Sunday, July 29, 2012

රජු මරන්නට උපක්‍රම කළ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ ??? - ඉතිහාසයේ අප්‍රකට කතා 13

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

කන්ද උඩරට රාජධානි සමයේ මැද භාගයට එද්දී ක්‍රමයෙන් භික්ෂු ශාසනය පිරිහිලා තිබුණේ. කොපමණ පිරිහුණු තත්වයකට භික්ෂු සමාජය පත්වෙලා තිබුණාද කියනවා නම් උපසම්පදා භික්ෂූන් වහන්සේලා සොයාගැනීමට පවා අපහසු වුණා. 

උපසම්පදා භික්ෂු වහන්සේලා නැහැ කියන්නේ මාසිකව සිදුවෙන පොහොය කිරීම වගේ දේවල් සිදු නොවෙන එක. ඒ වගේමයි නවක භික්ෂූන් නිසි මග යවන්න දැනමුතුකම් දෙන්න කවුරුත් නැති වෙන එක. ඒ වගේමයි සමහර භික්ෂූන් ඒ කාලේ දිසාවේ පදවි පවා දරලා තිබෙනවා.

ඉතින් ඒ වගේ කාල පරිච්ඡේදයක තමා ශ්‍රී විජය රාජසිංහ රජතුමා ඇවෑමෙන් එතුමාගේ අග බිසවගේ සොහොයුරා වුණු කීර්ති ශ්‍රී රාජසිංහ 1747 දී රාජ්‍යත්වයට පත්වෙන්නේ. 

උපතින් හින්දු ආගමිකයෙක් වුණත් පස්සේ කාලෙක බුදු දහම වැළැඳගත්තු මේ රජතුමා ඒ වෙනකොට බුද්ධ ශාසනය පත්වෙලා තිබුණු පරිහානිකර තත්වය තේරුම් අරගෙන ඒකට පිළියම් යොදන්න පටන් ගත්තා. 

 සියම් රට

ඒ අනුව වැලිවිට සරණංකර සාමණේරයන්ගේ උපදෙස් පරිදි 1750 දී විල්බාගෙදරරාලගේ නායකත්වයෙන් දූත පිරිසක් සියම් රටට යවලා සියම් රටෙන් උපසම්පදා විනය කර්මය සිදුකරන්න භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් මෙරටට වැඩම කරවනවා. 

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්

උපාලි මහ තෙරුන් ප්‍රමුඛ සියම් රටෙන් වැඩම කළ මහ තෙරවරුන්ගේ ප්‍රධානත්වයෙන් 1753 ඇසළ පොහොය දිනයේදී ලංකාවේ නැවත වරක් උපසම්පදා විනය කර්මය සිදු කරනවා. ඒ යටතේ වැලිවිට සරණංකර සාමණේරයන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා සිය ගණනක් උපසම්පදාව ලබාගන්නවා.

ඉතින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාත් සරණංකර හිමියන්ගේ ඉටු කරපු කාර්යය අගය කරන්න වගේම ලංකාවේ භික්ෂූන් වහන්සේලා පාලනය කරන්න සංඝරාජ පදවිය සරණංකර හිමියන්ට පිරිනමනවා. ඒ වගේමයි ඊට පස්සෙත් සංඝරාජ හිමියන්ගේ උපදෙස් පරිදි වෙහෙර විහාර රාශියක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පිළිසකර කරවනවා

සංඝරාජ පදවිය සරණංකර හිමියන්ට පිරිනැමීම

අද කතාවත් එක්ක සම්බන්ධ වෙන  කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා බුදු සමය වැළඳගෙන  හිටියත් තමන්ගේ මුල් ආගම වුණු හින්දු ආගමේ චාරිත්‍ර අත්හැරිය බවක් පේන්න තිබුණේ නැහැ.

ඒක ඉතා හොඳින් අනික් අයටත් දැකගන්න පුලුවන් වුණේ රජතුමා සිරිත් පරිදි දිනපතාම ශුද්ධ වූ අළු ආලේප කරගෙන රාජ සභාවට පැමිණෙන එකෙන්. මේ සම්බන්ධව සරණංකර සංඝරාජ හාමුදුරුවෝ කීප වරක්ම රජතුමාට අවවාද කරපු බවත් කියවෙනවා.

රජතුමාත් නළලේ අළු ගාගෙන ඉන්න ඇත්තේ මේ විදිහට වෙන්න ඇති

මේ විදිහට රජතුමා හින්දු චාරිත්‍රවලට ඇබ්බැහි වුණු නිසා රජතුමාට විරුද්ධව රජතුමා මරා දමන්න  කුමන්ත්‍රණය කෙරුණු බව තමා ශාසනාවතීර්ණ වර්ණනාව කෘතිය කියන්නේ. අවසන් ප්‍රතිඵලය වුණේ 1760 දී රජතුමා මරා දැමීමට කුමන්ත්‍රණය දියත් වුණු එක.

මේ කුමන්ත්‍රණයේ මූලිකයා වුණේ  රජතුමාගේ දෙවෙනි  අදිකාරම්වරයා වුණු සමනක්කොඩි. මෙවැනි කුමන්ත්‍රණයක් කරන්න ඔහු පෙළඹුනේ ශ්‍රී විජය රාජසිංහ රජතුමා කාලයේ ඔහුට තිබුණු බලය හා පිළිගැනීම කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේදී නොතිබුණු නිසා.
 
ඒ හැරෙන්න රජතුමාගේ බත් වඩන නිලමේ වුණු මොලදණ්ඩේත් කුමන්ත්‍රණයේ මූලිකයෙක්. කුමන්ත්‍රණකරුවන්ගේ සැලැස්ම වුණේ රජතුමාව මරා දාලා ඒ වෙද්දී සියමෙන් කන්ද උඩරටට උපසම්පදාව පිහිටුවන්න ආපු භික්ෂු කණ්ඩායමක පැවිදි වෙලා හිටිය සියම් රාජ කුමාරයෙක්ව රාජ්‍යත්වයට පත් කරන එක. 

රජතුමාව මරා දමන සැලැස්ම ක්‍රියාත්මක වුණේ මේ විදිහට. ඒ වෙද්දී සියමෙන් කන්ද උඩරටට වැඩම කරලා හිටිය විදර්ශනාචාරී භික්ෂූන් වහන්සේ නමක්ගේ මල්වතු විහාරයේ පැවැත්වෙන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න එන්න කියලා මේ කුමන්ත්‍රණයේම කොටස් කරුවන් වුණු මල්වතු පාර්ශවයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් රජතුමාට ආරාධනා කළා.

 මල්වතු මහා විහාරය

රජතුමා ධර්ම දේශනාවට පැමිණිලා වාඩිවෙන අසුන යට බොරු වළක් කපලා උල් සවිකරන්න කුමන්ත්‍රණකාරී රදළ පිරිස කටයුතු කළා. රජතුමා බොරු වළට වැටුණාම රජතුමාත් එක්කම වළ පස් දාලා වහන්න තමා ඔවුන් සැලසුම් කරගෙන හිටියේ.

මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් වුණු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හිමියන්වත් මේ කුමන්ත්‍රණයට සම්බන්ධ කරගන්න කුමන්ත්‍රණකරුවන්ට පුලුවන් වුණා. ඒක අපහසු නොවෙන්නේ  කුමන්ත්‍රණයේ මූලිකයා වුණු සමනක්කොඩි අදිකාරම් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හාමුදුරුවන්ගේ ඥාති සහෝදරයෙක් වුණු නිසා. මල්වතු මහ නාහිමියන් හරහා මේ කුමන්ත්‍රණය ගැන සරණංකර සංඝරාජ හාමුදුරුවන්වත් දැනුවත් කරන්න ඇතියි කියලා විශ්වාස කරන්න පුලුවන්

ඒත් මේ සැලැස්ම අස්ගිරි විහාරයේ හිටිය යටවත්තේ නම් භික්ෂූන් වහන්සේට දැනගන්න ලැබුණා . උන්වහන්සේ කළේ මේ ගැන රජ ගෙදර හිටිය ගෝපාල මුදියන්සේ කියන රජතුමාට හිතවත් නිලධාරියාට දැනුම් දීපු එක. පස්සේ ගෝපාල මුදියන්සේ හරහා මේ ගැන රජතුමාටත් ආරංචි වෙනවා.

රජතුමා කිසිම වෙනසක් පෙන්නන්නේ නැතුව ධර්ම දේශනා පිංකමට සහභාගි වුණා. ඒත් තමන්ට වාඩි වෙන්න සකස් කරලා තිබුණු ආසනයේ වාඩි නොවුණු රජතුමා හිටගෙනම ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ධර්මාසනාරූඪ හාමුදුරුවන්ට පිරිකරත් පූජා කලා. පස්සේ තමන්ගේ අතේ තිබුණු ජය කොන්තයෙන් වාඩිවෙන්න සකස් කරලා තිබුණු පුටුවට ඇන්න ගමන් පුටුවත් කඩාගෙන වැටිලා බොරු වළ පේන්න වුණා. යකඩ උල් ගලවලා වළ පස් දාලා වහන්න කියලා නියම කරපු රජතුමා මාළිගාවට පිටත් වුණා

තමන්ට ලැබුණු ආරංචියේ සත්‍යතාව ඒ විදිහට දැනගත්තු රජතුමා මාළිගාවට පිටත් වෙලා සරණංකර සංඝරාජ හිමියන්වත් මල්වතු පාර්ශවයේ මහානායක හිමියන්වත් කුමන්ත්‍රණයට සම්බන්ධ රදළයන්වත් තමා හමුවට ගෙන්නුවා.

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්

ඉස්සෙල්ලාම රජතුමා සංඝරාජ හාමුදුරුවන්ගෙන් ඇහුවා "මොකක්ද ඒ අමුතු පිංකම ?" (රජතුමා මරන්න කරපු කුමන්ත්‍රණය) කියලා. ඒත් සංඝරාජ හාමුදුරුවෝ නිහඬවම තමා ඉන්නේ.

රජතුමා නැවත නැවත නැවතත් ප්‍රශ්න කරන නිසා අන්තිමට සංඝරාජ හාමුදුරුවෝ පිළිගන්නවා තමන් ඒ අමුතු පිංකම ගැන කලින්  දැනගෙන හිටියා කියලා.

කෝපයට පත්වෙන රජතුමා ඊළඟට  අහනවා "එහෙම නම් ඇයි මට ඒ ගැන කලින් නොදැන්නුවේ ?" කියලා.

ඒ වෙලාවේ වහන්සේගේ අතේ ඇඟිල්ලක් පෙන්වලා සංඝරාජ හාමුදුරුවෝ කියනවා "දේවයන් වහන්ස, මගේ මේ ඇඟිල්ලේ නියපිරිත්තාවට බෙහෙත් නොකරන්නේ මෙහි ඉන්න පණුවා මැරෙන නිසා. මම ඒතරම්ම පර පණ නසන්නට බිය ඇත්තෙමි. ඉදින් මම මේ සිද්ධිය ගැන ඔබට කිව්වා නම් ජීවිත කීයක් වැනසෙන්න තිබුණාද?" කියලා.

පස්සේ රජතුමා අහනවා "එහෙම නම් මම මැරුණොත් හොඳද?" කියලා

ඒකට සරණංකර හාමුදුරුවෝ කියන්නේ "නොකී නිසා එයට මට වැරැද්දක් නැහැ" කියලා

රජතුමා ආයි අහනවා එවිට "තමුන්නාන්සේගේ ගෝලයන්ට හොඳද?" කියලා.

සංඝරාජ හාමුදුරුවෝ නිහඬවම හිටිය නිසා හුඟක් කෝපයට පත්වෙන රජතුමා අන්තිමට කියනවා "වැලිවිට කණා සස්නේ වවනවා යැයි කියලා ලෝක ශාසන දෙකම නසාපි" කියලා.

මෙතනදී සංඝරාජ හාමුදුරුවන්ට "වැලිවිට කණා" කියලා රජතුමා කියන්නේ ඒ වෙද්දී සංඝරාජ හාමුදුරුවන්ගේ එක් ඇසක පෙනීමේ තිබුණු දෝෂයක් නිසා

අවසානයේදී සංඝරාජ හිමියන්ව දුම්බර ප්‍රදේශයේත් මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් වුණු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හිමියන්ව කුරුණෑගලත් හිර කරලා තියන්න රජතුමා නියෝග කරනවා. මේ සිද්ධියට මූලිකයා වුණු සමනක්කොඩි අදිකාරම්ව හිස ගසා මරා දමන්නත් මේකට සම්බන්ධ වුණු මොලදණ්ඩේ  නිළමේ ප්‍රමුඛ අනෙක් රදළයන්ව උල තබා මරා දමන්නත් රජතුමා නියෝග කරනවා.

සමනක්කොඩිගෙන් මරාදැමීමෙන් හිස්වුණු දෙවෙනි අදිකාරම් තනතුරට පිළිමතලව්වේ පත් කරන්නත් රජතුමා කටයුතු කරනවා.

ඒ වගේමයි තමන්ගේ ජීවිතය බේරාදුන්නු ගෝපාල මුදලිට මොලදණ්ඩේ  නිළමේ සතුවුණු ඉඩකඩම් පවරා දෙන්නත් රජතුමා කටයුතු කරනවා. ඒ බව 1760 දී රජතුමා වෛද්‍යතිලක රාජකරුණා ගෝපාල මුදලිට ප්‍රදානය කරපු ගැටබේරිය සන්නසේ සඳහන් වෙනවා.

සන්නසේ මේ ප්‍රදානයට හේතුව දක්වලා තියෙන කොටසේ මෙහෙම තියෙනවා. "අපක්ෂ අජිරමාන වූ හනුමන් කොඩි පෙරළියා මුල් ව කරන්නට සැදු පෙරළිය" [හනුමන් කොඩි කියන්නේත් සමනක්කොඩි අදිකාරමට]

මේ ගෝපාල මුදලි ගැනත් යමක් කිව්වොත් ගැටබේරිය ප්‍රදේශයේ පදිංචි වෙලා හිටිය මුස්ලිම්  මනුස්සයෙක් වුණු මෙයා අග බිසවට තිබුණු උදරාබාධයකට සාර්ථකව ප්‍රතිකාර කරපු නිසා විරුද නාමයත් එක්ක බෙහෙත් ගෙයි මුහන්දිරම් ධූරයට රජතුමා විසින් පත් කරලා තිබුණා.

ඒ හැරෙන්න මේ කුමන්ත්‍රණයට සම්බන්ධ වුණු සියම් භික්ෂූන්ටත් දඬුවම් කරන්න රජතුමා තීරණය කළත් මීගස්තැන්නේ නිළමේගේ ඉල්ලීම නිසා රජතුමා දඬුවමක් ක්‍රියාත්මක කරන්නේ නැතිව ඒ භික්ෂූන්ව මහනුවරින් පිටුවහල් කරවනවා. සියම් රාජ කුමාරයාව සියම් රටට පිටුවහල් කරන්න ලන්දේසීන්ටත් භාර කරනවා.

නැවත වරක් සංඝරාජ හාමුදුරුවන්ට මහනුවරට කැඳවන්නේ සන්නාසියෙක් ඇවිත් කියපු ගාථාවේ තේරුම වටහා ගන්න රජතුමා ඇතුළු රාජ සභාවේ කාටවත් බැරිවුණු නිසා. සංඝරාජ හාමුදුරුවෝ ගාථාවේ අර්ථය පැහැදිලි කිරීමත් එක්ක සතුටට පත්වෙන රජතුමා තමන් අතින් සිදුවුණු වැරැද්දට සංඝරාජ හිමියන්ගෙන් සමාව ගත්තු බවත් කියවෙනවා.

 සංඝරාජ පදවිය වෙනුවෙන් රජු විසින් සරණංකර හිමියන්ට පිරිනැමූ විජිනිපත

ඒ හැරෙන්න මේ කුමන්ත්‍රණයට මූලිකම හේතුව වුණේ තමන් නළලේ අළු ගෑම නිසා බව දැනගෙන රජතුමා ඒ සිරිත අත් හැරියා වගේම ඒ වෙනකම් අළු ගාලා පුස්කොල පොත් මැදීම පවා නවත්තලා කහවලින් පුස්කොළ පත් ඉරු මදින්න පටන් ගන්න කියලා උපදෙස් දුන් බවත් කියවෙනවා.

මේ කතාවත් එක්ක කියන්න ඕනේ වැදගත් තවත් කතාවක් තමා රජතුමාව ඝාතනය කරන්න භික්ෂූන් වහන්සේලා එකතු වීම වුණේ මේ මුල්ම පාරට නෙමේ කියන එක.

මීට කලින් අනුරාධපුර යුගයේදී කණිරජානු තිස්ස රජතුමා මැදිහත් වෙලා භික්ෂූන් වහන්සේලාගේ තිබුණු අර්බුදයක් විසඳනවා. ඒ තීන්දුව ගැන කළකිරුණු හාමුදුරුවරු පිරිසක් රජතුමාව පොහොය ගෙයි ඇතුළේදී මරන්න කුමන්ත්‍රණය කරනවා.

ඒත් මේ විදිහටම ඒක රජතුමාට ආරංචි වෙලා පස්සේ රජතුමා නඩු විභාග කරලා ඒකට සම්බන්ධ වුණු භික්ෂූන් වහන්සේලා 60 නමක් සෑගිරි පර්වතය පහළට තල්ලු කරලා මරා දමන්න නියම කරනවා. 

පැහැදිලියිනේ ඉතින්. ඉතිහාසයේ දේවල්ම තමා ආයි ආයි සිද්ධ වෙන්නේ...

වැලිවිට සරණංකාර සංඝරාජ කෞතුකාගාරය ගැන දැනගන්න මෙතනින් යන්න

මේ සටහන ලියන්න විස්තර හොයාගත්තේ කොටගම වාචිස්සර හිමියන් විසින් රචනා කළ සරණඞකර සඞඝරාජ සමය කෘතිය සහ ටිකිරි අබයසිංහ, ශ්‍රීමතී දේවරාජ සහ ජී.පී.වී. සෝමරත්න විසින් රචිත උඩරට රාජධානිය කෘතිය.

142 comments:

  1. වැදගත් ලිපියක් යාළුවා. අපේ අය මේ වගේ වැදගත් දේවල් බලනවා අඩුද කියලත් හිතෙනව.
    … ඔය කියන සංඝරාජ හාමුදුරුවෝ ද අර සුනඛයන්ට ආහාර දෙන්න ගිහින් මහා ඝෝෂාවක් ඇතිකලා කියන්නේ ?

    … ඔබට ජය...!

    ReplyDelete
    Replies
    1. @ Chandana

      බලු දානේ දෙන්න ගිහින් වුණු හුටපටේත් එක්ක වුණු සද්දේ මහ හයියෙන් මාළිගාවටත් ඇහෙද්දී කාරණා හොයලා බලද්දී විස්තරේ දැනගත්තු රජතුමා හිනාවෙවී කිව්වාලු "සංඝරාජ වුනත් ගම තුම්පනේ නොවැ" කියලා :D

      Delete
    2. හ්ම්ම් හ්ම්ම් ස්තුතියි දැනුවත් කලාට.

      Delete
  2. මේ රජවරු ටිකක් ඉඳගෙන කරලා තියන දේවල් කියලා වෙලාවකට හිතෙනවා.:)

    දළඳා මාලිගාව අවට දේවාල බිහිවෙන්ට ඇත්තේ මේ හින්දු ආගමික බලපෑම හන්දා වෙන්ට ඇති නේද?

    මහනුවර ආශ්‍රිත ගම්මානයක මුස්ලිම් භක්තිකයන්ට 'මුදියන්සේ' නාමය භාවිතා කිරීමට නිදහස ලැබුනේ මේ සිද්ධියෙන් පස්සේ වෙන්ට ඇති කියලා කතාව කීවාම හිතුනා.

    නිකමට හිතලා බලන්ට අර සියමෙන් ආපු කෙනෙක් රජකමට පත් උනා නම් එහෙම අපේ ඉතිහාසය කොච්චර නම් වෙනස් වෙන්ට තිබුනද?

    ඉතිහාසේ මේ වගේ කතා අහන්නේ ජීවිතයේ පලමු වරට. හසිතට ස්තූතියි මේ තතු බෙදාගන්නාවට.:)

    ReplyDelete
    Replies
    1. ඔය මුස්ලිම් ගොල්ල මුදියන්සේ වෙච්චි විදිය හොයන්න පුලුවන් ද?
      අපෙ පැත්තෙත් (රුවන්වල්ල කිට්ටුව ) ඉන්නවනේ මොහමඩ් මුදියන්සේ ලා

      Delete
    2. @ Podi Kumarihami

      දළදා මාළිගාව ඉදිරිපිට තියෙන සතර මහා දේවාලවලින් නාථ දේවාලය නම් දළදා මාළිගාව එතැන ඉදිකරන්නත් කලින් ඉදන් එතන තිබුණු එකක්. කොටින්ම ඒ වෙද්දී මහනුවර ස්ථීර රාජධානියක් වශයෙන් ආරම්භ වෙලාත් තිබුණේ නැහැ.

      අනෙක් දේවාල තුන නම් ක්‍රමයෙන් මහනුවර රාජධානි සමයේ ඉදිකරපුවා. බොහෝ වෙලාවට දකුණු ඉන්දියාවෙන් පැමිණි බිසෝවරුන්ගේ ආගමික කටයුතු සඳහා නාථ දේවාලය හැර කතරගම, පත්තිනි, විෂ්ණු දේවාල භාවිතා වුණා.

      මහනුවර සතර දේවාලය ගැන මෙතනත් විස්තරයක් තියෙනවා....

      http://sridaladamaligawa.lk/si/four-devale-sin

      ඒ මුස්ලිම් මනුස්සයා වගේම තවත් මුස්ලිම්වරුන් මහනුවර රජුන් යටතේ සේවය කරලා තියෙනවා. එක්කෝ මේ කතාවේ එන මුදලිගෙන් හරි එහෙමත් නැත්නම් රාජ සේවයේ යෙදුණු වෙනත් මුස්ලිම්වරයෙක්ගෙන් හරි ඔවුන් පැවත ගෙන එනවා වෙන්න ඕනේ...

      සියම් කුමාරයෙක් රජවුණා නම් කිව්වත් වගේ බලන්න තිබ්බා ඉතිහාසේ මොන විදිහට පෙරලෙයිද කියලා :D

      Delete
    3. @ boo pale

      එයාලා එක්කෝ මේ ගෝපාල මුදලිට සම්බන්ධයක් ඇති. එහෙමත් නැත්නම් වෙනත් ආකාරයකට රජතුමාගේ කරුණාවට පාත්‍ර වුණු අය වෙන්න ඇති. මොකද උඩරට රජතුමා ගාව තවත් මුස්ලිම්වරු, ජා, වැද්දෝ, පෘතුගීසී, කාපිරි, ප්‍රංශ වගේ හුඟක් ජාතිවලට අයිති අය ඉදලා තියෙනවා

      Delete
  3. නියමයි, ඔය ගැන කණින් කොනින් අහලා තිබුණට මේතරම් විස්තරයක් දැනගෙන හිටියෙ නැහැ...

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      කණින් කොනින් අහපුවා ඔන්න කන් පිරෙන්නම කිව්වා :D

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. වර්තමාන ශාසනපුනරැද්දීප්තියෙහි පුරෝගාමී උතුමන් වහන්සේ වශයෙන් බෝධිසත්ව ගුණෝපේත වැලිවිට පිණ්චපාතික අසරණ සරණ ශ්රී සරණංකර සංඝරාජ මාහිමියන් ලාංකීය ඉතිහාසය තුළ සදානුස්මරණීය වී තිබේ. උන්වහන්සේගෙන් ලක්බුදුසසුනට මෙන්ම ශබ්ද ශාස්ත්‍රයන්හි අභිවෘද්ධිය උදෙසා ද සිදුවූ සේවාව අතිමහත්ය.එසේම උන්වහන්සේගේ චරිතාපදානය මැනවින් අධ්‍යනය කිරීමේදී උන්වහන්සේ තුළ පැවති අසීමිත වූ ගුණ සමුදාය ද මනාව ප්‍රකට වේ. වත්පිළිවෙත් පූරණයෙන් හා ශික්ෂා රක්ෂණයෙන් අතිශය පරිහාණි තත්වයකට පත්ව පැවති තත්කාලීන සංඝ සමාජය අතිශයින් දුශ්ෂීල ශ්‍රමණ ප්‍රතිරූපකයන්ගෙන් පිරී පැවතිණි. එවන් සමයෙක ස්වෝත්සාහයෙන් විනය ශික්ෂාවන් පිළිබඳ අධ්‍යනය කොට පළමුව සංඝ සමාජය පිළිවෙතින් පුරවාලන්නට උන්වහන්සේ උත්සාහවත් වූහ. පිණ්ඩපාතාදී ධූතාංග පූරණයෙහි නියුක්ත වූ උන්වහන්සේ සෙස්සවුන් ද එ් සඳහා යොමුකරවාලූහ.තමන් වහන්සේගේ ජීවිතාවසානය දක්වාම උන්වහන්සේ පිණ්ඩපාතයෙන් යැපුණු බව චරිතාපදානයන්හි සඳහන් වේ.උන්වහන්සේගේ සිල්වත් බව පිළිබඳව මනාව පැහැදිලි වන එක් අවස්ථාවක් මෙසේ සඳහන් කළ හැකිය.
      සියමෙන් උපසම්පදාව රැගෙන මෙරටට වැඩි ප්‍රවර උපාලි මාහිමියන් පළමුව වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ හමුවණ අවස්ථාවේදී සිංහල ප්‍රධානීන් හට තමන්වහන්සේට සරණංකර සාමණේරයන් කවරෙකුදැයි හඳුන්වා නොදෙන ලෙසත් උන්වහන්සේගේ ගුණ කදම්භය පිළිබඳව සියමෙහි පවා පැතිර පවතින කීර්තිරාවය ශ්‍රවණය කිරීම නිසා තමන්වහන්සේ විසින්ම සරණංකර සාමණේරයන් කවරෙකුදැයි හඳුනාගත යුතුයැයි වදාරා සිංහල සාමණේර පිරිස වෙත වැඩමවා එහිදී සරණංකර සාමණේරයන් වෙත පැමිණ උන්වහන්සේ හඳුනාගෙන මහත් සතුටට පත්ව උන්වහන්සේගේ ශාසනික ක්‍රියාවන් පිළිබඳව ප්‍රශංසාභිමුඛයෙන් ස්තූති කොට වදාළ බව සංඝරාජ සාධු චරියාවෙහි මෙන්ම අනෙකුත් බොහෝ ග්‍රන්ථවලද සඳහන් වේ.
      සරණංකර මාහිමියන්ගේ ගුණවත් බව පිළිබඳව දැක්විය හැකි නිදසුන් අපමණය. තවද සංඝරාජ පදවිය පවා උන්වහන්සේ වෙත පත්කිරීම සඳහා කීර්ති ශ්‍රී රාජසිංහ රජුට උපදෙස් ලබා දුනනේද උපාලි හිමියන් ප්‍රමුඛ සියම් භික්ෂූන්ය.
      සැබැවින්ම සරණංකර මාහිමියන් අතින් යම්හෙයකින් ඉහත දැක්වූ උපසම්පදා පිහිටුවීමාදී ශාසනික කර්තව්‍යයන් සිදුනොවීද එහෙත් යට කී සිල්වත් බව හා ගුණවත් බව කරණකොටගෙන උන්වහන්සේ සැමගේ ගෞරවාදරයට පාත්‍රවීමට ඉඩ තිබිණ.
      එමතු ද නොව අදවන විට අප සැමදෙනා හටම බෞද්ධයන් ලෙස මෙසේ උජාරුවෙන් කථාබස් කිරීමට හැකියාව ලැබි ඇත්තේ වැලිවිට සරණංකර මාහිමියන්ට පින්සිදුවන්නට බව අප නිතර සිහිතබාගත යුතුය.එසේම උන්වහන්සේ එවන් වූ අන්ධකාර සමයෙක පහළ නොවුනානම් අද වන විට මෙලෙස බුදුසසුනක් හෝ භික්ෂු සමාජයක් මෙරට නොපවතින්නට ඉඩ තිබිණ.
      අද වන විට මෙලෙස උන්වහන්සේගේ සිල්වත් බව හා ගුණවත් බව පිළිබඳව අප සැකපහළ කරමින් විවිධාකාර විමර්ශනයන් කරන අතරතුර මෙරටට පැමිණෙන තායිලන්ත හෙවත් සියම් ජනයා උන්වහන්සේ වැඩසිටි මල්වතු මහා විහාරයීය ශ්‍රී සංඝරාජාරාමයට නොවරදවා පැමිණ වන්දනාමාන සිදුකරති. උන්වහන්සේගෙන් ඔවුනට සිදුවූ සේවාවක් දක්නට නොලැබේ. එහෙත් ඔවුහු උන්වහන්සේගේ සිල්වත් හා ගුණවත් බව සළකා අගයනු ලබති. එයට කදිම නිදසුනක් ලෙස පසුගිය වර්ෂයක මෙරටට පැමිණි සියම් රාජකීය කුමරිය පවා වැලිවිට සරණංකර මාහිමියන්ගේ පිළිරුවට මල්මිටක් පුදා තම කෘතවේදිත්වය දැක්වීම පෙන්වා දිය හැකිය.
      එහෙත් ඒ වෙනුවට උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසාම ලබාගත් ප්‍රතිඵලයන් විිඳිමින් ම උන්වහන්සේට විවිධාකාරයෙන් චෝදනා කරන්නටත් අතැමුන් උන්වහන්සේ වෙනුවට වෙනත් අයෙකු එම ස්ථානයෙහි සිටියේ නම් යැයි සිතන්නට පවා අකෘතඥ ව සිටිනු දැකීමත් මහත් අභාග්‍යයකි.
      එපමණක් නොව උන්වහන්සේගේ චරිත කථාව හෝ කියවා ඇත්තේ කීයෙන් කීදෙනාදැයි මෙහි දක්වා ඇති විවිධාකාර වූ අදහස් කියවීමේදී පැහැදිලි වේ.සබැවින්ම අප කණගාටු විය යුත්තේ කුමටදැයි හොඳින් වටහාගත යුතුය.

      Delete
    4. @ welivita saranankara

      මෙම ලිපිය සම්පාදනය කළේ සඟරජ හිමියන්ගෙන් සිදු වූ ශාසනික සමාජීය මෙහෙවර ගැන කථා කරන්න නෙමෙයිනේ හාමුදුරුවනේ. සඟරජ හිමියන් සම්බන්ධව සිදුවුණු අප්‍රකට කථාවක් ඉදිරිපත් කරන්න. ඒ වුණත් ආරම්භයේදී උන්වහන්සේ අතින් සිදු වූ මෙහෙවර සාරාංශයෙන් දක්වලා තියෙන්නේ.

      අනෙක් අතට සිදුවුණු සිද්ධියක් විස්තර කිරීමේ ඇති වරද කුමක් ද ?

      Delete
  4. "ඒ ව‍ෙ‍ග්මයි සමහර භික්ෂූන් ඒ කා‍ෙ‍ල් ຩසා‍ෙ‍໵ පද໶ පවා දරලා ති‍ෙබනවා."
    So, Bhikkus in politics is nothing new.

    ReplyDelete
    Replies
    1. yeah, but at that time it was really decaying. Do we consider its decaying now even?

      Delete
    2. Am assuming you mean the Buddha Saasana and not politics. Dunno about the former,not a Buddhist. I see it as far from the ideal. What do you think?

      The latter is definitely in constant rapid decay.

      Delete
    3. Yes. I meant about the Buddha Saasana. As even stated on this article, at those days it was decaying. But not rapidly as it is on now. :)

      For the latter part, as by looking at the things happening right now, yes, again its decaying although most of us still don't believe.

      Delete
    4. @ shammi

      ලාංකීය දේශපාලනය තුල භික්ෂුව කියන්නේ ප්‍රධාන සාධකයක්. බණ්ඩාරනායක මහත්තයාගේ පංච මහා බලවේගයේ එකක් වුනෙත් භික්ෂුව. ලංකාවට බුදු දහම ලැබුණා කියලා පිළිගන්න දෙවනපෑතිස් සමයේ ඉදන් ලංකාවේ බුදු දහම, භික්ෂුව සහ දේශපාලනය කියන්නේ සමාන්තර ක්ෂේත්‍ර විදිහටයි ගමන් කරලා තියෙන්නේ...

      භික්ෂුවගේ අනුමැතිය ලත් තැනැත්තාට තමා රජකම හම්බුණේ. පෙර සිරිත වෙන වැඩිමහල් කුමාරයාට රජකම දෙන්නේ නැතිව බාල කුමාරයාට රජකම අරන් දෙන්න තරම් බලයක් භික්ෂුවට තිබුණු බව සද්ධාතිස්ස රජතුමාගෙන් පස්සේ ලඤ්ජිතිස්සට හිමිවිය යුතු සිහසුන ථුලත්ථනට ලබාදීමෙන් පේනවා.

      ඒ වගේමයි මහා විජයබාහුගේ පුතාට හිමිවිය යුතු මාපා යුව රජකම පවා අහිමි කරන්න තරම් භික්ෂුව ප්‍රබල වෙලා හිටියේ...

      මේ කියවෙන මහනුවර යුගයේ උපසම්පදාව නැතිවී තිබුණු සමයේ "ගණින්නාන්සේලා" කියලා හඳුන්වපු භික්ෂූන්ගෙන් බොහෝ දෙනෙක් අඹු දරුවන් පෝෂණය කිරීම, රාජ දූතයන්, දිසාවේවරු, දේවාලවල බස්නායක, ඉඩම් හිමියන් විදිහටත් කටයුතු කරපු බව කියවෙනවා...

      Delete
    5. @ ක්සැන්ඩර් | Xander

      හරවත් කතාවකට මුල පුරලා තියෙන එක හොඳයි අයියා. ලංකාවේ බුදු දහම ස්ථාපනය වූ දා පටන් අද දක්වාම ඒක පැවත ගෙන එන්න ලාංකීය දේශපාලන තත්වය පාදක වුනා වගේම පිරිහීමටත් පාදක වෙලා තියෙනවා... දේශපාලනයෙන් මිදුණු ශාසනයකුයි අවශ්‍ය වෙන්නේ....

      Delete
    6. I suppose in those days the sangha would have been the most educated people in the kingdom. Just an advisory role would be what I would like to see from the sangha today.
      O! I didn't know about Vijayabahu the great's son.

      Delete
    7. @ shammi

      වර්තමානයේ දේශපාලනයට උවමනාවට වඩා ගැතිවෙන්න ගිය නිසාදෝ මහානායක හාමුදුරුවරුන්ට කරන්න වෙලා තියෙන්නේ සෙත් පතලා පිරිත් නූල් බඳින්නයි "සමඟියෙන් වැඩ කරන්න ඕනේ" කියලා හැමෝටම කියන්නයි විතරයි.

      මහා විජයබාහු රජතුමා මියයද්දී උපරාජ පදවිය උසුලන්නේ රජතුමාගේ සහෝදරයා වුණු ජයබාහු. ඈපා පදවිය [රෝහණයේ පාලකයා] උසුලන්නේ රජතුමාගේ පුතා වුණු වික්‍රමබාහු. පුබ්බ චාරිත්ත මග්ග එහෙමත් නැත්නම් පෙර සිරිත් මග අනුව විය යුතු වුණේ ජයබාහු රජු වීමත් උපරාජ තනතුරට වික්‍රමබාහු පත්වීමත්.

      මොකද ඒ කාලේ මූලාශ්‍රවල තියෙන්නේ "ඈපා මාපා සිරිවිඳ පිළිවෙලින් රජ පැමිණ" කියලා.

      ඒත් සිද්ධ වෙන්නේ මහා විජයබාහු රජතුමාගේ සහෝදරිය වුණු මිත්තා කුමරියගේ පුතා වුණු මානාභරණට උපරාජ තනතුර පවරන්න සංඝයා වහන්සේලා සහ මිත්තා කුමරිය කටයුතු කිරීම.

      පස්සේ ඉතින් වික්‍රමබාහු සේනා අරන් ඇවිත් පොළොන්නරුව අල්ලාගෙන රජ වෙනවා. මිත්තා කුමරිය ඇතුළු පිරිස රෝහණයට පලා ගිහින් එහේ රාජ්‍ය පිහිටුවා ගන්නවා. ඒ ව්‍යාකූල තත්වය පරාක්‍රමබාහු රජවෙනකම්ම පවතිනවා

      Delete
    8. I suppose in those days the sangha would have been the most educated people in the kingdom. Just an advisory role would be what I would like to see from the sangha today.
      O! I didn't know about Vijayabahu the great's son.

      Delete
    9. @ shammi

      ඉතිහාසය ආයි ආයි වෙනවා වගේ මොකද මේ කලින් කමෙන්ට් එකම ආයි පාරක් :D

      Delete
    10. Hey, just saw this. Didn't know I had repeated myself. Not sure what happened.
      Anyway, Thanks a lot for the explanation. Very interesting.
      You must be collecting a lot of merit for your next birht by educating us ignorants :) .

      Delete
    11. @ shammi

      සාදු සාදු. ඒ වගේ දෙයක් අහන්න ලැබුණු එක ගැනත් සතුටුයි :)

      Delete
  5. Replies
    1. @ Sri lanka Scouting Magazine

      ස්තුතියි. මේ බාලදක්ෂ ව්‍යාපාරයේ ආභාෂය තමා :D

      Delete
    2. නියමයි !! Scouting කරපු එකේ වටිනාකම තේරෙන්නේ ඉස්කෝලෙන් අයින්වෙලා ජොබ් එකක් කරන්න ගත්තදාට තමා !

      Delete
    3. @ චාමර

      අනිවාර්යයෙන්ම. ඒකෙන් ගත්තු අත්දැකීම්වල නියමම වටිනාකම තේරෙන්නේ මහ සමාජයට ආවට පස්සේ....

      Delete
  6. අපූරුයි සහෝ..:)

    ReplyDelete
    Replies
    1. @ හිරුහිමාවී

      ස්තුතියි හැමදාමත් දෙන හයියට :)

      Delete
  7. වැදගත් ලිපියක් සහෝ එක හුස්මට කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. @ බුද්ධිත ප්‍රනාන්දු

      හදිසියේම හුස්ම හිරවෙලා හුටපටයක් වුණොත් ඔන්න අපි නම් වගකියන්නේ නැහැ :D

      Delete
  8. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. මේ වගේ කතාවක් ඇහුවෙත් අදමයි.. :)
    විද්‍යුත් අටුවාවට මොකද උනේ ??

    ReplyDelete
    Replies
    1. @ මධුරංග

      ඊ අටුවාව තියෙනවා. අලුතින් මොකුත් ලියන්න නම් වුණේ නැහැ අයියා. ළඟදීම සටහනක් ලියවේවී

      Delete
  10. බොහොම පිං ...

    මේ කතාවනම් අහල තිබුනෙම නැහැ..

    ReplyDelete
    Replies
    1. @ රාමා

      අහලාම නැති තවත් කතා තව ඉදිරියට බලාපොරොත්තු වෙන්න :)

      Delete
  11. සුනෙත්‍රා රාජකරැනානයකගෙ " කව්කදුර " නවකතාව කියවන්න.හරිම ලස්සනට මෙ කතාව ලියලා තියනවා.

    ReplyDelete
    Replies
    1. @ Anonymous July 29, 2012 9:15 AM

      ස්තුතියි ඔත්තුව දුන්නාට. ඒක ඓතිහාසික කතාවක් පාදක කරගත්තු නවකතා පොතක්ද ??

      Delete
  12. මට හිතාගන්න බැරි ඇයි කොහෙවත් රටක එකෙකුව රජ කරවන්න හදන්නෙ කියලා.. මම හිතන්නෙ රූකඩ රජෙක් තබා ගෙන පාලනය රදළයින් අතේ තබාගන්න වෙන්නැති.. බුද්ධ ශාසනයට ලොකු සේවයක් කළ හාමුදුරුනමක් මේ වගේ දේකට යොමුවීම නම් අහන්නත් පුදුමයි.. අර කැළණි ගඟේ කිඹුල්ලුන්ට ගල් මතුරලා දාලා තියෙන්නෙත් මේ හාමුදුරුවොමද?

    උපසම්පදාව ගැන පොඩ්ඩක් දැනහිටියාට එතනදී සිද්ධවෙන්නේ මොකක්දැයි දන්නේ නෑ..

    පොහොය කිරීම???

    මල්වතු අස්ගිරි පාර්ශව දෙක අතර තාමත් මතභේද තියෙනවද? ඒ පාර්ශව දෙකේ වෙනස්කම් මොනවාද?

    හින්දූන් නළලෙ ගාන්නෙ ගොම පුච්චපු අලු. මම දන්න හැටියට නම්..

    ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. @ හරී

      "....මට හිතාගන්න බැරි ඇයි කොහෙවත් රටක එකෙකුව රජ කරවන්න හදන්නෙ කියලා.. "

      කීර්ති ශ්‍රී රාජසිංහ කියන්නේ උපතින් හින්දු භක්තික දකුණු ඉන්දියානු රාජ කුමාරයෙක්. එයා බුදු දහම වැළැදගත්තත් හින්දු සිරිත් ඉටුකරන කෙනෙක්. එයා මරලා රජ කරවන්න යන්නේ සියම් රාජ කුමාරයෙක්. සියම් රට බෞද්ධ රටක්. එතකොට සියම් කුමාරයා උපතින්ම බෞද්ධයෙක් වෙන නිසා කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ තිබුණු ගැටළුව සියම් කුමාරයාට නැහැනේ....

      කිඹුලන්ගෙන් ආරක්ෂා වෙන්න ගඟට ගල් මතුරලා දාලා තියෙන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ වැඩ සිටියේ කෝට්ටේ යුගයේ. ඒ කාලයේ සංඝරාජ පදවිය හඳුන්වන්නේ මහාසාමි කියලා. ඉතින් ඒ කාලයේ මහාසාමි පදවිය දරලා තියෙන්නේ රාහුල හාමුදුරුවෝ...

      ".....උපසම්පදාව ගැන පොඩ්ඩක් දැනහිටියාට එතනදී සිද්ධවෙන්නේ මොකක්දැයි දන්නේ නෑ...."

      උපසම්පදාව කියන එක සරලවම පැහැදිලි කළොත් එතනදී වෙන්නේ තමන් සාමණේර කාලයේදී රක්ෂා කලාට වඩා වැඩි ශික්ෂා පද ගණනන් ආරක්ෂා කරන්න පොරොන්දු වීමක්. සාමණේර සමයේ දස සීලයක් රක්ෂා කළ භික්ෂුව උපසම්පදා වීමෙන් කෝටියක් සංවර ශීලය ආරක්ෂා කරනවා. උපසම්පදා වීම තුළින් භික්ෂුවකට සංඝ සමාජය පිළිගන්නා පුද්ගලයෙක් බවට පත්වෙනවා....

      උපසම්පදා උත්සවයක් කියන්නේ ටිකක් සංකීර්ණ විස්තරයක්. ඒක ගැන කියන්න ඕනේ නම් වෙනමම පෝස්ට් එකක් ලියන්න වේවි :D

      පොහොය කිරීම කියලා හඳුන්වන්නේ මාසෙකට වරක් උපසම්පදා භික්ෂූන් වහන්සේලා සීමා මාලකයට එකතු වෙලා තමන් අතින් සිදුවුණු වැරදි කියලා ඒ වැරදි පිළිගැනීමත් ඒවාට නියමිත් දඬුවම් පැමිණවීමත් ඒ වගේමයි අවසානයට ප්‍රාතිමෝක්ෂය නමින් හැඳින්වෙන උපසම්පදා භික්ෂූන් පිළිපදින්න ඕනේ නීතී මාලවත් දේශනා කරන එක. මේක ඒ ඒ ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලා විසින් තීරණය කරගත්තු එක් එක් සීමා මාලකවලට ගිහින් සිදු කරනවා.

      …වර්තමානයේ වෙද්දී නම් පොහොය කිරීම සිද්ධ වෙන්නේ භික්ෂූන් වහන්සේලා වස් සමාදන් වෙන ඇසල පෝය ඉදන් වප් පෝය දක්වා වෙන වස් තුන් මාසයේ විතරයි... [මේ පිළිතුරේ නම් නොතේරෙන තැන් හුඟක් තියෙන්න පුලුවන් කියලා හිතෙනවා අයියේ. කෝකටත් ඔයාට නොතේරෙන තැනක් තියෙනවා නම් අහන්න. ඒ ගැන කියන්නම්]

      මල්වතු අස්ගිරි පාර්ශව දෙකේ මතභේද කිය්ලා ලොකුවට නැතිවුණත් පොඩි පොඩියට හීනි කඹ ඇදිලි නම් තියෙනවාලු. අස්ගිරිය කියන්නේ එයාලා පරණයි එයාලගෙන් තමා මල්වත්තත් හැදුණේ කියලා. මල්වත්ත ඒක පිළිගන්නේ නැහැ. කොහොම වුණත් වර්තමානයේ නම් වැඩි බලයක් වගේම වැඩි රාජ මහා විහාර ප්‍රමානයක් අයිති මල්වතු පාර්ශවයට. ඒ වගේමයි මම දන්නා තරමින් ඒ පාර්ශව දෙකේ වෙනස්කමක් නැහැ. එකම වෙනස තියෙන්නේ මූලස්ථාන දෙකක් පැවතීම තමා.

      කතරගම දේවාලයේ නම් මේ ශුද්ධ වූ අළු එහෙමත් නැත්නම් විභූති ලබාගන්නේ ගුහාවක තියෙන පාෂාන වගයක් කුඩු කරලා කියලා තමා මම අහලා තියෙන්නේ නම්....

      Delete
  13. හැමදාම වගේ වටිනා ලිපියක්...

    ReplyDelete
    Replies
    1. @ ඉන්ද්‍රජිත්

      ස්තුතියි මලේ හැමදාම වගේම අදත් දීපු හයියට :)

      Delete
  14. බොහොම හොඳයි. වටිනා කතාව මම හරි ආසයි මේ වගේ කතාවලට

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තය

      ඔබේ ආසාව මින් ඉදිරියටත් හැකි පමණ සපුරාලීමට වෙර දරන බව මතක් කරනු කැමැත්තෙමි :D

      Delete
  15. ස්තුතියි... පොඩි නිවැරදි කිරීමක් හසිත. භික්ෂු/භික්ෂුණි ශාසනයක් කියල එකක් නැහැ නේ . එහෙම නම් උපාසක/උපාසිකා ශාසනයක් කියල එහෙකුත් තිබිය යුතුයි නොවැ..
    එය බුද්ධ ශාසනය ලෙස නිවැරදි විය යුතුයි .. එහෙම නැත්නම් ශාසනය ලෙස භාවිතා කලත් ප්‍රමාණවත් :)

    ReplyDelete
    Replies
    1. @ Tiraj Adikari

      ස්තුතියි අයියා වැරැද්ද පෙන්වලා දුන්නාට. මම ඒක "භික්ෂු සමාජය" කියලා වෙනස් කළා....

      Delete
    2. එකත් අගෙයි නෙව. good ... good ...
      තව ඔය වගේ පැටලෙන තැන් තියෙන්නා
      අධිකරණ සංඝ නායක
      අධිකරණ = අර්බුදය
      අධිකරණ සංඝ නායක = අර්බුද / කලකෝලාහල ඇති කරන සංඝයාගේ නායක උන්නාන්සේ
      :)

      Delete
    3. @ Tiraj Adikari

      අනික් අතට උන්නාන්සේලා විසඳපු ගැටලු හොයාගන්නත් අමාරුයි නොවැ :)

      Delete
  16. අද කාලෙ වෙන දේවල් ගැන අපි එච්චර කේන්ති ගන්න ඕනෙ නෑ... ඒ කාලෙ ඉඳන්ම මෙව්ව මේ විදියටම තමා වෙලා තියෙන්නේ..

    අදත් හසිතගෙන් නොදන්න කතාවක්.. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. @ Mee Godayaa

      ඔව් ඒක ඇත්ත තමා. ඉතිහාසයම තමා ආයේ ආයේ සිද්ධ වෙන්නේ. ඒක තේරුම් ගන්නේ නැති එක තමා ලෙඩේ....

      Delete
  17. ආසාවෙන් කියවන ලිපි පෙලක්~

    ReplyDelete
    Replies
    1. @ Sabith

      ඔබේ ආසාව මගේ අරමුණ සාක්ෂාත් වූ බවට සළකුණකි. තුති :)

      Delete
  18. අපේ ගමේ අදටත් ඉන්නවා වෛද්‍යසේකර මුදියන්සේලාගේ කියන වාසගම තියන මුස්ලිම් අය. ඒ අය කෙරමිණිය ගමේ පරණ අය. ගොඩක් වටිනා ලියවිල්ලක් මල්ලි. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. @ ක්සැන්ඩර් | Xander

      මේ කතාවේ එන ගෝපාල මුදලි කියන මුස්ලිම කෙනාට නම් රජුගෙන් හම්බෙන්නේ "වෛද්‍යතිලක රාජකරුණා" කියන නාමය. එක්කෝ එයාලාට කිසියම් සම්බන්ධයක් තියෙන හරි එහෙමත් නැත්නම් වෙනත් ආකාරයකට උඩරට රජතුමාගෙන් ප්‍රසාද ලබපු පිරිසක් වෙන්න ඕනේ එයාලත්...

      Delete
  19. මේ මිනිස්සු උත්සහ කරලා තියෙන්නෙම,පිට රට කාට හරි රජකම දෙන්නම නේ, උපසම්පදාවෙන් භික්සුවකට පැවරෙන වගකීම් මොනාද?

    ReplyDelete
    Replies
    1. @ ItalyDilan

      තමන්ගේ රටේ රජකම දෙන්න තරම් අමිශ්‍ර සූර්ය වංශික ලේ තිබුණු අය හිටියේ නැහැ කියන එක පිළි අරගෙන තිබුණු නිසා තමා පිට රටින් හරි එහෙම කෙනෙක්ව ගෙනත් රජකම කරන්න අපේ අය වෑයම් කළේ... කලින් සටහන්වලිනුත් අපි ඒ ගැන හොඳ හැටි කතා කළානේ...

      උපසම්පදාවෙන් පස්සේ භික්ෂුවකට පැවරෙන වගකීම මොකක්ද කියන එක සරලවම බැලුවොත් සාමණේර කාලයේ තමන් ආරක්ෂා කරපු දස සීලයට වඩා වැඩි කෝටියක් සංවර ශීලය ආරක්ෂා කරමින් සතර පාරාජිකාවන්ට පත් නොවෙමින් [පාරාජිකා කියන්නේ උපසම්පදා භික්ෂූන් අතින් සිදු නොවිය යුතු වැරදි 4 ක්. ඒ වා වුණොත් උපසම්පදාව අහෝසි වෙනවා] තමන්ගේ විමුක්ති මාර්ගයට පිවිසෙන්න අවශ්‍ය කටයුතු කරන එක තමා.

      මම හරීට දීපු පිළිතුරෙනුත් ඔයාට මේ ගැන තව අදහසක් ගන්න පුලුවන් වේවි

      Delete
  20. කතන්දරයට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. @ රාජ්

      කතන්දරේ කියවන්න ආ ඔබටත් ස්තුතියි :)

      Delete
  21. දැන් කාලෙ දෙන ගේම් මොනවද ඒ කාලෙ එව්වා ඇහුවම....

    ReplyDelete
    Replies
    1. @ Skyman125

      අද තියෙන්නේ ඒ ගමනේ ඉහළම තත්වය :D

      Delete
  22. වැලිවිට සංඝරාජ හිමියන් දෙස,බස, රැස, තුනටම මහා සේවයක් කළ හිමිනමක්. මම යාන්තමට වගේ තමයි අහල තිබුනේ සියමෙන් උපසම්පදාව සදහා භික්ෂූන් වැඩම කළ බව.

    මේවගේ පෝසට් හැමෝම කියවනවා නම් අපේ අතීත උරුමය ගැන වඩාත් හොදින් දැනගත හැකියි

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      සංඝරාජ හිමියන්ගෙන් සිදුවූ සේවය නම් අනගිභවනීයයි. නමුත් මේ කතාව වගේම තවත් කතා දෙක තුනක්ම තියෙනවා මේ වගේ ගැටලු සහගත.

      කෙසේ නමුත් මේ වග කතා නිසා සංඝරාජ චරිතයට හානියක් වෙයි කියලාම වෙන්න ඕනේ සංඝරාජ සාධුචර්යාව කියන පොතේ මේ වගේ දෙයක් ගැන මොකුත්ම සඳහනක් නැත්තේ...

      Delete
  23. මේ වගේ ඉතිහාසයේ ප්‍රසිද්ධ නැති විස්තර මේ විදිහට ඉදිරිපත් කරන එක බොහොම වටින වැඩක්..

    ReplyDelete
    Replies
    1. @ සපතේරු උන්නැහේ

      ස්තුතියි. ඉදිරියටත් ඒ කාර්යය කරගෙන යන්නයි ඉන්නේ :)

      Delete
  24. හපොයි යකෝ නළලේ අළු ටිකක් ගා ගත්තට, තමංගේ විශ්වාසයක් පිළිපැද්දට මිනිහෙක් මරන්ඩ තරං අන්තගාමියේ ඒ කාලෙත් ඉඳලා නොවැ,අහෝ ඛේදයකි!!!!

    ReplyDelete
    Replies
    1. @ දිනුක

      මේකනේ කතාව. ලංකාවේ රජතුමා බෞද්ධයෙක් වෙන්න ඕනේ කියන එක දෙවනපෑතිස් සමයේ ඉදන්ම පිළිගැනීමට ලක්වුණා. ඒකත් එක්ක අන්‍යාගමික රජුන්ට ඉඩක් තිබුනේම නැහැ.

      උදාහරණයක් විදිහට කෝට්ටේ ධර්මපාල රජතුමා ක්‍රිස්තියානු වුණාම මිනිස්සු එයාව අතහැරලා සීතාවකට එකතු වුණු එකත් පස්සේ සීතාවක රාජසිංහ ශිව භක්තිකයෙක් වීමත් එක්ක කන්ද උඩරටටත් එකතු වුණු එක දක්වන්න පුලුවන්.

      අන්‍යාගමික රජෙක් වුණත් බෞද්ධයෙක් වෙනවා නම් ලංකාව පාලනය කරන්න පුලුවන් කියන එකත් පිළි අරන් තිබුණේ. නායක්කර් රජවරුන්ටත් සිහසුන පත්කරන්න කලින් කුඩා කාලයේදී හරි එහෙමත් නැත්නම් අභිෂේකයට කලින් හරි දළදාව වන්දනා කරවලා බෞද්ධයන් බවට පත්වෙලා තියෙනවා.

      මට මතක විදිහට කාලිංගයෙන් ආපු නිශ්ශංකමල්ල තමන්ගේ සෙල්ලිපිවල දක්වනවා ලක්දිව රජුගේ කාර්යයක් වෙන්නේ බුදුන්ගේ දලදාවත්, පාත්‍රා ධාතුවත් සුරැකීම කියලා.

      Delete
  25. අප්‍රකට කතාවක් නේන්නම්. රජ කම ලබාගන්න මිනිස්සු මොන තරම් දේවල් කරනවද?..

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      පෙරදිග හිටිය අංක 1 දේශපාලන චින්තකයා වෙන කෞටිල්‍ය පවා මේ තත්වයට බටහිර අංක 1 දේශපාලන චින්තකයා වෙන මැකියාවෙලී කියන්න කලින් හොඳ හැටි කියලා තිබුණේ....

      Delete
  26. කවදාවත් අහල තිබුනෙ නැති කතාවක්..

    ReplyDelete
    Replies
    1. @ විමුක්ති

      එවැනි කතා ඉදිරියටත් :)

      Delete
  27. ගොඩාක් ස්තූතියි හසිත..මට අපේ රටේ ඉතිහාස කතා ගැන දැනගන්න ලැබුන පලමු බ්ලොග් ඒක මේක..මට ගොඩාක් වටිනව මේ කතා...

    ReplyDelete
    Replies
    1. @ වින්චැට් කිරිල්ලි.

      රටේ ඉතිහාසය වෙනුවෙන් මම හරවත් දෙයක් කළා කියලා එහෙම නම් මට අවංකව සතුටු වෙන්න පුලුවන් :)

      Delete
  28. මේ කතාව නම් අදමයි ඇහුවේ. ගොඩක් වටිනවා... බලාගෙන යද්දී රාජසිංහ රජ්ජුරුවෝ බුද්ධාගමට කොච්චර වැදගත් සේවයක් කරලා තියෙනවද වෙන ආගමිකයෙක් වෙලත් ...
    මම හිතන්නේ මේ රදලයෝ අළු ගැන කතාව ඇදල අරන් තියෙන්නේ හාමුදුරුවරුන්ගේ සහය ගන්න වෙන්න ඇති..
    එතකොට ඔය සියම් කුමාරයත් සූර්ය වංශිකද ?

    ReplyDelete
    Replies
    1. @ සඳ තරු නිහඩයි

      නායක්කර් වංශික රජුන් අතරින් වැඩියෙන්ම බුදු සසුනට සේවයක් කළේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා. ඒක අවිවාදිතයි.

      …අනෙක් නායක්කර් රජවරුනුත් නොකලාම නොවේ. කොටින්ම ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාත් වෙහෙර විහාරවලට අනුග්‍රහ කරලා තියෙනවා.

      …ඒ වගේමයි කාලිංගයෙන් ආපු නිශ්ශංකමල්ල වගේ රජවරුනුත් බෞද්ධ වෙලා ලොකු සේවයක් කරලා තියෙනවා. කිතුණු දහම අත්හැරලා බෞද්ධ වුනු කොනප්පු බණ්ඩාර හෙවත් 1 වෙනි විමලධර්මසූරිය රජතුමා කරපු සේවයම මදැයි

      සියම් කුමාරයාත් සූර්ය වංශිකයෙක් වෙන්න ඕනේ. නැත්නම් එතනත් ආයි ප්‍රශ්නයක්නේ....

      Delete
  29. ඉතිහාසයේ වටිනා කරුණු රැසක් රසවත්ව ඉදිරිපත් කලාට ස්තූතියි හසිත! හැම රජ කෙනෙක්ම වගේ කුමන්ත්‍රණ වලට මුහුන දීල තියනව නේද!

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      ඔව් ඒක හරි. රාජ්‍යත්වය පවත්වාගෙන යන එක හරිම දුෂ්කර කාර්යයක් තමා, බාහිරින් වගේම අභ්‍යන්තරයෙනුත් බාධක එමටයි. ඒවා ඔක්කොම මැඩලන්න පුලුවන් රජතුමා තමා ශ්‍රේෂ්ඨ :)

      Delete
  30. ඔය බෞද්ධ තලිබාන් ලා ට නලලේ අළු දැක්කාම වහ කෑවා වගේ. හැබැයි තායියෙක් රජකරවන්න කැමතියි!

    ඊලඟට කන්නසාමි නෙමේ මොකා වුනත් ඌ හොඳයි ගමේ කොල්ලාට වඩා. අනේ මෙහෙම මෝඩයෝ..!

    ReplyDelete
    Replies
    1. අපි ගමන් කරන්නේ සරළ රේඛාවක නෙමේයිලු. වෘත්ත මාර්ගයකලු! ඒක නිසා අතීතයේ සිද්ධි අපිට අනාගතයෙ දී ආයි මුණ ගැහෙනවලු. එහෙම බලද්දි මේ වගේ දේවල් හැමදාම අපි ට දැක බලාගන්න වාසනාව තියෙනවා කකා...:)

      Delete
    2. ලංකාප්‍රිය භයියාත් මේ කතාව ම නේද කියලා තියෙන්නෙ.... හැබැයි ෂොට් ඇන්ඩ් ස්වීට්!

      Delete
    3. @ කතන්දර Kathandara

      "ඔය බෞද්ධ තලිබාන් ලා ට නලලේ අළු දැක්කාම වහ කෑවා වගේ. හැබැයි තායියෙක් රජකරවන්න කැමතියි!....."

      මම දිනුකට කියපු කතාවම තමා කසූටත් කියන්න වෙන්නේ....

      මේකනේ කතාව. ලංකාවේ රජතුමා බෞද්ධයෙක් වෙන්න ඕනේ කියන එක දෙවනපෑතිස් සමයේ ඉදන්ම පිළිගැනීමට ලක්වුණා. ඒකත් එක්ක අන්‍යාගමික රජුන්ට ඉඩක් තිබුනේම නැහැ.

      උදාහරණයක් විදිහට කෝට්ටේ ධර්මපාල රජතුමා ක්‍රිස්තියානු වුණාම මිනිස්සු එයාව අතහැරලා සීතාවකට එකතු වුණු එකත් පස්සේ සීතාවක රාජසිංහ ශිව භක්තිකයෙක් වීමත් එක්ක කන්ද උඩරටටත් එකතු වුණු එක දක්වන්න පුලුවන්.

      අන්‍යාගමික රජෙක් වුණත් බෞද්ධයෙක් වෙනවා නම් ලංකාව පාලනය කරන්න පුලුවන් කියන එකත් පිළි අරන් තිබුණේ. නායක්කර් රජවරුන්ටත් සිහසුන පත්කරන්න කලින් කුඩා කාලයේදී හරි එහෙමත් නැත්නම් අභිෂේකයට කලින් හරි දළදාව වන්දනා කරවලා බෞද්ධයන් බවට පත්වෙලා තියෙනවා.

      මට මතක විදිහට කාලිංගයෙන් ආපු නිශ්ශංකමල්ල තමන්ගේ සෙල්ලිපිවල දක්වනවා ලක්දිව රජුගේ කාර්යයක් වෙන්නේ බුදුන්ගේ දලදාවත්, පාත්‍රා ධාතුවත් සුරැකීම කියලා.

      හරීට දීපු උත්තරෙනුත් කෑල්ලක් ගන්න පුලුවන් :D

      කීර්ති ශ්‍රී රාජසිංහ කියන්නේ උපතින් හින්දු භක්තික දකුණු ඉන්දියානු රාජ කුමාරයෙක්. එයා බුදු දහම වැළැදගත්තත් හින්දු සිරිත් ඉටුකරන කෙනෙක්. එයා මරලා රජ කරවන්න යන්නේ සියම් රාජ කුමාරයෙක්. සියම් රට බෞද්ධ රටක්. එතකොට සියම් කුමාරයා උපතින්ම බෞද්ධයෙක් වෙන නිසා කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ තිබුණු ගැටළුව සියම් කුමාරයාට නැහැනේ....

      Delete
    4. @ බුද්ධි

      ජී හා බුද්ධි භායි :D

      Delete
  31. වෙනදා වගේම වටිනා කථාවක්... මේ විස්තර අදමයි දැනගත්තෙ...

    ReplyDelete
    Replies
    1. @ සිරාගේ කාමරේ

      ස්තුතියි ස්තුතියි :)

      Delete
  32. වෙනදා වගේම කියන්නෙ..! ධෛර්්‍ය ,ශක්තිය නොමඳවම ලැබේවා තව තවත් මෙවැනි ලිපි ලියන්න..!

    ReplyDelete
    Replies
    1. @ වීපොකුර

      අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඔයාලගේ ප්‍රතිචාර තමා මගේ ධෛර්යය සහ ශක්තිය :)

      Delete
  33. පුදුමයි...!!! හාමුදුරුවො මුසාවාද වේරමනී කඩ කරලා වගේ නේද.. ?

    මේව නම් අප්‍රකටම කතා තමා හසිත.. ජීවිතේට අහලා නෑ... බොහොම ස්තූතියි

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      හාමුදුරුවෝ බොරුවක් කියන්නේ නැහැනේ අයියා. කරන්නේ කට වහගෙන මොකුත් නොකියා ඉන්න එක

      Delete
  34. හැමදාමත් වගේ මේකත් ආයි කියන්න දෙයක් නෑ..
    මරේ මරු..

    ReplyDelete
    Replies
    1. @ තරියා අබේ

      තැන්කු වේවා මලයා :)

      Delete
  35. ටිකක් විතර දැනන් උන්න තොරතුරු ටිකක් සවිස්තරව දැන ගත්තා..

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      ඉදිරියේදීත් ටිකක් විතර දන්න තොරතුරු සවිස්තරව ඔබ වෙතටම :)

      Delete
  36. ඉතිහාසය ආපසු සිදුවීම තමයි අපි අත්දකින්නේ.. (history repeats itself )

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      ඒක හරියට වටහා ගන්නවාද කියන එකයි ගැටළුව :(

      Delete
  37. සරණංකර හාමුදුරුවන් පිටවහල් කල හේතුව මෙච්චර පැහැදිලිව අහලා තිබුනේ නැහැ..ස්තුතියි හසිත විස්තරේට..
    උන්වහන්සේ ඒ කාලයේ නැවතිලා හිටියෙ මොන පන්සලේද?

    ReplyDelete
    Replies
    1. @ රූ....

      ඒ කාලයේ කිව්වේ අක්කේ පිටුවහල් කලාට පස්සෙද ? ඒ කාලයේ නම් දුම්බර ප්‍රදේශය හිරකරලා තිබ්බා කියලා තමයි කියන්නේ...

      Delete
    2. සරණංකර සාමණේරයන්ගේ පළමු පිටුවහල් කිරීම සඳහා හේතුවූයේ මෙම ලිපියෙහි සඳහන් කරුණ නොවන බව මුලින්ම සඳහන් කළ යුතුය. එසේම උන්වහන්සේ පිටුවහල් කරනු ලැබුවේ මෙහි දැක්වෙන කීර්ති ශ්‍රී රාජසිංහ රජු රාජ්‍යත්වය පිළිබඳව සිහිනෙන් වත් සිතා සිටි සමයෙක නොවේ. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දවස වැලිවිට සරණංකර සාමණේරයන් එකල විසූ ගණින්නාන්සේලා තුළ පැවති විවිධ දුෂ්ශීල අලජ්ජි සහගත ක්‍රියාවන් පිළිකෙව් කොට තථාගත දේශනාව අනුව සිල්වත් ගුණවත් ප්‍රතිපත්තිගරුක දිවිපෙවෙතක් ගත කරමින් තම ශිෂ්‍ය ගණයා ද එයට යොමුකරවූහ. එසේම මේ හේතුව නිසා ජනයාගේ නිරන්තර ගෞරවබහුමානයට උන්වහන්සේ ඇතුළු පිරිස පත්වූහ. මේ බව දුටු ගණීන්නාන්සේලා විවිධාකාර චෝදනා ඉදිරිපත්කරමින් උන්වහන්සේ පිළිබඳ රජුට ගතු කීහ.
      මෙය ඇසූ රජු ඒවා සත්‍යය බව පිළිගෙන වැලිවිට සරණංකර සාමණේරයන් ප්‍රමුඛ සාමණේරවරු ගෙන්වා ගණින්නාන්සේලාට වන්දනාමාන කරන ‍ලෙසත් ඔවුන්ට හඳුනාගැනීම සඳහා සුදුරෙදිකඩක් හිසෙහි බඳින ලෙසත් නියෝග කළේය. රාජනීතියට වඩා බුද්ධ දේශනාව අගය කළ උන්වහන්සේ දුසිල්වතුන්ට වන්දනා කිරීමත් විනයට විරෝධී වන සුදු රෙදි කඩක් හිස බැඳීමත් ප්‍රතික්ෂේප කළහ. මේ නිසා රජු උන්වහන්සේ කෙරෙහි කිපී ලග්ගලට පිටුවහල් කළේය.
      එහෙත් පසුව සන්නාසියෙකුගේ ශ්ලෝකයක අර්ථ විසඳීම සඳහා උන්වහන්සේ කැඳවනු ලැබූ අතර රාජසභිකයන්ට තබා ගණින්නාන්සේලාටත් නොවැටහුණු එම සංස්කෘත ශ්ලෝකයෙහි අර්ථය විවරණය කරමින් සිංහල පාලි හා සංස්කෘත භාෂාත්‍රයෙන්ම ධර්ම දේශනාවක් සිදුකරමින් උන්වහන්සේ රජුගේ මෙන්ම සැමදෙනාගේම ප්‍රසාදය දිනාගනිමින් තමන්වහනසේගේ නිවැරදි බව ප්‍රකට කරවූහ.
      මෙසේ ලග්ගලට පිටුවහල් කළ කාලය තුළ උන්වහන්සේ ඉතා දුකසේ වැඩ වෙසෙමින් ධර්මය ඉගෙනීමෙහි නිරතව කල්ගතකළහ. එම ස්ථානයන්ට අද වන විට පවා යාමට ඇත්තේ ඉතා දුෂ්කර මාර්ගයන්ය. එකල එහි පැවති කටුක බව අපට එවිට සිතා ගත හැකිය.නමුත් මේ සියලු දුක්කරදර ඉවසමින් උන්වහන්සේ එකහෙළාම ප්‍රාර්ථනා කළේ ශාසනයෙහි අභිවෘද්ධිය පමණි.
      ඉහත ලිපියෙහි දැක්වෙන සිදුවීම බොහෝ ග්රන්ථ වල සඳහන් ව නැති මුත් එය සිදුවූ බවට සාධක ද අල්ප නොවේ.එනමුදු අප පුන පුනා කථා කළ යුත්තේ ඒ පිලිබඳව පමණද? උනවහන්සේගේ ශාසනික සේවාව අප අමතක කළ යුතුද? එසේම ඉහත සිදුවීම නියත වශයෙන්ම උන්වහන්සේගේ අනුදැනිම මත සිදුවූවක් බව අපට කෙසේ නම් ප්‍රකාශ කළ හැකිවෙද?

      Delete
    3. @ welivita saranankara

      මෙම ලිපිය සම්පාදනය කළේ සඟරජ හිමියන්ගෙන් සිදු වූ ශාසනික සමාජීය මෙහෙවර ගැන කථා කරන්න නෙමෙයිනේ හාමුදුරුවනේ. සඟරජ හිමියන් සම්බන්ධව සිදුවුණු අප්‍රකට කථාවක් ඉදිරිපත් කරන්න. ඒ වුණත් ආරම්භයේදී උන්වහන්සේ අතින් සිදු වූ මෙහෙවර සාරාංශයෙන් දක්වලා තියෙන්නේ.

      අනෙක් අතට සිදුවුණු සිද්ධියක් විස්තර කිරීමේ ඇති වරද කුමක් ද ?

      Delete
  38. වෙනද වගේම නොදන්න ටික ආසාවෙන් කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. @ තරුවා

      සන්තෝෂයි සන්තෝෂයි :)

      Delete
  39. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් ගැන ඒකාලෙ ඉතිහාස පාඩම්වලදි ගොඩාක් විස්තර අහල තිබුනත් මේ කියපු කුමන්ත්‍රණය ගැන නම් අදමයි ඇහුවේ.. බොහෝමත් ස්තූතියි සහෝ වෙනදා වාගේම සැඟවිලා තියන ඉතිහාස කරුණු ලස්සන විස්තරයක් එක්කම අපට කියා දෙනවට

    ReplyDelete
    Replies
    1. @ තොටියා

      දයානන්ද අයියාට මම කිව්වත් වගේ සංඝරාජ චරිතයට මේ කතාවලින් හානියක් වෙන නිසා එතරම්ම මේ කතා කියවෙන්නේ නැහැ. සංඝරාජ සාධු චරිතය කියන හාමුදුරුවන්ගේ චරිතාපදානය තියෙන පොතේත් මේ කොටහ හලලා තියෙන්නේ....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. වර්තමාන ශාසනපුනරැද්දීප්තියෙහි පුරෝගාමී උතුමන් වහන්සේ වශයෙන් බෝධිසත්ව ගුණෝපේත වැලිවිට පිණ්චපාතික අසරණ සරණ ශ්රී සරණංකර සංඝරාජ මාහිමියන් ලාංකීය ඉතිහාසය තුළ සදානුස්මරණීය වී තිබේ. උන්වහන්සේගෙන් ලක්බුදුසසුනට මෙන්ම ශබ්ද ශාස්ත්‍රයන්හි අභිවෘද්ධිය උදෙසා ද සිදුවූ සේවාව අතිමහත්ය.එසේම උන්වහන්සේගේ චරිතාපදානය මැනවින් අධ්‍යනය කිරීමේදී උන්වහන්සේ තුළ පැවති අසීමිත වූ ගුණ සමුදාය ද මනාව ප්‍රකට වේ. වත්පිළිවෙත් පූරණයෙන් හා ශික්ෂා රක්ෂණයෙන් අතිශය පරිහාණි තත්වයකට පත්ව පැවති තත්කාලීන සංඝ සමාජය අතිශයින් දුශ්ෂීල ශ්‍රමණ ප්‍රතිරූපකයන්ගෙන් පිරී පැවතිණි. එවන් සමයෙක ස්වෝත්සාහයෙන් විනය ශික්ෂාවන් පිළිබඳ අධ්‍යනය කොට පළමුව සංඝ සමාජය පිළිවෙතින් පුරවාලන්නට උන්වහන්සේ උත්සාහවත් වූහ. පිණ්ඩපාතාදී ධූතාංග පූරණයෙහි නියුක්ත වූ උන්වහන්සේ සෙස්සවුන් ද එ් සඳහා යොමුකරවාලූහ.තමන් වහන්සේගේ ජීවිතාවසානය දක්වාම උන්වහන්සේ පිණ්ඩපාතයෙන් යැපුණු බව චරිතාපදානයන්හි සඳහන් වේ.උන්වහන්සේගේ සිල්වත් බව පිළිබඳව මනාව පැහැදිලි වන එක් අවස්ථාවක් මෙසේ සඳහන් කළ හැකිය.
      සියමෙන් උපසම්පදාව රැගෙන මෙරටට වැඩි ප්‍රවර උපාලි මාහිමියන් පළමුව වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ හමුවණ අවස්ථාවේදී සිංහල ප්‍රධානීන් හට තමන්වහන්සේට සරණංකර සාමණේරයන් කවරෙකුදැයි හඳුන්වා නොදෙන ලෙසත් උන්වහන්සේගේ ගුණ කදම්භය පිළිබඳව සියමෙහි පවා පැතිර පවතින කීර්තිරාවය ශ්‍රවණය කිරීම නිසා තමන්වහන්සේ විසින්ම සරණංකර සාමණේරයන් කවරෙකුදැයි හඳුනාගත යුතුයැයි වදාරා සිංහල සාමණේර පිරිස වෙත වැඩමවා එහිදී සරණංකර සාමණේරයන් වෙත පැමිණ උන්වහන්සේ හඳුනාගෙන මහත් සතුටට පත්ව උන්වහන්සේගේ ශාසනික ක්‍රියාවන් පිළිබඳව ප්‍රශංසාභිමුඛයෙන් ස්තූති කොට වදාළ බව සංඝරාජ සාධු චරියාවෙහි මෙන්ම අනෙකුත් බොහෝ ග්‍රන්ථවලද සඳහන් වේ.
      සරණංකර මාහිමියන්ගේ ගුණවත් බව පිළිබඳව දැක්විය හැකි නිදසුන් අපමණය. තවද සංඝරාජ පදවිය පවා උන්වහන්සේ වෙත පත්කිරීම සඳහා කීර්ති ශ්‍රී රාජසිංහ රජුට උපදෙස් ලබා දුනනේද උපාලි හිමියන් ප්‍රමුඛ සියම් භික්ෂූන්ය.
      සැබැවින්ම සරණංකර මාහිමියන් අතින් යම්හෙයකින් ඉහත දැක්වූ උපසම්පදා පිහිටුවීමාදී ශාසනික කර්තව්‍යයන් සිදුනොවීද එහෙත් යට කී සිල්වත් බව හා ගුණවත් බව කරණකොටගෙන උන්වහන්සේ සැමගේ ගෞරවාදරයට පාත්‍රවීමට ඉඩ තිබිණ.
      එමතු ද නොව අදවන විට අප සැමදෙනා හටම බෞද්ධයන් ලෙස මෙසේ උජාරුවෙන් කථාබස් කිරීමට හැකියාව ලැබි ඇත්තේ වැලිවිට සරණංකර මාහිමියන්ට පින්සිදුවන්නට බව අප නිතර සිහිතබාගත යුතුය.එසේම උන්වහන්සේ එවන් වූ අන්ධකාර සමයෙක පහළ නොවුනානම් අද වන විට මෙලෙස බුදුසසුනක් හෝ භික්ෂු සමාජයක් මෙරට නොපවතින්නට ඉඩ තිබිණ.
      අද වන විට මෙලෙස උන්වහන්සේගේ සිල්වත් බව හා ගුණවත් බව පිළිබඳව අප සැකපහළ කරමින් විවිධාකාර විමර්ශනයන් කරන අතරතුර මෙරටට පැමිණෙන තායිලන්ත හෙවත් සියම් ජනයා උන්වහන්සේ වැඩසිටි මල්වතු මහා විහාරයීය ශ්‍රී සංඝරාජාරාමයට නොවරදවා පැමිණ වන්දනාමාන සිදුකරති. උන්වහන්සේගෙන් ඔවුනට සිදුවූ සේවාවක් දක්නට නොලැබේ. එහෙත් ඔවුහු උන්වහන්සේගේ සිල්වත් හා ගුණවත් බව සළකා අගයනු ලබති. එයට කදිම නිදසුනක් ලෙස පසුගිය වර්ෂයක මෙරටට පැමිණි සියම් රාජකීය කුමරිය පවා වැලිවිට සරණංකර මාහිමියන්ගේ පිළිරුවට මල්මිටක් පුදා තම කෘතවේදිත්වය දැක්වීම පෙන්වා දිය හැකිය.
      එහෙත් ඒ වෙනුවට උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසාම ලබාගත් ප්‍රතිඵලයන් විිඳිමින් ම උන්වහන්සේට විවිධාකාරයෙන් චෝදනා කරන්නටත් අතැමුන් උන්වහන්සේ වෙනුවට වෙනත් අයෙකු එම ස්ථානයෙහි සිටියේ නම් යැයි සිතන්නට පවා අකෘතඥ ව සිටිනු දැකීමත් මහත් අභාග්‍යයකි.
      එපමණක් නොව උන්වහන්සේගේ චරිත කථාව හෝ කියවා ඇත්තේ කීයෙන් කීදෙනාදැයි මෙහි දක්වා ඇති විවිධාකාර වූ අදහස් කියවීමේදී පැහැදිලි වේ.සබැවින්ම අප කණගාටු විය යුත්තේ කුමටදැයි හොඳින් වටහාගත යුතුය.

      Delete
    4. @ welivita saranankara

      මෙම ලිපිය සම්පාදනය කළේ සඟරජ හිමියන්ගෙන් සිදු වූ ශාසනික සමාජීය මෙහෙවර ගැන කථා කරන්න නෙමෙයිනේ හාමුදුරුවනේ. සඟරජ හිමියන් සම්බන්ධව සිදුවුණු අප්‍රකට කථාවක් ඉදිරිපත් කරන්න. ඒ වුණත් ආරම්භයේදී උන්වහන්සේ අතින් සිදු වූ මෙහෙවර සාරාංශයෙන් දක්වලා තියෙන්නේ.

      අනෙක් අතට සිදුවුණු සිද්ධියක් විස්තර කිරීමේ ඇති වරද කුමක් ද ?

      Delete
  40. වටින විස්තරයක් සහෝ...මේවගක් දැනගෙන ගිටියේ නෑ නේ කලින්...

    ReplyDelete
    Replies
    1. @ ඔබ නොදු‍ටු ලොවක්

      ඒකනේ කියන්නේ :D

      Delete
  41. කියන්න දෙයක් නෑ...අලුත් තොරතුරු... ඉතිහාස පොතෙන් පිටුවක් කියෙව්වා වගේ... ස්තුතියි තොරතුැු හොයලා රසවත් ව ලියනවට...!

    ReplyDelete
    Replies
    1. @ බුද්ධි

      තව තියෙනවා තව තියෙනවා. තොගේ තාම ඉවර වුනේ නැහැ :D

      Delete
  42. මේ කතාවට එකතු වෙන්න ඕනේ වැදගත්ම කොටසක් මගේ අතින් මග ඇරිලා තියෙනවා. ඒ ගැන කණගාටුයි.

    ඒ මග හැරුණු එක තමා මේ වගේ රජතුමාව ඝාතනය කරන්න රදළයන් සමඟ භික්ෂූන් වහන්සේලා එකතු වීම වුණේ මුල්ම පාරට නෙමේ කියන එක.

    මීට කලින් අනුරාධපුර යුගයේදී කණිරජානු තිස්ස රජතුමාව පොහොය ගෙයි ඇතුළේදී මරන්න හාමුදුරුවරු කුමන්ත්‍රණය කරනවා. ඒත් මේ විදිහටම ඒක රජතුමාට ආරංචි වෙලා පස්සේ රජතුමා නඩු විභාග කරලා ඒකට සම්බන්ධ වුණු භික්ෂූන් වහන්සේලා 60 නමක් සෑගිරි පර්වතය පහළට තල්ලු කරලා මරා දමන්න නියම කරනවා.

    පැහැදිලියිනේ ඉතින්. ඉතිහාසයේ දේවල්ම තමා ආයි ආයි සිද්ධ වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ආහ් මේකත් කියන්නම්. මේකට හේතුව තමා රජතුමා මැදිහත් වෙලා භික්ෂූන් වහන්සේලාගේ තිබුණු අර්බුදයක් විසඳනවා. ඒ තීන්දුව ගැන කළකිරුණු හාමුදුරුවරු පිරිසක් තමා මේ විදිහට රජතුමාව මරන්න කුමන්ත්‍රණය කරන්නේ...

      Delete
  43. ග්‍රීස් යකා .Monday, July 30, 2012 at 11:06:00 PM GMT+5:30

    ඒ අතින් බලනකොට ඔරිජිනල් සිංහල බෞද්ධයෙක් වුනු කණිරජානු තිස්සට වැඩිය නළලේ අළු ගාගත්තු රාජසිංහ රජ්ජුරුවෝ great . නැත්නම් පොරටත් තිබුනානේ සඟරාජ හාමුදුරුවන්ව ලේසියෙන්ම බහිරව කන්දෙන් පල්ලෙහාට දාල වැඩේ close කරලා දාන්න ....!!

    ReplyDelete
    Replies
    1. @ ග්‍රීස් යකා

      ඔව් එහෙමත් හිතන්න පුලුවන්. අනික් අතට නායක්කර්වරුන්ට එරෙහිව උඩරැටියන්ගේ තියෙන මතවාද, ඒ වගේමයි රදළ නායකයන්ගේ වැඩි බලතල හමුවේ රජතුමාත් කිසියම් ආකාරයකට සීමාවෙනවා. එතකොට ඒ වගේ දැඩි තීරණයකට රජතුමාට යන්න අමාරුයි.

      අනික කුමන්ත්‍රණය කරන්නේ සංඝරාජ හාමුදුරුවෝ නෙමෙයිනේ. උන්වහන්සේ ඒක ගැන දැනගෙනත් නොදැන්නුව එකටනේ රජතුමාට මළ පනින්නේ :D

      Delete
    2. වර්තමාන හාසනපුනරැද්දීප්තියෙහි පුරෝගාමී උතුමන් වහන්සේ වශයෙන් බෝධිසත්ව ගුණෝපේත වැලිවිට පිණ්චපාතික අසරණ සරණ ශ්රී සරණංකර සංඝරාජ මාහිමියන් ලාංකීය ඉතිහාසය තුළ සදානුස්මරණීය වී තිබේ. උන්වහන්සේගෙන් ලක්බුදුසසුනට මෙන්ම ශබ්ද ශාස්ත්‍රයන්හි අභිවෘද්ධිය උදෙසා ද සිදුවූ සේවාව අතිමහත්ය.එසේම උන්වහන්සේගේ චරිතාපදානය මැනවින් අධ්‍යනය කිරීමේදී උන්වහන්සේ තුළ පැවති අසීමිත වූ ගුණ සමුදාය ද මනාව ප්‍රකට වේ. වත්පිළිවෙත් පූරණයෙන් හා ශික්ෂා රක්ෂණයෙන් අතිශය පරිහාණි තත්වයකට පත්ව පැවති තත්කාලීන සංඝ සමාජය අතිශයින් දුශ්ෂීල ශ්‍රමණ ප්‍රතිරූපකයන්ගෙන් පිරී පැවතිණි. එවන් සමයෙක ස්වෝත්සාහයෙන් විනය ශික්ෂාවන් පිළිබඳ අධ්‍යනය කොට පළමුව සංඝ සමාජය පිළිවෙතින් පුරවාලන්නට උන්වහන්සේ උත්සාහවත් වූහ. පිණ්ඩපාතාදී ධූතාංග පූරණයෙහි නියුක්ත වූ උන්වහන්සේ සෙස්සවුන් ද එ් සඳහා යොමුකරවාලූහ.තමන් වහන්සේගේ ජීවිතාවසානය දක්වාම උන්වහන්සේ පිණ්ඩපාතයෙන් යැපුණු බව චරිතාපදානයන්හි සඳහන් වේ.උන්වහන්සේගේ සිල්වත් බව පිළිබඳව මනාව පැහැදිලි වන එක් අවස්ථාවක් මෙසේ සඳහන් කළ හැකිය.
      සියමෙන් උපසම්පදාව රැගෙන මෙරටට වැඩි ප්‍රවර උපාලි මාහිමියන් පළමුව වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ හමුවණ අවස්ථාවේදී සිංහල ප්‍රධානීන් හට තමන්වහන්සේට සරණංකර සාමණේරයන් කවරෙකුදැයි හඳුන්වා නොදෙන ලෙසත් උන්වහන්සේගේ ගුණ කදම්භය පිළිබඳව සියමෙහි පවා පැතිර පවතින කීර්තිරාවය ශ්‍රවණය කිරීම නිසා තමන්වහන්සේ විසින්ම සරණංකර සාමණේරයන් කවරෙකුදැයි හඳුනාගත යුතුයැයි වදාරා සිංහල සාමණේර පිරිස වෙත වැඩමවා එහිදී සරණංකර සාමණේරයන් වෙත පැමිණ උන්වහන්සේ හඳුනාගෙන මහත් සතුටට පත්ව උන්වහන්සේගේ ශාසනික ක්‍රියාවන් පිළිබඳව ප්‍රශංසාභිමුඛයෙන් ස්තූති කොට වදාළ බව සංඝරාජ සාධු චරියාවෙහි මෙන්ම අනෙකුත් බොහෝ ග්‍රන්ථවලද සඳහන් වේ.
      සරණංකර මාහිමියන්ගේ ගුණවත් බව පිළිබඳව දැක්විය හැකි නිදසුන් අපමණය. තවද සංඝරාජ පදවිය පවා උන්වහන්සේ වෙත පත්කිරීම සඳහා කීර්ති ශ්‍රී රාජසිංහ රජුට උපදෙස් ලබා දුනනේද උපාලි හිමියන් ප්‍රමුඛ සියම් භික්ෂූන්ය.
      සැබැවින්ම සරණංකර මාහිමියන් අතින් යම්හෙයකින් ඉහත දැක්වූ උපසම්පදා පිහිටුවීමාදී ශාසනික කර්තව්‍යයන් සිදුනොවීද එහෙත් යට කී සිල්වත් බව හා ගුණවත් බව කරණකොටගෙන උන්වහන්සේ සැමගේ ගෞරවාදරයට පාත්‍රවීමට ඉඩ තිබිණ.
      එමතු ද නොව අදවන විට අප සැමදෙනා හටම බෞද්ධයන් ලෙස මෙසේ උජාරුවෙන් කථාබස් කිරීමට හැකියාව ලැබි ඇත්තේ වැලිවිට සරණංකර මාහිමියන්ට පින්සිදුවන්නට බව අප නිතර සිහිතබාගත යුතුය.එසේම උන්වහන්සේ එවන් වූ අන්ධකාර සමයෙක පහළ නොවුනානම් අද වන විට මෙලෙස බුදුසසුනක් හෝ භික්ෂු සමාජයක් මෙරට නොපවතින්නට ඉඩ තිබිණ.
      අද වන විට මෙලෙස උන්වහන්සේගේ සිල්වත් බව හා ගුණවත් බව පිළිබඳව අප සැකපහළ කරමින් විවිධාකාර විමර්ශනයන් කරන අතරතුර මෙරටට පැමිණෙන තායිලන්ත හෙවත් සියම් ජනයා උන්වහන්සේ වැඩසිටි මල්වතු මහා විහාරයීය ශ්‍රී සංඝරාජාරාමයට නොවරදවා පැමිණ වන්දනාමාන සිදුකරති. උන්වහන්සේගෙන් ඔවුනට සිදුවූ සේවාවක් දක්නට නොලැබේ. එහෙත් ඔවුහු උන්වහන්සේගේ සිල්වත් හා ගුණවත් බව සළකා අගයනු ලබති. එයට කදිම නිදසුනක් ලෙස පසුගිය වර්ෂයක මෙරටට පැමිණි සියම් රාජකීය කුමරිය පවා වැලිවිට සරණංකර මාහිමියන්ගේ පිළිරුවට මල්මිටක් පුදා තම කෘතවේදිත්වය දැක්වීම පෙන්වා දිය හැකිය.
      එහෙත් ඒ වෙනුවට උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසාම ලබාගත් ප්‍රතිඵලයන් විිඳිමින් ම උන්වහන්සේට විවිධාකාරයෙන් චෝදනා කරන්නටත් අතැමුන් උන්වහන්සේ වෙනුවට වෙනත් අයෙකු එම ස්ථානයෙහි සිටියේ නම් යැයි සිතන්නට පවා අකෘතඥ ව සිටිනු දැකීමත් මහත් අභාග්‍යයකි.
      එපමණක් නොව උන්වහන්සේගේ චරිත කථාව හෝ කියවා ඇත්තේ කීයෙන් කීදෙනාදැයි මෙහි දක්වා ඇති විවිධාකාර වූ අදහස් කියවීමේදී පැහැදිලි වේ.සබැවින්ම අප කණගාටු විය යුත්තේ කුමටදැයි හොඳින් වටහාගත යුතුය.

      Delete
    3. @ welivita saranankara

      මෙම ලිපිය සම්පාදනය කළේ සඟරජ හිමියන්ගෙන් සිදු වූ ශාසනික සමාජීය මෙහෙවර ගැන කථා කරන්න නෙමෙයිනේ හාමුදුරුවනේ. සඟරජ හිමියන් සම්බන්ධව සිදුවුණු අප්‍රකට කථාවක් ඉදිරිපත් කරන්න. ඒ වුණත් ආරම්භයේදී උන්වහන්සේ අතින් සිදු වූ මෙහෙවර සාරාංශයෙන් දක්වලා තියෙන්නේ.

      අනෙක් අතට සිදුවුණු සිද්ධියක් විස්තර කිරීමේ ඇති වරද කුමක් ද ?

      Delete
  44. සෑහෙන්න වැදගත් විස්තරයක්.මම දිගටම මේ පැත්තෙ එනවා.ජය!!

    ReplyDelete
    Replies
    1. @ A.Wickz

      සාදරයෙන් පිළිගන්නවා :)

      Delete
  45. "මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් වුණු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හිමියන්වත් මේ කුමන්ත්‍රණයට සම්බන්ධ කරගන්න කුමන්ත්‍රණකරුවන්ට පුලුවන් වුණා."

    මල්වතු පාර්ශවයේ දැන් ඉන්න නායක හාමුදුරුවන්ගෙ නමත්තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත නේද ?

    ReplyDelete
    Replies
    1. @ Chanaka Aruna Munasinghe

      මල්වතු පාර්ශවයේ වර්තමාන මහානායක හාමුදුරුවෝ තිබ්බ්ටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල......

      වැඩි විස්තර මෙතනින් බලන්න පුලුවන්
      http://www.sridaladamaligawa.lk/si/malwaththa-temple-sin

      Delete
    2. සියවස් ගානක් ගියත් එකත් තාම කරගෙන යන්නේ එක පවුලේ අය වගේ. :)
      ඒවගේ තනතුරක් වත් ශාසන සේවය සලකා ලැබුන නම් ..... සුදුස්සාට සුදුසු තැන නම් නැත.

      Delete
    3. @ Tiraj Adikari

      ඥාති දරුවන් පැවිදි කරවලා ඒ හරහා තමන්ගේ සඟ පරපුරවල් පවත්වාගෙන යාම මහනුවර යුගයේදී වැඩි වශයෙන් දැකගන්න පුලුවන් වුණු තත්වයක්. සරණංකර සංඝරාජ හාමුදුරුවෝත් ඒ ක්‍රමය අනුගත වුණු බවක් පෙනෙනවා.

      වැලිවිට සූරියගොඩ හිමි [සඟරජ හිමියන්ගේ සොයුරියකගේ පුතා] සහ වැලිවිට කුඩා සරණංකර හිමි [සඟරජ හිමියන්ගේ සොයුරාගේ දුවගේ පුතා] සංඝරාජ හාමුදුරුවන්ගේ ඥාති දරුවන්. සංඝරාජ හාමුදුරුවන්ගේ ඇවෑමෙන් සූරියගොඩ විහාරය සහ ගඩලාදෙණි විහාරය හිමිවෙන්නේ ඒ හාමුදුරුවරුන් දෙනමට.

      මෙතැන මහානායක පදවිය තිබ්බොටුවාවේ භික්ෂුවකට හිමිවෙන්නේ තිබ්බොටුවාවේ පළමු මහානායක හාමුදුරුවන්ගේ ඇවෑමෙන් අවුරුදු 230 කට විතර පස්සේ...

      Delete
    4. තිබ්බටුවාවේ සංඝ පරම්පරාව විසින් මල්වතු පාර්ශ්වයේ මහානායක පදවිය දැනට සිව්වතාවක් දරා කිබෙනවා.
      1 තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත මහනාහිමි (පළමු මහනාහිමි)
      2 තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි (14 වන මහනාහිමි)
      3 පුරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකරාභිධාන මහනාහිමි ( 21 වන මහනාහිමි)
      4 තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි (වතමන් මහනාහිමි 26)

      Delete
    5. @ welivita saranankara

      බොහොම පින් ඔබවහන්සේගේ දැනුවත් කිරීමට

      Delete
  46. මේ බ්ලොග් එක කවද හරි මහාවන්සෙට වඩා ප්‍රසිද්ධ වෙය් වගේ..... :)

    හසිතට පින් අනුමොදන් කරනවා අපි වගෙ කොම්පීටර් වලට හිර වෙල ඉන්න උන්ට මේවා කියල දෙනෙවට

    ReplyDelete
    Replies
    1. @ Anonymous August 1, 2012 10:23 AM

      මහාවංසය කියන්නේ හැමදාටම ප්‍රසිද්ධ වගේම වැදගත්කමක් තියෙන ග්‍රන්ථයක්. මේ කතාවලින් කරලා තියෙන්නේ අතීතයේ අටුවා, ටීකා වැන ග්‍රන්ථවලින් කරපු කාර්යය. ඒ කියන්නේ ප්‍රධාන ග්‍රන්ථයේ වැඩි විස්තර ඇතුළත් නොවෙන කරුණු ගැන සවිස්තරාත්මකව කතා කරන එක.

      ඔබේ පිනත් අනුමෝදන් කරගන්නවා :)

      Delete
  47. පනස්නමයෙදි අපේ සොලමන් බණ් ඩ මහත්තය මැරෙන්නෙත් මේ වගේම සංඝ කුමන්ත්‍රණයකින්. සොලමන්ව බලයට ගේන්න වගේම මරන්නත් සංඝ කුමන්ත්‍රනයක්ම තමයි හේතුවෙන්නෙ. ඒ මෑත ඉතිහාසය​. වෙලාවක ඒවගෙත් අලගිය මුලගිය තැන් බලල සරවත් ආගිය කථාවක් ලියන්න​. මම මෙච්චරකල් සංඝරාජ හිමියො ගැන හිතන් හිටියෙ මේ විදියට. සරණංකර හාමුදුරුවංගෙන් පස්සෙ සංඝරාජ ධුරය අහෝසිවෙන්නත් මේක බලපානවද මල්ලි?

    ReplyDelete
    Replies
    1. sorry මම මෙච්චරකල් සංඝරාජ හිමියො ගැන හිතන් හිටියෙ මේ විදියට නෙමෙයි. උපතින් බෞද්ධ නොවුනත් කීර්තිශ්‍රී රාජසිංහ රජ්ජුරුවො තමයි බුද්ධ ශාසනයට වැදගත්ම සේවාවක් කරපු රජ්ජුරුවො මහනුවර යුගයෙදි. සමහරක් විට විමලධර්මසූරිය​, සෙතරත් වැනි අයටත් වඩා. එහෙම බැලුවම නලලෙ අලුගාපු පලියට මේවගේ ගොං වැඩක් කරන්න මේ හාමුදුරුවරු මෙච්චර මෝඩයිද​? මෙතනදි වෙලා තියෙන්නෙ සමුනක්කොඩි/සනුමක්කොඩි අධිකාරම් හාමුදුරුවොන්ව රවට්ටල තියනව දැං ඉන්න සමහරු වගේ.

      Delete
    2. @ Rusiru.

      තමන් බලයට පත්කරපු නායකයා තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන්නේ නැති නිසා එයාව මරලා දාන්න මාපිටිගම බුද්ධරක්ඛිත හාමුදුරුවෝ කටයුතු කළා. ඒ කාලේ සෞඛ්‍ය ඇමතිනිය වෙලා හිටිය විමලා විජයවර්ධනත් එක්ක එයාගේ සම්බන්ධයක් තිබුණාය කියලත් කියනවා. අවසානයේදී ඇස් වෛද්‍යවරයෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා හිටිය තල්දූවේ සෝමාරාම හාමුදුරුවන්ට වෙඩි තියන්න පුරුදු කරවපු මෙයාලා එයා හරහා බණ්ඩාරනායක අගමැතිතුමාව ඝාතනය කරන්න සමත් වෙනවා....

      සංඝරාජා හාමුදුරුවන්ගෙන් පස්සේ සංඝරාජ ධූරය අහෝසිවෙන්න හේතුවක් තමා ඒකට සුදුස්සෙක් නොසිටපු එක. ඇත්තටම මල්වතු පාර්ශවයේ මහානායක හාමුදුරුවෝ වුණු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හිමියන් සරණංකර සංඝරාජ හාමුදුරුවන්ගෙන් පස්සේ ඒ තනතුරට සුදුස්සා වශයෙන් හිටියත් මේ ආකාරයේ කලු පැල්ලමක් උන්වහන්සේ සම්බන්ධව ඇතිවීමත් සරණංකර සංඝරාජ හිමියන්ට කලින් තිබ්බටුවාවේ මහානායක හාමුදුරුවෝ අපවත් වීමත් නිසා ඒක සිද්ධ වෙන්නේ නැහැ. අනිත් අතට මල්වතු හා අස්ගිරි පාර්ශවයන්ගේ අසමඟිය යළිත් ආරම්භ වීම නිසා ea දෙපාර්ශවයේම කැමැත්ත ඇති සංඝරාජ හිමිපාණන් කෙනෙක් පත් කරගැනීම ගැටළු සහගත තත්වය නිසා සංඝරාජ ධූරය අහෝසි වුණා වෙන්න පුලුවන්.

      කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා බුදු සසුනේ චිරස්ථියට කළ මෙහෙය අනගිභවනීයයි. එතුමාව ඝාතනය කරන්න නළලේ අළු ගාපු එක වගේ හේතුවක් පාදක කරගත්තු එක නම් මෝඩ වැඩක් තමා.

      රැවැට්ටීම කියන එක හැමදාම වුණු එකනේ අයියේ :D

      සරණංකර සංඝරාජ හාමුදුරුවන් මේ විදිහටම කරපු තවත් අදූර්දර්ශී ක්‍රියා කීපයක් ගැනම සරණඞකර සඞඝරාජ සමය පොතේ තියෙනවා. කියවලා බලන්න. විශේෂයෙන්ම මල්වතු අස්ගිරි ගැටුම වළක්වන්න පුලුවන්කම උන්වහන්සේට තියෙද්දීත් ඒකට කටයුතු නොකරපු එක ගැන පවා ඒකේ තියෙනවා.

      Delete
    3. වර්තමාන ශාසනපුනරැද්දීප්තියෙහි පුරෝගාමී උතුමන් වහන්සේ වශයෙන් බෝධිසත්ව ගුණෝපේත වැලිවිට පිණ්චපාතික අසරණ සරණ ශ්රී සරණංකර සංඝරාජ මාහිමියන් ලාංකීය ඉතිහාසය තුළ සදානුස්මරණීය වී තිබේ. උන්වහන්සේගෙන් ලක්බුදුසසුනට මෙන්ම ශබ්ද ශාස්ත්‍රයන්හි අභිවෘද්ධිය උදෙසා ද සිදුවූ සේවාව අතිමහත්ය.එසේම උන්වහන්සේගේ චරිතාපදානය මැනවින් අධ්‍යනය කිරීමේදී උන්වහන්සේ තුළ පැවති අසීමිත වූ ගුණ සමුදාය ද මනාව ප්‍රකට වේ. වත්පිළිවෙත් පූරණයෙන් හා ශික්ෂා රක්ෂණයෙන් අතිශය පරිහාණි තත්වයකට පත්ව පැවති තත්කාලීන සංඝ සමාජය අතිශයින් දුශ්ෂීල ශ්‍රමණ ප්‍රතිරූපකයන්ගෙන් පිරී පැවතිණි. එවන් සමයෙක ස්වෝත්සාහයෙන් විනය ශික්ෂාවන් පිළිබඳ අධ්‍යනය කොට පළමුව සංඝ සමාජය පිළිවෙතින් පුරවාලන්නට උන්වහන්සේ උත්සාහවත් වූහ. පිණ්ඩපාතාදී ධූතාංග පූරණයෙහි නියුක්ත වූ උන්වහන්සේ සෙස්සවුන් ද එ් සඳහා යොමුකරවාලූහ.තමන් වහන්සේගේ ජීවිතාවසානය දක්වාම උන්වහන්සේ පිණ්ඩපාතයෙන් යැපුණු බව චරිතාපදානයන්හි සඳහන් වේ.උන්වහන්සේගේ සිල්වත් බව පිළිබඳව මනාව පැහැදිලි වන එක් අවස්ථාවක් මෙසේ සඳහන් කළ හැකිය.
      සියමෙන් උපසම්පදාව රැගෙන මෙරටට වැඩි ප්‍රවර උපාලි මාහිමියන් පළමුව වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ හමුවණ අවස්ථාවේදී සිංහල ප්‍රධානීන් හට තමන්වහන්සේට සරණංකර සාමණේරයන් කවරෙකුදැයි හඳුන්වා නොදෙන ලෙසත් උන්වහන්සේගේ ගුණ කදම්භය පිළිබඳව සියමෙහි පවා පැතිර පවතින කීර්තිරාවය ශ්‍රවණය කිරීම නිසා තමන්වහන්සේ විසින්ම සරණංකර සාමණේරයන් කවරෙකුදැයි හඳුනාගත යුතුයැයි වදාරා සිංහල සාමණේර පිරිස වෙත වැඩමවා එහිදී සරණංකර සාමණේරයන් වෙත පැමිණ උන්වහන්සේ හඳුනාගෙන මහත් සතුටට පත්ව උන්වහන්සේගේ ශාසනික ක්‍රියාවන් පිළිබඳව ප්‍රශංසාභිමුඛයෙන් ස්තූති කොට වදාළ බව සංඝරාජ සාධු චරියාවෙහි මෙන්ම අනෙකුත් බොහෝ ග්‍රන්ථවලද සඳහන් වේ.
      සරණංකර මාහිමියන්ගේ ගුණවත් බව පිළිබඳව දැක්විය හැකි නිදසුන් අපමණය. තවද සංඝරාජ පදවිය පවා උන්වහන්සේ වෙත පත්කිරීම සඳහා කීර්ති ශ්‍රී රාජසිංහ රජුට උපදෙස් ලබා දුනනේද උපාලි හිමියන් ප්‍රමුඛ සියම් භික්ෂූන්ය.
      සැබැවින්ම සරණංකර මාහිමියන් අතින් යම්හෙයකින් ඉහත දැක්වූ උපසම්පදා පිහිටුවීමාදී ශාසනික කර්තව්‍යයන් සිදුනොවීද එහෙත් යට කී සිල්වත් බව හා ගුණවත් බව කරණකොටගෙන උන්වහන්සේ සැමගේ ගෞරවාදරයට පාත්‍රවීමට ඉඩ තිබිණ.
      එමතු ද නොව අදවන විට අප සැමදෙනා හටම බෞද්ධයන් ලෙස මෙසේ උජාරුවෙන් කථාබස් කිරීමට හැකියාව ලැබි ඇත්තේ වැලිවිට සරණංකර මාහිමියන්ට පින්සිදුවන්නට බව අප නිතර සිහිතබාගත යුතුය.එසේම උන්වහන්සේ එවන් වූ අන්ධකාර සමයෙක පහළ නොවුනානම් අද වන විට මෙලෙස බුදුසසුනක් හෝ භික්ෂු සමාජයක් මෙරට නොපවතින්නට ඉඩ තිබිණ.
      අද වන විට මෙලෙස උන්වහන්සේගේ සිල්වත් බව හා ගුණවත් බව පිළිබඳව අප සැකපහළ කරමින් විවිධාකාර විමර්ශනයන් කරන අතරතුර මෙරටට පැමිණෙන තායිලන්ත හෙවත් සියම් ජනයා උන්වහන්සේ වැඩසිටි මල්වතු මහා විහාරයීය ශ්‍රී සංඝරාජාරාමයට නොවරදවා පැමිණ වන්දනාමාන සිදුකරති. උන්වහන්සේගෙන් ඔවුනට සිදුවූ සේවාවක් දක්නට නොලැබේ. එහෙත් ඔවුහු උන්වහන්සේගේ සිල්වත් හා ගුණවත් බව සළකා අගයනු ලබති. එයට කදිම නිදසුනක් ලෙස පසුගිය වර්ෂයක මෙරටට පැමිණි සියම් රාජකීය කුමරිය පවා වැලිවිට සරණංකර මාහිමියන්ගේ පිළිරුවට මල්මිටක් පුදා තම කෘතවේදිත්වය දැක්වීම පෙන්වා දිය හැකිය.
      එහෙත් ඒ වෙනුවට උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසාම ලබාගත් ප්‍රතිඵලයන් විිඳිමින් ම උන්වහන්සේට විවිධාකාරයෙන් චෝදනා කරන්නටත් අතැමුන් උන්වහන්සේ වෙනුවට වෙනත් අයෙකු එම ස්ථානයෙහි සිටියේ නම් යැයි සිතන්නට පවා අකෘතඥ ව සිටිනු දැකීමත් මහත් අභාග්‍යයකි.
      එපමණක් නොව උන්වහන්සේගේ චරිත කථාව හෝ කියවා ඇත්තේ කීයෙන් කීදෙනාදැයි මෙහි දක්වා ඇති විවිධාකාර වූ අදහස් කියවීමේදී පැහැදිලි වේ.සබැවින්ම අප කණගාටු විය යුත්තේ කුමටදැයි හොඳින් වටහාගත යුතුය.

      Delete
    4. @ welivita saranankara

      මෙම ලිපිය සම්පාදනය කළේ සඟරජ හිමියන්ගෙන් සිදු වූ ශාසනික සමාජීය මෙහෙවර ගැන කථා කරන්න නෙමෙයිනේ හාමුදුරුවනේ. සඟරජ හිමියන් සම්බන්ධව සිදුවුණු අප්‍රකට කථාවක් ඉදිරිපත් කරන්න. ඒ වුණත් ආරම්භයේදී උන්වහන්සේ අතින් සිදු වූ මෙහෙවර සාරාංශයෙන් දක්වලා තියෙන්නේ.

      අනෙක් අතට සිදුවුණු සිද්ධියක් විස්තර කිරීමේ ඇති වරද කුමක් ද ?

      Delete
  48. මම මේ බ්ලොගයට ලියන පළමු කොමෙන්‍ටුව.

    සංඝරාජ හිමියන් හෝ අනෙකුත් ස්වාමින්වහන්සේලා මේ ඝාතනයට සම්භන්ධ වුනානම් ඔවුන් පාරාජිකාවට ලක් වෙනවා. වාසනාවට රජතුමාගෙ මරණය සිදු නොවුනේ.

    මේ වගේ සිද්ධි සළකා බලන විට වර්ථමාන උපසම්පදාවේ පිරිසිදු බව ගැනත් පැහැදිලි ප්‍රශ්නයක් පැන නගිනවා. මොකද පාරාජිකාවට පත්වුනු භික්ෂුවක් සම්භන්ද වන උපසම්පදාව විනයානුකූල එකක් වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. @ Sanjeewa Bandara

      ඔබට ආපු ප්‍රශ්නය මටත් මුලින් ආවා. ඒත් ඒ සම්බන්ධ වැඩිදුර හොයා බලන්න ඕනේ නිසා අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් රචනා කරපු උපසම්පදා ශීලය පොත කියවා බැලුවා.

      ඒකේ දක්වන ආකාරයට මේ ආකාරයෙන් මිනිසුන් මැරීම සඳහා වළවල් කැපීම, ආයුධ සමීපයේ තැබීම වගේ දේවල් හඳුන්වන්නේ "ථාවරපයෝග" නමින්.

      එහි වැඩි දුරටත් විස්තර කරන විදිහට භික්ෂුවක් කිසිවෙකු මරන්න වළක් කණිනවා නම් දුකුළා ඇවැතක්. වළේ වැටෙන්න බලාපොරොත්තු වෙන මිනිසා ඒකේ වැටිලා මැරුණොත් පමණයි පාරාජිකා වෙන්නේ. අනික් කෙනෙක් වැටිලා මළොත් පාරාජිකා වන්නේ නැහැ. එතකොට සාමාන්‍ය ඇවැතක් ගණයටයි වැටෙන්නේ.

      ඒ නිසා මේ සිද්ධිය ගැන විමසලා බැලුවොත් රජතුමා මිය නොගිය නිසා ඒකට සම්බන්ධ වුණු කිසිම උපසපන් භික්ෂුවක් පාරාජිකා වන්නේ නැහැ.

      නමුත් ඔවුන්ට ඇවැතක් වෙලා තියෙන නිසා පොහොය කර්ම කරද්දී ඇවැත් දේශනා කරලා ඒකට සංඝයා පනවන දඬුවම පිළිපැදීමෙන් පස්සේ නැවතත් යථා තත්වයට පත්වෙන්න පුලුවන්කම තිබෙනවා

      Delete
  49. මේ සංඝරාජ උන්නාන්සේ කරපු තවත් වැරදි

    1.සිංහල කුමාරයකු වන උනම්බුවේ බණ්ඩාරට රජකම අහිමි කිරීම
    2.1764 දී උපසම්පදාව ගොවි කුලයට හා රදලයන්ට සීමාකිරිමට සිදුකල කුමන්ත්‍රනය නැවැත්වීමට කටයුතු නොකිරීම

    මෙයා සාදු චරිතයක් නෙවේ. අංක එකේ දේශද්‍රෝහියෙක්

    ReplyDelete
    Replies
    1. @ Anonymous August 24, 2012 3:33 PM

      1. උනම්බුවේට රජකම අහිමි වුණේ සංඝරාජ හිමියන් නිසාම නොවන බව මේ ලිපියෙන් පැහැදිලි කරලා තියෙනවා...

      http://aagiyakatha.blogspot.com/2012/07/12.htm

      2. මේක නම් මාත් පිළිගන්නවා.

      "මෙයා සාදු චරිතයක් නෙවේ. අංක එකේ දේශද්‍රෝහියෙක්"

      මේවා ගැන මොකද කියන්නේ ???

      උපසම්පදාව ස්ථීරව පිහිටුවන්නට කටයුතු කිරීම, අධ්‍යාපනයේ පුනර්ජීවනය ඇතිකිරීම, පොත් පත් ලියවීම, විහාරස්ථාන දියුණු කරවීම සහ පිළිසකර කරවීම වගේ දේවල්

      වරදක් සිදු විය නොහැක්කේ බුදුවරයෙක් අතින් පමණයි. කෙලෙසුන් ප්‍රහීණා නොකළ භික්ෂුවක් හෝ සංඝරාජයන් කෙනෙක් අතින් වුවත් වැරදි සිදුවිය හැකියි...

      Delete
    2. සරණංකර හාමුදුරුවො හිටපු තැන වෙන සිල්වත් ධර්මධර හාමුදුරු කෙනෙක් හිටියනම් ඒත් ඔය කියන සේවාවල් වෙයි. මොකද මේ ගොඩක් දේවල් කලේ කීර්ති ශ්‍රී රජතුමාගේ බුදුදහමට දක්වපු අනුග්‍රහය නිසයි.

      Delete
    3. @ Anonymous August 27, 2012 11:56 AM

      වෙන සිල්වත් ධර්මධර හාමුදුරු කෙනෙක් හිටියනම් කියලා කිව්වත් ඒ කාලේ එහෙම කෙනෙක්ට හිටියේ වගේම ඒ ගැන අවදානය යොමු කළේ සරණංකර හාමුදුරුවෝම තමා. ඒ වගේමයි රජතුමා අනුග්‍රහ දක්වපු බව හැබෑව. ඒත් ඒකට රජතුමාට උපදෙස් දුන්නේ වගේම උනන්දු කළේ සරණංකර හාමුදුරුවෝ.

      Delete
    4. වර්තමාන ශාසනපුනරැද්දීප්තියෙහි පුරෝගාමී උතුමන් වහන්සේ වශයෙන් බෝධිසත්ව ගුණෝපේත වැලිවිට පිණ්චපාතික අසරණ සරණ ශ්රී සරණංකර සංඝරාජ මාහිමියන් ලාංකීය ඉතිහාසය තුළ සදානුස්මරණීය වී තිබේ. උන්වහන්සේගෙන් ලක්බුදුසසුනට මෙන්ම ශබ්ද ශාස්ත්‍රයන්හි අභිවෘද්ධිය උදෙසා ද සිදුවූ සේවාව අතිමහත්ය.එසේම උන්වහන්සේගේ චරිතාපදානය මැනවින් අධ්‍යනය කිරීමේදී උන්වහන්සේ තුළ පැවති අසීමිත වූ ගුණ සමුදාය ද මනාව ප්‍රකට වේ. වත්පිළිවෙත් පූරණයෙන් හා ශික්ෂා රක්ෂණයෙන් අතිශය පරිහාණි තත්වයකට පත්ව පැවති තත්කාලීන සංඝ සමාජය අතිශයින් දුශ්ෂීල ශ්‍රමණ ප්‍රතිරූපකයන්ගෙන් පිරී පැවතිණි. එවන් සමයෙක ස්වෝත්සාහයෙන් විනය ශික්ෂාවන් පිළිබඳ අධ්‍යනය කොට පළමුව සංඝ සමාජය පිළිවෙතින් පුරවාලන්නට උන්වහන්සේ උත්සාහවත් වූහ. පිණ්ඩපාතාදී ධූතාංග පූරණයෙහි නියුක්ත වූ උන්වහන්සේ සෙස්සවුන් ද එ් සඳහා යොමුකරවාලූහ.තමන් වහන්සේගේ ජීවිතාවසානය දක්වාම උන්වහන්සේ පිණ්ඩපාතයෙන් යැපුණු බව චරිතාපදානයන්හි සඳහන් වේ.උන්වහන්සේගේ සිල්වත් බව පිළිබඳව මනාව පැහැදිලි වන එක් අවස්ථාවක් මෙසේ සඳහන් කළ හැකිය.
      සියමෙන් උපසම්පදාව රැගෙන මෙරටට වැඩි ප්‍රවර උපාලි මාහිමියන් පළමුව වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ හමුවණ අවස්ථාවේදී සිංහල ප්‍රධානීන් හට තමන්වහන්සේට සරණංකර සාමණේරයන් කවරෙකුදැයි හඳුන්වා නොදෙන ලෙසත් උන්වහන්සේගේ ගුණ කදම්භය පිළිබඳව සියමෙහි පවා පැතිර පවතින කීර්තිරාවය ශ්‍රවණය කිරීම නිසා තමන්වහන්සේ විසින්ම සරණංකර සාමණේරයන් කවරෙකුදැයි හඳුනාගත යුතුයැයි වදාරා සිංහල සාමණේර පිරිස වෙත වැඩමවා එහිදී සරණංකර සාමණේරයන් වෙත පැමිණ උන්වහන්සේ හඳුනාගෙන මහත් සතුටට පත්ව උන්වහන්සේගේ ශාසනික ක්‍රියාවන් පිළිබඳව ප්‍රශංසාභිමුඛයෙන් ස්තූති කොට වදාළ බව සංඝරාජ සාධු චරියාවෙහි මෙන්ම අනෙකුත් බොහෝ ග්‍රන්ථවලද සඳහන් වේ.
      සරණංකර මාහිමියන්ගේ ගුණවත් බව පිළිබඳව දැක්විය හැකි නිදසුන් අපමණය. තවද සංඝරාජ පදවිය පවා උන්වහන්සේ වෙත පත්කිරීම සඳහා කීර්ති ශ්‍රී රාජසිංහ රජුට උපදෙස් ලබා දුනනේද උපාලි හිමියන් ප්‍රමුඛ සියම් භික්ෂූන්ය.
      සැබැවින්ම සරණංකර මාහිමියන් අතින් යම්හෙයකින් ඉහත දැක්වූ උපසම්පදා පිහිටුවීමාදී ශාසනික කර්තව්‍යයන් සිදුනොවීද එහෙත් යට කී සිල්වත් බව හා ගුණවත් බව කරණකොටගෙන උන්වහන්සේ සැමගේ ගෞරවාදරයට පාත්‍රවීමට ඉඩ තිබිණ.
      එමතු ද නොව අදවන විට අප සැමදෙනා හටම බෞද්ධයන් ලෙස මෙසේ උජාරුවෙන් කථාබස් කිරීමට හැකියාව ලැබි ඇත්තේ වැලිවිට සරණංකර මාහිමියන්ට පින්සිදුවන්නට බව අප නිතර සිහිතබාගත යුතුය.එසේම උන්වහන්සේ එවන් වූ අන්ධකාර සමයෙක පහළ නොවුනානම් අද වන විට මෙලෙස බුදුසසුනක් හෝ භික්ෂු සමාජයක් මෙරට නොපවතින්නට ඉඩ තිබිණ.
      අද වන විට මෙලෙස උන්වහන්සේගේ සිල්වත් බව හා ගුණවත් බව පිළිබඳව අප සැකපහළ කරමින් විවිධාකාර විමර්ශනයන් කරන අතරතුර මෙරටට පැමිණෙන තායිලන්ත හෙවත් සියම් ජනයා උන්වහන්සේ වැඩසිටි මල්වතු මහා විහාරයීය ශ්‍රී සංඝරාජාරාමයට නොවරදවා පැමිණ වන්දනාමාන සිදුකරති. උන්වහන්සේගෙන් ඔවුනට සිදුවූ සේවාවක් දක්නට නොලැබේ. එහෙත් ඔවුහු උන්වහන්සේගේ සිල්වත් හා ගුණවත් බව සළකා අගයනු ලබති. එයට කදිම නිදසුනක් ලෙස පසුගිය වර්ෂයක මෙරටට පැමිණි සියම් රාජකීය කුමරිය පවා වැලිවිට සරණංකර මාහිමියන්ගේ පිළිරුවට මල්මිටක් පුදා තම කෘතවේදිත්වය දැක්වීම පෙන්වා දිය හැකිය.
      එහෙත් ඒ වෙනුවට උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසාම ලබාගත් ප්‍රතිඵලයන් විිඳිමින් ම උන්වහන්සේට විවිධාකාරයෙන් චෝදනා කරන්නටත් අතැමුන් උන්වහන්සේ වෙනුවට වෙනත් අයෙකු එම ස්ථානයෙහි සිටියේ නම් යැයි සිතන්නට පවා අකෘතඥ ව සිටිනු දැකීමත් මහත් අභාග්‍යයකි.
      එපමණක් නොව උන්වහන්සේගේ චරිත කථාව හෝ කියවා ඇත්තේ කීයෙන් කීදෙනාදැයි මෙහි දක්වා ඇති විවිධාකාර වූ අදහස් කියවීමේදී පැහැදිලි වේ.සබැවින්ම අප කණගාටු විය යුත්තේ කුමටදැයි හොඳින් වටහාගත යුතුය.

      Delete
    5. මෙම සිදුවීමෙන් අනතුරුව නොබෝ කලෙකින්ම උන්වහන්සේගේ නිර්දෝශී බව වටහාගත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු උන්වහන්සේ වෙත ගොස් තමන් අතින් නොදැන සිදුවූ වරදට කමා කරන ලෙස අයදිමින් වැළපුණු බවත් සඳහන් වේ. ඒ බැව් මෙහි දක්නට නැත. තවද උන්වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව ආදාහන උත්සවය සියලු රාජ සම්මාන සහිතව ඉතා උසස් ලෙසද සිදුකළ බව සියලු පොත්පත්හි දැක්වේ.
      එහෙයින් රජු පවා පසුව උන්වහන්සේ ඒ වරදින් නිදොස් බව වටහාගෙන ඇති අතර එනමුත් අද සමාජයේ සිටින මේ පිළිබඳ හාන්කවිසියක් නොදන්නා ඇතැමුන් සරණංකර මාහිමියන් දේශද්‍රෝහියෙකු ලෙස දැක්වීමට උත්සාහ කරන්නේ මන්දැයි ගැටළුවකි.
      සත්‍යය සැමදා ජයගනු ඇත.

      Delete
    6. මෙම සිදුවීමෙන් අනතුරුව නොබෝ කලෙකින්ම උන්වහන්සේගේ නිර්දෝශී බව වටහාගත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු උන්වහන්සේ වෙත ගොස් තමන් අතින් නොදැන සිදුවූ වරදට කමා කරන ලෙස අයදිමින් වැළපුණු බවත් සඳහන් වේ. ඒ බැව් මෙහි දක්නට නැත. තවද උන්වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව ආදාහන උත්සවය සියලු රාජ සම්මාන සහිතව ඉතා උසස් ලෙසද සිදුකළ බව සියලු පොත්පත්හි දැක්වේ.
      එහෙයින් රජු පවා පසුව උන්වහන්සේ ඒ වරදින් නිදොස් බව වටහාගෙන ඇති අතර එනමුත් අද සමාජයේ සිටින මේ පිළිබඳ හාන්කවිසියක් නොදන්නා ඇතැමුන් සරණංකර මාහිමියන් දේශද්‍රෝහියෙකු ලෙස දැක්වීමට උත්සාහ කරන්නේ මන්දැයි ගැටළුවකි.
      සත්‍යය සැමදා ජයගනු ඇත.

      Delete
  50. සරණංකර හිමියන් රාජ ප්රසාදය ලැබීමට හේතු වූ සන්නාසියාගේ පැමිණීම මෙම සිදුවීමට බොහෝ කලකට පෙර සිදුවූවකි. එය උපසම්පදාව ගෙන ඒමටත් පළමුව සිදුවූවකි. ඒ බව තත්කාලින ග්රන්ථයක් වන සංඝරාජ සාධුචරියාවෙන් ද තහවුරු වේ. එම කොටස නිවැරදි කරන්නේනම් ඉතා වටී.

    ReplyDelete
  51. අවසාන වශයෙන් මෙහි තම තමන්ගේ අදහස් දක්වා ඇති අයගෙන් ඉතා කරැණාවෙන් හා මෙත්සිත් පෙරදැරිව ඉල්ලා සිටීමට ඇත්තේ ඔබගේ වටිනා කාලය මදකට මිඩංගු කොට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ සම්පූර්ණ චරිතාපදානය මඳකට හෝ කියවා බලන ලෙසයි.
    එය කියවිමෙන් අනතරුව බොහෝදෙනෙක් තමතමන්ගේ විවිධ මතයන් දුරුකොට සත්‍යය වටහාගනු ඇතැයි මා තදින් විශ්වාස කරමි. එදා තමන්වහන්සේට එල්ලවුණු සියලු දුක්කම්කටොලු ඉවසා දරමින් අප සැමගේ අනාගතාභිවෘද්ධීය පිළිබඳව නිරතුරු පතමින් සම්බුදු සසුනට අපරිමිත මෙහෙයක් සිදුකළ උන්වහන්සේ අද වන විට ඇතැමුන් විසින් අංක එකේ දේශද්‍රෝහියෙකු ලෙස හඳුන්වා තිබෙන අයුරු දැකීමත් මාගේ අභාග්‍යයක් කොට සළකමි.
    අද උන්වහන්සේ මෙලොව නැත. අපගේ ගුණ වර්ණනාවන් හෝ දෝෂාරෝපණයන් උන්වහන්සේට වැදගත් නැත. උන්වහන්සේ තමන්ගෙන් සසුනට සිදුවිය යුතු සේවාව සිදුකොට හමාරය. මෙතෙක් කලක් උන්වහන්සේගේ පැත=ම පරිදි සසුන සුරක්ෂිතව පැවත ආයේය. මතු ද පවතිනු ඇත. කවදත් ලොවට මෙහෙවර කරන්නන්ට උරුම වන්නේ දොස් පමණී. ඒ බව උන්වහන්සේ ද හොඳින් දැන සිටින්නට ඇත. එහෙත් මෙවැනි චෝදනාවන්ගෙන් නොව රාජ උදහසින් වුවත් උන්වහන්සේ කම්පා වූයේ නැත. උන්වහන්සේ
    සෙලො යථා එකඝනො වාතෙන න සමීරති එවං නින්දා පසංසාසු න සමිඤ්ජන්ති පණ්ඩිතා
    පණ්ඩිතයෝ මහත් පර්වතයක් සතර දිශාවෙන් හමන්නාවූ සුළඟෙන් නොසැ‍ළෙන්නාක් මෙන් නින්දා හෝ ප්‍රශංසාවන්ගෙන් කම්පාවට පත් නොවේ
    යන තථාගත දේශනාව මනාව පසක් කරමින් වැඩසිටියහ.
    එමතු ද නොව මෙම සිදුවීමෙන් අනතුරුව නොබෝ කලෙකින්ම උන්වහන්සේගේ නිර්දෝශී බව වටහාගත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු උන්වහන්සේ වෙත ගොස් තමන් අතින් නොදැන සිදුවූ වරදට කමා කරන ලෙස අයදිමින් වැළපුණු බවත් සඳහන් වේ. ඒ බැව් මෙහි දක්නට නැත. තවද උන්වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව ආදාහන උත්සවය සියලු රාජ සම්මාන සහිතව ඉතා උසස් ලෙසද සිදුකළ බව සියලු පොත්ලත්හි දැක්වේ.
    එහෙයින් රජු පවා පසුව උන්වහන්සේ ඒ වරදින් නිදොස් බව වටහාගෙන ඇති අතර එනමුත් අද සමාජයේ සිටින මේ පිළිබඳ හාන්කවිසියක් නොදන්නා ඇතැමුන් සරණංකර මාහිමියන් දේශද්‍රෝහියෙකු ලෙස දැක්වීමට උත්සාහ කරන්නේ මන්දැයි ගැටළුවකි.
    කෙසේ නමුත් මා හට සරණංකර හිමියන්ගේ නිර්දෝශි බව ප්‍රකට කිරීම සඳහා කෙදිනක හෝ මෙලෙස වාද කරන්නට සිදුවේ යැයි කිසිසේත් නොසිතුවෙමි.නමුත් ලෝකය විවිධාකාරය.මිනිසුන් ද එලෙසමය.එයට කම් නැත.
    අවසාන වශයෙන් අති උදාරතර ශාසනික සේවාවක් සිදුකොට වදාළ බෝධිසත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරා‍‍ජා්‍ෙත්තමයාණන් වහන්සේට තමන් වහන්සේ ප්‍රාර්ථනා කරන ලද බෝධියකින් උතුම් නිර්වාණාව‍බෝධය ලැබීමට මා මෙතෙක් සසර පුරා සිදුකළ සියලු පින් අනුමෝදන්වේවායි පතමි.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................