දවස් ගාණකට පස්සේ ඊයේ අපේ Logic මිස්ගේ ගෙවල් පැත්තේ ගියා හැන්දෑ වරුවේ. මිස් එක්ක ආගිය තොරතුරු කතා කර කර ඉද්දී මිස් කිව්වා "SLECC පැත්තේ යනවා, යමුද?" කියලා.
මටත් වැඩක් තිබ්බේ නැති නිසා. මිස්ලත් එක්ක යන්න මාත් එකතු වුණා. ඒකෙත් shopping පාරක් දාලා අන්තිමට මිස්ලගේ ගෙදරට එද්දී රෑ 8.30 විතර වුණා. මාත් එක්ක මගේ යාළුවා ගිහානුත් මේ ගමනට එක්කහු වෙලා හිටියේ. අපි දෙන්නා ඉක්මණට ගෙදර එන්න පිටත් වුණා තව රෑ වුණොත් ගෙදර යන්නත් බස් නැතිවෙයි කියලා.
මිස්ලගේ ගෙවල් ලඟ තියෙන 6 කණුව බස් හෝල්ට් එකෙන් 154 කිරිබත්ගොඩ - අඟුලාන බස් එකකට නැග්ගේ ඒකෙන් කිරිබත්ගොඩ බස් ස්ටෑන්ඩ් එකට යන්න. මොකද අපේ ගෙවල් පැත්තට යන බස් එක වෙන 234 දෙල්ගොඩ - පිටකොටුව බස් රෑ වුණාම අඩුයි. සමහර විට කලින් ගිය බස් එකක් බස් ස්ටෑන්ඩ් එකට වෙලා මිනිස්සු load කර කර ඉන්නවා වෙන්නත් පුලුවන් නිසා.
ඒ වගේම කිරිබත්ගොඩ බස් ස්ටෑන්ඩ් එකේ ඉදන් තව බස් එකක් යනවා 343/1 මාවරමණ්ඩිය - කිරිබත්ගොඩ කියලා. ඒ බස් එකේ මාවරමණ්ඩියට ගිහින් එතන ඉදන් බස් හෝල්ට් 2 ක් පයින් යන්න ඕනේ දික්වෙල හන්දිය කියන අපේ ගෙවල් ලඟ තියෙන හෝල්ට් එකට.
එතන ඉදනුත් ටිකක් දුර දික්වෙල පාරේ ගියාමයි අපේ ගෙදර යන්න පුලුවන් වෙන්නේ. කොහොම නමුත් මාවරමණ්ඩියට ආවා කියන්නේ එතන ඉදන් කිලෝ මීටර් භාගයක් විතර පාද යාත්‍රා කිරිල්ලක් තියෙනවා අපේ ගෙදරට.
ඉතින් කොහොමින් කොහොම හරි 154 න් කිරිබත්ගොඩ බස් ස්ටෑන්ඩ් එකට එද්දී රෑ 8.45 යි. මාවරමණ්ඩිය බස් එකත් කලින් ගිහින් වෙන්න ඕනේ බස් ස්ටෑන්ඩ් එකත් මළ පාළුයි. අපි දෙන්නා බස් ස්ටෑන්ඩ් එකේ ඉදන් කිරිබත්ගොඩ මාකොළ ප්‍රධාන පාරට ආවා කෝකටත් කියලා. සෙනඟත් ඉන්නවා පිරෙන්න ඒත් බස් එකක් නැහැ.
ගිහාන් කිව්වා කෝකටත් යන වාහනේකටවත් අත දාලා යන්න බලමු කියලා එයා පටන් ගත්තා ඒ කොන්ත්‍රාත් එක. ටික වෙලාවකින් 356 කරාබුගස් හන්දිය - කොටුව බස් එකක් ආවා. ඒකට සෙනඟ ටිකක් ගියා. ඒත් තව සෙනඟ ඉන්නවා 234 දෙල්ගොඩ - පිටකොටුව බස් එකක් එනකම් බලාගෙන.
මට මතක් වුනේ ඉස්සර ගිහානුයි මායි ගිහින් ඒත් රෑ වුණාම ගෙදර යන්න බස් නැතුව කිරිබත්ගොඩ ඉදන්ම ගෙදරට පයින් ගිහිනුත් තියෙනවානේ කියලා. කිලෝ මීටර් 8 ක් 9 ක් විතර රෑ ජාමේ පයින් යනවා කිව්වාම හොඳ ගණන්. හොඳි ඕනේ නෑ කිව්වාලු :))
බස් එකක් එනකම් බලන් ඉදලා ඇතිවෙලා හුඟාක් මිනිස්සු ත්‍රීවීල්වලට අතදාලා ගෙදර යන්න ට්‍රයි එක දෙනවා. ත්‍රීවීල්කාරයන්ටත් හොඳට වාසියි මේ සෙල්ලමෙන්. මම හිතුණේ රෑ වුණාම බස් නැතිවෙන්නේ ත්‍රීවීල්කාරයොයි බස්කාරයොයි එකට එකතු වෙලා කරන කුමන්ත්‍රණයක් නිසාවත්දෝ කියලා :))
234 දෙල්ගොඩ - පිටකොටුව බස් එක යන දෙල්ගොඩ පාර හොඳට හදලා කාපට් කරලත් තියෙන්නේ. ඒත් හැමදාම පාරේ බස් ප්‍රශ්නේ මෙහෙම්මයි. කිසි විසඳුමක් නැහැ. උදේට විනාඩි 5 න් 5 ට වගේ බස් තියෙනවා කොළඹ පැත්තට යන්න. ඒ විතරක්ද මාවරමණ්ඩිය - කොටුව කියලා බස් එකකුත් සියඹලාපෙන් පටන් අරන් අපේ හන්දිය වෙන දික්වෙල හන්දිය හරහා කොටුවට යනවා.
තවත් විදිහකට කිව්වොත් උදේට මාර ඉක්මණට යන්න, වාඩිවෙලා යන්න, මදි නොකියන්න බස්. ඒත් හැන්දෑ වෙන්න හැන්දෑවෙන්න උදේට අපිව කොළඹට එක්කන් ගිය බස් අයියලා අපිව ආපහු ගෙවල්වලට එක්කන් යන්න නැහැ.
කට කහනවට සමහර අය කියන්නේ 234 දෙල්ගොඩ පිටකොටුව බස්වල වැඩකරන ඩ්‍රයිවර්ලා, කොන්දොස්තරලගේ අම්මලා, තාත්තලා, නෝනලා රෑ 8 න් පස්සේ ලේන්සු අතේ තියන්ලු ඉන්නේ. මොකද ඒ ටයිම් එකට එයාලට හොඳට කිඹුහුම් යනවාලු :))
බස් එකක් එනකම් හිටන් හිටියා ඇති වගේ නිසා මම ගිහාන්ට කිව්වා "යමු බන් ත්‍රීවිල් එකක් හරි. මට නම් දැන් හිටන් හිටියා ඇති" කියලා.
එතකොට ගිහාන් කිව්වා "පිස්සුද බන් මටයි උඹටයි දෙන්නටම ගෙදර යන්න යන්නේ රුපියල් 27 යි. මොකටද ත්‍රීවිල් එකකට රුපියල් 100 ක් පුදන්නේ" කියලා.
ඉතින් මෑන් ආයි වාහනවලට අත දානවා. ඒ ගමන් කියනවා "ඕන් ඔය එන වෑන් එක අපිව දාන් යනවා, ආහ් ඔය එන කාර් එක නම් අනිවා අපිව දාගෙන යනවා" කියලා. කොහෙද එකෙක්වත් නෙමෙයි නිකමටවත් නවත්තන්නේ :)
අන්තිමට ගිහාන්ට හොඳටම මහන්සියි. වෙලාවත් රෑ 9.45 යි. පැයක් විතර අපි හිටගෙන. අපි අතදාන පෙළක් වෑන්වල එහෙම seats එහෙමත් හිස්. ඒත් නිකමටවත් නෙමෙයි දාන් යන්නේ. අපිව දාගෙන අපි අන්තිමට වෑන් එකට බැටේ දෙයි කියලද දන්නේ නැහැ :))

ඒත් ඒක් වෑන් එකක් විතරක් නවත්තලා කිව්වා "මල්ලී මම යන්නේ තැඹිලිගස් මුල්ලට" කියලා. එතනට කිරිබත්ගොඩ ඉදන් හෝල්ට් 3 ක් විතර තියෙන්නේ.
අපි කිව්වා "නැවැත්තුවාට thanx අයියා. අපි යන්නේ තව දුරට" කියලා.
ඇත්තටම එයාට විතරයි මනුස්සකමක් තිබ්බේ එහෙම හරි කරන්න.
ටික වෙලාවක් යද්දී ගිහාන් අත දාලා ලොරියක් නවත්ත ගත්තා. එයා යන්නේ දෙල්ගොඩට. මායි ගිහානුයි ඉස්සරහින් නැග ගත්තා. හෝල්ට් එකේ හිටිය අනිත් කට්ටිය පිටි පස්සෙන් එල්ලුණා.
කට පියන් යන්න බැහැනේ. මාත් ඉතින් එයත් එක්ක කතා බහක් පටන් ගත්තා. ඒ කතා බහෙන් දැනගත්තේ එයාගේ ගම නුවර බවත්, එයාගේ පුතා උඩුපිල තියෙන බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවන්ගේ පන්සලේ මහණවෙලා ඉන්න බවත්, හාමුදුරු පුතාත් [අපහාසයක් නෙමෙයි මේක. හඳුනාගන්න පහසුවටයි එහෙම කිව්වේ] එක්ක හෙට ගමේ යන්නයි මේ යන්නේ කියලා.
එයා ඉතින් අපෙත් විස්තර ඇහුවා. අපිත් ඉතින් අපි ගැනත් කිව්වා. මාකොළ හරියෙන් කට්ටියක් බැස්සා. එයාලා එක්කගෙන ආවට ලොරියේ අයියාට සල්ලි දෙන්න යද්දී එයා කිව්වේ "මට සල්ලි එපා, මම උදව්වක් නේ කලේ ඔයාලට. සල්ලි එපා" කියලා.
පස්සේ එයා අපිට කිව්වේ " සමහරු හිතන් ඉන්නවා පින් කරන්න සල්ලි ඕනේ කියලා. ඒත් අපිට පුලුවන් හැටියට මිනිස්සුන්ට උදව් කරන එක කොච්චර පිනක්ද? " කියල. ඒ කතාවට අපිත් එකඟ වුණා.
ඒ ගමන් එයා තව හොඳ කතාවක් කිව්වා. දවසකුත් එයා මේ විදිහට රෑ වෙලා එද්දී ගෙදර යන්න බස් නැතිව හිටිය කට්ටියක් ලොරියේ දාගෙන එද්දී පොලීසියේ ට්‍රැෆික් මහත්තයෙක් මෙයාව නවත්තලා "අනාරක්ෂිතව මගී ප්‍රවාහනය" කියන වැරැද්දට මෙයාට දඩයක් ලියන්න ගිහින්.
මෙයා කියලා බස් නැතිව හිටිය කට්ටියක්වනේ දාගෙන ආවේ උදව්වක් විදිහට කියලා. කොහොමින් කොහොම හරි කතා කරලා රුපියල් 200 ක් දීලා මෙයා බේරිලා ඇවිත්. ඔන්න හොඳ වැඩ කරන්න යන මිනිස්සුන්ට කඩන් වැටෙන කරදර කියලයි මට හිතුණේ.
අන්තිමට ඉතින් අපිත් ලොරියෙන් බහිද්දී එයා කරපු උදව්වට පින් දීලා ඒ අයියාට බුදු සරණ ප්‍රාර්ථනා කරලයි බැස්සේ. වෙලාවේ හැටියට ඒ අයියා අපිට කළේ ලොකු උදව්වක්.
මිනිස්සු කියලා නමට විතරක් ඉන්න සමාජෙක තවත් මනුස්සයෙක්ට උදව්වක් කරන්න ඉදිරිපත් වුණු ඒ අයියාගේ සැබෑ මනුස්සකටමටයි අද ආගිය කතාවේ උපහාරය.
මනුසත්කම මුදලට විකුණුනන්නෝ ගැන නම් ආයෙත් කතා කරන්න දෙයක් නැහැ... ඒ අතරෙ අර වගේ දෙවිවරුත් ඉන්නවා....
ReplyDelete:)
අම්මෙ මලේ මාවරමණ්ඩිය කිව්හමයි මතක් උනේ...
ReplyDeleteඅපිත් ඉතිං ඉස්සර ඔය මාවරමණ්ඩිය පැත්තේ ටිකක් විතර රස්තියාදු උනා නෙව...
ඔය මාවරමණ්ඩියේ ගැටයගේ ගැරෙජ් එක පැත්තේ හෙම...
තව අර බයිසිකල් වින්කලයක් එහෙම තියෙන්නේ දැන් ෂෙඩ් එක තියෙන හරියේ...
පස්ස පැත්තේ කරගැට දාගෙන පුට් සයිකල් පාගපු කාලේනං ඔය පැත්තේ හරි හරියට කරක් ගැහැව්වා.
ඔය හෙයියන්තුඩුවෙ ඔයට නාන්න එහෙම යන කාලේ..අප්පා එහෙම කාලයක්...
මාවරමණ්ඩිය හරහා කිරිබත්ගොඩ ඉඳන් මාත් ඇවිත් තියෙනවා පයින්..බොහෝම පුංචි කාලේ...
ඔය පාරෙ බස් ගැනනං කියලා වැඩක් නැහැ..අපේ චන්දරපාල අයියගේ බස් කටු ටික තාම තියෙනවද..?
ඔය පාරේ ශාලාව පන්සල ගාවට එනකම් මම පයිනුත් ඇවිල්ලා තියෙනවා... අට පහු වුනාට පස්සෙ බස් එකක් අල්ලගන්න එක මාරම අමාරු වැඩක් තමයි...
ReplyDeletemama inne meegahawaththe yaluwa kiyala wadak na oya bus gananam. kohomath anunta udaw karanna yana ayata tama okkoma baldi watenne
ReplyDeleteමෙන්න මෙයා ගෙදරට එන පාර ගානට කියලා තියෙනවා. හරි හරි අපි ගෙදර එනෝ...............
ReplyDeleteමම නම් හිතාගෙන උන්නේ ඔය පලාත සුර පුරයක් අපි තමයි මේ වන්නියේ දුක් විඳින්නේ කියලා.ඒඅතින් බැළුවම අපේ පලාතේ පාරවල් නැති උනාට බස් නම් අම්බානෙට තියනවානෙව .
ReplyDelete9Km පයින් ගියා ! අදහන්න වටිනවා ..අපිට නම් ඒතරම් දුර පයින් යන්ඩ බෑ අලි ගහනවා මගදී ..
ජයවේවා !!
කතාව නම් ඇත්ත මල්ලී !!!! මනුස්සයෙක්ට උදව් කරන්න යන කෙනෙක්ටමයි කරදර ඔක්කොම සිද්ද වෙන්නේ
ReplyDeleteමමත් හැබැයි ඔයවගේ රෑ කට්ටක් කාලා තියෙනවා. කොහොමත් රෑ 8න් පස්සේ කිරිබත්ගොඩ වත්තල බස් නැහැනේ. සමහර දාට 154 බස් එකේ ඇවිත් කිරිබත්ගොඩින් බැහැලා විහාරමහා දේවි එක පාරේ පයින්ම අදිනවා. එපා වෙනවා වෙලාවකට !!!
@Bhagya Sanuka
ReplyDeleteඒක ඇත්ත සහෝ. අපිට ඒ ලොරිය හම්බුණෙත් නැත්නම් තව පැයක් විතර සමහර විට අපිට ඉන්න වෙනවා. ඒත් මනුස්සකම දන්න ඒ අයියා නිසා අපිට කරදරයක් නැතිව ගෙදර යන්න පුලුවන් වුණා.
ඒ වගේම සාමාන්‍යයෙන් මිනිස්සු එහෙම උදව්වක් කළාම සල්ලි ගත්තත් මේ අයියා සල්ලි ගන්න එක තරයේම එපා කියලා ඒකට හේතුවත් අපිත් එක්ක කිව්වානේ..............
@මාරයාගේ හෝරාව
ReplyDeleteමම හිතුවේ ටික දෙනෙක් විතරක් අපේ පැත්ත ගැන හරියට දන්නවා ඇති කියලා. බැලින් නම් මේ දන්න කියන අය හුඟාක් ඉන්නේ.
අයියා පුංචි කාලේ වගේ ද මාවර මණ්ඩිය පැත්තේ හිටියේ ? පස්සේ ගෙවල් මාරු කළාද ?
චන්ද්‍රපාල අයියාගේ බස් එක කිව්වේ මොකක්ද ? අපේ පාරේ බස් ගොඩාක් දුවන්නේ වීරපුතා, යශෝධනී, රත්න, යූ.වී ටුවර්ස් කියන බස්කාරයින්ගේ ඒකක් නෙමෙයිද මේක ?
@පුතා
ReplyDeleteපුතා අයියත් හොඳට කරක් ගහලා තියෙනවා වගේ අපේ පැත්තේ.හොඳයි හොඳයි අපේ පැත්තත් දන්න කියන අය සාමාන්‍යයෙන් බ්ලොග් අවකාශේ ඉන්නවානේ.......
@dedunu
ReplyDeleteමීගහවත්තේ නම් තව කරදරයි නේ. මාවරමණ්ඩිය බස් එකක ආවත් ඉතුරු ටික sorry.com නේ
මීගහවත්ත කොයි හරියෙද ඉන්නේ සහෝ ??
@හිස් අහස
ReplyDeleteඒක තමා සහෝ මාත් කියන්නේ ආසියාවේ ආශ්චර්ය ලංකාව කරන්න යද්දී ලංකාවේ ආශ්චර්ය ගම්පහ කරමුයි කියලා තමා අපේ නායකවරු බෝඩ් එහෙම නම් ගහලා තියෙන්නේ. පාරවල් ටික නම් හොඳටම හදලා තියෙනවා. ඒත් යන්න එන්න බස් නැති එක තමා අවුල.
ඔයාලට අලි කරදරදත් තියෙනවානේ. අපිට ඒ කරදරේ නම් නැහැ. හරිම විවිධයි නොවැ :)
@මධුරංග
ReplyDeleteකොහොම වුණත් පයින් යාමෙත් හෙණම ෆන් එකක් තියෙනවා කියලා තමා අපි පයින් යන්නේ. මම තනියෙන් නම් පයින් යන්න සෙට් වෙලා නැහැ. තව මොකෙක් එක්ක හරි තමා පයින් ගිහින් තියෙන්නේ. එතකොට කියෝ කියෝ හරි යන්න පුලුවන්නේ............... :)
@පිණිබිඳු...
ReplyDeleteමට පිණිබිඳුව මිස් වුණා නොවැ. සොරි වෙන්න ඕනේ......
කිසි පුස්නයක් නැහැ. දික්වෙල හන්දිය කියන හන්දියට ඇවිත් මං ගැන අහපු ගමන් ඉතුරු ටිකත් කරදරයක් නැතිව එන්න පාර කියයි :))
ආ..වීරපුතා තමයි...
ReplyDeleteඒ තමයි චන්දරපාල අයියගේ දහිර වාට්ටු ටික..
ඔව්ව ඔහොම තමා මලේ.. කල දුටු කල වල ඉහගන්න තමා හැමෝම බලන්නේ. හැබයි ඉතින් රෑකට නොදන්න මනුස්සයෙක් වාහනේක දාන් යන්නෙ නෑ කියල දොස් කියන්නත් බෑ මලේ. පත්තරයක් එහෙම අරන් බැලුවොත් වාහන පැහර ගැනීම් නම් කොපමනද... මම උනත් නවත්තන්නේ නැහ ඒ කාලේ. බයයි නොවැ...
ReplyDeleteරෑට කි.මි 9 ක් අදින්න පුලුවන් කජ්ජක් එක්ක එල කොල්ල්කෙ උන්නනම් කයියකට... හික් හික්
@මාරයාගේ හෝරාව
ReplyDeleteඔය වීරපුතා බස්කාරයට තියෙනවා පරණ බෙන්ස් බස් එකක් අංකේ මට මතක විදිහට 29 ශ්‍රී. ඒකද අයියා ඔය කියන දහිර වාට්ටුව ?
ඔය බස් එක ගැන කියනවා නම් සීට් එහෙම හරි පොඩියි. වාඩි වුනාම දනිස් ඉස්සරහ සීට් එකේ වදිනවා. රැක් එකට බෑග් එකක් දාන්න බැහැ දූවිලි ගොඩායි. බස් එක ඇතුළ නිකම් පෝරණුව වගේ......
වීරපුතාකාරයට වාසනාව ආවේ ඒ බස් එකෙන් නිසා මෑන් කොච්චර අළුතෙන් බස් ගත්තත් මේක විකුණනන්නේ නෑලු. මෑන්ට ඒකෙන් වාසනාව ආවට ඒකේ යන අපිට ඉතින් අවාසනාව තමා :))
@පිස්සා පලාමල්ල
ReplyDeleteඇත්ත තමා අයියා ඉල්ලන් කන්න ඕනේ නැහැනේ. ඒක නිසාත් මිනිස්සු වාහනේ නවත්තලා පාරේ ඉන්න අයව දාගෙන යන්න බයයි තමා.
ඒ මොනවා වුණත් පාරේ ඉන්න අයව දාගෙන යන මිනිස්සු ඉන්නවා. මගේ යාළුවා ගිහාන් දවසක් කිරිබත්ගොඩ ඉද්දී රෑ වෙලා කාර් එකකට අත දාලා. ඒක ඉදලා තියෙන්නේ මයික්‍රෝ කම්පැණියේ අයි ටී ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ්.
මෑන් අපේ යාළුවා ඉන්න හෝල්ට් එකට හෝල්ට් 5 ක් විතර කලින් හෝල්ට් එකකින් යන්න ඕනේ පාරකලු ඉන්නේ. ඒත් "රෑත් වෙලා මල්ලිට යන්න බස් නැහැනේ" කියලා අපේ එකාව උන්ගේ හෝල්ට් එකෙන්ම ගිහින් බස්සලා තියෙනවා.
ඒක නෙමෙයි අයියා මොකක්ද මේ කතාව මට තේරුනේ නැහැ
"රෑට කි.මි 9 ක් අදින්න පුලුවන් කජ්ජක් එක්ක එල කොල්ල්කෙ උන්නනම් කයියකට... හික් හික්" ???
නෑ බන් කයියකට එළ කොල්ලෙක් ඉන්නවනම්... කජු තියෙන්නෙ එවෙලෙ බදින... එව්ව කිමි 9 ට හරි යන්න ගත්තනම්... කජ්ජ කකා අරුත් එක්ක කයියක් දදා ගියානම් 9 යනවා නොදැනිම... හි හි.. අත්දුටුවයි මට නම්
ReplyDelete@පිස්සා පලාමල්ල
ReplyDeleteආහ් ඒකත් හොඳයි තමා අයියා. මට නම් කියෝ කියෝ යන්න එකෙක් ඉන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.
ඒ මොකක්වත් නැත්නම් මනෝ ගහගෙන යන වෙලාවලුත් නැතීවාම නෙමෙයි :))
This comment has been removed by the author.
ReplyDeleteමෙන්න මේ සටහන
ReplyDeleteකියවන්නකෝ මල්ලි.ඔයාටම තේරෙයි ඇයි මිනිස්සු උදව් කරන්න බය වෙන්නේ කියලා. ඇත්තටම එයාලට වැරැද්දක් කියන්න බෑ නේද?
PS :(ඔන්න දැන් අපිට හදිස්සියෙ හරි ඔය පැත්තෙන් ගියොත් ඔයලගෙ ගෙදරට ගොඩවැදිල යන්න බැරියැ )
@ලකී වික්‍රමසිංහ
ReplyDelete????
හසිත මල්ලි, ඔයා මගේ comment එක අයින් කරලා තියෙන්නේ ඇයි? ඔයා ???? ඩල තියෙන්නෙ මොකද? ඒකෙ තිබුණේ මගේ පෝස්ට් එකට link එකක්නේ
ReplyDelete@ලකී වික්‍රමසිංහ
ReplyDeleteඅයියෝ නැහැ අයියා මම ඔයාගේ comment එක අයින් කළේ නැහැ. මම බලද්දී මෙහෙම තමා තිබ්බේ.
ඔයා comment කරලා ඊට පස්සේ delete කරලා තියෙන්නේ ඇයි කියලා අහන්න තමා මම " ???" දැම්මේ.
ඔයාට පුලුවන් නම් ආයි comment එක දාන්න :)
This comment has been removed by the author.
ReplyDeleteඅනේ සමාවෙන්න මොකක් හරි වැරදීමක් වෙලා මල්ලි. මම කියන්න ගියේ මෙන්න මේ කතාව ඔයා කියවලා බලන්නකෝ. එතකොට තේරේවි ඇයි මිනිස්සු තව කෙනෙකුට උදව් කරන්න පසුබට වෙන්නේ කියලා.
ReplyDeleteප.ලි : මම අයියෙක් නෙවෙයි.ඔයාගේ කතා පොස්ට් එකේ මම අන්තිමට දාලා තියෙන කමෙන්ට් එක කියවන්නකෝ.
මිනිසුන්මයි ලොව දෙවිවරු වෙන්නේ....
ReplyDeleteමිනිසුන්මයි ලොව තිරිසන් වෙන්නේ.....
හැබැයි දෙවියා තිරිසනා කවුද කියලා එක පාරටම තීරණය කරන්න බැරි ඒක තමයි තියෙන ලොකුම අවුල....
උඹ නැති පාඩුව ගොඩක් දැනූනා බං මල්ලියේ...අපි ආයේ දවසක සෙටි වෙමු කට්ටියම...
@ලකී වික්‍රමසිංහ
ReplyDeleteහරි සහෝ. මම කතාව කියවල බලන්නම්. ස්තුතියි ප්‍රතිචාරයට
@෴ හසියා ෴
ReplyDeleteඒක ඇත්ත හසී අයියා. හැම මනුස්සයාම හොඳත් නැහැ, හැම මනුස්සයාම නරකත් නැහැ. තෝරගන්න එක තමා ගැටළුව.
මටත් ඇත්තටම හරි අප්සෙට් එන්න බැරිවුණු එක ගැන. අනිවා ඉක්මණටම සෙට් වෙමු අයියා :)
eekanam aththa ara sinduwakuth thiyenne ''WANASIWPAUN VANI MINISUN MADA DEWIDEEWATHAUN VANI MINISUN ATHA'' kiyala....
ReplyDeletesashi
@Sashi
ReplyDeleteඇත්ත තමා ශෂී. මොනවා කරන්නද ? අපි පුලු පුලුවන් හැටියට අනුන්ට උදව්වක් කරගෙන හිටියාම හරි නොවැ :)
කියලා වැඩක් නෑ මලේ... ඒක නම් මහ ජරා ම පාරක් රෑ අන්තිම බස් එක නවයට කිරිබත්ගොඩින්
ReplyDelete@ඇවරි
ReplyDeleteඒක ඇත්ත අයියා 234 බස් එක කතා කරලා වැඩක් නැහැ