Friday, December 3, 2010

ෆොටෝමන් Photoman ???


මම සම්බන්ධවෙලා වැඩ කරන හුඟාක් තැන්වල ඡායාරූප අංශයේ වැඩ කටයුතු කරන්න මගේ ලොකු කැමැත්තක් තියෙනවා. මගේ මේ මාධ්‍ය ආවරණ කටයුතු නිසා අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ මට කියන්නේ ෆොටෝමන් කියලා :))

Photos ගන්න මනුස්සයාට කියන්නේ photographer කියලනේ. ඒත් හාමුදුරුවෝ fun එකට මට කියන්නේ Postman, Fisherman, Policeman වගේ Photoman කියලා. ඉතින් මගේ Photoman life එක ගැන පොඩ්ඩක් කියන්නයි හිතුවේ................

මම පොඩි කාලේ ඉදන්ම photo ගැනිල්ලට [ ඒ වගේමයි photos වලට ඉන්න :)) ] මාරම ආසාවක් තිබුණේ. ඒත් ඉතින් ඒකට camera එකක් තිබුණේ නැහැ. හා හා පුරා කියලා මට camera එකක් හම්බුණේ 2006 අවුරුද්දේ. ඒ තාත්තා මැලේසියාවේ ගිහින් එන ගමන් Kodak EasyShare C310 camera එකක් අරන් ආපු එකෙන්.

මෙගා පික්සල් 4 ක් වුණු මේ camera එකේ තිබුණු පහසුකමුත් එක්ක ගන්න පුලුවන් සේවය මම වගේම අපේ ගෙදර අයත් උපරිමෙන්ම ගත්තා. අපේ පන්සලේ, දහම් පාසලේ, Scoutingවල, ඉස්කෝලේ, අපේ Logic Class එකේ ආදී වශයෙන් එකී මෙකී නොකී තැන්වල මාධ්‍ය ආවරණය මම මේ camera එකට පින් සිද්ධ වෙන්න කරගත්තා. මේ විදිහට කාලේ ගත වෙද්දී තමා මීටත් වඩා හොඳ camera එකක අවශ්‍යතාවය මට ඇතිවෙමින් තිබ්බේ.

මගේ ලොකු සහෝදරයා විදේශ ගතවෙලා ඉන්නේ. එයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මගේ අළුත් camera project එකේ දඩය වැටුණේ එයාට. ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ තිබුනු මගේ 20 වෙනි උපන් දිනයට එයා ඕස්ට්‍රේලියාවේ ඉදන් මට Panasonic LUMIX DMC-F57 camera එකක් එව්වා. ඊට පස්සේ ඉදන් මම සුළුවට කරගෙන ගිය මාධ්‍ය ආවරණ කටයුතු තව පුළුල් වුණා.


ඒවාත් එක්ක අමුතු අමුතු විදිහට photos ගන්න වගේ ආසාවල් එහෙමත් ආවා. ඒකත් එක්කම මම campus යන්න පටන් ගත්තු නිසා IMAT [Image Art] කියලා මේවා ගැන එහෙම කතා කරන subject එකක් තියෙනවා කියලත් දැනගත්තා. මම IMAT කළේ නැතිවුණත් ඒ subject එක කරන කට්ටිය හුඟාක් දන්න නිසා හොඳ හොඳ දේවල් දැනගන්න හම්බුණා.

ඒ ගමන්ම මම photographic exhibition කීපයකුත් බලන්න ගියා. ඒවා අතරින් අපේ හිතවත් බ්ලොග් සහෘදයෙක් වෙන ඉන්ද්‍රනාථ තේනුවර මහත්මයාගේ පැනොරාමා ප්‍රදර්ශනය [මම ඒක ගැන post එකකුත් ලිව්වා මතක ඇති කට්ටියට :)], ජනාධිපතිතුමාගේ නිල ඡායාරූප ශිල්පියා වෙන සුදත් ලියනගේ මහත්මයා කරපු රජත දැක්ම ඡායාරූප ප්‍රදර්ශනය වගේම අපේ campus එකේ Photographic Diploma එක කරපු කට්ටිය කරපු exhibition එක ඒ වගේම IMAT Department එකෙන් කරපු "උපනෙත" exhibition එක මම ගිය photographic exhibition වලින් කීපයක්.

ඒ වගේම photographic කරන මුහුණු පොතේ ඉන්න හිතවතුන්ගෙන් වගේම, හිතවත් බ්ලොග් සහෘදයෙක් වෙන මාධව හබරකඩ අයියාගේ රූසර බ්ලොග් අඩවියෙනුත් ඡායාරූප ශිල්පය ගැන වටිනා කියන කරුණු කාරණා ගැන දැනගන්න ලැබුණා.

ඔහොම තමා මගේ photoman life එක ගෙවෙන්නේ. දැනටත් මම කොහේ හරි යනවා නම් camera එකත් සාක්කුවේ දාගෙන යන්නේ. කොයිකටත් හොඳයි නේ.

මම ගිය photographic exhibitions , ඒ වගේම මම ගත්තු photos කීපයක් තමා මේ................


ඉන්ද්‍රනාථ තේනුවර - පැනොරාමා ප්‍රදර්ශනය


රුවන්මැලි සෑය - අනුරාධපුරය


Rain Clouds in The Sky


උරුමයක වගතුග - අනුරාධපුරය


කලවම


තවත් අම්බානකත් තව පොඩ්ඩක් photos මම මගේ මූණුපොතට upload කරලා තියෙන්නේ. ඒවාත් බලන්න කැමති නම් මෙතන කොටන්න. හැබැයි ඔයා මගේ මූණුපොතේ යාළුවෙක් නෙමෙයි නම් සමහර photo albums එහෙම පෙන්නන්නේ නැතිවෙයි. ඒක නිසා කැමති නම් මට මූණුපොතෙන් request එකක් එවලා මාවත් යාළුවෙක් කරගත්තාම වැඩේ හරි :))

ප.ලි.: මගේ පරණ posts බලාගෙන යද්දී ඇහැ ගැටුණු එකක් තමා Rain Clouds in The Sky කියන post එක. ඒක මම මේ blog එක පටන් ගත්තු මුල්ම කාලේ වගේ ලියපු එකක්. ඒ කාලේ ඉතින් එච්චර දේවල් ලියන්න තේරෙන්නේ නැහැ නොවැ. ඉතින් ඒක නිසා පොඩ්ඩයි අනම් මනම් ලියලා තියෙන්නේ.

මේ දවස්වලත් අම්බානකත් තව පොඩ්ඩක් වැස්ස නිසා මට හිතුනා ආයි පාරක් මේ post එක ටිකක් සංශෝධනය කලා නම් හොඳයි කියලා. ඊට පස්සේ ඒක එහෙට මෙහෙට කර කර තාර බර දදා ඉද්දී මට අළුත් post එකක් ලියන්න මාතෘකාවක් මතක් වුණා. පස්සේ තමා මේ විදිහේ post එකක් ලියවුණේ.....................

46 comments:

  1. මාත් ඕ ලෙවල් කරන කාලෙ ඉදලම ආස දෙයක් තමයි පොටෝ ගහන එක.

    ReplyDelete
  2. කලාත්මකයි. ඔයාට මම හුඟ කාලෙකට කලින් FB request එකක් එව්ව එත් තාම accept කරල නෑනෙ.

    ReplyDelete
  3. aasawe tharama narakama na..:) ow ithin oya kothanada ethana oyage camerawath thiyenawane neda....:)
    sashi

    ReplyDelete
  4. @Hasitha ජයසූරිය

    මලයා පළමු හසී හමුවට ආවා නම් බලන්න තිබ්බා ෆොටෝමන්ගේ වැඩ :))

    ReplyDelete
  5. @Praසන්ன

    මෙන්න තවත් එළ කොල්ලෙක් :)

    අයියේ චම්පික ප්‍රසන්න කියලා මුහුණුපොතේ ඉන්නේ ඔයා නේද ?

    ReplyDelete
  6. @පිණිබිඳු...

    ස්තුතියි ස්තුතියි :)

    ඔයාගේ ඇත්ත නමෙන්ද FB account එක තියෙන්නේ ? පොඩ්ඩක් කියන්නකෝ විස්තර මම හෝදිසි කොරලා බලන්න..............

    ReplyDelete
  7. නියමයි අය්යා...මාත් ගිය අවුරුද්දේ බොහොම අමාරුවෙන් ඡායාරූපයක් ගත්තා..පුළුවන්නම් බලලා කියන්නකෝ ලස්සනයිද කියලා
    http://img600.imageshack.us/img600/4481/10330129175148737532773.jpg

    ReplyDelete
  8. @Sashi

    අන්න නියම වැකිය " හසිත කොතැනද එයාගේ කැමරාව එතන" හැමෝටම පරිස්සමෙන් ඉන්න වෙනවා එතකොට :))

    ReplyDelete
  9. good job bro.... digatama karagena yanna.....:)

    ReplyDelete
  10. @Yasas

    ස්තුතියි මල්ලී ප්‍රතිචාරයට :)

    ඔයාගේ 4to එක හොඳයි, ඒ ඇරෙන්න ඒක් ගැන හොඳ විචාරයක් දෙන්න තරම් දැනුමක් නම් මට නැහැ.

    ඔයා තවත් ඉදිරියට මේ 4tos ගැනිල්ල කරගෙන යන්න ඉන්නව නම් ඔයාට වටිනා කියන ගුරු හුරුකම් ගන්න ඉන්න පුද්ගලයෙක් තමා ඉන්ද්‍රනාථ තේනුවර සර්

    http://www.facebook.com/home.php?#!/indranatha.thenuwara

    ReplyDelete
  11. well done bro... digatama karanna.. :)

    ReplyDelete
  12. @Anonymous

    නමක් ගමක් තිබුණා නම් තවත් හොඳයි. ඒත් කමක් නැහැ ඔයාටත් ස්තුතියි :)

    ReplyDelete
  13. @charmi

    තැන්කු වේවා සහෝ හයියක් වුනාට....... :)

    ReplyDelete
  14. ඔව් Champika Prasanna කියන්නෙත් මම ම තමයි...:d

    ReplyDelete
  15. හරි හරි,ඔන්න මගෙනුත් සුභ පැතුම් !!!!!

    ReplyDelete
  16. එහෙනම් අපිටත් ෆොටෝ ගහන වැඩක් තිබුනොත් මේ ෆොටෝමෑන්ව අඬගහගන්න බැරිවයැ.

    ReplyDelete
  17. එළකිරි මචං....මමත් ඔය ‍බෝට්ටුවෙම තමා.....මගේ දැලේ මුල්ලක තියෙන්නේ මගේ ඡායාරූපකරණය....අහන්නත් සංනෝසයි....

    ReplyDelete
  18. @Hasithaප්‍රීති සහෝදරයා ප්‍රීතී... ඔබට මාගේ උත්තම ආචාරය...

    ReplyDelete
  19. දැනගත්ත එක හොදයි.දැන් ඉතිං අපිට බය නැතුව ෆොටෝමන් වැඩේ මලයාට කියලා කරගන්න පුලුවන්

    ReplyDelete
  20. නිදහසේ බලන්නම් මලයො.... දැන් ඇස් දෙක පියවෙන වෙලාව

    ReplyDelete
  21. @Praසන්ன

    මූණු පොතේ ඉන්නේ රැවුලක් තියෙන එක්කෙනෙක් නේ :)) ඒකයි බැලුවේ

    ReplyDelete
  22. @හරී - පිණිපළස

    ස්තුතියි අක්කේ හයියක් වුනාට :)

    ReplyDelete
  23. සිතුවිලි මණ්ඩිය, blog gadol

    ෆොටෝමන්ගේ සේවය දීප ව්‍යාප්ත කරන්න වෙයි වගේ :))

    ReplyDelete
  24. @මකුළුවා......

    ඒකනේ කියන්නේ :) ඔයා ගත්තු ෆොටෝස් ටිකකුත් දාමුකෝ බලා කියා ගන්න අපිටත්

    ReplyDelete
  25. @Yasas

    ස්තුතියි මලයා. මලයාගේ බ්ලොග් එකත් මම කියෙව්වා. අළුතින් මොකුත් ලිව්වොත් මොකද ?

    ReplyDelete
  26. අර උඩ තියන පිතූර ටික නම් කියලා වැඩල් නෑ මගේ නංගී ඒ ඔක්කෝම ඊයේ ඩවුන්ලෝඩ් කරගත්තා ..එයාගේ වැඩවලට ..ගොඩාක් ඉස්තූතියි මචං මේව කොහෙං හොයාගන්නද අපි ?

    ජයවේවා !!

    ReplyDelete
  27. හි මරැ කැම්පස් එකේ බකට් කරපු සීන් එහෙම තියේනම් දාපන් සහෝ

    ReplyDelete
  28. @හිස් අහස

    හප්පේ මම හිතුවාට වඩා වටිනාකමක් මේ ෆොටෝස්වලට ඇවිත් නේ :)
    නංගි මොන photos ද download කරගත්තේ ? මම ගාව තව හුඟාක් 4tos එහෙම තියෙනවා.

    සමහර විට නංගිට ඕන කරන තව ඒවා තියෙන්නේ පුලුවන්

    ReplyDelete
  29. @රත්නේ

    මම හොස්ටල් නෙමෙයි නේ හිටියේ සහෝ. ඒක නිසා යාළුවන්ගෙන් අහපු කතාවක් තමා බකට් කරපු කතාව ගැන ලියනවා නම් ලියන්න ඕනේ.

    ඒක එච්චර සාර්ථක නැහැ මම හිතන්නේ.

    ඒ වගේම ඒ වගේ කතා දැන් නෙමෙයි තව ඉස්සරහට බලමුකෝ. ඒ වගේ කතා ගොඩාක් තියෙනවා ඒවා මම තව අවුරුදු 20 කින් ලියන්න ඉන්නේ :))

    ReplyDelete
  30. ඒල කොල්ලො එලල,තව 20කින් නේ... මැරැන්නැත්තම් බලමු

    ReplyDelete
  31. @රත්නේ

    පිස්සුද බොස් සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නැහැ :))

    ReplyDelete
  32. Maxxa! Ubath mama wagema thama.. Cam eka nathuwa eliyata bahinne na. Mama mulinma cam ekak gaththe 2005di. Ekath 2MP ekak. eeta passe 4MP ekak. Me awrudde thamai Nikon ekakata maru une..
    Ithin photoman wade hodin digatama karagena yanna magenuth suba pathum!!!

    ReplyDelete
  33. P.S- Heta mamai, Madawa Habarakada ayyai yanawa Art Gallery eke WildLife Photography Exhibition eka balanna. Ubath waren..

    ReplyDelete
  34. @(ෆොක්ස් Creationz)

    තවත් රාජකීයෙක්ව බ්ලොග් අවකාශේදී දැන හඳුනාගන්න ලැබුණු එක ගැන සතුටුයි අයියා.... එකම ජාතියේ එවුන් කොහේ ගියත් සෙට් වෙනවානේ... :))

    ආර්ට් ගැලරි එකේ තියෙන එක්ෂිබිෂන් එක ගැන ආරංචි වුණා. පුලුවන් වුණොත් එන්න ට්‍රයි එකක් දෙන්නම්.

    මොකද මේ දවස්වල මට ආයි පාරක් ටයිප් සෙටින්ග් වැඩක් සෙට්වෙලා තියෙන්නේ :(

    ReplyDelete
  35. එල එල සහෝ...එදා අපි දැක්ක නෙවැ උඹේ වැඩ...ආයේ දවසක සෙට් වෙමු.....ගමු හොද ෆොටෝ ටිකක් ඇටි හැලෙන්න....හික්ස්....

    ReplyDelete
  36. @෴ හසියා ෴

    ඒකනේ හසි අයියා. තව කවර කතාද කිව්වාලු :))

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................