Sunday, July 22, 2012

බිසෝවරුන් දෙන්න ආපු නායක්කර්වරු උඩරට සිහසුන ඇල්ලූ හැටි - ඉතිහාසයේ අප්‍රකට කතා 12

ලංකාවේ අන්තිම රාජධානිය වුණු කන්ද උඩරට පාලනය ගෙනගිය අන්තිම පෙළපත වුණේ දකුණු ඉන්දියානු සම්භවයක් තිබුණා නායක්/ නායක්කර්/ වඩුග යන නම්වලින් හඳුන්වපු පෙළපත. ඔවුන් ලංකාවේ කටයුතුවලට මුලින්ම සම්බන්ධ වුණු ආකාරය වගේම අවසානයේදී ලංකාවේ සිහසුන දක්වා පැමිණි ගමන ගැනයි අද ඉතිහාසයේ අප්‍රකට කතා තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.

 දකුණු ඉන්දියාවේ විජයනගර අධිරාජ්‍යය පැතිරී තිබුණු ප්‍රදේශය

මුලින්ම නායක්කර්වරුන්ගේ ප්‍රභවය ගැන හොයලා බැලුවොත් දකුණු ඉන්දියාවට තමා අවධානය යොමු කරන්න වෙන්නේ. 1343 දී දකුණු ඉන්දියාවේ විජයනගර කේන්ද්‍ර කොටගෙන හරිහාර ආරම්භ කරන රාජ්‍යය ක්‍රමයෙන් විජයනගර අධිරාජ්‍යය බවට පත්වෙනවා. ඒ අධිරාජ්‍යයේ ආධිපත්‍යය පිළිගත්තු මදුරා, තංජෝර්, ගිංගි, වෙල්ලෝර්, සෙරිංගපටුන ආදී තෙළිඟු භාෂාව කතා කරපු ප්‍රදේශවල 16 වන සියවසේදී පාලනය  ගෙනගියේ "නායක්" නමින් හඳුන්වපු ප්‍රාදේශික ආණ්ඩුකාරවරු. 

1565 දී නිෂාම් ෂා කියන මුස්ලිම් පාලකයා විසින් තාලිකොට්වලදී සිදුකළ සටනින් විජයනගර අධිරාජයා වූ රාම රාය මියයාමත් එක්ක විජයනගර අධිරාජ්‍යයා බිඳ වැටීම ඇරඹෙනවා. මේ ඒ සමඟම ස්වාධීන පාලකයන් වුණු මේ ආණ්ඩුකාරවරු නායක් යන නමින්ම තම තමන්ගේ ප්‍රදේශවල රජවරු විදිහට පාලනය ගෙන යනවා.

ඊට පෙර විජයනගර අධිරාජ්‍යය තිබුණු කාලයේදී ඉහත දක්වපු තෙළිඟු භාෂාව කතා කරපු නායක් ප්‍රදේශවල ජනතාව වඩාත් දකුණට වෙන්න තිබුණු දෙමළ භාෂාව කතා කරපු ප්‍රදේශවලට සංක්‍රමණය වුණාම ඔවුන්ව හඳුන්වලා තියෙන්නේ වඩුග හෙවත් වඩුක්කන් යන නමින්. ඒ නමේ අර්ථය තමා "උත්තර දේශීන්" කියන එක.

 I විමලධර්මසූරිය රජතුමා

නැවතත් නායක් රජවරු ගෙන කතාවට ආවොත් උඩරට රජවරු මුලින්ම මේ නායක් රජවරුන් සමඟ මිතුරු සබඳතා පවත්වලා තමන්ට අවශ්‍ය කරන යුධ ආධාර ලබාගත් බව පේනවා. ඒ අනුව උඩරට රාජ්‍යය ආරම්භ කරපු I විමලධර්මසූරිය රජතුමාගේ කාලය වන 16 වන සියවසේ අග භාගයේ ඉදන් සෙනරත් සහ රාජසිංහ වැනි රාජ්‍ය කාලවලත් නායක් යුධ ආධාර ලබාගත්තු බවයි පෙනෙන්නේ. 

මේ සම්බන්ධතා වෙනස් මඟක් ගන්නේ සෙනරත් රජ සමයේ. කුසුමාසන දේවියට දාව උපන් කුමාරසිංහ, විජයපාල සහ දේව රාජසිංහ කියන දරුවන් සූර්ය වංශිකයන් නිසා ඔවුන්ගේ අග මෙහෙසියන් සඳහා සම කුලය වෙන සූර්ය වංශයෙන් කුමරියන් අවශ්‍ය වෙනවා. 

ඊට පෙර කෝට්ටේ ආදී රාජධානි කාලවලදී කීරවැල්ලේ නමින් රජ පවුලට නෑකම් කියන පෙළපතකුත් යාපනයේ රජ පවුලකුත් සිටිය නිසා ක්ෂත්‍රීය කුමරියන් සොයා ගැනීමේ ගැටලුවක් නොවුණත් ඒ වෙද්දී ලංකාවේ ඉතුරුව සිටිය එකම රජ පරපුර උඩරට රජ පෙළපත විතරක් නිසා ගැටලුවක් ඇතිවෙනවා.

මේ වගේ තත්වයක් නිසා දේශපාලනික උපාය මාර්ගයක් විදිහටත්, අකීකරු උඩරට රදළ බලය මර්දනය කරන්නත්, රාජාභිෂේක චාරිත්‍රානුකූලව කරන්නත් දකුණු ඉන්දීය ක්ෂත්‍රීය සූර්ය වංශික කුමාරිකාවන් උඩරට රජ කුමාරවරුන්ට ගේනවා. 

සූර්ය වංශය කියන්නේ මොකක්ද කියලාත් කෙටියෙන් දැක්වුවොත් මිනිස් ලොව පහළ වූ පළමු රජතුමා වූ වෛවස්වත මනු සූර්යයාගේ පුතෙක් ලෙස සළකපු නිසා ඔහුගෙන් පැවත එන අය සූර්ය වංශිකයන් විදිහටයි සැළකුවේ. තවත් මතයක් තමා මනුගේ පුතුන්ගෙන් ඉක්ෂ්වාකුගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු පරපුර සූර්ය වංශය වුණා කියන එක. ඒ පදනම මත ඉදලා තමයි ඉන්දියාවේ තිබුණු බොහෝ රාජ වංශ සූර්ය වංශිකයන් කියලා පිළිගැනුනේ.

ඒ හැරෙන්න මනුගේ දියණිය වුණු ඉලාගේ [විටෙක ඔහු පිරිමියෙක් ලෙසටත් පෙනී සිටිනවා] මූලිකත්වයෙන් ඇරඹුණු වංශය "චන්ද්‍ර වංශය එහෙමත් නැත්නම් සෝම වංශය" නමින් හඳුන්වනවා. කොහොම නමුත් වැඩි පිළිගැනීම තියෙන්නේ සූර්ය වංශිකයන්ට.

ඒකට හේතුවක් තමා මනුෂ්‍ය ලෝකයේ පැවැත්ම රඳා පවතින්නේ සූර්යයා මත. ඒ නිසා සූර්යයාගෙන් පැවැත එන්නන් විදිහට සූර්ය වංශිකයන්ට තියෙන පිළිගැනීම වැඩියි. ඒක භාරතයේ විතරක් නෙමේ අනික් බොහෝ ශිෂ්ටාචාරවලත් දැකගන්න පුලුවන්. උදාහරණයක් විදිහට මිසරයේ පාරාවෝ රජුන් සූර්ය දිව්‍යරාජයාගේ පුත්‍රයා වැනි විරුද නාම භාවිතා කරලා තියෙනවා.

ලංකාවේ රාජ්‍යත්වය ආරම්භ කළායැයි සළකන විජය කුමරුත් සූර්ය වංශිකයෙක් වුණු නිසා ලංකාවේ රජ දරුවනුත් සූර්ය වංශිකයන් විය යුතුයි කියන සංකල්පය ඇති වෙනවා. මුල් යුගවල මේ සූර්ය වංශික සංකල්පය එතරම් තදින් සළකා නොලැබුණත් මහනුවර යුගය වනවිට එය රාජ්‍යත්වයේ ප්‍රධාන පදනම බවට පත් වෙනවා.

මහාවංසයේ I විමලධර්මසූරිය රජතුමා ගැන දක්වන්නේ "ගඟසිරි නම් පුරයෙහි සූර්ය වංශයෙහිම උපන් කුමාරයෙක්" කියලා

II රාජසිංහ රජතුමා

වරෙක II රාජසිංහ රජතුමාට ෆ්‍රන්සුවා කැරන් නම් ලන්දේසි ජෙනරාල්වරයා හිතවත් මිතුර යනුවෙන් ආමන්ත්‍රණය කළාම රජතුමා කෝපයට පත්වෙලා ප්‍රශ්න කරනවා තමා සූර්ය වංශෝද්භූත බව දන්නවාද කියලා.

නැවතත් කතාවට ආවොත් ලක් රජුන්ගේ මදුරාපුර විවාහ සබඳතා ගැන සොයලා බලද්දී මහාවංසය දක්වන විදිහට ලංකාවේ මුල්ම රජතුමා වුණු විජය රජතුමගේ අභිෂේකය සඳහා ක්ෂත්‍රීය කුල කුමරියක් අග මෙහෙසිය කළ යුතු වීම නිසා ඒ කුමරිය ගෙන එන ලද්දේත් දකුණු ඉන්දියාවේ මදුරාපුරයෙන්.

දකුණු ඉන්දියාවේ කලින් සඳහන් කරපු නායක් රාජධානිවලින් උඩරට රජුන් විවාහ සබඳතා පවත්වන්නේ මදුරාපුර නායක් පෙළපත සහ තංජෝර් නායක් පෙළපත සමඟයි.

 විශ්වනාථ නායක්

මදුරා නායක් පෙළපත ගැන විස්තර හොයලා බැලූවොත් විශ්වනාථ නායක් යටතේ ආරම්භ වෙන මදුරාපුර නායක් පරපුරේ විශිෂ්ඨතමයා විදිහට පිළිගැනෙන්නේ 1628 බලයට පත්වුණු තිරුමලයි නායක්. 

 තිරුමලයි නායක්

තිරුමල නායක්ගේ දෙවැනියා එහෙමත් නැත්නම් උප පාලක විදිහට කටයුතු කළේ කුමාර මුත්තු නායක්. මේ කුමාර මුත්තු නායක්ගේ පරපුරේ අය දිගටම මදුරාපුර උප පාලක තනතුරේ කටයුතු කරලා තියෙනවා.

මදුරාපුර නායක් පෙළපතේ අන්තිම රජතුමා වුණු විජය රංග චොක්කනාථට පසුව 1732 දී ඔහුගේ අග බිසව මීනක්ෂි පාලනය ගෙනගියත් අභ්‍යන්තර අර්බුද වගේම මුස්ලිම් ආක්‍රමණ නිසා ඒ පාලනය සාර්ථක වෙන්නේ නැහැ.

නැවතත් සෙනරත් රාජ සමයේ වුණු මේ සිද්ධියට ආවොත් සෙනරත් රජතුමා කුමාරසිංහ සහ විජයපාල කුමාරවරුන්ට යාපන රජ පෙළපතට අයිති ඒ වෙනවිට දකුණු ඉන්දියාවේ හිටිය ද්‍රවිඩ කුමාරිකාවන් දෙදෙනෙක් සරණ පාවා දෙනවා. රාජසිංහ කුමරුට මදුරාවෙන් කුමාරිකාවක් ගෙන්වනවා. 

පසුව II රාජසිංහ රජතුමාගේ අනුප්‍රාප්තිකයා වුණු II විමලධර්මසූරියත් මදුරාවෙන් බිසෝවරු ගෙන්වනවා. II විමලධර්මසූරිය රජතුමා ගැන බැලූවොත් ඔහු සිංහල සහ නායක් මිශ්‍ර අයෙක් බව පැහැදිලියි. 

මේ රජතුමාගෙන් පසු රාජ්‍යත්වයට පත්වෙන වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාටත් 1706 මනාලියක් සොයන්න දූතයන් දෙදෙනෙක් දකුණු ඉන්දියාවේ තූත්තුකුඩිය බලා යනවා. මේ සඳහා ලන්දේසින් නැව් සපයනවා. 

 මදුරේ නායක් රාජ මාළිගාව

ඒ කෙසේ වෙතත් මහනුවරින් ආපු මංගල යෝජනාවට මදුරාපුර නායක් රජතුමා වුණු විජය රංග චොක්කනාථ කැමති වන්නේ නැහැ. ඉන්පසුව සිදුවුණු දේවල් පිළිබඳ මත කීපයක් පවතිනවා. ලාංකික සාහිත්‍ය මූලාශ්‍රවල දක්වන විදිහට

මේ පිළිබඳව සමකාලීන ලන්දේසි මූලාශ්‍ර බලද්දී Cornelis Joannes Simonszoon ආණ්ඩුකරුගේ පාලන වාර්තාවක දක්වන විදිහට රජුගේ අග මෙහෙසිය වඩුග කුමරියක් බවත් ඇගේ පියා පිට්ටි නායක්කර් බවත් දක්වනවා. 

මේ සම්බන්ධ වෙන්නේ උඩරට දේශයේ කටයුතු පිළිබඳ පුවත කියන අප්‍රකට ලේඛනයේ කරුණු සමඟ. එහි තිබෙන විදිහට මහනුවර දූතයන්ගේ ඉල්ලීමට කෝපවුණු මදුරාපුර නායක් රජතුමා වුණු විජය රංග චොක්කනාථ අහනවා.

"තොපගේ රජු අපගේ කුලයේ අයෙක්ද මේ දක්වා අප අතර ගිවිසුමක් තිබුණේද මෙතැන් සිට ගිවිසුමක් වේද තොප බය නැතිව කුමාරිකාවන් ඉල්ලීමට ආවාහුද?"

පස්සේ නගරයෙන් දූතයන් පිටමං කරලා කිසිම කුමරියක් ඔවුන්ට දෙන්න එපා කියලා නියෝගයක් කරනවා. 

ඒත් දුප්පත් පුද්ගලයෙක් වුණු පිට්ටි නායක්කර් තමන්ගේ දුව මහනුවර රජතුමාට දෙන්න කැමති වෙලා රහසේම  රාමේශ්වරම් දූපතේදී දූතයන්ව හමුවෙලා පසුව සිය පවුලත් එක්කම මහනුවරට ඇවිත් දියණියව රජතුමාට සරණ පාවා දෙනවා.

පසුව රජතුමාට පුතුන් නොවුණු නිසා වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහගෙන් පසුව රාජ්‍යත්වයට පත්වෙන්නේ අග බිසවගේ සොයුරා එහෙමත් නැත්නම් පිට්ටි නායක්කර්ගේ පුත්‍රයා ශ්‍රී විජය රාජසිංහ නමින්.

මේ කතාව උඩරට රජුන්ට අපහාස පිණිස ගොතපු කතාවක්ද කියලා සැක පහළ වුණත් කරුණු අනුව විමසලා බලද්දී ලන්දේසි මූලාශ්‍රවලට අනුව මහනුවරින් ආපු මංගල යෝජනාවට මදුරාපුර නායක් රජතුමා වුණු විජය රංග චොක්කනාථ කැමති නොවුණු බව පැහැදිලියි. 

කුල ගර්වයෙන් සිටි මදුරා රජතුමා අහන්නේ මීට පෙර එහෙම සබඳතාවක් තිබුණද කියලා. එහෙම බලද්දී II රාජසිංහ සහ II විමලධර්මසූරිය රජුන්ගේ බිසෝවරුන් ගැනත් ප්‍රශ්නාර්ථයක් මතු වෙනවා.

නායක්කර්වරුන් කුල නීති දේවත්වයෙන් සළකපු පිරිසක් බවයි කියවෙන්නේ. ඒ වගේම නායක් පාලක පෙළපතේ පිට්ටි නායක්කර් නමින් අයෙක් නොවන නිසා ඔහු රාජකීයෙක් නොවන බවත් පැහැදිලියි.

ඒ වගේම ඉහත දක්වපු ද්‍රවිඩ ලිපියේ විදිහට ඔහු දිළින්දෙක් නිසා මීට පෙර ඔහු ධනවතෙක් වෙලා හිටියත් මේ වෙනකොට ඒවා අහිමි වෙලා දුක සේ ජීවිතය ගෙන ගිය අයෙක් කියලා අනුමාන කරන්න පුලූවන්. මේ වගේ තත්වයක් මත තමා පිට්ටි නායක්කර් සහ පවුලේ උදවිය වඩාත් සුවපහසු ජීවිතයක් අපේක්ෂාවෙන් මහනුවරට එන්නේ.

කලින් කිව්ව විදිහට වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාට පුතුන් නොවුණු නිසා එයාගෙන් පසුව රාජ්‍යත්වයට පත්වෙන්නේ අග බිසවගේ සොයුරා එහෙමත් නැත්නම් පිට්ටි නායක්කර්ගේ පුත්‍රයා. 

නමුත් රජතුමාට ගොවි කුලයේ යකඩ දෝළියක සිටි බවත් රජතුමාට දාව ඇයට උනම්බුවේ බණ්ඩාර නමින් පුතෙක් වූ බව ලන්දේසි ලේඛනවල පවා සඳහන් වෙනවා. ඒ කුමාරයාට රාජ්‍යත්වයට පත්වෙන්න තිබුණු බාධාව වෙන්නේ මව ක්ෂත්‍රීය වංශික බිසවක් නොවීම. ඒ අනුව කුමාරයා උභය කුල පාරිශුද්ධ අයෙක් නොවුණු නිසා සිහසුන අහිමි වෙනවා.
වැලිවිට සරණංකර හිමියන් [පසුව සංඝරාජ හිමියන්]

අනෙක් අතට උනම්බුවේ බණ්ඩාරට සිහසුන අහිමි වෙන්නෙ උඩරට සිංහල රදළ ප්‍රධානීන් නිසාමයි. 1708 දී පමණ ඉදන් අග බිසවගේ සොයුරා මහනුවර වාසය කළා. සරණංකර සාමණේරයන් යටතේ අධ්‍යාපනය හදාරපු මේ කුමාරයාව හඳුන්වන්නේ නායක්කර් හාමුදුරුවෝ කියලා. 

ඒ වනවිට වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ පල්ලේ ගම්පහ අදිකාරම් වුණු ඇහැළේපොළ මහ නිළමේ (මේ අපි දන්නා ඇහැළේපොළ මහ නිළමේගේ පියා) සමඟ මේ කුමාරයා ලොකු හිතවත්කමක් තිබුණා. 

උනම්බුවේ බණ්ඩාරගේ හොඳම හිතවතා වුණේ ලෙව්කේ දිසාව. නමුත් ලෙව්කේ දිසාව සහ ඇහැළේපොළ මහ නිළමේ අතර එදිරිවාදිකම් පැවතුණා. කිසියම් විදිහකින් උනම්බුවේ රජ වුණොත් ලෙව්කේගෙන් තමන්ට අනතුරක් වෙන්න පුලූවන් කියලා හිතපු ඇහැළේපොළ මහ නිළමේ උනම්බුවේ රජ කරවීමට විරුද්ධ වුණා.

ඒ වෙද්දී රාජ සභාවේ පැවතුණු මේ ආකාරයේ මතභේද නිසා තව තවත් රදළයන් බෙදිලා හිටියේ. ඒ කාලය තුළ රාජ සභාව තුළ නායක්කර හිතැති, නායක්කර් විරෝධී වශයෙන් කණ්ඩායම් දෙකක් තිබුණා. මේ විදිහට නායක්කර් හිතැති කණ්ඩායමක් බිහිවුණේ නායක්කර්වරුන් සමඟ මුදල් ගනුදෙනු කිරීමේ ඇතිවුණු හිතවත්කම්. 

ඒ වගේමයි විශේෂයෙන් උනම්බුවේගේ මව් පාර්ශවයේ ඥාතීන් පවා උනම්බුවේ රජ වෙනවාට විරුද්ධව හිටියේ. මේ වගේ තත්වයක් උඩ නරේන්ද්‍රසිංහ රජතුමාගේ ඇවෑමෙන් සූර්ය වංශික ක්ෂත්‍රීය කුමරෙක් විදිහට පිළිගැනුණු ඒ වගේම සරණංකර සාමණේරයන් යටතේ බුදු දහම ඉගෙන ගන්නා අග බිසවගේ සොයුරාට සිහසුන උරුම කරලා දෙන්න ඇහැළේපොළ මහ නිළමේට අපහසු වෙන්නේ නැහැ. 

මේ විදිහට අග බිසවගේ සොයුරාට සිහසුන හිමිවීමක් ලංකා ඉතිහාසයේ පළමු වරටයි සිදුවෙන්නේ. ඒ වගේමයි මදුරාපුර නායක්වරු අතර පවා ඒ වගේ සිරිතක් පැවතිලා නැහැ. නමුත් මලබාරයේ හිටිය නායක්වරු අතර තිබුණු මරුමක්කාථයම් නීතිය මේ සඳහා අනුබලයක් වෙන්න ඇති කියලත් මත පළවෙනවා.

ඒ අනුව 1739 දී කුසුමාසන දේවිය මූලික කරගෙන I විමලධර්මසූරිය රජතුමා ආරම්භ කළ රාජ වංශය අවසන් වෙලා නායක්කර් වංශික රජ පෙළපතකට සිහසුන හිමිවෙනවා.

නායක්කර් පෙළපතේ ආරම්භක රජතුමා වුණු ශ්‍රී විජය රාජසිංහත් තමන්ට අගබිසවක් ලබාගන්නේ දකුණු ඉන්දියාවෙන්. ඒ වෙද්දී මදුරාවේ තත්වය බැලූවොත් කලිනුත් කිව්වා වගේ මදුරාවේ පාලක විජයරංග චොක්කනාථ මියගිහින් වැන්දඹු බිසව වුණු මීනක්ෂි බලයට ඇවිත් හිටියේ. 

ඒත් මදුරාපුර නායක් පරපුරේ විශිෂ්ඨතමයා වුණු තිරුමල නායක්ගේ දෙවැනියා එහෙමත් නැත්නම් උප පාලක විදිහට කටයුතු කළේ කුමාර මුත්තු නායක්ගේ පරපුරේ අයෙක් වුණු බන්ගාරු තිරුමල නායක් මීනක්ෂිට විරුද්ධව කටයුතු කරමින් සිටියේ. 

මේ කලබල මධ්‍යයේම මදුරාවට එල්ලවුණු මුස්ලිම් ආක්‍රමණයත් එක්ක මදුරාපුර නායක් වංශය අවසන් වෙනවා. මීනක්ෂි අග බිසව සියදිවි නසාගන්නවා. බන්ගාරු තිරුමල නායක තමන්ගේ ජීවිතේ බේරගන්න වෙල්ලයිකුරිච්චි බලකොටුවට පැනලා යනවා. 

අසරණ වෙලා වෙල්ලයිකුරිච්චිවලට වෙලා සැඟවිලා හිටිය බන්ගාරු තිරුමල නායක සහ එයාගේ නෑයන්ට උඩරට රජතුමාට මනමාලියක් යවන්න අවස්ථාවක් ලැබුණු එක ලොකු වාසියක් වුණා. කලින් වගේ ආඩම්බර කතා කියන්න නොගිය බන්ගාරු තිරුමල නායක තමන්ගේ නෑයන් දෙන්නෙක් වුණු රාම ක්‍රිෂ්ණප්පා නායක් සහ නරේනප්පා නායක්ව මහනුවර දූතයන් හමුවට යවනවා. 

අන්තිමට නරේනප්පාගේ තරුණ දියණිය මහනුවර රජතුමාට විවාහ කරදෙන්න කැමතිවෙලා ඒ මඟුලට නරේනප්පා, එයාගේ බිරිඳ, පුත්‍රයන් දෙන්නා, සහෝදරයන් දෙන්නා සහ මස්සිනා ඇතුලූ විශාල කණ්ඩායමක් එක්ක තමා උඩරටට එන්නේ. මේ විවාහයෙන් පස්සෙත් 1746 රජතුමා තවත් මදුරා කුමාරිකාවක් සරණ පාවා ගන්නවා.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා

ශ්‍රී විජය රාජසිංහගේ අග බිසවටත් දරුවන් නොහිටිය නිසා රාජ්‍යත්වය හිමිවෙන්නේ අග බිසවගේ වැඩිමහල් සොයුරා එහෙමත් නැත්නම් ලොකු මස්සිනා වුණු කීර්ති ශ්‍රී රාජසිංහට. කීර්ති ශ්‍රී රාජසිංහත් තංජෝර් නායක් පෙළපතෙන් බිසෝවරු දෙන්නෙක් ගෙන්වා ගන්නවා.

මේ විදිහට ක්‍රම ක්‍රමයෙන් ලංකාවට නායක්කර්වරු පැමිණීමත් එක්ක අගනුවර වෙනම වීථීයක් පවා ඔවුන්ට වෙන්වෙනවා කුමාරුප්පේ වීථීය කියලා. බ්‍රිතාන්‍ය යුගයේ ඒක හඳුන්වන්නේ මලබාර් වීථීය කියලා.

කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ රජතුමා මරන්න සිංහල රදළයන්ගේ කැරැල්ලක් ඇතිවෙනවා. ඒ වගේමයි නායක්කර්වරුන්ගේත් කුමන්ත්‍රණයක් සිදුවෙනවා. මේ ලිපියෙන් නායක්කර්වරු ගැන කතා කරන නිසා ඒ කුමන්ත්‍රණය ගැන කියන්නම්. අනෙක් කැරැල්ල ගැන ඉදිරියේදී කියන්නම්.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අග බිසවටත් දරුවන් හිටියේ නැතත් රජතුමාග් යකඩ දෝළියක් වුණු මාම්පිටිය් බිසවට  රජතුමට දාව පුතුන් දෙන්නෙක් ඉන්නවා. ඒත් උභය කුල පාරිශුද්ධතාව කියන ගැටලුව නිසා රජතුමාගේ අනුප්‍රාප්තිකයා විදිහට නම් කරලා තිබුණේ රජතුමාගේම සහෝදරයා. (නරේනප්පාගේ බාල පුතා)

ඒත් රජතුමාගේ අග බිසවගේ තාත්තා වුණු (රජතුමාගේ මාමණ්ඩි) නාඩුකට්ටු සාමි නායක් උත්සහ කරනවා තමන්ගේ පුතාට රජකම අරන් දෙන්න. කලින් තිබුණු සම්ප්‍රදාය වුණෙත් අග බිසවගේ  සහෝදරයාට රජකම දෙන එකනේ. අන්තිමට රජතුමාව මරන්න නාඩුකට්ටු සාමි කරපු කුමන්ත්‍රණය හෙළිවුණු නිසා රජතුමා මාමණ්ඩිව ලංකාවෙන් පිටුවහල් කරනවා. 

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙන් පස්සේ රජවෙන්නේ රජතුමාගේ සහෝදරයා වුණු රාජාධි රාජසිංහ. එයත් සුපුරුදු විදිහටම මදුරාවෙන් කුමාරිකාවන් බිසෝවරුන් හැටියට ගෙන්නුවත් එයාලටත් දරුවන් හිටියේ නැහැ.

රාජාධිරාජසිංහගෙන් පස්සේ සිහසුන උරුමකම් කියන්න හිටියේ අග බිසවගේ වගේම තවත් බිසෝවරුන් කීප දෙනෙකුගේම සහෝදරයා වුණු මුත්තුසාමි කුමාරයා. ඒත් රජතුමාගේ පළමු අදිකාරම් වුණු පිළිමතලාවේ රජතුමාගේ බිසවකගේ සහෝදරියක් වුණු සිරියම්මාලුගේ පුත්‍රයා වුණු කන්නසාමිව සිහසුනට පත් කරවන්න සමත් වෙනවා.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා

රජතුමා පත් කිරීමේ බලය තිබුණේ රාජ සභාවට කියලා කලින් කතා කළානේ. 


ඒ විදිහට ලංකාවේ පැවතුණු නායක්කර් පෙළපතේ පාලනය අවසන් වෙන්නේ 1815 පෙබරවාරි 14 ඉංග්‍රීසීන් සෙංකඩගල අල්ලා ගැනීමත් ඊට පස්සේ මැද මහනුවර සැඟවිලා හිටිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇතුළු බිසෝවරුන්ව පෙබරවාරි 18 වෙනිදා අල්ලා ගැනීමත් සහ අවසාන වශයෙන් මාර්තු 2 වෙනිදා ප්‍රකාශයට පත් කළ උඩරට ගිවිසුමේ තිබුණු මෙන්න මේ වගන්තියෙනුත්

 1815 මාර්තු 2 දින උඩරට ගිවිසුම කියවනු ලැබූ අවස්ථාව

"ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ රජ දරුවන්ගේ ප්‍රධාන තවද මහත් සීලාචාරවූ යුතුකම් කඩ කරන ස්වභාවයකින ඒ තරඟයට ඇත්තාවූ සියළුම අයිතිකම්ද ඊට වැදගත් බලයද නැති කර රාජඟයෙන් බැහැර කරන්න යෙදුනාය. එම ගෝත්‍රයද මවු පිය දෙපක්ෂයෙන් පැවත එන අනෙක ප්‍රකාරවූ නෑදෑයින් හැම කල්හිම සිංහාසනයෙන් දුරු කරන්ඩ යෙ නා සහ සිංහලෙ ආන්ඩු කිරීමට දෙමල වර්ගයට ඇත්තාවූ සියළුම අයිතිකම් නැතිකරන්ඩද විනාස කරන්ඩද යෙදුනු වග මෙයින් එලිදරවු කරනුයැ ..............." 

මේ සටහන ලියන්න පාදක කරගත්ත කෘති තමා ආචාර්ය තෙන්නකෝන් විමලානන්දයන්ගේ උඩරට මහ කැරැල්ල 3 වැනි කාණ්ඩය, ටිකිරි අබයසිංහ, ශ්‍රීමතී දේවරාජ සහ ජී.පී.වී. සෝමරත්න විසින් රචිත උඩරට රාජධානිය කෘතිය. ඒ හැරෙන්න අන්තර්ජාලයෙනුත් කරුණු සොයාගත්තා. 

155 comments:

  1. Replies
    1. @ Tiraj Adikari

      ස්තුතිය පෙරලා ඔබටම පුද කරමි :)

      Delete
  2. සුපුරුදූ පරිදි විශිෂ්ටයි. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. @ රාමා

      ස්තුතියි අගය කිරීම ගැන. ඔයා ලිව්ව සිංහලයන් සම්බන්ධ පෝස්ට් එකේ අලුත් තත්වය මොකක්ද ??

      Delete
    2. සිංහලයන් ගැන පොස්ට් එකේ කමෙන්ට් වලට ප්‍රතිචාර සටහන් කරන්න තවම බැරි වුනා. ඔබගේ දිගු පැහැදිලි කිරීම ඒ ලිපියාට බොහෝ වටිනවා. ස්තුතියි නැවත වරක්...

      Delete
    3. @ රාමා

      ඒ ලිපිය ගැන මට විශේෂයෙන්ම මතක් වුනේ ඒක හොඳ සංවාදයක් කරන්න පුලුවන්කමක් තියෙන මාතෘකාවක් වෙන නිසා. ඒත් ඒ වැඩේට එච්චර අය එකතු වුනේ නැති එකනේ අප්සෙට් එක :(

      Delete
    4. මගේ බ්ලොග් එක හිට්ස්, කමෙන්ට්ස් අඩු එකක්නේ.. :)

      Delete
    5. @ රාමා

      ඒකත් එහෙමද ?? මාකටින් කරන්න ක්‍රමයක් නැතෙයි ???

      Delete
    6. ප්‍රධාන අවුල මට වැඩිපුර ලියවෙන්නෙත් නැහැ. එක දේකට සීමා වෙන්නෙත් නෑ.ඉඳල හිටල හිතුන දේ ලියනවා.මාකටින් නොකරනවා නෙවෙයි, බැහැල කරන්නේ නැහැ. බලමු ඉදිරියේදී.. :)

      Delete
    7. @ රාමා

      හොඳයි හොඳයි :)

      Delete
    8. @ රාමා

      රාමාගේ බ්ලොග් එක මොකක්ද? ගිහින් බැලුවාම තියෙන්නේ ටෙස්ට් කියලා විතරනේ. :)

      Delete
    9. @ Podi Kumarihami

      ඔයා බැලුව බ්ලොග් එක මේකද ?? මෙන්න මේ පෝස්ට් එක ගැන තමා මම රාමාගෙන් ඇහුවේ

      http://www.ramadasa.name/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94%E0%B7%80/

      Delete
  3. හොද ලිපියක් ඉතිහාසය ගැන නොදන්න දේවල් දැනගන්න ලැබුනා.එක එක කතා තැනින්තෙන අහල තියන නිසා ඔක්කොම පටලෙවිල තිබුනේ,සුර්ය වංශිකයන් ගැන තව ටිකක් පැහැදිලි කරලා ලිපියක් ලියන්න.මම අහල තියනවා හෙළදිව(ලංකාවේ)හෙළයන් සුර්ය වංශිකයන් කියල,හෙළයන් කිවේ රවණා රජ පරපුරෙන් පැවතගෙන එන අය,සිංහල ජාතිය බිහි වෙන්නේ විජය රජුගේ සිංහවනසේ සහ ලංකාවේ හිටිය ප්‍රබල ජාතියක් වන හෙළයන් සමග එකතුවීමෙන සිං හෙළ පසුව සිංහල උනා කියල.අපි ඉතිහාසේ කියල ඉගෙන ගත්තේ විජය කුමාරයගේ පැමිණීමෙන් පසුව නිසා.ඊට පෙර ගුවන ජයගත් හෙළ ඉතිහාසයක් අපිට තුබුන,අවසනවකට ඒගෙන ලියවෙලා තියෙන්නේ ඉන්දියාවේ උන් පොරවල් කරලා ලියපු රාමායනයේ විතරයි.ඒ ගැනත් ලිපියක් ලියන්න,ජාතික මෙහෙවර සදහා සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. @ රනා

      සූර්ය වංශිකයන් පිළිබඳ තව ටිකක් පැහැදිලි කරලා ලිපියක් ලියන්න කියලා තිබුණු නිසා ඒ ගැන තව ටිකක් බැලුවා. ඒ විස්තරත් එක්ක සටහනේ තිබුණු සමහර කොටස් ටිකක් මෙන්න මේ විදිහට වෙනස් කළා.

      "සූර්ය වංශය කියන්නේ මොකක්ද කියලාත් කෙටියෙන් දැක්වුවොත් මිනිස් ලොව පහළ වූ පළමු රජතුමා වූ වෛවස්වත මනු සූර්යයාගේ පුතෙක් ලෙස සළකපු නිසා ඔහුගෙන් පැවත එන අය සූර්ය වංශිකයන් විදිහටයි සැළකුවේ. තවත් මතයක් තමා මනුගේ පුතුන්ගෙන් ඉක්ෂ්වාකුගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු පරපුර සූර්ය වංශය වුණා කියන එක. ඒ පදනම මත ඉදලා තමයි ඉන්දියාවේ තිබුණු බොහෝ රාජ වංශ සූර්ය වංශිකයන් කියලා පිළිගැනුනේ.

      ඒ හැරෙන්න මනුගේ දියණිය වුණු ඉලාගේ [විටෙක ඔහු පිරිමියෙක් ලෙසටත් පෙනී සිටිනවා] මූලිකත්වයෙන් ඇරඹුණු වංශය "චන්ද්‍ර වංශය එහෙමත් නැත්නම් සෝම වංශය" නමින් හඳුන්වනවා. කොහොම නමුත් වැඩි පිළිගැනීම තියෙන්නේ සූර්ය වංශිකයන්ට.

      ඒකට හේතුවක් තමා මනුෂ්‍ය ලෝකයේ පැවැත්ම රඳා පවතින්නේ සූර්යයා මත. ඒ නිසා සූර්යයාගෙන් පැවැත එන්නන් විදිහට සූර්ය වංශිකයන්ට තියෙන පිළිගැනීම වැඩියි. ඒක භාරතයේ විතරක් නෙමේ අනික් බොහෝ ශිෂ්ටාචාරවලත් දැකගන්න පුලුවන්. උදාහරණයක් විදිහට මිසරයේ පාරාවෝ රජුන් සූර්ය දිව්‍යරාජයාගේ පුත්‍රයා වැනි විරුද නාම භාවිතා කරලා තියෙනවා."

      හෙළයන් සූර්ය වංශිකයන් කතාව එන්නේ "මනු" කියන්නේ භාරතයේ සිටි රජෙක් නොවේ. ලංකාවේ හිටිය රජෙක් කියන කතාවත් එක්ක.

      ඒ කෙසේ නමුත් රාවණා රජතුමා කියන්නේ බොහොම විවාදසම්පන්න මාතෘකාවක්. ෆේස්බුක් එකේ තියෙන සමූහවලින් වගේම සිංහල බ්ලොග්වලින්ම ඒක පේනවා නොවැ. ඒ ගැන නම් ලිපියක් ලියන්න නම් මගේ අදහසක් ඇත්තේම නැහැ. ඒකට හේතුව මම ඒ මාතෘකාව ගැන කතා කරන්න අකමැති නිසා

      Delete
    2. @ hasitha,

      මටත් අර බ්ලොගය කියවලාම රාවණා කියද්දිත් හිනා යනවා..

      Delete
    3. @ හරී

      ඒක තමා අයියා. රාවණා රජතුමා ගැන තියෙන මේ විවිධාකාරයේ එකකට එකක් ගැලපෙන්නේ නැති කතා නිසාමයි ඒ මාතෘකාව ගැන කතා කරන එකට මම එන්නේවත් නැත්තේ....

      Delete
    4. මටනම් හිතෙන්නේ ඔය මීවන පලානයද මොකාද කියන එකා කරන්නෙ ලංකාවෙ තියන රාවණා සංකල්පයට ගරහලා හෑල්ලු කරන එක.. මම ඒ මගුල උඩින් පල්ලෙන් කියවල බැලුවා.. ඔක්කොම මනස්ගාත තියෙන්නෙ..

      දැන් හරීගෙ කමෙන්ට් එකෙන්ම පේනවා, ඒක දිගින් දිගට කියෙව්වම අපිට රාවණා ගැන අන්තිමට ඉතුරු වෙන්නෙ මොන වගේ ප්‍රතිරූපයක්ද කියලා..

      Delete
    5. @ සෙන්නා

      එකඟයි. දැන් රාවණා කිව්වාම මගේ නම් හිතේ මැවෙන්නේ මහා විකාර ප්‍රතිරූපයක්. මොකද රාවණාවාදීන්ගේ බේගල්වලින් ඒ හොඳ මනුස්සයාව විකාරයක් කරලා හමාරයි...

      රාවණා ගැන තියෙන මගේ කතාවක් කියන්නම්. ෆේස්බුක් සමූහයක බිතුසිතුවමක් දාපු කෙනෙක් කියලා තිබුණා ඒ බිතුසිතුවමේ ඉන්න කෙනාට හිස් කීපයක් තියෙන නිසාත් තේජස් බව වගේ දේවල් නිසාත් මේ රාවණා රජතුමා වෙන්න ඕනේ කියලා. හුඟක් අය ඒකට "ලයික්" වෙලත් තිබුණා. සන්තෝස නැතෑ රාවණා රජතුමාගේ රූපය තියෙන පරණ බිතුසිතුවමක් හම්බුණාම.

      ඒත් මට ඒක දැක්කාම මතක් වුණා ඒ කොහෙද කියලා. එ බිතු සිතුවම තියෙන්නේ කැලණියේ පැරණි විහාර කොටසේ. ඒ රූපය තියෙන්නේ මාර පරාජය දක්වන රූප තීරුවේ. සිතුවම් ශිල්පියා ඒ විදිහට හිස් කීපයක් සහ අත් කීපයක් එක්ක ඇඳලා තිබුනේ මාර දිව්‍ය පුත්‍රයාව.

      පස්සේ මම එයාට ඒක පැහැදිලි කළාම ඒක එයා පිළිගත්තා එයා අතින් වැරදීමක් වුනේ කියලා. පස්සේ මම කිව්වා "මේ විදිහට දකින දකින හැමදෙයක්ම රාවණා කියලා දකින්න ගියොත් නම් ඒක මහා විහිලුවක් වෙනවා. ඒක නිසා දෙයක් කියන්න කලින් ඒ ගැන විමසුම් නුවණින් හිතලා කියන්න කියලා

      Delete
    6. හොඳ වෙලාවට කිව්වේ. මම මේ අහන්නම කියල හිටියේ රාවනා ගැන මුකුත් ලියන්නේ නැද්ද කියල. අනේ පුලුවන්නම් රාවනා සංකල්පය ගැනත් ඇත්ත ඉතිහාසය ලියන්න. මම කලිනුත් කිව්වා වගේ මේ රටේ ඔලු විකුර්ති වෙච්ච දේෂප්රේමියෝ ඉතිහාසය අලුතෙන් ලියන්න හදනවා 'අපි තමා ලෝකෙටම පොරවල්' කියල. මේක අපේ ජාතියේ පිරිහීමට ලොකුම හේතුවක්. මෙහෙම ගියොත් තව ටික දවසකින් රාවනාවත් පිටකොටුවේ පේමෙන්ට් එකේ දාල විකුනයි !

      Delete
    7. @ චාමර

      ඇත්තම කිව්වොත් රාවණා රජතුමා ගැන ලියන එකට මම ස්වයං වාරණයක් දමාගෙන ඉන්නේ. ඒක ඒ තරමටම අප්‍රිය කටයුත්තක් මට. ඉදිරියේදී ඒ අදහස වෙනස් වුණොත් රාවණා රජතුමා ගැනත් සටහනක් මේ බ්ලොග් අඩවියේ ලියවේවි :)

      Delete
    8. @ සෙන්නා

      මීවනපලානේ රාජපක්ෂ කිව්වම මමත් මුලදී හිනා වුනා. ඒත් විමසිල්ලෙන් ආයෙම ඔහුගේ ලිපි බලන්න, ඔය රාවනා කෙබර වලට සියුම් පහරක් ඔහු ගහන විදිය.

      ඇත්තටම රාවණා සම්බන්ධ දේවල් වුනත් කතා කරන්න හිතෙන්නේ නැත්තේ රාවණා කෙබර හින්දා.

      Delete
    9. @ ක්සැන්ඩර් | Xander

      මීවනපලානේ රාවණාවාදී පරපුරේ නූතන පෙරගමන්කරුවෙක්. මීට ඉස්සෙල්ලත් හිටිය හුඟක් අය කළේ රාවණා කියන කෙනාට අතන මෙතන තිබ්බ ඔක්කොම ජාති එකතු කරලා අස්වාභාවික කරපු එක. මීවනපලානේත් කරන්නේත් ඒ වගේ දෙයක් වගේම මීට කලින් හිටිය රාවණාවාදීන් හීන් නූලෙන් කපන එක.

      ඒ කොහොම වුනත් ඒ කතා සියල්ලෙන්ම වෙලා තියෙන්නේ රාවණා කියන චරිතය හෑල්ලුවකට ලක් වෙලා තියෙන එක.

      උදාහරණයක් විදිහට කවුරු හරි ඉන්නේ මුල්ලේරියාවේ එහෙමත් නැත්නම් අංගොඩ කියලා කිව්වොත් හුඟක් අයට හිනා යනවා ඒ ප්‍රදේශවල මානසික රෝහල් [පිස්සන් කොටු] තියෙන නිසා.

      දැන් රාවණා කිව්වමහත් ඒ විදිහට තමා හාස්‍යයට ලක් වෙන්නේ.....

      Delete
    10. මීවනපලාන යනු රාවණගේ පෙරගමන්කරුවකු නොවේ. ඔහු රාවණ වාදීන්ගෙ මනස්ගාත සුනුවිසුණු කර දමන්නෙකි. එහි අවසාන ප්‍රතිපළය වන්නේ වර්තමානයේ වී ඇති පරිදි රාවණ අප්‍රිය වීමයි. ඔහුගේ බ්ලොග් අඩවිය සූක්ෂමය. එය ලංකාවේ බ්ලොග් අතර සිදුවූ මහා පෙරලියකැයි මට සිතේ.

      Delete
    11. මීවනපාලනේ ජයරත්නයන්ගේ වර්ගපුර්නිකාව බ්ලොගයෙන් මා උගත් එක් දෙයක් නම් උපහාසය නොතේරෙන අය කොතරම් ඉන්නවාද කියන එකයි.
      ඒ සමහරු එතන පැල් බැඳගෙන කමෙන්ට් දානවා එකක් පස්සේ එකක්.
      http://vargapurnikava.blogspot.com.au/2012/07/blog-google.html

      මගේ බ්ලොගේටත් ළඟදී අංකල් කෙනෙක් ඇවිල්ලා කමෙන්ට් කෝටියයි.
      http://kathandara.blogspot.com/2012/07/golden-oldies-and-cover-albums.html?showComment=1343005724747#c5134757340230521425

      .

      Delete
    12. @ em

      මීවනපලානේ ජයරත්න පෙරගමන්කරුවා වුනේ ඔයත් පිළිගන්න මෙන්න මේවා ටික නිසා :D

      1. ඔහු රාවණ වාදීන්ගෙ මනස්ගාත සුනුවිසුණු කර දැමීම.
      2. රාවණ අප්‍රිය කරවීම.
      3. ඔහුගේ බ්ලොග් අඩවිය සූක්ෂම වීම තුළින් ලංකාවේ බ්ලොග් අතර මහා පෙරලියක් කිරීම

      Delete
    13. @ කතන්දර Kathandara

      කතන්දරගේ ස්ථානෝචිත "මෙව්වා" එක හොඳයි වගේ :)

      Delete
    14. රාවණ කියන චරිතය මුලින්ම කරලියට එන්නේ රාමායනයෙන් , රාමායනය කියන්නේ කාලයක් මං පහරන්නෙක් වෙලා හිටපු ඩයල් එකක් ලියපු පොතක් , ඔකේ විලන් පාට් එක රාවණා ලංකාපුරයේ හිටියාය කියන එකෙන් තමයි වැඩේ පටන් ගන්නේ , ඔය ගැන සඳහන් වෙලා තියනවයි කියන අනෙකුත් මුලාශ්‍ර පොත් රාමායනයට පස්සෙ ලියවුනු ඒවා , මටත් රාවණා උණ තිබුනා උසස් පෙල කරපු කාලෙදි , ඒ ගැන කියවගෙන යන කොට තේරුණ දෙයක් තමයි ගොඩ දෙනෙක් කථා කරන්නේ තමන්ගේ හිතලු සහ උපකල්පන ගැනයි කියන එක . මේ දවස් වල ඇතිවෙලා තියන රාවණ ආමාරුවට හේතුව එක්තරා පත්තරයක් විකුණ ගන්න කෙබර හලන්න පටන් ගත්ත , මීපලානේ ගොය්යා කරේ එකෙන් හොඳ ආතල් එකක් ගන්න එක . අපි ඉතිහාසයේ මාර දියුණු ජාතියක් කියලා පොඩි චූන් එකක් ගන්න තියන බොහෝ දෙනෙක්ගේ තියන ආසාව නිසා තමා රාවණා කථා දිගට හරහට ශෙයා වෙන්නෙ , ඉතිහාසයේ කොයිතරම් දියුණු වුනත් වැඩක් නැ වර්ථමානය අසාර්ථක නම් , (පේනවනේ ඊජිප්තුවේ අද තත්වය ) ඒ නිසා ශාස්ත්‍රිය වශයෙන් ඉතිහාසය ගැන හදාරනවා හැර ඉතිහාසය කබල් ගගා මරණයෙන් නැගිටින රාවණා කෙනෙක් ගැන ෆැන්ටසි ලෝකයක ඉන්න එක තේරුමක් ඇති වැඩක් නෙවෙයි

      හසිතගේ ඉතිහාස ලිපිය වෙනද වගේම බොහොම ආසාවෙන් කියෙව්ව බව කියන්න ඕනි

      Delete
    15. @ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

      මගේ කතාවත් බුවාගේ කතාව වගේ තමා. මටත් උපෙ කාලේ තමා රාවණා උණ හොඳටම හැදිලා තිබුණේ. මම විද්‍යාලයීය සඟරාවටත් රාවණා ගැන ලිපියක් ලිව්වා. ඒත් ෆේස්බුක් ඇවිල්ලා ටික දවසකින් රාවණා ගැන කෙබරද මනස්ගාතද මන්දා හලන සමූහ දැක්කාම ටික ටික මේ ගැන කතා කරන එකත් එපා වෙන්න ගත්තා. ඒකේ උච්චස්ථානය තමා මීවනපලානේ ජයරත්නගේ වරිගපූර්ණිකාව.

      ම්ම් සතුටුයි ලිපිය ආසාවෙන් කියෙව්වා නම් :)

      Delete
  4. මුන්ට ගන්ට මේ රටේ ගෑණු නැතුව රටටම කෙළවෙච්ච හැටි :)

    බල තණ්හාව කියනදේ එදා ඉඳන්ම තිබිලනෙ. එක් එක් කෙනාගෙ පෞද්ගලික වුවමනාවන්ට රටක ඉතිහාසෙ වෙනස් වෙන හැටි..

    විශිෂ්ඨ ලිපියක්.. මතක්වෙන ප්‍රශ්න කමෙන්ට් කොටුවෙ ලිව්වමත් අන්තිමට පෝස්ට් එකේම එව්වට උත්තර තිබ්බා..

    හැම මදුරාපුර කුමාරියකටම දරුවො හිටියෙ නැද්ද? පුතුන් හිටියෙ නැද්ද?

    වඩිග පටුන නැටුම තියෙන්නෙ නායක්කර්වරුන්ට උපහාස කරන්නද?

    ReplyDelete
    Replies
    1. @ හරී

      මේ රටේ ගෑණු නොහිටියාම නෙමේ. ඒ වගේමයි කුලවත් කාන්තාවනුත් නොහිටියාම නෙමේ. ඒත් සූර්ය වංශික කාන්තාවන් නොසිටීම තමා කෙළවිල්ලට මුල් වුණේ....

      ප්‍රශ්න ඔක්කෝටම පෝස්ට් එකෙන්ම උත්තර දෙන්න පුලුවන් වුණු එක නම් හොඳා තමා :)

      මදුරාපුරයෙන් ගෙනාපු කිසිම බිසෝ කෙනෙක්ට දරුවන් නොසිටිය බව තමා කියවෙන්නේ. ඒත් අන්තිම රජතුමා වුණු ශ්‍රී වික්‍රම රාජසිංහගේ බිසෝවරුන්ට නම් දරුවන් සිටියා.

      නායක්කර් රජවරුන්ගේ බිසෝවරුන්ට දරුවන් නොසිටීම නිසා සමහරු කියන කතාවක් තමා නායක්කර් රජවරු "වඳ" කට්ටිය කියන එක. ඒත් ඒ රජවරුන්ගේ යකඩ දෝළි බිසෝවරුන්ට දරුවන් හිටිය එක නොවැ වැඩේ....

      වඩිග පටුනෙන් කරන්නේ නායක්කර්වරුන්ට උපහසයක්ද කියලා නම් කියන්න දන්නේ නැහැ. ඒකෙන් වඩිග දේශෙන් ආපු බමුණන් 7 දෙනෙක්ගේ සිද්ධියක් නේ පෙන්වන්නේ..... ඔන්න අතුරු මිතුරු දඹදිව තුරු කවියෙන් නම් සීතාවක රාජසිංහ රජතුමාගේ පුරෝහිතයා වුණු අරිට්ඨකීවෙණ්ඩුට මඩ පාර ගහනවා :D

      Delete
    2. "ඒ රජවරුන්ගේ යකඩ දෝළි බිසෝවරුන්ට දරුවන් හිටිය එක නොවැ වැඩේ" දස්කොන්ලගෙන් වෙන්න බැරිද?

      නායක්කර් බිසව් හැමෝටම දරුවන් නැති එක නම් ටිකක් පුදුමයි නේද? පරම්පරා ගානක්ම එහෙම වෙනවනෙ.. බිසවන්ගෙ සොහොයුරන්ගෙ කුමන්ත්‍රණයක් වත්ද?

      Delete
    3. @ හරී

      දස්කොන් හිටියේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ කියන අන්තිම සිංහල රජතුමාගේ රාජ සභාවේනේ. ඊට පස්සේ අග බිසවට දරුවන් නැති වෙන නායක්කර් රජවරු තුන් දෙනෙක් ඉන්නවානේ.

      නායක්කර්වරු කුල නීති ගරු කරන පිරිසක් නිසා තමන්ගේ කුලයේම අය අතර විවාහ සබඳතා සිද්ධ වෙන නිසාත් වඳ බව කියන එක සමහර විට ජානවලින්ම එන ලක්ෂණයක් වෙන්නත් පුලුවන්.

      බ්‍රිතාන්‍ය රජ පවුලේත් බොහෝ වෙලාවට රජ පවුලේම අය අතර විවාහ සබඳතා වුණු නිසා "හිමෝෆීලියාව" කියන රෝගය රාජකීයන්ට උපතින්ම උරුම වෙන රෝගයක් විදිහට මම අහලා තියෙනවා.

      Delete
    4. මම කිව්වෙ දස්කොන්ගෙන් කියලා නෙමෙයි. 'දස්කොන්ලාගෙන්' කියලා..

      අර්ථය වැටහුනානෙ..

      Delete
    5. @ හරී

      ඒක වෙන්නත් පුලුවන්. ඒත් දස්කොන්ගේ සිද්ධියෙන් පස්ස අනිත් අයත් සමහර විට පාඩමක් ඉගෙන ගන්න ඇති. මොකද ඒ වගේ දේවල් මාට්ටු වෙනවා කියලා ඉතින් හිස ගසා දාන එක අනිවා ඩෙෆා

      Delete
    6. මදුරාපුරයේ ඇත්තෝ අපෙ උන්ට ගෑනු දෙද්දි IUCD දමා හෝ LRT සැත්කම් කිරීමෙන් පසුව ගෑනු දුන් බව තමයි හිතන්ඩ වෙන්නේ.එතකොට අපේ උං හැමදාම උංගෙං ගෑනු ගන්ඩ යනවනෙ.ඒ කාලෙත් එහෙ තියෙන්ඩ නැතුවයෑ ජනගහන ප්‍රශ්නෙ.ඉතිං එක එක හරි ගෑනු පිටරටවලට යන එකත් ලොකු දෙයක් නෙව :)

      Delete
    7. ආන්ද්‍ර ප්‍රදේශ්වලින් බමුණෝ ආවේ නුවට විතරක් නොවෙයි. වෙන්ඩුපෙරුමාල් ආපු කාලේ තව බමුණෝ රොත්ත්ක්ම ආවා.
      කාරියප්පෙරුමාල්
      සූරියප්පෙරුමාල්
      ඉලෙයිප්පෙරුමාල්
      මදුරප්පෙරුමාල්
      සෙන්දුප්පෙරුමාල්
      වීරප්පෙරුමාල්
      ...

      Delete
    8. @ කතන්දර Kathandara

      ඇයි නීලපෙරුමාල් :D

      Delete
    9. @ දිනුක,

      කඩේ පැටව් දාන්න බැරි බැල්ලියො විකුණනවා වගේද?:)

      Delete
  5. Replies
    1. @ ඉන්ද්‍රජිත්

      ස්තුතියි මලයණ්ඩි :)

      Delete
  6. සිරාම පොස්ට් එකක්....දවසක අයෙත් මේ සේරිස් එක මුල ඉඳන් බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. @ මානවක

      නිදහස් වෙලාවක මුල ඉදන්ම කියවලා බලන්න. ඒ වගේමයි කමෙන්ට්වලිනුත් ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. තව දෙයක් තමා මේ දවස්වල ලියවෙන සමහර කතන්දරවල ඒ මුල කතාවලත් යම් සම්බන්ධයක් තියෙන නිසා කොහොමත් මුල කතා ටික කියවන එක හොඳා

      Delete
  7. Replies
    1. @ Anonymous July 22, 2012 11:01 AM

      මම හිතන්නේ 1739 වැරදි කියලා ඔබ අදහස් කලේ මෙතනදී වෙන්න ඕනේ...

      "ඒ අනුව 1739 දී කුසුමාසන දේවිය මූලික කරගෙන I විමලධර්මසූරිය රජතුමා ආරම්භ කළ රාජ වංශය අවසන් වෙලා නායක්කර් වංශික රජ පෙළපතකට සිහසුන හිමිවෙනවා"

      එතන වර්ෂය 1729 කියල කොඩ්‍රිංටන්ගේ පොතේ තියෙන බව හැබෑව. ඒත් මහාවංසය, උඩරට රාජධානිය සහ ශ්‍රී ලංකාවේ ඉතිහාසය 3 කාණ්ඩය කියන පොත්වල තියෙන්නේ වර්ෂය 1739 කියලා....

      Delete
  8. හැම රජෙක්ම ඉන්දියාවෙන් බිසෝවරු ගෙන්වන්නෙ...කුලය පිලිබඳ ප්‍රශ්නය නිසාමද...?

    ReplyDelete
    Replies
    1. @ වීපොකුර

      හැම රජෙක්ම කියලා අදහස් කළේ කන්ද උඩරට හැම රජෙක්ම කියන එක කියලා හිතනවා. දකුණු ඉන්දියාවෙන් බිසෝවරුන් ගෙන්වන්නේ එක හේතුවක් තමා කුලය ප්‍රශ්නය. ඒ කියන්නේ සූර්ය වංශික රාජාවලිය අඛණ්ඩව පවත්වා ගෙන යන්න එතකොට පුලුවන් වෙන නිසා.

      ඒ හැරෙන්න ඒ විදිහට දකුණු ඉන්දියාවේ රාජ්‍ය එක්ක විවාහ සබඳතා ඇතිකරගන්න එක යුධ කටයුතුවලට ආධාර ලබාගන්න පහසුවක්.

      තව විශේෂම කරුණක් තමා උඩරට රදළයන්ගේ දියණියන් අගබිසොව විදිහට ගත්තාම එක් රදළ පාර්ශවයක් බලවත් වෙනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ රදළයන් අතර පවතින බල අරගලය තව තවත් උග්‍ර වෙන එක. ඒකත් එල්ල විදේශයකින් අග බිසොවක් ගෙනාපුවාම රදළ බලය පාලනය කරන්නත් එක අතකට පහසුවක්

      Delete
  9. ඉතාමත්ම වටිනා කරැණු එකතුවක්.... මා ඉතාමත්ම අගය කරනවා ඔබේ මේ වෑයම... ජය!

    ReplyDelete
    Replies
    1. @ සිරාගේ කාමරේ

      ස්තුතියි ඔබටත්. තවත් ඉදිරියට මේ කතා කීපයක්ම පලවේවි

      Delete
  10. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. @ අඩවි රජ

      පේනවනේ කට්ටියකට සුභ වෙලා අන්තිමට රාජ සම්පත් ලැබුණු හැටි :D

      Delete
  11. නියමයි..ගොඩක් නොදන්න ඒව තියේ...!!!

    ReplyDelete
    Replies
    1. @ චතුරංග කසුන්

      දැන් නොදන්නවා නෙමෙයිනේ. දැන් හොඳට ඒ ගැන දන්නවානේ :)

      Delete
  12. Super post, as usual.

    Used to know some Unamboowe people from Kandy. Wonder whether they're descendants of royalty.

    ReplyDelete
    Replies
    1. @ shammi

      උනම්බුවේ කුමාරයා රජවෙනවාට එයාගේම නෑයන් විරුද්ධ වෙන්න ඇත්තේ මෙන්න මේ නිසා වෙන්නත් පුලුවන් කියලා මට හිතෙනවා. සිංහල සිරිත තමා රජතුමාට වැඩිමහල් වේවා, බාල වේවා බිම දිගාවෙලා නමස්කාර කරන එක. ඒ වගේම රජතුමා ඉදිරියේ හැසිරෙන්න ඕනේ ආකාරයකුත් තියෙනවා නොවැ.

      ඒ වගේ තත්වයකුත් එක්ක තමන්ගේම කුලේ බාලවයස්කාරයෙක් රජ වුණාම එයාට ගරු සත්කාර කරන එක ඒ කුලයේ වැඩිමල්ලන්ට ප්‍රිය නොවුනා වෙන්න පුලුවන්.

      අහලා ඇති නේද බුදු හාමුදුරුවෝ මුල්ම වතාවට තමන් වහන්සේගේ උපන් ගම වුණු කිඹුල්වතට වැඩම කරපු අවස්ථාවේ කුල මානයෙන් මත්වෙලා හිටිය වැඩිමහල් ශාක්‍යයෝ කරපු වැඩේ ???

      Delete
    2. Interesting theory about the Unamboowe relatives. I wouldn't be even a bit surprised.

      Being a non-Buddhist, I'm clueless about Buddhism and Buddhist literature, and haven't heard this particular story either. However, thanks to your blog, I'm learning a few things about that too :)

      Delete
    3. @ Shammi

      තමන් වහන්සේගේ පියා වුණු සුද්ධෝදන රජතුමාගේ ආරාධනාවෙන් තමන් වහන්සේගේ උපන් බිම වුණු කිඹුල්වතට බුදුන් වහන්සේ වැඩම කලා.

      කිඹුල්වත් නුවර රජ දරුවන් බොහොම ආඩම්බරකාර ජාතියක්. ඒක නිසා වැඩිමහල් ශාක්‍යයන් කල්පනා කළා

      "දැන් ඔය බුද්ධ කියලා එන්නේ අපිට වඩා බොහොම බාල සිදුහත් කුමාරයා නොවැ. කවුද දන්නේ ඇත්තටම බුදු වුනාද කියලා ... අපිට පුලුවන්ද එයාට වඳින්න" කියලා

      හැබැයි ඔක්කොම වඳිද්දී තමන් විතරක් නොවැඳ හිටියොත් ඒක කැපී පේන නිසා එතනත් සවුත්තු වෙන්න වෙන නිසා වැඩිමහල් ශාක්‍යයෝ ඒකට උපායක් කල්පනා කළා.

      එයාලා තමන්ගේ දරුවන්ට උපදෙස් දුන්නා බුදු හාමුදුරුවෝ ගාවට ගිහින් වන්දනා කරලා ආපහු එන්න එපා එතනම වාඩිවෙන්න කියලා. ළමයි වාඩිවෙලා ඉන්න නිසා බුදුන්ට වඳින්න ඉස්සරහට එන්න බැහැ කියලා ප්‍රෝඩාව කරන්න පුලුවන්නේ....

      උපායේ විදිහටම ශාක්‍ය දරුවෝ බුදුන් වන්දනා කරලා එතනම බිම ඉද ගත්තා. වැඩිමහල් ශාක්‍යයෝ පිටිපස්සට වෙලා හිටියා. මේක අනුන්ගේ සිත් දන්නා නුවණ තියෙන බුදුන් වහන්සේ තේරුම් අරගෙන බුදු කෙනෙකුට පමණක් සිදු කරන්න පුලුවන් "යමා මහ පෙලහර" පානවා තමන්ගේ නෑයින් වන ශාක්‍යයන්ගේ මානය බිඳින්න...

      පෙළහර අවසානයේදී ශාක්‍යයන්ගේ ප්‍රධානියා වුණු ඒ වගේම බුදු හාමුදුරුවන්ගේ පියතුමා වුණු සුද්ධෝදන රජතුමාම ඉදිරියටම ඇවිත් "ස්වාමීනී, මේ මාගේ තුන්වෙනි වැඳීමයි" බුදුන්ට වඳිනවා. ඒ වගේමයි අනික් ශාක්‍යයෝත් ඇවිත් වඳිනවා...

      උනම්බුවේගේ ඥාතීන් අකමැති වෙන්න ඇත්තේ ඒ වගේ හේතුවක් වෙන්න ඇති කියන එක මගේ අනුමානයක් විතරයි...

      අනෙක් අතට උනම්බුවේ කුමාරයා එක්ක හිතවත් ලෙව්කේ එක්ක තිබුණු ආරාවුලක් නිසා උනම්බුවේ රජවීමෙන් ලෙව්කේ බලවත් වීම තමන්ට තර්ජනයක් වෙන නිසා උනම්බුවේගේ රාජ්‍යත්වයට ඔවුන් විරුද්ධ වුණා වෙන්නත් පුලුවන්

      Delete
    4. Thanks for the clarification, Hasitha. But I dont know what 'yamaa maha pelahara' is either :/

      Delete
    5. @ shammi

      යමා මහ පෙළහර/ යමා මහා ප්‍රාතිහාර්යය කියලා හඳුන්වන්නේ ලොවුතුරා බුදු කෙනෙකුන්ට පමණක් සිදුකළ හැකි ප්‍රාතිහාර්යයක්.

      ගෞතම බුදුන් වහන්සේ යමා මහ පෙළහර පාපු අවස්ථා තුනක් බෞද්ධ සාහිත්‍යයේ හමුවෙනවා. ඒව අවස්ථා තුන පිළිවෙලින් දැක්වුවොත්

      බුද්ධත්වය පත්වෙලා පළමු සතියේදී බෝසතාණෝ බුදුවුනාද කියලා දේවතාවන්ට ඇතිවුනු සැකය දුරු කරන්න,
      තමන්ගේ ඥාතීන් දකින්න කිඹුල්වත් පුරයට වැඩම කළ අවස්ථාවේ ශාක්‍යයන්ගේ මානය බිඳින්න,
      ගණ්ඩබ්බ අඹ රුක මුලදී අන්‍යාගමිකයන්ගේ මානය බිඳින්න,

      මෙහිදී සිදුවෙන්නේ එක් එක් ධ්‍යානවලට බුදුන් වහන්සේ සමවදිමින් ගිනි සහ ජලය පිටවන සහ ඇතුළු වෙන ආකාරයක් පෙන්වීම.

      පිළිවෙලින් දැක්වුවොත් යමා මහ පෙළහර ආරම්භ වෙන්නේ බුදු සිරුරෙන් නිකුත් වෙන ආලෝකයෙන් දස දහසක් සක්වල සතර අපා, සදෙව් ලොව ආදි සෑම තැනම ආලෝකමත් වෙන එක.

      මීළඟට බුදුන් වහන්සේ අධිෂ්ඨාන කරනවා තමන් වහන්සේම මේ සෑම ලෝක ධාතුවකම සිටින සත්වයන්ට පෙනේවා කියලා. ඒ වගේමයි ඔවුනොවුන් පවා පෙනේවා කියලාත් අධිෂ්ඨාන කරනවා.

      ඒකට උදාහරණයක් කිව්වොත් මිනිසුන්ට දෙව් බඹුන් පේනවා.....

      මීළඟට බුදුන් වහන්සේ සමාපත්තියට සමවැදිලා නාභියෙන්, ඇස්වලින්, ඇඟිලිවලින්, මුඛයෙන්, කන්වලින්, නාස්වලින් ආදී වශයෙන් බුද්ධ ශරීරයේ සෑම තැනකින්ම නහඹ තල් කඳක් ප්‍රමාණයේ ජල කඳක් සහ ගිනි කඳක් පිට වෙනවා වගේම ඇතුල් වෙන ආකාරය පෙන්නුම් කරනවා.

      මේ ජල කඳෙන් සහ ගින් කඳෙන් කිසිවෙකුටත් හානියක් වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් මේ ක්‍රියාවලිය ඉතා වේගවත්ව සිදුවෙනවා. අවසාන වශයෙන් තමන් වහන්සේ හා සමාන තවත් බුදුරුවක් මවා ගෙන ඒ ප්‍රාතිහාර්යය පෑමත් බුදුන් වහන්සේ සිදු කරනවා.

      තවත් අතුරු විස්තර තියෙනවා. සරලව යමා මහ පෙළහර කියන්නේ මේකයි.

      Delete
    6. Now that's clear too. Pin sidu wewa!

      Delete
    7. @ shammi

      සාදු සාදු සාදු :)

      Delete
  13. හප්පා.... අපේ මුතුන්මිත්තො රජකමට තියෙන උරුමය පිට දාල මාර වැඩ නේද කරල තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. @ hare :-)

      රාජ උරුමයට තමන්ගේම තාත්තලාව සහෝදරයන්ව මරලා තියෙද්දී ඉතින් මේවත් වැඩද

      Delete
  14. වෙනදා වගේම අදත් සුපිරියි..
    ජයවේවා හසිතයියේ..

    ReplyDelete
    Replies
    1. @ තරියා අබේ

      ජයෙන් ජයම වේවා :)

      Delete
  15. ගොඩාක් දේවල් දැනගත හැකි ලිපියක්.

    මේ කියන කාලේ මදුරෙයි වල Marumakkathayam law කියලා එකක් තිබුනද? ඒ කියන්නේ රජ උරුමය උනත් ලැබෙන්නේ කාන්තා පාර්ශ්වයට වගේ.

    //නමුත් රජතුමාට ගොවි කුලයේ යකඩ දෝළියක සිටි බවත් රජතුමාට දාව ඇයට උනම්බුවේ බණ්ඩාර නමින් පුතෙක් වූ බව ලන්දේසි ලේඛනවල පවා සඳහන් වෙනවා.//

    ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුට තවත් භාර්යාවක් හිටියා කියනවා නේද? ඉතා රූමත් කාන්තාවකවූ මාතලේ මොණරවිල දිසාවගේ දුව. ඇයට පුතෙකු ලැබුනු මුත් ඔහු කුඩා කාලෙදිම මිය ගියාලු.

    මේ යකඩ දෝළියක ලෙස සඳහන් වෙන්නේ ‘concubine’ කියන එකද?

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      මරුමක්කාථයම් නීතිය ඒ දවස්වල මදුරාවල තිබුණාදැයි කියන්න මම නම් හරියටම දන්නේ නැහැ. කොහොම නමුත් මාතෲ මූලික වෙන උරුම ක්‍රමයක් මරුමක්කාථයම් නීතිය යටතේ නායක්කර්වරුන් අතර තිබුණු නිසා සමහර විට මදුරාවේ නායක්කර්වරුන් අතරත් ඒක පිලිගැනීමකට ලක්වෙලා තිබුණා වෙන්න පුලුවන්.

      මොනරවිල දිසාවේගේ දියණිය නරේන්ද්‍රසිංහ රජතුමා සරණ පාවාගෙන හිටිය බවට කියවෙන කවි හමුවෙලා තියෙනවා. ඒ කවි දෙකකුත් "උඩරට රාජධානිය" පොතේ තියෙනවා.

      එ මැති හට දා වූ
      රුසිරෙන් සිරි සදා වූ
      ගුණයෙන් පිරි සදා වූ
      කුමරියක් ඒ විමන දා වූ

      රිවිකුල ගොත් පබද
      නරෙන්ද්‍ර සිංහ නම් මහරද
      දැක ඒ ළඳ පෙම් බැඳ
      ගෙන්නවා නෙක ඉසුරු දී සොඳ

      ඒ හැරෙන්න කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ යකඩ දෝළියක් වුණු මාම්පිටිය දිසාවේගේ දියණියට රජුට දාව පුත්තු දෙන්නෙකුත් දූවරු හය දෙනෙකුත් හිටිය බව කියනවා.

      මට මතක විදිහට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේත් යකඩ දෝළියකට පුතෙක් ඉන්නවා. නම වාසල බණ්ඩාරද කොහෙදෝ.......

      Concubine කියන එකට දෙන සිංහල අර්ථය "උප භාර්යාව" නිසා ඒ යකඩ දෝළියට භාවිතා කරන වචනයක් වෙන්න ඕනේ....

      Delete
    2. අග විසව ගමන් කලේ රන් දෝලාවක, නම ආවේ එහෙමයි.

      සීනියොරිටි එක අනුව රිදී දෝලා සහ ඊලඟට යකඩ දෝලා තිබුණා.

      ප්‍රමිලා ගෙනාවාම එතෙක් රන්දෝලියව සිටි (මොනරවිල බිසෝ) රිදී දෝලිය වුණා!

      Delete
    3. Concubine කියන්නේ Spare wheel එකටයි

      Delete
    4. @ කතන්දර Kathandara

      හරියට හරි කසූ. අග බිසවට රන් දෝලාවක්. අනික් බිසෝවරුන්ට යකඩ දෝළා. ඒත් රිදි දෝලා තිබුනා කියලා නම් මම දන්නේ නැහැ.....

      Delete
  16. හරිම අගෙයි සහෝ..ඔබට ඇත්තටම තේරෙන්න කියල දෙන්න තේරෙනවා..නියම.............................යි.මගේ පුතාවත් ඔයා ගාවට එවන්නම්කො ඉගනගන්න අනාගතේදී හ්ම්ම් :) හි හි..

    ReplyDelete
    Replies
    1. @ හිරුහිමාවී

      පොතක් ලිව්වද, ගහක් හිටෙව්වද ???

      Delete
  17. බලනකොට උඩරට හිටි රදළ වරු කරලම තියෙන්නේ රට ජාතියට සේවයක් නෙමේ නේ, අනික් එක සිංහල රජ පෙළපත් ඒ වෙනකොට නැති වෙලා තිබුනද මෙහෙම පිටින් ගෑණු ගේන්න,
    ගොඩක් වටිනා ලිපියක් වෙනදා වගේම

    ReplyDelete
    Replies
    1. @ ItalyDilan

      උඩරට රදළයන් කීප දෙනෙක් නම් හිටියා රට ජාතිය වෙනුවෙන් හිතන. ඒත් බහුතරය හිතුවේ රජතුමා බලයෙන් පහකිරීම, තමන් රජවීම කියන කාරණා ගැන...

      සිංහල රජ පෙළපත් නැතිවෙලාද තිබුනේ කියන එක හොඳ ප්‍රශ්නයක්. මේ දවස්වල අපි ඒ ගැන ගවේෂණයක් කරන නිසා ඉදිරියේදී තව කරුණු හරියටම කියන්න පුලුවන් වෙයි

      මම කලින් කිව්වා වගේ කෝට්ටේ යුගයේදී කීරවැල්ලේ නමින් ක්ෂත්‍රීය පරපුරක් ඉදලා තියෙනවා. ඔවුන් පැවත ගෙන ආවේ දළදාව වඩම්මපු හේමමාලා දන්ත කුමාරයාගේ පරම්පරාවෙන්. ඒ හැරෙන්න තව ක්ෂත්‍රීය පරම්පරා කීපයක් කෝට්ටේ යුගයේදී පැවතිලා තියෙනවා.

      නමුත් මහනුවර යුගයට එද්දී මෙයාලා සම්බන්ධ තොරතුරු හමුවෙනවා අඩුයි. තමන්ගේ ආරක්ෂාව පතා මෙයාලා හැංගිලා ඉදලා තියෙන්නේ... ඒක නිසා තමා උඩරට රජුන්ට සූර්ය වංශික කුමරියන් හොයන්න ඉන්දියාවට යන්න වෙන්නේ...

      …හැබැයි මේ සැඟවුනු ක්ෂත්‍රීය පරම්පරාවලින් පැවත එන අය තාමත් අමිශ්‍රව ඒ කියන්නේ තමන්ගේ පරම්පරාවේ අය අතර විතරක් විවාහ සම්බන්ධතා පවත්වමින් අප්‍රකටව ඉන්නවා

      Delete
  18. උඩ රට 'රදළවරු' 'උඩරට රජවරු' කියන්නෙ දෙකොටසක් නේද අයියෙ? සමහරු ඕක පටලව ගන්නවනෙ.. ඔයාගෙ රජ කතා මම හරිම ආශාවෙන් කියවන්නෙ..ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. @ වින්චැට් කිරිල්ලි

      කිරිල්ලිට මම අයියාද වෙන්නේ :D
      ඒ කියන්නේ මමත් නාකි මනුස්සයෙක්ද :)

      …උඩරට සමාජ සංවිධානයත් එක්ක "ගොවිගම" කියන කුලය තමා ඉහළ මට්ටමේ හිටියේ. ඒ කුලයේත් හිටිය අනු කොටස් යටතේ රදළ කියන කොටස තමා උඩරට නිලධාරී පැළැන්තියට පත්වුනේ... ගොවිගම කියන ඉහලම කුලයේ අය වුණු නිසාත් විවාහ සම්බන්ධතා ආදියෙන් රජවරුන් එක්ක සම්බන්ධතා තිබුණු නිසාත් මේ රදළ කොටස බොහොම ආඩම්බර පිරිසක් වුණා.

      හුඟක් රදළයන්ගේ හිත්වල රජවෙන්න උවමනාව තිබුණත් ඒකට අවස්ථාවක් ලැබුණේම නැහැ. එයාලා අතරත් තියෙන සමානකම වගේම බල ලෝභීතවය නිසා තමා ඒක වුණේ...

      තව රජ කතා ඉස්සරහටත් තියෙනවා :)

      Delete
  19. වෙනදා වගේම ගොඩක් දේවල් දැන ගත්තා. පැහැදිලිව විස්තර කරල තියනවා. ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      මාගේ බලවත් ප්‍රීතිය හා ස්තුතිය :)

      Delete
  20. සුපුරුදු ලෙස රසවත්ය..පට්ටයි

    ReplyDelete
  21. ඉතිහාසය ගැන කිසිදු අවබෝධයක් නැති මම මේ කතා කියවලා තමයි යම් අවබෝධයක් හරි ලබා ගන්නේ.
    රාජදිරිජසිංහ පරපුරේ කන්නසාමි රජු ගැන නම් අහල තියෙනවා. ඔහු ගැන නූර්ති ගී පා තියනවානේ.

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      කන්නසාමි රජු කියලා කියන්නේ අවසන් රජතුමා වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට. එතුමා රාජාධිරාජසිංහ පරපුරේද කියන එක නම් ගැටලුවක්.

      ඔබ කියන නූර්තිය මම හිතන්නේ 1906 දී ජෝන් ද සිල්වා මහත්තයා නිෂ්පාදනය කරපු "ශ්‍රී වික්‍රම" නූර්තිය වෙන්න ඕනේ. ඒකේ "දන්න වංහුං" කියන ගීතය තාමත් ජනප්‍රියයි නොවැ :)

      මෙන්න මේ සටහනෙන් ඒ ගැන මම කතා කළා

      http://aagiyakatha.blogspot.com/2012/07/09.html

      Delete
  22. අදත් වැදගත් තොරොතුරු ටිකක් මලයා.. මේ නායක්කර් වව්ශය ගැන ඉස්කොලෙත් ඉගැන්නුවනේ.. :)

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      හැබැයි ඉස්කෝලේ මෙච්චර දේවල් ඉගැන්නුවේ නැහැනේ :D

      Delete
  23. ඒ ගොල්ලොත් එක්ක කරන කොයි ගනුදෙනුවත් ඉවර වෙන්නෙ ඔහොම තමා..

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      ඒ ගොල්ලෝ කිව්වේ ??

      Delete
    2. ඒ ගොල්ලො කිව්වෙ, ලොකු අයියලෑ කට්ටිය..

      Delete
    3. @ සෙන්නා

      අපේ අයියලා ඉතිහාසයෙන්වත් පාඩම්ක් ඉගෙන ගන්න එකක්යැ :(

      Delete
    4. ඉතිහාසෙන් පාඩම් ඉගනගන්නෙ කොහෙද, ඉතිහාසෙ උගන්නනෙත් නෑ.. දන්නෙත් නෑ.. ඉතින් අපේ අය දවල් වැටුන වලේ රෑත් වැටිලා ආයෙ දවලුත් වැටෙනවා..

      Delete
    5. ඉතිහාසේ කන්නද ?
      (පොඩි මතක් කිරීමක් ඈ)

      Delete
    6. @ සෙන්නා

      ඒක ඉතින් ජාතියේම අවසනාව :(

      Delete
    7. @ මහසොහොන් පිල්ලිය

      එහෙම කියපු උන්දැලාත් හිටියා නොවැ..... :(

      Delete
    8. හැබැයි මම එකඟයි ඔය ඉතිහාසේ කන්නද කියන කථාවට එක්තරා දුරකට, ඉතිහාසේ ඉගෙන ගන්නවා මිසක් බදාගන්න එක තෙරුමක් ඇති දෙයක් නෙවෙයි , එක අතකින් ඉතිහාසය කියන්නේ යම් කිසි කෙනෙකුගේ විවරණයක් / කිහිපදෙනෙකුගෙ විවරණයක් මිසක් සම්පූර්ණ සත්‍යය නෙවෙයි . මේක පුස්කොල පොත් ලියපු යුගේට වගේම අදටත් වලංගුයි . අපි 1990 වෙච්ච දෙයක් ගැන කථා කරත්දි යොදා ගන්න විඩියෝ, ඔඩියෝ , ඡායාරූප , පුවත්පත් ආදි සියල්ල තුල තියෙන්නේ එක එක්කෙනාගෙ විවරණ මිසක් ඇත්තම නෙවෙයි

      Delete
    9. @ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

      ඔව්. උදාහරණයක් විදිහට ගත්තොත් කවුරු හරි අපේ මුතුන් මිත්තෝ මෙහෙමයි අරව කළා මේවා කළා. ඒවා කරද්දී සුද්දෝ හෙලුවෙන් ගස් උඩ හිටියේ වගේ කතා කිය කිය ඉන්නවා නම් කිසි තේරුමක් නැහැ තමා. එතකොට තමා අහන්න වෙන්නේ "ඉතිහාසේ කන්නද" කියලා :D

      Delete
  24. නියමයි මල්ලී . . නියමයි . . හරිම අගෙයි . .

    ඒක නෙමේ පොඩි වැඩක් කරන්න බැරිද?

    ලංකාවේ අන්තිම රජතුමාගෙන් පටන් අරගෙන ඉහලට යන දාමයක් එක්සෙල් වලින් හදලා පෝස්ට් එකක් දාන්න බැරිද?

    අර අපි ඔර්ගනයිසේෂන් චාර්ට්ස් හදන්නේ . . අන්න ඒ විදිහට. . .!

    ReplyDelete
    Replies
    1. @ දුකා

      අදහසත් හොඳයි. අකුරුත් ගැලපෙනවා අයියා. ඒත් ගැටලුව එක්සෙල් සම්බන්ධ මගේ දැනුම බොහොම අඩුයි.

      ඒක නිසා වැඩේ කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයාට ෆුල් සප් එක දෙන්න නම් මට පුලුවන්

      Delete
    2. ඇත්තමයි. හොඳ අදහස

      Delete
    3. @ Bindi

      අදහස නම් හොඳයි තමා අක්කේ. ඒත් තාක්ෂණික ප්‍රශ්නනේ. ඒ වැඩේ කරන්න කවුරු හරි උදව් කරනවා නම් ඔක්කොම චාට් ටික අතින් ඇඳලා දෙන්න මට පුලුවන්

      Delete
    4. මටත් මේ කියන්නම කියල හිතුනු දෙයක්. visio වලින් ඕක හොඳට කරන්න පුළුවන්.. වෙලාව තමයි ප්‍රශ්නය... ඉඩක් ලැබුණු ගමන් මම හෙල්ප් එකක් දෙන්නම් :)

      Delete
    5. @ සඳ තරු නිහඩයි

      ස්තුතියි. ඔන්න ඔයාගේ හෙල්ප් එක හම්බෙනකම් බලාගෙන ඉන්නේ......

      Delete
  25. මට නිකම් මොනවදෝ කෑවා වගේ.
    මට කවදාවත් ලංකාවේ ඉතිහාසය තේරෙන්නේ නෑ. මට අහුවෙලා තියෙන්නේ බොහොම ටිකයිනේ. ඒකත් ඔය මොකක් හරි බලන්න ගියාම දකින ටිකනේ.
    වටිනා කියන සටහන් හසිත. කූඩෝස් ටු යූ

    ReplyDelete
    Replies
    1. @ Il mondo di una povera pazza

      අහුවුණු ටික බොහොම ටික වුණාට හොඳ ටිකක් අහුවෙලා තියෙන බව ඔයාගේ කතාවලින් පේනවා. කමක් නැහැ ටික ටික ඉගෙන ගමු. රෝමය ගොඩනැගුවා කියන්නේත් එක දවසින් නෙමේලුනේ.....

      කූඩෝස් කියලා කියන්නේ ස්තුතියි කියන තේරුම එන වචනයක් කියලා නම් හිතෙනවා.... මොකක්ද මේ භාෂාව ?

      Delete
    2. කුඩොස් = විශිෂ්ටයි = විශිෂ්ට ගනයේ ක්‍රියාවකට කරන සුබපැතිමක් හෝ ප්‍රශංසා කිරීම
      භාෂාව = ග්‍රීක්
      උදා: කොහොමද කෑම ? , කුඩොස් (අති විශිෂ්ටයි) සේර්

      Delete
    3. @ මහසොහොන් පිල්ලිය

      efcharistó polý :)

      Delete
  26. රජ පරපුර ඉවර උනාට, හසිත ලිපි ලියන එක එහෙම නවත්තනව නෙමෙ ඕං.. හරිය?

    ReplyDelete
    Replies
    1. @ Anonymous July 23, 2012 9:02 AM

      තව ඉස්සරහටත් පුලුවන් කාලයක් මම ලිපි ලියාවි..... ඒත් රජ කතා නම් තව ටික දවසකින් ඉවර වේවි

      Delete
  27. මේ ලිපිය කියවපු මටත් ඇතිවුනේ හරීට ආපු ප්‍රශ්නයම තමා..ඒ ඇයි මේ නායක්කාර් පෙලපතේ බිසවුන්ට දරුවන් නැත්තෙ කියන එක..

    සමහරවිට තමන්ට රජ වෙන්න ඕන නිසා බිසව කරගත්තත් එයාලාට වැඩිය යකඩ දෝළියට වැඩි තැනක් හිමි වෙන්න ඇති..

    කොහොම වුනත් ස්තුතියි හසිත මේ විස්තර හොයලා,ටයිප් කරලා අපිත් එක්ක බෙදාගත්තට..

    ReplyDelete
    Replies
    1. @ රූ....

      රාජ්‍යත්වයට සම කුල කුමරියක් ඕනේ නිසා සූර්ය වංශික ක්ෂත්‍රීය කුමරියක් අවශ්‍යම තමා. ඒ වගේමයි යකඩ දෝළියට වැඩි තැනක් හිමිවුණු බවක් නම් කියවෙන්නේ නැහැ. හැබැයි රජවරුන් තමන්ගේ යකඩ් දෝළී බිසෝවරුන්ට හුඟක් ආදරය කළ බව නම් කියවෙනවා.....

      Delete
    2. ඔය සම කුල කුමරියක් ඕනේ කියන එක කවුරු ගෙනාපු නීතියක්ද හැබැට..ඕකා තමා ඔක්කොම කරේ :D

      Delete
    3. @ සඳ තරු නිහඩයි

      ඕක කරපු ඕකා තමා මනු. අර කලිනුත් කිව්වා වගේ මිනිස් ලෝකයේ මුල්ම රජු වුණු මනු තමා නීතිය මුලින්ම සකස් කළා කියන්නේ. එයා තමා කුල නීතී ආදිය සකස් කරලා මේ කුල ක්‍රමය විධිමත්ව පවත්වා ගෙන යන්න කටයුතු සංවිධානය කළා කියන්නේ. ඒ ඔක්කොම තියෙන්නේ එයා ලිව්වා කියන "මනුස්මෘතිය" කියන පොතේ.

      අනික් අතට ලංකාවේ අභිෂේක ක්‍රමයටත් ඉන්දියානු බලපෑම ගොඩක් ආවා නොවැ. ඉතින් මේ සම කුල කුමරිය කතාව එන්නේ ඉන්දියාවේ නම් මුල් කාලීනව [පසුකාලීනව නොවුණා කියන්න බැහැ] අභිෂික්ත බිසවට එහෙමත් නැත්නම් රාජ මහේෂිකාවටත් රාජ්‍ය පාලනයේදී වගකීම් ප්‍රමාණයක් පැවරිලා තිබිලා තියෙන්නේ. [දැන් කාලේ ජනාධිපති ආර්යයාව වගේ]

      ඉතින් ඒවත් එක්ක තමා මේ සමකුල කතාවක් එන්න ඇත්තේ...

      Delete
  28. Replies
    1. @ බුද්ධි

      කුමටද මේ ස්තුතියි ???

      Delete
  29. බොහොම වැදගත් ආසාවෙන් කියෙව්ව ලිපියක් වැදගත් තොරතුරු රැසක් ගැබ් වෙච්ච

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තය

      හොඳා හොඳා සන්තෝෂයි සන්තෝෂයි :)

      Delete
  30. හැම දේටම වගේ ගෑනියෙක් ගන්නත් ඉන්දියාවට දුවන එක අපේ රටේ රජ සිරිතක්.. ඒ දුර්වලකම් පාවිච්චි කරලා අසල්වැසි රට කරන දේ අපි දන්නවානේ..

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      එහෙම තමා අසල්වැසියෝ :D

      Delete
    2. ගැණු ගන්න නොගියත් අල්ලපු රටේ ඇයින්ගේන් බේරිලා ඉන්න අමාරුයි , ඔතන තියෙන්නේ ස්වාභාව ධර්මයේ නිතිය , ලොකු එකා විසින් පොඩි එකාට කෙලවීම . දැන් නම් අපේ රජ පරම්පරාව ගැනු ඉන්දියාවෙන් ගෙන්නේ නටවන්න විතරයි , වීවාහ සබඳතා වලට තෝරගන්නේ කෙලින්ම එක්සත් ජනපදය

      Delete
    3. @ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

      ඇමරිකාව ලෝකෙට ලොක්කා. ඉන්දියාව කලාපෙට ලොක්කා :D

      Delete
  31. 1. "මනුගේ පුතුන්ගෙන් ඉක්ෂ්වාකුගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු පරපුර සූර්ය වංශය වුණා කියන එක" මේකෙ ඉෂ්ක්වාකු කියන්නේ මොකද්ද.

    2. සුනේත්‍රා රාජකරුණානායකගෙ 'බුද්ධදාසි' පොතේ තියෙනවා රජ කුමරුන් යුද්ධයට සහ රජ කුමරියන් සාමයට කියලා. ඉස්සර ඉන්දියාවෙන් චෝල ආක්‍රමණයක් එන්න වගේ යනකොට රජවරු කරන්නෙ චෝල කුමරියක් සරණපාවා ගන්න එක. ඒ කාලයේ රජ ගෙදරක කුමරියක් වෙලා ඉපදෙන එකත් පණ යන වැඩක් වෙන්න ඇති. ඇයි ඉතින් මොන රජාට අයිති වෙයිද දන්නෙ නෑනෙ.

    3. සිංහලේ අන්තිම කාලෙ වගේම මුල් රාජධානි ගැනත් ලියමුද හසිත. අනුරාධපුර පොළොන්නරු යුග ගැන.

    ReplyDelete
    Replies
    1. @ පිණිබිඳු...

      1. මනුෂ්‍ය ලෝකයේ තිබුණු වියවුල් සහගත තත්වයෙන් මනුෂ්‍යන්ව මුදාගන්න ඕනේ නිසා මිනිසුන්ගේ ඉල්ලීමෙන් වගේම දෙවියන්ගේ මැදිහත් වීමෙන් මහා බ්‍රහ්මයා/ ප්‍රජාපතී "මනු" නම් තැනැත්තාව මානව වර්ගයා පාලනය කරන්න ලබාදෙනවා.

      මේ මනුට හිටියලු පුත්තු 10 ක්. ඒකෙන් එක පුතෙක් තමා "ඉක්ෂ්වාකු" කියන්නේ......

      2. විවාහ සබඳතා කියනෙන රාජ්‍ය පාලන මූලධර්මයක්. බුද්ධකාලීන භාරතයේ ශක්තිමත් මගධ රාජ්‍යයක් බිහිකරන්න ගිය බිම්බිසාර රජතුමාත් මේ න්‍යාය යටතේ කොසොල් රජතුමාගේ සොයුරිය සරණ පාවා ගන්නවා.

      ලංකාවෙන් මේ තත්වයට හොඳ උදාහරණයක් තමා මහා විජයබාහු රජතුමා කාලිංග කුමරියක් සරණ පාවා ගැනිම වගේම තමන්ගේ සොයුරිය මිත්තාව පාණ්ඩ්‍ය කුමාරයෙක්ට විවාහ කරලා දීපු එක. ඒ හැරෙන්න පරාක්‍රමබාහුගේ රාමඤ්ඤ ආක්‍රමණයටත් මුල්වුණේ විවාහයකට පිටත් කෙරුණු කුමරියකට වුණු අතවර කරපු එකනේ.

      "ඉස්සර ඉන්දියාවෙන් චෝල ආක්‍රමණයක් එන්න වගේ යනකොට රජවරු කරන්නෙ චෝල කුමරියක් සරණපාවා ගන්න එක."

      මේ කතාව නම් ටිකක් ගැටලු සහගතයි. මම දන්නා තරමින් චෝලයන් සමඟ විවාහ සබඳතා පැවැත්වීමක් මුල් කාලීන යුගවුණු අනුරාධපුර, පොළොන්නරු යුගවලදී නම් සිදුවුනේ නැහැ. මොකද චෝලයන් කියන්නේ සිංහලයන්ගේ පරම්පරාගත සතුරන් විදිහටයි සැලකුණේ.

      මේ නිසා චෝලයන්ගෙන් වෙන බලපෑම් මර්දනය කරන්න සිංහල රජුන් බොහෝ වෙලාවට කළේ චෝලයන්ට විරුද්ධ කාලිංග, පාණ්ඩ්‍ය කියන රාජ්‍යයත් එක්ක සම්බන්ධතා ඇතිකරගන්න එක. මහා විජයබාහු සමයේ වූ සිද්ධිය ඒකට උදාහරණයක්

      ඒ වගේමයි මහා විජයබාහුගේ සොයුරියව සරණ පාවා ගන්න චෝල රජතුමා අපේක්ෂා කළත් විජයබාහු ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව විදිහට දක්වන්නේ චෝලයන් "චන්ද්‍ර වංශිකයන්" වීමත් සිංහල රජ දරුවන් "සූර්ය වංශිකයන්" වීමත් කියන කාරණය.

      ඒ හැරෙන්න චෝලයන් ලංකාවේ කරපු සංහාරය විජයබාහු ලේසියෙන් අමතක නොකළා විය යුතුයි

      3. මුල් රාජධානි ගැනත් තියෙන ඉතිහාසයේ අප්‍රකට කතා කියන්න බලාපොරොත්තුවක් නම් තියෙනවා. ඒක ලොකුවටම කරන්නත් ඕනේ නැහැ හැබැයි. මොකද සයුරි අක්කාගේ පහන්යායෙන් රාජාවලිය හොඳින් කතා කෙරෙනවානේ....

      Delete
  32. පුලුවන්නම් මෙන්න මේ දේවල් ගැන නියම ඉතිහාසය හොයල ලියන්න. මම දැකල තියෙන විදියට මේ කොටස් බොහොම දුරට විකුර්තිවෙලා, නැත්තන් ඕනකමින් විකුර්ති කරලා !

    1. ශ්රී වික්රම රාජසිංහ සැබවින්ම මිනීමරු දුෂ්ටයෙක්ද ? - පුලුවන්නම් හොයාගෙන කියවන්න Public Library එකේ ඉස්සර ගොඩක් පරණ පොතක් තිබ්බ ශ්රීී වික්රම රාජසිංහ කියල. කවුරු ලියපු එකක්ද මට මතක නැ. ඒක කියෙව්වම ඇත්තටම අපි දන්නා ශ්රීද වික්රමට වඩා මානුෂික ගුණ තිබිච්ච කෙනෙක් මතුවෙනවා !

    2. බ්රිගතාන්යෙ පාලන යුගය ඇත්තටම තනිකරම අඳුරුද ? - අපිට උගන්නල තියෙන්නේ පර සුද්ද අපේ ජාතියයි ආගමයි විනාසකලා යල. ඒත් ˜ඒක 100% ඇත්තද ?˜, අපේ සිංහල බෞද්ධ නායකයෝ 1948 උන්ව එලවල අපේ ජාතියය් ආගමයි බේරගත්ත කියල කියනවනේ... ඒත් ඒක එහෙමම උනාද? 1948න් පස්සේ වෙච්ච දේවල හැටියට සුද්ද හිටියනම් මීට හොඳයි නේද ?

    3. 1800 සිට 2012 දක්වා ‘ජාතිය සහ ආගම’ පෙන්නලා අහිංසක සිංහලයව ගොනාට අන්දපු හැටි - උඩරට රදලයෝ තමන්ගේ බලය වැඩි කරගන්න ශ්රීජ වික්රම රාජසිංහට එරෙහිව ජනතාව පෙලගැස්සුවේ ජාතිය/ ආගම පෙන්නල. ඊට පස්සේ තමන්ට ඕනේ දේ සුද්දාගෙන් කරගන්න බැරිඋන බව දැක්කම 1818දි සුද්දට විරුද්දව අහිංසකයන්ව පොළඹවල කැරලි ගැස්සුවේ ජාතිය ආගම පෙන්නල. 1948දි සුද්දව එලවන්න ඕනේ කියල මිනිස්සු උසි ගැන්නුවේ ජාතියය් ආගමයි පෙන්නල. වර්තමානේ ගැන කියන්න ඕනේ නෑනේ ඉතිං!

    ReplyDelete
    Replies
    1. @ චාමර

      1. මම හිතන්නේ ඔබ කියන පොත තමා මේලියස් සිල්වා මහතා ලියපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ චරිතාපදානය ගැන තියෙන පොත වෙන්න ඕනේ... මට ඒ පොත කියවන්න ලැබුණේ ගිය සතියේ... ඒත් ඊට කලින් මම ලියපු "ලංකාවේ අන්තිම රජ්ජුරුවන්ට අන්තිමට මොකද වුණේ ?" කියන් සටහනෙන් මම රජතුමා සතුව තිබුණු මානුෂීය පැත්ත ගැන කතා කළා. මෙන්න ඒ ගැනත් කියවන්න

      http://aagiyakatha.blogspot.com/2012/07/09.html

      2. බ්‍රිතාන්‍ය පාලන කාලය ගැන කතා කළොත් ඒක 50 ට 50 තියෙන කාලයක් කියලයි මගේ අදහස. විශේෂයෙන් දැන් කාලේ ඒ කාලෙට බනින හුඟක් අය ඉංග්‍රීසින්ගේ වැඩ නිසා හුඟක් ප්‍රතිලාභ ලබපු අයම තමා. ඒ ගැනත් යමක් ඉදිරියේදී ලියන්නම්

      3. 1818 කැරැල්ල සම්බන්ධව ලිපියක් ඉදිරියේදී පලකරන්න සකස් කරලා තියෙන නිසා ඒකෙන් ඒ කාලය සම්බන්ධ අප්‍රකට කරුණු කීපයක්ම කතා කරලා තියෙනවා. ඒකත් කියවන්න එන්න. එතකොට අපිට අඩුපාඩු කතා කරන්න පුලුවන් වේවි.

      ආගමේ නාමයෙන් යුධ වැදීම 1800 නෙමේ දුටුගැමුණු රජ සමයේ පටන් සිදුවෙන දෙයක්.....

      බොහොමත්ම ස්තුතියි අලුත් සටහන් කීපයක් ලියන්න මාතෘකා කීපයක් ගැන කිව්වාට. ඉදිරියේදී වෙලාව ලැබෙන විදිහට වගේ කරුණු ලැබෙන විදිහට ඒවා ගැනත් ලියන්නම් :)

      Delete
    2. බොහොම ස්තූතියි...

      තව මාතෘකා දෙකක් කියන්න අමතක උනා. පුලුවන්නම් ඒ ගැනත් කරුණු හොයල ලිපියක් ලියන්න.

      4. අපේ සිංහල ඉතිහාසය කියල අපි දන්නේ සහ ඉගෙනගන්නේ මහාවංසය මූලික කරගත්ත අනෙකුත් පොත පත සහ පුරාවිද්යාිත්මක සොයා ගැනීම්. මේ හැමතැනදිම අපි දකින්නේ රජවරු ගැන සහ බෞද්ධ ආගම ගැන...ඒත් කොහෙවත් දකින්න නැහැ අපේ සාමාන්යප සිංහලයාගේ අතීත ජීවිත ක්රනමය ගැන ඉතිහාසය. අපි ඒ ගැන දන්නේ කතන්දර, ජනකවි වගේ දේවලින්. අපි හරියටම දන්නේ නැ ඒ මිනිස්සු කැවේ බිව්වේ මොනවද, මොන මොන සිරිත්විරිත් අනුගමනය කලාද , ඒ මිනිස්සුන්ට තිබුන ප්රපශ්න මොනවද, එයාල සතුටෙන්ද හිටියේ මේ කිසිදෙයක් අපි දන්නේ නැ. අපි අතීත ශ්රී විභුතිය ගැන කතා කලාට ඒ කරන්නේ රජවරු ගතකරපු ජීවිත, ඔවුන් යුද්ද කරපු හැටි, පන්සල්, වැව් හදපුහැටි ගැන විතරයි. සාමාන්යත ජනයාගේ ජීවිත ගැන මෙලෝදෙයක් අපි දන්නේ නැ. පුලුවන්නම් මේ ගැන හොයල ලියන්න.

      5. අතීතයේ මේ සිංහල බෞද්ධ රට රකින්න සුළු ජාතිකයන්ගේනුත් යම්කිසි මෙහෙවරක් උනා. පෘතුගීසි යුගයේ ඉඳන් මහනුවර යුගය දක්වාත් ඊට පස්සේ හතලිස් අටේදී නිදහස ගන්නත් ඔවුන් සිංහලයන් එක්ක එකතු උනා. ඔබ දන්නවා ඇති සීතාවක රාජසිංහ එක්ක හිටපු මුස්ලිම් සේනාංක. ඒ වගේම ශ්රීන වික්රම රාජසිංහ වෙනුවෙන් ඉංග්රී සින්ට විරුද්ධව අන්තිම දක්වා සටන් කරපු ජා, මැලේ, කාපිරි සෙබළු සහ ඔවුන්ගේ නිර්භීත නායකයෝ ගැන. නමුත් මම දකින විදියට අපි පසුකාලීනව ඔවුන්ව අපේ ඉතිහාසයෙන් කුහක ලෙස අමතක කළා. මේක බොහොම දුරට මම අර කලිනුත් කියපු ජාතිවාදයෙන් අන්ද වෙච්ච ඒ යටින් දේසපාලන අරමුණු ඇති උගතුන්ගේ හා නායකයන්ගේ වැඩක්. පසු කාලීනව ඊලාම් යුද්ධයක් ඇතිවෙන්නත් මේ වගේ කරුණු බලපෑවා කියලයි මටනම් හිතෙන්නේ. පුලුවන්නම් මේ ගැන හොයල ලියන්න. මොකද අද පැහැදිලිවම අපි මේ ඓතිහාසික වරද ආයෙත් කරමින් ඉන්නවා. ප්රිභාකරන්ට එරෙහි යුද්දේ කලේ අපි සිංහලයෝ තනියම කියල අපි දැන් අනිත් හැමෝම අමතක කරලා ඉවරයි...ඒත් මුතාලිෆ්ලා වගේ වීරයෝ, ඒ වගේම නමක් ගමක් ගැන තොරතුරු නැතුවම, වීර පදක්කම් නොලබාම මියගිය හෝ ත්රනස්තවාදීන්ට අහුවෙලා අතුරුදහන් වෙච්ච ද්රනවිඩ ඔත්තුකරුවෝ, පොලිස් නිලධාරීනුත් හිටිය කියල අපිට දැන් මතකවත් නැ.....

      Delete
    3. @ චාමර

      අංක 4 සහ 5 න් කියලා තියෙන බොහොම සංකීර්ණ මාතෘකා 2 ක් නොවැ... ස්තුතියි තවත් ලියන්න පුලුවන් ක්ෂේත්‍රයන් ගැන මතක් කළාට. මේ ගැන කරුණු සෙවීම ආරම්භ කරන්නම් :)

      Delete
  33. 1ක කමන්ට් 1 කක තිබ්බ ලංකාවේ අනිතිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ළමයි හිටිය කියල.එයාලට මොකද උනේ කියල පොස්ට් 1ක් ලීවොත් හොදයි.මම ලකේ,කළුපහන පැත්තේ සංචරය කරද්දී නවාතැන් ගත්තේ මි මුරේ ගමේ,මේ ගමේ පුරාවුර්ත කිහිපයක් කිබුන රජු බිසෝවරු මැද මහනුවර පැත්තට ගියේ ඔය මි මුරේ පැත්තෙන් ලු.එහෙ තියනවා බිසෝවරු නාපු කටු ඉබුලේ ලිද කියල ළිදක් එහෙම ඒ ලිද වටේටම කටු දල තිබ්බ හින්දලු එහෙම කියන්නේ.

    ReplyDelete
    Replies
    1. @ රනා

      අනිවාර්යයෙන්ම ඒ ගැන ලියනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට අන්තිමට මොකද වුනේ කියන සටහනත් එක්ක හුඟක් අයට ප්‍රශ්නයක් වුනා ඒ පරම්පරාව එතනින් අවසන් වුනාද කියන එක.

      පස්සේ කතන්දර සහ බෝ පැලේ කියන දෙන්නා දුන්නු ඔත්තුවක් අනුව ගිහින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ මී මුණුපුරු මිණිපිරියන් සම්බන්ධව පවා කරුණු කාරණා හොයාගන්න පුලුවන් වුනා. ඒ සියලුම් කරුණු ඇතුළත් කරලා සටහනක් ලියන්න තමා ඉන්නේ....

      Delete
  34. කමෙන්ට් ඔක්කොම කියෙව්වේ නෑ. ටිකයි බැලුවේ. රනා කිව්වා වගේ මේ ජාතික මෙහෙවරක්. මම නම් මගේ පොඩි එකාට මේ වගේ බ්ලොග් කියවන්න දෙනවා ඌ අකුරු දැනගන කියවන්න පටන්ගද්දීම. ඒ තරම් වැදගත්. ගොඩක් ස්තුතියි මේ මහන්සියට.

    ReplyDelete
    Replies
    1. @ ක්සැන්ඩර් | Xander

      තමන්ගේ දරුවන්ව කුඩා කාලයේ ඉදන්ම රටට ජාතියට ආගමට ආදරය කරන්න උගන්වන එක බොහොම වටින දෙයක්...... ඇත්තටම විශිෂ්ඨයි

      Delete
  35. ස්තූතියි මෙවන් සංවාදයක් ගොඩනගනවාට.ඇත්තටම ඉතිහාසය කියන විශය ගැන මගේ එච්චර විශ්වාසයක් නැතත් මම ඒ ගැන කියවන්න ආසයි.කරුමේ කියන්නේ මට කියවපු ඒවා පටස් ගාලා අමතක වෙන එක.විශේෂයෙන් නම් ගම්.මට විශ්වාස නැත්තේ මේ ඉතිහාසය ලියැවෙන්නේ පාලකයන්ට ඕනේ විදිහට නිසා සත්‍යය කොයි තරම් දුරට මේ කතාවල අන්තර්ගත වෙනවද කියන එක අවිනිශ්චිත වීම. උදාහරණයක් ලෙස තව වසර දහසකින් ලාංකීය ඉතිහාසය හදාරන්නවුන් සරත් ෆොන්සේකා ගැන දැන සිටීවිද?

    අනෙක් කරුණ නම් මිනිසුන් සිය මතයට අනුව ඉතිහාසය වෙනස් කිරීමට යත්න දැරීම සහ සමහර අවස්ථාවල ඔවුන් සාර්ථක වීම.උදාහරණය ලෙස ඔබ කතා කිරීමට අකමැති රාවණා සංකල්පය දක්වන්න පුළුවන්.

    නමුත් ඔබ ලියන්න.මම කියවමි.

    ReplyDelete
    Replies
    1. @ දිනුක

      ඔබේ කතාව හරි. මීට කලින් කතාවකට දාපු කමෙන්ට් එකක ඒක මෙහෙම කියලා තිබුණා "ඉතිහාසය ලියවෙන්නේ ජයග්‍රාහකයන් අතින්. පරාජිතයන්ට එහි ඉඩක් නැත" කියලා.... හැබැයි ඒ කොහොම ලියවුණත් සත්‍යය කියන එක අප්‍රකට ලේඛන, ජනශ්‍රැති වශයෙන් එන නිසා ඒක හංගලාම දාන්න බහැ. ෆොන්සේකාගේ කතාවත් ඒ විදිහටම ඉදිරියට ඒවි.

      රාවණාවාදීන් සාර්ථකද කියන එක නම් ගැටළුවක්. ඔවුන්ගේ කතාවල සත්‍යතාවය ගැන අහද්දී කියන්න තියෙන්නේ බමුණෝ විනාශ කළ පොත්වල තිබ්බා, ඒ සෙල්ලිපිය දැන් විනාශ කරලා එහෙමත් නැත්නම් සමාපත්ති බලයෙන් දැක්කා කියන එක. ඒ නිසා ඔවුන් සාර්ථක වූවන්ට වඩා හාස්‍ය ගෙනදෙන්නන්ගේ තත්වයට පත්වෙලා තියෙන වග නම් කියන්න පුලුවන්.....

      ස්තුතියි ඔබේ පැමිණීමට වගේ අදහස් එකතු කිරීමට :)

      Delete
  36. යෙස් යෙස් මම මේ කතාව අහලා තිනවා.. 1 විමලධර්මසුරිය රජතුමා ගැන මම ටිකක් හොයලා තිනවා..!!

    ReplyDelete
    Replies
    1. @ ....ජනියා....

      මේ කතාව කිව්වේ මොකක්ද මලේ ?? මෙතන දැණ් කතා ගොඩක් කතාවුනානේ....

      Delete
  37. වටිනා ලිපිපෙලක්.....අපේ ඉතිහාසය ගැන ගොඩක් තොරතුරු දැන ගත්තා, මට තියෙන ප්‍රශ්නය ඔය මදුරාවෙන් ගෙනෙන ඔක්කොම බිසොවරු වඳ ගැනු විම (ඔය හැම රජෙකුටම යකඩ දොලියගෙන් දරුවන් හිටිය නිසා රජවරු වඳයි කියන්නත් බෑ... අනේ මන්දා)

    ReplyDelete
    Replies
    1. @ Kushi

      ඔබට ආපු ප්‍රශ්නේ හරීටත් ආපු නිසා ඉහළින්ම තියෙන හරීට දීපු පිළිතුරුවල ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු සවිස්තරාත්මකව කතා කරලා තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න. තවත් ගැටලු තියනවා නම් අහන්නකෝ......

      Delete
  38. මේ ලිපියේ කිවෙන විදියට කුමාරියෙක් විතරක් එන්නේ නෑ. සමහරවිට පරම්පරාවක් එනවා. දැසි දස්සන්, විවිධ කාර්මිකයෝ එනවා.

    ඒ සේරම මදුරාපුර ඉන්දියානුවෝ නුවර අවට පදිංචි වුනා, ඊට කලින් පඬුවස්දෙව් කාලේ ආපු අය, ගජබා, නීල ගෙනාපු අය, වීසා ඔන් ඇරයිවල් නිසා ඔහේ හම්බන්වල ආපු අය විවිධ පලාත්වල පදිංචි වුණා.

    සිංහල ජාතිය හැදුනේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. @ කතන්දර Kathandara

      අනිවාර්යයෙන්ම. දකුණු ඉන්දියානු කුමාරිකාවත් එක්ක ඥාති පරම්පරාවම ඇවිත් මලබාර් වීදිය කියලා වෙනම වීථියක එයාලා පදිංචි වෙලා හිටියා කියනවානේ. සෙල්ලම්ද රාජකීය බෑණෙක්/ මස්සිනෙක් ඉද්දී :D

      Delete
  39. තමන්ගේ වන්ශේ ගැන විතරක් හිතපු නිසා සිංහල රජ කමත් අපිට අහිමි වුනා. වැඩේ කියන්නේ ඉන්දියාවෙන් ගෙනාපු කිසිම දෙවියකට දරුවෝ ඉඳල නැහැ නේ. වැරැද්ද රජාගේද දෙවියගේද?

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      රජාගේ වැරැද්දක් වෙන්න විදිහකුත් නැහැ අයියේ මොකද යකඩ දෝළි බිසෝවරුන්ට රජුට දාව දරුවෝ හය හත් දෙනා ඉදලා තියෙනවා. මීට කලින් හරීත් ඔය ප්‍රශ්නේ අහපු නිසා මේ ගැන ටිකක් දිගට කතා වුණා. උඩින් තියෙන ඒ කමෙන්ට්ස් ටික කියවන්නකෝ......

      Delete
    2. මේ සැරේ මම එන්න ගොඩාක් පරක්කු වුනා වැඩ වැඩි. වෙනදා මේ තියෙන කමෙන්ට් වලින් තවත් ගොඩාක් දේවල් ඉගන ගත්තා. වෙනද වගේ කමෙන්ට් කියෙව්වානම් මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. හෙක් හේ. ඉඩ තියෙන වෙලාවක අයෙ කියවන්න වෙනවා.

      Delete
    3. @ අසරණයා

      අන්න හරි අයියා. ඉඩ තියෙන වෙලාවක හෙමින් සැරේ කියවන්න..... වැඩ වැඩි නම් මේ වැඩ නිසා ඒ වැඩ ගොඩ කරගන්න ඕනේ නැහැනේ :)

      Delete
  40. අසාවෙන් කියෙව්වා...
    මට මේ මතක් උනේ අර යාපනේ කුමාරය කියන කෙනත් අර තව උඩරට කුමාරයෙක් ගැනත් මීට ටික කාලෙකට ඉස්සර විස්තර වගයක් පල උනා sites කීපයක .. ඒ ගැන ඔයා මොනවත් දන්නවද?
    අන්තිමට මේ මිනිස්සු නිකන් ගහ මර ගත්තට අපි කොහෙන් පැවතෙන අයද කියල හරියටම හොයාගන්න බැනේද.. කකා කියුව වගේ ඔය බිසෝ වරුන් එක්ක ආපු අනෙක් පිරිසත් මෙහෙ හිටිය අයත් එක්ක mix වෙලා හින්ද...

    ReplyDelete
    Replies
    1. @ සඳ තරු නිහඩයි

      යාපනයේ ඔටුන්න හිමි කුමාරයා කියලා කියන "ටික්කම මහින්ද" සහ එයාලගේ පරම්පරාව ගැන මේ දවස්වල තොරතුරු සෙවීමක් මේ දවස්වල සිද්ධ කරගෙන යන නිසා ඒ ගැන වැඩි යමක් කියන්න බැහැ. වැඩේ ඉවර වුණු ගමන් වැඩි විස්තර කියන්නම්.......

      අන්තිමට කිව්ව කතාවට නම් 200% ක් එකඟයි :)

      Delete
  41. පුලුවන්නම් අපේ පාරම්පරික මගුල් චාරිත්‍ර ගැනත් පොඩ්ඩක් ලියන්නකෝ :) ලංකාවේ මගුල් ගෙවල් හරියට අච්චාරුවක් වගේ.. පෝරුව, cake , මල් කුමරියෝ .. මේවා කොහෙන් කොහෙන් අහුලගත්ත ඒවාද :)

    ReplyDelete
    Replies
    1. @ සඳ තරු නිහඩයි

      කතාව නම් හොඳයි. ඇත්තම කිව්වොත් මම ඒ ගැන නම් ලොකු විස්තරයක් දන්නේ නැහැ. ඒත් අපේ බ්ලොග් සහෘදයෙක් වගේම ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් වෙන ඉන්ද්‍රනාථ තේනුවර මහත්තයා නම් මේ ගැන වටිනා කියන පොතක් ලියලා තියෙන වග මතකයි..... ඒක කියවන්න පුලුවන් නම් ලොකු විස්තරයක් දැනගන්න පුලුවන් වේවී.....

      Delete
    2. සම්පූර්ණ ඇත්ත... මම මේක අහන්න හිටියේ. අල්පේච්චතාවය ගැන කතාකරන සිංහල බෞද්ධ අපි තරම් මගුලකදී විකාර විගඩම් කරන්නේ නැ එක ජාතියක්වත්. මගේ මගුලේදී මම පුළුවන් තරම් ඔය විකාර අඩු කළා. ඒත් සම්පූර්ණයෙන් නවත්තන්න බැරිඋනා :-(

      Delete
    3. @ චාමර

      හූනියම් පෙට්ටියත් ඔය විකාරවලට එක උල්පතක්. මංගල වැඩසටහන්වලින් පෙන්වන කෝලම් ඔක්කොම දැන් සිංහල බෞද්ධ සරණ මංගල්‍යයට එකතු වෙලා....

      චාමර කියන නම දැක්කාම මට මුලින් හිතිලා තිබුනේ අපේ වයසේම තරුණ හාදයෙක් කියලා. බැලින්නම් වගකීම් සම්භාරයාක් තියෙන ස්වාමිපුරුෂයෙක් නොවැ :)

      Delete
    4. හික් හික්....වගකීම් පටන් අරන් තාම මාස දෙකයි...ඒක නිසා තාමනං ලොකු අවුලක් දැනෙන්නේ නැ.....
      TV එක ගැන කියපු කතාවනම් සම්පූර්ණ ඇත්ත... ඔය ඉලව්ව හින්ද තමා මේ හැම විකාරයක්ම !
      මම කාලෙකට කලින් චෙන්නායිවල Wedding එකකට ගියා..කලින් Office එකේ මගේ ලොක්කගෙ...බුදු අම්මෝ උන්නු සෙනග.... පස්සේ දැනගත්ත 3,000ක් විතර ආවලු. හැබැයි අපේ වගේ විකාර කැම මුකුත් නැ. කන්න දෙන්නේ කෙහෙල් කොලේට.. බතුයි තව හොද්දකුයි චට්නි වගේ මොනවද එකකුයි පපඩමයි. මම හිතන්නේ රුපියල් විස්සක්වත් යන්න නැතුව ඇති කැම එකකට. මෙහෙ ලාබම Plate එකකුත් රුපියල් දාහක් විතර වෙනවනේ !
      ඉතින් කොහොමෙයි මගුල් කන්නේ... තෝරලා බේරල ආරාධනා කොරන්න ගියාම තියෙන නැකමුත් නැතිවෙනව..

      Delete
  42. @ චාමර

    ලංකාවේ මඟුලක් කරන්න යන වියදමත් එක්ක බලද්දී හොරෙන් පැනලා යන එක ලාභයිනේ අයියා :D

    "කන්න දෙන්නේ කෙහෙල් කොලේට.. බතුයි තව හොද්දකුයි චට්නි වගේ මොනවද එකකුයි පපඩමයි"

    අපේ මඟුල් ගෙදරක ඔහොම කන්න දුන්නොත් මැරෙනකම්ම කනේ ඇඟිලි ගහගෙන තමා ඉන්න වෙන්නේ. දකින දකින වෙලාවට කුණු ලෝභයා කියලා හොඳට අහගන්න පුලුවන් වෙයි....

    ReplyDelete
  43. ලංකාවේ රජවරු බොහෝ ගනණක් හිටපු මෝරිය ලම්බකර්ණ වංශ ගැන හසිතට අමතක වෙලා වගේ. මහනුවර යුගය වෙනකම් රජකලේ ලම්බකර්ණ වංශිකයන්.පොලොන්නරු යුගයෙදි පාණ්ඩ්‍ය කාලිංග වංශ මිශ්‍ර වීම නිසා තමයි ඔය සූර්ය වංශික චන්ද්‍ර වංශ කථාව එන්නෙ. ශ්‍රී මහා බෝධිය සමග ලංකාවට පැමිනි සුමිත්ත; බෝධිගුප්ත ආදී සිටු කුල අටෙන් පැවතෙන බෝධාහර කුලයට තමයි ලම්බකර්ණ වංශිකයො කියන්නෙ.බෝධි වංශිකයන් වශයෙන් හදුන්වන මේ අය තවම උඩරට පලාත් වල සුලු වශයෙන් ඉන්නවා. මහනුවර යුගයේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වන අලුත් රජවරුන් රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගන්නේ දකුණු ඉන්දීය සම්බන්ධයක් තිබෙන රදලවරු.රජමාලිගා පන්සල් ආදිය ක්‍රම ක්‍රමයෙන් සතු කර ගන්නා මේ පිරිස පරණ ඉතිහාසය මකල අලුත් ඉතිහාසයක් ලියනව.හසිතත් ඒක ඉස්සරහට කරගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. @ Anonymous August 24, 2012 12:10 PM

      මෝරිය හෝ ලම්භකර්ණ වංශ ගැන අමතක කිරීමක් කරලා නැහැ. මේ කතාවට ඒ ගැන සඳහනක් ඇතුළත් කළ යුතුයි කියලා නොසිතපු නිසා ඒ ගැන වැඩි අවදානයක් යොමු නොකළ බව සඳහන් කරන්න කැමතියි.

      සූර්ය වංශික කතාව එන්නේ පොළොන්නරු යුගයේදි කියලා කිව්වත් විජයගේ සිට ඒසේත් නැතිනම් පණ්ඩුවාසදේවගේ සිට රජ පෙළපත ඇරඹෙනවා කියලා විශ්වාස කරනවා නම් එතැන් ඉදන්ම සූර්ය වංශික රජුන් ලංකාවේ සිටිය බව පිළිගන්න ඕනේ. මොකද ලොව පළමු රජතුමා ලෙස සැලකෙන මනුගේ පරපුරෙන් පැවත අයම තමා මේ රජවරුනුත්.

      මෝරිය නමින් දෙවනපෑතිස් රජුගේ සිට රජ පෙළපතක් ඇතිවුණත් ඔවුන්ගේත් මූලය වන්නේ මුටසීව, පණ්ඩුකාභය සහ පණ්ඩුවාසදේව ආදි මුතුන් මිත්තන්. ඒ වගේමයි ලම්භකර්ණ වංශිකයන්ගේ ආරම්භය ගැන දැක්වූ සඳහන වන සිරිමා බෝ වැඩම කළ රජ කුමරුවන් පවා දඹදිවෙන් පැමිණි රජ කුමරුවන් නිසා ඔවුන්ගේද මූලය සූර්ය වංශය බව පිළිගන්න පුලුවන්.

      මහා විජයබාහුගේ පනාකඩුව සන්නසේ දක්වන " ඔකාවස් රජ පරපුරෙන්" පැමිණි යනුවෙන් තම පෙළපත් ගැන දක්වන සඳහනෙන් ඒ ගැන අවබෝධයක් ගන්න පුලුවන්. ඔකාවස් පරපුර ඇරඹෙන්නේත් මනුගේ මූලයෙන්ම නිසා....

      ඒ වගේමයි දඹදෙණි යුගයේ සිටම ලාංකික රජවරුන්ගේ පෙළපත් ගැන සොයා බලද්දී ඔවුන්ගේ මූලයන් ගැන විවිධ මතවාද දැකගන්න පුලුවන්. විශේෂයෙන්ම දඹදෙණියේ තුන්වෙනි විජයබාහුගේ පවා මූලය සොයද්දී සිරිසඟබෝ පරපුර, කාලිංග පරපුර යනුවෙන් මූලයන් කීපයක්ම දැකගන්න හම්බෙනවා.

      ඒ නිසා දඹදෙණි යුගයේ ඉදන් ලංකාව පාලනය කරපු රජවරුන් කාලීන අවශ්‍යතාවයන් අනුව ඉදිරියට පැමිණ රාජ්‍යත්වය උසුලපු පරම්පරා බවත් එයාලගේ මූලයන් සැබවින්ම අනුරාධපුර රජුන්ට සම්බන්ධද කියන එකේ සත්‍යතාවය එතරම් සැලකිය යුත්තක්ද කියන එක හිතලා බලන්න ඕනේ.

      උඩරට පළාත්වල සිටියාය කියන බෝධි වංශිකයන් යනුවෙන් ඔබ දක්වන්නේ සේනාලංකාධිකාර වැනි මෙහෙණවර වංශිකයන් වෙන්න ඕනේ... එයාගේ දරුවන් පවා ගම්පොළ යුගයේ රාජ්‍යය ඉසිලුව බව පෙනෙනවා.

      1 වෙනි විමලධර්මසූරියගේ රාජ්‍ය මූලය විවිධ අතීත රජවරුන්ට සම්බන්ධ කළත් ඔහුත් මම විශ්වාස කරන්නේ කාලීන අවශ්‍යතාවක් අනුව ඉදිරියට ආ අයෙක් විදිහටයි. කෙසේ නමුත් මහාවංසය දක්වන්නේ ඔහු සූර්ය වංශික රජෙක් කියලා...

      "රජමාලිගා පන්සල් ආදිය ක්‍රම ක්‍රමයෙන් සතු කර ගන්නා මේ පිරිස පරණ ඉතිහාසය මකල අලුත් ඉතිහාසයක් ලියනව.හසිතත් ඒක ඉස්සරහට කරගෙන යනවා....."

      හසිත මේ කරුණු දක්වන්නේ මූලාශ්‍ර පදනම් කරගෙන. විශේෂයෙන්ම හැකි සෑම විටම ප්‍රාථමික මූලාශ්‍රත් ඉන් ඔබ්බට ද්වීතිය මූලාශ්‍රත් භාවිතා කරමින්. ඒ නැතුව හිතලු නෙමෙයි.

      ඔබ දක්වන විදිහට පරණ ඉතිහාසය මකලා අලුත් ඉතිහාසයක් ලිව්වා නම් ඔබ දක්වන පරණ ඉතිහාසය දක්වන්නේ මොන වගේ මූලාශ්‍ර පාදක කරගෙනද කියන එක දැනගන්න කැමතියි....

      මේ සංවාදය වඩාත් හොඳින් අපිට සිදු කරන්න පුලුවන් වේවි මූලාශ්‍ර හෝ සාධක අනුව සිදු කෙරෙනවා නම්.....

      Delete
  44. http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=13174:2013-07-04-05-14-17&catid=56:kalapuwath&Itemid=82

    පතිදම් සුරකිමින් ජීවිතයෙන් වන්දි ගෙවූ ඇහැළේපොළ කුමාරිහාමි


    ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහ‍පොළ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

    ReplyDelete
  45. සීගිරි කාශ්‍යප රජුගේ විස්තර පළ කරන්නේ නැද්ද?

    ReplyDelete
  46. නරේන්ද්රසිංහ මහරජතුමාගේ මව පිළිබඳ විස්තර නැද්ද?

    ReplyDelete
  47. බොහොමත්ම අගනා ලිපියක්....

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................