Wednesday, May 30, 2012

එතකොට සරත් ෆොන්සේකා කරපු දෙයක් නැතෙයි ???


ගමක හිටිය දුප්පත් මනුස්සයෙක් බොහොම මහන්සියෙන් සියඹලා වගයක් කඩලා තමන්ගේ භාර්යාවත් එක්ක ඒවා ටික පාර්සල් කරගෙන අමාරුවෙන් පාරට කරේ තියාගෙන ඇවිත් එදා බස් එකක් නොතිබුණු නිසා හුඟක් දුර පයින් එහෙමත් ගිහින් අන්තිමට නගරේ පොළට අරගෙන ආවලු.

පොළට ගිය වෙලේ මේ සියඹලා ගන්න ආපු මනුස්සයෙක් සියඹලා ටික ගන්නම් කියලා සියඹලා ටික කිරුවලු. 

පස්සේ මේ සියඹලාවල පොතු වැඩියි නේ කියලා කිලෝ ගාණක් අඩු කළාලු. 

ඊට පස්සේ සියඹලාවල ඇට තියෙනවා නේ කියලා තව කිලෝ ගාණක් අඩු කළාලු. 

ඊටත් පස්සේ මේ සියඹලාවල වතුර ගතිය වැඩියි නේ කියලා තවත් කිලෝ ගාණක් අඩු කළාලු. 

අන්තිමට බැලින්නම් සියඹලාවලට බරක් නැහැලු..... :))

පස්සේ ගමේ ඉදන් සියඹලා ගෙනාපු මනුස්සයා අහනවාලු

ඊයේ උදේ ඉදන් සියඹලා කඩලා මගේ මායියත් එක්ක ඒවා ඔතලා පාරට කරේ තියගෙන ඇවිත් පස්සේ බස් එකක් නැතුව අමාරුවෙන් මම එතකො පොළට සියඹලා ගෙනාවේ නැතෙයි ????


ඒකම තමයි මේ දවස්වල කෑ ගහන සමහරුන්ගෙන් මටත් අහන්න තියෙන්නේ එතකොට විජයග්‍රාහී පෙළපාලියේදී සැරින් සැරේ කියන විදිහට, පත්තරවල, ප්‍රවෘත්තිවල කියන විදිහට මේ යුද්දෙදී සරත් ෆොන්සේකා කරපු දෙයක් නැතෙයි ???

33 comments:

  1. sarath fonsekage kathaawa hariyata tharadiyak wage aanduwa balanne unge paththa barakara ganna SF ge supportersla balanne SF ge paththa bara karaganna depaththema wena dey balagena hitiyoth udde dinanna mey okkomala oone wela thibba kaatawath thaniyama udda kala kiyanna baa ara rata wenuwen marichcha kollo amathaka karala :D

    ReplyDelete
  2. පැහැදිලිවම හසිත සරත් ෆොන්සේකා කල විශාල කාර්යභාරයක් තියෙනවා. එහි විවාදයක් නැහැ. යුද්ධය නියම මාවතේ ගෙනියන්න,යුධ සැලසුම් වගේම හමුදාවේ ප්‍රතිසංවිධාන කටයුතුවලට ඔහුගේ දැනුමයි හැකියාවයි බොහෝම ප්‍රයෝජනවත් උනා. ඒ වගේමයි ඔහුගේ අණදීම් හා දරුණු ප්‍රහාරක ක්‍රම විධි.

    සෑම අතින්ම ෆොන්සේකා මේ යුද්ධයේ ප්‍රධාන කාර්යභාරයක් කල අයෙක්. ඒ ගැන කිසිම ගැටළුවක් කාටවත් තියෙන්න හැටියක් නැහැ. නමුත්?

    යුද්ධය නිමාවීමට ආසන්න කාලයේ ඔහු‍ගේ ඇමරිකානු සංචාරය හා එහිදි ඇමරිකානු රාජ්‍ය දෙපාර්ථමේන්තුව සමඟ වූ අදටත් පැහැදිලි කිරීමක් නොමැති සාකච්ඡාවෙන් පසුව ඔහුගේ ගමනේ දිශාන්තිය වෙනස් වූ හැටි ඔබට පේනවද?(එය ඔහුගේ පුරවැසිභාවය ගැන ප්‍රශ්නකිරීමක් ලෙසින් හැඳින්වූවත් එයට වඩා යමක් එහි තිබූ බව අද වෙනකොට හිතන්න අමාරුයි නම් එය අපි දකින දේ ගැන ඇති ගැටළුවක්)

    ඇයි අවසාන මොහොතේ ඔහුගෙන් යුධ මෙහෙයුම් කටයුතු සූක්ෂමව ඉවත් කරලා අනිකුත් දෙවැනි පෙල නායකයින් හරහා යුද්ධය කඩිමුඩියේ අවසන් කරන්නට ගෝඨාභය කටයුතු කරන්නේ? එහිදී ෆොන්සේකාව පැත්තකට කරලා යුද්ධය ඇදගෙන ගියා නම් අපිට හිතන්න තිබුනා ෆොන්සේකා යුද්ධය ඉවර කරන්න හදනකොට ආණ්ඩුව බාධා කලා කියලා. නමුත් ආණ්ඩුව යුද්ධය වේගවත්ව අවසන් කරන්නයි කටයුතු කලේ.

    එයින් පසුව මාස කිහිපයක් අතරතුරදී සිදු වූ දේ ගැන ඔබ හොඳින්ම දන්නවා. එතෙක් කලක් බටහිර ගැති, ඇමරිකානුලැදි දේශපාලකයින් ඔහු වටා රොක් වෙනවා. ඔහුත් ඒ පිරිසව ඉතා විශ්වාසයෙන් ලංකරගෙන ඔවුන්ගේ න්‍යාය පත්‍රයට හරි අපූරුවට වැඩ කරගෙන යනවා.ඔබට යම් අදහසක් ගත හැකිද?

    ෆොන්සේකා සියඹලා ගෙනාවා. ඒත් අන්තිම මොහොතේ ඔහු සියඹලා ගෝනියට මොනවා නමුත් දෙයක් කලවං කර ගත්ත බවක් තමා කියන්න තියෙන්නේ. සියඹලා ගෝනියට පස් කලවං කරගත්තට පස්සේ මොකද කරන්න වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මෙන්න යුද ඉතිහාසය අලුතින් ලියලා !! යකෝ අපිය යුද්ද කරපු බුවෙක්ගෙන් කෙප්ප නොකෙල.. .. උඹයි මායි දන්නා ඇමෙරිකානු ගැතිකම.. යකෝ බැසිල් ගෝටා දෙන්නම ඇමෙරිකන් පුරවැසියෝ.. සරත්ට තියෙන්නේ ජොබ් කාඩ් එක විතරයි..

      Delete
    2. war eke mul kzledi 3force commanderslai Gotai ITN eken Baila gahavvata mama hithan hitiye parana wedema wei kiyalai. Eth medak wenakota wenasak wena bava theruna. Ekata hethuwa SF ge war plan bawai e davaswala oya loku lokko kawruth kiwwe.(shavendrala pawa) eka eththa. meeta kalin eka eka war meheyum kale eka digata eka side ekakin ho dekakin target ekata yanna try kala eka ne. SF thamai eka wenas kara LTTE main spot walata ewa hema side ekenma wata wena hetiyata meheyum plan kale. E kale war reports mathaka nam sathya wetahewi. LTTE hema thenakma wata karala gahala, Land eka alla gena, eka kotasakata LTTE eka kotu kare SF ge master plan eka nisa. E dawaswala Mahinda ha Gota war ekata behala support eka dunne SF gena uparima wishwasayen.
      War eke anthima kaledith (Charls anthony kotu wela hitiya welawe LTTE eka mega blast ekak karan paninna hadanawa kiyan BUDDHI Ansha Thorathurata anuwa SF piyawara nogaththanam PRABHA eda Mulathiw keleta penaganna thibuna.
      War ekedi Air Force ha Navy eken karapu dewal kohomawath ahaka danna beha. ARMY 3 ma thaman kala de gena udam ananawa. Guwan traget marai. Ship walata gahapu ekath marai. Navy kiyana widiyata shipswalata gahapu hinda ayuda ha pathorom LTTE ekata nolabeema nisa war eka pahasu una kiyanawa. ekath sadaranai. namuth thawa sehena kalekata unath war eka edagena yanna puluwan wana tharamata ayuda ha pathorom LTTE ekat thibuna bava hoya gaththa ha thawamath hamba wena ewawalin penawa. AF ekata bimin target dunne bohomayak SF kalinma hadapu 8 kalli walin(digu dura meheyum balaka aya) bohoma nirbeetha lesa gos niwaradiwa target laba dun nisa bawa e dawaswala kiyauna.
      War ekata sudusu aya thora gaththe SF. Nusudusu aya iwath kale SF. E kale Gota pawa e nidahasa SF ta deela thibuna. SF ta ona lesa niwaradi lesa war planing karanna eya help una.
      SF ta direwwe neththe LTTE MAIN SPOT allana allana parata deshaopalana wasi aragena election thiyanna yamai. Mata mathaka hetiyata Poonarine alla gaththata passe ebawa ratata kiyanna kal genima gena SF upset eken hitiya bawa pasuwa palauana. PRABHA marapu bawa Mahinda Parliment eke kiyanna balan inna kota SF eka eyama TV eke kiyana tharamatama SF idiriyata gos thibuna.
      SF ta thibuna janapriya bawa anuwa Janadhipathiwarayata illeema nam weradi theeranayak bawai mage adahasa. Election Result eka gena wenama Katha karanna wenawa.
      kawru den kohoma kiwwath war ekedi mewani result ekak laba geneemedi SF ge kotasa 50% ta wedi bawa dekveema asadara n owana bava mage hengeemai. Air Force, Navy STF police ethulu anekuth hema anshayakama dayakathwaya manage une SF ge master plan ekata anuwa nisa bawa selakeema sadara bava mage adahasai.
      Comment eka hugak digai. eth meka katawath kage yemak nove. eda thathwaya adwana vita vikurthi karala weradi adahas rate pthurawana bawa penena nisa meya liyana ladi.

      Delete
    3. war eke mul kzledi 3force commanderslai Gotai ITN eken Baila gahavvata mama hithan hitiye parana wedema wei kiyalai. Eth medak wenakota wenasak wena bava theruna. Ekata hethuwa SF ge war plan bawai e davaswala oya loku lokko kawruth kiwwe.(shavendrala pawa) eka eththa. meeta kalin eka eka war meheyum kale eka digata eka side ekakin ho dekakin target ekata yanna try kala eka ne. SF thamai eka wenas kara LTTE main spot walata ewa hema side ekenma wata wena hetiyata meheyum plan kale. E kale war reports mathaka nam sathya wetahewi. LTTE hema thenakma wata karala gahala, Land eka alla gena, eka kotasakata LTTE eka kotu kare SF ge master plan eka nisa. E dawaswala Mahinda ha Gota war ekata behala support eka dunne SF gena uparima wishwasayen.
      War eke anthima kaledith (Charls anthony kotu wela hitiya welawe LTTE eka mega blast ekak karan paninna hadanawa kiyan BUDDHI Ansha Thorathurata anuwa SF piyawara nogaththanam PRABHA eda Mulathiw keleta penaganna thibuna.
      War ekedi Air Force ha Navy eken karapu dewal kohomawath ahaka danna beha. ARMY 3 ma thaman kala de gena udam ananawa. Guwan traget marai. Ship walata gahapu ekath marai. Navy kiyana widiyata shipswalata gahapu hinda ayuda ha pathorom LTTE ekata nolabeema nisa war eka pahasu una kiyanawa. ekath sadaranai. namuth thawa sehena kalekata unath war eka edagena yanna puluwan wana tharamata ayuda ha pathorom LTTE ekat thibuna bava hoya gaththa ha thawamath hamba wena ewawalin penawa. AF ekata bimin target dunne bohomayak SF kalinma hadapu 8 kalli walin(digu dura meheyum balaka aya) bohoma nirbeetha lesa gos niwaradiwa target laba dun nisa bawa e dawaswala kiyauna.
      War ekata sudusu aya thora gaththe SF. Nusudusu aya iwath kale SF. E kale Gota pawa e nidahasa SF ta deela thibuna. SF ta ona lesa niwaradi lesa war planing karanna eya help una.
      SF ta direwwe neththe LTTE MAIN SPOT allana allana parata deshaopalana wasi aragena election thiyanna yamai. Mata mathaka hetiyata Poonarine alla gaththata passe ebawa ratata kiyanna kal genima gena SF upset eken hitiya bawa pasuwa palauana. PRABHA marapu bawa Mahinda Parliment eke kiyanna balan inna kota SF eka eyama TV eke kiyana tharamatama SF idiriyata gos thibuna.
      SF ta thibuna janapriya bawa anuwa Janadhipathiwarayata illeema nam weradi theeranayak bawai mage adahasa. Election Result eka gena wenama Katha karanna wenawa.
      kawru den kohoma kiwwath war ekedi mewani result ekak laba geneemedi SF ge kotasa 50% ta wedi bawa dekveema asadara n owana bava mage hengeemai. Air Force, Navy STF police ethulu anekuth hema anshayakama dayakathwaya manage une SF ge master plan ekata anuwa nisa bawa selakeema sadara bava mage adahasai.
      Comment eka hugak digai. eth meka katawath kage yemak nove. eda thathwaya adwana vita vikurthi karala weradi adahas rate pthurawana bawa penena nisa meya liyana ladi.

      Delete
    4. සාගර, සහෝ ලියන ඕනේ මගුලක් කියවඥ්ඥං.. සිංහලෙන් ලියපන්. මෙන්න මෙතනට ගිහින් ලියල මෙතන පේස්ට් කොරඥ්ඥ ඇහැකි.

      http://www.google.com/transliterate/sinhalese

      Delete
    5. ෆොන්සේකා යුද්ධ කළේ නැත.. සියඹලා වලට පස් කළවං කරමින්.. ආතල් ගත්තේය..

      ප.ලි.
      කියන්න වදන් නෑ..

      Delete
    6. Gon jork danna epa yako..ubala me wage manussayekta amarican label eka alawala..SF kiyanne aniwa widayaka janadipati wenna ona manussayek me rata dushanaya wanchawa nati duppath minissunge badakinna terena..Balapan dan muslim eun rata allanawa..tawa tika kalayak yana kota meka tawath thailand ekak karanawa okun..ubalata rata gana dukak tiyanawa nam,,,dan ape lagin asraya karanne mona wage ratawal gana watahimak tiyanawa nam aniwa niyama sinhala kama kata karanna puluwan minihekta udau karapan..Mata aniwa sure ekak tiyanawa SF kiyannne Me rate Ihalama tanaka inna onaa niyama sinhalayek..
      Dukai ban apita Muslin eunta rata dila balan innakota..Tamil eun ekka mona pashna tibunath ekata jiwath wenna puluwan...ath Muslim eun ekka jiwetheta samagiyen jiwath wenna be ban unge agame ugannana dewal ekka..

      Delete
  3. ෆොන්සේකා මහත්තයා යුද්ධය වෙනුවෙන් කල කැපකිරිම වැඩ්යි.. ඒකනේ දූර කාලය දික් කරමින් එතුමාව තියා ගත්තෙත්..

    ReplyDelete
  4. මචන් ලංකාව ගැන හිතනකොට කලකිරෙනව..තමන්ගෙ වාසියට මිනිස්සු කෙප්ප කියන හැටි පුදුමයි බං.මොනව උනත් ඔය මනුස්සයට වුන දේනම් හරිම අසාධාරණයි

    ReplyDelete
  5. එදත් අදත් මගේ මතය මෙන්න.
    ෆොන්සේකා මහතා දේශපාලනයට ආවේ ඇමක් කෑම නිසයි. (අද ඒ බව පැහැදිලිව පෙනෙන්න තිබේ) එයින් එතුමාගේ දේශපාලන පරිචය පෙනෙන්නට තිබේ.
    යුද්ධය ෆොන්සේකාට තනියම ඉවර කරන්න හැකි වුවා නම් ඔහුට මැඩම් සැටලයිට් ගේ කාලයේ දී එය කිරිය හැකිව තිබිය යුතුයි.
    මහින්ද රාජපක්ෂට යුද්ධය තනිව කරන්නට හැකි වුවා නම් ඔහුට ඔස්ට්‍රේලියාව් සිට ෆොන්සේකා මහතා නැවත ගෙන්වා හමුදාව භාර දීමට අවැසි නොවේ.


    මේ කතාවම මම මාරයාගේ මේ පොස්ට් එකේදිත් කිව්වා.
    http://ctkumara.blogspot.com/2012/05/blog-post_21.html

    ReplyDelete
  6. මට මතක් වෙන්නේ සිරි අය්යාගේ සින්දුව . ''අම්ම හොඳයි කිවත් වැරදියි ..තාත්ත හොඳයි කීවත් වැරදියි ..එබැවින් නංගියේ මල්ලියෙ පවසමි දෙන්නම හොඳය කියා '' . දේශපාලන කන්නාඩි නැතුව සාමාන්ය මනුස්සයෙක් ලෙස හිතුවොත් මන් හිතන්නේ එහෙමයි . ඒ වගේම ඒක ඕන බුරුවෙක්ට තේරෙන්න ඕන . දැන් ඉතින් ප්‍රභාකරන් ගිය ලෝකෙක ඉඳන් හු කියනව ඇති මුන් වගේ හරක් ටිකක් කියල .

    ReplyDelete
  7. ගෝඨාගේ යුද්ධෙ.. මහින්දගෙ සංවර්ධනේ.. අනේ %කේ කියලා තමයි කියන්න තියෙන්නේ..

    ReplyDelete
  8. මේ මුදලාලිලා කියන විදියටනම් සියඹලාවලට වෙච්ච දේම තමයි මෙතනදිත් වුණේ.

    ReplyDelete
  9. udde kare mamaya kiyala thani kenekuta kiyanna baha.siyallangema dayakathwayenui uddaya awasan kale.udde kale mamaya kiyala kawuruhari kiyanawanam e wena paramarthayakin.

    ReplyDelete
  10. සිරාම කතාවක් හැබෑටම....!!

    ReplyDelete
  11. Fully agree with u bro....
    I have a strong criticism upon how he was treated after war and his political career.
    It's obvious that Rajapakse and family was afraid of him and his personality.
    I certainly don't believe fuckin war would n have been over with absence of Fonseka.
    His courage and bravery was every thing behind the war.
    But Fonseka's political approach I criticize badly.
    What happen to him other than a victimize of a dumb ass UNP and useless JVP.
    Having said that Fonseka is the symbol of bravery and courage of a life time.

    ReplyDelete
  12. යකා කියන තරම් සුදුත් නැහැ කළුත් නැහැ මේ තියෙන තත්ත්වේ දිහා බලද්දී.

    ReplyDelete
  13. කාල කන්නි ආයේ ඒ මනුස්සය හිරේට වැටෙනකන් කෑ ගහපල්ල. ඒ මනුස්සයට නිදහසේ ඉන්න දෙන්නෙ නැතිව. අනික යන්නෙ කොහෙද මල්ලෙ පොල් උපහැරන ගන්නෙ නැතුව ලියන්න බැරිනම් නොලිය ඉන්න.
    මෙවුව ලිවුවම ඉතින් හිට්ස් හොඳයි නේ

    ReplyDelete
  14. මේ දේශපාලනයක් නිසා වටිනා මිනිසුන් ගේ වටිනාකම දියවෙලා ගිහිල්ලා..!

    ReplyDelete
  15. කතා කරල වැඩක් නෑ මල්ලියෙ. (අද දවසට මේ විදිහට ලියපු කී වෙනි කමෙන්ට් එකද මන්දා? )
    පෞද්ගලිකව මගේ කිසිම මනාපයක් නෑ එතුමා දේශපාලනේට ආව එක ගැන.
    ඒත් ඉතින්.... එක්කො ඕනෙ නෑ. කිව්වයි කියලත් කිසිම වැඩක් තියෙනවද? කලකිරෙනවා.

    ReplyDelete
  16. එළකිරි Talk එක..............

    ReplyDelete
  17. සියඹලා වලටම වෙච්ච හදිය තමා මෙතනත් වෙලා තියෙන්නේ.

    ReplyDelete
  18. ඔක්කොමත් හරි මේ ඉංගිරිසියෙං සිංහල කියවිල්ල තමා කරන්න බැරි. එක්කො ඕක ඉංගිරිසියෙංම ලිව්ව නං

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තමයි..මාත් මේ කියන්න ගියා විතරයි..:)

      Delete
    2. ස්තුති කවි මේ ලින්කුව දුන්නට.. හැබැයි කමෙන්ට් නොකලට මම මේක කියවපු එකක්.. :)

      ජය !

      Delete
  19. සරත් මහත්තයයි මහින්ද මහත්තයයි ඕන දෙයක් කර ගත්දෙන්...අනේ මට අර උඩ තියන සියඹලා කරලක් කන හැටි කියන්න කවුරු හරි.......:D:D

    ReplyDelete
  20. අදහස් දැක්වූ සැමට

    මේ ලිපියෙන් කීමට බලාපොරොත්තු වූයේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ හමුදාපතිවරයා වුණු ජෙනරාල් සරත් ෆොන්සේකා පිළිබඳවයි. ඔහුගේ දේශපාලන භූමිකාව මතභේදාත්මකයි. ඒත් ඔහුගේ යුධ හමුදාපති භූමිකාව තුළ එවැන්නක් දැක ගත නොහැකියි කියලයි මගේ පුද්ගලික හැඟීම

    ජයග්‍රහණය නම් සුජාත දරුවාට එක් පියෙක් නොව පියවරු ගණනක් සිටින බව මතක් කරන්නයි මේ ලිපියෙන් උත්සහ කළේ. කවුරුන් හෝ ඒ කාර්යය තමන්ගේ ගිණුමට පමණක් බැර කරගන්නවා නම් එය එසේ නොවන බව දැක්වීමයි සිදු කර තිබෙන්නේ.

    කෙසේ නමුත් විවිධාකාර අදහස් දැක්වූ සැමට ස්තුති.....

    සියඹලා ගෙනා බවත් ඇත්ත. සියඹලාවල වතුර සහ ඇට තිබුණු බවත් ඇත්ත....... මේ දෙකම සත්‍ය වනවා විනා මින් එක්ක පමණක් සත්‍ය වෙන්නේ නැහැනේ :D

    ReplyDelete
  21. මෙතුමා චන්දෙට ඉදිරිපත් නොවුනා නම් රජතුමා මොහුට කෙසේ සලකාවිද?රජයේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන කතිකයෙක් වෙයි,රජයේ හොරුන්ගේ විලි වස ගැනීමට,කුණු හොදා ගැනීමට යුද්ධය මාකට් කිරීමට යොදා ගන්නා ප්‍රධන පුද්ගලයා වේ.අපේ බදු සල්ලි වලින් යානවාහන ගේ දොර වතු පිටි ආදී මෙකි නොකී රජ සම්පත් වලින් හෙබි හොරෙක්(හොරු සමග සිටීමෙන්)වීමට ඉඩ තිබේ.දැන් ඔහුට බනින සියලු දෙනා ඇමති වරුන්සේ හොරකම් මැරකම් කරත් ඔහුට කඩේ යාවි.නමුත් රටේ වාසනාවට ඔහු ඒ මග තෝරා නොගත්තේය.චන්දෙන් පසුව ඔහුට මෙරට ස්ථිර චන්ද පදනමක් ඇති දිගු ඉතිහාසයකට උරුම කම් කියන ප්‍රධාන පක්ෂය වන එජාපය සමග එක් වුයේ නම් තව දුරටත් පැත්තකට විසි නොවී දේශ පාලනයේ රැදී සිටීමට හැකියාව තිබිණි.එසේ වුයේ නම් පවත්නා පාලනය යම් තරමකට හෝ මෙල්ල වීමට ඉඩ තිබුණි.රටේ අවාසනාවට විපක්ෂය කැලි කැලි වලට කැඩි එකී නෙකා එනකොට ගන්න තත්වයකට පත්වී ඇත.මේ නිසා ඒයින් කල දුටු කල වල ඉහ ගන්න රටේ කොතරම් ආර්ථික අරබුයක සිටියත් ඩොලර් 1ක කියට ගියත් කොතරම් නය උගුලක පැටලුනත් තව තවත් නය ලබාගෙන නයමිත කල පැමිණීමට පෙර චන්ද තියයි,අපේ රටේ බහුතරය තමුන්ට වඩා අනුන්ගේ දේවල් හොයන්න කැමති අය නිසා ඒබව දන්නා පාලන පක්ෂය මැතිවරණ වේදිකාවේ තමුන්ගේ පාලනයේ හොද(කියන්න හොදක් නැත),රටට කරපු දේවල්(අධ්‍යාපනය,සෞක්‍ය,වෙළද...) වෙනුවට විපක්ෂයේ අර්බුද මාකට් කරමින් සිටි හරියට තමගේ පවුලේ උන්ගේ කොතරම් වැරදි තිබුනත් අනුන්ගේ පවුල් වල උන්ගේ පවුල් ප්‍රශ්න ගැන කථා කරනවා වගේ.රටේ බහුතර ජනතාව ඒ කථා වලින් කිසිම සෙතක් රටටත් තමන්ටත් නොවුනද හුරේ දමා අත්පුඩි ගසා මැතිවරණ දිනයේ පලකයන්ටම මනාපය ලබාදේ.කිසිම වෙනසක් වන්නේ නෑ. රට වැරදි මාවතේ ජනතා මනපයෙනේ තවදුරටත් ඉදිරියටම යයි...

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................