අද උඳුවප් පෝය දවස. ඒ කියන්නේ අවුරුද්දේ අන්තිම පෝය දවස. ඒක නිසා අදවත් සම්ප්පලාපා වෙනුවට හොඳ වටිනා කියන දහම් කතාවක් කියාදෙන්නයි හිතාගත්තේ :) අපි තුනුරුවන් එහෙමත් නැත්නම් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය වන්දනා මාන කරන්න පාවිච්චි කරන ගාථා කවුරු හදන්න ඇද්ද ? ඕක තමා ගැන තමා අද කියන්න ඉන්නේ.......
දවසක් දා දහම් පාසලේ ළමයි අඩු දවසක පංති කීපයක්ම එකට එකතු කරලා පාඩමක් කරන්න වුණා. එදා මම ළමයින්ගෙන් ඕක ගැන ඇහුවාම දෙවිදිහක උත්තර හම්බුණා. එකක් තමා බුදු හාමුදුරුවෝ තමා ඔය ගාථා හදලා තියෙන්නේ. අනිත් එක තමා පස්සේ කාලේ හාමුදුරුවරු තමා මේ ගාථා හදලා තියෙන්නේ කියන එක. ඊට පස්සේ ඉතින් හරි උත්තරේ මම කිව්වා.
හරි උත්තරේ තමා ඒ ගාථා තුන බුදු හාමුදුරුවෝ විසින්ම දේශනා කරපු ගාථා තුනක්. සාමාන්‍යයෙන් පිරිත් සජ්ඣායනය කරන අය එහෙම දන්නවා ඇති බුදු හාමුදුරුවෝ දේශනා කරපු "ධජග්ග සූත්‍රය" කියන සූත්‍රයේ තමා මේ ගාථා තුන ඇතුළත් වෙලා තියෙන්නේ කියලා. ධජග්ග සූත්‍රය ගැන මම කලිනුත් පොඩි කතාවක් කියලා තියෙනවා.
ඉතින් ධජග්ග සූත්‍රයෙන් කියවෙන කතාවත් හරි ලස්සන කතාවක්. [මට කට්ටිය කියන්නේ කතා හසී කියලානේ. ඒතකොට ඉතින් කොහේ හරි කතාවක් තියෙන්නත් ඕනෙනේ :)] බුදු හාමුදුරුවෝ දවසක් දා දම් සභා මණ්ඩපයට වැඩම කරලා හාමුදුරුවරුන්ට දේශනා කරනවා මේ කතාව. කතාව මෙහෙමයි.
කාලෙකට ඉස්සර දෙවිවරුයි අසුරයොයි අතර ලොකු fight එකක් යනවා. මේ fight එකට යන්න කලින් තව්තිසාවේ රජ්ජුරුවෝ වෙන ශක්‍ර දෙවියෝ [ අර රත්වෙන පඬුපුල් ආසනේ වාඩිවෙලා ඉන්න දෙවියා ] තමන්ගේ දෙවිවරුන්ට කියනවා
" යුද්දෙට ගියාම හිතට බයක්, තැති ගැනීමක්, ලෝම දැහැගැන්වීමක් එහෙම ආවොත් මගේ කොඩියේ මුදුන දිහා බලන්න. එතකොට ඒක් නැතිවෙයි" කියලා.
"එහෙම මගේ කොඩියේ මුදුන දිහා බලන්න බැරි වුණොත් ප්‍රජාපතී දෙවියන්ගේ කොඩියේ මුදුන දිහා බලන්න එතකොට හිතේ තියෙන බය නැතිවෙයි " කියලා.
"එහෙමත් නැත්නම් වරුණ දෙවියන්ගේ කොඩියේ මුදුන දිහා බලන්න එතකොට හිතේ තියෙන බය නැතිවෙයි, එහෙමත් නැත්නම් ඊසාන දෙවියන්ගේ කොඩියේ මුදුන දිහා බලන්න එතකොට හිතේ තියෙන බය නැතිවෙයි " කියලා.
ඊට පස්සේ බුදු හාමුදුරුවෝ හාමුදුරුවරුන්ට දේශනා කරනවා මේ විදිහට හිතට බයක්, තැති ගැන්මක්, ලොමු දැහැගැන්වීමක් ආපුවාම ශක්‍ර දෙවියන්ගේ, ප්‍රජාපතී දෙවියන්ගේ, වරුණ දෙවියන්ගේ, ඊසාන දෙවියන්ගේ කොඩි මුදුන දිහා බැලුවාම ඒක නැති වෙන්නත් පුලුවන් නැති නොවෙන්නත් පුලුවන් කියලා.
බුදු හාමුදුරුවෝ ඊට පස්සේ එහෙම වෙන්නේ මොකද කියලා මෙහෙම පැහැදිලි කරනවා. ඒකට හේතුව තමා ශක්‍ර දෙවියෝ කියන්නේ රාගය , ද්වේෂය, මෝහය දුරු නොකරපු කෙනෙක්, ඒ වගේම ශක්‍ර දෙවියොත් හුඟාක් බයවෙන, තැති ගන්න, ඒ වගේම පැනලා යන කෙනෙක් නිසයි.

අවසාන වශයෙන් බුදු හාමුදුරුවෝ දේශනා කරනවා හාමුදුරුවරුන්ට ඔවුන් කැලේට, ගස්වල මුල් යටට , පාළු පැතිවලට ගියාම හිතට බයක්, තැති ගැන්මක්, ලොමු දැහැගැන්වීමක් ඇති වුණොත් තමන් වහන්සේව සිහිපත් කරන්න කියලා "ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ...... " කියන ගාථාවෙන්. එතකොට හිතේ තිබුණු අර බය හැඟීම් ඔක්කොම නැතිවෙනවා කියලා.
තමන් වහන්සේව සිහිපත් කරන්නේ නැත්නම් ධර්ම රත්නය සිහි කරන්න කියලා "ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ............" ගාථාවත්, ධර්ම රත්නය සිහිපත් කරන්නේ නැත්නම් සංඝ රත්නය සිහිපත් කරන්න " සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ......." ගාථාව සිහිපත් කරපුවාම හිතේ ඇතිවුණු බය වගේ දේවල් නැතිවෙනවායි කියලා.
ඒකට හේතුව විදිහට බුදු හාමුදුරුවෝ කියන්නේ තමන් වහන්සේ රාග, ද්වේෂය, මෝහය නැති කරපු නිසාත්, බය වෙන්නේ නැති, තැති නොගන්න , පැනලා යන කෙනෙක් නොවන නිසාත් කියලා.
ඉතින් පස්සේ කාලේදී බුදුන් වහන්සේට, ධර්ම රත්නයට, සංඝයා වහන්සේලාට වන්දනා මාන කරන්න ගාථා පාවිච්චියට ගන්නේ මේ ධජග්ග සූත්‍රයෙන්.
හරි එහෙමනම් වටිනා කියන දහම් කතාවක් ඔයාල අද දැන කියා ගත්තා කියලා හිතනවා. මම විස්තර කළේ සාමාන්‍ය තේරුමක් එන්න ඊටත් වඩා හොඳට පිරුවානා පොතේ මේ සූත්‍රය විස්තර කරලා තියෙන්නේ.
ඒ වගේම මේ විදිහේ හොඳ කතා ගොඩාක් පිරුවානා පොතේ තියෙනවා. මොකද හුඟාක් සූත්‍ර බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මොකක් හරි සිද්ධියක් මුල් කරගෙන නිසා. වෙලාවක් තියෙනවා නම් පිරුවානා පොත ඔයාලා කියවලා බලන්න.
ඒ වගේම ආරක්ෂක ගාථා හතරක් විදිහට පාවිච්චි කරන ගාථා හතරකුත් ඔයාලට කියා දෙන්නම් කෝකටත් හොඳයිනේ. මේ ගාථා හතර තමා ධජග්ග සූත්‍රයේ අන්තිමටම තියෙන්නේ.

අරඤ්ඤේ රුක්ඛමූලේ වා - සුඤ්ඤාගාරේව භික්ඛවෝ
අනුස්සරේථ සම්බුද්ධං - භයං තුම්හාක නෝ සියා
අනුස්සරේථ සම්බුද්ධං - භයං තුම්හාක නෝ සියා
මහණෙනි, ආරණ්‍යයේදී හෝ රුක් මුලදී හෝ ශුන්‍යාගාරයේදී හෝ බුදුන් වහන්සේව සිහි කරන්න. ඔබට බයක් නොවන්නේය.
නෝ චේ බුද්ධං සරෙය්‍යාථ - ලෝකජෙට්ඨං නරාසභං
අථ ධම්මං සරෙය්‍යාථ - නීයා ණිකං සුදේසිතං
අථ ධම්මං සරෙය්‍යාථ - නීයා ණිකං සුදේසිතං
ලොවට ජ්‍යේෂ්ඨ වූ නරෝත්තම බුදුන් සිහි නොකරයි නම් මනා කොට දේශනා කරන ලද නෛර්යානික වූ ධර්මය සිහි කරන්න.
නෝ චේ ධම්මං සරෙය්‍යාථ - නීයා ණිකං සුදේසිතං
අථ සංඝං සරෙය්‍යාථ - පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං
අථ සංඝං සරෙය්‍යාථ - පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං
මනා කොට දේශනා කරන ලද නෛර්යානික වූ ධර්මය සිහි නොකරන්නේ නම් පින් කෙතක් වූ අනුත්තර වූ සංඝයා සිහි කරන්න.
ඒවං බුද්ධං සරන්තානං - ධම්මං සංඝඤ්ච භික්ඛවෝ
භයං වා ඡම්භිතත්තං වා - ලෝමහංසෝ න හෙස්සතී
භයං වා ඡම්භිතත්තං වා - ලෝමහංසෝ න හෙස්සතී
මහණෙනි බුදුන්, ධර්මය, සංඝයා මෙසේ සිහි කරන අයට බියක්, තැති ගැන්මක් ලොමු දැහැ ගැන්මක් නොවේ.
දැන් බණ නිමයි සාදුකාරයක් දෙන්න එහෙමනම්
සාදු ! සාදු ! සාදු !
දැන් බණ නිමයි සාදුකාරයක් දෙන්න එහෙමනම්
සාදු ! සාදු ! සාදු !
වැඩිදුර
නිස්සරණ අඩවියෙන් ධජග්ග සූත්‍රයෙන් පාලි සජ්ඣායනය
මහමෙවුනා අඩවියෙන් ධජග්ග සූත්‍රයෙන් සිංහල සජ්ඣායනය
ත්‍රිපිටකය සිංහලෙන් වෙබ් අඩවියේ ඇති ධජග්ග සූත්‍රයේ සිංහල අර්ථය
බණ ටික නියමයි මචං අද පෝය දවසසේනේ නියමෙටම වටිනවා මාරයාත් අන්න අමුතුම බනණ කියනවා !
ReplyDeleteමම නම් ඔක්කෝම ටික බැළුවා .ආරක්‍ෂා ගාතා ටික අපේ අම්ම ඇවිල්ලා ලියාගෙන ගියා ..
සාදු ! සාදු ! සාදු !
සාදු ! සාදු ! සාදු !
ReplyDeleteබණ ටික ලස්සනයි.
hasitha oya ithin kawadath hoda deyakne denne.ada poyada oya loku pinak kala kiyala sathutuwenna.
ReplyDeleteඔය සුර අසුර යුද්ධයේදී නේද කිරි මුහුද කලඹ වනවා කියන්නේ ??? මං ඒක පොතකින්ද කොහෙද දැක්කා. නමුත් ශුවර් නැත. මොනවා උනත් පෝ ය දවසේ හොද ධර්ම දානයක් කරගෙන තියෙන්නේ
ReplyDeleteහොදම දානය ධර්ම දානයයි !!! සාදු !!!! සාදු !!! සාදූ !!!
පෝය දවසෙ පන්සල් ගියා වගේ තමා
ReplyDeleteසාදු! සාදු! සාදු!
සාදු සාදු සා..................දු..!!
ReplyDeleteහැමෝගෙම සාධුකාර වලම මාත් එක්වෙනවා ඔන්..
ReplyDeleteසාදු! සාදු! සාදු!
@හිස් අහස
ReplyDeleteමාරයියා තමන්ටම නොවැ බණ කියාගෙන තියෙන්නේ :)) ඒක නෙමෙයි සහෝ අම්මාටත් වඩා ආරක්ෂක ගාථා ටික ඔයාටයි ඕන කරන්නේ මට නම් හිතෙන විදිහට :))
@Praසන්ன
ReplyDeleteහොඳයි හොඳයි අයියා :)
@Rev Sumanasara
ReplyDeleteබොහොම පින් හාමුදුරුවනේ මේ කාර්යය අගය කළාට.........
@මධුරංග
ReplyDeleteමාත් දන්න විදිහට ඒකේදී තමා කිරි මුහුද කළඹලා අමෘතේ ගන්නේ. ඒකත් හරි ලස්සන කතාවක්............
සබ්බ දානං ධම්ම දානං ජිනාති තමා අයියා.......
@Hasitha ජයසූරිය
ReplyDeleteඒක ඇත්ත මලේ. දැන් බ්ලොග් ධර්ම දේශකයෝ ඉන්නවා නොවැ. මාරයියා තමා උදෙන්ම පටන් අරන් තිබ්බේ
@සෝරෝ
ReplyDelete:)
@රත්නේ
ReplyDeleteහොඳ දේවල් අගය කරන්න එකතු වෙන එක හොඳයි නොවැ
ඔව් හසිත මල්ලි, ඔය සූත්‍රය සම්බන්ධයෙන් මත දෙකක් තියෙනවා තමයි. සමහර අය කියන්නේ මහායාන සූත්‍රයක් කියලා. අර කතාවක් අහල තියෙනවද? (සද්ධර්ම රත්නාවලියෙ වගේ මතක. හරියටම හොයල කියන්නම්.) රත්නමාලි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරන වෙලාවක භික්ෂූන් වහන්සේ නමක් චෛත්‍යයෙන් පහළට වැටුණළු. වැටෙනකොට අනිත් භික්ෂූන් වහන්සේලා කෑ ගහලා කිව්වළු මේ සූත්‍රය මතක් කරන්න කියලා. සූත්‍රය මතක් කරනවාත් එක්කම චෛත්‍යෙන් මතුවුණු ගඩොල් කැටයක් උන්වහන්සේගේ පාද පිළිගත්තළු. එදා ඉඳන්ම ආරක්ෂක පිරිතක් විදිහට මේ සූත්‍රයට ලොකු තැනක් තියෙනව.
ReplyDelete@ලකී වික්‍රමසිංහ
ReplyDeleteවටිනා කියන තොරතුරක් නොවැ ලකී අයියා කියලා තියෙන්නේ. මම නම් අද තමයි ඕක දැනගත්තේ. බොහොම ස්තුතියි අයියා ඒකට.
ඔයා මොකක් හරි ලින්ක් එකක් දාලා තිබුණා කියලා කිව්වා නේද ? මොකක්ද ඒ ?
ඔයාගෙ බණ පිංච හරිම අගෙයි. ඔයවගේ හොද දේ මේ වගේ නවින තාක්ෂණය යොදාගෙන ජනතාවට දෙන එක ඉතා අගය කල යුතුයි.
ReplyDeleteමගේ www.bodusisila.co.cc බොලොග් එකටත් ලොග් වෙලා කියවල බලන්න. ඔයාට ගොඩක් පිං තෙරුවන් සරණයි.
jvjsir. jwijesinghe15@gmail.com
jayasiriwije@yahoo.com
@Jayasiri Wijesinghe
ReplyDeleteබොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. සබ්බ දානං ධම්ම දානං ජිනාති නේ. අපි කාට හරි හොඳ දෙයක් යහපත් දෙයක් කියලා දෙනවා නම් ඒක නේ වටින්නේ.
අපි ජීවත් වෙලා ඉන්න ටික කාලේ පුලුවන් තරම් අනුන්ට උදව්වක් හොඳක් කරලා ගියාම ඉවරනේ. මම ඉන්නේ ඒ අදහසේ..........
ඔබතුමාගේ බ්ලොග් එකත් මම කියවන්නම්කෝ. මම මුහුණු පොතෙන් රික්වෙස්ට් එකක් ඔබතුමාට එව්වා.
බුදු සරණයි !!!
poya dawase bana tikanam pankaadui.mama tikak parakku welane keyewwe....
ReplyDeletesashi...
@Sashi
ReplyDeleteකමක් නැහැ පරක්කු වෙලා හරි කියෙව්වානේ. කොහොමත් අපි තාම පරක්කු නැහැ. මේක තේරුම් ගන්න
කතරගම දෙවියන්ගේ අතේ තියෙන්නේ අසුරයන් ගේ කඩුව....
ReplyDelete@Dilantha Perera
ReplyDeleteමොකක්ද මේ කතාව ???
එක සැහෙන්න දිග කතාවක් මල්ලි :) type කරන්න නම් අපහසුයි.. තාරක - මහසෙන් කියල යුද්ධයක් තිබ්බ නේ මේ සිංහල රටේ.. අවුරුදු 10,000 කට කලින්.. අන්න එකට අදාල දෙයක්..
ReplyDelete