Thursday, July 19, 2012

රතිකෙළියට ලොල්ව පිරිමින් මරන්න ගිය බෝසත් රජ කුමරා


මාතෘකාව දැක්ක ගමන් සමහරු රෙදි උස්සගෙන ආවද දන්නේ නැහැ මමත් NGO එකකින් සල්ලි අරන් බුදු හාමුදුරුවන්ට අපහාස වෙන කතා ලියනවා කියලා. කෝකටත් කලින් කරුණු කාරණා හරියට කියවලා බලමුකෝ...

කතාව මෙහෙමයි. යටගිය දවස [හැමදාම වගේ කතාව පටන් ගන්නේ එහෙමනේ] බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් හිටියා [තාමත් බ්‍රහ්මදත්ත රජතුමාගේ මාළිගාව බරණැස එහෙමත් නැත්නම් වර්තමාන වාරණාසියේ තියෙනවාලුනේ]. 

 බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ මාළිගාව

ඒ රජතුමාගේ බිසෝවරුන්ට කාලයක් යනකම්ම පුතෙක් ඉපදුණේ නැහැ. මේ ගැන කම්පාවෙන් හිටිය රජතුමාට ඉතාමත්ම සතුටට පත්වුණා අග බිසවගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තු එකෙන්. මාස 10 ක් ඇවෑමෙන් මෙලොව එළිය දකින මේ පුත් කුමාරයා තමා අපේ බෝසතාණන් වහන්සේ. කුමාරයාට නම තබනවා අසනඝ කුමාරයා කියලා. 

මේ කුමාරයා උපන්නාම නාවලා කරලා කිරි මවකගේ අතට දුන්නාම කුමාරයා නවත්තන්නේ නැතුව අඬනවා. ඒ කිරි මවගෙන් තව කිරි මවකට දුන්නාම ඒත් අඬනවා. මේ විදිහට කිරි මව්වරුන්ගේ අතින් අතට කුමාරයා ගියත් අඬන එක නවත්තන්නේ නැති නිසා රාජ පුරුෂයෙක් අතට කුමාරයා දෙනවා. 

එතකොට කුමාරයා අඬන එක නවත්තනවා. ඉතින් ඊට පස්සේ ඉදන් කුමාරයාගේ සියලුම කටයුතු කරන්නේ පිරිමි විතරමයි. කොයියම්ම අවස්ථාවක හරි ගෑණු කෙනෙක් කුමාරයා ගාවට ආවොත් කුමාරයා අඬන්න පටන් ගන්නවා. 

කුමාරයාට කිරි පෙව්වා කියන්නේත් කිරි මව්වරු තමන්ගේ කිරි තැටියකට දැම්මාට පස්සේ ඒ තැටියේ ආධාරයෙන්. එහෙමත් නැත්නම් කුමාරයාගේ අම්මා තිරයකින් ආවරණය වෙලා ඉද්දී තණ පුඩුව විතරක් කුමාරයාගේ කටට දීලා කිරි පොවනවා. 

මේ විදිහට හැදුණු වැඩුණු කුමාරයා තරුණ වියට ආපුවාමත් ස්ත්‍රීන් සම්බන්ධ කිසිම ඇල්මක් තිබුණේ නැහැ. කුමාරයා වෙනුවෙන් වෙනම මාළිගාවක් ඉදි කරවපු පිය රජතුමා ඒ මාළිගාව කුමාරයාගේ වාසයට වෙන් කරනවා. 

කොහොම නමුත් මේ රාජ්‍යයේ මීළඟ රජතුමා වෙන්න ඉන්න තමන්ගේ පුතා රජ වුණාම ස්ත්‍රීන් සමඟ පංච කාම සම්පත්තිය අනුභව කළ යුතු වුණත් තමන්ගේ පුතා ස්ත්‍රීන්ව පිළිකුල් කරන නිසා රාජ්‍යය කරන්නේ කොහොමද කියලා රජතුමා නිතරම කල්පනා කරනවා


එක දවසක් රජතුමාව බැහැ දකින සිංදු කියන්න දක්ෂ තරුණියක් කුමාරයාගේ ස්ත්‍රීන්ට තියෙන පිළිකුල බැහැර කරන්නම් කියලා ඒකට උපායක් යොදනවා. උපාය තමා ඒ තරුණිය කුමාරයා සිටින මාළිගාව ආසන්නයේ ඉදන් විණාව වාදනය කරනවා. 

ඒ වීණා වාදනය මුල්ම දවසේ කුමාරයා අහගෙන ඉන්නවා. දෙවෙනි දවසේ තවත් ආසන්නයට ඇවිත් තරුණිය වීණා වාදනය කරනවා. මේ වීණා වාදනයට රස වැටුණු කුමාරයා අණ කරනවා ඒ වීණා වාදනය කරන තැනැත්තාව මාළිගාවට අරගෙන ඇවිත් මාළිගාවේ ඉදන් වීණා වාදනය කරවන්න කියලා. 


ඉතින් මාළිගාවට ආපු ඒ තරුණියගේ වීණා වාදනයට රස වැටුණු කුමාරයා අවසානයේ ඇය ගැනත් ලොල් වෙලා ලෝකාස්වාද රතියේ යෙදිලා [මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ දන්නවානේ] අතිශය සතුටට පත් වෙනවා. 

ඊට පස්සේ කුමාරයා හිතනවා මේ විදිහට තමන්ට ලැබුණු සුවය අනික් පිරිමින්ට අත් වෙන්න දෙන්න බැහැ කියලා. එහෙම හිතපු කුමාරයා කඩුවත් අරගෙන වීථියට බැහැලා තමන්ට හමුවෙන හැම පිරිමියෙක්ම කඩුගාන්න පටන් ගත්තා. පස්සේ මේ ගැන රජතුමාට ආරංචි වෙලා රජතුමා කරන්නේ සේනාව යවලා කුමාරයා අල්ලා ගෙන ඇවිත් කුමාරයාවයි අර තරුණියවයි නගරයෙන් පිටුවහල් කරනවා 

යන්න එන්න තැනක් නැතිවුනු මේ යුවළ හිමාල වනයට ගිහින් ගංගාවක් අසළ ගෙයක් හදාගෙන ජීවත් වෙනවා. හැමදාම වනයට යන බෝසත් කුමාරයා පලවැල ගෙනත් දෙනවා අර තරුණියට. පස්සේ ඒවා සකස් කරගෙන දෙන්නා අනුභව කරනවා. 


දවසක් දා මේ පැලේ දුම් දකින ආකාශයෙන් ගමන් කරන තාපසයෙක් බෝසත් කුමාරයා පලවැල නෙලන්න කැළේට ගිය වෙලාවේ පැලට එනවා. අර තරුණියත් තාපසයාට පලවැලෙන් සංග්‍රහ කරලා අවසානයේදී කොහොමින් කොහොම හරි තාපසයා ගැන පිළිබඳ සිතක් පහළ වෙලා දෙන්නා ලෝකාස්වාදරතියේ යෙදෙනවා. 

මේ වෙලාවේ බෝසත් කුමාරයා එන බව දැක්ක තාපසයා අහසින් යන්න උත්සහ කළත් ඒ වෙද්දී තාපසයාගේ ධ්‍යාන පිරිහිලා තිබුණු නිසා තාපසයා ගඟට වැටෙනවා. බෝසත් කුමාරයාත් මේ වෙද්දී මේ තාපසයාව මරන්න කඩුවත් අරගෙන පස්සෙන් දුවගෙන එනවා. 

ඒත් සෘද්ධි බල පිරිහිලා තාපසයාට වුණු දේ දැක්කාම බෝසත් කුමාරයා තාපසයාට මෙහෙම කියනවා 

"ස්ත්‍රීන් පිළිබඳ සිත් නිසා ධ්‍යාන පිරිහෙනවා. ස්ත්‍රිය සියල්ල දවන ලැව් ගින්නක් හා සමානයි. ස්ත්‍රීන් සමඟ කරන කතාව නිෂ්ඵලයි" යනාදී වශයෙන්. 

මේ කරුණු අහගෙන ඉන්න තාපසයා නැවත වරක් ධ්‍යාන උපදවා ගෙන අහසින් තමන් හිටිය අසපුවට පිටත් වෙනවා. 


මේ ධර්මතාවය සිහි කරපු බෝසත් කුමාරයාත් ධ්‍යාන උපදවා ගෙන අර තරුණියත් අරගෙන අහසින් මාර්ගයක් ගාවට ගිහින් කැමති තැනකට යන්න කියලා තරුණියව අත හැරලා තව දුරටත් භාවනා කරලා පංච අභිඥා ආදිය උපදවා ගෙන මිය පරලොව යනවා. 

ස්ත්‍රියක් ගැන සිතමින් හිටිය භික්ෂූන් වහන්සේ නමක් මූලික කරගෙන තමා බුදුන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරන්නේ. පන්සිය පනස් ජාතක පොත් වහන්සේ තුළ තිබෙන 262 වෙනි ජාත කතාව වන චුල්ලපලෝභන [සංකප්ප] ජාතකයේ තමා මේ කතාව තියෙන්නේ. 

මේ කතාවට අදාළව පින්තූර හොයද්දී කතාව අන්තර්ජාලයේ තියෙන බවත් දැනගන්න ලැබුණා. මෙන්න ඒ කතාව සම්භාව්‍ය සිංහලෙන්

බ්‍රහ්මදත්ත රජතුමාගේ මාළිගාවේ ඡායාරූප සපයා ගත්තේ වත්සලා කරුණානායක අක්කගේ flickr ගිණුමෙන්. ඇයට ඒ පිළිබඳව ස්තුතියි. තවත් මාළිගාවේ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න

ඉතින් රති කෙළියට වැඩියෙන් ලොල් වෙන අය වගේම රති කෙළිය නිසා විවිධ හානි කරගන්න අයත් ස්ත්‍රීන් ගැන අධිකව ලොල් වෙන අයත් මේ කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශයක් ගත්තොත් හොඳා....................

142 comments:

  1. Aaa mallita kohenda mee brahma daththa Maligawa.. oya mage ekane... :P koo @ rights...Menna math innwa oyage blog eke

    ReplyDelete
    Replies
    1. @ Vathsala

      සමාවෙන්න අක්කේ මම දැනුයි දැක්කේ ඒක ඔයා තමා අප්ලෝඩ් කරලා තියෙන්නේ කියලා. මේ නිසා ඔයාගේ හිත් රිදීමක් වුණා නම් සමාවෙන්න.

      සටහනට මේ කොටස මම එකතු කළා....

      "බ්‍රහ්මදත්ත රජතුමාගේ මාළිගාවේ ඡායාරූප සපයා ගත්තේ වත්සලා කරුණානායක අක්කගේ flickr ගිණුමෙන්. ඇයට ඒ පිළිබඳව ස්තුතියි. තවත් මාළිගාවේ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න"

      ස්තුතියි ඔබට නැවත වරක්........

      Delete
  2. අර රජ මාලිගාව නම් නියමයි නේ අදමයි මම එහෙම එකක් දැක්කේ
    වැඩේ හොඳයි අගයමි ජය!

    ReplyDelete
    Replies
    1. @ අවතාර්

      ඉන්දියාවේ ගිය වෙලාවක බලන්න යන්න. තාමත් වාරාණාසීවල ඒ මාළිගාව හොඳ මට්ටමෙන් තියෙනවාලු

      Delete
  3. ඉතින් රති කෙළියට වැඩියෙන් ලොල් වෙන අය වගේම රති කෙළිය නිසා විවිධ හානි කරගන්න අයත් ස්ත්‍රීන් ගැන අධිකව ලොල් වෙන අයත් මේ කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශයක් ගත්තොත් හොඳා

    හැම දේම මද පමණට ...

    ReplyDelete
    Replies
    1. @ රාමා

      අනිවාර්යයෙන්ම. බුදුන් වහන්සේත් වදාළේ මද පමණනේ මධ්‍යම ප්‍රතිපදාව කියලා

      Delete
  4. අනිවා,., ල්ඔක්කා ක්ඉයපු කතාව හරියටම හරි,.,., එල ඈ,.,කොල්ලා මම බ්ලොග් එක මාරු කලා ,.,මෙන්න අලුත් එකේ එඩ්‍රස් එක http://sudusm.blogspot.com/ එල ඈ

    ReplyDelete
    Replies
    1. @ සුදු මහත්තයා

      හොඳයි හොඳයි. අපි එන්නම්කෝ අලුත් ගෙවල් පැත්තේ ඇවිත් යන්න. කේක්, බිස්කට් එහෙම ගෙනත් තියෙන්න :D

      Delete
  5. ඕනිම දෙයක් ඕනෑවට වඩා ඕනිම නෑ කියලා කියන්නේ එකනේ..
    රජ මාලිගේ නම් නියමයි.ඒක මුස්ලිම් පල්ලියක් වගේ නේද ටිකක්?

    ReplyDelete
    Replies
    1. @ Pramudi

      ඉන්දියාවේ ගෘහ නිර්මාණ ශිල්පයට මුස්ලිම ආභාෂයකුත් ක්‍රමයෙන් ලැබුණා නොවැ. ඒක නිසා වෙන්න ඕනේ මාළිගාවේ මුස්ලිම් පල්ලියක පෙනුමකුත් ලාවට පේන්න තියෙන්නේ

      Delete
  6. ගේ කුරුලු කතාවකුත් යටින් ඇදිල යනවද මන්දා....

    ReplyDelete
    Replies
    1. වරදවා වටහා ගන්න එපා , හසිත හේතුව මෙතන කියල නැහැ. බෝසත් කුමරා බඹ ලොවින් චුතවයි උත්පත්තිය ලබන්නේ. බඹ ලොව ස්ත්‍රීන් නැහැ. එමෙන්ම පෙර ශත සහශ්‍ර ජාති වලදීත් කාමයන්ගෙන් වෙන්ව ලෞකික ධ්‍යාන උපදවාගෙන ගෘහ වාසයෙන් වෙන්ව සිටි නිසා ස්ත්‍රීන් ගැන ඇති ඇල්ම යටපත් වී තිබීමයි ඒකට හේතුව. ඇල්ම ඇතිවන්නේ නොදත් නුපුරුදු දෙයක් ගැන නොව දන්නා දෙයක් ගැනමයි. (වේදනා පච්චයා තණ්හා, විඳීමෙන් තණ්හාව උපදී ) එම නිසයි එය වින්දනය කල පසු දැඩි රාග නිශ්‍රිත උපාදානයක් උන්වහන්සේගේ සිත තුල හට ගත්තේ.
      - ලිපියට ස්තුතියි හසිත :)

      Delete
    2. ඇයි බඹ ලොව ස්ත්‍රීන් නැත්තේ කියලා දන්නවාද??
      උසස් ධාන්‍ය තල වල ලිංග බේදය නැති වෙනවා..විශේෂයෙන්ම බ්‍රක්ම ලෝක වල..
      මානසික තලය පිරිහුන විට ලිංග බේදය වර්ධනය වෙනවා..
      දැනට පවා නපුංසක ලිංගයේ අයද කොටස් දෙකක් ඉන්නවා කියලා දන්නවනේ..
      ඒ කියන්නේ ලිංග බෙදීම් 4ක් තියනවා..
      ඉදිරියෙදී මේක තවත් වැඩි වේවි..
      අරුප තල වලදි ලිංග බේදය කොහෙත්ම කතා නොකරන අතර සම්මත් වශයෙන් පිරිමි යැයි අදහස් කරයි..
      පටලවා ගන්න ඒපා...
      මං කතා කලේ බුදුන් වහන්සේ දේශනා කල ආර්ය මාර්ගය ගැන නෙවෙයි...

      Delete
    3. @ Anonymous July 19, 2012 8:04 AM

      කාන්තාවන් පිළිකුල් කරන එකෙන්ම "ගේ" කුරුලු වෙනවද ???

      Delete
    4. @ Tiraj Adikari

      ස්තුතියි අයියේ මග හැරුණු දේ ගැන කිව්වාට. "ගේ" කුරුලු ප්‍රශ්නේ හිතට එන හුඟක් අයට ඒ කාරණය අපූරුවට ඔයා පැහැදිලි කරලා තියෙනවා

      Delete
    5. @ Empty Mind

      ස්තුතියි ඔබත් එකතු කළ වටිනා කරුණුවලට. මාත් යමක් එකතු කරන්නම්. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ දක්වන විදිහට ආභස්සර බ්‍රහමයන්ගේ මූලික වීමකින් ජීවය හටගත් නිසා මුල් කාලීනව මිනිසුන් තුළත් ස්ත්‍රී පුරුශ භේදයක් පවතින්නේ. ක්‍රමයෙන් තමා ස්ත්‍රී සහ පුරුෂ වශයෙන් ලකුණු පහළ වීම වගේම රාගී සිත් ඇතිවීම සිද්ධ වෙන්නේ

      Delete
  7. ඇත්තෙන්ම හොද හරයක් ඇති කතාවක්. මම ඇහුවෙම අදයි.

    ReplyDelete
    Replies
    1. @ ක්සැන්ඩර් | Xander

      කතාවේ හරය තේරුම් ගත්තා නම් ඒක තමා වටින්නේ

      Delete
  8. මේ කතාවත් මම අහල තිබුනේ නැහැ සහෝ..ඇත්තටම හොඳ ආදර්ශයක් දෙන යමක් ලියන එක අපි කාටත් වටිනවා..

    ReplyDelete
    Replies
    1. @ හිරුහිමාවී

      ආදර්ශය ජීවිතයට සමීප කරගන්න :D

      Delete
  9. අදත් නියම කතාවක්... මම අහල තිබුනට මෙච්චර විස්තර සහිතව දැනන් හිටියේ නෑ...

    ReplyDelete
    Replies
    1. @ prasanna86k

      කමෙන්ට්වලින් තව විස්තර දැනගන්න පුලුවන් :)

      Delete
  10. කෝ නායක්කාර් වංශිකයන්ගේ කතාව

    ReplyDelete
    Replies
    1. @ පිණිබිඳු...

      ඉතිහාසයේ අප්‍රකට කතා කියන්නේ ඉරිදාට විතරයි. මේ ඉරිදාට නායක්කර් වංශිකයන්ගේ කතාව කියන එක කියනවාමයි :D

      Delete
  11. ///යටගිය දවස බරණැස් නුවර බ්‍රහම්මදත්ත නම්......[හැමදාම වගේ කතාව පටන් ගන්නේ එහෙමනේ]///

    හසිත, පහුගිය දවසක දේශණය ක දී කිව්වා මේ ගැන. ඒ කියන්නෙ බ්‍රහ්මදත්ත කියන්නෙ රාජපරම්පරාවක් මිස එක් රජ කෙනෙක් නොවෙයි කියලා. ඒ අනුව බ්‍රහ්මදත්ත පරම්පරාවේ කව්රු රජ වුනත් හඳුන්වන්නෙ ඒ නමින්ලු.

    රතන සූත්‍රය අරගෙන දේශණයක් කරද්දියි කියලා දුන්නෙ. හසිත අපිට කියා දුන්නු ලිච්චවී කතාව, විසාලා මහනුවර තුන්බිය ගැන කියන්න කලින් පෙර සුදානමකටයි "යටගිය දවස බරණැස් නුවර..." ආදී වශයෙන් එන වාක්‍යයේ තේරුම දැන ගත්තෙ.... අපේ හසිත මහත්තයත් මේ ගැන දන්වානම් විස්තර කර දෙන්නකෝ අපිට තවත් කරුණු දැනගන්නත් එක්කලා.

    ස්තුතියි අද ලිපියටත්...!

    ReplyDelete
    Replies
    1. @ බුද්ධි

      ඔව් ඔව්. ඒක ඇත්ත අයියා. ඒ වගේම පරම්පරාවක් තමා තක්ෂිලා නුවර දිසාපාමොක් ඇඳුරුතුමාගේ පරම්පරාව. අර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමාගේ පරම්පරාවේ මේ කාලේ පුරුක ඒ කියන්නේ බ්‍රහ්මදත්ත රජතුමා තාමත් අර මාළිගාවේ ඉන්නවාලු.

      රතන සූත්‍රයේ කතාවද විස්තර කරන්න කිව්වේ අයියේ ??

      Delete
    2. නෑ නෑ..... මේ විස්තර කරලා තියෙන්නෙ මම බලාපොරොත්තු වෙච්ච දේ තමා. ස්තුතියි

      Delete
  12. "යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් හිටියා" මොකද හැම කතාවම ඔය විදිහට පටන් ගන්නෙ..

    මොනාද බං අර පින්තූර.. එව්වා දැක්කම කතාවෙ ආදර්ශෙ කැලේ.. :)

    ReplyDelete
    Replies
    1. @ හරී

      ජාතක කතාවල ආකෘතියක් තියෙනවා. ඒ ආකෘතියට යටත්ව තමා කතාව සැකසෙන්නේ. නිධාන කතාව, අතීත කතාව සහ පූර්වාපර සන්ධි ගැලපීම. නිධාන කතාව කියන්නේ ඒ කතාව කියන්න හේතුවුණු සිද්ධිය. අතීත කතාව කියන්නේ බුදුන් වහන්සේගේ පෙර භවය. මේ පෙර භවය කතා කරද්දී යටගිය දවස එහෙමත් නැත්නම් ඈත අතීතයේ කියන අදහස මුලින්ම දෙනවා. ඒ වගේමයි බරණැස් නුවර නම් බ්‍රහ්මදත්ත රජතුමාත් තක්ෂිලා නුවර ගැණ නම් කියන්නේ දිසාපාමොක් ඇඳුරුතුමා ගැණත් කියනවා. ඒ එකම මනුස්සයා නෙමේ. ඒ නමින් තිබුණු රාජ පරම්පරාවක් සහ ගුරු පරම්පරාවක්

      Delete
  13. කළින් මේ ජාතක කතාව අහල තිබුණ උණත් ආයම අහන්න ආස හිතෙන විදියට ඔයා ලියල තියෙනවා මල්ලී... කාමය, රාගය, ආශාව අපිව මේ ලෝකෙට ඇදල බැඳල තියෙනවනේ... ඒ උණත් එයින් මිදෙන එක ලේසි නැහැ.. ඒකනේ අපට නිවෙන්න මේ තරම් අමාරු...

    ReplyDelete
    Replies
    1. @ තරුරසී

      කාමය, රාගය [කාමරාග], ආශාව [තණ්හාව] මේවා අපිව සසරට බැඳ තබන බැමි එහෙමත් නැත්නම් "සංයෝජන" විදිහට බුදු දහමේ දක්වන්නේ ඒ නිසා තමා

      Delete
  14. කොහොම වුනත් බෝසත් කුමාරයාට අන්තිමට හරි මොලේ පෑදුන එක හොඳයි..

    අදාල නැති වුනත් මට ආපු එකම ප්‍රශ්නෙ තමයි අර ගෑනුළමයට ඊටපස්සෙ මොකද වුනේ කියලා..

    ස්තුතියි හසිත ලිපියට..

    ReplyDelete
    Replies
    1. @ රූ....

      ගෑණු ළමයා ඊට පස්සේත් ලෝකාස්වාද රතියට කාව හරි හොයාගත්තද දන්නේ නැහැ :D

      Delete
  15. ලෝකාස්වාද රතියේ යෙදුනට පස්සේ උඩින් යන්න පුලුවන් උනොත් තමා පුදුමේ !!!
    අම්බෝ නියම වචන දෙක !!! ලෝකාස්වාද රතිය !

    වෙනදා වගේම මේ කතාවත් අහලා තිබ්බේ නෑ. ගොඩක් ස්තුතියි මලේ

    ReplyDelete
    Replies
    1. @ මධුරංග

      ලෝකස්වාද රතිය කියන වචනේ පාවිච්චි කළාට කමක් නැහැ. ඇත්තට කරන්න යන්නේ පරිස්සමෙන් අයියණ්ඩි :D

      Delete
    2. ඕකට ලෝකාස්වාද කියන්නෙ ඇයි දන්නවාද? අන්ධ ගෑණුලමයෙක් රසවිඳලා කිව්වලු" අහා, මට දැං තුන් ලෝකයම පේනවා කියලා " :D

      Delete
    3. @ D.G.M බස්සා

      බ්‍රාහ්මණයෝ මෙහෙමත් කිව්වලුනේ

      නාස්ති ගංගා සමං තොයං - නාස්ති සූර්‍ය් සමප්‍රභා
      නාස්ති පිතෘ සමො බන්ධූ - නාස්ති ස්ත්‍රී සමො රසඃ

      ගංගා නම් නදිය තරම් ජලයක් නැත, සූර්යා හා සමාන ආලෝකයක් නැත, පියා හා සමාන ඥාතියෙක් නැත, ස්ත්‍රිය හා සමාන රසයක් නැත

      Delete
    4. මදැයි.. බන කිවිල්ල පැත්තකින් තියලා ඔන්න හසිත රතිය වනනවා..

      Delete
    5. @ සරත් ලංකාප්‍රිය

      ඔහොම කියද්දී තව ශ්ලෝකයක් මතක් වුනා :D

      කාර්යේෂු මන්ත්‍රී කරණෙෂු දක්ෂී
      රූපේෂු ලක්ෂ්මී සමයාන්තරඥා
      ස්නේහේෂු මාතා ශයනේෂු වෙශ්‍යා
      ෂඩ්භිස්තු නාරී කුලමුද්භවන්ති

      කටයුතු කර්මාන්ත ගැන දැනීමෙන් සුරුගුරුට සමාන වෙන, විවිධ ක්‍රියාවන්හි දක්ෂ වෙන, රූපයෙන් ශ්‍රියා කාන්තාව හා සමාන වෙන, සමායන්තර ගැන දන්න, සෙනෙහසින් මවට සමාන වෙන, නිදි යහනේදී වෙසඟනකට සමාන වෙන කාන්තාව පවුල බබළනවාලු

      Delete
  16. හ්ම්ම්ම්..
    හැමදාම වගේ මේකත් මං අහලා නැති එකක්.
    මරු වචනෙකුත් ඉගෙන ගත්තා..
    නියමයි..

    ReplyDelete
    Replies
    1. @ තරියා අබේ

      වචනේ මරු වුණාට පරිස්සමෙන් පරිහරණය කළොත් හොඳා :D

      Delete
  17. හැක්........ හැක්....... හැක්...... නියම කතාව. ඉඳල හිටලා හරි පිනක් කරගන්න ලැබුන එකම ලොකු දෙයක්. ඔබතුමාට සබ්බ දානං ධම්ම දානං ජිනාති කියනවනේ.

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තය

      සාදු සාදු කෝරලේ මහත්තයා

      Delete
  18. ජාතක කතාව පොතෙන් කියවල තිබ්බට, ඔයා සරල බසින් නවින කාලයට ගැලපෙන්න හොඳට ලියල තියෙනව ......ඔබට ජය

    ReplyDelete
    Replies
    1. @ Kushi

      සම්භාව්‍ය කෘති කියවන්න තරුණ පිරිස යොමු කරවීමේ ව්‍යාපෘතියක් තමා මේ :)

      Delete
  19. /* ‍ෙ‍໦ රාජ්ය‍ෙ‍ය් ໨ළඟ රජතුමා ‍ෙවන්න ඉන්න තමන්‍ෙ‍ග් පුතා රජ වුණාම ස්ත්໲න් සමඟ පංච කාම ස໦පත්තිය අනුභව කළ යුතු වුණත් තමන්‍ෙ‍ග් පුතා ස්ත්໲න්ව පිළිකුල් කරන නිසා රාජ්යය කරන්‍ෙ‍න් ‍ෙ‍කා‍ෙ‍හාමද කියලා රජතුමා නිතරම කල්පනා කරනවා
    */

    රජ වෙනවා කියන්නේත් ලේසි කෙලියක් නෙමෙයි නේද? මට නං උන්දලා ගැන පව් කියලා හිතෙනවා. රජ සැප, ළමයිනේ රජ සැප!

    අනිත් කරුණ තමයි දැන් සමරිසි පොරකට රජ වෙන්න බැරිද ඒ කියන්නේ?

    ReplyDelete
    Replies
    1. @ කතන්දර Kathandara

      සම රිසි පොරක් රජවීමේ ගැටළුව වෙන්නේ මම හිතන විදිහට ඊට පස්සේ රාජ පරම්පරාව අරන් යන්න උරුමක්කාරයෝ නැති වෙන නිසයි

      Delete
  20. හසිත, ඔබේ ඉතිහාස කතා විශිෂ්ටයි. මම ඒවාට කැමති හේතුව මේව පක්ෂග්රාහී නොවී ජාතිවාදයෙන්/ ජාත්යාිලයෙන් අන්ධ නොවී ඇත්ත ඇති සැටියෙන්ම ලියල තියෙන නිසා. (අඩු ගානේ මේ දක්වා ඔබ ලියපු මහනුවර ඉතිහාස කතා….. )
    අපේ ඉතිහාසය වර්තමාන පරපුරට මහා විහිළුවක් වෙලා තියෙන්නේ අපේ සමහර ජාතිකාභිමානයෙන් මොලේ කොලොප්පන් කරගත්තු (බොහෝවිට යටින් දේසපාලන අරමුණු ඇති) කුහක දේෂප්රේමියෝ ඒකට ඕනාවට වඩා පාට දාන්න ගිය නිසා. ඕනෙම රටක ඕනෙම ජාතියක් තමන්ගේ ඉතිහාසයතුල වීරකම්, දක්ෂකම් වගේම මෝඩකම්, ජඩකම් හා අපරාධත් කරලා තියෙනවා. වෙලා ඉවර මේ හැමදේම ඉතිහාසයේ කොටසක්. වැදගත් වෙන්නේ නිවැරදිව ඉතිහාසය ඉගෙනගෙන අතීතයේ තමන් වරද්දාගත්තේ කොතනද කියල හරියටම තේරුම් අරගෙන වර්තමානය නිවැරදි කරගන්න එක. ඒත් අපි සිංහලයෝ හැටියට කරන්නේ අතීතය ගැන කියල පම්පෝරී ගගහ වංසේ කබල්ගාන එක විතරමයි. ඒක අපේ ලොකුම දුර්වලකමක්. අපේ ජාතියේ පිරිහීමටත් මේක එක ලොකු හේතුවක් බවයි මගේනම් අදහස. මොකද තමන්ට වරදුනේ කොතනද කියල හොයාගන්න බැරි මිනිහෙකුට වැරැද්ද හදාගන්න බැ කවදාවත් !
    ඒක නිසා නිවැරදි ඉතිහාසය ඉගැන්විය යුතුයි. අපි මහා ලොකුවට කියනවා අපේ පරපුරේ රාවනා දඬු මොණරෙන් ගිහින් වෙන රටවල් ආක්රුමණය කලාලු ! එහෙව් පරපුරේ අපිට අද බයිසිකල් කට්ටක්වත් හදාගන්න පුලුවන්ද ??? කාශ්ය ප සීගිරිය මුදුනට වතුර ගෙනිච්චලු. එහෙව් අපේ ගෙදර වහලේ උඩ ටැංකියට වතුර ටික ගහනන්නත් පොම්පේ හදල එවන්නේ ජපන්නු !!! එහෙනම් කොතනද අපිට වැරදුනේ ? අන්න ඒකයි අපි හොයාගන්න ඕනේ !
    ඔබට පුලුවන්නම් මේ ඉතිහාස අධ්යාපනේ තියෙන හිස්තැන පුරවන්න.....ඒක ඉතා විශිෂ්ට ජාතික සේවයක්වෙයි !

    ReplyDelete
    Replies
    1. @ චාමර

      කලින් ඉතිහාස කතා මට හැකි පමණින් අපක්ෂපාතීව ලිව්වා වගේ ඉස්සරහට ලියවෙන කතාත් ඒ තත්වය යටතේම ලියන්න තමා උපරිම උත්සාහය දරන්නේ.

      ඔබත් කිව්වා වගේ සමහර වෙලාවට මටත් හිතෙන්නේ අපේ මේ ඉතිහාසයම දෝ අපිට හෙණේ වෙන්නේ කියලා. අපේ උන්දැලා පුරාජේරුව කියවනවා අපි මහ දාගැබ් හදද්දී සුද්දා කැලේ හෙලුවෙන් හිටියා කියලා. ඒත් ඒ සාඩම්බර මුතුන් මිත්තන්ගේ දරුවෝ මුතුන්මිත්තෝ ගැන කිය කිය පම්පෝරි ගහනවා විතරයි මොකුත් කරන්නේ නැහැ... පිටරටින් හම්බෙන දේ අගය කරනවා. ලාංකීය දේ අගය කරන්නේ නැහැ වගේම ඒකේ සංවර්ධනයට අත දෙන්නේත් නැහැ

      පම්පෝරි චින්තනයෙන් බැහැරවෙලා ප්‍රායෝගික තත්වයට එන්නයි අපි උත්සහ කරන්න ඕනේ. ඒ වගේමයි අපේ දේවල් අගයන්න. මේ වැඩේ අමාරු නැහැ ඒත් කරන්න කම්මැලිකම තමා අපේ අයගේ තියෙන්නේ....

      Delete
  21. එතකොට ඔක්කොම වැරදි ගෑනුංගේ...හැම වැ‍රැද්දක්ම කොරන්නෙ ගෑනු..ගෑනු වැඩක්ම නැති වර්ගයක්.නිකං ලැවු ගින්නක් වගේ. ලවු ගින්න හැදුනහම ලඟට අරං ඊට පස්සෙ දුප් බැල්ලි කියල පුකට පයින් ගහල එලවන්න ඕනෙ... ශහ්... බුදුහාමුදුරුවොත් මෙහෙම කිවුව නෙහ්.....

    X-Porter

    ReplyDelete
    Replies
    1. @ X-Porter

      බුදු හාමුදුරුවෝ නම් එහෙම දේශනාවක් කරලා නැහැ. බෝධිසත්ව රාජ කුමාරයා එහෙම කිව්වා කියලා බුදුන් වහන්සේ වදාළා. එපමණයි.

      කෝසල මල්ලිකාවට දියණියක් ලැබුණු අවස්ථාවේ අසතුටු වුණු කොසොල් රජතුමාට ස්ත්‍රීන්ව අගය කරමින් බුදුන් වහන්සේ කළ දේශනාව දන්නවාද ??

      Delete
  22. සිරාවටම රෙද්ද උස්සන් ආවේ..අහලා නැති කතාවක්

    ReplyDelete
    Replies
    1. @ රත්ගමයා

      උස්සන් ආපු රෙදි පාත් කරගනින් මලයා. මෙතන ගෑණු දැරිවියෝත් ඇවිත් ඉන්නේ :D

      Delete
  23. බුදු අම්මෝ රති කෙළියෙ තියන භායානක කම.

    ජාතක කතාත් මේ වගේ දාමුකො හසිත මුල සිට සරලව...

    ReplyDelete
    Replies
    1. අන්න හරි සෙන්නා. ඒක වැදගත් අදහසක්.
      දාමුකො හසිත ජාතක කතා මුල සිට සරලව මේ වගෙ! :)

      henryblogwalker the Dude

      Delete
    2. @ සෙන්නා, Dude

      අදහස නම් නියමයි. ඒත් මේක නම් සංකීර්ණ ප්ලෑන් එකක් නොවැ. අනික් කාරණය තමා හුඟක් ජාතක කතා අපි දන්නවානේ.

      ඒක නිසා එච්චර අහලා නැති ජාතක කතා ඉදිරියේදීත් මේ විදිහටම කියන්නම්. ඒක හොඳයි නොවැ.... එහෙම යද්දී ජාතක කතා 547 න් බොහෝ ගණනක් ගැණ කියවේවි :)

      Delete
  24. මේවගේ කුමාරවරු අදත් ඉන්නව. තමන් කැමති කෙල්ල අයිතිකරගන්න, කොල්ලන් එක්ක මරාගන්න.

    ReplyDelete
    Replies
    1. @ රාජ්

      මේකෙන් හුඟක්ම ප්‍රසිද්ධ වුනා "මාලක" කුමාරයාව :D

      Delete
  25. කුමාරයත් මාර කුමාරයෙක් තමයි ඉස්සල්ලා ගෑනු එපා කියනවා. ඊට පස්සේ එයාලට ලොල් වෙලා පිරිමි මරලා දානවා. පිරිමින්ගේ හැටියක්ද මන්දා හී හී.

    කතාව ලස්සනයි. බ්‍රහ්මදත්ත මාලිගේ දැන් මෙහෙම නම් ඒ කාලේ කොහොම තියෙන්ට ඇත්ද? හැබෑට ඔය හැම කතාවම සිද්ධවෙලා තියෙන්නේ ඔය බ්‍රහ්මදත්ත රජතුමාගේ කාලේද? නැත්නම් එයාලා 1,11,111 විදියට හිටපු වෙන වෙන අයද?

    අර යෝජනාවක් තියෙන්නේ සුත්‍ර ගැන සරලව කියන්ට කියලා ඒකත් හොඳ අදහසක්. මොනා උනත් හසිත කරන්නේ හරිම වටිනා වැඩක්.

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      තක්ෂිලා නුවර දිසාපාමොක් වගේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන්නේත් රාජ පරම්පරාවක්. තාත්තා බ්‍රහ්මදත්තගේ පුතාත් බ්‍රහ්මදත්ත. සමහර වෙලාවට දෙන්නාව වෙන් කරලා හඳුනාගන්න මහා බ්‍රහ්මදත්ත කියලත් භාවිතා වෙනවා.... ඉතින් මේ කතාවටත් අදාළ එකෝමත් එක කාලෙක හිටිය බ්‍රහ්මදත්ත රජතුමා :)

      සරලව කියන්න කිව්වේ සූත්‍ර ගැනද ජාතක කතා ගැනද ???

      Delete
    2. සුත්‍ර ගැන. ජාතක කතාවලට වඩා සුත්‍ර ගැඹුරු කියලා අදහසක් මගේ හිතේ තියනවා.

      හැබැයි හසිත ලියන විදියට සුත්‍ර උනත් තේරුම් ගන්ට පුලුවන් වෙයි.:)

      Delete
    3. @ Podi Kumarihami

      අනිවාර්යයෙන්ම ජාතක කතාවලට වඩා සූත්‍ර ගැඹුරුයි. ජාතක කතාවලින් බොහෝ විට කියාදෙන්නේ ලෞකික ජීවිතයට අදාල ආදර්ශ සම්බන්ධවයි. සූත්‍රවලත් ඒ වගේ දේවල් නැතුවාම නෙමෙයි.

      ඒත් බොහෝ සූත්‍රවල කතා කෙරෙන්නේ ගැඹුරු දහම් කරුණු. තවත් විදිහකට කිව්වොත් ථේරවාදී බුදු දහම ගැබ්වෙන්නේ මේ සූත්‍ර ඇතුලේ.

      ඉතින් සූත්‍ර සරලව කියන එක පාලි සහ සිංහල ගැන වගේම දහම් කරුණු ගැනත් මනා අවබෝධයක් ඇති පුද්ගලයෙක් කළ යුත්තක්. නැතිනම් දහම් කරුණු විකෘති වීමක් වෙන්න පුලුවන්.

      ඒ වගේ අතිශය භාරදූර කාර්යයක් කරන්න තරම් හපනෙක් නෙමෙයි මම.

      Delete
  26. අනේ මන්දා අප්පා මෙව්වා නන්.. උඹත් කියනවා.. අපිත් කියෝනවා.. දන්නැති දෙයක් දැනගෙන යනවා...

    තැංකූ ඇ.......

    ReplyDelete
    Replies
    1. @ Pasan

      කියෝලා ගියාට කමක් නැහැ. ඔය ලෝකාස්වාද රතිය බොහොම පෙරවේසමෙන් කරනවා හොඳා :D

      Delete
  27. අද කතාව නම් බොහොම වැදගත්!
    'ස්ත්‍රිය සියල්ල දවන ලැව් ගින්නක් වැනිය'
    අන්න ඒක නම් හොඳට මතකහිටියා :)
    කතාව හොඳට රසවින්දා! ලියල තියන විදිහත් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      මේ බ්‍රාහ්මණයෝ කිව්ව ශ්ලෝක කීපයක් කාන්තාව ගැන

      අග්නි කුම්භ සමා නාරී - ඝෘත කුම්භ සමො නරඃ
      …ජානුජංඝෙ නරං දෘෂ්ට්වා - කස්‍ය නිශ්චලිතං මනඃ

      ගිනි සිළු බඳු ගැහැණුන් දකින විට ගිතෙල් කළයක් බඳු පුරුෂයන්ගේ සිත් කෙසේ නිශ්චල වන්නේද

      නාස්ති ගංගා සමං තොයං - නාස්ති සූර්‍ය් සමප්‍රභා
      …නාස්ති පිතෘ සමො බන්ධූ - නාස්ති ස්ත්‍රී සමො රසඃ

      ගංගා නම් නදිය තරම් ජලයක් නැත, සූර්යා හා සමාන ආලෝකයක් නැත, පියා හා සමාන ඥාතියෙක් නැත, ස්ත්‍රිය හා සමාන රසයක් නැත

      Delete
    2. මදැයි.. බන කිවිල්ල පැත්තකින් තියලා ඔන්න හසිත රතිය වනනවා..

      Delete
  28. ayye nikama uge blog eka dan liyanne naa ,uuta kiyannako eeka digatama liyanna kiyala,ayya kiyana oona deyak uu ahana bawa man dannawa,eyata maara lokui "hasitha ayya"...........

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වල එල්ලි එල්ලි ඉන්නෙ නතුව ඌ ලෝකාස්වාද රතියෙ යෙදෙනවා ඇති.

      Delete
    2. අනේ නංගි හසිත කිව්වොත් එයාත් වහත් කයිද?

      Delete
    3. @ Anonymous July 19, 2012 6:23 PM,
      Anonymous July 19, 2012 6:30 PM,
      Anonymous July 19, 2012 6:31 PM

      මම හිතන විදිහට කවුරුවත් තව කවුරු හරි කෙනෙක් කියන නිසා බ්ලොග් එකක් ලියන්න ඕනේ නැහැ. තමන් කැමති නම් ලියන එකයි තියෙන්නේ.

      ප්‍රමිත් රුවන්පතිරණ එහෙමත් නැත්නම් ඔයාලා කියන විදිහට "නිකමා" මේ දවස්වල බ්ලොග් එක ලියන්නේ නැත්තේ ඇයි කියන එක නම් මම දන්නේ නැහැ. ඒත් මම අහලා බලන්නම්.

      අනික මම ෆේස්බුක් එකේ දැක්ක විදිහට නම් එයා සිංගප්පූරු ගිහින් තිබුණා මොකක් හරි වැඩමුළුවකට. ඉතින් කැම්පස් පටන් ගන්නකම් තියෙන වැඩත් එක්ක එයා ටිකක් කාර්යබහුල වෙලා ඇති.

      Delete
  29. කුමාරයට කෙ‍ලවෙව්වෙ සංගීතය... මේ කාලෙ වුණත් වයලින් එකක්, සිතාර් එකක් ගහන කෙල්ලෙක්ගෙ අමුතු කොලිටියක් තියෙනවා ;-)

    ReplyDelete
    Replies
    1. @ hare :-)

      ඒකත් හැබෑව. කලාකාරයන්ගේ විශේෂයෙන් සංගීතය පැත්තේ ඉන්න අයගේ ජීවිතේ හරි හරි ජාති වෙන්නේත් ඔය නිසාම වෙන්න ඕනේ :D

      Delete
  30. මම මේ කතාව කලින් දැනගෙන හිටියේ නැති කතා සෙට් එකේ ලස්සන කතාවක්.

    කියන්න දෙයක් නැහැ ගොඩාක් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      දැනගෙන හිටියේ නැති කතා set එක ටික ටික වැඩි වෙනවාද මන්දා :D

      Delete
  31. "ස්ත්‍රීන් පිළිබඳ සිත් නිසා ධ්‍යාන පිරිහෙනවා. ස්ත්‍රිය සියල්ල දවන ලැව් ගින්නක් හා සමානයි. ස්ත්‍රීන් සමඟ කරන කතාව නිෂ්ඵලයි".....
    හික්..හික්..හිකිස්....මම නම් පක්ෂියෙක්...අපිට ඕව අදාල නැහැ...:D:D:D

    ReplyDelete
    Replies
    1. හොඳ ලස්සන පියාපත් තියන හැන්ඩි පක්ෂි කොළුවෙක් හම්බ වුනදාට බලමුකෝ මෙයා මොනවා කියයිද කියලා ..හැක් හැක් :D

      Delete
    2. පක්ෂි කොල්ලො කීපදෙනෙක්ම අඟර දඟර දානව අල්ලපු ගස්වල ඉඳන්...හී.හී ඒ උනාට හොඳ හැදිච්ච කිරිල්ලියක් මං......:D:D:D

      Delete
    3. @ වින්චැට් කිරිල්ලි.

      පක්ෂි වුනත් මෙයා, ඔයා ස්ත්‍රී නේ :D

      Delete
  32. කතාව කලින් අහලා තියෙනවා වුණත් ආයෙමත් ආසාවෙන් කියවන්න හිතෙන විදියට ලියලා තියෙනවා. බ්‍රහ්මදත්ත මාළිගාවේ පින්තූර අදමයි දැක්කෙ, ස්තූතියි ඒකට!

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      බ්‍රහ්මදත්ත මාළිගාවේ තව ෆොටෝස් බලන්න පුලුවන් කතාව පහළින් තියෙන link එකෙන්. රජතුමාගේ අශ්ව කරත්ත, දෝලා වගේ ජාති ගොඩක් ඒකෙන් බලාගන්න පුලුවන් වේවි

      Delete
  33. Replies
    1. @ ඉන්ද්‍රජිත්

      අනිවාර්යයෙන්ම :)

      Delete
  34. "ස්ත්‍රීන් පිළිබඳ සිත් නිසා ධ්‍යාන පිරිහෙනවා. ස්ත්‍රිය සියල්ල දවන ලැව් ගින්නක් හා සමානයි. ස්ත්‍රීන් සමඟ කරන කතාව නිෂ්ඵලයි" ඔන්න බලන්න ධ්‍යාන වඩවන්න පුළුවන් වැකියක්.. මේ ජාතක කතාව අදමයි ඇහුවේ. සොයාගනිපු රූප ටිකත් අපූරුයි. ලිපිය ලියන්න සෑහෙන මහන්සිවෙලා... ඇත්තටම අර කිව්වා වගේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවල්ලා කොච්ච්රක් ඉන්දියාවේ හිටියද? නෑ මම නිකම් ඇහුවේ ජාතක කතා වල වෙච්චි හැම සීන් එකටම පාහේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගෙ නම ගෑවෙනවා නෙ

    ReplyDelete
    Replies
    1. 'රජ්ජුරුවල්ලා' ඒ මොකෙක්ද බොලේ ඒ..???? :D:D

      Delete
    2. ඉන්දියාවෙන්නේ. මම හිතන්නේ අර 'වාලා' කියන එකෙන් තමයි ඔය වචනේ ඇවිත් තියෙන්නේ. ඒකේ තේරුම 'කාරයා' කියන එක. :D:D:D

      Delete
    3. අයියෝ.. නෑ අප්පා.. රජ්ජුරුවො කියන එකේ බහු වචනයට ව්‍යවහාර භාෂාවෙදි අපේ පැත්තේ ඔහොම කියනවා.. ඔයාල මේ වව්නෙ කලින් අහල නැද්ද?

      Delete
    4. @ තොටියා

      තක්ෂිලා නුවර දිසාපාමොක් ගුරු පරම්පරාව වගේම බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන්නේත් රාජ පරම්පරාවක්. තාත්තා බ්‍රහ්මදත්තගේ පුතාත් බ්‍රහ්මදත්ත. සමහර වෙලාවට දෙන්නාව වෙන් කරලා හඳුනාගන්න මහා බ්‍රහ්මදත්ත කියලත් භාවිතා වෙනවා.... ඉතින් මේ කතාවටත් අදාළ එකෝමත් එක කාලෙක හිටිය බ්‍රහ්මදත්ත රජතුමා :)

      Delete
    5. @ වින්චැට් කිරිල්ලි, Podi Kumarihami

      ජාතක පොතේ නම් තියෙන්නේ "රජ්ජුරුකෙණෙකුන්" කියලා

      Delete
  35. ඔන්න අදත් කියවලා ගියා,,

    ReplyDelete
    Replies
    1. @ ItalyDilan

      මේ ඉරිදාටත් කියවලා යන්න එන්න ඕනේ :)

      Delete
  36. වසර දහස් ගණනක් ගත වුවත්... ජාතක කථවෙන් මතුවෙච්ච කාරණා අදටත් ගැලපෙනවා එදා වගේම...

    ReplyDelete
    Replies
    1. @ සිරාගේ කාමරේ

      එහෙම කිව්වාමයි මතක් වුණේ මාතර හෝ ගාල්ල රෝහලේ ඉන්න මනෝ වෛද්‍ය විශේෂඥ හරිශ්චන්ද්‍ර මහත්තයා ජාතක පොතෙන් හෙළිවෙන මනෝ ව්‍යාධි සහ ඒවාට කරපු පිළියම් සම්බන්ධව අගනා කරුණු වගයක් කාලෙකට ඉස්සර දොරමඬලාවේදී කිව්වා

      Delete
  37. බ්‍රහ්මදත්ත කියන්නේ රජ පරපුරක්. ඒකයි හැම කථාවකම වගේ බ්‍රහ්මදත්තලා ඉන්නේ. මේ ව‍ගේ වටිනා කථා බොහෝමයක් පන්සිය පනස් ජාතක පොතේ සඳහන් වෙලා තියෙනවා. බොහොම අගනා දෙයක් ඒවා කියවලා දැනුම ලබාගන්න එක.

    ReplyDelete
    Replies
    1. @ ළහිරු හිමේෂ්

      අනිවාර්යයෙන්ම. ජාතක කතාවල එන කතා සත්‍යද අසත්‍යද කියලා හොයනවාට වඩා කළ යුත්තේ ඒවායින් ලබාගන්න ඕනේ ආදර්ශය ලබාගන්න එක

      Delete
  38. ඕක ඉතින් එදාට නෙමේ හැමදාටම වලංගු දෙයක්,මේ අයගෙන් ගැලවිලා ඉන්න එකනෙ කරන්නම බැරි වැඩේ.බොහොම පින් මචන්.

    ReplyDelete
    Replies
    1. @ කස්ස

      ගැලවිලා ඉන්න නම් බැහැ කවදා හරි අහුවෙනවා. අහුවෙන එකත් කැමති අකමැතියි කියලා තමා අහුවෙන්නේ :D

      Delete
    2. වැඩියෙම්ම අකමැති එකා තමයි කර මුලින්ම අහු වෙන්නේ .. එකෙත් හැටි :)

      Delete
    3. @ Tiraj Adikari

      අත්දැකීමෙන්ද මන්දා කියනෙන :D

      Delete
  39. හරිම ආදර්ශමත් කතාවක්..ඔබ ලියන විදිය අපූරුයි..හසිත..!

    ReplyDelete
    Replies
    1. @ වීපොකුර

      ස්තුති අගය කිරීමට :)

      Delete
  40. බොහොම ස්තූතියි පන්සිය පනස් ජාතක පොතත් හොයලා දුන්නට...

    ReplyDelete
    Replies
    1. @ තරුවා

      පූජාවලිය, අමාවතුර, සද්ධර්මාලංකාරය වගේ පොත් ටිකත් හොයලා දෙන්නද ??

      Delete
  41. පන්සියපනස් ජාතක පොතේ e version එකක් තියෙනවා කියලා දන්නේ අද..
    ස්තූතියි හසිත වැදගත් කතාවක්..! :)

    ReplyDelete
    Replies
    1. @ Lishan Puwakowita

      ඒ විතරක් නෙමේ සද්ධර්මාලංකාරය, සද්ධර්මරත්නාවලිය, මහාවංසය, පූජාවලිය, බුත්සරණ වගේ වටින poth ගොඩක් කියවන්න පුලුවන් මෙතනට ගියා නම්

      http://www.ogatharana.org/page3.php

      Delete
  42. ජාතක කතා කියවන්න ඉදිරිපත් කරන එකනම් හොදයි. එත් හරියට කියවල ධර්මය තේරුම් අරන් පලකරනවානම් තමි හොද..මේ ජාතක කතාව මෙහෙම නෙමේ පොතේ තියෙන්නේ..අනික කවුරු හරි අහල තියනවද බෝධිසත්ව භවයක ප්‍රාණගාත අකුසල කරා කියල.එහෙම දේවල් ලියන්න කලින් පොඩ්ඩක් අවබෝද කරගෙන හිටියනම් තමයි හොද. ජාතක කතාත් එක එක්කෙනාට තේරෙන විදිහට ඉදිරිපත් කරන්න ගියාම තමයි මෙහෙම වැරදි අදහස් යන්නෙ. ඒ නිසා වගකීමෙන් මේ වගේ දේවල් කරනවන් හොදයි.

    ReplyDelete
    Replies
    1. @ nalaka15

      ස්තුතියි නාලක වැරැද්ද පෙන්වා දුන්නාට. ජාතක කතාවේ තියෙන්නේ මෙන්න මේ විදිහට.

      "පංචකාමයෙහි තත්පරව පංචකාම විෂය මා මිසක් අනික්කෙණෙකුන් අනුභව කරන්නෙම් කින්දැයි කඩුවකොපුවෙන් අයාගෙණ විථියට බැස මිනිසුන් පොළුගසන්ට වන්හ"

      කඩුවෙන් පොලු ගහනවා [කඩුගානවා] කියන්නේ සමහර විට මැරෙන්නත් පුලුවන් නොමැරෙන්නත් පුලුවන් තමා. ඒත් ඒකෙන් හානියක්, හිංසාවක් නම් වෙනවානේ. ඒක නිසා කඩුවෙන් කෙටුවා කියලා මම කතාව සංශෝධනය කරන්නම්.

      නැවත වරක් ස්තුතියි වගකීම සිහිගැන්වූවාට

      Delete
    2. සාර අසංකයක් වූ බෝධිසත්ව කාලයේදී නියත දුර්ගතිය ලබා දෙන්නා වූ පංචානන්තරිකර්ම පස නියත මිථ්‍යාදෘෂ්ටිය හා බොරු කීම හැර සියලුම අකුසල් බෝසතුන් විසින් කර තිබෙනවා. පිටකත්‍රයේ ඕන තරම් උදහරනත් තිබෙනවා . සාමාන්‍ය භාවය ඉක්මවා සිටියත් ඔහුත් පෘතග්ජන සත්වයෙකු පමණයි. වැරදි නොකර සිටීමට ඔහු superhero කෙනෙක් නෙවෙයි. කිසිදු වරදක් නොකරන මනුෂත්වය , සාමාන්‍ය සත්ව විෂය ඉක්මවා යන බලයක් බෝසතුන් කෙරෙහි පැවතියා යයි සිතීම නිසා ධර්මාවබෝධය කරගැනීමට මිනිසුන්ට ඇති අධිෂ්ටානය නැතිවී ගොස් පුද්ගල වන්දනාවකට බුදු දහම පෙරළෙනවා... මහායානයේ වගේ :)

      Delete
    3. @ Tiraj Adikari

      බොහොම ස්තුතියි අයියේ කරුණු දැක්වීමට මේ වගේ පැහැදිලි කිරීමක් තමා මම බලාපොරොත්තු වුනේ.

      ඒකට මමත් තව දෙයක් එකතු කරන්නම්.

      මේ පානදුරාවාදයේදී ක්‍රිස්තියානි පක්ෂයෙන් බෝසතාණන් වහන්සේගේ අතින් වුණු වැරදි කීපයක් කිව්ව නිසා ඒකට පිලිතුරු විදිහට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන් ලබාදුන්න පිලිතුර මෙතනටත් අදාළයි වගේ...

      "තවද මේ පාදිලි තැන බුදුරජාණන් වහන්සේට නින්දා කිරීම පිණිස පරන්තප ජාතකයද, සුස්සන්දිය ජාතකයද යන ජාතක දෙක ගෙනහැර දක්වා එහිදී බෝධිසත්වයෝ වැරදි කළ බව කීවා මේ ඇත්තන්ට ඇසෙන්නට ඇත. එයින් බුදුරජාණන් වහන්සේටවත් බුද්ධාගමටත් කිසිම අපහාසයක් නැත. මක් නිසාද කෙලෙස් සහිත පුද්ගලයෝ වැරදි කරනවා සත්තකය. කෙලෙස් සහිත පුද්ගලයෙක් වැරදි කළාට නිකෙලෙස් වූ බුදුන්ට එයින් අපහාසයක් නැත.

      බෝධිසම්භාරය පුරණ බෝධිසත්වයන් වහන්සේලා වැරදි කරන්නේ නැත කියා අපි කියන්නේ නැත. බුදුවුණායින් පසු උන්වහන්සේ කිසි වැරැද්දක් කළේ නැත. බුද්ධාගම්කාරයෝ වන අපි සරණ යන්නේ අදහන්නේ වඳින්නේ පුදන්නේ බුදුන්ටය. බෝධිසත්වයන් සරණයාමක් අපේ නැත. එම නිසා බෝධිසත්වයෝ කළ දෝෂයක් ගෙනහැර දැක්වීම නිෂ්ඵලය"

      Delete
  43. එක හරි..බෝධිසත්ව භවයක ප්‍රාණගාත අකුසල කරා වෙන්න බෑ. එහෙම දේවල් මේක කියවල comment කරපු කාටවත් තේරුනේ නැති එකනම් පුදුමයි.ජාතක කතා මේ වගේනම් ඉදිරිපත් කරන්න එපා ආපහු.හොදට තේරුම් අරන් ඉන්න ඉස්සලම. මේ වගේ අදහස් මේවා අහල නැති අයගේ ඔලුවට ගියාම හිතයි මිනිමරලත් බුදු වෙන්න පුළුවන් කියල.

    ReplyDelete
    Replies
    1. බුදු හාමුදුරුවන්ට අවුරුදු 6 දුක් විදින්න වුනෙත්,ගල් පෙරලුවෙන්,සුව නොවෙන හිසේ කැක්කුමත් තිබුනෙත්,ලේ අතීසාරය වැලඳුනෙන් පෙර අකුසල් නිසා වේ!

      Delete
    2. @ කස්ස

      ඒ වගේමයි බුදුවෙන්නට යන අවස්ථාවේ මාරයේ බෝසතාණන් වහන්සේගේ ශ්‍රී මුඛය දැක පලා නොගියේත්, වේරංජාවේදී යව ආහාරයට ගැනීමට සිදුවුනේත්, කොන්දේ ආබාධයක් බුදුන් වහන්සේට තිබුණේත් පෙර අකුසල් නිසා

      Delete
    3. පිරිනිවන් පානා තෙක්ම වරින් වර සෑදුනු හිසෙ කැක්කුම ගැන කතාව මම අහලා තියෙන්නෙ මෙහෙමයි.

      දවසක් ගගක් අසබඩ ගසක් සෙවනේ විවෙක සුවයෙන් ඉන්නා වෙලාවක, ඒ අසබඩ දැලක් දාලා පිරිසක් මසුන් අල්ලනවලු. ගසයට සිටි මේ පුද්ගලයා ඒ දිහා බලාගෙන ඉදලා හිතුවලු අදනම් මාලු වෙනදට වඩා දැලට අහුවෙලා කියලා. ඒ වගේම දැලට මාලු ගොඩක් අවුවෙලාලු. කෙලින් ම පාප කර්මයක් නොකලත් අර සිතුවිල්ල නිසා පව අනුමෝදන් වුනාලු. ඒකලු හිසේ කැක්කුම තිබුනෙ.

      මේ ගැන සවිස්තරව හසිතට වෙනම ලිපියක් උනත් දාන්න පුලුවන් නම් මම කැමතියි.

      Delete
    4. @ බුද්ධි

      හිසේ කැක්කුමට හේතුව පෙර භවයකදී මාලු බාන මිනිහෙක් අසලින් යද්දී බිලී කොක්කේ ඇමිණුනු මාලුවා විඳින වේදනාව දැකලා සිනා පහළ කල නිසා කියලා මම අහලා තියෙනවා.

      බුදු හාමුදුරුවන්ට වැලදිලා තිබුණු ලේ අතීසාර රෝගය, කොන්දේ ආබාධය, දෙව්දතුන්ගේ ගල් පෙරලීමෙන් වුණු තුවාලය, පිරිනිවන් පෑමට වඩින ගමනේදී පැන් පිපාසාවට පත්වන්නට සිදුවීම, බුද්ධත්වයට පෙර මාරයා ශ්‍රී මුඛය දැක පලා නොයෑම, වේරංජාවේදී යව වැළඳීමට සිදුවීම, වසර 6 ක් දුෂ්කර ක්‍රියා කරන්නට සිදුවීම වගේ කරුණුවලට පෙර භවයන්හි අකුසලයන් හේතුවුනා කියලා තමා කියවෙන්නේ.

      ස්තුතියි අයියට අලුත් සටහනකට මාතෘකාවක් මතක් කළාට. කරුණු සොයාගත් සැණින් මේ ගැන ලියන්නම්

      Delete
  44. @ Anonymous July 20, 2012 7:02 PM

    බෝධිසත්ව භවයන් තුළ පෙරුම් පුරන බෝධිසත්වයන් අතින් වැරදි වෙන්න පුලුවන්. මොකද බෝසත්වරුන් කියන්නේ බුද්ධත්වයට පත්වන්න පෙරුම් පුරන අය විනා බුදුවරු නොවන නිසා. බුදුවරුන් අතින් වරද සිදුවන්නේ නහැ.

    බෝසත් කාලයේ සිදුවූ අකුසලයන් බුදුවන භවයේ පවා ඵලදෙන්න පුලුවන්. බුදුන් වහන්සේට ඇතිවුණු සමහර සිද්ධි සහ සමහර රෝගාබාධවලින් ඒ බව කියාපානවා.

    "මේ වගේ අදහස් මේවා අහල නැති අයගේ ඔලුවට ගියාම හිතයි මිනිමරලත් බුදු වෙන්න පුළුවන් කියල" මේ කතාව නම් ටිකක් ගැටලු සහගතයි.

    එහෙම බලද්දී මිනීමරුවන්ට බුදුවන්නට බැරිද කියන ගැටලුව වෙනවා.

    මොකද තමන්ගේ දෙමාපියන් ඝාතනය කළ තරුණයෙක් බුදුන් කාලයේ ඉපිද මුගලන් නමින් පැවිදිව අරහන්ත බුද්ධ තත්වයට පත්වූවා පමණක් නෙමේ අගසව් තනතුරකට පවා පත්වුනා. ඒ වගේමයි බුදුන් සමයේ මිනිසුන් 1000 කටත් වඩා පිරිසක් මරාදාපු අංගුලිමාල පැවිදි වෙලා අරහන්ත බුද්ධ තත්වයට පත්වුණා.

    ඒක නිසා බෝසත්වරුන් අතින් පවා වැරදි සිදුවිය හැකියි. [බෝසත්වරුන් අතින් ප්‍රාණඝාතය සිදුවන්නේ නැහැ කියලා නම් මම දන්නේ නැහැ. ඒ ගැන මම සොයා බලන්නම්] ඒත් ඒක වැරැද්දක් කියලා අවබෝධ කරගන්නවා නම් විමුක්තිය සෙවීම උගහට නැහැ...

    ReplyDelete
  45. @ nalaka 15, Anonymous July 20, 2012 7:02 PM

    මට තේමිය කුමාරයාගේ කතාව මතක් වුනා. ඒකේ විදිහට නම් බෝසතාණෝ අපාගාමීත් වෙලා තියෙනවා...

    "ඒ රාජකුමාර තෙම මම මේ රජගෙට කොතැන්හි සිට ආයෙම්දැයි ජාතිස්මරණ ඥාණයෙන් බලනුයේ දිව්‍ය ලෝකයෙහි සිට ආබව දැන එයින් ඈතත් බලනුයේ නරකයෙහි පැසුනුබව දුටුයේය. එයිනුත් ඈත බලනුයේ එම නුවර රාජ්‍යය කළබව දුටුයේය. තුමුදු විසිවසරක් රාජ්‍ය කොට එකල්හි සිද්ධවූ අකුශල යෙන් අසුදහසක් අවුරුදු නරකයෙහි පැසුනෙමි"

    ඒක නිසා කලින් මම කිව්ව විදිහට මම නම් හිතන්නේ බෝසත්වරුන් අතින් වැරදි වෙන්න පුලුවන්. මොකද බෝසත්වරුන් කියන්නේ පාරමිතා පූරනය කරමින් ඉන්න එහෙමත් නැත්නම් බුද්ධකාරක ධර්ම හදාරන පුද්ගලයන් නිසා

    ReplyDelete
    Replies
    1. හසිත , බුදුවරයෙකු අතින් නියත විවරණ ලැබීමෙන් පසු (එනම් අනාගතයේදී අනිවා බුදු වෙන බවට ගැරන්ටියක් ලැබුණු පසු : ) ) ඒ මහා බෝධිසත්වයන් තිරිසන් නිරයෙන් පහලට නොවැටෙන බව සඳහන්. එසේනම් තේමිය ජාතකයේ විස්තර වන තේමිය කුමාරයන් සිට ඇත්තේ , නියත විවරණ ලැබීමට පෙර එයට පෙර අනියතව පාරමී පිරු විසි අසන්ක්‍ය කාලයේදී විය යුතුයි. එසේ නම් තර්කානුකුලව නියත විවරණ ලැබීමට පෙර බෝසතුන් විසින් නිරය ගාමී වන ලොකු ලොකු අකුසල්ද කල ඇති බව සිතා ගත හැකියි...
      බුද්ධියේ විමසුමට...

      Delete
    2. @ Tiraj Adikari

      අනිවාර්යයෙන්ම අයියා. ඒ ගැන බුද්ධිමත්ව විමසන්න ඕනේ. ඒ ගමන්ම ගුණානන්ද හාමුදුරුවන්ගේ කතාවේ මේ කොටස ගැනත් මතක තියාගන්න ඕනේ.

      "බුද්ධාගම්කාරයෝ වන අපි සරණ යන්නේ අදහන්නේ වඳින්නේ පුදන්නේ බුදුන්ටය. බෝධිසත්වයන් සරණයාමක් අපේ නැත"

      Delete
  46. *
    මේ අන්තිම හරියේ කොමෙන්ට් ගැනයි. බෝධිසත්ව භවයක ප්‍රාණගාත අකුසල කෙරෙන්නේ නෑ කියල කියවෙන තැනත් අපට කියන්න. නැත්තන් ඕව නිකන් සමහර මූලධර්මවාදී කතා වගෙයි. මම සරලව තේරුම් අරන්තියෙන විධියට නම් බුද්ධාගමේ හැටියට චේතනාන්විතව කරන වැරදි වැඩවලට විපාක ලැබුනම ඒක එතනින් ඉවරයි. හොඳ වැඩ (පින්) කරලා පව් පලදීම වලක්වන්න බෑ වගේම, පව් කිරීමෙන් වෙනත් පින් නිශේධ වෙන්නෙත් නෑ.

    මම නම් මේ කතාව කාලෙකට ඉස්සරත් අහල තිබුන. ඒ ඇහුවෙත් 'දකින සියලුම පිරිමින් කඩුවෙන් කපා මරා දැමුවා' කියල තමයි. බුද්ධාගමේ අය මේ කතාව අහල නෑ කිව්වම කනගාටුයි. ඉතින් එහෙම සමාජයකට මේ දැනුම ගෙනයන ඒක ගැන අපි හසිතට ස්තුතිවන්ත වෙන්නයි ඕන.

    ReplyDelete
    Replies
    1. @ Mundeer

      ස්තුති ඔබේ අදහස් දැක්වීමට. ඔබේ අදහස්වලට තවත් සවියක් විදිහට ටිරාජ් අධිකාරීගේ පිලීතුරත්, මම එකතු කරපු මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ ප්‍රකාශයත් ගන්න පුලුවන් වේවි

      Delete
  47. මේ පිරිමි මරපු කතාව දවසක් මම කියෙව්වා බුදු සරණ පත්තරේ තිබිලා....

    ReplyDelete
    Replies
    1. @ අනූ

      එහෙම නම් බුදුසරන පත්තරේත් තිබුනේ මිනිස්සු මැරුවා කියලා........

      Delete
  48. කලින් අහපු නැති කතාවක්. වටිනවා

    ReplyDelete
    Replies
    1. @ කසුන්

      අපි තව වටිනා දේවල් ඉස්සරහටත් දෙනවා :)

      Delete
  49. මම දන්නා විදිහට බෝදිසත්වයන් වහන්සේ කෙනෙක්ගෙන් බොරුකීම හැර අනෙක් පව් සිදුවිය හැකියි... රේරුකාන හාමුදුරුවන්ගේ පොතකින් තමයි මම එය කියෙව්වේ මට මතක හැටියට. ඒක හරියටම හොයල reply එකක් දාන්නම්.
    මම මේ ජාතක කතාව කලින් අහල හෝ කියවල තිබුනෙත් මිනිසුන් මැරූ බවයි ...
    එත් මේ ජාතක කතාවෙන් දෙන පණිවිඩයට ඒක එච්චරම ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ නේද?
    සමහර ජාතක කතා වගේම ලෝකේ ආරම්බයත් පිටසක්වල ගැනත් ලෝක විනාශය ගැනත් කියල තියන දේවල් දන්නේ බොහොම ටික දෙනයි මම හිතන්නේ.. පුලුවන්න්නම් ඒ ගැනත් ලියන්න :)

    ඇත්තටම ඉස්කෝලේ උගන්වන බුද්ධාගම syllabus එකනම් හරිම අවුල්.. ගොඩක් වැදගත් දේවල් එකේ නැහැ...

    ReplyDelete
    Replies
    1. @ සඳ තරු නිහඩයි

      ස්තුතියි ඔබටත් වටිනා කියන කරුණු ටිකක් එකතු කළාට.. ජාතක කතා සම්බන්ධ ඔබේ අදහසට එකඟයි. ජාතක කතාවක් කියවද්දී අපි ඒකේ සත්‍ය අසත්‍යතාව බලන්න උත්සහ කරනවාට වඩා ඒකෙන් කියන්න හදන ආදර්ශය සම්බන්ධව අවදානය යොමු කරන එක වටිනවා.

      ලෝකේ ආරම්භය ගැන කියලා තියෙන දේ කියලා ඔයා අදහස් කළේ දීඝ නිකායේ අගඤ්ඤ සූත්‍රයේ එන කාරණේ කියලා හිතනවා. ඒ ගැනත් ලිව්වොත් හොඳයි කියලා හිතෙනවා. ස්තුතියි අලුත් මාතෘකාවක් මතක් කළාට.

      ඉස්කෝලේ බුද්ධාගම කියලා උගන්වන්නේ සතියටම විනාඩි 80 යිනේ. ඒකෙත් එක්කෝ ගුරුවරයෙක් නැහැ. එහෙමත් නැත්නම් එන ගුරුවරයා මොකක් හරි වෙන විෂයක් කරන කෙනෙක්. බුද්ධාගම කරන්න කවුරුත් නැති නිසා එයාව ඒකට දාලා.

      අනික් කාරනේ තමා ඒ සිලබස් එකේ තියෙන්නේ යහපත් ජීවිතයකට බුදු දහමින් කියාදෙන දේවල් මිස ගැඹුරු දහම් කරුණු නොවෙන එක. පාසලේ තියෙන කාලයත් එක්ක එහෙම නොකරත් බැහැ ඉතින්

      Delete
    2. ආ මම කීවේ ගැඹුරු දහම් කරුණු සිලබස් එකට දන්නා ඕනේ කියල නෙමෙයි.. :) මිනිස්සු හැසිරෙන විදිහ සහ බුද්ධාගම ගැන දන්න තරම දැක්කම ඇත්තටම හිතෙන්නේ නැද්ද මොකක්හරි අවුලක් තියනවා කියල අපිට උගන්නපු දේවල් වල.. මට මතක විදිහට ඒ දවස් වල ඉස්කෝලේ කරේ සුත්‍ර කටපාඩම් කරවන එකනේ :)

      Delete
    3. @ සඳ තරු නිහඩයි

      ඒක හරි. සූත්‍ර කටපාඩම් කරවීම නෙමේ බුද්ධ ධර්මය කියන්නේ. ඔතැන කටපාඩම් කිරීම කියන එකත් ගැටළුවක්. ඒ කටපාඩම් කරන්නේ ඒ ගැන අවබෝධයෙන් නම් ගැටළුවක් නැහැ.

      ඒත් ගිරවා වගේ කියවනවා නම් වැඩක් තියේද ? ඒක නිසාම තමා පොඩි කාලේ [තාමත් එහෙමද මන්දා] කරණීයමෙත්ත සූත්‍රයේ "සල්ලහුකවුත්ති" කියන්නේ පොඩි හිනාවක් යන්නේ :D

      උගන්නන්නන් වාලේ ඉගැන්නිල්ලක් වුණු නිසාත් සිදුහත් කුමාරයාගේ තාත්තා සුද්ධෝදන රජතුමා අම්මා මහාමායා දේවිය කියන එක වගේ ජාති වැඩියෙන් උගන්වන්න ගිය එකේ ප්‍රතිඵල තමා මේ පේන්න තියෙන්නේ.....

      Delete
    4. අද උදේ සිරස ටීවී එකේ මාවරල්ලේ භද්දිය හාමුදුරුවෝ සච්ච පාරමිතාව ගැන කතා කරද්දීත් කියපු දෙයක් තමයි බෝදිසත්වයෝ අතින් බොරු කීම හැර අනෙක් පන්සිල් සමහර බෝසත් අත්මවලදී කැඩී ඇති බව..
      මේ බව රේරුකානේ හාමුදුරුවන්ගේ පාරමිතා ප්‍රකරණය කියන පොතේ සච්ච පාරමිතාව යටතේ සදහන් කර ඇත්තේ එය හාරිත ජාතක අටුවාවෙහි සදහන්ව ඇති ලෙසටයි...
      පහත ලින්ක් එකෙන් මේ පොත් ලබා ගත හැක.
      http://ogatharana.org/

      Delete
    5. @ සඳ තරු නිහඩයි

      බොහොම පිං අන්ධ භක්තියෙන් අපේ අයව ඈත් කරන්න මේ කරුණු දක්වන්න එකතු වුණාට :)

      Delete
  50. අන්ධ භක්තිය වෙනුවට යතා ස්වරුපය අවබෝධ කරගැනීමට ඉවහල්වෙන බොහොමයක් කරුණු හැසිතගේත් අදිකාරිගේත් සටහන් වලින් ගන්න පුළුවන්.. ඔබලාට බොහෝ පින් මේ කරුණු එක්තැන් කර ලිවීම වෙනුවෙන්..

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      අන්ධ භක්තිය සමහර විට හැමදේටම වඩා හානිකර දායකයි. උපාසක අම්මා ඉදල හාමුදුරුවන්ගේ ඇඟට හේත්තු කරලා වැන්දා කියන්නේ ඔය වගේ දේවල් නිසා තමා. ඔබේ පිනත් අනුමෝදන් කරගන්නවා :)

      Delete
  51. ඕවා ලියලා තියෙන්නේ දෙමෙල්ලු ,තේමිය ඉන්දියන් දෙමළෙක් නොවේ හෙළ නායකයෙක්

    ReplyDelete
  52. රාජ් ගේ බ්ලොග් එකේ නැඳුන්ගමුවේ ඇතාට ලින්ගික ක්‍රියා තහනම් කරපු එක ගැන ලියපු ලිපියකට මම මේ කතාව ලාවට මතකයි කියලා කොමෙන්ට් කලාම DDT මේ ලින්ක් එක දාලා තිබ්බා මල්ලී.
    බොහෝම ස්තූතියි ඔයාට

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................