ වෙන අවුරුදු 80,000 ක්ම වැඩ වාසය කරනවා.

      ගෞතම බුදුන් වහන්සේ වසර 80 ක් වැඩ වාසය කිරීම ගැන සළකා බැලුවොත් උන්වහන්සේ බුදුවුණු අවස්ථාවේදී මාරයා ඉල්ලීමක් කරනවා දැන් ඔබේ අරමුණ ඉටුවුණු නිසා පිරිනිවන් පාන්න කියලා. ඒත් බුදු හාමුදුරුවෝ වදාලේ ශාසනය ස්ථාපනය කරලා සිව් වනක් පිරිස ධර්මධරයන්, විනයධරයන් කරනකම් පිරිනිවන් පාන්නේ නැහැ කියලා.

      උන්වහන්සේගේ බුද්ධත්වයේ ඉදන් වසර 45 ක කාලය තුළ තමන් වහන්සේගේ අරමුණ උන්වහන්සේ සඵල කරගෙන තිබුණේ. ඒ වගේමයි අවසන් කාලයේ තිබුණු ශාරීරික දුර්වලතා හමුවේ තවත් වසර 40 ක් වැඩ වාසය කිරීම නිසරු දෙයක් විදිහට උන්වහන්සේ විශ්වාස කළා වෙන්න පුලුවන්.

      ඒක නිසා උන්වහන්සේ ආයු සංස්කාරය අත් හැරියා. ඇනෝ කියලා තියෙන විදිහට ආනන්ද හාමුදුරුවන්ගේ ආරාධනාව නොවීමත් ඒකට බලපාන්න ඇති.

      බුදුවන භවයේදී පස් මහා බැලුම් බැලීමේ ඉදන් බෝසත් සිරිතත් බෝ මැඬදී බුද්ධත්වය ලබලා පිරිනිවන් පෑම දක්වා සිදුවන කටයුතු සෑම බුදුවරයෙක්ටම පොදුයි. ගැටළු සහගත අවස්ථාවල පෙර බුදුවරුන් ක්‍රියා කළේ කොහොමද කියන එක ගෞතම බුදුන් වහන්සේ මෙනෙහි කළ බවත් කියවෙනවා.

      බුදුවරුන් හා සම්බන්ධ සියලු ස්ථානම පොදු වෙන්නේ නැහැ. ඇනෝ කිව්වා වගේ කීපයක් විතරයි පොදු ස්ථාන වෙන්නේ..

      පරමායුෂ 80,000 මහායාන මතයක් කියලා නම් අහලා නැහැ අයියේ...

      Delete
    5. @ Anonymous September 6, 2012 4:00 PM

      ස්තුතිය් ඔබේ පැහැදිලි කිරීම්වලට. ඔබේ කරුණුවලට මම කලින් දක්වපු කරුණුත් එකතු කරගන්න පුලුවන් වේවි

      Delete
    6. @ ලහිරු

      ස්තුතියි අයියාගේත් පහැදිලි කිරීම්වලට

      Delete
    7. @ලහිරු,
      බුදු වරුන්ගේ බුදුවීම ප්‍රථම, ධර්ම දේශනය, දෙව්ලොවට දහම් දෙසීම සඳහා වැඩම කිරීමෙන් පසු ආපසු මනු ලොවට සැපත් වීම වගේ සිද්ධි සිදු වන ස්ථාන සියලු බුදු වරුන්ට පොදුයි වගේම. ඉපදුනු , පධන් විර්යය කළ හා පිරිනිවන් පෑ ස්ථාන වෙනස් විය හැකියි.

      හැම බුදුවරයාම බුදුවීමට බෝධි මණ්ඩලය වෙත යන බව සත්‍යයක් නේ. එසේ නම් ඒ ස්ථාන ය සැමට පොදු විය යුතුයි. එවිට "ඒ නිසා සියළු බුදුවරුන්ට පොදු ස්ථානයක් කියලා නැහැ මම දන්න තරමින්. " කියන අදහස වරදිනවා.

      Delete
  6. //ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ මනුෂ්‍ය ලෝකයේ තමන්ගේ ආයු කාලය ගෙවා නිම කරලා තුසිත දිව්‍ය ලෝකයේ සන්තුසිත දිව්‍යරාජයා නමින් ඉපදිලා මතු බුද්ධත්වය ලැබීමේ අපේක්ෂාවෙන් වැඩ වාසය කරනවා..... //

    ඒ කියන්නේ ඒ කාලයේ සිට මේ වන තුරුත් එතුමා දිව්‍ය ලෝකයේ ඉන්නවා කියන එකද? මම හිතුවේ වරින් වර මේ ලෝකයේ පහල වෙලා ඇති කියල.. මනුෂ්‍ය ආත්ම වලින්..

    තව එකක් අට විසි බුදු වරුන් පහල උනේ ඉන්දියාවේමද ...

    ReplyDelete
    Replies
    1. /**
      ඒ කියන්නේ ඒ කාලයේ සිට මේ වන තුරුත් එතුමා දිව්‍ය ලෝකයේ ඉන්නවා කියන එකද? මම හිතුවේ වරින් වර මේ ලෝකයේ පහල වෙලා ඇති කියල.. මනුෂ්‍ය ආත්ම වලින්..
      **/
      ඔව් ඒ කතාව සම්පූර්ණයෙන් ඇත්තයි

      මේ ලෝකයේ පහල වුණ බුදුවරු ප්‍රමාණය අනන්තයි, ප්‍රමාණ කරන්න බෑ. 28ක් කියලා කියන්නේ, ගෞතම බුදුන් වහන්සේ නියත විවරණ ලබාපු දීපංකර බුදුරජාණන් වහන්සේ ඒ කල්පය තුළ බුදු වුණ 3 වැනි බුදුරජාණන් වහන්සේ, එවිට තවත් බුදුවරු 24 නමකට පසුව ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබනවා, මේ මහා භද්‍ර කල්පයේ හතරවන බුදුරජාණන් වහන්සේ විදියට. ඊළඟට බුදු වෙන්නේ මෛත්‍රී බෝසතණන් වහන්සේ කේතුමතී රාජධානියේදි. ඊට කලිනුත් බුදු වරු පහල වෙලා තියෙනවා නමුත් අහන්න ලැබෙනවා අඩුයි.(කල්ප ගණන් කාල වලට පෙර ඉතිහාසය හොයා ගන්න ඉතා අමාරුයි. පුබ්බේ නිවසානුස්සති, චුතුපපාත වගේ ඥාන ලාභි උතුමන්ගේ ප්‍රකාශ වලින් ඇරෙන්න ) ඒ වගේම මතු අනාගතයේදීත් බුදුවරු පහල වේවි දැනට බුදු වෙන්නට පෙරුම් පුරමින් ඉන්න බෝසතාණන් වහන්සේලා නිසා. ඒත් කොයි කාලයේ කොයි විදියට ද කියලා කියන්න පුළුවන් තවත් බුදුරජාණන් වහන්සේ නමකටම විතරයි ...

      Delete
    2. අපේ ගෞතම බුදුහාමුදුරුවො විතරක් බුදුවෙන්න කලින් දැකපු සම්මා සම්බුදුවරු ගාන,
      මනෝ ප්‍රණිදාන වලින්=125,000,
      වාක් ප්‍රණිදාන වලින්=387,000
      කාය වාක් ප්‍රණිදාන වලින්=27
      මුලු එකතුව= පන් ලක්ෂ දොළොස් දහස් විසිහතයි =512,027 ගත වෙච්ච් කාලය කල්ප අසංඛ‍ය 20 යි ලක්ෂ 1

      Delete
    3. @කස්ස
      බොහෝම පින් මේ reply එකට
      බුද්ධාන්තර කාල 512,027 බව නම් දැනන් හිටියා.
      නමුත් විස්තරේ හරියටම දැනගත්තේ දැන්.
      බොහොම පින් මේ විස්තරේ පල කළාට ...

      Delete
    4. @චමී4 යූ ,
      ඔව්... තාම ඉන්නවා අහල නැත්ද, දිව්‍යලෝකයේ දවසක් මෙහේ අවුරුදු ගානක් කියලා.
      ඒකනෙ බුදු හාමුදුරුවන්ගෙන් බන අහන්න හැන්දෑවටම යනවා කියලා හිතන් හිටිය දෙවි වරුන් හැන්දෑවට යනකොට බුදු හාමුදුරුවො පිරිනිවන්පාලා කියලා අඬන්නෙ.
      දෙවි වරුන්ටත් ඒ වගේ වැඩ වෙනවා.

      Delete
    5. @ චමී4යූ~chami4u

      මෛත්‍රී බෝසතාණන් වහන්සේ ආයි මිනිස් ලෝකයේ උපදින්නේ බුද්ධත්වය ලබාගන්න තමා. ඊට කලින් ගෞතම බුදුන් දවස අවසන් නියටහ විවරණය ලබා ගත්තාට පස්සේ එතුමාගේ පාරමී පුරන සමය අවසන් වුණා.

      අට විසි බුදුවරුන් ගැන විතරක් කතා කරන්නේ වගේම පන්සල්වල ප්‍රතිමා නිර්මාණය කරන්නේ ඒ බුදුවරුන් ගෞතම බුදුරදුන්ගේ පාරමිතා සමයේ නියත විවරණ ලබාදීපු [තණ්හංකර, මේධංකර, සරණංකර බුදුවරුන් හැර] බුදුවරුන් වෙන නිසා. ඒ හැරෙන්න කමෙන්ට්ස්වලින් දක්වලා තියෙන විදිහට අනන්ත අපරිමාණ ප්‍රමාණයක් බුදුවරුන් පහළ වෙලා තියෙනවා වගේමයි අනාගතයේදීත් පහළ වෙනවා.

      ඒක නිසා තමා බෞද්ධ වන්දනාවේ බුදුන් වඳින්න යොදා ගන්න ගාථාවක "යේ ච බුද්ධා අතීතා ච යේ ච බුද්ධා අනාගතා..." ආදි විදිහට කොටසක් එකතු කරලා අතීතයේ පහළ වුණු සියලු බුදුවරුන්ටත් අනාගතයේ පහළ වෙන සියලු බුදුවරුන්ටත් නමස්කාර කරන්නේ...

      Delete
    6. @ Anonymous September 6, 2012 4:15 PM

      කරුණු එකතු කළ ඔබටත් ස්තුතියි :)

      Delete
    7. @ කස්ස

      මේ සංඛ්‍යා ප්‍රමාණ මම දැක්කෙත් අදමයි. බොහොම පින් අයියා කරුණු එකතු කරලා මේ ලිපිය තවත් සාරවත් කළාට

      Delete
    8. @ uwiniran

      ඇයි අයියා ඒ වගේම තව කතාවක් තියෙන්නේ බෝසතුන්ගේ ඉපදීම දාන්න මල් මාලය ගොතලා ඒක බැරිවෙලා බුදුවෙද්දිත් ගොතලා නිම කරන්න බැරිවෙලා අන්තිමට හවස් ජාමයේදී බුදුන්ගේ පිරිනිවන් පෑමට ඒ මල් මාලාව දේවතාවෝ කට්ටියක් අරන් ආවා කියලා

      Delete
  7. අනේ කෝක උනත් ගෞතම වගේ බුද්ධිය ඇත්තෙක් මේ ලෝක තලයේ කොහේ හරි පහළ වෙන්න පුළුවන් කියන එකයි මගේ නම් හැගීම.

    ReplyDelete
    Replies
    1. @ ධමිමික ස‍‍දරුවන්

      ජේසුතුමා නැත්නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, මහම්මද්තුමා කියලා අපි අනික් ආගම්වල නායකයන්ටත් ගරු කරනවා වගේ "ගෞතම" නොකියා ගෞතම බුදුන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරමුකෝ :)

      පොඩ්ඩක් හිතලා බලන්න ජම්බුද්වීපය කියන්නේ දාර්ශනිකයන්ගේ තෝතැන්නක්. ඒ තරමටම මිනිස්සුන්ගේ චින්තන ශක්තිය ඒ ප්‍රදේශයේ දියුණුයි. ඒකේ බලපෑමකුත් බුදුවරුන් පහළ වෙන්න හේතුවක් වෙන්න ඇති. ඒක නිසා ලෝක තලයේ කොහේ හරි පහළ වෙන්න පුලුවන් කියන එක මට නම් ප්‍රශ්නාර්ථයක්

      Delete
    2. ටැබූ ගෙ ලිපියකත් ඔය ආමන්ත්‍රණය දැක්ක.
      [නිකමට කිව්වෙ]

      Delete
    3. @ uwiniran

      ඔව් ඔව්. ඒ වගේමයි ටැබූගේ ලිපියක පාප් කියලා තිබිලා මට මතක විදිහට ටැබූට පිළිගන්න සිද්ධ වුණා පාප්තුමා හරි පාප් වහන්සේ කියලා ගෞරවයක් දීලා කතා කරන්න ඕනේ කියලා.

      Delete
  8. බුදු හාමුදුරුවො අපි දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ
    නිවන් දකින්නට පින් මදිවෙන්නැති ඒකයි තවමත් සංසාරේ

    ReplyDelete
    Replies
    1. @ පිණිබිඳු...

      කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ - දුකකිනි මිනිසත් බව ලැබගන්නේ

      ඒක නිසා අද අදම දැන් දැන්ම වීර්යය කරන පටන් ගත්තා නම් හොඳයි අක්කේ.

      Delete
  9. හැමදාමත් වගේ හසිතගේ සරල පැහැදිලි කිරීමේ රටාව නිසා දන්න කියන කථා උනත් ආයේ ආයේ කියවන්න ආස හිතෙනවා.....

    යමා මහ පෙලහර කියන්නේ .. පෙලහර කිහිපයක එකතුවක්ද ?

    ReplyDelete
    Replies
    1. @ Mee Godayaa

      බොහොම ස්තුතියි අයියණ්ඩි අගය කළාට.

      යමා මහ පෙළහර කියන එක මේ ලිපියේම විස්තර කරලා තියෙන්නේ. මෙන්න ඒ කොටස

      "....යමා මහ පෙළහර කියලා හඳුන්වන්නේ ලොවුතුරා බුදු කෙනෙකුන්ට පමණක් සිදුකළ හැකි ප්‍රාතිහාර්යයක්. මෙහිදී සිදුවෙන්නේ එක් එක් ධ්‍යානවලට බුදුන් වහන්සේ සමවදිමින් ගිනි සහ ජලය පිටවන සහ ඇතුළු වෙන ආකාරයක් පෙන්වීම.

      පිළිවෙලින් දැක්වුවොත් යමා මහ පෙළහර ආරම්භ වෙන්නේ බුදු සිරුරෙන් නිකුත් වෙන ආලෝකයෙන් දස දහසක් සක්වල සතර අපා, සදෙව් ලොව ආදි සෑම තැනම ආලෝකමත් වෙන එක. මීළඟට බුදුන් වහන්සේ අධිෂ්ඨාන කරනවා තමන් වහන්සේම මේ සෑම ලෝක ධාතුවකම සිටින සත්වයන්ට පෙනේවා කියලා.

      ඒ වගේමයි ඔවුනොවුන් පවා පෙනේවා කියලාත් අධිෂ්ඨාන කරනවා. ඒකට උදාහරණයක් කිව්වොත් මිනිසුන්ට දෙව් බඹුන් පේනවා.....

      මීළඟට බුදුන් වහන්සේ සමාපත්තියට සමවැදිලා නාභියෙන්, ඇස්වලින්, ඇඟිලිවලින්, මුඛයෙන්, කන්වලින්, නාස්වලින් ආදී වශයෙන් බුද්ධ ශරීරයේ සෑම තැනකින්ම නහඹ තල් කඳක් ප්‍රමාණයේ ජල කඳක් සහ ගිනි කඳක් පිට වෙනවා වගේම ඇතුල් වෙන ආකාරය පෙන්නුම් කරනවා....."

      තව විස්තර පහළ තිබුණු කමෙන්ස්ට් කීපයකම තිබුණා...

      Delete
  10. හිත නිවිඉම ගැන ලොකු පිනක් ලැබෙනවා .... කෙනෙකුට හරියට දෙයක් තේරුන්කර වටහල දෙන හැකියාව පිහිටන්නේ බොහොඔම ටික දෙනෙකුට විතරඊ. ඒ පිනෙන් තවත් පින් කරගන්නේ බොහොම අතලොසසි

    ReplyDelete
    Replies
    1. @ Anonymous September 6, 2012 12:14 PM

      ස්තුතියි ඔබේ අගය කිරීමටත් :)

      Delete
  11. බුද්ධියට කතා කිරීම කෙසේවෙතත් දැනුම් පොතට එකතු කරගන්න නම් මේ ලිපිය ගොඩක් වැදගත් හසිත...
    ස්තුතියි ගොඩක් වෙනදා වගේම..

    ReplyDelete
    Replies
    1. @ රූ....

      අක්කාගේ කතාවට එකඟයි. දැනුම් පොතට වගේම ශ්‍රද්ධාවෙන් ප්‍රඥාව කරා යන ගමනට ඉන්ධන විදිහටත් තමා මේ කතා පළ කෙරෙන්නේ :)

      Delete
  12. අද අපි ජීවත්වෙන්නෙ තාක්ෂණයෙන් බොහොම ඉදිරියට ගිය සමාජයක... තව ටික කාලයකින් ඒ තත්වය තවත් වෙනස් වෙනවා... මෙන්න මේ වගේ සමාජයක බුදු කෙනෙක් පහළ වුවොත් ඒ බැව් මිනිස්සු කෙසේ දැනගනීද... බටහිර ජාතීන් මොන විදියෙ ප්‍ර‍තිචාරයක් දක්වයිද කියලා හිතන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. මේ කාලයේ නම් කොහොමවත් තවත් බුදුවරයෙක් හෝ පසේ බුදුවරයෙක් පහල වෙන්නේ නෑ බුද්ධෝත්පද කාලයක් නිසා , අනික තමා බුද්ධෝත්පද කාල අතර ( බුද්ධ ශූන්‍ය කාලය ) කාලයම අවුරුදු කල්ප ගණනක් වෙනවා. තාම ගෞතම බුදු සසුන පවතිනවා නේ ...

      Delete
    2. @ සිරාගෙ කාමරේ

      මෛත්‍රී බුදුන් පහළ වෙන්න තව බොහොමයක් කල් තියෙනවා අයියේ. ගෞතම බුදු සසුනේ පිරිහීමත් ඒ වගේම මිනිසාගේ පිරිහීමත් එක්ක ආයුෂ ක්‍රමයෙන් අඩුවෙලා අන්තිමටම වනචාරී තත්වයට පත්වෙලා ඔවුනොවුන් මරා ගන්නා තත්වයත් පසු කරලා ඒකෙන් ගැලවුණු කීප නැවතත් යහපත්ව ඉන්න පටන් අරගෙන අවසානයේදී අසංඛයක් පමණ වෙන තරමට ආයුෂ මට්ටම වර්ධනය වෙනවා. ඊටත් පස්සේ නැවත වරක් 80,000 දක්වා ආයුෂ අඩුවෙද්දී තමා මෛත්‍රී බුදුන් පහළ වෙන්නේ...

      කොහොම නමුත් ඔයාගේ උපකල්පනය ගත්තොත් බටහිර ජාතීන් ඇත්තටම සුභවාදී ප්‍රතිචාරයක් දක්වයි. මම අහලා තියෙන විදිහට බටහිර රටවල බෞද්ධ ඉගැන්වීම්, භාවනා ක්‍රමවලට ලොකු උද්‍යෝගයක් තියෙන්නේ. ඒක නිසා අපේ අයටත් වඩා ඒ ප්‍රදේශවල ජනතාව ප්‍රයෝජනයක් ගනීවී උන්වහන්සේගේ ධර්මයෙන්..

      Delete
    3. @ Anonymous September 6, 2012 4:22 PM

      සිරා අයියා කතා කරලා තියෙන්නේ එහෙම තත්වයක් උදාවෙනවා කියන එකටත් වඩා එවැන්නක් වුණොත් මොකක් වෙයිද කියන උපකල්පන පැත්ත වගේ. පොඩ්ඩක් ඔයාත් කියවලා බලන්න

      Delete
  13. බොහොම ශ්‍රද්ධාවෙන් කියෙව්වා. හසිත ඔබටත් මේ කරන්නාවූ පිනෙන් යහපතක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තයා

      සාදු සාදු ඔබේ පින අනුමෝදන් කරගන්නවා :)

      Delete
  14. අදත් නොදන්න දේවල් ටිකක් ඉගෙන ගත්තා....

    ReplyDelete
    Replies
    1. @ මධුරංග

      එය මාගේ බලවත් සතුටයි :)

      Delete
  15. බොහොම වටිනා ලිපියක්. මේ දක්වා පහල වූ බුදුවරු ඉන්දියාවේම විතරයි පහල උනේ. මෛත්‍රී බුදු හාමුදුරුවොත් එහෙම තමයි. වෙන රටවල පහල වුන බුදුවරු ගැන අහල තියෙනවද?
    ඉන්දියාවේ තියෙන විශේෂත්වය ඒකයි. මෛත්‍රී බුදුන් පහල වෙනකොට අවශ්‍ය පසුබිම සකස්වෙනවා. මතක තියාගන්න මෛත්‍රී බුදුන්ගේ පහළවීම සිදුවන්නේ තව අවුරුදු ලක්ෂ ගානකින්.
    එතකොට ඔය නිවන් දකින්න ප්‍රාර්ථනා කරන අය සත්තු වෙලා හිටියොත් මොකද වෙන්නේ? ඒකයි ප්‍රමාද වෙන්න එපා කියන්නේ.

    ReplyDelete
    Replies
    1. @ Anonymous September 6, 2012 3:59 PM

      ස්තුතියි ඔබේ අගය කිරීමට :)

      ඔබේ ප්‍රතිචාරයේ "ඉන්දියාවේ" කියන වචනය තියෙන තැන්වලට අපි "ජම්බුද්වීපය" කියන වචනය යොදා ගත්තොත් හොඳයි කියලයි මට හිතෙන්නේ.

      "කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ-දුකකින් මිනිසත් බව ලැබගන්නේ" නිසා ඔබ කිව්වා වගේම ප්‍රමාද වෙන්න නම් හොඳ නෑම තමා

      Delete
  16. හසිත,

    01. අනියත විවරණ කියලා අදහස් කරන්නෙ මොකද්ද?

    02. ඒ කියන්නෙ ආර්ය මෛත්‍රී හාමුදුවෝ රහත් වුනේ නැනේ, මාර්ග පළ ලාභියෙක්ද?

    03. හෙට කරන්න ඉන්න දේ මඟහැරිලා යන්න තියෙන ඉඩ කඩ කොච්චර ද, ඒහෙම බලද්දි මේ හද්‍ර කල්පේ කෙලවරක බුදුවන මෛත්‍රී බුදුන් වහන්සේගේ කාලයේ නිවන් දැකීමට පැතීම නම් පට්ට අනුවණ ක්‍රියාවක්මයි කියලා මට හිතෙනවා. ඒ කාලේ අපි ප්‍රෛත ලෝකවල, තිරිසන් ලෝකවල, අපායවල් වල ඉඳිද කව්ද දන්නෙ. අනික බුද්ධාන්තර කාලය ගැන හිතා බලද්දි, අපේ බුදුන් වහන්සේ‍ගේ පැමිණීමත් අද දවසත් අතර පරතරය පැය ගාණක් වගේ නේද? අපේ අරමුණ විය යුත්තෙ ගෞතම බුද්ධ මූලයේ ම නිවන් අවබෝධ කර ගැනීම නේද?

    මෛත්‍රී බෝසතාණන් වහන්සේ නියත විවරණය ලබපු හැටි ගොඩ දෙනෙක් දන්නෙ නෑ. ඒ ගැනත් අනිත් තොරතුරු වෙනුවෙනුත් නොවක් තුති!!

    ReplyDelete
    Replies
    1. 01 මාර්ග ඵල ලබලා නෑ.(ලැබුවොත් ඒ කියන්නේ සෝවාන් නම් අවම වශයෙන් ආත්ම භාව 7කින් නිවන් ලබනවනේ) ඒ නිසා රහත් වෙලාත් නැති බව කියන්න පුළුවනි. රහත් වුණොත් අනිවාර්යයෙන් මියගියාට පසු නැවත ඉපදීමක් නෑ නේ. බුදුවරයෙක් බුද්ධත්වයට පත්වෙන කාලයේදිමයි අනුපිළිවෙලින් මාර්ග ඵල ලබලා රහත් බව ලබලා බුදු බව ලබන්නේ. ඒ දෙය හරිම අසිරිමත්, සාමාන්‍ය කෙනෙක් රහත් බව ලබනවාට වඩා වෙනස් ...

      02 තථාගත බුදුරජාණන් වහන්සේ නමකගෙන් නොවන කෙනෙක්ගෙන් ගන්න විවරණයක් වෙන්න පුළුවනි. තථාගත බුදුරජාණන් වහන්සේ නමක් මොකක් හෝ දේශනා කරාම ඒ දෙය නැවත වෙනස් කරන්න බෑ, එහෙම වෙන්නෙත් නෑ ...

      03 ඔව් අනිවාර්යයෙන්ම, පුළුවන් තරම් ඉක්මනට සසරින් එගොඩ වෙන එක තමා හොඳ. කාල සංසන්දනය කරන්න යන එක තේරුමක් නෑ. පැය නෙවේ තත්පර ගණන් වලටත් අඩු කාලයක් තමා ගෙවිලා තියෙන්නේ ...

      Delete
    2. 01 02 පිළිතුරු මාරු කරලා බලන්න

      Delete
    3. බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ බුදු බව පැතූ කෙනෙක් බව නොයෙක් තැන් වල කියැවෙනවා. වරක් උන්වහන්සේ ගුරු හාමුදුරුවන්ගෙන් කමටහන් ගෙන භාවනා කරනවිට එක තැනකට ඇවිත් එතැනින් එහාට යන්න බැරි බවක් දැනිලා තියෙනවා. කිහිප විටක්ම එහෙම දැනුනහ ම ගුරු හාමුදුරුවන්ට ඒ ගැන කියලා තියෙනවා. ඒ වෙලාවේ ගුරු හාමුදුරුවෝ මද වේලාවක් කල්පනා කරලා ඇහැව්වාලු, ඔබට වඩා ඉහළ පැතුමක් තියෙනවද කියලා‍. ඉතිං ඒ වෙලාවේ තමයිලු මෛත්‍රි හාමුදුරුවෝ පැවසුවේ බුදු බව ප්‍රාර්ථනා කරන බව. එවර ගුරු හාමුදුරුවෝ පැවසුවාලු එසේ නම් ඔබට මාර්ගඵල වලට පිවිසෙන්න බැහැ කියලා.

      Delete
    4. බුදු බව ප්‍රාර්ථනා කරන කෙනෙක්ට මාර්ගඵල වලට පිවිසෙන්න බැහැ ද ?

      Delete
    5. ධ්‍යාන ලබන්න පුලුවන්. ඒත් මාර්ගඵල වලට එළඹෙන්න බැහැ කියලා තමයි කියැවෙන්නේ. ඒකට හේතුව මාර්ගඵල වල මුලින් ම කියැවෙන සෝවාන් ඵලය ලැබු කෙනෙකුට ඉදිරියේ තිබෙන්නේ තවත් ඉපැදිම් 7ක් පමණක් බව කියැවෙනවා. හත්වන භවයෙන් පසු නිර්වාණය කරා ලඟාවෙනවා. බුද්ධත්වය පතන කෙනෙකුගේ ගමන ඊට වෙනස්. කල්ප කාලාන්තරයක් පතාගෙන එන ගමනක්. එවැනි බෝසත් කෙනෙකුගේ බුද්ධත්වය කරා යන ගමන එම ආත්මයේදිම සම්පූර්ණ වන්නක්... මේ තමයි මං දන්න විදිහ

      Delete
    6. @ බුද්ධි,
      1. මම හිතන්නෙ හසිත අදහස් කරේ අනියත විවරන කියල, අනභිමුඛයෙහි විවරන දීමක් කියලා, ඒ කියන්නේ ඔහු නැති තැනකදී කියනවා ඔහු අසවල් භවයේදි බුදු වෙනවා කියලා.

      නියත විවරන කියලා අදහස් කෙරුවෙ ඔහු ඉදිරිපිටදීම කියනවා ඔහු අසවල් භවයේදි බුදු වෙනවා කියලා.

      2. මාර්ගඵල නැතත් පුරන ලද පාරමීධර්ම බලවත් වෙනකොට ඉර්ධි බල ලබා ගන්න පුලුවන්.

      Delete
    7. @uwiniran

      අන්න මගේ ගැටළුවට විසඳුමක් ආවා. මම අහලා තිබුනේ නියත විවරණ කියන එක විතරයි. උඩ අනියත විවරණ කියලා තිබුනාම මම හිතුවේ ටයිප් කිරීමේ දෝෂයක් කියලා.

      Delete
    8. @ බුද්ධි

      අයියා අහපු ප්‍රශ්නවලට නිවැරදි උත්තරේ කීප දෙනෙක්ම දීලා තිබුණු නිසා මමත් ඒ උත්තරවලම කරුණු කීපයක් එකතු කරන්නම්...

      01. බෝසත් සමයේ ලබන විවරණ වර්ග දෙකක් තියෙනවා. එකක් තමා අනියත විවරණ අනෙක තමා නියත විවරණ.

      උදාහරණයකින්ම පැහැදිලි කළොත් සිද්ධාර්ථ බෝසතාණෝ තණ්හංකර, මේධංකර, සරණංකර කියන බුදුවරුන්ගෙන් ලැබුවේ අනියත විවරණ. ඒකෙදී ඒ බුදුවරුනුත් බෝසතාණන් වහන්සේ අනාගතයේ බුද්ධත්වය ලබන බව වදාළත් නිශ්චිතව කාලයක් වගේම විස්තර දේශනා කිරීමක් සිදු කරන්නේ නැහැ.

      ඒත් නියත විවරණය තුළ නිශ්චිතවම ඒ කරුණු දැක්වෙනවා. සිද්ධාර්ථ බෝසතුන්ට/ සුමේධ තාපසතුමාට මුල්ම නියත විවරණය ලබාදීපු දීපංකර බුදු හාමුදුරුවෝ සුමේධ තාපසතුමා කවර කාලෙක බුදුවෙනවද කියලා පළවෙනි කප, දෙවෙනි කප ආදි වශයෙන් කප් සීයක්, දාහක්, ලක්ෂයක්, කෝටියක් ඉදිරිය බලලා ඊටත් පස්සේ අසංඛ්‍යයක් කප් බලලා අවසානයේදී සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකින් බුද්ධත්වයට පත්වෙනවා කියලා නිශ්චිතවම දේශනා කරනවා.

      02. ආර්ය මෛත්‍රී හාමුදුරුවෝ මාර්ගඵල ලාභියෙක් නෙමේ. මොකද මාර්ග ඵලවලට පත්වෙනවා නම් එයා රහත් බෝධියෙන් නිවන් අවබෝධ කරගන්නවා. ඒ නිසා එහෙම වෙන්නේ නැහැ.

      …දීපංකර බුදු හාමුදුරුවෝ පවා සුමේධ තාපසතුමාට එක බණ පදයක්වත් දේශනා නොකරන්නේ එක බණ පදයක් ශ්‍රවණයෙන් පවා ධර්මාවබෝධය ලැබිලා මාර්ගඵල ලබන්න තරම් කුසලයක් එතුමාට තිබුණු නිසා.

      03. අනිවාර්යයෙන්ම එකඟයි අයියේ. අනාගතයේ අපි කොහොම කොයි විදිහට උපදීද දන්නේ නැහැ. ඒක නිසා වීර්යය කිරීම අද අදම දැන්ම කරන්න ඕනේ..

      Delete
    9. @ Anonymous September 6, 2012 4:41 PM

      ස්තුතියි ඔබේ පැහැදිලි කිරීම්වලට. "අනියත විවරණය" කියන්නේ මොකක්ද කියලා බුද්ධි අයියාට ලබාදීපු පිළිතුරේ සවිස්තරව දක්වලා තියෙන්නේ...

      Delete
    10. @ RanDil

      ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ චරිතාපදාන කෘතියකින් ඒ කතාව මාත් කියෙව්වා වගේ මතකයි. බුදු බව බව පතන අය ලොවුතුරා බෝධියෙන්ම නිවන් අවබෝධ කරගන්න අපේක්ෂා කරන නිසා රහත් බෝධියට එයාලා පත්වෙන්නේ නැහැ. ඒත් බෝසත් සමයේ සිත දියුණු කරලා මාර්ග ඵලවලට නැතුව උසස් තත්වයන්ට පත් වෙන්න නම් පුලුවන්කම තියෙනවා.

      Delete
    11. @ චමී4යූ~chami4u

      බුදු බව පතන කෙනෙකුට මාර්ග ඵලවලට පත්වෙන්න බැහැ. ඒක අපි සරලම හිතලා බැලුවොත් නිර්වාණය කියන තත්වයට පත්වෙන මාර්ග තුනක් තියෙනවා. ඒ ලොවුතුරා බුදු, පසේ බුදු සහ රහත් කියන තත්වයන් සාක්ෂාත් කරගන්න ඒක.

      ඒ යටතේ මාර්ග ඵල කියලා හැඳින්වෙන සෝවාන්, සකෘදාගාමී, අනාගාමි කියන තත්ව සාක්ෂාත් කරගත්තු අය අවසානයේදි අරහත්/ රහත් තත්වයටයි පත්වෙන්නේ. හරියට උසස් වීම් ලබනවා වගේ ක්‍රමයෙන් ඊළඟ තත්වයට පත්වෙනවා.

      සෝවාන්, සකෘදාගාමි, අනාගාමී තත්වවලට පත්වුණා කියන්නේ නිවන අවබෝධ කරගන්න මාර්ගයට ඔවුන් පිවිසිලා ඉවරයි. ඒකේ ගමනාන්තය වෙන්නේ රහත් තත්වය විතරයි.

      ලොවුතුරා බුදු බව අපේක්ෂා කරන්නා ලොවුතුරා බුදුවන අවස්ථාවේ ක්‍රමයෙන් සෝවාන්, සකෘදාගාමී, අනාගමී, අරහත් තත්වවලට පත්වෙලා අවසානයේදී ලොවුතුරා බුද්ධත්වයට පත්වෙනවා.

      @ RanDil

      ස්තුතියි අක්කාගේ පැහැදිලි කිරීමටත් :)

      Delete
    12. @ uwiniran

      අනියත විවරන ගැන නිවැරද් පහැදිලි කිරීම උදාහරණත් එක්කම බුද්ධි අයියාට දීපු පිළිතුරේ තියෙනවා අයියේ. පොඩ්ඩක් ඒක බලන්න.

      ලොවුතුරා බුදු බව පතන බෝසත්වරුන් මාර්ග ඵලවලට පත්වීම නොවුණත් සිත දියුණු කරලා උසස් මට්ටම්වලට පත්වෙන්න පුලුවන් තමා

      Delete
    13. @ Chandana

      අනියත විවරණ කියලා ටයිප් වුණේ දෝෂයක් නිසා නෙමේ අයියා. අනියත හා නියත විවරණවල වෙනස හරියටම උදාහරණත් එක්ක බුද්ධි අයියාට දීපු පිළිතුරේ තියෙනවා. පොඩ්ඩක් ඒක බලන්න

      Delete
  17. හොද ලිපියක්, මෙක කියවද්දි මට හිතුන දෙයක් තමයි ප්‍රඥාධික පුද්ගලයන්ට අනිත් අයට සපෙක්ශව හැමවිටම අඩු අයුශ පිහිටනව කියන එක , හසිත ඒ ගැන මොකද කියන්නෙ. අනික මෙයිත්‍රි බෝසතුන් තාම බෝසත් කාලය අරම්බ කරල නැද්ද.,,,,නන්දා අක්ක කියන කෙතුමති පුරය නම් තිබ්බෙ ප්‍රෙමදාස මහත්තයගෙ කලෙ නෙ

    ReplyDelete
    Replies
    1. ඒ කතාවේ යම් තරමක ඇත්තක් තියෙනව. කොහොමත් හොඳ දේවල් පොඩි කාලයයි නේ පවතින්නේ

      බෝධිසත්ත්වයන් වහන්සේ නමක් පළමු වරට තථාගත සම්බුදුරජාණාන් වහන්සේ නමකගෙන් බුදු බව ලබන බවට නියත විවරණ ලැබුවට පස්සේ ඉඳන් නියත වශයෙන් බෝසත් කාලය අරඹනවා. ඊට කලින්, ඒ කියන්නේ නියත විවරණ ලබන්න පෙර, බුදු වෙන්න කැමති කෙනෙක් අනන්ත අප්‍රමාණ කාලයක් වචනයෙන් බුදු බව පතනවා ...

      Delete
    2. සිතින්, වචනයෙන් වගේම ක්‍රියාවෙනුත් බුදු බව පතනවා ...

      Delete
    3. නෑ අනෝ.. බෝසත් කාලය කියල මම අදහස් කරේ මනුශ්ය ලෝකෙ එක එක අත්ම වලින් උත්පත්තිය ලබන කාලය, මොකද දැනටත් උන්වහ්න්සෙ දිව්ය ලෝකේ වැඩ හිදින නිසා.

      Delete
    4. බෝසතාණන් වහන්සේ කියන්නේ බුදු බව ලබන්න පෙරුම් පුරණ පුද්ගලයා කියන එකනේ. එතැනදි මොන ආත්ම භාවය වුණත් (මනුස්ස, සත්ත්ව, ... ) පෙරුම් පුරණ ආත්ම භාවය මොකක් වුණත් බුදු බව පතාගෙනමයි පාරමිතා පුරන්නේ. පෙරුම් පුරන සමයම බෝසත් කාලය වෙනවා...

      Delete
    5. @ sujiya

      ප්‍රඥාධික බුදුවරුන් අඩු කාලයක් පාරමිතා පුරන්නේ මට තේරෙන විදිහට නම් උන්වහන්සේලාගේ ප්‍රඥාවේ දියුණුව නිසාමයි. ඒ නිසා කෙටි කාලයකින් උන්වහන්සේලාගේ අවබෝධය පෘථුල වෙනවා. සාපේක්ෂව ප්‍රඥාධික බුදුවරුන් පහළ වෙන්නේ අඩු වයස් කාලයක් තිබෙන කාලවල නිසා පරමායුෂ අඩුයි. ඒ වුණත් උන්වහන්සේලා ප්‍රඥාවෙන් ඉටුකරන මෙහෙයේ වෙනසක් නම් නැහැ.

      මෛත්‍රී බෝසතාණන්ගේ බෝසත් කාලය අවසන් වෙන්නේ අවසන් භවයේ උපත ලබලා බුද්ධත්වය ලබන අවස්ථාවේදී. මේ වෙද්දී එතුමාගේ පාරමිතා පුරන කාලය අවසන් වගේම අවසන් නියත විවරණයත් ලබාගෙන ඉවරයි.

      කේතුමතිය ගැන දේශපාලනික කියවීම පැත්තකින් තියමු කිව්වේ ඕක නිසා තමා :D

      Delete
    6. @ Anonymous September 6, 2012 5:11 PM

      ස්තුතියි ඔබේ පැහැදිලි කිරීම්වලට :)

      Delete
  18. ආසාවෙන් කියවගෙන ගියා...විස්තර ටිකට බොහොම පින් මචන්.
    මම අහල තියන විදියට යමක මහා පෙළහර පානකොට ජලයයි ගින්දරයි එක වර පිටවෙනව වගේ පේන්නෙ,බුදුහාමුදුරුවො ආපෝ කසිනයටත් තේජෝ කසිනයටත් අපිට හිතාගන්නවත් බැරි වේගයකින් සමවදින නිසා.ඉතින් අපිට පේන්නෙ ජලයයි ගින්දරයි ඒක වර පිට වෙනව වගේ.එත් එක පාරකට ආපෝ කසිනයෙන් ජලයත් තේජෝ කසිනයෙන් ගින්දරත් පිටවෙනව.වෙන වෙනම අපිට පෙන්නෙ නෑ.ඒ උන්වහන්සෙ ඒතරම් වේගයෙන් සම්මපත්ති දෙකට වෙන වෙනම සමවදින හින්ද.හරියට හිතල බැලුවොත් බුදුහාමුදුරුවො කොයිතරම් විශිෂ්ඨ උත්තමයෙක් ද..
    (පැහැදිළි කලොත්, හරියට ෆිල්ම් රීල් එකක වගේ,වේගෙන් යන කොට තමයි චලනය පේන්නෙ(මෙහෙම තමයි මම තේරුම් ගත්තෙ ))

    ReplyDelete
    Replies
    1. @ කස්ස

      සාදු සාදු අයියාගේ පිනත් අනුමෝදන් කරගන්නවා. ඒ වගේමයි ඔයාටත් පින් වටිනා කරුණු කීපයක්ම එකතු කළාට.

      යමා මහ පෙලහර ගැන දීපු ෆිල්ම් රෝල් උදාහරණය නම් නියමයි :)

      මේ ලිපියට යමා මහ පෙළහර ගැන සරල යමක් තමා එකතු කළේ...

      ".....යමා මහ පෙළහර කියලා හඳුන්වන්නේ ලොවුතුරා බුදු කෙනෙකුන්ට පමණක් සිදුකළ හැකි ප්‍රාතිහාර්යයක්. මෙහිදී සිදුවෙන්නේ එක් එක් ධ්‍යානවලට බුදුන් වහන්සේ සමවදිමින් ගිනි සහ ජලය පිටවන සහ ඇතුළු වෙන ආකාරයක් පෙන්වීම.

      පිළිවෙලින් දැක්වුවොත් යමා මහ පෙළහර ආරම්භ වෙන්නේ බුදු සිරුරෙන් නිකුත් වෙන ආලෝකයෙන් දස දහසක් සක්වල සතර අපා, සදෙව් ලොව ආදි සෑම තැනම ආලෝකමත් වෙන එක. මීළඟට බුදුන් වහන්සේ අධිෂ්ඨාන කරනවා තමන් වහන්සේම මේ සෑම ලෝක ධාතුවකම සිටින සත්වයන්ට පෙනේවා කියලා.

      ඒ වගේමයි ඔවුනොවුන් පවා පෙනේවා කියලාත් අධිෂ්ඨාන කරනවා. ඒකට උදාහරණයක් කිව්වොත් මිනිසුන්ට දෙව් බඹුන් පේනවා.....

      මීළඟට බුදුන් වහන්සේ සමාපත්තියට සමවැදිලා නාභියෙන්, ඇස්වලින්, ඇඟිලිවලින්, මුඛයෙන්, කන්වලින්, නාස්වලින් ආදී වශයෙන් බුද්ධ ශරීරයේ සෑම තැනකින්ම නහඹ තල් කඳක් ප්‍රමාණයේ ජල කඳක් සහ ගිනි කඳක් පිට වෙනවා වගේම ඇතුල් වෙන ආකාරය පෙන්නුම් කරනවා.

      මේ ජල කඳෙන් සහ ගින් කඳෙන් කිසිවෙකුටත් හානියක් වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් මේ ක්‍රියාවලිය ඉතා වේගවත්ව සිදුවෙනවා. අවසාන වශයෙන් තමන් වහන්සේ හා සමාන තවත් බුදුරුවක් මවා ගෙන ඒ ප්‍රාතිහාර්යය පෑමත් බුදුන් වහන්සේ සිදු කරනවා....."

      Delete
  19. ආයෙත් සැරයක් කියෙව්වා. ලිපියෙන් වගේම කමෙන්ට් වලිනුත් බොහෝ කරුණු දැන ගත්තා. විශේෂයෙන් Ano ගෙ පැහැදිලි කිරීම් වලිනුත්..ඇත්තටම මේක අගනා ධර්ම සාකච්ඡාවක්..

    ReplyDelete
    Replies
    1. @ Chandana

      අයියාට මේ ලිපිය තව කීප පාරක් කියවන්න වෙයි. තව කරුණු එකතු වෙමින් පවතින්නේ :D

      මේක ධර්ම සාකච්ඡාවක් කියලාම කියන්න අමාරුයි නේද ? පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය වගේ ධර්ම කරුණු ගැන නෙමෙයිනේ කතා බහ යන්නේ...

      Delete
  20. හසිත ඔබට බොහොම පින් ...

    ReplyDelete
    Replies
    1. @ Anonymous September 6, 2012 5:12 PM

      සාදු සාදු ඔබේ පිනත් අනුමෝදන් කරගන්නවා...

      Delete
  21. මම මුල ඉදන් මේකෙ හුඟාක් ලිපි කියවන්න ඕනෙ.. වැදගත් බ්ලොගක් මට ගොඩක් තැන් මිස් වෙලා.. විභාග ඉවර වෙලා හිමීට කියවන්න ඕනෙ.. ඉගනගන්න දේවල් ගොඩයි!!!

    ReplyDelete
    Replies
    1. විබාගෙට බුදු දහම, ඉතිහාසය වගේ සබ්ජෙක්ට් එහෙමත් තියනවනම් දැන්ම කියවන එක තමා හොද...

      Delete
    2. @ හිතුවක්කාරි

      තවමත් ප්‍රමාද නැහැ. හෙමිහිට කියවන්න. ඉක්මණින් කියවීමටත් වඩා අවබෝධයෙන් කියවන එක තමා ගොඩක් හොඳ :)

      Delete
    3. @ sujiya

      රෙකමදාරුවට ස්තුතියි :)

      Delete
  22. අද ඉතාම යහපත් ඇනෝ කෙනෙක් ඇවිත් හසිතට වැඩේ ලේසි කරලා දීලා.
    ඔය කිව්ව පෙළහරවල්වල පින්තූර ඉස්සර ගෙවල්වල රාමු කරලා දොර මට්ටමට උඩින් ගහගෙන ඉන්නවා මම දැකලා තියෙනවා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. @ Dude

      යහපත් ඇනෝලා ඉන්නවා කියන එක විශ්වාස කරන නිසාමයි ඇනෝලට කමෙන්ට් කරන්න බාධාවක් දමලා නැත්තේ...

      අයියා කිව්වා වගේම බුදු සිරිතේ විවිධ අවස්ථා රාමු කරලා ගෙදර සාලේ එල්ලලා තියෙන ගෙවල් මම දැකලා තියෙනවා. ඒත් දැන් ඒ කාලේ ගියා වගේම බෞද්ධ සාහිත්‍ය පොත පත කියවන කාලේත් ගියා. මේ විදිහට ඒ කතා අන්තර්ජාලගත කරන්නේත් ඒ පරණ තත්වය හැකි තරමින් උදා කරන්න

      Delete
  23. යමා කියන්නේ 2 කියන එකටලු.යමා මහ පෙළහර කියන්නේ එකවර පෙළහර දෙකක් පෑමලු.එක නාසයකින් ගිනිද අනෙකෙන් ජලයද පිට කිරීම.බුදු කෙනෙකුට විතරලු එහෙම කරන්ඩ පුළුවන්.බුදු කෙනෙකුටවත් එක පාර සමාධි දෙකකට එන්ඩ බෑලු.ඒක හින්දා කරන්නේ එක සමාධියක ඉඳං අනිත් සමාධියට මාරු වෙවී පෙළහර දෙක මාරුවෙන් මාරුවට පානවලු.සමාධි දෙක අතර මාරුවෙන සංඛ්‍යාතය ගොඩක් වැඩි නිසා දෙකම එක පාර සිද්ධ වෙනවා වගේ පේනවලු.

    ඔය කල්ප ගණන්වල කතා පෙර බුදුවරුන් ගැන කතා වගේම අනාගතය පිළිබඳ කතා විශ්වාස කරන්නේ මොන පදනමකින්ද කියලා මට පැහැදිලි කර දෙනවාද?

    ReplyDelete
    Replies
    1. දිනුක ,පළමුව ඒවා විශ්වාස කිරීමට අවශ්‍ය නැහැ. ..

      ධර්මය හදාරගෙන යෑමේදී , එහි ඇති අධ්භූත අලංකාරත්වය , බුද්ධිගෝචර බව , ගෙතු මල් දමක් මෙන් එකකට එකක් ඇති අන්තර් සම්බන්ධතාවය ,මෙලොව දිවියට, තම ජිවිතයට ගලපා සත්‍යතාව විමසීමේ හැකියාව පෙනී යනවා. සර්වඥ නොවූ අය විසින් දේශනා කරන අන්‍ය දහමුත් හැදෑරීමේදී ඒවායේ ඇති නොගැඹුරු , පරස්පර විරෝධී මතිමතාන්තර ගැන ලැබෙන අවබෝධය තථාගත ධර්මයත් සමග සංසන්දනය කිරීමේදී , බුදුන්ගේ සර්වඥ තාවය ගැන ඇති සැකයන් කෙමෙන් දුරු වී යනවා. එවිට ආකාරවතී ශ්‍රධාවෙන් යුතුවම උන්වහන්සේගේ අවබෝධය ගැන , දේශනාවන් ගැන අප්‍රමාණ වූ පැහැදීමක් ඇති වෙනවා. උන්වහන්සේගේ අවබෝධය ගැන උකුණු හිසක පමණ අවබෝධයක් ලැබූ එවන් තැනැත්තෙකුට තේරුම් යනවා තමන් ගේ ලෝකය පිළිබඳව ඇති අවබෝධය , තමන්ගේ තර්ක කිරීමේ හා විශ්ලේෂණය කර බැලීමේ හැකියාවන් කෙතරම් ලාමක , ළදරු තලයක පවතිනවද කියා.

      ඒ ලැබුණු නව දැක්මෙන් යුක්තව නැවත විමසීමක් කර බැලුවහම උන්වහන්සේ බුදු මුඛයෙන් දේශනා කරන ලද , අපායන් , දිවය ලෝකයන් , පෙර භවයන් , පෙර බුදුවරු ගැන විස්තර etc etc ... ගැන ඇති සියලු සැක සංකා දුරු වී යනවා. මෙය සුටුස් ගා මොහොතෙන් වෙන දෙයක් නෙමේ. අවුරුදු ගණනක් ඕනෑකමින් , ශ්‍රධාවෙන් යුතුව තථාගත ධර්මය හදාරන කාටත් නොවැරදීම ලැබෙන දෙයක් ....
      :)

      Delete
    2. ඔබේ පැහැදිලි කිරීම මාත් හිතනව හරි කියලා

      Delete
    3. ඒ දේ ඔබ ඕනෑම ධර්මයක් ගැන සත්‍යයිනේ.අවුරුදු ගාණක් විශ්වාසයෙන් හා මනා අධ්‍යයනයෙන් ඔබ ක්‍රිස්තියානිය හැදෑරුවානම් ඔබ ඒ කෙරේ ඇති කරගන්නේත් මෙවන් වූ විශ්වාසයක්.එසේ වෙනත් ධර්මයන් කෙරේ එවන් වූ විශ්වාසයන් ඇති කරගත් පුද්ගලයින් බොහෝ සේ ඉන්නවා නේද?

      මගේ ප්‍රශ්නය වුනේ ඇයි මම මේ දේ පමණක් හරි කියා පිළිගත යුත්තේ??
      මෙය වැරදිනම්????

      Delete
    4. දිනුක , ප්‍රශ්නය පැහැදිලියි. ඒවගේම ඕක බොහෝ දෙනෙක් අහන ඉතාම සුලභ ප්‍රශ්නයක් නෙව. මේක බුදු දහමට විතරක් අදාල දෙයක් නෙමේ. ඕන විෂයක් සම්බන්ධයෙන් සත්‍යයි. විද්‍යාව විතරක් හැදෑරුව බොහෝ අය , හැම දේම ඒකෙන් පැහැදිලි කරන්න යනවා දැකල නැද්ද ? හරි හෝ වැරදි හෝ , විද්‍යාත්මකව යමක් පැහැදිලි කරනවා නම් එය විමසීමක් නොමැතිව විශ්වාස කරනවා දැකල නැද්ද ? ඒ විද්‍යාව සරණ යාම. when you have a hammer everything looks like a nail . මෙසේ විමසිලිමත් වීම හා සැක කිරීම බුදුරජාණන් වහන්සේ අනුමත කල වගේම උනන්දු කලා. කලාම සුත්‍රයේ ඔබ , තමන්ගේ සිතේ එලෙස නැග එන සැක සංකා බුද්ධිමත්ව විමසා දුරු කර ගන්නේ කෙලෙසද කියා සඳහන් වෙනවා.

      "ඕනෑම ධර්මයක් ගැන සත්‍යයිනේ.අවුරුදු ගාණක් විශ්වාසයෙන් හා මනා අධ්‍යයනයෙන් ඔබ ක්‍රිස්තියානිය හැදෑරුවානම් ඔබ ඒ කෙරේ ඇති කරගන්නේත් මෙවන් වූ විශ්වාසයක්.එසේ වෙනත් ධර්මයන් කෙරේ එවන් වූ විශ්වාසයන් ඇති කරගත් පුද්ගලයින් බොහෝ සේ සිටී".

      ඔව්. එකයි මම කිව්වේ සමය සමයාන්තර හැදෑරීමක් හා සංසන්දනයක් අවශ්‍යයි කියා. එසේ නොකරන තුරු කෙනෙක් තමන් උපන් නිසා බෞද්ධ සිල් එක වැදුණු , කරුමෙට බෞද්ධ වුනු කෙනෙක් පමණක් බවයි මගේ පෞද්ගලික හැඟීම. යුරෝපයේ එලෙස හැදෑරීම් කළ බොහෝ ක්‍රිස්තියානි පුජකයන් , බඩගෝස්තරය නිසා තම ආගම වෙනස් නොකලත් , සිතින් බෞධව විසු බව ඔබට දැක ගත හැකියි.

      කෙනෙකුට මෙලොව හා පරලොව අනාථ නොවී සිටිය හැකි ක්‍රම කීපයක් දක්වනවා පතම නාථකරන සුත්‍රයේ. බොහෝ අසු පිරු තැන් ඇති බහුශ්‍රුත බව ඉන් එකක්. එවන් කෙනෙක් ඔබ ඉහත කියූ ආකාරයේ මතයක් ගැනීමට තිබෙන ඉඩ ඉතා සුළුයි. ඉහත දැක්වූ මුලාශ්‍රයන් සොයා ගොස් එය හැදෑරීම ඔබට බාරයි. :)

      Delete
    5. @Tiraj Adikari
      ඔබ නිවැරදියි.
      බුදු හාමුදුරුවෝම දේශනා කරලා තියෙනවා නේ ඇසූ පමණින්, දුටු පමණින්, පරම්පරාගතව ආ පමණින්, අසවලා කී පමණින් ආදී වශයෙන් එක පාර ඕනම දෙයක් විශ්වාස කරන්න එපා කියලා. තමන්ගේ නුවණට වැටහේ නම්, හේතු ඵල වශයෙන් ගැලපේ නම් පමණක් විශ්වාස කරන්න, නැත්නම් බැහර කරන්න කියලා.

      @දිනුක
      බුදු දහම රාමු, විශ්වාස( දෘෂ්ටි ) වලින් තොරව නිදහස්ව තේරුම් ගත යුත්තක් සහ හේතු ඵල දහමට එකඟයි. තමන්ට කැමති නම් විශ්වාස නොකර ඉන්න පුළුවනි. නමුත් තමන්ට විශ්වාස කරන්න බැරි නිසා ගැටෙන්න යන්න එපා. ධර්මය පහුරක් කරගෙන සසර ගමනින් එතෙර වෙන්න, ධර්මය වුණත් තදින් අල්ලාගන්න එපා (එතකොට ධර්මය වුණත් දෘෂ්ටියක් වෙනවානේ) කියලානේ බුද්ධ දේශනාවේ තියෙන්නේ ...

      Delete
    6. @ දිනුක

      ඔබේ ගැටළුවල ටිරාජ් අයියාගෙන් පිළිතුරක් ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා.

      Delete
    7. @ Tiraj Adikari

      ස්තුතියි ඔබට දිනුකගේ ප්‍රශ්නයට මැනවින් පිළිතුරු සැපයූවාට

      @ Anonymous September 7, 2012 11:16 PM, uwiniran

      සංවාදයට මැනවින් එකතු වුණු ඔබ දෙදෙනාටත් ස්තුතියි

      Delete
    8. @ Tiraj Adikari

      මම විශ්වාස කරන හැටියට ආගම් අතර සංසන්දනයක් කළ නොහැකියි. මේ ආගම තමයි හොඳම හා මේ ආගම තමයි නරකම ලෙස වර්ගීකරණය කළ නොහැකියි. පළවෙනි හේතුව අපගේ ජීවිතකාලය තුළ ලෝකයේ පවතින සියලු ආගම් ගැඹුරින් තේරුම් ගතනොහැකිවීම. දෙවැන්න ඒ ඒ ආගම් කතෘන්ගේ ධර්මයේ පසුකාලීන අපගමනය වීම්.

      මම දකින විදිහට කළයුතු නිවැරදිම දේ තමුන් අදහන කුමන හෝ ආගමකට අදාළව යහපත් ජීවිතයක් ගතකිරීමයි.

      Delete
    9. ඔව් මචන් , අවසානයේදී ...
      "තම තමාගේ නැණ පමණින්
      දැකිය යුතුය සිරි සදහම් "
      තමයි
      :)

      Delete
    10. ඕනෑම දහමක් විශ්වාස කරන්නනම් එහි හරයේ ඇති කරුණක් අවිවාදයෙන් පිළිගත යුතු වෙනවා නේද?
      උදා- දේවවාදී ආගම්වල දෙවියන්
      බුදුදහමේ පුනර්භවය

      ඉතින් දහමක් විශ්වාස නොකර කොතරම් අද්‍යයනය කළත් පලක් වේ යැයි මම හිතන්නේ නෑ.නමුත් ගැටළුව ඇත්තේ ප්‍රවිෂ්ඨයේදීම පුනර්භවය හෝ සර්වබලධාරී දෙවි කෙනෙකුන් හෝ ඇති බව විශ්වාස කිරීමට සිදු වීමයි.කෙතරම් සූත්‍ර හෝ මූලාශ්‍ර හැදෑරුවද මේ ගැටළුවට ඒවායේ පිළිතුරු ඇතැයි මා සිතන්නේ නෑ.

      Delete
    11. දිනුක , සියොළඟ මඩ තැවරී ඇති මනුෂ්‍යයෙක් වෙත සත්පුරුෂයෙක් අනුකම්පාවෙන් පැමිණ මෙසේ පවසයි. දරුව , අර ඈත පෙනෙන නිල වන් , සිසිල් දිය ඇති මනරම් පොකුණ දෙස බලව. නිකරුනේ මෙතන නොසිට මදක් දුර වුවත් එය වෙත යව. එයට බැස තොප ඇඟ ඇති මඩ කසට සෝදා හරව. සුව පත් වෙව.

      එවිට එම පුරුෂයා මෙසේ පවසයි ...

      මා සියොළඟ මඩ , කසට ඇති බව දනිමි. නමුත් තොප පවසන්න ගැන මා හට නම් කිසිදු විශ්වාසයක් නැත. ඈත ඒ පෙනෙන්නේ මිරිගුවක් විය හැකිය. සිසිල් වන් දිය , පිරිසිදු දිය ඇත්තේ යයි තොප කියුවත් එය ඔප්පු කරන තුරු "විශ්වාස කරන්නටත් අවිවාදයෙන් පිළිගැනීමටත්" මැලි වෙමි. නිකන් තොප කියන නිසාවත් ඒ වෙත මඳ දුරක් හෝ ගොස් බැලීමට තරම් වත් මා හට උවමනාවක් නැත. එයින් කිසිදු "පලක් වේ යැයි" මා නොසිතමි. අවශේෂ ලෙස , එහි දිය ඇතත් ඒ දියෙන් මා සියොළඟ ඇති මඩ සෝදා හල හැකි වේ යයි කෙලෙසකවත් "මා සිතන්නේ නෑ"....

      පොකුනෙහි දියෙන් ගත සනහාගෙන එදෙසට පැමිණ ඇත්තාවූ ඒ සත්පුරුෂයා මඳ සිනහවක් නගා එතනින් ඉවත්ව යයි... කුමක් කරන්නද ඔහු ? , සුනිල් වන් දිය ඇතත් , පෙනෙන දුරින් එය තිබුනත් එයින් පල ලබන්නෝ අල්පය. එය සත්ව , ලෝක ස්වභාවයයි......ඔහු සිතයි

      දිනුක , ධර්මය ඉගෙනීම පැත්තකට දාන්න. දැන් මේ ප්‍රායෝගිකව නැගී ඇති ප්‍රශ්නයට සාර්ථකව කළ හැක්කක් තිබේ දැයි පවසන්න ? එම පුරුෂයා අත පය හකුලාගෙන තම දෘෂ්ටියට වැදී සිටියදී , ඈත ඇති පොකුනින් දිය ගෙනවිත් ඔහු හිස වත් කරන්නෝ නම් කිසිවෙක් නැත. වෙන කළ හැක්කක් තිබේද ???
      :)

      Delete
    12. අර මඩ ගාගත් පුද්ගලයා මඩ සෝදා ගැනීමේ අපේක්ෂාවෙන් වීදියට පැමිණ හඬ නගා දිය ඇති තැනක් විමසූ විට සිව් දෙනෙක් සිව් දිශාවක් පෙන්වා දිය ඇත්තේ ඒ දිශාවේ පමණක් බවත් අනික් දිශාවල යාමේන් දිය කිසි දිනෙක නොලැබෙන බවත් පැවසුවෝය.එකිනෙකා මහත් වූ විශ්වාසයකින් එක් එක් දිශාව පෙන්වා තමන්ද දිය නෑවේ ඒ දිශාවෙන් බව පවසද්දී අසරණ මඩ ගෑවී ඇති මිනිසා කුමක් කරන්නද?කොයි දිශාවට යන්නද?කාව විශ්වාස කරන්නද?හැමෝම දිය ඇත්තේ ඒ ඒ දිශාවේ පමණක් බව කියනු මිස ඒ බව සනාථ කරන කිසිවක් කියන්නේ නැත.පවසන්නේ ගොස් බලන ලෙසය.

      Delete
    13. හි හි , කදිම පිළිතුර දිනුක. නමුත් පිළිතුර අසම්පුර්නයි නේ. ඔබ එම පුරුෂයා ඊළඟට කල යුතු යයි ඔබ සිතන දෙය පවසා නැහැ නේ.

      1.ඔහු අත පය හකුලාගෙන එතනටම වී ගඳ ගසමින් අර මිනිසුන් හතර දෙනාට බැන බැන සිටිනවාද ? (බොහොමයක් මිනිසුන් කරන දෙය)
      2.මදක් ඒ මේ අත ඇවිද යා යුතු දිශාව විමසා බලනවාද ? (සමය සමයාන්තර අද්‍යයනය )
      3.තවත් සත්පුරුෂ පෙනුමැති පස්වැන්නෙක් විමසනවාද ? (සත්පුරුෂ සේවනය හා උපදෙස් ගැනීම)
      4.එක හිතක් සිතාගෙන යම් දිශාවකට පියමනිනවාද ?
      5.එසේත් නැත්නම් තමන් ජිවිතයේ මෙතක් ඉගන ගත ශාස්ත්‍රයන් ගේ උපකාරයෙන් යා යුතු දිශාව බුධිමත්ව නිර්ණය කරනවාද ? (තම බහුශ්‍රුත බවෙහි උපකාරය)
      ඒ මොන පිළිතුර වුවත් රැගෙන එය ඔබගේ පළමු විමතිය හා සසඳ බලන්න. එවිට එය සම්බන්ධයෙන්ද කලයුතු දෙය ඔබට පැහැදිලි වේවි. තෙරුවන් සරණයි. මං ගියා :)

      Delete
  24. ඔය කියන විදිහට හසිතයියේ මෛත්‍රී බෝධිසත්වයෝ බුදුවෙන්න ඕනා ලංකාවේ නේද?????
    නා ගස ලංකාවට ආවේනිකයිනේ...
    (ගොං ප්‍රශ්ණයක්ද මන්දා..)

    ReplyDelete
    Replies

    1. නා ගස ගැන
      …http://www.vidusara.com/2010/12/15/feature1.html

      Delete
    2. මෛත්‍රී බෝධිසත්ත්වයෝ බුදු බව ලබන්නේ තව කොච්චර කාලයකින් ද? ඒ කාලේ වෙනකොට මොනවා වෙලා තියේ ද? ලංකාවේ නා ගස් තිබ්බට මෛත්‍රී බෝධිසත්ත්වයෝ බුදු බව ලංකාවෙදි නම් නෙවේ ලබන්නේ ...

      Delete
    3. @ තරියා අබේ

      අයියෝ ඒක ගොං ප්‍රශ්නයක් නෙමේ. දන්නේ නැති නිසානේ ඇහුවේ. නා ගහ ශ්‍රී ලංකාවට ආවේණිකයි කිව්වට "දිය නා" කියන විශේෂය තමා ආවේණික. ඒක නිසයි ඒක ජාතික වෘක්ෂය කරලා තියෙන්නේ.

      චන්දන අයියා පහළින් දීපු ලින්ක් එකේ තව විස්තර තියෙනවා...

      Delete
    4. @ Chandana

      ස්තුතියි අයියා කරුණු එකතු කළාට :)

      Delete
    5. @ Anonymous September 7, 2012 11:22 PM

      ශ්‍රී ලංකාවට ආවේණික වෙන්නේ "දිය නා" පමණක් නිසාත් චන්දන අයියාගේ ලින්ක් එකේ තියෙන කරුණු නිසාත් ඔබේ අදහස සනාථ කරන්න සාධක කරගන්න ඒවා පාදක කරගන්න පුලුවන්

      Delete
  25. මෙතනින් කියවල බලන්නකෝ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහල වීම ගැන
    http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/1Digha-Nikaya/Digha3/26-cakkavatti-sihanada-s.html

    ReplyDelete
    Replies
    1. @ rvajee

      බොහොම පිං අයියා වටිනා කියන ලින්ක් එකක් එකතු කළාට :)

      Delete
    2. මල්ලි මම අයිය කෙනෙක් නම් නෙවෙයි අක්ක කෙනෙක්... දන්නා තරමින් දහම් කරුණු එකතු කරන්නම් පුළුවන් විදියට

      Delete
    3. @ rvajee

      සමාවෙන්න වුණු අත්වැරැද්දට :)

      Delete
    4. සමාව ඉල්ලන්න තරම් වැරද්දක් උනේ නැහැ. දැනගැනීම පිණිස විතරයි කිව්වේ.

      Delete
  26. Replies
    1. @ Sasitha Pieris

      සාදු සාදු ඔබේ පිනත් අනුමෝදන් කරගන්නවා

      Delete
  27. මේ කමෙන්ට්නම් මට තේරෙනවා හොරයි..

    1. අපිට යම් දවසක බුදුන් කෙනෙක් වෙන්න බැරිද?

    2. මේ අත්භවේ පිරිමියෙක් වෙච්ච කෙනෙක් ඉපදිනු හා උපදින සියලු අත්බව වල පිරිමියෙක්ද? මම ජාතක කතාවල බෝසතාණෝ ගැහැණු ආත්මෙක ඉපදුනා කියලා අහලා නැති නිසයි ඇහුවේ..

    3. බුදුවිය හැක්කේ පිරිමි කෙනෙකුට විතරද?

    4. බුදුන් වහන්සේ සතුව නොපෙනන යම් බලයක් තිබුනාද? මම හිතන හැටියට නම් හැදැරීමෙන් හා සිත දියුණු කිරීමෙන් ඒ වගේ සාමාන්‍ය මිනිසෙකුට කළ නොහැකිදේ කළ හැකි වුවත් යම් බලයකින් කළා කියන එක නිකම් අතාත්විකයි වගේ කියලා හැඟෙනවා..

    ReplyDelete
    Replies

    1. 1. හැකියි. ඕන නම්.
      Necessity is the mother of all inventions.

      2. ජාතක කතා වල නැත. නියත විවරණ ලැබූ පසු ස්ත්‍රී ආත්ම භවයක නුපදින නිසා. සත්ධර්මාලන්කාරයේ 47 පිට
      නියත විවරණ ලැබීමට පෙර පුරාණ දීපංකර (නෑ මේ බුදුන් ඒ හිතපු බුදුන්ටත් වඩා පරණයි ) බුදුන් කල අප බෝසතාණන් ස්ත්‍රී සිටි බව දැක්වෙන පුවතක් ඇත.

      3. ස්වභාවිකව දරුවන් වැදිය හැක්කේ ස්ත්‍රීයකට පමණද ?

      4. ඒ හැඟීම දරුණු මිත්‍යා දෘෂ්ටියකි. දුරු කර ගත හොත් දෙලොවම වැඩ සැලසේ. දැනුම සොයා ගොස් එය ලබා එය දුරු කර ගැනීම
      ඔබ සතුමය. අනිකෙක් කුමක් කරන්නද ?
      :)

      ප.ලි : ඉහත දැක්වූ ව්‍යග්‍ර ධේනුවගේ කතාව , සත්ධර්මාලන්කාරය 45 පිට.

      Delete
    2. බුදු රජාණන් වහන්සේ ඉහත ආත්මයක දි ස්ත්‍රියක ව ඉපිද ඉඳපු බව පැවසෙන කථාවක් පසුගිය පෝය දිනයේ රූපවාහිනි ධර්ම දේශනාවකදී සාමණේර වහන්සේ නමක් දේශනා කලා. හැබැයි ඒ කථාව ඒ ස්ත්‍රියගේ නමින් ජාතකය කියලා තමයි කිව්වේ. මට ඒ නම දැන් මතක නැහැ. බලමු හොයා ගන්න

      Delete
    3. මෙයින් දහසය අසංක්‍ය කල්ප ලක්ශයකට පෙර දීපංකර නමින්ම වෙනත් බුදු කෙනෙක් පහල වෙලා හිටියා, ඒ බුදුහාමුදුරුවන්ගේ පියා රටේ මහ රජතුමා, එතුමාට දාව වෙනත් බිසවකගේ කුසින් ඉපදුනු කුමරියක් තමයි භද්‍රා කියන්නෙ.
      ලෝක සත්වයාගේ හිත සුව පිනිස මේ දීපංකර බුදුන් වහන්සේ කරන මහඟු සේවය දැක්ක භද්‍රා කුමරියට හිතෙනවා මාගේ සහෝදරයා වගේ මාත් කවදා හරි සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ලෝක සත්වයාට අපරිමිත සේවයක් කරනවා කියලා. එයට සූදානම් වීම අදම කලයුතුයි සිතා නොපමාව, සේවක උදව් ඇතිව අබ කෙතක් කොට එම අබ වලින් තෙල් සාදා එම අබ තෙල් දීපංකර බුදුන්ගේ අග්‍ර ශ්‍රාවක නිසඹ මහ රහතන් වහන්සේට පූජා කරල මෙහෙම කියනවා " ස්වාමිනි මේ අබ තෙල් දීපංකර බුදු පියානන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලාට බලවත් ප්‍රාර්ථනාවකින් යුතුව පූජා කරමි මේ කුශල බලයෙන් මටද අනාගතයේදි මාගේ සහෝදර බුදුරදුන් සේම සම්මා සම්බුද්ධත්වයට පත්ව නිවන් දැකීමට මේ පින හේතු වාසනා වේවා..!!"
      මෙසේ තුන් පාරක් සැදැහැ සිතින් ප්‍රාර්ථනා කරනවා.
      ඉන් පසු මෙසේ කියනවා " අග්‍ර ශ්‍රාවක නිසභ මහ රහතන් වහන්ස මෙම අබ තෙල් සිඳින ලද්දේ ද මාගේ මූලිකත්වයෙනි අබ වැපිරීම, රැක බලා ගැනීම, සිඳීම, මේ සියල්ලක්ම කලේ මාගේ ඇස් බැල්ම යටතේමය . උදාර ප්‍රර්ථනාවක් ඇතිව කරන ලද පූජාවකි, ස්වාමිනි අග්‍ර ශ්‍රාවකයානන් වහන්ස මේ පුන්‍ය බලයෙන් අනාගතයේදී මටත් මාගේ සහෝදරයානන්වහන්සේ වූ දීපංකර බුදුරජානන් වහන්සේ සේම බුදු බවට පත්වීමට ලැබේවා! එම ආත්ම භවයේදී මේ අබ වලට භාවිත කරන නාමය වූ "සිද්ධාර්ථ" යන නමම ලැබේවා! මාගේ එම පැතුම සාර්ථක කරගැනීම පිනිස අනුකම්පා පෙරටුව බුදුරදුන් ප්‍රධාන සියලුම වෙහෙරෙහි වසන මගඵල ලාභී උතුමන්ට සහ පුහුදුන් සියලුම සිල්වතුන් වහන්සේලාට සිතැඟි පරිදි පූජා කරන්න"
      දහස් ගනනක් රහතන් වහන්සේලාට පූජා කලත් පාත්‍රයේතෙල් අඩු උනේ නැති නිසා, මෙම ආශ්චර්ය ගැන සියලු දෙනාම කතා කරන නිසා එම දීපංකර බුදුන් ඇයට අනභිමුඛයෙහි විවරණ දීමක් වශයෙන් මෙසේ කියනවා.
      "මහනෙනි මාගේ භින්නමාතෘක සොයුරිය වූ භද්‍රා කුමාරිකාවගේ ඒ උදාර ප්‍රාර්ථනාව සමුර්ධිමත් බවට පත් වන්නේය. මෙයින් දොලොස් අසංක්‍ය කල්ප ලක්ශයක් ඉක්මයාමෙන් පසු දීපංකර නමින්ම තවත් සම්මා සම්බුදු කෙනෙක් පහලවන සේක. එකල මාගේ මේ සහෝදරිය පිරූ පාරමිතා ධර්ම බලවත් වන හෙයින් ඉර්දි බල සහිත සුමේධ නම් තවුසෙක්ව දඹදිව රඹගම් නුවරදී ස්ථීර වශයෙන්ම පලමුවෙනි නියත විවරණය ලබන්නේය. ඊට ප්‍රථම ගෙවී යන කාලයේදි තවත් බුදු වරුන් දුටුවද මා මෙන්ම අනභිමුඛයෙහි මිසක් අභිමුවෙහිදී විවරණයක් නොලබන්නේය.
      ඉන් පසු සූවිසි බුදුවරයානන් වහන්සේ නමකගෙන් පිලිවෙළින් විවරන ලබ ගන්නේය. මේ භද්‍රා තොමෝ ඒ අනුව තව බොහො කාලාන්තරයකට පසු "සිද්ධාර්ථ ගෞතම" නාමයෙන් ලොව්තුරා බුදු බවට පත් වෙති."

      Delete
    4. @හරී
      බුද්ධත්වය ලබන්න ඕනම කෙනෙක්ට පුළුවන්. නමුත් ඒ සඳහා කාරණා 7ක් සම්පූර්ණ වෙන්න ඕන.
      1. මිනිස් ආත්ම භාවයක් ලැබීම
      2. පිරිමි ආත්ම භාවයක් ලැබීම
      3. බුදුරජාණන් වහන්සේ නමක් පහල වී සිටින සමයක උපත ලබා සිටීම.
      4. අවශ්‍ය නම් ඒ ආත්ම භාවයේම රහත් බව ලැබීමට තරම් ප්‍රඥාවක් තිබීම
      5. අධික වීර්යය (කවර බාධක කම් කටොළු හමුවේ උවත් බුදු බව ලබාගැනීමට ඇති වන වීර්යය )
      6. අධික ඡන්දය (බුදු බව ලබගැනීමට ඇති බලවත් කැමැත්ත )
      7. තවුස් පැවිද්ද ලබා තිබීම

      මේ ඔක්කෝම තියෙන්න කලින් කෙනෙක් සිතින්, කයෙන්, වචනයෙන් බුදු බව පතාගෙන එන්නත් ඕන.

      හැබැයි ඔය කාරණා 7 සම්පූර්ණ වෙන්න තියෙන ඉඩ කොයි තරම් අල්ප ද?

      අනික තමා තමන්ට සසර ගමනින් එතෙර වෙන්න තියෙන අවස්ථාව තියෙද්දි අන් අයගේ හිත සුව පිණිස ඒ අවස්ථාව තවත් අවුරුදු අසංඛ්‍ය කල්ප ගණනක් එක් අරමුණක් වෙනුවෙන් කල් දාන්න කවුරු නම් ඉදිරිපත් වේවි ද?

      ඒ නිසා තමා බුදු බව ලැබීම ඒ තරමට අපහසුයි කියන්නේ.

      02
      බෝසතාණන් වහන්සේ නමක් කවදාවත් ස්ත්‍රී ආත්ම භාවයක් ලබන්නේ නෑ නියත විවරණ ලැබුවට පස්සේ.

      03
      ඔව්. බුදු, සක්විති රජ, යම රජු, වසවර්ති මාරයා ,ශක්‍ර දෙවියන්, මහා බ්‍රහ්මයා යන තත්ව ස්ත්‍රී ආත්ම භාවයන් ලබලා ඉන්දැද්දි ලබන්න බෑ. අනිවාර්යයෙන් පුරුෂ ආත්ම භාවයක් ලබන්න ඕන.

      04
      බුදුවරයන්ටම පමණක් තියෙන(ෂට් අසාධාරණ වැනි ) ඥාණ සහ බල තියෙනවා. ඒ දේවල් බුදුවරු පවා භාවිතා කරන්නේ අත්‍යාවශ්‍යම වුනොත් විතරයි. බුද්ධත්වය කියන්නේ මනුෂ්‍යත්වයේ උත්තරීතරම තත්වය නේ.

      අපේ පංච ඉන්ද්‍රීයන්ට ගොදුරු නොවෙන ගොඩක් මෙලොව තියෙනවා. ඒවා හඳුනා ගන්න සිත දියුණු කරගන්න ඕන.තාත්වික අතාත්වික බව තවත් රාමු කිහිපයක් විතරයි.

      @uwiniran
      බොහෝම පින්, මේ විස්තරේ මටත් දැනගන්න වුවමනාව තිබුණා ...

      Delete
    5. @ හරී

      අයියගේ ප්‍රශ්නවලටත් පිළිතුරු ලැබිලා තියෙන නිසා මමත් ඒ ප්‍රශ්නවල පිළිතුරුවලට කරුණු කීපයක් එකතු කරන්නම්

      01. බුදු බව ප්‍රාර්ථනා කිරීම ඕනෑම කෙනෙකුට කරන්න පුලුවන්. ඒ සඳහා මුලින්ම සිතින් බුදු බව ප්‍රාර්ථනා කරලා ඒ සඳහා පින් දහම් කරන්න ඕනේ. ඒ විදිහට පින් දහම් කරමින් ඉද්දී තමා බුදුවරුන් හමුවේ අනියත විවරණ ලබන්න පුලුවන්කමක් ලැබෙන්නේ. ඊටත් පස්සේ බුදුවරයෙක් හමුවේ නියත විවරණ ලබන්න ඕනේ. ඇනෝ කියලා තිබුණු කරුණු 8 අදාළ වෙන්නේ ඒ නියත විවරණය ලබන ජාතියේදී.

      ඇනෝගේ කරුණු 7 සංශෝධන වෙන්න ඕනේ පාටක් පේනවා. කාරණා 8 මෙහෙමයි.

      1. මනුෂ්‍යයෙක්ව උපත ලබා තිබීම.
      2. පුරුෂයෙක් වීම
      3. ධ්‍යාන, මාර්ග ඵල ලැබීමට හේතු වාසනා තිබීම
      4. ජිවමාන බුදු කෙනෙකුන් දැක ගැනීම
      5. බුදු සසුනේ හෝ තවුස් පැවිද්දක සිටීම
      6. ධ්‍යාන අභිඥා උපදවා ගෙන සිටීම
      7. බුදු බව සසරේ පතාගෙන ඒම
      8. ජීවිතය බුදුන්ට පූජා කොට බුදු බව පැතීමට තියෙන අධික කැමැත්ත

      ඊට පසුව පාරමිතා 10 පාරමිතා, උප පාරමිතා, පරමත්ථ පාරමිතා යනුවෙන් සම්පූර්ණ කිරීම අවශ්‍ය වෙනවා.

      ඉතින් මේ කටයුත්තට දිර්ඝ කාලයක් අවශ්‍ය වෙනවා. ඒ ආකාරයෙන් දීර්ඝ කාලීන කැපකිරීමකට බොහෝ දෙනා එළඹෙනවා අඩුයි වගේම ඒ කාර්යය දුෂ්කර නිසයි බුදුවරු පහළ වීම දුර්ලභ කරුණක් වෙන්නේ...

      02. මේ අත් භවේ ඉපදුණු කෙනෙක් නිවන් දක්නා ජාති දක්වා පිරිමියෙක් වෙන්නේ නැහැ වගේම කාන්තාවන් කාන්තාවන් විදිහට ඉන්නේත් නැහැ. තමන් කරන පව් පින් අනුව තමා ඒක තීරණය වෙන්නේ.

      බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබුවාට පසුව නම් කාන්තාවක් විදිහට ඉපදිලා නැහැ. ඒත් බොහෝ කාලයකට කලින් "ඉති කුමාරි" නමින් ඉපදිලා තිබෙනවා පුරාණ දීපංකර බුදුන්ගේ සමයේ.

      පහළින් uwiniran ඒ කතාව කියලා තියෙන්නේ. හැබැයි මම ඒ කතාව කියවපු හෙණ්ඩිගල සීලරතන හාමුදුරුවන්ගේ පුනර්භවය හා නිර්වාණය කෘතියේ තියෙන විදිහට නම් පුරාණ දීපංකර හාමුදුරුවෝ ඉති කුමාරිට විවරණ දීමක් කරන්නේ නැහැ. තමන්ගේ පැතුම බුදුවීම නිසා තමන්ගේ ස්වාමියාගෙන් මීළඟ භවයේ තමන් පිරිමියෙක් වෙන්න කියලා විවරණ ගත්තු බවයි කියන්නේ...

      03. ලොවුතුරා බුද්ධත්වය, පසේ බුද්ධත්වය ලබන්න පුලුවන් පුරුෂයන්ට පමණයි. ස්ත්‍රී චිත්තයේ තිබෙන දුබලතාවය නිසා තමා එවැන්නක් සිදුවෙන්නේ. කොටින්ම ධ්‍යාන උපදවා ගත්තු ස්ත්‍රීන් පවා මරණයෙන් පස්සේ ඉපදෙද්දී ඉපදෙන්නේ ඒ ධ්‍යානයට අයිති උසස් තලයේ නෙමේ පහත් තළයේ...

      ඒක නිසා ස්ත්‍රියක් නම් කළ යුත්තේ ඉස්සෙල්ලාම පිරිමි භවයක් ලබන්න ප්‍රාර්ථනා කරන එක. ජෛන දහමේත් කේවලී තත්වය සඳහා වෙන දිශාම්බර සීලය [දිසාව වස්ත්‍රයක් කරගැණීම/ සම්පූර්ණ නිරුවත්ව සිටීම] කාන්තාවන් කරන්න බැරි නිසා ඔවුන් කරන්න ඕනේ ශ්වේතාම්බර ශීලය [සුදු වස්ත්‍රයක් ඇඳීම] කරලා පිරිමියෙක් වෙන්න ප්‍රාර්ථනා කරන එක.

      04. බුද්ධ යන්නේ අදහසම තියෙන්නේ බුද්ධිමත් බව. සිතේ තිබෙන උසස්ම දියුණුව. අයින්ස්ටයින් තමන්ගේ බුද්ධියෙන් විසඳන්න අමාරු ගැටළු පවා විසඳන එක සාමාන්‍ය අයට හිතාගන්නවත් බැහැ වගේ ඊටත් වඩා බුද්ධිමත් බුදු හාමුදුරුවෝ සිදු කරන දේවල් ගැන අනුමාන වශයෙන් හිතාගන්න පුලුවන්නේ.

      සිතේ දියුණුව නිසායි එවැනි හැකියාවක් උන්වහන්සේට පිහිටන්නේ..

      Delete
    6. @ RanDil

      අක්කේ ඒ කාලයේදී බෝසතාණන්ගේ නම "ඉති කුමාරි"

      Delete
    7. @ uwiniran

      බොහොම පින් අයියා කතාව එකතු කළාට. ඒත් පොඩි ගැටළුවක් තියෙනවා. මම ඒ කතාව කියෙව්වේ හෙණ්ඩිගල සීලරතන හාමුදුරුවන්ගේ පුනර්භවය සහ කර්මය කියන පොතෙන් ඒකේ තියෙන විදිහට මේ කතාවේ අවසානය වෙනස්.

      ඉති කුමාරි අබතෙල් පූජා කරලා තමන්ගේ අරමුණ බුද්ධත්වය නිසා ඒ සඳහා පිරිමි බවයක් ලබන්න තමන්ගේ ස්වාමියාගෙන් විවරණ ලබාගන්නවා. ඒ හැරෙන්න පුරාණ දීපංකර බුදු හාමුදුරුවෝ විවරණ දීමක් සිද්ධ වෙන්නේ නැහැ...

      Delete
    8. @ Anonymous September 7, 2012 10:22 PM

      ස්තුතියි ඔබේ පැහැදිලි කිරීම්වලටත්.

      බුද්ධත්වය සඳහා පළමුවෙන්ම නියත විවරණ ලබන ජාතියේදී තියෙන්න ඕනේ ධර්මතා 7 ක් නෙමේ 8 ක් තියෙනවා. ඒ

      1. මනුෂ්‍යයෙක්ව උපත ලබා තිබීම.
      2. පුරුෂයෙක් වීම
      3. ධ්‍යාන, මාර්ග ඵල ලැබීමට හේතු වාසනා තිබීම
      4. ජිවමාන බුදු කෙනෙකුන් දැක ගැනීම
      5. බුදු සසුනේ හෝ තවුස් පැවිද්දක සිටීම
      6. ධ්‍යාන අභිඥා උපදවා ගෙන සිටීම
      7. බුදු බව සසරේ පතාගෙන ඒම
      8. ජීවිතය බුදුන්ට පූජා කොට බුදු බව පැතීමට තියෙන අධික කැමැත්ත

      Delete
    9. @ හසිත,
      මං ඔය කතාව කියෙව්වෙ කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවන්ගෙ
      "අනන්තජින උතුමානෝ" කියන පොතෙන් පුලුවන්නම් හොයාගෙන කියවන්න.

      Delete
    10. @ uwiniran

      ස්තුතියිය් අයියා දැනුවත් කළාට. දැන් පිළිගත යුත්තේ කුමන කතාවද කියන ප්‍රශ්නේ තමා තියෙන්නේ...

      Delete
    11. මල්ලි මේ කතාව කියෙව්වම හිතෙන්නේ නැත්ද අපි අප්‍රමාදී වෙලා ඉක්මනින් නිවන් අවබෝධ කරගන්න ඕනේ කියල. මටනම් හිතුනේ එහෙමයි. මොකද කල්ප ගණනනක් පෙරුම් පුරාගෙන ලබන බුද්ධත්වයේදීත් අවසානයේ වෙන්නේ නිර්වාන අවබෝධයමයි. අපේ බුදුරජාණන් වහන්සේ පාරමී පුරාගෙන බුද්ධත්වයට පත් උනත් බුද්ධත්වය ප්‍රර්ථනා කිරීම අනුමත කරේ නැහැනේ. උන්වහන්සේ කිව්වේ අප්‍රමාදී වෙන්න කියලනේ නේද?

      Delete
    12. @ rvajee

      ගෞතම බුදු හාමුදුරුවෝත් අප්‍රමාදී වෙන්න කියන කාරණේ දේශනා කළා තමා. ඒත් එක් බුදුවරයෙක්ගේ ශාසනයේදී හැම සත්වයෙක්ම නිවන් අවබෝධ කරගන්නේ නැහැනේ. ඒක නිසාම තවත් අය බුද්ධවත්වය ප්‍රාර්ථනා කරමින් "පරාර්ථකාමී" වීම මම නම් හිතන්නේ සිදුවිය යුත්තක් විදිහට.

      බුද්ධත්වය ප්‍රාර්ථනා කිරීම බුදුන් වහන්සේ අනුමත කළේ නැහැ කියලා නම් මම අහලා නැහැ අක්කේ. බුදු හාමුදුරුවෝ තව්තිසාවේ ඉදන් සංකස්ස පුරයට වැඩම කරපු අවස්ථාවේ වුණු ප්‍රාතිහාර්යය දැකලා එතැන හිටිය බොහෝ දෙනා බුදු බව ප්‍රාර්ථනා කළාලු. වැඩිම පිරිසක් එකවර බුද්ධත්වය ප්‍රාර්ථනා කරපු ස්ථානය වෙන්නේ ඒ සංකස්ස පුරය

      Delete
  28. මට නම් උගත යුතු දෑ බොහෝයි!
    හොඳ ලිපියක්!

    ReplyDelete
    Replies
    1. @ හිරුහිමාවී

      යමක් උගත්තා නම් එය මාගේ සතුටයි :)

      Delete
  29. සාධු , සාධු ඉතාමත් ශ්‍රද්ධාව වඩවන ලිපියක්.
    බොහොම පින් හසිත.
    යහපත් ඇනෝටත් කස්සටත් ...
    :)

    ReplyDelete
    Replies
    1. @ Tiraj Adikari

      සාදු සාදු ඔයාගේ පිනත් අනුමෝදන් කරගන්නවා අයියා.

      ලිපිය ලිව්ව එකේ අරමුණ වටහා ගත්තු එක ගැන වටිනවා

      Delete
  30. හැමදාම වගේම ලිපියෙනුයි කමෙන්ට් වලිනුයි දැන ගත්ත දේවල් නම් බොහොමයි මලයා..

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      ඒක ඇත්ත තමා අයියා. පේනවානේ දිගට දිගට තාමත් කතාව යන හැටි :)

      Delete
  31. ගොඩක් වටිනා ලිපියක් ....... බ්ලොග් අවකාශයේ ඔබ වැන්නෙක් සිටීමත් සතුටක් ....

    ReplyDelete
    Replies
    1. @ සචිත්

      ඔබ වැනි දිරි දෙන්නන් බ්ලොග් අවකාශයේ සිටීමත් සතුටක් :)

      Delete
  32. ධර්ම සාකච්ජාවකට ගිය වගේ දැනුනා. බොහොමත්ම පිං අදහස් දීපු සියළුදෙනාටම.

    ReplyDelete
    Replies
    1. @ Alexander Cage

      මේකෙදී හේතුඵල දහම, චතුරාර්ය සත්‍යය වගේ දහම් කරුණු කතා නොකරපු නිසා ධර්ම සාකච්ඡාවක්දෝ කියන ගැටළුව මට තියෙනවා අයියා. කොහොම නමුත් බුදු දහම සම්බන්ධ කරුණු කතා කරපු නිසා එහෙම ගන්න බැරිකමකුත් නැහැ වගේ තමා

      Delete
  33. සිංහලයෝ කියන්නෙ මනුෂ්‍යයත්වය බිහි කරපු, මනුෂ්‍යකම අගයපු, තමන්ගෙ පැවැත්ම රැකගැනීමට කැපවුනු ජාතියක්. නිවන, ස්වර්ගය පතන අමනුෂ්‍යයන් කිසිවකු සිංහල නොවේ.

    අනේ උඹ වගේ බූරුවෙක්. මේවා සිංහලෙන් කියවන කොට දුක හිතෙනවා. සිංහල ජාතිය වඳ කරන්න දෙමළ දීපු හළාහල විෂට මී පැණි කිය කිය තව පුළුවන් තරම් කෙප්ප ලියපන්. උඹල මනුෂ්‍යකම පිටුකින අමනුෂ්‍ය රැළක්. නිවන, ස්වර්ගය කියන්නේ මිරිඟුව වගේ මවපු හිතළු. මනුෂ්‍යයෙක් වෙලා ඉපදුනා නම් මනුෂ්‍යයෝ වගේ ජීවත් වෙන්න බැරි එවුන් මකබෑවියව්. බොරුවෙන් මුලාවෙන් මෝඩ ගැහැණු රවටගෙන බඩගින්න නිවාගන්න ආගමික පිංගුත්තරයන් රටට ජාතියට හැදුනු පිළිලයක් වගෙයි. ඔච්චර කතා ගොතන බූරුවනේ උඹල කියන සිද්ධාර්ථ, ශුද්ධෝදන, මහා මායා කියන නම් වල නියම වාර්ගික නම් කියපල්ලා. ලංකාවට හිඟාකන්න ආපු මලයාලි, අද සිංහල වෙස් ගත්තට, තමන්ගෙ හිඟන ජන්මය අතහැරල නෑ වගෙයි. හිඟා කන එවුන්ට මොන වැදගත්කමක්ද? ලැජ්ජාවක්ද? බොරු කෙලින එක කජු කනවා වගෙයි. උඹලට වඩා තිරිසන් සතුනුත් දියුණුයි. සිංහලයෝ කියන්නෙ මනුෂ්‍යයත්වය බිහි කරපු, මනුෂ්‍යකම අගයපු, තමන්ගෙ පැවැත්ම රැකගැනීමට කැපවුනු ජාතියක්. නිවන, ස්වර්ගය පතන අමනුෂ්‍යයන් කිසිවකු සිංහල නොවේ.

    ReplyDelete
    Replies
    1. කිරි කළේට ගොම පිඩක් එකතු වුනා වත් ද?

      Delete
    2. @ Anonymous One orig

      හැමදේම "තම තම නැණ පමණින්" නේ වටහා ගත යුත්තේ. ඉතින් ඔබේ මතයේ රැඳී සිටීමට තියෙන අයිතියට මම ගරු කරනවා.

      කොහොම නමුත් මින් ඉදිරියේදීවත් ඔබේ අදහස් ප්‍රකාශ කරද්දී ශිෂ්ඨ සම්පන්න විලාශය අනුගමනය කිරීම ගැන ඔබේ අවධානය යොමු වෙයි කියලා හිතනවා

      එපමණයි :D

      Delete
    3. @ Anonymous September 7, 2012 2:39 PM

      කවුද :D

      Delete
    4. @ Anonymous September 7, 2012 8:05 PM

      කිරි කළේට ගොම දාන එක හැම කාලෙම වෙන දෙයක් නොවැ. කොටින්ම බුද්ධ කාලයේදීත් ඒ වගේ දේවල් වුණා නම් අද කාලේ ගැන කවර කතාද :D

      Delete
    5. තමාගේ චරියාවට උචිත ලෙස පිළිතුරු දුන්නේ සැර බාල කරය. ප්‍රබන්ධ ගොතා අසරණ මනුෂ්‍යයන්ගෙ දිවි තොර කරන්නට වෙර දැරීම සමූලඝාතක වරදකි. ඔබ ඔය දරදිය අදින්නේ මිනිසුන් රවටා මිරිඟු පස ලුහුබැඳ සියදිවි නසාගැනීමට මග පෙන්වූ ලොව පළමු වරට බිහිවූ ම්ලේච්ඡ හින්දු අන්තවාදයටයි. එයට නියම සිංහල දැනුම යොදා ගැනීම අමනුෂ්‍ය ක්‍රියාවකි. ඔබ අසරණ ගැහැණුන්, නොදන්න දරුවන් රවටා ස්වයංඝාතනයට යොමු කර විනෝද වන්නෙකි. ස්වර්ගය මෙන්ම නිවනද මිරිඟුවකි. සිංහලයන් සතු දැනුම උඩුයටිකුරු කර ජීවිතය රැකුම වෙනුවට නැසීම ආදේශ කිරීම මනුසත් බවට නිගාවකි. සැබෑ අරුතක් ඇති රහත් වීම නම් ව්‍යායාමය පටලවා පරයන් ගෙතු මිරිඟුවට ආවැඩීම අකැපය. ඔය මිනිසුන් රවටා මිරිඟු පස ලුහුබැඳ සියදිවි නසාගැනීමට මග පෙන්වූ ලොව පළමු වරට බිහිවූ ම්ලේච්ඡ හින්දු අන්තවාදය සිහළුන්ට මුලාකර දුන්නෙ දෙමළුන්ය.

      Delete
    6. @Anonymous September 7, 2012 8:05 PM,

      මම කලේ පහරා ඇති අශූචි ගොඩකට අනතුරු හැඟවීමක්ය. මිනිස්කම නැති කිරීමට වෙර දරන්නන් සුදනන් නොව වසලයන්ය. ඒ ගඳ ලස්ස වචන කෝටියකින් වත් ආවරණය කල නොහැකි දෙයකි. මිනී ඇට කටු හිස තබාගෙන පිදීම ශ්‍රේෂ්ඨ යයි සිතන්නේ අමනුෂ්‍යයන්ය.

      Delete
    7. @ Anonymous One orig

      නැවත වරක් කිව යුතුව ඇත්තේ "තම තම නැණ පමණින්" වටහා ගැනීම කළ යුතු බවයි :)

      Delete
    8. @ Anonymous One orig

      "මිනී ඇට කටු හිස තබාගෙන පිදීම ශ්‍රේෂ්ඨ යයි සිතන්නේ අමනුෂ්‍යයන්ය"

      මෙවන් කරුණුවලට එරෙහිව කරුණු මැනවින් මීට පෙර සංවාදවලද දක්වා ඇති නිසා එක්වරම පැමිණ ඔබේ අදහස් දැක්වීමට වඩා අනෙක් සටහන්ද කියවා බලන්නේ නම් මැනවි.

      එහෙමන්ම මෙවැනි ලිපි ලිවීමේ අදහස ඔබට වටහා ගැනීමට නොහැකිවීම ගැන මට කරන්නට දෙයක් නැත.

      Delete
  34. මේකත් කිසිම තේරුමක් නැති වෙබ් අඩවියක්. හේතුව එකම දෙයක් ගැන මතවාද හදාගෙන මොකක් හරිද කියල හිතාගන්න බැරුව දගලනවා. හොඳ නැද්ද බුදුන් වදාළ මග ප්‍රයෝගිකව කරලා ඔය ඔක්කොටම උත්තර තම තමන් හොයාගන්න එක? නමුත් අදහස් ප්‍රකාශ කෙරීමේ අයිතිය පිළිගන්න වෙනවා. ඔක්කොම අදහස් කියවල මොලේ කුරුවල් කර ගන්න එක තම කචල් එක. ඔන්න බලන්න මම ලියන මේ අදහසට කොච්චර පිරිසක් ලියිද කියල

    ReplyDelete
    Replies
    1. ප්‍රායෝගිකව යොදවන්න දේවල් දැනන් ඉන්න ඕනනේ. නැතුව මොනවා නම් යොදන්න ද? අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිලි ගත්තා හෝ නොගත්තා හෝ මේ බ්ලොග් වල අනවශ්‍ය, සමාජ විරෝධී දේවල් වගේ අභව්‍ය දේවල් පල කරලා නැහැනේ. තේරුමක් ඇති නැති බව තමන්ගේ මතයක් විතරයි. ගොඩ දෙනෙක්ට යහපතක් සිද්ධ වන වැඩ කරන එක පිනක් නේ. ඒ නිසා ඒක කොහොමටවත් තේරුමක් නැති දෙයක් වෙන්නේ නැත ...

      Delete
    2. බුදු දහම තවදුරටත් අධ්‍යනය කරන්න බලන්න, එතකොට ධර්මය හරිම ප්‍රායෝගික වැඩ පිළිවෙලක් බව පෙනේවි. අන්ධයා අලියාගේ හැටි කිවා වගේ උඩින් යන්තම් බලලා නිගමන වලට එන්න එපා. තව ටිකක් හොඳට බුදු දහම අධ්‍යනය කරලා බලන්න ...

      Delete
    3. @ Anonymous September 7, 2012 12:21 PM

      මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මතවාද හැදීමකට වඩා කරුණු විග්‍රහ කිරීමක් කියලායි මම විශ්වාස කරන්නේ. අනික් අතට මේ කතා ලියවෙන්නේ කුමන අරමුණෙන්ද කියන එක මේ ලිපිය කියවන අයගෙන් අතළොස්සක් හරි වටහා ගෙන ඉන්නේ. ඒක ඔබට නොවැටහීම සාධාරණයි. හැමදේම "තම තම නැණ පමණින්" නොවැ වටහා ගන්න පුලුවන් වෙන්නේ..

      ඒ වගේමයි මේක තේරුමක් නැති බ්ලොග් එකක් කියලා කිව්වත් ඒක තාම මට හිතිලාත් නැහැ. කියවන්න එන වගේම අදහස් දක්වන්න පිරිසක් එන නිසාත් මට හිතිලා නැහැ. එක් කෙනෙක් හරි ප්‍රතිචාරයක් දක්වනවා නම් මම ලියන ලිපියකට මම ඒත් මේ විදිහට ලියනවා.

      එක ප්‍රතිචාරයක්වත් ලැබුණේ නැතත් මේ තරම් වේගයෙන් නොවුණත් ඒත් මම ලියනවා අනාගතයට හරි වැඩක් වෙයි කියලා :)

      Delete
    4. @ Anonymous September 7, 2012 10:32 PM, AnonymousSeptember 7, 2012 11:28 PM

      මම කියන්න හදන දේ තේරුම් අරගෙන ඒ වෙනුවෙන් පෙනී සිටියාට ස්තුතියි :)

      Delete
  35. වටිනා ලිපියක්..... ! ගොඩක් අගය කරනවා....!

    ReplyDelete
    Replies
    1. @ Chinthaka

      බොහොම ස්තුතියි ඔබේ අගය කිරීමට :)

      Delete
  36. සතර අපාය සහ දිව්‍ය ලෝක එක වර පේන එකට මම අහල තියෙන්නේ ලෝක විවරණ ප්‍රාතිහාරය කියලා. ඒක කළා කියල කියන්නේ තව්තිසාවේ ධර්ම දේශනා කරලා පොලවට රන් ඉනිමගින් බහින අවස්ථාවේදී යි.

    ReplyDelete
    Replies
    1. @ දසුන් සමීර වීරසිංහ

      ඔබ් ඔබ හරි. මම මීට කලින් ලිව්ව තව්තිසාවේ දෙවිවරු කියන ලිපියේ ඒ ගැන මම ලිව්වා. මෙන්න ඒකෙන් උපුටා ගැනීමක්

      "....බුදුන් වහන්සේ තව්තිසාවේ ඉදන් සංකස්ස පුරයට වැඩම කළා කියන්නේ සුවාසූ දහසක් පමණ උසක් තිබුණු සත් රුවන් ඉණිමඟකින්. ඒ ඉණිමඟට දකුණු පසින් රන් තිබුණු ඉණිමඟෙන් දෙවිවරුත් වම් පසින් තිබුණු රිදී ඉණිමඟෙන් බ්‍රහ්මයොත් පහළට බැහැලා තියෙනවා.

      මේ අවස්ථාවේදී බුදුන් වහන්සේ අධිෂ්ඨාන කරනවා "සියලු ලෝක ධාතුවේ සත්වයෝම මා දකිත්වා" කියලා.

      ඒ අනුව සතර අපාය, මිනිස් ලොව, දෙව් ලෝක, බ්‍රහ්ම ලෝකවල සියලු දෙනාම බුදුන් වහන්සේව දකිනවා වගේම උන් වහන්සේගේ ආනුභාවය නිසාම මිනිසුන්ට අහසේ රැස්ව සිටින දිව්‍ය බ්‍රහ්ම සේනාව දැකගන්න පුලුවන් වෙනවා. මේ ප්‍රාතිහාර්යය ඒක නිසා හඳුන්වන්නේ "ලෝක විවරණ ප්‍රාතිහාර්යය" කියලා....."

      බුද්ධ කාලයේ මිහිපිට ජීවත් වුණු තව්තිසාවේ දෙවිවරු

      මේ සිදුවීමම යමා මහ පෙලහර පෑමේදීත් සිදුවෙන බව තමා සාහිත්‍ය දක්වන්නේ...

      Delete
  37. අදත් පෝසට් එකයි කමෙන්ට් ටිකයි කියොලා සෑහෙන දෙයක් ඉගන ගත්තා...

    ReplyDelete
    Replies
    1. @ තරුවා

      තව කමෙන්ට්ස් ගොඩක් එකතු වෙලා තියෙන්නේ ලොක්කා :D

      Delete
  38. ලිපියත් කියවලා, කමෙන්ට් ටිකත් කියවලා පහලටම ආවට පස්සේ මට හිතුනේ හසිතගේ ලිපි වලින් සමහර අයගේ පශ්චාත් භාගයේ වේදනාවාක් ඇති වෙලා වගේ...

    ජන ප්‍රවාද ගැන ලිවීමයි, ඒවා විශ්වාස කරන්න කියන එකයි දෙකක්. වෙනද වගේම නොදන්න දේ කියා දෙනවට බොහොම ස්තුතියි..

    ඔහොම යං

    ReplyDelete
    Replies
    1. @ රාමා

      මතකනේ අයියා මාරයා මේ ළඟදී කිව්ව අතුල උපාසක්ගේ කතාව. හැමදේම හැමෝටම හොඳ වෙන්නේ නැහැ :D

      ස්තුතියි දෙන තල්ලුවට :)

      Delete
  39. මමත් මෛත්‍රී බුදුන් ගැන මේතරම් කරුනු දැනගෙන හිටියෙනැහැ. යාන්තමට හරි දැනගෙන හිටියේ නිථ දෙවියන් මෛත්‍රී බුන් ලෙස බදුවන බවයි. එතකොට සන්තුසිත දිව්‍යරාජයනන් වෙනත් දෙවි කෙනෙක්ද

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      නාථ දෙවියන් සහ මෛත්‍රී බෝසතුන් කියන්නේ පැහැදිලිවම දෙන්නෙක්. සන්තුසිත දිව්‍යරාජයා කියන්නේ බුදුවන්නට නියමිතව තුසිතයේ ඉපිදෙන බෝසතුන්ට යෙදෙන නාමය.

      මෛත්‍රී බෝසතුන් නාථ දෙවියන් ලෙස ඉන්නවා කියන එකත් මතභේදාත්මක කතාවක්. ඒ ගැන පර්යේෂණයක් කරපු ජෝන් ක්ලිෆර්ඩ් හෝල්ට්ගේ මකුට මුනිධාරී අවලෝකිතේශ්වර නාථ ලංකා පුරාණය කියන ග්‍රන්ථයේ කියවෙන විදිහට මහායානිකයන්ගේ ප්‍රධානම බෝධිසත්වරයෙක් වෙන අවලෝකිතේශ්වර බෝසතුන් තමා නාථ නමින් ලංකාවේ ප්‍රකට වෙන්නේ. නාථ කියන්නේත් ඒ නිසා මතු බුදුවන බෝසත්වරයෙක් කියලයි පිළිගන්නේ.

      නාථ සහ මෛත්‍රී කියන්නේ දෙදෙනෙක් බව පැහැදිලිවම පේන්නේ දඹුළු විහාරයේ නාථ දේව ප්‍රතිමාවක් වෙනමත් මෛත්‍රී බෝසත් ප්‍රතිමාවක් වෙනමත් තියෙන නිසා.

      හෝල්ට් මහතා දක්වන්නේ 19 වන සියවසේදී පමණ මෛත්‍රී බෝසතුන් සහ නාථ දෙවියන් එක් අයෙක් විදිහට සළකන්න පටන් ගන්න ඇති කියලා. මොකද දෙන්නාම මතු බුදුවන අය නිසා...

      Delete
  40. ලිපිය කියවලා..කමෙන්ට් කියවගෙන අන්තිමට ආවාම කවදාවක්වත් නැතිදෙයක් වෙලා...අනේ මන්දා..හොඳින් ලියන කෙනෙකුටත් අපහාසකරන හැටි..හසිත ඔයා මේවාට යමක් කිවයුතුයි සිතේ..!!

    ReplyDelete
    Replies
    1. හසිත කිසිවක් නොකියනවානම් හොඳයි කියා සිතේ. සිංහල ජාතිය , මනුෂ්‍යත්වය ගැන තෙපර බාමින් කියමින් ඒ පිට කර ඇත්තේ තමන්ගේ සිතේ ඇති සුවකළ නොහැකි රෝගය බව නොපෙනේද ? ඕවට කරුණු කියා වැඩක් නැත. සුව කල නොහැකියි නේ!!!

      Delete
    2. @ වීපොකුර

      හැමදේම හැමදාම හොඳ විදිහට වෙන්නේ නැහැනේ. මම ලොකු යමක් කිව්වේ නැහැ. බොහොම පොඩි යමක් විතරක් කිව්වා :D

      Delete
    3. @ Anonymous September 7, 2012 10:40 PM

      ඔබ කිව්ව දේට මම එකඟයි. ඒ නිසාමයි බොහොම පොඩියට යමක් කිව්වේ...

      Delete
  41. දැන් නම් නිදිමතයි වගේ. ඉතිරි ප්‍රශ්න වගේම අදහස්වලට පිළිතුරු සැපයීම හෙටට කල් දාන්නයි හිතුවේ.

    හැමෝටම සුභ රාත්‍රියක්/ සුභ දවසක් :)

    ස්වස්ති

    ReplyDelete
    Replies
    1. සියල්ලමට පිළිතුරු හා අදහස් සපයා අවසන් :D

      Delete
  42. 1. බුදුවරු පහළ වන්න්නේ දඹදිව පමණද etc.. ? - බුද්ධ විෂය අචින්ත්‍යයි.

    2. හුඟක් දෙනා මෛත්‍රී බුදුන් පහළ වන කේතුමතී කියන අසිරිමත් සෞභාග්‍යමත් පුරවරයේ ඉපදෙන්නත් මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්නත් ප්‍රාර්ථනා කරනවාත් ඇත්තේ. - නික්කමිනෝ ගෝතම සාසනම්හි (ගෞතම බුදු සසුනෙදීම නික්මීම ඇත )- රතන සූත්‍රය

    3. බුදු සිරිත තුළ බුදුන් වහන්සේ යමා මහ පෙළහර පාපු අවස්ථා තුනක් හමුවෙනවා . මහියංගණයේදී යක්ෂ දමනය ?? , තීර්ඨකයන් දමනය කිරීමට ගණ්ඩබ්බ රුක මුල ??

    ReplyDelete
    Replies
    1. @ Chanaka Aruna Munasinghe September 8, 2012 8:54 AM

      1. අපි ඒක මෙහෙම පෙළ ගස්වමු.

      බුදුවරු පහළ වන්න්නේ දඹදිව පමණද ?
      අන්නත අපරිමාණ බුදුවරුන් ජම්බුද්වීපයේ පහළ වීම, සතර මහා දිවයින්වලින් ජම්බුද්වීපයේ හැර අනෙක් දිවයින් තුනේ බුදුවරු පහළ නොවීම, බුද්ධ විෂය අචින්ත්‍ය වීම.

      2. කදිම පිළිතුරක් :)

      3. යක්ෂයින් දමනය කළා කියන්නේ ගන අඳුරක් මවලා බය කරලා අධික රශ්මියක් ඇති කරලා. ඒක යමා මහ පෙළහරක් නෙමේ. යමා මහ පෙළහරේදී ගිනි ජාලා ඇති කළත් කාටවත් හානියක් නැහැ...

      Delete
    2. 3. තීර්ඨකයන් දමනය කිරීමට ගණ්ඩබ්බ රුක මුල ??

      Read this :
      http://www.dahamsayura.lk/index.php?option=com_content&view=article&id=274&Itemid=290

      Delete
    3. @ Chanaka Aruna Munasinghe

      තීර්ථකයන් දමනය කළා කියලා කිව්වාට එතන සිදුවුනේ තීර්ථකයන්ගේ මානය බින්ද එක. පිණ්ඩෝල භාරද්වාජ හාමුදුරුවෝ සඳුන් පාත්‍රය සෘද්ධියෙන් ගිහින් ලබාගැනීමත් එක්ක බුදුන් වහන්සේ සංඝයාට සෘද්ධි ප්‍රාතිහාර්යය පෑම තහනම් කරනවා. ඒ නිසා තීර්ථකයන් අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන කරපු ප්‍රකාශවලට පිළිතුරක් විදිහට තමා බුදුන් වහන්සේ යමා මහ පෙළහර පෑම සිදු කරන්නේ...

      Delete
  43. හරිම අපූරුයි හසිත, ඉක්මන් බුදුන් බුදු වෙච්චාවයි කියන මේ කතාව මම පුංචි කාලයේදී අත්තම්මා කියලා දීලා තිබුනා. අද ආයෙත් මේ කතාව කියෙව්වට පස්සේ හරිම සතුටක් දැනුනා සිතට. හසිත, ඔබ අහලා තියෙනවාද අපේ මහ බෝසතාණන් වහන්සෙ කාන්තාවක් වසයෙන් ඉපදී සිටයාය කියන කතාව. ඒකත ජනප්‍රවාද ගනයෙහිලා සැලකිය හැකි කතාවක් ,,ඒ කතාවේ හැටියට නම් බෝසතාණන්ට පිරිමි ආත්ම භාවයක් ලබා ගැනීම සදහා විවරණ ලබාදෙන්නේ එම කතාවෙ ස්ත්‍රියගේ ස්වාමි පුරුශයා. මෙ කතාව මම දන්න තරමින් ජාතක කතා පොත් වහන්සේට ඇතුළත් වී නැහැ. සමහර ජනප්‍රවාද ගනයේ ලා සැලකිය හැකි මෙවනි කතා සමහරවිටෙක ජාතක කතා පොතවහන්සේගෙන් විවිධ කාරණා නිසා ගැලවී ගියා වියහැකි කතා වෙන්නට පුලුවන්. මේ කතාවත් දන්නවා නම් ලියන්නැයි ඔබට ඉතාම සුහදව ආරාධනා කරනවා. දිගටම ලියන්න. ඔබට ජය .....

    .

    ReplyDelete
    Replies
    1. @ රතු රජරට

      ඒ කතාව මේ සටහනේ ප්‍රතිචාරයක් විදිහට එකතු වෙලා තියෙන්නේ. uwiniran අයියා ඉහළින් කරලා ඇති ප්‍රතිචාරයක ඒ කතාව සවිස්තරාත්මකව තියෙනවා. ඒ භවයේදී බෝසතාණන් වහන්සේගේ නම "ඉති කුමාරි".

      ඒත් ඒ කතාවේ අවසානය මම කියවලා තියෙන්නේත් ඔබ කියලා තියෙන විදිහට පිරිමි භවයක් ලබන්න ස්වාමියා විවරණ ලබාගත්තා කියන එකයි. ඒත් කොටුගොඩ ධම්මාවාස හිමියන්ගේ කෘතියක ඉති කුමාරි පුරාන දීපංකර බුදුන් හමුවේ විවරණ ලබාගත් බවක් කියා තිබෙනවා.

      Delete
    2. මමත් අහලා තියෙන්නේ මෙ කතාවම තමයි - Erandi

      Delete
    3. @ Erandi

      ඒකත් එහෙමද හොඳයි හොඳයි :)

      Delete
  44. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. @ Anonymous September 9, 2012 6:45 AM

      පුද්ගලයන්ට සෘජුවම පහර එල්ල වෙන ප්‍රතිචාර මකා දැමීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න.

      Delete
  45. Replies
    1. @ Anonymous September 9, 2012 5:19 PM

      ඔබේ පිනත් අනුමෝදන් කර ගන්නවා :)

      Delete
  46. බොහොම පින් මෙවෙනි දේවල ලියන එකට,නොදන්නා බොහො දේවල් දෑන ගෑනීමට හෑකිවිය මල්ලි.
    එරන්දි

    ReplyDelete
    Replies
    1. @ එරන්දි

      නොදන්නා දෙයක් කියාදෙන්න ලැබීම ගැන සතුටුයි අක්කේ :)

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................