Sunday, June 3, 2012

රජ කාලේ තිබුණු Inter Disawe Competition for ඉර හඳ කොඩිය - ඉතිහාසයේ අප්‍රකට කතා 05

 කන්ද උඩරට රාජධානියේ ධජය

තරගය කියන එක අද කාලෙට විතරක් නෙමේ රජ කාලෙටත් පොදු දෙයක්. තරගය කියන එක ගත්තාම එක එක ආකාරවලට තියෙනවානේ. සාමාන්‍යයෙන් පිළිගත් ක්‍රමවේද යටතේ පවත්වන තරඟයක් එහෙමත් නැත්නම් තරගාවලියක් අවසානයේදී ජයග්‍රාහී පිරිසට ශූරතා පලිහක් හරි ශූරතා කුසලානයක් හරි පිරිනමන එක තමා සාමාන්‍ය සම්ප්‍රදාය. 

ඒ හැරෙන්න ජයග්‍රාහී කණ්ඩායටම ධජයක් පිරිනමන එකත් සිදු නොවෙනවා නොවෙයි. අනෙක් අංශවල කොහොමද කියලා කියන්න දන්නේ නැති වුණත් මම දන්න විදිහට බාලදක්ෂ ව්‍යාපාරයේ නම් එහෙම දේවල් සිදුවෙනවා.

ඉස්සර මහා බ්‍රිතාන්‍යයට අයිති වෙලා තිබුණු රටවල්වලින් වැඩිම රජුගේ බාලදක්ෂයින් බිහි කරපු බාලදක්ෂ සමූහයට "රජුගේ ධජය" [King's Flag] ලබාදීලා තිබෙනවා. මේ වරප්‍රසාදය මහනුවර ධර්මරාජ විද්‍යාලය 1917, 1918, 1919 කියන අවුරුදු තුනේම ලබාගෙන තිබෙනවා. 

වර්තමානයේදීත් ශ්‍රී ලංකාවේ වැඩිම ජනාධිපති බාලදක්ෂයන් බිහි කරපු බාලදක්ෂ සමූහයට "ගුලාම් හුසේන් ධජය" ලබාදෙනවා. කොළඹ රාජකීය විද්‍යාලය මේ තරගය ආරම්භ කරපු වසරේ ඉදන්ම කීප වරක්ම එක දිගට මේ ධජය ලබාගත්තු නිසා ඒ සමූහය හැර අනෙක් සමූහවලින්ලු මේ සඳහා ගණනය කිරීම් සිදුවෙන්නේ

ඒ වගේම ශ්‍රී ලංකාවේ සෑම අතින්ම හොඳම බාලදක්ෂ සමූහය සඳහා "දිවයින් ශූරතා ධජය" [Island Merit Flag] පිරිනමනවා. කොළඹ දිස්ත්‍රික්කය තුළ හොඳම කණිෂ්ඨ බාලදක්ෂ කණ්ඩායමට "නගරාධිපති ධජය" [Mayor's Flag] පිරිනමනවා.

ඉර හඳ කොඩිය

ඉතින් මේ අද කතාවට ආවොත් මහනුවර යුගයේදීත් මේ වගේම හොඳම දිසාව සඳහා ඉර හඳ කොඩිය පිරිනමන එක රජතුමා විසින් සිදු කරලා තිබෙනවා. 

ඒ ඒ දිසාව භාරව හිටිය දිසාවේ, නිළමේවරු වගේම සාමාන්‍ය ජනතාව කරපු වීර ක්‍රියා ආදිය ගැන සළකලා බලපු රජතුමා දක්ෂතා දක්වපු දිසාවට ඒක අගය කිරීමක් විදිහට ඉර හඳ කොඩිය පිරිනමලා තිබෙනවා.

ඉර හඳ කොඩිය පැවරීමත් එක්කම ඒ දිසාව කන්ද උඩරට රාජ්‍යය තුළ ඒ කාලේ තිබුණු දිසා 12 න් ප්‍රධාන දිසාව බවට පත්වෙනවා. මේ ඉර හඳ කොඩිය ප්‍රධාන දිසාවට හිමි ධජය නිසා තමා එදා පටන් අද දක්වාම මහනුවර දළදා පෙරහැරේ දිසාවන්හින් කොඩි අරගෙන යද්දී පළමු කොඩිය විදිහට ඉර හඳ කොඩිය අරගෙන යන්නේ

I විමලධර්මසූරිය රජතුමාගේ කාලයේදී ඉර හඳ කොඩිය මාතලේ දිසාවටත් සෙනරත් රජතුමාගේ කාලයේදී සත් කෝරළයටත් II රාජසිංහ රජතුමාගේ කාලයේදී සතර කෝරළයටත් හිමිවෙලා තියෙනවා. සතර කෝරළයට ඉර හඳ කොඩිය හිමිවීමත් එක්ක උඩරට රාජධානියේ අවසානය වෙනකම්ම තමන්ගේ දිසාව තුළ ඉර හඳ කොඩිය තබාගන්න සතර කෝරළය සමත් වෙලා තිබෙනවා.

සතර කෝරළේ ගැනත් ටිකක් කිව්වොත් ඒ දිසාවේ තිබුණු කෝරළ 4 වුණේ ගල්බඩ කෝරළේ, පරණ කුරු කෝරළේ, කිනිගොඩ කෝරළේ, බෙලිගල් කෝරළේ.

 දිසාවේවරයෙක්

අර කලින් කිව්ව විදිහට දිසා 12 ක් කන්ද උඩරට රාජධානියේ තිබුණත් ඒවායිනුත් සතර කෝරළය, සත් කෝරළය, ඌව සහ මාතලේ මහ දිසා විදිහට හඳුන්වපු නිසා ඒවායේ භාර දිසාවේවරුන්ව හඳුන්වලා තියෙන්නේ "මහ දිසාවේ" නමින්.

මේ දිසාවන් 4 මහ දිසාවේකම බොහෝ විට හිමිවෙලා තියෙන්නේ කන්ද උඩරට රාජධානියේ හිටිය මහා අදිකාරම්වරුන් දෙදෙනාට හරි ජ්‍යෙෂ්ඨතම රදළයෙක්ට. උඩරට පරිපාලන ව්‍යුහයේ රජතුමාට පස්සේ හිටියේ මහා අදිකාරම්වරු.

මහා අදිකාරම්වරයෙක්

මහා අදිකාරම්වරුත් දෙන්නෙක් ඉදලා තියෙනවා. ඒකෙන් පල්ලේ ගම්පහ මහා අදිකාරම් තමා පළවෙනි අදිකාරම්. උඩ ගම්පහ මහා අදිකාරම් තමා දෙවෙනි අදිකාරම්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාත් සිය පත්තුවේ මහා අදිකාරම් කියලා තනතුරක් තමන්ගේ පාලන කාලයේ ඇති කරනවා

දිසාවන් 12 තමා සතර කෝරළය, සත් කෝරළය, ඌව, මාතලේ, සබරගමුව, තුන් කෝරළය, වලපනේ, උඩ පළාත, නුවර කලාවිය, වෙල්ලස්ස, බින්තැන්න, තමන්කඩුව

රටේ මහත්තයෙක්

මහනුවර නගරය ආසන්නයේ තිබුණු ප්‍රදේශ 9 ක් රටවල් නමින් හඳුන්වලා තියෙනවා. ඒවා තමා උඩුනුවර, යටිනුවර, තුම්පනේ, හාරිස්පත්තුව, දුම්බර, හේවාහැට, කොත්මලේ, උඩ බුලත්ගම, පාත බුලත්ගම. රටවල් පාලනය කළේ රටේ මහත්තයා එහෙමත් නැත්නම් රටේරාළ කියන කෙනා

අවබෝධය පිණිස ඉතුරු දිසාවන් ටිකෙත් කොඩි ටික දාන්නම්. හැබැයි ඔක්කෝම නම් නැහැ

 සත් කෝරළය සිංහයා කොඩිය

ඌව දිසාව හංසයා කොඩිය

වෙල්ලස්ස දිසාව කොටියා කොඩිය

වලපනේ දිසාව මයුර කොඩිය

 නුවරකලාවිය දිසාව ගජසිංහ කොඩිය
 
 තුන් කෝරළය භේරුණ්ඩ මහ කොඩිය

මේ දිසාවන්වල කොඩි නම් හම්බුණේ නැහැ. ඒත් ඒ ඒ දිසාවන්වල කොඩි ටික මෙන්න

මාතලේ - සුදු මහ කොඩිය
සබරගමුව - පට රෙදි මහ කොඩිය
උඩ පළාත - නෙලුම් මල් මහ කොඩිය
බින්තැන්න - ගිරවා මහ කොඩිය
තමන්කඩුව - වලහා මහ කොඩිය


කොඩි ටික උපුටා ගත්තේ ආචාර්ය තෙන්නකෝන් විමලානන්ද මැතිතුමා ලියපු උඩරට මහ කැරැල්ල III කාණ්ඩය පොතෙන්

නිලධාරීන්ගේ පින්තූර ටික උපුටා ගත්තේ මහාචාර්ය රැල්ෆ් පීරිස් මැතිතුමා ලියපු සිංහල සමාජ සංවිධානය - මහනුවර යුගය

ප.ලි.: අද කතාව නම් ටිකක් අවුල් කියලයි මට හිතෙන්නේ. ඒත් අතරින් පතර වැදගත් තොරතුරු ටිකක් ඔයාලට කියවන්න ලැබුණා කියලා හිතනවා.

මේ දැනට ලියලා ඉවර ඉස්සරහට පළවෙන්න තියෙන ඉතිහාසයේ අප්‍රකට කතා list එක 

  • ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව පාවා දුන් අයට වැදුණු ශාපය ???
  • රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව
  • 1818 කැරැල්ලට මූලික වුණු ව්‍යාජ රජු විල්බාවේට ජීවිත දානය, කැරැල්ල මෙහෙය වූ කැප්පෙටිපොළට මරණ දඬුවම

59 comments:

  1. කොඩියට සිංහයා ආවෙ කොහොමද කියලා දන්නවද හසිත? ලංකාවෙ සිංහයො නැහැනේද ? ඒක අර සිංහ බාහු ජනප්‍රවාදයෙන්ම එන එකක්ද ?

    ස්තූතියි.

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. @ Senna

      ප්‍රාග් ඓතිහාසික යුගවල දැනට ලංකාවේ නොසිටින සත්තු ගොඩක් හිටියා කියන්න පොසිල වගේම අස්ථි සාධක හමුවෙලා තියෙන්නේ. ඒ අනුව සමහර විට ලංකාවේ ඈත අතීතයේ සිංහයා කියන සත්වයා හිටියා වෙන්නත් පුලුවන්.

      ඒ කොහොම නමුත් අපේ කොඩියට සිංහයා එන්න මුල් වෙන්නේ විජය කුමාරයාගෙන් ලාංකීය රාජාවලිය ඇරඹෙන බව කියන වංශ කතා පිළිගැනීම.

      සිංහයෙක්ගෙන් පැවත එන සිංහබාහු රජතුමාගේ පුතා විජය සිංහ වංශිකයෙක් නිසා විජයගේ කොඩියට සිංහයෙක් එක්වන්න ඇති. විජයගේ සිට පැවත එන රාජාවලියත් ඒ ආකාරයෙන්ම සිංහ ධජය භාවිතා කරලා තිබෙනවා.

      විජයගේ ලංකාගමනය දැක්වෙන සාංචි කැටයමකත් සිංහ ඇති ධජයක සටහනක් තිබෙනවාලු. ඒ වගේමයි දුටුගැමුණු එළාර සටන දැක්වෙන දඹුළු විහාර සිතුවමකත් දුටුගැමුණු රජු සිංහ ධජයක් රැගෙන සිටින අයුරු ඇඳ තිබෙනවා

      අතීත රජ දරුවන් තමන් පැවත එන්නේ සුවිශේෂී ආකාරයකට බව කීම සාමාන්‍යයෙන් සිදුවුණු දෙයක්. ඒ වගේමයි තමන්ගේ රාජ්‍යත්වය හා සම්බන්ධ වෙන තේජස, ශක්තිය පෙන්වන සත්වයන් සම්බන්ධ කරගැනීමත් දැකගන්න පුලුවන්.

      ඒ යටතේ සිංහයා, මකරා, ඇතා වගේ සතුන් රාජ්‍ය බිහිවීම හරි රාජ්‍යත්වයේ සංකේත් විදිහට යොදාගත්තු හැටි ලෝක ඉතිහාසය පිරික්සද්දී දැක බලාගන්න පුලුවන්

      Delete
  2. අද කතාව අවුල් වගේ කියලා කිව්වට මට නම් අවුලක් පේන්ඩ නෑ.නොදන්න කරුණු කාරණා ගොඩක් දැනගත්තා.

    අර සෙන්නා අහපු ප්‍රශ්නෙම මටත් තියෙනවා. උත්තරයක් දන්නවා නම් මටත් එවන්ඩ.

    ReplyDelete
    Replies
    1. @ මධුරංග

      කතාව අවුල් නැහැ කියලා දැනගත්තු එක ගැන සතුටුයි. අයියගේ ප්‍රශ්නේටත් උත්තරේ ඉහළින් සපයලා තිබෙනවා කියවලා බලන්න

      Delete
  3. Replies
    1. @ ඉන්ද්‍රජිත්

      ස්තුති. ඔබේ බ්ලොග් සටහන් මම කියෙව්වා. අපේ උරුමය ගැන කතා කරන වටිනා සටහන් කීපයක්ම මම දැක්කා.

      ඒ කටයුතු ඉදිරියට ගෙනයන්න ශක්තිය නිරතුරු ඔබට ලැබේවා

      Delete
  4. එක එක කොඩියේ සිංහයන්ගේ ටික, ටික වෙනස් ගතියක් පේනවා නේද? හැබෑට සිංහයා නම් එන්ට ඇත්තේ සිංහ ගෙන් වෙන්ට ඇති. එතකොට අනෙක් කොඩිවලට ඒ, ඒ දිසාවලින් ඒ විදියට එක්, එක් සතුන් ඉදිරිපත් උනේ මොන හේතූන් නිසාද කියලා දන්නවද?

    ගුරුතුමා පාඩම කියලා දෙනකොට දන්නේ නැති සිසු, සිසුවියෝ ප්‍රශ්න අහනවලු.:)))

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      රජතුමාගේ කොඩියේ තමා සිංහයා වඩාත් තේජස් විදිහට දක්වලා තියෙන්නේ. රජතුමා නොවැ ප්‍රධානම. අනික් කොඩිවලත් සිංහයා සුලු සුලු වෙනස්කම් එක්ක දක්වලා තියෙනවා. වෙනසක් තියෙන්නත් එපැයි....

      කොඩියට සිංහයා ආපු එක ගැන දීර්ඝ විස්තරයක් සෙන්නාට දිපු උත්තරේ තියෙනවා. නිස්කලන්කේ තේ එකක් බොන ගමන් කියවන්න :D

      ඒ ඒ දිසාවල ඒ ඒ සතුන් මෝස්තර ආපු එක ගැන නම් මේ සර් හරියටම දන්නේ නැහැ :)

      ඒත් මම හිතන විදිහට නම් ඒ ප්‍රදේශවල කාලාන්තරයක් තිස්සේ තිබුණු සංස්කෘතික ලක්ෂණ, ඒ ප්‍රදේශවලටම ආවේණික සංකේත, ජනප්‍රවාද වගේ දේවල් උපයෝගී වෙන්න ඇති ඒ ඒ ප්‍රදේශවල කොඩි සකස් කරන්න

      Delete
  5. දැනුයි දැක්කේ. ගෙදර අලුතින් පාට ගාලානේ. ඇහැට සනීපයි. :D

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      මේ මාසෙට හම්බුණු රුපියල් 2500 න් තමා අලුත් තීන්ත ගෑවේ. දැන් ඉතින් බඩගින්නේ තමා ඉන්න වෙන්නේ :D

      Delete
  6. ඔය තනතුරු, කවුරු කා යටතේද කියන එක රුක් සටහනක වගේ දැම්ම නම් හොදයි කියල හිතෙනවා ...

    KIUN

    ReplyDelete
    Replies
    1. @ KIUN

      රුක් සටහනක් සකස් කරන්න උත්සහ කළා. ඒත් ඒක සංකීර්ණ වැඩියි වගේ.....

      මොකද උඩරට ගැන තියෙන කිසිම පොතකවත් එහෙම රුක් සටහනක් හදලා නැහැ ඒ තියෙන සංකීර්ණ බව නිසාමද කොහෙදෝ. ඒත් මම උත්සහ කරලා බලන්නම්

      Delete
  7. තැනින් තැන මේ විස්තර අහලා තිවුනට අද තමා පිළිවෙලට ඉගෙන ගත්තේ..

    මනුස්සයෙකුට දකින්න තියන අපූරුම වස්තු දෙක ඉර හඳ නිසා වෙන්නැති නේද ඉර හඳ කොඩිය හැදුනේ..?

    ReplyDelete
    Replies
    1. @ රූ....

      ස්තුති අක්කේ.... ඇත්තටම මිනිස් ලොවේ පැවැත්මට බලපාන ප්‍රධානම සාධක දෙකක් නොවැ ඉර හඳ කියන්නේ. ඒවා කොඩිවලට යොදා ගැනීමෙන් සූර්යයා සතුවෙන තේජස් බවත් චන්ද්‍රයා සතුවෙන සෞම්‍ය ගුණයත් පෙන්නුම් කරන්න උත්සහ කරන්න ඇති

      අනෙක් අතර ඉර හඳ දැක්වීමෙන් ඉර හඳ පවතින තාක් කියන අදහසත් ගම්‍ය වෙනවා. ඒ කියන්නේ හුඟාක් කල් පවතිනවා කියන අදහසත් ගන්න පුලුවන්

      Delete
  8. මමනං මේ ඕක ගැන ඇහුවමයි

    ReplyDelete
    Replies
    1. @ IP MAN

      අද හරි දැනගත්තා නොවැ :)

      Delete
  9. වෙල්ලස්සේ කොටියා කළු කොටියෙක් නේද?
    කොල කොටියෙක් ද මන්දා?

    ReplyDelete
    Replies
    1. @ කතන්දර Kathandara

      ඒක නම් මාත් හරියටම දන්නේ නැහැ කතන්දර. මොකද මේ කොඩි ටික තිබුණු උඩරට මහ කැරැල්ල පොතේ මේවා ඔක්කොම තියෙන්නේ කලු සුදු පින්තූර විදිහට

      Delete
  10. ඒ දවස්වලත් අන්තරේ තිබිලා තියෙනවා නේ.

    ReplyDelete
    Replies
    1. @ කතන්දර Kathandara

      හැබැයි දැන් කාලේ තියෙන අන්තරේත් නෙමෙයි ඒක කරන වැඩත් නෙමෙයි ඒ කාලේ අන්තරෙන් කළේ :D

      Delete
  11. සිහයෝ විතරක් නෙමේ මේ හැම සතෙක්ම නපුංසක වගෙයි!

    ReplyDelete
    Replies
    1. මුට පිස්සු ..... වැඩිය ගණන් ගන්න එපා

      Delete
    2. @ කතන්දර Kathandara

      කොඩිවල ඉන්න සත්තු ඒ සත්තුන්ගේ සැබෑ ස්වරූපයටත් වඩා වෙනස් ආකාරයකට කලාත්මක විදිහට නිර්මාණය කරපු නිසා වෙන්න ඇති එහෙම හිතෙන්න ඇත්තේ. ඒ වගේමයි සමහර කොඩිවල ඉන්න සත්තු මනඃකල්පිත සත්තු නොවැ...

      ඔය ගජසිංහ, භේරුණ්ඩ පක්ෂියා වගේ සත්තු එහෙම

      Delete
    3. @ Anonymous

      අනේ මන්දා මහත්තයෝ...........

      Delete
  12. අදත් නොදන්න සීන් ගොඩයි.... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. @ අඩවි රජ

      ඉස්සරහටත් නොදන්න සීන් ගොඩක් ගැන කියනවා ලොක්කෝ :D

      Delete
  13. මේ කොඩි වලට සත්තුන්ගේ රූප ආ හැටි ගැන කතන්දර තියෙනවනම් ලියමු මලයා..

    මේ දාපු පින්තූර නම් සෑහෙන වටිනවා..

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      ඔය ප්‍රශ්නේම පොඩි කුමාරිහාමිටත් ආවා නොවැ. මෙන්න මේකයි මම දීපු උත්තරේ

      "ඒ ඒ දිසාවල ඒ ඒ සතුන් මෝස්තර ආපු එක ගැන නම් මේ සර් හරියටම දන්නේ නැහැ :)

      ඒත් මම හිතන විදිහට නම් ඒ ප්‍රදේශවල කාලාන්තරයක් තිස්සේ තිබුණු සංස්කෘතික ලක්ෂණ, ඒ ප්‍රදේශවලටම ආවේණික සංකේත, ජනප්‍රවාද වගේ දේවල් උපයෝගී වෙන්න ඇති ඒ ඒ ප්‍රදේශවල කොඩි සකස් කරන්න....."

      Delete
  14. me kodi dakala tibunata ada thamai pehedili wisthate danagaththe,,danaganna puluwanda me e kodi walata adala rupa wala thwruma ha ewa yoda gaththa hethuwa,,

    thanx 4this hans ;) ;)

    ReplyDelete
    Replies
    1. @ madura yaathra

      හැමෝටම වගේ මේ ප්‍රශ්නේ ඇවිත් නොවැ.... ඒකට මම දීපු උත්තරේ ඉහළින් තියෙනවා. කෝකටත් දැන් හුඟක් අයට මේක ප්‍රශ්නයක් නිසා ඒක ගැන මම ටිකක් හොයලා බලන්නම්... ස්තුති අලුත් වැඩකට පාරක් පෙන්නුවට :)

      Delete
  15. මෙච්චර කල් කියවන්න නොලැබුණ තොරතුරු ටිකක්. මේ කොඩි සහ දාපු පිංතූර ටිකත් නියමයි. හොයාගන්නම අමාරු දේවල් ටිකක් කිව්වොත් නිවැරදියි.

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      ස්තුති. ඉස්සරහටත් හොයාගන්න අමාරු දේවල් පුලු පුලුවන් විදිහට කියන්න තමා හිතාගෙන ඉන්නේ :)

      Delete
  16. යාන්තම් යන්තම් මතක තිබුණු දේවල් ටිකක් ආයෙත් මතක් වුනා ගොඩාක් ස්තුතියි හසිත.

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      ඒක හොඳයි අපේ දේවල් අපි නොවැ මතක තියාගන්න ඕනේ :)

      Delete
  17. ශා මම හරිම කැමතියි ඉතිහාස ලිපි වලට... :) ස්තූතියි. ලොකු දැණුමක් අරගත්තා... :)

    ReplyDelete
    Replies
    1. @ ජීවිතේ මල්

      මිට කලිනුත් අප්‍රකට ඉතිහාස කතා කියලා කතා මාලාවක්ම ලියලා තියෙන්නෙ අක්කේ. ඉස්සරහටත් මේ වගේ කතා ලියවේවී. ඉස්සරහටහ් කියවන්න එන්න

      Delete
  18. අපේ දැනුමවැඩිකරන මෙවැනි ලිපි ලියන ඔබට පින් සිද්ද වෙච්චාවේ


    වැරදිමකින් බල්ලන්ගේ ලිපියෙන් බාගයයි වැටුනේ දැන් නිවරැදි කලා.සම්පුර්න
    ලිපිය බලන්න ආයෙත් එන්න.
    එල් බෝඩ් කාරයට අනුකම්පා කරන්න

    අටම්පහුර

    ReplyDelete
    Replies
    1. @ අටර්‍මපහුර

      ගැටළුවක් නැහැ ලොකු මහත්තයා. මම බල්ලන්ගේ ලිපිය කියෙව්වේ ඔයා අඩුපාඩුව හැදුවට පස්සේ.....

      බල්ලා මිනිසාගේ හොඳම මිතුරාය
      උපුටා ගැනීම : ගිරිපුර ඇත්තෝ :D

      Delete
  19. o/l කාලේ පාඩම් කරපුව ටිකක් තිබුනා,නොදැන හිටපුව හුගක් තිබුනා
    කමෙන්ටුවක තිබ්බ විදියට රුක්‌ සටහනක් තිබ්බ වගේ මතකය් අහුඋනොත් කියන්නම්
    දැනුවත් කලාට ස්තූති..

    ReplyDelete
    Replies
    1. @ පුබුදු

      හරි සහෝ තිබුණොත් කියන්න. මාත් මේ එහෙම එකක් හදන්න ට්‍රයි කරමින් ඉන්නේ

      Delete
  20. ලංකාවේ සිංහයෝ සිටියාලු

    ReplyDelete
    Replies
    1. @ Anonymous 2

      රත්නපුරේ පැතිවල මැණික් පතල් හාරද්දී සිංහයන්ගේ අස්ථි කොටස් හම්බෙලා තියෙනවලු නේ

      Delete
  21. වටිනා ලිපියක් හසිත නමුත් මට මෙතන අසාදාරනයක් පේනවා රටේ මහතැන්ගේ පොටෝ කෑල්ලක් දාපු එකේ කෝරලේ මහත්තයාගේ පොටෝ එක මිස් වෙලා වගේ හැක් හැක් හැක්.... විහිලුවට කිව්වේ පුලුවන්නම් හොයල දෙන්නකෝ කෝරලේ මහත්තය කියන කෙනාගේ වගතුග (මගේ නෙවෙයි)

    ReplyDelete
    Replies
    1. @කෝරලේ මහත්තයා

      හමුවූ විටෙක දමන්නම්කෝ

      Delete
  22. මහනුවර ධර්මරාජ විද්‍යාලය රජුගේ ධජය දිනාගත් බව පැවෙසතත් ඒ ගැන ජාත්‍යන්තර මට්ටමෙ තොරතුරු කිසිවක් දක්නට නොලැබේ. මේ පිළිබද තෙරතුරු වෙතොත් දන්වන්න.

    ReplyDelete
    Replies
    1. @Sri lanka Scouting Magazine

      බාලදක්ෂ ඉතිහාසයට පාඩම් කරපු නිසා දැනුවත් මිසක ඒ ගැන වෙනත් තොරතුරක් මම දන්නෙත් නැහැ

      Delete
  23. ඉර දෙවියන් ගේ නෑයෝ , සඳ දෙවියන් ගේ නෑයෝ , ආදි අපේ මුතු මිත්තෝ , ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ , හැමෝම ජනවහරෙ එන මේ ගායනයෙ තේරුම හොයමුද? මේ රටේ වාසය කළ හෝ කරන සූර්යාට සඳට නෑදෑකමක් ඇති පිරිස කවුරුන්ද ?මෙම පිරිසට සූර්යාට සඳට නෑදෑකමක් හැදුනෙ කොහොමද?ඉරෙන් හඳෙන් වැඩ ගත්තෙ කොහොමද? මේක නිකම්ම නිකන් කරන්නට වැඩක් නැතිවාට ඔහේ කියවූ කවියක්ද ?

    ReplyDelete
    Replies
    1. @ Anonymous

      බොහෝ කටයුතු සඳහා සූර්ය උදාව චන්ද්‍ර උදාව පාදක කරගැනීම සහ ඒවායින් ප්‍රතිඵල ලබාගත්තු නිසා එහෙම කිව්වා වෙන්න පුලුවන්. උදාහරණ විදිහට ගස් කපද්දී, ගොවිතැන් කරද්දී එහෙම සූර්යයාගේ චන්ද්‍රයාගේ බලපෑම ගැන සලකා බලන්නේ

      Delete
  24. හසිත ඔබට ජය !!!

    ReplyDelete
  25. භේරුණ්ඩ කොඩියේ පින්තූරයක් දාන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. @ Anonymous

      තුන් කෝරළයේ භේරුණ්ඩ කොඩියක් සටහනට එකතු කළා. ඒක බලන්න.

      Delete
  26. ලංකාවේ සිංහයො හිටියෙ නැහැ කියලා නම් කියන්ඩ බැහැ. සිංහබාහුගේ ජනප‍්‍රවාදයට වඩා මම අහලා තියෙන විදිහට ‘රාවණා’ රජු තමන්ගේ ලාංඡුනය සිංහයා කරගෙන ඉදලා තියෙනවා කියලා තියෙනවා. නමුත් එ්කට ඔප්පු කරන්න සාධක ලැබිලා නැහැ. ජනප‍්‍රවාද විතරයි. නමුත් රාවණා කියන්නේ සිංහයෙක් වගේ ශ්‍රේෂ්ඨ රජෙක් කියලා නම් ඉතිහාසය බැලීමේදී පේනවා. තව සීගිරිය ‘ සිංහ ගිරිය’ ලෙස ආමන්ත‍්‍රණය කිරීමත් ‘සිංහරාජය’ නමෙනුත් සිංහ රාජ වනාන්තරය ගැන කියවෙන ජනප‍්‍රවාදයක් වන සිංහරාජයේ ඇති සිංහයෙක් වෙසෙන ගුහාවක සිටි සිංහයෙක්ව මරලා දාපු එම ප‍්‍රදේශයේ සිටි යෝදයෙකුව මිනිස්සු අදටත් දෙවියෙකු ලෙස සලකන්න පුරුදුව සිටින හැටිත්. ( සිංහ ලෙනේ එදා එ් සිංහයාට දමලා ගහපු ගල් තවම තියෙනවා කියලයි මම අහපු ජනප‍්‍රවාදයේ තියෙන්නෙ මේකි නොකී අප‍්‍රකට කරුණු රැුසක සිංහයෝ ඉන්නවා. ලංකාවේ සිංහයෝ නොසිටියා නම් අපි මෙච්චර සිංහ රූප වලට ලංවෙන්න විදිහක් නැහැ.

    ReplyDelete
    Replies
    1. @Kirul Alakeshwara

      ඒ කථාව හරි වෙන්න පුලුවන්

      Delete
  27. Hasithaa maliii...puluwannam loku udawwak ...wellasse disawe kalu kotiya inna kodiya.. pramanaya..hoo mema kodiya balanna koheda thiyenna loku udawwak wellasee apita

    ReplyDelete
    Replies
    1. @ darsana

      මේ කොඩිවල නිශ්චිත ප්‍රමාණ ගැන නම් මම දන්න තරමින් සඳහනක් නැහැ. කෝකටත් වැඩි විස්තරයක් බලන්න නම් මහාචාර්ය නිමල් ද සිල්වා මහත්මයාගේ Flags - Flag Traditions Of Sri Lanka පොත බලන්න.

      මේ කොඩි ඇත්තට බලන්න නම් කොළඹ ජාතික කෞතුකාගාරයට යන්න වෙනවා. ඒකේ සිංහාසන මැදිරියේ මේ කොඩි රාශියක් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඊට අමතරව ඉහළ මහලේ රෙදි ආශ්‍රිත නිර්මාණ තිබෙන කොටසේත් කොඩි ප්‍රදර්ශනය කරලා තිබෙනවා. මේ හැරෙන්න මහනුවර ජාතික කෞතුකාගාරයේත් මේ කොඩි ප්‍රදර්ශනය කර තිබෙන බව අසා තිබෙනවා.

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................